10. සබ්බූපාදානපරිඤ්ඤා සූත්‍රය. (2)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

2. ´´මහණෙනි, සියලු උපාදානයන් දුරුකිරීම පිණිස පවත්නාවූ ධර්‍මය තොපට ධර්‍මය දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සියලු උපාදානයන් දුරුකිරීම පිණිස පවත්නාවූ ධර්‍මය කවරේද යත්?

´´මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´රූපයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´චක්ඛු විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´චක්ඛු සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

3. ´´මහණෙනි, කණ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´ශබ්දයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´සෝත විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´සෝත සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

4. ´´මහණෙනි, නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´ගන්‍ධයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´ඝාණ විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´ඝාණ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

5. ´මහණෙනි, දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´රසයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´ජිව්හා විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´ජිව්හා සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´ජිව්හා සම්ඵස්සය හේතුකොටගෙන සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

6. ´´මහණෙනි, කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´ස්පර්‍ශය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´කාය විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´කාය සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

7. ´´මහණෙනි, සිත නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´ධර්‍මයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´මනො විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´මනෝ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

8. ´´මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය

කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

9. ´´කණ කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

10. ´´නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

11. ´´දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

12. ´´කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

13. ´´සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනො විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු

කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්‍ෂය විය. මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිමවන ලද්දේය. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණියි. මහණෙනි, මේ වනාහි සියලු හැඟීම් නැසීමට උපකාරවූ ප්‍රතිපදාවය´´ යි (වදාළ සේක.)

( පළමුවෙනි අවිජ්ජා වර්‍ගය නිමි. )

8. සබ්බූපාදානපරිඤ්ඤා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

2. ´´මහණෙනි, සියලු උපාදානයන් පිරිසිඳ දැනීම පිණිස තොපට ධර්‍මය දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සියලු උපාදානයන් පිරිසිඳ දැනීම පිණිස (පවත්නාවූ) ධර්‍මය කවරේද? ඇසද, රූපයන්ද නිසා චක්ඛු විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය හේතුකොට ගෙන වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපයන් කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඥානය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ´මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය´ යි දැනගණියි.

3. ´´ කණද, ශබ්දයන්ද නිසා සෝත විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය හේතුකොට ගෙන වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම කණ කෙරෙහිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. සෝත විඥානය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ´මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය´ යි දැනගණියි.

4. ´´නාසයන්ද, ගන්‍ධයන්ද නිසා ඝාණ විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය හේතුකොට ගෙන වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධයන් කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඥානය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ´මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය´ යි දැනගණියි.

5. ´´දිවද, රසයන්ද නිසා ජිව්හා විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය හේතුකොට ගෙන වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඥානය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ´මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය´ යි දැනගණියි.

6. ´´ කයද, ස්පර්‍ශයෝද නිසා කාය විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය හේතුකොට ගෙන වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශයන් කෙරෙහිද කලකිරෙයි. කාය විඥානය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ´මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය´ යි දැනගණියි.

7. ´´සිතද, ධර්‍මයන්ද නිසා මනෝ විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය හේතුකොට ගෙන වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි. මනෝ විඥානය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ´මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය´ යි දැනගණියි. මහණෙනි, මේ වනාහි සියලු උපාදානයන් පිරිසිඳ දැනීම පිණිස (පවත්නාවූ) ධර්‍මය වේය´´ යි වදාළ සේක.

_______________

7. අනුසය සූත්‍රය. (2)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

2. ´´ස්වාමීනි, කෙසේ නම් දන්නහුගේ, කෙසේ දක්නහුගේ අනුසයයෝ සහමුලින් නැසීමට පැමිණෙත්ද?

´´මහණ, ඇස වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්. රූපයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්. චක්ඛු විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්. චක්ඛු සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්.

´´චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්.

3. ´´මහණ, කණ වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්. ශබ්දයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්. සෝත විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්. සෝත සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්.

´´සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්.

4. ´´මහණ, නාසය වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්. ගන්‍ධයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්. ඝාණ විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්. ඝාණ සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්.

´´ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්.

5. ´´මහණ, දිව වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්. රසයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්. ජිව්හා විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්. ජිව්හා සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්.

´´ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්.

6. ´´මහණ, කය වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්. ස්පර්‍ශයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්. කාය විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්. කාය සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්.

´´කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්.

7. ´´මහණ, සිත වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්. ධර්‍මයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්. මනෝ විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්. මනෝ සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්.

´´මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ නැසීමට පැමිණෙත්.

_______________

6. අනුසය සූත්‍රය. (1)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

´´ස්වාමීනි, කෙසේ දන්නහුගේ, කෙසේ දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්ද?´´

2. ´´මහණ, ඇස වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. රූපයන් වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. චක්ඛු විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. චක්ඛු සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්.

´´චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්.

3. ´´කණ වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. ශබ්දයන් වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. සෝත විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. සෝත සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්.

´´සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්.

4. ´´නාසය වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. ගන්‍ධයන් වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. ඝාණ විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. ඝාණ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්.

´´ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්.

5. ´´දිව වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. රසයන් වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. ජිව්හා විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. ජිව්හා සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්.

´´ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්.

6. ´´කය වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. ස්පර්‍ශයන් වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. කාය විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. කාය සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්.

´´කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්.

7. ´´සිත වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. ධර්‍මයන් වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. මනෝ විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. මනෝ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්.

´´මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසයයෝ ප්‍රහීණ වෙත්´´ යයි වදාළ සේක.

_______________

9. සබ්බූපාදානපරිඤ්ඤා සූත්‍රය. (1)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

2. ´´මහණෙනි, සියලු උපාදානයන් දුරුකිරීම පිණිස (පවත්නාවූ) ධර්‍මය තොපට ධර්‍මය දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සියලු උපාදානයන් දුරුකිරීම පිණිස (පවත්නාවූ) ධර්‍මය කවරේද?

3. ´´ඇසද, රූපයන්ද නිසා චක්ඛු විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපයන් කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඥානය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ´මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය´ යි දැනගණියි.

4. ´´කණද, ශබ්දයන්ද නිසා සෝත විඤ්ඤාණය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීමෙන් ස්පර්‍ශය වේ. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම කණ කෙරෙහිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. සෝත විඥානය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ´මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය´ යි දැනගණියි.

5. ´´නාසයද, ගන්‍ධයන්ද නිසා ඝාණ විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධයන් කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඥානය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ´මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය´ යි දැනගණියි.

6. ´´දිවද, රසයන්ද නිසා ජිව්හා විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඥානය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ´මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය´ යි දැනගණියි.

7. ´´කයද, ස්පර්‍ශයන්ද නිසා කාය විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශයන් කෙරෙහිද කලකිරෙයි. කාය විඥ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ´මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය´ යි දැනගණියි.

8. ´´සිතද, ධර්‍මයන්ද නිසා මනෝ විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි. මනෝ විඥානය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ´මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය´ යි දැනගණියි. මහණෙනි, මේ වනාහි සියලු උපාදානයන් දුරුකිරීම පිණිස පවත්නාවූ ධර්‍මය වේය´´ යි වදාළ සේක.

_______________

5. ආසව සූත්‍රය. (2)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

´´ස්වාමීනි, කෙසේ නම් දන්නහුගේ, කෙසේ දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්ද?

2. ´´මහණ, ඇස වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. රූපයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. චක්ඛු විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. චක්ඛු සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.

´´චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.

3. ´´මහණ, කණ වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. ශබ්දයන්

අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. සෝත විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. සෝත සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.

´´සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.

4. ´´මහණ, නාසය වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. ගන්‍ධයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. ඝාණ විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. ඝාණ සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.

´´ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.

5. ´´මහණ, දිව වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. රසයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. ජිව්හා විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. ජිව්හා සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.

´´ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.

6. ´´මහණ, කය වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. ස්පර්‍ශයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. කාය විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. කාය සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.

´´කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.

7. ´´මහණ, සිත වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. ධර්‍මයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. මනෝ විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. මනෝ සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්.

´´මහණ මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්´´ යයි වදාළ සේක.

______________

4. ආසව සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

´´ස්වාමීනි, කෙසේ දන්නහුගේ, කෙසේ දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීන වෙත්ද?

2. ´´මහණ, ඇස වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. රූපයන් වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. චක්ඛු විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. චක්ඛු සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්.

´´චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්.

3. ´´මහණ, කණ වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. ශබ්දයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. සෝත විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. සෝත සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්.

´´සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්.

4. ´´මහණ, නාසය වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. ගන්‍ධයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්.

ඝාණ විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. ඝාණ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්.

´´ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්.

5. ´´මහණ, දිව වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. රසයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. ජිව්හා විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. ජිව්හා සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්.

´´ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්.

6. ´´මහණ, කය වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. ස්පර්‍ශයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. කාය විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. කාය සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්.

´´කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්.

7. ´´මහණ, සිත වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. ධර්‍මයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. මනෝ විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. මනෝ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්´´ යයි වදාළ සේක.

_______________

3. සඤ්ඤොජන සූත්‍රය. (2)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

´´ස්වාමීනි, කෙසේ දන්නහුගේ, කෙසේ දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්ද?´´

2. ´´මහණ, ඇස අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. රූපයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. චක්ඛු විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. චක්ඛු සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්.

´´චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්.

3. ´´මහණ, කණ අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. ශබ්දයන්

අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. සෝත විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. සෝත සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්.

´´සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්.

4. ´´මහණ, නාසය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. ගන්‍ධයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. ඝාණ විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. ඝාණ සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්.

´´ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්.

5. ´´මහණ, දිව අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. රසයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. ජිව්හා විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. ජිව්හා සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්.

´´ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්.

6. ´´මහණ, කය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. ස්පර්‍ශයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. කාය විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. කාය සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්.

´´කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්.

7. ´´මහණ, සිත අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. ධර්‍මයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මනෝ විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මනෝ සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්´´ යයි වදාළ සේක.

_______________

2. සඤ්ඤොජන සූත්‍රය. (1)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

´´ස්වාමීනි, කෙසේ දන්නහුගේ, කෙසේ දක්නහුගේ සංයෝජනයෝ පහවෙත්ද?´´

2. ´´මහණ, ඇස අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. රූපයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. චක්ඛු විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. චක්ඛු සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.

´´චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.

3. ´´මහණ, කණ අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. ශබ්දයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. සෝත විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. සෝත සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.

´´සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.

4. ´´මහණ, නාසය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. ගන්‍ධයන් අනිත්‍ය වශ

ඤෆු ්‍ර723රැ%

යෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. ඝාණ විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. ඝාණ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.

´´ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.

5. ´´මහණ, දිව අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. රසයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. ජිව්හා විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. ජිව්හා සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.

´´ජව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.

6. ´´මහණ, කය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. ස්පර්‍ශයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. කාය විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. කාය සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.

´´කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.

7. ´´මහණ, සිත අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. ධර්‍මයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. මනෝ විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. මනෝ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්´´ යයි වදාළ සේක.

______________

1. අවිජ්ජා සූත්‍රය.

1. අවිජ්ජා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

2. ´´ස්වාමීනි, කෙසේ දන්නහුගේ, කෙසේ දක්නහුගේ අවිද්‍යාව (චතුරාය්‍ර්‍ය සත්‍යය නොදැනීම) දුරුවේද? විද්‍යාව (අර්හත් මාර්‍ග ඥානය) උපදීද?´´

3. ´´මහණ, ඇස අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. රූපයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. චක්ඛු විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. චක්ඛු සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි.

4. ´´මහණ, කණ අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ශබ්දයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. සෝත විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. සෝත සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි.

5. ´´මහණ, නාසය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ගන්‍ධයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ඝාණ විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ඝාණ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි.

6. ´´මහණ, දිව අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. රසයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ජිව්හා විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ජිව්හා සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි.

7. ´´මහණ, කය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ස්පර්‍ශයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. කාය විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. කාය සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි.

8. ´´මහණ, සිත අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ධර්‍මයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මනෝ විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මනෝ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදීය´´ යි වදාළ සේක.

_______________