1. ´´මහණෙනි, ප්‍රසාද නොඑලවීමෙහි මේ දෝෂ පසක් වෙත්.
2. ´´කවර පසක්ද යත්. තෙමේද තමාට දොස් කියයි. දැන නුවණැත්තෝ නින්‍දා කරත්. ලාමකවූ කීර්ති ශබ්දයක් පැන නගියි. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, දුකට පිහිටවූ, නපුරුසේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි. යන පසයි.
3. ´´මහණෙනි, ප්‍රසාද නොඑලවීමෙහි මේ දෝෂ පසක් වෙත්.
4. ´´මහණෙනි, ප්‍රසාද එලවීමෙහි මේ අනුසස් පසක් වෙත්.
5. ´´කවර පසක්ද යත්. තෙමේද තමාට දොස් නොකියයි. දැන නුවණැත්තෝ ප්‍රසංශා කරත්. යහපත්වූ ගුණ ඝෝෂාවක් පැන නගියි. මුළා නොවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම් දිව්‍ය ලෝකයෙහි උපදියි. යන පසයි.
4. ´´මහණෙනි, ප්‍රසාද එලවීමෙහි මේ අනුසස් පසක් වෙත්.
18. දුතිය අපාසාදික සූත්‍රය
1. ´´මහණෙනි, ප්‍රසාද නොඑලවීමෙහි මේ දෝෂ පසක් වෙත්.
2. ´´කවර පසක්ද යත්. ප්‍රසන්න නුවූවාහු නොපහදිත්. ප්‍රසන්නවූද, ඇතැමුන්ගේ අන් පරිදි බව වේ. ශාස්තෲන් වහන්සේගේ අනුශාසනය නොකරණ ලද්දේ වේ. පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ. මොහුගේ සිත නොපහදියි යන පසයි.
3. ´´මහණෙනි, ප්‍රසාද නොඑලවීමෙහි මේ දෝෂ පසක් වෙත්.
4. ´´මහණෙනි, ප්‍රසාද එලවීමෙහි මේ අනුසස් පසක් වෙත්.
5. ´´කවර පසක්ද යත්. ප්‍රසන්න වූවාහු පහදිත්. ප්‍රසන්නවූවන්ගේද වැඩිවීම වේ. ශාස්තෲන් වහන්සේගේ අනුශාසනය කරණ ලද්දේ වේ. පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ. මොහුගේ සිත පහදියි යන පසයි.´´
4. ´´මහණෙනි, ප්‍රසාද එලවීමෙහි මේ අනුසස් පසක් වෙත්.
19. අග්ග්‍යාදීනව සූත්‍රය
1. ´´මහණෙනි, ගින්නෙහි මේ දෝෂ පසක් වෙත්.
2. ´´කවර පසක්ද යත්? ඇස්වලට හිත නොවේ. දුර්‍වර්‍ණ කරන්නේ වේ. දුර්‍වල කරන්නේ වේ. ගණසඞ්ගනිකාව (රැස්වීම) වඩන්නේ වෙයි. තිරිසන් කථා පවත්වන්නේ වෙයි. යන පසයි.
3. ´´මහණෙනි, ගින්නෙහි මේ දෝෂ පසක් වෙත්.
20. මධුරාදීනව සූත්‍රය
1. ´´මහණෙනි, මධුරා නම් නුවරෙහි මේ දෝෂ පසක් වෙත්.
2. ´´කවර පසක්ද යත්? විෂම වේ. බොහෝ රජස් ඇත්තී වේ. චණ්ඩ සුනඛයන් ඇත්තීය. වල් සතුන් ඇත්තීය. දුර්ලභ ආහාර ඇත්තීය යන පසයි.´´
3. ´´මහණෙනි, මධුරා නම් නුවරෙහි මේ දෝෂ පසක් වෙත්.