16. එකධර්‍ම වර්‍ගය

1. බුද්ධානුස්සති සූත්‍රය.

1. ´´මහණෙනි, එක් ධර්‍මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදු කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.

2. ´´කවර නම් එකම ධර්‍මයක්ද? බුද්ධානුස්මෘතිය (බුදුගුණ සිහිකිරීම) යි.

3. ´´මහණෙනි, මේ එකම ධර්මය වඩන ලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.´´

2. ධම්මානුස්සති සූත්‍රය.

1. ´´මහණෙනි, එක් ධර්‍මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදු කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.

2. ´´කවර නම් එකම ධර්‍මයක්ද? ධර්මානුස්මෘතියයි.

3. ´´මහණෙනි, මේ එකම ධර්මය වඩන ලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.´´

3. සංඝානුස්සති සූත්‍රය.

1. ´´මහණෙනි, එක් ධර්‍මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදු කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.

2. ´´කවර නම් එකම ධර්‍මයක්ද? සංඝානුස්මෘතියයි.

3. ´´මහණෙනි, මේ එකම ධර්මය වඩන ලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.´´

4. සීලානුස්සති සූත්‍රය.

1. ´´මහණෙනි, එක් ධර්‍මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදු කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.

2. ´´කවර නම් එකම ධර්‍මයක්ද? සීලානුස්මෘතියයි (ශීලයෙහි ගුණ සිහි කිරීමයි.)

3. ´´මහණෙනි, මේ එකම ධර්මය වඩන ලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.´´

5. චාගානුස්සති සූත්‍රය.

1. ´´මහණෙනි, එක් ධර්‍මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදු කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.

2. ´´කවර නම් එකම ධර්‍මයක්ද? දීමෙහි ගුණ සිහි කිරීමයි.

3. ´´මහණෙනි, මේ එකම ධර්මය වඩන ලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.´´

6. දෙවතානුස්සති සූත්‍රය.

1. ´´මහණෙනි, එක් ධර්‍මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදු කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.

2. ´´කවර නම් එකම ධර්‍මයක්ද? දෙවියන් සාක්‍ෂිකොට ගුණධර්ම සිහි කිරීමයි.

3. ´´මහණෙනි, මේ එකම ධර්මය වඩන ලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.´´

7. ආනාපානසති සූත්‍රය.

1. ´´මහණෙනි, එක් ධර්‍මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදු කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.

2. ´´කවර නම් එකම ධර්‍මයක්ද? ආශ්වාස ප්‍රශ්වාස නිමිතිකොට ඇති සිහියයි.

3. ´´මහණෙනි, මේ එකම ධර්මය වඩන ලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.´´

8. මරණසති සූත්‍රය.

1. ´´මහණෙනි, එක් ධර්‍මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදු කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.

2. ´´කවර නම් එකම ධර්‍මයක්ද? මරණය ගැන සිහි කිරීමයි.

3. ´´මහණෙනි, මේ එකම ධර්මය වඩන ලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.´´

9. කායගතාසති සූත්‍රය.

1. ´´මහණෙනි, එක් ධර්‍මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදු කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.

2. ´´කවර නම් එකම ධර්‍මයක්ද? ශරීරයේ පිළිකුල් බව ගැන සිහි කිරීමයි.

3. ´´මහණෙනි, මේ එකම ධර්මය වඩන ලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.´´

10. උපසමානුස්සති සූත්‍රය.

1. ´´මහණෙනි, එක් ධර්‍මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදු කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.

2. ´´කවර නම් එකම ධර්‍මයක්ද? දුක් සංසිඳීම අරමුණුකොට ඇති සිහියයි.

3. ´´මහණෙනි, මේ එකම ධර්මය වඩන ලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.´´

15 අට්ඨාන වර්‍ගය

“නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස ”

1. නිච්චතූපගමන සූත්‍රය.

“මහණෙනි, මාර්‍ගදෘෂ්ටියෙන් යුක්තවූ, (සෝවාන්වූ) පුද්ගලයෙක් යම් හේතුවක් නිසා කිසි සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේය යන මේ කාරණය හේතු රහිතයි, ප්‍රත්‍ය රහිතයි. මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් විද්‍යමානවේ. (එනම්) පෘතග්ජන පුද්ගලයෙක් යම් හේතුවක් නිසා කිසි සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේය. මේ කාරණය විද්‍යමානවේ.”

2. සුඛතූපගමන සූත්‍රය.

“මහණෙනි, මාර්‍ගදෘෂ්ටියෙන් යුක්තවූ, (සෝවාන්වූ) පුද්ගලයෙක් යම් හේතුවක් නිසා කිසි සංස්කාරයක් සැප වශයෙන් ගන්නේය යන මේ කාරණය හේතු රහිතයි, ප්‍රත්‍ය රහිතයි. මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මෙබඳු දෙයක් නම් විද්‍යමානවේ. (එනම්) යම් හෙයකින් පෘතග්ජන පුද්ගලයෙක් කිසි සංස්කාරයක් සැප වශයෙන් ගන්නේය. යන මේ කාරණය නම් විද්‍යමානවේ.”

3. අත්තතූපගමන සූත්‍රය.

“මහණෙනි, මාර්‍ගදෘෂ්ටියෙන් යුක්තවූ, (සෝවාන්වූ) පුද්ගලයෙක් තෙම යම් කිසි ධර්‍මයක් ආත්ම වශයෙන් ගන්නේය යන මේ කාරණය හේතු රහිතයි, ප්‍රත්‍ය රහිතයි. එවැනි දෙයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් විද්‍යමානවේ. (එනම්) යම් හෙයකින් පෘතග්ජනයෙක් කිසි ධර්‍මයක් ආත්ම වශයෙන් ගන්නේය. යන මේ කාරණය නම් විද්‍යමානවේ.”

4. මාතුජීවිත සූත්‍රය.

“මහණෙනි, මාර්‍ගදෘෂ්ටියෙන් යුක්තවූ, (සෝවාන්වූ) පුද්ගලයෙක් යම් හේතුවක් නිසා වැදූ මව ජීවිතයෙන් තොර කරන්නේය. යන මේ කාරණය හේතු රහිත වේ, ඒ ප්‍රත්‍ය රහිතයි. එබඳු දෙයක් දක්නට නැත. මහණෙනි, මෙබඳු දෙයක් නම් විද්‍යමානවේ. (එනම්) පෘතග්ජන තෙම යම් හෙයකින් මව ජීවිතයෙන් තොර කරන්නේය, යන මේ කාරණය නම් විද්‍යමානවේ.”

5. පිතුජීවිත සූත්‍රය.

“මහණෙනි, මාර්‍ගදෘෂ්ටියෙන් යුක්තවූ, (සෝවාන්වූ) පුද්ගලයෙක් යම් හේතුවක් නිසා ස්වකීය පියා ජීවිතයෙන් තොර කරන්නේය. යන මේ කාරණය හේතු රහිතයි, ප්‍රත්‍ය රහිතයි. මෙබඳු දෙයක් දක්නට නොලැබේ. මහණෙනි, මෙවැනි දෙයක් නම් දක්නට ලැබේ. (එනම්) යම් හේතුවක් නිසා පෘතග්ජනයෙක් ස්වකීය පියා ජීවිතයෙන් තොර කරන්නේය, යන මේ කාරණය නම් විද්‍යමානවේ.”

6. අරහන්තජීවිත සූත්‍රය.

“මහණෙනි, මාර්‍ගදෘෂ්ටියෙන් සම්පූර්‍ණවූ, (සෝවාන්වූ) පුද්ගලයෙක් තෙම යම් හේතුවක් නිසා රහත් කෙනෙකුන් ජීවිතයෙන් තොර කරන්නේය. යන මෙය හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. එවැනි කාරණයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මෙබඳු දෙයක් නම් දක්නට ලැබේ. (එනම්) යම් හේතුවක් නිසා පෘතග්ජනයෙක් රහත් කෙනෙකුන් ජීවිතයෙන් තොර කරන්නේය, යන මේ දේ නම් විද්‍යමානවේ.”

7. ලොහිතුප්පාද සූත්‍රය.

“මහණෙනි, මාර්‍ගදෘෂ්ටියෙන් සම්පූර්‍ණවූ, (සෝවාන්වූ) පුද්ගලයෙක් යම් හේතුවක් නිසා තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් දූෂ්‍යවූ සිතින් ලේ උපදවන්නේය, යන මේ කාරණය හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. එබඳු දෙයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මෙබඳු දෙයක් නම් දක්නට ලැබේ. (එනම්) යම් හේතුවක් නිසා පෘතග්ජනයෙක් තථාගතයන් වහන්සේ ගේ ශරීරයෙන් දූෂ්‍යවූ සිතින් යුක්තව ලේ උපදවන්නේය, යන මේ කාරණය නම් විද්‍යමානවේ.”

8. සඞ්ඝභෙද සූත්‍රය.

“මහණෙනි, මාර්‍ගදෘෂ්ටියෙන් සම්පූර්‍ණවූ, (සෝවාන්වූ) පුද්ගලයෙක් යම් හේතුවක් නිසා සඞ්ඝයා භෙද කරන්නේය යන මේ කාරණය හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. එබඳු දෙයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මෙබඳු දෙයක් නම් විද්‍යමාන වේ. (එනම්) යම් හෙයකින් පෘතග්ජනයෙක් සඞ්ඝයා බිඳුවන්නේය, යන මේ කාරණය නම් දක්නට ලැබේ.”

9. අඤ්ඤසත්‍ථාරුදේදස සූත්‍රය.

“මහණෙනි, මාර්‍ගදෘෂ්ටියෙන් සම්පූර්‍ණවූ, (සෝවාන්වූ) පුද්ගලයෙක් යම් හෙයකින් අන්‍ය ශාස්තෘවරයෙක් අදහන්නේය, යන මේ කාරණය හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. එබඳු දෙයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මෙබඳු දෙයක් නම් දක්නට ලැබේ. (එනම්) යම් හෙයකින් පෘතග්ජනයෙක් අන්‍ය ශාස්තෘවරයෙකු විශ්වාස කරන්නේය, යන මේ කාරණය නම් විද්‍යමානවේ.”

10. එකසම්මාසම්බුද්ධ සූත්‍රය.

“මහණෙනි, එක ලෝක ධාතුවෙක්හි අර්හත්වූ සම්‍යක් සම්බුඳුවරයන් වහන්සේලා දෙනමක් පෙර පසු නොව (එකවර) උපදින්නාහුය යන මේ කාරණයක් වේද, ඒ හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. ඒ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මෙබඳු දෙයක් නම් ඇත්තේය. (එනම්) යම් හෙයකින් එක ලෝක ධාතුවෙක්හි අර්හත්වූ එකම සම්බුදුවරයෙක් උපදනේය යන මේ කාරණය වනාහි විද්‍යමානවේ.”

11. එකචක්කවත්ති සූත්‍රය.

“මහණෙනි, එක ලෝක ධාතුවෙක්හි සක්විති රජවරු දෙදෙනෙක් පෙර නොව පසු නොව (එකවර) උපදනාහුය යන මේ කාරණයක් වේද, ඒ හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මෙබඳු දෙයක් නම් ඇත්තේය. (එනම්) එක ලෝක ධාතුවෙක්හි එකම සක්විති රජෙක් උපදනේය යන මේ කාරණයක් වේද, ඒ වනාහි විද්‍යමානවේ.”

12. පුරිසසම්මාසම්බොධි සූත්‍රය.

“මහණෙනි, ස්ත්‍රියක් තොම අර්හත්වූ සම්‍යක් සම්බුදුවරයෙක් වේය යන මේ කාරණයක් වේද, ඒ හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. ඒ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් විද්‍යමානවේ. (එනම්) යම් හෙයකින් පුරුෂයෙක් අර්හත්වූ සම්‍යක් සම්බුදුවරයෙක් වේද, මේ කාරණය නම් විද්‍යමානවේ.”

13. පුරිස චක්කවත්ති සූත්‍රය.

“මහණෙනි, ස්ත්‍රියක් තොම සක්විති රජෙක් වේය යන මේ කාරණය හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. ඒ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ. (එනම්) යම් හෙයකින් පුරුෂයෙක් සක්විති රජ වේද, මේ කාරණය නම් විද්‍යමානවේ.”

14. පුරිසසක්කත්ත සූත්‍රය.

“මහණෙනි, ස්ත්‍රියක් තොම ශක්‍ර ආත්මය ලබන්නීය යන මේ කාරණය හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. ඒ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ. (එනම්) යම් හෙයකින් පුරුෂයෙක් ශක්‍ර ආත්මය ලබන්නේය, මේ කාරණය නම් විද්‍යමානවේ.”

15. පුරිසමාරත්ත සූත්‍රය.

“මහණෙනි, ස්ත්‍රියක් තොම මාරආත්මය ලබන්නීය යන මේ කාරණය, හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. ඒ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ. (එනම්) යම් හෙයකින් පුරුෂයෙක් මාර ආත්මය ලබන්නේය, මේ කාරණය නම් විද්‍යමානවේ.”

16. පුරිසබ්‍රහ්මත්ත සූත්‍රය.

“මහණෙනි, ස්ත්‍රියක් තොම බ්‍රහ්ම ආත්මය ලබන්නීය, යන මේ කාරණය හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. ඒ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ. (එනම්) යම් හෙයකින් පුරුෂයෙක් බ්‍රහ්ම ආත්මය ලබන්නේය යන මේ කාරණය නම් විද්‍යමානවේ.”

17. කායදුච්චරිතවිපාක සූත්‍රය.

“මහණෙනි, කාය දුශ්චරිතයෙන් ප්‍රියවූ සිත්කළුවූ මන වඩන්නාවූ විපාකයක් උපදනේයයි යම් කරුණක් වේද, ඒ හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. එබඳු දෙයක් සිදු නොවන්නේය. මහණෙනි, මේ කාරණය නම් සිදුවේ. (එනම්) යම් හෙයකින් කාය දුශ්චරිතයාගේ අප්‍රියවූ, අකාන්තවූ, අමනාපවූ විපාකයක් උපදනේය යන මේ කාරණය නම් සිදු වන්නේය.”

18. වචීදුච්චරිතවිපාක සූත්‍රය.

“මහණෙනි, වචී (වචන) දුශ්චරිතයෙන් ප්‍රියවූ සිත්කළුවූ මන වඩන්නාවූ විපාකයක් උපදනේයයි යම් කරුණක් වේද, ඒ හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. එබඳු දෙයක් සිදු නොවන්නේය. මහණෙනි, මේ කාරණය නම් සිදුවේ. (එනම්) යම් හෙයකින් වචී (වචන) දුශ්චරිතයාගේ අප්‍රියවූ, අකාන්තවූ, අමනාපවූ විපාකයක් උපදනේය යන මේ කාරණය නම් සිදු වන්නේය.”

19. මනොදුච්චරිතවිපාක සූත්‍රය.

“මහණෙනි, මනෝ (හිතේ) දුශ්චරිතයෙන් ප්‍රියවූ සිත්කළුවූ මන වඩන්නාවූ විපාකයක් උපදනේයයි යම් කරුණක් වේද, ඒ හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. එබඳු දෙයක් සිදු නොවන්නේය. මහණෙනි, මේ කාරණය නම් සිදුවේ. (එනම්) යම් හෙයකින් මනෝ (හිතේ) දුශ්චරිතයාගේ අප්‍රියවූ, අකාන්තවූ, අමනාපවූ විපාකයක් උපදනේය යන මේ කාරණය නම් සිදු වන්නේය.”

20. කායසුචරිතවිපාක සූත්‍රය.

“මහණෙනි, යම් හෙයකින් කාය සුචරිතයාගේ අනිෂ්ටවූ, අප්‍රියවූ, අමනාපවූ විපාකයක් උපදනේය යන මෙය හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. එවැනි කාරණයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් විද්‍යමානවේ. (එනම්) යම් හෙයකින් කාය සුචරිතයාගේ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ විපාකයක් උපදනේය යන මේ කාරණය නම් විද්‍යමානවේ.”

21. වචීසුචරිතවිපාක සූත්‍රය.

“මහණෙනි, යම් හෙයකින් වචී (වචන) සුචරිතයාගේ අනිෂ්ටවූ, අප්‍රියවූ, අමනාපවූ විපාකයක් උපදනේය යන මෙය හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. එවැනි කාරණයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් විද්‍යමානවේ. (එනම්) යම් හෙයකින් වචී (වචන) සුචරිතයාගේ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ විපාකයක් උපදනේය යන මේ කාරණය නම් විද්‍යමානවේ.”

22. මනොසුචරිතවිපාක සූත්‍රය.

“මහණෙනි, යම් හෙයකින් මනො (හිතේ) සුචරිතයාගේ අනිෂ්ටවූ, අප්‍රියවූ, අමනාපවූ විපාකයක් උපදනේය යන මෙය හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. එවැනි කාරණයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් විද්‍යමානවේ. (එනම්) යම් හෙයකින් මනො (හිතේ) සුචරිතයාගේ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ විපාකයක් උපදනේය යන මේ කාරණය නම් විද්‍යමානවේ.”

23. කායදුච්චරිතසමංගී සූත්‍රය.

“මහණෙනි, යම් හෙයකින් කායදුශ්චරිතයෙන් යුත් පුද්ගල තෙම එය හේතු කොට ගෙන, එය ප්‍රත්‍යය කොටගෙන ශරීරය බිඳි යාමෙන්
පසු මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ ස්වර්‍ග ලෝකයෙහි උපදින්නේය යන මෙය හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. එවැනි කාරණයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ. (එනම්) යම් හෙයකින් කායදුශ්චරිතයෙන් යුත් පුද්ගල තෙම එය හේතුකොටගෙන, එය ප්‍රත්‍යයකොටගෙන, ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි සැපයෙන් තොරවූ, නපුරු ගති ඇති, විකාරව වැටෙන්නාවූ නරකයෙහි උපදින්නේය යන මේ කාරණය නම් විද්‍යමානවේ.”

24. වචීදුච්චරිතසමංගී සූත්‍රය.

“මහණෙනි, යම් හෙයකින් වචී (වචන) දුශ්චරිතයෙන් යුත් පුද්ගල තෙම එය හේතු කොට ගෙන, එය ප්‍රත්‍යය කොටගෙන ශරීරය බිඳි යාමෙන් පසු මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ ස්වර්‍ග ලෝකයෙහි උපදින්නේය යන මෙය හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. එවැනි කාරණයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ. (එනම්) යම් හෙයකින් වචී (වචන) දුශ්චරිතයෙන් යුත් පුද්ගල තෙම එය හේතුකොටගෙන, එය ප්‍රත්‍යයකොටගෙන, ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි සැපයෙන් තොරවූ, නපුරු ගති ඇති, විකාරව වැටෙන්නාවූ නරකයෙහි උපදින්නේය යන මේ කාරණය නම් විද්‍යමානවේ.”

25. මනොදුච්චරිතසමංගී සූත්‍රය.

“මහණෙනි, යම් හෙයකින් මනෝ (හිතේ) දුශ්චරිතයෙන් යුත් පුද්ගල තෙම එය හේතු කොට ගෙන, එය ප්‍රත්‍යය කොටගෙන ශරීරය බිඳි යාමෙන් පසු මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ ස්වර්‍ග ලෝකයෙහි උපදින්නේය යන මෙය හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. එවැනි කාරණයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ. (එනම්) යම් හෙයකින් මනෝ (හිතේ) දුශ්චරිතයෙන් යුත් පුද්ගල තෙම එය හේතුකොටගෙන, එය ප්‍රත්‍යයකොටගෙන, ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි සැපයෙන් තොරවූ, නපුරු ගති ඇති, විකාරව වැටෙන්නාවූ නරකයෙහි උපදින්නේය යන මේ කාරණය නම් විද්‍යමානවේ.”

26. කායසුචරිතසමංගී සූත්‍රය.

“මහණෙනි, යම් හෙයකින් කාය සුචරිතයෙන් යුක්තවූ පුද්ගල තෙම එය මූල කාරණා (හේතු) කොට ගෙන, එය ප්‍රත්‍යය කොටගෙන ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි සැපයෙන් පහවූ, දුර්‍ගති ඇති, විකාරව වැටෙන්නාවූ නරකයෙහි උපදින්නේය යන මේ කාරණය හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. දක්නට නැත. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ. (එනම්) මහණෙනි, යම් හෙයකින් කාය සුචරිතයෙන් යුක්තවූ පුද්ගල තෙම එය හේතුකොටගෙන, එය ප්‍රත්‍යයකොටගෙන, ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ ස්වර්‍ග ලෝකයෙහි උපදින්නේය යන මේ කාරණය නම් විද්‍යමානවේ.”

27. වචීසුචරිතසමංගී සූත්‍රය.

“මහණෙනි, යම් හෙයකින් වචී (වචන) සුචරිතයෙන් යුක්තවූ පුද්ගල තෙම එය මූල කාරණා (හේතු) කොට ගෙන, එය ප්‍රත්‍යය කොටගෙන ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි සැපයෙන් පහවූ, දුර්‍ගති ඇති, විකාරව වැටෙන්නාවූ නරකයෙහි උපදින්නේය යන මේ කාරණය හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. දක්නට නැත. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ. (එනම්) මහණෙනි, යම් හෙයකින් වචී (වචන) සුචරිතයෙන් යුක්තවූ පුද්ගල තෙම එය හේතුකොටගෙන, එය ප්‍රත්‍යයකොටගෙන, ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ ස්වර්‍ග ලෝකයෙහි උපදින්නේය යන මේ කාරණය නම් විද්‍යමානවේ.”

28. මනොසුචරිතසමංගී සූත්‍රය.

“මහණෙනි, යම් හෙයකින් මනො (හිතේ) සුචරිතයෙන් යුක්තවූ පුද්ගල තෙම එය මූල කාරණා (හේතු) කොට ගෙන, එය ප්‍රත්‍යය කොටගෙන ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි සැපයෙන් පහවූ, දුර්‍ගති ඇති, විකාරව වැටෙන්නාවූ නරකයෙහි උපදින්නේය යන මේ කාරණය හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. දක්නට නැත. මහණෙනි, මේ කාරණය නම් විද්‍යමානවේ. (එනම්) යම් හෙයකින් මනො සුචරිතයෙන් යුක්තවූ පුද්ගල තෙම එය හේතුකොටගෙන, එය ප්‍රත්‍යයකොටගෙන, ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ ස්වර්‍ග ලෝකයෙහි උපදින්නේය යන මේ කාරණය නම් විද්‍යමානවේ.”

(අට්ඨාන වර්‍ගය නිමි.)

14. එතදග්‍ර පාලිය

“නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස ”

01 ප්‍රථම වර්‍ගය

1. අඤ්ඤාකොණ්ඩඤ්ඤ එතදග්ග සූත්‍රය.
“මහණෙනි, යම් මේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ නම් ස්ථවිර නමක් වේද, මේ තෙම චිර රාත්‍රි දන්නාවූ ( ඉකුත්කළ බොහෝ කල් ඇති ) මාගේ ශ්‍රාවකවූ ඝික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.”

2. සාරීපුත්ත එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මහත් ප්‍රඥා ඇත්තවුන් අතුරෙන් මේ ශාරීපුත්‍ර ස්ථවිර තෙම අග්‍රයි.”

3. මහාමොග්ගල්ලාන එතදග්ග සූත්‍රය.
“මහණෙනි, ඎද්ධි ඇත්තවුන් අතුරෙන් මේ මහා මෞද්ගල්‍යාන ස්ථවිර තෙම අග්‍රයි.

4. මහාකස්සප එතදග්ග සූත්‍රය.
“මහණෙනි, ධුතවාද ඇත්තාවූ ( ධූතඞ්ගධාරීවූ ) භික්‍ෂූන් අතුරෙන් මේ මහා කාශ්‍යප ස්ථවිර තෙම අග්‍රයි.”

5. අනුරුද්ධ එතදග්ග සූත්‍රය.
“මහණෙනි, දිවැස් ඇත්තවුන් අතුරෙන් මේ අනුරුද්ධ ස්ථවිර තෙම අග්‍රයි.”

6. භද්දිය කාළිගොධායපුත්තඑතදග්ග සූත්‍රය.
“මහණෙනි, උසස් කුල ඇත්තවුන් අතුරෙන් කාළිගොධා නම් බැමිණියගේ පුත්‍රවූ මේ භද්දිය ස්ථවිර තෙම අග්‍රයි.”

7. ලකුණ්ටක භද්දිය එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මධුර ස්වර ( මිහිරි හඬ ) ඇත්තාවූ භික්‍ෂූන් අතුරෙන් මේ ලකුණ්ඨක භද්දිය ස්ථවිර තෙම අග්‍රයි.”

8. පිණ්ඩොලභාරද්වාජ එතදග්ග සූත්‍රය.
“මහණෙනි, සිංහනාද ( අභීතනාද ) කරන්නාවූ භික්‍ෂූන් අතුරෙන් මේ පිණ්ඩොල භාරද්වාජ ස්ථවිර තෙම අග්‍රයි.”

9. පුණ්ණමත්තානිපුත්ත එතදග්ග සූත්‍රය.
“මහණෙනි, ධර්‍මකථිකවූ ශ්‍රාවකයන් අතුරෙන් මේ මන්තානී බැමිණියගේ පුත්‍රවූ මේ පුණ්ණ නම් ස්ථවිර තෙම අග්‍රයි.”

10. මහා කච්චාන එතදග්ග සූත්‍රය.
“මහණෙනි, සංක්‍ෂෙපයෙන් කියනලද ධර්‍මයාගේ අත්‍ර්‍ථය විස්තර වශයෙන් විභාග කරන්නාවූ භික්‍ෂූන් අතුරෙන් මේ මහාකච්චාන ස්ථවිර තෙම අග්‍රයි.”

( ප්‍රථම වර්‍ගය නිමි. )

02 දෙවෙනි වර්‍ගය.

11. චුල්ලඵන්ථක එතදග්ග සූත්‍රය.
“යම් මේ චුල්ල පන්ථක නම් ස්ථවිර නමක් වේද, මනොමය ශරීරයන් උපදවන්නාවූ මාගේ ශ්‍රාවකවූ භික්‍ෂූන් අතුරෙන් මෙතෙම අග්‍රයි.”

12. චුල්ලපන්ථක චෙතොවට්ට එතදග්ග සූත්‍රය.
“මේ චුල්ල පන්ථක ස්ථවිර තෙම, රූපාවචර ධ්‍යාන ලාභීන් අතුරෙන් අග්‍රයි.”

13. මහාපන්ථක එතදග්ග සූත්‍රය.
“මේ මහා පන්ථක ස්ථවිර තෙම අරූපාවචර ධ්‍යාන ලාභීන් අතුරෙන් අග්‍රයි.”

14. සුභූති එතදග්ග සූත්‍රය.
“මේ සුභූති ස්ථවිර තෙම රාගාදී කෙලෙසුන් කෙරෙන් තොරවූ වාසය ඇති භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.”

15. සුභූති දක්ඛිනෙය්‍ය එතදග්ග සූත්‍රය.
“මේ සුභූති නම් ස්ථවිර තෙම දක්‍ෂිණාවට සුදුසු වූවන් අතුරෙන් අග්‍රයි.”

16. රෙවත ඛදිරවනිය එතදග්ග සූත්‍රය.
“මේ කිහිරි වනවාසී රෙවත ස්ථවිර තෙම වනයෙහි වසන භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.”

17. කඞ්ඛාරෙවත එතදග්ග සූත්‍රය.
“මේ කඞ්ඛා රෙවත නම් ස්ථවිර තෙම ධ්‍යානයෙහි ඇලී වසන්නාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.”

18. සොණකොලිවිස එතදග්ග සූත්‍රය.
“මේ කොලිවිස ගොත්‍ර ඇති සොණ ස්ථවිර තෙම පටන්ගෙණ සම්පූර්‍ණකරණලද වීය්‍ර්‍ය ඇති ශ්‍රාවකයන් අතුරෙන් අග්‍රයි.”

19. සොණකුටිකණ්ණ එතදග්ග සූත්‍රය.
“(කෙළක් අගනා කන් පළඳනා ඇති හෙයින් ) කුටිකණ්ණයයි කියන ලද සොණ නම් ස්ථවිර තෙම යහපත් වචන කියන්නාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.”

20. සීවලී එතදග්ග සූත්‍රය.
“මේ සීවලී ස්ථවිර තෙම ප්‍රත්‍ය ලාභීවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.”

21. වක්කලි එතදග්ග සූත්‍රය.
“මේ වක්කලි නම් ස්ථවිර තෙම බලවත් ශ්‍රද්ධා ඇත්තාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.”

( දෙවෙනි වර්‍ගය නිමි. )

03 තුන්වෙනි වර්‍ගය.

22. රාහුල එතදග්ග සූත්‍රය.
“මහණෙනි, යම් මේ රාහුල නම් ස්ථවිර නමක් වේද, ශික්‍ෂාකාමීවූ මාගේ ශ්‍රාවකවූ භික්‍ෂූන් අතුරෙන් මෙතෙම අග්‍රයි.”

23. රට්ඨපාල එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ රට්ඨපාල ස්ථවිර තෙම ශ්‍රද්ධායෙන් පැවිදිවූවන් අතුරෙන් අග්‍රයි.”

24. කුණ්ඩධාන එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ කුණ්ඩදාන ස්ථවිර තෙම සියල්ලන්ට පළමුව සළකා ගන්නාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.”

25. වඞ්ගීස එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ වඞ්ගීස ස්ථවිර තෙම සම්පූර්‍ණවූ වැටහීම් ඇත්තාවූ නොහොත් වහා වැටහෙන නුවණැත්තාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.”

26. උපසේන වඞ්ගන්තපුත්ත එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ වඞ්ගන්ත බමුණාගේ පුත්‍රවූ උපසේන ස්ථවිර තෙම සියල්ලන් පහදවන්නාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.”

27. දබ්බමල්ලපුත්ත එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ මල්ලරාජ පුත්‍රවූ, දබ්බ නම් ස්ථවිර තෙම සෙනසුන් පනවන්නාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.”

28. පිළින්‍දිවච්ඡ එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ පිළින්‍දි ගොත්‍රයෙහි උපන් වච්ඡ නම්වූ හෙවත්, පිළින්‍දිවච්ඡ ස්ථවිර තෙම දෙවියන්ට ප්‍රිය මනාපවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.”

29. බාහිය දාරුචීරිය එතදග්ග සූත්‍රය.
“මහණෙනි, ( දැව පතුරෙන් කළ වැහැරි දැරූ නිසා ) දාරුචීරියයි කියන ලද බාහිය නම්වූ මේ ස්ථවිර තෙම වහා ලත් අර්හත් ඵලාවබෝධය ඇති භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.”

30. කුමාරකස්සප එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ කුමාරකාශ්‍යප ස්ථවිර තෙම විසිතුරුකොට බණ කියන්නාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.”

31. මහාකොට්ඨිත එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ මහා කොට්ඨිත ස්ථවිර තෙම සිවු පිළිසිඹියාවට පත් භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.”

( තුන්වෙනි වර්‍ගය නිමි. )

04 හතරවෙනි වර්‍ගය.

32. බහුස්සුත ආනන්‍ද එතදග්ග සූත්‍රය.
“මහණෙනි, යම් මේ ආනන්‍ද නම් ස්ථවිර නමක් වේද, බහුශ්‍රුතවූ ( බොහෝ ඇසූ පිරූ තැන් ඇති ) මාගේ ශ්‍රාවකවූ භික්‍ෂූන් අතුරෙන් මෙතෙම අග්‍රයි.”

33. සතිමන්ත ආනන්‍ද එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ ආනන්‍ද නම් ස්ථවිර තෙම ( ඇසූ පිරූ තැන් දරාගන්නා සිහි ඇති ) ශ්‍රාවකයන් අතුරෙන් අග්‍රයි.”

34. ගතිමන්ත ආනන්‍ද එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ ආනන්‍ද නම් ස්ථවිර තෙම ඥාණගති ඇති භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.”

35. ධිතිමන්ත ආනන්‍ද එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ ආනන්‍ද ස්ථවිර තෙම ( බුද්ධ වචනය දැරීමාදියෙහි ) වීය්‍ර්‍යය ඇති භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.”

36. උපට්ඨාක ආනන්‍ද එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ ආනන්‍ද ස්ථවිර තෙම බුද්ධොපස්ථායකවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.”

37. උරුවෙල කස්සප එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ උරුවෙල කාශ්‍යප ස්ථවිර තෙම මහත් පිරිවර ඇත්තාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.”

38. කාලුදායි එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ කාලුදායි ස්ථවිර තෙම කුලයන් පහදවන්නාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.”

39. බක්කුල එතදග්ග සූත්‍රය.
“මහණෙනි, බක්කුල ස්ථවිර තෙම නීරෝගීවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.”

40. සොභිත එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ සොභිත ස්ථවිර තෙම පූවෙර්‍්නිවාසය ( පෙර විසූ කඳ පිළිවෙළ ) සිහිකරන්නාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.”

41. උපාලි එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ උපාලි ස්ථවිර තෙම විනයධරවූවන් අතුරෙන් අග්‍රයි.”

42. නන්‍දක එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ නන්‍දක ස්ථවිර තෙම භික්‍ෂුණීන්ට අවවාද කරන්නාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.”

43. නන්‍ද එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ නන්‍ද නම් ස්ථවිර තෙම ඉන්‍ද්‍රියයන් කෙරෙහි වසනලද දොර ඇත්තාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.”

44. මහාකප්පින එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ මහා කප්පින නම් ස්ථවිර තෙම භික්‍ෂූණ්ට අවවාද කරන්නාවූ ශ්‍රාවකයන් අතුරෙන් අග්‍රයි.”

45. සාගත එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ සාගත ස්ථවිර තෙම තෙජොධාතු සමාපත්තියට සමවදින්නාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.”

46. රාධ එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ රාධ ස්ථවිර තෙම දම්දෙසුම් වැටහීමට හේතුවූ නුවණ ඇති භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.”

47. මොඝරාජ එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ මොඝරාජ නම් ස්ථවිර තෙම රූක්‍ෂ ( රළු ) සිවුරු දරන්නාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.”

( සතරවෙනි වර්‍ගයයි. )

05 පස්වෙනි වර්‍ගය -භික්ඛුණී

1. මහාපජාපතී ගොතමී එතදග්ග සූත්‍රය.
“මහණෙනි, යම් මේ මහාප්‍රජාපතී ගොතමී නම් ස්ථවිරියක් වේද, චිර රාත්‍රි ( ඉකුත්කළ බොහෝ කල් දන්නාවූ ) මාගේ ශ්‍රාවිකා භික්‍ෂුණීන් අතුරෙන් ඕතොමෝ අග්‍රයි.”

2. ඛෙමා එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ ඛෙමා භික්‍ෂුණී තොමෝ මහා ප්‍රඥා ඇති භික්‍ෂුණීන් අතුරෙන් අග්‍රයි.”

3. උප්පලවණ්ණා එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ උප්පලවණ්ණා භික්‍ෂුණිය ඎද්ධිමත්වූ ශ්‍රාවිකාවන් අතුරෙන් අග්‍රයි.”

4. පටාචාරා එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ පටාචාරා නම් භික්‍ෂුණිය විනයධරවූ ශ්‍රාවිකාවන් අතුරෙන් අග්‍රයි.”

5. ධම්මදින්නා එතදග්ග සූත්‍රය
මහණෙනි, මේ ධම්මදින්නා ස්ථවිරී තොමෝ ධර්‍මකථිකවූ ශ්‍රාවිකාවන් අතුරෙන් අග්‍රයි.

6. නන්දා එතදග්ග සූත්‍රය
මහණෙනි, මේ නන්දා නම් භික්‍ෂුණිය ධ්‍යානයෙහි ඇලුනාවූ ශ්‍රාවිකාවන් අතුරෙන් අග්‍රයි.

7. සොණා එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ සොණා නම් භික්‍ෂුණිය පවත්නාලද පරිපූර්‍ණ වීය්‍ර්‍ය ඇති භික්‍ෂුණීන් අතුරෙන් අග්‍රයි.”

8. සකුලා එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ සකුලා නම් භික්‍ෂුණිය දිවැස් ඇත්තාවූ භික්‍ෂුණීන් අතුරෙන් අග්‍රයි.”

9. භද්දාකුණ්ඩලකෙසා එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ ( කුණ්ඩලවූ හෙවත් වක්‍ර කෙහෙ ඇති ) කුණ්ඩලකෙසා භික්‍ෂුණිය, වහා පැමිණෙනලද අභිඥා අවබෝධ ඇති මාගේ භික්‍ෂුණීන් අතුරෙන් අග්‍රයි.”

10. භද්දාකාපිලානී එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ භද්දා කාපිලානී නම්වූ භික්‍ෂුණිය පූවෙර්‍්නිවාසය ( පෙර විසූ කඳ පිළිවෙළ ) සිහි කරන්නාවූ භික්‍ෂුණීන් අතුරෙන් අග්‍රයි.”

11. භද්දාකච්චානා එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ භද්දා කච්චානා නම්වූ භික්‍ෂුණිය මහත්වූ අභිඥාවන්ට පැමිණියාවූ භික්‍ෂුණීන් අතුරෙන් අග්‍රයි.”

12. කිසාගොතමී එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ කිසා ගොතමී නම් භික්‍ෂුණිය, රළු සිවුරු දරන්නාවූ භික්‍ෂුණීන් අතුරෙන් අග්‍රයි.”

13. සිගාලමාතා එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ සිගාලමාතා භික්‍ෂුණිය, බලවත් ශ්‍රද්ධා ඇත්තාවූ භික්‍ෂුණීන් අතුරෙන් අග්‍රයි.”

( පස්වෙනි වර්‍ගයයි. )

06 හයවෙනි වර්‍ගය – උපාසක

1. තපස්සු භල්ලිකා එතදග්ග සූත්‍රය.
“මහණෙනි, යම් මේ තපස්සුය, භල්ලිකය යන වෙළඳ දෙබෑ කෙනෙක් වෙත්ද, පළමු සරණ ගියාවූ මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙන් මොහු තුමූ අග්‍රයි.

2. සුදත්ත ( අනාථ පිණ්ඩික ) එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ ( අසරණයන්ට අහර දෙන බැවින් ) අනාථ පිණ්ඩික නම් ඇති, සුදත්ත නම් ගෘහපති තෙම දානයෙහි ඇලුනාවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි.”

3. චිත්ත එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ මච්ඡිකාසණ්ඩ නුවර වාසී චිත්ත නම් ගෘහපති තෙම ධර්‍මකථිකවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි.”

4. හත්‍ථක ආලවක එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ හත්‍ථක නම් ඇති ආලවක නම්වූ කුමාර තෙම සිවු සඟරාවතින් පිරිසට සංග්‍රහ කරණ උපාසකයන් අතුරෙන් අග්‍රයි.”

5. මහානාම සක්ක එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ මහානාම නම් ශාක්‍ය තෙම ප්‍රණීත දේ දෙන්නාවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි.”

6. උග්ග ගහපති වෙසාලික එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ විශාලා මහනුවර වාසීවූ ඒ උග්ග නම් ගෘහපතියා මනාප දේ දෙන්නාවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි.”

7. උග්ගත එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ උග්ගත නම් ගෘහපතියා සඞ්ඝයාට උපස්ථාන කරන්නාවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි.”

8. සුර අම්බට්ඨ එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ සුර අම්බට්ඨ උපාසක තෙම අචල ප්‍රසාදයෙන් යුක්තවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි.”

9. ජීවක කොමාරභච්ච එතදග්ග සූත්‍රය.
“මහණෙනි, කොමාරභච්ච නම් ඇති මේ ජීවක උපාසක තෙම පුද්ගලයන්ගේ ප්‍රසාදය දිනාගත් මාගේ ශ්‍රාවකවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි.”

10. නකුලපිතා එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ නකුල පිතා නම් ගෘහපතියා විශ්වාස කටයුතු දේ කියන්නාවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි.”

( සයවෙනි වර්‍ගයයි. )

07 සත්වෙනි වර්‍ගය

1. සුජාතා එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ සෙනානි කෙළෙඹියාගේ දියණියවූ සුජාතා නම් උපාසිකාවක් වේද, ඕතොමෝ පළමුකොට සරණගියාවූ මාගේ ශ්‍රාවිකා උපාසිකාවන් අතුරෙන් අග්‍රයි.”

2. විසාඛා එතදග්ග සූත්‍රය.
“මහණෙනි, ( මිගාර සිටුහු විසින් මවු තනතුරෙහි පිහිටවූ හෙයින් ) මිගාර මාතා නම් ඇති මේ විසාඛා උපාසිකාව දානයෙහි ඇලුනාවූ උපාසිකාවන් අතුරෙන් අග්‍රයි.”

3. ඛුජ්ජුත්තරා එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ ඛුජ්ජුත්තරා උපාසිකාව බහුශ්‍රුතවූ උපාසිකාවන් අතුරෙන් අග්‍රයි.”

4. සාමාවතී එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ සාමාවතී උපාසිකාව මෙත් සිත පතුරුවා වසන උපාසිකාවන් අතුරෙන් අග්‍රයි.”

5. උත්තරා නන්‍දමාතා එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ නන්‍ද ගේ මව්වූ උත්තරා නම් උපාසිකා තොමෝ ධ්‍යානයෙහි ඇලුනාවූ උපාසිකාවන් අතුරෙන් අග්‍රයි.”

6. සුප්පවාසා කොලියධිතා එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ කෝලිය රාජගේ දුවවූ සුප්පවාසා උපාසිකා තොමෝ ප්‍රණීත දේ දෙන්නාවූ උපාසිකාවන් අතුරෙන් අග්‍රයි.”

7. සුප්පියා එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ සුප්පියා උපාසිකාව ගිලනුන්ට උපස්ථාන කරන්නාවූ උපාසිකාවන් අතුරෙන් අග්‍රයි.”

8. කාතියානි එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ කාතියානි නම් උපාසිකාව නොසෙල්වෙන සැදැහැති උපාසිකාවන් අතුරෙන් අග්‍රයි.”

9. නකුලමාතා එතදග්ග සූත්‍රය.
“මහණෙනි, මේ නකුලමාතෘවූ ගෘහිණිය විශ්වාස කටයුතු කථා කියන්නාවූ උපාසිකාවන් අතුරෙන් අග්‍රයි.”

10. කාළී කුරරඝරිකා එතදග්ග සූත්‍රය.
“මහණෙනි, කුරරඝර නගරවාසීවූ මේ කාළී නම් උපාසිකාව බුදුගුණ අනුන් වෙතින් ඇසීමෙන්ම උපන් ප්‍රසාදයෙන් යුක්තවූ මාගේ ශ්‍රාවිකා උපාසිකාවන් අතුරෙන් අග්‍රයි.”

( සත්වෙනි වර්‍ගයයි. )

13. එකපුග්ගල වර්‍ගය.

“නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස ”

1. සම්මාසම්බුද්ධ සූත්‍රය.

“මහණෙනි, එකම පුද්ගලයෙක් තෙම ලෝකයෙහි උපදනේ, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙවිමිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස උපදී. කවරනම් අසහාය පුද්ගලයෙක්ද? තථාගත (නම්වූ) අර්‍හත් සම්බුද්ධයන් වහන්සේය. මහණෙනි, මේ අසහාය පුද්ගල තෙම වනාහි ලෝකයෙහි උපදනේ, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙවිමිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස, උපදී.”

2. දුල්ලභපුග්ගල සූත්‍රය.

“මහණෙනි, ලෝකයෙහි එකම පුද්ගලයෙකුගේ පහළවීම දුර්‍ලභය. කවර එකම පුද්ගලයෙකුගේද? තථාගතවූ, අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්ධයන් ගේය. මහණෙනි, මේ අසහාය පුද්ගලයාගේ ලොව පහලවීම වනාහි දුර්‍ලභය.”

3. අච්ඡරිය මනුස්ස සූත්‍රය.

“මහණෙනි, ලෝකයෙහි එකම පුද්ගලයෙක් උපදනේ, ආශ්චය්‍ර්‍ය මනුෂ්‍යයෙක්ව උපදී. කවර එකම පුද්ගලයෙක්ද? තථාගතවූ අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේය. මහණෙනි, ලෝකයෙහි මේ අසහාය පුද්ගල තෙම වනාහි උ
උපදින්නේ, ආශ්චය්‍ර්‍ය මනුෂ්‍යයෙක්ව උපදී.”

4. අනුතප්ප සූත්‍රය.

“මහණෙනි, එකම පුද්ගලයෙකුගේ කාලක්‍රියාව බොහෝ දෙනාට තැවිලි උපදවන්නීය. කවර එකම පුද්ගලයෙකුගේද යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේය. මහණෙනි, මේ අසහාය පුද්ගලයාගේ කාලක්‍රියාව බොහෝ දෙනාට තැවිලි උපදවන්නීය.”

5. අප්පටි පුග්ගල සූත්‍රය.

“මහණෙනි, කමහට සරිලන දෙවැන්නකු නැතිවූ, සාමාන්‍යයෙකු නැතිවූ, සම කරනට දෙයක් නැතිවූ, ආත්මභාවයෙන් සමානයෙකු නැතිවූ, තමාගේ ධර්‍මයෙහි අඩුපාඩු ප්‍රකාශ කිරීමට කිසිවකු නැතිවූ, ( ´මම බුදුවෙමි´ යි ප්‍රතිඥා දෙන්නට සමත්‍ර්‍ථවූ අන් කිසිවකු නැතිවූ, ( සියලු පුද්ගලයන් හා අසමානවූ,) අසම නම් ලද බුදුවරයන්ට සමානවූ, දෙවිමිනිසුන් අතුරෙන් අග්‍රවූ, එක පුද්ගලයෙක් ලෝකයේ උපදනේය. කවර එකම පුද්ගලයෙක්ද යත්, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේය. මහණෙනි, තමාට සම දෙවැනියෙකු නැති, ප්‍රතිමායෙන් සමානයෙකු නැති, අප්‍රති සමවූ, ප්‍රතිභාගවීමට සුදුස්සකු නැති, අප්‍රතිපුද්ගලවූ, අසමවූ, අසමසමවූ මේ අසහාය පුද්ගල තෙම වනාහි දෙපා ඇත්තවුන්ට අග්‍රව උපදී.”

6. ධම්මපාතුභව සූත්‍රය.

“මහණෙනි, එකම පුද්ගලයෙකුගේ පහළවීමෙන් මහත්වූ ( ප්‍රඥා ) චක්‍ෂුසයාගේ පහළවීම වේ. මහත්වූ ( ප්‍රඥා ) ආලෝකයාගේ පහළවීම වේ. මහත්වූ ( ප්‍රඥා ) දීප්තියකගේ පහළවීම වේ. සවැදෑරුම් අනුත්තරිය ධර්‍මයන්ගේ පහළවීම වේ. සිව්පිළිසිඹියාවන්ගේ ප්‍රත්‍යක්‍ෂකිරීම වේ. නොයෙක් ධාතූන්ගේ ප්‍රතිවේධය වේ. නානාප්‍රකාර ස්වභාවය දැනගැනීම ඇතිවේ. මාර්‍ගඵලඥානය හා ඒ සමග යෙදුනු අවශෙෂ ධර්‍මයන්ගේ හා අර්‍හත් ඵලයාගේ ප්‍රත්‍යක්‍ෂකිරීම වේ. සෝවාන් ඵලයාගේ ප්‍රත්‍යක්‍ෂකිරීම වේ. සකෘදාගාමි ඵලයාගේ ප්‍රත්‍යක්‍ෂකිරීම වේ. අනාගාමි ඵලයාගේ ප්‍රත්‍යක්‍ෂකිරීම වේ. අර්‍හත් ඵලයාගේ ප්‍රත්‍යක්‍ෂකිරීම වේ.”
කවර එකම පුද්ගලයෙකුගේද යත්? තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේය. මහණෙනි, මේ අසහාය පුද්ගලයාගේ පහළවීමෙන් මහත්වූ ( ප්‍රඥා ) චක්‍ෂුසයාගේ පහළවීම වේ. මහත්වූ ප්‍රඥාලෝකයාගේ පහළවීම වේ. මහත්වූ ප්‍රඥාභාවයාගේ පහළවීම වේ. ෂඩ්විධ අනුත්තරිය ධර්‍මයන්ගේ් පහළවීම වේ. චතුර්විධ පටිසම්භිදා ධර්‍මයන්ගේ පහළවීම වේ. නොයෙක් ධාතූන්ගේම ප්‍රතිවේධය වේ. ඒ නා නා ස්වභාවයන්ගේ ප්‍රතිවේධය වේ. විද්‍යාවිමුක්ති ඵලයන්ගේ ප්‍රත්‍යක්‍ෂකිරීම වේ. ශ්‍රොතාපත්ති ඵලයාගේ ප්‍රත්‍යක්‍ෂකිරීම වේ. සකෘදාගාමී ඵලයාගේ ප්‍රත්‍යක්‍ෂකිරීම වේ. අනාගාමී ඵලයාගේ ප්‍රත්‍යක්‍ෂකිරීම වේ. අර්‍හත් ඵලයාගේ ප්‍රත්‍යක්‍ෂකිරීම වේ.”

7. සාරීපුත්තධම්මචක්ක සූත්‍රය.

“මහණෙනි, යමෙක්තෙම තථාගතයන් වහන්සේ විසින් පවත්වනලද නිරුත්තරවූ ධර්‍මචක්‍රය මනාකොට ( ඒ අනුවම ) පවත්වාද, මහණෙනි, ( එසේ කිරීමෙහි ) මේ ශාරීපුත්‍ර ස්ථවිරයන් බඳුවූ අනෙක් එක පුද්ගලයෙකුදු මම (නුවණැසින්) නොම දකිමි. මහණෙනි, ශාරීපුත්‍ර ස්ථවිරතෙමේ තථාගතයන් විසින් පවත්වනලද ශ්‍රේෂ්ඨවූ ධර්‍මචක්‍රය මනාකොට ඒ අනුවම පවත්වයි.”

( එක පුද්ගල වර්‍ගය නිමි, )

12. අධර්‍ම වර්‍ගය (අනාපත්ති වර්‍ගය)

12. අධර්‍ම වර්‍ගය. (අනාපත්ති වර්‍ගය)

01. අධම්මහාපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් අධර්මය අධර්මයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”

02. ධම්මදීපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් ධර්මය ධර්මයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”

03. අවිනයහාපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් අවිනය අවිනයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”

04. විනයදීපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් විනය විනයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”

05. අභාසිතහාපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් තථාගතයන් විසින් නොකියනලද්ද, ප්‍රකාශ නොකරණ ලද්ද, තථාගතයන් විසින් නොකියනලද්දේය, ප්‍රකාශ නොකරණ ලද්දේයයි, දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”

06. භාසිතදීපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් තථාගතයන් විසින් කියනලද්ද, ප්‍රකාශ කරණ ලද්ද, තථාගතයන් විසින් කියනලද්දේය, ප්‍රකාශ කරණ ලද්දේයයි, දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”

07. අණාවිණ්ණහාපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් තථාගතයන් විසින් පුරුදු නොකරණලද්ද තථාගතයන් විසින් පුරුදු නොකරණ ලද්දේයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”

08. ආවිණ්ණදීපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් තථාගතයන් විසින් පුරුදුකරණලද්ද, තථාගතයන් විසින් පුරුදු කරණ ලද්දේයයි, දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”

09. අපඤ්ඤත්තහාපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් තථාගතයන් විසින් නොපනවනලද්ද, තථාගතයන් විසින් නොපනවනලද්දේයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”

10. පඤ්ඤත්තදීපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් තථාගතයන් විසින් පනවනලද්ද, තථාගතයන් විසින් පනවනලද්දේයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”

12. අනාපත්ති වර්‍ගය I

01. අනාපත්තිදීපන සූත්‍රය.

1. මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ඇවැත් නොවූ, ( නිවරදවූ ) දේ ඇවැත් ( වරද ) යයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”

02. ආපත්තිහාපන සූත්‍රය.

1. මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ඇවැත්වූ දේ ඇවැත් නොවේයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”

03. ලහුකාපත්ති ගරුකරණ සූත්‍රය.

1. මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් සැහැල්ලු ඇවත ගරු ඇවතයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”

04. ගරුකාපත්ති ලහුකරණ සූත්‍රය.

1. මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ගරු ඇවත ලුහු ඇවතයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”

05. දුට්ඨුල්ලහාපන සූත්‍රය.

1. මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් දොෂ බහුලවූ ඇවත දොෂ බහුල නොවූ ඇවතයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”

06. අදුට්ඨුල්ලදීපන සූත්‍රය.

1. මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් දුත්‍රළා නොවූ ඇවත දුකුළා ඇවතයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”

07. සාවසෙසහාපන සූත්‍රය.

1. මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් සාවසෙසාපත්තිය (ඉතුරුවූ ඇවත) අනවසෙසාපත්තියයි ( ඉතුරුනොවූ ඇවත ) යයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”

08. අනවසෙසදීපන සූත්‍රය.

1. මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් අනවසෙසාපත්තිය සාවසෙසාපත්තියයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”

09. සප්පටිකම්මහාපන සූත්‍රය.

1. මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ප්‍රතිකර්ම සහිත පිළියම් කළ හැකි ඇවත, ප්‍රතිකර්ම රහිත ඇවතයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”

10. අප්පටිකම්මදීපන සූත්‍රය.

1. මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ප්‍රතිකර්ම රහිත ඇවත, ප්‍රතිකර්ම සහිත ( පිළියම්කළ හැකි ) ඇවතයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”

12. අනාපත්ති වර්‍ගය II

01. අනාපත්තිදීපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ඇවැත් නොවූ දේ, ඇවැත් නුවූයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”

02. ආපත්තිදීපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ඇවැත් වූ දේ, ඇවැත් වූ දේයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”

03 ලහුකාපත්තිදීපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ලු ඇවත, ලු ඇවතයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”

04 ගරුකාපත්තිදීපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ගරු ඇවත, ගරු ඇවතයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”

05. දුට්ඨුල්ලාපත්තිදීපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් දෝෂ බහුලවූ ඇවත, දොෂ බහුලවූ ඇවතයයි දක්වත්ද,ු
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”

06. අදුට්ඨුල්ලාපත්තිදීපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් දොෂ බහුලනුවූ ඇවත දොෂ බහුලනුවූ ඇවත යයි දක්වත් ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”

07. සාවසෙසාපත්තිදීපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් සාවසෙසාපත්තිය ( ඉතුරුවූ ඇවත ) සාවසෙසාපත්තියයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”

08. අනවසෙසාපත්තිදීපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් අනවසෙසාපත්තිය ( ඉතුරුනුවූ ඇවත ) අනවසෙසාපත්ති (ඉතුරුනුවූ ඇවත) යයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”

09. සප්පටිකම්මාපත්තිදීපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ප්‍රතිකර්ම ( පිළියම් කළ හැකි ඇවත ) පිළියම් කළ හැකි ඇවතයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”

10. අප්පටිකම්මාපත්තිදීපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ප්‍රතිකර්ම රහිත ඇවත ප්‍රතිකර්ම රහිත ඇවතයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.”

( දොළොස්වන වර්‍ගය නිමි. )

11. අධර්‍මාදී වර්‍ගය

“නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස ”

01. සද්ධම්මන්තරධාපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් අධර්මය ධර්මයයි ප්‍රකාශ කෙරෙත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”

02. අධම්මදීපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ධර්මය අධර්මයයි ප්‍රකාශ කෙරෙත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”

03. අවිනයදීපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් අවිනය විනයයි ප්‍රකාශ කෙරෙත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”

04. විනයහාපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් විනය අවිනයයි ප්‍රකාශ කෙරෙත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”

05. අභාසිත දීපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් තථාගතයන් විසින් නොවදාරණලද්ද, ප්‍රකාශ නොකරණලද්ද, තථාගතයන් විසින් කියන ලද්දේය, ප්‍රකාශ කරණ ලද්දේයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”

06. භාසිතභාසින සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් තථාගතයන් විසින් කියනලද්ද, ප්‍රකාශ කරණලද්ද, තථාගතයන් විසින් නොකියන ලද්දේය, ප්‍රකාශ නොකරණ ලද්දේයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”

07. අනාවිණ්ණදීපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් තථාගතයන් විසින් පුරුදුනොකරණලද්ද, තථාගතයන් විසින් පුරුදුකරණ ලද්දේයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”

08. ආවිණ්ණහාපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් තථාගතයන් විසින් පුරුදු කරණලද්ද, තථාගතයන් විසින් පුරුදු නොකරණ ලද්දේයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”

09 අපඤ්ඤත්තදීපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් තථාගතයන් විසින් නොපණවනලද්ද, තථාගතයන් විසින් පණවනලද්දේයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”

10. පඤ්ඤත්තදීපන සූත්‍රය.

1. “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් තථාගතයන් විසින් පණවනලද්ද, තථාගතයන් විසින් නොපණවනලද්දේයයි ප්‍රකාශ කෙරෙත්ද,
2. “මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.”

අධර්‍මවාදී එකොළොස්වන වර්‍ගය නිමි.

10. චතුකොටිකය වර්‍ගය.

“ නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස “

10. චතුකොටිකය වර්‍ගය. (අජ්ඣත්තික වර්‍ගය)
01. පමාද සූත්‍රය.
1.”මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ ( ස්වකීය සන්ථානයෙහි පිහිටි ) කරුණු පිළිබඳව සලකන විට
2. “මහණෙනි, යම්සේ ප්‍රමාදය මහත් අනර්ථයට හේතුවේද,
3. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි.
4. “මහණෙනි, ප්‍රමාදය මහත්වූ අනර්ථය පිණිස පවතී.
02. අප්පමාද සූත්‍රය.
1. “මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට
2. “මහණෙනි, යම්සේ අප්‍රමාදය මහත් අර්ථයට හේතුවේද,
3. “මහණෙනි, ඒ අප්‍රමාදය මෙබඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි.
4. “මහණෙනි, අප්‍රමාදය මහත්වූ අර්ථය පිණිස පවතී.
03. කොසජ්ජ සූත්‍රය.
1. “මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට
2. “මහණෙනි, යම්සේ කුසීත භාවය මහත් අනර්ථය පිණිස පවතීද,
3. “මහණෙනි, ඒ කුසීත භාවය මෙබඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි.
4. “මහණෙනි, කුසීත භාවය මහත්වූ අනර්ථය පිණිස පවතී”.
04. විරියාරම්භ සූත්‍රය.
1. “මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට
2. “මහණෙනි, යම්සේ වීය්‍ර්‍යාරම්භය මහත් අර්ථය පිණිස පවතීද,
3. “මහණෙනි, ඒ වීය්‍ර්‍යාරම්භය මෙබඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි.
4. “මහණෙනි, වීය්‍ර්‍යාරම්භය මහත්වූ අර්ථය පිණිස පවතී.”
05. මහිච්ඡ්තා සූත්‍රය.
1. “මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට
2. “මහණෙනි, යම්සේ දැඩි ලෝභී බව මහත් අනර්ථය පිණිස පවතීද,
3. “මහණෙනි, ඒ දැඩි ලෝභී බව මෙබඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි.
4. “මහණෙනි, දැඩි ලෝභී බව මහත් අනර්ථය පිණිස පවතී.”
06. අප්පිච්ඡතා සූත්‍රය.
1. “මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට
2. “මහණෙනි, යම්සේ අලෝභි බව මහත් අර්ථය පිණිස පවතීද,
3. “මහණෙනි, ඒ අලෝභි බව මෙබඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි.
4. “මහණෙනි, අලෝභී බව මහත් අර්ථය පිණිස පවතී.”
07. අසන්තුට්ඨිතා සූත්‍රය.
1. “මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට
2. “මහණෙනි, යම්සේ ලද දෙයින් සතුටු නොවන බව මහත් අනර්ථයට පිණිස පවතීද,
3. “මහණෙනි, ඒ ලද දෙයින් සතුටු නොවන බව මෙබඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි.
4. “මහණෙනි, ලද දෙයින් සතුටු නොවන බව මහත් අනර්ථය පිණිස පවතී.”
08. සන්තුට්ඨිතා සූත්‍රය.
1. “මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට
2. “මහණෙනි, යම්සේ ලද දෙයින් සතුටු වන බව මහත් අර්ථයට පිණිස පවතීද,
3. “මහණෙනි, ඒ ලද දෙයින් සතුටු වන බව මෙබඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි.
4. “මහණෙනි, ලද දෙයින් සතුටු වන බව මහත් අර්ථය පිණිස පවතී.”
09. අයොනිසොමනසිකාර සූත්‍රය.
1. “මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට
2. “මහණෙනි, යම්සේ අයෝනිසොමනසිකාරය මහත් අනර්ථය පිණිස පවතීද,
3. “මහණෙනි, ඒ අයෝනිසොමනසිකාරය මෙබඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි.
4. “මහණෙනි, ඇතිදේ ඇති සැටි නොදැකීම මහත් අනර්ථය පිණිස පවතී.”
10. යොනිසොමනසිකාර සූත්‍රය.
1. “මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට
2. “මහණෙනි, යම්සේ යෝනිසොමනසිකාරය මහත් අර්ථය පිණිස පවතීද,
3. “මහණෙනි, ඒ යෝනිසොමනසිකාරය මෙබඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි.
4. “මහණෙනි, ඇතිදේ ඇති සැටි දැකීම මහත් අර්ථය පිණිස පවතී.”
11. අසම්පජඤ්ඤ සූත්‍රය.
1. “මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට
2. “මහණෙනි, යම්සේ මනා ප්‍රඥා නැති බව මහත් අනර්ථය පිණිස පවතීද,
3. “මහණෙනි, ඒ මනා ප්‍රඥා නැති බව මෙබඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි.
4. “මහණෙනි, මනා ප්‍රඥා නැති බව මහත් අනර්ථය පිණිස පවතී.”
12. සම්පජඤ්ඤ සූත්‍රය.
1. “මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට
2. “මහණෙනි, යම්සේ මනා ප්‍රඥා ඇති බව මහත් අර්ථය පිණිස පවතීද,
3. “මහණෙනි, ඒ මනා ප්‍රඥා ඇති බව මෙබඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි.
4. “මහණෙනි, මනා ප්‍රඥා ඇති බව මහත් අර්ථය පිණිස පවතී.”
13. පාපමිත්ත සූත්‍රය.
“මහණෙනි, බාහිර කරුණු පිළිබඳව සලකනවිට යම්සේ පාපමිත්‍රතාව මහත්වූ අනර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එක ධර්මයකුදු මහණෙනි, මම නොම දකිමි. මහණෙනි, පාපමිත්‍රතාව මහත්වූ අනර්ථය පිණිස පවතී.
14. කල්‍යාණමිත්ත සූත්‍රය.
“මහණෙනි, බාහිර කරුණු පිළිබඳව සලකනවිට යම්සේ කල්‍යාණමිත්‍රතාව ( යහපත් මිතුරන් ඇති බව ) මහත්වූ අර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එක ධර්මයකුදු මහණෙනි, මම නොම දකිමි. මහණෙනි, කල්‍යාණමිත්‍රතාව මහත්වූ අර්ථය පිණිස පවතී.
15. අකුශලානුයෝග සූත්‍රය.
“මහණෙනි, අධ්‍යාත්මිකවූ කරුණු වශයෙන් සලකනවිට යම්සේ අකුශලයන්හි යෙදීම හා කුසලයන්හි නොයෙදීම මහත්වූ අනර්ථය පිණිස පවතීද, මහණෙනි, එමෙබඳුවූ අන් එක කාරණයකුදු මම නොම දකිමි. මහණෙනි, අකුශලයන්හි යෙදීම හා කුසල ධර්මයන්හි නොයෙදීම මහත්වූ අනර්ථය පිණිස පවතී.
16. කුසලානුයෝග සූත්‍රය.
“මහණෙනි, අධ්‍යාත්මික කරුණු වශයෙන් සලකනවිට යම්සේ කුශලයන්හි යෙදීම හා අකුසලයන්හි නොයෙදීම මහත්වූ අර්ථය පිණිස පවතීද, මහණෙනි, එමෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. මහණෙනි, කුශලධර්මයන්හි යෙදීම හා අකුශල ධර්මයන්හි නොයෙදීමද මහත්වූ අර්ථය පිණිස පවතී.”
17. සද්ධම්මන්තරධාන පමාද සූත්‍රය.
“මහණෙනි, යම්සේ ප්‍රමාදය සද්ධර්මයාගේ විනාසය පිණිසත් අතුරුදන්වීම පිණිසත් පවතීද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. මහණෙනි, ප්‍රමාදය සද්ධර්මයාගේ විනාසය පිණිසද අතුරුදන්වීම පිණිසද පවතී.”
18 සස සද්ධම්මට්ඨිති අප්පමාද සූත්‍රය.
1. “මහණෙනි, යම්සේ අප්‍රමාද බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසත් නොවිනාසය පිණිසත් අතුරුදන් නොවීම පිණිසත් පවතීද,
2. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.
3. “මහණෙනි, අප්‍රමාද බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද නොවිනාසය පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතී.”
19. සද්ධම්මන්තරධාන කොසජ්ජ සූත්‍රය.
1. “මහණෙනි, යම්සේ කුසීතභාවය සද්ධර්මයාගේ විනාසය පිණිසත් අතුරුදන්වීම පිණිසත් පවතීද,
2. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.
3. “මහණෙනි, කුසීතභාවය සද්ධර්මයාගේ විනාසය පිණිසත් අතුරුදන්වීම පිණිසත් පවතී.”
20. සද්ධම්මට්ඨිති විරියාරම්භ සූත්‍රය.
1. “මහණෙනි, යම්සේ සම්‍යක් ප්‍රධාන වීය්‍ර්‍යය සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද විනාස නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතීද,
2. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.
3. “මහණෙනි, සම්‍යක් ප්‍රධාන වීය්‍ර්‍යය සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද විනාස නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතී.”
21. සද්ධම්මන්තරධානමහිච්ඡතා සූත්‍රය.
1. “මහණෙනි, යම්සේ දැඩි ලෝභී බව සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන් වීම පිණිසත් පවතීද,
2. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.
3. “මහණෙනි, දැඩි ලෝභී බව සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන් වීම පිණිසත් පවතී.”
22. සද්ධම්මට්ඨිති සූත්‍රය.
1. “මහණෙනි, යම්සේ අලෝභී බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද විනාශ නොවීම පිණිස අතුරුදන් නොවීම පිණිසද පවතීද,
2. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.
3. “මහණෙනි, අලෝභී බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසච, විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතී.”
23. සද්ධම්මන්තරධාන අසන්තුට්ඨිතා සූත්‍රය.
1. “මහණෙනි, යම්සේ ලද දෙයින් සතුටු නොවන බව සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන් වීම පිණිසත් පවතීද,
2. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.
3. “මහණෙනි, ලද දෙයින් සතුටු නොවන බව සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන් වීම පිණිසත් පවතී.”
24. සද්ධම්මට්ඨති සන්තුට්ඨිතා සූත්‍රය.
1. “මහණෙනි, යම්සේ ලද දෙයින් සතුටු වන බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද, අතුරුදන් වීම පිණිසද පවතීද,
2. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.
3. “මහණෙනි, ලද දෙයින් සතුටු වන බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද, අතුරුදන් නොවීම පිණිසද පවතී.”
25. සද්ධම්මන්තරධාන අයෝනිසෝමනසිකාර සූත්‍රය.
1. “මහණෙනි, යම්සේ අනුවණින් මෙනෙහි කිරීම සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන් වීම පිණිසත් පවතීද,
2. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.
3. “මහණෙනි, අනුවණින් මෙනෙහි කිරීම සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන් වීම පිණිසත් පවතී.”
26. සද්ධම්මට්ඨිතියෝනිසෝමනසිකාර සූත්‍රය.
1. “මහණෙනි, යම්සේ නුවණින් මෙනෙහි කිරීම සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතීද,
2. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.
3. “මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද, අතුරුදන් නොවීම පිණිසද පවතී.”
27. සද්ධම්මන්තර අසම්පජඤ්ඤ සූත්‍රය.
1. “මහණෙනි, යම්සේ මුළාබව සද්ධර්මයාගේ විනාශය පිණිසත්, අතුරුදන් වීම පිණිසත් පවතීද,
2. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.
3. “මහණෙනි, මුළාබව සද්ධර්මයාගේ විනාශය පිණිසත්, අතුරුදන් වීම පිණිසත් පවතී.”
28. සද්ධම්මට්ඨිතිසම්පජඤ්ඤ සූත්‍රය.
1. “මහණෙනි, යම්සේ මනා ප්‍රඥා ඇති බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතීද,
2. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.
3. “මහණෙනි, මනා ප්‍රඥා ඇති බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද, අතුරුදන් නොවීම පිණිසද පවතී.”
29. සද්ධම්මන්තරධාන පාපමිත්තා සූත්‍රය.
1. “මහණෙනි, එසේම පාපමිත්‍රතාව සද්ධර්මයාගේ විනාශය පිණිසත්, අතුරුදන් වීම පිණිසත් පවතීද,
2. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.
3. “මහණෙනි, පාපමිත්‍රතාව සද්ධර්මයාගේ විනාශය පිණිසත්, අතුරුදන් වීම පිණිසත් පවතී.”
30. සද්ධම්මට්ඨිති කල්‍යාණමිත්තතා සූත්‍රය.
1. “මහණෙනි, එසේම යහපත් මිතුරන් ඇති බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතීද,
2. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.
3. “මහණෙනි, යහපත් මිතුරන් ඇති බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද, අතුරුදන් නොවීම පිණිසද පවතී.”
31. සද්ධම්මන්තරධාන අකුසලානුයොග සූත්‍රය.
1. “මහණෙනි, එසේම අකුශල ධර්මයන්හි යෙදීම හා කුශල ධර්මයන්හි නොයෙදීම යන මේ කරුණු හෙවත් ( ස්වභාවයෝ ) සද්ධර්මයාගේ (හෙවත් ශාසනයාගේ ) විනාශය පිණිසද, අතුරුදන් වීම පිණිසද පවතීද,
2. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.
3. “මහණෙනි, අකුශල ධර්මයන්හි යෙදීම හා කුශල ධර්මයන්හි නොයෙදීම යන මේ කරුණු හෙවත් ( ස්වභාවයෝ ) සද්ධර්මයාගේ (හෙවත් ශාසනයාගේ ) විනාශය පිණිසත්, අතුරුදන් වීම පිණිසත් පවතී.”
32. සද්ධම්මට්ඨිති කුසලානුයෝග සූත්‍රය.
1. “මහණෙනි, එසේම කුශල ධර්මයන්හි නැවත නැවත යෙදීම හා අකුශල ධර්මයන්හි එසේ නොයෙදීම යන මේ කරුණු හෙවත් ස්වභාවයෝ සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතීද,
2. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.
3. “මහණෙනි, කුශල ධර්මයන්හි නැවත නැවත යෙදීම හා අකුශල ධර්මයන්හි එසේ නොයෙදීම යන මේ කරුණු හෙවත් ස්වභාවයෝ සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද, අතුරුදන් නොවීම පිණිසද පවතී.”
( දසවෙනි වර්‍ගය නිමි.)

09. පමාද වර්‍ගය

” නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස “
1. යසොවුද්ධි සූත්‍රය.
“මහණෙනි, යසසෙහි ( කීර්තියෙහි හා පිරිවරෙහි ) යම් වැඩීමක් වේද, ඒ මේ වැඩීම සුලුවේ. මහණෙනි, වැඩීම් අතුරෙන් ප්‍රඥාවගේ යම් වැඩීමක් වේද, මේ අග්‍රයි. මහණෙනි, එහෙයින් මෙහිදී මෙසේ හික්මිය යුතුයි. ´ ප්‍රඥාව වැඩීමෙන් වැඩෙන්නෙමු ´ යි කියායි. මහණෙනි, තොප විසින් වනාහි මෙසේම හික්මිය යුතුය.”
2. පමාද සූත්‍රය.
“මහණෙනි, යම්සේ ප්‍රමාදය මහත්වූ අනත්‍ර්‍ථය පිණිස පවතීද, මහණෙනි, මෙබඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, ප්‍රමාදය මහත්වූ අනර්ථය පිණිස පවතී”
3. අප්පමාද සූත්‍රය.
“මහණෙනි, යම්සේ අප්‍රමාදය මහත්වූ අර්ථය පිණිස පවතීද, මහණෙනි, මෙබඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අප්‍රමාදය මහත්වූ අර්ථය පිණිස පවතී”
4. කොසජ්ජ සූත්‍රය.
“මහණෙනි, යම්සේ අලසකම මහත්වූ අනර්ථය පිණිස පවතීද, මහණෙනි, මෙබඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, මේ අලසකම මහත්වූ අනත්ර්‍‍ථය පිණිස පවතී”
5. විරියාරම්භ සූත්‍රය.
“මහණෙනි, යම්සේ සම්‍යක් ප්‍රධාන වීය්‍ර්‍යය මහත්වූ අත්‍ර්‍ථය පිණිස පවතීද, මහණෙනි, මෙබඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, සම්‍යක් ප්‍රධාන වීය්‍ර්‍යය මහත්වූ අර්‍ථය පිණිස පවතී”
6. මහිච්ඡ සූත්‍රය.
“මහණෙනි, යම්සේ මහා ලෝභි බව මහත්වූ අනත්‍ර්‍ථය පිණිස පවතීද, මහණෙනි, මෙබඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, මහා ලෝභි බව මහත්වූ අනත්‍ර්‍ථය පිණිස පවතී”
7. අප්පිච්ඡ සූත්‍රය.
“මහණෙනි, යම්සේ අලෝභී බව මහත්වූ අත්‍ර්‍ථය පිණිස පවතීද, මහණෙනි, මෙබඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අලෝභි බව මහත්වූ අර්‍ථය පිණිස පවතී”
8. අසන්තුට්ඨි සූත්‍රය.
“මහණෙනි, යම්සේ ලද දෙයින් සතුටු නොවන බව මහත් අනත්‍ර්‍ථය පිණිස පවතීද, මහණෙනි, මෙබඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, ලද දෙයින් සතුටු නොවන බව මහත්වූ අනර්ථය පිණිස පවතී”
9. සන්තුට්ඨි සූත්‍රය.
“මහණෙනි, යම්සේ ලද දෙයින් සතුටු වීම මහත්වූ අරීථය පිණිස පවතීද, මහණෙනි, මෙබඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, ලද දෙයින් සතුටු වීම මහත්වූ අර්ථය පිණිස පවතී”
10. අයොනිසොමනසිකාර සූත්‍රය.
“මහණෙනි, යම්සේ අනුවණින් මෙනෙහි කිරීම මහත් අනර්ථය පිණිස පවතීද, මහණෙනි, මෙබඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අනුවණින් මෙනෙහි කිරීම මහත්වූ අනර්ථය පිණිස පවතී”
11. යොනිසොමනසිකාර සූත්‍රය.
“මහණෙනි, යම්සේ නුවණින් මෙනෙහි කිරීම මහත් අත්‍ර්‍ථය පිණිස පවතීද, මහණෙනි, මෙබඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම මහත්වූ අත්‍ර්‍ථය පිණිස පවතී”
12. අසම්පජඤ්ඤ සූත්‍රය.
“මහණෙනි, යම්සේ සම්‍යක් ප්‍රඥා නැති බව මහත් අනත්‍ර්‍ථය පිණිස පවතීද, මහණෙනි, මෙබඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, සම්‍යක් ප්‍රඥාව නැති බව මහත් අනර්ථය පිණිස පවතී”
13. සම්පජඤ්ඤ සූත්‍රය.
“මහණෙනි, යම්සේ සම්‍යක් ප්‍රඥා ඇති බව මහත් අත්‍ර්‍ථය පිණිස පවතීද, මහණෙනි, මෙබඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, සම්‍යක් ප්‍රඥා ඇති බව මහත් අත්‍ර්‍ථය පිණිස පවතී”
14. පාපමිත්ත සූත්‍රය.
“මහණෙනි, යම්සේ පාප මිතුරන් ඇති බව මහත් අනත්‍ර්‍ථය පිණිස පවතීද, මහණෙනි, මෙබඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, පාප මිතුරන් ඇති බව මහත් අනත්‍ර්‍ථය පිණිස පවතී”
15. කල්‍යාණමිත්ත සූත්‍රය.
“මහණෙනි, යම්සේ යහපත් මිතුරන් ඇති බව මහත් අත්‍ර්‍ථය පිණිස පවතීද, මහණෙනි, මෙබඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, යහපත් මිතුරන් ඇති බව මහත්වූ අත්‍ර්‍ථය පිණිස පවතී”
16. අකුසලානුයෝග සූත්‍රය.
“මහණෙනි, යම්සේ අකුශල ධර්‍මයන්හි යෙදීම හා කුසල ධර්‍මයන්හි නොයෙදීම මහත්වූ අනත්‍ර්‍ථය පිණිස පවතීද, මහණෙනි, මේ අකුසල ධර්‍ම අනුයෝගය හා කුශල ධර්‍ම අනනුයෝගය බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අකුශල ධර්‍මයන්ගේ අනුයෝගයද, කුශල ධර්‍මයන්ගේ අනනුයෝගයද මහත් අනත්‍ර්‍ථය පිණිස පවතී”
17. කුසලානුයෝග සූත්‍රය.
“මහණෙනි, යම්සේ කුශල ධර්‍මයන්හි යෙදීම හා අකුසල ධර්‍මයන්හි නොයෙදීම මහත්වූ අත්‍ර්‍ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, කුශල ධර්‍මය අනුයෝගය හා අකුශල ධර්‍ම් අනනුයෝගය මහත්වූ අත්‍ර්‍ථය පිණිස පවතී”
( නවවෙනි වර්‍ගය නිමි. )

08. කල්‍යාණමිත්‍ර වර්‍ගය

“නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස”

8. කල්‍යාණමිත්‍ර වර්‍ගය.

1. කල්‍යාණමිත්‍ර සූත්‍රය.

“මහණෙනි, යම් කල්‍යාණ මිත්‍රතාවක් ( යහපත් මිතුරන් ඇති බවක් ) හේතුකොටගෙණ නූපන් කුශල ධර්‍මයෝත් උපදිත්ද, උපන්නාවූ අකුශල ධර්‍මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ වැනිවූ අන් එක ධර්‍මයකුදු මම නොම දකිමි. මහණෙනි, කල්‍යාණ මිත්‍රයන් ඇත්තාහට නූපන්නාවූ කුශල ධර්‍මයෝත් උපදිත්. උපන්නාවූ අකුශල ධර්‍මයෝත් පිරිහෙත්.”

2. අකුසලානුයොග සූත්‍රය.

“මහණෙනි, යම් අකුශල ධර්‍මයන්හි යෙදීමක් හා කුශල ධර්‍මයන්හි නොයෙදීමක් නිසා නූපන් අකුශල ධර්‍මයෝත් උපදිත්ද, උපන්නාවූ කුශල ධර්‍මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ වැනිවූ අන් එක ධර්‍මයකුදු මම නොම දකිමි. මහණෙනි, අකුශල ධර්‍මයන්හි යෙදීමෙන්ද, කුශල ධර්‍මයන්හි නොයෙදීමෙන්ද, නූපන් අකුශල ධර්‍මයෝත් උපදිත්. උපන්නාවූ කුශල ධර්‍මයෝත් පිරිහෙත්.”

3. කුසලානුයොග සූත්‍රය.

“මහණෙනි, යම් කුශල ධර්‍මයන්හි යෙදීමක් හා අකුශල ධර්‍මයන්හි නොයෙදීමක් නිසා නූපන් කුශල ධර්‍මයෝත් උපදිත්ද, උපන් අකුශල ුධර්‍මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ වැනිවූ අන් එක ධර්‍මයකුදු මම නොම දකිමි. මහණෙනි, කුශල ධර්‍මයන්හි යෙදීමෙන් හා අකුශල ධර්‍මයන්හි නොයෙදීමෙන් ( පෙර ) නූපන් කුශල ධර්‍මයෝත් උපදිත්. උපන්නාවූ අකුශල ධර්‍මයෝත් පිරිහෙත්.”

4. බොජ්ඣඞග අනුප්පාද සූත්‍රය.

“මහණෙනි, යම් අනුවණින් මෙනෙහි කිරීමක් කරණකොටගෙණ නූපන් බොජ්ඣඞ්ග ධර්මයෝ ( ඥානයට කරුණුවන ධර්මයෝත් ) නූපදිත්ද, උපන්නාවූ බොජ්ඣඞ්ග ධර්මයෝත් සම්පූර්‍ණභාවයට නොයෙත්ද, මහණෙනි, මේ වැනිවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අනුවණින් මෙනෙහි කරන්නා තුළ නූපන් බොජ්ඣඞ්ග ධර්මයෝත් නූපදිත්. උපන්නාවූ බොජ්ඣඞ්ග ධර්මයෝත් වැඩීමට සම්පූර්‍ණ බවට නොයෙත්.”

5. බොජ්ඣංගුප්පාද සූත්‍රය.

“මහණෙනි, යම් නුවණින් මෙනෙහි කිරීමක් කරණකොටගෙණ නූපන් බොජ්ඣඞ්ග ධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ බොජ්ඣඞ්ග ධර්මයෝත් වැඩීමෙන් සම්පූර්‍ණභාවයට යෙත්ද, මහණෙනි, මේ වැනිවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට නූපන් බොජ්ඣඞ්ග ධර්මයෝත් උපදිත්. උපන්නාවූ බොජ්ඣඞ්ග ධර්මයෝත් වැඩීමෙන් සම්පූර්‍ණවීමට යෙත්.”

6. ඤාතිපරිහානි සූත්‍රය.

“මහණෙනි, නෑයන්ගේ යම් පිරිහීමක් වේද, මේ පිරිහීම සුලුවේ. මහණෙනි, ප්‍රඥාවගේ යම් පිරිහීමක් වේද, පිරිහීම් අතුරින් මේ ප්‍රඥාවගේ පිරිහීම ලාමකය.”

6. ඤාතිපරිහානි සූත්‍රය.

“මහණෙනි, නෑයන්ගේ යම් පිරිහීමක් වේද, මේ පිරිහීම සුලුවේ. මහණෙනි, ප්‍රඥාවගේ යම් පිරිහීමක් වේද, පිරිහීම් අතුරින් මේ ප්‍රඥාවගේ පිරිහීම ලාමකය.”

7. ඤාතිවුද්ධි සූත්‍රය.

“මහණෙනි, නෑයන්ගේ යම් වැඩීමක්, දියුණුවක් වේද, ඒ මේ වැඩීම සුලුවේ. මහණෙනි, ප්‍රඥාවගේ යම් වැඩීමක් වේද, වැඩීම් අතුරින් මේ ප්‍රඥා වැඩීම ශ්‍රෙෂ්ඨවේ.”

“මහණෙනි, එහෙයින් මේ කාරණයෙහි මෙසේ හික්මිය යුතුයි. ( කෙසේදයත් ) ´ අපි ප්‍රඥා වැඩීමෙන් වැඩෙන්නෙමු ´ යි කියායි. මහණෙනි, තොප විසින් වනාහි මෙසේ හික්මිය යුතුයි.”

8. භොගපරිහානි සූත්‍රය.

“මහණෙනි, යම් සම්පත් පිරිහීමක් වේද, ඒ මේ පිරිහීම සුලුවේ. මහණෙනි, පිරිහීම් අතුරෙන් ප්‍රඥාවගේ යම් පිරිහීමක් වේද, මෙය පිරිහීම් අතුරෙන් ලාමක වන්නේය.”

9. භොගවුද්ධි සූත්‍රය.

“මහණෙනි, සම්පත්තියෙන් යම් වැඩීමක් වේද, ඒ මේ වැඩීම සුලුවේ. මහණෙනි, වැඩීම් අතුරෙන් යම් ප්‍රඥා වැඩීමක් වේද, ඒ මේ වැඩීම අග්‍රය. මහණෙනි, එහෙයින් මෙහිලා තොප විසින් මෙසේ හික්මිය යුතුයි. ´ ප්‍රඥාව වැඩීමෙන් වැඩෙන්නෙමු ´ යි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.”

10. යසොපරිහානි සූත්‍රය.

“මහණෙනි, යසසෙහි, ( කීර්තියෙහි හා පිරිවරෙහි ) යම් පිරිහීමක් වේද, ඒ පිරිහීම සුලුවේ. මහණෙනි, ප්‍රඥාවෙහි යම් පිරිහීමක් වේද, පිරිහීම් අතුරෙන් ඒ ලාමකය.”

( අට වෙනි වර්‍ගය නිමි. )

07 විරියාරම්භ වර්ගය

1. විරියාරම්භ සූත්‍රය.

“මහණෙනි, යම් සම්‍යක්ප්‍රධාන වීය්‍ර්‍යයටක් හේතුකොටගෙණ නූපන් කුශල ධර්‍මයෝත් උපදිත්ද, උපන්නාවූ අකුශල ධර්‍මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ වැනිවූ අනෙක් එක ධර්‍මයකුදු මම නොම දකිමි. මහණෙනි, පටන්ගන්නාලද වීය්‍ර්‍යය ඇත්තා තුළ නූපන් කුශල ධර්‍මයෝත් උපදිත්. උපන් අකුශල ධර්‍මයෝත් පිරිහෙත්.”

2. මහිච්ඡ සූත්‍රය.

“මහණෙනි, යම් දැඩි ලෝභකමක් හේතුකොටගෙණ නූපන් අකුශල ධර්‍මයෝත් උපදිත්ද, උපන්නාවූ කුශල ධර්‍මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ දැඩි ලෝභකම වැනිවූ අනෙක් එක ධර්‍මයකුදු මම නොම දකිමි. මහණෙනි, දැඩි ලෝභ පුද්ගලයා තුළ පෙර නූපන් අකුශල ධර්‍මයෝත් උපදිත්. උපන්නාවූ කුශල ධර්‍මයෝත් පිරිහෙත්.”

3 අප්පිච්ඡ සූත්‍රය.

“මහණෙනි, යම් අලෝභීබවක් හේතුකොටගෙණ නූපන් කුශල ධර්‍මයෝත් උපදිත්ද, උපන්නාවූ අකුශල ධර්‍මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ අලෝභීබව වැනිවූ අනෙක් එක ධර්‍මයකුදු මම නොම දකිමි. මහණෙනි, අලෝභීවූ තැනැත්තා තුළ පෙර නූපන් කුශල ධර්‍මයෝත් උපදිත්. උපන්නාවූ අකුශල ධර්‍මයෝත් පිරිහෙත්.”

4. අසන්තුට්ඨ සූත්‍රය.

“මහණෙනි, යම් ලද දෙයින් සතුටු නොවන බවක් හේතුකොටගෙණ පෙර නූපන් අකුශල ධර්‍මයෝත් උපදිත්ද, උපන්නාවූ කුශල ධර්‍මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ ලද දෙයින් සතුටු නොවන බව වැනිවූ අනෙක් එක ධර්‍මයකුදු මම නොම දකිමි. මහණෙනි, ලද දෙයින් සතුටු නොවන්නාවූ පුද්ගලයා තුළ නූපන් අකුශල ධර්‍මයෝත් උපදිත්. උපන්නාවූ කුශල ධර්‍මයෝත් පිරිහෙත්.”

5. සන්තුට්ඨ සූත්‍රය.

“මහණෙනි, යම් ලද දෙයින් සතුටු වීමක් හේතුකොටගෙණ නූපන් අකුශල ධර්‍මයෝත් උපදිත්ද, උපන්නාවූ අකුශල ධර්‍මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ ලද දෙයින් සතුටුවීම වැනිවූ අනෙක් එක ධර්‍මයකුදු මම නොම දකිමි. මහණෙනි, ලද දෙයින් සතුටු වන්නා තුළ නූපන් කුශල ධර්‍මයෝත් උපදිත්. උපන්නාවූ අකුශල ධර්‍මයෝත් පිරිහෙත්.”

6. අයෝනිසමනසිකාර සූත්‍රය.

“මහණෙනි, යම් අනුවණින් වරදවා මෙනෙහි කිරීමක් හේතුකොටගෙණ පෙර නූපන් අකුශල ධර්‍මයෝත් උපදිත්ද, උපන්නාවූ කුශල ධර්‍මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ වැනිවූ අනෙක් එක ධර්‍මයකුදු මම නොම දකිමි. මහණෙනි, අනුවණින් මෙනෙහි කරන්නා තුළ නූපන් අකුශල ධර්‍මයෝත් උපදිත්. උපන්නාවූ කුශල ධර්‍මයෝත් පිරිහෙත්.”

7. යෝනිසමනසිකාර සූත්‍රය.

“මහණෙනි, යම් නුවණින් මෙනෙහි කිරීමක් හේතුකොටගෙණ පෙර නූපන් කුශල ධර්‍මයෝත් උපදිත්ද, උපන්නාවූ අකුශල ධර්‍මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ වැනිවූ අනෙක් එක ධර්‍මයකුදු මම නොම දකිමි. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නා තුළ නූපන් කුශල ධර්‍මයෝත් උපදිත්. උපන්නාවූ අකුශල ධර්‍මයෝත් පිරිහෙත්.”

8. අසම්පජඤ්ඤ සූත්‍රය.

“මහණෙනි, යම් සම්‍යක් ප්‍රඥා රහිත භාවයක්, මෝහයක්, හේතුකොටගෙණ නූපන් අකුශල ධර්‍මයෝත් උපදිත්ද, උපන්නාවූ කුශල ධර්‍මයෝත්
පිරිහෙත්ද, මහණෙනි, මේ වැනිවූ අනෙක් එක ධර්‍මයකුදු මම නොම දකිමි. මහණෙනි, මනා නුවණ නැත්තා තුළ නූපන් අකුශල ධර්‍මයෝත් උපදිත්. උපන්නාවූ කුශල ධර්‍මයෝත් පිරිහෙත්.”

9. සම්පජඤ්ඤ සූත්‍රය.

“මහණෙනි, යම් ප්‍රඥා ඇති බවක් හේතුකොටගෙණ පෙර නූපන් කුශල ධර්‍මයෝත් උපදිත්ද, උපන්නාවූ අකුශල ධර්‍මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ වැනිවූ අනෙක් එක ධර්‍මයකුදු මම නොම දකිමි. මහණෙනි, මනා ප්‍රඥා ඇත්තා තුළ නූපන් කුශල ධර්‍මයෝත් උපදිත්. උපන්නාවූ අකුශල ධර්‍මයෝත් පිරිහෙත්.”

10. පාපමිත්ත සූත්‍රය.

“මහණෙනි, යම් පාප මිත්‍රයන් ඇති බවක් හේතුකොටගෙණ නූපන් අකුශල ධර්‍මයෝත් උපදිත්ද, උපන්නාවූ කුශල ධර්‍මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ වැනිවූ අනෙක් එකම ධර්‍මයකුදු මම නොම දකිමි. මහණෙනි, පාප මිත්‍රයන් ඇත්තා තුළ නූපන් අකුශල ධර්‍මයෝත් උපදිත්. උපන්නාවූ කුශල ධර්‍මයෝත් පිරිහෙත්.”