1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාගයවතුන් වහන්සේ විසාලා මහ නුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වාසය කරන සේක. එසමයෙහි වනාහි පඤ්චාලි පුත්‍ර ආයුෂ්මත් විශාඛ ස්ථවීරතෙම උපස්ථාන ශාලාවෙහිදී ගැමි නොවූ පැහැදැළිවූ කෙළතොඑ නොවූ අර්‍ථ හැඟවිමට පොහොසත්වූ චතුරාය්‍ර්‍ය සත්‍යයෙන් යුක්තවූ ලෞකික දේ ඇසුරු නෙකළාවූ වචනයෙන් ධර්‍මකථාවෙන් භික්ෂුන් හට කරුණු දක්වයි. (ඔවුන් එහි) සමාදන් කරවයි. තියුණු කරවයි. සතුටු කරවයි.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේක ස්ථානයෙන් නැගී සිටියේ උපස්ථාන ශාලාව යම් තැනෙක්හිද එතැන්හි වැඩිසේක. වැඩ පණවන ලද ආසනයෙහි වැඩහුන් සේක. වැඩහුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි භික්ෂුන්ට කථාකළසේක.
මහණෙනි, කවරෙක් වනාහි උපස්ථාන ශාලාවෙහිදී ගැමි නොවූ පැහැදිළිවූ කෙළතොඑ නොවූ අර්‍ථය හැගවීමට පොහොසත්වු චතුරාය්‍ර්‍යසත්‍යයෙන් යුක්තවූ ලෞකික දේ ඇසුරු නොකලාවු වචනයෙන් ධර්ම කථාවෙන් භික්ෂුන්ට කරුණු දක්වයි. (ඔවුන් එහි ) සමාදන් කරවයිද තියුණු කරවයිද සතුටු කරවයිද කියායි.
3. ස්වාමීනි, පඤ්චාලි පුත්‍රවූ ආයුෂ්මත් විසාඛ ස්ථවීරතෙම උපස්ථාන ශාලාවෙහිදී ගැමිනොවූ පැහැදිළිවූ කෙළතොඑ නොවූ අර්‍තය හැගවීමට පොහොසත් වූ චතුරාය්‍ර්‍ය සත්‍යයෙන් යුක්තවූ ලෞකික දේ ඇසුරු නෙකළාවූ වචනයෙන් ධර්ම කථාවෙන් භික්ෂුන් හට කරුණු දක්වයි. ඔවුන් එහි සමාදන් කරවයි. තියුනු කරවයි සතුටු කරවයි කියා කීයේය.
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පඤ්චාලිපුත්‍රවූ ඇවැත් විසාඛහට ඇමතූසේක. සාධු සාධු විසාඛය විසාඛය නුඹ වනාහි මැනවි. ගැමි නොවූ පැහැදිළිවූ කෙළතොඑ නොවූ අර්‍ථය හැ්ගවීමට පොහොසත්වූ චතුරායයූ සත්‍යයෙන් යුක්තවූ ලෙ1කික දේ ඇසුරු නොකළාවූ වචනයෙන් ධර්ම කථිවෙන් භික්ෂුන් හට කරුණු දක්වයි. ඔවුන් එහි සමාදන් කරහි තියුණු කරහි සතුටු කරහියි වදාලසේක.
5. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කල සේක. මෙය දේශනාකොට ඊට අනතුරුව මේ ගාථාවන් දේශනා කළ සේක.
1. බාලයන් හි සමග මිශ්‍රවූ පණ්ඩිතයා කථා නොකරනතාක් නොදනිත්. අමෘත පදය දේශනා කළ කල්හිම දනිත්.
2. ධර්මය කියන්නේය. පතුරුවන්නේය. සෘෂින් ගේ ධජය (අරිහත් ධජය) ඔසවන්නේය. සෘෂිහු සුභාෂිතය ධජය (කොඩිය) කොට ඇත්තෝය. සෘෂින්ගේ ධජය වනාහි ධර්මයයි.
(හත්වෙනි විසාඛ සූත්‍රය නිමි.)