16. අට්ඨවිමොක්ඛ සූත්‍රය

1. ´´මහණෙනි, මේ මිදීම් අටක් වෙති.

2. ´´ඒ අට කවරහුද? රූප ඇත්තා රූපයන් දකියි. මේ පළමුවන මිදීමයි. අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ පිටත රූපයන් දකියි. මේ දෙවන මිදීමයි. ශුභාන්තවූම මිදීම් ඇත්තෙක් වෙයි. මේ තුන්වන මිදීමයි. සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාව ඉක්මවා පටිඝ සංඥාව අස්තංගමකොට නානත්ත සංඥාවන්ගේ මෙනෙහි නොකිරීමෙන් අනන්තවු ආකාශයයි ආකාශානඤ්චායතනයට පැමිණ වාසය කරයි. මේ සතරවැනි මිදීමයි. සර්‍වප්‍රකාරයෙන් ආකාශානඤ්චායතනය දුරුකොට අනන්තවූ විඤ්ඤානයයි විඤ්ඤානඤ්චායතනයට පැමිණ වාසය කරයි. මේ පස්වන මිදීමයි. සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤානඤ්චායතනය දුරුකොට කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මේ සයවැනි මිදීමයි. සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉකමවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මේ සත්වන මිදීමයි. සර්‍වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිතනිරෝධයට පැමිණ වාසය කරයි. මේ අටවන මිදීමයි.මහණෙනි, මේ මිදීම් අට වෙති.´´

15. අභිහායතන සූත්‍රය

1. ´´මහණෙනි, මේ කෙලෙස් මැඩ පැවැත්වූ ස්ථාන අටක් වෙති.

2. ´´කවර අටක්ද යත්? අධ්‍යාත්මයෙහි රූප සංඥා ඇති එක් පුද්ගලයෙක් ස්වල්පවූද, සුවර්‍ණවූද, දුර්‍වර්‍ණවූද, පිටත රූපයන් දකියි. ඒවා මැඩ, දනිමි, දකිමියි මෙසේ සංඥාව ඇත්තේ වෙයි. මේ ප්‍රථම කෙළෙස් මැඩ පවත්වන ස්ථානයයි.

3. ´´අධ්‍යාත්මයෙහි රූප සංඥා ඇති එක් පුද්ගලයෙක් පිටත අප්‍රමාණවූ, සුවර්‍ණවූද, දුර්‍වර්‍ණවූද, රූපයන් දකියි. ඒවා මැඩ, දනිමි, දකිමියි මෙසේ සංඥාව ඇත්තේ වෙයි. මේ දෙවෙනි කෙළෙස් මැඩ පවත්වන ස්ථානයයි.

4. ´´අධ්‍යාත්මයෙහි රූප සංඥා ඇති එක් පුද්ගලයෙක් පිටත ස්වල්පවූ සුවර්‍ණ දුර්‍වර්‍ණවූ රූපයන් දකියි. ඒවා මැඩ, දනිමි, දකිමියි මෙසේ සංඥාව ඇත්තේ වෙයි. මේ තුන්වෙනි කෙළෙස් මැඩ පවත්වන ස්ථානයයි.

අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇති එක් පුද්ගලයෙක් පිටත අප්‍රමාණවූ සුවර්‍ණ දුර්‍වර්‍ණවූ රූපයන් දකියි. ඒවා මැඩ, දනිමි, දකිමියි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සතරවන කෙළෙස් මැඩ පවත්වන ස්ථානයයි.

5. ´´අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇති එක් පුද්ගලයෙක් පිටත නිල්වූ නීලවර්‍ණ දැකුම් ඇති, නීලවර්‍ණ ආලෝකය ඇති රූපයන් දකියි. ඒවා මැඩ, දනිමි, දකිමියි මෙසේ සංඥාව ඇත්තේ වෙයි. මේ පස්වෙනි කෙළෙස් මැඩ පවත්වන ස්ථානයයි.

6. ´´අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇති එක් පුද්ගලයෙක් පිටත කහවූ කහවර්‍ණ දැකුම් ඇති, කහවර්‍ණ ආලෝකය ඇති රූපයන් දකියි. ඒවා මැඩ, දනිමි, දකිමියි මෙසේ සංඥාව ඇත්තේ වෙයි. මේ සයවෙනි කෙළෙස් මැඩ පවත්වන ස්ථානයයි.

7. ´´අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇති එක් පුද්ගලයෙක් පිටත ලේවූ ලේවර්‍ණ දැකුම් ඇති, ලේවර්‍ණ ආලෝකය ඇති රූපයන් දකියි. ඒවා මැඩ, දනිමි, දකිමියි මෙසේ සංඥාව ඇත්තේ වෙයි. මේ සත්වැනි කෙළෙස් මැඩ පවත්වන ස්ථානයයි.

8. ´´අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇති එක් පුද්ගලයෙක් පිටත සුදුවූ සුදුවර්‍ණ දැකුම් ඇති, සුදුවර්‍ණ ආලෝකය ඇති රූපයන් දකියි. ඒවා මැඩ, දනිමි, දකිමියි මෙසේ සංඥාව ඇත්තේ වෙයි. මේ අටවැනි කෙළෙස් මැඩ පවත්වන ස්ථානයයි. මහණෙනි, මේ කෙළෙස් මැඩ පැවැත්වූ ස්ථාන අටක් වෙති.´´

14. ගයාසීස සූත්‍රය

1. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ගයාගම ආසන්න, ගයාව ඉස්මත්තේ වැඩ වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ යි භික්‍ෂූන් ඇමතූ සේක. ´´ස්වාමීනි,´´ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

2. ´´මහණෙනි, මම සම්බෝධියෙන් පෙර බුදුනුවූයේ, බෝධිසත්ත්‍වවූයේ, ආලෝකය වනාහි හඳුනමි. රූප නොදකින්නෙමි. මහණෙනි, ඒ මට මේ අදහස විය. ´ඉදින් වනාහි මම ආලෝකය හඳුනන්නෙම් නම්, රූපයන් දකින්නෙම් නම්, මෙසේ මාගේ මේ ඥාන දර්‍ශනය පිරිසිදු වන්නේය´ යනුවෙනි. මහණෙනි, ඒ මම මෑත කාලයක ප්‍රමාද නුවූයේ, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, සිතින් දුරුකළ ආත්මභාව ඇතිව වාසය කරන්නේ ආලෝකයද හඳුනමි. රූපයන්ද දකිමි. ඒ දේවතාවන් සමග නොසිටිමි. කථා නොකරමි. සාකච්ඡාවට නොපැමිණෙමි.

3. ´´ඒ මට මේ අදහස විය. ´ඉදින් වනාහි මම ආලෝකය හඳුනන්නෙම් නම්, රූපයන්ද දකින්නෙම් නම්, ඒ දේවතාවන් සමග සිටින්නෙම් නම්, කථා කරන්නෙම් නම්, සාකච්ඡාවට පැමිණෙම් නම්, මෙසේ මාගේ මේ ඥාන දර්‍ශනය ඉතා පිරිසිදු වන්නේය´ යනුවෙනි. මහණෙනි, ඒ මම මෑත කාලයක ප්‍රමාද නුවූයේ, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, සිතින් දුරුකළ ආත්මභාව ඇතිව වාසය කරන්නේ ආලෝකයද හඳුනමි. රූපයන්ද දකිමි. ඒ දේවතාවන් සමග සිටිමි. කථා කරමි. සාකච්ඡාවට පැමිණෙමි. මේ දේවතාවෝ අසවල් අසවල් දේව නිකායිකයෝයයි නොදනිමි.

4. ´´ඒ මට මේ අදහස විය. ´ඉදින් වනාහි මම ආලෝකය හඳුනන්නෙම් නම්, රූපයන්ද දකින්නෙම් නම්, ඒ දේවතාවන් සමග සිටින්නෙම් නම්, කථා කරන්නෙම් නම්, සාකච්ඡාවට පැමිණෙම් නම්, මේ දේවතාවෝ අසවල් අසවල් දේව නිකායිකයෝයයි දැනගන්නෙම් නම් මෙසේ මාගේ ඥාන දර්‍ශනය පිරිසිදු වන්නේය යනුවෙනි. මහණෙනි, ඒ මම මෑත කාලයක ප්‍රමාද නුවූයේ, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, සිතින් දුරුකළ ආත්මභාව ඇතිව වාසය කරන්නේ ආලෝකයද හඳුනමි. රූපයන්ද දකිමි. ඒ දේවතාවන් සමග සිටිමි. කථා කරමි. සාකච්ඡාවට පැමිණෙමි. මේ දේවතාවෝ අසවල් අසවල් දේව නිකායිකයෝයයි දනිමි. මේ දේවතාවෝ මේ කර්මයාගේ විපාකයෙන් මෙයින් චුතව එහි උපන්නාහුයයි නොදනිමි. මේ දේවතාවෝ මේ කර්මයාගේ විපාකයෙන් මෙයින් චුතව එහි උපන්නාහුයයි දනිමි. මේ දේවතාවෝ මෙසේ ආහාර ඇත්තෝ මෙසේ සුව දුක් විඳින්නෝයයි නොදනිමි. මේ දේවතාවෝ මෙසේ ආහාර ඇත්තෝ මෙසේ සුව දුක් විඳින්නෝයයි දනිමි. මේ දේවතාවෝ මෙසේ දීර්‍ඝායුෂ ඇත්තෝ මෙසේ චිරස්ථායිකයෝයයි නොදනිමි. මේ දේවතාවෝ මෙසේ දීර්‍ඝායුෂ ඇත්තෝ මෙසේ චිරස්ථායිකයෝයයි දනිමි. ඉදින් මම මේ දෙවතාවන් සමග පෙර වාසය කළේද නොකළේදැයි නොදනිමි.

5. ´´ඒ මට මේ අදහස විය. ´ඉදින් වනාහි මම ආලෝකය හඳුනන්නෙම් නම්, රූපයන්ද දකින්නෙම් නම්, ඒ දේවතාවන් සමග සිටින්නෙම් නම්, කථා කරන්නෙම් නම්, සාකච්ඡාවට පැමිණෙම් නම්, මේ දේවතාවෝ අසවල් අසවල් දේවනිකායිකයෝයයි දන්නෙම් නම්, මේ දේවතාවෝ මේ කර්මයාගේ විපාකයෙන් මෙයින් චුතව එහි උපන්නාහයි දන්නෙම් නම්, මේ දේවතාවෝ මෙසේ ආහාර ඇත්තෝ මෙසේ සුව දුක් විඳින්නෝයයි දන්නෙම් නම්, මේ දේවතාවෝ මෙසේ දීර්‍ඝායුෂ ඇත්තෝ මෙසේ චිරස්ථායිකයෝයයි දන්නෙම් නම්, ඉදින් මම මේ දේවතාවන් සමග පෙර වාසය කළේද නොකළේදැයි දැන ගන්නෙම් නම්, මෙසේ මාගේ ඥාන දර්‍ශනය ඉතා පිරිසිදු වන්නේය යනුවෙනි. මහණෙනි, ඒ මම මෑත කාලයක ප්‍රමාද නුවූයේ, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, සිතින් දුරුකළ ආත්මභාව ඇතිව වාසය කරන්නේ ආලෝකයද හඳුනමි. රූපයන්ද දකිමි. ඒ දේවතාවන් සමග සිටිමි, කථා කරමි, සාකච්ඡාවට පැමිණෙමි. මේ දේවතාවෝ අසවල් අසවල් දේව නිකායිකයෝයයි දනිමි. මේ දේවතාවෝ මේ කර්මයාගේ විපාකයෙන් මෙයින් චුතව එහි උපන්නාහුයයි දනිමි. මේ දේවතාවෝ මෙසේ ආහාර ඇත්තෝ මෙසේ සුව දුක් විඳින්නෝයයි දනිමි. මේ දේවතාවෝ මෙසේ දීර්‍ඝායුෂ ඇත්තෝ මෙසේ චිරස්ථායිකයෝයයි දනිමි. ඉදින් මම මේ දෙවතාවන් සමග පෙර වාසය කළේද නොකළේදැයි දනිමි. මහණෙනි, මෙසේ අෂ්ට පරිවෘත්තයක් ඇති උතුම් ඥාන දර්‍ශනය යම් තාක් කල් මා තුළ පහළ නොවීද, ඒ තාක් දෙවියන්, මරුන්, බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත සත්ත්‍ව වර්ගයා අතරෙහි මේ නිරුත්තර සම්‍යක් සම්බෝධිය ලැබූයෙමියි ප්‍රතිඥා නොකළෙමි.

6. ´´එහෙත් මහණෙනි, යම් කලෙක මෙසේ අෂ්ට පරිවෘත්තයක් ඇති, උතුම් ඥාන දර්‍ශනය මට පහළවීද, මහණෙනි, ඉන් පසු දෙවියන්, මරුන්, බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත සත්ත්‍ව වර්‍ගයා අතරෙහි මම නිරුත්තර සම්‍යක් සම්බෝධිය ලැබීමියයි ප්‍රතිඥා කළෙමි. මා තුළ දර්‍ශන ඥානය පහළවිය. මගේ චිත්ත විමුක්තිය වෙනස් කළ නොහැක. මේ කෙළවර අත් බවයි. දැන් මතු භවයක් නැත.´´

13. චිත්තසණ්ඨාපන සූත්‍රය

1. ඉක්බිති එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ ඒ භික්‍ෂු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේය. ´´ස්වාමීනි, යහපති. මට භාග්‍යවතුන් වහන්සේ කෙටිවූ ධර්මයක් දේශනා කෙරේවා! මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ඒ ධර්මයක් අසා තනිවූයේ, වෙන්වූයේ, අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, සිතින් දුරු කළ ආත්ම භාවය ඇතිව වාසය කරන්නෙමි´´ කියායි.
´´මෙපරිද්දෙන්ම මේ ශාසනයෙහි ඇතැම් හිස් පුරුෂයෝ මටම ආරාධනා කරත්. ධර්මය දේශනා කළ කල්හි මාම ලුහු බැඳිය යුතුයයි සිතත්. මට භාග්‍යවතුන් වහන්සේ කොටින් ධර්මය දේශනා කෙරේවා, මට සුගතයන් වහන්සේ කොටින් ධර්මය දේශනා කෙරේවා, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ අත්‍ර්‍ථය මම දැනගන්නෙම් නම් ඉතා යෙහෙක. මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට දායාද කරුවෙක් වන්නෙම් නම් ඉතා යෙහෙක,´´ යනුයි.

2. ´´එහෙයින් මෙහිලා භික්‍ෂුව, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි. අධ්‍යාත්මිකවූම හිත එකඟ වන්නේද, තැන්පත් වන්නේද, උපන් ලාමක අකුශල ධර්‍මයෝ හිත පැතිර නොපවතිත් යනුයි. මහණෙනි, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි. යම් හෙයකින් ඔබගේ අධ්‍යාත්මිකවූම හිත එකඟ වන්නේද, තැන්පත් වන්නේද, උපන් ලාමක අකුශල ධර්‍මයෝ හිත පැතිර නොපවතිත් යනුයි. මහණෙනි, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි.

3. ´´මා විසින් මෛත්‍රී චෙතො විමුක්තිය පුරුදු කරන්නේද, බහුල වශයෙන් වඩන්නේද, ඉතා පුරුදු කරන්නේද, අඩිතාලමක් මෙන් ස්ථිරව පුහුණු කරන්නේද, නොනැගිට පුරුදු කරන්නේද, බලවත් සේ ආරම්භ කරන්නේද යනුයි. එහෙයින් මෙහිලා භික්‍ෂුව, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි.

4. ´´මහණ, යම් හෙයකින් ඔබ විසින් මේ සමාධිය මෙසේ වඩන ලද්දේ, මෙසේ බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේද, ඉන්පසු මහණ, ඔබ මේ සමාධිය විතර්‍ක සහිතව, විචාර සහිතව වඩව. අවිතර්‍කව විචාරයෙන් පමණක් වඩව. විතර්‍ක රහිතව විචාර සහිතව වඩව. ප්‍රීතිය සහිතව වඩව. ප්‍රීතිය රහිතව වඩව. සැපය සහිතව වඩව. උපෙක්‍ෂා සහගතව වඩව. මහණ, යම් හෙයකින් ඔබ මේ සමාධිය වඩන ලද්දේ, මනාකොට පුරුදු කරණ ලද්දේ වේද, ඉන්පසු එහෙයින් මෙහිලා භික්‍ෂුව, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි.

5. ´´මා විසින් කරුණා චෙතො විමුක්තිය – මුදිතා චෙතො විමුක්තිය – උපෙක්‍ෂා චෙතො විමුක්තිය – පුරුදු කරන්නෙක් වන්නේය. බහුල වශයෙන් වඩන්නෙක් වන්නේය. බොහෝ පුරුදු කරන්නෙක් වන්නේය. අඩිතාලමක් මෙන් ස්ථිරව පුරුදු කරන්නෙක් වන්නේය. නොනැගිට පුරුදු කරන්නෙක් වන්නේය. බලවත් සේ ආරම්භ කරන්නෙක් වන්නේය යනුයි. එහෙයින් මෙහිලා භික්‍ෂුව, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි.

6. ´´මහණ, යම් හෙයකින් ඔබ විසින් මේ සමාධිය වඩන ලද්දේ වේද, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ වේද, ඉන්පසු මහණ, ඔබ මේ සමාධිය විතර්‍ක සහිතව, විචාර සහිතව වඩව. විතර්‍ක රහිතව විචාර රහිතව වඩව. ප්‍රීතිය රහිතව වඩව. සැපය සහිතව වඩව. උපෙක්‍ෂා සහගතව වඩව. මහණ, යම් හෙයකින් ඔබ විසින් මේ සමාධිය වඩන ලද්දේ වේද, මනාසේ පුරුදු කරණ ලද්දේ වේද, එහෙයින් මෙහිලා භික්‍ෂුව, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි.

7. ´´කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, මනා ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ලොකයෙහි දැඩි ලෝභය හා දොම්නස හික්මවා කයෙහි කය අනුව බලමින් වාසය කරන්නෙමි කියායි. එහෙයින් මෙහිලා භික්‍ෂුව, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි.

8. ´´යම් හෙයකින් මහණ, ඔබ විසින් මේ සමාධිය වඩන ලද්දේද, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේද, ඉන්පසු මහණ, ඔබ මේ සමාධිය විතර්‍ක සහිතව, විචාර සහිතව වඩව. විතර්‍ක රහිතව විචාර රහිතව වඩව. ප්‍රීතිය රහිතව වඩව. සැපය සහිතව වඩව. උපෙක්‍ෂා සහිතව වඩව. මහණ, යම් හෙයකින් වනාහි ඔබ විසින් මේ සමාධිය මෙසේ වඩන ලද්දේ වේද, මනාකොට පුරුදු කරණ ලද්දේ වේද, එහෙයින් මෙහිලා භික්‍ෂුව, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි.

9. ´´කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, මනා ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ලොකයෙහි දැඩි ලෝභය හා දොම්නස දුරුකොට වේදනාවන්හි – සිතෙහි – ධර්‍මයෙහි ධර්‍මය අනුව බලමින් වාසය කරන්නෙමි යනුවෙනි. එහෙයින් මෙහිලා භික්‍ෂුව, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි.

10. ´´යම් හෙයකින් මහණ, ඔබ විසින් මේ සමාධිය මෙසේ වඩන ලද්දේ වේද, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ වේද, ඉන්පසු මහණ, ඔබ මේ සමාධිය විතර්‍ක සහිතව, විචාර සහිතව වඩව. විතර්‍ක රහිතව විචාර රහිතව වඩව. විතර්‍ක රහිතව විචාර සහිතව වඩව. විතර්‍ක රහිතව, විචාර රහිතව වඩව. ප්‍රීතිය සහිතව වඩව. ප්‍රීතිය රහිතව වඩව. සැපය සහිතව වඩව. උපෙක්‍ෂා සහගතව වඩව. මහණ, යම් හෙයකින් ඔබ මේ සමාධිය වඩන ලද්දේ වේද, මනාකොට පුරුදු කරණ ලද්දේ වේද, ඉන්පසු මහණ, ඔබ යම් යම් කරුණකින් යේනම් පහසු පරිදිම යව. යම් යම් තැනක සිටී නම් පහසු පරිදිම සිටුව. යම් යම් තැනක හිඳගන්නෙහි නම් පහසු පරිදිම හිඳගනුව. යම් යම් තැනක නිදන්නෙහි නම් පහසු පරිදිම නිදාගනුව.´´ යනුයි.

11. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අවවාදයෙන් අවවාද කරණ ලද ඒ භික්‍ෂුව ඉක්බිති අස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ, ප්‍රදක්‍ෂිණා කොට ගියේය.

12. ඉක්බිති (හෙතෙම) ඒ භික්‍ෂුව තනිවූයේ, වෙන්වූයේ, අප්‍රමාද වූයේ, කෙළෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, සිතින් දුරු කළ ආත්ම භාවය ඇතිව වසන්නේ, ටික කලකින්ම, යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිදි වෙද්ද, බඹසර කෙළවරකොට ඇති උතුම්වූ රහත් ඵලය මෙලොවදීම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, එයට පැමිණ, වාසය කෙළේය. ජාතිය (ඉපදීම) ක්‍ෂය කරණ ලදී. බ්‍රහ්මචරියාව වැස නිමවන ලදී. කටයුතු කොට නිමවන ලදී. කෙලෙසුන් නැසීම පිණිස තවත් භාවනායක් නැතැයි දැන ගත්තේය. ඒ භික්‍ෂුව රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.´´

12. අලමත්තනො සූත්‍රය

1. ´´මහණෙනි, ධර්‍ම සයකින් යුක්තවූ භික්‍ෂුව තමහට යොග්‍ය වෙයි. අනුන්ටද යොග්‍ය වෙයි.

2. ´´කවර සයකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව කුශල ධර්‍මයන්හි වහා චිත්ත සමාධියට පැමිණේද, ධර්මයන් සිතෙහි දරන්නේ වේද, දරන ලද ධර්මයන්ගේ අත්‍ර්‍ථ පරීක්‍ෂා කෙරේද, අත්‍ර්‍ථය දැන, ධර්‍මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදුනේ වේද, යහපත් වචන ඇත්තේ යහපත් වචන කථා කරන්නේ, පුරවැසි වචනයෙන් යුක්තවූයේ වේද, විසුරුන, කෙළතොලු නොවූ, අත්‍ර්‍ථය ඇඟවීමෙන් සබ්‍රහ්මචාරීන්ට විස්තර කරන්නෙක්, සමාදන් කරවන්නෙක්, තෙද ගන්වන්නෙක්, සතුටු කරවන්නෙක් වූයේද මහණෙනි, ධර්‍ම සයකින් යුක්තවූ භික්‍ෂුව තමහට යොග්‍ය වෙයි. අනුන්ටද යොග්‍ය වෙයි.

3. ´´මහණෙනි, ධර්‍ම පසකින් යුක්තවූ භික්‍ෂුව තමහට යොග්‍යය, අනුන්ටද යොග්‍යය.

4. ´´කවර සයකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව කුශල ධර්‍මයන්හි වහා චිත්ත සමාධියට පැමිණේද, ධර්මයන් සිතෙහි දරන්නේ වේද, දරන ලද ධර්මයන්ගේ අත්‍ර්‍ථ පරීක්‍ෂා කෙරේද, අත්‍ර්‍ථය දැන, ධර්‍මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදුනේ වේද, යහපත් වචන ඇත්තේ යහපත් වචන කථා කරන්නේ, පුරවැසි වචනයෙන් යුක්තවූයේ වේද, විසුරුන, කෙළතොලු නොවූ, අත්‍ර්‍ථය ඇඟවීමෙන් සබ්‍රහ්මචාරීන්ට විස්තර කරන්නෙක්, සමාදන් කරවන්නෙක්, තෙද ගන්වන්නෙක්, සතුටු කරවන්නෙක් වූයේද මහණෙනි, ධර්‍ම පසකින් යුක්තවූ භික්‍ෂුව තමහට යොග්‍යය, අනුන්ටද යොග්‍යය.

5. ´´ මහණෙනි, ධර්‍ම සතරකින් යුක්තවූ භික්‍ෂුව තමහට යොග්‍යයි, අනුන්ට අයොග්‍යයි.

6. ´´කවර සතරකින්ද යත්? යහපත් වචන නැත්තේ, යහපත් වචන කථා නොකරන්නේ, පුරවැසි වචනයෙන් යුක්ත නොවූයේ වේද, විසුරුන, කෙළතොලු නොවූ, අත්‍ර්‍ථය ඇඟවීමෙන් සබ්‍රහ්මචාරීන්ට විස්තර කරන්නෙක්, සමාදන් කරවන්නෙක්, තෙද ගන්වන්නෙක්, සතුටු කරන්නෙක් නොවූයේද, මහණෙනි, ධර්‍ම සතරකින් යුක්තවූ භික්‍ෂුව තමහට යොග්‍යයි, අනුන්ට අයොග්‍යයි.

7. ´´ මහණෙනි, ධර්‍ම සතරකින් යුක්තවූ භික්‍ෂුව අනුන්ට යොග්‍යයි. තමහට අයොග්‍යයි.

8. ´´කවර සතරකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව වහා කුශල ධර්මයන්හි චිත්ත සමාධියට පැමිණේද, ඇසූ ධර්මයන් සිතෙහි දරන්නෙක් වේද, දරණ ලද ධර්මයන්ගේ අත්‍ර්‍ථ පරීක්‍ෂා නොකරන්නෙක් වේද, අත්‍ර්‍ථය දැන, ධර්‍මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි නොයෙදුනේ වේද, යහපත් වචන ඇත්තේ යහපත් වචන කථා කරන්නේ, පුරවැසි වචනයෙන් යුක්තවූයේ වේද, විසුරුන, කෙළතොලු නොවූ, අත්‍ර්‍ථය ඇඟවීමෙන් සබ්‍රහ්මචාරීන්ට විස්තර කරන්නෙක්, සමාදන් කරවන්නෙක්, තෙද ගන්වන්නෙක්, සතුටු කරවන්නෙක් වූයේද, මහණෙනි, ධර්‍ම සතරකින් යුක්තවූ භික්‍ෂුව අනුන්ට යොග්‍යයි. තමහට අයොග්‍යයි.

9. ´´මහණෙනි, ධර්‍ම තුනකින් යුක්තවූ භික්‍ෂුව තමහට යොග්‍යය. අනුන්ට අයොග්‍යය.

10. ´´මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කුශල ධර්මයන්හි වහා චිත්ත සමාධියට නොපැමිණේද, ඇසූ ධර්මයන් සිතේ දරන්නෙක් වේද, දරණ ලද ධර්මයන්ගේ අත්‍ර්‍ථ පරීක්‍ෂා කරන්නේ වේද, අත්‍ර්‍ථය දැන, ධර්‍මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදුනේ වේද, යහපත් වචන නැත්තේ යහපත්
වචන කථා නොකරන්නේ, පුරවැසි වචනයෙන් යුක්ත නොවූයේ වේද, විසුරුන, කෙළතොලු නොවූ, අත්‍ර්‍ථය ඇඟවීමෙන් සබ්‍රහ්මචාරීන්ට විස්තර කරන්නෙක්, සමාදන් කරවන්නෙක්, තෙද ගන්වන්නෙක්, සතුටු කරන්නෙක් නොවූයේද, මහණෙනි, ධර්‍ම තුනකින් යුක්තවූ භික්‍ෂුව තමහට යොග්‍යය. අනුන්ට අයොග්‍යය.

11. ´´මහණෙනි, ධර්‍ම තුනකින් යුක්තවූ භික්‍ෂුව තමහට යොග්‍යය. අනුන්ට අයොග්‍යය.

12. ´´කවර තුනකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව කුශල ධර්මයන්හි වහා චිත්ත සමාධියට නොපැමිණේද, ඇසූ ධර්මයන් සිත්හි දරා ගන්නෙක් වේද, දරණ ලද ධර්මයන්ගේ අත්‍ර්‍ථ පරීක්‍ෂා කරන්නෙක් වේද, අත්‍ර්‍ථය දැන, ධර්‍මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි නොයෙදුනේ වේද, යහපත් වචන ඇත්තේ, යහපත් වචන කථා කරන්නේ, පුරවැසි වචනයෙන් යුක්ත වූයේ වේද, විසුරුන, කෙළතොලු නොවූ, අත්‍ර්‍ථය ඇඟවීමෙන් සබ්‍රහ්මචාරීන්ට විස්තර කරන්නෙක්, සමාදන් කරවන්නෙක්, තෙද ගන්වන්නෙක්, සතුටු කරවන්නෙක් වූයේද, මහණෙනි, ධර්‍ම තුනකින් යුක්තවූ භික්‍ෂුව තමහට යොග්‍යය. අනුන්ට අයොග්‍යය.

13. ´´ මහණෙනි, ධර්‍ම දෙකකින් යුක්තවූ භික්‍ෂුව තමහට යොග්‍යය. අනුන්ට අයොග්‍යය.

14. ´´කවර දෙකකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කුශල ධර්මයන්හි වහා චිත්ත සමාධියට නොපැමිණේද, ඇසූ ධර්මයන් සිත්හි දරා නොගනීද, දරණ ලද ධර්මයන්ගේ අත්‍ර්‍ථ පරීක්‍ෂා නොකෙරේද, අත්‍ර්‍ථය දැන, ධර්‍මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි නොයෙදුනේ වේද, යහපත් වචන ඇත්තේ, යහපත් වචන කථා කරන්නේ, පුරවැසි වචනයෙන් යුක්ත වූයේ වේද, විසුරුන, කෙළතොලු නොවූ, අත්‍ර්‍ථය ඇඟවීමෙන් සබ්‍රහ්මචාරීන්ට විස්තර කරන්නෙක්, සමාදන් කරවන්නෙක්, තෙද ගන්වන්නෙක්, සතුටු කරවන්නෙක් වූයේද, මහණෙනි, ධර්‍ම දෙකකින් යුක්තවූ භික්‍ෂුව තමහට යොග්‍යය. අනුන්ට අයොග්‍යය.´´

11. ලාහිච්ඡා සූත්‍රය

1. ´´මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ අට දෙනෙක් ඇත්තාහ.

2. ´´කවර අට දෙනෙක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. හෙතෙම ලාභය පිණිස ගැටෙයි. වෑයම් කරයි. නැගිටියි. ලාභය පිණිස ගැටෙන්නාවූ, වෑයම් කරන්නාවූ, නැගිටින්නාවූ, ඔහුට ලාභය නූපදියි. හෙතෙම ඒ අලාභයෙන් ශෝකවෙයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ලෙහි අත ගසා හඬයි. සිහි මුළා බවට පැමිණෙයි. මහණෙනි, මේ භික්‍ෂුව ලාභයට ආශා ඇතිව වාසය කෙරේද, ලාභය පිණිස නැගිටීද, ගැටේද, වෑයම් කෙරේද, ලාභය නොලබන්නේ ශෝක කෙරෙයි. වැළපෙයි. හෙතෙම සද්ධර්මයෙන් හෙවත් ශාසනයෙන්ද චුතවූයේයයි කියයි.

3. ´´මහණෙනි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. ඔහුට ලාභය උපදියි. හෙතෙම ඒ ලාභයෙන් මත්වෙයි. විශෙෂයෙන් මත්වෙයි. ප්‍රමාදයට පැමිණෙයි. මහණෙනි, මේ භික්‍ෂුව ලාභයට ආශා ඇතිව වාසය කෙරේද, ලාභය පිණිස නැගිටීද, ගැටේද, වෑයම් කෙරේද, ලාභය ඇති මදය හෙවත් ලාභයෙන් මත් ගතිය ඇති, ප්‍රමාදය ඇති ඔහුට ලාභය නූපදියි.

4. ´´මහණෙනි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. හෙතෙම ලාභය පිණිස නොනැගිටියි. නොගැටෙයි. වෑයම් නොකරයි. ලාභය පිණිස නොනැගිටින්නාවූ, නොගැටෙන්නාවූ, වෑයම් නොකරන්නාවූ, ඔහුට ලාභය නූපදියි. ලාභය පිණිස නොනැගිටීද, නොගැටේද, වෑයම් නොකෙරේද, ලාභය නැති, ශෝක ඇති, වැළපීම් ඇති, ලාභය පිණිස නැගිටීද, ගැටේද, වෑයම් කෙරේද, ලාභය නොලබන්නේ ශෝක කෙරෙයි. වැළපෙයි.

5. ´´මහණෙනි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. හෙතෙම ලාභය පිණිස නොනැගිටියි. නොගැටෙයි. වෑයම් නොකරයි. ලාභය පිණිස නොනැගිටින්නාවූ, ඔහුට ලාභය උපදියි. හෙතෙම ඒ ලාභයෙන් මත්වෙයි. විශෙෂයෙන් මත්වෙයි. ප්‍රමාදයට පැමිණෙයි. මහණෙනි, මේ භික්‍ෂුව ලාභයට ආශා ඇතිව වාසය කෙරේද, ලාභය පිණිස නැගිටීද, ගැටේද, වෑයම් කෙරේද, ලාභය ඇති මදය හෙවත් ලාභයෙන් මත් ගතිය ඇති, ප්‍රමාදය ඇති හෙතෙම ලාභය පිණිස නොනැගිටියි. නොගැටෙයි. වෑයම් නොකරයි. ලාභය ඇති, මදය ඇති, ප්‍රමාදය ඇති, හෙතෙම සද්ධර්මයෙන් හෙවත් ශාසනයෙන්ද චුතවූයේයයි කියයි.

6. ´´මහණෙනි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. හෙතෙම ලාභය පිණිස ගැටෙයි. වෑයම් කරයි. නැගිටියි. ලාභය පිණිස ගැටෙන්නාවූ, වෑයම් කරන්නාවූ, නැගිටින්නාවූ, ඔහුට ලාභය නූපදියි. හෙතෙම ඒ අලාභයෙන් ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. ලෙහි අත් ගසා නොහඬයි. සිහි මුළා බවට නොපැමිණෙයි. මහණෙනි, මේ භික්‍ෂුව ලාභයට ආශා ඇතිව වාසය කෙරේද, ලාභය පිණිස නැගිටීද, ගැටේද, වෑයම් කෙරේද, ලාභය නැත්තේ, ශෝක නැත්තේ, වැළපීම් නැත්තේ, සද්ධර්මයෙන් හෙවත් ශාසනයෙන්ද චුත නොවූයේයයි කියයි.

7. ´´මහණෙනි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. හෙතෙම ලාභය පිණිස ගැටෙයි. වෑයම් කරයි. නැගිටියි. ලාභය පිණිස ගැටෙන්නාවූ, වෑයම් කරන්නාවූ, නැගිටින්නාවූ, ඔහුට ලාභය උපදියි. හෙතෙම ඒ ලාභයෙන් මත් නොවෙයි. විශෙෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. මහණෙනි, මේ භික්‍ෂුව ලාභයට ආශා ඇතිව වාසය කෙරේද, ලාභය පිණිස නැගිටීද, ගැටේද, වෑයම් කෙරේද, ලාභය ඇති, මදය නැති, ප්‍රමාදය නැති, හෙතෙම සද්ධර්මයෙන්ද චුත නොවූයේයයි කියයි.

8. ´´මහණෙනි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. හෙතෙම ලාභයෙන් නොනැගිටියි. නොගැටෙයි. වෑයම් නොකරයි. ලාභය පිණිස නොනැගිටින්නාවූ, නොගැටෙන්නාවූ, වෑයම් නොකරන්නාවූ, ඔහුට ලාභය නූපදියි. හෙතෙම ඒ අලාභයෙන් ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. ලෙහි අත් ගසා නොහඬයි. සිහි මුළා බවට නොපැමිණෙයි. මහණෙනි, මේ භික්‍ෂුව ලාභයට ආශා ඇතිව වාසය කෙරේද, ලාභය පිණිස නොනැගිටීද, නොගැටේද, වෑයම් නොකෙරේද, ලාභය නැති, ශොක නැති, වැළපීම් නැති, හෙතෙම සද්ධර්මයෙන්ද චුත නොවූයේයයි කියයි.

9. ´´මහණෙනි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. හෙතෙම ලාභය පිණිස නොනැගිටියි. නොගැටෙයි. වෑයම් නොකරයි. ලාභය පිණිස නොනැගිටින්නාවූ, නොගැටෙන්නාවූ, වෑයම් නොකරන්නාවූ, ඔහුට ලාභය උපදියි. හෙතෙම ඒ ලාභයෙන් මත් නොවෙයි. විශෙෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. මහණෙනි, මේ භික්‍ෂුව ලාභයට ආශා ඇතිව වාසය කෙරේද, ලාභය පිණිස නොනැගිටීද, නොගැටේද, වෑයම් නොකෙරේද, ලාභ ඇති, මත් ගතිය නැති, ප්‍රමාදය නැති, හෙතෙම සද්ධර්මයෙන්ද චුත නොවූයේයයි කියයි. මහණෙනි, මේ පුද්ගලයෝ අට දෙන ලෝකයෙහි ඇත්තාහ.´´

10. සමුක්කඨඨපුග්ගල සූත්‍රය

1. ´´මහණෙනි, ආහුණෙය්‍යවූ, පාහුණෙය්‍යවූ, දක්‍ෂිණාර්‍හවූ, ඇඳිලි බැඳීමට සුදුසුවූ, මේ පුද්ගලයෝ අට දෙනෙකි.

2. ´´කිනම් අට දෙනෙක්ද යත්? සෝවාන් පුද්ගලයාය, සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය, සකෘදාගාමී පුද්ගලයාය, සකෘදාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය, අනාගාමී පුද්ගලයාය, අනාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය, රහත් පුද්ගලයාය, රහත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය, යන අට දෙනයි. මහණෙනි, ආහුණෙය්‍යවූ, පාහුණෙය්‍යවූ, දක්‍ෂිණාර්‍හවූ, ඇඳිලි බැඳීමට සුදුසුවූ, මේ පුද්ගලයෝ අට දෙනෙකි. පිළිපන්නාවූ සතර දෙනද, ඵලයෙහි පිහිටි සතර දෙනද, යන අෂ්ටාය්‍ර්‍ය පුද්ගල කෙනෙක් වෙත්ද, මේ සංඝ තෙමේ සත්ත්‍වයන්ට උත්කෘෂ්ටවේ.

3.
(1) ´´පිළිපන්නාවූ සතර දෙනද, ඵලයෙහි සිටි සතර දෙනද යන, ප්‍රඥාවෙන් හා ශීලයෙන් යුත් මේ සඞ්ඝ තෙමේ ඎජුය.

(2) ´´දන් දෙන්නාවූ, පින් කැමැති ප්‍රාණීවූ, කෙළස් විපාක දෙන්නාවූ, කුශල් කරන්නාවූ, මනුෂ්‍යයන්ට සංඝයා කෙරෙහි දෙන දෙය මහත් ඵල වේ.´´

9. උජුභූතඨපුග්ගල සූත්‍රය

1. ´´මහණෙනි, ආහුණෙය්‍යවූ, පාහුණෙය්‍යවූ, දක්‍ෂිණාර්‍හවූ, ඇඳිලි බැඳීමට සුදුසුවූ, මේ පුද්ගලයෝ අට දෙනෙකි.

2. ´´කිනම් අට දෙනෙක්ද යත්? සෝවාන් පුද්ගලයාය, සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය, සකෘදාගාමී පුද්ගලයාය, සකෘදාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය, අනාගාමී පුද්ගලයාය, අනාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය, රහත් පුද්ගලයාය, රහත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය, යන අට දෙනයි. මහණෙනි, ආහුණෙය්‍යවූ, පාහුණෙය්‍යවූ, දක්‍ෂිණාර්‍හවූ, ඇඳිලි බැඳීමට සුදුසුවූ, මේ පුද්ගලයෝ අට දෙනෙකි.

3.
(1) ´´පිළිපන්නාවූ සතර දෙනද, ඵලයෙහි සිටි සතර දෙනද යන, ප්‍රඥාවෙන් හා ශීලයෙන් යුත් මේ සඞ්ඝ තෙමේ ඎජුය.

(2) ´´දන් දෙන්නාවූ, පින් කැමැති ප්‍රාණීවූ, කෙළස් විපාක දෙන්නාවූ, කුශල් කරන්නාවූ, මනුෂ්‍යයන්ට සංඝයා කෙරෙහි දෙන දෙය මහත් ඵල වේ.´´

8. දුතිය ආහුණෙය්‍ය අඨධම්ම සූත්‍රය

1. ´´මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණ තෙම ( මෙහි, 4 අඞ්ගුත්තර නිකායේ ආහුණෙය්‍ය වර්‍ගයේ 10 සූත්‍රයේ 6 )සස´ )සසස´ ඡේදය යෙදිය යුතුයි. )

2. ´´කිනම් අටකින්ද යත්? ´´මහණෙනි, මේ ලෝකයෙහි මහණ තෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, පිළිපැදීමෙන් හා හැසිරීමෙන් යුක්තවූයේ, ස්වල්පමාත්‍ර වරදෙහි බිය දක්නා සුළු වූයේ, ශික්‍ෂා පද සමාදන්ව රකීද, බහුශ්‍රුත වේද, අසන ලද්ද දරන ලද්දේ, රැස්කරණ ලද්දේ වේද, බහුශ්‍රුත වේද, පටන්ගත් වීය්‍ර්‍ය ඇත්තෙක් වේද, ශක්ති ඇත්තේ කුශල ධර්‍මයන්හි වැඩ බහා නොතැබූයේද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, ආරඤ්ඤිකාඞ්ගය රක්නෙක් වේද, නොඇලීම හා ඇලීම ඉවසන්නේ වේද, උපන් නොඇලීම මැඩ වාසය කරයි. බිය හා භයානක අරමුණ ඉවසන්නේ වේද, උපන් බිය හා භයානක අරමුණ මැඩ සිටී.

3. ´´යහපත් පෙනීමෙන් යුත් සම්‍යක් දෘෂ්ටිකයෙක් වේද, ශ්‍රෙෂ්ඨ සිතව අයත් මේ ආත්මයෙහි අප්‍රමාදය ඇති ධ්‍යාන සතර පහසුවෙන් ලබන්නේ වේද, නිදුකින් ලබන්නේ වේද, සැපෙන් ලබන්නේ වේද,

´´නානා ප්‍රකාර පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරයි. එනම් එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති සතලිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්‍ෂයක්ද, නොයෙක් නැසෙන කල්පයන්ද, නොයෙක් වැඩෙන කල්පයන්ද, නොයෙක් නැසෙන හා වැඩෙන කල්පයන්ද සිහිකෙරෙයි. (කෙසේද) ´´මම අසවල් තැන උපන්නෙම්

´´මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්‍ණ ඇත්තෙක් වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙසේ සැප දුක් වින්දෙක් වීමි. මෙබඳු ආයුෂයක් කෙළවරකොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයෙමි. අසවල් තැන උපනිමි.

´´එහිද මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්‍ණ ඇත්තෙක් වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙසේ සැප දුක් වින්දෙක් වීමි. මෙබඳු ආයුෂයක් කෙළවරකොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයෙමි. අසවල් තැන උපනිමි. ඒ මම එයින් චුතවූයෙම් මෙහි උපන්නෙක් වෙමියි මෙසේ ආකාර සහිතවූ, නාම ගෝත්‍රවශයෙන් දැක්වීම් සහිතවූ නොයෙක් පෙර විසූ ස්කන්‍ධයන් සිහි කෙරෙයි. ඔහු විසින් මේ පළමුවෙනි විද්‍යාව ලදී.

´´අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අන්‍ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය. සිහි නුමුළාවෙන් යුක්තව, කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව, හරණ ලද ආත්ම ආශාව ඇතිව, වාසය කරන්නහුට යම්සේ නම් එසේයි. හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්‍මණ්‍යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්‍ධ සිහි කරයි. ඒ කෙසේද? හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්‍මණ්‍යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්‍ධ සිහි කරයි. ඒ කෙසේද? මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් සත්ත්‍වයින් දකී. සත්ත්‍වයන්ගේ චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත නමයි.

´´පිරසිදුවූ මිනිස් ඇස ඉක්මවා සිටි නුවණින් හෙතෙම පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්ම පවත්නාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, යහපත් වර්‍ණ ඇත්තාවූද, දුර්‍වර්‍ණ ඇත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කම්වූ පරිද්දෙන් පැමිණියාවූ, සත්ත්‍වයන් දැනගණී. කෙසේද?

´´පින්වත්නි, මේ සත්ත්‍වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාග් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, බුද්ධාදී ආය්‍ර්‍යයන්ට උපවාද කරන්නෝය. මිත්‍යාදෘෂ්ටිකයෝය. මිසදිටුකම් සමාදන් වන්නෝය. ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, දුර්‍ගති නම්වූ, විනාශව වැටෙන්නාවූ, නිරයෙහි උපන්නාහුය. පින්වත්නි මේ සත්ත්‍වයෝ වනාහි, කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, බුද්ධාදී ආර්‍යයන්ට උපවාද (ගර්‍හා) නොකරන්නාහුය. කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, සම්‍යක් දෘෂ්ටි ඇත්තාහුය. සම්‍යක් දෘෂ්ටි කර්‍ම සමාදන් වන්නාහුය. ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් පසු මනාගති ඇත්තාවූ සැපතින් ස්වර්‍ග ලෝකයෙහි උපන්නාහු කියායි. මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්, චුතවන්නාවූද, උපදින්නාවූද, හීනවූද, උසස්වූද, මනාවූ (ශරීර) වර්‍ණ ඇත්තාවූද, මනාවූ වර්‍ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්‍මය පරිදි මිය පරලොව ගියාවූ සත්ත්‍වයන් දැනගනිත්. ඔහු විසින් මේ දෙවෙනි විද්‍යාව ලදී.

´´අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අන්‍ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය. සිහි නුමුළාවෙන් යුක්තව, කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව, හරණ ලද ආත්ම ආශාව ඇතිව, වාසය කරන්නහුට යම්සේ නම් එසේයි. හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්‍මණ්‍යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්‍ධ සිහි කරයි. ඒ කෙසේද? හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්‍මණ්‍යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්‍ධ සිහි කරයි. ඒ කෙසේද? මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් සත්ත්‍වයින් දකී. සත්ත්‍වයන්ගේ ආශ්‍රවක්‍ෂය දැනගන්නා නුවණ පිණිස සිත නමයි. මේ දුකයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ දුක් ඇතිවීමේ හේතුවයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ දුක් නැතිකිරීමයයි තත්වූ පරිදි දැන ගනී. මේ දුක් නැතිකිරීමේ මාර්‍ගයයි තත්වූ පරිදි දැනගනී.

මේ ආශ්‍රවයෝයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන්ගේ හටගැන්මයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන්ගේ නැතිවීමයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන් නැතිකිරීමට යන ප්‍රතිපදාව (මාර්‍ගයයි) තත්වූ පරිද්දෙන් දනී. මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, ඔහුගේ සිත කාම නමැති කෙලෙසුන්ගෙන් මිදෙයි. භව නමැති කෙලෙසුන්ගෙන් මිදෙයි. අවිද්‍යා නමැති කෙලෙසුන්ගෙන් මිදෙයි. මිදුන කල්හි, මිදුනේය යන නුවණ වේ. ඉපදීම ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරණ ලදී. මත්තට යමක් නැතැයි දනී. ඔහු විසින් මේ තුනවෙනි විද්‍යාව ලබන ලද්දීය. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අන්‍ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය. සිහි නුමුළාවෙන් යුක්තව, කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව, හරණ ලද ආත්ම ආශාව ඇතිව, වාසය කරන්නහුට යම්සේ නම් එසේයි.

´´මහණෙනි, මේ කරුණු අටින්වූ මහණ තෙම ( මෙහි, 4 අඞ්ගුත්තර නිකායේ ආහුණෙය්‍ය වර්‍ගයේ 10 සූත්‍රයේ 6 )සස´ )සසස´ ඡේදය යෙදිය යුතුයි. )

7. පඨම ආහුණෙය්‍ය අඨධම්ම සූත්‍රය

1. ´´මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණ තෙම ( මෙහි, 4 අඞ්ගුත්තර නිකායේ ආහුණෙය්‍ය වර්‍ගයේ 10 සූත්‍රයේ 6 )සස´ )සසස´ ඡේදය යෙදිය යුතුයි. )

2. ´´කිනම් අටකින්ද යත්? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, පිළිපැදීමෙන් හා හැසිරීමෙන් යුක්තවූයේ, ස්වල්පමාත්‍ර වරදෙහි බිය දක්නා සුළු වූයේ, ශික්‍ෂා පද සමාදන්ව රකීද, බහුශ්‍රුත වේද, අසන ලද්ද දරන ලද්දේ, රැස්කරණ ලද්දේ වේද,

3. ´´යහපත් අය සහාය කොට ඇති, යහපත් අයට නැමෙන කල්‍යාණ මිත්‍රයෙක් වේද, යහපත් පෙනීමෙන් යුත් සම්‍යක් දෘෂ්ටිකයෙක් වේද, ශ්‍රෙෂ්ඨ සිතව අයත් මේ ආත්මයෙහි අප්‍රමාදය ඇති ධ්‍යාන සතර පහසුවෙන් ලබන්නේ වේද, නිදුකින් ලබන්නේ වේද, සැපෙන් ලබන්නේ වේද,