10. මලප්පහාණ සූත්‍රය.

1. ´´මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගලයා මල තුනක් දුරු නොකොට, ගෙන එන ලද්දක් දැමුවාක් මෙන් නිරයෙහි උපදියි. කවර තුනකින්ද? ´´

Continue reading

9. ඛතත්ත සූත්‍රය.

1. ´´මහණෙනි, බාලවූ, අදක්‍ෂවූ, අසත්පුරුෂවූ බාල තෙමේ, නසාගත්, විනාශ කරගත් ආත්මය පරිහරණය කරයි. නුවණැත්තන් විසින් කියයුත්තෙක්, චෝදනා කටයුත්තෙක් වෙයි. බොහෝ අකුසල්ද රැස්කරයි. කවර තුනකින්ද? ´´

Continue reading

8. සව්‍යාපජ්ඣ කම්ම සූත්‍රය.

1. ´´මහණෙනි, ධර්‍ම තුනකින් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි. කවර තුනකින්ද? ´´

Continue reading

7. සාවජ්ජ කම්ම සූත්‍රය.

1. ´´මහණෙනි, ධර්‍ම තුනකින් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි. කවර තුනකින්ද?´´

Continue reading

6. අකුශල කම්ම සූත්‍රය.

1. ´´මහණෙනි, ධර්‍ම තුනකින් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි. කවර තුනකින්ද? ´´

2. ´´අකුශල කාය කර්‍මයෙන්ද, අකුශල වාක් කර්‍මයෙන්ද, අකුශල මනො කර්‍මයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්‍ම තුනෙන් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි. ´´

3. ´´මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතුයි. කවර තුනකින්ද ? කුශල කාය කර්‍මයෙන්ද, කුශල වාක් කර්‍මයෙන්ද, කුශල මනො කර්‍මයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්‍ම තුනෙන් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතු. ´´

4. ´´මහණෙනි, එහෙයින් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාලයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන දුරුකොට යම් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන සමාදන්ව වාසය කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය´´ යි වදාළ සේක.

5. අයොනිසොපඤ්හ සූත්‍රය.

1. ´´මහණෙනි, ධර්‍ම තුනකින් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි. කවර තුනකින්ද? ´´

Continue reading

4. අච්චය පටිකරණ සූත්‍රය.

1. ´´මහණෙනි, ධර්‍ම තුනකින් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි. කවර තුනකින්ද? ´´

Continue reading

3. බාලලක්ඛණ සූත්‍රය.

1. ´´මහණෙනි, බාලයාගේ බාල ලක්‍ෂණ බාලයායයි දැනගැනීමට කරුණු බාල චරිත තුනක් වෙත්. කවර තුනක්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි බාල තෙම නපුරු සිතක්ම සිතන්නේ වෙයි. නපුරු වචනයක්ම කියන්නේ වෙයි. නපුරු ක්‍රියාවක්ම කරන්නේ වෙයි.´´

2. ´´මහණෙනි, මේ බාලතෙම ඉදින් නපුරු සිතක් නොසිතන්නේත් වේ නම්, නපුරු වචන නොකියන්නේත් වේ නම්, නපුරු ක්‍රියා නොකරන්නේත් වේ නම්, පණ්ඩිතයෝ ඔහු මේ පිනවත් තෙමේ බාලයෙක, අසත්පුරුෂයෙකැයි කිනම් කරුණකින් දැනගන්නාහුද. ´´

3. ´´මහණෙනි, යම් හෙයකින් වනාහි බාල තෙම නපුරු සිතක්ම සිතන්නේ වෙයිද, නපුරු වචනයක්ම කියන්නේ වෙයිද, නපුරු ක්‍රියාවක්ම කරන්නේ වෙයිද, එහෙයින් පණ්ඩිතයෝ ඔහු මේ පින්වත් තෙමේ බාලයෙක පණ්ඩිතයෙකැයි දැනගන්නාහුය. මහණෙනි, මොහු වනාහි බාලයාගේ බාල ලක්‍ෂණ, බාල කරුණු, බාල චරිතයෝ වෙත්ය´´ යි වදාළ සේක.

4. ´´මහණෙනි, පණ්ඩිතයාගේ පණ්ඩිත ලක්‍ෂණ, පණ්ඩිත කරුණු, පණ්ඩිත චරිත තුනක් වෙති. කවර තුනක්ද? මහණෙනි, මේ ලෝකයෙහි පණ්ඩිත තෙම යහපත් සිතක්ම සිතන්නේ වෙයි. යහපත් වචනයක්ම කියන්නේ වෙයි. යහපත් ක්‍රියාවක්ම කරන්නේ වෙයි. මහණෙනි, ඉදින්, පණ්ඩිත තෙමේ යහපත් සිතක්ම සිතන්නේත්, යහපත් වචනයක්ම කියන්නේත්, යහපත් ක්‍රියාවක්ම කරන්නේත් නොවේ නම් පණ්ඩිතයෝ ඔහු මේ පින්වත් තෙමේ පණ්ඩිතයෙක, සත්පුරුෂයෙකැයි කුමකින් දැනගන්නාහුද, ´´

5. ´´මහණෙනි, යම් හෙයකින් පණ්ඩිත තෙමේ යහපත් සිතක්ම සිතන්නේ වේද, යහපත් වචනයක්ම කියන්නේ වේද, යහපත් ක්‍රියාවක්ම කරන්නේ වේද, එහෙයින් ඥානවන්තයෝ මේ පින්වත් තෙමේ පණ්ඩිතයෙක, සත්පුරුෂයෙකැයි දැනගනිත්. මහණෙනි, මොහු පණ්ඩිතයාගේ පණ්ඩිත ලක්‍ෂණ, පණ්ඩිත කරුණු, පණ්ඩිත චරිත වෙත්.. ´´

6. ´´මහණෙනි, එහෙයින් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාලයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන දුරුකොට යම් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන සමාදන්ව වාසය කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය´´ යි වදාළ සේක.

2. කම්මලක්ඛණ සූත්‍රය.

1. ´´මහණෙනි, බාල තෙම ක්‍රියාව ලක්‍ෂණ (හැඳින ගතයුතු කරුණ) කොට ඇත්තේය. පණ්ඩිත තෙමේ ක්‍රියාව ලක්‍ෂණ කොට ඇත්තේය. ප්‍රඥාව චරිතයෙන් ශෝභමාන වන්නීය´´ යි වදාළ සේක.

2. ´´මහණෙනි, ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාල යයි දත යුතුයි. කවර ධර්‍ම තුනකින්ද? කාය දුශ්චරිතයෙන්ද, වාග් දුශ්චරිතයෙන්ද, මනෝ දුශ්චරිතයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්‍ම තුනෙන් යුක්තවූයේ බාල යයි දතයුතු.´´

3. ´´මහණෙනි, ධර්‍ම තුනකින් යුක්තවූයේ පණ්ඩිතයයි දත යුතුයි. කවර තුනකින්ද යත්? කාය සුචරිතයෙන්ද, වාග් සුචරිතයෙන්ද, මනෝ සුචරිතයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්‍ම තුනෙන් යුක්තවූයේ පණ්ඩිතයයි දත යුතුයි. මහණෙනි, එහෙයින් යම් ධර්‍ම තුනකින් යුක්තවූයේ බාලයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන දුරුකොට යම් ධර්‍ම තුනකින් යුක්තවූයේ පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්‍ම සමාදන්ව වාසය කරන්නෙමියි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය´´ යි වදාළ සේක.

1. බාල භය සූත්‍රය

1.´´මහණෙනි, යම්කිසි භය උපදිත්ද, ඒ සියලු භය බාලයා කෙරෙන් උපදිත්. පණ්ඩිතයා කෙරෙන් නූපදිත්. යම්කිසි විපත්තීහු උපදිත්ද, ඒ සියලු විපත්තීහු බාලයා කෙරෙන් උපදිත්. පණ්ඩිතයාගෙන් නූපදිත්. යම්කිසි උවදුරු උපදිත්ද, ඒ සියලු උවදුරු බාලයා කෙරෙන් උපදිත්. පණ්ඩිතයාගෙන් නූපදිත්.´´

Continue reading