මිශ්‍ර කථා

1 එකල්හි වනාහි සවග භික්‍ෂුහු රෙදි වනන තැනට ගොස් රෙදි පොට්ටනියක් සොරකම් කළාහුය.භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂා පදයක් නියම කරන ලදී. කිමෙක්ද ,මම පාරාජිකා ඇවැතට පැමිනියෙම්දැයි , සැකයක් ඇති විය.භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළාහුය., මහණෙනි, තෙපි පාරාජිකා ඇවැතට පැමිණියාහුය.,

2 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් රෙදි වනන තැනට ගොස් වටිනා වස්ත්‍රයක් දැක සොරසිත ඉපදවූයේය. ඔහුට සැකයක් පහළ විය ., කිමෙක්ද මම පාරාජිකා ඇවැතට අසුවූයේදැයි, කියායි. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළේය.,මහණ, සිත ඇතිවු පමණින් ඇවැත් නොවේ ,

3 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් රෙදි වනන තැනට ගොස් මහත් වටිනා වස්ත්‍රයක් දැක අතින් ඇල්ලු වේය . ඔහුට සැකයක් පහළ විය ., කිමෙක්ද? මම පාරාජිකා ඇවැතට අසුවූයේදැයි , කියායි., මහණ, පාරාජිකා ඇවැත් නොවේ දුකුලා ඇවැත් වේ ,

4 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් රෙදි වනන තැනට පැමිණ වටිනා වස්ත්‍රයක් දැක සොර සිතින් සෙලවීය . ඔහුට සැකයක් පහළ විය ., කිමෙක්ද මම පාරාජිකා ඇවැතට අසුවූයේදැයි , කියායි., මහණ, පාරාජිකා ඇවැත් නොවේ ථුලසි ඇවැත් වේ ,

5 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් රෙදි වනන තැනට පැමිණ වටිනා වස්ත්‍රයක් දැක සොර සිතින් තිබූ තැනින් ඈත් කෙළේය . ඔහුට සැකයක් පහළ විය ., මහණ, ඔබ පාරාජිකා ඇවැතටඅසුවුයෙහිය. ,

6 එකල්හි වනාහි එක්තරා පිණ්ඩපාතයෙහි වඩින භික්‍ෂුවක් මහත් උතුරු සළුවක් දැක සොරසිත ඉපදවීය. සොර සිතින් ඇල්ලුවේය. සොරසිතින් සෙලවුයේය. සොර සිතින් තැනින් ඉවත් කෙළේය. ඔහුට සැකයක් විය ., මහණ, ඔබ පාරාජිකා ඇවැතට අසුවූයෙහිය.,

7 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් දවල් බඩුවක් දැක රාත්‍රී යෙහි සොරකම් කරන්නෙමියි සිහිතබා ගත්තේය. හෙතෙම එය සිතමින් එය සොරෙන් ගත්තේය. එය යයි සිතමින් අනිකක් ගත්තේය. අනිකක්ය සිතා එය ගත්තේය. අනිකක්ය සිතා අනිකක් ගත්තේය. ඔහුට සැකයක් පහළවිය. , මහණ, ඔබ පාරාජිකා ඇවැතට පැමිණියෙහිය,

8 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් බඩුවක් රාත්‍රීයෙහි සොරකම් කරන්නෙමියි දවල් සලකුණක් කර ගියේය. හෙතෙම එයය යන අදහසින් තමන්ගේ බඩුවක් සොරකම් කළේය. ඔහුට සැක පහළවිය , මහණ, පාරාජිකාවට නො පැමිණියෙහිය දුකුලා ඇවැත් වේ.,

9 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් බඩුවක් ගෙන යන්නාවූ අනිකෙකුගේ හිසෙහි වු බර සොර සිතින් ඇල්ලුවේය. සොර සිතින් සෙලවුයේය.සොර සිතින් කරෙහි තැබුයේය.කරෙහි වු බර සොර සිතින් ඇල්වීය.සොර සිතින් සෙලවුයේය.සොර සිතින් උකුලට ගත්තේය. උකුලෙහි බර අතින් ඇල්ලුවේය.සොර සිතින් සෙලවුයේය.සොර සිතින් අතින් අල්වා ගත්තේය.අතෙහි වු බර සොර සිතින් බිම තැබුවේය.සොර සිතින් බිමෙන් අරගත්තේය. ඔහුට සැකයක් පහළ විය. , මහණ, ඔබ පාරාජිකා ඇවැතට පැමිණියෙහිය,.

10 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් අවකාශ ස්ථානයෙහි සිවුරක් එලා විහාරයට ඇතුල් වූයේය.අනික් භික්‍ෂුනමක් මේ සිවුර නැති නොවේවායි ඇකුලුවේය. හෙතෙම පිටවී අවුත් ,ඇවැත්නි, මගේ සිවුර කවුරුන් විසින් සොරකම් කළේදැයි, ඒ භික්‍ෂුවගෙන් ඇසීය. හෙතෙම ,මා විසින් ගෙනෙන ලදැයි, කීයේය., ඔබ ශ්‍රමණයෙක් නොවේයයි , කියා එය ගත්තේය. ඔහුට සැකයක් පහළවිය. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකෙළේය. , මහණ, ඔබ කිනම් සිතක් ඇත්තෙහිද? , , භාග්‍යවතුන් වහන්ස, මම ව්‍යවහාර මාත්‍රයක් ඇත්තෙමියි,, මහණ, කථා ව්‍යවාහාරය ලෙසට ඇවැත් නැතයි , වදාළසේක.

11 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් පුටුවක සිවුරක් දමා, පුටුවක හිඳගන්නා පිරිකරදමා, පුටුවක් උඩ පාත්‍රය දමා විහාරයට ඇතුල් විය. අනික් භික්‍ෂුවක් මේ පාත්‍රය නොනසීවායි තැන්පත් කෙළේය.හෙතෙම නික්මී අවුත් , ඇවැත්නි, මගේ පාත්‍රය ගත්තෙහිදැයි , ඒ භික්‍ෂුවගෙන් ඇසීය. හෙතෙම , මා විසින් ගෙන තබන ලදියි, කීවේය.හෙතෙම , ඔබ ශ්‍රමණයෙක් නොවෙහියයි , ගත්තේය. ඔහුට සැකයක් විය. ,මහණ, කථාවේ හැටියට ඇවැත් නොවේ. ,

12 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුණියක් වැටක සිවුරක් වනා විහාරයට ඇතුල් විය. එක්තරා භික්‍ෂුණියක් මේ සිවුර නැති නොවේවායි අකුලා කැබුවාය. ඕ තොමෝ නික්මී ඒ භික්‍ෂුණිය ගෙන් , ආය්‍ර්‍යාවෙනි, මාගේ සිවුර කවරෙකු විසින් ගත්තේදැයි, ඇසීය.ඕ තොමෝ , මා විසින් ගන්නා ලදැයි, කීවාය., ඔබ භික්‍ෂුණියක් නොවෙහියයි , කියා එය ගත්තීය. ඈට සැකයක් විය. ඉක්බිති භික්‍ෂුණීහු භික්‍ෂුන්ට මේ කාරණය කීවාහුය. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුන්ට කථා කළසේක , මහණ, කථාවේ හැටියට ඇවැත් නොවේ ,

13 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් සුළි හුළඟකින් උඩට ඔසවන ලද සළුවක් අයිති කරුවන්ට දෙන්නෙමියි අල්වා ගත්තේය. අයිතිකරුවා , ඔබ ශ්‍රමණයෙක් නොවෙහි යයි , ඒ භික්‍ෂූවට චෝදනා කළාහුය.ඔහුට සැකයක් පහළ විය., මහණ, ඔබ කිනම් සිතක් ඇත්තෙහිදැයි , ඇසීය., භග්‍යවතුන් වහන්ස මම සොර සිත් නැත්තෙමියි ,කීයේය., සොර සිත් නැත්තාහට ඇවැත් නැත.,

14 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් සුළි හුළඟකින් ඔසවන ලද හිස් වෙළුමක් පෙර හිමියෝ දකිත්යයි සොර සිතින් අල්වා ගත්තේය. ස්වාමීහු , ඔබ ශ්‍රමණයෙක් නොවේි යයි, ඒ භික්‍ෂූවට චෝදනා කෙළේය. ඔහුට සැකයක් විය., මහණ, ඔබ පාරාජිකා වුයෙහියයි , වදාළසේක.

15 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් සොහොනට ගොස් සම නො සිඳුන ශරීරයක තිබුන පාංශකූල වස්ත්‍රය ගත්තේය ඒ ශරීරයෙහි ප්‍රේතයෙක් අධිගෘහිත වුයේ වේ. ඉක්බිති ඒ ප්‍රෙත තෙමේ ඒ භික්‍ෂුවට ,ස්වාමිනි, මගේ වස්ත්‍රය නොගන්නැයි, කීවේය. ඒ මහණ තෙම නොගෙන ගියේය. ඉක්බිති ඒ ශරීරය නැඟිට ඒ භික්‍ෂුව පසු පසුපස ගියේය. ඉක්බිති ඒ භික්‍ෂුව විහාරයට ඇතුල් වී දොර වසා ගත්තේය. ඉක්බිති ඒ ශරීරය එහිම වැටුනේය. ඔහුට සැකයක් ඇති විය.,මහණ, පාරාජිකාඇවැත නොවේ. මහණෙනි, සම නො සිඳුන ශරීරය වැසූ වස්ත්‍රය නොගත යුතුයි.යමෙක් ගන්නේ නම් දුකුලා ඇවැත් වේ.,

16 එක් කාලයක එක්තරා භික්‍ෂුවක් සංඝයාගේ සිවුරු බෙදන කල්හි සොර සිතින් සීට්ටුවක් පෙරලා සිවුරක් ගත්තේය. ඔහුට සැකයක් විය., මහණ, ඔබ පාරාජිකා ඇවැතට පැමිණියෙහිය.,

17 එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්‍ද තෙමේ ගිනි තපින ගෙයි එක්තරා භික්‍ෂුවකගේ තනිපටසිවුරක් තමාගේ යයි හඟිමින් හැඳගත්තේය. ඉකබිති ඒ මහණ තෙම ආයුෂ්මත්ආනන්‍දට , ඇවැත්නි, ආනන්‍දය,කුමක් හෙයින් මාගේ තනිපට සිවුරහැන්දෙහිදැයි, ඇසීය. , ඇවැත්නි, මගේයයි කියා සිතුවෙමි, භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළාහුය. , මහණෙනි, තමාගේය යන හැඟිම ඇත්තාට ඇවැත් නොවේ.,

18 එකල්හි වනාහි බොහෝ භික්‍ෂුහු ගිජ්ඣකූට පර්‍වතයෙන් බසින්නාහු සිංහයෙකු විසින් මරණලද මසක් දැක, පිස කෑවාහ. ඔවුන්ට සැකයක් ඇතිවිය. , මහණෙනි, සිංහයන් මැරූ මසෙහි ඇවැත් නැත. ,

19 එකල්හි වනාහි බොහෝ භික්‍ෂුහු ගිජ්ඣකූට පර්‍වතයෙන් බසින්නාහු ව්‍යාඝ්‍රයෙකු විසින් මරණලද මසක් දැක, කොටියෙකු මැරූ මසක් දැක, වලසකු මැරූ මසක් දැක, වෘකයෙකු මැරූ මසක් දැක පිස කෑවාහ.ඔවුන්ට සැකයක් ඇතිවිය. ,මහණෙනි, තිරිසනුන්ට අයත් දෙය ගැන ඇවැත් නැත. ,

20 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් සංඝයාට දානය බෙදන කල්හි අනිකෙකුගේ කොටසක් දෙවයි වඤ්චාකොට ගත්තේය. ඔහුට සැකයක් විය., මහණ,පාරාජිකා නොවේ.දැන දැන බොරු කීමෙහි පචිති ඇවැත වේ.,

21 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් සංඝයාට කැවිලි බෙදන කල්හි, කැවුම් බෙදන කල්හි, උක් බෙදන කල්හි, අනිකෙකුට කොටසක් දෙවයි බොරුවට ගත්තේය. ඔහුට සැකයක් ඇතිවිය., මහණ,පාරාජිකා නොවේ.දැන දැ බොරු කීමෙහි පචිති ඇවැත වේ.,

22 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් දුර්භික්‍ෂයෙහි බත් විකුණන තැනට ගොස් පාත්‍රය පුරා බත් සොරා ගත්තේය.ඔහුට සැකයක් ඇති විය., මහණ, ඔබ පාරාජිකා වුයෙහියි.,

23 එකල්හි වනාහි දුර්භික්‍ෂයෙහි එක්තරා භික්‍ෂුවක් මස් පිස විකුණන තැනට ගොස් පාත්‍රය පුරා මස් සොරකම් කරගෙන ගියේය. ඔහුට සැකයක් ඇති විය., මහණ, ඔබ පාරාජිකා ඇවැතට අසු වුයෙහයි.,

24 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් දුර්භික්‍ෂ කාලයෙහි කැවිලි විකුණන තැනට ගොස් පාත්‍රය පුරා සොර සිතින් කැවිලි ගත්තේය. පාත්‍රය පුරා සොර සිතින් හකුරු ගෙතාවේය. පාත්‍රය පුරා අග්ගලා සොර සිතින් ගෙනාවේය.ඔහුට සැකයක් පහළ විය.,මහණ, ඔබ පාරාජිකා ඇවැතට පැමිණියෙහිය.,

25 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් දවල් පිරිකරක් දැක රාත්‍රියෙහි සොරකම් කරන්නෙමියි. සලකුණක් කෙළේය.හෙතෙම එය සිහිකරමින් එය ගත්තේය.එය හඟිමින් අනිකක් සොරකම් කෙළේය. අනිකක් සිතමින් එය ගත්තේය. අනිකක් සිතමින් අනිකක් ගත්තේය. ඔහුට සැකයක් පහවිය. , මහණ, ඔබ පාරාජිකා ඇවැතට පැමිණියෙහිය. ,

26 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් දවල් පිරිකරක් දැක රාත්‍රියෙහි සොරකම් කරන්නමෙියි සළකුණක් කළේය. හෙතෙම එයයි හිතන්නේ තමාගේ පිරිකර ගත්තේය.ඔහුට සැකයක් පහළවිය., මහණ පාරාජිකා ඇවැත් නොවේ දුකුලාඇවැත් වේ.,

27 එකල්හි එක්තරා භික්‍ෂූවක් පුටුවෙහි පසුම්බියක් දැක මෙය ගත්තොත් පාරාජිකා වේයයි සිතා පුටුවත් සමඟ මාරු කොට ගත්තේය.ඔහුට සැකයක් පහළවිය. ,මහණ,ඔබ පාරාජිකා ඇවැතට අසුවූයෙහිය.,

28 , එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් සංඝයාගේ බුදිරියක් සොර සිතින් ගත්තේය. ඔහුට සැකයක් ඇතිවිය. , මහණ ඔබ පාරාජිකා වුවෙහිය.,

29 , එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් සිවුරු දණ්ඩෙහි සිවුරක් සොර සිතින් ගත්තේය. ඔහුට සැකයක් ඇතිවිය. , මහණ ඔබ පාරාජිකා වුවෙහිය.,

30 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් විහාරයෙහි සිවුරක් සොරකම් කොට මෙයින් නික්මෙන්නේ පාරාජිකා වේයයි විහාරයෙන් නො නික්මුනේය භාග්‍යවතුන් වහන්සේටමේ කාරණය සැළකළාහුය., මහණෙනි, ඒ හිස් පුරුෂයා නික්මෙන්නේ හෝ නොනික්මෙන්නේ හෝ පාරාජිකා ඇවැත වේ. ,

31 එකල්හි වනාහි භික්‍ෂුන් දෙනමක් යහළුවො වෙත්. එක් භික්‍ෂුවක් ගමට පිඬු පිණිස නික්මුනේය.දෙවැනි භික්‍ෂුව සංඝයාට කැවිලි බෙදන කල්හි යහළුවාගේ කොටස ගෙන ඔහු විශ්වාස කරන්නේ අනුභව කෙළේය. හෙතෙම දැන ඔහුට ,ඔබ ශ්‍රමණයෙක් නොවෙයි, ,චෝදනා කෙළේය. ඔහුට සැකයක් විය.භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකෙළේය. ,මහණ ඔබ කිනම් සිතක් ඇත්තෙහිද?, ,භාග්‍යවතුන් වහන්ස, මම විශ්වාසයෙන් ගත්තෙමි, ,මහණ. විශ්වාසයෙන් ගැනීමෙහි ඇවත් නැත.

32 එකල්හි වනාහි බොහෝ භික්‍ෂුහු සිවුරු වැඩ කරත්. සංඝයාට කෑ යුතු දේ බෙදන කල්හි සියල්ලන්ගේ කොටස් තැබුවාහු වෙත්. අන්‍යවු භික්‍ෂුවක් එක්තරා භික්‍ෂූවකගේ කොටස තමන්ගේය කියා සිතමින් අනුභව කෙළේය, හෙතෙම දැන ශ්‍රමණයෙක් නොවේයයි චෝදනා කෙළේය. ඔහුට සැකයක් පහළවිය. භාග්‍යවතුන්හක්සේට මෙය සැළ කළේය. , මහණ, ඔබ කිනම් සිතක් ඇත්තේහිදැයි, ඇසීය. ,භාග්‍යවතුන් වහන්ස මම මගේය යන හැඟිම ඇත්තෙමියයි, , තමන්ගේය යන හැඟිම ඇත්තාට ඇවැත් නැත.,

33 එකල්හි වනාහි බොහෝ භික්‍ෂුහු සිවුරු වැඩ කරත්. සංඝයාට කැවිලි බෙදන කල්හි එක්තරා භික්‍ෂුවක් පාත්‍රයෙන් අනික් භික්‍ෂුවකගේ කොටසක් ගෙන තැබුයේ වේ. පාත්‍රය අයිති භික්‍ෂුව තමාගේයයි සිතමින් අනුභව කෙළේය, හෙතෙම දැන ශ්‍රමණයෙක් නොවේයයි ඔහුට අවමන් කෙළේය. ඔහුට සැකයක් පහළවිය. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකළේය. ,මහණ ඔබ කිනම් සිතක් ඇත්තේහිදැයි, ., ,භාග්‍යවතුන් වහන්ස මම මගේය යන හැඟිම ඇත්තෙමියයි, කීයේය., මහණ, තමාගේය යන සැක ඇත්තාට ඇවැත් නොවේ.,

34 එකල්හි වනාහි අඹසොරු අඹ නෙලා පොට්ටනියක් බැඳ රැගෙන ගියාහුය. හිමිවරු ඒ සොරුන් ලුහුබැන්දාහුය. සොරු අයිතිකරුවන් දැක පොදිය හෙළා ගියාහුය. භික්‍ෂුහු පාංශකූල සංඥායෙන් පිළිගෙන වැළඳුවාහුය.අයිතිකරුවෝ ඒ භික්‍ෂුන්ට , තෙපි ශ්‍රමණයෝ නොවෙත් යයි, චෝදනා කළාහුය. ඔවුන්ට සැකයක් පහළවිය. භාග්‍යවතුන් වහන්සේට මේකාරණය සැළ කළාහුය. , මහණෙනි තෙපි කිනම් සිතක් ඇත්තාහුද? , ,භාග්‍යවතුන් වහන්ස, අපි පාංශකූල හැඟිම ඇත්තෝ වෙමු, ,මහණෙනි,පාංශකූලය යන හැඟීම ඇත්තාහට ඇවැත් නොවේ.,

35 එකල්හි වනාහි ජම්බු සොරු,රටදෙල් සොරු, කොස් සොරු, තල්ගෙඩි සොරු, උක් සොරු, තඹිරි සොරු, තිඹිරි කඩා පොදියක් බැඳ ( මෙහි ජම්බු කඩාආදී වශයෙන් යොදන්න.) අයිතිනරුවෝ ඒ සොරු ලුහුබැඳ ගියාහුය. සොරු ස්වාමිවරු දැක බඩු පොදිය හෙළා ගියාහුය. භික්‍ෂුහු පාංශකූල සංඥාවෙන් පිළිගන්වා වැළඳුවාහුය.අයිතිකරුවෝ ඒ භික්‍ෂුන්ට , තෙපි ශ්‍රමණයෝ නොවත්නහු, යයි චෝදනා කළාහුය. ඔවුන්ට සැකයක් වූයේය, , මහණෙනි , පාංශකූ සංඥාවෙන් ගන්නාහට ඇවැත් නොවේ.,

36 එකල්හි වනාහි අඹ සොරු අඹ නෙලා පොට්ටනියක් බැඳ ගෙන ගියාහුය. ස්වාමිවරු ඒ සොරු ලුහුබැඳ ගියාහුය , සොරු අයිතිකරුවන් දැක පොදිය හෙළා ගියාහුය. භික්‍ෂුහු අභිමුඛයෙහි අයිතිකරුවන් දකිත්යයි සොරසිතින් අනුභව කළාහුය. අයිතිකරුවන් ඒ භික්‍ෂුන්ට , තෙපි ශ්‍රමණයෝ නොවෙත් යයි, චෝදනා කළාහුය. ඔවුන්ට සැකයක් ඇතිවිය., මහණෙනි, තොපි පාරාජිකා ඇවැතට පැමිණියාහුය.,

37 එකල්හි වනාහි ( මෙහි 35 වෙනිඡෙදයේ පාංශකූල සංඥාවෙන්. යන්නට . සොර සිතින් . කියාද .පාංශකූල හැඟීම ඇත්තාට ඇවැත් නොවේ. යන්නට, මහණෙනි, තෙපි පාරාජිකා ඇවැතට පත්වූහයි. කියාද වෙනස් කළයුතු)

38 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් සංඝයාගේ අඹ සොර සිතින් ගත්තේය. සංඝයාගේ ජම්බු, සංඝයාගේ රටදෙල්, සංඝයාගේ කොස්, සංඝයාගේ තල් ගෙඩි, සංඝයාගේ උක්, සංඝයාගේ තිඹිරි, සොර සිතින් ගත්තේය. ඔහුට සැකයක් පහළවිය. ,මහණ ඔබ පාරාජිකා ඇවැතට පත්වූයෙහි,

39 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් මල් වත්තට ගොස් මසු පසක් වටිනා කඩන ලද මලක් සොර සිතින් පැහැර ගත්තේය.ඔහුට සැකයක් පහළවිය., මහණ, ඔබ පාරාජිකා වුයෙහිය ,

40 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් ( මෙහි 39 යේ ,කඩන ලද මලක්, යන්නට , මලක් කඩා , කියා වෙස්කර යොදා ගත යුතු.)

41 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවුක් ගමට යන්නේ අන්‍යවු භික්‍ෂුවකට ,ඇවැත්නි, තොපගේ උපස්ථායක කුලයට ගොස් ඔබ කීවාසේ කියන්නෙමියි , කීයේය.හෙතෙම ගොස් එක් සළුවක් ගෙන්වා ගෙන තමන් වැළඳගත්තේය.( දැන ඔහුට ඔබ ශ්‍රමණයෙක් නොවෙහියයි චෝදනා කෙළේය. ඔහුට සැකයක් පහළවිය. ,මහණ, පාරාජිකා නොවූයෙහිය. , ,මහණෙනි, ඔබ කීවාසේ කියන්නෙමියි , නොකිවයුතුය. යමෙක් කියා නම් දුකුලා ඇවැත්වේ. ,

42 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් ගමට යයි. අනික් භික්‍ෂුවක් ඒ භික්‍ෂූවට ,ඇවැත්නි, මාගේ උපස්ථායක කුලයට මා විසින් කියනලද්දේයයි යනු මැනවැයි , කීවේය.හෙතෙම ගොස් සළු දකෙක් ගෙන්වා එකක් තමා විසින් පාවිච්චි කළේය. එකක් ඒ භික්‍ෂුවට දුන්නේය. හෙතෙම දැන ඔහුට, ඔබ ශ්‍රමණයෙක් නොවෙහි,යි චෝදනා කෙළේය. ඔහුට කුකුසක් විය. ,මහණ, පාරාජිකා ඇවැත් නොවේ. , ,මහණෙනි, කියනලද්දේ යයි නොකිවයුතුය. යමෙක් කියා නම් දුකුලා ඇවැත්වේ.,

43 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් ගමට යන්නේ.එක්තරා භික්‍ෂුවකට,ඇවැත්නි, තොපගේ උපස්ථායක කුලයට ගොස් ඔබ විසින් කියනලද්දේ යයි කියමියි , කීයේය. හෙතෙමේද , මා විසින් කියන ලද්දේ යයි කියනු මැනවයි, කීයේය.හෙතෙම ගොස් ලාහක් පමණ ගිතෙල්ද, තලගුලිද, සහල්ද, ගෙන්වා ගෙන තමන් අනුභව කළේය. හෙතෙම දැන ඔහුට, ඔබ ශ්‍රමණයෙක් නොවෙහියයි, චෝදනා කෙළේය. ඔහුට සැකයක් ඇති විය. ,මහණ, පාරාජිකා ඇවැත් නොවේ. , ,මහණෙනි,යමෙකු විසින් කියන ලද්දේයයි නො කිවයුතුය. යමෙක් කියා නම් දුකුලා ඇවැත්වේ.

44 එකල්හි වනාහි එක්තරා පුරුෂයෙක් වටිනා මැණිකක් රැගෙන එක්තරා භික්‍ෂුවක් සමඟ මහ මාර්‍ගයට බැස්සේ වේ.ඉක්බිති ඒ පුරුෂතෙම බදු අයකරන තැන දැක ඒ භික්‍ෂුව නො දැනුවත්වම පසුම්බියේ මැණිකක් දමා බදු අයකරන තැන ඉක්මවා ගොස් ගත්තේය.ඔහුට සැකයක් පහළවිය , මහණ,ඔබට කිනම් සිතක් ඇතිවූ යෙහිදැයි ,ඇසීය. ,භාග්‍යවතුන්වහන්ස,මම නො දන්නෙමියි,පිළිතුරු දුන්නේය.,මහණ, නො දන්නාහට ඇවැත් නැත.
( පෙළ හා සසඳන්න.

45 එකල්හි වනාහි එක්තරා පුරුෂයෙක් වටිනා මැණිකක් ගෙන එක්තරා මහණෙකු සමඟ මහා මාර්‍ගයට බැස්සේවේ.ඉක්බිති ඒ පුරුෂ තෙම බදු ගෙවන තැන් දැක ලෙඩවූ බවක් අඟවා තමාගේ බඩු ඒ භික්‍ෂුවටදුන්නේය.ඉක්බිති ඒ පුරුෂ තෙම බදු අය කරන තැන ඉක්මවා ඒ භික්‍ෂූවට , ස්වාමීනි, මට අසනීපයක් නැත, මගේ බඩු පොදිය දෙනුමැනවයි, කීයේය. ,ඇවැත්නි, තෙපි කුමක් හෙයින් මෙබන්දක් කෙළෙහිදැයි, ඇසීය.ඉක්බිති ඒ පුරුෂතෙම ඒ භික්‍ෂුවට මේ කාරණය සැළ කළේය.ඔහුට සැකයක් පහළවිය., මහණ, නොදන්කාහට ඇවැත් නැතයි , කීවේය.

46 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් වෙළඳ සමුහයක් සමග මහා මාර්‍ගයට බැස්සේ වේ. එක්තරා පුරුෂයෙක් ඒ භික්‍ෂුවට කෑම් බීම්වලින් සංග්‍රහ කොට බදු ගන්නා තැන දැක වටිනා මැණිකක් ඒ භික්‍ෂුවට දුන්නේය., ස්වාමීනි, මේ මැණික ඛදු අයකරන තැනින් ඉක්මවනු මැනවයි, කියායි. ඉක්බිති ඒ මහණ තෙම ඒ මැණික බදු ගන්නා තැන ඉක්කමවුයේය. ඔහුට සැක විය., මහණ, ඔබ පාරාජිකා වූවෙහිය.,

47 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් තොන්ඩුවක අසුවූ ඌරකු කලින් අයිති කරුවෝ දකිත්යයි කරුණා සිතින් මුදා හැරියේය.ඔහුට සැකයක් ඇතිවිය , , මහණ, පාරාජිකා වූයෙහිය.,

48 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් තොන්ඩුවක බැඳුනු මුවෙකු කරුණාවෙන් මුදා හැරියේය.ඔහුට සැකයක් ඇතිවිය,, මහණ, ඔබ පාරාජිකා ඇවැතට අසුවූයෙහිය.,

49 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් තොන්ඩුවෙහි බැඳුන මුවෙකු .පූර්‍වයෙහි අයිතිකරුවෝ දකිත්වායි.සොරසිතින් මුදා හැරියේය. ඔහුට සැකයක් විය. , මහණ, ඔබ පාරාජිකා ඇවැතට අසුවූයෙහිය.,කෙමනෙහි බැඳුන මසුන් පෙර අයිතිකරුවෝ දකිත්වායි කරුණාවෙන් මුදා හැරියේය. ඔහුට සැකයක් පහළ විය., මහණ, ඔබ පාරාජිකා ඇවැතට අසුවූයෙහිය.,

50 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් රථයෙක්හි බඩුවක් දැක මෙයින් ගන්නේ පාරාජිකා වන්නෙමියි තැන වෙනස් කොට පෙරලා දමාගත්තේය. ඔහුට සැකයක් ඇතිවිය. , මහණ, ඔබ පාරාජිකා වූයෙහියයි, වදාළසේක.

51 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් උකුස්සෙකු විසින් ඔසවා ගත් මස් වැදැල්ලක් අයිතිකරුවන්ට දෙන්නෙමියි අල්වා ගත්තේය. හිමියෝ ඒ භික්‍ෂුවට , ඔබ ශ්‍රමණයෙක් නොවෙහියි, චොදනා කළාහුය.ඔහුට සැකයක් ඇතිවිය., මහණෙනි, සොර සිතක් නැත්තාහට ඇවැත් නැත.,

52 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් උකුස්සෙකු විසින් ඔසවන ලද මස් වැදැල්ලක් පෙර අයිතිකරුවෝ දකිත්යයි සොර සිතින් ගත්තේය. අයිතිකරුවෝ ඒ භික්‍ෂුවට , ඔබ ශ්‍රමණයෙක් නොවෙහියි, චොදනා කළාහුය. ඔහුට සැකයක් ඇතිවිය.,මහණ,ඔබ පාරාජිකා වූවෙහිය.,

53 එකල්හි වනාහි මනුෂ්‍යයෝ පහුරක් බැඳ අචිරවතී ගඟෙන් එගොඩ වෙති. බැම්ම සිඳුන කල්හි ලී විසුරුනාහුය. භික්‍ෂුහු පාංශකූල සංඥාවෙන් එගොඩට ගත්හ. අයිතිකරුවෝ ඒ භික්‍ෂුන්ට තෙපි පැවිද්දෝ නොවවුහයි චොදනා කළාහුය.ඔවුන්ට සැකයක් ඇති විය. ,මහණෙනි, පාංශකූල සංඥා ඇත්තාහට ඇවැත් නැත.,

54 එකල්හි මනුෂ්‍යයෝ පහුරක් බැඳ අචිරවතී ගඟෙන් එතෙර වෙති. බැමි කැඩුන කල්හි ලී විසුරුනාහුය.භික්‍ෂුහු පෙර හිමියෝ දකිත්යයි සොර සිත් ඇත්තාහු එගොඩට ගත්හ. අයිතිකරුවෝ ඒ භික්‍ෂුන්ට ,තෙපි ශ්‍රමණයෝ නොවවුහයි චොදනා කළාහුය.ඔවුන්ට සැකයක් පහළ විය. , මහණෙනි, තෙපි පාරාජිකා ඇවැතට පැමිණියාහුය.,

55 එකල්හි වනාහි ගොපල්ලෙක් ගසෙක්හි සළුවක් එල්ලා මළ පහ කරන්ට ගියේය.එක්තරා භික්‍ෂුවක් පාංශකූල සංඥාවෙන් ගත්තේය.ඉකබිති ඒ ගව පාලක තෙමේ .ඔබ ශ්‍රමණයෙක් නොවෙහියයි. චොදනා කළාහුය.ඔහුට සැකයක් පහළවිය., මහණ, පාංශකූල සංඥා ඇත්තාහට ඇවැත් නොවේ.,

56 එකල්හි වනාහි ගඟකින් එගොඩ වෙන එක්තරා භික්‍ෂූවකගේ කකුලෙහි රදවුන්ගේ අතින් මිදුන සළුවක් පැටලැවුනේ වේ. ඒ මහණතෙමේ අයිතිකරුවන්ට දෙමියි යන සිතින් ගත්තේය. අයිතිකරුවෝ ඔබ ශ්‍රමණයෙක් නො වෙහියයි ඒ භික්‍ෂුවට චොදනා කළාහුය. ඔහුට සැකයක් විය., මහණ, සොර සිතක් නැත්තාහට ඇවැත් නැත.,

57 එකල්හි වනාහි ගඟකින් එගොඩ වෙන එක්තරා භික්‍ෂූවකගේ කකුලෙහි රදවුන්ගේ අතින් මිදී ගිය වස්ත්‍රයක් පැටලැවුනේ වේ. ඒ මහණ තෙමේ පෙර අයිතිකරුවෝ දකිත්යයි සොර සිතින් අල්වා ගත්තේය. අයිතිකරුවෝ . ඔබ ශ්‍රමණයෙක් නො වෙහි . යයි චොදනා කළාහුය. ඔහුට සැකයක් පහළ විය., මහණ, ඔබ පාරාජිකා ඇවැතට පැමිණියෙහිය,

58 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් ගිතෙල් කළයක් දැක ටික ටික පානය කළේය.ඔහුට සැකයක් ඇති විය., මහණ, පාරාජිකා නොවේ. දුකුලා ඇවැත් වේ.,

59 එකල්හි වනාහි බොහෝ භික්‍ෂූහු බඩුවක් සොරකම් කරන්නෙමියි නිශ්චය කොට ගියාහුය. එක් නමක් බඩුව සොරකම් කෙළේය. ඔව්හු , අපි පාරාජිකාවූවෝ නොවෙමු. යමෙක් සොරකම් කෙළේද හෙතෙම පාරාජිකා වූයේයයි, කීවාහුය.භාග්‍යවතුන්වන්සේට මේ කාරණය සැළ කළාහුය., මහණෙනි, තෙපි පාරාජිකාවූවහුය.,

60 එකල්හි වනාහි බොහෝ භික්‍ෂුහු භික්‍ෂුවකට නියම කොට බඩුවක් සොරකම් කොට බෙදුවාහුය. ඔවුන් විසින් බෙදනු ලබන කල්හි එක් කොටසකට මසු පසක් සම්පුර්‍ණ විය.ඔව්හු මෙසේ කීවාහුය. ,අපි පාරාජිකා නො වීමු, කියායි. භාග්‍යවතුන්වහන්සේට මේ කාරණය සැළ කළාහුය., මහණෙනි, තෙපි පාරාජිකා වූවහුය.,

61 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් සැවත් නුවර දුර්භික්‍ෂයකදී වෙළෙන්දෙකුගේ සහල් මිටක් සොරසිතින් ගත්තේය. ඔහුට සැකයක් පහළ විය.,මහණ, ඔබ පාරාජිකා ඇවැතට පැමිණියෙහිය,

62 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් සැවත් නුවර දුර්භික්‍ෂයකදී වෙළෙන්දෙකුගේ මුං මිටක්, මෑ මිටක්, තල මිටක්, සොරසිත් ඇත්තේ් සොරකම් කෙළේය . ඔහුට සැකයක් පහළ විය.,මහණ, ඔබ පාරාජිකා වූවෙහිය.,

63 එකල්හි වනාහි සැවැත් නුවර අත්‍ධ වනෙහි සොරු දෙනෙකු මරා මස් කා ඉතිරි හරිය සඟවා ගියාහුය.භික්‍ෂුහු පාංශකූල සංඥාවෙන් ගෙන්වාගෙන වැළඳුහ.සොරු , තෙපි පැවිද්දෝ නොවහුයයි, චෝදනා කළාහුය.ඔවුන්ට සැකයක් ඇති විය.,මහණෙනි පාංශුකූල සංඥාව ඇත්තාහට ඇවැත් නෙවේ.,

64 ( මෙහි 63 ඡේදයේ . දෙනෙකු. යන්නට.ඌරෙකු . කියා වෙනස්කර යොදා ගත යුතුය.)

65 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් තණකොළ වත්තට ගොස් කපන ලද මසු පසක් වටිනා තණ කොළ සොර සිතින් ගත්තේය.ඔහුට සැකයක් ඇති විය. , මහණ, ඔබ පාරාජිකා ඇවැතට පැමිණියෙහිය.,

66 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් තණ කොළ වත්තට ගොස් මසු පසක් වටිනා තණ කොළ කපා සොර සිතින් ගත්තේය.ඔහුට සැකයක් ඇති විය. , මහණ, ඔබ පාරාජිකා ඇවැතට පැමිණියෙහිය.,

67 එකල්හි වනාහි ආගන්තුන භික්‍ෂුහු සංඝයාගේ අඹ බෙදා අනුභව කළාහුය. ආවාසයෙහි වූ භික්‍ෂුහු ,තෙපි ශ්‍රමණයෝ නොවහුයයි, ඒ භික්‍ෂුන්ට චොදනා කළාහුය. ඔවුන්ට සැකයක් ඇති විය.,භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළාහුය., මහණෙනි, තෙපි කිනම් සිතක් ඇත්තහුදැයි,ඇසූසේක. , භාග්‍යවතුන් වහන්ස, අපි අනුභවය පිණිස ගත්තෙමු, ,මහණෙනි,අනුභවය පිණිස ගැනීමේදී ඇවැත් නැත.,

68 එකල්හි වනාහි ආගන්තුක භික්‍ෂූහූ සංඝයාගේ ජම්බු, සංඝයාගේ රට දෙල්, සංඝයාගේ කොස්, සංඝයාගේ තල් , සංඝයාගේ උක්, සංඝයාගේ තිඹිරි, බෙදා අනුභව කළාහුය. ආවාසයෙහි වූ භික්‍ෂුහු ඒ භික්‍ෂුන්ට ,තෙපි ශ්‍රමණයෝ නොවහුයයි, චොදනා කළාහුය. ඔවුන්ට සැකයක් විය., ,මහණෙනි,අනුභවයට ගැනීමේදී ඇවැත් නැත.,

69 එකල්හි වනාහි අඹ රකින්නෝ භික්‍ෂුන්ට අඹ ගෙඩි දෙත් (2) භික්‍ෂුූහු මේ අධිපතියෝ ආරක්‍ෂාකරන්ට සුදුස්සෝය. දෙන්ට නො සුදුස්සෝයයයි සැක කරමින් නො පිළිගනිත්. භාග්‍යවතුන්වහන්සේට මෙය සැළ කළාහුය.,මහණෙනි, රකින්නා දීමෙහි ඇවැත් නැත.,

70 එකල්හි වනාහි ජම්බු රකින්නෝ, රට දෙල් රකින්නෝ,කොස් රකින්නෝ ,තල් රකින්නෝ, උක් රකින්නෝ ,තිඹිරි රකින්නෝ, භික්‍ෂුන්ට ජම්බු, රට දෙල් ,කොස්, තල්, උක් තිඹිරිදෙත්.( මෙහි 69 ( 2 ) )

71 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් සංඝයාගේ ලී තාවකාලිකව රැගෙන තමන්ගේ කාමරයෙහි බිත්තියට තැබුවේය.භික්‍ෂුහු, ඔබ ශ්‍රමණයෙක් නොවෙහියයි , ඒ භික්‍ෂුවට චෝදනා කළාහුය.ඔහුට සැකයක් ඇති විය.භාග්‍යතුන් වහන්සේට මේ කාරණය සැළ කළේය.,මහණ, ඔබ කිනම් සිතක් ඇත්තේදැයි, ඇසීය., භාග්‍යවතුන් වහන්ස, මම තාවකාලික හැඟීම ඇත්තෙමි, , තාවකාලිකයෙහි ඇවැත් නැත,.

72 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් සංඝයාගේ ජලය සොර සිතින් ගත්තේය. සංඝයාගේ මැටි සොර සිතින් ගත්තේය. සංඝයාගේ රැස්කළ තණකොළ සොර සිතින් ගත්තේය. (2) ඔහුට සැකයක් පහළ විය., මහණ, ඔබ පාරාජිකා ඇවැතට පැමිණියෙහිය.,

73 එකල වනාහි එක්තරා භික්‍ෂුවක් සංඝයාගේ රැස්කළ තණකොළ සොර සිතින් දැවූයේය. ඔහුට සැකයක් ඇතිවිය.,මහණ, පාරාජිකා ඇවැත නොවේ දුකුලා ඇවැත් වේ.,

74 එකල වනාහි එක්තරා භික්‍ෂුවක් සංඝයාගේ ඇඳක් සොර සිතින් ගත්තේය. (මෙහි 72 (2´) )

75 එකල වනාහි එක්තරා භික්‍ෂුවක් සංඝයාගේ පුටුවක්, සංඝයාගේ ගුදිරියක්, සංඝයාගේ මෙට්ටයක්,සංඝයාගේ දොර පලුවක්, සංඝයාගේ ජනෙලයක්, සංඝයාගේ වක්වූ වහලේ ලීයක්, සොර සිත් ඇත්තේ ගත්තේය.( මෙහි 72 ( 2 ) )

76 එකල වනාහි භික්‍ෂුහු එක්තරා උපාසකයෙකුගේ විහාරයෙහි පාවිච්චියට තිබුනු සෙනසුනක් අන්තැනක තබා පාවිච්චි කරත්.ඉක්බිති ඒ උපාසක තෙමේ කෙසේ නම් පින්වතුන් වහන්සේලා අන් තැනෙක්හි පාවිච්චිය පිණිස වූවක් අන්තැනෙක පාවිච්චි කරත්දැයි බනීයි,දොස් කියයි,නොසතුටු බස් කියයි,භාග්‍යවතුන්වහන්සේට මේ කාරණය සැළ කළාහුය. ,මහණෙනි, අන් තැනෙක්හි පාවිච්චියට ගතයුතු දෙය අන් තැනකදී පාවිච්චි නො කළ යුතුය යමෙක් පාවිච්චි කෙළේ නම් දුකුලා ඇවැත් වේ ,.

77 එකල වනාහි භික්‍ෂුහු පොහොය ගෙයි වාඩි වෙන නිසීදනය ගෙන යන්නට සැක කරන්නාහු බිම හිඳිත්.අවයවද, සිවුරුද පස් තැවරුණාහු වෙත්.භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළාහුය.,මහණෙනි, තාවකාලිකව ගෙන යන්නට අවසර දෙමි,.

78 එකල වනාහි චම්පා නුවර ථුල්ල නන්දා භික්‍ෂුණියගේ අතවැසි භික්‍ෂුණිය ථුල්ල නන්දා භික්‍ෂණියගේ උපසථායක ගෙදරට ගොස් , අපේ ආය්‍යර්‍ාව තෙකටුල යාගුවක් බොන්නට කැමැතියයි, පිසවාගෙන ගොස් ඈ එය පාවිච්චි කළාය, ඕ තොමෝ දැන, ඔබ ශ්‍රමණියක් නොවෙහියයි , ඈට චෝදනා කළාය, ඇයට සැකයක් පහළ විය, ඉක්බිති ඒ භික්‍ෂුණිය භික්‍ෂුන්ට මේ කාරණය සැළ කළාය.භික්‍ෂුණීහු භික්‍ෂූන්ට සැළ කළාහුය.භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළාහුය., මහණෙනි, පාරාජිකා ඇවැත නොවේ දැන දැන බොරු කී බැවින් පචිති ඇවැත වේ.,

79 එකල වනාහි රජගහ නුවර ථුල්ල නන්දා භික්‍ෂුණියගේ අතවැසි භික්‍ෂුණියක් ථුල්ල නන්දා භික්‍ෂුණියගේ උපස්ථායක ගෙදරට ගොස් , අපේ ආය්‍ර්‍යව ඉතා රස කැවුමක් කන්නට කැමැතියයි, පිසවාගෙන විත් ඇය අනුභව කළාය. ඕ තෙමෝ දැන ඇයට , ඔබ ශ්‍රමණියක් නොවෙහියයි, චෝදනා කළාය. ඈට සැකයක් පහළ විය., මහණෙනි,පාරාජිකා ඇවැත නොවේ දැන දැන බොරු කීමෙහි පචිති ඇවැතවේ.,

80 එකල්හි වනාහි විශාලා නුවර ආයුෂ්මත් අජ්ජුකගේ උපස්ථායක වූ ගෘහපතියෙකුට දරුවන් දෙදෙනෙක් වෙත්. පුත්‍රයා ද, නැඟණිගේ පුත්‍රයාද යන දෙදෙනයි.ඉක්බිති ඒ ගෘහපති තෙම ආයුෂ්මත් අජ්ජුකට , මේ දරුවන් දෙදෙනා අතුරෙන් යමෙක් ශ්‍රද්ධාවත්ද, පැහැදුනේ වේද, ස්වාමීනි, මේ ඉඩම ඔහුටයයි කියවයි, කීයේය.එකල්හි වනාහි ඒ ගෘහපතිගේ නැඟණියගේ පුත්‍රයා ශ්‍රද්ධාවත් වේ. පැහැදුනේ වේ. ඉක්බිති ආයුෂ්මත් අජ්ජුක තෙමේ , ඒ ඉඩම ඒ දරුවන්ටයයි, කීයේය. හෙතෙම ඒ වස්තුවෙන් ගෘහ ජීවිතය පටන් ගත්තේය. දන් දීමටද පළියෙල කෙළේය. ඉක්බිති ඒ ගෘහපතියාගේ පුත්‍ර තෙමේ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට ,ස්වාමීනි, ආන්ද ස්ථවිරයන් වහන්ස, කිමෙක්ද, පියාගේ දායාදය පුතාද බෑනාදැයි , ඇසීය. ,ඇවැත්නි, පියාගේ දායාදය, පුතායයි, කීයේය., ස්වාමීනි, මේ ආය්‍ර්‍ය වු අජ්ජුක තෙමේ අපගේ වස්තුව අප දෙදෙනාගෙන් කෙනෙකුටයයි , කියයි. , ඇවැත් ආයුෂ්මත් අජ්ජුක තෙමේ ශ්‍රමණයෙක් නොවෙයි.ඉක්බිති ආයුෂ්මත් අජ්ජුක තෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට , ආයුෂ්මත් ආනන්ද, මට නීන්දුවක් දෙවයි , කීයේය. එකල්හි වනාහි ආයුෂ්මත් උපාලි ද ආයුෂ්මත් අර්ජුකගේ පක්‍ෂයෙහි විය. ඉක්බිති ආයුෂ්මත් උපාලී ආයුෂ්මත් ආනන්දට ,ආනන්දය, යම් ස්වාමියෙකු විසින් මේ අවකාශය අසවලාටයයි, කියන ලද්දේද, එය ඔහුට කියයි නම් හෙතෙම කිමෙක් ද වරදකට පැමිණේද?, , ස්වාමීනි, කිසි වරදකට නො පැමිනෙයි යටත් පිරිසෙයින් දුකුලාවක්වත් නොවෙයි. ඇවැත්නි, මේ ආයුෂ්මත් අජ්ජුක තෙමේ ස්වාමියා විසින් මේ අවකාශය මෙනම් තැනත්තාටයයි කියනලද්දේ ,ඔහුට කීයේය., ඇවැත්නි, ආයුෂ්මත් අජ්ජුකට ඇවැත් නොවේ.,

81 එකල්හි බරණැස් නුවර ආයුෂ්මත් පිළින්දිවච්චගේ උපස්ථායක කුලයක් සොරුන් විසින් නසන ලද්දේ වේ. දරුවන් දෙදෙනෙක් ද ගෙන ගියාහු වෙත් ඉක්බිති ආයුෂ්මත් පිළින්දිවච්ච තෙමේ ඒ දරුවන් සෘද්ධියෙන් ගෙනවිත් ප්‍රාසාදයෙහි තැබුයේ වේ. මිනිස්සු ඒ දරුවන් දැක පිළින්දිවච්ච ආය්‍ර්‍යයන්ගේ මෙබඳු ආනුභාව ඇති සෘද්ධියකැයි ආයුෂ්මත් පිළින්දිවච්ච කෙරෙහි පැහැදුනාහ. භික්‍ෂුහු කෙසේ හෙයින් පිළින්දිවච්ච තෙමේ සොරුන් විසින් ගෙනයන ලද දරුවන් ගෙන එන්නේදැයි දොස් නගත්. අවනම්බු කරත් භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළාහුය., මහණෙනි, සෘද්ධිමතුන්ගේ සෘද්ධිබලයෙහි ඇවැත් නොවේ.,

82 එකල්හි වනාහි පණ්ඩුක ද කපිල ද යන භික්‍ෂු දෙනමක් යහළු වෙත් ,එක් නමක් ගාමකයෙහි වාසය කරත්, එක් නමක් කොසඹෑවෙහි වාසය කරත් .ඉක්බිති ගාමකයෙන් කොසඹෑවට යන අතරමඟ භික්‍ෂුව ගඟින් එතරවන කල්හි ඌරන් මරන්නන්ගේ අතින් ගැලවී ගිය මස් තෙල් ගුලියක් පයෙහි පටලැවුණේය.ඒ භික්‍ෂුව අයිතිකරුවන්ට දෙන්නෙමියි අල්වා ගතතේය. අයිතිකරුවෝ ඒ භික්‍ෂුවට , ඔබ ශ්‍රමණයෙක් නොවෙහි යයි,චෝදනා කළාහ. එතරවූ එක්තරා ගොපළු ස්ත්‍රියක් එය දැක,ස්වාමීනි, එන්න, මෛථුන ධර්‍මයෙහි යෙදෙවයි, කීවාය. හෙතෙම ස්වභාවයෙන්ම මම ශ්‍රමණයෙක් නොවෙමියි ඈ හා මෛථුනධර්‍මයෙහි යෙදී කෙසඹෑ නුවරට ගොස් භික්‍ෂුන්ට මේ කාරණය සැළ කළේය. භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළාහුය. , මහණෙනි,නුදුන්දේ ගැනීමේ පාරාජිකාවට ඇවැත් නැත . මෛථුන ධර්‍මයෙහි යෙදීම නිසා පාරාජිකා ඇවැත වේ.,

83 එකල්හි වනාහි සාගල නුවර ආයුෂ්මත් දල්හික තෙරුන්ගේ ශිෂ්‍යවු භික්‍ෂුවක් සිවුරුහරින්නට ආශාවුයේ වෙළෙන්දෙකුගේ හිස්වෙළුමක් සොරකම් කොට ආයුෂ්මත් දල්හික තෙරුන්ට , ස්වාමීනි, මම ශ්‍රමණයෙක් නොවෙමි. සිවුරු හරින්නෙමියි, කීයේය. ,ඇවැත්නි,තොප විසින් කුමක් කරන ලද්දේදැයි , ඇසීය. හෙතෙම ඒ කාරණය සැළ කෙළේ ගෙන්වා ගෙන තක්සේරු කෙළේය.එය තක්සේරු කරත්දී මසු පසක වටිනාකමක් නොවීය., ඇවැත්නි, පාරාජිකා ඇවත නොවේයයි, ධර්‍ම කථාව කළසෙක්. ඒ මහණ තෙම සස්නෙහි ඇළුනේය.

( දෙවැනි පාරාජිකාව නිමි. )

පදභාජනිය

1 ( 1 පාරාජිකයෙහි සන්ථත බණ වරේ 56-57 ඡෙද යොදන්න )

2 , ගම නම් , එක කුටියක් ඇති ගම, කුටි දෙකක් ඇති ගම,කුටි තුනක් ඇති ගම,කුටි සතරක් ඇති ගම, මිනිසුන් සහිත ගම,මිනිසුන් නැති ගම, තාප්පයකින් වෙන්කළ ගම, තාප්පයකින් වෙන් නොකළ ගම, තැන් තැන්වල ගෙවල් දෙක තුන කළ ගම යනුයි.
යම් කිසි වෙළඳුන් ගේ කරත්ත සමූහයක් සතරමසකට වඩා නැවතී සිටි යම් ගමක් වේද එයද ගම යයි කියනු ලැබේ. ගමේ අවට නම් තාප්පයකින් වට කරන ලද ගමක දොර සවිකරන කණුව ළඟ සිටි මධ්‍යම පුරුෂයෙකු ගැසූ ගලක් වැටෙන දුර ප්‍රමානය වේද එය හෝ තාප්පයකින් වට නොකරන ලද ගමක අන්තිම ගෙවල් ළග සිටි මධ්‍යම පුරුෂයෙකු ගැසූ ගලක් වැටෙන තැනද යනුයි.අරණ්‍යය නම් ගමත් ගම අවටත් හැර ඉන් එපිට වේ.

3 , නො දෙන ලද්ද ,නම් යමක් නො දෙන ලද්දේද, අත නොහරින ලද්දේද,පරිත්‍යාග නොකර ලද්දේද, රක්නා ලද්දේද, ප්‍රවේශම් කරන ලද්දේද,මමත්‍වය කරණ ලද්දේද, අනුන් අයත් වූයේ, මෙය නොදුන් දේ නමි.

සොරකම් යයි කියනලද යන අත්‍ර්‍ථයෙහි සොර සිතය ගන්නා සිතය.

, ගන්නේය, යනු ගන්නේය, ගෙනයන්නේය, යටකොට ගන්නේය, ( ගන්නා දෙයක) ඉරියව්ව වෙනස් කරන්නේය, තැනින් තුරන් කරන්නේය, සලකුණ ඉක්මවන්නේය. යම් බඳු යනු පාදයක් හෝ පාදයක් වටිනාකමක් හෝ පාදයට වඩා වටිනාවූ දෙයක් හෝ යනුයි.

4 ,රජවරු ,නම් මුළු පෘථිවියෙහි රජය, ප්‍රදේශ රජය, පලාත් රජය, ගම් රජය, නොහොත් මහාමාත්‍යය, අණ දෙන්නාය. මොවුහු රජවරු නමි.

5 , සොරා , නම් යමෙක් මසු පසක් හෝ මසු පසකට වඩා හෝ වටිනාකම ඇති නුදුන් දෙයක් සොර සිතින් ගනීද මේ තෙමේ සොරා නමි.

6 ,හිංසා කරන්නාහු, නම් මෙහි අතින් හෝ පයින් හෝ කසයෙන් හෝ වේවැලින් හෝ තුන් හුලස්ව දෙකට පලන ලද දණ්ඩකින් හෝ හිංසා කරන්නේය යනුයි.

7 , බඳින්නාහු, නම් රැහැනින් බැඳීමෙන් හෝ හැකිල්ලෙන් බැඳීමෙන් හෝ ගෙයක සිරකර තැබීමෙන් හෝ නගරයක හෝ ගමක හෝ නියම් ගමක සිරකර තැබීම හෝ පුරුෂයෙකු ආරක්‍ෂාවට තැබීම හෝ කරන්නාහ.

8 , රටින් පිටුවහල් කරන්නාහු , නම් යනු ගමින් හෝ නියම් ගමින් හෝ නුවරින් හෝ ජනපදයෙන් හෝ ජනපද ප්‍රදේශයෙන් හෝ පිටුවහල් කරන්නේය.

9 සොරෙකි, මෝඩයෙකි, නො කියා ගත්තෙකැයි මේ අවනම්බුවයි.එබඳු යන මෙහි පාදයක් හෝ පාදයක් වටිනා දෙයක් හෝ පාදයකට වඩා වටිනා දෙයක් හෝ ගන්නේ යන මෙහි ගනු ලබන්නේ, ගෙනයනු ලබන්නේ, සඟවාගන්නේ, ඉරියව්ව වෙනස් කරන්නේ, ස්ථානයෙන් දුරුකරන්නේ, සලකුණ ඉක්මවන්නේ. මේ තෙමේ යනු මුල් දෙය ගැන කියනු ලැබේ.

10 ,පැරදුනේ වේ, යනු යම්සේ නම් ඉදුනු කොළය නැට්ටෙන් මිදුනේ නිල්බව පිණිස නුසුදුසු ද, එසේම මහණ තෙම නුදුන් මසු පසක් හෝ මසු පසක් වටිනා දෙයක් හෝ මසු පසකට වඩා වටිනා දෙයක් හෝ සොර සිතින් ගෙන ශ්‍රමණයෙක් නොවේ. ශාක්‍ය පුත්‍රයෙක් නො වේ.එහෙයින් පාරාජිකා වූයේයයි කියනු ලැබේ.

11 , ආශ්‍රයට නුසුදුසු වූයේ , යනු ආශ්‍රය නම් එකට සංඝ කර්‍ම කිරීම, එකට පොත් කීම, එකසමාන හික්මීම, මේ ආශ්‍රය නම් වේ.එය ඔහු සමඟ නැත්නුයි එහෙයින් ආශ්‍රය නැතයි කියනු ලැබේ.

12 බිම පිහිටි, ගොඩ පිහිටි, අහස පිහිටි, හිස් තැන පිහටි, ජලයෙහි පිහිටි, නැවෙහි පිහිටි, වාහනයෙහි පිහිටි, ගෙනයන බරෙක්හි පිහිටි, ආරාමයෙහි පිහිටි, විහාරයෙහි පිහිටි, කුඹුරෙහි පිහිටි, වස්ත්‍රයෙහි පිහිටි, ගමෙහි පිහිටි, කැලයෙහි පිහිටි, ජලය, දැහැටි කුර, වෘක්‍ෂය ගෙනයන ලද්ද ළඟ තබන ලද්ද තීරුබද්ද නොගෙවීම ප්‍රාණයක් පා නැත්තෙක් ඔත්තුකාරයා ආරක්‍ෂකයා නියම කිරීම සලකුණ ඇඟවීම යන මේ පදවල විස්තර දත යුතුය.

13 බිමපිහිටි යනු බඩුව බිම තබන ලදදේවේ.වැලලුවේ වැසුනේවේ. බිම පිහිටි බඩුවක් සොරකම් කරන්නෙමියි සොර සිත් ඇත්තේ දෙවැන්නෙකු සොයයිද උදැල්ලක් හෝ කුඩයක් හෝ සොයයි හෝ යයි දුකුලා ඇවැත් වේ. එහි වු ලියක් හෝ වැලක් හෝ කපයි නම් දුකුලා ඇවැත් වේ. පස් හාරයි හෝ ඉවත් කරයි හෝ ගොඩ දමයි හෝ දුකුලා වේ .බඩු තිබෙන සැලිය අල්ලයි හෝ දුකුලා වේ. සොලවයිද ථුලසි වේ.තැනින් ඉවත් කරයිද පාරාජිකා පාපය වේ.

14 තමන්ගේ් භාජනයක් ඇතුල් කරවා මසුරන් පහක් හෝ මසු පහකට වඩා හෝ වටිනා දෙයක් සොර සිතින් අල්ලයිද දුකුලා ඇවැත් වේ . සොලවයිද ථුලසි ඇවැත් වේ. තමාගේ භාජනයට හෝ දමාගනීද මිට හෝ ගලවයිද පාරාජිකා පාපය වේ.නූලක ඇමුණූ බඩුවක් හෝ හවඩියක් හෝ බෙල්ලේ බඳින නුලක් හෝ ඉඟටියේ බඳින නුලක් හෝ සළුවක් හෝ හිස් වෙළුමක් හෝ සොරසිතින් අල්ලයිද දුකුලා පාපය වේ. සොලවයි ථුලසි පාපය වේ, කොනින් අල්ලාගෙන උඩට ඔසවයි ථුලසි පාපය වේ. හප්පමින් බැහැර කරයි ථුලසි වේ.

15 යටත් පිරිසෙයින් කෙසඟක් පමණකුදු සැලියේ කටින් ඉස්සුනේද පාරාජිකා වේ.ගිතෙල් හෝ තලතෙල් හෝ මීපැණි හෝ උක් පැණි හෝ මසු පසක් හෝ මසු පහකට වඩා හෝ වටිනා තෙල් පැණි ආදියක් සොර සිතින් එක් ප්‍රයෝගයකින් බොයි ද පාරාජිකාපත්ති වේ.එහිම ඒ භාජනය බිඳී නම් හෝ අත්හරියි හෝ දවයි හෝ පාවිච්චි නොකරයි හෝ දුකුලා පාපය වේ.

16 ගොඩ පිහිටි යනු, බඩුවක් ගොඩ තබන ලද්දේ වේ. ගොඩ පිහිටි බඩුව සොරකම් කරමියි, සොර සිත් ඇත්තේ දෙවැන්නෙක් හෝ සොයයිද, යෙයිද දුකුලා පාපය වේ.ස්පර්‍ෂ කරයිද දුකුලා පාපය වේ. සොලවවයි ථුලසි පාපය වේ.තැනින් වෙන් කරයි පාරාජිකා වේ.අහස පිහිටි බඩුවක් නම් අහසට ගියේ වේද, මොණරෙක් හෝ, උකුස්සෙක් හෝ වටුවෙක් හෝ සළුවක් හෝ වෙළුමක් හෝ අමුරණක් හෝ කැඩෙමින් වැටේද, ආකාශයෙහි පිහිටි බඩුව සොරකම් කරන්නෙමියි සොර සිත් ඇත්තේ දෙවැන්නෙක් සොයා යයි, දුකුලා පාපය වේ.ගමන නවතීද දුකුලා පාපය වේ.අල්ලයිද දුකුලා පාපය වේ. සොලවවයි ථුලසි පාපය වේ.තැනින් තුරන් කරයිද පාරාජිකා වේ.

17 හිස් තැන පිහිටි බඩුවක් යනු,බඩුවක් එළිමහනෙහි තිබුනේ වේද, ඇඳේ හෝ පුටුවෙහි හෝ සිවුරු ලීයෙහි හෝ සිවුරු වැලෙහි හෝ බිත්ති ඇණයෙහි හෝ කොක්කෙහි හෝ ගසෙහි හෝ එල්ලන ලද්දේ වේද, යටත් පිරිසෙයින් පාත්‍ර පසුම්බියෙහි හෝ ඇති අවකාශ ස්ථානයෙහි පිහිටි බඩුවක් සොරකම් කෙරෙමියි සොර සිතින් දෙවැන්නෙක් සොයයිද, යෙයිද, දුකුලා ඇවැත් වේ. ආමර්‍ශනය කරයිද දුකුලා ඇවැත් වේ. සොලවයි ථුලසි පාපය වේ. ස්ථානයෙන් පිට කරයි පාරාජිකා ඇවැත වේ.

18 ජලයෙහි පිහිටි බඩුවක් ජලයෙහි දමන ලද්දේ වේද, ජලයෙහි පිහිටි බඩුවක් සොරකම් කරන්නෙමියි සොර සිතින් දෙවැන්නෙක් හෝ , සොයයිද යෙයිද, දුකුලා ඇවැත් වේ.කිමිදෙයි හෝ මතුවෙයි හෝ දුකුලා ඇවැත් වේ.අල්ලයිද දුකුලා වේ.සොලවවයි ථුලසි වේ.තැනින් තොර කරයි පාරාජිකා ඇවැත වේ.එහි පහළ වු උපුල් හෝ රත් පියුම් හෝ සුදු පියුම් හෝ නෙළුම් අල හෝ මසුන් හෝ කැසුබුවන් හෝ යන මසු පසක් හෝ මසු පසට බඩා වැඩිය හෝ වටිනා දෙයක් සොර සිතින් අල්ලාද දුකුලා ඇවැත් වේ. සොලවාද ථුලසි වේ.තිබෙන තැනින් වෙන් කොට ගනීද පාරාජිකා වේ.

19 නැව් නම් යමකින් එගොඩ වෙයිද (2) නැවෙහි තිබුන බඩුවක් නැවෙහි දමන ලද්දේ වේද, නැවෙහි තිබුන බඩුවක් සොර සිතින් ගන්නෙමියි සොර සිත් ඇත්තේ දෙවැන්නෙක් සොයා යයිද, දුකුලා වේ. අල්ලයිද දුකුලා ඇවැත් වේ.සොලවයිද ථුලැසි ඇවැත් වේ.තිබුණු තැනින් සොලවයිද පාරාජිකා වේ.නැව ගෙන යමියි සොර සිතින් දෙවැන්නෙකු හෝ සොයයිද, යයිද, දුකුලා ඇවැත් වේ.අල්ලයිද දුකුලා ඇවැත් වේ.සොලවයිද ථුලසි ඇවැත් වේ.බැම්ම ලිහයිද දුකුලා ඇවැත් වේ.( 3 ) බැම්ම ලිහා අල්ලයිද දුකුලා ඇවැත් වේ.සොලවයිද ථුලසි ඇවැත් වේ.උඩ හෝ යට හෝ සරස හෝ යටත් පිරිසෙයින් කෙසඟක් පමණකුදු සොලවයිද, පාරාජිකාපත්ති වේ.

20 යානය නම් උසුලන වාහනය, රථය, කරත්තය, දෝලා, පැල්ලැක්කියි. වාහනයෙහි (මෙහි 19(2) ( නැවෙහි)යන්නට වාහනයෙහි කියා යොදන්න ) වෙනස් කර තැනින් වෙන්කොට ගනීද පාරාජිකා වේ.

21 බර නම් හිස් බරක්, පිටෙහි වු බරක් , උකුලෙහි වු බරක්, එල්වෙන බරක්, යනාත්‍ර්‍ථයි.හිසෙහි වු බරක් සොර සිතින් අල්ලයිද, දුකුලා ඇවැත් වේ.සොලවයිද ථුලසි ඇවැත් වේ.උස්සා කරට ගනීද පාරාජිකා ආපත්තිවේ. කරෙහි වු බර සොර සිතින් අල්ලයිද දුකුලා ඇවැත් වේ.සොලවයිද ථුලසි ඇවැත් වේ.ඉඟටියට ගනී පාරාජිකාපත්තිය වේ.ඉඟටියෙහි බර සොර සිතින් අල්ලයිද දුකුලා ඇවැත් වේ.සොලවයිද ථුලසි ඇවැත් වේ.අතින් ගනීද පාරාජිකාපත්තිවේ.අතෙහි වු බර සොර සිතින් බිමින් ගනීද පාරාජිකාපත්ති වේ.

22 ආරාමය නම් ගෙඩි මල් හටගන්නා ගස් ඇති වතු, ගෙඩි හට ගන්නා ගස් ඇති වතු, යනුයි.ආරාමයෙහි පිහිටි බඩු ආරාමයෙහි හතර පැත්තෙන්ම දමන ලද්දේ වේ.බිම පිහිටි, ගොඩ පිහිටි, අහසෙහි පිහිටි බඩුවක් සොර සිතින් ගන්නෙමැයි සොර සිතින් දෙවැන්නෙකු හෝ සොයයිද යයිද දුකුලා ඇවැත් වේ.අල්වයිද දුකුලා ඇවැත් වේ.සොලවයිද ථුලසි ඇවැත් වේ.තිබු තැනින් ඈත් කරයිද පාරාජිකා වේ.එහි උපන් මුලක් හෝ පොත්තක් හෝ කොළයක් හෝ මලක් හෝ ගෙඩියක් හෝ මසු පසක් වටින්නේද, ඊට වඩා වටින්නේද සොරසිතින් අල්වයිද දුකුලා ඇවැත් වේ.සොලවයිද ථුලසි ඇවැත් වේ.තැනින් ඉවත් කරයිද පාරාජිකාවේ. ආරාමයකට .මට අයත් .යයි වාද කරයිද දුකුලා ඇවැත් වේ.අයිතිකාරයාට සැක උපදවයිද ථුලසි ඇවැත් වේ.හිමියා .මට අයත් නැතයි. ( පසුව )අයිතිය අත්හරියිද පාරාජිකා වේ.නඩු විසඳන්නේ ස්වාමියා පරදීද පාරාජිකාවේ. නඩු කියන්නේ තමන් පරදීද ථුලසි වේ.

23 විහාරයෙහි බඩුවක් විහාරෙහි බිම ,ගොඩ, ආකාශයෙහි හෝ අහස යන සතර තැන දමන ලද්දේ වේද, විහාරයෙහි පිහිටි බඩුවක් සොරකම් කරන්නෙමියි සොර සිතින් දෙවැන්නෙකු හෝ සොයයිද දුකුලා ඇවැත් වේ.අල්වයිද දුකුලා ඇවැත් වේ. සොලවයිද ථුලසි ඇවැත් වේ. තිබූ තැනින් සොලවයිද පාරාජිකා වේ.විහාරයට නඩු කියයිද දුකුලා ඇවැත් වේ. ස්වාමියාට සැක උපදවාද ථුලසි වේ. හිමියා මගේ නොවේයයි (පසුව) අයිතිය අත්හරියිද (අයිතියගත් අය) පාරාජිකාපත්තිය වේ.ධර්‍මයෙහි හැසිරෙන්නේ ( නඩුව ) පරදීද ථුලසි ඇවැත් වේ.

24 කුඹුර නම් යම් තැනෙක්හි සප්තවිධ ධාන්‍ය හෝ මුං මෑ ආදිය හෝ පහළ වේද එය කුඹුර නමි. කුඹුරෙහි පිහිටි බඩුවක් කෙතෙහි අහසේ බිම ගොඩ අවකාශ ස්ථානයෙහි දමන ලද්දේ වේද, කුඹුරෙහි පිහිටි බඩුවක් සොරසිතින් ගන්නෙමැයි දෙවැන්නෙකු හෝ සොයා යයිද, දුකුලා ඇවැත් වේ.අල්වයිද දුකුලා ඇවැත් වේ.සොලවයිද ථුලසි ඇවැත් වේ. තැනින් පිටකරවයිද පාරාජිකා ඇවැත වේ. එහි උපන් මසු පසක් හෝ ඊට සමානව වටිනා ධාන්‍ය හෝ මෑ ආදිය හෝ සොර සිතින් අල්ලයිද, දුකුලා ඇවැත් වේ.සොලවයිද, ථුලසි ඇවැත් වේ.තැනින් අස් කරයිද , පාරාජිකා වේ.කුඹුරට නඩු කියයිද, දුකුලා ඇවැත් වේ. ස්වාමියාට විමති උපදවයිද ථුලසි ඇවැත් වේ.ස්වාමියා .මට නොවේයයි . අයිතිය අත්හරියිද පාරාජිකා වේ.නඩුකියන්නේ අයිතිකාරයා පරදීද පාරාජිකාපත්ති වේ. ධර්‍මයෙහි හැසිරෙන්නේ පරදීද ථුලසි ඇවැත් වේ.උලක් හෝ රැහැනක් හෝ වැටක් හෝ සීමාවක් යොදාද දුකුලා ඇවැත් වේ.එක් ප්‍රයෝගයක් නො ආ කල්හි ථුලසි වේ.ඒ ප්‍රයෝගය ආ කල්හි පාරාජිකා ඇවත වේ.

25 ඉඩම නම් මල් වත්ත හෝ පන්සල් වත්ත යන දෙකයි.වත්තෙහි වූ බඩුවක් වත්තෙහි බිම හෝ ගොඩ අහසෙහි හෝ අවකාශස්ථානයෙහි යන සතර ස්ථානයෙහි තබන ලද්දේ වේ.වත්තෙහි වූ බඩුවක් සොර සිතින් ගන්නෙමියි සොර සිත් ඇත්තේ දෙවැන්නෙක් සොයයිද, යයිද, දුකුලා ඇවැත් වේ. අල්වයිද දුකුලා ඇවැත් වේ. සොලවයිද ථුලසි වේ. තැනින් අස්කරයිද පාරාජිකා වේ.වත්තට නඩු කියයිද දුකුලා ඇවැත් වේ.ස්වාමියාට සැක උපදවයිද ථුලසි ඇවැත්වේ.අයිති කරු මට නොවේයයි අයිතිය අත්හරියිද, පාරාජිකා වේ.නඩු කියන්නේ අයිතිකරු පරදවාද, පාරාජිකාවේ. නඩු කියන්නේ පරදීද, ථුලසි ඇවැත වේ.උලක් හෝ වැලක් හෝ වැටක් හෝ ප්‍රාකාරයක් හෝ යොදාද දුකුලා ඇවැත් වේ.එක් ප්‍රයෝගයක් නා කල්හි ථුලසි ඇවැත්වේ.ඒ ප්‍රයෝගය ආ කල්හි පාරාජිකා ඇවැත වේ.

26 ගමෙහි පිහිටි බඩුවක් බිම හෝ ගොඩ හෝ අහසෙහි හෝ අවකාශස්ථානයක හෝ තබන ලද්දේ වේද,( 2 ) ගමෙහි වු බඩුවක් සොර සිතින් ගන්නෙමියි සොර සිත් ඇත්තේ දෙවැන්නෙක් හෝ සොයයිද, යයිද, දුකුලා ඇවැත් වේ.අල්වයිද දුකුලා ඇවැත් වේ, සොලවයිද ථුලසි ඇවැත් වේ.තිබූ තැනින් අස්කරයිද පාරාජිකා වේ.

27 කැලෑව නම් යමක් මිනිසුන් විසින් අයිති කරගන්නා ලද්දේ වේද එය කැලෑව නම් වේ. කැලයෙහි තිබුන බඩුවක් කැලෑවෙහි බිම හෝ ගොඩ හෝ අහසෙහි හෝ අවකාශස්ථානයක යන සතර තැනින් එකක තබන ලද්දේ වේද, ( මෙහි 20 ( 2 ))ගමෙහි යන්නට කැලයෙහි කියා වෙනස් කොට යොදා ගත යුතුයි) එහි උපන් දර ලීයක් හෝ වැලක් හෝ තෘණ හෝ මසුරන් පසක් හෝ මසුරන් පසකට වැඩියෙන් හෝ වටිනා දෙයක් සොරසිතින් අල්වයිද දුකුලා ඇවැත් වෙ.සොලවයිද ථුලසි ඇවැත් වේ. තැනින් වෙන් කරයිද පාරාජිකා වේ.

28 ජලය නම් භාජනයක තිබුනේ හෝ වේද පොකුණක තිබුනේ හෝ වේද විලක තිබුනේ හෝ වේද , සොරසිතින් අල්වයිද දුකුලා ඇවැත් වේ.තැනින් සොලවයිද ථුලසි ඇවැත් වේ. තැනින් වෙන් කරයිද පාරාජිකා වේ. තමාගේ භාජනයට දමා මසුපසක් වටිනා හෝ මසු පසට වඩා වටිනා හෝ ජලය සොරසිතින් අලවයි නම් දුකුලාඇවැත් වේ. සොලවයිද ථුලසි ඇවැත් වේ. තමාගේ භාජනයට දැමුවේද පාරාජිකාපත්ති වේ. සීමාව සිඳී නම් දුකුලා ඇවැත් වේ. සීමාව සිඳ මසුපසක් හෝ මසු පසට වැඩියෙන් හෝ වටිනාකම ඇති ජලයක් නික්මවයිද පාරාජිකා වේ. මස්සකට වැඩියෙන් හෝ මස්සකට අඩුවෙන් හෝ පිටකරයිද ථුලසි ඇවැත් වේ. මස්සක් හෝ මස්සකට අඩුවෙන් හෝ වටිනා ජලය නික්මවයිද දුකුලා ඇවැත් වේ.

29 දැහැටි නම්ි සිඳින ලද හෝ නො සිඳින ලද හෝ දැහැටි යනුයි. මසුපසක් හෝ මසු පසකට වැඩිවු වටිනාකමක් ඇති දැහැටි සොර සිතින් ගනීද දුකුලා ඇවැත් වේ. සොලවයිද ථුලසි ඇවැත් වේ.තිබූ තැනින් වෙන් කරයිද පාරාජිකා වේ.

30 කැලෑවට ප්‍රධාන වෘක්‍ෂය නම් මනුෂ්‍යයන්ට අයත්වුවක් වේද, පාවිච්චි කරන ගසක් වේද,සොර සිතින් කපාද,පහරක් පහරක් පාසා දුකුලා ඇවැත් වේ.එක් පහරක්වත් නො වැදුන කල්හි ථුලසි වේ .ඒ පහරවල් වැදුන කල්හි පාරාජිකා වේ.

31 වෙන කෙනෙකුට ගෙනයන බඩුවක් සොර සිතින් අල්වයිද, දුකුලා ඇවැත් වේ. සොලවයිද ථුලසි වෙ. තැනික් වෙන් කරයිද පාරාජිකා වේ.බඩු ගෙනයන්නා සමඟ ගෙනයන්නෙමියි පළමුවන පාදය ඉක්මවයිද ථුලසි වේ.දෙවෙනි පාදය ඉක්මවයිද දුකුලා වේ.මසු පසක් හෝ මසු පසකට වඩා හෝ වටිනා වැටුන බඩුව සොර සිතින් අල්වයිද දුකුලා වේ. සොලවයිද ථුලසි වේ. තැනින් තොර කෙරේද පාරාජිකා වේ.

32 සමීපයෙහි දමන ලද බඩුව උපනියි නම් වේ.. මට බඩු දෙවයි කියන්නේ,. .මම නො ගත්තෙමියි. කියයිද දුකුලා වේ. ස්වාමියාට සැක උපදවාද ථුලසිවේ.අයිතිකරු මට නොදෙන්නේය සිතා අයිතිය අත්හරියිද පාරාජිකා වේ. නඩු කියන්නේ ස්වාමියා පරදවයිද පාරාජිකා වේ.නඩු කියන්නේ පරදීද ථුලසි වේ.

33 අය බදු කැඩීම නම් පර්‍වත කොටසක හෝ තොටුපලක හෝ ගම් දොරක හෝ මෙහි ආ තැනත්තාගෙන් අය බදු ගත යුතුයයි රජු විසින් තබන ලද්දේ වේ. එහි මසු පසක් හෝ මසු පසකට වඩා හෝ වටිනා බඩුවක් අයබදු නො ගෙවා සොරසිතින් අල්වයිද දුකුලා ඇවැත් වේ.සොලවයිද ථුලසි ඇවැත් වේ. බදු ගෙවිය යුතු තැන පියවරක් ඉක්මවයිද ථුලසි වේ. දෙවෙනි පාදය ඉක්මවයිද පාරාජිකා වේ.බද්දට අසුවුයේ බද්දෙන් පිටකරයිද පාරාජිකා වේ. බදු බර උසුලයිද දුකුලා ඇවැත් වේ.

34 ප්‍රාණියෙකු නම් මිනිස් ප්‍රාණියෙකු කියනු ලැබේ. සොරසිත් ඇත්තේ අල්ලයිද දුකුලා වේ.සොලවයි ද ථුලසි වේ. තැනින් තොරකරයිද පාරාජිකා වේ. පා නැත්තෝ නම් සර්පයින් හා මත්ස්‍යයෝයි. මසු පසක් හෝ මසු පසකට වඩා වටිනා ඒ සතකු සොර සිතින් අතගාද දුකුලා ඇවැත් වේ. සොලවාද ථුලසි වේ. තැනින් වෙන් කෙරේද පාරාජිකා වේ.

35 දෙපා ඇත්තෝ නම් මනුෂ්‍යයන් හා පියාපත් ඇත්තෝය. සොරසිතින් අල්ලයිද දුකුලා වේ. සොලවයි ද ථුලසි වේ. තැනින් තොරකරයිද පාරාජිකා වේ. පයින් ගෙනයන්නෙමියි පළමුවෙනි පාදය ඉක්මයිද ථුලසි වේ. දෙවෙනි පාදය ඉක්මවයිද පාරාජිකා වේ.

36 සිවුපා ඇත්තෝ නම් ඇත්, අස්,ඔටු, ගෝන්නු, කොටළු ආදී සෙසු සියළු සිවුපා ජාතීහුය. සොරසිතින් අල්ලයිද දුකුලා වේ. සොලවයි ද ථුලසි වේ. තැනින් වෙන් කරයිද පාරාජිකා වේ. පයින් ගෙනයන්නෙමියි පළමුවෙනි පාදය ඉක්මයිද ථුලසිවේ.දෙවෙනි පාදය ඉක්මවයිද ථුලසි වේ.තුන්වෙනි පාදය ඉක්මවත්ද ථුලුසි වේ. සතර වෙනි පාදය ඉක්මවයිද පාරාජිකා වේ.

37 බොහෝ පා ඇත්තෝ නම් ගෝනුසු , පත්තෑ, දළඹු, ආදීහුය.මසු පසක් හෝ මසු පසකට හෝ වඩා වටිනා ඒ සතෙකු සොර සිතින් අල්වයිද දුකුලා වේ.
සොලවයි ද ථුලසි වේ. තැනින් වෙන් කරයිද පාරාජිකා වේ. පයින් ගෙනයන්නෙමියි ඈත් කරයිද පියක් පියක් පාසා ථුලසි වේ. අන්තිම පාදය ඉක්මවාද පාරාජිතා වේ.

38 ඔත්තුකාරයා නම් බඩුවක් රහසින් හොයයිද ඔහුයි. යම්කිසි නමක් ඇත්තෙකුට ඒ බඩුව සොරකම් කරවයි කියයිද දුකුලා වේ. හෙතෙම ඒ බඩුව සොරකම් කරයිද දෙදෙනාටම පාරාජිකා වේ.

39 ප්‍රවේශමට තැබූ බඩුවක් ප්‍රවේශම් කරන්නේ මස්සක් හෝ මස්සකට වඩා හෝ වටින්නේ සොර සිතින් අල්වයිද දුකුලාවේ. සොලවයිද ථුලසිවේ. තුබූ කැනින් ඉවත් කරයිද පාරාජිකා වේ.

40 ඇඟවීමෙන් කරන සොරකම නම් බොහෝ දෙනා එක්කොට එකෙක් බඩුවක් සොරකම් කරයි සියළුදෙනාට පාරාජිකා ඇවැත වේ.

41 ලකුණු කිරීම නම් පෙරබත ,පසු බත, රෑ දවල්දැයි කියා වේලා අඳුන්වා දීමයි. ඒ සලකුනින් ඒ බඩුව සොරකම් කරවයි කියයි නම් දුකුලාවේ. ඒ සලකුණින් ඒ බඩුව සොරකම් කරයි ද දෙදෙනාටම පාරාජිකා ඇවැත වේ. ඒ වේලාවට කලින් හෝ පසුව ඒ බඩුව සොරකම් කරයිද පළමුවැන්නාට ඇවැත් නොවේ. සොරකම් කළහුට පාරාජිකාවේ.

42 ලකුණක් කීම ඇස හෝ කසත්නෙමි, බැම හෝ ඔසවත්නෙමි, හිස හෝ ඔසවන්නෙමි, ඒ සලකුනින් ඒ බඩුව සොරා ගනුවයි සලකුණක් කියයි, දුකුලාවේ. ඒ සලකුණින් ඒ බඩුව සොරකම් කරයි ද දෙදෙනාටම පාරාජිකා වේ.ඒ නිමිත්තට පෙර හෝ පසුව හෝ ඒ බඩුව සොරකම් කරයිද පළමුවැන්නාට ඇවැත් නොවේ. සොරකම් කළහුට පාරාජිකාවේ.

43 මෙනම් බඩුවක් සොරකම් කරවයි භික්‍ෂුවක් භික්‍ෂුවකට අණකරයි, දුකුලා වේ. ඔහු එය සිතමින් එය සොරකම් කරයි, දෙදෙනාටම පාරාජිකා වේ. මෙනම් බඩුවක් සොරකම් කරවයි භික්‍ෂුවක් භික්‍ෂුවකට අණකරය, දුකුලා වේ. ඔහු එය සිතමින් අනිකක් සොරකම් කරයි, පළමුවැන්නාට ඇවැත් නොවේ. සොරකම් කළහුට පාරාජිකා ඇවැත වේ. මෙනම් බඩුවක් සොරකම් කරවයි භික්‍ෂුවක් භික්‍ෂුවකට අණකරයි, දුකුලා වේ. ඔහු අනිකක්ය සිතමින් එය සොරා ගනියි, දෙදෙනාටම පාරාජිකා ඇවැත වේ. භික්‍ෂුවක් භික්‍ෂුවක්හට මෙනම් බඩුවක් සොරකම් කරවයි අණකරයි, හෙතෙම අනිකක් කියාගනිමින් අනිකක් සොරකම් කරයි.පළමුවැන්නාට ඇවැත් නොවේ. සොරාට පාරාජිතා වේ.

44 (1) භික්‍ෂුවක් අසවල් තැනත්තාට කියව, ඒ අසවල් තැනැත්තේ අසවල් තැනත්තාට කියාවා, අසවල් තැනත්තේ අසවල් බඩුව සොරකම් කරාවායි භික්‍ෂුවකට අණකරයි, දුකුලාවේ.( 2) හෙතෙම අන්‍යයාට කියයි දුකුලාවේ. සොරකම කරන්නා පිළිගනී, පළමුවැන්නාට ථුලැසි ඇවැත් වේ. හෙතෙමේ ඒ බඩුව සොරකම් කරයි, සියල්ලන්ට පාරාජික ඇවැත වේ.( මෙහි ( 1 ) හෙතෙම අනිකෙකු අණවයි දුකුලා වේ. සොරා පිළිගනී දුකුලාවේ. හෙතෙම ඒ බඩුව සොරකම් කරයි පළමුවැන්නාට ඇවැත් නොවේ. නියම කළහුටද සොරාටද පාරාජිකා ඇවැත් වේ.

45 මෙනම් බඩුවක් සොරකම් කරවයි භික්‍ෂුවක් භික්‍ෂුවකට අණකරයි, දුකුලාවේ.හෙතෙම ගොස් නැවත ආපසු එයි. ඒ බඩුව සොරකම් කරන්ට මට නොහැකැයි කියයි. හෙතෙම යම් දවසක හැකිවේ නම් එදා ගනුවයි පසුව අණකරයි, දුකුලාවේ. හෙතෙම ඒ බඩු සොරකම් කරයි, දෙදෙනාටම පාරාජිකා ඇවැත වේ. මෙනම් බඩුවක් සොරකම් කරවයි භික්‍ෂුවක් භික්‍ෂුවක්හට අණකරයි දුකුලාවේ. හෙතෙම අණකොට පසුතැවුනේ සොරකම් නොකරවයි. නොකියයි, හෙතෙම ඒ බඩුව සොරකම් කරයි , දෙදෙනාටම පාරාජිකා වේ. භික්‍ෂුවක් භික්‍ෂුවක්හට මෙනම් බඩුවක් සොරකම් කරවයි නියම කරයි, දුකුලාවේ. හෙතෙම අණවා පසුතැවුනේ එපායයි කියයි. හෙතෙම මම ඔබ විසින් අණ ලද්දෙමියි ඒ බඩුව සොරෙකම් කරයි. පළමුවැන්නාට ඇවැත් නොවේ.සොරාට පාරාජිකා ඇවැත්වේ. අසවල් බඩුව සොරකම් කරවයි භික්‍ෂුවක් භික්‍ෂුවක්හට නියම කරයි. දුකුලාවේ. හෙතෙම අණකර පසුතැවුනේ සොරකම් නොකරවයි කියයි. හෙතෙම යහපතැයි ඈත් වෙයි.දෙදෙනාටම ඇවැත් නැත.

46 පස් ආකාරයකින් නුදුන් දේ ගන්නාහට පාරාජිකා ඇවැත් වේ. අනුන් අයත්ද, අනුන් අයත්ය යන දැනුම, මස්සක් හෝ මස්සකට වැඩි වටිනා බඩුවක් වීම, සොර සිතක් එළඹසිටීම, අල්වයි දුකුලා වේ. සොලවයි ථුලසි වේ. තැනින් ඉවත් කරයි පාරාජිකා වේ.

47 ක්‍රම පසකින් නුදුන් දේ ගන්නාහට ථුලැසි ඇවැත් වේ. අනුන්ට අයත්ය යන හැඟීම ඇත්තේද, මස්සකට වඩා හෝ මස්සකට අඩු හෝ සැහැල්ලු පිරිකරක් වේද, සොර සිත ඇත්තේ වේද, එය අල්වයිද, දුකුලා වේ. සොලවයි ද දුකුලා ඇවැත් වේ. තැනින් සොලවයිද ථුලැසි වේ.

48 ක්‍රම පසකින් නුදුන් දේ ගන්නාහට දුකුලා ඇවැත් වේ. අනුන්ට අයත්වේද.අනුන්ට අයත්ය යන හැඟීම ඇත්තෙවේද, මස්සක් හෝ මස්සකට අඩුවෙන් හෝ වටිනා සැහැල්ලු පිරිකරක් වේද, සොර සිත ඉදිරිපත්වුයේ වේද, අල්වයිද,දුකුලා වේ. සොලවයි ද දුකුලා ඇවැත් වේ. තැනින් සොලවයිද දුකුලා ඇවැත වේ.

49 ක්‍රම සයකින් නුදුන් දෙය ගන්නාහට පාරාජිකා ඇවැත වේ. තමන්ගේ නොවේය යන හැඟීම ඇත්තේ ද, විශ්වාසයකින් ගන්නේ නොවේද, තාවකාලිකව ගන්නේ නොවේද, මසු පසක් හෝ මසුපසකට වැඩියෙන් හෝ වටිනා පිරිකරක් වේද, සොර සිත ඉදිරිපත් වුයේ වේද,අල්වයිද දුකුලා ඇවැත් වේ.සොලවයිද ථුලසි ඇවැත් වේ.තැනින් අස් කරයිද පාරාජිකා වේ.

50 සය ක්‍රමයනින් නුදුන්දෙය ගන්නාහට ථුලසි ඇවැත් වේ. තමන්ගේ නොවේය යන හැඟීම ඇත්තේ වේද, විශ්වාසයෙන් නො ගන්නේය යන හැඟීම ඇත්තේද, තාවකාලිකව නොවේද, මස්සකට වඩා හෝ මසු පසකට අඩු හෝ වේද, සොර සිත ඉදිරිපත් වුයේ ද, අල්වයිද දුකුලා ඇවැත් වේ. සොලවයිද දුකුලා ඇවැත් වේ.තැනින් අස් කරයිද ථුලසි ඇවැත් වේ.

51 ක්‍රම සයකින් නුදුන් දේ ගන්නාහට දුකුලා ඇවැත් වේ. තමන්ගේය යන අදහස් නැත්තේ වේද, විශ්වාසයට නො ගන්නේ වේද, තාවකාලික නොවේද, මස්සක් හෝ මස්සකට අඩු හෝ ලාභ පිරිකරක් වේද, සොර සිත ඉදිරිපත් වුයේ වේද, අල්වයිද දුකුලා ඇවැත් වේ. සොලවයිද දුකුලා ඇවැත් වේ. තැනින් අස් කරයිද දුකුලා ඇවැත් වේ.

52 ක්‍රම පසකින් නුදුන් දෙය ගන්නාහට දුකුලා ඇවැත් වේ. අනුන්ට අයත් නොවේද, අනුන් අයත්ය යන හැඟීම ඇත්තේද, මසු පසක් හෝ ඊටවැඩි හෝ වටිනා පිරිකරක් වේද, සොර සිත ඉදිරිපත් වුයේ වේද, අල්වයිද දුකුලා ඇවැත් වේ.සොලවයිද දුකුලා ඇවැත් වේ. කැනින් අස්කරයිද දුකුලා ඇවැත් වේ.

53 ක්‍රම පසකින් නුදුන් දෙය ගන්නාහට දුකුලා ඇවැත් වේ.අනුන්ට අයත් නොවේද, අනුන්ට අයත්ය යන හැඟීම ඇත්තේද, නො වටිනා පිරිකරක් වේද, මස්සකට වඩා හෝ පස් මස්සකට අඩු වේද, සොර සිත වේද, අල්වයිද දුකුලා ඇවැත් වේ. සොලවයිද දුකුලා ඇවැත් වේ. තැනින් අස්කරයිද දුකුලා ඇවැත් වේ.

54 ක්‍රම පසකින් නුදුන් දෙය ගන්නාහට දුකුලා ඇවැත් වේ.අනුන්ට අයත් නොවේද, අනුන්ට අයත්ය යන හැඟීම ඇත්තේවේද, නො වටිනා පිරිකරක් වේද, මස්සක් හෝ මස්සකට අඩු අගය වේද, සොර සිත ද ඉදිරිපත් වුයේ වේ ද, අල්වයිද දුකුලා ඇවැත් වේ.සොලවයිද දුකුලා ඇවැත් වේ. තිබූ තැනින් තැනින් ඈත්කරයිද දුකුලා ඇවැත් වේ. තමන්ගේය යන හැඟීම ඇත්තාහටද විශ්වාසයෙන් ගැනීමටද,තාවකාලිකව ගැනීමටද, අමනුෂ්‍යයන්ට අයත් දේ ගැනීමෙහිද, තිරිසනුන්ට අයත් දේ ගැනීමෙහිද, පාංශකූලය යන අදහස පිටද, පිස්සාටද, සිහි නැති තැනත්තාටද,වේදනාවෙන් පෙළෙන්නාටද,ඒ වැරැද්ද මුලින්ම කළහටද,ඇවැත් නො වේ. (නුදුන් දෙය ගැනීමේ මුල් බණවරයි. )

අදත්තාදාන පාරාජිකා ශික්ෂාපදය

එකල්හි වනාහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කරනසේක. එකල්හි වනාහි යහළු වු භක්තිමත්වූ බොහෝ භික්‍ෂුහු ඉසිගිලි පර්වත පාර්ශවයෙහි තණකොළ වර්‍ගවලින් පැල් සාදා වස් වැසුවාහුය. කුඹල්කරුවෙකුගේ පුත්‍ර වු ආයුෂ්මත් ධනිය තෙමේ ද තණ පැලක් සාදා වස් විසුයේය.ඉක්බිති වස් විසූ ඒ භික්‍ෂුහු තුන්මස් ඇවෑමෙන් තණපැල් කඩාදමා තණද, ලී ද, තැන්පත් කොට තබා තැනින් තැන ඇවිදීමට ගියාහුය.කුඹල්කරුවෙකුගේ පුත්‍ර වු ආයුෂ්මත් ධනිය තෙම්ද එහිම වස් විසුයේය. හිම වැටෙන කාලය ද ග්‍රීෂ්ම කාලයද එහිම විය. (2) කුඹල්කරු පුත්‍ර ආයුෂ්මත් ධනිය ගමට පිඬු පිණිස වැඩියේ තණකොල ගෙනෙන, දර ගෙනෙන, ස්ත්‍රීහු තණ පැල බිඳ තණ ද ලී ද ගෙන ගියාහුය. (3) දෙවනුවත් කුම්භකාර පුත්‍ර ආයුෂ්මත් ධනිය තෙමේ තණ ද ලී ද එකතු කොට තණ පැලක් හැදුවේය. දෙවනුත් ( මෙහි ( 2 )) තුන්වෙනුවත් කුම්භකාර පුත්‍ර ආයුෂ්මත් ධනිය තෙමේ තණ ද ලී ද එකතු කොට තණ පැලක් හැදුවේය. තුන්වෙනුවත් ( මෙහි ( 2 ))

2 ඉක්බිති කුම්භකාර පුත්‍ර ආයුෂ්මත් ධනියට මෙබඳු සිතක් විය..තණ අදින දර අදින ස්ත්‍රීහු තුන්වෙනි වරත් මගේ තණපැල කඩා තණද ලීද ගෙන ගියාහුය. මම වනාහි මනාසේ උගත් ස්වකීය ආචාය්‍ර්‍යයන්ගේ කුම්භකාර කර්‍මයෙහි පිරිසිදු උගත් ශිල්ප ඇත්තෙමි.මම මැටි පාගා මැට්ටෙන් කළ පැලක් කරන්නෙම් නම් යෙහෙකැයි. සිතුවේය.ඉක්බිති කුම්භකාර පුත්‍ර ආයුෂ්මත් ධනිය තෙමේ, තෙමේම මැටි පාගා මැට්ටෙන්ම කළ කාමරයක් කොට තණද, දරද, ගොමද, එකතුකොට ඒ කාමරය පිලිස්සුවේය.ඒ කාමරය ලක්‍ෂණද දැකීමට ප්‍රිය,සතුට උපදවන, රතුපාට වූවක් විය.ඉඳුගොව්වන් යම්සේ ද එබඳුය.කිංකිණි යන ශබ්දය යම්සේද ඒ කුටියේ ශබ්දය එසේ විය.

3 ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්‍ෂුන් සමඟ ගිජ්ඣකුට පර්වතයෙන් බසින්නේ ලක්‍ෂණ, දැකිමට ප්‍රිය, සතුට, උපදවන රතුපාට ඒ කාමරය දැකිසේක.දැක භික්‍ෂුන්ට කථා කලසේක. , මහණෙනි, ලක්‍ෂණ, දැකීමට ප්‍රිය සතුට, උපදවන රතුපාට ඉඳුගොව්වන් පාට ඇති අර කුමක්ද? ඉක්බිති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන්වහන්සේට මේ කාරණය සැළ කළාහුය.භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නින්දා කළසේක. , මහණෙනි, ඒ හිස් පුරුෂයාට නො ගැලපෙන, නො සුදුසු, ශ්‍රමණභාවයට අයත් නොවන, අකැප, නොකටයුතු, නුසුදුස්සකි.මහණෙනි, කෙසේ නම් ඒ හිස් මිනිහා මැට්ටෙන් කළ කාමරයක් කරන්නේද? කෙසේ නම් ඒ හිස් පුරුෂයාට සතුන් කෙරෙහි දයාවක් අනුකම්පාවක් නොවෙහෙසීමක් වන්නේද? මහණෙනි, යව් ඒ කාමරය කඩව්, මතු පරම්පරාව සතුන් කෙරෙහි විපතකට නො පැමිනේවා.මහණෙනි සියල්ල මැටි වූ කාමරයක් නොකටයුතුයි, යමෙක් කරන්නේ නම් දුකුලා ඇවත් වේ. , , ස්වාමීනි , එසේයයි , ඒ භික්‍ෂුහු භග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී ඒ කාමරය යම් තැනෙක්හිද එහි පැමුණුනාහුය.පැමිණ, ඒ කාමරය කැඩුවාහුය.ඉක්බිති කුඹල්කරු පුත්‍ර වු ආයුෂ්මත් ධනිය ඒ භික්‍ෂුන්ට ,ඇවැත්නි, කුමක්නිසා තෙපි මාගේ කාමරය කැඩුවාහුදැයි, ඇසූයේය. ,ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ කැඩෙව්සේක., , ඇවැත්නි,ඉදින් ධර්‍මස්වාමී තෙමේ කඩවයි නම් කඩව්යයි, කීයේය.

4 ඉක්බිති කුම්භකාර පුත්‍ර ධනියට මේ සිත් විය. ( 2 ) . ගමට පිඬු පිණිස ගිය මාගේ කුටිය තුන්වෙනි වර දක්වා තණ ගෙනෙන්නියෝ දර ගෙනෙන්නියෝ කඩා දමා තණද දරද ගෙනගියාහුය.මා විසින් සියල්ලෙන් මැටි වූ කාමරයක් කරණ ලද්දෙම්ද,එයද භාග්‍යවතුන් වහන්සේ විසින් කඩා දම්මවන ලදී.( 3 ) ලී මඩුවෙහි මාගේ මිත්‍ර වු ගණන් ලියන්නෙක් ඇත.මම ලී මඩුවෙහි ගණන් ලියන්නාගෙන් ලී ඉල්වා ලෑලි ගසා කාමරයක් කරන්නෙම් නම් යෙහෙකැයි . සිතීය. ඉක්බිති කුම්භකාර පුත්‍ර වු ආයුෂ්මත් ධනිය තෙමේ ලී මඩුවෙහි ගණන් ලියන්නා යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, ලී මඩුවෙහි ගණන් ලියන්නාට මෙසේ කීවේය., ඇවැත්නි, ( මෙහි ( 2 )) මට ලී දෙන්න. ලෑලි ගසා කාමරයක් හදාගන්ට වුවමනායයි, කීයේය. , මම ආය්‍ර්‍යයන් වහන්සේට යම්බඳු ලී දෙන්නෙම් නම් එබඳු ලී මා ළඟ නැත.ස්වාමීනි, නුවර කැඩුම් බිඳුම් සැදීමට හදිසි අවස්ථාවට ගැනීමට තැබූ ලී ඇත්තේය. ඉදින් ඒවා රජ තෙමේ දෙන්නේ නම් ගෙන්වා ගන්න, ස්වාමීනි,යි කීවේය. ,ඇවැත්නි, රජුවිසින් දෙනලදී .,

5 ඉක්බිති ලී මඩුවෙහි ගණන් තබන්නා , මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ ධර්‍මචාරීය, සමව හැසිරෙන්නෝය, බ්‍රහ්මචාරීය, ඇත්ත කියන්නෝය, සිල්වත්ය, යහපත්ය,රජුද මොවුන්ට පැහැදුනේය, නො දෙනලද්දක් දුන්නේයයි කියන්නට නො සුදුසුයයි,සිතා කුම්භකාර පුත්‍ර ආයුෂ්මත් ධනියට , ස්වාමීනි, ගෙනයව්යයි ,කීවේය.ඉක්බිති කුම්භකාර පුත්‍ර ආයුෂ්මත් ධනිය ඒ ලී කෑලිවලට කප්පවා කරත්තයකින් පිටත් කරවා ලී බිත්ති යොදා කාමරයක් සෑදුවේය.

6 ඉක්බිති මගධ රටේ මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණ තෙමේ රජගහ නුවර කර්‍මාන්ත කරවනු ලබන්නේ ලී මඩුවෙහි ගණන් තබන්නා යම් තැනෙක්හිද එහි පැමිණියේය.පැමිණ, ලී මඩුවෙහි ගණන් තබන්නාට , එම්බා ගණකය,නුවර ප්‍රතිසංස්කරණය පිණිස හදිසියක් පිණිස තැබු යම් ඒ රජුට අයත් ලී වෙත්ද ඒ ලී කොහිදැයි, ඇසීය. , ස්වාමීනි, ඒ ලී රජු විසින් කුඹල්කරුගේ පුත්‍ර ධනිය ආය්‍ර්‍යයන්ට දෙන ලද්දේයයි, කීයේය.

7 ඉක්බිති මගධ මහාමාත්‍ය වස්සකාර තෙමේ නො සතුටු විය.රජු නුවර ප්‍රතිසංස්කරණය සඳහා හදිසියකට තැබූ රජුට අයත් ලී කෙසේ නම් කුම්භකාර පුත්‍රවු ධනියට දෙන්නේද? ඉක්බිති මගධ මහාමාත්‍ය වූ වස්සකාර බ්‍රාහ්මණ තෙමේ මගධ රට සේණිය බිම්බිසාර රජු යම් තැනෙක්හිද එහි පැමිණියේය.පැමිණ,මගධ රට සේණිය බිම්බිසාර රජුට ,දේවයන්වහන්ස, රජු විසින් නුවර ප්‍රතිසංස්කරණය පිණිස, හදිසියකට ගැනීම පිණිස තබන ලද ලී කුම්භකාර පුත්‍ර ධනියට දුන්නේය යනු ඇත්තද?,. , කවරෙක් මෙසේ කීයේද?., ,රජතුමනි, ලී මඩුවෙහි ගණන් තබන්නායයි, කීයේය. , බමුණ, එසේ වී නම් ලී මඩුවෙහි ගණන් තබන්නා ගෙන්නවයි, කීයේය. ඉක්බිති මගධ මහාමාත්‍ය වු වස්සකාර තෙමේ ලී මඩුවෙහි ගණන් තබන්නා මාංචු ලෑමට අණ කෙළේය.ආයුෂ්මත් කුම්භකාර පුත්‍ර ධනිය තෙමේ බැඳගෙන යන්නාවු ලී මඩුවෙහි ගණන් තබන්නා දැක ලී මඩුවෙහි ගණන් තබන්නාට ,ඇවැත්නි, ඔබ කුමක් නිසා බැඳගෙන යන්නේදැයි , ඇසීය.,ස්වාමීනි , ඔවුන්ගේ ලී නිසායයි, කීයේය., ඇවැත්නි, යන්න මමත් එන්නෙමියි, කීයේය., ස්වාමීනි, මා මරන්ට පෙර එනුමැනවයි , කීයේය.

8 ඉක්බිති කුඹල්කරුගේ පුත්‍ර වු ආයුෂ්මත් ධනිය තෙමේ මගධ රට සේණිය බිම්බිසාර රජුගේ රජ ගෙය යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, පැණවූ අස්නෙහි වැඩහුන්සේක.ඉක්බිති මගධ රට සේණිය බිම්බිසාර රජ කුඹල්කරුගේ පුත්‍ර ධනිය යම් තැනක්හිද එහි පැමිණියේය.පැමිණ, ආයුෂ්මත් කුම්භකාර පුත්‍ර ධනියට වැඳ එකත්පසෙ සිටියේය.එකත්පසෙක සිටි මගධ රට සේණිය බිම්බිසාර රජ කුම්භකාර පුත්‍ර ආයුෂ්මත් ධනියට ,ස්වාමීනි, නුවර ප්‍රතිසංස්කරණයට හදිසියක් පිණිස තබන ලද රජුගේ ලී ආය්‍ර්‍යයන්වහන්සේට දුන්නේය, යනු ඇත්තදැයි,ඇසීය. , මහරජ එසේය. ,

9 , ස්වාමීනි, අපි වනාහි රජවරු වෙමු.බොහෝ වැඩ බොහෝ කටයුතු ඇත්තෝය.දුන් දේද සිහිතබා නො ගනිමු.ස්වාමීනි, එසේ නම් සිහිකරන්නැයි, කීවේය. ,මහ රජ අභිෂෙක කළ මුල් කාලයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට තණ දර, දිය දෙන ලදි.ගනිත්වායි දුන්නේමයයි මෙබඳු වචනයක් කීවා සිහි කරන්නෙහිද?, , ස්වාමීනි, මම සිහිකරමි.ලජ්ජා ඇති සැක ඇති කරන ශික්‍ෂාකාමී ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ.ඔවුන්ට ස්වල්පමාත්‍රවු කුකුසක් උපදින්නේය. මා විසින් ඒ සඳහා කියන ලදී.එයද කැලේ අයිතියක් නැත්තෙකු ගැනය.ස්වාමීනි , ඔබ ඒ ස්වල්පයෙන් නො දුන් ලී ගෙනයන්ට සිතුවෙහිය.මා වැන්නෙක් රටේ වාසය කරන ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ කෙසේ නම් මරන්නේද, බඳින්නේද, පිටිවහල් කරන්නේද? ස්වාමීනි, යන්න නැවත මෙබන්දක් නො කරාවායි , කීයේය.

10 මනුෂ්‍යයෝ නොසතුටු වචන කියති, දොස් නගති, අවනම්බු කරත්, , මේ ශාක්‍යපුත්‍රයෝ පවට බිය නැත, දුශ්ශීලය, බොරු කියන්නෝය,මොවුන් වනාහි ධර්‍මයෙහි හැසිරෙන්නාහුය,සමව හැසිරෙන්නාහ,බ්‍රහ්මචාරීය, ඇත්ත කියන්නාහු සිල්වත්ය, යහපත්යයි,ප්‍රතිඥා කරත්.මොවුන්ට ශ්‍රමණ භාවයක් නැත.මොවුන්ට බ්‍රහ්ම බවක් නැත. මොවුන්ගේ ශ්‍රමණභාවය නැතිවිය.මොවුන්ගේ බ්‍රහ්ම භාවය නැතිවිය.මොවුන්ට ශ්‍රමණභාවයක් කොයින්ද? මොවුන්ට බ්‍රහ්ම භාවයක් කොයින්ද? මොවුන් ශ්‍රමණභාවයෙන් පහවුවාහුය.මොවුන් බ්‍රහ්මභාවයෙන් පහවුවාහුය.මොවුන් රජුන්ද වඤ්චා කරත්.අනෙක් මනුෂ්‍යයන් ගැන කියනුම කවරේ්ද?. භික්‍ෂුහු නො සතුටු බස් කියන්නාවු, දොස් නගන්නාවු, අසතුට ප්‍රකාශ කරන්නාවු, මනුෂ්‍යයන්ගේ වචන ඇසුවාහුය.යම් ඒ භික්‍ෂුකෙනෙක් අල්පේච්ඡ වුවාහුද, ලද දෙයින් සතුටු වුවාහුද, සිල්වත්ද, සැක ඇත්තාහුද, හික්මෙනු කැමැත්තාහුද, ඔවුහු නො සතුටු බස්කියත්.දොස් නගත්. විරුද්ධ වචන කියත්.අසතුට ප්‍රකාශකරත්. .කුම්භකාර පුත්‍ර ආයුෂ්මත් ධනිය තෙමේ රජුගේ නුදුන් ලී ගන්නේද, කියායි..ඉක්බිති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන්වහන්සේට මේ කාරණය ප්‍රකාශ කළාහුය.

11 ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ සිද්ධියෙහි භික්‍ෂුසංඝයා රැස් කරවා කුම්භකාරපුත්‍ර වු ආයුෂ්මත් ධනිය අතින් , ධනිය, ඔබ රජුගේ නුදුන් ලී ගත්තේ ඇත්තදැයි,ඇසූසේක. ,භාග්‍යවතුන් වහන්ස, ඇත්තය., භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගර්‍හා කළසේක.,හිස් පුරුෂය, නොසුදුසු, නොගැලපෙන, ශ්‍රමණභාවයට නො අයත්, අකැප, නො කටයුත්තක් කරනලදී.හිස් පුරුෂය තෝ කුමක් හෙයින් නුදුන් රජුගේ ලී ගත්තෙහිද? (2) හිස් පුරුෂය, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස පැහැදුනවුන්ගේ වැඩි පැහැදීම පිණීස නො පිහිටයි.නැවතද හිස් පුරුෂය, මෙය නො පැහැදුනවුන්ගේ නොපැහදීම පිණිස පැහැදුනාවූ සමහරුන්ගේ කලකිරීම පිණිස වන්නේයයි , වදාළ සේක.

12 එකල්හි වනාහි පැරණි නඩු ඇසූ මහාමාත්‍යයෙක් භික්‍ෂුන් කෙරෙහි පැවිදිවුයේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි සිටියේ වේ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂුවගෙන් ,මහණ, කීයකින් මගධ රට සේණිය බිම්බිසාර රජ සොරෙකු ගෙන නසයිද, බඳියිද, පිටුවහල් කරයිදැයි , ඇසූසේක..පාදයකින් ( කහවනුවෙන් හතරෙන් පංගුවකින් ) හෝ පාදයක් වටිනා දෙයකිනියි. ( කීයේය ) එකල්හි වනාහි රජගහ නුවර පාදයක් මසු පසක් වේ.ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කුම්භකාර පුත්‍ර වූ ආයුෂ්මත් ධනියට නොයෙක් ආකාරයෙන් නින්‍දාකොට ( මෙහි ප්‍රථම පාරාජික ශික්‍ෂාපදයේ සුදින්න බණවරෙහි 31 ඡෙදයේ අවසානයේ ,සැහැල්ලු නොවු, යන තැන සිට ඡෙදය අවසානයට යොදන්න. )

13 , යම් කිසි භික්‍ෂුවක් යම්බඳු නුදුන් දෙය ගැනීමකට රජවරු සොරකු අල්වා , සොරෙකි, මෝඩයෙකි, මුලාවූවෙකියි, ගත්තෙකියි, මරන්නාහු නම්, හෝ බඳින්නාහු නම්, රටින් පිට කරන්නාහු නම් නුදුන් සොරකමකැයි කියන ලද්දක් ගනීද,එබඳු නුදුන් දෙයක් ගන්නාවු මේ මහණ තෙමේද පාරාජිකා වේ. ( පැරදුනේය )ආශ්‍රයට නුසුදුසුය., භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේද මේ ශික්‍ෂාපදය පණවන ලද්දේ වේ.

14 එකල්හි වනාහි ඡබ්බග්ගිය භික්‍ෂුහු රෙදි අපුල්ලන්නන් රෙදි වනන තැනට ගොස් රෙදි පොට්ටනියක් සොරකම් කරගෙන පන්සලට ගෙන ගොස් බෙදුවාහුය.
භික්‍ෂුන් වහන්සේලා , ඇවැත්නි තෙපි මහ පින් ඇත්තෝය.තොපට බොහෝ සිවුරු ලැබුනේයයි, මෙසේ කිවාහුය. .ඇවත්නි, අපට පින් කොයින්ද? දැන් අපි රෙදි වනන තැනට ගොස් රෙදි පොට්ටනියක් සොරා ගනිමුයි. කීවාහුය. ඇවත්නි භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්‍ෂාපද පණවනලද්දේ නොවේද? ඇවැත්නි, තෙපි කුමක් හෙයින් රෙදි පොට්ටනියක් සොරකම් කරන්නහුදැයි?. ඇසූහ. .ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂාපද පණවන ලද්දේ ඇත්තය, එයද ගමෙහිය , අරණ්‍යයෙහි නොවේ.ඇවත්නි , නො ගැලපෙන, නුසුදුසු , ශ්‍රමණභාවයට නො ගැලපෙන අකැප නො කටයුත්ත නුසුදුසුය. එය එසේ නො වේද? ඇවැත්නි , කෙසේ නම් තෙපි රෙදි පොට්ටනි සොරකම් කරන්නහුද? ඇවැත්නි, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදිම පිණිසත් පැහැදුනවුන්ගේ වැඩි පැහැදිම පිණිසත් නොවේ.ඇවැත්නි, නැවත නො පැහැදුනවුන්ගේ නො පැහැදීම පිණිස පැහැදුන ඇතම් කෙනෙකුගේ වෙනස් වීම පිණිසවේ.

15 ඉක්බිති ඒ භික්‍ෂුහු ඡබ්බග්ගිය භික්‍ෂුන්ට නොයෙක් ආකාරයෙන් නින්දා කොට භාග්‍යවතුන්වහන්සේට මේ කාරණය සැළකළාහුය. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ මේ නිදානයෙහි මේ සිද්ධියෙහි භික්‍ෂු සංඝයා රැස්කරවා , මහණෙනි, තෙපි රෙදි වනන තැනට ගොස් රෙදි පොට්ටනියක් ගෙනාවහුයයි කියන්නේ ඇත්තදැයි, ඇසිය. ,භාග්‍යවතුන් වහන්ස, ඇත්තය, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නින්දා කළසේක.. හිස් පුරුෂවරුණි, නො ගැලපෙන , නුසුදුසු ,ශ්‍රමණභාවයට නො ගැලපෙන, අකැප, නො කටයුත්තක් කළාහුය.හිස් පුරුෂයෙනි, තෙපි කෙසේ නම් රෙදි වනන තැනට ගොස් රෙදි පොට්ටනියක් සොරකම් කළාහුද? හිස් පුරුෂයෙනි, මෙය ( මෙහි 11 ඡෙදයේ ( 2 ) යොදන්න ) , ඒ භික්‍ෂුව,වෙනුවට . ඒ භික්‍ෂුන් සය දෙනාට.යොදාගත යුතුයි. ) ,යම්කිසි භික්‍ෂුවක් ගමින් හෝ අරණ්‍යයෙන් හෝ නුදුන් , සොරකමකැයි කියන ලද්දක් ගනීද, යම්බඳු නුදුන් දෙය ගැනීමකට රජවරු සොරකු අල්ලා සොරෙකි, මෝඩයෙකි, මුළාවුවෙකි, ගත්තෙකැයි මරත් නම් හෝ බඳින්නාහු නම් හෝ රටින් පිට කරන්නාහු නම් එබඳු නුදුන් දෙයක් ගන්නාහු මේ මහණ තෙමේද පාරාජිකා වේ , ආශ්‍රයට නුසුදුසු වේ.

භික්‍ෂු විභංගය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

1 ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වේරඤජා නුවර සමීපයෙහි නලේරු යක්‍ෂයා අධිගෘහිත වු කොසඔ ගස සමීපයෙහි පන්සියයක් පමණ මහා භික්‍ෂු සමූහයක් සමග වාසය කරන සේක………..

2  වේරඤජ නම් බ්‍රාහ්මණ තෙමේ .භවත්නි, ශාක්‍ය වංශයෙන් පැවිදිව ශ්‍රමණ ගෞතම තෙම පන්සියයක් පමණ වු මහත් භික්‍ෂු සමුහයක් සමග වේරඤජා නුවර නලේරු නම් යක්‍ෂයා අධිගෘහිත වු කොසඹ ගස සමිපයෙහි වාසය කරන්නේලු.

3 .ඒ භවත් ගෞතමයන් වහන්සේ ඒ (භාග්‍යවතුන් වහන්සේ) මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක. තමන්ම සියලු ධර්‍මයන් අවබෝධ නරගන්නා ලදී. ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා හා පසළොස් චරණ ධර්‍මයන්ගෙන් යුක්තය. යහපත් ගමන් ඇත්තේය. තුන් ලෝකය දන්නේය. දමනය කළ යුතු පුරුෂයන් දමනය කිරීමට මීට වඩා ශ්‍රේෂ්ඨයෙක් නැත . දෙවි මිනිසුන්ගේ අනුශාසකයාය. චතුරාර්‍ය සත්‍ය ධර්‍මයන් අවබෝධ කළසේක. භාග්‍ය ( පින් ) ඇත්තේයයි. මෙසේ යහපත් කීර්ති ශබ්දයක් පැන නැංගේය.

4 .හෙතෙම (1) දෙවියන් සහිත වූ මරුන් සහිත වු බඹුන් සහිත වු ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් සහිත වු (2) සත්ව සමූහය විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ
ඤ ෆ ු ු රැ %
කොට ප්‍රකාශ කරයි. හෙතෙම මුල යහපත් මැද යහපත් අග යහපත් අත්‍ර්‍ථ සහිත ව්‍යඤජන ඇති දොස්  නැති පිරිසිදු වු බ්‍රහ්මචය්‍ර්‍යය ය ප්‍රකාශ කරයි (3) එබඳු රහතුන්ගේ දැකීම ඇත්තේ නම්  යහපතැ යි. කීයේය.

5 ඉක්බිති වේරඤජා බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග ප්‍රීති විය. සතුටු විය යුතුවූ , සිහිපත් කටයුතුවූ, කථාව කොට නිමවා එක පැත්තකට වී හුන්නේය. (2) එක පැත්තකට වී හුන් වේරඤජ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට, .භවත් ගෞතමයන් වහන්ස, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ (3) දිරූ, වැඩි මහළු වූ, බොහෝකල් දත්, කලක් ඉක්ම ගිය, අන්තිම වයසට පැමිණි බමුණන්ට නො වඳියි හෝ අස්නෙන් නො නැගිටී හෝ අසුනක් බාර නො දෙයි,. කියා මාවිසින් එය අසන ලදී. .භවත් ගෞතමයන් වහන්ස, එය එසේමද? භවත් ගෞතමයන් වහන්ස, (මෙහි 3 යොදන්න ) බාර නොදෙයි ද?භවත් ගෞතමයන් වහන්ස, එය අයුතුමය..

6 .බමුණ, ( මෙහි 4 -1 යොදන්න) අතරෙහි මම යමෙකුට වඳින්නෙම් නම් හෝ දැක අස්නෙන් නැගිටින්නේ නම් හෝ අසුන බාර දෙන්නෙම් නම් හෝ ඔහු මම නොදක්නෙමි.. බමුණ, තථාගතයන් වහන්සේ යමෙකුට වඳින්නේ නම් හෝ දැක අස්නෙන් නැගිටින්නේ නම් හෝ අසුනක් බාර දෙන්නේ නම් හෝ ඔහුගේ හිස කැඩී වැටෙන්නේය යි. වදාළසේක.

7 .භවත් ගෞතමයන් වහන්සේ සමගි රස නැති කෙනෙක් වැනිදැයි. ඇසීය. (2) .බමුණ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමගි රස නැත්තෙක් වැනියයි යම් කාරණයකින් මට මනා කොට කියන්නේ නම් බමුණ, ඊට හේතුවක් ඇත්තේය, බමුණ, යම් ඒ රූප රසයෝ ඇත්ද , ශබ්ද රසයෝ ඇත්ද, ගන්‍ධ රසයෝ ඇත්ද, රස රසයෝ ඇත්ද, ස්පර්‍ශ රසයෝ ඇත්ද, ඔව්හු තථාගතයන් වහන්සේට  නැත්තාහ.මුල් සිඳින ලද්දාහ.මුදුන සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහ.

ක්‍රමයෙන් නැති කරන ලදහ.මත්තෙහි නූපදින බවට පමුණුවන ලදහ.ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමගි රස නැත්තෙකු වැනියයි යමක් කරණ කොටගෙන මට මනා කොට කියන්නාහු කියත්ද, .බමුණ,මේ ඒ කාරණයයි ඔබ යමක් සඳහා කියයිද එය නොවේ.

8 .භවත් ගෞතමයන් වහන්සේ සමගි පරිභෝගයක් නැත්තේදැ.යි ඇසීය. (මෙහි7ඡේදය යෙදිය යුතුයි.) යෙදීමේදී,. රසයන් . වෙනුවට .පරිභොගයෝ. යොදන්න.)

9  . භවත් ගෞතමයන් වහන්සේ වැඳීම ආදී කුසල් නොකරන බැවින් නොකිරීම කියන්නෙක්දැ. යි ඇසීය..බමුණ, ශ.්‍රමණ ගෞතමයන් වහන්සේ නොකිරීම කියන්නෙකැ යි. යම් කාරණයකින් මට  මනාකොට කියන්නේ නම් බමුණ ඊට හේතුවක් ඇත්තේය.. බමුණ මම කයින් කරන නරක වැඩ, වචනයෙන් කරන නරක වැඩ, සිතින් කරන නරක වැඩ නො කිරීම කියමි.නානාප්‍රකාර ලාමක අකුශල ධර්‍මයන් නොකිරීම කියමි. .ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නොකිරීම කියන්නේය. යි යම් කාරණයකින් මට මනා කොට කියන්නේද?, .බමුණ. මේ ඒ ක්‍රමයයි. නුඹ යමක් සඳහා කියන්නේද එය නොවේ.

10 .භවත් ගෞතමයන් වහන්සේ වැඳීම් ආදී ලෝක චාරිත්‍ර නැති කරන්නෙක්දැ යි. ඇසීය..බමුණ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විනාශය කියන්නෙකැයි. යම් කාරණයකින් මට මනා කොට කියන්නේ නම් .බමුණ, ඊට හේතුවක් ඇත්තේය. .බමුණ මම රාගයාගේ, ද්වේෂයාගේ, මෝහයාගේ, විනාශය කියමි.නානාප්‍රකාර අකුශල ධර්‍මයන්ගේ විනාශය කියමි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විනාශය කියන්නේ යයි යම් කාරණයකින් මට මනා කොට කියන්නේ ද .බමුණ, මේ ඒ ක්‍රමයයි.නුඹ යමක් සඳහා කියන්නේ ද එය නොවේ..

11  .භවත් ගෞතමයන් වහන්සේ වැඳීම් ආදිය පිළිකුල් කරන්නේදැ. යි ඇසීය. .බමුණ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වැඳීම් ආදිය පිළිකුල් කරන්නෙකැයි. යම් කාරණයෙකින් මට මනාකොට කියන්නේ නම්, .බමුණ, ඊට හේතුවක් ඇත්තේය. .බමුණ, මම ශරිරයෙන් කෙරෙන වැරැදි පිළිකුල් කරමි. වචනයෙන් වන වැරැදි පිළිකුල් කරමි. සිතින් වන වැරැදි පිළිකුල් කරමි.නානාප්‍රකාර ලාමක අකුශල ධර්‍මයන් සමාපත්තියෙන් පිළිකුල් කරමි.ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිළිකුල් කරන්නෙකැයි (2)  යම් කාරණයෙකින් මට මනාකොට කියන්නේද, බමුණ, මේ ඒ කාරණයයි.නුඹ යමක් සඳහා කියයිද එය නොවේ.

12 . භවත් ගෞතමයන් වහන්සේ හික්ම විය යුත්තෙක් නිග්‍රහ කළ යුත්තෙක්දැ. යි ඇසීය. ,බමුණ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හික්ම විය යුත්තෙකැයි යම් කාරණයකින් මට මනා කොට කියන්නේද, .බමුණ, මම රාගය ,ද්වේශය, මෝහය, හික්මවීම පිණිස බණ කියමි. නානාප්‍රකාර අකුශල ධර්‍මයන් හික්මවීම පිණිස බණ කියමි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හික්මවිය යුත්තෙකැයි,  (මෙහි 9 (2) යොදන්න.)

13 , භවත් ගෞතමයන් වහන්සේ වැඳීම් ආදිය නොකර තපස්වීන් වෙහෙසන කෙනෙක්දැයි. ඇසීය.. බමුණ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තපස් ඇත්තෙකැයි . යම් කාරණයකින් මට මනාකොට කියන්නේද .බමුණ මම කාය දුශ්චරිතය, වාග් දුශ්චරිතය, මනෝ දුශ්චරිතය, තැවිය යුතුයයි කියමි. අකුශල ධර්‍මයන් තැවිය යුතුයයි කියමි. .බමුණ, යමෙකුට වනාහි තැවිය යුතු ලාමක අකුශල ධර්‍මයෝ ප්‍රහීන වූවාහු වෙත්ද, මුල් උදුරණ ලද්දාහු වෙත්ද, මුදුන සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහු වෙත්ද, අභාවයට යවන ලද්දාහු වෙත්ද, නූපදින ස්වභාවයට පමුණුවන ලද්දාහු වෙත්ද, ඔහුට මම තපස් ඇත්තේයයි, කියමි..බමුණ, තථාගතයන් වහන්සේ විසින් තැවීම කටයුතු වූ ලාමක අකුශල ධර්‍මයෝ ප්‍රහීණ කරන ලද්දාහ.සිඳින ලද මුල් ඇත්තාහ. මුදුන සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහ.අභාවයට යවන ලද්දාහ.

මත්තෙහි නූපදින තත්‍වයට පමුණුවන ලද්දාහ. .බමුණ, ශ්‍රමණ ගෞතම තෙමේ තපස් ඇත්තේයයි යම් ක්‍රමයකින් කියන්නාහු කියත් නම් , මේ ඒ ක්‍රමයයි. ඔබ යමක් සඳහා කියන්නෙහිද එය නො වේ.

14 .භවත් ගෞතමයන් වහන්සේ දෙව්ලොව ඉපදීමෙන් පහවූයේදැ. ඇසීය. .බමූණ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දෙව්ලොව ඉපදීමෙන් වෙන්වූයේයයි. යම්හෙයකින් මට මනාකොට කියන්නේද, .බමුණ, මම මත්තෙහි ගර්භයෙහි සයනය කිරීම, නැවත භවයක ඉපදීම නැතිකරන ලදී. සිඳින ලද මුල් ඇත්තාහු වෙත්ද, මුදුන සිඳින ලද තල්ගසක් මෙන් කරණ ලද්දාහු වෙත්ද, අභාවයට යවන ලද්දාහු ද, මත්තෙහි නූපදින තත්‍වයට පමුණුවන ලද්දාහුද, එය මම ඉපදීමෙන් වෙන් වීමයයි කියමි. .බමුණ, තථාගතයන් වහන්සේ මත්තෙහි ගැබක සයනය කිරීම නැවත භවයක ඉපදීම නැතිකරන ලද්දාහ,මුල් උදුරා දමන ලද්දාහ, මුදුන සිඳු තල් ගසක් මෙන් කරන ලද්දාහ, අභාවයට යවන ලද්දාහ,මත්තෙහි නූපදින තත්‍වයට පමුණුවන ලද්දාහ..බමුණ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඉපදීිමෙන් තොර වූයේයයි කියා මට යම් හෙයකින් කියන්නාහු නම්, මේ ඒ ක්‍රමයයි.ඔබ යමක් සඳහා කියන්නේ නම් එය නො වේ.

15  , බමුණ, යම් සේ අටක් හෝ දහයක් හෝ දොළසක් හෝ කිකිළි බිත්තර වෙත්ද, ඒ බිත්තර උඩ කිකිළිය යහපත්සේ නිදනලද්දී ද, යහපත්සේ උනුසුම් කරන ලද්දාහු වෙත් ද කුකුඑ ගඳ ගස්වන ලද්දාහු වෙත් ද ඒ කුකුඑ පැටවුන්ගෙන් යම් කිසිවෙක් පළමුවෙන් පයේ නිය අගින් හෝ හොට අගින් හෝ බිත්තරය බිඳ සැපසේ පිටවන්නේ ද, කිමෙක් ද? හෙතෙම වැඩිමහළුද බාලයයි කිව යුතුදැ.යි ඇසීය, .භවත් ගෞතමයන් වහන්ස, ඔහුට වැඩිමහළුයයි.. කිව යුතුය. හෙතෙම ඔවුන්ගේ වැඩිමලාය..බමුණ එසේම මම හාත්පසින් වැසුන අවිද්‍යාවට ගිය සතුන් අතරෙහි අවිද්‍යාව නමැති බිත්තරය බිඳ තනිව ලෝකයෙහි ශ්‍රේෂ්ඨ බුද්ධත්‍වය ලැබු වෙමි.ඒ මම ලෝකයට ජ්‍යෙෂ්ඨ ය. ශ්‍රේෂ්ඨ ය.,

16  , බමුණ, මාවිසින් වීය්‍ර්‍යය පටන්ගන්නාලදී. නො සැගවුණේය. සිහිය එළඹ සිටියේය. මුලා නොවීය.ශරීරය සංසිඳුණේය.දාහ නැතිවිය.සිත සමාධිගත විය.එකග වූයේය..බමුණ, ඒ මම (2) කාමයන්ගෙන් වෙන්ව අනුශල ධර්‍මයන්ගෙන් වෙන්ව විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.විතර්‍ක විචාරයන්ගේ සංසිඳිමෙන් ඇතුළත පැහැදීම ඇති සිත් හා එකට පහළවීම ඇති විතර්‍ක නැති විචාර නැති සිත එකග කිරීමෙන් උපන් දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරමි.ප්‍රීතිය පහවීමෙන් උපෙක්‍ෂාවෙන් යුක්තව වාසය කෙළෙමි.සිහි ඇතිව යහපත් නුවණින් යුක්තව කයින් සැපයක් වින්දෙමි.යමක් ආය්‍ර්‍යයෝ උපේක්‍ෂා ඇත්තේ සිහි ඇත්තේ සැපසේ වාසය කෙරේයයි තියත්ද, ඒ තුන් වෙනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.සැප නැතිවීමෙන්ද දුක නැතිවීමෙන්ද පෙරම සොම්නස් දොම්නස් දෙකම අස්තයට යාමෙන් දුක් නැති සැප නැති උපේක්‍ෂාවෙන් උපන් සිහියේ පිරිසිදුකම ඇති සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරමි.

17  .ඒ මම මෙසේ සිත එකග වූ කල්හි පිරිසිදු වූ කල්හි දීප්තිමත් වු කල්හි කිලිටි නැති වූ කල්හි කෙළෙස් නැති වූ කල්හි පහ වු උවදුරු ඇති කල්හි මෘදු වූ කල්හි කර්‍මයට යොග්‍යව සිටි කල්හි නොසෙල්වෙන බවට පැමිණි කල්හි පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරන නුවණ පිණිස සිත නැමුයෙමි. (මෙහි, කෙරෙයි, යන්න, කළෙමි, කියා වෙනස් කොට 1 දීඝනිකායේ 52 ඡේදය යොදන්න) (126 පිට) බමුණ, මේ මාගේ බිජුවටින් කුකුළු පැටියාගේ මෙන් ප්‍රථම පහළවීම වේ..

18  ( මෙහි. .නමයි. යනු .නැමීම. කියා වෙනස් කොට 1 දීඝනිකායේ 76 ඡෙදය යොදන්න´ (128) .බමුණ, මේ මාගේ බිජුවටින් කුකුළු පැටවාගේ මෙන් දෙවෙනි පහළවීම වේ..

19  ( මෙහි. .නමයි. යනු .නැමීම. කියා වෙනස් කොට දීඝනිකායේ 78 ඡෙදය යොදන්න) (130 පිට) .බමුණ, මේ මාගේ බිජුවටින් කුකුළු පැටවාගේ මෙන් තුන්වෙනි පහළවීම වේ.

20 මෙසේ කී කල්හි වේරඤජ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට .භවත් ගෞතමයන් වහන්සේ ජ්‍යෙෂ්ඨය. භවත් ගෞතමයන් වහන්සේ ශ්‍රේෂ්ඨය, (මෙහි 1 දීඝනිකායේ 132 පිටේ .ස්වාමීනි .යන තැන සිට ගනිමි, යන තැනට යොදන්න) භවත් ගෞතමයන් වහන්සේ භික්‍ෂු සංඝයා සමග වේරඤජාවෙහි වස් විසිම ඉවසන සේක්වා.යි කීවේය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූසේක. ඉක්බිති වේරඤජ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහ්සේගේ පිළිගැනීම දැන අස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ වටේ කැරකී වැඳ (පැදකුණූ කොට ) ගියේය.

21  එකල්හි වනාහි වේරඤජාවෙහි දුර්භික්‍ෂය ඇත්තේ වෙයි. ජීවත් වේදෝ නොවේදෝ හෝයි යන අදහස් දෙක ඇත්තේ සුදුවූ ධාන්‍ය ඇත්තේ සීට්ටු ක්‍රමයෙන් ජීවත් වීම ඇත්තේ පිඩු සිගීමෙන් ජීවත්වන්ට නොහැක්කේ විය. එකල්හි වනාහි උතුරු දෙශයෙහි වූ අශ්ව වෙළෙන්දෝ අශ්වයන් පන්සියයක් සමග වේරඤජාවෙහි වාසයට පැමිණියාහු වෙත්. ඔවුන් විසින් අශ්වයන් සිටි භුමියේ හුන් භික්‍ෂුන්ට නැළියක් පමණ යව එක් නමකට නියම කරන ලද්දාහු වෙත්.

22  භික්‍ෂුහු පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු රැගෙන වේරඤජාවට පිඩු පිණිස වැඩ, පිඩු නො ලබන්නාහු අශ්ව භුමීන්හි පිඩු පිණිස හැසිර යව නැළිය ආරාමයට ගෙනවුත් වනේ කොටා අනුභව කරත්. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ යව නැළියක් ගලෙක්හි අඹරා භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වූයේය. භාග්‍යවතුන් වහන්සේ එය වැළඳූසේක.

23  භාග්‍යවතුන් වහන්සේ වංගෙඩි ශබ්දය ඇසූසේක. තථාගතවරයෝ දන්නාහුද විචාරත්, දන්නාහුද නො විචාරත්, කාලය දැන විචාරත්, කාලය දැන නො විචාරත් , තථාගතවරයෝ වැඩක් ඇතිව විචාරත්, වැඩක් නැතිව නො විචාරත් ,වැඩක් නැති දෙය තථාගතයන් විසින් මාර්‍ගයෙන් නසන ලදී, දෙපරිද්දෙකින් භාග්‍යවත් බුදුවරු භික්‍ෂූන් විචාරත්,  .බණ හෝ වදාරන්නෙමි, ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද හෝ පනවන්නෙමියි. කියාය

24  ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන්ට කථා කලසේක. .ආනන්‍දය, ඒ වංගෙඩි ශබ්දය නුමක්දැයි, ඇසූසේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද සථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැල කලසේක. .ආනන්‍දය, යහපත, යහපත, ආනන්‍දය, තොප වැනි සත්පුරුෂයන් නිසා දුර්භික්‍ෂය දිනන ලදී. පසුව ඇතිවන අය හැල් බත් හා මස් උසස් කොට නොගන්නාහ. යි වදාළෝය.

25 ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හි ද එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පැත්තක සිටියේය. එක්පැත්තකට වී හුන් ආයුෂ්මත් මහ මුගලන් තෙමේ භාග්‍යවතුත් වහන්සේට, , ස්වාමීනි, දැන් වේරඤජාවට දුර්භික්‍ෂයකි, අදහස් දෙකකි. සුදු ඇට ඇත්තේය. සීට්ටු ක්‍රමයෙන් ජීවත් වීම ඇත, පිඩු සිගා යාමෙන් ජීවත් වන්නට නොහැක්ක, ස්වාමීනි, මේ පෘථිවියෙහි යට පැත්ත සශ්‍රිකය, කුඩා මැස්සන් විසින් බඳින ලද පිළවුන් නැති මීයක් මෙනි.මෙසේ කෑමට රසවත්ය. සවාමීනි, මම පෘථිවිය පෙරළන්නෙම් නම් යෙහෙක. භික්‍ෂූහු පෘථිවි රසය අනුභව කරන්නාහු නම් යහපත්ය,, යි කීයේය. .මොග්ගල්ලානය යම් ඒ පෘථිවිය ඇසුරු කොට ඇති සත්තු වෙත්ද ඔවුන්ට කුමක් කරන්නෙහිදැ.යි ඇසීය..ස්වාමීනි.මම මහා පෘථිවිය ප්‍රමාන එක් අතක් මවා ගන්නෙමි.පෘථිවිය ඇසුරු කළ සතුන් වෙත්ද, ඔවුන් ඊට මාරු කරන්නෙමි. එක් අතකින් පොළොව පෙරලන්නෙමි.ියි කීයේය. මොග්ගල්ලානය, තොපට පොළොව පෙරළන්ට රුචියක් නොවේවා. සත්‍වයෝ විපය්‍ර්‍යාසයකට පැමිනෙන්නාහුය, .ස්වාමීනි, සියළු භික්‍ෂුහු උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතය පිණිස යන්නාහු නම් යහපතැයි. කීයේය. .මොග්ගල්ලානය, එපා. සියළු භික්‍ෂුන් උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතය නොයේවා..

26 ඉක්බිති රහසිගත වූ හුදකලා වූ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට ( 11 ) මෙසේ සිතට සැකයක් පහළවිය. කිනම් භාග්‍යවත් බුදුකෙනෙකුන්ගේ ශාසනය බොහෝ කලක් නොපැවැත්වේ ද කිනම් භාග්‍යවත් බුදුවරුන්ගේ ශාසනය බොහෝ කල් පැවැත්වේ ද ?(3) ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැගිට්ටේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද එහි පැමිනියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පැත්තකට වී සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් ශාරිපුත්‍ර සථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට .ස්වාමීනි, මෙහි රහසිගත වු විවේකයට ගිය මට (මෙහි (2) යොදන්න) .ශාරිපුත්‍රය, (5 ) විපස්සී බුදුරජාණන් වහන්සේගේ ද, සිඛී බුදුරජාණන් වහන්සේගේ ද, වෙසසභූ බුදුරජාණන් වහන්සේගේ ද, ශාසනය බොහෝ කලක් (5) නො පැවැත්තේය. ශාරිපුත්‍රය, කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ද, කෝනාගම බුදුරජාණන් වහන්සේගේ ද, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ද, ශාසනය බෝහෝ කලක් පැවැත්තේ යයි . කීයේය.

27 ,ස්වාමීනි, යම් කරුණකින් භාග්‍යවත් ( මෙහි 4 (4) යොදන්න ) නොපැවැත්තේදැ, යි ඇසීය. , ශාරිපුත්‍රය. විපස්සී භාග්‍යවතුන් වහන්සේ ද, සිඛී භාග්‍යවතුන් වහන්සේ ද, වෙස්සභු භාග්‍යවතුන් වහන්සේ ද, ශ්‍රාවකයන්ට විස්තර වශයෙන් ධර්‍මදේශනා කරන්ට වෙහෙසුනාහුය. උන්වහන්සේලාගේ  (2) සූත්‍ර නමින් යුත් බණ, වාසගම් දෙකින් මිශ්‍ර බණ . ගාථා, ප්‍රීති වාක්‍ය, මෙසේ කීයේය යන ධර්‍ම, ජාතක විෂ්මය ජනක ධර්‍ම, බලවත ්ප්‍රීතිවාක්‍ය යන අංග නවයකින් යුත් ධර්‍ම ස්වල්පය, ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද නොපනවන ලදී. ප්‍රාතිමොක්‍ෂය නොදෙසන ලදී, ඒ භාග්‍යවත් බුදුවරුන්ගේ පිරිනිවීමෙන් බුදුන්ගෙන් අසා අවබෝධ කරගත් ශ්‍රාවකයන්ගේ අතුරුදහන් වීමෙන්, යම් ඒ, පසුව සිටි ශ්‍රාවකකෙනෙක් ඇත් ද නොයෙක් නම් ඇත්තාහු. නොයෙක් ගෝත්‍ර ඇත්තාහු, නොයෙක් ජාති ඇත්තාහු,නොයෙක් වංශවලින් පැවිදිවූවාහු ඒ ධර්‍මය වහා අතුරුදහන් කළාහුය. .ශාරිපුත්‍රය, යම්සේ නොයෙක් මල්. තැටියෙක්හි දමන ලද්දාහු නූලකින් නො අමුනන ලද්දාහු වාතය විසුරුවයිද. පිඹහරියිද , වනසයිද,
ඊට හේතු කවරේද? යම්සේ නූලකින් එකතු නො කරනලද්දාහු ද එමෙනි,, .ශාරිපුත්‍රය, එසේම ඒ භාග්‍යවත් බුදුවරුන්ගේ නැතිවීමෙන් නොයෙක් නම් ඇති, නොයෙක් ගෝත්‍ර ඇති. නොයෙක් ජාති ඇති, නොයෙක් වංශවලින් පැවිදි වූ ඒ ශ්‍රාවකයෝ ඒ ශාසනය වහා නැති කළාහුය. ඒ බුදුවරුද සිතින් සිත දැන ශ්‍රාවකයන්ට අවවාද කරන්නට නො වෙහෙසුනාහුය.

28 ,ශාරීපුත්‍රය, පෙර වූ දෙයක් කියමි .අර්‍හත් සම්‍යක් සම්බුදධ වූ වෙස්සභු භාග්‍යවතුන් වහන්සේ එක්තරා භයජනක වනලැහැබෙක්හි දහසක් භික්‍ෂු සංඝයා සිතින් සිත දැන අවවාද කරයි. අනුශාසනා කරයි. මෙසේ සිතව්. මෙසේ නො සිතව්. මෙසේ මෙනෙහි කරව් මෙසේ මෙනෙහි නොකරව්. මෙය අත්හරිව්. මීට පැමිණ වාසය කරව්ය,යි කියායි .ශාරීපුත්‍රය, ඉක්බිති ඒ භික්‍ෂූන් දහසට වෙස්සභු භාග්‍යවතුන් වහන්සේ විසින් අවවාද කරන්නේ අනුශාසනා කරන්නේ රාගාදී වශයෙන් නොගෙන කෙළෙසුන්ගෙන් සිත මිදුනේය. ශාරිපුත්‍රය, එහි භයජනක වනලැහැබේ භයජනක බව වේ. යම්ිකිසි කෙළෙස් නැසූ කෙනෙක් ඒ වන ලැහැබට පැමිණේද රෑ බොහෝසෙයින් ලොම් කෙළින් සිටින්නේය. ශාරීපුත්‍රය, විපසසී සිඛි වෙසසභු බුදුවරුන්ගේ ශාසනය බොහෝ කල් නො පැවතීමට මේ හේතුවකි..

29 .ස්වාමීනි, යම්කරුණකින් (2) කකුසඳ, කෝනාගම, කාශ්‍යප බුදුවරුන්ගේ ශාසනය බොහෝ කල් පැවැත්තේද ඊට හේතු ප්‍රත්‍යය කවරේද? (3) .ශාරීපුත්‍රය, කකුසඳ, කෝනාගම, කාශ්‍යප යන බුදුවරු ශ්‍රාවකයන්ට විස්තර වශයෙන් ධර්‍මදෙශනා කරන්නට වෙහෙස නො වූවාහුද, උන්වහන්සේලාගේ (මෙහි27 (2)) යෙදීමේදී, .ස්වල්ප. වෙනුවට .බොහෝ . .වහාම අතුරුදහන් කළාහුය.යන්නට .බොහෝ කලක් රෑක්කාහුය. කියාද, .නූලකින් එකතු නො කරන ලද්දාහුය. යන්නට .නූලකින් එකතු කරන ලද්දාහු. කියාද, .නො විසුරුවයි, පිඹ නො හරියි, නොම නසයි, බොහෝ චිරස්ථායි වීයයි. කියා වෙනස්කර යොදා ගත යුතුයි.)

30 ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙමේ අස්නෙන් නැගිට තනිපට සිවුර ඒකාංශ කොටපෙරවා, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතන්හි දොහොත් මුදු දී භාග්‍යවතුන් වහන්සේට .භාග්‍යවතුන් වහන්ස, මෙය කල්ය, සුගතයන් වහන්ස, එයට කාලයයි. යම්හෙයකින් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පණවන්නේද, පාමොක් උදෙසන්නේද, යම්සේ මේ බ්‍රහ්මචය්‍ර්‍යය බොහෝකල් පවත්නේ වේ.බොහෝ කල් සිටින්නේ වේයයි. මෙසේ කීවේය. ,ශාරිපුත්‍රය, ඔබ නවතින්න. ශාරිපුත්‍රය, ඔබ නවතින්න. තථාගතයන් වහන්සේම ඊට කාලය දන්නේය. ශාරිපුත්‍රය, තවම ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද නො පණවයි.පාමොක් නො උදෙසයි. යම්තාක් මෙහි කෙළෙස් ඇතිවන ඇතම් කාරණයෝ සංඝයා කෙරෙහි පහළ නොවෙත්ද ඒතාක්ය. ශාරිපුත්‍රය, සංඝයා කෙරෙහි කෙළෙස්වලට හේතු ධර්‍මයන් පහලවෙත්ද ඒ කෙළෙසුන්ට හේතු ධර්‍ම නැසීමට එකල ශාසතෘන් වහන්සේ ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පණවයි. ප්‍රාතිමොක්‍ෂය දේශනා කරයි. ශාරීපුත්‍රය, මේතාක් ලෝකයෙහි වූ ඇතම් ක්ලෙශ ධර්‍ම කෙනෙක් සංඝයා කෙරෙහි පහළ නොවෙත්.,

31 ,යම් තැනක සිට සංඝයා වස් ගණනින් මහත් බවට පැමිණියේද, (2) එකල මේ් ලෝකයෙහි කෙළෙසුන්ට හේතු කරුණු සංඝයා කෙරෙහි පහළවෙත්. එකල ශාසතෘන් වහන්සේ ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පණවනසේක. ඒ කෙළෙසුන්ට හේතු ධර්‍ම නැසීම පිණිස ප්‍රාතිමොක්‍ෂය දේශනා කරනසේක.ශාරිපුත්‍රය, මේතාක් සංඝයා කෙරෙහි සමහර කෙලෙසුන්ට හේතු ධර්‍ම පහළ නොවෙත්.,

32 , යම් තැනක සිට සංඝයා පිරිස් වශයෙන් මහත් බවට පැමිණියේද, (මෙහි31 (2 ) යොදන්න. )

33 , යම් තැනක සිට සංඝයා ලාභයෙන් මහත් බවට පැමිණියේද, (මෙහි 31 (2) යොදන්න)

34 , යම් තැනක සිට සංඝයා උගත් කමින් මහත් බවට පැමිණියේද( 31(2) යොදන්න) ශාරිපුත්‍රය, භික්‍ෂු

සංඝ තෙමේ දුශ්ශීලයන්ගෙන් තොරය. උවදුරුවලින් තොරය. විපතින් බැහැරය. පහවූ දුශ්ශීලයන් ඇත්තේය. පිරිසිදුය. හර ගුණධර්‍මවලින් යුක්තය. ශාරිපුත්‍රය, මේ භික්‍ෂූණ පන්සියය අතරින් යමෙක් බාලද හෙතෙම සෝවාන්ය. අපායෙහි නො වැටෙන ස්වභාව ඇත්තේය. නිවනට නියමය. අවබෝධය. ශ්‍රේෂ්ඨ පිහිට කොට ඇත්තේය.,

35 ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද සථවිරයන් වහන්සේ ඇමතුසේක. , ආනන්දය, යමෙකු විසින් ආරාධනා කරනු ලැබ වස් වසත්ද, ඔවුන් නොවිචාරා ඇවිදීමට යාම තථාගතවරුන් විසින් පුරුදු නොකරන ලදී. යමු, වේරඤජ බ්‍රාහ්මණයා විචාරමුයයි, වදාළසේක. ආයුෂ්මත් ආනන්ද සථවිරයන් වහන්සේ .එසේය, ස්වාමීනි.යි භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හැඳ පොරවා පාත්‍රය හා සිවුරු ගෙන ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට පෙරටුව වේරඤජ බ්‍රාහ්මණයාගේ නිවසට වැඩිසේක. වැඩ පනවන ලද අස්නෙහි වැඩසිටිසේක.

36  ඉක්බිති වේරඤ්ඡ බ්‍රාහමණ තේම් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය .එකත් පසෙක සිටි වේරඤ්ඡ බ්‍රාහ්මණයාට භාග්‍යවතුන් වහන්සේ ,බමුණ, ඔබ විසින් අපි ආරාධනා කරණ ලද්දෙමු. වස් වුසූමු. ඔබගෙන් අපි දනවු සැරිසැරීමට යාමට අවසර ගනිමු. අපි දනවු සැරිසැරීමට යාමට කැමැත්තෙමුයි, කීවාහ. ,භවත් ගෞතමයන් වහන්ස, ඇත්තය, ආරාධනය කෙළේ වෙමු. අපි වස් වසවන ලද්දෝ වෙමු. එතකුදුවුවත් යම් දිය යුතු දෙයක් ඇත්ද, එය නො දෙන ලදී. එයද නැතිව නො වේ. නොදෙනු කැමැත්තෙන්ද නොවේ. ගිහි ගෙයි වාසයෙන් බොහෝ වැඩ කටයුතු ඇත්තේය. ඊට කොයින් අවකාශ ලබම්ද? භවත් ගෞතමයන් වහන්සේ හෙට දවස පිණිස භික්‍ෂු සංඝයා සමග මාගේ දානය පිළිගනු මැනවයි, කීයේය. භා්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව ඉවසූ සේක. ඉක්බිති
භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජ බ්‍රාහ්මණයා දැහැමි කථාවෙන් කරුණු සහිතව පෙන්වා සමාදන් කරවා තෙද ගන්වා සතුටු කරවා අස්නෙන් නැගිට වැඩිසේක.

37 ඉක්බිති වේරඤජ බ්‍රාහ්මණ තෙම ඒ රාත්‍රිය ඇවෑමෙන් සිය ගෘහයෙහි රසවත් කෑයුතු බුදිය යුතු දෙය පිළියෙල කරවා ,භවත් ගෞතමයන් වහන්ස, දානයට කල් පැමිණියේය. සූදානම් කර අවසානයයි, කීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන වේරඤජ බ්‍රාහ්මණයාගේ ගෘහය යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ පනවන ලද අස්නෙහි භික්‍ෂු සංඝයා සමග හිඳගත් සේක. ඉක්බිති වේරඤ්ජ බ්‍රාහ්මණ තෙම බුදුන් ප්‍රධාන කොට ඇති භික්‍ෂූ සංඝයා රසවත් කෑ යුතු බුදිය යුතු දෙයින්ම සියතින්ම වළඳවා අවසන් කරවා වැළඳු පාත්‍රයෙන් ඉවතට ගත් අත් ඇති භාග්‍යවතුන් වහන්සේ තුන් සිවුරෙන් ඇන්දවු සේක. එක් එක් භික්‍ෂුව එක් එක් වස්ත්‍ර දෙකකින් ඇන්දවූයේය.

38 ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජ බ්‍රාහ්මණයා දැහැමි කථාවෙන් උදාහරන සහිතව පෙන්වා සමාදන් කරවා උත්සාහවත් කරවා සතුටු කරවා අස්නෙන් නැගිට වැඩිසේක.ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වේරඤජා නුවර කැමැතිතාක් කල් වාසය කොට සෝරෙය්‍ය, සංකස්ස, කාන්‍යකුබ්ජයන්ට පිළිවෙලින් පැමිණ ප්‍රයාග ප්‍රතිෂ්ඨාන නම් තොටුපලින් ගංගා නම් ගඟින් එගොඩ වී බරණැස් නුවර යම් තැනෙක්හිද එහි විසූ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර කැමැතිතාක් වාසය කොට විශාලා මහනුවර යම් තැනෙක්හිද එහි වැඩිසේක. පිළිවෙලින් චාරිකාවෙහි හැසිරෙන්නේ විශාලා මහනුවර වාසය කළසේක.භාග්‍යවතුන් වහන්සේ එහි මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වාසය කරනසේක.

වේරඤජ කොටස නිමි .

මිශ්‍ර කථා

1  (1) ඒ කාලයේ එක්තරා භික්‍ෂුනමක් වැඳිරියක සමග (2) මෛථුන ධර්‍මයෙහි යෙදුනේය. ඔහුට සැකයක් ඇති විය (3) භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්‍ෂා පදයක් පණවන ලදී. . කිමෙක්ද,මම පාරාජිකා පාපයට පැමුණුනෙම්ද?. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකෙළේය. ,මහණෙනි, ඔබ පාරාජිකා ඇවතට පැමිනියෙහිය, .

2  එකල්හි වනාහි විශාලා මහනුවර බොහෝ වජ්ජිපුත්‍රක භික්‍ෂුහු සිල් බහා නො තබා දුර්‍වල බව ප්‍රකාශ නො කොට මෛථුන ධර්‍මය සේවනය කළාහුය. ඔවුන්ට සැකයක් පහළ විය. භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්‍ෂාපද පණවන ලදී. කිමෙක්ද? පාරාජිකා පාපයට පැමිණියාහුද , භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළාහුය. , මහණෙනි, තෙපි පාරාජිකා පාපයට පැමණියාහුය.,

3  එකල්හි වනාහි එක්තරා  භික්‍ෂුවක් , මෙසේ මට ඇවැත් නො වන්නේ යයි , ගිහිකමින් මෛථුන ධර්‍මය සේවනය කෙළේය. ඔහුට සැකයක් ඇති විය.( මෙහි1 ( 3 ))

4  එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් . මෙසේ මට ඇවත් නො වන්නේයයි . වස්ත්‍ර නැතිව මෛථුන ධර්‍මය සේවනය කෙළේය. ඔහුට සැකයක් ඇතිවිය. ( මෙහි  1 (3)

5  (1) එකල්හි වනාහි  එක්තරා භික්‍ෂුවක් .මෙසේ මට ඇවැත් නොවන්නේයයි . ( 2 ) කුසතණ හැඳ ( මෙහි 1 ( 2 ) ( 3)

6  ( මෙහි 5 ( 1 ) යොදන්න. ) වැහැරි සිවුරු හැඳ ( මෙහි 1 ( 2) (3 )

7  ( මෙහි 5 (1) පතුරු සිවුරු හැඳ ( මෙහි 1(2)(3)

8  ( මෙහි 5 (1) හිසකෙස් වලින් වියූ වස්ත්‍රයක් හැඳ ( මෙහි 1(2) (3)

9   ( මෙහි 5 (1) සතුන්ගේ කෙඳි වලින් වියූ වස්ත්‍ර හැඳ ( මෙහි 1 (2 ) (3)

10  ( මෙහි 5 (1) බකමුහුණු පිහාටු ඇඳුමක් හැඳ ( මෙහි 1(2) ( 3)

11  ( මෙහි 5( 1) අඳුන් දිවිසමක් හැඳ  ( මෙහි (1) (2)(3)

12  එකල්හි වනාහි එක්තරා පිඩුපිණිස යන භික්‍ෂුවක් පුටුවක හොත් ගෑණු ළමයකු දැක කාමයෙහි ඇලුනේ ඇගිල්ල ස්ත්‍රී ලිංගයට ඇතුලත් කෙළේය. ඕ තොමෝ කලුරිය කළාය.ඔහුට සැකයක් ඇති විය. භාග්‍යවතුන්වහන්සේ විසින් ශික්ඛාපදයක් පනවන ලදී. කිමෙක්ද? මම පාරාජිකා පාපයට පැමුණුනෙම් ද? භාග්‍යවතූන් වහන්සේට මේ කාරණය සැළකළේය. , මහණ,ඔබ පාරාජිකාවට නොපැමිණියෙහිය සංඝාදිසෙස ඇවතට පැමිණියෙහිය.,

13  එකල්හි වනාහි එක්තරා තරුණයෙක් උත්පලවර්‍ණා භික්‍ෂුණිය සමග පිළිබඳ සිත් ඇත්තේ විය. ඉක්බිති ඒ තරුණ තෙමේ උත්පලවර්‍ණා භික්‍ෂුණිය ගමට පිඩු පිණිස වැඩි කල්හි කාමරයට වැද සැගවී  සිටියේය. උත්පලවර්‍ණා භික්‍ෂුණිය පසුබත් වේලෙහි පිණඩපාතයෙන් නැවතූනේ පය පිසදමා කාමරයට ඇතූල්ව ඇඳෙහි හිඳගත්තාය. ඉක්බිති ඒ තරුණ තෙම උත්පලවර්‍ණා භික්‍ෂුණිය ඔසවා ගෙන දූෂ්‍ය කෙළේය. උත්පලවර්‍ණා භික්‍ෂුණිය භික්‍ෂුණීන්ට මේ කාරණය දැන්වුවාය. භික්‍ෂුණීහු භික්‍ෂූන්ට කීවාහුය. භික්‍ෂූහු භාග්‍යවතූන් වහන්සේට මේ කාරණය දැන්වූවාහුය. ,මහණෙනි,සතූටු නොවන්නීට ඇවැත් නැත.,

14  එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක්හට  සත්‍රී ලිංගයක් ඇතිවිය.භාග්‍යවතුන් වහන්සේ්ට මේ කාරණය සැළ කළාහුය. ,මහණෙනි, ඒ උපාධ්‍යායන්ම, ඒ උපසම්පදාවම, ඒ වස්ම භික්‍ෂුණීන් අතර ගණන් ගන්නට අවසර දෙමි. යම් ඇවතක් භික්‍ෂුන්ට භික්‍ෂුණීන් සහ  සමානද ඒ ඇවත් භික්‍ෂුණීන් සමීපයෙහි රකින්ට අනුදනිමි.යම් ඇවතක්  භික්‍ෂුන්ට භික්‍ෂුණීන් සමග අසමානද. ඒ ඇවතින් ඇවත් නොවේ .

15  එකල්හි වනාහි එක්තරා භික්‍ෂුණියක්හට පුරුෂ ලිංගයක් පහළවූයේය.  භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළාහුය. , මහණෙනි, ඒ උපාධ්‍යායන් වහන්සේම,   ඒ උපසම්පදාවම , ඒ වස්ම භික්‍ෂුන් සමග ගණින්නට සුදුසුය. යම් ඇවැත් කෙනෙක් භික්‍ෂුණීන්ට භික්‍ෂුන් හා සමානද ඒ ඇවැත්වලින් ඇවැත් නො වේ.

16  (1) එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් .මෙසේ මට ඇවත් නො වන්නේයයි . (2) මව සමග ( මෙහි 1 (2) (3 ) )

17  (මෙහි 16 යොදන්න ,මව සමග , වෙනුවට  , දුව සමග , යොදන්න.)

18  ( මෙහි 16 යොදන්න ,මව සමග , වෙනුවට , නංගී සමග , යොදන්න.)

19  එකල්හි එක්තරා භික්‍ෂුවක් පෙර බිරිඳ සමග මෛථුන ධර්‍මය සේවනය කෙළේය. ( මෙහි 1 (2) (3)  )

20  එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් නැමෙන පිටක් ඇත්තේය.හෙතෙම නො ඇලීමෙන් යුක්ත වූයේ තමාගේ රහසග කටින් ගත්තේය. ඔහුට සැකයක් විය.  ,මහණ,  ඔබ පාරාජිකා ඇවතට පැමුණුනෙහිය.,

21  එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් එල්ලෙන පුරුෂ නිමිති ඇත්තේ විය. හෙතෙම නො ඇලීමෙන් පෙලුනේ තමාගේ රහස් අවයවය මල මාර්‍ගයෙහි ඇතුල් කෙළේය.ඔහුට සැකයක් විය., මහණ,ඔබ පාරාජිකාවට පැමුණුනෙහිය.,

22  එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් ශරීරයක් දුටුවේය. ඒ ශරීරයෙහි ස්ත්‍රී නිමිත්ත සමීපයෙහි  වනයක් විය. හෙතෙම .මෙසේ මට ඇවත්    නො වන්නේයයි . නිමිත්තෙහි නිමිත්ත ඇතුල් කරවා වනයෙන් පිට කෙළේය.ඔහුට සැකයක් විය. , මහණ, තෝ පාරාජිකා ඇවතට පැමුණුනෙහිය.,

23  එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක්  ශරීරයක් දුටුවේය.ඒ ශරීරයෙහි අංඞගජාතය ළග වනයක් විය. හෙතෙම .මට මෙසේ ඇවැත් නොවන්නේයයි . වණයෙන් පුරුෂ අවයවය යවා නිමිත්තෙන් එලියට ගත්තේය. ඔහුට සැකයක් ඇතිවිය. ,මහණ. ඔබ පාරාජිකා ඇවතට පැමුණුනෙහිය.,

24  ,ඒ කාලයෙහි වනාහි එක්තරා භික්‍ෂුවක් කාමයෙහි ගිජුවූයේ ඇන්ද චිත්‍රයක නිමිත්ත පුරුෂ නිමිත්තෙන් තද කෙළේය. ඔහුට සැකයක් පහළ විය. ,මහණ. පාරාජිකා ඇවත නොවේ දුකුලා ඇවැත්වේ.,

25  ඒ කාලයේ වනාහි එක්තරා භික්‍ෂුවක් කාමයෙහි ගිජු වුයේ ලී බෝනික්කකුගේ  රහස් අවයවය පුරුෂ නිමිත්තෙන් ස්ර්‍පෂ කෙළේය.ඔහුට සැකයක් ඇතිවිය. , මහණ, පාරාජිකා ඇවැත් නොවේ. දුකුලා ඇවැත් වේ.,

26  ඒ කාලයේ වනාහි සුන්දර නම් භික්‍ෂුවක්  රජගහ නුවරින් පැවිදි වූයේ වීථියෙහි යයි.එක්තරා සත්‍රියක් ,සවාමීණි, මොහොතක් නවතින්න, වඳින්නෙමියි කීවාය. ඕ තොමෝ වඳිමින් අඳනය ඔසවා කටින් පුරුෂ නිමිත්ත අල්වා ගත්තාය. ඔහුට සැකයක් විය.,මහණ, තොප ඉවසූයෙහිද?, ,භාග්‍යවතුන් වහන්ස,මම නො ඉවසූයෙමිය,කීවාය. , මහණ, නො ඉවසන්නාට ඇවැත් නොවේ.,

27  එකල්හි වනාහි එක්තරා සත්‍රියක් භික්‍ෂුවක් දැක , සවාමීණි, එනුමැනව මෛථුන ධර්‍මය සේවනය කරන්නැයි කීවාය, , නැගනිය, නොහැක. එය අකැපයයි කීවේය., , ස්වාමීන, එනුමැනව, මම ක්‍රීයා කරන්නෙමි. ඔබ ක්‍රියා නොකරන්න. මෙසේ ඔබට ඇවැත් නැතයි , කීවාය. ඒ මහණ, එසේ කළේය. ඔහුට සැකයක් පහළ විය.,මහණ, ඔබ පාරාජිකා ඇපත්තියට පැමිණුනෙහිය.,

28  ( 27 වෙනි ඡෙදයේ , කරන්නෙමි, යන්නට , නො කරන්නේමි  , කියාද ,නොකරන්න, යන්නට , කරන්න , කියාද වෙනස් කර යොදා ගත යුතු)

29  ( 27 ඡෙදයේ , මම ක්‍රියා කරන්නෙමි, ඔබ ක්‍රියා නො කරන්න ,යන්නට, ඇතුලෙහි හප්පා පිටත පිට කරන්න, කියා වෙනස් කර යොදා ගත යුතුයි )

30  ( 27 ඡෙදයේ ,මම ක්‍රියා කරන්නෙමි .ඔබ ක්‍රියා නො කරන්න , යන්නට   ,පිටත හප්පා ඇතුලේ  පිට කරන්න. , කියා වෙනස් කර යොදා ගත යුතුයි.)

31  ඒ කාලයෙහි වනාහි එක්තරා භික්‍ෂුවක් සොහොනට ගොස් නොදිරූ ශරීරයක් දෑක ඊට මෛථුන ධර්‍මයෙහි හැසුරුනේය. ඔහුට සැකයක් විය. ,මහණ. ඔබ පාරාජිකා ඇවතට අසුවූයෙහිය.,

32  ( 31 යොදන්න ,නොදිරු, යන්න ,බොහෝසේ නොදිරු, කියා වෙනස් කර යොදා ගත යුතූය.)

33  ( 31 යොදන්න ,නොදිරු, යන්නට ,බොහෝ සේ දිරු , කියා වෙනස් කර යොදා ගත යුතූය.)

34  එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් සොහොනට ගොස් හිස සිඳුන මළ කඳක් දැක වස්ත්‍රයෙන් වැසූ කටෙහි රහස් අවයවය සපර්‍ශ කරමින් ඇතූල් කෙළේය. ඔහුට සැකයක් ඇති විය.,මහණ, ඔබ පාරාජිකා ඇවතට පැමුණුනෙහිය,.

35  එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් සොහොනට ගොස් සිඳුනු හිසක් දැක වස්ත්‍රයකින් වැසූ කටෙහි පුරුෂ නිමිති ස්පර්‍ශ නොකර ඇතූල් කෙලේය. ඔහුට සැකයක් පහළ විය. ,මහණ, පාරාජිකා ඇවත නොවේ. දුකුලා නම් ඇවැත්වේ.,

36  එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් එක්තරා ස්ත්‍රියක් සමග ආලය සහගත සිත් ඇත්තේ වේ. ඕ තොමෝ කලුරිය කළාය. සොහොනෙහි දමන ලද්දීය. ඇට විසුරුණාහු වෙත් ඉක්බිති ඒ මහණ තෙම සොහොනට ගොස් ඇට එකතු කොට පුරුෂ නිමිත්තෙන් ස්ත්‍රී අවයවය පිළියෙල කළේය. ඔහුට සැකයක් විය. ,මහණ, ඔබට පාරාජිකා ආපත්තිය නොවේ.දුකුලා නම් ඇවැත වේ ,

37  එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් නාග මානවිකාවක් සමග මෛථුන ධර්‍මය සේවනය කළේය. ඔහුට සැකයක් පහළ විය. .මහණ, ඔබ පාරාජිකා ඇවතට අසුවූයේය..

38  ( 37 යොදන්න ,නාගමා නවිකාවක් , යන්නට ,යක්‍ෂණියක් , කියා වෙනස් කර යොදාගත යුතුයි. ´

39   (37 යොදන්න ,නාග මානවිකාවක් , යන්නට ,ප්‍රේතියක්, කියා වෙනස් කරන්න.´

40   (37 යොදන්න,නාග මාණ්විකාවක් ,යන්නට ,නපුංසකයෙකු, කියා වෙනස් කරන්න.´

41   එකල්හි වනාහි  එක්තරා භික්‍ෂුවක් කසන ලද ඉඳුරන් ඇත්තේ විය. හෙතෙම ,මම සැපක් හෝ දුකක් හෝ නොදනිමි මට ඇවැත් නොවන්නේයයි , මෛථුන ධර්‍මයෙහි හැසුරුනේය. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්වූවාහුය. ,මහණෙනි, ඒ හිස් පුරුෂයා දත්තේ හෝ නොදත්තේ හෝ පාරාජිකා ඇවතට පැමුණුනේය.,

42  එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් ස්ත්‍රියකට මෛථුන ධර්‍මයෙහි හැසිරෙමියි ස්පර්‍ශ කළ කෙණෙහි පසුතැවිලි විය. ඔහුට සැකයක් පහළ විය.,මහණ. පාරාජිකා ඇවත නොවේ. සංඝාදීසේස ඇවත වේ.,

43  (1) එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක්  භද්දිය රට ජාතිය වනයෙහි දවල් වාසය පිණිස ගොස් වැද හොත්තේවේ. ඔහුගේ අවයව වාතයෙන් තදවූයේ වේ.එක්තරා ස්ත්‍රියක් දැක පුරුෂ නිමිත්තෙහි හිඳගෙන කැමතිතාක් උපක්‍රම කොට ගියාය. භික්ෂූහු තෙත්වීම දැක භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළහ. (2) ,මහණෙනි ක්‍රම පහකින් රහස් අවයවය කර්‍මන්‍යවෙයි. ආශාවෙන්ද, මළ නිසා ද, මුත්‍ර නිසා ද, වාතයෙන් ද, කුඩා දළඹු වර්‍ගයේ සතූන් දෂ්ට කිරීමෙන් ද, යන මෙයිනි.මහණෙනි, මේ ආකාර පසින් පුරුෂ නිමිත්ත කර්‍මන්‍යවේ. යම් හෙයකින්  යම් භික්‍ෂුවකගේ ලිඞගය කර්‍මන්‍යවේද මහණෙනි. ඊට හේතු නැත. අවකාශ නැත. මහණෙනි. හෙතෙම රහත් භික්ෂුවයි. මහණෙනි. ඒ භික්ෂුවට ඇවැත් නැත.

44  (1) එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් සැවැත්නුවර අන්‍ධ වනයෙහි දවල් වාසයට ගියේ වැද හොත්තේ වේ. (2 ) එක්තරා ගොපලු ස්ත්‍රියක් දැක (3 ) ලිඞගයෙහි වාඩිවූවාය. ඒ මහණතෙම ඇතුල්කිරීම ඉවසුවේය. ඇතුල්වීම ඉවසුවේය. තිබීම ඉවසුවේය. ගැනීම ඉවසුවේය. ඔහුට සැකයක් විය. ,මහණ. ඔබ පාරාජිකා ඇවතට පැමුණුනෙහිය.,

45  ( මෙහි 44 (1) යොදන්න´  එක්තරා එලුවන් රකින්නියන් දැක) මෙහි 44.( 3)

46  (මෙහි 44  (1) යොදන්න) දර ගෙනෙන්නියක් දැක. (මෙහි 44 (3) )

47  (මෙහි 44  (1)  යොදන්න) ගොම ගෙනෙන්නියක් දැක (මෙහි 44 (3) )

48  එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් විශාලානුවර  මහා වනයෙහි දවල් වාසයට ගියේ වැද හොත්තේ විය.  එක්තරා ස්ත්‍රියක් දැක ලිඞගයෙහි හිඳ ඇතිතාක් උපක්‍රම කොට කිට්ටුව සිනාසෙමින් සිටියාය.ඒ මහණ තෙම පිබිදී ඒ ස්ත්‍රියට ,මේ වැඩේ කළේ ඔබදැයි , ඇසීය. ,එසේය. මාගේ වැඩක් යයි , කීවාය. ඔහුට සැක සිතුනේය. (භාග්‍යවතුන් වහන්සේට මෙය දැන්වීය. , මහණ. ඔබ ඉවසුවේ දැයි , ඇසූ සේක. ,භාග්‍යවතුන් වහන්ස. මම නොදනිමි., .මහණ. නොදන්නාහට ඇවැත් නැත..

49  එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් විශාලානුවර මහා වනයෙහි දවල් වාසයට ගියේ ගසකට හේත්තුවී වැද හොත්තේවේ. එක්තරා ස්ත්‍රියක් දැක ලිඞගයෙහි වාඩිවූවාය. ඒ මහණ වහා නැගිට්ටේය. ඔහුට සැකයක් විය. (2) ,මහණ. ඔබ ඉවසුවේද?, ,භාග්‍යවතුන් වහන්ස. මම නො ඉවසූයෙමි., ,මහණ. නො ඉවසන්නාට ඇවැත් නැතැයි ,වදාළේය.

50  (මෙහි 49 යොදන්න. ,වහා නැගිට්ටේය.,යත්තට ,පෑගී වැටුණේය.,කියා වෙනස් කර යොදා ගතයුතුය.)

51  එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් විශාලානුවර මහා වනයෙහි කුටාගාර ශාලාවෙහි දවල් වාසය කිරීමට පැමිණියේ. දොරහැර වැද හොත්තේ වේ. ඔහුගේ අවයව වාතයෙන් තදවූවාහූවෙත්. එකල්හි වනාහි විහාරය බලන බොහෝ ස්ත්‍රීහු සුවඳ ද මල් ද රැගෙන විහාරයට ගියෝය. ඉක්බිති ඒ ස්ත්‍රීහු ඒ භික්ෂුව දැක ලිඞගයෙහි වාඩිවී ඇතිතාක් උපක්‍රමකොට ඒකාන්තයෙන් මේ තෙමේ උතුම් පුරුෂයෙකැයි කියා සුවඳ ද මල් ද පටවා ගියාහුය. භික්‍ෂූහු තෙත්වූවහු දැක භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකලාහුය.(මෙහි 49 (2) යොදන්න.) මහණෙනි. දවල් නිදන්නහු විසින් දොර වසා නිදන්නට කියමි.,

52  එකල්හි වනාහි භාරුකචඡ දේශවාසී එක්තරා භික්ෂුවක් සිහිනෙන් පෙර බිරිඳට මෛථුන ධර්‍මයෙහි හැසිර මම ශ්‍රමණයෙක් නොවෙමි. සිව්රු හරින්නෙමියි. භාරුකචඡ රටට යන්නේ. අතරමග ආයුෂ්මත් උපාලි තෙරුන් දැක මේ කාරණය සැළ කළාය. ආයුෂ්මත් උපාලි තෙමේ ,ඇවැත්නි. සිහිනෙන් ඇවැත් නැතැයි කීයේය.,

53 එකල්හි වනාහි රජගහනුවර සුපබ්බා නම් උපාසිකාවක් හිස් ශ්‍රද්ධාවන්තියක් වෙයි. (2) ඕ තොමෝ යමෙක් මෛථුන ධර්‍මය දේද ඕ තොමෝ අග්‍රදානය දෙන්නීයයි. මෙවැනි දෘෂ්ටියක් ඇත්තීවෙයි. ඕ තොමෝ භික්‍ෂුවක් දැක ,ස්වාමීනි. වඩින්න මෛථුන ධර්‍මය සේවනය කරන්නැයි, කීවාය. ,නැගණිය. නොසුදුසුය මෙය කැප නැතැයි, කීවේය. (3) ,ස්වාමීනි. වඩිනු මැනව.දෙකලවා අතරෙහි ගටන්න මෙසේ ඔබට ඇවැත් නොවන්නේයයි,කීවාය. ඒ භික්‍ෂුව එසේ කළේය. ඔහුට සැකයක් පහළ විය.,මහණ. පාරාජිකා ඇවත නොවේ. සංඝාදිසෙස ඇවතවේ.,

54 ( 53 1,2, හා 3 දෙකලවා අතරෙහි යන්නට බුරියෙහි (මෙහි 53 (2) යොදන්න.),බුරිය, යන්නට ,බඩේ, කියා වෙනස්කර යොදාගන්න.)

55   (මෙහි 54 ,බුරියේ,වෙනුවට ,කිසිල්ලේ, යොදන්න.)

56   (මෙහි 54 ,බුරියෙහි, වෙනුවට ,බෙල්ලෙහි, යොදන්න.)

57  (මෙහි 54  ,බුරියෙහි, වෙනුවට ,කන් සිදුරෙහි, යොදන්න.)

58   (මෙහි 54  ,බුරියෙහි, වෙනුවට ,කෙස් වැටියෙහි, යොදන්න.,

59  (මෙහි 54  ,බුරියෙහි, වෙනුවට,ඇගිලි අතරෙහි,යොදන්න.)

60   (මෙහි 54 රජගහ යන්නට සැවැත් කියාද.සුපබ්බ වෙනුවට සද්ධා කියාද. බුරියෙහි යන්නට කලවා අතරෙහි කියාද වෙනස්කර යොදාගත යුතුය.,

61  (මෙහි 53 රජගහ. සුපබ්බා බුරියෙහි යන තුනට සැවැත්.සඞා. අතින් උපක්‍රමකොට මුදවන්නෙමි කියා වෙනස්කර යොදාගතයුතුයි.)

62  එකල්හි වනාහි විශාලානුවර ලිච්ඡවි කුමාරයෝ භික්‍ෂුවක් ගෙන භික්‍ෂුණියකට වැරැද්ද වූවාහුය.දෙදෙනම ඉවසූහ. දෙදෙනම නැසිය (පැරදිය) යුතුය. දෙදෙනම නො ඉවසූවහු ද දෙදෙනාටම ඇවැත් නැත.

63  (මෙහි 62 ,භික්‍ෂුණියකට, වෙනුවට ,හික්මෙන්නියකට, යොදන්න.)

64  (මෙහි 62 ,භික්‍ෂුණියකට, වෙනුවට ,සාමණෙරියකට, යොදන්න.)

65  (මෙහි 62 ,භික්‍ෂුණියකට, වෙනුවට ,වෙශාවකට, ,නපුංසකයෙකුට, ,ගෘහිණියකට, කියාවෙනස් කර යොදාගත යුතුයි.)

66  (62  මෙහි ,භික්‍ෂුණියකට, යන්න වෙනුවට ,භික්‍ෂුවක් ගෙන ඔවුනොවුන් , කියා වෙනස් කරගත යුතුයි.)

67  එකල්හි වනාහි එක්තරා මහලු පැවිදි භික්‍ෂුවක් පෙර බිරිඳ දක්නට ගියේය. ඕ තොමෝ ,ස්වාමීනි. එන්න සිවුරු හරින්නැයි, අල්වා ගත්තීය. ඒ භික්‍ෂුව ආපසු එන්නේ උඩුකුරුව වැටුනේය. ඕ තොමෝ මතුවී ලිඞගයෙහි වාඩි විය. ඔහුට සැකයක් පහළ විය. (මෙහි 49 (2) යොදන්න.)

68 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් කැලේ වාසය කරයි. මුව පැටවෙක් උන්වහන්සේ මුත්‍ර කරන තැනට විත් මුත්‍ර බොන්නේ ලිඞගය කටින් ඩැහැගත්තේය. ඒ භික්‍ෂුව ඉවසුවේය.ඔහුට සැකයක් විය.භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ ප්‍රකාශ කරලීය. ,මහණ. ඔබ පාරාජිකා ඇවතට පැමුණුනේය.,

සන්ථත බණවර

1  ඒ කාලයෙහි විශාලා නුවර වූ බොහෝ වජ්ජි පුත.්‍රක භික්‍ෂූහු  ඇතිතාක් අනුභව කළාහුය. ඇතිතාක් නිදාත්තාහ. ඇතිතාක් නෑවාහුය. ඇතිතාක් කා, ඇතිතාක් නිදාගෙන  ඇතිතාක් නා නුනුවනින් මෙනෙහි කොට, සිල් බහා නොතබා දුර්‍වල බව ප්‍රකාශ නොකොට, මෛථුන ධර්‍මයෙහි යෙදුනාහ. ඔවුහු මෑත කාලයෙහි ඤාතීන්ගේ විපතක්ද  සපර්‍ෂ කළාහු, රොග විපතක් ද සපර්‍ෂ කළාහු, ආයුෂ්මත් අනඳ තෙරුන් වෙත පැමිණ මෙසේ කියත්. ,ස්වාමීනි, ආනන්ද සථවිරයන් වහන්ස, ස්වාමීනි, අපි බුදුන්වහන්සේට ගර්‍හා නො කෙළෙමු. ධර්‍මයට ගර්‍හා නො කෙලෙමු. සංඝයාට ගර්‍හා නො කෙළෙමු. ස්වාමීනි, ආනන්ද සථවිරයන් වහන්ස. අපි තමාටම ගර්‍හා කරන ලද්දෝ වෙමු. අපි අන්‍යයෙකුට ගර්‍හා නො කරන ලද්දෝ වෙමු. අපි දෛව නැත්තෝ වෙමු. පින් නැත්තෝ වෙමු.  යම්බදු වු අපි මෙසේ මනා කොට වදාළ ධර්‍මයෙහි පැවිදිව දිවි ඇතිතාක් සම්පූර්‍ණ පිරිසිදු බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙන්ට  නොහැකිවූමු. ස්වාමීනි, ආනන්ද සථවිරයන් වහන්ස, අපි දැන් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමු.  උපසම්පදාව ලබන්නෙමු. අපි දැනුදු විදර්‍ශනා කුශල ධර්‍මයන්ට පෙර පසු වූ බෝධි පක්‍ෂයෙහි වූ ධර්‍මයන් භාවනා කිරීමෙහි යෙදී සිටින්නෙමු  ස්වාමීනි, ආනන්ද සථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේට  මේ කාරණය කියන්නෙහි නම් යහපත,.,ඇවැත්නි, එසේ යයි ,ආයුෂ්මත් ආනන්ද සථවිරයන් වහන්සේ විශාලා නුවර වජ්ජි පුත්‍රයන්ට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ  යම් තැනකද එහි පැමිණියහ. පැමිණ,  භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළහ.

2  ,තථාගත තෙමේ ශ්‍රාවකයන්ට  පණවන ලද ශික්‍ෂාපදයක් වජ්ජීන් හෝ වජ්ජි පුත්‍රයන් නිසා හෝ අවලංගු කරන්නේය යන මේ කාරණ නොසිදු වේ.අවකාශ නැත.,ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙහි  මේ සිද්ධියෙහි දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතුසේක. , මහණෙනි, යම් භික්‍ෂුවක් සිල් බහා නො තබා දුර්‍වලකම් ප්‍රකාශ නොකොට මෛථුන ධර්‍මය  සේවනය කරයිද, ආවාවූ හෙතෙම උපසම්පදා නො කළ යුත්තේය.මහණෙනි යම් භික්‍ෂුවක් සිල්බහා තබා දුර්‍වල බව ප්‍රකාශ කොට මෛථුනය  සේවනය කරයිද, ආවාවූ හෙතෙම උපසම්පදා කළ යුතුය. මහණෙනි, මෙසේ වනාහි මේ ශික්‍ෂාපදය කියවව්. ,යම්කිසි මහණෙක් භික්‍ෂූන් අතර   අධි ශීල (මාර්‍ග ඵල) ශික්‍ෂාවෙහිද, පැනවූ ශික්‍ෂා පදයෙහිද  යුක්ත වූයේ සිල් බහා නොතබා දුර්‍වල බව ප්‍රකාශ නො කොට යටත් පිරිසෙයින්  තිරිසන්ගත ගැහැනු සතකු  සමගද මෛථුන ධර්‍මයෙහි හැසිරේද ( ඔහු ) පැරදුනු,  ආශ්‍රයට නුසුදුස්සෙකු වේ.,

4 පදභාජනිය

1  යමෙක් වනාහි  යනු  යම් බඳු  යම් සේ යෙදුනු යම් ජාති ඇති , යම් නමක් ඇති, යම් ගෝත්‍රයක් ඇති,   යම් ස්වභාවයක් ඇති, යම් සේ වාසය කරණ, යම් සේ ආශ්‍රය කරන, සථවිර නමක් හෝ නවක නමක් හෝ මධ්‍යම නමක් හෝ යන මේ තෙමේ යමෙක් වනාහි යයි කියනු ලැබේ.

2  . භික්‍ෂුව යනු ඉල්වානුයි භික්‍ෂූ නමි.  පිඩු සිඟීමට පැමිණියේනුයි  භික්‍ෂු නමි. කඩන ලද වස්ත්‍ර  ( මසා ) දරානුයි භික්‍ෂු නමි. නාමයෙන් භික්‍ෂු නමි. පිළි ගැනීමෙන් භික්‍ෂු නමි. . එව මහණයි. භික්ඛු  නම් වේ. සරණාගමන තුනින් උපසම්පදා වූයේයි භික්‍ෂු නම් වේ. යහපත් භික්‍ෂුව, අරටු ඇති  භික්‍ෂුව, හික්මෙන  භික්ඛු හික්වීමට නුවූවමනා භික්‍ෂුව සමගි සංඝයා විසින් ඥත්තිය ( දැනුම් දීම )  සතරවෙනි කොට ඇති නො වරදිනසුලු  තැනට සුදුසු උපසම්පදාවෙන් උපසම්පදා වූයේයයි භික්ඛු නම් වේ. එහි යම් මේ භික්‍ෂුවක්  නොවරදින තැනට සුදුසු ලෙස පැවති ඥත්තිය සතරවැනි කොට ඇති උපසම්පදාවෙන් උපසම්පදා වූ  මේ තෙමේ මේ අර්‍ථයෙහි  අදහස් කරන භික්‍ෂුව නම් වේ.

3  ශික්‍ෂා යනු තුන් හික්වීමයි  ශ්‍රේෂ්ඨ ශීලය, ශෙ.්‍රෂ්ඨ සිත ශ්‍රේෂඨ ප්‍රඥාව යන තුන වේ. එහි මේ ශ්‍රේෂඨ  ශික්‍ෂාව මේ අර්‍ථයෙහි අදහස් කරන හික්මීමයි .

4  .සමග පැවැත්ම .යනු භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ශික්‍ෂාපදයක් පතවන ලද්දේද, මෙය  සාජීව නම්. එහි හික්මෙයි. එහෙයින් මනා පැවැත්මට පැමුණුනේය  යනුයි.

5  . සිල් බහා නොතබා දුර්‍වල බව නොපෙන්නා. යනු මෙහි .මහණෙනි, දුර්‍වල බව ප්‍රනාශ කිරීමක්ද ඇත්තේය, සිල් බහා  නො තැබීමක් ද ඇත්තේය, මහණෙනි, දුර්‍වල බව ප්‍රකාශ කිරීමක්ද ඇත්තේය, සිල් බහා තැබීමක්ද ඇත්තේය, මහණෙනි, කෙසේ නම් දුර්‍වල බව ප්‍රකාශ කිරීමද සිල් බහා නො තැබීමද වේ ද? (2) මහණෙනි, මේ ශාසනයෙහි මහණ   තෙමේ කළකිරුණේ නො ඇලුනේ  ශ්‍රමණ භාවයෙන් චුතවනු කැමත්තේ භික්‍ෂු බව පෙලනු ලබන්නේ , භික්‍ෂු බවට ලජ්ජා වන්නේ, භික්‍ෂු බව පිළිකුල් කරන්නේ , ගිහි බව පතන්නේ උපාසක බව පතන්නේය. ආරාමයේ වැඩපල කරන්ට බලාපොරොත්තු වන්නේ සාමණේර බව පතන්නේ තීර්‍ථක බව පතන්නේ, තීර්‍ථක ශ්‍රාවක බව, ශ්‍රමණයෙකු නොවන බව පතන්නේ, ශාක්‍යපුත්‍ර (2) නොවන බව පතන්නේ .මම  බුදුන් අත්හරින්නෙම් නම්  යහපත්යයි. කියයි.හගවයි. මහණෙනි, මෙසේ දුර්‍වල බව ප්‍රකාශ කිරීමද ශික්‍ෂා බහා නො තැබීමද වේ.

6  නැවතද වනාහි කලකිරුනේ නො ඇලුනේ ( මෙහි 5 (2) යෙදීමේදී. බුදුන් අත්හරින්නෙම් නම් යහපත් යයි. වෙනුවට .ධර්‍මය අත්හරින්නෙම් නම්. කියා වෙනස් කර යොදා ගත යුතුය.)

7  ( මෙහි 6 යෙදීමේදී .බුදුන් .යන්නට .සංඝයා .කියා වෙනස් කර  යොදා ගත යුතුයි )

8  මම සිල් බහා තබන්නේ නම්  යහපකැයි කියයි. අගවයි. ( 9- 23 දක්වා ඡෙද අගට,යහපතැයි,කියයි අගවයි  , යෙදිය යුතුයි.)

9  මම විනය අත්හරින්නෙම් නම්-

10  මම ප්‍රාතිමොක්‍ෂය (හික්වීම් රාශිය  ) අත්හරින්නෙම් නම් -

11  මම ඉගෙණීම අත්හරින්නෙම් නම් -

11 මම උපාධ්‍යායයන් ( අවවාද දෙන්නන් ) අත්හරින්නෙම් නම් -

12 මම ගුරුවරයා අත්හරින්නෙම් නම්-

13 එකට වසන්නා අත්හරින්නෙම් නම් -

14 මම ගෝලයා අත්හරින්නෙම් නම්-

15 මම අවවාද දෙන සමාන ගුරුවරයෙකු ඇත්තා අත්හරින්නෙම් නම් -

16 මම සමාන ආචාය්‍ර්‍යවරයෙකු ඇත්තා අත්හරින්නෙම් නම්-

18  මම සමාන සිල් ඇත්තා අත්හරින්නෙම් නම් -

19  මම ගිහි වෙම් නම් -

20  මම උපාසකයෙක් වන්නෙම් නම් -

21  මම ආරාමයෙහි කෙනෙක් වන්නෙම් නම්-

22  මම සාමණෙරයෙක් වන්නෙම් නම් -

23  මම තීර්‍ථක ශ්‍රාවකයෙක් වන්නෙම් නම්-

24  මම ශාක්‍ය පුත්‍රයෙක් නොවන්නේ නම් යහපතැයි  කියයි අගවයි. මහණෙනි, මෙසේ  දුර්‍වලකම ප්‍රකාශ කිරීම වේ. සිල් දුරු නොකළේ වේ.

25 ( මෙහි 5 (2) සිට 24 දක්වා යෙදීමේදී ,අත්හරින්නෙම් නම් යහපති ,වෙනුවට , ඉදින් මම අත්හරින්නෙමියි , යොදාගත යුතුයි ).

26 නැවතද වනාහි ( මෙහි  5 (2) සිට 24 දක්වා යෙදීමේදී  ,අත්හරින්නෙම් නම් යහපති,,  වෙනුවට ,ඉදින් මම අත්හරින්නෙම් දැයි  , යොදා ගත යුතුය ).

27 නැවතද වනාහි ( මෙහි 5 (2) සිට 24 දක්වා යෙදීමේ දී , අත්හරින්නෙම් නම් යහපත, වෙනුවට  ,එසේ නම් අත්හරින්නෙමියි , යොදා ගත යුතුය.)

28 (නැවතද වනාහි ( මෙහි 5 (2) සිට 24 දක්වා යෙදීමේදී , අත්හරින්නෙම් නම් යහපති., වෙනුවට  , එසේ නම් මාගේ අතහැරීම වෙයි ,යොදා ගත යුතුය.)

29 (1) නැවතද වනාහි කළකිරුනේ නො ඇලුනේ ශ්‍රමණ භාවයෙන් චුතවනු කැමත්තේ භික්‍ෂු භාවය පෙළනු ලබන්නේ භික්‍ෂු බවට ලජ්ජාවන්නේ භික්‍ෂු බව පිළිකුල් කරවන්නේ, ගිහි බව පතන්නේ, උපාසක බව පතන්නේ, ආරාමයෙහි වැඩපල කරන්නට බලාපොරොත්තු වන්නේ, සාමණේර බව පතන්නේ, තීර්‍ථක බව පතන්නේ ,තීර්‍ථක ශ්‍රාවක බව පතන්නේ, ශ්‍රාවකයෙකු නොවන  බව පතන්නේ, ශාක්‍ය පුත්‍ර නොවන බව පතන්නේ, (2) මව සිහි කරමියි කියයි අඟවයි. මහණෙනි, මෙසේ දුර්‍වල බව ප්‍රකාශ කිරීමද  ශික්‍ෂාව බහා නොතැබීමද වේ. (3) පියා සිහිකරමියි කියයි අඟවයි. ( මෙහි පහත දැක්වෙන වචන අගට ,සිහිකරමියි කියයි.

අඟවයි, යොදන්න. ) සහොදරයා, නැගණිය, පුතා, දුව, භාය්‍ර්‍යාව, නෑයන්, මිත්‍රයන්,ගම්, නියම් ගම්,  කුඔුරු, ඉඩම්, අමු රන්, රුවන්, ශිල්පය, පෙර කරනලද හිනාව, කථාව, ක්‍රීඩාව සිහිකරමියි කියයි අඟවයි. මහණෙනි, මෙසේද වනාහි දුර්‍වලකම ප්‍රකාශ කිරීමද සිල් අත් නො හැරීමද වේ.

30 නැවතද වනාහි ( මෙහි 29 (1) (2) යෙදීමේදී , සිහි කරමියි ,වෙනුවට ,ඇත. මා විසින් පොෂ්‍ය කටයුතුයයි , යොදා ගත යුතුය.)

31  මාගේ පියා ඇත. හෙතෙම මා විසින් පොෂ්‍ය කට යුතුයයි කියයි අගවයි.(මෙහි පහත දැක්වෙන වචන අගට ,මා විසින් පොෂ්‍ය කටයුතුයයි කියයි අඟවයි , යොදන්න.) මාගේ සහොදරයා  ඇත, හෙතෙම මාගේ නැගණිය ඇත, ඕතොමෝ මාගේ පුත්‍රයා ඇත, හෙතෙම මාගේ දියණිය ඇත, ඈ මාගේ භාය්‍ර්‍යාව ඇත, ඈ මාගේ නෑයෝ ඇත, ඔවූහු  මාගේ මිත්‍රයෝ ඇත . මහණෙනි, මෙසේද දුර්‍වලකම ප්‍රකාශ කිරීමද වේ. ශීක්‍ෂා පද අත් නොහැරියේ වේ.

32 නැවතද වනාහි ( 29 (2) යෙදීමේදී, සිහි කරමි , වෙනුවට , ඇත ඈ මා පොෂ්‍ය කරන්නේය, යොදා ගත යුතුයි.)

33  මාගේ පියා ඇත . හෙතෙම ( මේ වාක්‍ය අගට , මා පොෂණය කරන්නේයයි කියයි අගවයි., යොදන්න.) මගේ සහොදරයා ඇත  හෙතෙම -මගේ නැගණිය ඇත,  ඈ- මගේ දුව ඇත, ඈ- මාගේ භාය්‍යර්‍ූාව ඇත, ඈ- මාගේ නෑයෝ ඇත, ඔවුහු -මගේ මිත්‍රයෝ ඇත, ඔවුහු-මගේ ගම ඇත, ,ඉන්ද මා ජීවත් වෙමියි, කියයි අඟවයි, යොදන්න.)  මගේ නියම් ගම ඇත- මගේ කුඔුර ඇත- මගේ ඉඩම් ඇත- මගේ අමු රන් ඇත- රුවන් මට ඇත- මගේ ශිල්පය ඇත- මහණෙනි, මෙසේද දුර්‍වල බව ප්‍රකාශකිරීමද වෙයි. සිල්ද අත්හැරියේ නොවේ.

34 නැවතද වනාහි ( 29 ( 1 ) යොදා ගත යුතුයි ) දුෂ්කර යයි  කියයි අගවයි. පහසු නො වේයයි මේ වාක්‍ය අගට . කියයි අගවයි. යොදන්න ) දුක සේ හැසිරෙන්නෙමියි-සුවසේ

නො හැසිරෙමියි- උත්සාහ නො කරමියි- නො හැක්කෙමියි- ආශා නැතැයි- නො ඇලෙමියි- මහණෙනි, මෙසේ ද වනාහි දුර්‍වල බව ප්‍රකාශ කිරීම ද ශික්‍ෂාව අත්හැරීම ද වේ.

35-46  ,මහණෙනි, කෙසේ නම් දුර්‍වලකම ප්‍රකාශ කිරීම ද සිල් අත්හැරීම වේ ද?  මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම (මෙහි 5 (2 ) සිට 24 ඡෙද දක්වා ,අත් හරින්නෙම් නම්,වෙනුවට ,අත්හරින්නෙම් ද, බහා නොතැබීම, වෙනුවට, බහා තැබීම, යොදා ගත යුතුයි ) මහණෙනි, මෙසේද වනාහි දුර්‍වලකම ප්‍රකාශ කිරීමද සිල් අත්හැරීමද වේ.

47 නැවත ද වනාහි  (29- (1) යොදා ගත යුතුයි) මට බුදුන්ගෙන් වැඩක් නැතැයි කියයි, අගවයි. ( 6 සිට 18 දක්වා ඡෙදවල , අත්හරින්නෙම් නම්, වෙනුවට ,ගෙන් වැඩක් නැත,යොදා ගත යුතුයි. ) මහණෙනි, මෙසේ ද වනාහි දුර්‍වල කම ප්‍රකාශ කිරීම ද සිල් අත් හැරීම ද වේ.

48 නැවත ද වනාහි ( 29 (1) යොදා ගත යුතුයි ) බුදුන් කිනම් ප්‍රයොජන දැයි කියයි අඟවයි. (මෙහි 6 සිට 18 ඡෙද වල  , අත්හරින්නේ නම් , වෙනුවට , ගෙන් කිනම් ප්‍රයෝජන ද, යොදා ගත යුතුයි.)

49 නැවත ද වනාහි 29 (1 ) යොදන්න ) බුදුන්ගෙන් මට වැඩක් නැතයි කියයි අඟවයි .  (මෙහි 6 සිට 18  දක්වා ඡෙදයන්හි  ,අතහරින්නෙම් නම්,වෙනුවට , ගෙන් මට වැඩක් නැත, යොදා ගත යුතුයි

50 නැවතද වනාහි (29 (1) යොන්න ) මම බුදුන්ගෙන් මිදුනෙමි කියයි, අගවයි (මෙහි 6-18 දක්වා ඡෙදවල, අත්හරින්නෙම් නම් , වෙනුවට, ගෙන් මිදුනෙමි,  යෙදා ගත යුතුයි )

51  අනිකුදු යම් බුදුන්ට සමාන නම් ඇතිවෙත් නම් හෝ ( මේ වචන අගට , සමාන නම් ඇති වෙත් නම් හෝ, යොදන්න)  ධර්‍මයට- සංඝයාට- සිල්වලට- විනයට-ශික්‍ෂාපදවලට- ඉගෙනීමට-උපාධ්‍යායන්ට-ආචාය්‍ර්‍යයන්ට-එකට වාසය කරන්නන්ට-ගෝලයින්ට- එකසමාන  උපාධ්‍යායයන්ට-එකසමාන ගුරුවරුන්ට- සමාන සිල්රකින්නන්ට- ගිහියන්ට-උපාසක

යන්ට-ආරාමයේ සිටින අයට – සාමණේරයන්ට- තීත්‍ර්‍ථකයන්ට – තීත්‍ර්‍ථකයන්ගේ ශ්‍රාවකයන්ට-ශ්‍රමණ නො වන්නන්ට -ශාක්‍ය පුත්‍ර නො වන්නන්ට- ඒ ආකාරයෙන් ඒ සලකුණේන් ඒ කරුණින් කියයි, අඟවයි. මහණෙනි, මෙසේ වනාහි දුර්‍වල කම ප්‍රකාශ කිරීමද ශික්‍ෂාව අත්හැරීමද වේ.

52  මහණෙනි,   සීලය කෙසේ අත්නොහැරියේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම  යම් ආකාරයකින්, යම් සලකුණකින්,  යම්  කරුණකින්, සිල් අත්හළේ වෙයිද, ඒ ආකාරයේ ඒ සලකුණෙන්, ඒ කරුණින් පිස්සෙක් සිල් අත්හරියි ද  සිල් අත් නොහැරියේ වෙයි. (මෙහි පහත දක්වන වාක්‍ය අගට ,සිල් අත් නො හැරියේ වෙයි, යොදන්න ) පිස්සෙකු ළග සිල් අත්හරියි ද-විසුරුණු සිත් ඇත්තෙක් සිල් අත්හරියි ද – විසිරුණු සිත් ඇති කෙනෙකු ළග සිල් අත්හරියි ද-වේදනාවෙකින් පෙලුනේ සිල් අත්හරියිද-වේදනාවෙන් පෙලෙන්නෙකු ළග සිල් අත්හරියි ද-දේවතාවෙකු සමීපයේ සිල් අත්හරියි ද-තිරිසන් ගත සතෙකු ඉදිරියෙහි සිල් අත්හළේ ද- අශීලාචාරයෙකු ඉදිරියේ සිල් අත්හළේ ද – හෙතෙම නො පිළිගනී ද-අශීලාචාරයෙකු විසින් උසස් අයෙකු සමීපයෙහි සිල් අත්හරියි ද- ඔහු ද නො පිළිගනී ද-උසස් අයෙකු උසස් අයෙකු සමීපයේ සිල් අත්හළේ ද හෙතෙම නො පිළිගනී ද-අශීලාචාරියෙකු අශීලාචාරියෙකු සමීපයේ සිල් අත්හළේද  හෙතෙම නො පිළිගනීද-ක්‍රීඩා පිණිස සිල් අත්හරී ද-ශබ්දය පිණිස සිල් අතහරියි ද- නො අස්වනු කැමැත්තේ අස්වයි- අස්වනු කැමැත්තෙන් නො අස්වයි -නුවණ නැත්තෙකුට අස්වයි ද- ඤාණවන්තයාට නො අස්වයි-සියල්ල හෝ නො අස්වයිද සිල් අත් නො හළේ වේ. මහණෙනි , මෙසේ වනාහි සිල් අත් නො හැරියේ වේ.

53  මෛථුන ධර්‍මය නම් යම් ඒ වරුදි ධර්‍මයක් ඇද් ද, ගම්මුන්ට අයිති දෙයක් ඇද් ද, නීච ධර්‍මයක් ඇද් ද, නපුරු ආශ්‍රය කෙළේ ද, ලාමක දෙයක් කොට ඇත්තේද, දෙදෙනෙකුගේ රහස් එක්වීමක් වේ ද,  මේ මෛථුන ධර්‍මය වේ,

54  සේවනය කරයි යනු හෙතෙම සත්‍රී නිමිත්තෙන් පුරුෂනිමිත්ත පුරුෂ ලිඞ්ගයෙන් සත්‍රී ලිඞගය යටත් පිරිසෙයින් තල ඇටක් පමණ කුදු ඇතුල් කරයි ද මේ තෙමේ ප්‍රවිෂට කරයි නම් වේ.

55 ,යටත් පිරිසෙයින් තිරිසන්ගත ගැහැණු සතකු සමග ද , යනු තිරිසන්ගත සත්‍රියෙකු සමග ද මෛථුන ධර්‍මය සේවනය කොට ශ්‍රමණයෙකු නොවන බවට යේ. ශාක්‍යපුත්‍ර නොවන බවටයේ. මනුෂ්‍ය ස්ත්‍රියෙකු ගැන කියනුම කවරේ ද?  එහෙයින් යටත්පිරිසෙයින් තිරිසන්ගත ගැහැණු සතෙකු සමගය කිය යුතු.

56 , පැරදුනේ වේ,යනු යම් සේ පුරුෂයෙක්  තෙම හිස සිඳුනේ ඒ ශරීරයෙන් ජීවත් වීමට නො හැක්කේද, මහණ තෙම එසේම මෛථුන ධර්‍මයෙහි හැසිර ශ්‍රමණ නොවූවෙක් ශාක්‍ය පුත්‍ර නොවූවෙක් වේ.  එහෙයින් පැරදුනේ වේ.

57 , එක්වීමට නො සුදුසුය, යනු එක්වීම නම් එකට විනය කර්‍මය, එකටඉගෙනීම, සමාන සිල් ඇති බව වේ. මේ එකට විසීමයි. එය ඔහු සමග නැත, එහෙයින් එක්වීමට නො සුදුසු යයි කියනු ලැබේ.

58  සත්‍රීවරු තුන් දෙනෙකි. මනුෂ්‍ය සත්‍රිය, අමනුෂ්‍ය සත්‍රිය, තිරිසන් සත්‍රිය යන තුන් දෙනයි. සත්‍රි පුරුෂ නිමිති දෙකම ඇති සත්‍රීවරු තුන්දෙනෙකි.මනුෂ්‍ය අමනුෂ්‍ය,තිරිසන් කියායි. නපුංසකයෝ තුන්දෙනෙකි.මනුෂ්‍ය අමනුෂ්‍ය තිරිසන් කියායි. පුරුෂයෝ තුන්දෙනෙකි.මනුෂ්‍ය අමනුෂ්‍ය තිරිසන් කියායි.

59 මනුෂ්‍ය ස්ත්‍රියකගේ (2) මල මාර්‍ගය, මූත්‍ර මාර්‍ගය, කට යන මාර්‍ග තුනෙහි මෛථුන ධර්‍මය සෙවනය කරන්නාට පාරාජිකා පාපය වේ. (3 ) අමනුෂ්‍ය සත්‍රියකගේ මෙහි (2)තිරිසන් ගත සත්‍රියකගේ මෙහි (2) මනුෂ්‍යවූ සත්‍රී පුරුෂ නිමිති දෙකම ඇත්තකුගේ (මෙහි (2 ) අමනුෂ්‍ය වූ සත්‍රි පුරුෂ නිමිති දෙකම ඇත්තකුගේ ( මෙහි ( 2 ) තිරිසන් ගත වු සත්‍රීපුරු නිමිති දෙකම ඇත්තෙකුගේ ( මෙහි (2) මනුෂ්‍ය නපුංසකයකුගේ (4) මල මාර්‍ගය කට යන මාර්‍ග දෙකෙහි මෛථුන සේවනය කරන්නාට පාරාජිකා පාපය වේ. අමනුෂ්‍ය නපුංසකයෙකුගේ ( 3) තිරිසන්ගත නපුංසක යෙකුගේ ( මෙහි (3) මනුෂ්‍ය පුරුෂයෙකුගේ ( මෙහි (3) අමනුෂ්‍ය පුරුෂයෙකුගේ (මෙහි (3) තිරිසන්ගත පුරුෂයෙකුගේ ( මෙහි (3)

60  (1) භික්‍ෂුවට සේවනය කිරීමේ සිතක් උපන් කල්හි මනුෂ්‍ය සත්‍රීයකගේ (2) මල මාර්‍ගයේ (3) පුරුෂ නිමිත්ත ඇතුල් කරන්නාට පාරාජිකා පාපය වේ. (4) (මෙහි (1) යොදන්න) මුත්‍ර මාර්‍ගයේ (3) යොදන්න) (මෙහි (1) යොදන්න ) කටෙහි ( මෙහි (3) යොදන්න) මේ ඡේදයේ , මනුෂ්‍ය , වෙනුවට , අමනූෂ්‍ය ,කියා යොදා ගත යුතුය) ( මේ ඡේදයේ ,මනුෂ්‍ය , වෙනුවට ,තිරිසන් ,යොදා ගතයුතුයි) ( මේ ඡේදයේ , මනුෂ්‍ය සත්‍රියකගේ , වෙනුවට ,මනුෂ්‍ය වු සත්‍රි පුරුෂ නිමිති ඇත්තෙකුගේ , යොදාගතයුතුයි. ) මෙහි .මනුෂ්‍ය සත්‍රියකගේ . වෙනුවට . අමනුෂ්‍ය වූ සත්‍රිපුරුෂ  නිමිති  ඇත්තෙකුගේ. යන්න යොදන්න ) මනුෂ්‍ය සත්‍රියකගේ වෙනුවට . තිරිසන්ගත සත්‍රීපුරුෂ නිමිති ඇත්තෙකුගේ. යොදාගත යුතුයි )
61 භික්‍ෂුවට සේවනය කරන සිත උපන් කල්හි මනුෂ්‍ය නපුංසකයෙනුගේ (මෙහි 59 (2 ) යොදාන්න )

62  භික්‍ෂුන්ට විරුද්ධ කරුවෝ මනුෂ්‍ය සත්‍රියක් භික්‍ෂුව සමීපයට ගෙනවිත් මල මාර්‍ගයෙන් පුරුෂ නිමිත්ත උඩ හිඳුවත්.හෙතෙම ඉඳින් ඇතුල් කිරීම ඉවසයිද, ඇතුල්වීම ඉවසයිද, තිබීම ඉවසයි,ද ගැනීම ඉවසයිද පාරාජිකා පාපය වේ.

63  භික්‍ෂූන්ට විරුද්ධ කරුවෝ මනුෂ්‍ය සත්‍රියක් භික්‍ෂුව සමීපයට ගෙනවිත් මල මාර්‍ගයෙන් පුරුෂ නිමිත්ත උඩ හිඳුවත්. හෙතෙම ඉඳින් ඇතුල් කිරීම නො ඉවසයිද, ඇතල්විම ඉවසයිද,  තිබීම ඉවසයිද , ගැනීම ඉවසයිද පාරාජිකා පාපය වේ

64  භික්‍ෂුන්ට විරුදධ කරුවෝ මනුෂ්‍ය සත්‍රියක් භික්‍ෂුවක් සමීපයට ගෙනවිත් මල මාර්‍ගයෙන් පුරුෂ නිමිත්ත උඩ හිඳුවත්. හෙතෙම ඉඳින් ඇතුල් කරීම නො ඉවසයිද, ඇතුල්වීම නො ඉවසයිද, තැබීම ඉවසයිද, ගැනීම ඉවසයිද. පාරාජිකා පාපය වේ.

65 භික්‍ෂුන්ට විරුද්ධ කරුවෝ මනුෂ්‍ය සත්‍රියක් භික්‍ෂුවක් සමීපයට ගෙනවිත් මල මාර්‍ගයෙන් පුරුෂ නිමිත්ත උඩ හිඳුවත්. හෙතෙම ඉඳින් ඇතුල් කිරීම නො ඉවසයිද, ඇතුල් වීම නො ඉවසයිද, තිබීම නො ඉවසයිද , ගැනීම ඉවසයිද පාරාජිකා වේ.

66 භික්‍ෂූන්ට විරුද්ධ කරුවෝ මනුෂ්‍ය සත්‍රියක් භික්‍ෂුවක් සමීපයට ගෙනවුත් මල මාර්‍ගයෙන් පුරුෂ නිමිත්ත උඩහිඳුවත්. හෙතෙම ඉඳින් ඇතුල් කිරීම නො ඉවසයිද, ඇතුල්වීම නො ඉවසයිද,  සිටීම නො ඉවසයිද, ගැනීම නො ඉවසයිද ඇවත් නො වේ.

67-71 ( මෙහි 62-66 ඡෙදවල ,මල , යනු වෙනුවට ,මුත්‍රා , යනු යොදන්න ) 72-76 (62-66 ඡෙදවල , මල , වෙනුවට ,කටින් ,යනු යොදන්න )

77-91( මෙහි 62-76 ඡෙදවල , මනුෂ්‍ය සත්‍රියක් , වෙනුවට ,නොනිඳා සිටින මනුෂ්‍ය සත්‍රියක්, යොදා ගත යුතුයි )
(මෙතැන්  සිට ඡේද 15 න් 15 ට ඡේද 62-76 යෙදීමේදී ,මනුෂ්‍ය ස්ත්‍රියක් ,වෙනුවට යෙදිය යුතු වචනය සඳහන් කරනු ලැබේ.)

92-106 ,මනුෂ්‍යසත්‍රියක් ,වෙනුවට ,නිදිගත් සත්‍රියක් , යොදාගත යුතුය.

107 -121 මත්වු සත්‍රියක්

122-136 උමතු වු සත්‍රියක්

137-151 විශේෂයෙන් මත් වු සත්‍රියක්

152-166 මැරුනු නො දිරුණු සත්‍රියක්

167-181 මරුනු බොහෝ සෙයින් නොදිරුණු සත්‍රියක්

182-197 මැරී බොහෝ සේ දිරා ගිය සත්‍රියක්

(, පාරාජිකා පාපය, වෙනුවට ,ථුලසි නම් ඇවත වේ. යන්න යොදා ගත යුතු)

198-212 අමනුෂ්‍යසත්‍රියක්

213 -227 තිරිසන් ගත සත්‍රියක්

228-242 මනුෂ්‍ය ස්ත්‍රි නිමිති පුරුෂ නිමිති ඇති සත්‍රියක්

243-257 අමනුෂ්‍ය ස්ත්‍රි නිමිති පුරුෂ නිමිති ඇති සත්‍රියක්

258-272 තිරිසන් ගත ස්ත්‍රිපුරුෂ නිමිති ඇති සත්‍රියක්

273-287 තිරිසන් ගත නො නිඳා සිටින ස්ත්‍රි පුරුෂ නිමිති ඇති සත්‍රියක්

(මෙහි , පාරාජිකා පාපය , වෙනුවට , ථුලසි නම් ඇවත වේ., යොදන්න)

288-303 මනුෂ්‍ය නපුංසකයෙක්

304-318 අමනුෂ්‍ය නපුංසකයෙක්

319-333 තිරිසන්ගත නපුංසකයෙක්

334-343 (62-66 ද 72-76 යෙදීමේ දී.මනුෂ්‍ය සත්‍රියක් . වෙනුවට .මනුෂ්‍ය පුරුෂයෙකු. යොදන්න

344-353 අමනුෂ්‍ය පුරුෂයෙකු

354-363 තිරිසන්ගත පුරුෂයෙකු

364-374 (මෙහි 62-76 ඡෙද යෙදීමේ දී මැරුණු ,මල මාර්‍ගයෙන්, වෙනුවට .වැසුණේ නො වැසූ මල මාර්‍ගයෙන්, මුත්‍ර මාර්‍ගයෙන්, කටින්,නො වැසුනාහු විසින් වැසුනහුට,වැසුනහු විසින් වැසුනහුට, නො වැසුනහු විසින් නො වැසුනහුට,

375-385 ( මෙහි 62-76 ඡෙද යෙදීමේ දී , මනුෂ්‍ය සත්‍රියක් ,වෙනුවට මෙහි පහත දැක්වෙන වචන යොදා ගත යුතුයි )

386-396 නිදිගත් මනුෂ්‍ය සත්‍රියක්

397-407 මත් වූ සත්‍රියක්

408-418 විශේෂයෙන් මත් වූ සත්‍රියක්

419-429 මැරුණු නොදිරූ සත්‍රියක්

430-440  මැරුණු බොහෝ නොදිරූ සත්‍රියක්

441-451 මළ බොහෝ සෙයින් දිරූ සත්‍රියක්

452-462 අමනුෂ්‍ය සත්‍රියක්

463-473  තිරිසන්ගත සත්‍රියක්

474-484 මිනිස් පුරුෂස්ත්‍රි නිමිති ඇත්තෙක්

485-495 නොමිනිස් මිනිස් පුරුෂස්ත්‍රි නිමිති ඇතියෙක්

496-506  තිරිසන් මිනිස් නොමිනිස් නිමිති ඇතියෙක්

507-521  (මෙහි 62-76 ඡෙදවල ,පුරුෂනිමිත්ත උඩ හිඳුවත්, වෙනුවට , වැසූ හෝ නො වැසූ  පුරුෂ නිමිත්ත උඩ ඉඳගනිත්, නො වැසූ-වැසූ- වැසූ-වැසූ- නො වැසූ නො වැසූ, යෙදිය යුතුයි)

522-536 ( 507-521 යෙදීමේ දී , මනුෂ්‍ය ස්ත්‍රියක්  , වෙනුවට , නොනිදා සිටින සත්‍රියක් , යන්න යොදන්න )

527-551 , මනුෂ්‍ය ස්ත්‍රියක්, වෙනුවට ,නිදි ගත් ස්ත්‍රියක් ,).

551-565 ( , මනුෂ්‍යස්ත්ර්‍‍රියක් , වෙනුවට , මත් වූ ස්ත්‍රියක් , )

566-580 ( ,මනුෂ්‍ය ස්ත්‍රියක් ,වෙනුවට  , බොහෝ මත් වූ ස්ත්‍රියක් , )

581-595 ( , මනුෂ්‍ය ස්ත්‍රියක් , වෙනුවට , උමතු වූ ස්ත්‍රියක් ,)

596-610 ( , මනුෂ්‍යස්ත්‍රියක් , වෙනුවට , විශෙෂයෙන් මත් වූ ස්ත්‍රියක් ,)

611-625 ( මෙහි 507- 521 යෙදීමේදී , මනුෂ්‍යස්ත්‍රියක් , වෙනුවට ,මෙහි පහත දක්වන   වචනය ඒ ඒ ඡෙද කාණ්ඩවලට යොදන්න. , මිනිස් නපුංසකයෙක් ,

626-640 , නොමිනිස් නපුංසකයෙක් ,

641-655 , තිරිසන් ගත නපුංසකයෙක් ,

656-670 , මිනිස් පුරුෂයෙක් ,

671-685 , නොමිනිස් පුරුෂයෙක්,

686-700 , තිරිසන්ගත පුරුෂයෙක්

701  ( රජවරුන්ගේ සතුරෝ .සොරුන්ගේ සතුරෝ. ධූතයින්ගේ සතුරෝ . පපුව පළන සොරු .යන පදද යෙදා මෙසේම ඡෙද යොදා ගත යුතුයි.)
මගින් මග ප්‍රවේශ කරයි ද, පාරාජිකා ඇවත් වේ. මගින් නොමග ස්පර්‍ෂ කරයි ද පාරාජිකා ඇවැත් වේ. නො මගින් මග ස්පර්‍ෂ කරයි ද පාරාජිකා ඇවැත් වේ. නො මගින් නොමග ප්‍රවේශ කරයි ද ථුලසි වේ .

702  භික්‍ෂුවක් නිදිගත් භික්‍ෂුවක් කෙරෙහි වරදවා පිළිපදිනා විට පිබිදියේ ඉවසා ද, දෙදෙනාම දඩුවම් ලැබිය යුතුය. පිබිදියේ නො ඉවසයි ද, දුෂකයාට දඩුවම් කළ යුතුය. භික්‍ෂුවක් නිදිගත් සාමණේරයකු කෙරෙහි වරදවා ද, පිබිදියේ ඉවසයිද දෙදෙනාටම දඩුවම් කළ යුතුය. පිබිදියේ නො ඉවසයිද, දූෂකයාට දඩුවම් කළයුතුය.

703  සාමණේර තෙමේ නිදිගත් භික්‍ෂුව කෙරෙහි වරදවා පිළිපදීද, පිබිදියේ ඉවසයි ද දෙදෙනාටම දඩුවම් කළ යුතුය. පිබිදියේ නො ඉවසයි ද, දූෂකයාට දඩුවම් කළ යුතුය. සාමණේර තෙමේ නිදිගත් සාමණේරයෙකු කෙරෙහි වරදවයි ද, පිබිදියේ ඉවසයි ද , දෙදෙනම නැසිය යුතුය. (මහණකමින් නෙරපිය යුතුයි.) පිබිදියේ නො ඉවසයි ද දූෂකයාට දඩුවම් කළ යුතුය. නො දන්නාහට,   නො ඉවසන්නාට උමතු වූවාහුට, සිත් පිත් නැත්තාට, වේදනාවෙන් පෙළෙන්නාට ආදිකර්මිකයාට ඇවැත් නො වේ.

වැඳිරියගේ කථාව

1.එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් විශාලා නුවර මහා වනයෙහි වැඳිරියක් කෑම බීමවලින් සතුටු කොට ඈට මෛථුන ධර්‍මය කරයි.ඉක්බිති ඒ මහණ තෙම පෙරවරු වේලෙහි හැඳ පොරවා පා සිවුරු ගෙන විශාලා නුවර පිඩු පිණිස හැසුරුනේය. එකල්හි වනාහි බොහෝ භික්‍ෂූහු සෙනසුන්වල ඇවිදින්නට යන්නාහු ඒ භික්‍ෂුවගේ පන්සල යම් තැනකද එතැනට පැමියාහුය. ඒ වැඳිරි තොමෝ දුර සිට එන ඒ භික්‍ෂුන් දැක ඒ භික්‍ෂුන් යම් තැනෙක්හිද එහි පැමිණියාය.පැමිණ ඒ භික්‍ෂූන්ගේ ඉදිරියෙහි උකුල සෙලවිය. වලිගය සෙලවිය.උකුල පෙන්නුවාය.අදහස් හෙළි කළාය.

2  ඉක්බිති ඒ භික්‍ෂූන්ට මේ සිත විය.. ඒකාන්තයෙන් ඒ මහණ තෙම මේ වැඳරිය සමග මෛථුන ධර්‍මය සේවනය කරයි. කියා එකත්පසෙක සැඟවී සිටියාහුය.ඉක්බිති ඒ භික්‍ෂු තෙමේ විශාලා නුවර පිඩු පිණිස හැසිර පිණ්ඩපාතය රැගෙන පෙරලා ආයේය. ඉක්බිති ඒ වැඳිරි තොමෝ ඒ භික්‍ෂුව යම් තැනෙක්හිද එහි පැමණියාය. ඉක්බිති ඒ මහණ තෙම ඒ පිණ්ඩපාතය කොටසක් වළදා කොටසක් ඒ වැඳරියට දුන්නේය. ඉක්බිති ඒ වැඳිරි තොමෝ අනුභව කොට ඒ භික්‍ෂුවට කටිය දිගු කළාය.ඉක්බිති ඒ භික්‍ෂුව ඒ වැඳිරිය සමග මෛථුන ධර්‍මය  සේවනය කරයි. ඉක්බිති ඒ භික්‍ෂූහු ඒ භික්‍ෂුවට , ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින්   ශික්‍ෂාපද පැණවූයේ නොවෙද? ඇවැත්නි, ඔබ කුමක් හෙයින් වැඳිරියක් සමග මෛථුන ධර්‍මය සේවනය කෙරේදැයි, කීවාහුය., ඇවැක්නි. භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පණවන ලද බව සත්‍යය.ඒ මිනිස් සත්‍රියක් සමගය. තිරිසන්ගතයන් හා නොවේය. ඇවැත්නි, එය එසේම නොවේද?,

3  ( 1 ) ,ඇවැත්නි, අයොග්‍ය වූ නො ගැලපෙන නුසුදුසු ශ්‍රමණ භාවයට නො ගැලපෙන, අකැප නොකටයුත්තක් කරන ලදී. ඇවැත්නි, ඔබ කෙසේ නම් මෙබදු මනාකොට ප්‍රකාශ කරන ලද ධර්‍ම විනයෙහි පැවිදිව දිවිහිමියෙන් සම්පූර්‍ණ, පිරිසිදු බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙන්නට නො හැක්කෙහිද, (2) ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ( මෙහි 30 ඡෙදයේ  (2) යොදන්න

ඇවැත්නි, මෙය නොපැහැදුනවුන්ගේ පැහැදීම පිණිස පැහැදුනවුන්ගේ වැඩි පැහැදීම පිණිස නොවන්නේය. ඇවැත්කි, නැවත මෙය නොපැහැදුනවුන්ගේ නො පැහැදීම පිණිස පැහැදුන ඇතමෙකුගේ  වෙනස් වීම පිණිස වන්නේය. ඉක්බිති ඒ භික්‍ෂූහු  ඒ භික්‍ෂුවට නොයෙක් ආකාරයෙන් ගර්‍හා කොට භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීවාහුය.  ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ  මේ කාරණයෙහි මේ සිද්ධියෙහිදී භික්‍ෂු සංඝයා රැස් කරවා , මහණ, තෝ වැඳිරියක් සමග මෛථුන ධර්‍මයෙහි යෙදෙන්නෙහි යනු ඇත්තද ?, , භාග්‍යවතුන් වහන්ස, ඇත්තය., භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගර්‍හා කළ සේක ( මෙහි 31 ඡෙදයේ (2 ) යොදන්න ) ,හිස් පුරුෂය, මා විසින් නොයෙක්  ආකාරයෙන්  (මෙහි31  ඡෙදයේ  (2 ) යොදන්න )  යම් කිසි  මහණෙක්  යටත් පිරිසෙයින්  තිරිසන්ගත සත්‍වයෙකු සමගද  මෛථුන ධර්‍මයෙහි යෙදුනේ නම් පැරදුනේ වෙයි. ආශ්‍රයට නුසුදුසු වේ,. භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට මේ ශික්‍ෂාපදය මෙසේ පණවන ලද්දෙ වෙයි . ( වැඳිරියගේ  කථාව  නිමි )

සුදින්න බණවර

1  එකල්හි වනාහි විශාලා නුවරට සමීප තැන්හි කලන්ද නම් ගමක් වේ.එහි සිටු පුත්‍රයෙකු වූ සුදින්න නම් කලන්ද පුත්‍රයෙක් වෙයි. එකල්හි සුදින්න නම් කලන්ද පුත්‍ර තෙම බොහෝ යහළුවන් සමග විශාලා නුවරට යම්කිසි  කරුණක් නිසා ගියේය. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිසක් විසින් පිරිවරන ලද්දේ දහම් දෙසමින් වැඩහුන්නේ වෙයි. සුදින්න කලන්ද පුත්‍ර තෙම මහත් පිරිසක් විසින් පිරිවරන ලදුව දහම් දෙසමින් වැඩහුන්නා වු භාග්‍යවතුන් වහන්සේ  දුටුවේය. දැක,ඔහුට මේ සිත විය. .මමද බණ අසන්නෙම් නම් යහපතැයි. කියායි. ඉක්බිති සුදින්න නම් කලන්ද ප්‍රත්‍ර තෙම ඒ පිරිස යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ,එකත්පසෙක හුන්නේය.

2  එකත්පසෙක හුන් සුදින්න නම් කලන්ද පුත්‍රයාට .මම වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් (2) යම් යම් පරිද්දෙකින් දේශනා කරන ලද ධර්‍මය දනිමි.ගිහි ගෙයි වසන්නහු විසින් සර්‍වසම්පූර්‍ණ වූ සම්පූර්‍ණයෙන් පිරිසිදු , ලියවන ලද සකක් සේ පිරිසිදු මේ බ්‍රහ්මචය්‍ර්‍යයෙහි හැසිරීමට පහසු නො වේ. (3) මම හිසකේ රවුල් ගා දමා කහට පෙවූ වස්ත්‍ර ඇඳ, ගිහිගෙන් නික්ම අනගාරික යයි කියන ලද ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් යෙහෙකැයි . කියායි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් ධාර්මික කථාවෙන් කරුණු ගෙනහැර දක්වන ලද සමාදන් කරවන ලද උත්සාහවත් කරන ලද සතුටු කරන ලද ඒ පිරිස හුන් තැනින් නැගිට භාග්‍යවතුන් වහන්සේ වටේ පැදකුණු කොට වැඳ ගියේය.

3  ඉක්බිති සුදින්න කලන්දක පුත්‍ර තෙමේ පිරිස නැගිට ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි සුදින්න

කලන්දක පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට .ස්වාමීනි, මම (මෙහි2 (2) යොදන්න) ස්වාමීනී, මම හිසකේ රැවුල් ගා දමා කහට පෙවූ වස්ත්‍ර  හැඳ ගිහිගෙන්  නික්ම  අනගාරිය ශාසනයෙහි පැවිදිවන්ට කැමැත්තෙමි. භාග්‍යවතුන් වහන්සේ මා පැවිදි කරවනසේක්වා.යි භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේය.

4  ,සුදින්නය, ඔබ  වනාහි ගිහිගෙන් නික්ම අනගාරිය  ශාසනයෙහි  පැවිදි වීමට මව්පියන් වෙතින් අවසර ගත්තෙහිදැයි, ඇසූසේක. ,ස්වාමීනි, මම ගිහිගෙන් නික්ම  අනගාරික ශාසනයෙහි පැවිදි වීම පිණිස  අවසර නො ගත්තේ වෙමි,යි කීයේය. ,සුදින්නය, තථාගතවරයෝ මව්පියන් වෙතින් අවසර නොගත් පුත්‍රයෙකු පැවිදි නො කරති,. ,යම්සේ මට ගිහිගෙන් නික්ම අනගාරික ශාසනයෙහි පැවිදි වීම පිණිස අවසර දෙත්ද ස්වාමීනි, මම එසේ කරන්නෙමියි, කීවේය.

5  ඉක්බිති සුදින්න නම් කලන්දක පුත්‍ර තෙම විශාලාවෙහි ඒ කටයුත්ත අවසන් කොට කලන්දක ගම යම්තැනෙක්හිද මව්පියෝ යම්තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ මව්පියන්ට (2 ), මෑණියනි, පියාණනි, ගිහිගෙන් නික්ම  අනගාරික ශාසනයෙහි පැවිද්ද මට අනුදන්නාසේක්වා යි, කීයේය. මෙසේ කී කල්හි සුදින්න කලන්දක පුත්‍රගේ දෙමව්පියෝ සුදින්න කලන්දක පුත්‍රයාට (3) , දරුව සුදින්නය, ඔබ වනාහි අපට ප්‍රිය වූ සිත සතුටු කරන්නා වූ සුවසේ වැඩුනා වු සුවසේ පොෂ්‍ය කරන ලද  අපගේ එකම පුත්‍රයා වෙහිය. දරුව සුදින්නය, ඔබ කිසි දුකක් නොදන්නෙහිය. අපි මරණයෙනුදු ඔබගෙන් නොකැමැත්තෙන් මෙන් වන්නෙමු. කිමෙක්ද? අපි ජීවත්ව සිටියදීම  ඔබට ගිහිගෙන් නික්ම අනගාරික ශාසනයෙහි පැවිද්ද පිණිස කෙසේ අනුදන්නෙමුදැයි, කීවාහුය.

6  දෙවනුවත් සුදින්න කලන්දක පුත්‍ර තෙමේ මව්පියන්ට  (මෙහි 5 (2) (3) යොදන්න ) තුන්වෙනුවත්  සුදින්න කලන්දක පුත්‍රයාගේ මව්පියන්ට  (මෙහි 5 (2) (3) යොදන්න )

7  ඉක්බිති  සුදින්න කලන්දක පුත්‍ර තෙම .මව් පියෝ මට ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිද්දට අවසර නොදෙත්යයි  මෙහිම මගේ මරණය හෝ පැවිද්ද හෝ වේවායි.   එහි කිසිවක් නො අතුරන ලද බිම වැදහොත්තේය. ඉක්බිති සුදින්න කලන්දක පුත්‍ර තෙම එක් වේලක් නොකා සිටියේය. දෙවේලක් නොකා සිටියේය. තුන් වේලක් නොකා සිටියේය. සතරවේලක් නොකා සිටියේය. පස්වේලක් නොකා සිටියේය. සය වේලක් නොකා සිටියේය. සත් වේලක්  නොකා සිටියේය.

8 ,ඉක්බිති සුදින්න කලන්‍දක පුත්‍රගේ මව්පියෝ සුදින්න කලන්‍දක පුත්‍රට (2) (මෙහි 5 (3) යොදන්න ). .දරුව සුදින්න, නැගිටින්න කන්න, බොන්න, පිරිවරන්න, කන්නේ, බොන්නේ, පිරිවරන්නේ, කාම වස්තූන් පරිභොග කරන්නේ , පින් කරන්නේ, ගිහි ගෙහි ඇලෙව, අපි ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිද්ද පිණිස අවසර නොදත්නෙමුයි. කීවාහුය . මෙසේ කී කල්හි සුදින්න කලන්‍දක පුත්‍ර තෙම නිශ්ශබ්ද විය.

9  දෙවනුවත් ( මෙහි 8 (2) යොදන්න ) තුන්වෙනුවත් සුදින්න කලන්‍දක පුත්‍රගේ මව්පයෝ (මෙහි 8 (2) යොදන්න)  තුන්වෙනුවත් සුදින්න කලන්‍දක පුත්‍ර තෙමේ නිශ්ශබ්ද විය.

10  ඉක්බිති සුදින්න කලන්‍දක පුත්‍රගේ යහලුවෝ සුදින්න කලන්‍දක පුත්‍ර තෙම යම් තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ , සුදින්න කලන්‍දක පුත්‍රට , ( මෙහි 8 (2) යොදන්න. ,දරුව,  වෙනුවට   ,යහලුව, යොදන්න.) දෙවනුවත් (මෙහි 10 මෙන් 8 (2) යොදන්න ) තුන්වෙනුවත් සුදින්න කලන්‍දක පුත්‍රගේ යහලුවෝ කලන්‍දක පුත්‍ර සුදින්නට  ,යහලු සුදින්නය,ඔබ (මෙහි 10 මෙන් 8 (2) යොදන්න) තුන්වෙනුවත් සුදින්න කලන්‍දක පුත්‍ර තෙමේ නිශ්ශබ්ද විය.

11 ඉක්බිති සුදින්න කලන්‍දක පුත්‍රගේ යහලුවෝ සුදින්න කලත්‍දක පුත්‍රගේ මව්පියන් යම් තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ සුදින්න කලත්‍දක පුත්‍රගේ මව්පියන්ට ,මෑණියනි,පියාණනි, මේ සුදින්න තෙමේ .මෙහිම මගේ මරණය හෝ පැවිද්ද හෝ වන්නේයයි. කිසිවක් නො අතුරන ලද භූමියෙහි වැදහොත්තේය. ඉදින් තෙපි ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිද්දට සුදින්නට අවසර නො දෙන්නහු නම්, එහිම මරණය වන්නේය. ඉදින් තෙපි  සුදින්නට ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිද්දට අවසර දෙන්නහු නම් පැවිද්දේ සිටින ඔහු දකින්නාහුය. ඉදින් සුදින්න තෙමේ ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිද්දෙහි නො ඇලෙන්නෙහි නම් ඔහුගේ ගතිය කවරක් වන්නේද? මෙහිම නැවත එන්නේය. සුදින්නට ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිද්දට අවසර දෙව ,

12  .දරුවෙනි, සුදින්නට ගිහිගෙන් නික්ම අනගාරික ශාසනයෙහි පැවිද්දට අවසර දෙමු.. ඉක්බිති සුදින්න  කලන්‍දක පුත්‍රගේ යහලුවෝ කලන්‍දක පුත්‍ර සුදින්න යම් තැනෙක්හිද එහි පැම්ිණියාහුය. පැමිණ කලන්‍දක පුත්‍ර සුදින්නට , යහලු සුදින්න,නැගිටින්න මව්පියන් විසින්  ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිද්දට අවසර දෙන ලද්දෙයයි, කීවාහුය.

13  ඉක්බිති කලන්‍දක පුත්‍ර සුදින්න තෙමේ .මව්පියන් විසින් ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිද්දට අවසර දෙන ලද්දේලුයි. ප්‍රීති වූයේ ඔදවැඩි සිත් ඇත්තේ අතින් අවයව පිසිමින්  නැගිට්ටේය.ඉක්බිති කලන්‍දක පුත්‍ර සුදින්න තෙමේ කීප දවසක් ශක්තිමත් වී, භාග්‍යවතුන් වහන්සේ  යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි කලන්‍දක පුත්‍ර සුදින්න තෙමේ භාග්‍යවතුන් වහන්සේට, ,ස්වාමීනි, මම මව්පියන් විසින් ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිද්දට අවසර ලද්දෙමි. භාග්‍යවතුන් වහන්සේ මා පැවිදි කරනසේක්වායි,  කීයේය.කලන්‍දක පුත්‍ර සුදින්න තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලැබුයේය. උපසම්පදාව ලැබුයේය. උපසම්පදා වී
වැඩිකල් නොගිය සුදින්න තෙමේ අරණ්‍යයෙහි වාසය කරන්නේ,පිණ්ඩපාතයෙන් යැපෙන්නේ, පාංසුකුල සිවුරු දරන්නේ, ගෙපිළිවෙලින් පිඩු පිණිස හැසිරෙන්නේ, මෙබඳු කෙලෙස් කම්පා කරණ ධුත ගුන සමාදන් වී  සිටියි.වජ්ජි ගම ඇසුරු කොට වාසය කරයි.

14  ඒ කාලයෙහි වජ්ජි රට දුර්භික්‍ෂයක් ඇත්තේය. ජීවත් වේ දෝ නොවේ දෝයි සැක ඇති විය.  ශෂ්‍ය සුදු බොල් ඇටින් යුක්තය. සීට්ටු ක්‍රමයෙන් දිවි පැවැත් වීය. උත්සාහයෙන් පිඩු සිගිමෙන් යැපෙන්නට පහසු නොවේ. ඉක්බිති ආයුෂ්මත් සුදින්නට , දැන් වනාහි වජ්ජි රට ජීවත් වේ දෝ නොවේ දෝයි සැක ඇති, සුදු බොල් ඇට ඇති, සීට්ටු ක්‍රමයෙන් ජීවත්වන දුර්භික්‍ෂය වෙයි, උත්සාහයෙන් පිඩු සිගිමෙන් යැපෙන්නට පහසු නොවේ, මාගේ පොහොසත් වු, මහත් වස්තු ඇති , මහත් භෝග ඇති බොහෝ රන්රුවන් ඇති, බොහෝ  වස්තු උපකරණ ඇති, බොහෝ ධන ධාන්‍ය ඇති නෑයෝ බොහෝ වෙත්  මම ඤාතීන්   ඇසුරු කොට ජීවත් වන්නෙම් නම් යෙහෙක, නෑයෝ මා නිසා දන් දෙන්නාහුය, පින් කරත්, භික්‍ෂුහුද ලාභ ලබන්නාහුය, මමද පිඩුවලින්  වෙහෙස නොවන්නෙමි යි, සිතුවේය.

15  ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ සෙනසුන අකුලා පාසිවුරු ගෙන විශාලා නුවර යම් තැනෙක්හිද එහි ගියේය. පිළිවෙලින් ගොස් විශාලා නුවර යම් තැනෙක්හිද එහි පැමිණියේය. ආයුෂ්මත් සුදින්න තෙමේ ඒ විශාලා නුවර මහා වනයෙහි වාසය කරයි. ආයුෂ්මත් සුදින්නගේ  නෑයෝ, .කලන්‍ද පුත්‍ර  සුදින්න තෙමේ විශාලා නුවරට ආයේයයි. ඇසුවාහුය. ඔව්හු ආයුෂ්මත් සුදින්නට සැටක් පමණ තැටිවල පිසූ දානයක් ගෙනාවාහුය. ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ ඒ සැටක් පමණ තැටි බත් භික්‍ෂුන්ට බෙදා දී පෙරවරු වේලෙහි හැඳ පොරවා පා සිවුරු ගෙන කලන්ද ගමට පිඩු පිණිස ඇතුල්වූයේය. කලන්ද ගමෙහි ගෙපිළිවෙලින් පිඩු පිණිස හැසිරෙන්නේ තමාගේ පියාගේ ගෙය යම්    තැනෙක්හිද  එහි පැමිණියේය.

16   ඒ වේලාවෙහි ආයුෂ්මත් සුදින්නගේ ඥාති දාසියක් පෙරදින සවස තැම්බූ පිට්ටුවක් විසිකරනු කැමැති වූවාය. ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ ඒ ඥති දාසියට, නැගණිය,විසිකරන ස්වභාව ඇති එය මාගේ පාත්‍රයෙහි මෙහි දමවයි, කීයේය. ඉක්බිති  ආයුෂ්මත් සුදින්නගේ ඥාති දාසී ඒ පෙර දින සවස තැම්බූ පිට්ටුව ආයුෂ්මත් සුදින්නගේ පාත්‍රයෙහි බහන්නී ඔහුගේ අත්වලද පාවලද ශබ්දයේද ආකාරය ගත්තීය. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ  ඥාති දාසී තොමෝ  ආයුෂ්මත් සුදින්නගේ මව් යම් තැනෙක්හිද එහි පැමිණීයාය. පැමිණ, ආයුෂ්මත් සුදින්නගේ මවට ,ආය්‍ර්‍යාවෙණි,දන්නෙහිද ? ආය්‍ර්‍යයන් වහන්සේගේ පුත්‍ර වූ සුදින්න තෙමේ පැමිණියේයයි, කීවාය. , බොල, ඉදින් ඇත්තක් කියන්නෙහිද? තී දාස භාවයෙන්  මුදවමියි , කීවාය.

17   ඒ වේලාවෙහි ආයුෂ්මත් සුදින්න තෙමේ ඊයේ සවස තැම්බූ ඒ පිට්ටුව එක්තරා  බිත්ති අයිනක් ළග සිට අනුභව කරයි. ආයුෂ්මත් සුදින්නගේ පිය තෙමේද වැඩපලින් එන්නේ ආයුෂ්මත් සුදින්න ඊයේ රාත්‍රියේ පිසූ පිට්ටුව එක්තරා ගහක් යටට වී අනුභව කරනු දැක, ආයුෂ්මත් සුදින්න යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ,  ආයුෂ්මත් සුදින්නට , දරුව සුදින්නය, ඊයේ සවස පිසූ පිට්ටුවක් අනුභව කරන්නෙහිද? දරුව සුදින්නය, ගෙට යායුතු නොවේද?, , ගෘහපතිය, තොපගේ ගෙට ගියෙමි. මේ ඊයේ රෑ පිසූ පිට්ටුව (එතැනින්) ලැබුනේයයි , කීවේය.

18  ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පිය තෙමේ ආයුෂ්මත් සුදින්නගේ අතින් අල්වාගෙන ආයුෂ්මත් සුදින්නට . දරුව සුදින්නය,එන්න ගෙට යන්නෙමුයි. කීයේය . ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ තම පියාගේ ගෙය යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, පණවන ලද අස්නෙහි වැඩහුන්නේය, ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පිය තෙමේ ආයුෂ්මත් සුදින්නට ,දරුව, යහපත්ව දෙන ලදී අනුභව කරවයි, කීයේය. , ගෘහපතිය, වුවමනා  නැත, මා විසින්  අද ආහාර අනුභව කෙළෙමියි, කීයේය. , දරුව,සුදින්න හෙට දවසට ආහාර ඉවසනු මැනවයි , කීයේය. ආයුෂ්මත්  සුදින්න තෙමේ නිශ්ශබ්දව පිළිගත්තේය.

19  ඉක්බිති ආයුෂ්මත්  සුදින්න  තෙමේ  අස්නෙන් නැගිට වැඩියේය. ඉක්බිති  ආයුෂ්මත් සුදින්නගේ මව් තොමෝ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් අලුත්  ගොමින් බිම  පිරිබඩ ගන්වා ගොඩවල් දෙකක්  කරවූවාය. එකක් අමු රන්ද අනික රන්ද විය. ගොඩවල්  කොපමණ මහත්වුයේද යත්, එහා පැත්තේ සිටි  පුරුෂයාට මෙහා පැත්තේ සිටි පුරුෂයා  නොදකියි. ඔව්හු ගොඩවල් පැදුරුවලින් වස්වා මැද අස්නක් පණවා ආවරණයක් කරවා  ආයුෂ්මත් සුදින්නගේ පෙර බිරිඳ කැඳවූයේය.  ,පුත්‍රිය, එසේ නම්  ඔබ යම් අලංකාරයකින් සරසන ලද්දාවූ සුදින්න නම් මාගේ පුත්‍රයාව ප්‍රියමනාප වූවාද ඒ අලංකාරයකින් සැරසෙන්නැයි, කීවාය.,ආය්‍ර්‍යාවෙනි, එසේයයි, ආයුෂ්මත් සුදින්නගේ පෙර බිරිඳ ආයුෂ්මත් සුදින්නගේ මවට පිළිතුරු දුන්නීය.

20  ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන සිය පියාගේ ගෙය යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, පණවන ලද අස්නෙහි වැඩහුන්නේය. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පිය තෙමේ ආයුෂ්මත් සුදින්න තෙමේ යම් තැකේහිද එහි පැමිණියේය. පැමිණ, ඒ ගොඩවල් විවෘත කරවා  ආයුෂ්මත් සුදින්නට (2) ,දරුව සුදින්නය, මේ තොපගේ මවු පසට අයත් ස්ත්‍රියකට අයත් වන ස්ත්‍රිධනයකි. අනික පියාගෙන් ආ දෙයකි. අනික්වා  මුත්තණුවන්ගෙන් ආ දේය.  දරුව සුදින්න, ගිහි වී වස්තුවද පරිභෝග කරන්නට. පින් ද කරන්නට හැකිය. දරුව සුදින්නය, ඔබ මෙහි එන්න, ගිහි වී වස්තුවද පරිභෝග කරව, පිනුත් කරවයයි, කීයේය. ,පියාණෙනි, (3) උත්සාහ නො කරමි. සමත්‍ර්‍ථ  නො වෙමි. මම ඇලුනේ බ්‍රහ්මචය්‍ර්‍යයෙහි හැසිරෙමියි , කීයේය.

21  දෙවෙනුවත් ආයුෂ්මත් සුදින්නගේ පියා ආයුෂ්මත් සුදින්නට ( මෙහි 20 (2) යොදන්න ) තුන්වෙනුවත් ආයුෂ්මත් සුදින්නගේ පියා ආයුෂ්මත් සුදින්නට ( 20 (2) යොදන්න ) ,ගෘහපතිය, ඉදින් ඔබ නො ඉක්මවන්නෙහි නම් ඔබට කියන්නේ , , දරුව සුදින්නය, කියව , ,ගෘහපතිය, එසේ නම් ඔබ මහත් මහත් හණ මලු කරවා රන්රුවනින් පුරා ගංගා නම් ගග මැද්දෙහි සැඩපාරෙහි දමව, ඊට  හේතු කවරේද? ගෘහපතිය, ඒ හේතුවෙන් තොපට භයක් හෝ තැතිගැන්මක් හෝ ලොමු දැහැගැනීමක් හෝ ආරක්‍ෂාවක් හෝ යම්හෙයකින් වන්නේද, එය තොපට නො වන්නේය. ,

22   මෙසේ කී කල්හි ආයුෂ්මත් සුදින්නගේ පිය තෙමේ නො සතුටු වූයේය. පුත්‍ර වූ සුදින්න තෙමේ කෙසේ නම් මෙසේ කියයිද? ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පිය තෙමේ ආයුෂ්මත් සුදින්නගේ පෙර බිරිඳට කථා කළේය. ,සත්‍රිය, එසේ නම් ඔබත් යාඥා කරව.පුත්‍ර වූ සුදින්න තෙමේ තොපගේ වචනයද කරන්නෙ නම් යෙහෙක., ,ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පුරාන භාය්‍ර්‍යා තොමෝ ආයුෂ්මත් සුදින්නගේ දෙපා අල්වාගෙන ආයුෂ්මත් සුදින්නට ,ආය්‍ර්‍ය පුත්‍රය, දිව්‍යාඞ්ගනාවන් කෙබඳුද ? යම් කෙනෙකු නිසා ඔබ බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙන්නෙහිදැයි , ඇසීිය. , නැඟනිය, මම දිව්‍යාඞ්ගනාවන් බලාපොරොත්තුවෙන්  බ්‍රහ්ම චය්‍ර්‍යාවෙහි නොහැසිරෙමි,.

23  ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පෙර බිරිඳ අද සිට මට සුදින්න ආය්‍ර්‍ය පුත්‍ර තෙමේ නැගනි කථාවෙන්  කථා කෙරේයයි එහිම සිහි නැතිව වැටුනාය. ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ පියාට , ගෘහපතිය, ඉදින් කෑයුතු දෙයක් ඇත්නම්  දෙව. නො වෙහෙසවයි, කීවේය. ,දරුව සුදින්නය, අනුභව කරවයි , කීයේය. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ මව් ද පියා ද ආයුෂ්මත් සුදින්න ප්‍රණීතවූ කෑයුතු දෙයින් බුදිය යුතු දෙයින් සියතින් සැනහුවාහුය, පැවරුවාහුය.

24  ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ මව් තොමෝ වැළඳු පාත්‍රයෙන් මෑත් කළ අත ඇති ආයුෂ්මත් සුදින්නට (2) ,දරුව සුදින්නය, මේ කුලය පොහොසත්ය. මහත් ධන ඇත්තේය. මහත් වස්තු ඇත්තේය. බොහෝ රන් රුවන්  මසු කහවණූ ඇත්තේය. බොහෝ වස්තු උපකරන ඇත්තේය. බොහෝ ධන ධාන්‍ය ඇත්තේය. දරුව සුදින්නය, ගිහි වී වස්තු පරිභෝග කරන්නටද පින් කරන්නටද ලබන්නේය. දරුව සුදින්නය, එන්න ගිහි වී වස්තු පරිභෝග කරව. පින්ද කරවයි, කීවාය. (3),මෑණියනි, (මෙහි 20 (3) යොදන්න ) දෙවනුවත්, ( මෙහි 20 (2) ( 3) යොදන්න )  තුන්වෙනුවත් ආයුෂ්මත් සුදින්නගේ මව් තොමෝ ආයුෂ්මත් සුදින්නට ( මෙහි 20 (2) (3) යොදන්න ) (4) ,දරුව සුදින්නය, එසේ වී නම් බීජයක්වත් දෙව. දරුවන් නැති වස්තුව  ලිචඡවීහු ඇද නො ගණිත්වායි, (5) කීවාය. , මෑණියනි, මෙය කරන්ට හැකියයි , කීවේය.  ,දරුව සුදින්නය, දැන් කොහි වාසය කරන්නෙහිද?,  , මෑණියනි,  මහා වනයෙහිය,. ඉක්බිති ආයෂ්මත් සුදින්න තෙමේ අස්නෙන් නැගිට ගියේය.

25  ඉක්බිති  ආයුෂ්මත් සුදින්නගේ මව් තොමෝ ආයුෂ්මත් සුදින්නගේ  පෙර බිරිඳට කථා කළාය. , එසේ නම්  සත්‍රිය යම් දවසක සෘතු වූවාද තට ඔසප් උපන්නේද ඉක්බිති මට කියව., ,ආය්‍ර්‍යාවෙනි, එසේයයි, ආයුෂ්මත් සුදින්නගේ පෙර බිරිඳ ආයුෂ්මත් සුදින්නගේ මව්ට පිළිතුරු දුන්නීය. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පෙර බිරිඳ නොබෝ කලකින්ම සෘතු වූවාය. ඈට ඔසප් උපන්නේය. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පෙර බිරිඳ ආයුෂ්මත්  සුදින්නගේ මවට ,ආය්‍ර්‍යාවෙනි, සෘතු වූවෙමි. මට ඔසප් උපන්නේය, ,සත්‍රිය, එසේ නම් අලංකාරයකින් අලංකාර වූයේ පුත්‍ර සුදින්නට ප්‍රියද සතුටුද වූයේද ඒ අලංකාරයෙන් අලංකාර වේවයි , කීවාය. ,ආය්‍ර්‍යාවෙනි, එසේයයි ,ආයුෂ්මත්  සුදින්නගේ පෙර බිරිඳ ආයුෂ්මත් සුදින්නගේ මවට ප්‍රති වචන දුන්නීය. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ මව් තොමෝ ආයුෂ්මත් සුදින්නගේ පෙර බිරිඳ ගෙන මහා වනය යම් තැනෙක්හිද අයුෂ්මත් සුදින්න තෙමේ යම් තැනෙක්හිද එහි පැමිණියාය. පැමිණ, ආයුෂ්මත් සුදින්නට මෙසේ කීවාය.

26  දරුව සුදින්නය, මේ කුලය (මෙහි 24 (2) හා (3) (4 ) )  දෙවනුවත් ( මෙහි 24 (2) හා (3) (4) ) තුන්වෙනුවත් ආයුෂ්මත් සුදින්නගේ මව්  තොමෝ ආයුෂ්මත් සුදින්නට ( මෙහි 23 (2) ( 3 )(4 ) එසේ නම් එය කළ හැකියයි පෙර බිරිඳ  අතින් ගෙන  මහා වනයට වැද ශික්‍ෂාපද  නො පැනවීම නිසා දොස් නො දක්නේ පෙර බිරිඳ  සමග තුන් වරක් මෛථුන ධර්‍මයෙහි හැසුරුනේය. ඕ තොමෝ ඒ කරණ කොට ගැබ් ගත්තීය. භූමි නිශ්‍රිත   දේවතාවෝ (2) .ඒකාන්තයෙන් භික්‍ෂු සංඝ තෙමේ පිළිකා නැතිව සිටියේය. දොස් නැත්තේය.කලන්දපුත්‍ර සුදින්න විසින් පිළිකාවක් උපදවන ලදී.දොෂයක්  උපදවන ලද්දීයයි. ශබ්ද පැවැත්වූවාහුය. (3)  බිම ඇසුරු කළ දෙවියන්ගේ ශබ්දය අසා චාතුර්මහාරාජික  දෙවියෝ ශබ්ද පැවැත්වුවාහුය. තාවතිංස,යාම, තුසිත, නිර්මානරතී, පරනිර්මිත, වසවර්ති , බ්‍රහ්ම කොටසට අයත් දෙවියෝ ( මෙහි 2 )  මෙසේ ඒ මොහොතෙහි, ඒ ක්‍ෂණයෙහි බ්‍රහ්ම ලෝකය දක්වා ශබ්දය උඩට පැන නැංගේය.

27  ඉක්බිති  ආයුෂ්මත් සුදින්නගේ පෙර බිරිඳ ඇගේ ගර්‍භය මේරුණ බවට පැමිණ පුතකු වැදුවාය. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ යහලුවෝ,ඒ දරුවාට .බීජක. යයි නමක් තැබුවාහුය. ආයුෂ්මත් සුදින්නගේ  පෙර බිරිඳට  බීජක මව් යයි නමක් කළාහුය. ආයුෂ්මත් සුදින්නට  බීජක පියා යයි නමක් කළාහුය. ඒ දෙදෙන මෑත කාලයෙහි ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිව රහත් බව ප්‍රත්‍යක්‍ෂ කළාහුය. ඉක්බිති ආයුෂ්මත් සුදින්න (2) , මට ඒකාන්තයෙන් අලාභයෙක.  මට ඒකාන්තයෙන් ලාභයක් නොවේ.මා ඒකාන්තයෙන් නපුරට ලබන ලදී.යහපතට ලබන ලද්දේ නොවේ. යම් බඳු වූ මම මෙබඳුවූ යහපත්ව ප්‍රකාශ කරන ලද ධර්‍ම විනයෙහි පැවිදිව දිවි ඇතිතාක් සම්පූර්‍ණවූ පිරිසිදු වූ  බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙන්නට නොහැකි විය. (3) හෙතෙම ඒ සැකයෙන් ඒ පසුතැවිල්ලෙන් කෙට්ටු විය. කර්‍කශ වූයේ දුර්‍වර්‍ණවූයේ පඩුවන් පැහ ඇතිවූයේ නහර මතු වූ අවයව ඇත්තේ ඇතුලතට යොමු වූ සිත් ඇත්තේ සැගවුණු සිත් ඇත්තේ දුක් වූයේ අයහපත් සිත් ඇත්තේ විපිළිසර වූයේ දැවුණේය.

28  ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ යහලු භික්‍ෂූහු ආයුෂ්මත් සුදින්නට ,ඇවැත්නි සුදින්නය, ඔබ පෙර නම් පැහැයෙන් යුක්ත විය. පිනාගිය ඉන්‍ද්‍රියයන් ඇතිවූ වෙහිය, පැහැදුණ මුහුනේ පාටක් ඇත්තෙකි, අතිශයින් පෑදුන පාට සිවියක් ඇත්තෙහිය, ඔබ දැන් මේ කාලයෙහි කෘශය, රලුය,දුර්‍වර්‍ණය, පඩුවන්ය, නහර මතු වූ අවයව ඇත්තෙහිය,ඇතුලතට යොමු වූ සිත් ඇත්තේ සැගවුණු  සිත් ඇත්තේ දුක් වූයේ අයහපත් සිත් ඇත්තේ  විපිළිසර වූයේ දැවෙන්නෙහිය. ඇවැත්නි සුදින්නය, කිමෙක්ද? ඔබ කලකිරී බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙන්නෙහිද?,

29  ,ඇවැත්නි, මම නොඇලී බ්‍රහ්මචය්‍ර්‍යයෙහි නො හැසිරෙමි. මා විසින් පාප කර්‍මයක් කරණලදී. පෙර  බිරිඳ හා මෛථුන ධර්‍මයෙහි හැසුරුනෙමි. ඇවැත්නි, ඒ මට සැකයක් පිණිස විය. විපිළිසරයක් විය., ( මෙහි 27 (2 ) යොදන්න )

30  , ඇවැත්නි සුදින්නය,තොපට සැක කිරීමෙන් කම් නැත. පසුතැවීමෙන් කම් නැත. යම් බදු වූ තෝ මෙසේ මනා කොට වදාරණ ලද ධර්‍මවිනයෙහි පැවිදිව දිවි ඇතිතාක් සම්පූර්‍ණ වූ පිරිසිදු වූ බ්‍රහ්මචය්‍ර්‍යයෙහි හැසිරෙන්නට නො හැකිවෙහිය.ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන්  (2 ) නො ඇලීම පිණිස ධර්‍ම දේශනා කරන ලදී.ඇලීම පිණිස ධර්‍ම දේශනා නො කරන ලදී. වෙන්වීම පිණිස ධර්‍ම දේශනා කරන ලදී. එක්වීම පිණිස ධර්‍ම දේශනා නො කරන ලදී.දැඩි කොට නොගැනීම පිණිස ධර්‍ම දෙශනා කරණ ලදී. ගැනීම පණිස ධර්‍ම දේශනා නො කරණ ලදී. ඇවැත්නි, කෙසේනම් නුඔ භාග්‍යවතුන් වහන්සේ විසින් නොඇලීම පිණිස බණ වදාරද්දී ඇලීම පිණිස වෑයම් කරන්නෙහිද?වෙන්වීම පිණිස බණ වදාරද්දී එක්වීම පිණිස වෑයම් කරන්නෙහිද? දැඩි සේ නොගැනීම පිණිස බණ  වදාරද්දී දැඩි සේ ගැනීම පිණිස වෑයම් කරන්නෙහිද?  ඇවැත්නි, භග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් රාගය තුනී කිරීම පිණිස ධර්‍ම දේශනා කළේ නොවේද? මත් වීම නැති කිරීම පිණිස,  පිපාසා දුරු කිරීම පිණිස, ආශාව නැසීම පිණිස, සසර කැඩීම පිණිස, තෘෂ්ණාව නැතිකිරීම පිණිස, නො ඇලීම පිණිස, නැති වීම පිණිස, නිවන පිණිස  ධර්‍මය දේශනා කළේ නොවේද? (3)    ඇවැත්නි, භග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් (4) කාමයන්ගේ පහ කිරීම වදාරන ලද්දේ නොවේද? කාම හැගීම්වල විශිෂ්ට ඥානය කියන ලද්දේ, කාම පිපාසාවල  සංසිඳීම  කියන ලද්දේ, කාම සිතිවිලිවල මුලින් නැසීම කියන ලද්දේ නොවේද? කාම දැවීම්වල සංසිඳීම කියන ලද්දේ නො වේද? (5) ඇවැත්නි, මෙය නො පැහැදුනවුන්ගේ  පැහැදීම පිණිස  පැහැදුනවුන්ගේ විශේෂ පැහැදීම පිණිස නොවේ. ඇවැත්නි, නැවතද මෙය නො පැහැදුනවුන්ගේ නො පැහැදීම පිණිස  පැහැදුන ඇතෙමෙකුගේ   වෙනස්වීම පිණිස වන්නේය. ,

31  ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සුදින්නට නොයෙක් ආකාරයෙන් නින්දා කොට භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළාහුය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ  මේ කාරණයෙහි  මේ සිද්ධියෙහි භික්‍ෂු සංඝයා රැස්කරවා ආයුෂ්මත් සුදින්නගෙන් , සුදින්නය, ඔබ පෙර බිරිඳ සමග මෛථුන ධර්‍මයෙහි හැසුරුනේ ඇත්තදැයි ඇසීය. .භාග්‍යවතුන් වහන්ස, ඇත්තය . බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ ගර්‍හා කළසේක. (2) , හිස් පුරුෂය,නොසුදුසු වූ නො ගැලපෙන, ශ්‍රමණයන්ට නො ගැලපෙන අකැප නො කටයුත්තක් කෙළෙහිද. හිස් පුරුෂය, කෙසේ නම් ඔබ මෙබදු මනා කොට දේශනා කරන ලද ධර්‍ම විනයෙහි පැවිදිවී දිවි ඇතිතාක් කල් සම්පූර්‍ණ වූ පිරිසිදු වූ බ්‍රහ්මචය්‍ර්‍යයෙහි හැසිරෙන්නට නොහැක්කේද? (3)  හිස් පුරුෂය, මා විසින් නොයෙක් ආකාරයෙන් නො ඇලීමට ධර්‍ම දේශනා කරන ලද්දේ නොවේද? රාග සහිත නොවීමට, වෙන් වීමට, එක් නොවීමට ධර්‍ම දේශනා කරන ලද්දේ නොවේද? බැමි ලිහන්ට දැඩි කොට නො ගැන්මට ධර්‍ම දේශනා කරන ලදදේ නො වේද? දැඩි කොට නො ගැන්මට දේශනා කරන ලද්දේ නොවේද? හිස් පුරුෂය, ඔබ කෙසේ නම් මා විසින් නො ඇලීම පිණිස ධර්‍මය දේශනා කළ කල්හි රාග සහිත බව පිණිස සිතන්නෙහිද? වෙන්වීම පිණිස ධර්‍මය දේශනා කළ කල්හි එක් වීම පිණිස සිතන්නෙහිද? දැඩි සේ නො ගැනීම පිණිස ධර්‍ම දේශනා කළ කල්හි ගැනීම පිණිස සිතන්නෙහිද? හිස් පුරුෂය, මා විසින් (3) ( මෙහි 30 ඡෙදයේ (2) යොදන්න. ) හිස් පුරුෂය, මා විසින් නොයෙක් ආකාරයෙන්  ( මෙහි 30 ඡෙදයේ ( 4 ) යොදන්න. (4)  හිස් පුරුෂය, තා විසින්  දරුණු විෂ ඇති සර්‍පයෙකුගේ් කටෙහි පුරුෂ ලිඞ්ගය දමන ලද්දේ නම් යහපත. සත්‍රියගේ  සත්‍රී නිමිත්තෙහි පුරුෂ ලිඞ්ගය   නො දමන ලද්දේ නම් යහපත. හිස් පුරුෂය, තා විසින් කලු සර්‍පයෙකුගේ කටෙහි පුරුෂ ලිඞ්ගය දමන ලද්දේ නම් යහපත. සත්‍රියගේ සත්‍රී නිමිත්තෙහි පුරුෂ ලිඞ්ගය නො දමන ලද්දෙ නම් යහපත.

, හිස් පුරුෂය, තා විසින් ගිනි ගත් දැල් වෙන ගිනි සිලු ඇති   අගුරු වලෙක්හි  පුරුෂ ලිඞගය දමන ලද්දේ නම් යහපත.  සත්‍රියකගේ සත්‍රී නිමිත්තෙහි පුරුෂ ලිඞගය නො දමන ලද්දේ නම් යහපත. ඊට හේතු කවරේ්ද?   හිස් පුරුෂය, ( මුලින් කී කරුණෙන් ) ඒ හේතුවෙන් මරණයට හෝ පැමිණෙන්නේය. මරණය හා  සමාන දුකකට පැමිනෙන්නේය. ඒ හේතු කොට ගෙන  ශරීරයාගේ බිඳමෙන් මරණින් මතු සැප නැති, නපුරු ගති ඇති , නපුරු වැටීම් ඇති නරකයෙහි නූපදින්නේය. හිස් පුරුෂය (දෙවනු කීකරුනෙන්) මේ හේතු කොට ගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති නපුරු ගති ඇති , නපුරු වැටීම් ඇති නරකයෙහි උපදින්නෙය. (5)

,හිස් පුරුෂය, යම්බදු වූ ඔබ සත්පුරුෂ ධර්‍මයක් නො වූ ග්‍රම්‍ය ස්වභාවයක් වූ, නීච ස්වභාවයක් වූ නපුර ඇසුරු කළ දෙයක් වූ  පහත් ස්වභායක්වූ රහසිගත වූ දෙදෙනෙක් අතර ඇති සමවැදීමකට  පැමිණියෙහිද,  හිස් පුරුෂය, නුඔ බොහෝ අකුශල ධර්‍මයන්ට ආදිකර්‍තෘය. පෙරටුව යන්නාය. හිස් පුරුෂය, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස පැහැදුනවුන්ගේ වැඩිවීම පිණිස නො වේ. හිස් පුරුෂය, නැවත මෙය නො පැහැදුනවුන්ගේ නො පැහැදීම පිණිස පැහැදුනාවූ  සමහරුන්ගේ වෙනස් බව පිණිස වේ. , ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සුදින්නට නොයෙක් ආකාරයෙන් නිග්‍රහ කොට සැහැල්ලු නොවූ පැවැත්මෙහි, සැහැල්ලු නොවූ ජීවිකාවෙහි, මහා ආශා ඇති බැව්හි, ලද දෙයින් සතුටු නොවන බැව්හි, පිරිසෙහි ඇලුණ බැව්හි, කුසීත බැව්හි, නුගුණ කියා නොයෙක් ආකාරයෙන් සැහැල්ලු පැවැත්මෙහි සැහැල්ලු ජීවිකාවෙහි අලෝභ බැව්හි ලද දෙයින් සෑහෙන බැව්හි  කෙළෙස් තවන බැව්හි කෙළෙස්කම්පා කිරීමෙහි සතුටු ගෙන දෙන බැව්හි කෙළෙස් සිඳින බිඳින බැව්හි වීය්‍ර්‍යයෙහි  ගුණ කියා  භික්‍ෂූන්ට ඊට ගැලපෙන දැහැමි කථාව කොට භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක.

32 ,මහණෙනි, එසේ නම් භික්‍ෂූන්ට ප්‍රයෝජන දහයක් නිසා ශික්‍ෂාපද පණවන්නෙමි. සංඝයාගේ  යහපත් භාවය පිණිස, සංඝයාගේ පහසුව පිණිස, හික්ම වීමට අපහසු පුද්ගලයන්ට  දඩුවම් පිණිස,  ශීලාචාර භික්‍ෂූන්ගේ පහසුව පිණිස, මෙලොව කෙළෙස් සංවරය පිණිස, පරලොව විපාක දෙන කෙළෙස්නැසීම පිණිස, නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස, පැහැදුනවුන්ගේ වැඩි පැහැදී පිණීස,  සද්ධර්‍මයාගේ පැවැත්ම පිණිස විනයට උපකාර පිණිස ද යන දසය ගැනයි. මහණෙනි, මේ ශික්‍ෂාපදය  මෙසේ කියවන්නෙය. (3) ( කෙසේද ) , යම්කිසි භික්‍ෂුවක් මෛථුන ධර්‍මයෙහි යෙදෙන්නේද (ඔහු) සස්නෙන් පැරදුනේ වේ. ආශ්‍රයට නො සුදුස්සෙක් වෙයි,. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මේ ශික්‍ෂාපදය පණවන ලද්දේ වේ

භික්‍ෂු විභංගය

1 ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වේරඤජා නුවර සමීපයෙහි නලේරු යක්‍ෂයා අධිගෘහිත වු කොසඔ ගස සමීපයෙහි පන්සියයක් පමණ මහා භික්‍ෂු සමූහයක් සමග වාසය කරන සේක………..

2  වේරඤජ නම් බ්‍රාහ්මණ තෙමේ .භවත්නි, ශාක්‍ය වංශයෙන් පැවිදිව ශ්‍රමණ ගෞතම තෙම පන්සියයක් පමණ වු මහත් භික්‍ෂු සමුහයක් සමග වේරඤජා නුවර නලේරු නම් යක්‍ෂයා අධිගෘහිත වු කොසඹ ගස සමිපයෙහි වාසය කරන්නේලු.

3 .ඒ භවත් ගෞතමයන් වහන්සේ ඒ (භාග්‍යවතුන් වහන්සේ) මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක. තමන්ම සියලු ධර්‍මයන් අවබෝධ නරගන්නා ලදී. ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා හා පසළොස් චරණ ධර්‍මයන්ගෙන් යුක්තය. යහපත් ගමන් ඇත්තේය. තුන් ලෝකය දන්නේය. දමනය කළ යුතු පුරුෂයන් දමනය කිරීමට මීට වඩා ශ්‍රේෂ්ඨයෙක් නැත . දෙවි මිනිසුන්ගේ අනුශාසකයාය. චතුරාර්‍ය සත්‍ය ධර්‍මයන් අවබෝධ කළසේක. භාග්‍ය ( පින් ) ඇත්තේයයි. මෙසේ යහපත් කීර්ති ශබ්දයක් පැන නැංගේය.

4 .හෙතෙම(1) දෙවියන් සහිත වූ මරුන් සහිත වු බඹුන් සහිත වු ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් සහිත වු (2) සත්ව සමූහය විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරයි. හෙතෙම මුල යහපත් මැද යහපත් අග යහපත් අත්‍ර්‍ථ සහිත ව්‍යඤජන ඇති දොස්  නැති පිරිසිදු වු බ්‍රහ්මචය්‍ර්‍යය ය ප්‍රකාශ කරයි (3) එබඳු රහතුන්ගේ දැකීම ඇත්තේ නම්  යහපතැ යි. කීයේය.

5 ඉක්බිති වේරඤජා බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග ප්‍රීති විය. සතුටු විය යුතුවූ , සිහිපත් කටයුතුවූ, කථාව කොට නිමවා එක පැත්තකට වී හුන්නේය. (2) එක පැත්තකට වී හුන් වේරඤජ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට, .භවත් ගෞතමයන් වහන්ස, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ (3) දිරූ, වැඩි මහළු වූ, බොහෝකල් දත්, කලක් ඉක්ම ගිය, අන්තිම වයසට පැමිණි බමුණන්ට නො වඳියි හෝ අස්නෙන් නො නැගිටී හෝ අසුනක් බාර නො දෙයි,. කියා මාවිසින් එය අසන ලදී. .භවත් ගෞතමයන් වහන්ස, එය එසේමද? භවත් ගෞතමයන් වහන්ස, (මෙහි 3 යොදන්න ) බාර නොදෙයි ද?භවත් ගෞතමයන් වහන්ස, එය අයුතුමය..

6 .බමුණ, ( මෙහි 4 -1 යොදන්න) අතරෙහි මම යමෙකුට වඳින්නෙම් නම් හෝ දැක අස්නෙන් නැගිටින්නේ නම් හෝ අසුන බාර දෙන්නෙම් නම් හෝ ඔහු මම නොදක්නෙමි.. බමුණ, තථාගතයන් වහන්සේ යමෙකුට වඳින්නේ නම් හෝ දැක අස්නෙන් නැගිටින්නේ නම් හෝ අසුනක් බාර දෙන්නේ නම් හෝ ඔහුගේ හිස කැඩී වැටෙන්නේය යි. වදාළසේක.

7 .භවත් ගෞතමයන් වහන්සේ සමගි රස නැති කෙනෙක් වැනිදැයි. ඇසීය. (2) .බමුණ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමගි රස නැත්තෙක් වැනියයි යම් කාරණයකින් මට මනා කොට කියන්නේ නම් බමුණ, ඊට හේතුවක් ඇත්තේය, බමුණ, යම් ඒ රූප රසයෝ ඇත්ද , ශබ්ද රසයෝ ඇත්ද, ගන්‍ධ රසයෝ ඇත්ද, රස රසයෝ ඇත්ද, ස්පර්‍ශ රසයෝ ඇත්ද, ඔව්හු තථාගතයන් වහන්සේට  නැත්තාහ.මුල් සිඳින ලද්දාහ.මුදුන සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහ.

ක්‍රමයෙන් නැති කරන ලදහ.මත්තෙහි නූපදින බවට පමුණුවන ලදහ.ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමගි රස නැත්තෙකු වැනියයි යමක් කරණ කොටගෙන මට මනා කොට කියන්නාහු කියත්ද, .බමුණ,මේ ඒ කාරණයයි ඔබ යමක් සඳහා කියයිද එය නොවේ.

8 .භවත් ගෞතමයන් වහන්සේ සමගි පරිභෝගයක් නැත්තේදැ.යි ඇසීය. (මෙහි7ඡේදය යෙදිය යුතුයි.) යෙදීමේදී,. රසයන් . වෙනුවට .පරිභොගයෝ. යොදන්න.)

9  . භවත් ගෞතමයන් වහන්සේ වැඳීම ආදී කුසල් නොකරන බැවින් නොකිරීම කියන්නෙක්දැ. යි ඇසීය..බමුණ, ශ.්‍රමණ ගෞතමයන් වහන්සේ නොකිරීම කියන්නෙකැ යි. යම් කාරණයකින් මට  මනාකොට කියන්නේ නම් බමුණ ඊට හේතුවක් ඇත්තේය.. බමුණ මම කයින් කරන නරක වැඩ, වචනයෙන් කරන නරක වැඩ, සිතින් කරන නරක වැඩ නො කිරීම කියමි.නානාප්‍රකාර ලාමක අකුශල ධර්‍මයන් නොකිරීම කියමි. .ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නොකිරීම කියන්නේය. යි යම් කාරණයකින් මට මනා කොට කියන්නේද?, .බමුණ. මේ ඒ ක්‍රමයයි. නුඹ යමක් සඳහා කියන්නේද එය නොවේ.

10 .භවත් ගෞතමයන් වහන්සේ වැඳීම් ආදී ලෝක චාරිත්‍ර නැති කරන්නෙක්දැ යි. ඇසීය..බමුණ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විනාශය කියන්නෙකැයි. යම් කාරණයකින් මට මනා කොට කියන්නේ නම් .බමුණ, ඊට හේතුවක් ඇත්තේය. .බමුණ මම රාගයාගේ, ද්වේෂයාගේ, මෝහයාගේ, විනාශය කියමි.නානාප්‍රකාර අකුශල ධර්‍මයන්ගේ විනාශය කියමි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විනාශය කියන්නේ යයි යම් කාරණයකින් මට මනා කොට කියන්නේ ද .බමුණ, මේ ඒ ක්‍රමයයි.නුඹ යමක් සඳහා කියන්නේ ද එය නොවේ..

11  .භවත් ගෞතමයන් වහන්සේ වැඳීම් ආදිය පිළිකුල් කරන්නේදැ. යි ඇසීය. .බමුණ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වැඳීම් ආදිය පිළිකුල් කරන්නෙකැයි. යම්

කාරණයෙකින් මට මනාකොට කියන්නේ නම්, .බමුණ, ඊට හේතුවක් ඇත්තේය. .බමුණ, මම ශරිරයෙන් කෙරෙන වැරැදි පිළිකුල් කරමි. වචනයෙන් වන වැරැදි පිළිකුල් කරමි. සිතින් වන වැරැදි පිළිකුල් කරමි.නානාප්‍රකාර ලාමක අකුශල ධර්‍මයන් සමාපත්තියෙන් පිළිකුල් කරමි.ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිළිකුල් කරන්නෙකැයි (2)  යම් කාරණයෙකින් මට මනාකොට කියන්නේද, බමුණ, මේ ඒ කාරණයයි.නුඹ යමක් සඳහා කියයිද එය නොවේ.

12 . භවත් ගෞතමයන් වහන්සේ හික්ම විය යුත්තෙක් නිග්‍රහ කළ යුත්තෙක්දැ. යි ඇසීය. ,බමුණ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හික්ම විය යුත්තෙකැයි යම් කාරණයකින් මට මනා කොට කියන්නේද, .බමුණ, මම රාගය ,ද්වේශය, මෝහය, හික්මවීම පිණිස බණ කියමි. නානාප්‍රකාර අකුශල ධර්‍මයන් හික්මවීම පිණිස බණ කියමි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හික්මවිය යුත්තෙකැයි,  (මෙහි 9 (2) යොදන්න.)

13 , භවත් ගෞතමයන් වහන්සේ වැඳීම් ආදිය නොකර තපස්වීන් වෙහෙසන කෙනෙක්දැයි. ඇසීය.. බමුණ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තපස් ඇත්තෙකැයි . යම් කාරණයකින් මට මනාකොට කියන්නේද .බමුණ මම කාය දුශ්චරිතය, වාග් දුශ්චරිතය, මනෝ දුශ්චරිතය, තැවිය යුතුයයි කියමි. අකුශල ධර්‍මයන් තැවිය යුතුයයි කියමි. .බමුණ, යමෙකුට වනාහි තැවිය යුතු ලාමක අකුශල ධර්‍මයෝ ප්‍රහීන වූවාහු වෙත්ද, මුල් උදුරණ ලද්දාහු වෙත්ද, මුදුන සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහු වෙත්ද, අභාවයට යවන ලද්දාහු වෙත්ද, නූපදින ස්වභාවයට පමුණුවන ලද්දාහු වෙත්ද, ඔහුට මම තපස් ඇත්තේයයි, කියමි..බමුණ, තථාගතයන් වහන්සේ විසින් තැවීම කටයුතු වූ ලාමක අකුශල ධර්‍මයෝ ප්‍රහීණ කරන ලද්දාහ.සිඳින ලද මුල් ඇත්තාහ. මුදුන සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහ.අභාවයට යවන ලද්දාහ. මත්තෙහි නූපදින තත්‍වයට පමුණුවන ලද්දාහ. .බමුණ, ශ්‍රමණ ගෞතම තෙමේ තපස් ඇත්තේයයි යම් ක්‍රමයකින් කියන්නාහු කියත් නම් , මේ ඒ ක්‍රමයයි. ඔබ යමක් සඳහා කියන්නෙහිද එය නො වේ.

14 .භවත් ගෞතමයන් වහන්සේ දෙව්ලොව ඉපදීමෙන් පහවූයේදැ. ඇසීය. .බමූණ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දෙව්ලොව ඉපදීමෙන් වෙන්වූයේයයි. යම්හෙයකින් මට මනාකොට කියන්නේද, .බමුණ, මම මත්තෙහි ගර්භයෙහි සයනය කිරීම, නැවත භවයක ඉපදීම නැතිකරන ලදී. සිඳින ලද මුල් ඇත්තාහු වෙත්ද, මුදුන සිඳින ලද තල්ගසක් මෙන් කරණ ලද්දාහු වෙත්ද, අභාවයට යවන ලද්දාහු ද, මත්තෙහි නූපදින තත්‍වයට පමුණුවන ලද්දාහුද, එය මම ඉපදීමෙන් වෙන් වීමයයි කියමි. .බමුණ, තථාගතයන් වහන්සේ මත්තෙහි ගැබක සයනය කිරීම නැවත භවයක ඉපදීම නැතිකරන ලද්දාහ,මුල් උදුරා දමන ලද්දාහ, මුදුන සිඳු තල් ගසක් මෙන් කරන ලද්දාහ, අභාවයට යවන ලද්දාහ,මත්තෙහි නූපදින තත්‍වයට පමුණුවන ලද්දාහ..බමුණ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඉපදීිමෙන් තොර වූයේයයි කියා මට යම් හෙයකින් කියන්නාහු නම්, මේ ඒ ක්‍රමයයි.ඔබ යමක් සඳහා කියන්නේ නම් එය නො වේ.

15  , බමුණ, යම් සේ අටක් හෝ දහයක් හෝ දොළසක් හෝ කිකිළි බිත්තර වෙත්ද, ඒ බිත්තර උඩ කිකිළිය යහපත්සේ නිදනලද්දී ද, යහපත්සේ උනුසුම් කරන ලද්දාහු වෙත් ද කුකුඑ ගඳ ගස්වන ලද්දාහු වෙත් ද ඒ කුකුඑ පැටවුන්ගෙන් යම් කිසිවෙක් පළමුවෙන් පයේ නිය අගින් හෝ හොට අගින් හෝ බිත්තරය බිඳ සැපසේ පිටවන්නේ ද, කිමෙක් ද? හෙතෙම වැඩිමහළුද බාලයයි කිව යුතුදැ.යි ඇසීය, .භවත් ගෞතමයන් වහන්ස, ඔහුට වැඩිමහළුයයි.. කිව යුතුය. හෙතෙම ඔවුන්ගේ වැඩිමලාය..බමුණ එසේම මම හාත්පසින් වැසුන අවිද්‍යාවට ගිය සතුන් අතරෙහි අවිද්‍යාව නමැති බිත්තරය බිඳ තනිව ලෝකයෙහි ශ්‍රේෂ්ඨ බුද්ධත්‍වය ලැබු වෙමි.ඒ මම ලෝකයට ජ්‍යෙෂ්ඨ ය. ශ්‍රේෂ්ඨ ය.,

16  , බමුණ, මාවිසින් වීය්‍ර්‍යය පටන්ගන්නාලදී. නො සැගවුණේය. සිහිය එළඹ සිටියේය. මුලා නොවීය.ශරීරය සංසිඳුණේය.දාහ නැතිවිය.සිත සමාධිගත විය.එකග වූයේය..බමුණ, ඒ මම (2) කාමයන්ගෙන් වෙන්ව අනුශල ධර්‍මයන්ගෙන් වෙන්ව විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.විතර්‍ක විචාරයන්ගේ සංසිඳිමෙන් ඇතුළත පැහැදීම ඇති සිත් හා එකට පහළවීම ඇති විතර්‍ක නැති විචාර නැති සිත එකග කිරීමෙන් උපන් දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරමි.ප්‍රීතිය පහවීමෙන් උපෙක්‍ෂාවෙන් යුක්තව වාසය කෙළෙමි.සිහි ඇතිව යහපත් නුවණින් යුක්තව කයින් සැපයක් වින්දෙමි.යමක් ආය්‍ර්‍යයෝ උපේක්‍ෂා ඇත්තේ සිහි ඇත්තේ සැපසේ වාසය කෙරේයයි තියත්ද, ඒ තුන් වෙනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.සැප නැතිවීමෙන්ද දුක නැතිවීමෙන්ද පෙරම සොම්නස් දොම්නස් දෙකම අස්තයට යාමෙන් දුක් නැති සැප නැති උපේක්‍ෂාවෙන් උපන් සිහියේ පිරිසිදුකම ඇති සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරමි.

17  .ඒ මම මෙසේ සිත එකග වූ කල්හි පිරිසිදු වූ කල්හි දීප්තිමත් වු කල්හි කිලිටි නැති වූ කල්හි කෙළෙස් නැති වූ කල්හි පහ වු උවදුරු ඇති කල්හි මෘදු වූ කල්හි කර්‍මයට යොග්‍යව සිටි කල්හි නොසෙල්වෙන බවට පැමිණි කල්හි පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරන නුවණ පිණිස සිත නැමුයෙමි. (මෙහි, කෙරෙයි, යන්න, කළෙමි, කියා වෙනස් කොට 1 දීඝනිකායේ 52 ඡේදය යොදන්න) (126 පිට) බමුණ, මේ මාගේ බිජුවටින් කුකුළු පැටියාගේ මෙන් ප්‍රථම පහළවීම වේ..

18  ( මෙහි. .නමයි. යනු .නැමීම. කියා වෙනස් කොට 1 දීඝනිකායේ 76 ඡෙදය යොදන්න´ (128) .බමුණ, මේ මාගේ බිජුවටින් කුකුළු පැටවාගේ මෙන් දෙවෙනි පහළවීම වේ..

19  ( මෙහි. .නමයි. යනු .නැමීම. කියා වෙනස් කොට දීඝනිකායේ 78 ඡෙදය යොදන්න) (130 පිට) .බමුණ, මේ මාගේ බිජුවටින් කුකුළු පැටවාගේ මෙන් තුන්වෙනි පහළවීම වේ.

20 මෙසේ කී කල්හි වේරඤජ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට .භවත් ගෞතමයන් වහන්සේ ජ්‍යෙෂ්ඨය. භවත් ගෞතමයන් වහන්සේ ශ්‍රේෂ්ඨය, (මෙහි 1 දීඝනිකායේ 132 පිටේ .ස්වාමීනි .යන තැන සිට ගනිමි, යන තැනට යොදන්න) භවත් ගෞතමයන් වහන්සේ භික්‍ෂු සංඝයා සමග වේරඤජාවෙහි වස් විසිම ඉවසන සේක්වා.යි කීවේය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූසේක. ඉක්බිති වේරඤජ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහ්සේගේ පිළිගැනීම දැන අස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ වටේ කැරකී වැඳ (පැදකුණූ කොට ) ගියේය.

21  එකල්හි වනාහි වේරඤජාවෙහි දුර්භික්‍ෂය ඇත්තේ වෙයි. ජීවත් වේදෝ නොවේදෝ හෝයි යන අදහස් දෙක ඇත්තේ සුදුවූ ධාන්‍ය ඇත්තේ සීට්ටු ක්‍රමයෙන් ජීවත් වීම ඇත්තේ පිඩු සිගීමෙන් ජීවත්වන්ට නොහැක්කේ විය. එකල්හි වනාහි උතුරු දෙශයෙහි වූ අශ්ව වෙළෙන්දෝ අශ්වයන් පන්සියයක් සමග වේරඤජාවෙහි වාසයට පැමිණියාහු වෙත්. ඔවුන් විසින් අශ්වයන් සිටි භුමියේ හුන් භික්‍ෂුන්ට නැළියක් පමණ යව එක් නමකට නියම කරන ලද්දාහු වෙත්.

22  භික්‍ෂුහු පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු රැගෙන වේරඤජාවට පිඩු පිණිස වැඩ, පිඩු නො ලබන්නාහු අශ්ව භුමීන්හි පිඩු පිණිස හැසිර යව නැළිය ආරාමයට ගෙනවුත් වනේ කොටා අනුභව කරත්. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ යව නැළියක් ගලෙක්හි අඹරා භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වූයේය. භාග්‍යවතුන් වහන්සේ එය වැළඳූසේක.

23  භාග්‍යවතුන් වහන්සේ වංගෙඩි ශබ්දය ඇසූසේක. තථාගතවරයෝ දන්නාහුද විචාරත්, දන්නාහුද නො විචාරත්, කාලය දැන විචාරත්, කාලය දැන නො විචාරත් , තථාගතවරයෝ වැඩක් ඇතිව විචාරත්, වැඩක් නැතිව නො විචාරත් ,වැඩක් නැති දෙය තථාගතයන් විසින් මාර්‍ගයෙන් නසන ලදී, දෙපරිද්දෙකින් භාග්‍යවත් බුදුවරු භික්‍ෂූන් විචාරත්,  .බණ හෝ වදාරන්නෙමි, ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද හෝ පනවන්නෙමියි. කියාය

24  ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන්ට කථා කලසේක. .ආනන්‍දය, ඒ වංගෙඩි ශබ්දය නුමක්දැයි, ඇසූසේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද සථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැල කලසේක. .ආනන්‍දය, යහපත, යහපත, ආනන්‍දය, තොප වැනි සත්පුරුෂයන් නිසා දුර්භික්‍ෂය දිනන ලදී. පසුව ඇතිවන අය හැල් බත් හා මස් උසස් කොට නොගන්නාහ. යි වදාළෝය.

25 ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හි ද එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පැත්තක සිටියේය. එක්පැත්තකට වී හුන් ආයුෂ්මත් මහ මුගලන් තෙමේ භාග්‍යවතුත් වහන්සේට, , ස්වාමීනි, දැන් වේරඤජාවට දුර්භික්‍ෂයකි, අදහස් දෙකකි. සුදු ඇට ඇත්තේය. සීට්ටු ක්‍රමයෙන් ජීවත් වීම ඇත, පිඩු සිගා යාමෙන් ජීවත් වන්නට නොහැක්ක, ස්වාමීනි, මේ පෘථිවියෙහි යට පැත්ත සශ්‍රිකය, කුඩා මැස්සන් විසින් බඳින ලද පිළවුන් නැති මීයක් මෙනි.මෙසේ කෑමට රසවත්ය. සවාමීනි, මම පෘථිවිය පෙරළන්නෙම් නම් යෙහෙක. භික්‍ෂූහු පෘථිවි රසය අනුභව කරන්නාහු නම් යහපත්ය,, යි කීයේය. .මොග්ගල්ලානය යම් ඒ පෘථිවිය ඇසුරු කොට ඇති සත්තු වෙත්ද ඔවුන්ට කුමක් කරන්නෙහිදැ.යි ඇසීය..ස්වාමීනි.මම මහා පෘථිවිය ප්‍රමාන එක් අතක් මවා ගන්නෙමි.පෘථිවිය ඇසුරු කළ සතුන් වෙත්ද, ඔවුන් ඊට මාරු කරන්නෙමි. එක් අතකින් පොළොව පෙරලන්නෙමි.ියි කීයේය. මොග්ගල්ලානය, තොපට පොළොව පෙරළන්ට රුචියක් නොවේවා. සත්‍වයෝ විපය්‍ර්‍යාසයකට පැමිනෙන්නාහුය, .ස්වාමීනි, සියළු භික්‍ෂුහු උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතය පිණිස යන්නාහු නම් යහපතැයි. කීයේය. .මොග්ගල්ලානය, එපා. සියළු භික්‍ෂුන් උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතය නොයේවා..

26 ඉක්බිති රහසිගත වූ හුදකලා වූ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට ( 11 ) මෙසේ සිතට සැකයක් පහළවිය. කිනම් භාග්‍යවත් බුදුකෙනෙකුන්ගේ ශාසනය බොහෝ කලක් නොපැවැත්වේ ද කිනම් භාග්‍යවත් බුදුවරුන්ගේ ශාසනය බොහෝ කල් පැවැත්වේ ද ?(3) ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැගිට්ටේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද එහි පැමිනියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පැත්තකට වී සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් ශාරිපුත්‍ර සථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට .ස්වාමීනි, මෙහි රහසිගත වු විවේකයට ගිය මට (මෙහි (2) යොදන්න) .ශාරිපුත්‍රය, (5 ) විපස්සී බුදුරජාණන් වහන්සේගේ ද, සිඛී බුදුරජාණන් වහන්සේගේ ද, වෙසසභූ බුදුරජාණන් වහන්සේගේ ද, ශාසනය බොහෝ කලක් (5) නො පැවැත්තේය. ශාරිපුත්‍රය, කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ද, කෝනාගම බුදුරජාණන් වහන්සේගේ ද, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ද, ශාසනය බෝහෝ කලක් පැවැත්තේ යයි . කීයේය.

27 ,ස්වාමීනි, යම් කරුණකින් භාග්‍යවත් ( මෙහි 4 (4) යොදන්න ) නොපැවැත්තේදැ, යි ඇසීය. , ශාරිපුත්‍රය. විපස්සී භාග්‍යවතුන් වහන්සේ ද, සිඛී භාග්‍යවතුන් වහන්සේ ද, වෙස්සභු භාග්‍යවතුන් වහන්සේ ද, ශ්‍රාවකයන්ට විස්තර වශයෙන් ධර්‍මදේශනා කරන්ට වෙහෙසුනාහුය. උන්වහන්සේලාගේ  (2) සූත්‍ර නමින් යුත් බණ, වාසගම් දෙකින් මිශ්‍ර බණ . ගාථා, ප්‍රීති වාක්‍ය, මෙසේ කීයේය යන ධර්‍ම, ජාතක විෂ්මය ජනක ධර්‍ම, බලවත ්ප්‍රීතිවාක්‍ය යන අංග නවයකින් යුත් ධර්‍ම ස්වල්පය, ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද නොපනවන ලදී. ප්‍රාතිමොක්‍ෂය නොදෙසන ලදී, ඒ භාග්‍යවත් බුදුවරුන්ගේ පිරිනිවීමෙන් බුදුන්ගෙන් අසා අවබෝධ කරගත් ශ්‍රාවකයන්ගේ අතුරුදහන් වීමෙන්, යම් ඒ, පසුව සිටි ශ්‍රාවකකෙනෙක් ඇත් ද නොයෙක් නම් ඇත්තාහු. නොයෙක් ගෝත්‍ර ඇත්තාහු, නොයෙක් ජාති ඇත්තාහු,නොයෙක් වංශවලින් පැවිදිවූවාහු ඒ ධර්‍මය වහා අතුරුදහන් කළාහුය. .ශාරිපුත්‍රය, යම්සේ නොයෙක් මල්. තැටියෙක්හි දමන ලද්දාහු නූලකින් නො අමුනන ලද්දාහු වාතය විසුරුවයිද. පිඹහරියිද , වනසයිද,

ඊට හේතු කවරේද? යම්සේ නූලකින් එකතු නො කරනලද්දාහු ද එමෙනි,, .ශාරිපුත්‍රය, එසේම ඒ භාග්‍යවත් බුදුවරුන්ගේ නැතිවීමෙන් නොයෙක් නම් ඇති, නොයෙක් ගෝත්‍ර ඇති. නොයෙක් ජාති ඇති, නොයෙක් වංශවලින් පැවිදි වූ ඒ ශ්‍රාවකයෝ ඒ ශාසනය වහා නැති කළාහුය. ඒ බුදුවරුද සිතින් සිත දැන ශ්‍රාවකයන්ට අවවාද කරන්නට නො වෙහෙසුනාහුය.

28 ,ශාරීපුත්‍රය, පෙර වූ දෙයක් කියමි .අර්‍හත් සම්‍යක් සම්බුදධ වූ වෙස්සභු භාග්‍යවතුන් වහන්සේ එක්තරා භයජනක වනලැහැබෙක්හි දහසක් භික්‍ෂු සංඝයා සිතින් සිත දැන අවවාද කරයි. අනුශාසනා කරයි. මෙසේ සිතව්. මෙසේ නො සිතව්. මෙසේ මෙනෙහි කරව් මෙසේ මෙනෙහි නොකරව්. මෙය අත්හරිව්. මීට පැමිණ වාසය කරව්ය,යි කියායි .ශාරීපුත්‍රය, ඉක්බිති ඒ භික්‍ෂූන් දහසට වෙස්සභු භාග්‍යවතුන් වහන්සේ විසින් අවවාද කරන්නේ අනුශාසනා කරන්නේ රාගාදී වශයෙන් නොගෙන කෙළෙසුන්ගෙන් සිත මිදුනේය. ශාරිපුත්‍රය, එහි භයජනක වනලැහැබේ භයජනක බව වේ. යම්ිකිසි කෙළෙස් නැසූ කෙනෙක් ඒ වන ලැහැබට පැමිණේද රෑ බොහෝසෙයින් ලොම් කෙළින් සිටින්නේය. ශාරීපුත්‍රය, විපසසී සිඛි වෙසසභු බුදුවරුන්ගේ ශාසනය බොහෝ කල් නො පැවතීමට මේ හේතුවකි..

29 .ස්වාමීනි, යම්කරුණකින් (2) කකුසඳ, කෝනාගම, කාශ්‍යප බුදුවරුන්ගේ ශාසනය බොහෝ කල් පැවැත්තේද ඊට හේතු ප්‍රත්‍යය කවරේද? (3) .ශාරීපුත්‍රය, කකුසඳ, කෝනාගම, කාශ්‍යප යන බුදුවරු ශ්‍රාවකයන්ට විස්තර වශයෙන් ධර්‍මදෙශනා කරන්නට වෙහෙස නො වූවාහුද, උන්වහන්සේලාගේ (මෙහි27 (2)) යෙදීමේදී, .ස්වල්ප. වෙනුවට .බොහෝ . .වහාම අතුරුදහන් කළාහුය.යන්නට .බොහෝ කලක් රෑක්කාහුය. කියාද, .නූලකින් එකතු නො කරන ලද්දාහුය. යන්නට .නූලකින් එකතු කරන ලද්දාහු. කියාද, .නො විසුරුවයි, පිඹ නො හරියි, නොම නසයි, බොහෝ චිරස්ථායි වීයයි. කියා වෙනස්කර යොදා ගත යුතුයි.)

30 ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙමේ අස්නෙන් නැගිට තනිපට සිවුර ඒකාංශ කොටපෙරවා, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතන්හි දොහොත් මුදු දී භාග්‍යවතුන් වහන්සේට .භාග්‍යවතුන් වහන්ස, මෙය කල්ය, සුගතයන් වහන්ස, එයට කාලයයි. යම්හෙයකින් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පණවන්නේද, පාමොක් උදෙසන්නේද, යම්සේ මේ බ්‍රහ්මචය්‍ර්‍යය බොහෝකල් පවත්නේ වේ.බොහෝ කල් සිටින්නේ වේයයි. මෙසේ කීවේය. ,ශාරිපුත්‍රය, ඔබ නවතින්න. ශාරිපුත්‍රය, ඔබ නවතින්න. තථාගතයන් වහන්සේම ඊට කාලය දන්නේය. ශාරිපුත්‍රය, තවම ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද නො පණවයි.පාමොක් නො උදෙසයි. යම්තාක් මෙහි කෙළෙස් ඇතිවන ඇතම් කාරණයෝ සංඝයා කෙරෙහි පහළ නොවෙත්ද ඒතාක්ය. ශාරිපුත්‍රය, සංඝයා කෙරෙහි කෙළෙස්වලට හේතු ධර්‍මයන් පහලවෙත්ද ඒ කෙළෙසුන්ට හේතු ධර්‍ම නැසීමට එකල ශාසතෘන් වහන්සේ ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පණවයි. ප්‍රාතිමොක්‍ෂය දේශනා කරයි. ශාරීපුත්‍රය, මේතාක් ලෝකයෙහි වූ ඇතම් ක්ලෙශ ධර්‍ම කෙනෙක් සංඝයා කෙරෙහි පහළ නොවෙත්.,

31 ,යම් තැනක සිට සංඝයා වස් ගණනින් මහත් බවට පැමිණියේද, (2) එකල මේ් ලෝකයෙහි කෙළෙසුන්ට හේතු කරුණු සංඝයා කෙරෙහි පහළවෙත්. එකල ශාසතෘන් වහන්සේ ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පණවනසේක. ඒ කෙළෙසුන්ට හේතු ධර්‍ම නැසීම පිණිස ප්‍රාතිමොක්‍ෂය දේශනා කරනසේක.ශාරිපුත්‍රය, මේතාක් සංඝයා කෙරෙහි සමහර කෙලෙසුන්ට හේතු ධර්‍ම පහළ නොවෙත්.,

32 , යම් තැනක සිට සංඝයා පිරිස් වශයෙන් මහත් බවට පැමිණියේද, (මෙහි31 (2 ) යොදන්න. )

33 , යම් තැනක සිට සංඝයා ලාභයෙන් මහත් බවට පැමිණියේද, (මෙහි 31 (2) යොදන්න)

34 , යම් තැනක සිට සංඝයා උගත් කමින් මහත් බවට පැමිණියේද( 31(2) යොදන්න) ශාරිපුත්‍රය, භික්‍ෂු

සංඝ තෙමේ දුශ්ශීලයන්ගෙන් තොරය. උවදුරුවලින් තොරය. විපතින් බැහැරය. පහවූ දුශ්ශීලයන් ඇත්තේය. පිරිසිදුය. හර ගුණධර්‍මවලින් යුක්තය. ශාරිපුත්‍රය, මේ භික්‍ෂූණ පන්සියය අතරින් යමෙක් බාලද හෙතෙම සෝවාන්ය. අපායෙහි නො වැටෙන ස්වභාව ඇත්තේය. නිවනට නියමය. අවබෝධය. ශ්‍රේෂ්ඨ පිහිට කොට ඇත්තේය.,

35 ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද සථවිරයන් වහන්සේ ඇමතුසේක. , ආනන්දය, යමෙකු විසින් ආරාධනා කරනු ලැබ වස් වසත්ද, ඔවුන් නොවිචාරා ඇවිදීමට යාම තථාගතවරුන් විසින් පුරුදු නොකරන ලදී. යමු, වේරඤජ බ්‍රාහ්මණයා විචාරමුයයි, වදාළසේක. ආයුෂ්මත් ආනන්ද සථවිරයන් වහන්සේ .එසේය, ස්වාමීනි.යි භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හැඳ පොරවා පාත්‍රය හා සිවුරු ගෙන ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට පෙරටුව වේරඤජ බ්‍රාහ්මණයාගේ නිවසට වැඩිසේක. වැඩ පනවන ලද අස්නෙහි වැඩසිටිසේක.

36  ඉක්බිති වේරඤ්ඡ බ්‍රාහමණ තේම් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය .එකත් පසෙක සිටි වේරඤ්ඡ බ්‍රාහ්මණයාට භාග්‍යවතුන් වහන්සේ ,බමුණ, ඔබ විසින් අපි ආරාධනා කරණ ලද්දෙමු. වස් වුසූමු. ඔබගෙන් අපි දනවු සැරිසැරීමට යාමට අවසර ගනිමු. අපි දනවු සැරිසැරීමට යාමට කැමැත්තෙමුයි, කීවාහ. ,භවත් ගෞතමයන් වහන්ස, ඇත්තය, ආරාධනය කෙළේ වෙමු. අපි වස් වසවන ලද්දෝ වෙමු. එතකුදුවුවත් යම් දිය යුතු දෙයක් ඇත්ද, එය නො දෙන ලදී. එයද නැතිව නො වේ. නොදෙනු කැමැත්තෙන්ද නොවේ. ගිහි ගෙයි වාසයෙන් බොහෝ වැඩ කටයුතු ඇත්තේය. ඊට කොයින් අවකාශ ලබම්ද? භවත් ගෞතමයන් වහන්සේ හෙට දවස පිණිස භික්‍ෂු සංඝයා සමග මාගේ දානය පිළිගනු මැනවයි, කීයේය. භා්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව ඉවසූ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජ බ්‍රාහ්මණයා දැහැමි කථාවෙන් කරුණු සහිතව පෙන්වා සමාදන් කරවා තෙද ගන්වා සතුටු කරවා අස්නෙන් නැගිට වැඩිසේක.

37 ඉක්බිති වේරඤජ බ්‍රාහ්මණ තෙම ඒ රාත්‍රිය ඇවෑමෙන් සිය ගෘහයෙහි රසවත් කෑයුතු බුදිය යුතු දෙය පිළියෙල කරවා ,භවත් ගෞතමයන් වහන්ස, දානයට කල් පැමිණියේය. සූදානම් කර අවසානයයි, කීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන වේරඤජ බ්‍රාහ්මණයාගේ ගෘහය යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ පනවන ලද අස්නෙහි භික්‍ෂු සංඝයා සමග හිඳගත් සේක. ඉක්බිති වේරඤ්ජ බ්‍රාහ්මණ තෙම බුදුන් ප්‍රධාන කොට ඇති භික්‍ෂූ සංඝයා රසවත් කෑ යුතු බුදිය යුතු දෙයින්ම සියතින්ම වළඳවා අවසන් කරවා වැළඳු පාත්‍රයෙන් ඉවතට ගත් අත් ඇති භාග්‍යවතුන් වහන්සේ තුන් සිවුරෙන් ඇන්දවු සේක. එක් එක් භික්‍ෂුව එක් එක් වස්ත්‍ර දෙකකින් ඇන්දවූයේය.

38 ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජ බ්‍රාහ්මණයා දැහැමි කථාවෙන් උදාහරන සහිතව පෙන්වා සමාදන් කරවා උත්සාහවත් කරවා සතුටු කරවා අස්නෙන් නැගිට වැඩිසේක.ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වේරඤජා නුවර කැමැතිතාක් කල් වාසය කොට සෝරෙය්‍ය, සංකස්ස, කාන්‍යකුබ්ජයන්ට පිළිවෙලින් පැමිණ ප්‍රයාග ප්‍රතිෂ්ඨාන නම් තොටුපලින් ගංගා නම් ගඟින් එගොඩ වී බරණැස් නුවර යම් තැනෙක්හිද එහි විසූ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර කැමැතිතාක් වාසය කොට විශාලා මහනුවර යම් තැනෙක්හිද එහි වැඩිසේක. පිළිවෙලින් චාරිකාවෙහි හැසිරෙන්නේ විශාලා මහනුවර වාසය කළසේක.භාග්‍යවතුන් වහන්සේ එහි මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වාසය කරනසේක.

වේරඤජ කොටස නිමි .