1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගිහියන්ට අනුකම්පා කරයි.
2. ´´කවර පසකින්ද යත්? පඤ්ච ශීලයන් සමාදන් කරවාද, චතුස්සත්‍ය ධර්‍ම දර්‍ශනයෙහි පිහිටුවාද, ගිලනුන් කරා එළඹ, ´ආයුෂ්මත්නි, සුදුසු බවට ගියාවූ සිහිය එළවව්ය´ යි සිහිය උපදවාද, මහත්වූ භික්‍ෂු සංඝයා වනාහි පැමිණියේ වේද, නොයෙක් නොරට වැසි භික්‍ෂූහු වෙද්ද, ගිහියන් වෙතට පැමිණ, ´ඇවැත්නි, මහා භික්‍ෂු සංඝ තෙම පැමිණියේය. නොයෙක් වෙන රටවල වැසි භික්‍ෂූහු වෙත්. පින් කරව්. පින් කරන්ට සුදුසු කල් වේය´ යි සැළ කෙරේද, රූක්‍ෂවූ හෝ ප්‍රණිතවූ හෝ යම් භෝජනයක් වනාහි මොහුට දෙද්ද, එය තෙමේ වළඳාද, ශ්‍රද්ධාවෙන් දුන් දෙය ඉවත නොදමාද, යන පසිනි.´´
3. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගිහියන්ට අනුකම්පා කරයි.