නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
27. සාණවාසී ප්‍රේතයාගේ කථාව:-
1. ´´ කුණ්ඩි නම් නුවර උපන් සම්බන්ධ කම් ඇති සාණු පර්වතයෙහි වසන්නාවු නමින් පොඨපාද නම්වු සමිත පාපීවු වඩනාලද ශ්‍රද්ධාදී ඉන්ද්රියයන් ඇති ස්ථවිරනමක් විය.
2. ´´ ඒ තෙරුනගේ මවුද පියාද සහෝදරයා දුක්ඛිතවුද ප්‍රේත ලොකයෙහි උපන්නාහුය. පව්කම් කොට මෙයින් ප්‍රේතලොකයට ගියාහුය.
3. දුකට පත්වු ඉඳිකටු බඳු රූක්ෂ වස්ත්රදියෙන් පීඩිතවු ක්ලාන්තවු කාය චිත්ත ඇති නග්නවු කෘශවු බියෙන් තැති ගන්නාවු හටගත් මහත් බිය ඇති දරුණු කර්ම කළාවු ඒ ප්‍රේතයෝ තමන් නොදක්වත්.
4. ඒ තෙරුන්ගේ සොහොයුරුතෙම බියෙන් දුරුව නිර්වස්ත්‍රව තනිව මාර්ගයෙහි යන්නේ සතරට වකුටුවී තෙරනුවන්ට තමා දැක්විය.
5. ස්ථවිර තෙමේද මෙනෙහි නොකොට නිශ්ශබ්දවුයේ වැඩි සේක. ඒ ප්‍රේත තෙමේද ´´ මම සහෝදරයෙමි ප්‍රේතාත්මයට පැමිණියෙමියි´´ තෙරුන්ට දැන්වීය.
6. ´´ ස්වාමිනි, නුඹගේ මවුද පියාද ප්‍රෙත ලොකයෙහි උපන්නෝ දුකට පත් වූවොය. පවිටු කර්මයක් කොට මෙයින් ප්‍රේත ලොකයට ගියෝය.
7. (මේ ඡෙදය මේ කථාවේ 3 වෙනි ඡෙදය මෙනි )
8. කරුනාවන්තවු ඔබවහන්සේ අපට අනුකම්පාකරනු මැනව. දන්දී පින් පමුනුවනු මැනව. නුඹ වහන්සේ විසින් දෙන ලද දාන හේතුවෙන් ක්රූර කම් ඇත්තෝ යැපෙන්නාහ.´´
9. ස්ථවිරතෙම තවත් භික්ෂුන් දොළොස් නමක්ද පිඬු පිණිස හැසිර බත් වැළදීම නිමිත්ත කොට එකට රැස්වුවාහුය.
10. ස්ථවිරතෙමේ ´´ ලද යම් යම් දානය මට දෙව. නෑයන්ට අනුකම්පා පිණිස සඟ බත් කරන්නෙමියි.´´ ඒ සියල්ලන්ටම කීයේය.
11. ´´ තෙරුන්ට භාර කළාහුය. ස්ථවිරතෙම සංයා ආරාධනා කෙළේය. ස්ථවිරතෙම දන්දී මවටද පියාටද සහෝදරයාටද,
12 – 13. ´´ මාගේ නැයන්ට මේ පින වේවා. නෑයෝ සුවපත් වෙත්වායි´´ පින් පැමිණවිය. පින් පැමිණවීමට අනතුරුවම පවිත්රවු ප්‍රණීතවු මිහිරිවු නොයෙක් රසමසවුලෙන් යුක්තවු දිව බොජුන් පහළ විය. ඉන් පසු සහෝදරයා වර්‍ණවත්වූයේ ශක්තිමත්වූයේ සුවපත්වූයේ තමා දැක්වීය.
14. ´´ ස්වාමීනි බලනු මැනවි. බොහෝවූ දිව්‍ය භොජන ලබන ලදී. අපි නග්නයෝ වෙමු. ස්වාමීනි යම් සේ වස්ත්‍ර ලබමුද. එසේ වෑයම් කරනු මැනව.´´
15. ස්ථවීර තෙමේ දමනලද රෙදි කැබලි කසල ගොඩින් අහුලාගෙන රෙදි කැබලි වත්රයක් කොට සිව්දිගින් වැඩි සංයාට දුනි.
16. ´´ ස්ථවිර තෙම දන් දුන්නේය. ´´ මවටද පියාටද සහෝදරයාටද මාගේ නෑයන්ට මේ පින වේවා නෑයෝ සුවපත්වෙත්වායි´´ පින් පැමිණ විය.
17. පින් පැමිණවිමට අනතුරුව පවිත්රවු ප්‍රණීතවු මිහිරිවු නොයෙක් රසමසවුලෙන් යුක්තවු දිව්‍ය වස්ත්‍ර පහළ විය. ඉක්බිති යහපත් වස්ත්‍ර හැන්දේ තමා තෙරුනට පෙනී සිටියේය.
18 – 19 – 20 ( මේ ඡෙද 13 කථාවේ 16 – 17 – 18 මෙනි) ´´ ස්වාමීනි මම යම්සේ ගෙයක් ලබම්ද එසේ වෑයම් කරණු මැනව.
21. ´´ තෙරුන් වහන්සේ කොළ ගෙයක් කොට සතර දිගින් වැඩි සංයාට දුන්නේය.
22. (මෙහි මේ කථාවේ 16 ඡෙදය යොදාගත යුතුයි ) පින් පැමිණවීමට අනතුරුව ගෙවල් පහළවූවාහුය.
23. බෙදන ලද්දාවු කොටස් වශයෙන් පිරිසිදින ලද්දාවු කුඑගෙවල් හා නිවෙස්වු ගෘහයෝ පහළවූහ. මේ ප්‍රේත ලොකයෙහි අපගේ ගෘහයෝ යම්බඳු වෙත්ද එබදු ගෘහයෝ මිනිසුන් අතර නොවෙත්.
24. ´´ දෙව්ලොව යම් බඳු පහයෝවෙත්ද මෙහි එබඳුවු අපගේ ගෘහයෝ ඉතාමත් දිලිසෙමින් හාත්පස සිවුදිගින් බබුලුවත්.
25. ´´ ස්වාමීනි, දැන් අපට පැන් ලැබෙන පරිද්දෙන් වෑයම් කරණු මැනව´´ එවිට ස්ථවීර තෙමේ පැන් පිරවු ඩබරාව පුරවා සතර දිගින් වැඩි සංයාට දුන්නේය.
26. එසේ දී තෙරුන් වහන්සේ ´´ මවුපියන්ට හා සහෝදරයාටද මාගේ නෑයන්ට මේ පින වේවා නෑයෝ සුවපත්වෙත්වායි´´ කියා පින් දුන්නේය.
27. එකෙනෙහිම දිව පැන් පහළ විය. ගැඹුරු සතරැස් පොකුණු මැවුනාහ.
28. ඒ පොකුණු සුදු වැලිතලාවෙන් හා ජලයෙන් යුක්තවුහ. යහපත් තොටුපල් ඇත්තාහ. සිහිල් ජලය ඇත්තාහ. මනා සුවඳින් යුක්තවුහ. ඒ ඒ තැන ජල මත්තෙහි රතු පියුම් සුදු පියුම් ආදී මල් රේණු බරින් වැසී පිරුණාහ.
29. එහි නා බී තෙරුන්ට දැක්වුහ. ´´ ස්වාමීනි, බොහෝවු දිව පැන් පහළ විය. අපගේ පාදයෝ දුකින් පැලෙත්.
30. ´´ කැටගල් ඇත්තාවුද කුසකටු ඇති භූමි ප්‍රදේශයෙහි ඇවිදින්නාහු කොර ගසමින් යම්හ. ස්වාමීනි යම්සේ යානාවක් ලබමුද එසේ උත්සාහ කරණු මානව´´
31 – 32. ස්ථවීර තෙම සම් පටක් ඇති වහන් සඟලක් ලැබ සතර දිගින් වැඩි මහ සංයාට දුනි. මව්පියාදීන්ට පින් දුන්නේය. එකෙනෙහිම දිව්‍ය රථ පහළවී ප්‍රේතයෝ දිව්‍ය රථයෙන් පැමිණියාහුය.
33. ´´ස්විමීනි, ඔබ වහන්සේට යහපතක්ම වේවා. ආහාර දානයෙන්ද ගෘහ දානයෙන්ද පැන් දීමෙන්ද යාන දානයෙන්ද උභය දානයෙන් අනුකම්පා කරණ ලද්දේ වම්හ. ස්වාමිනි, ලොකයෙහි කරුණා සම්පන්නවු ඔබ වහන්සේ වැඳීමට පැමිණියෝ වෙමු.´´