41. ආධිපතෙය්‍ය සූත්‍රය.

1. ´´මහණෙනි, මේ අධිපති භාවයෝ තුන්දෙනෙක් වෙත්. කවර තුන්දෙනෙක්ද යත්, මහණෙනි, තමා අධිපතිකොට ඇති බවද, ලෝකයා අධිපතිකොට ඇති බවද, ධර්‍මය අධිපතිකොට ඇති බවද වෙත්. මහණෙනි, තමා අධිපතිකොට ඇති බව කවරේද?

Continue reading

40. යොබ්බන මද සූත්‍රය.

1. ´´මහණෙනි, මේ මදයෝ (උමතුබැව්) තුන්දෙනෙක් වෙත්. කවර තුන් දෙනෙක්ද යත්. තරුණ මදය, නීරෝග මදය, බොහෝකල් ජීවත්වීම් මදය යන තුන්දෙනයි. මහණෙනි, තරුණ මදයෙන් මත්වූ නූගත් පෘතග්ජනයා කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. සිතින් දුසිරිතෙහි හැසිරෙයි. හෙතෙම කයින් දුසිරිත හැසිර, වචනයෙන් දුසිරිත හැසිර, සිතින් දුසිරිත හැසිර, ශරීරය බිඳීමෙන් මරණින් මතු සැප නැති, නපුරු ගති ඇති, නපුරුව වැටෙන නරකයෙහි උපදී.  ´´මහණෙනි, නීරෝග මදයෙන් යුත්වූ, බොහෝකල් ජීවත්වීම් නමැති මදයෙන් මත්වූ, නූගත් පෘතග්ජන තෙම, කයින්, වචසින්, මනසින්, දුසිරිත්හි හැසිරෙයි, කයින්, වචසින්, මනසින්, දුසිරිත්හි හැසිර, ශරීරය බිඳීමෙන් මරණින් මතු, සැප නැති, නපුරු ගති ඇති, නපුරුව වැටෙන නරකයෙහි උපදී. මහණෙනි, තරුණ මදයෙන් මත්වූ මහණතෙම සිල් ප්‍රතික්‍ෂෙපකොට ගිහිබවට පෙරලෙයි. මහණෙනි, නීරෝග මදයෙන් මත්වූ මහණතෙම, සිල් ප්‍රතික්‍ෂෙපකොට ගිහිබවට පෙරලෙයි. බොහෝ කල් ජීවත්වන මදයෙන් යුක්තවූ මහණතෙම, සිල් ප්‍රතික්‍ෂෙපකොට ගිහි බවට පෙරලේයයි වදාළ සේක.

Continue reading

39. සුඛුමාල සූත්‍රය.

1. ´´මහණෙනි, මම සිව්මැලි වෙමි. අතිශයින් සිව්මැලි වෙමි. මහණෙනි, මට වනාහි ඒ මාගේ පියාගේ නිවේසනයෙහි පොකුණු කරවන ලද්දාහු වෙත්. මගේ ප්‍රයෝජනය පිණිසම එක පොකුණෙක්හි නිලුපුල් පිපෙයි. එක් පොකුණෙක්හි හෙල පියුම් පිපෙයි. එක් පොකුණෙක්හි රත් පියුම් පිපෙයි. මහණෙනි, මම කසීරට නූපන්නාවූ සඳුනක් නොම දරමි. මහණෙනි, මේ මගේ හිස්වෙලුම කසී සලුවක් වෙයි. සැට්ටය කසී සලුවක් වෙයි. අඳනය කසී සලුවක් වෙයි. උතුරුසලුව කසී සලුවක් වෙයි. මහණෙනි, රෑ දාවල් දෙක්හිම මට ශීතලයක් හෝ උෂ්ණයක්  හෝ රජස් හෝ තෘණ හෝ පිණි හෝ ස්පර්‍ශ නොකෙරේවායි ස්වෙත ඡත්‍රයක් දරනු ලබයි. මහණෙනි, ඒ මට ප්‍රාසාද තුණක් වූහ. එක් ප්‍රාසාදයක් ශීත ඎතුවට සුදුසු වෙයි. එක් ප්‍රාසාදයක් ග්‍රීෂම ඎතුවට වෙයි. එක් ප්‍රාසාදයක් වර්‍ෂා ඎතුවට සුදුසු වෙයි. මහණෙනි, ඒ මම වනාහි වර්‍ෂා ඎතුවට සුදුසු ප්‍රාසාදයෙහි වැසි සාර මසෙහි, පුරුෂයන් රහිතවූ තූය්‍ර්‍යයන්ගෙන් විනෝදය ලබමින්, ප්‍රාසාදයෙන් පහළට නොබසිමි. මහණෙනි, සෙස්සන්ගේ ගෘහයන්හි දැසි කම්කරු පුරුෂයන්ට ඇඹුල් හොදි සමග නිවුඩු සාලේ බත් යම්සේ දෙනු ලැබේද, මහණෙනි, එසේ මාගේ පියාගේ ගෘහයෙහි දැසි කම්කරු පුරුෂයන්ට මස් ව්‍යංජන සහිත ඇල් සාලේ බත් දෙනු ලැබේ. මහණෙනි, මෙවැනි සමෘධියකින්ද, මෙවැනි සිව්මැලි බවකින්ද යුත් මට මෙසේ අදහස්විය.

Continue reading

38. සක්කභාසිත සූත්‍රය.

1. ´´මහණෙනි, පෙර ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම තව්තිසා දෙවියන් අවබෝධ කරවමින් ඒ වේලාවෙහි මේ ගාථාව ප්‍රකාශ කෙළේය.  ´යම් මනුෂ්‍යයෙක් තෙම මා වැන්නෙක් වන්නේද, නොහොත් මා විසින් පැමිණෙන ලද සම්පත්තියට පැමිණෙනු කැමති වන්නේද, හෙතෙම තුදුස්වක් දිනයෙහිද, පසළොස්වක් දිනයෙහිද, පක්‍ෂයෙහි අටවක් දිනයෙහිද, ප්‍රාතිහාය්‍ර්‍ය පක්‍ෂයෙහිද, ගුණාඞ්ගයකින් යුක්තවූ උපොසථ සීලයෙහි උපවාසය කරන්නේය.´

Continue reading

37. ලොකාණුවිවරණ සූත්‍රය.

1. ´´මහණෙනි, පක්‍ෂයෙහි අටවෙනි දිනයෙහි සිව්වරම් මහරජ දරුවන්ගේ පිරිසෙහිවූ ඇමතියෝ,

Continue reading

36. දේවදූත සූත්‍රය.

1. ´´මහණෙනි, මේ දේවදූතයෝ තුන් දෙනෙක් වෙත්. කවර තිදෙනෙක්ද යත්: මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් දුශ්චරිත කෙරෙයිද, වචනයෙන් දුශ්චරිත කෙරෙයිද, සිතින් දුශ්චරිත කෙරෙයිද, මහණෙනි, ඔහු නිරය පාලයෝ වෙන වෙනම අත්වලින් අල්ලාගෙණ යමරජහට දක්වත්. (කෙසේද) ´දේවයන් වහන්ස, මේ පුරුෂ තෙම, මව කෙරෙහි වරදවා පිළිපැද්දේය. පියාට මනාව නොපිළිපැද්දේය. ශ්‍රමණයන්ට මනාව නොපිළිපැද්දේය.  රහතන්ට මනාව නොපිළිපැද්දේය. කුලදෙටුවන් නොපිදුවෝය. මොහුට දේවයන් වහන්සේ දඬුවම් කළ මැනව´ කියායි. මහණෙනි, ඔහුට යමරජතෙම පළමුවන දේවදුතයා පැහැදිළි කරන්නේය. කරුණු පිළිගන්වමින් අසන්නේය. කරුණු විමසමින් අසන්නේය. (කෙසේද?) ´එම්බල පුරුෂය, තෝ මිනිසුන් අතරෙහි පහළවූ, පළමුවන දේවදූතයා නුදුටුයෙහිද?´ යනුවෙනි. හෙතෙම (කෙසේද) ´ස්වාමීනි, නුදුටුයෙමි´ යි කියයි. මහණෙනි, යමරජ තෙම මෙසේ කියයි. ´එම්බල පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි, ඉපදීමෙන් අසූ වයස් ඇත්තාවූ හෝ අනූ වයස්වූ හෝ, අවුරුදු සියයක් ගියාවූ හෝ, ජරාවට ගියාවූ, ගොනැස්සක් සේ වක්වූ, මැදින් බිඳුනාවූ, සැරයටිය පිහිටකොට ඇත්තාවූ, වෙවුලමින් යන්නාවූ, ජරාවෙන් ආතුරවූ, ඉක්මගිය තරුණ වයස් ඇත්තාවූ, කැඩුනාවූ, (වැටුනාවූ) දත් ඇත්තාවූ, පැසුනු කෙස් ඇත්තාවූ, ඉදිරීගිය කෙස් ඇත්තාවූ, මුඩුවූ හිස ඇති, ඇඟ රැළි වැටුණාවූ, තල කැලලින් යුත් සිරුර ඇත්තාවූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ නුදුටුයෙහිදැ´ යි කියායි. හෙතෙම, ´ස්වාමීනි, දුටුයෙමි´ යි කියයි.

Continue reading

35. හත්‍ථකාලවක සූත්‍රය.

1. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අලව් රටෙහි, ගෙරින් යන මාර්‍ගයෙහි, ඇට්ටේරිය වනයෙහි, කොළ ඇතිරියක වැඩ වාසය කරණ සේක. එකල්හි වනාහි හත්ථක නම් ආලවක තෙම සක්මන් කරණුයේ, ඇවිදිනුයේ, ගෙරින් යන මගෙහි, ඇට්ටේරිය වනයෙහි, කොළ ඇතිරියෙහි වැඩහුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ, හත්‍ථක නම් ආලවක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය.

Continue reading

34. කම්මනිදාන සූත්‍රය.

1. ´´මහණෙනි, වට්ටගාමී කර්මයන්ගේ ඇතිවීම පිණිස මේ හේතු තුනක් වෙත්. කවර තුනක්ද යත්: කර්මයන්ගේ ඇතිවීම පිණිස ලෝභය හේතුවෙයි. කර්මයන්ගේ ඇතිවීම පිණිස ද්වේශය හේතුවෙයි. කර්මයන්ගේ ඇතිවීම පිණිස මෝහය හේතුවෙයි.

Continue reading

33. සංඛිත්ත විත්‍ථාර දෙශනා සූත්‍රය.

1. ´´ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ, ´ශාරීපුත්‍රයෙනි, මම වනාහි සංත්‍ක්‍ෂපයෙන්ද ධර්මය දේශනා කරන්නෙමි. ශාරීපුත්‍රයෙනි, මම විස්තර වශයෙන්ද ධර්මය  දේශනා කරන්නෙමි. ශාරීපුත්‍රය, මම සංක්‍ෂෙප වශයෙන්ද, විස්තර වශයෙන්ද ධර්මය දේශනා කරන්නෙමි. අවබෝධ කරන්නෝ දුර්ලභය´´ යි වදාළසේක.

Continue reading

32. ආනන්‍ද සමාධි පටිලාභ සූත්‍රය.

1. ඉත්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක්හිද එහි පැමිණි සේක. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේට, ´´ස්වාමීනි, යම්සේ විඤ්ඤාණ සහිතවූ මේ ශරීරයෙහි  මමය යන දෘෂ්ටියද, මගේ යන තෘෂ්ණාවද, මාන නවයද, අනුශය සතද යන මොහු නොවන්නාහුද, පිටත්හිද රූපාදී සියලු ආරම්මණයන්හි මමය යන දෘෂ්ටියද, මගේය යන තෘෂ්ණාවද, මාන නවයද, අනුශය සතද යන මොහු නොවන්නාහුද, යම්බඳුවූ අර්‍හත්ඵල සමාධියකට, අර්‍හත්ඵල ප්‍රඥාවකට පැමිණ වාසය කරන්නාහට මමය යන දෘෂ්ටිය මගේ යන තෘෂ්ණාව, මානානුසය යන මොහු නොවෙද්ද, එබඳු අර්‍හත්ඵල සමාධියකට හා අර්‍හත්ඵල ප්‍රඥාවකට පැමිණ වාසය කරන්නේ නම් එබඳු සමාධියක් ලැබීම භික්‍ෂූහට වන්නේදැ?´´ යි (ඇසීය.)

Continue reading