1. කමම සූත්‍රය

1. කමම සූත්‍රය.

 

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

 

2. ,මහණෙනි, අළුත්වූද, පැරණිවූද කර්‍මයන්ද කර්‍මයන්ගේ නිරෝධයද කර්‍මයන් නිරුද්ධ කිරීම පිණිස පිළිපදින්නාවූ මාර්‍ගයද දේශනා කරමි. එය අසව්. මහණෙනි, පුරාණවූ කර්‍මය කවරේද?

 

3. ,මහණෙනි, ඇස පුරාණ කර්‍මයයි. ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලදැයිද චේතනාවෙන් පිළියෙල කරන ලදැයිද වේදනාවට වස්තුයයිද දැකිය යුතුය.

,කණ පුරාණ කර්‍මයයි. ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලදැයිද චේතනාවෙන් පිළියෙල කරන ලදැයිද වේදනාවට වස්තුයයිද දැකිය යුතුය.

,නාසය පුරාණ කර්‍මයයි. ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලදැයිද චේතනාවෙන් පිළියෙල කරන ලදැයිද වේදනාවට වස්තුයයිද දැකිය යුතුය.

,දිව පුරාණ කර්‍මයයි. ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලදැයිද චේතනාවෙන් පිළියෙල කරන ලදැයිද වේදනාවට වස්තුයයිද දැකිය යුතුය.

,කය පුරාණ කර්‍මයයි. ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලදැයිද චේතනාවෙන් පිළියෙල කරන ලදැයිද වේදනාවට වස්තුයයිද දැකිය යුතුය.

,ඇස පුරාණ කර්‍මය නිසා හටගත් බැවින් ඵලයෙන් හේතුව දක්වා වදාළ තැනකි.

,සිත පුරාණ කර්‍මයයි. ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලදැයිද චේතනාවෙන් පිළියෙල කරන ලදැයිද වේදනාවට වස්තුයයිද දැකිය යුතුය. , මහණෙනි, මෙය පුරාණ කර්‍මයයි කියනු ලැබේ.

 

4. ,මහණෙනි, අළුත්වූ කර්‍මය නම් කවරේද? මහණෙනි, මේ කාලයෙහි කයින් වචනයෙන් සිතින් යම් කර්‍මයක් කෙරේද, මහණෙනි, මෙය අළුත්වූ කර්‍මයයි කියනු ලැබේ.

 

5. ,මහණෙනි, කර්‍ම නිරෝධය කවරේද? මහණෙනි, යමෙක් වනාහි කාය කර්‍මය, වාග් කර්‍මය, මනො කර්‍මය නිරුඬ කිරීමෙන් විමුක්තිය (නිවන) ස්පර්ශ කෙරේද, මහණෙනි, මෙය කර්‍ම නිරෝධයයි කියනු ලැබේ.

 

6., මහණෙනි, කර්ම නිරුඬ කිරීම පිණිස පිළිපදින්නාවූ ප්‍රතිපදාව කවරේද? මේ ආය්‍ර්‍ය අෂ්ටාංගික මාර්ගයම වේ. එනම් සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය, (යන මේය) මහණෙනි, මෙය කර්‍මයන් නිරුඬ කිරීම පිණිස පිළිපදින්නාවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.

 

7. ,මහණෙනි, මෙසේ වනාහි තොපට මා විසින් පුරාණවූ කර්‍මය දේශනා කරණ ලදී. අළුත්වූ කර්‍මය දේශනා කරණ ලදී. කර්‍ම නිරෝධය දේශනා කරණ ලදී. කර්‍ම නිරෝධය පිණිස පිළිපදින ප්‍රතිපදාව දේශනා කරණ ලදී. මහණෙනි, හිතවැඩ කැමැත්තාවූ අනුකම්පා ඇත්තාවූ ශාස්තෲවරයෙකු විසින් අනුකම්පා පිණිස ශ්‍රාවක වූ තොපට යමක් කටයුතුද, මා විසින් තොපට එය කරණ ලදී. මහණෙනි, මේ වෘක්‍ෂ මූලයෝ වෙත්. මේ ශුන්‍යාගාර වෙත්. මහණෙනි, භාවනා කරව්. ප්‍රමාද නොවව්. පසුව පසුතැවිලි වන්නෝ නොවව්. මෙය තොපට අපගේ අනුශාසනාව වේයයි, වදාළේය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>