12. අධර්‍ම වර්‍ගය. (අනාපත්ති වර්‍ගය)
01. අධම්මහාපන සූත්‍රය.
1. “මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් අධර්මය අධර්මයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”
02. ධම්මදීපන සූත්‍රය.
1. “මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් ධර්මය ධර්මයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”
03. අවිනයහාපන සූත්‍රය.
1. “මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් අවිනය අවිනයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”
04. විනයදීපන සූත්‍රය.
1. “මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් විනය විනයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”
05. අභාසිතහාපන සූත්‍රය.
1. “මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් තථාගතයන් විසින් නොකියනලද්ද, ප්‍රකාශ නොකරණ ලද්ද, තථාගතයන් විසින් නොකියනලද්දේය, ප්‍රකාශ නොකරණ ලද්දේයයි, දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”
06. භාසිතදීපන සූත්‍රය.
1. “මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් තථාගතයන් විසින් කියනලද්ද, ප්‍රකාශ කරණ ලද්ද, තථාගතයන් විසින් කියනලද්දේය, ප්‍රකාශ කරණ ලද්දේයයි, දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”
07. අණාවිණ්ණහාපන සූත්‍රය.
1. “මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් තථාගතයන් විසින් පුරුදු නොකරණලද්ද තථාගතයන් විසින් පුරුදු නොකරණ ලද්දේයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”
08. ආවිණ්ණදීපන සූත්‍රය.
1. “මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් තථාගතයන් විසින් පුරුදුකරණලද්ද, තථාගතයන් විසින් පුරුදු කරණ ලද්දේයයි, දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”
09. අපඤ්ඤත්තහාපන සූත්‍රය.
1. “මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් තථාගතයන් විසින් නොපනවනලද්ද, තථාගතයන් විසින් නොපනවනලද්දේයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”
10. පඤ්ඤත්තදීපන සූත්‍රය.
1. “මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් තථාගතයන් විසින් පනවනලද්ද, තථාගතයන් විසින් පනවනලද්දේයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”
12. අනාපත්ති වර්‍ගය I
01. අනාපත්තිදීපන සූත්‍රය.
1. මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ඇවැත් නොවූ, ( නිවරදවූ ) දේ ඇවැත් ( වරද ) යයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”
02. ආපත්තිහාපන සූත්‍රය.
1. මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ඇවැත්වූ දේ ඇවැත් නොවේයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”
03. ලහුකාපත්ති ගරුකරණ සූත්‍රය.
1. මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් සැහැල්ලු ඇවත ගරු ඇවතයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”
04. ගරුකාපත්ති ලහුකරණ සූත්‍රය.
1. මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ගරු ඇවත ලුහු ඇවතයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”
05. දුට්ඨුල්ලහාපන සූත්‍රය.
1. මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් දොෂ බහුලවූ ඇවත දොෂ බහුල නොවූ ඇවතයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”
06. අදුට්ඨුල්ලදීපන සූත්‍රය.
1. මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් දුත්‍රළා නොවූ ඇවත දුකුළා ඇවතයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”
07. සාවසෙසහාපන සූත්‍රය.
1. මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් සාවසෙසාපත්තිය (ඉතුරුවූ ඇවත) අනවසෙසාපත්තියයි ( ඉතුරුනොවූ ඇවත ) යයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”
08. අනවසෙසදීපන සූත්‍රය.
1. මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් අනවසෙසාපත්තිය සාවසෙසාපත්තියයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”
09. සප්පටිකම්මහාපන සූත්‍රය.
1. මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ප්‍රතිකර්ම සහිත පිළියම් කළ හැකි ඇවත, ප්‍රතිකර්ම රහිත ඇවතයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”
10. අප්පටිකම්මදීපන සූත්‍රය.
1. මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ප්‍රතිකර්ම රහිත ඇවත, ප්‍රතිකර්ම සහිත ( පිළියම්කළ හැකි ) ඇවතයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”
12. අනාපත්ති වර්‍ගය II
01. අනාපත්තිදීපන සූත්‍රය.
1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ඇවැත් නොවූ දේ, ඇවැත් නුවූයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”
02. ආපත්තිදීපන සූත්‍රය.
1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ඇවැත් වූ දේ, ඇවැත් වූ දේයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”
03 ලහුකාපත්තිදීපන සූත්‍රය.
1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ලු ඇවත, ලු ඇවතයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”
04 ගරුකාපත්තිදීපන සූත්‍රය.
1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ගරු ඇවත, ගරු ඇවතයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”
05. දුට්ඨුල්ලාපත්තිදීපන සූත්‍රය.
1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් දෝෂ බහුලවූ ඇවත, දොෂ බහුලවූ ඇවතයයි දක්වත්ද,ු
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”
06. අදුට්ඨුල්ලාපත්තිදීපන සූත්‍රය.
1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් දොෂ බහුලනුවූ ඇවත දොෂ බහුලනුවූ ඇවත යයි දක්වත් ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”
07. සාවසෙසාපත්තිදීපන සූත්‍රය.
1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් සාවසෙසාපත්තිය ( ඉතුරුවූ ඇවත ) සාවසෙසාපත්තියයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”
08. අනවසෙසාපත්තිදීපන සූත්‍රය.
1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් අනවසෙසාපත්තිය ( ඉතුරුනුවූ ඇවත ) අනවසෙසාපත්ති (ඉතුරුනුවූ ඇවත) යයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”
09. සප්පටිකම්මාපත්තිදීපන සූත්‍රය.
1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ප්‍රතිකර්ම ( පිළියම් කළ හැකි ඇවත ) පිළියම් කළ හැකි ඇවතයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”
10. අප්පටිකම්මාපත්තිදීපන සූත්‍රය.
1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ප්‍රතිකර්ම රහිත ඇවත ප්‍රතිකර්ම රහිත ඇවතයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”
( දොළොස්වන වර්‍ගය නිමි. )