නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
21. අංගුත්තර ප්‍රෙතයාගේ කථාව:-
1. ´´ වෙළදාමෙන් ධනය හැර ගෙන යන්නාවු අපි යම් කරුණක් පිණිස කාම්බෝජ රටටයමුද, මේ දෙව් පුත්තෙම කැමති සම්පත් දෙන්නේ වෙයි. මේ දිව්‍යපුත්‍රයා ගෙනයන්නෙමු.
2. මේ දෙවියා යාඥා කිරීමෙන් හෝ මැඩ බලාත්කාරයෙන් හෝ අල්වාගෙන සැප යහනකට නංවාගෙන වාරවතී නුවරට වහායමු.
3. ´´ යම් ගසක්හුගේ සෙවනෙහි හිඳිනේ හෝ නිදන්නේ හෝ වේද, ඒ රුකගේ අත්ත නොබිඳින්නේය. යම් හෙයකින් මිත්‍ර ද්‍රෝහය ලාමකවේද එහෙයිනි.
4. ´´ පින්වත් අංකුරය යම් ගසක්හුගේ සෙවනෙහි හිඳිනේ හෝ නිදන්නේ හෝ වේද එබඳු දැව සම්භාරයකින් පුයෝජනයක් වේනම් ඒ රුකේ කඳ පවා කපාගන්නේය. අතු ආදිය ගැන කියනුව කවරේද,
5. ´´ යම් ගසක සෙවන යට හිඳිනේ හෝ නිදන්නේ හෝ වේද, ඒ ගසේ කොල පතක් පමණවත් නොකඩන්නේය. ශාඛාදිය කැඩීම ගැන කියනුම කවරේද, එසේ සින්දේනම් ලාමක මිත්‍රද්‍රෝහියෙක් වන්නේය.
6. ´´ යම් ගසක්හුගේ සෙවනෙහි හිඳිනේ හෝ නිදන්නේ හෝ වේද, එබඳු ප්‍රයොජනයක් ඇත්තේ නම් මුලුත් සමගම රුක උදුරන්නේය.
7. පුරුෂයෙක් තෙම යමෙකුගේ ගෙයි එක රැයක් පමණවත් වසන්නේද, යමෙකු සමීපයෙහි ආහාරපාන වර්ග ලබන්නේද, ඒ පුරුෂයාට සිතින්වත් නපුරක් නොසිතන්නේය. බුද්Ȁdධාදී උතුමන් විසින් කෙළෙහිගුණ සැළකීම වර්ණනා කරන ලදී.
….. 8. ´´ යමෙක්හුගේ ගෘහයෙහි එක රැයක් පමණවත් යමෙක් වාසය කරන්නේද, ආහාරයෙන් හා පාන වර්ගයෙන් උපස්ථාන කලේද, ඹුහුට සිතින්වත් අයහපතක් නොසතන්නේය. අහිංසක හස්තය තෙමේ ඒ මිත්‍රද්‍රෝහී පුද්ගලයා විනාශ කරයි.
9. ´´ යම් පුද්ගලයෙක් තෙම පෙරකාලයෙහි කරණලද උපකාර ඇත්තේ පසුකලෙක නපුරකින් පෙළාද උපකාර කිරීමට යෙදු අත නසන පුරුෂයෙක් වේද, ඒ පුරුෂතෙම යහපත නොදකී.
10. ´´ මම දෙවියෙකු විසින් හෝ මනුෂ්‍යයෙකු විසින් හෝ අතිශයින් මැඩ පැවැත්විය නොහැකි වෙමි. දිව්‍ය මනුෂ්‍ය ඓශ්චය්ර්යයකින් හෝ මැඩලිය නොහැක්කේ වෙමි. මම උත්තම සෘද්Ȁdධියට පැමිණි යක්ෂයෙක් වෙමි. සැනෙකින්ම දුරට යන්නේ වෙමි. රූප සම්පත්තියෙන් හෝ ශරීර ශක්තියෙන් යුක්තවූයේ වෙමි.
11. ´´ යුෂමත්හුගේ දකුණත හැම ලෙසින් රන්වන් වෙයි මිහිරි රස වෑහෙන්නාවු ධාරා ඇඟිලි පසක් ඇත්තේය. නන් වැදෑරුම් රසයෝ වැගිරෙත් නුඹ ශක්‍රයායයි මම සිතමි.´´
12. ´´ ප්‍රකට දෙවියෙක් නොවෙමි. ගන්ධර්ව කායික දෙව්යෙක්ද නොවෙමි. පුරින්දද නම් වු ශක්රදේවෙන්ද්රයාද නොවෙමි. පින්වත් අංකුරය, හෙරුව නුවරින් චුතව මෙහි උප්පත්ති වශයෙන් පැමිණියාවු ප්රේතයෙකැයි දනුව-´´
13. ´´ නුඔ පෙර ආත්මභාවයෙහි හෙරුව නගරයෙහි කෙබඳු ශීල ඇත්තෙක් වීද, කෙබඳු සමාචාර ඇත්තෙක් වීද, කෙබඳු බ්රහ්මචය්ර්යාවක් හේතුකොට ගෙන යුෂ්මතුන්ගේ අත්හි ප්‍රත්‍ය ඵලය දැන් නිපදීද?´´
14. ´´ පෙර එක්කලෙක්හි මම හෙරුව නුවර සන්නාලියෙක් වීමි. ඉතා දුකසේ දිවිපැවැත්ම ඇති බැගෑපත් කෙනෙක් විමි. දන්දීමට මට කිසිවක් නැත.
15. ´´ කර්මඵල විශ්වාශයෙන් යුක්තවු දන්දීමෙහි ස්වාමීවු පෙරකරන ලද පින් ඇති පාපයට පිළිකුල් කරණ සුලුවු අසය්හ සිටුහුගේ ගෙය සමීපයෙහි මාගේ ගෙය හෝ කර්මාන්තශාලාව විය.
16. ´´ එතැනට නොයෙක් ගොත්‍ර ඇති යාචක ජනයෝද ගුණ කියා ඉල්වන්නෝද පැමිණෙත්. ඔවුහු අසය්හ සිටුහුගේ ගෘහය මා විචාරති´´
17. ´´ නුඹට යහපතක් වේවා. දානය කොතැන්හි දෙනු ලැබේද, කොතැන්හි යමුද ඔවුන් විසින් විචාරන ලද්දාවු මම අසය්හ සිටුවරයාගේ ගෘහය කියමි.
18. ´´ අසය්හ සිටුවරයාගේ මේ නිවාසයෙහි දන් දෙනු ලැබේ. මෙතනට යව. යුෂ්මතුන්ට සෙතක් වේ යයි´´ දකුණත දිගුකොට කීවෙමි.
19. ´ ඒ හේතුවෙන් අත දැන් කැමති කැමති සම්පත් දෙන්නේ වෙයි. ඒ හේතුකොට අතින් මිහිරි රස වැහෙන්නේ වෙයි. ඒ උතුම් හැසිරීම් හේතුවෙන් මාගේ අතෙහි පුණ්‍ය විපාකය පහළ වෙයි.´´
20. ´´ නුඹ කිසිවෙකුට සිය අතින් නුදුන්නෙහිය. අනිකෙකුගේ දානය අනුමොදම් වෙමින් අතදිගු කොට නොකීයෙහිය.
21. (මේ කථාවේ 19 වෙනි ඡෙදය මෙනි)
22. ´´ යම් ඒ අසය්හ සිටුකෙනෙක් පහන් සිත් ඇතිව සිය අතින් මහදන් දුන්නේද හෙතෙම මිනිසත් බව හැර පියා කෙබඳු තැනකට ගියේද.
23. ´´ බුදුරජානන් වහන්සේ දන්නා යාම හෝ ඊම මම නොදනිමි. අසය්හ තෙම ශක්‍රයාගේ සහවාසයට ගියේ යයි වෛශ්රවනයා සමීපයෙහිදී ඇසුවෙමි.
24. ´´ යහපත කිරීමට සුදුසුමය සම්පත් බල පරිද්දෙන් දානය දීමට සුදුසුමය. කැමති සම්පත් දෙන අත දැක කවරෙක් පින් නොකරන්නේද,
25. ´´ ඒ එසේමැයි ඒ මම මේ වාලුකා කාන්තාරයෙන් පහව ගොස් චාර්වතී නුවරට නැවත පැමිණ යම් පිනක් මට සැපදෙන්නේද, ඒ දානය දෙන්නෙමි.
26. ´´ ආහාරයද පාන වර්ගද වස්තුහා සෙනසුන්ද දෙන්නෙම්, පැන්හල් ද ළිංද දුර්ගම ස්ථානයන්හි හේදඬුද පිහිටුවන්නෙමි.
27. ´´ කවර හේතුවකින් තොපගේ ඇඟිලි කුණුව වකුටු වීද මුහුණද විරූප කෙළේද ඇස්වලින් අශුචි වගුරුවන්නේද තා විසින් කෙබඳු පවක් කරන ලද්දේද?´´
28. ´´ සිරුරෙන් රැස්විහිදුනාවු ගෘහපතියෙක්වු ගෘහ වාසිවු ඒ අසය්හ සිටුහුගේ දන්දෙන තැන දන්දීමෙහි මම අධිකාරියෙක් කරණ ලද්දේ වෙමි.
29. ´´ එහි ආහාරයෙන් ප්‍රයෝජන ඇතිව පැමිණියාවු යාචකයන් දැක එකත් පසෙක ඉවත්වි මුව හකුලුවා ගැනීම කෙලෙමි.
30. ´´ එහෙයින් මාගේ ඇඟිලි වකුටු වූහ. මුහුණද විකාර යෙන් හැකූලුනේය. ඇස්ද අශුචි වගුරත්. මා විසින් මෙබඳු පවක් කරණ ලද්දෙමි.
31. ´´ නින්දිත පුරුෂය, තෝ යම් හෙයකින් අනුන්ගේ දානයෙහි මුව හකුලුවා ගැනීම කළෙහිද යුතුවුම කරුණෙන් තාගේ මුහුණද හැකිලී ගියාක් මෙන් කරණ ලදී. ඇස්ද අශුචි වගුරත්.
32. ´´ ආහාරපානද කෑ යුතු දේද වස්ත්‍ර හා සෙනසුන්ද යන දානය දෙන්නාවු පුරුෂතෙමේ අනුන් විසින් සිදුකල යුත්තක් කොට කෙසේ නම් කරන්නේද?´´
33 – 34 ( මේ කථාවේම 26 – 27 ඡෙද මෙනි )
35. ඒ අංකුර තෙම ඒ මරු කතරින් නික්මී චාර්වතී නුවරට පැමිණ යම් දානයක් තමහට සැප එළවන්නේද ඒ දානය පිහිට විය.
36. පහන් සිතින් ආහාර පාන වර්ගද වස්ත්‍ර හා සෙනසුන්ද දුන්නේය. පැන්හල්ද ළිංද පිහිටවී.
37. කවරෙක් සාගිනි ඇත්තේද, කවරෙක් පිපාසා ඇත්තේද, කවරෙක් වස්ත්‍ර වැළඳ ගන්නේද, රථ යුග වාහනයෝ විඩාවට පැමිණියෝ වෙත්ද, මේ වාහන සමුහයෙන් රුචි වාහනයක් යොදත්වා.
38. කවරෙක් තෙම කුඩ කැමතිවේද, කවරෙක් තෙම සුවඳඳ මල් මාලාද කැමතිද, කවරෙක් වහන් කැමතිද, මෙසේ වනාහි ඒ අංකුරයාගේ නිවසෙහි කපුවොද අරක් කැමියොද සුවඳ දෙන්නොද හැමකල්හිම සවසද උදයද ාෙෂා කරත්.
39. ´´ අංකුර තෙම සුවසේ සයනය කෙරේ යයි ජන තෙමේ මා දනියි. සින්ධකය යම් හෙයකින් යාචකයන් නොදක්නෙම්ද දුකසේ නිදමි.
40. ´´ අංකුරතෙම සුවසේ සයනය කෙර්යයි ජනතෙම මා දනියි සින්ධකය ස්වල්පවු ගුණ කියා ඉල්වන ජනයා ඇති කල්හි වනාහි දුකසේ සයනය කරමියි.
41. ´´ තවුතිසා වැසි දෙවියන්ටද සියලු ලොකයාටද ඊශ්වරවු සක්දෙවි රජතෙම නුඹට වරයක් ඉදින් දෙන්නේ නම් ප්‍රාත්‍ර්‍ථනා කරන්නාවු නුඹ කෙබඳු වරයක් පතන්නේද.
42 – 43 ´´ තව්තිසා වාසී දෙවියන්ට ස්වාමිවු සක්දෙව් රජ මට වරයක් ඉදින් දෙන්නේ නම් අදය කාලයෙහි නැගිසිටි යාවුම මට සූය්රේයාදය කාලයෙහි දෙව්ලොවට ඇතුළත්වු ආහාරයෝ උපදින්නාවු නම් යාචකයෝ සිල්වත් වන්නාහු නම් දන්දෙන්නාවු මාගේ දාන වස්තුව ක්ෂය නොවේ නම් මම දන්දී පසු තැවිලි නොවන්නෙම් නම් දන් දෙමින් සිත පහදා වන්නෙම් නම් මෙබඳුවු වරය ශක්‍රයාගෙන් ප්‍රාත්‍ර්‍ථනා කරමි.
44. ´´ සියලු ධනයත් අන්හට නොදෙන්නේය. දානයද දෙන්නේය. ධනයද දකින්නේය එහෙයින්ම දීමට වඩා ධනයම ශ්‍රෙෂ්ඨ වෙයි. අධික කොට දීමෙන් කුලයෝ නොපවතිත්.
45. ´´ පණ්ඩිතයෝ නොදීමද පමණ ඉක්මවා දීමද නොපසසත්. එහෙයින් දීමට වඩා වස්තුව රැකීමම උතුම්වේ. සමවිදියෙන් දීම නොදීම දෙක්හි පවත්නේය. එය බුද්ධිමතුන්ගේ ධර්මය වේ.
46. ´´ එම්බල මාණවකය, මම දෙන්නෙම්මය සන්හුන්කාය වාක් මනො සමාචාර ඇති සත්පුරුෂයෝ මා ආශ්‍රය කරන්නාහුය. පහත් ස්ථානයන් මනාව පුරවමින් වර්ෂා කරණ මහාමේය මෙන් සියලු යාචක ජනයන්ගේ අදහස සම්පූර්ණ කරන්නේ නම් යෙහෙක.
47. ´´ සිඟන්නන් දැක යමෙකුගේ මුඛවණූය පහදීද දන්දී සතුටු සිත් ඇතිවේද, ඒ ගෙයි වසන්නාහට සැපවේ.
48. ´´ යාචකයන් දැක යමෙකුගේ මුඛවණූය පහදීද දන්දි සතුටුසිත් ඇතිවේද, මෝ තොමෝ කුශලයාගේ පිරීම වේ.
49. ´´ දන්දීමෙන් පෙරම සතුටු සිත් ඇති වේද, දන් දෙමින් සිත පහදවන්නේද දන්දී සතුටු වේද, මෝ තොමෝ පුණ්‍යයාගේ සම්පත්ති යයි.
50. ´´ දනාධ්යශය ඇති අංකුර රජුගේ ගෘහයෙහි ගැල් හැටදාහක ආහාර සත්ව සමුහයිට නිතර දෙනු ලැබේ.
. 51. ´´ මහායාගයෙහි සංඥ කරණ ලද දානයෙහි යෙදුනාවු නොයෙක් වර්න කොඩොල් දැරූ තුන් දහසක් පමණ භත්ත කාරකයෝ අංකුර රජු නිසා ජීවත් වෙත්.
52. ´´ පැළඳගත් මාණික්‍ය කුණ්ඩලාභරණ ඇති සැටි දහසක් තරුණ පුරුෂයෝ අංකුරයාගේ මහා දානයෙහි දර පලත්.
53. ´´ අංකුරයාගේ දානයෙහි සර්වාලංකාරයෙන් සැර සුනාවු සොළොස් දහසක් ස්ත්‍රීහු කුලු බඩු පිටි කරත්.
54. ´´ අංකුරයාගේ මහා දානයෙහි සියලු අලංකාරයෙන් සැරසුනාවු සොළොස් දහසක් ස්ත්රිහු හැඳිගෙන පැමිණ සිටියාහ.
55. ´´ අංකුර රජතෙම බොහෝ දාන වස්තු නොයෙක් ජනයන්ට බොහෝ කලක් මුලුල්ලෙහි ඉතා උසස්ව දුන්නේය. සකස්කොට සිතින්ද ගරුබුහුමන් සිත් ඇතිකොට නැවත නැවත බොහෝසෙයින් ප්‍රදාන කෙළේය.
56. ´´ අංකුර තෙමේ බොහෝ මාසයන් මුලුල්ලෙහිද නොයෙක් පක්ෂයන් මුලුල්ලෙහිද නොයෙක් සෘතු මුලුල්ලෙහිද බොහෝ අවුරුදු මුලුල්ලෙහිද දීර් කාලයක් මහත් දානය පැවැත්වීය.
57. ´´ මෙසේ ඒ අංකුර රජ තෙමේ දර්‍ී කාලයක් මුලුල්ලෙහි දන්දී මහත් යාග කොට මනුෂ්‍ය දෙහය හැරපියා තව්තිසා දෙව්ලොවට පැමිණියේවිය.
58. ´´ ඒ ඉන්දකතෙමේ අනුරුද්ධ තෙරුන්ට හැන්දක් පමණ බත්දී මිනිස් බව හැරපියා තව්තිසා දෙව් ලොවට ගියේය.
59.,60. ´´ ඉන්ද්‍රක දිව්‍යපුත්‍රතෙම අංකුර දිව්‍යපුත්‍රයාට වඩා සම්පත් කරුණු දහයකින් අධිකව බබලයි. සිත්කලුවු රූප සම්පත්තියෙන්ද, ශබ්දයෙන්ද, ගන්ධයෙන්ද, රසයෙන්ද ස්පර්ශයෙන්ද, ආයුසම්පත්තියෙන්ද, සැප සම්පත්තියෙන්ද ඓශ්චය්ර්ය සම්පත්තියෙන්ද, ඉන්දකතෙමේ අංකුරයා මැඩ බබලයි.´´
61. ´´ අංකුරය තොප විසින් බොහෝ කලක් මුලුල්ලෙහි මහ දන් දෙන ලදී. ඉතාදුර තන්හී සිටියෙහිය. මාගේ සමීපයට එවයි´´ භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
62. පුරුෂොත්තමවු සර්වඥතෙම තව්තිසා භවනෙහි පරසතු රුක්මුල පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි යම් කලෙක වාසය කළේද
63. දසදහසක් චක්‍රවාටයන්හි දෙවියෝ රැස්ව මෙර මුදුනෙහි වසන්නාවු සම්බුදුන් සේවනය කරත්.
64. කිසි දෙවියෙක් ශරීර වර්නයෙන් සම්බුදුන්ට වඩා නොබබලයි. සියලු දෙවියන් අභිභවනයකොට බුදුහුම බබළයි.
65. මේ අංකුර තෙම එකල්හි දොළොස් යොදුන් අතර විය. ඉන්දකතෙම බුදුන්ට නුදුරු තැනම අධිකව බබළයි.
66. සම්‍යක් සම්බුද්ධතෙමේ අංකුරයාද, ඉන්දකයාද බලාවදාරා දක්ෂිණාර්භයා ප්‍රකාශ කරමින් මේ වචනය වදාලේය.
67. පුරුෂොත්තමවු සර්වඥතෙම තව්තිසා භවනෙහි පරසතු රුක්මුල පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි යම් කලෙක වාසය කළේද
දියුනු කරන ලද සිත් ඇති බුදුන් විසින් මෙහෙයන ලද්දාවු අංකුර තෙම මගේ දානය දක්ෂිණාර්භයාගෙන් හිස් විය. ඒ දානයෙන් කවර ප්‍රයෝජනදැයි´´ කියේය.
68. ´´ ඒ මේ ඉන්දක දෙවිතෙම සුලු දනක් දී තරු සමූහයන් මැද, චන්ද්‍රයාමෙන් අප ඉක්මවා බබළයි.
69. ´´ යම්සේ ඉතා තද භූමි භාගය ඇති කතෙහි වපුරණ ලද බීජ බොහෝ වුවත් මහත් ඵල නොවේද, ගොවියා නොමසතුටු කෙර්ද,
70. ´´ එසේම දුශ්ශීලයන් විෂයෙහි පිහිටුවන ලද මහත් දානය උදාර විපාක ඇත්තේ නොවේ. දායකයා සතුටු නොකරයි.
71. ´´ යම්සේ යහපත් කෙතක වපුරණ ලද බීජය සුලු වුවත් වැස්ස මනා කොට පවත්නා කල්හි ශස්‍යඵලය ගොවියා සතුටු කෙරේද,
72. ´´ එසේම ධ්‍යානාදී ගුණවත්වු අටලෝ දහමින් කම්පා නොවන ලක්ෂන ඇති සිල්වතුන් විෂයෙහි කරන ලද පුණ්යෙපකාරය ස්වල්ප වුවත් මහත් ඵල වෙයි.
73. ´´ යම් පුද්ගලයෙකු කෙරෙහි දෙනලද දානය මහත් ඵල වේද පින් කෙත නුවනින් සොයා දානය දිය යුතුය. දායකයෝ නුවණින් සොයා දන් දී ස්වර්ගයට යත්.
74. ´´ මේ මනුෂ්‍ය ලොකයෙහි යම් දක්ෂිණාර්භයෝ වෙත්ද, නුවණින් පර්ක්ෂාකොට දීම බුදුන් විසින් ප්‍රශංසා කරණ ලදී. යහපත් කෙතෙහි වපුරනලද බීජයෝ යම්සේද, එමෙන් මේ දන් පිළිගැනීමට සුදුස්සන් කෙරෙහි දෙන ලද්ද මහත් ඵල ඇත්තාහුවෙත්.´´