1. කවරෙක් අසූචි වලෙන් නැගී බැගෑපත්වම සිටින්නෙහිද, පව්කම් ඇත්තා නිසැකව කවරෙක්දැයි තේරුම් ගන්නේද? කිම,
2,3 (6කථාවේ 2-5 යොදාගතයුතුයි)
4. ඊර්‍ෂ්‍යා සිත් ඇති කුලයා කෙරෙහි මසුරු වූ තද මසුරුසිත් ඇති (සිල්වතුන්ට) පරිභව කරන්නාවූ මාගේ ගෙදර තෘෂ්ණාවෙහි බැඳුනාවූ මාගේ ආවාසයෙහි නිත්‍ය වාසී භික්ෂූවක් විය.
5.මම ඒ මහනගේ කීම අසා (ප්‍රියශීලි) භික්ෂූන්ට නින්දා කළෙමි. ඒ කර්මයාගේ විපාකයෙන් මෙයින් ප්‍රේත ලෝකයට ගියෙමි.
6. තට මිත්‍ර ස්වරූපයෙන් කුඑපග වූ (ක්‍රියාවෙන් ) අමිත්‍රවූ යම් මහණෙක් වීද ඒ දුෂ්ප්‍රාඥයා මරණින් මතු පරලොව කෙබඳු දුගතියකට පැමිණෙයිද ?
7. පවිටු සමාචාර ඇති ඒ ශ්‍රමණ ප්‍රේතයාගේ හිස මුදුනේම මම දැන් සිටිමි. හෙතෙමේ ද ප්‍රේත ලෝකයට පැමිණියේ මාගේම මෙහෙකරුවෙකු විය.
8. ස්වාමී්නි, සෙස්සෝ යම් අසූචියක් හෙලත්ද ඒ අසූචි මාගේ භෝජනය (ආහාරය) වෙයි. මම ද වනාහි යම් අසූචියක් පහරම් ද එය (කෑමෙන්) ඒ ශ්‍රමණ ප්‍රේතයා දිවි පවත්වයි.

Pingback: ත්‍රිපිටකය සිංහලෙන් » Blog Archive » ගූථඛාදිකා ප්‍රේතියගේ කථාව