10. චතුකොටිකය වර්‍ගය.

“ නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස “

10. චතුකොටිකය වර්‍ගය. (අජ්ඣත්තික වර්‍ගය)
01. පමාද සූත්‍රය.
1.”මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ ( ස්වකීය සන්ථානයෙහි පිහිටි ) කරුණු පිළිබඳව සලකන විට
2. “මහණෙනි, යම්සේ ප්‍රමාදය මහත් අනර්ථයට හේතුවේද,
3. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි.
4. “මහණෙනි, ප්‍රමාදය මහත්වූ අනර්ථය පිණිස පවතී.
02. අප්පමාද සූත්‍රය.
1. “මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට
2. “මහණෙනි, යම්සේ අප්‍රමාදය මහත් අර්ථයට හේතුවේද,
3. “මහණෙනි, ඒ අප්‍රමාදය මෙබඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි.
4. “මහණෙනි, අප්‍රමාදය මහත්වූ අර්ථය පිණිස පවතී.
03. කොසජ්ජ සූත්‍රය.
1. “මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට
2. “මහණෙනි, යම්සේ කුසීත භාවය මහත් අනර්ථය පිණිස පවතීද,
3. “මහණෙනි, ඒ කුසීත භාවය මෙබඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි.
4. “මහණෙනි, කුසීත භාවය මහත්වූ අනර්ථය පිණිස පවතී”.
04. විරියාරම්භ සූත්‍රය.
1. “මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට
2. “මහණෙනි, යම්සේ වීය්‍ර්‍යාරම්භය මහත් අර්ථය පිණිස පවතීද,
3. “මහණෙනි, ඒ වීය්‍ර්‍යාරම්භය මෙබඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි.
4. “මහණෙනි, වීය්‍ර්‍යාරම්භය මහත්වූ අර්ථය පිණිස පවතී.”
05. මහිච්ඡ්තා සූත්‍රය.
1. “මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට
2. “මහණෙනි, යම්සේ දැඩි ලෝභී බව මහත් අනර්ථය පිණිස පවතීද,
3. “මහණෙනි, ඒ දැඩි ලෝභී බව මෙබඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි.
4. “මහණෙනි, දැඩි ලෝභී බව මහත් අනර්ථය පිණිස පවතී.”
06. අප්පිච්ඡතා සූත්‍රය.
1. “මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට
2. “මහණෙනි, යම්සේ අලෝභි බව මහත් අර්ථය පිණිස පවතීද,
3. “මහණෙනි, ඒ අලෝභි බව මෙබඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි.
4. “මහණෙනි, අලෝභී බව මහත් අර්ථය පිණිස පවතී.”
07. අසන්තුට්ඨිතා සූත්‍රය.
1. “මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට
2. “මහණෙනි, යම්සේ ලද දෙයින් සතුටු නොවන බව මහත් අනර්ථයට පිණිස පවතීද,
3. “මහණෙනි, ඒ ලද දෙයින් සතුටු නොවන බව මෙබඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි.
4. “මහණෙනි, ලද දෙයින් සතුටු නොවන බව මහත් අනර්ථය පිණිස පවතී.”
08. සන්තුට්ඨිතා සූත්‍රය.
1. “මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට
2. “මහණෙනි, යම්සේ ලද දෙයින් සතුටු වන බව මහත් අර්ථයට පිණිස පවතීද,
3. “මහණෙනි, ඒ ලද දෙයින් සතුටු වන බව මෙබඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි.
4. “මහණෙනි, ලද දෙයින් සතුටු වන බව මහත් අර්ථය පිණිස පවතී.”
09. අයොනිසොමනසිකාර සූත්‍රය.
1. “මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට
2. “මහණෙනි, යම්සේ අයෝනිසොමනසිකාරය මහත් අනර්ථය පිණිස පවතීද,
3. “මහණෙනි, ඒ අයෝනිසොමනසිකාරය මෙබඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි.
4. “මහණෙනි, ඇතිදේ ඇති සැටි නොදැකීම මහත් අනර්ථය පිණිස පවතී.”
10. යොනිසොමනසිකාර සූත්‍රය.
1. “මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට
2. “මහණෙනි, යම්සේ යෝනිසොමනසිකාරය මහත් අර්ථය පිණිස පවතීද,
3. “මහණෙනි, ඒ යෝනිසොමනසිකාරය මෙබඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි.
4. “මහණෙනි, ඇතිදේ ඇති සැටි දැකීම මහත් අර්ථය පිණිස පවතී.”
11. අසම්පජඤ්ඤ සූත්‍රය.
1. “මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට
2. “මහණෙනි, යම්සේ මනා ප්‍රඥා නැති බව මහත් අනර්ථය පිණිස පවතීද,
3. “මහණෙනි, ඒ මනා ප්‍රඥා නැති බව මෙබඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි.
4. “මහණෙනි, මනා ප්‍රඥා නැති බව මහත් අනර්ථය පිණිස පවතී.”
12. සම්පජඤ්ඤ සූත්‍රය.
1. “මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට
2. “මහණෙනි, යම්සේ මනා ප්‍රඥා ඇති බව මහත් අර්ථය පිණිස පවතීද,
3. “මහණෙනි, ඒ මනා ප්‍රඥා ඇති බව මෙබඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි.
4. “මහණෙනි, මනා ප්‍රඥා ඇති බව මහත් අර්ථය පිණිස පවතී.”
13. පාපමිත්ත සූත්‍රය.
“මහණෙනි, බාහිර කරුණු පිළිබඳව සලකනවිට යම්සේ පාපමිත්‍රතාව මහත්වූ අනර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එක ධර්මයකුදු මහණෙනි, මම නොම දකිමි. මහණෙනි, පාපමිත්‍රතාව මහත්වූ අනර්ථය පිණිස පවතී.
14. කල්‍යාණමිත්ත සූත්‍රය.
“මහණෙනි, බාහිර කරුණු පිළිබඳව සලකනවිට යම්සේ කල්‍යාණමිත්‍රතාව ( යහපත් මිතුරන් ඇති බව ) මහත්වූ අර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එක ධර්මයකුදු මහණෙනි, මම නොම දකිමි. මහණෙනි, කල්‍යාණමිත්‍රතාව මහත්වූ අර්ථය පිණිස පවතී.
15. අකුශලානුයෝග සූත්‍රය.
“මහණෙනි, අධ්‍යාත්මිකවූ කරුණු වශයෙන් සලකනවිට යම්සේ අකුශලයන්හි යෙදීම හා කුසලයන්හි නොයෙදීම මහත්වූ අනර්ථය පිණිස පවතීද, මහණෙනි, එමෙබඳුවූ අන් එක කාරණයකුදු මම නොම දකිමි. මහණෙනි, අකුශලයන්හි යෙදීම හා කුසල ධර්මයන්හි නොයෙදීම මහත්වූ අනර්ථය පිණිස පවතී.
16. කුසලානුයෝග සූත්‍රය.
“මහණෙනි, අධ්‍යාත්මික කරුණු වශයෙන් සලකනවිට යම්සේ කුශලයන්හි යෙදීම හා අකුසලයන්හි නොයෙදීම මහත්වූ අර්ථය පිණිස පවතීද, මහණෙනි, එමෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. මහණෙනි, කුශලධර්මයන්හි යෙදීම හා අකුශල ධර්මයන්හි නොයෙදීමද මහත්වූ අර්ථය පිණිස පවතී.”
17. සද්ධම්මන්තරධාන පමාද සූත්‍රය.
“මහණෙනි, යම්සේ ප්‍රමාදය සද්ධර්මයාගේ විනාසය පිණිසත් අතුරුදන්වීම පිණිසත් පවතීද, මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. මහණෙනි, ප්‍රමාදය සද්ධර්මයාගේ විනාසය පිණිසද අතුරුදන්වීම පිණිසද පවතී.”
18 සස සද්ධම්මට්ඨිති අප්පමාද සූත්‍රය.
1. “මහණෙනි, යම්සේ අප්‍රමාද බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසත් නොවිනාසය පිණිසත් අතුරුදන් නොවීම පිණිසත් පවතීද,
2. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.
3. “මහණෙනි, අප්‍රමාද බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද නොවිනාසය පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතී.”
19. සද්ධම්මන්තරධාන කොසජ්ජ සූත්‍රය.
1. “මහණෙනි, යම්සේ කුසීතභාවය සද්ධර්මයාගේ විනාසය පිණිසත් අතුරුදන්වීම පිණිසත් පවතීද,
2. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.
3. “මහණෙනි, කුසීතභාවය සද්ධර්මයාගේ විනාසය පිණිසත් අතුරුදන්වීම පිණිසත් පවතී.”
20. සද්ධම්මට්ඨිති විරියාරම්භ සූත්‍රය.
1. “මහණෙනි, යම්සේ සම්‍යක් ප්‍රධාන වීය්‍ර්‍යය සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද විනාස නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතීද,
2. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.
3. “මහණෙනි, සම්‍යක් ප්‍රධාන වීය්‍ර්‍යය සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද විනාස නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතී.”
21. සද්ධම්මන්තරධානමහිච්ඡතා සූත්‍රය.
1. “මහණෙනි, යම්සේ දැඩි ලෝභී බව සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන් වීම පිණිසත් පවතීද,
2. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.
3. “මහණෙනි, දැඩි ලෝභී බව සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන් වීම පිණිසත් පවතී.”
22. සද්ධම්මට්ඨිති සූත්‍රය.
1. “මහණෙනි, යම්සේ අලෝභී බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද විනාශ නොවීම පිණිස අතුරුදන් නොවීම පිණිසද පවතීද,
2. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.
3. “මහණෙනි, අලෝභී බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසච, විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතී.”
23. සද්ධම්මන්තරධාන අසන්තුට්ඨිතා සූත්‍රය.
1. “මහණෙනි, යම්සේ ලද දෙයින් සතුටු නොවන බව සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන් වීම පිණිසත් පවතීද,
2. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.
3. “මහණෙනි, ලද දෙයින් සතුටු නොවන බව සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන් වීම පිණිසත් පවතී.”
24. සද්ධම්මට්ඨති සන්තුට්ඨිතා සූත්‍රය.
1. “මහණෙනි, යම්සේ ලද දෙයින් සතුටු වන බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද, අතුරුදන් වීම පිණිසද පවතීද,
2. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.
3. “මහණෙනි, ලද දෙයින් සතුටු වන බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද, අතුරුදන් නොවීම පිණිසද පවතී.”
25. සද්ධම්මන්තරධාන අයෝනිසෝමනසිකාර සූත්‍රය.
1. “මහණෙනි, යම්සේ අනුවණින් මෙනෙහි කිරීම සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන් වීම පිණිසත් පවතීද,
2. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.
3. “මහණෙනි, අනුවණින් මෙනෙහි කිරීම සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන් වීම පිණිසත් පවතී.”
26. සද්ධම්මට්ඨිතියෝනිසෝමනසිකාර සූත්‍රය.
1. “මහණෙනි, යම්සේ නුවණින් මෙනෙහි කිරීම සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතීද,
2. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.
3. “මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද, අතුරුදන් නොවීම පිණිසද පවතී.”
27. සද්ධම්මන්තර අසම්පජඤ්ඤ සූත්‍රය.
1. “මහණෙනි, යම්සේ මුළාබව සද්ධර්මයාගේ විනාශය පිණිසත්, අතුරුදන් වීම පිණිසත් පවතීද,
2. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.
3. “මහණෙනි, මුළාබව සද්ධර්මයාගේ විනාශය පිණිසත්, අතුරුදන් වීම පිණිසත් පවතී.”
28. සද්ධම්මට්ඨිතිසම්පජඤ්ඤ සූත්‍රය.
1. “මහණෙනි, යම්සේ මනා ප්‍රඥා ඇති බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතීද,
2. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.
3. “මහණෙනි, මනා ප්‍රඥා ඇති බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද, අතුරුදන් නොවීම පිණිසද පවතී.”
29. සද්ධම්මන්තරධාන පාපමිත්තා සූත්‍රය.
1. “මහණෙනි, එසේම පාපමිත්‍රතාව සද්ධර්මයාගේ විනාශය පිණිසත්, අතුරුදන් වීම පිණිසත් පවතීද,
2. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.
3. “මහණෙනි, පාපමිත්‍රතාව සද්ධර්මයාගේ විනාශය පිණිසත්, අතුරුදන් වීම පිණිසත් පවතී.”
30. සද්ධම්මට්ඨිති කල්‍යාණමිත්තතා සූත්‍රය.
1. “මහණෙනි, එසේම යහපත් මිතුරන් ඇති බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතීද,
2. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.
3. “මහණෙනි, යහපත් මිතුරන් ඇති බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද, අතුරුදන් නොවීම පිණිසද පවතී.”
31. සද්ධම්මන්තරධාන අකුසලානුයොග සූත්‍රය.
1. “මහණෙනි, එසේම අකුශල ධර්මයන්හි යෙදීම හා කුශල ධර්මයන්හි නොයෙදීම යන මේ කරුණු හෙවත් ( ස්වභාවයෝ ) සද්ධර්මයාගේ (හෙවත් ශාසනයාගේ ) විනාශය පිණිසද, අතුරුදන් වීම පිණිසද පවතීද,
2. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.
3. “මහණෙනි, අකුශල ධර්මයන්හි යෙදීම හා කුශල ධර්මයන්හි නොයෙදීම යන මේ කරුණු හෙවත් ( ස්වභාවයෝ ) සද්ධර්මයාගේ (හෙවත් ශාසනයාගේ ) විනාශය පිණිසත්, අතුරුදන් වීම පිණිසත් පවතී.”
32. සද්ධම්මට්ඨිති කුසලානුයෝග සූත්‍රය.
1. “මහණෙනි, එසේම කුශල ධර්මයන්හි නැවත නැවත යෙදීම හා අකුශල ධර්මයන්හි එසේ නොයෙදීම යන මේ කරුණු හෙවත් ස්වභාවයෝ සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතීද,
2. “මහණෙනි, ඒ මෙබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.
3. “මහණෙනි, කුශල ධර්මයන්හි නැවත නැවත යෙදීම හා අකුශල ධර්මයන්හි එසේ නොයෙදීම යන මේ කරුණු හෙවත් ස්වභාවයෝ සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද, අතුරුදන් නොවීම පිණිසද පවතී.”
( දසවෙනි වර්‍ගය නිමි.)