7. පඨම ආහුණෙය්‍ය අඨධම්ම සූත්‍රය

1. ´´මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණ තෙම ( මෙහි, 4 අඞ්ගුත්තර නිකායේ ආහුණෙය්‍ය වර්‍ගයේ 10 සූත්‍රයේ 6 )සස´ )සසස´ ඡේදය යෙදිය යුතුයි. )

2. ´´කිනම් අටකින්ද යත්? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, පිළිපැදීමෙන් හා හැසිරීමෙන් යුක්තවූයේ, ස්වල්පමාත්‍ර වරදෙහි බිය දක්නා සුළු වූයේ, ශික්‍ෂා පද සමාදන්ව රකීද, බහුශ්‍රුත වේද, අසන ලද්ද දරන ලද්දේ, රැස්කරණ ලද්දේ වේද,

3. ´´යහපත් අය සහාය කොට ඇති, යහපත් අයට නැමෙන කල්‍යාණ මිත්‍රයෙක් වේද, යහපත් පෙනීමෙන් යුත් සම්‍යක් දෘෂ්ටිකයෙක් වේද, ශ්‍රෙෂ්ඨ සිතව අයත් මේ ආත්මයෙහි අප්‍රමාදය ඇති ධ්‍යාන සතර පහසුවෙන් ලබන්නේ වේද, නිදුකින් ලබන්නේ වේද, සැපෙන් ලබන්නේ වේද,

´´නානා ප්‍රකාර පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරයි. එනම් එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති සතලිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්‍ෂයක්ද, නොයෙක් නැසෙන කල්පයන්ද, නොයෙක් වැඩෙන කල්පයන්ද, නොයෙක් නැසෙන හා වැඩෙන කල්පයන්ද සිහිකෙරෙයි. (කෙසේද) ´´මම අසවල් තැන උපන්නෙම්

´´මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්‍ණ ඇත්තෙක් වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙසේ සැප දුක් වින්දෙක් වීමි. මෙබඳු ආයුෂයක් කෙළවරකොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයෙමි. අසවල් තැන උපනිමි.

´´එහිද මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්‍ණ ඇත්තෙක් වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙසේ සැප දුක් වින්දෙක් වීමි. මෙබඳු ආයුෂයක් කෙළවරකොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයෙමි. අසවල් තැන උපනිමි. ඒ මම එයින් චුතවූයෙම් මෙහි උපන්නෙක් වෙමියි මෙසේ ආකාර සහිතවූ, නාම ගෝත්‍රවශයෙන් දැක්වීම් සහිතවූ නොයෙක් පෙර විසූ ස්කන්‍ධයන් සිහි කෙරෙයි. ඔහු විසින් මේ පළමුවෙනි විද්‍යාව ලදී.

´´අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අන්‍ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය. සිහි නුමුළාවෙන් යුක්තව, කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව, හරණ ලද ආත්ම ආශාව ඇතිව, වාසය කරන්නහුට යම්සේ නම් එසේයි. හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්‍මණ්‍යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්‍ධ සිහි කරයි. ඒ කෙසේද? හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්‍මණ්‍යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්‍ධ සිහි කරයි. ඒ කෙසේද? මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් සත්ත්‍වයින් දකී. සත්ත්‍වයන්ගේ චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත නමයි.

´´පිරසිදුවූ මිනිස් ඇස ඉක්මවා සිටි නුවණින් හෙතෙම පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්ම පවත්නාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, යහපත් වර්‍ණ ඇත්තාවූද, දුර්‍වර්‍ණ ඇත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කම්වූ පරිද්දෙන් පැමිණියාවූ, සත්ත්‍වයන් දැනගණී. කෙසේද?

´´පින්වත්නි, මේ සත්ත්‍වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාග් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, බුද්ධාදී ආය්‍ර්‍යයන්ට උපවාද කරන්නෝය. මිත්‍යාදෘෂ්ටිකයෝය. මිසදිටුකම් සමාදන් වන්නෝය. ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, දුර්‍ගති නම්වූ, විනාශව වැටෙන්නාවූ, නිරයෙහි උපන්නාහුය. පින්වත්නි මේ සත්ත්‍වයෝ වනාහි, කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, බුද්ධාදී ආර්‍යයන්ට උපවාද (ගර්‍හා) නොකරන්නාහුය. කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, සම්‍යක් දෘෂ්ටි ඇත්තාහුය. සම්‍යක් දෘෂ්ටි කර්‍ම සමාදන් වන්නාහුය. ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් පසු මනාගති ඇත්තාවූ සැපතින් ස්වර්‍ග ලෝකයෙහි උපන්නාහු කියායි. මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්, චුතවන්නාවූද, උපදින්නාවූද, හීනවූද, උසස්වූද, මනාවූ (ශරීර) වර්‍ණ ඇත්තාවූද, මනාවූ වර්‍ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්‍මය පරිදි මිය පරලොව ගියාවූ සත්ත්‍වයන් දැනගනිත්. ඔහු විසින් මේ දෙවෙනි විද්‍යාව ලදී.

´´අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අන්‍ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය. සිහි නුමුළාවෙන් යුක්තව, කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව, හරණ ලද ආත්ම ආශාව ඇතිව, වාසය කරන්නහුට යම්සේ නම් එසේයි. හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්‍මණ්‍යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්‍ධ සිහි කරයි. ඒ කෙසේද? හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්‍මණ්‍යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්‍ධ සිහි කරයි. ඒ කෙසේද? මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් සත්ත්‍වයින් දකී. සත්ත්‍වයන්ගේ ආශ්‍රවක්‍ෂය දැනගන්නා නුවණ පිණිස සිත නමයි. මේ දුකයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ දුක් ඇතිවීමේ හේතුවයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ දුක් නැතිකිරීමයයි තත්වූ පරිදි දැන ගනී. මේ දුක් නැතිකිරීමේ මාර්‍ගයයි තත්වූ පරිදි දැනගනී.

මේ ආශ්‍රවයෝයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන්ගේ හටගැන්මයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන්ගේ නැතිවීමයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන් නැතිකිරීමට යන ප්‍රතිපදාව (මාර්‍ගයයි) තත්වූ පරිද්දෙන් දනී. මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, ඔහුගේ සිත කාම නමැති කෙලෙසුන්ගෙන් මිදෙයි. භව නමැති කෙලෙසුන්ගෙන් මිදෙයි. අවිද්‍යා නමැති කෙලෙසුන්ගෙන් මිදෙයි. මිදුන කල්හි, මිදුනේය යන නුවණ වේ. ඉපදීම ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරණ ලදී. මත්තට යමක් නැතැයි දනී. ඔහු විසින් මේ තුනවෙනි විද්‍යාව ලබන ලද්දීය. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අන්‍ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය. සිහි නුමුළාවෙන් යුක්තව, කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව, හරණ ලද ආත්ම ආශාව ඇතිව, වාසය කරන්නහුට යම්සේ නම් එසේයි.

´´මහණෙනි, මේ කරුණු අටින්වූ මහණ තෙම ( මෙහි, 4 අඞ්ගුත්තර නිකායේ ආහුණෙය්‍ය වර්‍ගයේ 10 සූත්‍රයේ 6 )සස´ )සසස´ ඡේදය යෙදිය යුතුයි. )

6. කාමාධිවචන සූත්‍රය

1. ´´මහණෙනි, බිය යන මෙය කාම වස්තූන්ට හා ක්ලෙශයන්ට නමකි. මහණෙනි, දුක යන මෙය කාම වස්තූන්ට හා ක්ලෙශයන්ට නමකි. මහණෙනි, රෝගය යන මෙය කාම වස්තූන්ට හා ක්ලෙශයන්ට නමකි. මහණෙනි, ගෙඩිය යන මෙය කාම වස්තූන්ට හා ක්ලෙශයන්ට නමකි. මහණෙනි, හුලය යන මෙය කාම වස්තූන්ට හා ක්ලෙශයන්ට නමකි. මහණෙනි, බැම්ම යන මෙය කාම වස්තූන්ට හා ක්ලෙශයන්ට නමකි. මහණෙනි, මඩ යන මෙය කාම වස්තූන්ට හා ක්ලෙශයන්ට නමකි. මහණෙනි, ගර්‍භය යන මෙය කාම වස්තූන්ට හා ක්ලෙශයන්ට නමකි.

2. ´´මහණෙනි, කුමක් හෙයින් භය යන මෙය කාමයන්ට නම් වේද, මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙහි ඇලුනාවූ මේ තෙමේ ආශාවෙන් බැඳුනේ, මෙලොව බියෙන්ද නොමිදෙයි. පරලොව බියෙන්ද නොමිදෙයි. මේ නිසා භය යනු කාමයන්ට නමකි.

3. ´´මහණෙනි, කුමක් හෙයින් දුක යන මෙය කාමයන්ට නම් වේද, මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙහි ඇලුනාවූ මේ තෙමේ ආශාවෙන් බැඳුනේ, මෙලොව බියෙන්ද නොමිදෙයි. පරලොව බියෙන්ද නොමිදෙයි. මේ නිසා දුක යනු කාමයන්ට නමකි.

4. ´´මහණෙනි, කුමක් හෙයින් රොගය යන මෙය කාමයන්ට නම් වේද, මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙහි ඇලුනාවූ මේ තෙමේ ආශාවෙන් බැඳුනේ, මෙලොව බියෙන්ද නොමිදෙයි. පරලොව බියෙන්ද නොමිදෙයි. මේ නිසා රොගය යනු කාමයන්ට නමකි.

5. ´´මහණෙනි, කුමක් හෙයින් ගෙඩිය යන මෙය කාමයන්ට නම් වේද, මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙහි ඇලුනාවූ මේ තෙමේ ආශාවෙන් බැඳුනේ, මෙලොව බියෙන්ද නොමිදෙයි. පරලොව බියෙන්ද නොමිදෙයි. මේ නිසා ගෙඩිය යනු කාමයන්ට නමකි.

6. ´´මහණෙනි, කුමක් හෙයින් හුල යන මෙය කාමයන්ට නම් වේද, මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙහි ඇලුනාවූ මේ තෙමේ ආශාවෙන් බැඳුනේ, මෙලොව බියෙන්ද නොමිදෙයි. පරලොව බියෙන්ද නොමිදෙයි. මේ නිසා හුල යනු කාමයන්ට නමකි.

7. ´´මහණෙනි, කුමක් හෙයින් බැම්ම යන මෙය කාමයන්ට නම් වේද, මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙහි ඇලුනාවූ මේ තෙමේ ආශාවෙන් බැඳුනේ, මෙලොව බියෙන්ද නොමිදෙයි. පරලොව බියෙන්ද නොමිදෙයි. මේ නිසා බැම්ම යනු කාමයන්ට නමකි.

8. ´´මහණෙනි, කුමක් හෙයින් මඩ යන මෙය කාමයන්ට නම් වේද, මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙහි ඇලුනාවූ මේ තෙමේ ආශාවෙන් බැඳුනේ, මෙලොව බියෙන්ද නොමිදෙයි. පරලොව බියෙන්ද නොමිදෙයි. මේ නිසා මඩ යනු කාමයන්ට නමකි.

9. ´´මහණෙනි, කුමක් හෙයින් ගර්‍භය යන මෙය කාමයන්ට නම් වේද, මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙහි ඇලුනාවූ මේ තෙමේ ආශාවෙන් බැඳුනේ, මෙලොව බියෙන්ද නොමිදෙයි. පරලොව බියෙන්ද නොමිදෙයි. මේ නිසා ගර්‍භය යනු කාමයන්ට නමකි.

10.
(1) ´´සිත් තැති ගැනීම් බියද, දුඃඛයද, රොගයද, ගණ්ඩයද, හුලද, මඩද යන මොහුද, සඞ්ඝයද, පඞ්කයද යන දෙකද, කාමයෝයයි කියනු ලැබෙත්.

(2) ´´පස්කම් සැපයට බැස්සේ, නැවත භවයෙහි ඉපදීම පිණිස යෙයි. මහණතෙම යම් කාලයෙක්හි කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ සම්‍යක් ප්‍රඥාව නොහරිද, එබඳුවූ ඒ මහණතෙම යා නොහැකිවූ මේ කාම මඩ ඉක්මවා, ජාති ජරාවන්ගෙන් යුක්තවූ, කම්පාවන්නාවූ ප්‍රජාව බලයි.´´

5. උජ්ජය සූත්‍රය

1. ´´ඉක්බිති උජ්ජය බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු විය යුතුවූ, සිහි කටයුතුවූ, කථාව කොට අවසන්කොට එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි උජ්ජය බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට, ´´භවත් ගෞතමයන් වහන්ස, අපි පිටරට යනු කැමැත්තම්හ. ඒ අපට පින්වත් භාග්‍යවතුන් වහන්සේ යමක් අපට බොහෝ කලක් මෙලොව හිත පිණිසද, මෙලොව සැප පිණිසද, පරලොව හිත පිණිසද, පරලොව සැප පිණිසද, වන්නාහු නම් එසේ බණ වදාරණ සේක්වා.´´

2. ´´බ්‍රාහ්මණය, මේ ධර්‍ම සතරක් කුල පුත්‍රයාට මෙලොව යහපත පිණිස පවතිත්. කිනම් සතරක්ද යත්? උත්සාහ සම්පත්තිය, ආරක්‍ෂා සම්පත්තිය, යහපත් මිතුරන් ඇතිබව, ආදායමට සමාන ජීවිකාව යන සතරයි.

3. ´´බ්‍රාහ්මණය, උත්සාහ සම්පත්තිය කවරේද? බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙමේ යම් කර්මාන්තයකින්, ගොවිතැනින්, වෙළඳාමෙන් හෝ, ගව පාලනයෙන් හෝ, ධනු ශිල්පයෙන් හෝ, රාජ පුරුෂ භාවයෙන් හෝ, ශිල්පයකින් හෝ ජීවිකාව කරයිද, එහි දක්‍ෂවූයේ, කම්මැලි නොවූයේ, ඊට උපාය සිතීමෙන් යුක්තවූයේ වේද, කරන්නට සුදුසුවූයේ, නියම කිරීමට සුදුසුවූයේ වේද, ව්‍යග්ඝපජ්ජය, මේ උත්සාහ සම්පත්තියයයි කියනු ලැබේ.

4. ´´බ්‍රාහ්මණය, ආරක්‍ෂා සම්පත්තිය කවරේද? බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි කුල පුත්‍රයාට උඨාන වීය්‍ර්‍යයෙන් ලත්, අතේ ශක්තියෙන් පුරුදු ඩහදිය සෙලවුන, ධාර්මිකවූ දැහැමින් ලත් යම් වස්තු කෙනෙක් ඇද්ද, ඒ වස්තු කිමෙක්ද, රජවරු නොගන්නාහු නම්, සොරු නොගන්නාහු නම්, ගින්නෙන් විනාශ නොවන්නේ නම්, දියට ගසාගෙන නොයන්නාහු නම්, බලෙන් දඩ වශයෙන් නොගන්නාහු නම් යෙහෙකැයි ආරක්‍ෂා කරයි. බ්‍රාහ්මණය, මේ ආරක්‍ෂා සම්පදාවයයි කියනු ලැබේ.

5. ´´බ්‍රාහ්මණය, කළ්‍යාණ මිත්‍ර බව කවරේද, බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි කුලපුත්‍රතෙම යම් ගමක හෝ නියම් ගමක හෝ වාසය කරයිද, ඒ යම් ශ්‍රද්ධාවෙන් යුත්, ශීලයෙන් යුත්, ශීලයෙන් යුත්, ත්‍යාගයෙන් යුත්, ප්‍රඥාවෙන් යුත්, ගෘහපතියෙක් හෝ, ගෘහපති පුත්‍රයෙක් හෝ, වැඩිමහළු ස්වභාව ඇති තරුණයෙක් හෝ, වැඩිමහළු ස්වභාව ඇති වැඩිමහල්ලෙක් හෝ වෙත්ද, ඔවුන් සමග ආශ්‍රය කරයිද, සාකච්ඡා කරයිද, කථාවට පැමිණෙයිද,

6. ´´යම්බඳු ශ්‍රද්ධාවන්තයන්ගේ ශ්‍රද්ධාවට අනුව හික්මෙයිද, යම්බඳු සිල්වතුන්ගේ ශීලයට අනුව හික්මෙයිද, යම්බඳු ත්‍යාගවන්තයන්ගේ ත්‍යාගයට අනුව හික්මෙයිද, යම්බඳු ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාවට අනුව හික්මෙයිද, බ්‍රාහ්මණය, මේ කළ්‍යාණ මිත්‍ර භාවයයි.

7. ´´බ්‍රාහ්මණය, සමජීවික බව කවරේද, බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි කුලපුත්‍රතෙම වස්තූන්ගේ අයද දැන, වස්තූන්ගේ වැයද දැන, සමව දිවි පවත්වාද, වැඩි වියදම් නැත්තේද, ඉතා අඩු වියදම්ද නැත්තේද, මෙසේ මාගේ අය වැය මැඩගෙන සිටී. මාගේ වැය, අය මැඩගෙන නොසිටී කියායි.

8. ´´බ්‍රාහ්මණය, වෙළෙන්දෙක් හෝ, වෙළෙන්දෙකුගේ අතවැස්සෙක් හෝ, තරාදියක් ගෙන මෙපමණකින් පහත්වූයේය, මෙපමණකින් උස්වූයේයයි දනියි. බ්‍රාහ්මණය, මෙසේ කුලපුත්‍ර තෙම වස්තූන්ගේ අයද දැන, වස්තූන්ගේ වැයද දැන, ඉතා වැඩිත් නැතිව, ඉතා අඩුත් නැතිව, සමව ජීවිකාව කරයි. මෙසේ මාගේ අය, වැය මැඩගෙන සිටී. වැය, අය මැඩගෙන නොසිටීයයි සමව ජීවිකාව කරයිද,

9. ´´බ්‍රාහ්මණය, ඉදින් මේ කුලපුත්‍ර තෙමේ අය අඩු වූයේම මහත් ජීවිකාවක් කරයි. ඔහුට මේ කුලපුත්‍ර තෙමේ දිඹුල් කන්නාක් මෙන් භෝගයන් කායයි කියන්නෝ කියත්. බ්‍රාහ්මණය, ඉදින් මේ කුල පුත්‍ර තෙමේ බොහෝ අය ඇත්තේම දුකසේ ජීවිකාව කරයිද, මේ කුලපුත්‍ර තෙම වස්තුව තිබෙද්දීත් නොකා මැරෙන්නේයයි කියන්නෝ වෙත්. බ්‍රාහ්මණය, යම් කලෙක පටන් මේ කුලපුත්‍ර තෙම වස්තූන්ගේ අයද දැන, වැයද දැන, සමව ජීවිකාව කරයිද, ඉතා වැඩියත්, ඉතා අඩුවත් නොකරයිද, මෙසේ මාගේ අය, වැය මැඩගෙන සිටී. වැයම, අය මැඩගෙන නොසිටියි. බ්‍රාහ්මණය, මේ සම ජීවිකාවයි.

10. ´´බ්‍රාහ්මණය, මෙසේ උපන්නාවූ භෝගයන්ට විනාශමුඛ සතරක් වෙත්. ස්ත්‍රීන් කෙරෙහි ලොල් බව, සුරාවෙහි ලොල් බව, සූදුවෙහි ලොල් බව, පවිටු මිත්‍රයන්, පවිටු යහලුවන්, පවට නැමීම ඇති බව යන සතරයි. බ්‍රාහ්මණය, යම්සේ මහත් විලක පිරෙන දොරටු සතරක් වෙත්ද, පුරුෂයෙක් තෙම එහි පිරෙන දොරටු ඇද්ද, එය වසන්නේය. පිටවෙන මුඛ වෙත්ද, ඒවා හරින්නේය. වර්‍ෂාවද යහපත්කොට නොවසින්නේය. බ්‍රාහ්මණය, මෙසේ ඒ විල පිරිහීමක්ම කැමති විය යුතුය. වැඩීමක් කැමති නොවිය යුතුය.

11. ´´බ්‍රාහ්මණය, එසේම බ්‍රාහ්මණය, වෙළෙන්දෙක් හෝ, වෙළෙන්දෙකුගේ අතවැස්සෙක් හෝ, තරාදියක් ගෙන මෙපමණකින් පහත්වූයේය, මෙපමණකින් උස්වූයේයයි දනියි. බ්‍රාහ්මණය, මෙසේ කුලපුත්‍ර තෙම වස්තූන්ගේ අයද දැන, වස්තූන්ගේ වැයද දැන, ඉතා වැඩිත් නැතිව, ඉතා අඩුත් නැතිව, සමව ජීවිකාව කරයි. මෙසේ මාගේ අය, වැය මැඩගෙන සිටී. වැය, අය මැඩගෙන නොසිටීයයි සමව ජීවිකාව කරයිද, බ්‍රාහ්මණය, මෙසේ උපන් භෝගයන්ගේ අය මාර්‍ග සතරක් වෙත්. ස්ත්‍රී ලොල් නොවීම, සුරා ලොල් නොවිම, සූදුවෙහි ලොල් නොවීම, යහපත් මිත්‍රයන් ඇති බව, යහපත් යහළුවන් ඇති බව, යහපතුන්ට නැමෙන බව යන සතරයි. බ්‍රාහ්මණය, මහත් විලෙක පිරෙන දොර සතරක් වෙත්ද, පිටවෙන දොරටු සතරක් ඇද්ද, ඒවා වසත්ද, වර්‍ෂාවද යහපත් සේ ධාරා හෙලයිද, බ්‍රාහ්මණය, එසේ මහත් විලේ වැඩීමක්ම කැමති විය යුතුයි. පිරිහීමක් කැමති නොවිය යුතුයි. බ්‍රාහ්මණය, එසේම මෙසේ උපන් වස්තූන්ට මෙසේ පිරෙන දොරටු සතරක් වෙත්ද, ස්ත්‍රී ලොල් නොවේද, සුරා ලොල් නොවේද, සූදුවෙහි ලොල් නොවේද, යහපත් මිත්‍රයන් ඇති බව, යහපත් යහළුවන් ඇති බව, යහපතුන්ට නැමෙන බව යන සතරයි. බ්‍රාහ්මණය, මේ ධර්ම සතර කුලපුත්‍රයාට මෙලොව හිත පිණිස පවතිත්, මෙලොව සැප පිණිස පවතිත්.

12. ´´බ්‍රාහ්මණය, ධර්ම සතරක් කුල පුත්‍රයාට පරලොව හිත පිණිස, පරලොව සැප පිණිස පවතිත්. කිනම් සතරක්ද යත්, ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය, යන සතරය. බ්‍රාහ්මණය, ශ්‍රද්ධා සම්පත්තිය කවරේද, බ්‍රාහ්මණය, මේ ලොකයෙහි කුලපුත්‍ර තෙම ශ්‍රද්ධාවත් වේද, තථාගතයන් වහන්සේගේ බුද්ධත්වය අදහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය, සම්‍යක් සම්බුද්ධය, විද්‍යාචරණයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකය දත්තේය. පුරුෂයන් දමනය කරන ශ්‍රෙෂ්ඨ උත්තමයාය, දෙවි මිනිසුන්ගේ ශාස්තෲවරයාය, බුද්ධය, භාග්‍ය ඇත්තේයයි තථාගතයන් වහන්සේ සිහිකරයි. බ්‍රාහ්මණය, මේ ශ්‍රද්ධා සම්පත්තියයි කියනු ලැබේ.

13. ´´බ්‍රාහ්මණය, සීල සම්පත්තිය කවරේද? ව්‍යග්ඝපජ්ජය, මේ ලොකයෙහි ක්‍රලපුත්‍ර තෙම ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාමමිත්‍ථ්‍යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, බ්‍රාහ්මණය, මේ සීල සම්පත්තියයි කියනු ලැබේ.

´´බ්‍රාහ්මණය, ත්‍යාග සම්පත්තිය කවරේද? බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම ත්‍යාගය පිණිස මුදන ලද්දේ, සෝදන ලද අත් ඇත්තේ, පරිත්‍යාගයෙහි යෙදුනේ, ඉල්වීමට සුදුසු වූයේ බෙදා දීමෙහි ඇලුනේ වේද, බ්‍රාහ්මණය, මේ ත්‍යාග සම්පත්තියයි කියනු ලැබේ.

16. දුතිය අක්ඛන්තාදීනව සූත්‍රය

1. ´´මහණෙනි, නොඉවසීමෙහි මේ දෝෂ පසක් වෙත්.

2. ´´කවර පසක්ද යත්. බොහෝ දෙනාට අප්‍රියවූවෙක්, අමනාපවූවෙක් වේ. රෞද්‍ර වූවෙක්ද වේ. විපිලිසර ඇත්තෙක්ද වේ. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, දුකට පිහිටවූ, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි. යන පසයි.

3. ´´මහණෙනි, නොඉවසීමෙහි මේ දෝෂ පසක් වෙත්.

4. ´´මහණෙනි, ඉවසීමෙහි මේ අනුසස් පසක් වෙත්.

5. ´´කවර පසක්ද යත්. බොහෝ දෙනාට ප්‍රියවූවෙක්, මන වඩන්නෙක් වේ, රෞද්‍ර නොවූවෙක්ද වේ. විපිළිසර නැත්තෙක්ද වේ. මුළා නොවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම් දිව්‍ය ලෝකයෙහි උපදියි. යන පසයි.

6. ´´මහණෙනි, ඉවසීමෙහි මේ අනුසස් පසක් වෙත්.

20. මධුරාදීනව සූත්‍රය

1. ´´මහණෙනි, මධුරා නම් නුවරෙහි මේ දෝෂ පසක් වෙත්.

2. ´´කවර පසක්ද යත්? විෂම වේ. බොහෝ රජස් ඇත්තී වේ. චණ්ඩ සුනඛයන් ඇත්තීය. වල් සතුන් ඇත්තීය. දුර්ලභ ආහාර ඇත්තීය යන පසයි.´

3. ´´මහණෙනි, මධුරා නම් නුවරෙහි මේ දෝෂ පසක් වෙත්.

19. අග්ග්‍යාදීනව සූත්‍රය

1. ´´මහණෙනි, ගින්නෙහි මේ දෝෂ පසක් වෙත්.

2. ´´කවර පසක්ද යත්? ඇස්වලට හිත නොවේ. දුර්‍වර්‍ණ කරන්නේ වේ. දුර්‍වල කරන්නේ වේ. ගණසඞ්ගනිකාව (රැස්වීම) වඩන්නේ වෙයි. තිරිසන් කථා පවත්වන්නේ වෙයි. යන පසයි.

3. ´´මහණෙනි, ගින්නෙහි මේ දෝෂ පසක් වෙත්.

 

4. ව්‍යග්ගපජ්ජ (දීඝජානු) සූත්‍රය

1. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කෝලිය ජනපදයෙහි කක්කරපත්ත නම් කෝලියයන්ගේ නියම් ගමක් වේද, එහි වාසය කරණ සේක. එකල්හි වනාහි දීඝජානු නම් කෝලිය පුත්‍ර තෙම, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත් පසෙක සිටි දීඝජානු කොලිය පුත්‍ර තෙම, භාග්‍යවතුන් වහන්සේට, ´´ස්වාමීනි, ගිහිවූ, කාමභොගීවු අපි පුත්‍රයන්ගේ පීඩාවෙන් වසමු. කසී සළු හා සඳුන් පාවිච්චි කරමු. මල් ගඳ විලවුන් දරමු. රන් රිදී මසු කහවනු දරමු. ස්වාමීනි, ඒ අපට යම් ධර්‍ම කෙනෙක් මෙලොව යහපත පිණිසද, මෙලොව සැප පිණිසද, පරලොව සැප පිණිසද වන්නාහු නම්, එසේ ධර්‍ම දේශනා කරනු ලැබේ.´´

2. ´´ව්‍යග්ඝපජ්ජය, මේ ධර්‍ම සතරක් කුල පුත්‍රයාට මෙලොව යහපත පිණිස පවතිත්. කිනම් සතරක්ද යත්? උත්සාහ සම්පත්තිය, ආරක්‍ෂා සම්පත්තිය, යහපත් මිතුරන් ඇතිබව, ආදායමට සමාන ජීවිකාව යන සතරයි.

3. ´´ව්‍යග්ඝපජ්ජය, උත්සාහ සම්පත්තිය කවරේද? ව්‍යග්ඝපජ්ජය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙමේ යම් කර්මාන්තයකින්, ගොවිතැනින්, වෙළඳාමෙන් හෝ, ගව පාලනයෙන් හෝ, ධනු ශිල්පයෙන් හෝ, රාජ පුරුෂ භාවයෙන් හෝ, ශිල්පයකින් හෝ ජීවිකාව කරයිද, එහි දක්‍ෂවූයේ, කම්මැලි නොවූයේ, ඊට උපාය සිතීමෙන් යුක්තවූයේ වේද, කරන්නට සුදුසුවූයේ, නියම කිරීමට සුදුසුවූයේ වේද, ව්‍යග්ඝපජ්ජය, මේ උත්සාහ සම්පත්තියයයි කියනු ලැබේ.

4. ´´ව්‍යග්ඝපජ්ජය, ආරක්‍ෂා සම්පත්තිය කවරේද? ව්‍යග්ඝපජ්ජය, මේ ලෝකයෙහි කුල පුත්‍රයාට උඨාන වීය්‍ර්‍යයෙන් ලත්, අතේ ශක්තියෙන් පුරුදු ඩහදිය සෙලවුන, ධාර්මිකවූ දැහැමින්ලත් යම් වස්තු කෙනෙක් ඇද්ද, ඒ වස්තු කිමෙක්ද, රජවරු නොගන්නාහු නම්, සොරු නොගන්නාහු නම්, ගින්නෙන් විනාශ නොවන්නේ නම්, දියට ගසාගෙන නොයන්නාහු නම්, බලෙන් දඩ වශයෙන් නොගන්නාහු නම් යෙහෙකැයි ආරක්‍ෂා කරයි. ව්‍යග්ඝපජ්ජය, මේ ආරක්‍ෂා සම්පදාවයයි කියනු ලැබේ.

5. ´´ව්‍යග්ඝපජ්ජය, කළ්‍යාණ මිත්‍ර බව කවරේද, ව්‍යග්ඝපජ්ජය, මේ ලෝකයෙහි කුලපුත්‍රතෙම යම් ගමක හෝ නියම් ගමක හෝ වාසය කරයිද, ඒ යම් ශ්‍රද්ධාවෙන් යුත්, ශීලයෙන් යුත්, ශීලයෙන් යුත්, ත්‍යාගයෙන් යුත්, ප්‍රඥාවෙන් යුත්, ගෘහපතියෙක් හෝ, ගෘහපති පුත්‍රයෙක් හෝ, වැඩිමහළු ස්වභාව ඇති තරුණයෙක් හෝ, වැඩිමහළු ස්වභාව ඇති වැඩිමහල්ලෙක් හෝ වෙත්ද, ඔවුන් සමග ආශ්‍රය කරයිද, සාකච්ඡා කරයිද, කථාවට පැමිණෙයිද,

6. ´´යම්බඳු ශ්‍රද්ධාවන්තයන්ගේ ශ්‍රද්ධාවට අනුව හික්මෙයිද, යම්බඳු සිල්වතුන්ගේ ශීලයට අනුව හික්මෙයිද, යම්බඳු ත්‍යාගවන්තයන්ගේ ත්‍යාගයට අනුව හික්මෙයිද, යම්බඳු ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාවට අනුව හික්මෙයිද, ව්‍යග්ඝපජ්ජය, මේ කළ්‍යාණ මිත්‍ර භාවයයි.

7. ´´ව්‍යග්ඝපජ්ජය, සමජීවික බව කවරේද, ව්‍යග්ඝපජ්ජය, මේ ලෝකයෙහි කුලපුත්‍රතෙම වස්තූන්ගේ අයද දැන, වස්තූන්ගේ වැයද දැන, සමව දිවි පවත්වාද, වැඩි වියදම් නැත්තේද, ඉතා අඩු වියදම්ද නැත්තේද, මෙසේ මාගේ අය වැය මැඩගෙන සිටී. මාගේ වැය, අය මැඩගෙන නොසිටී කියායි.

8. ´´ව්‍යග්ඝපජ්ජය, වෙළෙන්දෙක් හෝ, වෙළෙන්දෙකුගේ අතවැස්සෙක් හෝ, තරාදියක් ගෙන මෙපමණකින් පහත්වූයේය, මෙපමණකින් උස්වූයේයයි දනියි. ව්‍යග්ඝපජ්ජය, මෙසේ කුලපුත්‍ර තෙම වස්තූන්ගේ අයද දැන, වස්තූන්ගේ වැයද දැන, ඉතා වැඩිත් නැතිව, ඉතා අඩුත් නැතිව, සමව ජීවිකාව කරයි. මෙසේ මාගේ අය, වැය මැඩගෙන සිටී. වැය, අය මැඩගෙන නොසිටීයයි සමව ජීවිකාව කරයිද,

9. ´´ව්‍යග්ඝපජ්ජය, ඉදින් මේ කුලපුත්‍ර තෙමේ අය අඩු වූයේම මහත් ජීවිකාවක් කරයි. ඔහුට මේ කුලපුත්‍ර තෙමේ දිඹුල් කන්නාක් මෙන් භෝගයන් කායයි කියන්නෝ කියත්. ව්‍යග්ඝපජ්ජය, ඉදින් මේ කුල පුත්‍ර තෙමේ බොහෝ අය ඇත්තේම දුකසේ ජීවිකාව කරයිද, මේ කුලපුත්‍ර තෙම වස්තුව තිබෙද්දීත් නොකා මැරෙන්නේයයි කියන්නෝ වෙත්. ව්‍යග්ඝපජ්ජය, යම් කලෙක පටන් මේ කුලපුත්‍ර තෙම වස්තූන්ගේ අයද දැන, වැයද දැන, සමව ජීවිකාව කරයිද, ඉතා වැඩියත්, ඉතා අඩුවත් නොකරයිද, මෙසේ මාගේ අය, වැය මැඩගෙන සිටී. වැයම, අය මැඩගෙන නොසිටියි. ව්‍යග්ඝපජ්ජය, මේ සම ජීවිකාවයි.

10. ´´ව්‍යග්ඝපජ්ජය, මෙසේ උපන්නාවූ භෝගයන්ට විනාශමුඛ සතරක් වෙත්. ස්ත්‍රීන් කෙරෙහි ලොල් බව, සුරාවෙහි ලොල් බව, සූදුවෙහි ලොල් බව, පවිටු මිත්‍රයන්, පවිටු යහලුවන්, පවට නැමීම ඇති බව යන සතරයි. ව්‍යග්ඝපජ්ජය, යම්සේ මහත් විලක පිරෙන දොරටු සතරක් වෙත්ද, පුරුෂයෙක් තෙම එහි පිරෙන දොරටු ඇද්ද, එය වසන්නේය. පිටවෙන මුඛ වෙත්ද, ඒවා හරින්නේය. වර්‍ෂාවද යහපත්කොට නොවසින්නේය. ව්‍යග්ඝපජ්ජය, මෙසේ ඒ විල පිරිහීමක්ම කැමති විය යුතුය. වැඩීමක් කැමති නොවිය යුතුය.

11. ´´ව්‍යග්ඝපජ්ජය, එසේම ව්‍යග්ඝපජ්ජය, වෙළෙන්දෙක් හෝ, වෙළෙන්දෙකුගේ අතවැස්සෙක් හෝ, තරාදියක් ගෙන මෙපමණකින් පහත්වූයේය, මෙපමණකින් උස්වූයේයයි දනියි. ව්‍යග්ඝපජ්ජය, මෙසේ කුලපුත්‍ර තෙම වස්තූන්ගේ අයද දැන, වස්තූන්ගේ වැයද දැන, ඉතා වැඩිත් නැතිව, ඉතා අඩුත් නැතිව, සමව ජීවිකාව කරයි. මෙසේ මාගේ අය, වැය මැඩගෙන සිටී. වැය, අය මැඩගෙන නොසිටීයයි සමව ජීවිකාව කරයිද, ව්‍යග්ඝපජ්ජය, මෙසේ උපන් භෝගයන්ගේ අය මාර්‍ග සතරක් වෙත්. ස්ත්‍රී ලොල් නොවීම, සුරා ලොල් නොවිම, සූදුවෙහි ලොල් නොවීම, යහපත් මිත්‍රයන් ඇති බව, යහපත් යහළුවන් ඇති බව, යහපතුන්ට නැමෙන බව යන සතරයි. ව්‍යග්ඝපජ්ජය, මහත් විලෙක පිරෙන දොර සතරක් වෙත්ද, පිටවෙන දොරටු සතරක් ඇද්ද, ඒවා වසත්ද, වර්‍ෂාවද යහපත් සේ ධාරා හෙලයිද, ව්‍යග්ඝපජ්ජය, එසේ මහත් විලේ වැඩීමක්ම කැමති විය යුතුයි. පිරිහීමක් කැමති නොවිය යුතුයි. ව්‍යග්ඝපජ්ජය, එසේම මෙසේ උපන් වස්තූන්ට මෙසේ පිරෙන දොරටු සතරක් වෙත්ද, ස්ත්‍රී ලොල් නොවේද, සුරා ලොල් නොවේද, සූදුවෙහි ලොල් නොවේද, යහපත් මිත්‍රයන් ඇති බව, යහපත් යහළුවන් ඇති බව, යහපතුන්ට නැමෙන බව යන සතරයි. ව්‍යග්ඝපජ්ජය, මේ ධර්ම සතර කුලපුත්‍රයාට මෙලොව හිත පිණිස පවතිත්, මෙලොව සැප පිණිස පවතිත්.

12. ´´ව්‍යග්ඝපජ්ජය, ධර්ම සතරක් කුල පුත්‍රයාට පරලොව හිත පිණිස, පරලොව සැප පිණිස පවතිත්. කිනම් සතරක්ද යත්, ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය, යන සතරය. ව්‍යග්ඝපජ්ජය, ශ්‍රද්ධා සම්පත්තිය කවරේද, ව්‍යග්ඝපජ්ජය, මේ ලොකයෙහි කුලපුත්‍ර තෙම ශ්‍රද්ධාවත් වේද, තථාගතයන් වහන්සේගේ බුද්ධත්වය අදහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය, සම්‍යක් සම්බුද්ධය, විද්‍යාචරණයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකය දත්තේය. පුරුෂයන් දමනය කරන ශ්‍රෙෂ්ඨ උත්තමයාය, දෙවි මිනිසුන්ගේ ශාස්තෲවරයාය, බුද්ධය, භාග්‍ය ඇත්තේයයි තථාගතයන් වහන්සේ සිහිකරයි. ව්‍යග්ඝපජ්ජය, මේ ශ්‍රද්ධා සම්පත්තියයි කියනු ලැබේ.

13. ´´ව්‍යග්ඝපජ්ජය, සීල සම්පත්තිය කවරේද? ව්‍යග්ඝපජ්ජය, මේ ලොකයෙහි ක්‍රලපුත්‍ර තෙම ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාමමිත්‍ථ්‍යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, ව්‍යග්ඝපජ්ජය, මේ සීල සම්පත්තියයි කියනු ලැබේ.

´´ව්‍යග්ඝපජ්ජය, ත්‍යාග සම්පත්තිය කවරේද? ව්‍යග්ඝපජ්ජය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම ත්‍යාගය පිණිස මුදන ලද්දේ, සෝදන ලද අත් ඇත්තේ, පරිත්‍යාගයෙහි යෙදුනේ, ඉල්වීමට සුදුසු වූයේ බෙදා දීමෙහි ඇලුනේ වේද, ව්‍යග්ඝපජ්ජය, මේ ත්‍යාග සම්පත්තියයි කියනු ලැබේ.

14. ´´ව්‍යග්ඝපජ්ජය, ප්‍රඥා සම්පත්තිය කවරේද? ව්‍යග්ඝපජ්ජය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම ප්‍රඥාවත් වේද, ආය්‍ර්‍යවු තියුණු අවබෝධ ඇති, මනාකොට දුක් ක්‍ෂය කිරීමට යන, දියුණුවේ ප්‍රථිඵලයවූ, නුවණින් යුක්තවූයේ වේද, ව්‍යග්ඝපජ්ජය, මේ ප්‍රඥා සම්පත්තියයයි කියනු ලැබේ.

´´ව්‍යග්ඝපජ්ජය, මේ කරුණු සතර කුලපුත්‍රයාට පරලොව හිත පිණිස පවති.

15.

(1) ´´අප්‍රමාද ඇත්තේ, කර්‍මාන්ත කරණ තන්හි උට්ඨාන වීය්‍ර්‍යයෙන් යුක්තවුයේද, කර්‍මාන්ත විධාන කිරීමෙන් යුක්තවූයේ වේද, ජීවිකා වෘත්තිය සමකොට පවත්වාද, රැස් කරණ ලද්දක් රක්‍ෂා කෙරේද, ශ්‍රද්ධා ඇත්තේද, ශීලයෙන් යුක්තවූයේද, වචන දන්නේද, පහවූ මසුරු මල ඇත්තේද, පරලෙව්හි විපාක දීම් ඇති, සැපයට හේතුවූ මාර්ගය නිතර පිරිසිදු කෙරේද?

(2) මෙසේ මේ අට කාරණයෝ ගෘහ වාසයෙන් යුක්තවූ සැදැහැවතාහට දෙලොව සැප ගෙන දෙන්නේයයි සත්‍ය නම් ඇති ශාස්තෲන් වහන්සේ විසින් වදාරණ ලද්දාහුය. මෙසේ ගෘහස්තයන්ට ත්‍යාගය තෙමේද මේ ආත්මයෙහි සැප පිණිසද පරලොව සැප පිණිසද පවතී. මේ සෙසු පිනද ප්‍රකාරයෙන් වැඩේයයි වදාළ සේක´´

18. දුතිය අපාසාදික සූත්‍රය

1. ´´මහණෙනි, ප්‍රසාද නොඑලවීමෙහි මේ දෝෂ පසක් වෙත්.

2. ´´කවර පසක්ද යත්. ප්‍රසන්න නුවූවාහු නොපහදිත්. ප්‍රසන්නවූද, ඇතැමුන්ගේ අන් පරිදි බව වේ. ශාස්තෲන් වහන්සේගේ අනුශාසනය නොකරණ ලද්දේ වේ. පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ. මොහුගේ සිත නොපහදියි යන පසයි.

3. ´´මහණෙනි, ප්‍රසාද නොඑලවීමෙහි මේ දෝෂ පසක් වෙත්.

4. ´´මහණෙනි, ප්‍රසාද එලවීමෙහි මේ අනුසස් පසක් වෙත්.

5. ´´කවර පසක්ද යත්. ප්‍රසන්න වූවාහු පහදිත්. ප්‍රසන්නවූවන්ගේද වැඩිවීම වේ. ශාස්තෲන් වහන්සේගේ අනුශාසනය කරණ ලද්දේ වේ. පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ. මොහුගේ සිත පහදියි යන පසයි.´´

4. ´´මහණෙනි, ප්‍රසාද එලවීමෙහි මේ අනුසස් පසක් වෙත්.

 

 

3. ගොතමියොවාද සූත්‍රය

1. ´´එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නිග්‍රොධාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාය. එකත්පසෙක සිටි මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට, ´´ස්වාමීනි, සත්‍රිය ගිහිගෙන් නික්ම තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනයෙහි අනගාරික නම් ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යාව ලබන්නේ නම් යහපතැ´ යි කීවාය. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා හුදතලාවූ, අප්‍රමාදවූ, කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව, කාය ජීවිත දෙක්හි අපෙක්‍ෂා රහිතව වාසය කරන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ මට සංක්‍ෂෙපයෙන් ධර්‍ම දේශනා කරණු ලැබේවා.´´

2. ´´ගොතමිය, මේ ධර්මයෝ තෘෂ්ණාව පිණිස පවතිත්, තෘෂ්ණා ක්‍ෂයවීම පිණිස නොවෙත්යයි නුඹ යම් ධර්මයක් දන්නෙහිද?´´  ´´එක්වීම පිණිස පවතිත්, වියෝගය පිණිස නොපවතිත්. රැස්කිරීම පිණිස පවතිත්, රැස් නොකිරීම පිණිස නොපවතිත්. මහා තෘෂ්ණාව පිණිස පවතිත්, ආශා නැති බව පිණිස නොපවතිත්. නොසෑහීම පිණිස පවතිත්, සෑහීම පිණිස නොපවතිත්. පිරිස් සහිත බව පිණිස පවතිත්, විවේකය පිණිස නොපවතිත්. කුසීත බව පිණිස පවතිත්, වීය්‍ර්‍යය පිණිස නොපවතිත්. දුකසේ පෝෂ්‍ය කටයුතු බවට පැමිණෙත්, සුවසේ පොෂ්‍ය කටයුතු බවට නොපැමිණෙත් යයි යම් ධර්ම කෙනෙක් දනිත් නම්, ගොතමිය, ඒකාන්තයෙන් මේ ධර්මය නොවේ, මේ විනය නොවේ, මේ ශාස්තෘ ශාසනය නොවේයයි දැන ගනුව.´´
´´එක්වීම පිණිස නොපවතිත්, වියෝගය පිණිස වෙත්. රැස්කිරීම පිණිස නොපවතිත්, රැස් නොකිරීම පිණිස වෙත්. මහා තෘෂ්ණාව පිණිස නොපවතිත්, ආශා නැති බව පිණිස වෙත්. නොසෑහීම පිණිස නොපවතිත්, සෑහීම පිණිස වෙත්. පිරිස් සහිත බව පිණිස නොපවතිත්, විවේකය පිණිස වෙත්. කුසීත බව පිණිස නොපවතිත්, වීය්‍ර්‍යය පිණිස වෙත්. දුකසේ පෝෂ්‍ය කටයුතු බවට නොපැමිණෙත්, සුවසේ පොෂ්‍ය කටයුතු බවට වෙත් යයි යම් ධර්ම කෙනෙක් දනිත් නම්, ගොතමිය, ඒකාන්තයෙන් මේ ධර්මය, මේ විනය, මේ ශාස්තෘ ශාසනය යයි දරව.´´

17. පඨම අපාසාදික සූත්‍රය

 

1. ´´මහණෙනි, ප්‍රසාද නොඑලවීමෙහි මේ දෝෂ පසක් වෙත්.

2. ´´කවර පසක්ද යත්. තෙමේද තමාට දොස් කියයි. දැන නුවණැත්තෝ නින්‍දා කරත්. ලාමකවූ කීර්ති ශබ්දයක් පැන නගියි. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, දුකට පිහිටවූ, නපුරුසේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි. යන පසයි.

3. ´´මහණෙනි, ප්‍රසාද නොඑලවීමෙහි මේ දෝෂ පසක් වෙත්.

4. ´´මහණෙනි, ප්‍රසාද එලවීමෙහි මේ අනුසස් පසක් වෙත්.

5. ´´කවර පසක්ද යත්. තෙමේද තමාට දොස් නොකියයි. දැන නුවණැත්තෝ ප්‍රසංශා කරත්. යහපත්වූ ගුණ ඝෝෂාවක් පැන නගියි. මුළා නොවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම් දිව්‍ය ලෝකයෙහි උපදියි. යන පසයි.

4. ´´මහණෙනි, ප්‍රසාද එලවීමෙහි මේ අනුසස් පසක් වෙත්.

 

18. දුතිය අපාසාදික සූත්‍රය

 

1. ´´මහණෙනි, ප්‍රසාද නොඑලවීමෙහි මේ දෝෂ පසක් වෙත්.

 

2. ´´කවර පසක්ද යත්. ප්‍රසන්න නුවූවාහු නොපහදිත්. ප්‍රසන්නවූද, ඇතැමුන්ගේ අන් පරිදි බව වේ. ශාස්තෲන් වහන්සේගේ අනුශාසනය නොකරණ ලද්දේ වේ. පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ. මොහුගේ සිත නොපහදියි යන පසයි.

 

3. ´´මහණෙනි, ප්‍රසාද නොඑලවීමෙහි මේ දෝෂ පසක් වෙත්.

 

4. ´´මහණෙනි, ප්‍රසාද එලවීමෙහි මේ අනුසස් පසක් වෙත්.

 

5. ´´කවර පසක්ද යත්. ප්‍රසන්න වූවාහු පහදිත්. ප්‍රසන්නවූවන්ගේද වැඩිවීම වේ. ශාස්තෲන් වහන්සේගේ අනුශාසනය කරණ ලද්දේ වේ. පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ. මොහුගේ සිත පහදියි යන පසයි.´´

 

4. ´´මහණෙනි, ප්‍රසාද එලවීමෙහි මේ අනුසස් පසක් වෙත්.

 

 

 

19. අග්ග්‍යාදීනව සූත්‍රය

 

1. ´´මහණෙනි, ගින්නෙහි මේ දෝෂ පසක් වෙත්.

 

2. ´´කවර පසක්ද යත්? ඇස්වලට හිත නොවේ. දුර්‍වර්‍ණ කරන්නේ වේ. දුර්‍වල කරන්නේ වේ. ගණසඞ්ගනිකාව (රැස්වීම) වඩන්නේ වෙයි. තිරිසන් කථා පවත්වන්නේ වෙයි. යන පසයි.

 

3. ´´මහණෙනි, ගින්නෙහි මේ දෝෂ පසක් වෙත්.

 

20. මධුරාදීනව සූත්‍රය

 

1. ´´මහණෙනි, මධුරා නම් නුවරෙහි මේ දෝෂ පසක් වෙත්.

 

2. ´´කවර පසක්ද යත්? විෂම වේ. බොහෝ රජස් ඇත්තී වේ. චණ්ඩ සුනඛයන් ඇත්තීය. වල් සතුන් ඇත්තීය. දුර්ලභ ආහාර ඇත්තීය යන පසයි.´´

 

3. ´´මහණෙනි, මධුරා නම් නුවරෙහි මේ දෝෂ පසක් වෙත්.