2. සුප්පතිකාර සූත්‍රය.

1. ´´මහණෙනි, දෙදෙනෙකුන්හට සුදුසු සේ කළගුණ සැළකීම නොකළ හැකියයි මම කියමි. කවර දෙදෙනෙකුන්ටද යත්. තමන් දාකළ මවටද, ජනක පියාටද වෙත්. Continue reading

13. ධම්මානුලොමක සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂූහු මනාකොට ගන්නා ලද්දාවූ, ව්‍යඤ්ජනයෙන්ම නොව අත්‍ර්‍ථයෙන්ද සමානවූ සූත්‍රාන්තයන් කරණකොටගෙන, අත්‍ර්‍ථ කථාවද, පාළි ධර්‍මයද, සුදුසුසේ තබත්ද, මහණෙනි, ඒ භික්‍ෂූහු තුමූ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට අත්‍ර්‍ථය පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ කුසල්ද රැස් කරත්. ඔවුහු මේ සද්ධර්‍මය පිහිටුවත්. ´´

( සතරවෙනි සමචිත්ත වර්‍ගය නිමි. )

12. ධම්මපටිබාහන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂූහු වරදවා ගන්නා ලද්දාවූ, අකුරෙන් පමණක් සමානවූ, අත්‍ර්‍ථයෙන් අසමානවූ සූත්‍රාන්තයන් කරණකොටගෙන, අත්‍ර්‍ථයත්, පාළි ධර්‍මයක් ඉවත දමත්ද, මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනත්‍ර්‍ථය පිණිස, දෙවි මිනිසුන්ට අවැඩ පිණිස, දුක් පිණිස පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුසල්ද රැස් කරත්. ඔවුහු මේ සදධර්‍මයද අතුරුදහන් කරන්නාහු වෙත්.´´

11. සම්මාපටිපත්ති සූත්‍රය.

´´මහණෙනි, මම දෙදෙනෙකුන්ගේ සම්‍යක් ප්‍රතිපත්තිය වර්‍ණනා කරමි. ( එනම් ): ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ යන දෙදෙනාගේයි. මහණෙනි, ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ මනාකොට පිළිපන්නේ වේද, හෙතෙම මනාකොට පිළිපැදීම් හේතුකොටගෙණ කුසල්වූ න්‍යාය ධර්‍මය ( විදර්‍ශනා සහිත ආය්‍ර්‍ය මාර්‍ගය ) සම්පාදනය කරන්නෙක් වේ.´´

10. මිච්ඡාපටිපත්ති සූත්‍රය.

´´මහණෙනි, මම දෙදෙනෙකුන්ගේ මිත්‍යා ප්‍රතිපත්තිය වර්‍ණනා නොකරමි. ( එනම් ): ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ යන දෙදෙනාගේයි. මහණෙනි, ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ වරදවා පිළිපන්නේ වේද, හෙතෙම වරදවා පිළිපන්නේ වේද, හෙතෙම වරදවා පිළිපැදීමේ කාරණය හේතුකොටගෙණ කුසල්වූ න්‍යාය ධර්‍මය ( විදර්‍ශනා සහිත ආය්‍ර්‍ය මාර්‍ගය ) සම්පාදනය කරන්නෙක් නොවේ.´´

9. රජබල සූත්‍රය.

1. ´´මහණෙනි, යම් කලෙක්හි රජවරු බලවත් වූවාහු වෙත්ද, එකල සොරු දුර්‍වල වූවාහු වෙත්. ඒ කාලයෙහි රජුට පිවිසෙන්නට හෝ නික්ම යන්නට හෝ පසල් දනව්වෙහි කටයුතු දේ පාලනය කිරීමට හෝ පහසු වේ. ඒ කාලයෙහි බමුණු ගැහැවියන්ටද පිවිසෙන්නට හෝ නික්මෙන්නට හෝ කර්‍මාන්තයන් පරීක්‍ෂා කරන්නට හෝ පහසු වෙයි.
Continue reading

8. චොරබල සූත්‍රය.

1. ´´මහණෙනි, යම් කාලයෙක්හි සොරු බලවත් වූවාහු වෙත්ද, ඒ කාලයෙහි රජවරු දුර්‍වල වූවාහු වෙත්. මහණෙනි, එකල්හි රජුට (ඇතුළු නුවරට සිතු කෙණෙහි) පිවිසෙන්නට හෝ (ඇතුළු නුවරින්) නික්ම යාමට හෝ පසල් දනව්වෙහි කටයුතු දේ පාලනය කිරීමට හෝ පහසු නොවේ. ඒ කාලයෙහි බ්‍රාහ්මණ ගෘහපතියන්ටද යන්නට හෝ පිටත්ව යන්නට හෝ බාහිර කර්‍මාන්තයන් පරීක්‍ෂා කිරීමට හෝ පහසු නොවෙයි. Continue reading

7. මධුරා සූත්‍රය.

1. එක් සමයෙක්හි ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරතෙම මධුරා නම් නුවර ගුන්දා වනයෙහි වාසය කෙරෙයි. එකල්හි, කණ්ඩරායන නම් බ්‍රාහ්මණ තෙමේ මහා කාත්‍යායන ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ එකත්පස්ව උන්නේය. එකත්පසෙක උන්නාවූ කණ්ඩරායන බ්‍රාහ්මණතෙම ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන්ට මෙසේ සැලකෙළේය.
Continue reading

6. ආරාමදණ්ඩ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් මහාකච්ඡාන ස්ථවිර තෙම චරණ නම් නුවර, කද්දම නම් විල්තෙර වාසය කරයි. එකල්හි වනාහි ආරාමදණ්ඩ නම් බ්‍රාහ්මණ තෙම ආයුෂ්මත් මහාකච්ඡාන ස්ථවිරයන් වෙත පැමිණ සතුටු සාමීචි කථාකොට එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ ආරාමදණ්ඩ බමුණු මහාකච්ඡාන ස්ථවිරයන්ට මේ කරුණ සැළකළේය.
Continue reading

5. සාරීපුත්ත සඤ්ඤෝජන සූත්‍රය.

1. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි වසන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම සැවැත් නුවර සමීපයෙහි වූ පූර්‍වාරාමයෙහි මිගාරමාතු නම්වූ (විශාඛා) උපාසිකාව විසින් කරවා පිළිගන්වන ලද ප්‍රාසාදයෙහි වැඩ වාසය කෙරෙයි. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම, ´´ඇවැත්නි, මහණෙනි,´´ කියා භික්‍ෂූන් ඇමතූයේය. ඒ භික්‍ෂූහු තුමූ, ´´ඇවැත්නි´´ කියා ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට පිළිතුරු දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙම මෙසේ ප්‍රකාශ කෙළේය: Continue reading