1. වැදැ රජුන්ගේ වෙසාලී නම්වු නුවරක් ඇත්තේය. එහි අම්බසක්ඛර නම්වු ලිච්ඡවී රජෙක් විය. ප්‍රේතයෙක් කී කාරනය දැනගනු කැමැත්තේ නුවරින් පිටත සිටි ප්‍රෙතයකු දැක එතනදීම ඔහු විචාළේය.
2. මොහුට නිදීමක්ද හිඳීමක්ද නැත. ඉදිරි ගමනක් හෝ පසු ගමනක් හෝ නැත. ආහාරයක්ද පීමක්ද කඩා කෑමක්ද, වස්ත්‍ර පරිභෝගයක්ද ඉඳුරන් හැසිරවීමේ ආශාවක්ද නැත.
3. මොහුට පෙර අනුකම්පා ඇත්තාවු යම් ඤතීහුද දැක ඇසූ යම් මිත්‍රයෝත් වූවාහුද ඔව්හු තුමූ දැන් ඔහු දක්නට වත් නොලබත්. ඒ ජනයා විසින් හැර දමනලද ආත්මභාව ඇත්තේය.
4. මළ අයට මිත්‍රයෝ නොවෙත්. මිත්‍රයෝ වස්තු විනාශයට පත් පුරුෂයා අත්හැර දමත්. ධනය දැක මිත්‍රයෝ පිරිවරත්. සම්පත් ඇත්තාහට බොහෝවූම මිත්‍රයෝ වෙත්.
5. සියලු අපභොග පරිභොග වස්තුවෙන් පිරිහුනු ස්වභාව ඇති දුක්පත්වු ලෙයින් වැකුණ ශරීරය ඇත්තාවු ඇතුළත පැලුන ශරීර ඇත්තේ තණ අග රැඳුනාවු පිණිබිඳ මෙන් අද හෝ හෙට හෝ ජිවිතයාගේ නිරුද්Ȁධය වෙයි.
6. පින්වත් යක්‍ෂය, මෙබඳුමවු ඉතාමත් දුකට පත්වු කොසඹ හුලෙහි නංවන ලද්දහුට යලි පින්වත ජිවත්වෙව, ජීවිතයම ශ්‍රෙෂ්ඨයයි කවරකරුණකින් නුඹ කියන්නෙහිද?
7. පින්වත් රජ මේ පුරුෂතෙම මගේ සහලේ නැයෙක් විය. මම පූර්‍ව ජාතිය සිහි කරමි දැකම ලාමක ස්වභාව ඇති මේ පුරුෂතෙම නරකයෙහි නොවැටේවායි මට කරුණා සිතක් විය.
8. පින්වත් ලිච්ඡවී රජ නැමති පව් කම් කලාවු මේ පුරුෂතෙම මෙයින් චුතව ජනයන්ගෙන් උත්සන්නවු දරුණු ස්වභාව ඇති මහත් දුක් ඇති මහත් සන්තාප ඇති කටුකවු බිය උපදවන්නාවු මහා නරකයෙහි උපදී.
9. මේතෙම ඒකාන්තයෙන්ම දුක්වු අයහපත්වු භයජනකවු ඒකාන්තයෙන්ම තියුණු දුක් ඇති මහා නරකයෙහි නොවැටේවා. ඒ මහා නිරයට වඩා මේ හුලම නොයෙක් කොටස්වු අනුසසින් උතුම් වෙයි.
10. මේතෙම මාගේ මේ වචනය අසා නිරා දුකට පමුණුවන ලද්දෙකු සේ ප්‍රණය හැර ලන්නේය. එහෙයින් ජීවිතයාගේ නිරෝධය මා විසින් කරණ ලද්දේ නොවේවායි මම ඔහු සමීපයෙහිදී නොකියමි.
11. පුරුෂයා පිළිබඳ මේ කාරණය මා විසින් දැනගන්නා ලදී. ඉදින් තෝ අපට අවකාශ දෙන්නෙහි නම් අනිකක්ද විචාරන්ට කැමැත්තෙමු. එයත් විචාරමි. අපට නොකිපිය යුතුයි
12. එහිදී ඒකාන්තයෙන් මාගේ ප්‍රතිඥව විය. අප්‍රසන්නයාහට නොකීම වෙයි. අකමැත්තෙන් ඇදහිය යුතු වචන ඇත්තෙකැයි කියා කැමති පරිද්දෙන් මා විචාරව. යම්සේ ඉවසිය හැකිනම් කියමි.
13. යක්‍ෂය, මම යම් කිසිවක් ඇසින් දක්නෙම්ද, මම ඒ සියල්ල එසේම අදහන්නෙමි. එය දැක ඉදින් නොම අදහන්නෙම් නම් මට නිග්‍රහ කරව.
14. යුෂ්මතාගේ මේ ප්‍රතිඥාතොමෝ මට සැබෑවේවා දැනගනු කැමැත්තේ කෝපවු සිත් නැත්තේ මවිසින් කියනු ලබන ධර්මය අසා යහපත් ප්‍රසාදය ලබව, නුඹ විසින් අසන ලද්දාවු යම් ධර්මයක් වේද යම්සේ අන්‍යයාත් දන්නේවේද, යම්සේ මා විසින් දන්නා ලදද සියල්ල මම කියන්නෙමි.
15. අලංකෘතවු ශෙවත වර්‍ණවු අශ්ව යානාවකින් හුල උන්නහුගේ හමුවට පැමිණෙහිය. මේ යහන අද්භූතය දැකුම් කඑය. මේ කිනම් කර්මයක්හුගේ විපාකය වේද?
16. වේසාලී නම් ඒ නගරයාගේ මැද මඩයුත් මාර්‍ගයෙහි වළක් විය. මම පහන් සිත් ඇතිව සුදුවු එක් ගව හිසක් ගෙන මඩ වලෙහි බහාලීමි.
17. මේ මත්තෙහි අපිද සෙස්සෝද පාදයන් තබා ගමන් කළෙමු. මේ යහන අද්භූතය දැකුම් කඑය. ඒ කර්මයාගේ මේ විපාකය වෙයි.
18. යක්‍ෂය, තොපගේ ශරීර වර්ණ සියඑ දිසාවන් බබුඑවයි. යුෂ්මතාගේ ශරීර ගන්‍ධයද සියලු දිග හමයි. සෘද්Ȁධියට පැමිණියේ මහත් ආනුභාව ඇත්තෙහිය. යලි නග්නයෙක් වෙහිය. කවර කර්‍මයක්හුගේ මේ විපාකයවේද?
19. ක්‍රොධ නැත්තාවු නිති පහන් සිත් ඇතිව සිලුටු වචනයෙන් ජනයා කථා කරමි. ඒ කුශලකර්මයාගේම මේ විපාකය වෙයි. මාගේ දිව්‍යමයවු ශරීර වර්‍ණය නිතර බබළයි.
20. පැහැදුනු සිත් ඇති මම ධර්‍මයෙහි සිටියවුන්ගේ ඓශ්චය්‍ර්‍යයද ගුණකීර්තියද දැක, ගුණකීර්‍තනයද කරමි. ඒ කුශල කර්මයාගේම මේ විපාකය වෙයි. මාගේ දිව්‍යමයවු හරීර ගන්‍ධය නිතර හමයි.
21. ක්‍රීඩාව ප්‍රයෝජනකොට ඇත්තේ සිනා අදහස් ඇතිව දුෂ්ට සිත් නැතිව තොටෙහි ජලස්නානය කරන්නාවු යහඑවන්ගේ ගොඩ තිබුණු වස්ත්‍රයක් ගෙන සැඟවීමි. ඒ හේතුවෙන් නග්නවුයෙමි දුක් පැමිනීමද ඇතිවිය.
22. යමෙක්තෙම ක්‍රීඩා අදහස් ඇතිව පවක් කෙරේද ඕහට මෙබඳුවු කර්‍ම විපාකයක් කියත්. යමෙක් වනාහි ක්‍රීඩා අදහස් නැතිව ලොභාදියෙන් දූෂිතවු සිත් ඇතිව පව් කෙරේද ඒ අකුශල කර්‍මයාගේ කොපමණ විපාකයක් කියත්ද?
23. යම් මනුෂ්‍යයෝ දූෂිත මනෝ විතර්‍ක ඇත්තාහු කයින්ද, වචනයෙන්ද කිලුටුවූවෝ වෙත්ද, ඔවුහු තුමූ ශරීරයාගේ බිඳීමෙන් පරලොවදි නිසැකව නරකයට පැමිණෙත්.
24. සමහරු වනාහි සුගතිය බලාපොරොත්තු වෙමින් දන්දිමෙහි ඇලුනෝ පිළිකුල් වශයෙන් සලකන ආත්ම භව ඇත්තාහුද, ඔවුහු තුමු කය බිඳීමෙන් පරලොවදී නිසැකව සුගතියට පැමිණෙත්.
25. කුශලාකුශල කර්මයාගේ මේ විපාකය කියන ලදී. ඒ කොයිප්‍රකාරදැයි කියා මම දැන අදහන්නෙම්ද මම කෙබන්ඳෙක් වනාහි දැක අදහන්නෙම්ද, නැවත කවර පණ්ඩිතයෙක් මට මේ කරුණ විශ්වාස කරවන්නේද?
26. කුශලාකූශල කර්මයන්ගේ මේ විපාකයයි දැකද ධර්මප්‍රසාද අදහාගණුව කුශලාකුශල යන දෙවැදැරුම් කර්‍මය අවිද්‍යමාන කල්හී සත්‍වයෝ සුගතියට ගියෝ හෝ වෙතැයියන කරුණ කෙසේ වන්නේද?
27. මේ මිනිස් ලොවද මනුෂ්‍යයෝ කුහලාකුශල කර්මයන් නොකරන්නාහු නම් සුගතියට ගියාවුහෝ දුගතියට ගියාවුහෝ සත්‍වයෝ නොවන්නාහ. මිනිස් ලොව හින ප්‍රණීතයෝත් නොවන්නාහ.
28. යම්හෙයකිනුත් මිනිස් ලොවදී මනුෂ්‍යයෝ කුශලාකුශල කර්මයන් කෙරෙත්ද, එහෙයින් සුගතියට ගියාවු හෝ දුගතියට ගියාවු හෝ මිනිස් ලොව හීන ප්‍රණීත බවද වන්නේය.
29. සැපයාගේද දුඛයාගේද මිදිමට සුදුසුවු කර්මයන්ගේ දෙවැදෑරුම් විපාකය දැන් කියත්. ඒ දෙවියෝ ඉඳුරන් හසුරුවත්, අඥණයෝ ඒ දෙක නොදක්නාහු නිරයාදී දුකට පැමිණෙත්.
30. තමා විසින් පෙර කරණ ලද්දාවු කුශල කර්මයෝ මට නැත්තාහුද, යලි වස්ත්‍රද සෙනසුන්ද ආහාරපානදදී පින් ලබන්නේද, එබන්දෙකුත් මට නැත්ද, ඒ හේතුවෙන් නග්නවුයේ වෙමි. දුක් පැවතුම්ද ඇත්තේවිය.
31. ප්‍රෙතය, යම් කරුණකින් හෝ වස්ත්‍ර ලබන්නෙහිද කිසිකරුණක් වන්නේද, ඉදින් කාරණයක් ඇත්නම් ඇදහිය යුතුවු මෙය මට කියව හෙතු සහිත වචනය අසමි.
32. මේ සමිපයෙහි ධ්‍යන කරණසුඑ සිල්වත් අර්‍හත්වු ක්ලෙශයන්ගෙන් මිදුනාවු ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්තවු රක්‍ෂා කරණලද ප්‍රාතිමොක්‍ෂ සංවර ශිලය ඇති සිහිල්වු අග්‍රඵලයට පැමිනියාවු කප්පින නම්වු භික්‍ෂු නමක් ඇත.
33. මෘදුවු දාන ශීලීවු යහපත් වචන ඇත්තාවු යහපත් මුහුණ ඇති මනාව දත් ආගම ධර්‍මය ඇති පමණ දැන කථා කැන්නාවු පින්කෙත්වු මෛත්‍රී විහරණ ඇති දෙව්මිනිසුන්ට දක්‍ෂිණාර්‍හවු කප්පිනක නම් භික්‍ෂු නමක් ඇත.
34. සන්සුන් කෙලෙස් ඇති පහවු මිත්‍ථ්‍යා විතර්‍ක දුම් ඇති නිදුක්වු ආශා රහිතවු සර්‍වභාවයෙන් මිදුනාවු පහකරණ ලද රාගාදී හුල් ඇති අහංකාරය රහිතවු අවංක වූ කෙලෙස් නැත්තාවු ක්‍ෂය කරණලද සියලු ප්‍රපඤ්ච ඇති ත්‍රිවිද්‍යාවට පැමිණියාවු ඤණයෙන් දීප්තිමත් වු කප්පිනක නම් භික්‍ෂු නමක් ඇත.
35. ප්‍රකටනොවු දැකද සුවසේ නොදතහැක්කාවු කප්පිනක නම්වු භික්‍ෂුනමක් ඇත. වජ්ජින් අතර උන්වහන්සේට දන්නෙකැයි ව්‍යවහාර කරත්. ලොකයෙහි යක්‍ෂ බූතයොද තෘෂ්නා රහිතවු සුන්දර ශීලාදී ගුණවත්වු ඒ භික්‍ෂුව දනිත් ගුණකියා හැසිරෙත්.
36. තෝ උන්වහන්සේට එක වස්ත්‍ර යුග්මයක් හෝ වස්ත්‍ර යුග්ම දෙකක්හෝ මා උදෙසා ඉදින් දෙන්නෙහි නම් ඒ වස්ත්‍රයෝ පිළිගන්නාලද්දෝ වන්නාහු නම් වස්ත්‍රයෙන් කළ සැට්ට ඇති හැඳ පෙරවු වස්ත්‍ර ඇති මාද දන්නෙහිය.
37. කවර පෙදෙසක වසන්නාවු ශ්‍රමණයන් වහන්සේ අපි දැන් ගොස් දක්නෙමුද ? ඒ කවරෙක් තෙම අද සැකයද ඒ විචිකිත්සාවද දෘෂ්ටි නමැති කටුද, පහරකන්නේද?
38. කපිනච්චනා ප්‍රදෙශයෙහි හුන්නාවු සත්‍ය නාම ඇති ආශ්චය්‍ර්‍යවු ස්වකීය කෘත්‍යයෙහි අප්‍රමත්තවු මේ කප්පිනක භික්‍ෂුතෙම බොහෝ දෙවියන් විසින් පිරිවරණ ලදුව දැහැමි කථා දැන් කියයි.
39. මම එසේ කරන්නෙමි. දැන් ශ්‍රමනයන් වෙත ගොස් වස්ත්‍ර යුග්මයකින් හන්දවන්නෙමි. ඒ වස්ත්‍රයෝ පිළිගන්නා ලද්දෝ වන්නාහු නම් වස්ත්‍රයෙන් සැරසුනාවු නුඹද දක්නෙමු.
40. පින්වත් ලිච්ඡවී රජ නොකල්හි පැවිද්දෙකු වෙත නොපැමිණේවායි ආයාචනා කරමි. යුෂ්මතුන්ගේ මේ ධර්‍මය නොවේ. එහෙයින්ම සුදුසු කල්හි ඒ තන්හිම රහසිවහුන් භක්‍ෂුව බලව.
41. ඒ ලිච්ඡවි රජතෙම එස්යයි කියා දාස සමුහයා විසින් පිරිවරණ ලදුව එහි ගියේය. ඒ නුවරට පැමිණ සිය නිවසෙහි විසීමට පැමිණියේය.
42. ලිච්ඡවී රජතෙම ඉක්බිති සුදුසු කාලයෙහි ගෘහ කත්‍යයන්කොට ජලස්නානයකොට කා බී යහපත් කාලය ලැබ පරීක්‍ෂාකොට පෙට්ටියෙන් වස්ත්‍ර යුග්ම අටක් ගෙන්වීය.
43. ඒ රජතෙම ඒ පෙදෙසට පැමිණ සන්හුන් සිත් ඇති පිණඩපාතයෙන් පෙරලා වැඩමවු නැවතුනාවු සිහිල්වු රුක් මුල වැඩහුන්නාවු ඒ ශ්‍රමණයන් වහන්සේ දුටුවේය.
44. ඔහු වෙත පැමිණ නිරෝගිබවද පහසු විහරණයද විචාළේය. ස්වාමීනි, මම විශාලාමහනුවර ලිච්ඡවි රජවෙමි. අම්බසක්ඛර නම් වු ලිච්ඡවි රජයයි මා දනීත් යයිකීයේය.
45. ස්වාමීනි, මාගේ යහපත්වු මේ වස්ත්‍ර යුග්ම අට පිළිගනු මැනව එබ වහන්සේට දෙමි. යම්සේ මම සතුටු සිත් ඇතිවන්නෙම්ද, ඒ කරුණෙන්ම මෙතනට පැමිණියෙමි.
46. ශ්‍රමණයෝද බ්‍රාහ්මනයෝද යුෂ්මතාගේ නිවස දුරින්ම දුරුකරත්. නුඹගේ ගාහ සමීපයේදී පාත්‍රයන් බිඳිත්. නැවත සඟල සිවුරුද ඉරා දමත්.
47. නැවත පා නැමැති කෙටේරි වලින් සමහර ශ්‍රමණයන් හිස යටිකුරුව හෙලත්. තා විසින් කරණලද මෙබඳුවු වෙහෙසට පැවිදිවු ශ්‍රමණයෝ පැමිණෙත්.
48. තෝ තණ අගින් තෙල් බිඳක් වත් නුදුන්නෙහිය මුළාවුවහුට මාර්‍ගයවත් නොකියෙහිය. අන්‍ධයාගේ දණ්ඩතෙම හැරගත්තෙහිය, මෙබඳුවු තද මසුරුවු නොහික්මුනාවු තෝ නැවත කවර ගුණයකින් කුමක් දැක අප සමග සංවිභාග කෙරෙහිද?
49. ස්වාමීනි, නුඹ වහන්සේ යමක් කියන සේක්ද, එය මම පිළිගනිමි. ක්‍රීඩා අදහස් ඇතිව දූෂිතවු සිත් නැතිව ශ්‍රමණයන්ටද බමුණන්ටද වෙහෙස කෙළෙමි. ස්වාමීනි, මෙයද මාහට පව්ද වෙයි.
50. ක්‍රීඩා සිතින් පව්කම් රැස්කොට ප්‍රෙතයෙක් තෙම අසම්පූර්ණ භොග ඇති යෞවනයෙන් යුක්තවු තරුණයෙක් වූයේ නග්න භාවයට හිමිවි, දුක්විඳියි ඊට වඩා අතිශයින් දුකක් මොහුට කෙසේ නම් වේද?
51. ස්වාමීනි, ඔහු දැක සංවේග වීමි. ඒ හේතුවෙන් මම නුඹ වහන්සේට වස්ත්‍ර දානය දෙමි. ස්වාමීනි වස්ත්‍ර යුග්ම අට පිළිගනු මැනව. මේ පින් ප්‍රෙතයාට පැමිණෙත්වා
52. දන්දීම නොයෙක් ප්‍රකාරයෙන් ඒ කාන්තයෙන් පසස්නාලදී. දෙන්නාවුද නුඹට ක්‍ෂය නොවන ස්වභාව ඇති වේවා. නුඹගේ වස්ත්‍ර යුග්ම අට පිළිගනිමි. ප්‍රෙතයාට මේ දක්‍ෂිනාවෝ පැමිණෙත්වා!
53. ඒ ලිච්ඡවි රජ තෙමේ ඉන්පසු මුව සෝදාගෙන තෙරණුවන්ට වස්ත්‍ර යුග්ම අටදී ඒ වස්ත්‍රයෝද පිළිගන්නා ලද්දෝද වෙත්වා, වස්ත්‍රයෙන් සැරසුනාවු ප්‍රෙතයාද දකීවා!
54. සඳුන් සුනු ගල්වන ලද්දාවු ආජානෙය අසුපිටට නැංගාවු උතුම් රූ ඇති මනාකොට හැඳගත් වස්ත්‍ර ඇතිව සැරසුනවු ජනයා විසින් පිරිවරණ ලද්දාවු මහත් යක්‍ෂ සෘද්Ȁධියෙන් පැමිණියාවු ඔහු දුටුවේය.
55. ඒ ලිච්ඡවි රජතෙම ඔහු දැක සතුටු සිත් ඇතිව ඔද වැඩි සිත් ඇතිව තුටු පහටු සිත් ඇතිව අතිශය භාග්‍යසම්පන්න ශරීර ඇතිව සංදෘෂ්ටිකවු කර්‍මයද මහත් කර්‍මවිපාකයද සියැසින් ප්‍රත්‍යක්‍ෂ කොට දැක.
56. එහු වෙත පැමිණ මෙය කීයේය මහණ බමුණන්ට දානය දෙන්නෙමි. මාගේ දන් නොදිය යුතුවු කිසි වස්තුවක් නැත්තේය. යක්‍ෂය තෝද මට බොහෝ උපකාරවු යෙහිය.
57. ලිච්ඡවිය, නුඹද මට එක් කොටසක්වු වස්ත්‍ර දානය දුන්නේය. මේ දානය හිස් නොවෙයි අමනුෂ්‍යවු ඒ මම මනුෂ්‍යවු නුඹ සමගම සාක්‍ෂි කරන්නෙමි.
58. යක්‍ෂය, මට යහපත් ගති ඇත්තෙක්ද නෑයෙක්ද පිහිටක්ද මිත්‍රයෙක්ද වෙහිය. නැවත දෙවියෙක්ද වෙහිය. මම ඇඳිලි බැඳ යාච්ඤා කරමි. නුඹ නැවතත් දැකීමට කැමැත්තෙමි.
59. ඉදින් තෝ අශ්‍රද්Ȁධාවත් වන්නෙහිනම් තද මසුරු ස්වභාව ඇත්තෙහි නම් මිත්‍ථ්‍යා ප්‍රතිපන්න සිත් ඇති වන්නෙහි නම් ඒ හේතුවෙන්ම මා දැකීමට නොලබන්නෙහිය. නුඹ දැකද කථාද නොකරන්නෙමි.
60. ඉදින් තෝ කුශල ධර්මයෙහි ගෞරව ඇත්තේ වන්නෙහි නම් දන්දිමෙහි ඇලුනේවී නම් ශරීරයෙහි ආදීනව සලකන්නේවී නම් මහණ බමුණන්ට පැන් සැළක් මෙන් වන්නෙහි නම් මෙසේ ඇති කල්හි මා දක්නට ලබන්නෙහිය.
61. නුඹ දැකද කථාකරන්නෙමි, යුෂ්මතාට යහපතක් වේවා යමකු නිමිති කොට සාක්‍ෂි කෙළෙමුද හුල සිටි පුරුෂයා වෙත යාම හේතුකොට යයි සිතමු. මේ පුරුෂයා ද හුලෙන් වහා මුදව.
62. ඒ අපි එකිනෙකා හාක්‍ෂි කෙළෙමුද හුල හිඳින මේ තෙමේද වහා මිදුනේවී නම් හෙතෙම සකස් කොට කුශල ධර්මයන් මනාසේ කරමින් ඒ නිරාදුකිනුත් මිදෙන්නේය.
63. අන් තැනෙක වින්‍ද යුතුවු අකුශල කර්‍මයක් වන්නේය. එහු හා සමගම සුදුසු කාලයෙහි කප්පින්නක තෙරුන් වෙත පැමිණ හිඳ දාන සංවිභාගකොට ස්වමුඛයෙන්ම විචාරව.
64. හෙතෙම නුඹට මේ කරුණ කියන්නේය. ඒ භික්‍ෂුව මෙතෙම පැමිණ දැනගනු කැමැත්තේ දූෂිත නොවු සිත් ඇතිව විචාරව, බහුශ්‍රුතවු හෙතෙම යුෂ්මතා විසින් අසන ලද්දාවු නැවත නොඅසන ලද්දාවුද සියලු කුශල ධර්‍මය දත් පරිද්දෙන් කියන්නේය.
65. ඒ රජතෙම එහිදී අමනුෂ්‍යයා සමග රහසින් කථා කොට ශාක්‍ෂිකොට ගෙන ලිච්ඡවීන්ගේ සමීපයට ගියේය. නැවත ඒ ලිච්ඡවි රජතෙම රැස්ව හුන්නාවු පිරිසට මෙසේ කීයේය.
66. (1) පින්වතුනි, මාගේ එක වචනයක් අසත්වා වරයක් යදින්නෙමි. කැමතිවන ලද අත්‍ර්‍ථය ලබන්නෙමි. (11) රෞද්‍රක්‍රියා ඇති කරණලද ශරීර දඬුවම් ඇති හුල තිබු පුරුෂ
තෙම රජු කෙරෙහි ඇලුන ස්වභාව ඇත්තේය. යම් දිනක පටන් හුල හිඳුවන ලද්දේද මේ තාක් විසි රැයක් පමණ විය. නොම ජීවත් වෙයි, මළේද නොවේ,
67. මම ඔහු දැන් මුදවන්නෙමි. සමුහයා කැමති පරිද්දෙන් අනු දනීවා මොහුද අනිකාද වහා මුදනු මැනව. එසේ කරන්නාවු ඔබට කවරෙක් නම් නොකරවයි කියන්නේද, යම්සේ දන්නෙහිද එසේ කරනු මැනව. රුචි පරිද්දෙන් සමුහයා අනුදනී.
68. ඒ රජතෙම ඒ පෙදෙසට පැමිණ හුල සිටි පුරුෂයා වහා මිදවීය. යහඑව, බිය නොවෙවයි කියාද ඔහුට කීයේයවෙදුන්ද එළවා තැබීය.
69. කරුණු දැනගනු කැමතිවු ලිච්ඡවි රජතෙම සුදුසු කාලයෙහි ඔහු හා සමග කප්පින්නක තෙරණුවන් වෙත පැමිණ දාන සංවිභාග කොට ඉදිරියෙහි හිඳ එසේම උන්වහන්සේ අතින් විචාලේය.
70. (මේ කථාවේ 66 යේ (11) ඡෙදය මෙනි)
71. ස්වාමිනි, මා විසින් ගොස් දැන් ඒ පුරුෂතෙම මුදවන ලදී. මේ යක්‍ෂයාගේ වචනමැයි. යම් හේතුවකින් හෙතෙම නරකයට නොයන්නේද, කිසියම් කරුණක් වන්නේද?
72. ස්වාමීනි, ඉදින් කරුනක් ඇත්තේ නම් කියනු මැනවි ඇදහිය යුතුවු හේතු යුක්ත වචනය අසමු මෙහිදි කළ ඒ කර්මයාගේ විපාකය නොවිඳ වැනසීමක්ද ගෙවීමක්ද නැද්ද?
73. ඉදින් හෙතෙම කුශල කර්මයෙහි මනාව හැසිරෙන්නේ නම් සකස්කොට දිවා රාත්‍රි දෙකෙහි අප්‍රමාද වන්නේ නම් හෙතෙම ඒ නිරා දුකින් මිදේනනේය. අක්‍රශල කර්මය අන් තැනකදී වින්ද යුතු වන්නේය
74. ස්වාමීනි, ඒ පුරුෂයාගේ මේ අත්‍ර්‍ථය දැනගන්නා ලදින් දැන් මටද අනුතම්පා කල මැනව බොහෝ නුවණැතියන් වහන්ස, යම්සේ මම නිරයට නොයන්නෙම්ද, එසේ මට අනුශාසනා කරනු මැනව. අවවාද කරණු මැනව.
75. පහන් සිත් ඇතිව අදම බුදුන්ද, ධර්‍මයද, ආය්‍ර්‍ය සංයාද, පිහිට කොට යන්න. එසේම ශික්‍ෂාව, පිළිබඳවු පද පසද කඩනොකොට සමාදන් වෙව.
76. ප්‍රාණාතයෙන් වහා වෙන්වෙව. ලොකයෙහි නුදුන්දෙය දුරුකරව. මත්පැන් බොන්නෙක් නොවෙව. බොරු නොකියව. ස්වකිය භාය්‍ර්‍යාව සමග සතුටු වෙව, නිරවද්‍යවු සැපවිපාකවු, ආය්‍ර්‍යවු මේ උත්තම අෂ්ටාංගයෙන් යුක්තවු උපොසථ ශීලයද සමාදන්වෙව.
. 77. – 78. සිවුරුද, පිණඩපාතද, ගිලන්පසද, බොහෝ පිරිකරද සෙනාසනද ආහාරද, පාන වර්ගද, කෑයුතු දැද, වස්ත්‍ර හා සෙනසුන්ද විශේෂයෙන් ප්‍රසන්න සිතින් යුක්තව සෘජුව පිළිපන්නවුන් විෂයෙහි දෙව, සිල්වත්වු පහකළ රාග ඇති බහුශ්‍රුතවු භික්‍ෂුන්ද, ආහාර පාන වර්ගයෙන් සතප්පව, සෑම කල්හි පින් වැඩෙයි.
79. මෙසේම කුශල කර්මයන් මනාව කරමින් සකස්ව රෑ දාවල් අප්‍රමාදවුවාහු තෝ ඒ නිරා දුකින් මිදෙව. අකුශල කර්‍මය අන්තැනකදී වින්ද යුතු වන්නේය.
80, 81, 82, (මේ කථාවේ 75, 76, 77 ඡෙද මෙනි)
83. බුදුන්ගේ සස්නෙහි ඇලුනාවු සිල්වත්වු බහුශ්‍රුතවු රහත්වු භික්‍ෂුන්ටද දෙමි. සිව් පසය දීම කඩ නාකරමි
84. මෙබඳුවු අම්බසක්ඛර නම් ලිච්ඡවි රජතෙම එකල්හි විසාලා මහනුවර ශ්‍රද්Ȁධාවත්වු, මෘදු සිත් ඇති එක්තරා උපාසකයෙක් විය. උපකාරකාරී වූයේ භික්‍ෂුසංයාටද සකස් කොට උපස්ථාන කෙළේය.
85. හුල හුන් පුරුෂයාද නිරෝගීව නිදහස්ව හැසිරෙන්නේ සුවපත්වුයේ උතුම් කප්පිනක නම්වු භික්‍ෂුව වෙත අවුත් පැවිද්දට පැමිණියේය. දෙදෙනම පැවිදිවිමේ ඵලයන්ට පැමිණියාහුය.
86. සත්පුරුෂයන්ගේ ආශ්‍රය කරුණු දත්තාවු සත් පුරුෂයන්ට මෙබඳු මහත් ආනිසංස ඇතිවෙයි. හුල සිටි පුරුෂතෙමේ අර්හත් ඵලයද, අම්බසක්ඛර තෙමේ වනාහි සොවාන් ඵලයද ලැබූයේය.
37. සෙරිස්සක ප්‍රෙත කථාව :- (මෙය විමාන වත්තුවේ 84 සෙරිස්සක විමාන කථාව මෙනි)