45. සුචරිතානිසංස සූත්‍රය

1. ´´මහණෙනි, දුශ්චරිතයෙහි මේ දෝෂ පසක් වෙත්.

2. ´´කවර පසක්ද යත්? තෙමේද තමාට දොස් කියයි. දැනගෙණ නුවණැත්තෝ ගරහත්. ලාමකවූ ගුණ ඝෝෂාවක් පැන නගියි. සද්ධර්‍මයෙන් නැගී සිටියි. හෙවත් දශ කුශල ධර්මයෙන් නැගී සිටියි. අසද්ධර්‍මයෙහි හෙවත් දශ අකුශල ධර්‍මයෙහි පිහිටයි. යන පසයි.

3. ´´මහණෙනි, දුශ්චරිතයෙහි මේ දෝෂ පසක් වෙත්.

4. ´´මහණෙනි, සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්.

5. ´´කවර පසක්ද යත්? තෙමේද තමාට දොස් නොකියයි. දැනගෙණ නුවණැත්තෝ ප්‍රශංසා කරත්. යහපත්වූ ගුණ ඝෝෂාවක් පැන නගියි. දශ අකුශල ධර්මයෙන් නැගී සිටියි. දශ කුශල ධර්මයෙහි පිහිටයි. යන පසයි.

6. ´´මහණෙනි, සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්.

44. මනො දුච්චරිතාදීනව සූත්‍රය

1. ´´මහණෙනි, මනො දුශ්චරිතයෙහි මේ දෝෂ පසක් වෙත්.

2. ´´කවර පසක්ද යත්? තෙමේද තමන්ට දොස් කියයි. දැණගෙන නුවණැත්තෝ ගරහත්. ලාමකවූ ගුණ ඝෝෂයක් පැන නගියි. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැති, දුකට පිහිටවූ, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි. යන පසයි.

3. ´´මහණෙනි, මනො දුශ්චරිතයෙහි මේ දෝෂ පසක් වෙත්.

4. ´´මහණෙනි, මනො සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්.

5. ´´කවර පසක්ද යත්? තෙමේද තමන්ට දොස් නොකියයි. දැණගෙන නුවණැත්තෝ ප්‍රශංසා කරත්. යහපත්වූ ගුණ ඝෝෂාවෙක් පැන නගියි. මුළා නොවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ දිව්‍ය ලෝකයෙහි උපදියි. යන පසයි.´´

6. ´´මහණෙනි, මනො සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්.

43 වචී දුච්චරිතාදීනව සූත්‍රය

1. ´´මහණෙනි, වාග් දුශ්චරිතයෙහි මේ දෝෂ පසක් වෙත්.

2. ´´කවර පසක්ද යත්? තෙමේද තමන්ට දොස් කියයි. දැණගෙන නුවණැත්තෝ ගරහත්. ලාමකවූ ගුණ ඝෝෂයක් පැන නගියි. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැති, දුකට පිහිටවූ, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි. යන පසයි.

3. ´´මහණෙනි, වාග් දුශ්චරිතයෙහි මේ දෝෂ පසක් වෙත්.

4. ´´මහණෙනි, වාග් සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්.

5. ´´කවර පසක්ද යත්? තෙමේද තමන්ට දොස් නොකියයි. දැණගෙන නුවණැත්තෝ ප්‍රශංසා කරත්. යහපත්වූ ගුණ ඝෝෂාවෙක් පැන නගියි. මුළා නොවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ දිව්‍ය ලෝකයෙහි උපදියි. යන පසයි.´´

6. ´´මහණෙනි, වාග් සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්.

42. කාය දුච්චරිතාදීනව සූත්‍රය

1. ´´මහණෙනි, කාය දුශ්චරිතයෙහි මේ දෝෂ පසක් වෙත්.

2. ´´කවර පසක්ද යත්? තෙමේද තමන්ට දොස් කියයි. දැණගෙන නුවණැත්තෝ ගරහත්. ලාමකවූ ගුණ ඝෝෂයක් පැන නගියි. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැති, දුකට පිහිටවූ, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි. යන පසයි.

3. ´´මහණෙනි, කාය දුශ්චරිතයෙහි මේ දෝෂ පසක් වෙත්.

4. ´´මහණෙනි, කාය සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්.

5. ´´කවර පසක්ද යත්? තෙමේද තමන්ට දොස් නොකියයි. දැණගෙන නුවණැත්තෝ ප්‍රශංසා කරත්. යහපත්වූ ගුණ ඝෝෂාවෙක් පැන නගියි. මුළා නොවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ දිව්‍ය ලෝකයෙහි උපදියි. යන පසයි.´´

6. ´´මහණෙනි, කාය සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්.

41. දුච්චරිතාදීනව සූත්‍රය

41. දුච්චරිතාදීනව සූත්‍රය

1. ´´මහණෙනි, මේ දුශ්චරිතයෙහි දෝෂ පසක් වෙත්.

2. ´´කවර පසක්ද යත්? තෙමේද තමන්ට දොස් කියයි. දැණගෙන නුවණැත්තෝ ගරහත්. ලාමකවූ ගුණ ඝෝෂයක් පැන නගියි. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැති, දුකට පිහිටවූ, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි. යන පසයි.

3. ´´මහණෙනි, මේ දුශ්චරිතයෙහි දෝෂ පසක් වෙත්.

4. ´´මහණෙනි, සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්.

5. ´´කවර පසක්ද යත්? තෙමේද තමන්ට දොස් නොකියයි. දැණගෙන නුවණැත්තෝ ප්‍රශංසා කරත්. යහපත්වූ

ගුණ ඝෝෂාවෙක් පැන නගියි. මුළා නොවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ දිව්‍ය ලෝකයෙහි උපදියි. යන පසයි.´´

6. ´´මහණෙනි, සුචරිතයෙහි මේ අනුසස් පසක් වෙත්.

40. ආසා මච්ඡරී සූත්‍රය

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදියි.

2. ´´කවර පසකින්ද යත්? ආවාසයන්හි මසුරුකම් ඇත්තේ වේද, කුලයන්හි මසුරුකම් ඇත්තේ වේද, ලාභයන්හි මසුරුකම් ඇත්තේ වේද, ගුණවර්‍ණනායෙහි මසුරුකම් ඇත්තේ වේද, ධර්‍මයෙහි මසුරුකම් ඇත්තේ වේද, යන පසිනි.

3. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදී.

4. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී.

5. ´´කවර පසකින්ද යත්? ආවාසයන්හි මසුරුකම් ඇති නොවේද, කුලයන්හි මසුරුකම් ඇති නොවේද, ලාභයන්හි මසුරුකම් ඇති නොවේද, ගුණවර්‍ණනායෙහි මසුරුකම් ඇති නොවේද, ධර්‍මයෙහි මසුරුකම් ඇති නොවේද, යන පසිනි.´´

6. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී.

( 24 ආවාසික වර්‍ගය නිමි. )

__________

39. සද්ධාදෙය්‍ය විනිපාතක සූත්‍රය

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදියි.

2. ´´කවර පසකින්ද යත්? ආවාසයන්හි මසුරුකම ඇත්තේ වේද, කුලයන්හි මසුරුකම ඇත්තේ වේද, ලාභයන්හි මසුරුකම ඇත්තේ වේද, ගුණවර්‍ණනායෙහි මසුරුකම ඇත්තේ වේද, ශ්‍රද්Ȁdධාවෙන් දුන් දෙය විනාශ කෙර්ද යන පසිනි.

3. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදී.

4. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී.

5. ´´කවර පසකින්ද යත්? ආවාසයන්හි මසුරුකම් ඇත්තේ නොවේද, කුලයන්හි මසුරුකම් ඇත්තේ නොවේද, ලාභයන්හි මසුරුකම් ඇත්තේ නොවේද, ගුණවර්‍ණනායෙහි මසුරුකම් ඇත්තේ නොවේද, ශ්‍රද්ධාවෙන් දුන් දෙය විනාශ නොකෙර්ද යන පසිනි.

6. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී.

38. මච්ඡරා වාසික සූත්‍රය

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදී.

2. ´´කවර පසකින්ද යත්? නොදැන නොසොයා අගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, නොදැන නොසොයා ගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, ආවාසයෙහි මසුරුකම් ඇත්තේ වේද, කුලයන්හි මසුරුකම් ඇත්තේ වේද, ලාභයන්හි මසුරුකම් ඇත්තේ වේද, යන පසිනි.

3. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදී.

4. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී.

5. ´´කවර පසකින්ද යත්? දැන නොසොයා අගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, දැන නොසොයා ගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, ආවාසයෙහි මසුරුකම් නැත්තේ වේද, කුලයන්හි මසුරුකම් නැත්තේ වේද, ලාභයන්හි මසුරුකම් නැත්තේ වේද, යන පසිනි.

6. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී.

37. අවණ්ණභාසවාසික සූත්‍රය

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදියි.

2. ´´කවර පසකින්ද යත්? නොදැන නොසොයා අගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, නොදැන නොසොයා ගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, ආවාසයෙහි මසුරුකම් ඇත්තේ, ආවාසයෙහි බලවත් ගිජුකම ඇත්තේ වේද, කුලයන්හි මසුරුකම් ඇත්තේ, කුලයන්හි බලවත් ගිජුකම් ඇත්තේ වේද, , ශ්‍රද්Ȁdධාවෙන් දුන් දෙය විනාශ කෙරේද, යන පසිනි.

3. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදියි.

4. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදියි.

5. ´´කවර පසකින්ද යත්? දැන සොයා ගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, දැන සොයා අගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, ආවාසයෙහි මසුරුකම් ඇත්තෙක්, ආවාසයෙහි බලවත් ගිජුකම් ඇත්තෙක් නොවේද, කුලයන්හි මසුරුකම් ඇත්තෙක්, කුලයන්හි බලවත් ගිජුකම් ඇත්තෙක් නොවේද, , ශ්‍රද්ධාවෙන් දුන් දෙය විනාශ නොකෙරේද, යන පසිනි.

4. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී.

36. යථාගතාවාසික සූත්‍රය

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදී.

2. ´´කවර පසකින්ද යත්? නොදැන නොසොයා අගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, නොදැන නොසොයා ගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, නොදැන නොසොයා නොපැහැදියයුතු තන්හි පැහැදීම පහළ කෙරේද, නොදැන නොසොයා පැහැදියයුතු තන්හි නොපැහැදීම පහළ කෙරේද, ශ්‍රද්ධාවෙන් දුන් දෙය ඉවත දමාද, යන පසිනි.

3. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදී.

4. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී.

5. ´´කවර පසකින්ද යත්? දැන සොයා අගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, දැන සොයා ගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, දැන සොයා නොපැහැදියයුතු තන්හි නොපැහැදීම පහළ කෙරේද, දැන සොයා පැහැදියයුතු තන්හි පැහැදීම පහළ කෙරේද, ශ්‍රද්ධාවෙන් දුන් දෙය විනාශ නොකෙරේද, යන පසිනි.´´