නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
12 උරග ප්‍රේතයාගේ කථාව:-
1 ,සර්ප තෙම දිරුණාවූ සම සිය සිරුරෙන් හැර දමායේද එසේම ශරීරය නිරන්‍ර්‍ථකවූ කල්හි (ආයු, උෂ්ම, විඥානයන්) පහවූ කල්හි කථරිය කළ කල්හි
2 ,දවනුලබන්නාවූ ශරීරය නෑයන්ගේ හැඬීම නොදනී එහෙයින් මේ පුත්‍රයා නිමිතිකොට නොහඬමි. හෙතෙම ඔහුගේ ගමනක් වීද එහි ගියේය.
3 ,ඒ සිටිතැනින් නොකැඳවන ලදුව පැමිණියේය. මෙලොවින් අනුනොදන්නා ලදුව ගියේය. යම් ආකාරයකින් ආයේද, එසේම ගියේ වෙයි. එහිදී කවර හැඩීමක්ද?
4 දවනුලබන්නාවූ ශරීරය නෑයන්ගේ හැඬීම නොදනී එහෙයින් මේ පුත්‍රයා නිමිතිකොට නොහඬමි. හෙතෙම ඔහුගේ ගමනක් වීද එහි ගියේය.
5 ,ඉදින් අඬන්නෙහිනම් කෘශවූ ශරීර ඇත්තියක් වන්නෙමි. ඒ හැඬීමෙහිදී මට කවර ප්‍රයෝජනයක් වන්නේද? අපගේ ඤාති මිත්‍ර සහෝදරයන්ටද බොහෝ දුක්ම වන්නේය.
6 දවනුලබන්නාවූ ශරීරය නෑයන්ගේ හැඬීම නොදනී එහෙයින් මේ පුත්‍රයා නිමිතිකොට නොහඬමි. හෙතෙම ඔහුගේ ගමනක් වීද එහි ගියේය.
7 ,පින්වත් බමුණ, යම්සේ දියකළය බිඳුනේ නොගැලපිය හැකි වේද යමෙක් තෙම කථරිය කළ කෙනෙකු සඳහා ශොක කෙරේ නම් මේ කාරණයත් එසේයයි දත යුතුයි.
8 දවනුලබන්නාවූ ශරීරය නෑයන්ගේ හැඬීම නොදනී එහෙයින් මේ පුත්‍රයා නිමිතිකොට නොහඬමි. හෙතෙම ඔහුගේ ගමනක් වීද එහි ගියේය.