1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ ,කලන්‍දක නිවාප, නම්ලත් වේළු (උණ) වණයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන්හට කථාකළ සේක. ‘පින්වතුන් වහන්සැයි’ කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. Continue reading
Category Archives: ඡල වග්ගෝ
10. රාම සූත්‍රය.
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. Continue reading
9. නතුම්හාක සූත්‍රය. (2)

8. නතුමහාක සූත්‍රය (1)

7. පටිසල්ලාණ සූත්‍රය.

6. සමාධි සූත්‍රය.

5. සංවර සූත්‍රය.
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ ,කලන්‍දක නිවාප, නම්ලත් වේළු (උණ) වණයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන්හට කථාකළ සේක. ‘පින්වතුන් වහන්සැයි’ කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. Continue reading
3. පරිහාන සූත්‍රය.
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ ,කලන්‍දක නිවාප, නම්ලත් වේළු (උණ) වණයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන්හට කථාකළ සේක. ‘පින්වතුන් වහන්සැයි’ කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.
2. , මහණෙනි, තොපට පිරිහීමට හේතුවන ධර්‍මයද නොපිරිහීමට හේතුවන ධර්‍මයද මැඩපවත්වන ලද සවැදෑරුම්වූ ආයතනයන්ද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, පරිහානි ධර්‍මය කෙසේනම් වේද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුවක් හට ඇසින් රූපයක් දැක අරමුණුවලට දුවන්නාවූ බැඳීමට හේතුවූ ලාමකවූ අකුශල කල්පනාවෝ උපදිත්ද, ඉදින් භික්‍ෂුතෙම ඒ කල්පනා ඉවසාද, නොහරීද, දුරු නොකෙරේද, කෙළවර නොකෙරේද, විනාශ නොකරයිද, මහණෙනි, මෙය භික්‍ෂූහු විසින් කුශල ධර්‍මයන්ගෙන් පිරිහීමයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදැයි දත යුතුයි.
3. , මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට කණින් ශබ්දයක් අසා අරමුණුවලට දුවන්නාවූ බැඳීමට හේතුවූ ලාමකවූ අකුශල කල්පනාවෝ උපදිත්ද, ඉදින් භික්‍ෂුතෙම ඒ කල්පනා ඉවසාද, නොහරීද, දුරු නොකෙරේද, කෙළවර නොකෙරේද, විනාශ නොකරයිද, මහණෙනි, මෙය භික්‍ෂූහු විසින් කුශල ධර්‍මයන්ගෙන් පිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය පිරිහීමයයි වදාරණ ලදී.
4. , මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට නාසයෙන් ගඳක් දැන අරමුණුවලට දුවන්නාවූ බැඳීමට හේතුවූ ලාමකවූ අකුශල කල්පනාවෝ උපදිත්ද, ඉදින් භික්‍ෂුතෙම ඒ කල්පනා ඉවසාද, නොහරීද, දුරු නොකෙරේද, කෙළවර නොකෙරේද, විනාශ නොකරයිද, මහණෙනි, මෙය භික්‍ෂූහු විසින් කුශල ධර්‍මයන්ගෙන් පිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය පිරිහීමයයි වදාරණ ලදී.
5. , මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට දිවෙන් රස විඳ අරමුණුවලට දුවන්නාවූ බැඳීමට හේතුවූ ලාමකවූ අකුශල කල්පනාවෝ උපදිත්ද, ඉදින් භික්‍ෂුතෙම ඒ කල්පනා ඉවසාද, නොහරීද, දුරු නොකෙරේද, කෙළවර නොකෙරේද, විනාශ නොකරයිද, මහණෙනි, මෙය භික්‍ෂූහු විසින් කුශල ධර්‍මයන්ගෙන් පිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය පිරිහීමයයි වදාරණ ලදී.
6. , මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට කයින් ස්පර්‍ශයක් කොට අරමුණුවලට දුවන්නාවූ බැඳීමට හේතුවූ ලාමකවූ අකුශල කල්පනාවෝ උපදිත්ද, ඉදින් භික්‍ෂුතෙම ඒ කල්පනා ඉවසාද, නොහරීද, දුරු නොකෙරේද, කෙළවර නොකෙරේද, විනාශ නොකරයිද, මහණෙනි, මෙය භික්‍ෂූහු විසින් කුශල ධර්‍මයන්ගෙන් පිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය පිරිහීමයයි වදාරණ ලදී.
7. , මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට සිතින් ධර්‍මාරමුණු දැන අරමුණු කරා දුවන්නාවූ බන්‍ධනයට හේතුවූ ලාමකවූ අකුශල කල්පනාවෝ උපදිත්ද, ඉදින් භික්‍ෂුතෙම ඒ කල්පනා ඉවසාද, නොහරීද, දුරු නොකෙරේද, කෙළවර නොකෙරේද, විනාශ නොකරයිද, මහණෙනි, මෙය භික්‍ෂූහු විසින් කුශල ධර්‍මයන්ගෙන් පිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය පිරිහීමයයි වදාරණ ලදී. මහණෙනි, මෙසේ වනාහි පරිහානි ධර්‍මය වේ.
8. , මහණෙනි, කෙසේ නම් අපරිහානි ධර්‍මය වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුහට ඇසින් රූපයක් දැක අරමුණට දුවන්නාවූ බැඳීමට හේතුවූ ලාමකවූ අකුශල කල්පනාවෝ උපදිත්ද, මහණෙනි, ඉදින් භික්‍ෂුතෙම එය නොඉවසාද, හැරදමාද, දුරු කෙරේද, කෙළවර කෙරේද, විනාශකෙරේද, මහණෙනි, මෙසේ භික්‍ෂුව විසින් කුශල ධර්‍මයන්ගෙන් නොපිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොපිරිහීමයයි වදාරණ ලදී.
9. , මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට කණින් ශබ්දය අසා අරමුණට දුවන්නාවූ බැඳීමට හේතුවූ ලාමකවූ අකුශල කල්පනාවෝ උපදිත්ද, මහණෙනි, ඉදින් භික්‍ෂුතෙම එය නොඉවසාද, හැරදමාද, දුරු කෙරේද, කෙළවර කෙරේද, විනාශකෙරේද, මහණෙනි, මෙසේ භික්‍ෂුව විසින් කුශල ධර්‍මයන්ගෙන් නොපිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොපිරිහීමයයි වදාරණ ලදී.
10. , මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට නාසයෙන් ගන්‍ධය දැන අරමුණට දුවන්නාවූ බැඳීමට හේතුවූ ලාමකවූ අකුශල කල්පනාවෝ උපදිත්ද, මහණෙනි, ඉදින් භික්‍ෂුතෙම එය නොඉවසාද, හැරදමාද, දුරු කෙරේද, කෙළවර කෙරේද, විනාශකෙරේද, මහණෙනි, මෙසේ භික්‍ෂුව විසින් කුශල ධර්‍මයන්ගෙන් නොපිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොපිරිහීමයයි වදාරණ ලදී.
11. , මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට කයින් ස්පර්‍ශයක් කොට අරමුණට දුවන්නාවූ බැඳීමට හේතුවූ ලාමකවූ අකුශල කල්පනාවෝ උපදිත්ද, මහණෙනි, ඉදින් භික්‍ෂුතෙම එය නොඉවසාද, හැරදමාද, දුරු කෙරේද, කෙළවර කෙරේද, විනාශකෙරේද, මහණෙනි, මෙසේ භික්‍ෂුව විසින් කුශල ධර්‍මයන්ගෙන් නොපිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොපිරිහීමයයි වදාරණ ලදී.
12. , මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට සිතින් ධර්‍මාරමුණු දැන අරමුණු කරා දුවන්නාවූ බන්‍ධනයට හේතුවූ ලාමකවූ අකුශල කල්පනාවෝ උපදිත්ද, මහණෙනි, ඉදින් භික්‍ෂුතෙම එය නොඉවසාද, හැරදමාද, දුරු කෙරේද, කෙළවර කෙරේද, විනාශකෙරේද, මහණෙනි, මෙසේ භික්‍ෂුව විසින් කුශල ධර්‍මයන්ගෙන් නොපිරිහීමයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොපිරිහීමයයි වදාරණ ලදී. මහණෙනි, මෙසේ වනාහි අපරිහානි ධර්‍මය වේ.
13. , මහණෙනි, සවැදෑරුම්වූ නොවඩන ලද ආයතන සය කවරහුද?
, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුහට ඇසින් රූපය දැක අරමුණුකරා දුවන්නාවූ බන්‍ධනයට හේතුවූ ලාමකවූ අකුසල කල්පනාවෝ නූපදිත්ද, මහණෙනි, භික්‍ෂුව විසින් මේ නොවඩන ලද ආයතනයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොවඩන ලද ආයතනයයි වදාරණ ලදී.
14. , මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට කණින් ශබ්යක් අසා අරමුණුකරා දුවන්නාවූ බන්‍ධනයට හේතුවූ ලාමකවූ අකුසල කල්පනාවෝ නූපදිත්ද, මහණෙනි, භික්‍ෂුව විසින් මේ නොවඩන ලද ආයතනයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොවඩන ලද ආයතනයයි වදාරණ ලදී.
15. , මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට නාසයෙන් ගන්‍ධයක් දැන අරමුණුකරා දුවන්නාවූ බන්‍ධනයට හේතුවූ ලාමකවූ අකුසල කල්පනාවෝ නූපදිත්ද, මහණෙනි, භික්‍ෂුව විසින් මේ නොවඩන ලද ආයතනයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොවඩන ලද ආයතනයයි වදාරණ ලදී.
16. , මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට දිවෙන් රසයක් විඳ අරමුණුකරා දුවන්නාවූ බන්‍ධනයට හේතුවූ ලාමකවූ අකුසල කල්පනාවෝ නූපදිත්ද, මහණෙනි, භික්‍ෂුව විසින් මේ නොවඩන ලද ආයතනයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොවඩන ලද ආයතනයයි වදාරණ ලදී.
17. , මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට කයින් ස්පර්‍ශයක් කොට අරමුණුකරා දුවන්නාවූ බන්‍ධනයට හේතුවූ ලාමකවූ අකුසල කල්පනාවෝ නූපදිත්ද, මහණෙනි, භික්‍ෂුව විසින් මේ නොවඩන ලද ආයතනයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොවඩන ලද ආයතනයයි වදාරණ ලදී.
18. , මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට සිතින් ධර්‍මාරමමණයන් දැන අරමුණට දුවන්නාවූ බන්‍ධනයට හේතුවූ ලාමකවූ අකුසල කල්පනාවෝ නූපදිත්ද, මහණෙනි, භික්‍ෂුව විසින් මේ නොවඩන ලද ආයතනයයි දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නොවඩන ලද ආයතනයයි වදාරණ ලදී. මහණෙනි, මොහු සවැදෑරුම්වූ නොවඩන ලද ආයතනයෝයයි කියනු ලැබෙත්යයි, (වදාළේය.)
–––––––––––
2. සඞගයහ සූත්‍රය. (2)
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි වූ ,කලන්‍දක නිවාප, නම්ලත් වේළු (උණ) වනයෙහි වාසය කරණ සේක.
2. ඉක්බිති ආයුෂ්මත් මාලුඞ්ක්‍ය පුත්‍ර නම් ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් මාලුඞ්ක්‍ය පුත්‍ර ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. ‘ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයකුත් අසා එකලාව සමූහයෙන් වෙන්ව අප්‍රමාදව කෙළෙස් තවන වීය්‍ර්‍ය
යෙන් යුක්තව ආත්ම පරිත්‍යාගයෙන් වාසය කරන්නෙම්ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු ධර්‍මයක් සැකෙවින් දේශනා කරණසේක්නම් මැනව’ කියායි.
3. , මාලුඞ්ක්‍යපුත්‍රය, ජරාජීර්ණවූ වයෝවෘඞවූ මහලුවූ කල් ඉක්මවූ වැඩි වයසට පැමිණියාවූ භික්‍ෂුවක් වූ නුඹ වනාහි සැකෙවින් අවවාදය ඉල්ලන්නෙහිය. මේ කාරණයෙහිලා තරුණ භික්‍ෂූන්ට කුමක් කියන්නෙමුද?,
, ස්වාමීනි, මම ජරාජීර්ණවූ වයොවෘඞවූ මහලුවූ කල් ඉක්මගිය වයස්ගත වූයෙක් වී නමුත් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට සැකෙවින් ධර්‍මය දේශනා කරණසේක්වා. සුගතයන් වහන්සේ මට සැකෙවින් ධර්‍මය දේශනා කරණසේක්වා. මම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙහි අත්‍ර්‍ථය දැනගන්නෙම් නම්, යෙහෙක. මම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට උරුමක්කාරයෙක් වන්නෙම්නම් යෙහෙකැයි, කීය.
4. , මාලුඞ්ක්‍යපුත්‍රය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඇසින් දතයුතුවූ, නුදුටුවාවූ, නුදුටුවිරූ යම් ඒ රූපයෝ වෙත්ද (දැනුදු) ඒ රූපයන් නොදක්නෙහිද, (මතු) ඒ රූපයන් දක්නෙමියි නොසිතෙයිද (එවිට) තොපට එහි කැමැත්තක් හෝ ඇල්මක් හෝ ප්‍රේමයක් හෝ ඇත්තේද?, – ,ස්වාමීනි, එය නොවේමැයි.,
, කණින් දතයුතුවූ, නොඇසුවාවූ, නොඅසනලදවිරූ යම් මේ ශබ්දයෝ වෙත්ද (දැනුදු) ඒ ශබ්දයන් නොඅසන්නෙහිද, (මතු) ඒ ශබ්දයන් අසන්නෙමියි නොසිතෙයිද (එවිට) තොපට එහි කැමැත්තක් හෝ ඇල්මක් හෝ ප්‍රේමයක් හෝ ඇත්තේද?, – ,ස්වාමීනි, එය නොවේමැයි.,
, නාසයෙන් දතයුතුවූ, ආඝ්‍රාණය නොකළාවූ, ආඝ්‍රාණය නොකළවිරූ යම් ඒ ගන්‍ධයෝ වෙත්ද (දැනුදු) ඒ ගන්‍ධයන් ආඝ්‍රාණය නොකෙරෙහිද, (මතු) ඒ ගන්‍ධයන් ආඝ්‍රාණය කරන්නෙමියි නොසිතෙයිද (එවිට) තොපට එහි කැමැත්තක් හෝ ඇල්මක් හෝ ප්‍රේමයක් හෝ ඇත්තේද?, – ,ස්වාමීනි, එය නොවේමැයි.,
, දිවෙන් දතයුතුවූ, රස නොවින්දාවූ, රසනොවිඳිනලදවිරූ යම් මේ රසයෝ වෙත්ද (දැනුදු) ඒ රස නොවිඳින්නෙහිද, (මතු) ඒ රසයන් රසවිඳින්නෙමියි නොසිතෙයිද (එවිට) තොපට එහි කැමැත්තක් හෝ ඇල්මක් හෝ ප්‍රේමයක් හෝ ඇත්තේද?, – ,ස්වාමීනි, එය නොවේමැයි.,
, කයින් දතයුතුවූ, ස්පර්‍ශ නොකළාවූ, ස්පර්‍ශ නොකළවිරූ යම් මේ ස්පර්‍ශයෝ වෙත්ද (දැනුදු) ඒ ස්පර්‍ශයන් ස්පර්‍ශනොකෙරෙහිද, (මතු) ඒ ස්පර්‍ශයන් ස්පර්‍ශ කරන්නෙමියි නොසිතෙයිද (එවිට) තොපට එහි කැමැත්තක් හෝ ඇල්මක් හෝ ප්‍රේමයක් හෝ ඇත්තේද?, – ,ස්වාමීනි, එය නොවේමැයි.,
, සිතින් දතයුතුවූ, නොදන්නාලද්දාවූ, නොදන්නාලදවිරූ යම් මේ ධර්‍මයෝ වෙත්ද (දැනුදු) ඒ ධර්‍මයන් නොදන්නෙහිද, (මතු) ඒ ධර්‍මයන් දැනගන්නෙමියි නොසිතෙයිද (එවිට) තොපට එහි කැමැත්තක් හෝ ඇල්මක් හෝ ප්‍රේමයක් හෝ ඇත්තේද?, – ,ස්වාමීනි, එය නොවේමැයි.,
5. , මාලුඞකපුත්‍රය, මෙහිද තොපට ඇසින් කණින් නැහැයෙන් දිවෙන් කයින් සිතින් දතයුතු ධර්‍මයන් අතුරෙන් දක්නා ලද්දෙහි, දැකීම පමණක් වන්නේය. අසන ලද්දෙහි ඇසීම පමණක් වන්නේය. සිඹින ලද්දෙහි සිඹීම පමණක් වන්නේය. රස විඳින ලද්දෙහි රස විඳීම පමණක් වන්නේය. ස්පර්‍ශ කරණ ලද්දෙහි ස්පර්‍ශ කිරීම පමණක් වන්නේය. දන්නා ලද්දේහි දැනගැනීම පමණක් වන්නේය.
, මාලුඞ්ක්‍යපුත්‍රය, යම් කලෙක තොපට ඇස කණ නැහැය දිව කය සහ සිත යන මෙයින් දතයුතු ධර්‍මයන් අතුරෙහි දුටු දෙයෙහි දැකීම පමණක් වන්නේද, ඇසූ දෙයෙහි ඇසීම පමණක් වන්නේද, සිඹින ලද දෙයෙහි සිඹීම පමණක් වන්නේද, රස විඳින ලද දෙයෙහි රස විඳීම පමණක් වන්නේද, ස්පර්‍ශ කරණ ලද දෙයෙහි ස්පර්‍ශ කිරීම පමණක් වන්නේද, දැනගත් දෙයෙහි දැනගැනීම පමණක් වන්නේද, මාලුඞ්ක්‍යපුත්‍රය, එකල්හි නුඹ එයින් (ඒ රාගාදියෙන් රත් වූවෙක්) නොවන්නෙහිය. මාලුඞ්ක්‍යපුත්‍රය, යම් කලෙක නුඹ එයින් යුක්ත නොවෙහිද, මාලුඞ්ක්‍යපුත්‍රය, එකල්හි නුඹ එහි ඒ දිටඨි ආදියෙහි ඇළුනෙක් නොවෙහිය. මාලුඞකපුත්‍රය, යම් කලෙක නුඹ එහි ඇළුනෙක් නොවෙහිද, මාලුඞ්ක්‍යපුත්‍රය, එකල්හි නුඹ මෙලොවද නැත, පරලොවද නැත දෙලොවෙහිම නැත. මෙයම දුකඛයාගේ කෙළවර වේයයි, වදාළ සේක.
ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දේශනා කරන ලද මේ ධර්‍මයාගේ අත්‍ර්‍ථය විස්තර වශයෙන් දනිමි.
6. , රූපය දැක ප්‍රිය අරමුණක් වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිහිය විනාශ වේ. හෙතෙම ඇලෙන්නාවූ සිතින් එය විඳියි. එහි ගිලී සිටියි.
, ඔහුට රූපය නිසා හටගන්නාවූ නොයෙක් විඳීම් වැඩෙත්. අභිධ්‍යාවෙන්ද විහිංසාවෙන්ද ඔහුගේ සිත නැසේ. මෙසේ දුක් රැස් කරන්නහුට නිවණ දුරයැයි කියනු ලැබේ.
, ශබ්දයක් අසා ප්‍රිය අරමුණක් වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිහිය විනාශ වේ. ඇළුම් සහිත සිත් ඇත්තේ එය විඳියි. එහි ගිලී සිටියි.
, ඔහුට ශබ්දය නිසා හටගන්නාවූ නොයෙක් විඳීම් වැඩෙත්. අභිධ්‍යාවෙන්ද විහිංසාවෙන්ද මොහුගේ සිත නැසේ. මෙසේ දුක් රැස් කරන්නහුට නිවණ දුරයැයි කියනු ලැබේ.
, ගඳ ආඝ්‍රාණය කොට ප්‍රිය අරමුණක් වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිහිය විනාශ වේ. ඇළුම් සහිත සිත් ඇත්තේ එය විඳියි. එහි ගිලී සිටියි.
, ඔහුට ගන්‍ධය නිසා හටගන්නාවූ නොයෙක් විඳීම් වැඩෙත්. අභිධ්‍යාවෙන්ද විහිංසාවෙන්ද ඔහුගේ සිත නැසේ. මෙසේ දුක් රැස් කරන්නහුට නිවණ දුරයැයි කියනු ලැබේ.
, රසය විඳ ප්‍රියවූ අරමුණක් වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිහිය විනාශ වේ. ඇළුම් සහිත සිත් ඇත්තේ එයද විඳියි. එහි ගිලී සිටියි. ඔහුට රසය නිසා හටගන්නාවූ නොයෙක් විඳීම් වැඩෙත්. අභිධ්‍යාවෙන්ද විහිංසාවෙන්ද ඔහුගේ සිත නැසේ. මෙසේ දුක් රැස් කරන්නහුට නිවණ දුරයැයි කියනු ලැබේ.
(ස්පර්‍ශයක්) ස්පර්‍ශකොට ප්‍රියවූ අරමුණක් වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිහිය විනාශ වේ. ඇළුම් සහිත සිත් ඇත්තේ එයද විඳියි. එහි ගැලී සිටියි. ඔහුට ස්පර්‍ශය නිසා හටගන්නාවූ නොයෙක් විඳීම් වැඩෙත්. අභිධ්‍යාවෙන්ද විහිංසාවෙන්ද ඔහුගේ සිත නැසේ. මෙසේ දුක් රැස් කරන්නහුට නිවණ දුරයැයි කියනු ලැබේ.
, ධර්‍මාරමුණු දැන ප්‍රියවූ අරමුණක් වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිහිය විනාශ වේ. ඇළුම් සිත් ඇත්තේ එයද විඳියි. එහි ගැලී සිටියි. ඔහුට ධර්‍මාරමුණු නිසා හටගන්නාවූ නොයෙක් විඳීම් වැඩෙත්. අභිධ්‍යාවෙන්ද විහිංසාවෙන්ද ඔහුගේ සිත වැනසේ. මෙසේ දුක් රැස් කරන්නහුට නිවණ දුරයැයි කියනු ලැබේ.
7. , හෙතෙම සිහියෙන් යුක්තව රූපයක් දැක රූපයන්හි නොඇලෙයිද, නොඇලුණු සිතින් එය විඳියිද, එහි නොගිලී සිටියිද, රූපය දක්නාවූද, වේදනාව සේවනය කරන්නාවූද, ඔහුට දුක යම්සේ ක්‍ෂය වේද, රැස් නොවේද, එසේ හෙතෙම සිහියෙන් යුක්තව වාසය කරයි. මෙසේ දුක් රැස් නොකරන්නහුට නිවණ ලඟයයි කියනු ලැබේ.
, හෙතෙම සිහියෙන් යුක්තව ශබ්දය අසා ශබ්දයන්හි නොඇලෙයි, නොඇලුණු සිතින් එය විඳියි, එහි නොගැලී සිටියි, ශබ්දය අසන්නාවූද, වේදනාව සේවනය කරන්නාවූද, මොහුට යම්සේ දුක ක්‍ෂය වේද, රැස් නොවේද, එසේ හෙතෙම සිහියෙන් යුක්තව වාසය කරයි. මෙසේ දුක් රැස් නොකරන්නහුට නිවණ ලඟයයි කියනු ලැබේ.
, හෙතෙම සිහියෙන් යුක්තව ගන්‍ධය ආඝ්‍රාණයකොට ගන්‍ධයන්හි නොඇලෙයි, නොඇළුණු සිතින් එය විඳියි, එහි නොගැලී සිටියි, ගන්‍ධය ආඝ්‍රාණය කරන්නාවූද, වේදනාව සේවනය කරන්නාවූද, මොහුට යම්සේ දුක ක්‍ෂය වේද, රැස් නොවේද, මෙසේ හෙතෙම සිහියෙන් යුක්තව වාසය කරයි. මෙසේ දුක් රැස් නොකරන්නහුට නිවණ ලඟයයි කියනු ලැබේ.
, හෙතෙම සිහියෙන් යුක්තව රසය විඳ රසයන්හි නොඇලෙයි, නොඇලුණු සිතින් එය විඳියි, එහි නොගැලී සිටියි, රසය විඳින්නාවූද, වේදනාව සේවනය කරන්නාවූද, මොහුට යම්සේ දුක ක්‍ෂය වේද, රැස් නොවේද, එසේ හෙතෙම සිහියෙන් යුක්තව වාසය කරයි. මෙසේ දුක් රැස් නොකරන්නහුට නිවණ ලඟයයි කියනු ලැබේ.
, හෙතෙම සිහියෙන් යුක්තව ස්පර්‍ශයක් ස්පර්‍ශකොට ස්පර්‍ශයන්හි නොඇලෙයි, නොඇලුණු සිතින් එය විඳියි, එහි නොගැලී සිටියි, ස්පර්‍ශයක් ස්පර්‍ශ කරන්නාවූද, වේදනාව සේවනය කරන්නාවූද, මොහුට යම්සේ දුක ක්‍ෂය වේද, රැස් නොවේද, එසේ හෙතෙම සිහියෙන් යුක්තව වාසය කරයි. මෙසේ දුක් රැස් නොකරන්නහුට නිවණ ලඟයයි කියනු ලැබේ.
, හෙතෙම සිහියෙන් යුක්තව ධර්‍මාරම්මණයන් දැන ධර්‍මයන්හි නොඇලෙයි, නොඇලුණු සිතින් එය විඳියි, එහි නොගැලී සිටියි, ධර්‍මාරමමණයන් දන්නාවූද, වේදනාව සේවනය කරන්නාවූද, මොහුට යම්සේ දුක ක්‍ෂය වේද, රැස් නොවේද, එසේ හෙතෙම සිහියෙන් යුක්තව වාසය කරයි. මෙසේ දුක් රැස් නොකරන්නහුට නිවණ ලඟයයි කියනු ලැබේ.,
, ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්‍ෂෙපයෙන් වදාරණ ලද මේ ධර්‍මයාගේ අත්‍ර්‍ථය මෙසේ විස්තර වශයෙන් දනිමියි, (කීයේය.)
8. , මාලුඞක්‍යපුත්‍රය, යහපත, යහපත, මාලුඞ්ක්‍යපුත්‍රය, නුඹ මා විසින් කොටින් කියන ලද්දහුගේ අත්‍ර්‍ථය විස්තර වශයෙන් දැනගත්තෙහිය, යහපත.
, රූපය දැක ප්‍රිය අරමුණක් වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිහිය විනාශ වේ. හෙතෙම ඇලෙන්නාවූ සිතින් එය විඳියි. එහි ගිලී සිටියි. ඔහුට රූපය නිසා හටගන්නාවූ නොයෙක් විඳීම් වැඩෙත්. අභිධ්‍යාවෙන්ද විහිංසාවෙන්ද ඔහුගේ සිත නැසේ. මෙසේ දුක් රැස් කරන්නහුට නිවණ දුරයැයි කියනු ලැබේ.
, ශබ්දයක් අසා ප්‍රිය අරමුණක් වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිහිය විනාශ වේ. ඇළුම් සහිත සිත් ඇත්තේ එය විඳියි. එහි ගිලී සිටියි. ඔහුට ශබ්දය නිසා හටගන්නාවූ නොයෙක් විඳීම් වැඩෙත්. අභිධ්‍යාවෙන්ද විහිංසාවෙන්ද මොහුගේ සිත නැසේ. මෙසේ දුක් රැස් කරන්නහුට නිවණ දුරයැයි කියනු ලැබේ.
, ගඳ ආඝ්‍රාණය කොට ප්‍රිය අරමුණක් වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිහිය විනාශ වේ. ඇළුම් සහිත සිත් ඇත්තේ එය විඳියි. එහි ගිලී සිටියි. ඔහුට ගන්‍ධය නිසා හටගන්නාවූ නොයෙක් විඳීම් වැඩෙත්. අභිධ්‍යාවෙන්ද විහිංසාවෙන්ද ඔහුගේ සිත නැසේ. මෙසේ දුක් රැස් කරන්නහුට නිවණ දුරයැයි කියනු ලැබේ.
, රසය විඳ ප්‍රියවූ අරමුණක් වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිහිය විනාශ වේ. ඇළුම් සහිත සිත් ඇත්තේ එයද විඳියි. එහි ගිලී සිටියි. ඔහුට රසය නිසා හටගන්නාවූ නොයෙක් විඳීම් වැඩෙත්. අභිධ්‍යාවෙන්ද විහිංසාවෙන්ද ඔහුගේ සිත නැසේ. මෙසේ දුක් රැස් කරන්නහුට නිවණ දුරයැයි කියනු ලැබේ.
, (ස්පර්‍ශයක්) ස්පර්‍ශකොට ප්‍රියවූ අරමුණක් වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිහිය විනාශ වේ. ඇළුම් සහිත සිත් ඇත්තේ එයද විඳියි. එහි ගැලී සිටියි. ඔහුට ස්පර්‍ශය නිසා හටගන්නාවූ නොයෙක් විඳීම් වැඩෙත්. අභිධ්‍යාවෙන්ද විහිංසාවෙන්ද ඔහුගේ සිත නැසේ. මෙසේ දුක් රැස් කරන්නහුට නිවණ දුරයැයි කියනු ලැබේ.
, ධර්‍මාරමුණු දැන ප්‍රියවූ අරමුණක් වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිහිය විනාශ වේ. ඇළුම් සිත් ඇත්තේ එයද විඳියි. එහි ගැලී සිටියි. ඔහුට ධර්‍මාරමුණු නිසා හටගන්නාවූ නොයෙක් විඳීම් වැඩෙත්. අභිධ්‍යාවෙන්ද විහිංසාවෙන්ද ඔහුගේ සිත වැනසේ. මෙසේ දුක් රැස් කරන්නහුට නිවණ දුරයැයි කියනු ලැබේ.
, හෙතෙම සිහියෙන් යුක්තව රූපයක් දැක රූපයන්හි නොඇලෙයිද, නොඇලුණු සිතින් එය විඳියිද, එහි නොගිලී සිටියිද, රූපය දක්නාවූද, වේදනාව සේවනය කරන්නාවූද, ඔහුට දුක යම්සේ ක්‍ෂය වේද, රැස් නොවේද, එසේ හෙතෙම සිහියෙන් යුක්තව වාසය කරයි. මෙසේ දුක් රැස් නොකරන්නහුට නිවණ ලඟයයි කියනු ලැබේ.
, හෙතෙම සිහියෙන් යුක්තව ශබ්දය අසා ශබ්දයන්හි නොඇලෙයි, නොඇලුණු සිතින් එය විඳියි, එහි නොගැලී සිටියි, ශබ්දය අසන්නාවූද, වේදනාව සේවනය කරන්නාවූද, මොහුට යම්සේ දුක ක්‍ෂය වේද, රැස් නොවේද, එසේ හෙතෙම සිහියෙන් යුක්තව වාසය කරයි. මෙසේ දුක් රැස් නොකරන්නහුට නිවණ ලඟයයි කියනු ලැබේ.
, හෙතෙම සිහියෙන් යුක්තව ගන්‍ධය ආඝ්‍රාණයකොට ගන්‍ධයන්හි නොඇලෙයි, නොඇළුණු සිතින් එය විඳියි, එහි නොගැලී සිටියි, ගන්‍ධය ආඝ්‍රාණය කරන්නාවූද, වේදනාව සේවනය කරන්නාවූද, මොහුට යම්සේ දුක ක්‍ෂය වේද, රැස් නොවේද, මෙසේ හෙතෙම සිහියෙන් යුක්තව වාසය කරයි. මෙසේ දුක් රැස් නොකරන්නහුට නිවණ ලඟයයි කියනු ලැබේ.
, හෙතෙම සිහියෙන් යුක්තව රසය විඳ රසයන්හි නොඇලෙයි, නොඇලුණු සිතින් එය විඳියි, එහි නොගැලී සිටියි, රසය විඳින්නාවූද, වේදනාව සේවනය කරන්නාවූද, මොහුට යම්සේ දුක ක්‍ෂය වේද, රැස් නොවේද, එසේ හෙතෙම සිහියෙන් යුක්තව වාසය කරයි. මෙසේ දුක් රැස් නොකරන්නහුට නිවණ ලඟයයි කියනු ලැබේ.
, හෙතෙම සිහියෙන් යුක්තව ස්පර්‍ශයක් ස්පර්‍ශකොට ස්පර්‍ශයන්හි නොඇලෙයි, නොඇලුණු සිතින් එය විඳියි, එහි නොගැලී සිටියි, ස්පර්‍ශයක් ස්පර්‍ශ කරන්නාවූද, වේදනාව සේවනය කරන්නාවූද, මොහුට යම්සේ දුක ක්‍ෂය වේද, රැස් නොවේද, එසේ හෙතෙම සිහියෙන් යුක්තව වාසය කරයි. මෙසේ දුක් රැස් නොකරන්නහුට නිවණ ලඟයයි කියනු ලැබේ.
, හෙතෙම සිහියෙන් යුක්තව ධර්‍මාරම්මණයන් දැන ධර්‍මයන්හි නොඇලෙයි, නොඇලුණු සිතින් එය විඳියි, එහි නොගැලී සිටියි, ධර්‍මාරමමණයන් දන්නාවූද, වේදනාව සේවනය කරන්නාවූද, මොහුට යම්සේ දුක ක්‍ෂය වේද, රැස් නොවේද, එසේ හෙතෙම සිහියෙන් යුක්තව වාසය කරයි. මෙසේ දුක් රැස් නොකරන්නහුට නිවණ ලඟයයි කියනු ලැබේ.,
, මාලුඞ්ක්‍යපුත්‍රය, මා විසින් සැකෙවින් කියන ලද්දාවූ මේ ධර්‍මයාගේ අත්‍ර්‍ථය මෙසේ විස්තර වශයෙන් දතයුත්තේයයි, වදාළ සේක.
9. ඉක්බිති ආයුෂ්මත් මාලුඞ්න්‍යපුත්‍ර ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගෙන අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ගෞරවකොට ගියේය. ඉක්බිති ආයුෂ්මත් මාලුඞ්න්‍යපුත්‍ර ස්ථවිරතෙම හුදකලාව, සමූහයාගෙන් වෙන්ව අප්‍රමාදව කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව ආත්ම පරිත්‍යාගයෙන් වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොටම ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙලවරකොට ඇති ඒ උතුම් අත්‍ර්‍ථය මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කෙළේය.
ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිමවන ලද්දේය. සතර මගින් කළයුත්ත කරණලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගත්තේය. ආයුෂ්මත් මාලුඞ්න්‍යපුත්‍ර ස්ථවිරතෙමේ වනාහි රහතුන්ගෙන් එක්තරා කෙනෙක්ද වූයේයයි වදාළේය.
––––––––––
1. සඞගය්හ සූත්‍රය (1)
1. සඞගය්හ සූත්‍රය (1)
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ ,කලන්‍දක නිවාප, නම්ලත් වේළු (උණ) වණයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන්හට කථාකළ සේක. ‘පින්වතුන් වහන්සැයි’ කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.
2. , මහණෙනි, දමනය නොකරණ ලද්දාවූ ගෝපනය නොකරණ ලද්දාවූ නොරක්නා ලද්දාවූ සංවර නොකරණ ලද්දාවූ මේ ස්පර්‍ශායතනයෝ සදෙනෙක් අධික දුක් එලවන්නාහු වෙත්, කවර සදෙනෙක්ද යත්? Continue reading