4. මරණ ධම්ම සූත්‍රය.

4. මරණ ධම්ම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ´´ස්වාමීනි´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

2. ´´මහණෙනි, සියල්ල මරණය ස්වභාවකොට ඇත්තේය. කවර නම් සියල්ල මරණය ස්වභාවකොට ඇත්තේද?

3. ´´මහණෙනි, ඇස මරණය ස්වභාවකොට ඇත්තේය. රූපයෝ මරණය ස්වභාවකොට ඇත්තාහ. චක්ඛු විඥානය මරණය ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය මරණය ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මරණය ස්වභාවකොට ඇත්තේය.

4. ´´මහණෙනි, කණ මරණය ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ මරණය ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය මරණය ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය මරණය ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මරණය ස්වභාවකොට ඇත්තේය.

5. ´´මහණෙනි, නාසය මරණය ස්වභාවකොට ඇත්තේය. ගන්‍ධයෝ මරණය ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය මරණය ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය මරණය ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මරණය ස්වභාවකොට ඇත්තේය.

6. ´´මහණෙනි, දිව මරණය ස්වභාවකොට ඇත්තේය. රසයෝ මරණය ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය මරණය ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය මරණය ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මරණය ස්වභාවකොට ඇත්තේය.

7. ´´මහණෙනි, කය මරණය ස්වභාවකොට ඇත්තේය. ස්පර්‍ශයෝ මරණය ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය මරණය ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය මරණය ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මරණය ස්වභාවකොට ඇත්තේය.

8. ´´මහණෙනි, සිත මරණය ස්වභාවකොට ඇත්තේය. ධර්‍මයෝ මරණය ස්වභාවකොට ඇත්තාහ. මනො විඤ්ඤාණය මරණය ස්වභාවකොට ඇත්තේය. මනො සම්ඵස්සය මරණය ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මරණය ස්වභාවකොට ඇත්තේය.

9. ´´මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.

_______________

10. නිරෝධ ධම්ම සූත්‍රය.

10. නිරෝධ ධම්ම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ´´ස්වාමීනි´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

2. ´´මහණෙනි, සියල්ල නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. කවර නම් සියල්ල නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේද?

3. ´´මහණෙනි, ඇස නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. රූපයෝ නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තාහ. චක්ඛු විඥානය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය.

4. ´´මහණෙනි, කණ නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය.

5. ´´මහණෙනි, නාසය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ගන්‍ධයෝ නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය.

6. ´´මහණෙනි, දිව නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. රසයෝ නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය.

7. ´´මහණෙනි, කය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ස්පර්‍ශයෝ නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය.

8. ´´මහණෙනි, සිත නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ධර්‍මයෝ නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තාහ. මනො විඤ්ඤාණය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. මනො සම්ඵස්සය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය.

9. ´´මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.

_______________

( හතරවෙනි ජාති ධම්ම වර්‍ගය නිමි.)

9. සමුදය ධම්ම සූත්‍රය.

9. සමුදය ධම්ම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ´´ස්වාමීනි´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

2. ´´මහණෙනි, සියල්ල හටගැනීම ස්වභාවකොට ඇත්තේය. කවර නම් සියල්ල හටගැනීම ස්වභාවකොට ඇත්තේද?

3. ´´මහණෙනි, ඇස හටගැනීම ස්වභාවකොට ඇත්තේය. රූපයෝ හටගැනීම ස්වභාවකොට ඇත්තාහ. චක්ඛු විඥානය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද හටගැනීම ස්වභාවකොට ඇත්තේය.

4. ´´මහණෙනි, කණ හටගැනීම ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ හටගැනීම ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද හටගැනීම ස්වභාවකොට ඇත්තේය.

5. ´´මහණෙනි, නාසය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. ගන්‍ධයෝ හටගැනීම ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද හටගැනීම ස්වභාවකොට ඇත්තේය.

6. ´´මහණෙනි, දිව හටගැනීම ස්වභාවකොට ඇත්තේය. රසයෝ හටගැනීම ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද හටගැනීම ස්වභාවකොට ඇත්තේය.

7. ´´මහණෙනි, කය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. ස්පර්‍ශයෝ හටගැනීම ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද හටගැනීම ස්වභාවකොට ඇත්තේය.

8. ´´මහණෙනි, සිත හටගැනීම ස්වභාවකොට ඇත්තේය. ධර්‍මයෝ හටගැනීම ස්වභාවකොට ඇත්තාහ. මනො විඤ්ඤාණය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. මනො සම්ඵස්සය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද හටගැනීම ස්වභාවකොට ඇත්තේය.

9. ´´මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.

_______________

8. වය ධම්ම සූත්‍රය.

8. වය ධම්ම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ´´ස්වාමීනි´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

2. ´´මහණෙනි, සියල්ල විනාශවීම ස්වභාවකොට ඇත්තේය. කවර නම් සියල්ල විනාශවීම ස්වභාවකොට ඇත්තේද?

3. ´´මහණෙනි, ඇස විනාශවීම ස්වභාවකොට ඇත්තේය. රූපයෝ විනාශවීම ස්වභාවකොට ඇත්තාහ. චක්ඛු විඥානය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විනාශවීම ස්වභාවකොට ඇත්තේය.

4. ´´මහණෙනි, කණ විනාශවීම ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ විනාශවීම ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විනාශවීම ස්වභාවකොට ඇත්තේය.

5. ´´මහණෙනි, නාසය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. ගන්‍ධයෝ විනාශවීම ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විනාශවීම ස්වභාවකොට ඇත්තේය.

6. ´´මහණෙනි, දිව විනාශවීම ස්වභාවකොට ඇත්තේය. රසයෝ විනාශවීම ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විනාශවීම ස්වභාවකොට ඇත්තේය.

7. ´´මහණෙනි, කය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. ස්පර්‍ශයෝ විනාශවීම ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විනාශවීම ස්වභාවකොට ඇත්තේය.

8. ´´මහණෙනි, සිත විනාශවීම ස්වභාවකොට ඇත්තේය. ධර්‍මයෝ විනාශවීම ස්වභාවකොට ඇත්තාහ. මනො විඤ්ඤාණය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. මනො සම්ඵස්සය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විනාශවීම ස්වභාවකොට ඇත්තේය.

9. ´´මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.

_______________

7. ඛය ධම්ම සූත්‍රය.

7. ඛය ධම්ම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ´´ස්වාමීනි´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

2. ´´මහණෙනි, සියල්ල ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. කවර නම් සියල්ල ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේද?

3. ´´මහණෙනි, ඇස ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. රූපයෝ ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තාහ. චක්ඛු විඥානය ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය.

4. ´´මහණෙනි, කණ ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය.

5. ´´මහණෙනි, නාසය ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. ගන්‍ධයෝ ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය.

6. ´´මහණෙනි, දිව ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. රසයෝ ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය.

7. ´´මහණෙනි, කය ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. ස්පර්‍ශයෝ ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය.

8. ´´මහණෙනි, සිත ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. ධර්‍මයෝ ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තාහ. මනො විඤ්ඤාණය ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. මනො සම්ඵස්සය ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය.

9. ´´මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.

_______________

6. සංකිලෙස ධම්ම සූත්‍රය.

6. සංකිලෙස ධම්ම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ´´ස්වාමීනි´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

2. ´´මහණෙනි, සියල්ල කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. කවර නම් සියල්ල කෙලෙසීම ස්වභාවකොට ඇත්තේද?

3. ´´මහණෙනි, ඇස සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. රූපයෝ සෝක කිරීම ස්වභාවකොට ඇත්තාහ. චක්ඛු විඥානය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය.

4. ´´මහණෙනි, කණ සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ සෝක කිරීම ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය.

5. ´´මහණෙනි, නාසය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. ගන්‍ධයෝ සෝක කිරීම ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය.

6. ´´මහණෙනි, දිව සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. රසයෝ සෝක කිරීම ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය.

7. ´´මහණෙනි, කය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. ස්පර්‍ශයෝ සෝක කිරීම ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය.

8. ´´මහණෙනි, සිත සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. ධර්‍මයෝ සෝක කිරීම ස්වභාවකොට ඇත්තාහ. මනො විඤ්ඤාණය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. මනො සම්ඵස්සය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය.

9. ´´මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.

_______________

5. සොක ධම්ම සූත්‍රය.

5. සොක ධම්ම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ´´ස්වාමීනි´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

2. ´´මහණෙනි, සියල්ල සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. කවර නම් සියල්ල සෝක කිරීම ස්වභාවකොට ඇත්තේද?

3. ව්‍යාධි ධම්ම සූත්‍රය.

3. ව්‍යාධි ධම්ම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ´´ස්වාමීනි´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

2. ´´මහණෙනි, සියල්ල ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. කවර නම් සියල්ල ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේද?

3. ´´මහණෙනි, ඇස ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. රූපයෝ ව්‍යාධිය ස්වභාවකොට ඇත්තාහ. චක්ඛු විඥානය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය.

4. ´´මහණෙනි, කණ ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ ව්‍යාධිය ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය.

5. ´´මහණෙනි, නාසය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. ගන්‍ධයෝ ව්‍යාධිය ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය.

6. ´´මහණෙනි, දිව ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. රසයෝ ව්‍යාධිය ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය.

7. ´´මහණෙනි, කය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. ස්පර්‍ශයෝ ව්‍යාධිය ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය.

8. ´´මහණෙනි, සිත ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. ධර්‍මයෝ ව්‍යාධිය ස්වභාවකොට ඇත්තාහ. මනො විඤ්ඤාණය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. මනො සම්ඵස්සය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය.

9. ´´මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.

_______________

2. ජරා ධම්ම සූත්‍රය.

2. ජරා ධම්ම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ´´ස්වාමීනි´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

2. ´´මහණෙනි, සියල්ල දිරීම ස්වභාවකොට ඇත්තේය. කවර නම් සියල්ල දිරීම ස්වභාවකොට ඇත්තේද?

3. ´´මහණෙනි, ඇස දිරීම ස්වභාවකොට ඇත්තේය. රූපයෝ දිරීම ස්වභාවකොට ඇත්තාහ. චක්ඛු විඥානය දිරීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය දිරීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දිරීම ස්වභාවකොට ඇත්තේය.

4. ´´මහණෙනි, කණ දිරීම ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ දිරීම ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය දිරීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය දිරීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දිරීම ස්වභාවකොට ඇත්තේය.

5. ´´මහණෙනි, නාසය දිරීම ස්වභාවකොට ඇත්තේය. ගන්‍ධයෝ දිරීම ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය දිරීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය දිරීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දිරීම ස්වභාවකොට ඇත්තේය.

6. ´´මහණෙනි, දිව දිරීම ස්වභාවකොට ඇත්තේය. රසයෝ දිරීම ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය දිරීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය දිරීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දිරීම ස්වභාවකොට ඇත්තේය.

7. ´´මහණෙනි, කය දිරීම ස්වභාවකොට ඇත්තේය. ස්පර්‍ශයෝ දිරීම ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය දිරීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය දිරීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දිරීම ස්වභාවකොට ඇත්තේය.

8. ´´මහණෙනි, සිත දිරීම ස්වභාවකොට ඇත්තේය. ධර්‍මයෝ දිරීම ස්වභාවකොට ඇත්තාහ. මනො විඤ්ඤාණය දිරීම ස්වභාවකොට ඇත්තේය. මනො සම්ඵස්සය දිරීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දිරීම ස්වභාවකොට ඇත්තේය.

9. ´´මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.

_______________

1. ජාති ධම්ම සූත්‍රය

1. ජාති ධම්ම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ´´ස්වාමීනි´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

2. ´´මහණෙනි, සියල්ල ඉපදීම ස්වභාවකොට ඇත්තේය. මහණෙනි, කවර නම් සියල්ල ඉපදීම ස්වභාවකොට ඇත්තේද?

3. ´´මහණෙනි, ඇස ඉපදිම ස්වභාවකොට ඇත්තේය. රූපයෝ ඉපදිම ස්වභාවකොට ඇත්තාහ. චක්ඛු විඥානය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ඉපදීම ස්වභාවකොට ඇත්තේය.

4. ´´මහණෙනි, කණ ඉපදිම ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ ඉපදිම ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ඉපදීම ස්වභාවකොට ඇත්තේය.

5. ´´මහණෙනි, නාසය ඉපදිම ස්වභාවකොට ඇත්තේය. ගන්‍ධයෝ ඉපදිම ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ඉපදීම ස්වභාවකොට ඇත්තේය.

6. ´´මහණෙනි, දිව ඉපදිම ස්වභාවකොට ඇත්තේය. රසයෝ ඉපදිම ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ඉපදීම ස්වභාවකොට ඇත්තේය.

7. ´´මහණෙනි, කය ඉපදිම ස්වභාවකොට ඇත්තේය. ස්පර්‍ශයෝ ඉපදිම ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ

හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ඉපදීම ස්වභාවකොට ඇත්තේය.

8. ´´මහණෙනි, සිත ඉපදිම ස්වභාවකොට ඇත්තේය. ධර්‍මයෝ ඉපදිම ස්වභාවකොට ඇත්තාහ. මනො විඤ්ඤාණය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. මනො සම්ඵස්සය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ඉපදීම ස්වභාවකොට ඇත්තේය.

9. ´´මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.

10. ´´මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම කණ කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.

11. ´´මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.

12. ´´මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.

13. ´´මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කායවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.

14. ´´මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනොවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනොසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනොසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ´´ජාතිය ක්‍ෂයවිය. බ්‍රහ්මවය්‍ර්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළයුතු දෙය කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගණීය´´ යි (වදාළ සේක.)

_______________