11. රාගාදි පෙයියාලය

1. ´´මහණෙනි, රාගයේ දැන ගැනීම පිණිස කරුණු අටක් වැඩිය යුතුය. කවර අටක්ද? නිවැරැදි දැක්ම, නිවැරැදි වචනය, නිවැරැදි කල්පනාව, නිවැරැදි වෑයම, නිවැරැදි කර්මාන්තය, නිවැරැදි ආජීවය, නිවැරැදි සිහිය, නිවැරැදි සිත එකඟකම යනුය. මහණෙනි, රාගයාගේ දැන ගැනීම පිණිස, මේ කරුණු අට වැඩිය යුතුය. කවර අටක්ද?

2. ´´ඇතුළත රූපය යන හැඟීම ඇත්තේ පිටත කුඩාවූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය.

3. ´´ඇතුළත රූපය යන හැඟීම ඇත්තේ පිටත අප්‍රමාණවූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය.

4. ´´ඇතුළත අරූප යන හැඟීම ඇත්තේ පිටත කුඩාවූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය.

5. ´´ඇතුළත අරූපය යන හැඟීම ඇත්තේ පිටත අප්‍රමාණවූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය.

6. ´´ඇතුළත අරූපය යන හැඟීම ඇත්තේ පිටත නිල්වූ, නිල්වන්වූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය.

7. ´´ඇතුළත අරූපය යන හැඟීම ඇත්තේ පිටත රන්වූ, රන්වන්වූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය.

8. ´´ඇතුළත අරූපය යන හැඟීම ඇත්තේ පිටත ලේ වූ, ලේ වන්වූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය.

9. ´´ඇතුළත අරූපය යන හැඟීම ඇත්තේ පිටත සුදුවූ සුදුවන්වූ, සුදට බඳු ආකාර ඇත්තාවූ, සුදට බඳු වැටහීම් ඇත්තාවු, රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය. මහණෙනි, රාගයේ දැන ගැනීම පිණිස මේ කරුණු අට වැඩිය යුතුය.

10. ´´ මහණෙනි, රාගයේ දැන ගැනීම පිණිස කරුණු අටක් වැඩිය යුතුය. කවර අටක්ද? රූප ඇත්තේ, රූපයන් බලාද, ඇතුලත අරූපය යන හැඟීම ඇත්තේ, පිටත රූප බලාද, ශුභයයිම ඇලුණේ වේද, හැම අතින් රූපය යන හැඟීම ඉක්මවා, ෙවෂ හැඟීම යටපත් කොට, වෙනස්කම් පිළිබඳ හැඟීම් නොසිතා, අහස කෙළවරක් නැත්තේයයි ආකාසානඤ්චායතන (අහසේ තැන) නම් පළමුවන අරූප ධ්‍යානයට පැමිණ වෙසේද, හැම අතින් ආකාසානඤ්චායතනය ඉක්මවා සිත කෙළවරක් නැත්තේයයි විඤ්ඤාණඤ්චායතන (සිතේ තැන) නම් දෙවන ධ්‍යානයට පැමිණ වෙසේද, හැම අතින් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිත් නැතැයි ආකිඤ්චඤ්ඤායතන (කිසිත් නැති තැන) නම් තුන්වන ධ්‍යානයට පැමිණ වෙසේද, හැම අතින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතන (හැඟීම නොවේය, නොහැඟීමක්ද නැත) යන සතරවන ධ්‍යානයට පැමිණ වෙසේද, හැම අතින් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිතනිරෝධ (හැඟීම් – විඳීම් නැති කළ) සමවතට පැමිණ වෙසේද,

11. ´´මහණෙනි, රාගය දැනගැනීම පිණිස මේ කරුණු අට වැඩිය යුතුය. මහණෙනි, රාගය පිළිබඳ (තීන්දු කොට) දැනීම පිණිස, සම්පූර්‍ණයෙන් ගෙවා දැමීමට, නැති කිරීමට, පහ කිරීමට, වැය කිරීමට, නොඇල්මට, නොපැවැත්මට, හැර දැමීමට, දුරු කිරීමට මේ කරුණු අට වැඩිය යුතුය.

(සාමඤ්ඤ වර්‍ගයේ රාගය වෙනුවට මෙහි පහත දැක්වෙන ෙවෂ යනාදිය යොදනු.)

12. ´´ෙවෂය, මොහය, ක්‍රොධය, බද්ධ වෛරය, ගුණමකු බව, දොස් කීම, ඊෂ්‍ර්‍යාව, මසුරුකම, මායාව, සට බව, ආඩම්බරය, එකටෙක කිරීම, මානය, අතිමානය, මදය, පමාව, — මනාව දැනීමට, තීන්දුකොට දැනීමට, සම්පූර්‍ණයෙන් ගෙවීමට, නැතිකිරීමට, පහකිරීමට, වැයකිරීමට, නොඇල්මට, නොපැවැත්මට, හැර දැමීමට, දුරුකිරීමට මේ කරුණු අට වැඩිය යුතුය.´´

සාමඤ්ඤ වර්‍ගය – 1 – 27 සූත්‍ර

1 – 27 සූත්‍ර
බොජඣාය, සිරිමාය, පදුමාය, සුධනාය, මනුජාය, උත්තරාය, මුත්තාය, ඛෙමාය, සෝමාය, සොතය, රුචිය, චුන්‍දිය, බිම්බිය, සුමනාය, මල්ලිකාය, තිස්සාය, තිස්සාවගේ මව්ය, සොණාය, සොණාවගේ මව්ය, කාණාය, කාණාවගේ මව්ය, උත්තරා නම් නන්‍ද මාතාවය, විශාඛා නම් මිගාර මාතාවය, ඛුජ්ජුත්තරා නම් උපාසිකාවය, සාමාවතී නම් උපාසිකාවය, සුප්පවාසා නම් කෝලිය දූය, සුප්පියා නම් උපාසිකාවය, නකුල මාතාව නම් ගෘහපති භාර්යාය යන

(ඉහත දක්වන නාම අනුව මෙහි පහත දක්වන සූත්‍රය මෙන් සකස් කළ යුතුය.)

1. ´´එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනාථ පිණ්ඩික සිටාණන් විසින් කරවන ලද ජෙතවනාරාමයෙහි වසන සේක. ඉක්බිත්තෙන් වනාහි බොජ්ඣා උපාසිකාව භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නාය. එකත්පසෙක හුන් බොජ්ඣා උපාසිකාවට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. ´´බොජ්ඣාවෙනි, අංග අටකින් යුත් පෙහෙවස් සමාදන්වූයේ මහත් ඵල වේ. මහත් ආනිශංස වේ. මහත් ආලෝක ඇත්තේ වේ. මහත් පැතිරීම් ඇත්තේ වේ. බොජ්ඣාව, මෙහි ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ සලකයි.

3. ´´ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ සතුන් නැසීම හැර දමා, සතුන් මැරීමෙන් වෙන්වී, බහා තැබූ දඬු ඇතිව, බහා තැබූ ආයුධ ඇතිව, ලජ්ජා ඇතිව, දයාවට පැමිණ, සියලු ප්‍රාණභූතයන්ට හිත අනුකම්පා ඇතිව වසත්. ´´මමත් අද මේ රැය, මේ දවස, සතුන් මැරීම හැර දමා, සතුන් මැරීමෙන් වෙන්ව, බහා තැබූ දඬු ඇතිව, බහා තැබූ ආයුධ ඇතිව, ලජ්ජා ඇත්තේ, දයාවට පැමිණියේ, සියලු ප්‍රාණභූතයන්ට හිත අනුකම්පා ඇත්තේ වසමි. ´´මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේය´´ යි මේ පළමුවන අංගයෙන් යුක්තවූයේ වෙයි.

4. ´´ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ අනුන් දුන් දෙය ගැනීමෙන් තොරව, දුන් දෙය ගන්නේ, දුන් දෙය බලාපොරොත්තු වන්නේ, ඉක්බිති මේ පිරිසිදුවූ ආත්මයෙන් වෙසෙත්ද, ´´මමත් අද මේ රැය, මේ දවස, නුදුන් දෙය ගැන්ම හැර දමා නුදුන් දෙය ගැන්මෙන් වෙන්වූයේ, දුන් දෙය ගන්නේ දුන් දෙය බලාපොරොත්තුවන්නේ, ඉක්බිති මේ පිරිසිදුවූ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේය´´ යි මේ දෙවන අංගයෙන් යුක්තවූයේ වෙයි.

5. ´´ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ කාම සේවනය (බ්‍රහ්මයා මෙන් නොහැසිරීම) හැර දමා බඹසර රකින්නේ (කාම සේවනය නොකරන්නේ) දුරුව හැසිරෙන්නේ, දෙදෙනෙකුගේ හැසිරීමවූ ගමුන්ගේ ක්‍රියාවෙහි නොඇලුණේද, ´මමත් අද මේ රැය, මේ දවාල, කාම සේවනය හැර, කාම සේවනයෙන් තොර බඹසර රකින්නේ, දුරුව හැසිරෙන්නේ, දෙදෙනෙකුගේ හැසිරීමවූ ගමුන්ගේ ක්‍රියාවෙහි නොඇලුණේ වෙමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේය´´ යි මේ තුන්වන අංගයෙන්ද යුක්තවූයේ වෙයි.

6. ´´ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ බොරුකීම හැරදමා, බොරු කීමෙන් වෙන්වූයේ, ඇත්ත කියන්නේ, ඇත්තට බැඳී ඇත්තේ, ඇදහිය යුතුවූයේ, විශ්වාස කළ හැකි වූයේ, ලෝකයාට නොගැලපෙන කියුම් නැත්තේ වෙත්. මමද බොරුකීම හැර දමා, බොරු කීමෙන් වෙන්ව, සත්‍යය කියන්නේ, සත්‍යය බලාපොරොත්තු වන්නේ, ඉක්බිති මේ ආත්මයෙන් වසමි. ´´මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස්ද සමාදන් වූයේ වන්නේය´´ යි මේ සතරවන අංගයෙන් යුක්තවූයේ වෙයි.

7. ´´ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ රා මෙර මත් ද්‍රව්‍යයන්හි පමාව සිටීම හැර, රා මෙර මත් ද්‍රව්‍යවල ප්‍රමාදව සිටීමෙන් වෙන්වේද, මමත් අද මේ රැය, මේ දාවල, රා මෙර පානය හැර දමා, රා මෙර පානයෙන් වෙන්ව, ඉක්බිති මේ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේයයි මේ පස්වන අංගයෙන්ද යුක්තවූයේ වෙයි.

8. ´´ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ එකම බතක් වළඳන්නේ, විකාල (නොකල) කෑමෙන්රෑ වෙන්වූයේ, නොඇලුණේ වෙත්. මමද මේ රැය, මේ දාවල, විකාල භෝජනයෙන් වැලකෙන්නේ, විකාල භෝජනයෙන් වෙන්ව, ඉක්බිති මේ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේයයි මේ හයවන අංගයෙන්ද යුක්තවූයේ වෙයි.

9. ´´ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ නැටීම්, ගී කීම්, බෙර ගැසීම්, උසුළු විසුළු බැලීම්, මල්දම් සුවඳ විලවුන් දැරීම, පැළඳීම, සැරසීම යන කරුණු වලින් වැළකුණේ වෙයි. මමද අද මේ රැය, මේ දවස, නැටීම්, ගී කීම්, බෙර ගැසීම්, උසුළු විසුළු බැලීම්, මල්දම් සුවඳ විලවුන් දැරීම, පැළඳීම, සැරසීම යන කරුණු වලින් වැළකුණේ, නැටීම්, ගී කීම්, බෙර ගැසීම්, උසුළු විසුළු බැලීම්, මල්දම් සුවඳ විලවුන් දැරීම, පැළඳීම, සැරසීම යන කරුණු වලින් වෙන්ව ඉක්බිති මේ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේයයි මේ සත්වන අංගයෙන් යුක්තවූයේ වෙයි.

10. ´´ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ උස් අසුන්, මහ අසුන් හැර, උස් අසුන් මහ අසුන්වලින් වෙන්ව, මැස්සක හෝ, තණ ඇතිරියක හෝ, පැදුරෙහි නිදීම කරන්නේ වේද, ´මමද මේ රැය, මේ දවාල, උස් අසුන් මහ අසුන් හැර, උස් අසුන් මහ අසුන්වලින් වෙන්ව, වැලකෙන්නේ, උස් අසුන් මහ අසුන් හැර, උස් අසුන් මහ අසුන්වලින් වෙන්ව, ඉක්බිති මේ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේයයි මේ අටවැනි අංගයෙන්ද යුක්තවූයේ වෙයි. මහණෙනි, අංග අටකින් යුත් පෙහෙවස් සමාදන්වූයේ මහත් ඵලය. මහානිශංසය. මහත් ආලෝක ඇත්තේය. මහත් පැතිරීම් ඇත්තේය.

11. ´´බොජ්ඣාව, අංග අටකින් යුත් පෙහෙවස සමාදන්වූයේ, මහත් ඵලය, මහානිශංසය, මහත් ආලෝක ඇත්තේය. මහත් පැතිරීම් ඇත්තේය. ´´කොපමණ මහත් ඵලද, කොපමණ මහත් ආනිශංසද, කොපමණ මහත් ආලෝක ඇත්තේද, කොපමණ මහත් පැතිරීම් ඇත්තේද?

12. ´´ බොජ්ඣාව, යම්සේ යමෙක් මේ බොහෝ සත් රුවන් ඇති සොළොස් මහා ජනපදයන්හි ඉසුරු බව, අධිපතිබවවූ රාජ්‍යය කරන්නේද, කෙබඳු සොලොස් මහා ජනපදයන්ගේද යත්? අංග – මගධ – කාශි – කොශල – වජ්ජි – මල්‍ය – වෙදි – වංග – කුරු – පඤ්චාල – මත්ස්‍ය – ශුරසෙන – අශ්වක – අවන්ති – ගන්‍ධාර – කාම්බොජ යන මොවුන්ගේය.´´

13. ´´මෙය අංග අටකින් යුත් පෙහෙවස්හි සොළොස්වන කලාවටත් නොඅගී. එයට හේතු කවරේද? බොජ්ඣාව, දිව්‍ය සුඛය හා සසඳන කල මනුෂ්‍ය රාජ්‍යය දිළිඳුය.

14. ´´ බොජ්ඣාව, මිනිසුන්ගේ යම් පණස් අවුරුද්දක් වේද, ඒ සිව් මහා රජයේ දෙවියන්ට මේ එක්රෑ දවාලකි. ඒ රැයින් තිස් රැයක් මාසයයි. ඒ මාසයෙන් දොලොස් මසක් අවුරුද්දය. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ පන්සියයක් සිවු මහ රජයේ දෙවියන්ට ආයුෂ ප්‍රමාණයයි.

15. ´´ බොජ්ඣාව, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු සතර මහා රජයේ දෙවියන් හා සම බවට පැමිණෙයි යන කරුණු විද්‍යමාන වේ.

16. ´´ බොජ්ඣාව, දිව්‍ය සුඛය හා සසඳන කල මනුෂ්‍ය රාජ්‍යය දිළිඳුය. මේ සඳහා කියන ලදී. බොජ්ඣාව, මිනිසුන්ගේ යම් වර්‍ෂ සියයක් තව්තිසාවේ දෙවියනට මේ එකරෑ දවාලක් වේද, ඒ රැයින්රෑ තිහක් මාසයෙකි. ඒ මාසයෙන් දොළොස් මසක් අවුරුද්දෙකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ දහසක් තව්තිසාවේ දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණයයි. බොජ්ඣාව, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු තව්තිසා දෙවියන් හා සමානත්‍වයට පැමිණෙයි යන මේ කරුණ විද්‍යමාන වේ.

17. ´´ බොජ්ඣාව, මිනිසුන්ගේ යම් අවුරුදු දෙසියයක් යාම දෙවියන්ට මේ එක්රෑ දාවලක් වේද, ඒ රැයින් තිස් රැයක් මාසයෙකි. ඒ මසින් දොළොස් මසක් අවුරුද්දෙකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ දෙදහසක් යාම දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණයයි. බොජ්ඣාව, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු යාම දෙවියන් හා සමානත්‍වයට පැමිණෙයි යන මේ කරුණ විද්‍යමාන වේ.

18. ´´ බොජ්ඣාව, මිනිසුන්ගේ යම් අවුරුදු හාරසියයක් වේද, තුෂිත දෙවියන්ට මේ එක්රෑ දාවලකි. ඒ රැයින් තිස් රැයක් මාසයෙකි. ඒ මසින් දොළොස් මසක් අවුරුද්දකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ හාර දහසක් තුෂිත දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණයයි. බොජ්ඣාව, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු තුෂිත දෙවියන් හා සමානත්‍වයට පැමිණෙයි යන මේ කරුණ විද්‍යමාන වේ.

19. ´´ බොජ්ඣාව, මිනිසුන්ගේ යම් අවුරුදු අටසියයක් වේද, නිර්මාණ රතී දෙවියන්ට මේ එකරෑ දවාලෙකි. ඒ රැයින් තිස් රැයක් මාසයෙකි. ඒ මාසයෙන් දොළොස් මසක් අවුරුද්දෙකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ අටදහසක් නිර්මාණ රතී දෙවියන්ට ආයුෂ ප්‍රමාණයයි. බොජ්ඣාව, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු නිර්මණෙ රතී දෙවියන් හා සමානත්‍වයට පැමිණෙයි යන මේ කරුණ විද්‍යමාන වේ.

20. ´´ බොජ්ඣාව, මිනිසුන්ගේ යම් අවුරුදු දහසය දහසක්, පරනිර්මිත වසවර්ති දෙවියන්ට මේ එකරෑ දවාලකි. ඒ රැයින් තිස් රැයක් මාසයෙකි. ඒ මසින් දොළොස් මසක් අවුරුද්දෙකි. ඒ අවුරුද්දෙන් වර්ෂ දහසය දහසක් පරනිර්මිත වසවර්ති දෙවියන් ආයුෂ ප්‍රමාණයයි. බොජ්ඣාව, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු පරනිර්මිත වසවර්ති දෙවියන් හා සමානත්‍වයට පැමිණෙයි යන මේ කරුණ විද්‍යමාන වේ.

21.
(1) ´´පණ නොනසව. අනුන් දෙය නොගනුව. බොරු නොකියව, මත්පැන් බොන්නෙක් නොවව. දෙදෙනෙකුගේ හැසිරිමවූ අබ්‍රහ්මවර්යාවෙන් වෙන් වෙන්න. රැය නොකල්හි කෑම නොකව.

(2.) ´´මල්දම් නොදරව. සුවඳ නොගනුව. පොළොවේ මෙන් මැස්සෙහිද, තණ ඇතිරියේද නිදව. මෙය දුක් කෙළවරට ගිය බුදුන් පැවසූ අංග අටින් යුත් පෙහෙවසයයි කියත්.

(3.) ´´ඉරද, සඳද දෙදෙනා මනාව පෙනෙමින් එළිය පතුරුවත්ද, අහසේ හැසිරෙන, අඳුරු දුරලන, දිගුන් බබුළුවන ඔවුහු වනාහි අහසේ දිලිසෙත්.

(4.) ´´මේ අතර මුතුය, මැණික්ය, උසස් වෛදුර්යය, රත්රන්ද, එසේම රන්ද, යමක් ජාත රූපය හටකය කියාද, එයද සියලු චන්‍ද්‍ර ප්‍රභාවද, ඒ තාරකා සමූහයද, අංග අටින් යුත් පෙහෙවීමට දහසයින් අඩකුත් සමාන නොවේ.

(5.) ´´එබැවින් ස්ත්‍රීහුද, පුරුෂයෝද, සිල්වත්වූවාහු, අංග අටින් යුත් පෙහෙවීම සමාදන්ව වසත්වා. සැප විපාක ඇති පින් කර නින්‍දාවට නොගියාහු ස්වර්‍ග භූමියට එළඹෙත්.´´

40. සම්මාවත්තන සූත්‍රය

1. ´´මහණෙනි, කරුණු අටකින් යුත් භික්‍ෂුවට සංඝ තෙමේ කැමැත්තේ නම් ප්‍රතිස්මරණීය (සිහිකරවීමේ) දඬුවම සන්සිඳුවන්නේය.

2. ´´කවර කරුණු අටකින්ද යත්? ගිහියන්ට අලාභ පිණිස තැත් නොකෙරේද, ගිහියන්ට අවැඩ පිණිස තැත් නොකෙරේද, ගිහියන්ට නින්‍දා පරිභව නොකෙරේද, ගිහියන් ගිහියන් හා භෙද නොකෙරේද, බුදුන්ගේ ගුණ කියාද, ධර්මයේ ගුණ කියාද, සංඝයාගේ ගුණ කියාද, ගිහියන්ගේ ධාර්මිකවූද පොරොන්දුව සත්‍ය කෙරේද (යනුය.) මහණෙනි, කරුණු අටකින් යුත් භික්‍ෂුවට සංඝ තෙමේ කැමැත්තේ නම් ප්‍රතිස්මරණීය (සිහිකරවීමේ) දඬුවම සන්සිඳුවන්නේය.

3. ´´මහණෙනි, ´´පාපිය්‍යසිකා´´ නම් විනය කර්මය කරණු ලැබූ භික්‍ෂුව විසින් කරුණු අටක මනාව පැවතිය යුතුය.

4. ´´උපසම්පදා නොකළ යුතුය. ආශ්‍රය නොකළ යුතුය. සාමණේරවරු උපස්ථාන නොකළ යුතුය. භික්‍ෂුණීන්ට අවවාද දීමේ සම්මුතිය බාර නොගත යුතුය. සම්මතවූවද, භික්‍ෂුණීන්ට අවවාද නොදිය යුතුය. කිසිම සංඝ සම්මතයක් භාර නොගත යුතුය. කිසිම වෙන් තැනෙක තැබිමක් නොකළ යුතුය. ඒ මුලින් නොනැගිටවිය යුතුය. මහණෙනි, ´´පාපිය්‍යසිකා´´ නම් විනය කර්මය කරණු ලැබූ භික්‍ෂුව විසින් කරුණු අටක මනාව පැවතිය යුතුය.

39. පටිසාරණීය කම්ම සූත්‍රය

1. ´´මහණෙනි, කරුණු අටකින් යුත් භික්‍ෂුවට සංඝ තෙමේ කැමැත්තේ නම් ප්‍රතිස්මරණීය (සිහිකරවීමේ) දඬුවම කරන්නේය.

2. ´´කවර අටකින්ද යත්? ගිහියන්ට අලාභය පිණිස තැත් කෙරේද, ගිහියන්ට අවැඩ පිණිස තැත් කෙරේද, ගිහියන්ට නින්‍දා පරිභව කෙරේද, ගිහියන් ගිහියන් හා භෙද කෙරේද, බුදුන්ට නුගුණ කියාද, ධර්මයට නුගුණ කියාද, සංඝයාට නුගුණ කියාද, ගිහින්ගේ ධාර්මිකවූද පොරොන්දුව සත්‍ය නොකෙරේද (යනුය.)මහණෙනි, කරුණු අටකින් යුත් භික්‍ෂුවට සංඝ තෙමේ කැමැත්තේ නම් ප්‍රතිස්මරණීය (සිහිකරවීමේ) දඬුවම කරන්නේය.

38. අප්පසාදවෙදන සුත්‍රය

1. ´´මහණෙනි, කරුණු අටකින් යුත් භික්‍ෂුවට උපාසකවරු කැමැත්තේ නම් අප්‍රසාදය පළ කරන්නෝය.

2. ´´කවර අටකින්ද යත්? ගිහියන්ට අලාභය පිණිස තැත් කෙරේද, ගිහින්ට අවැඩ පිණිස තැත් කෙරේද, ගිහිනට නින්‍දා පරිභව කෙරේද, ගිහින් ගිහියන් හා භෙද කෙරේද, බුදුනට නුගුණ කියාද, ධර්මයට නුගුණ කියාද, සංඝයාට නුගුණ කියාද, නොතන්හි ඔහු දකිත්ද (යනුය.) මහණෙනි, කරුණු අටකින් යුත් භික්‍ෂුවට උපාසකවරු කැමැත්තේ නම් අප්‍රසාදය පළ කරන්නෝය.

3. ´´මහණෙනි, කරුණු අටකින් යුත් භික්‍ෂුවට උපාසකවරු කැමැත්තෝ නම් ප්‍රසාදය පළ කරන්නෝය.

4. ´´කවර කරුණු අටකින්ද යත්? ගිහියන්ට අලාභ පිණිස තැත් නොකෙරේද, ගිහියන්ට අවැඩ පිණිස තැත් නොකෙරේද, ගිහියනට නින්‍දා පරිභව නොකෙරේද, ගිහියන් ගිහියන් හා භෙද නොකෙරේද, බුදුන්ට ගුණ කියාද, ධර්මයට ගුණ කියාද, සංඝයාට ගුණ කියාද, සුදුසු තැනදී ඔහු දකීද, (යනුයි.) මහණෙනි, කරුණු අටකින් යුත් භික්‍ෂුවට උපාසකවරු කැමැත්තෝ නම් ප්‍රසාදය පළ කරන්නෝය.

37. පත්තනික්කුජ්ජන සූත්‍රය

1. ´´මහණෙනි, අංග අටකින් යුත් උපාසකයාට සඞ්ඝ තෙමේ කැමැත්තේ නම් පාත්‍රය (නිග්‍රහ සඳහා) නමන්නේය.

2. ´´කවර අටකින්ද යත්? භික්‍ෂූන්ට අලාභ පිණිස තැත් කෙරේද, භික්‍ෂූන්ට අවැඩ පිණිස තැත් කෙරේද, භික්‍ෂූන්ට තැන් නැති කිරීමට තැත් කෙරේද, භික්‍ෂූන්ට නිත්‍දා පරිභව කෙරේද. භික්‍ෂූන් භික්‍ෂූන් හා බිඳවාද, බුදුන්ට නුගුණ කියාද, ධර්මයට නුගුණ කියාද, සංඝයාට නුගුණ කියාද, මහණෙනි, අංග අටකින් යුත් උපාසකයාට සඞ්ඝ තෙමේ කැමැත්තේ නම් පාත්‍රය (නිග්‍රහ සඳහා) නමන්නේය.

3. ´´මහණෙනි, අංග අටෙකින් යුත් උපාසකයාට සඞ්ඝ තෙමේ කැමැත්තේ නම් පාත්‍රය උඩුකුරු කරන්නේය.

4. ´´කවර අටෙකින්ද යත්? භික්‍ෂූන්ට අලාභ පිණිස තැත් නොකෙරේද, භික්‍ෂූන්ට අවැඩ පිණිස තැත් නොකෙරේද, භික්‍ෂූන්ට තැන් නැති කිරීමට තැත් නොකෙරේද, භික්‍ෂූන්ට නිත්‍දා පරිභව නොකෙරේද. භික්‍ෂූන් භික්‍ෂූන් හා නොබිඳුවාද, බුදුන් ගුණ කියාද, ධර්මයට ගුණ කියාද, සංඝයාට ගුණ කියාද, මහණෙනි, අංග අටකින් යුත් උපාසකයාට සඞ්ඝ තෙමේ කැමැත්තේ නම් පාත්‍රය උඩුකුරු කරන්නේය.´´

36. මායස්ස මාගම සූත්‍රය

1. ´´එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්‍ෂු සමූහයා හා කොශල ජනපදයෙහි චාරිකාවෙහි හැසිරෙනුයේ කොසල වැස්සන්ගේ ඉච්ඡානංගල නම් බමුණු ගමට පැමිණි සේක. භාග්‍යවතුන් වහන්සේ වනාහි ඉච්ඡානංගල ගම්හි, ඉච්ඡානංගල වන ලැහැබේ වසන සේක.

2. ඉච්ඡානංගල වැසි බමුණු සිටුවරු ශාක්‍ය කුලයෙන් පැවිදිවූ, ශාක්‍ය පුත්‍රවූ, ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ඉච්ඡානංගලයට පැමිණියේ, ඉච්ඡානංගලයට පැමිණ එහි ඉච්ඡානංගල වන ලැහැබෙහි වෙසේයයි ඇසුහ. ඒ භාග්‍යවත් ගෞතමයන්ගෙන් මෙබඳු කීර්ති ඝෝෂයක් පැන නැංගේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්‍හත්ය, සම්‍යක් සම්බුද්ධය, විද්‍යාචරණයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකය දත්තේය, පුරුෂයන් දමණය කරණ ශ්‍රේෂ්ඨ උත්තමයාය, දෙව් මිනිසුන්ගේ ශාස්තෲවරයාය, බුද්ධය, භාග්‍ය ඇත්තේයයි එබඳුවූ රහතුන්ගේ දැකීම වේ නම් මනාමය (කියාය.)

3. ඉක්බිති වනාහි ඉච්ඡානංගල වැසි බමුණු සිටුවරු ඒ රැය ඇවෑමෙන් බොහෝ කෑම් පීම් ගෙන, ඉච්ඡානංගල වන ලැහැබ කරා පැමුණුණෝය. පැමිණ, උස් හඬ ඇත්තෝ, මහා ශබ්ද ඇත්තෝ, පිටි දොර සිටියෝය.

4. එසමයෙහි වනාහි ආයුෂ්මත් නාගිත තෙම භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන්නේ විය. ඉක්බිත්තෙන් වනාහි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නාගිතයන්ට කථා කළ සේක.

´´නාගිතය, ඒ උස්වූ ශබ්ද, මහත් ශබ්ද කවරේද? මස් මරන්නෝ මසුන් උදුරතියි සිතමි.´´

´´ස්වාමීනි, මොවුහු ඉච්ඡානංගල වැසි බමුණන් හා සිටුවරුය. බොහෝ කෑම් බීම් ගෙන පිටත දොරටුයෙහි භාග්‍යවතුන් වහන්සේද, භික්‍ෂු සංඝයාද උදෙසා සිටියෝය.´´

5. ´´නාගිතය, මම යසසින් වන සමාගමය නොපතමි. මා කරණ කොට යසසක්ද නොපතමි.

´´නාගිතය, යමෙක් වනාහි මේ නිෂ්කාම මහණකමේ සැපය, දැඩි විවේක සැපය, සිත සන්සිඳීමේ සැපය, මනා අවබෝධයෙන්වූ සැපය, පහසුවෙන් ලබන්නේ නොවේද, නිදුකින් ලබන්නේ නොවේද, හිරිහැර නැතිව ලබන්නේ නොවේද, මම යම් ඒ නිෂ්කාම සැපය, දැඩි විවේක සැපය, සිත සන්සිඳීමේ සැපය, මනා අවබෝධයෙන්වු සැපය, පහසුවෙන් ලබන්නේ වෙම්ද, නිදුකින් ලබන්නේ වෙම්ද, හිරිහැර නැතිව ලබන්නේ වෙම්ද, හෙතෙම ඒ අපවිත්‍රවූ සැපය, නිදීමේ සැපය, ලැබීම සැලකිලි ප්‍රශංසා සැපය ඉවසන්නේය.´´

6. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දැන් ඉවසාවා. ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේහට ඉවසීමේ කාලයයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම් යම් පරිද්දෙකින් එයට වඩින්නේද, බමුණු සිටුවරුද, නියම් ගම්මුද, ජනපද වැස්සෝද, නැමුණෝම වන්නෝය.

´´ස්වාමීනි, යම්සේ මහත් බින්දු ඇති වැස්ස වසිත්ම පහත් (නැමුණු) තැන් වශයෙන් ජලය පවතිත්ද, ස්වාමිනි, එසේම වනාහි භාග්‍යවතුන් වහන්සේ යම් යම් පරිද්දකින් එයට වඩින්නේද, බමුණු සිටුවරුද, නියම් ගම්මුද, ජනපද වැස්සෝද, නැමුණෝ වෙත්. එයට හේතු කවරේද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ශීල ප්‍රඥාව එසේමැයි.´´

7. ´´නාගිතය, මම යසසින් වන සමාගමය නොපතමි. මා කරණ කොට යසසක්ද නොපතමි.
´´නාගිතය, යමෙක් වනාහි මේ නිෂ්කාම මහණකමේ සැපය, දැඩි විවේක සැපය, සිත සන්සිඳීමේ සැපය, මනා අවබෝධයෙන්වූ සැපය, පහසුවෙන් ලබන්නේ නොවේද, නිදුකින් ලබන්නේ නොවේද, හිරිහැර නැතිව ලබන්නේ නොවේද, මම යම් ඒ නිෂ්කාම සැපය, දැඩි විවේක සැපය, සිත සන්සිඳීමේ සැපය, මනා අවබෝධයෙන්වු සැපය, පහසුවෙන් ලබන්නේ වෙම්ද, නිදුකින් ලබන්නේ වෙම්ද, හිරිහැර නැතිව ලබන්නේ වෙම්ද, හෙතෙම ඒ අපවිත්‍රවූ සැපය, නිදීමේ සැපය, ලැබීම සැලකිලි ප්‍රශංසා සැපය ඉවසන්නේය.´´

8. ´´නාගිත, ඇතැම් දේවතාවෝද වනාහි මහණකමේ සැපය, දැඩි විවේක සැපය, සිත සන්සිඳීමේ සැපය, මනා අවබෝධයෙන්වූ සැපය, පහසුවෙන් ලබන්නේ නොවේද, නිදුකින් ලබන්නේ නොවේද, හිරිහැර නැතිව ලබන්නේ නොවේද, යම් ඒ නිෂ්කාම සැපය, දැඩි විවේක සැපය, සිත සන්සිඳීමේ සැපය, මනා අවබෝධයෙන්වු සැපය, පහසුවෙන් ලබන්නේ වෙම්ද, නිදුකින් ලබන්නේ වෙම්ද, හිරිහැර නැතිව ලබන්නේ වෙම්ද, නාගිතය, එක්ව, රැස්ව, කාංඩ ගැසී කල් යැවීමෙන් වසන තොපටද මෙසේ සිතෙක් වෙයි.

´මේ ආයුෂ්මත්වරු මහණකමේ සැපය, දැඩි විවේක සැපය, සිත සන්සිඳීමේ සැපය, මනා අවබෝධයෙන්වූ සැපය, පහසුවෙන් ලබන්නේ නොවේද, නිදුකින් ලබන්නේ නොවේද, හිරිහැර නැතිව ලබන්නේ නොවේද, මම යම් ඒ නිෂ්කාම සැපය, දැඩි විවේක සැපය, සිත සන්සිඳීමේ සැපය, මනා අවබෝධයෙන්වු සැපය, පහසුවෙන් ලබන්නේ වෙම්ද, නිදුකින් ලබන්නේ වෙම්ද, හිරිහැර නැතිව ලබන්නේ වෙම්ද, මම යම් මේ නිෂ්කාම සැපය, දැඩි විවේක සැපය, සිත සන්සිඳීමේ සැපය, මනා අවබෝධයෙන්වු සැපය, පහසුවෙන් ලබන්නේ වෙම්ද, නිදුකින් ලබන්නේ වෙම්ද, එසේම මේ ආයුෂ්මත්හු එක්ව, රැස්ව, කාණ්ඩ ගැසී කල් යැවීමෙන් වසත්.

9. ´´නාගිතය, මම මෙහි උනුන් ඇඟිලි දික් කිරීමෙන් එක්ව සිනාසෙන, එක්ව සෙල්ලම් කරන භික්‍ෂූන් දකිමි. නාගිතය, ඒ මට මේ සිත වෙයි.

´මේ ආයුෂ්මත්වරු මහණකමේ සැපය, දැඩි විවේක සැපය, සිත සන්සිඳීමේ සැපය, මනා අවබෝධයෙන්වූ සැපය, පහසුවෙන් ලබන්නේ නොවේද, නිදුකින් ලබන්නේ නොවේද, හිරිහැර නැතිව ලබන්නේ නොවේද, මම යම් මේ නිෂ්කාම සැපය, දැඩි විවේක සැපය, සිත සන්සිඳීමේ සැපය, මනා අවබෝධයෙන්වු සැපය, පහසුවෙන් ලබන්නේ වෙමි, නිදුකින් ලබන්නේ වෙමි, හිරිහැර නැතිව ලබන්නේ වෙමි,´ (කියාය.)

10. ´´නාගිතය, ඇති පමණ බඩ තද වන තුරු කා, හෝනා සැපයෙහි, පහසේ සැපයෙහි, නින්දේ සැපයෙහි, නිතර යෙදුනු භික්‍ෂූන් මම දකිමි. නාගිත, ඒ මට මේ සිත වෙයි.

´මේ ආයුෂ්මත්වරු මේ නිෂ්කාම සැපය, දැඩි විවේක සැපය, සිත සන්සිඳීමේ සැපය, මනා අවබෝධයෙන්වූ සැපය, පහසුවෙන් ලබන්නෝ ඇත්තෝ නොවෙත්ද, නිදුකින් ලබන්නෝ ඇත්තෝ නොවෙත්ද, හිරිහැර නැතිව ලබන්නෝ ඇත්තෝ නොවෙත්ද, ´මේ ආයුෂ්මත්වරු මහණකමේ සැපය, දැඩි විවේක සැපය, සිත සන්සිඳීමේ සැපය, මනා අවබෝධයෙන්වූ සැපය, පහසුවෙන් ලබන්නේ නොවේද, නිදුකින් ලබන්නේ නොවේද, හිරිහැර නැතිව ලබන්නේ නොවේද, මම යම් මේ නිෂ්කාම සැපය, දැඩි විවේක සැපය, සිත සන්සිඳීමේ සැපය, මනා අවබෝධයෙන්වු සැපය, පහසුවෙන් ලබන්නේ වෙමි, නිදුකින් ලබන්නේ වෙමි, හිරිහැර නැතිව ලබන්නේ වෙමි,´ (කියාය.) එසේම මේ ආයුෂ්මත්වරු ඇති පමණ බඩ තද වන තුරු කා, හෝනා සැපයේ, පහසේ සැපයේ, නින්දේ සැපයේ, නිතර යෙදුණෝ වෙසෙත්, (කියාය).

11. ´´නාගිත, මේ ගම් කෙළවරක වසන සිත එකඟව හුන් භික්‍ෂුවක් මම දකිමි. නාගිත, ඒ මට මේ සිත වෙයි. ´දැන් මේ ආයුෂ්මත්හු අරම් වැස්සෙක් තෙමේ සොයයි. හෙරණෙක් තෙමේ හෝ ඔහු ඒ සිත එකඟ කමින් මුදවාය´ යි (කියාය.) නාගිත, ඒ ගම් කෙළවර විසීමෙන් මම ඒ භික්‍ෂුවට නොසතුටු වෙමි.

12. ´´නාගිත, මෙහි කැලෑවෙහි නිදිකිරන අරණ්‍යවාසී භික්‍ෂුවක් මම දකිමි. නාගිත, ඒ මට මේ සිත වෙයි. ´දැන් මේ ආයුෂ්මත් තෙම මේ නිද්‍රා ක්ලාන්තය දුරු කර, එකලාවූ කැලෑවය යන වැටහීමම මෙනෙහි කෙරේය (යනුයි.) නාගිත, මම ඒ භික්‍ෂුවට ඒ කැලෑ වාසයෙන් සතුටු වෙමි.´´

13. ´´නාගිත, මෙහි කැලෑවෙහි සිත එකඟ කමක් නැතිව හුන් ආරණ්‍යවාසී භික්‍ෂුවක් මම දකිමි. නාගිත, ඒ මට මේ සිත වේ. ´දැන් මේ ආයුෂ්මත් තෙමේ එකඟ නොවූ සිත එකඟ කරන්නේ හෝ වේ. එකඟවූ සිත අනුරක්‍ෂා කරන්නේ වේ.´ නාගිත, මම ඒ භික්‍ෂුවට ඒ කැලෑබද වාසයෙන් සතුටු වෙමි.´´

14. ´´නාගිත, මේ කැලෑවෙහි සිත එකඟව හුන් ආරණ්‍යවාසී භික්‍ෂුවක් මම දකිමි. නාගිත, ඒ මට මේ සිත වේ. ´දැන් මේ ආයුෂ්මත් තෙම නොමිදුණු සිත (කෙලෙසුන්ගෙන්) මුදන්නේය. මිදුණු හෝ සිත අනුරකින්නේය. (කියාය.) නාගිත, මම ඒ භික්‍ෂුවට ඒ කැලෑ වාසයෙන් සතුටු වෙමි.

15. ´´නාගිත, මම යම් විටක මහ මගට බටුයේ ඉදිරියෙහි හෝ පස්සෙහි හෝ යම් කිසිවකු නොදකිම්ද, එසමයෙහි මට යටත් පිරිසෙයින් මල මූත්‍ර කිරීමටද පහසුවක් වේ.´

35. තථාගතාධි වචන සූත්‍රය

1. ´´මහණෙනි, ශ්‍රමණ යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි.මහණෙනි, බ්‍රාහ්මණ යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි. මහණෙනි, වෙදගූ (වේදය දත්තේ) යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි. මහණෙනි, හිසක්ක (වෙදා) යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි. මහණෙනි, නිම්මල (කුණු නැත්තා) යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි. මහණෙනි, විමල (කුණු නැත්තා) යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි. මහණෙනි, ඤාණී (දන්නේ) යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි. මහණෙනි, විමුක්ත (මිදුනේ) යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට මේ නමෙකි.

2.
(1) ´´බ්‍රාහ්මණයකු විසින්, වශීවූ ශ්‍රමණයකු විසින්, යමකට පැමිණිය යුතුද, වෙදය දත්තකු විසින්, වෙදකු විසින් අති උතුම්වූ යමකට පැමිණිය යුතුද,

(2) ´´නිර්මලයකු විසින්, විමලයකු විසින්, නුවණැත්තෙකු විසින් අති උතුම්වූ යමකට පැමැණිය යුතුද,

3. ´´ඒ මම දිනූ යුද ඇත්තේ, මිදුණේ, බැඳුම්වලින් මුදමි. අතිශයින් ප්‍රමොද වන ශික්‍ෂා අවසන් කළ පිරිනිවීම් ඇත්තෙක් වෙමි.´´

34. මහා චොරඞ්ග සූත්‍රය

1. ´´මහණෙනි, අංග අටකින් යුත් මහ හොරා වහා අල්ලාගනු ලැබේ. වැඩි කල් සිටින්නෙක් නොවේ.

2. ´´කවර අටෙකින්ද යත්? නොගසන්නහුට ගසාද, ඉතිරි නොකර ගෙනයාද, ගැහැනුන් මරාද, තරුණියන් දූෂණය කරාද, පැවිද්දාගෙන් සොරකම් කරාද, භාණ්ඩාගාරය සොරකම් කරාද, ඉතා කිට්ටුව කටයුතු කෙරේද, සැඟවූ ධනයෙහි දක්‍ෂ නොවේද, (කියාය.) මහණෙනි, අංග අටකින් යුත් මහ හොරා වහා අල්ලාගනු ලැබේ. වැඩි කල් සිටින්නෙක් නොවේ.

3. ´´මහණෙනි, අංග අටකින් යුත් මහ හොරා වහා අල්ලාගනු නොලැබේ. වැඩි කල් සිටින්නේ වේ.

4. ´´කවර අටෙකින්ද යත්? නොගසන්නාට නොගසාද, ඉතිරි නොකර පැහැර නොගනීද, ගැහැනුන් නොමරාද, තරුණියන් දූෂණය නොකෙරේද, පැවිද්දාගෙන් සොරකම් නොකරාද, භාණ්ඩාගාරය සොරකම් නොකෙරේද, ඉතා කිට්ටුව කටයුතු නොකෙරේද, සැඟවූ ධනයට දක්‍ෂ වේද, (යනුය.) මහණෙනි, අංග අටකින් යුත් මහ හොරා වහා අල්ලාගනු නොලැබේ. වැඩි කල් සිටින්නේ වේ.´´

33. කිංමූලක සූත්‍රය

1. ´´මහණෙනි, අන්‍ය තීත්‍ර්‍ථක පැවිද්දෝ, ඇවැත්නි, සියලු ධර්මයෝ කුමක් මුල් වූවෝද, සියලු ධර්මයෝ කුමකින් උපදින්නෝද. සියලු ධර්මයෝ කුමක් වැඩීම කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් රැස් කරන්නෝද, සියලු ධර්මයෝ කුමක් ප්‍රධානකොට ඇත්තාහුද, සියලු ධර්මයෝ කුමක් අධිපති කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් උතුම් කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් භාරකොට ඇත්තේදැයි ඉදින් (මෙසේ විචාරත්ද,) මහණෙනි, මෙසේ විචාරණ ලද තෙපි ඒ අන්‍ය තීත්‍ර්‍ථක පැවිද්දනට කුමකැයි පිළිතුරු දෙව්ද?´´

2. ´´ස්වාමීනි, අපගේ ධර්මයන් භාග්‍යවත්හු මුල්කොට ඇත්තේය. භාග්‍යවත්හු නායකකොට ඇත්තෝය. භාග්‍යවත්හු පිළිසරණ වූවෝය. ස්වාමීනි, මේ කියමනේ අදහස භාග්‍යවතුන් වහන්සේටම වැටහේවා. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරත්.´´

3. ´´මහණෙනි, එසේ වි නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. දෙසන්නෙමි.´´

´´ස්වාමීනි, යහපති´´ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේහට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.

4. ´´මහණෙනි, අන්‍ය තීත්‍ර්‍ථක පැවිද්දෝ ඇවැත්නි, සියලු ධර්මයෝ කුමක් මුල් වූවෝද, සියලු ධර්මයෝ කුමකින් උපදින්නෝද. සියලු ධර්මයෝ කුමක් වැඩීම කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් රැස් කරන්නෝද, සියලු ධර්මයෝ කුමක් ප්‍රධානකොට ඇත්තාහුද, සියලු ධර්මයෝ කුමක් අධිපති කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් උතුම් කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් භාරකොට ඇත්තේදැයි ඉදින් (මෙසේ විචාරත්ද,) මහණෙනි, මෙසේ විචාරණ ලද තෙපි ඒ අන්‍ය තීත්‍ර්‍ථක පැවිද්දනට කුමකැයි පිළිතුරු දෙව්ද?´´

5. ´´මහණෙනි, මෙසේ විචාරණ ලද තෙපි ඒ අන්‍ය තීත්‍ර්‍ථක පැවිද්දන්ට මෙසේ පිළිතුරු දෙව්.´´

´´ඇවැත්නි, සියලු ධර්මයෝ ඡන්‍දය (කැමැත්ත) මුල් වූවෝය. සියලු ධර්මයෝ මෙනෙහි කිරීමෙන් හටගන්නෝය. සියලු ධර්මයෝ ස්පර්‍ශයෙන් වැඩන්නෝය. සියලු ධර්මයෝ මිදීම රැස් කරන්නෝය. සියලු ධර්මයෝ සමාධිය ප්‍රධානකොට ඇත්තාහ. සියලු ධර්මයෝ සිහිය අධිපතිකොට ඇත්තාහ. සියලු ධර්මයෝ නුවණ උතුම්කොට ඇත්තෝය. සියලු ධර්මයෝ මිදීම භාරකොට ඇත්තෝය.´´

6. ´´මහණෙනි, මෙසේ අසන ලද තෙපි අන්‍ය තීත්‍ර්‍ථක පැවිද්දන්ට මෙසේ පිළිතුරු දෙව්.´´