8. තිකණ්ණ සූත්‍රය.

Aside

1. එකල්හි තිකණ්න නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක හුන්නාවූ, තිකණ්ණ නම් බමුණු තෙම වනාහි භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි ත්‍රිවේදය දන්නාවූ බමුණාගේ ගුණ කියයි. ත්‍රිවේදය දන්නාවූ බමුණෝ මෙසේත් පණ්ඩිතයහ. ත්‍රිවේදය දන්නාවූ බ්‍රාහ්මණයෝ මෙසේත් බහුශ්‍රුතයහ´´ කියායි.

2. (ස) ´´බ්‍රාහ්මණය, බ්‍රාහ්මණයකු ත්‍රිවිද්‍යා දන්නෙකැයි කෙසේ නම් පනවද්ද?´´

(සස) ´´භවත් ගෞතමයන් වහන්ස, මෙහි බමුණුතෙම මව් පසින්ද, පිය පසින්ද (යන) දෙපසින් මොනවට උපන්නේ වේද, සුපිරිසිදු මව් කුස ඇත්තේ වේද, හත්වෙනි මුතුන් පරම්පරාව දක්වා ජාතිවාදයෙන් (හෙවත්) මේ තෙම හීන ජාතියෙකැයි යන වචනයෙන් අත්හැර නොදමන ලද්දේ වේද, ආක්‍රොෂ නොකරණ ලද්දේ වේද, වේද මන්ත්‍ර හදාරන්නේ වේද, වේද මන්ත්‍ර දරන්නේ වේද, ක්‍රියා, කල්ප, විකල්ප සහිතවූ, අක්‍ෂර ප්‍රභේද සහිතවූ, (හෙවත්) ශික්‍ෂා නිරුක්ති ශාස්ත්‍ර සහිතවූ, ඉතිහාසය පස්වෙනිකොට ඇත්තාවූ, ත්‍රිවේදයෙහි පරතෙරට පැමිණියේ වේද, පද හදාරන්නේ වේද, ව්‍යාකරණ දන්නේ වේද, විතණ්ඩවාද ශාස්ත්‍ර ලක්ඛණ දීපන ශාස්ත්‍රයන්ගෙන් සම්පූර්ණ වේද, භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ මෙසේ වනාහි ත්‍රිවිද්‍යා දත් පණ්ඩිතයා පණවත්ය´´ යි කීයේය.

3. )ස´ බමුණ, බමුණෝ ත්‍රිවිද්‍යා දත් බ්‍රාහ්මණයා අන් ආකාරයකින් පනවත්. ආය්‍ර්‍ය විනයෙහි අන් ආකාරයකින් ත්‍රිවිද්‍යා ඇත්තෙක් වේය´´ යි වදාළ සේක.

)සස´ ´´භවත් ගෞතමයන් වහන්ස, කෙසේනම් ආය්‍ර්‍ය විනයෙහි ත්‍රිවිද්‍යා ඇත්තෙක් වේද, එසේ මට භවත් ගෞතම තෙමේ ධර්‍මදේශනා කරණ සේක් නම් මැනවැ´´ යි කීය.

)සසස´ ´´බමුණ, එසේනම් අසව. යහපත්ව මෙනෙහිකරව. කියන්නෙමි´´ යි වදාළ සේක. ´´පින්වතුන් වහන්ස, එසේය´´යි තිකණ්ණ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්නේය.

භාග්‍යවතුන් වහන්සේ මේ වදාළ සේක. ´´බමුණ, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන්, අධ්‍යාත්මයෙහි පැහැදීම් ඇති, සිත හා එකට පහළවූ, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතිය පහව යාමෙන් උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්‍ෂා ඇති, සිහි ඇති, සැප විහරණයෙකැයි යමක් ආය්‍ර්‍යයෝ කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප දුක් දෙක නැතිවීමෙන්, සොම්නස දොම්නස දෙක අස්තවීමට පෙරම, දුක් නැති, සැප නැති, උපෙක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.

3.)සඩ´ හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්‍මණ්‍යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්‍ධ සිහි කරයි. ඒ කෙසේද?

4. ´´එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති සතලිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්‍ෂයක්ද, නොයෙක් නැසෙන කල්පයන්ද, නොයෙක් වැඩෙන කල්පයන්ද, නොයෙක් නැසෙන හා වැඩෙන කල්පයන්ද සිහිකෙරෙයි. (කෙසේද) ´´මම අසවල් තැන උපන්නෙම්

5. ´´මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්‍ණ ඇත්තෙක් වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙසේ සැප දුක් වින්දෙක් වීමි. මෙබඳු ආයුෂයක් කෙළවරකොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයෙමි. අසවල් තැන උපනිමි.

6. ´´එහිද මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්‍ණ ඇත්තෙක් වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙසේ සැප දුක් වින්දෙක් වීමි. මෙබඳු ආයුෂයක් කෙළවරකොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයෙමි. අසවල් තැන උපනිමි. ඒ මම එයින් චුතවූයෙම් මෙහි උපන්නෙක් වෙමියි මෙසේ ආකාර සහිතවූ, නාම ගෝත්‍රවශයෙන් දැක්වීම් සහිතවූ නොයෙක් පෙර විසූ ස්කන්‍ධයන් සිහි කෙරෙයි. ඔහු විසින් මේ පළමුවෙනි විද්‍යාව ලදී.

7. ´´අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අන්‍ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය. සිහි නුමුළාවෙන් යුක්තව, කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව, හරණ ලද ආත්ම ආශාව ඇතිව, වාසය කරන්නහුට යම්සේ නම් එසේයි. හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්‍මණ්‍යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්‍ධ සිහි කරයි. ඒ කෙසේද? හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්‍මණ්‍යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්‍ධ සිහි කරයි. ඒ කෙසේද? මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් සත්ත්‍වයින් දකී. සත්ත්‍වයන්ගේ චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත නමයි.

8. ´´හෙතෙම පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්ම පවත්නාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, යහපත් වර්‍ණ ඇත්තාවූද, දුර්‍වර්‍ණ ඇත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කම්වූ පරිද්දෙන් පැමිණියාවූ, සත්ත්‍වයන් දැනගණී. කෙසේද?

9. ´´පින්වත්නි, මේ සත්ත්‍වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාග් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, බුද්ධාදී ආය්‍ර්‍යයන්ට උපවාද කරන්නෝය. මිත්‍යාදෘෂ්ටිකයෝය. මිසදිටුකම් සමාදන් වන්නෝය. ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, දුර්‍ගති නම්වූ, විනාශව වැටෙන්නාවූ, නිරයෙහි උපන්නාහුය. පින්වත්නි මේ සත්ත්‍වයෝ වනාහි, කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, බුද්ධාදී ආර්‍යයන්ට උපවාද (ගර්‍හා) නොකරන්නාහුය. කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, සම්‍යක් දෘෂ්ටි ඇත්තාහුය. සම්‍යක් දෘෂ්ටි කර්‍ම සමාදන් වන්නාහුය. ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් පසු මනාගති ඇත්තාවූ සැපතින් ස්වර්‍ග ලෝකයෙහි උපන්නාහු කියායි. මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්, චුතවන්නාවූද,

උපදින්නාවූද, හීනවූද, උසස්වූද, මනාවූ (ශරීර) වර්‍ණ ඇත්තාවූද, මනාවූ වර්‍ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්‍මය පරිදි මිය පරලොව ගියාවූ සත්ත්‍වයන් දැනගනිත්. ඔහු විසින් මේ දෙවෙනි විද්‍යාව ලදී.

10. ´´අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අන්‍ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය. සිහි නුමුළාවෙන් යුක්තව, කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව, හරණ ලද ආත්ම ආශාව ඇතිව, වාසය කරන්නහුට යම්සේ නම් එසේයි. හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්‍මණ්‍යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්‍ධ සිහි කරයි. ඒ කෙසේද? හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්‍මණ්‍යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්‍ධ සිහි කරයි. ඒ කෙසේද? මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් සත්ත්‍වයින් දකී. සත්ත්‍වයන්ගේ ආශ්‍රවක්‍ෂය දැනගන්නා නුවණ පිණිස සිත නමයි. මේ දුකයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ දුක් ඇතිවීමේ හේතුවයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ දුක් නැතිකිරීමයයි තත්වූ පරිදි දැන ගනී. මේ දුක් නැතිකිරීමේ මාර්‍ගයයි තත්වූ පරිදි දැනගනී.

11. මේ ආශ්‍රවයෝයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන්ගේ හටගැන්මයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන්ගේ නැතිවීමයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන් නැතිකිරීමට යන ප්‍රතිපදාව (මාර්‍ගයයි) තත්වූ පරිද්දෙන් දනී. මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, ඔහුගේ සිත කාම නමැති කෙලෙසුන්ගෙන් මිදෙයි. භව නමැති කෙලෙසුන්ගෙන් මිදෙයි. අවිද්‍යා නමැති කෙලෙසුන්ගෙන් මිදෙයි. මිදුන කල්හි, මිදුනේය යන නුවණ වේ. ඉපදීම ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරණ ලදී. මත්තට යමක් නැතැයි දනී. ඔහු විසින් මේ තුනවෙනි විද්‍යාව ලබන ලද්දීය. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අන්‍ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය. සිහි නුමුළාවෙන් යුක්තව, කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව, හරණ ලද ආත්ම ආශාව ඇතිව, වාසය කරන්නහුට යම්සේ නම් එසේයි.

12. 1. ´´උසස් පහත් වන ස්වභාවයක් නැති, ශීලයෙන් යුක්තවූද, ප්‍රඥාවෙන් යුක්තවූද, ධ්‍යාන ඇත්තාවූද, යම් ක්‍ෂීණාශ්‍රව පුද්ගලයෙකුගේ සිත වශීභාවප්‍රාප්තවූයේද, එකඟවූයේද, අරමුනෙහි මොනවට පිහිටියේවේද,

2. ´´කලේශාන්‍ධකාරය නැසුවාවූ, වීය්‍ර්‍යයෙන් යුත්, මාරයා නැසුවාවූ, දෙවි මිනිසුන්ට හිතවූ, සියළු පව් දුරුකළාවූ, ඒ පුද්ගලයා ත්‍රිවිද්‍යාවෙන් යුක්තයයි කීහු.

3. ´´ඒ ත්‍රිවිද්‍යාවෙන් යුක්තවූ, නොමුළාව වාසය කරන්නාවූ, චතුස්සත්‍යය අවබෝධ කළාවූ, අන්තිම ශරීරය දරන්නාවූ, ගෞතම බුදුන්ගේ ශ්‍රාවක රහත්හු වඳිත්.

4. ´´යම් ක්‍ෂීණාශ්‍රවයෙක් තෙම පෙර විසූ කඳ පිළිවෙළ දන්නේද, ස්වර්‍ගය හා අපාය දක්නේද, තවද, මනාව අවබෝධකොට කටයුතු නිමවූයේ, ජාතිය ක්‍ෂය කිරීමෙන් අර්‍හත් ඵලයට පැමිණියේද,

5. ´´මේ ත්‍රිවිද්‍යාවෙන් බ්‍රාහ්මණතෙම ත්‍රිවිද්‍යා ඇත්තේ, ඔහු මම ත්‍රිවිද්‍යා ඇත්තේයයි කියමි. අන්‍යයන් විසින් කියන ලද වචන මාත්‍රයක් ඇති අනිකෙකු ත්‍රිවිද්‍යා ඇත්තෙකැයි නොකියමි. බමුණ, මෙසේ වනාහි ආය්‍ර්‍ය විනයෙහි ත්‍රිවිද්‍යා ඇත්තකේ වේයයි වදාළ සේක.

13. ´´භවත් ගෞතමයන් වහන්ස, අන් පරිද්දකින් බමුණන්ගේ ත්‍රිවිද්‍යා ඇත්තෙක් වෙයි. ආය්‍ර්‍ය විනයෙහි අන් පරිද්දෙකින් ත්‍රිවිද්‍යා ඇත්තෙක් වෙයි. භවත් ගෞතමයින් වහන්ස, ආය්‍ර්‍ය විනයෙහි ත්‍රිවිද්‍යා ඇත්තා හා බමුණන්ගේ ත්‍රිවිද්‍යා ඇත්තා සොළොස්වන කලාවෙන් කලාවකුදු නොඅගියි.

14. ´´භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරණ ලද්දේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුළාවූවෙකුට මාර්‍ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි කියා තෙල් පහණක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ ඇසූ මම භවත් ගෞතමයන් වහන්සේගේද, ධර්මයෙහිද, සංඝයාගේද සරණ යමි. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට මා දන්නා සේක්වා´´ යි කීයේය.

7. වච්ඡගොත්ත සූත්‍රය.

1. එකල්හි වනාහි වච්ඡගොත්ත නම් පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. ´´භවත් ගෞතමයන් වහන්ස, මා විසින් මේ කාරණය අසන ලදී (එනම්)

2. ශ්‍රමණ ගෞතම තෙම මෙසේ කියයි. කෙසේද, ´මටම දන් දිය යුතුයි. අනුන්ට දන් නොදිය යුතුයි. මගේම ශ්‍රාවකයන්ට දන් දිය යුතුයි. අනුන්ගේ ශ්‍රාවකයන්ට දන් නොදිය යුතුයි. මටම දෙන ලද්ද මහත්වූ ඵල විපාක ඇති වෙයි. අනුන්ට දෙන ලද්ද මහත් ඵල ඇති නොවෙයි. මගේම ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත් ඵලයි. අන්‍යයන්ගේ ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත්ඵල නැත්තේය´ කියායි.

3. ´´භවත් ගෞතමයන් වහන්ස, යම් කෙනෙක් මෙසේ කීවාහුද, (කෙසේද) ශ්‍රමණ ගෞතම තෙම මෙසේ කියයි. කෙසේද, ´මටම දන් දිය යුතුයි. අනුන්ට දන් නොදිය යුතුයි. මගේම ශ්‍රාවකයන්ට දන් දිය යුතුයි. අනුන්ගේ ශ්‍රාවකයන්ට දන් නොදිය යුතුයි. මටම දෙන ලද්ද මහත්වූ ඵල විපාක ඇති වෙයි. අනුන්ට දෙන ලද්ද මහත් ඵල ඇති නොවෙයි. මගේම ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත් ඵලයි. අන්‍යයන්ගේ ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත්ඵල නැත්තේය´ කියායි.  ´´කිමෙක්ද, ඔවුහු භවත් ගෞතමයන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නෝ වෙත්ද, භවත් ගෞතමයන් වහන්සේට අසත්‍යයෙන් චෝදනා නොකරද්ද, කියන ලද්දට අනුකූලවූවක් කියත්ද, හේතු සහිතවූ කිසියම් කීමක් ගැරහිය යුතු බවට නොපැමිණේද, අපි වනාහි භවත් ගෞතමයන් වහන්සේට දොස් කියනු නොකැමැත්තෝ වම්හ.´´

4. ´´වච්ඡය, යම් කෙනෙක් මෙසේ කියද්ද, ´මටම දන් දිය යුතුයි. අනුන්ට දන් නොදිය යුතුයි. මගේම ශ්‍රාවකයන්ට දන් දිය යුතුයි. අනුන්ගේ ශ්‍රාවකයන්ට දන් නොදිය යුතුයි. මටම දෙන ලද්ද මහත්වූ ඵල විපාක ඇති වෙයි. අනුන්ට දෙන ලද්ද මහත් ඵල ඇති නොවෙයි. මගේම ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත් ඵලයි. අන්‍යයන්ගේ ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත්ඵල නැත්තේය´ කියායි. ඔවුහු මා විසින් කියන ලද්දක් කියන්නෝ නොවෙත්. ඔවුහු අසත්‍යයෙන් දෝෂාරෝපණය කරත්. යමෙක් වනාහි දන් දෙන්නාවූ අනිකෙකු වළක්වාද, හෙතෙම තුන් දෙනෙකුට අන්තරාය කරන්නෙක් වේ. තුන් දෙනෙකුගේ මං පහරණ සොරෙක් වැනි වෙයි. කවර තුන් දෙනෙකුගෙන්ද, දායකයාගේ පිනට අනතුරු කරන්නෙක්  වෙයි. ප්‍රතිග්‍රාහකයන්ගේ ලාභයට අනතුරු කරන්නෙක් වෙයි. පළමුකොටම තමා නසන ලද්දෙක් වෙයි. විනාශ කරණ ලද්දෙක් වෙයි.

5. ´´මම වනාහි මෙසේ කියමි. අසූචි මඩවළෙක් හෝ ගම්දොර ගවර වළෙක් හෝ යම් ඒ ප්‍රාණීහු වෙත්ද, එහි ඒ සත්ත්‍වයෝ මෙයින් ජීවත් වෙත්වායි, සැළි සේදූ වතුරක් හෝ මළ සේදූ වතුරක් හෝ දමත්ද, වච්ඡය, මම ඒ හේතුකොට ගෙණද පින් සිදුවීම කියමි. මනුෂ්‍යවූවෙකුට දුන් කල්හි පින් සිදුවීම කියනුම කවරේද?

6. ´´වච්ඡය, එතෙකුදු වුවත් මම ශීලවන්තයාට දෙන ලද්ද මහත්ඵල ඇත්තේයයි කියමි. දුශ්ශීලයාට දෙන ලද්ද එසේ මහත් ඵල ඇත්තේ නොවෙයි. ඒ සිල්වත් තෙමේද, අඞ්ග පසකින් දුරුවූයේද, අඞ්ග පසකින් යුක්තවූයේද වෙයි. කවර අඞ්ග පසක් දුරුවූවාහුද, කාමච්ඡන්‍දය ප්‍රහීණවූයේ වෙයිද, ව්‍යාපාදය ප්‍රහීණවූයේ වෙයිද, ථීනමිද්ධය ප්‍රහීණවූයේ වෙයිද, උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණවූයේ වෙයිද, විචිකිච්ඡාව ප්‍රහීණ වූයේ වේද, මේ පඤ්චාඞ්ගයෝ ප්‍රහීණවූවාහු වෙත්.

7. ´´කවර නම් අඞ්ග පසකින් යුක්තවූයේ වෙයිද, අශෛක්‍ෂවූ ශීල ස්කන්‍ධයෙන් සමන්විතවූයේ වෙයිද, අශෛක්‍ෂවූ සමාධි ස්කන්‍ධයෙන් සමන්විතවූයේ වෙයිද, අශෛක්‍ෂවූ ප්‍රඥා ස්කන්‍ධයෙන් සමන්විතවූයේ වෙයිද, අශෛක්‍ෂවූ විමුක්ති ස්කන්‍ධයෙන් සමන්විතවූයේ වෙයිද, අශෛක්‍ෂවූ ප්‍රත්‍යවෙක්‍ෂා ඥාන සමූහයෙන් යුක්තවූයේ වෙයිද, මේ අඞ්ග පසින් යුක්තවූයේ වෙයි. මෙසේ පඤ්චාඞ්ගයක් ප්‍රහීණ කළාවූ, පඤ්චාඞ්ගයකින් සමන්විතවූ, ක්‍ෂීණාශ්‍රවයන් කෙරෙහි දෙන ලද්ද මහත්ඵල ඇත්තේයයි කියමි´´ යි වදාළ සේක.

8.(1) ´´මෙසේ කළුපාටවූ හෝ සුදුපාටවූ හෝ රතුපාටවූ හෝ රන්වන්වූ හෝ කබරවූ හෝ තමන්ගේ වස්සන් හා සමාන වර්‍ණ ඇත්තාවූ හෝ පරෙවි වර්‍ණ ඇත්තාවූ හෝ දෙනුන් කෙරෙහිද,

(2) යම් ඒ කවර දෙනුන් කෙරෙහි හෝ බර ඉසිලිය හැකිවූ, ශක්ති සම්පන්නවූ, යහපත්වූ, ජවයෙන් යුක්තවූ, දැමුණාවූ වෘෂභයෙක් තෙම උපදීද,  ඔහුම බරෙහි යොදත්. ඔහුගේ ශරීර වර්ණය පරීක්‍ෂා නොකෙරෙත්. එපරිද්දෙන්ම මිනිසුන් අතුරෙහි යම් කිසි කුල සමූහයෙක්හි

(3) (4) එනම්, ක්‍ෂත්‍රිය කුලයෙහි හෝ, බ්‍රාහ්මණ කුලයෙහි හෝ, ශුද්‍ර කුලයෙහි හෝ, සැඩොල් කුලයෙහි හෝ, මල් ඉවත ලන කුලයෙහි හෝ, යම් කිසි ජාතියෙක්හි ධර්‍මයෙහි පිහිටියාවූ, ශීලයෙන් යුක්තවූ, සත්‍යය කියන්නාවූ, පාපයෙහි ලජ්ජා ඇත්තාවූ, ප්‍රහීණ කරණ ලද ජාතිය හා මරණය ඇත්තාවූ, සම්පූර්ණවූ බ්‍රහ්මචය්‍ර්‍යාව ඇත්තාවූ,

(5) (6) බහා තබනලද ස්කන්‍ධාදී බර ඇත්තාවූ, සතර යොගයෙන් බැහැරවූ, සතර මාර්‍ගයෙන් කරණ ලද කෘත්‍ය ඇත්තාවූ, සසරින් පරතෙරට ගියාවූ, තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් අල්වා නොගෙන, කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවියාවූ, මනා පැවතුම් ඇති, දැමුණාවූ පුද්ගලයෙක් උපදීද,

(7) (8) (9) රාගාදී රජස් රහිතවූ එම කෙතෙහි වපුරණ ලද දක්‍ෂිණාව මහත්වූ ඵල ඇත්තී වෙයි. කෙත නොදන්නාවූ, නුවණ නැත්තාවූ, ක්‍ෂත්‍ර විනිශ්චය නොඇසූ අඥානයෝ වනාහි මේ සස්නෙන් පිටත්හි දානයෙන් දෙත්. සත්පුරුෂයන් වෙත නොඑළඹෙත්. යම් කෙනෙක් ප්‍රඥා සම්පන්නවූ, පණ්ඩිතයයි සම්මත කරණ ලද, සත්පුරුෂයන් කරා එළඹෙත්ද – ඔවුන්ගේ ශ්‍රද්ධාවද සුගතයන් වහන්සේ කෙරෙහි හටගත් මුල් ඇත්තී, පිහිටියා වන්නීය. ඒ පණ්ඩිතයෝ දෙව් ලොවටද පැමිණෙත්. මේ මිනිස් ලෙව්හි උතුම් කුලයෙක්හි උපදිත්. පිළිවෙළින් නිර්‍වාණයටද පැමිණෙත්ය´´ යි (වදාළ සේක.)

6. අධම්මරාග සූත්‍රය.

1. ඉක්බිති වනාහි එක්තරා මහාසාර බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ මහාසාර බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට, ´´භවත් ගෞතමයන් වහන්ස, පෙර කාලයෙහිවූ, වයෝවෘද්ධවූ, මහලුවූ, ඇදුරන්ගේ ඇදුරුවූ කියන්නාවූ බමුණන් වෙතින් මා විසින් මෙය අසන ලදී. (කුමක්ද යත්) පෙර කාලයෙහි මේ ලෝකය අවීචිය මෙන් මිනිසුන්ගෙන් පිරුණේ වෙයි. ගම් නියම්ගම් රාජධානීහු පියස්සෙන් පියස්සට යා හැකි තරම් ගෙවලින් ගහණ වෙත් කියායි.

2. ´´භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් මිනිසුන්ගේ ක්‍ෂයවීම වේද, තුනී බව පෙනේද, ගමුත් නොගම් වෙත්ද, නියම්ගමුත් නියම්ගම් නොවෙත්ද, නුවරවලුත් නගර නොවෙත්ද, ජනපදයෝත් ජනපද නොවෙත්ද,

3. ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍ය කවරේදැ´´ යි ඇසීය.

4. ´´බමුණ, මේ කාලයෙහි මනුෂ්‍යයෝ අන්සතු දෙයෙහි ඇලීමයයි කියනලද අධර්‍ම රාගයෙන් ඇලුනාහු, විෂම ලෝභයෙන් මඩනා ලද්දාහු, නොනිසි වස්තූන්හි ඇලීමයයි කියනලද මිථ්‍යා ධර්‍මයෙන් යුක්තවූවාහු වෙත්. අධර්‍ම රාගයෙන් ඇළුණාවූ, විෂම ලෝභයෙන් මඩනා ලද්දාවූ, මිත්‍යා ධර්‍මයෙන්  යුක්තවූ ඔවුහු තියුණුවූ ආයුධ ගෙණ එකිනෙකා ජීවිතයෙන් තොර කෙරෙත්. ඒ කරණ කොට ගෙණ බොහෝ මනුෂ්‍යයෝ මැරෙත්.

5. ´´බමුණ, යම් හෙයකින් මිනිසුන්ගේ ක්‍ෂයවීම වේද, තුනී බව පෙනේද, ගමුත් නොගම් වෙත්ද, නියම්ගමුත් නියම්ගම් නොවෙත්ද, නුවරවලුත් නගර නොවෙත්ද, ජනපදයෝත් ජනපද නොවෙත්ද,

6. මේ වනාහි ඊට හේතුවයි. මේ ඊට ප්‍රත්‍යයයි. බමුණ, නැවත අනිකක්ද කියමි. දැන් මනුෂ්‍යයෝ අධර්‍ම රාගයෙන් ඇළුණාහු, විෂම ලෝභයෙන් මඩනා ලද්දාහු, මිත්‍යා ධර්මයෙන් යුක්තවූවාහු වෙත්. මේ කාලයෙහි මනුෂ්‍යයෝ අන්සතු දෙයෙහි ඇලීමයයි කියනලද මිත්‍යා ධර්‍මයෙන් යුක්තවූවාහු වෙත්. අධර්‍ම රාගයෙන් ඇලුනාහු, විෂම ලෝභයෙන් මඩනා ලද්දාහු, නොනිසි වස්තූන්හි ඇලීමයයි කියනලද මිත්‍යා ධර්මයෙන් යුක්තවූවාහු වෙත්. අධර්‍ම රාගයෙන් ඇළුණාවූ, විෂම ලෝභයෙන් මඩනා ලද්දාවූ, මිත්‍යා ධර්‍මයෙන් යුක්තවූ ඔවුන්ට වර්‍ෂාව මනාකොට නොවසියි. ඒ හේතුකොට ගෙණ දුර්භික්‍ෂය වෙයි. ගොවිපලවල් පාළුවෙත්. කරල් පණුවන් විද බොල්වෙත්, නොපූදිත්. ඒ කරණකොට ගෙණ බොහෝ මනුෂ්‍යයෝ මැරෙත්.

7. ´´බමුණ, යම් හෙයකින් මිනිසුන්ගේ ක්‍ෂයවීම වේද, තුනී බව පෙනේද, ගමුත් නොගම් වෙත්ද, නියම්ගමුත් නියම්ගම් නොවෙත්ද, නුවරවලුත් නගර නොවෙත්ද, ජනපදයෝත් ජනපද නොවෙත්ද, මේ වනාහි ඊට හේතුවයි. මේ ඊට ප්‍රත්‍යය.

8. ´´බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි. දැන් මනුෂ්‍යයෝ අන්සතු දෙයෙහි ඇලීමයයි කියන ලද අධර්‍ම රාගයෙන් ඇලුනාහු, විෂම ලෝභයෙන් මඩනා ලද්දාහු, නොනිසි වස්තූන්හි ඇලීමයයි කියන ලද මිත්‍ථ්‍යා ධර්‍මයෙන් යුක්තවූවාහු වෙත්. අධර්‍ම රාගයෙන් ඇළුණාවූ, විෂම ලෝභයෙන් මඩනා ලද්දාවූ, මිත්‍ථ්‍යා ධර්‍මයෙන් යුක්තවූ මනුෂ්‍යයන් වෙත්. අධිපති යක්‍ෂයෝ චණ්ඩ අමනුෂ්‍යයන් යවත්. එයින් බොහෝ මිනිසුන් මැරෙත්..

9. ´´බමුණ, යම් හෙයකින් මිනිසුන්ගේ ක්‍ෂයවීම වේද, තුනී බව පෙනේද, ගමුත් නොගම් වෙත්ද, නියම්ගමුත් නියම්ගම් නොවෙත්ද, නුවරවලුත් නගර නොවෙත්ද, ජනපදයෝත් ජනපද නොවෙත්ද, මේ වනාහි ඊට හේතුවයි. මේ ඊට ප්‍රත්‍යය.

10. ´´භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරණ ලද්දේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුළාවූවෙකුට මාර්‍ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි කියා තෙල් පහණක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ ඇසූ මම භවත් ගෞතමයන් වහන්සේගේද, ධර්මයෙහිද, සංඝයාගේද සරණ යමි. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට මා දන්නා සේක්වා´´ යි කීයේය.

5. සන්‍දිට්ඨික නිබ්බාන සූත්‍රය.

1. ´´ඉක්බිත්තෙන් වනාහි ජානුස්සෝණී බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ජානුස්සෝණී බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට, ´´භවත් ගෞතමයන් වහන්ස, නිර්‍වාණය තමන් විසින් දැක්ක යුතුයි කියනු ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, කොපමණකින් වනාහි නිර්‍වාණය තමන් විසින් දැක්කයුතු වේද, කල් නොයවා පැමිණියයුතු වේද, එව බලවයි පෙන්විය හැකි වේද, ප්‍රතිපත්තියෙන් පැමිණියයුතු වේද, පණ්ඩිතයන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වේදැ´´ යි ඇසූයේය.

2. ´´බ්‍රාහ්මණය, රාගයෙන් මඩනා ලද්දාවූ, රාගයෙන් විනාශ කරණ ලද සිත් ඇත්තාවූ, ඇලුණාවූ පුද්ගල තෙම,

3. ´´තමන්ට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. තමහට හා අනුන්ට දුක් පිණිසද සිතයි. මානසික දුකද විඳියි.

4. ´´රාගය ප්‍රහීණවූ කල්හි තමාහට දුක් පිණිසද නොසිතයි. අනුන්ට දුක් පිණිසද තොසිතයි. තමන්ට හා අනුන්ට දුක් පිණිසද නොසිතයි.´´

5. ´´මානසික දුකද, දොම්නසද නොවිඳී. බ්‍රාහ්මණය, මෙසේද නිර්වාණය තෙම ප්‍රත්‍යක්‍ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන ඵල ඇත්තේ වේ, එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය, තමන් සිත්හි පමුණුවා ගත යුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වෙයි.

6. ´´බමුණ, ද්වේෂයෙන් මඩනා ලද්දාවූ, ද්වේෂයෙන් විනාශ කරණ ලද්දාවූ සිත් ඇත්තාවූ පුද්ගල තෙම,

7. ´´තමන්ට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. තමහට හා අනුන්ට දුක් පිණිසද සිතයි. මානසික දුකද විඳියි.

8. ´´ද්වේෂය ප්‍රහීණවූ කල්හි, තමාහට දුක් පිණිසද නොසිතයි. අනුන්ට දුක් පිණිසද නොසිතයි. තමන්ට හා අනුන්ටද දුක් පිණිසද නොසිතයි.

9. ´´මානසික දුකද, දොම්නසද නොවිඳී. බ්‍රාහ්මණය, මෙසේද නිර්වාණය තෙම ප්‍රත්‍යක්‍ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන ඵල ඇත්තේ වේ, එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය, තමන් සිත්හි පමුණුවා ගත යුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වෙයි.

10. ´´බමුණ, මෝහයෙන් මඩනා ලද්දාවූ, මෝහයෙන් විනාශ කරණ ලද්දාවූ, සිත් ඇති පුද්ගල තෙම,

11. ´´තමන්ට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. තමහට හා අනුන්ට දුක් පිණිසද සිතයි. මානසික දුකද විඳියි.

12. ´´මෝහය ප්‍රහීණවූ කල්හි තමාහට දුක් පිණිසද නොසිතයි. අනුන්ට දුක් පිණිසද නොසිතයි. තමන්ට හා අනුන්ටද දුක් පිණිසද නොසිතයි.

13. ´´මානසික දුකද, දොම්නසද නොවිඳී. බ්‍රාහ්මණය, මෙසේද නිර්වාණය තෙම ප්‍රත්‍යක්‍ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන ඵල ඇත්තේ වේ, එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය, තමන් සිත්හි පමුණුවා ගත යුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වෙයි.

14. ´´බමුණ, මෙසේ වනාහි නිර්‍වාණය තමන් විසින් දැක්ක යුතුය. බමුණ, යම් කලක පටන් මේ නිරවශෙෂ වශයෙන් තෘෂ්ණාව ක්‍ෂය කිරීමයයි කියනලද නිර්‍වාණ රසය විඳීද, නිරවශෙෂ වශයෙන් ෙවෂය ක්‍ෂය කිරීමයයි කියනලද නිර්‍වාණ රසය විඳීද, නිරවශේෂ වශයෙන් මෝහය ක්‍ෂයකිරීමයයි කියන ලද නිර්‍වාණ සැපය විඳීද, බ්‍රාහ්මණය, මෙසේ වනාහි නිර්‍වාණය තමන් විසින් දැකිය යුතු වෙයි. කල් නොයවා පැමිණිය යුතු වෙයි. එව බලවයි පෙන්විය හැකි වෙයි. ප්‍රතිපත්තියෙන් පැමිණිය යුතු වෙයි. පණ්ඩිතයන් විසින් තමන් කෙරෙහි ලා දත යුතු වෙයි.

15. ´´භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරණ ලද්දේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුළාවූවෙකුට මාර්‍ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි කියා තෙල් පහණක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ ඇසූ මම භවත් ගෞතමයන් වහන්සේගේද, ධර්මයෙහිද, සංඝයාගේද සරණ යමි. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට මා දන්නා සේක්වා´´ යි කීයේය.

4. පරිබ්බාජක සන්‍දිට්ඨික සූත්‍රය.

1. ´´ඉක්බිති එක්තරා බ්‍රාහ්මණ පරිබ්‍රාජකයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සිහිකටයුතුවූ කථාව කොට එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට,  ´´භවත් ගෞතමයන් වහන්ස, ධර්‍මය තෙම ප්‍රත්‍යක්‍ෂව දැකිය හැකි ගුණ ඇත්තේයයි කියනු ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, කොපමණකින් ධර්‍මය තෙම ප්‍රත්‍යක්‍ෂව දැක්ක යුතු ගුණ ඇත්තේ වේද, කල් නොයවා දෙන ඵල ඇත්තේ වේද, එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේ වේද, තමන්ගේ සිත්හි පමුණුවා ගත යුතු ගුණ ඇත්තේ වේද, නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වේදැ´´ යි ඇසීය.

3. සන්‍දිට්ඨික ධම්ම සූත්‍රය.

1. ´´ඉක්බිති එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සිහිකටයුතුවූ කථාව කොට එකත්පසෙක සිටියේය.
එකත්පසෙක සිටි ඒ බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට, ´´භවත් ගෞතමයන් වහන්ස, ධර්‍මය තෙම ප්‍රත්‍යක්‍ෂව දැකිය හැකි ගුණ ඇත්තේයයි කියනු ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, කොපමණකින් ධර්‍මය තෙම ප්‍රත්‍යක්‍ෂව දැක්ක යුතු ගුණ ඇත්තේ වේද, කල් නොයවා දෙන ඵල ඇත්තේ වේද, එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේ වේද, තමන්ගේ සිත්හි පමුණුවා ගත යුතු ගුණ ඇත්තේ වේද, නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වේදැ´´ යි ඇසීය.

2. අදිත්තාගාර සූත්‍රය.

1. ඉක්බිත්තෙන් වනාහි, ජරාවට ගියාවූ, වයසින් වැඩිවූ, මහළුවූ, වයස් ඉක්ම ගියාවූ, වයසට පැමිණියාවූ, උත්පත්තියෙන් එකසිය විසි වයස් ඇත්තාවූ, බමුණෝ දෙදෙනෙක්, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූවාහුය. සතුටුවියයුතුවූ, සිහි කටයුතුවූ කථාව කොට නිමවා, එකත්පසෙක හුන්නාහුය.

Continue reading

1. ජරූපනීය සූත්‍රය.

1. ඉක්බිත්තෙන් වනාහි, ජරාවට ගියාවූ, වයසින් වැඩිවූ, මහළුවූ, වයස් ඉක්ම ගියාවූ, වයසට පැමිණියාවූ, උත්පත්තියෙන් එකසිය විසි වයස් ඇත්තාවූ, බමුණෝ දෙදෙනෙක්, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූවාහුය. සතුටුවියයුතුවූ, සිහි කටයුතුවූ කථාව කොට නිමවා, එකත්පසෙක හුන්නාහුය.

Continue reading