කවර ආයතනයක වුවද දීර්ඝකාලීන පැවැත්ම සඳහා එහි ප්‍රතිසංස්කරණයන් මෙන්ම ආරක්ෂක විධි වධාන යොදා ගැනීම අවශ්‍යය. බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන ධර්ම සංගායනාවන්ද, එවැනි වැඩ පිළිවෙලක් හැටියට හැඳින්විය හැකිය. ඒ අනුව බුදු දහම කාල, දේශ වශයෙන් සුබනම්‍ය කරලීම සඳහාත්, ධර්ම සාහිත්‍යයආරක්ෂා කරලීම සඳහාත් ශාසන භාර මහ තෙරවරුන් විසින් ගන්නා ලද ප්‍රශංශනීය උත්සාහයන්ගේ ප්‍රතිඵල හැටියටද සංගායනා හැඳින්විය හැනිය. බුද්ධ කාලයේ සිටම භික්ෂූන් වහන්සේලා තථාගත ධර්මය කට පාඩමෙන් පවත්වාගෙන ආහ. නමුත් කාලයාගේ ඇවෑමෙන් යම් යම් වෙනස්කම් ඇතිවීමට ඉඩ තිබුණි. එබැවින් තම තමන්ට භාරවූ ධර්ම කොටස් නැවත සමූහයක් ඉදිරියේ කියවා නිවැරදි සේ පිළියෙල කර ගැනීමත්, ධර්මය ආරක්ෂා කර තැබීමත්, සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ගයක් ලෙසද, ධර්ම සංගායනා යන්න සරලව විස්තර කළ හැකිය.
බෞද්ධ ශාසන ඉතිහාසයේ ධර්ම සංගායනා පිළිබඳව අසන්නට ලැබෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුවය. එහෙත් සංගායනා සංකල්පය ගැන මුල්ම අදහස බුදුරදුන් විසින්ම ඇති කරන ලද බවටත් සාධක තිබේ. දීඝ නිකායේ පාසාදීක සූත්‍රයෙහි එවැනි සඳහනක් දක්නට ලැබේ. නිගණ්ඨනාථ පුත්‍රගේ අභාවයෙන් පසුව නිගණ්ඨ පිරිස දෙකඩ වූහ. ඔවුනොවූහු වාදාභිමුඛ වූහ. පාවා නුවර දී මේ පුවත දැන ගන්නා වුන් තෙරණුවෝ සාම ගාමයට ගොස් ඒ බව අනඳ තෙරුන්ට දැන්වූහ. අනඳ තෙරනුවෝ චුන්ද තෙරුන්ද කැටුව, බුදුරදුන් වෙත පැමිණ එම පුවත බුදුරදුන් වෙත දැන්වූහ. එහිදී බුදුහු මෙසේ වදාරති.
“එබැවින් චුන්ද, මවිසින් මනාව අවබෝධ කොටගෙන යම් ධර්මයක් දේශනා කරන ලද්දේ ද එම ධර්මය සියල්ලෝම එක්රැස්ව අර්ථය, ව්‍යඤ්ජනයෙන් ව්‍යඤ්ජනය, (සසඳමින්) සංගායනය කළ යුතුය. විවාද නොකළ යුතුය. එය මේ බ්‍රහ්ම චර්යාව (ශාසනය) බොහෝ ජනයාගේ හිත සුව පිණිස ලෝකයාට අනුකම්පා පිණිස, වැඩ පිණිස, සුව පිණිස, බොහෝ කල් පැවැත්ම සඳහා හේතුවන්නේ ය ………..”
ඉහත සඳහන් ප්‍රකාශනයෙන් පැහැදිලි වන්නේ සංගායකාවක් පැවැත්වීමේ වැදගත්කම බුදුරදුන් විසින්ම, ශ්‍රාවකයන්ට පෙන්වා දී ඇති බවයි. බුදුරදුන් පිරිනිවන් පෑමට පෙර මේ කාර්යය කිරීමේ අභිලාශයක්, සැරියුත් මහ තෙරුන් තුළද පැවතුණි. සංගී.ි සූත්‍රයෙන් හා සැරියුත් හිමියන් විසින්ම දේශනා කරන ලද දසුත්තර සූත්‍රයේ එන සටහනින්ද එය පැහැදිලි වේ. සංගීති සූත්‍රයේ සඳහන් වන අන්දමට ධර්ම සංගායනාවේ වැදගත්කම, භික්ෂූ සංඝයා වහන්සේට සැරියුත් තෙරණුවන් විසින් පෙන්වා දෙන්නේ ද, නිගණ්ඨනාඨ සූත්‍රයේ ශ්‍රාවකයන් අතර ඇති වූ මතභේද පිළිබඳ සිද්ධිය උඩමය. එහිදී සැරියුත් මහ තෙරණුවන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ ප්‍රකාශ කළහ. …………..” ඇවැත්නි අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතය. මැනවින් අවබෝධ කර ගන්නා ලද්දකි. නෛර්යානිකය, කෙලෙසුන්ගේ සංසිදීම පිණිස පවතින්නකි. (එබැවින්) බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සද්ධර්මය ගායනා කළ යුතුය. විවාද නොකළ යුතුය…….” සැරියුත් තෙරණුවන් විසින් කළ මේ ප්‍රකාශනයෙන් පසුව සියලුම භික්ෂූන් වහන්සේලා එක් වී මලසුනක විසිරී පැවති අංගුත්තර නිකායේ ධර්මය සංග්‍රහ වී ඇති අන්දම මෙහිදීද , සංඛ්‍යා වශයෙන් ධර්මය සංගායනා කර ඇත. එම ස්වරූපය සූත්‍රය සංගීති සූත්‍රය හා දසුන්තර සූත්‍රයෙන් දත හැක. එහි එකේ ගොඩවල්, දෙකේ ගොඩවල් ආදී වශයෙන් සංඛා්‍යාමය දහම් කොටස් එක් රැස් කිරීමක් දක්නට ඇත. එය විශ්ලේෂන ක්‍රමයයි. සැරියුත් මහ තෙරණුවන් ප්‍රකාශ කරන අන්දමට උන්වහන්සේ විසින් මෙහිදී ධර්ම සංගායනා කිරීමක් සිදු කර ඇත. මේ කරුණු විමසීමෙන් පෙනී යන්නේ බුද්ධ කාලයේදීම ධර්මය සංගායනා කිරීමේ ක්‍රමය ආරම්භව පැවැති බවයි.
