1. පූර්ව ජන්මයෙහි කරණලද අකුසල කර්මයන්ගේ විපාකය තෙම (අන්ධ බාලයන්ගේ) සිත මනරම් රූප හේතුවෙන්ද, ශබ්ද හේතුවෙන්ද, රස හේතුවෙන්ද ගන්ධ හේතුවෙන්ද, ස්පර්ෂ හේතුවෙන්ද මැඩලන්නේය.
2. බොහෝවූ නෘත්‍යය ගීතය කාම රතිය හා මිතුාදීන් හා ක්‍රීඩාව උයනෙහි විඳ රජගහ නුවරට පිවිසෙන්නේය.
3. මහර්ෂී වූ දැමුණු සිත් ඇති අර්හත්ඵල සමාදියෙන් සන්හුන් වූ ආසා ඇත්තාවූ ලජ්ජා සහිත වූ පාත්‍රයට ගත් ආහාරයෙහි සතුටුවූ සුනෙත්ත නම් පසේ බුදුන් දුටුවේය.
4. රාජ පුත්‍රතෙම ඇතුපිටින් බැස ස්වාමිණි, භික්ෂාව ලබන ලදදැයි ඇසීය. උන්වහන්සේගේ පාත්‍රය ගෙන ඉතා උස්කොට ඔසවා,
5. තද භූමිප්‍රදේශයක පාත්‍රය (දමා) බිඳ සිනාසෙමින් මඳක් ඉවත්ව සිටියේය. මහණ මම කිතව රජුගේ් පුත්‍රයා වෙමි.මට කුමක් කරන්නෙහිද?
6. දරුණු වූ ඒ අකුශල කර්මයාගේ විපාකය කටුක විය. කරණ ලද දරුණු පව් ඇති රාජ පුත්‍ර තෙම නරකයෙහි පිහිටියේ යම් විපාකයක් විඳීද ?
7. සූවාසු දහස් සයක්ම එහෙයින්ම නහුත ගණන් හවුරුදු නරකයෙහි ඉතාමත් දුකට පැමිණියේය.
8. අඥාන (රාජ පුත්‍ර) යා උඩුකුරුව වම් ඇලයෙන් හා දකුණු ඇලයෙන් යුක්තවද , උඩුකුරු පා ඇතිවද සිටියේ ද බොහෝ කලක් මුලුල්ලෙහි නිරයෙහි පැසුණේය.
9. කරණ ලද දරුණු පව් ඇත්තේ නොයෙක් හවුරුදු දහස් ගණන් මුඑල්ලෙහිද, හවුරුදු සමූහයක් මුඑල්ලෙහිද, නහුත ගණන් මුඑල්ලෙහිද, ඉතාමත් දුකට පැමිණියේය.
10. අපරාධීන් කෙරෙහි මෙත් සිතැති මනා පැවතුම් ඇති ඎෂීහු වෙත වරදවා පව්කම් කරණ පුද්ගලයෝ මෙබඳු වූම ඉතා දුක් ඇතිව පැසෙත්.
11. ඒ රාජ පුත්‍රයා ඒ නරකයෙහි අවුරුදු ගණනක් මුඑල්ලෙහි බොහෝ දුක් විඳ එයින් චුතවූයේ සා පිපාසායෙන් මැඩුනාවූම ප්‍රෙතයෙක් විය.
12. යමෙක් මෙසේ ඉසුරුමදයෙන් වූ, දෝෂය දැක ඉසුරුමදය හැරපියා යටත් පැවැත්මට අනුව ජීවත්වේද, බුදුන් කෙරෙහි ගෞරව සහිත වේද, නුවණැති හෙතෙම මේ ආත්මයෙහිදීම පැසසිය යුතුවේ.මරණින් මතු දෙව්ලොවට පැමිණෙයි.
13. මෙසේ භාග්‍යවතුන්වහන්සේ රාජපුත්‍ර ප්‍රේතකථා වස්තුවෙන් එතැන්හි රැස්වූ මහජනයාට සංවේග උපදවා පසුව චතුස්සත්‍ය ධර්මය දේශනා කළ සේක.දෙසුන් කෙළවර බොහෝ ජනයා සෝවාන් ඵලාදියට පැමිණියාහ.
