1. ලොහො කුඹු නිරයෙහි පැසෙන්නාවූ අපට සැට දහසක් අවුරුදු සැම ලෙසින් පිරුණාහුය. කවර කලෙක කෙළවර වන්නේද?
2. නිදුකාණෙනි , මාගේද, තාගේද (දුක් විඳීමේ කෙළවරක්) නැත්තේය. අවසනක් කොයින්ද කෙළවර දක්නා නොලැබේ එපරිද්දෙන්ම පව්කම් ( මා හා තා විසිනුත්) කරණ ලදී.
3. යම් බඳු අපි (දාන වස්තු) ඇති කල්හි කිසිවක් නොදුනිමු.ගර්හිත ජීවිතයක් ඇතිව ජීවත් වීමු.දාන වස්තු ඇති කල්හි තමහට පිහිටක් (අපි) නොකෙළෙමු.
4. ඒ එසේමැයි. ඒ මම මෙයින් සැවගොස් මිනිසත් බව ලැබ පරිත්‍යාගශීලීව නොයෙක් යාචකයන්ගේ වදන් දක්නා සුඑව සිල්වත්ව ඒකාන්තයෙන් බොහෝ කුසල් කරන්නෙමි.