1. ඉතා පවිටු ස්වභාව ඇති දන් නොදෙන සුඑ රෙවතිය, යම්හෙයකින් තිට නිරයට යාම පිණිස දොර නොවසන ලදද එහෙයින් හුන් තැනින් වහා නැගි සිටුව දුකට පැමිණෙව නිරා දුකින් සමවෙහි නිරි සත්තු යම් නිරයක කෑගසත්ද එහි ති පමුණුවන්නෙමු නොහොත් දමන්නෙමු.
2. මෙසේත් කියා ලේ වන් ඇස් ඇති මහත්වු යම දූතයන් සමාන ඒ යක්‍ෂයෝ දෙදෙන වෙන වෙනම අත් අල්වා ගෙන දිව්‍ය සමූහයා වෙත රේවතිය පැමිණවූහ.
3. සිත් කඑ වුද දහසක් රැසින් දිළිසෙන හිරු විමනක් බඳු රන් දැල් වසා සිටි යහපත් හිරු මඬලක් සේ බබළන බොහෝ දෙවඟනන් ගෙන් ගැවසි ගත් අර විමන කාගේද?
4. සඳුන් සුවඳ විලවුන් ගල්වන ලද සිරුරු ඇති දෙවඟනෝ විමන (ඇතුලත පිටත) දෙපසින් හොබවත් ඒ විමන හිරු මඬලක් සේ පෙනෙයි. දෙව්ලොවට පැමිණි කවරෙක් (මේ) විමනෙහි සතුටු වේද?
5. බරණැස් නුවර මසුරු නොව දානපතිව දන් දුන්නාවු බුද්Ȁdධාදී තුරුනුවන්හී පහන් සිතැති නන්‍දිය නම් උවසුවෙක් විය. ඕ හට (දහසක් රැසින් දිලිසෙන) හිරු මඬලක් සේ බබළන දිව්‍යාංගනා සමූහයෙන් ගැවසිගත් මේ විමන (පහල විය).
6. සඳුන් සුවඳ විලවුන් ගල්වන ලද සිරුර ඇති දිව්‍යාංගනා සමූහයා විමන් දෙපස හොබවත්. එය හිරු මඬලක් සේ පෙනේ. ඒ නදිය තෙම දෙව්ලොවට පැමිණියේ විමනෙහි සතුටු වෙයි.
7. මම ඒ නන්‍දියාගේ බිරින්ද වීමි. ගෙයි සිටියාවීමි. ඔහුගේ සියලු වස්තුවට ස්වාමී දුවක් වීමි. දැනුදු ස්වාමියාගේ විමනෙහි සිත් අලවමි. (ඒ) නරකය දැකීමටවත් නොපතමි.
8. ඉතා ලාමක ස්වභාවය ඇති රේවතිය මේ තිගේ නිරයයි. තී විසින් මිනිස් ලොවදී පින්කම් නොකරන ලද්දෙය. ති වැනි මසුරු මලයෙන් යුත් අනුන්ට ක්‍රොධ අපදවන ලාමක ස්වභාව ඇත්තේ දෙවියන්ගේ සහභාවය නොලබයි.
9. මලමූත්‍රවලින් හා මහත් පණුවන්ගෙන් ගැවසීගත් ඳුගඳ හමන මේ අසූචි වැළකීම දක්නා ලැබේද මෙසේ දුගඳ හමන අශූචි වළ කුමක්ද?
10. මේ සංසවක නම් නරකය වෙයි. සියක් පුරුෂ ප්‍රමාන ගැඹුරුය. යම් නරකයක අවුරුදු දහසක් ආයුෂ නම් එහි රේවතිය (නුඹ) පැසෙන්නේය.
11. කයින් හා වචනයෙන්ද, මනසින්ද කිනම් අකුශලයක් මවිසින් තරන ලද්දේද, සියක් පුරුෂ ප්‍රමාණවු සංසවක නම් අශූචි නරකය කවර අකුශලයක් හේතුකොට ගෙන මවිසින් ලබන ලද්දේද,
12. මහණුන්ද, බමුණන්ද, අන් යදියන්ද මුසාවාදයෙන් වංචා කෙළෙහිය. පාපය තා විසින් කරණ ලදී.
13. රේවතිය, ඒ අකුශල හේතුවෙන් සත් පුරුෂ පුමාණ ගැඹුරුවු සංසවක නම් ගූථ නිරය (තී විසින් ) ලබන ලදී. තී එහි අවුරුදු දාහක් පැසෙන්නෙහිය.
14. (තිගේ්) අත්ද කපත්, පාද කපත්, කන්ද කපත්, නාසයද කපත්, තවත් කවුඩු රැළ එක් රැස්ව පෙරළෙමින් කති.
15. සත්‍වයෝ යම් කුශලයක් කොට සුවපත් වෙත්ද පසුතැවිලි නොවෙත්ද, එබඳු දන් දීමෙන් ද සම හැසිරීමෙන්ද හික්මිමෙන්ද, ඉන්‍ද්‍රිය දමනයෙන්ද බොහෝ කුසල් කරන්නෙමි. මා (මිනිස් ලොවට) පමුණුවන්නාහු නම් මැනවි.
16. තී පෙර (කුසල් නොකොට) ප්‍රමාදව දැන් )කුමක් පිණිස) හඬයිද තමන් කළ අකුශල කර්‍මවිපාකය (තීම) විඳින්නෙහිය.
17. මෙසේ මා විසින් විචාරන ලද්දාවු කවරෙක් දෙව් ලොවින් මිනිස් ලොවට ගොස් බහා තබන ලද දඬු ඇති ගුණවතුන් කෙරෙහි දන්දෙව, වසුත්‍ර සෙනසුන් ආහාර පාන වර්‍ග දන් දෙවයි කියන්නේද, (තී වැනි) මසුරු ස්වභාව ඇති අනුන්ට ෙවෂ කරණසුලු ලාමක ස්වභාව ඇති පුද්ගලයා දෙවියන් ගේ සහභාවය නොලබා යයි කියන්නේද?
18. ඒ මම මෙතනින් මිදී ගොස් මිනිසත් බව ලබාගෙන යදියන් බස් දන්නා සුලුව සීලයෙන් යුක්තව දන්දීමෙන්ද මනා පැවැත්මෙන්ද සීල සංයමයෙන් හා ඉන්‍ද්‍රිය දමනයෙන්ද යුක්තව ඒ කාන්තයෙන් බොහෝ පින් කරන්නෙමි.
19. පුෂ්පාරාම ඵලාරාමයන් රොපනය කරන්නෙමි. යා නොහැකි තන්හි ඒ දඬු පාලම් දමන්නෙමි. පිරිසිදු සිතින් ළිං පැන් පොකුණු ආදිය කරවන්නෙමි.
20. පක්‍ෂය සම්බන්‍ධ යම් අටවකක් වීනම් එදා ද තුදුස් වකද පසළොස්වකද වස් කාලයෙහිද අෂ්ටාංගයෙන් යුක්ත
21. උපොසථ සිලය සමාදන් වන්නෙමි. නිත්‍ය පංචශීලයෙහි හික්මෙන්නෙමි. (පිහිටන්නෙමි) මා විසින් මේ අපා දුක තමන්ම දක්නා ලදී. දන්දීමෙහි පහ නොවන්නෙමි.
22. මෙසේ ඔබමොබ පෙරළෙමින් විලාප කියමින් හඬන රේවතිය පා උඩුකුරුව හිස යටිකුරුව සිටින සේ සංසවක නම් ගූථ නරකයෙහි හෙලූහ.
23. මම පෙර (මිනිස් ලොවදී) තද මසුරු තැනැත්තියක්ද මහණ බමුණන්ට පරිභව කරන්නියක්ද විමි. බොරුවෙන් හිමියා වඤචාකොට (දැන්) මම දරුණු ස්වභාව ඇති සංසවක නම් ගූථ නරකයෙහි පැසෙමි.