නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
1. ,වස්ත්‍ර නැතිව නපුරු වර්ණ ඇතිව කුණු ගඳ ඇත්තියක් වෙහිය. මැස්සන් විසින් වසාගත් මෙහි සිටින ඔබ කවර තැනැත්තියක් වන්නෙහිද?,.
2. ,ස්වාමිනී, මම නපුරු ගති ඇති යම ලොකයෙහි වූ ප්‍රේතියක් වෙමි. පාපකර්මයක් කොට මෙයින් ප්‍රේතලෝකයට ගියේ වෙමි.
3. ,උදය කාලයෙහි පුත්‍රයන් සත්දෙනෙක්ද සවස නැවත අනික් සත්දෙනෙක්ද වදා කන්නෙම. ඔවුන්ද මට ප්‍රමාණ නොවෙත්.
4. ,මාගේ ළය බඩගින්නෙන් දැවෙයි. දුම් නගියි. අව්වෙහි ගින්නෙත් දැවුනාක් මෙන් නිවීමක් නොලබමි.
5. කිමෙක්ද කයින් වචසින් මනසින් නපුරු කමක් කරන ලද්දේද? කවර කර්ම විපාකයකින් පුත්‍රයන්ගේ මස් කන්නෙහිද?,.
6. ,මාගේ පුත්‍රයන් දෙදෙනෙක් වූහ. දෙදෙනම වැඩුන තරුණයෝය. පුත්‍රයන් ගේ බලයෙන් යුත් ඒ මම ස්වාමියාට අවමන් කළෙමි.
7. ,ඉන් මගේ සැමියා කිපී අනික් ස්ත්‍රියක් ගෙනාවේය. ඈද ගර්භයක් ලැබුවාය. ඈට පාපයක් සිතුවෙමි.
8. ,ඒ මම ක්‍රොධ සිතින් ගැබ් හෙළීම කළෙමි. ඇගේ තුන්මසක් වූ ගර්භය කුණු ලේ වී වැටුනේය.
9. ,ඇගේ දෙමාසයක් වූ ගර්භය ලේම වැගිරවූයේය. ඇගේ ඒ මව තරහවූවා මගේ ක්‍ඳාතීත් කැඳවූයේය. මා (11) දිව්රීමද කරවූයේය. මට නින්‍ඳාද කළේය. ඒ මම බොරු වූ දරුණු දිව්රීමක් දිවුරු වෙමි.
ඉදින් මා විසින් එය කරන ලද්දේද දැන් පුත්‍රයන්ගේ මස් කමි.