1. ස්වාමීනි, මද නොවු කුශල විපාකවු මහත්වු ඒ මේ උක් වනය මට පහළ වෙයි. මෙය දැන් මාගේ පරි භෝගයට නොපැමිණෙයි. කුමන අකුහලයක විපාකදැයි කියනු මැනවි.
2. ඒ මම කිසි උක් රසයක් පරිභෝග කිරීමට වෑයම් කෙරෙම්ද ප්‍රයොග කරම්ද වැනසෙමි. මම කපනු ලබමි. දුබල ඇතිව බැගැපත්ව අතිශයින් විලාප කියමි. කෙබඳු අකුහල කර්මයක්හුගේ මේ විපාකයද,
3. ස්වාමිනි, මම නැසුනු ආසා ඇතිව නොහොත් ශක්ති නැතිව බිම වැටෙමි. අව්වෙන් රත්වු මත්ස්‍යයකු මෙන් පෙරළෙමි. අඬන්නාවු මාගේ කඳුඑ ගලා බසිත්.කෙබඳු අකුශල කර්‍මයක්හුගේ මේ විපාකයෙක්දැයි කියව.
4. ස්වාමිනි, ක්‍ෂුධා ඇත්තෙක්ද ක්ලාන්තවූයේද පිපාසා ඇත්තේද (උගුර තොල් තලු) ඉතාමත් වියලුනේ සාතයයි කියන ලද සැපත නොවිඳිමි. කෙසේ නම් උක්රස අනුභවය ලබන්නෙම්දැයිමේ කාරණය ඔබ විචාරමි.
5. තෝ පෙර පූර්‍ව ජන්මයෙහි මනුෂ්‍ය වුයේ තමා අකුශල කර්‍මයක් කෙළෙහිය. මම මේ කාරණය තට කියමි. තෙමේ කාරණය අසා දනුව.
6. තෝ උක් දන්ඩක් කමින් ගියේය. තාගේ පිටිපසින් පුරුෂයෙක්ද ලුහුබැඳ ගියේය. හෙතෙමේද එය පතමින් කථා කළේය. තෝ ඕහට කිසිවක් නොකිවෙහිය.
7. හෙතෙමේද කථා නොකරන්නාවු තා ඇයැදියේය. මහතාණෙනි, උක් දන්ඩක් දෙවයි තට කීයේය. තෝ ඕ හට පිටිපසින් උක් දන්ඩක් දුන්නෙහිය. ඒ කර්මයාගේ මේ විපාකය වෙයි.
8. එබැවින් තෝ පිටුපසින් උක් දඬු ගනුව. ගෙන යැපෙනතාක් කව. එයින්ම තෝ සතුටු සිත් ඇති වන්නෙහිය. සතුටුවූයේද ඔදවැඩියේද ප්‍රමුදිතවූයේද වන්නේය.
9. ඒ ප්‍රෙත තෙම ගොස් පිටිපසින් ගත්තේය. එය ගෙන පමණතෙක් කැවේය. හෙතෙම එයින් සතුටු සිත් ඇති විය. තුටුවූයේද ඔදවැඩියේද ප්‍රමුදිතවූයේද විය.
