විසාක සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාගයවතුන් වහන්සේ විසාලා මහ නුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වාසය කරන සේක. එසමයෙහි වනාහි පඤ්චාලි පුත්‍ර ආයුෂ්මත් විශාඛ ස්ථවීරතෙම උපස්ථාන ශාලාවෙහිදී ගැමි නොවූ පැහැදැළිවූ කෙළතොඑ නොවූ අර්‍ථ හැඟවිමට පොහොසත්වූ චතුරාය්‍ර්‍ය සත්‍යයෙන් යුක්තවූ ලෞකික දේ ඇසුරු නෙකළාවූ වචනයෙන් ධර්‍මකථාවෙන් භික්ෂුන් හට කරුණු දක්වයි. (ඔවුන් එහි) සමාදන් කරවයි. තියුණු කරවයි. සතුටු කරවයි.

2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේක ස්ථානයෙන් නැගී සිටියේ උපස්ථාන ශාලාව යම් තැනෙක්හිද එතැන්හි වැඩිසේක. වැඩ පණවන ලද ආසනයෙහි වැඩහුන් සේක. වැඩහුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි භික්ෂුන්ට කථාකළසේක.

මහණෙනි, කවරෙක් වනාහි උපස්ථාන ශාලාවෙහිදී ගැමි නොවූ පැහැදිළිවූ කෙළතොඑ නොවූ අර්‍ථය හැගවීමට පොහොසත්වු චතුරාය්‍ර්‍යසත්‍යයෙන් යුක්තවූ ලෞකික දේ ඇසුරු නොකලාවු වචනයෙන් ධර්ම කථාවෙන් භික්ෂුන්ට කරුණු දක්වයි. (ඔවුන් එහි ) සමාදන් කරවයිද තියුණු කරවයිද සතුටු කරවයිද කියායි.

3. ස්වාමීනි, පඤ්චාලි පුත්‍රවූ ආයුෂ්මත් විසාඛ ස්ථවීරතෙම උපස්ථාන ශාලාවෙහිදී ගැමිනොවූ පැහැදිළිවූ කෙළතොඑ නොවූ අර්‍තය හැගවීමට පොහොසත් වූ චතුරාය්‍ර්‍ය සත්‍යයෙන් යුක්තවූ ලෞකික දේ ඇසුරු නෙකළාවූ වචනයෙන් ධර්ම කථාවෙන් භික්ෂුන් හට කරුණු දක්වයි. ඔවුන් එහි සමාදන් කරවයි. තියුනු කරවයි සතුටු කරවයි කියා කීයේය.

4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පඤ්චාලිපුත්‍රවූ ඇවැත් විසාඛහට ඇමතූසේක. සාධු සාධු විසාඛය විසාඛය නුඹ වනාහි මැනවි. ගැමි නොවූ පැහැදිළිවූ කෙළතොඑ නොවූ අර්‍ථය හැ්ගවීමට පොහොසත්වූ චතුරායයූ සත්‍යයෙන් යුක්තවූ ලෙ1කික දේ ඇසුරු නොකළාවූ වචනයෙන් ධර්ම කථිවෙන් භික්ෂුන් හට කරුණු දක්වයි. ඔවුන් එහි සමාදන් කරහි තියුණු කරහි සතුටු කරහියි වදාලසේක.

5. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කල සේක. මෙය දේශනාකොට ඊට අනතුරුව මේ ගාථාවන් දේශනා කළ සේක.

1. බාලයන් හි සමග මිශ්‍රවූ පණ්ඩිතයා කථා නොකරනතාක් නොදනිත්. අමෘත පදය දේශනා කළ කල්හිම දනිත්.

2. ධර්මය කියන්නේය. පතුරුවන්නේය. සෘෂින් ගේ ධජය (අරිහත් ධජය) ඔසවන්නේය. සෘෂිහු සුභාෂිතය ධජය (කොඩිය) කොට ඇත්තෝය. සෘෂින්ගේ ධජය වනාහි ධර්මයයි.

(හත්වෙනි විසාඛ සූත්‍රය නිමි.)

භද්දිය සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවු අනේපිඩු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. ඉක්බිති ආයුෂ්මත් ලකුණ්ඨක භද්දිය ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය.

2. භාග්‍යතුන් හන්සේ එන්නාවු ආයුෂ්මත් ලකුණ්ඨක භද්දිය ස්ථවීරයන් දුරදීම දුටුසේක. දැක මහණුන් හට කථාකල සේක. මහණෙනි, තෙපි වනාහි එන්නාවූ දුර්වර්ණවූ විරූපිවූ මිටිවූ භික්ෂුන්ගේ හෙලාදැක්මට භාජනවූ මේ මහණතෙම දකිව්ද?

එසේය ස්වාමීනි,

3. මහණෙනි, මේ මහණතෙම වනාහි මහත්වූ සෘද්ධි ඇත්තේය. මහත්වූ ආනුභාව ඇත්තේය. ඒ මහණහු විසින් සමනොවැදුනු විරූ යම් සමාපත්තියක් වේද එවැනි සමාපත්තියක් සුලභ නොවේ. යමක් සඳහා කුල පුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව අවසානකොට ඇත්තාවූ ඒ උතුම් අර්‍ථය මේ ආත්මයෙහිදී තෙමේම දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කෙරෙයි කියායි.

4. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කල සේක. දේහනාකොට ඊට අනතුරුව මේ ගාථාවන් දේශනා කළ සේක.

1. කයෙහි සමානත්වයක් නැත්තාවු හංසයෝද කොස්වා ළිහිණියෝද මොනරුද ඇත්තුද පසද නම් මුවෝද යන සියල්ලොම සිංහයාට බිය වෙති.

2. එසේම වනාහි මිනිසුන් අතුරෙහි නුවණ ඇත්තාවූ තැනැත්තේ වනාහි ළදරු වූයේ නමුත් ඒ කාරනනේ මහත් වෙයි. ශරීරය ඇත්තේ වී නමුත් ශරීරය ඇත්තේ වී නමුක්. බාල තෙම මහත් නොවේයයි වදාල සේක.

(හයවෙනි භද්දිය සූත්‍රය නිමි.)

සූජාත සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවු අනේපිඩු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. ඉක්බිති ආයුෂ්මත් සුජාත ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනක්හිද එතැන්හි පැමිණියේය.

2. භිග්‍යවතුන් වහන්සේ එන්නාවූ ආයුෂ්මත් සුජාත තෙරුන් දුරදීම දුටුසේක. දැක භික්ෂුන් හට කථාකල සේක. මහණෙනි, මේ කුලපුත්‍රතෙම අඞග දෙකකින් හොබනේය. එනම් විශිෂ්ට රූප ඇත්තේය. දැකුමට ප්‍රියවූ රූප ඇත්තේය. ප්‍රසාද එළවන්නේය. උතුම් වර්‍ණ සෞන්දය්‍ර්‍යයෙන් යුක්ත වූයේය යන යමක් වේද යමක් සඳහා කුල පුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව අවසානකොට ඇති ඒ උතුම් අර්‍ථය මේ ආත්මයෙහිදී තෙමේම දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කෙරෙයිද යන මේ අඞග දෙකිනි.

3. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කල සේක. මෙය දේශනාකොට ඊට අනතුරුව මේ ගාථාව දේශනා කළ සේක.

1. මේ මහණතෙම සෘජුව සිතින් ඒකාන්තයෙන් හොබනේය. කෙලෙසුන්ගෙන් මිදඅනාවූ ආශ්‍රවයන්ගෙන් වෙන්වූ අනුපදිශෙෂ නිර්‍වාණ ධාතුවෙන් පිරිනිවියාවූ මේ සුජාත මහණතෙම පිරිවර සහිත මාරයා දිනා අන්තිම දේහය (ශරීරය) දරායයි වදාළ සේක.

(පස්වෙනි සුජාත සූත්‍රය නිමි)

නව සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවු අනේපිඩු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එසමයෙහි වනාහි එක්තරා නවක (අලුත්) භික්ෂුවක් සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ විහාරයට පැමිණ ස්වල්ප උත්සාහ ඇත්තේ තුෂ්නිම්භූතවූයේ වාසය කෙරෙයි. සිවුරු කරන සමයෙහි මහණුන්හට වතාවත් නොකෙරෙයි.

2. ඉක්බිති බොහෝ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනක්හිද එතැන්හි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නාහුය. එක් පැත්තක හුන්නාවු ඒ භික්ෂුහු වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය. ස්වාමීනි, මේ ශාසනයෙහි එක්තරා නවක (අලුත්) භික්ෂුවක් සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ වෙහෙරට පැමිණ සවල්ප උත්සාහ ඇත්තේ තුෂ්ණිම්භූත වූයේ වාසය කෙරෙයි. සිවුරු කරන සමයෙහි මහණුන් හට වතාවත් නොකෙරෙයි කියායි.

3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වනාහි එක්තරා භික්ෂුවක් හට කථාකල සේක. මහණ නුඹ (මෙහි) එව. මාගේ වචනයෙන් ඒ මහණහට කථා කරව. ඇවැත ශාස්තෲන් වහන්සේ නුඹට කථා කරනසේකැයි කියායි. එසේය ස්වාමීනි යි කියා ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී ඒ අලුත් භික්ෂුව යම් තැනක් හිද එතැන්හි පැමිණියේය. පැමිණ ඒ මහනහට මෙය කීයේය. ඇවැත ශාස්තෲන් වහන්සේ නුඹට කථා කරන සේකැයි කියායි. ඇවත එසේය යි ඒ මහණතෙම වනාහි ඒ මහණහට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ යම් තැනක් හිද එතැන්හී පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තන හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ මහනහට වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

4. මහණ නුඹ සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ වෙහෙරට පිවිස ස්වල්ප උත්සාහ ඇත්තේ තුෂ්නිම්භූත වූයේ වාසය කෙරෙහිය. සිවුරු කරන සමයෙහි මහණුන් හට වතාවත් නොකෙරෙහිය යනු සැබැද ස්වාමීනි, මම වනාහි තමාගේ කාත්‍යය කරමි. යි කීයේය.

5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ නවක මහණහුගේ සිත තමන්වහන්සේගේ සිතින් දැන භික්ෂුන් හට කථා කළ සේක. මහණෙනි, තෙපි මේ නවක මහණහට නූගුණ නොකියව් මහණෙනි, මේ මහණතෙම වනාහි උසස් සිත ඇසුරු කළාවූ ඉහාත්මයෙහි සැප විහරණයවූ සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන්නෙක්, නිදුකින් ලබන්නෙක් පහසුවෙන් ලබන්නෙක් වන්නේය. යමක් සඳහා කුල පුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවැදි වෙත්ද මාර්‍ග බ්‍රහ්මචය්‍යර්‍ාව අවසානකොට ඇති ඒ අනුත්තර අර්‍ථය මේ ආත්මයේදීම තෙමේම දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කෙරේ යයි වදාළ සේක.

6. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කල සේක. දේශනාකොට ඊට අනතුරුව මේ ගාථා දේශනා කළ සේක.

1. ලිහිලිවූ වීය්‍ර්‍යය කොට ස්වල්ප උත්සාහයකින් සියලු කෙලෙස් ගැට මුදන්නාවූ මේ නවර්‍ාණයට පැමිණිය නොහැක්කේය.

2. මේ නවක මහණතෙම මේ උත්තම පුරුෂ තෙම සේනාව සහිතවූ මාරයා දිනා අන්තිම දේහය (ශරීරය) දරායයි වදාළසේක.

(සතරවෙනි නව සූත්‍රය නිමි)

ඝට සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය නරන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවීරතෙමේද ආයුෂ්මත් මහා මෙග්ගල්ලාන ස්ථවීර තෙමේද රජගහ නුවර සමීපයෙහි වූ කලන්දකනිවාප නම් ලත් වේඑවනාරාමයෙහි එකම කාමරක වාසය කෙරෙති.

2. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවීරතෙමේ සවස් කාලයෙහි විවේක ස්ථානයෙන් නැගී සිටියේ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් යම් තැනක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවීරයන් හා සමග සතුටු විය. සතුටුවිය යුතුවූත් සිහිකට යුතුවූත් කථාව නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවීර තෙමේ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් හට මෙය කියේය. ඇවැත් මොග්ගල්ලානය ඔබගේ ඉද්‍රියයෝ අතිශයින් ප්‍රසන්නවූවාහුය. මුහුණෙ වර්ණය පිරිසිදු වූයේය. අතිශයින් පිරිසිදු වූයේය. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙම ඒකාන්තයෙන් අද ශාන්තවූ විහරණයකින් වාසය කලේය කියායි.

3. ඇවැත්නි, මම වනාහි අද ඕලාරිකවූ විහරණයකින් වාසය කෙලෙමි. මාගේ ධර්ම කථාවක් විය. ආයුෂමත් මහා මොග්ගල්ලානයන්ගේ ධර්ම කථාව කා සමග වූයේද. ඇවැත්නි මාගේ ධර්ම කථාව භාග්‍යවතුන් වහන්සේ හා සමග වූයේය. ඇවැත්නි දැන් වනාහි භාග්‍යවතුන් වහන්සේ දුරවූ සැවැත් නුවර ජේතවනයෙහිවූ අනේපිඩු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.

4. කිමෙක්ද ආයුෂ්මත් මහා මොග්ගල්ලානතෙම සෘද්ධියෙන් භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේද නැතහොත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වෙත සෘද්ධියෙන් වැඩිසේක්ද ඇවැත්නි මම වනාහි සෘද්ධියෙන් භාග්‍යවතුන් වහන්සේ කරා නාපැමිණියෙමි භාග්‍යවතුන් වහන්සේ හෝ මා කරා සෘද්ධියෙන් නොවැඩි සේක. එහෙත් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද ඒ තාක් මාගේ දිව්‍ය ඇසද දිව්‍ය කණද පිරිසිදු විය. මා යම් තැනක් හිද ඒ තාක් භාග්‍යවතුන් වහන්සේ ගේත් දිව්‍ය ඇසද දිව්‍ය කණද පිරිසිදු විය.

5. ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන්ගේ භාග්‍යවතුන් වහන්සේ හා කෙබඳු ධර්‍ම කථාවක් විද ඇවැත්නි මෙහිදී මම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයෙමි.

ස්වාමිනි, පටන්ගන්නාලද වීය්‍ර්‍යය අත්තේය. පටන් ගන්නා ලද විය්‍ර්‍යය ඇත්තේයයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමනකින් වනාහි පටන් ගන්නා ලද වීය්‍ර්‍යය ඇත්තේක් වන්නේද කියායි. ඇවැත්නි මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ මට මොග්ගල්ලානය, ශරීරයෙහි සමද නහරද ඇටද ඉතිරි වේවා මස් ලේ වියලේවා. පුරිසථාමයෙන් පුරුෂ වීය්‍ර්‍යයෙන් පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යතු යමක් වේද එයට නොපැමින විය්‍ර්‍යයාගේ බහා තැබීමක් නොවන්නේ යයි මේ ශාසනයෙහි මහණතෙම පටන් ගන්නා ලද වීය්‍ර්‍ය ඇතිව වාසය කෙරේ. මොග්ගල්ලානය මෙසේ වනාහි පටන් ගන්නා ලද වීය්‍ර්‍යය ඇත්තේ වේයයි වදාළේය.

ඇවැත්නි මෙසේ වනාහි භාග්‍යවතුන් වහන්සේ හා සමග මාගේ ධර්‍ම කථාව විය.

6. ඇවැත්නි යම් සේ වනාහි කුඩාවූ කැට කැබිලිති හිමාලය පර්‍වතරාජයා හා සම නොවන බව දැක්වීම සඳහා උපමාවට පමණක් ගන්නේද එසේම අපි ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් හා උපමා කිරීමට පමණක් සෑහෙන්නෙමු. ආයුෂ්මත් මහා මොග්ගල්ලානතෙමේ වනාහි මහත් සෘද්ධි ඇත්තේය. මහත් ආනුභාව ඇත්තේය. (ඉඳින් ) කැමැත්තේ නම් ආයුෂ කල්පයක් සිටින්නේය යි නීය.

7. ඇවැත්නි, යම්සේ ලුනු කැටයක් මහත් වූ ලුනු සැළියකට උපමා කිරීම පිණිස පමනක් ගන්නේ වේද එසේම වනාහි අපි ආයුෂ්මත් ශාරිපුත්‍රන් හා උපමා පිණිස පමණක් සෑහෙන්නෙමු. ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙමේ වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ස්තුති කරන පද්දේය. වර්‍ණනා කරන පද්දේය. ප්‍රශංසා කරන ලද්දේය. (කෙසේද) ශිලයෙන් සමාධියෙන් සහ ප්‍රඥවෙන් පරතෙරට ගියාවූ යම් මහණෙක් වනාහි වෙයිද මේ සාරිපුත්ත තෙමේ (එයින්) ශ්‍රෙෂ්ඨ වන්නේය කියායි. මෙසේ මේ මහානාගයෝ (අනුශ්‍රවක) දෙදෙන ඔවුනොවුන්ගේ සුභාසිතය මනාකොට කියන ලද්දේ මනාකොට අනුමෝදන් වූහ.

(තුන්වෙනි ඝට සූත්‍රය නිමි)

සාරිපුත්ත සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.

2. එහිදී වනාහි ආයුෂමත් ශාරීපුත්‍ර ස්ථවීරතෙමේ ඇවැත් මහණෙනි, කියා භික්ෂුන් හට කථා කල සේක. ඇවැත්නි කියා ඒ භික්ෂුහු වනාහි ආයුෂමත් ශාරීපුත්‍ර ස්ථවිරයන් හට උත්තර දුන්හ. ඇවැත මෙහි රහසිගතව විවේකව සිටි මට මෙවැනි අදහසක් පහල විය. යමක් හුගේ නැතිවීම වෙනස් වීම හේතු කොට ගෙන මා හට සෝක පරිදේව දුක් දොම්නස් සහ උපායාසයෝ උපදින්නාහුද එවැනි කිසිවක් ලෝකයෙහි ඇත්තේදෝහෝයි කියාය. ඇවැත්නි, ඒ මට මේ අදහස ඇතිවිය. යමක්හුගේ නැතිවීම නෙස්වීම හේතු කොට ගෙන සෝක පරිදේව දුක් දොම්නස් සහ උපායාසයෝ උපදින්නාහුද එවැනිවූ කිසිවක් ලෝකයෙහි නැත කියායි.

3. මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවීර තෙම ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය කියේය. ඇවැත් ශාරිපුත්‍ර ස්ථවීරයෙනි ශාස්තෲන් වහන්සේගේ නැතිවීමෙන්ද වෙනස් වීමෙන්ද ඔබ වහන්සේට සෝක පරිදේව දුක් දොම්නස් සහ උපායාසයෝ නූපදින්නාහුද?

4. ඇවැත ශාස්තෲන් වහන්සේගේ නැතිවීමෙන්ද වෙනස්වීමෙන්ද මා හට සෝක පරිදේව දුක් දොම්නස් සහ උපායාසයෝ නූපදින්නාහුය. එහෙත් මට මේ අදහස ඇති වන්නේය. පින්වත ඒකාන්තයෙන් මහත් සෘද්ධි ඇත්තවූ මහත් අනුභාව ඇත්තාවූ මහේශාක්‍යවූ සත්වයෙක් අතුරුදන් විය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ බොහෝ කාලයක් මුඑල්ලෙහි වැඩසිටි සේක් නම් එය බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලෝකයාට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ට අර්ථය පිණිස හිත පිණිස සැප පිණිස වන්නේය කියායි.

5. එය එසේමය. ආයුෂ්මත් ශාරිපුත්‍රයන් විසින් බොහෝ කාලයකට පෙර මමය මගේය ගන්නා දාෂ්ටිමානානුසයෝ නසන ලදහ. එහෙයින් ආයුෂ්මත් ශාරිපුත්‍රයන් හට ශාස්තෲන් වහන්සේගේ නැතිවීමෙන්ද වෙනස් වීමෙන්ද සෝක පරිදේව දුක් දොම්නස් සහ උපායාසයෝ නූපදින්නා හුය.

(දෙවෙනි යාරිපුත්‍ර සූත්‍රය නිමි)

කෝලිත සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය නරන සේක. එහිදී වනාහි අයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවීර තෙමේ ඇවැත් මහණෙනියි, කියා භික්ෂුන්ට කථා කලේය. ඇවැත්නියි කියා ඒ භික්ෂුහු ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවීරයන් හට උත්තර දුන්හ. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවීරතෙමේ මෙය කීයේය.

2. ඇවැත්නි මෙහි රහසිගතව විවේකව සිටි මට මෙවැනි කල්පනාවක් පහළවිය. (එනම්) ආය්‍ර්‍යයන්ගේ තුෂ්ණිම්භාවය ආය්‍ර්‍යයන්ගේ තුෂ්ණිම්භාවයයි කියනු ලැබේ. ආය්‍ර්‍යයන්ගේ තුෂ්ණිම්භාවය වනාහි කවරක්ද කියායි ඇවැත්නි ඒ මට මෙසේ අදහස්විය මේ ශාසනයෙහි මහණතෙම විතර්‍කවිචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇතිකරන්නාවූ සිතේ එකඟ බව ඇතිකරන්නාවූ විතර්‍ක විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනිවූ ධ්‍යානයට පැමිණ වාසය කෙරේද මෙය ආය්‍ර්‍යයන්ගේ ත්‍රෂ්ණිම්භාවයයි කියනු ලැබේ.

3. ඇවැත්නි ඒ මම වනාහි විතර්‍ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇතිකරන්නාවූ සිතේ එකඟ බව ඇතිකරන්නාවූ විතර්‍ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනිවූ ධයනයට පැමිණ වාසය කෙරෙමි. ඇවැත්නි, මේ ද්විතීයද්ධ්‍යාන විහරණයෙන් යුක්තව වාසය කරන්නාවූ ඒ මට විතර්‍කය අරමුණු කොට ඇති සංඥාවද මනසිකාරයද උපදියි ඇවැත්නි ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සෘද්ධියෙන් වැඩ මට මෙය වදාළසේක.

මොග්ගල්ලානය මොග්ගල්ලානය ශ්‍රෙෂ්ඨවූ ආය්‍ර්‍යයනගේ තුෂ්ණිම්භාවයෙහි ප්‍රමාද නොවෙව. ආය්‍ර්‍යයන්ගේ තුෂ්ණිම්භාවයෙහි සිත මනා කොට තබව. ආය්‍ර්‍යයන්ගේ තුෂ්නිම්භාවයෙහි සිත එකඟ කරව. ආය්‍ර්‍යයන්ගේ තුෂ්නිම්භාවයෙහි සිත තැන්පත් කරව. (යනුයි)

4. ඇවැත්නි, ඒ මම ඉන්පසු විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇති කරන්නාවූ සිතේ එකඟ බව ඇතිකරන්නාවූ විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හට ගත් ප්‍රීතාය හා සැපය ඇති දෙවෙනිවූ ධ්‍යානයට පැමිණ වාසය කෙලෙමි. ඇවැත්නි, ශාස්තෘන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද්දාවූ ශ්‍රාවකයෙක් තෙම ෂට් අභිඥාවන්ට පැමිණියේය කියන්නෙක් යමෙකු උදෙසා කියන්නේ නම් ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද්දාවූ ශ්‍රවකයෙක් තෙම ෂට් අභිඥාවන්ට පැමිණියේය යන එය මනාකොට කියන්නාහු විසින් මා අදෙසාම කියයුත්‍ර වන්නේය.

(පළමුවෙනි කෝලිත සූත්‍රය නිමි)