5. (තිරොකුඞ්ඪ) ප්‍රාකාරාදියෙන් පිටත සිටි ප්‍රේතයන්ගේ කථාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

1.  ,වස්ත්‍ර නැතිව නපුරු වර්‍ණ ඇතිව කුණු ගඳ ඇත්තියක් වෙහිය. මැස්සන් විසින් වසාගත් මෙහි සිටින ඔබ කවර තැනැත්තියක් වන්නෙහිද?,.

2. ,ස්වාමිනී, මම නපුරු ගති ඇති යම ලොකයෙහි වූ ප්‍රේතියක් වෙමි. පාපකර්‍මයක් කොට මෙයින් ප්‍රේතලෝකයට ගියේ වෙමි.

3. ,උදය කාලයෙහි පුත්‍රයන් සත්දෙනෙක්ද සවස නැවත අනික් සත්දෙනෙක්ද වදා කන්නෙම. ඔවුන්ද මට ප්‍රමාණ නොවෙත්.

4. ,මාගේ ළය බඩගින්නෙන් දැවෙයි. දුම් නගියි. අව්වෙහි ගින්නෙත් දැවුනාක් මෙන් නිවීමක් නොලබමි.

5.  කිමෙක්ද කයින් වචසින් මනසින් නපුරු කමක් කරන ලද්දේද? කවර කර්‍ම විපාකයකින් පුත්‍රයන්ගේ මස් කන්නෙහිද?,.

6. ,මාගේ පුත්‍රයන් දෙදෙනෙක් වූහ. දෙදෙනම වැඩුන තරුණයෝය.  පුත්‍රයන් ගේ බලයෙන් යුත් ඒ මම ස්වාමියාට අවමන් කළෙමි.

7.  ,ඉන් මගේ සැමියා කිපී අනික් ස්ත්‍රියක් ගෙනාවේය. ඈද ගර්භයක් ලැබුවාය. ඈට පාපයක් සිතුවෙමි.

8.  ,ඒ මම ක්‍රොධ සිතින් ගැබ් හෙළීම කළෙමි. ඇගේ තුන්මසක් වූ ගර්භය කුණු ලේ වී වැටුනේය.

9. ,ඇගේ දෙමාසයක් වූ ගර්‍භය ලේම වැගිරවූයේය. ඇගේ ඒ මව තරහවූවා මගේ ක්‍ඳාතීත් කැඳවූයේය. මා (11) දිව්රීමද කරවූයේය. මට නින්‍ඳාද කළේය. ඒ මම බොරු වූ දරුණු දිව්රීමක් දිවුරු වෙමි.

ඉදින් මා විසින් එය කරන ලද්දේද දැන් පුත්‍රයන්ගේ මස් කමි.

12 උරග ප්‍රේතයාගේ කථාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
12  උරග ප්‍රේතයාගේ කථාව:-

1 ,සර්ප තෙම දිරුණාවූ සම සිය සිරුරෙන් හැර දමායේද එසේම ශරීරය නිරන්‍ර්‍ථකවූ කල්හි (ආයු, උෂ්ම, විඥානයන්) පහවූ කල්හි කථරිය කළ කල්හි

2  ,දවනුලබන්නාවූ ශරීරය නෑයන්ගේ හැඬීම නොදනී එහෙයින් මේ පුත්‍රයා නිමිතිකොට නොහඬමි. හෙතෙම ඔහුගේ ගමනක් වීද එහි ගියේය.

3  ,ඒ සිටිතැනින් නොකැඳවන ලදුව පැමිණියේය. මෙලොවින් අනුනොදන්නා ලදුව ගියේය. යම් ආකාරයකින් ආයේද, එසේම ගියේ වෙයි. එහිදී කවර හැඩීමක්ද?

4  දවනුලබන්නාවූ ශරීරය නෑයන්ගේ හැඬීම නොදනී එහෙයින් මේ පුත්‍රයා නිමිතිකොට නොහඬමි. හෙතෙම ඔහුගේ ගමනක් වීද එහි ගියේය.

5  ,ඉදින් අඬන්නෙහිනම් කෘශවූ ශරීර ඇත්තියක් වන්නෙමි. ඒ හැඬීමෙහිදී මට කවර ප්‍රයෝජනයක් වන්නේද? අපගේ ඤාති මිත්‍ර සහෝදරයන්ටද බොහෝ දුක්ම වන්නේය.

6  දවනුලබන්නාවූ ශරීරය නෑයන්ගේ හැඬීම නොදනී එහෙයින් මේ පුත්‍රයා නිමිතිකොට නොහඬමි. හෙතෙම ඔහුගේ ගමනක් වීද එහි ගියේය.

7  ,පින්වත් බමුණ, යම්සේ දියකළය බිඳුනේ නොගැලපිය හැකි වේද යමෙක් තෙම කථරිය කළ කෙනෙකු සඳහා ශොක කෙරේ නම් මේ කාරණයත් එසේයයි දත යුතුයි.

8 දවනුලබන්නාවූ ශරීරය නෑයන්ගේ හැඬීම නොදනී එහෙයින් මේ පුත්‍රයා නිමිතිකොට නොහඬමි. හෙතෙම ඔහුගේ ගමනක් වීද එහි ගියේය.

11. නාග ප්‍රේතයාගේ කථාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
11.  නාග ප්‍රේතයාගේ කථාව:-

1.  ,පළමුව සුදුපාට ඇති ඇත් වාහනයෙන් දෙවියෙක් යයි, අතරෙහි අස් වෙළඹුන් යෙදූරියක් යයි, පසුව දිව්‍ය කන්‍යාවක් හාත්පසින් දස දිශා බබුථවමින් දෝලාවකින් ගෙනයනු ලබයි.

2  .මුගුරු ගත් අත් ඇත්තාවූ තෙපි වනාහි හැඩූ මුහුණින් යුක්තව සිඳුණු බිඳුණු ශරීර ඇත්තාහු යම් හෙයකින් එකිනෙකාගේ ලෙය බොන්නාහුද මිනිස් කල තෙපි කිනම් පාප කර්‍මයක් කලාහුද,

3  ,යම් දෙවියෙක්තෙම ඉදිරියෙන් සුදුවූ පා සතරක් ඇති නාග සංඛ්‍යාතවූ ඇත් වාහනයෙන් යේද, හෙතෙම අපගේ ජ්‍යෙෂ්ඨවූ පුත්‍රයා විය. දන්දී සුවපත් වූයේ සතුටු වෙයි.

4  ,යම් දෙවියෙක්තෙම මධ්‍යයෙහි සුන්දර ගමන් හා චතුර ගමන් ඇති වෙළඹුන් සතර දෙනෙකු යෙදුවාවූ අශ්ව තරී රථයෙන් යේද හෙතෙම අපගේ මධ්‍යම වූ පුත්‍රයා විය. මසුරු නොවූයේ ද්‍රනපතියෙක් වූයේ දැන් බබළයි.

5  ,ඤාණවත්වූ මුවදෙනෙකුට බඳු ඇස් ඇති යම් ඒ ස්ත්‍රියක් තොමෝ පසුව රන්සිවි යහනින් ගෙනයනු ලැබේද, ඕතොමෝ අපගේ බාල දුව විය. තමා ලත් කොටසින් භාගයක් දීම හේතුකොට ගෙන සුවපත් වූවා දැන් සතුටු වෙයි.

6  ,මොව්හු පෙර තුනුරුවන් කෙරෙහි පැහැදීමෙන් මහණ බමුණන්ට දන් දුන්නාහුය. අපි වනාහි මසුරු සිත් ඇත්තෝ වීමු, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට පරිභව කළෝ වීමු, මොවුහු දන්දී දැන් දිව්‍ය සම්පත් විඳිත්.

අපිදු අව්වේ දමන ලද බට ගස් මෙන් වියලුනෝ වම්හ.,

7  ,තොපගේ ආහාරය කෙබඳුද, සයනය කෙබඳුද, ඉතා ලාමක ස්වභාව ඇත්තාවූ තෙපි කවර ප්‍රකාරයකින් යැපෙන්නාහුද? ස්වල්ප නොවූ උද්‍රර භොග සම්පත් ඇති කල්හි සැපය වරදවා ගෙන මේ කාලයෙහි මේ දුකට පැමිණියාහුය.,

8  ,අපි එකිනෙකා තලාගෙන සැරව හා රුධිරය පානය කරමු. බොහෝ පානය කොට සෑහීමට නොපැමිණෙමු. තමන්ගේ රුචියෙන් එය නොබොන්නෙමු.

9  ,මෙසේම මනුෂ්‍යයෝ පරලොව ප්‍රේත විෂයෙහි සිටිමින් විලාප කියත්. යම් ඒ මනුෂ්‍ය කෙනෙක් භොග සම්පත් ලබාගෙන මේ කරුණ දැන පින් නොකෙරෙද්ද? අනුභව නොකෙරෙත්ද?

10  ,ඒ සත්ත්වයෝ දුක්ඛ විපාක වූ පව්කම් කොට පරලෙව්හි සා පිපාසායෙන් මඩනා ලද්ද්‍රහු ප්‍රේතයෝව බොහෝ කලක් මුථල්ලෙහි දැවෙමින් දුක් විදිත්. අනිෂ්ට ඵලවූ පව්කම් කොට දුක අනුභව කරත්.

11  ,ධන ධාන්‍ය වැඩිකල් නොපවත්නේය. මේ ලෝකයෙහි මනුෂ්‍ය ජීවිතය ස්වල්පය. ඤාණවන්ත තෙමේ සියලු දෙය කලක් නොපවත්නේයයි අනිත්‍ය වශයෙන් දැන යහපත කරන්නේය.

12  ,ධර්මයෙහි දක්‍ෂවූ යම් ඒ මනුෂ්‍ය කෙනෙක් මෙසේ තත්වූ පරිද්දෙන් දනිත්ද ඒ මනුෂ්‍යයෝ අර්හත් වූ බුඬාදී ආය්‍ර්‍යයන්ගේ වචනය අසා ද්‍රනයෙහි පමා නොවෙත්.,

10. ඛල්ලාටිය (හිස මුඩු) ප්‍රේතියගේ කථාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
10.  ඛල්ලාටිය (හිස මුඩු) ප්‍රේතියගේ කථාව:-

1. ,විමානය ඇතුළෙහි සිටින්නාවූ තී කවර ස්ත්‍රියක්ද, විමනෙන් නොනික්මෙයි. සොඳුර මහත් සෘඞි ඇති තී දකිනු කැමැත්තම්හ. තී විමනෙන්

නික්මෙව.,

2. ,නිර්වස්ත්‍රව පිටත නික්මීමට ලජජා ඇත්තෙමි. හෙවත් දුක් ඇතිවෙමි. ලජ්ජා වෙමි. හිසකේ වලින් වැසුනු මුහුණ ඇත්තේ වෙමි. මා විසින් මඳ පිනක් කරණ ලදී.,

3. ,එබැවින් තිට මගේ උතුරු  සථව දෙමි. මේ උතුරු  සථව හැඳගනුව, සුන්‍දරිය මේ වස්ත්‍රය හැදගෙන පිටත නික්මෙව, සොඳුර පිටත සිටියා වූ තී දකිම්හ. තී පිටත නික්මෙව.,

4. ,අතින් අතට නුඹ විසින් දෙන ලද්ද මට නොලැබේ. සම්මා සම්බුදුන්ගේ ශ්‍රාවකවූ ශ්‍රඞාවත්වූ මේ උපාසකයෙක්තෙම මොවුන් අතරෙහි ඇත්තේය.,

5.  ,මේ උපාසකයා වස්ත්‍රයෙන් අඳවා  මට දක්‍ෂිණාව (පින්) දෙව. එසේ කල්හි මම සියථ කාම සැපතින් සමෘද්ධ වූවා සුවපත් වන්නෙමි.,

6.  ඒ වෙළෙන්ඳෝ ඒ උපාසකයා නහවා උතුම් සුවඳ ගල්වා වස්ත්‍ර දෙකකින් හඳවා ඒ ප්‍රේතියට දක්‍ෂිණාව දුන්හ.

7.  දීමට අනතුරුවම විපාක උපනී. නානාප්‍රකාර දිව්‍යභොජන සමාන වූභොජනද, දිව්‍ය වස්ත්‍ර සමාන වස්ත්‍රද නොයෙක් පාන වර්‍ගද උපන, දානයාගේ මේ විපාකයයි.

8.  ,ඉක්බිති නෑමෙන් පිරිසිඳු වූවා පිරිසිඳු කසීසථ වලටත් වඩා උතුම් වස්ත්‍රධාරීව සිනාසෙමින් විමානයෙන් නික්මුණාය. දානයාගේ මේ විපාකය වේ.

9. ,තීගේ මොනවට කරණ ලද චිත්‍ර රූප ඇති සිත්කථ විමන බබළයි. පින්වත් දෙවඟන, විචාරණ ලද්දේ කවර කුශල කර්මයක්හුගේ මේ විපාකදැයි, කියව.

10.  , මම පිඬු පිණිස හැසිරෙන්නාවූ ඇද නැති බවට ගිය භික්‍ෂුවක් හට මනා පැහැදුනු සිතින් නෙල් මිරිකාගත් තල ස්වල්පයක් දුනිමි.

11.  ,ඒ කුශල කර්මයාගේ විපාකය බොහෝ කලක් මුථල්ලෙහි විමනෙහි අනුභව කරයි. ඒ විපාකයද දැන් ස්වල්පය.

12.  ,සිව් මසකින් මතු මාගේ කාලක්‍රියාව වන්නේය. මම ඒකාන්තයෙන් කටුකවූ දරුණුවූ අවීචි මහ නිරයෙහි වැටෙන්නෙමි.

13. ,කොන් සතරක් ඇත්තේය. දොරටු සතරක් ඇත්තේය. ප්‍රමාණ කරණ ලදුව කොටස් වශයෙන් බෙදන ලද්දේය. යකඩ ප්‍රාකාරයකින් වට කරණ ලද්දේය. යකඩ පියනකින් වසන ලද්දේය.

14. ,ඒ අවීචි මහා නරකයෙහි යකඩින් වූ භූමිය දිලිසෙන්නේය. මහත් ගිනි දැලින් යුක්තය. හැමතන්හි හාත්පස යොදුන් සියයක් තැන පැතිර සිටී.

15.  ,මම ඒ මහා නරකයෙහි බොහෝකලක් මුථල්ලෙහි දුක් වේදනාව විඳින්නෙමි. මා විසින් කළ පාප කර්ීමයාගේ ඵලයක් ඇත්තේය. ඒ හේතුවෙන් මම බොහෝකොට ශොක කරමි.´´

9. මහා පෙෂකාර ප්‍රේතියගේ කථාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
9.  මහා පෙෂකාර ප්‍රේතියගේ කථාව:-

1.  ,මේ ස්ත්‍රිය අශුචිද මුත්‍රද ලේද සැරවද අනුභව කරයි. කවර කර්‍මයක්හුගේ මේ විපාකයෙක්ද, යම්බඳු ප්‍රෙතියක් සෑමකල්හි ලේ හා සැරව අනුභව කරන්නීද, මේ

සත්‍රීතොමෝ කවර අකුශල කර්‍මයක් කළේද?

2.  ,මෑට දෙනලද යහපත්වූද මෘදුවූද පිරිසිදු පැහැ ඇත්තාවූද සුව පහස් ඇත්තාවූද, අථත් වස්ත්‍ර ලොහ වස්ත්‍ර සමාන වෙත්. මේ ස්ත්‍රිතොමෝ කවර කර්මක් කෙළේද?,

3.  ,ස්වාමින්වහන්ස, මෝ තොමෝ නොදෙන සුථ මසුරු වූ තද මසුරු සිත් ඇති මාගේ භාය්‍ර්‍යාව විය. ඕතොමෝ ශ්‍රමණ බ්‍රහ්මණයන්ට දන් දෙන්නාවූ මට ආක්‍රොශ කරයි. පරිභව කරයි.

4.  ,මේ දානයද නුඹට පරලොවදී මලද මුත්‍රද රුධිරයද සැරවද වේවා, වස්ත්‍රද තට ලොහ වස්ත්‍ර වෙත්වා. නුඹ සියථ කාලයෙහි අශුචි අනුභව කරන්න. මෙබඳුවූ වාක් දුශ්චරිතාදිය කොට මේ ප්‍රේත ආත්ම භාවයට

පැමිණියේ බොහෝ කාලයක් ගුථාදිය අනුභව කරයි.,

8. ගොන් (ගොනා) ප්‍රේතයාගේ කතාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
8. ගොන් (ගොනා) ප්‍රේතයාගේ කතාව:-

1. ,කිමෙක්ද? පිස්සෙකු මෙන් අථත් තණ කපා ඉක්ම ගිය ජීවිතය ඇති (වැරුණු) නාකි ගවයෙකුට කාපිය කාපිය,යි කියයි.

2. ,මළ ගොනා ආහාරයෙන් පානයෙන් නැගිටුවාලිය නොහැක්කේය. අයහපත් අදහස් ඇති, අන් පුද්ගලයෙකු යම්සේද, නුඔත් නුවණ නැති බාලයෙක් වූයෙහිද?.,

3.  ,මේ පයද මේ හිසද, වලිගයද සහිත මේ ශරීරයද නේත්‍රයෝද, එසේම තිබෙත් මේ ගොනා නැගිටින්නේය.,

4.  ,පියාගේ අත්පාද, ශරීරයද හිසද නොපෙනේ. මැටි ථූපයක් ලඟ අඩන ඔබම නුවණ නැත්තෙක් නොවේද,

5.  ,ගිතෙල් ඉසින ලද ගින්නක් මෙන් ශෝකාග්නියෙන් ගිනි ගත්තාවූම මා ජලය වත්කරන්නෙකු මෙන් සියථ චිත්ත දාහය, නිවන්නේය.

6.  ,මාගේ හෘදය ආශ්‍රය කළ ශොක නමැති හුල උගුලන ලද්දේය. යමෙක් ශොකයෙන් පීඩිත වූ මාගේ පියා නිසාවූ ශොකය දුරු කළේද,

7.  ,ඒ මම ඉදිරුණු ශොක නමැති හුල් ඇත්තේ වෙමි. සිහිල් වූයේ වෙමි. නිවුනේ වෙමි. පින්වත් මාණවකය නුඹේ වචන අසා ශොක නොකරමි නොහඩමි.

8.  ,යම්සේ යහපත්ව උපන් පුත්‍රයා පියා සෝ දුකින් මුදාලයිද, නුවණ ඇති අනුකම්පා ඇති යම් කෙනෙක් වෙත් නම් ඔවුහු එසේ කරත්. ශොකයෙන් මුදවත්,.

6. පක්‍ඳව පුත්‍රඛාදක ප්‍රේතියගේ කථාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
6. පක්‍ඳව පුත්‍රඛාදක ප්‍රේතියගේ කථාව:-

1.  ,වස්ත්‍ර නැතිව නපුරු වර්‍ණ ඇතිව කුණු ගඳ ඇත්තියක් වෙහිය. මැස්සන් විසින් වසාගත් මෙහි සිටින ඔබ කවර තැනැත්තියක් වන්නෙහිද?,.

2. ,ස්වාමිනී, මම නපුරු ගති ඇති යම ලොකයෙහි වූ ප්‍රේතියක් වෙමි. පාපකර්‍මයක් කොට මෙයින් ප්‍රේතලෝකයට ගියේ වෙමි.

3. ,උදය කාලයෙහි පුත්‍රයන් පස් දෙනෙක්ද සවස නැවත අනික් පස් දෙනෙක්ද වදා කන්නෙම. ඔවුන්ද මට ප්‍රමාණ නොවෙත්.

4. ,මාගේ හෘදය බඩගින්නෙන් දැවෙය. දුම් නගිය. පැන් බොන්නට නොලබමි. විපතට පැමිණි මා බලන්න.

5. ,කිමෙක්ද කයින් වචසින් මනසින් නපුරු කමක් කරන ලද්දේද? කවර කර්‍ම විපාකයකින් පුත්‍රයන්ගේ මස් කන්නෙහිද?,.

6. ,මාගේ සැතිරිය ගැබ්ගත්තාය, ඈට පාපයක් සිතුවෙමි, ඒ මම    දූෂිත වූ සිතින් ගැබ් හෙලීම කළේය.

7. ,ඇගේ දෙමාසයක් වූ ගර්‍භය ලේම වැගිරවූයේය. ඇගේ ඒ මව තරහවූවා මගේ ක්‍ඳාතීත් කැඳවූයේය. මා (11) දිව්රීමද කරවූයේය. මට නින්‍ඳාද කළේය. ඒ මම බොරු වූ දරුණු දිව්රීමක් දිවුරු වෙමි.

ඉදින් මා විසින් එය කරන ලද්දේද දැන් පුත්‍රයන්ගේ මස් කමි.

8. ,ඒ කර්‍ම විපාකයෙන්ද මුසාවායෙන්ද  යන දෙකින් සැරවින් හා ලෙයින් වැකුණු ශරීර ඇති පුත්‍රයන්ගේ මස්කමි.,

4. පීට්ඨධීතලික (පිටියෙන් තැනූ රූපය) නම් ප්‍රේතයාගේ කථාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
4. පීට්ඨධීතලික (පිටියෙන් තැනූ රූපය) නම් ප්‍රේතයාගේ කථාව:-

1. නොමසුරු තැනැත්තේ මළවුන්ද තවද ගෙවල් ආදියට අරක්ගත් දේවතාවන්ද යන යම් කිසිවක් අරමුණු කොට දන් දෙන්නේය.

2. ඔව්හු ලෝකය රක්නා යසස් ඇත්තාවූ කුවෙරද, ධ්‍රතරාෂ්ටද, විරූපාක්‍ෂද, විරූළ්හකද යන සතර වරම් මහ රජ දරුවන් අරභයා දන් දෙන්නාහ. ද්‍රයකයෝද ප්‍රයෝජන ලබති.

3. හැඞීමක් හෝ ශොකයක් හෝ යම් අන්කිසි වැළපීමක් හෝ ප්‍රෙතයාගේ ප්‍රයෝජනය පිණිස නොවේ. ක්‍ඳාතීහු මෙහිම සිටිත්.

4.  සංඍයා කෙරෙහි මනා කොට පිහිටුවන ලද මේ දක්‍ෂිණාව බෝහෝ කලක් ඔහුට හිත පිණිස එකෙණෙහිම පැමිණේ.

3. පූතිමුඛ ප්‍රේතයාගේ කතාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
3.  පූතිමුඛ ප්‍රේතයාගේ කතාව:-

1. ,යහපත් වූ දිව්‍යමයවූ ශරීර වර්‍ණයක් දරන්නෙහිය. වෙහාසය නම් වූ අහසෙහි සිටින්නෙහිය. ඹබගේ කුණු ගඳ ගහන මුඛයද පණුවෝ කත්. පෙර කවර කර්‍මයක්

කෙළෙහිද?,.

2.  ,මම පවිටුවූ නපුරුවූ වචන ඇති ශ්‍රමණයෙක්වීමි. කටින් සංවර නොවූ තපස් ඇත්තෙක්වීමි. මාගේ තපස්කමින් වර්‍ණවත් ශරීර වණීයක් ලැබුනේවී නමුත් කේළාම් කීම  නිසා  කට කුණුවිය.

3.  ,නාරදයන් වහන්ස, ඔබ විසින් මාගේ රූපය තෙමේම දක්නා ලදී, අනුකම්පා ඇති යම්කිසි කෙනෙක් කියන්නාහු නම් යහපත් වචන කියන්නේය පංචකාමය කැමති දෙවියෙක් වනු කැමැත්තේ නම් කේළාම් නොකියනු

මැනවි,.

2. සූකරමුඛ ප්‍රේතයාගේ කථාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
2. සූකරමුඛ ප්‍රේතයාගේ කථාව:-

1. ,තොපගේ ශරීරය හැමතැන රන්වන්ය. සියලු දිසාවන් බබළවයි. තොපගේ කට ඌරෙකුගේ මෙනි. පෙර කිනම් කර්‍මයක් කෙළෙහිද?,

2. ,කයින් සංවර වීමි. වචනයෙන් අසංවර වීමි. නාරදයන් වහන්ස, ඒ කරුණින් එබඳු වර්‍ණවීමි.

3. ,නාරදයන් වහන්ස, ඔබ විසින්ම මෙය දක්නා ලදී. මම මෙය ඔබට කියමි. කටින් (වචනයෙන්) පවක් නොකරව, ඌරුමුඛ ඇත්තෙක් නොවව.,