9. සූත්‍රය.

9. සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ´´ස්වාමීනි´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

2. ´´මහණෙනි, සියලු (රාගාදී)ී හැඟීම් නැසීමට සුදුසු ප්‍රතිපදාව තොපට දේශනා කරමි. එය අසව්. මහණෙනි, සියලු හැඟීම් නැසීමට උපකාරවූ ඒ ප්‍රතිපදාව කවරේද?´´

3. ´´මහණෙනි, මෙහි මහණතෙම ඇස මම යයි නොහඟියි. ඇස කෙරෙහි මම ඇතැයි නොහඟියි. ඇස කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ඇස මාගේ යයි නොහඟියි. රූපයන් මම යයි නොහඟියි. රූපයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. රූපය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. රූපයෝ මාගේ යයි නොහඟියි. චක්ඛු විඤ්ඤාණය මම යයි නොහඟියි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහි මම ඇතැයි නොහඟියි. චක්ඛු විඤ්ඤාණය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. චක්ඛු විඤ්ඤාණය මාගේ යයි නොහඟියි. චක්ඛු සම්ඵසස්ය මම යයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. චක්ඛු සම්ඵසස්ය මාගේ යයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහිද මම ඇතැයි නොහඟියි. එය කෙරෙන්ද අන්‍යවූවක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි. මහණෙනි, යමක් මම යයි හඟීද, යමක් කෙරෙහි මම ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, යමක් මාගේ යයි හඟීද, එයින් එය අන් ආකාරයක්ම වේ. අන් ආකාරයක් වන්නාවූ භවයෙහි ඇළුනාවූ ලෝ වැසි තෙම භවයටම ඇලෙයි.

4. ´´මහණෙනි, මෙහි මහණතෙම කණ මම යයි නොහඟියි. කණ කෙරෙහි මම ඇතැයි නොහඟියි. කණ කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. කණ මාගේ යයි නොහඟියි. ශබ්දයන් මම යයි නොහඟියි. ශබ්දයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. ශබ්දයන් කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ශබ්දය මාගේ යයි නොහඟියි. සොත විඤ්ඤාණය මම යයි නොහඟියි. සොත විඤ්ඤාණය කෙරෙහි මම ඇතැයි නොහඟියි. සොත විඤ්ඤාණය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. සොත විඥානය මාගේ යයි නොහඟියි. සොත සම්ඵසස්ය මම යයි නොහඟියි. සොත සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. සොත සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. සොත සම්ඵසස්ය මාගේ යයි නොහඟියි. සොත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහිද මම ඇතැයි නොහඟියි. එය කෙරෙන්ද අන්‍යවූවක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි. මහණෙනි, යමක් මම යයි හඟීද, යමක් කෙරෙහි මම ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, යමක් මාගේ යයි හඟීද, එයින් එය අන් ආකාරයක්ම වේ. අන් ආකාරයක් වන්නාවූ භවයෙහි ඇළුනාවූ ලෝ වැසි තෙම භවයටම ඇලෙයි.´´

5. ´´මහණෙනි, මෙහි මහණතෙම නාසය මම යයි නොහඟියි. නාසය කෙරෙහි මම ඇතැයි නොහඟියි. නාසය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. නාසය මාගේ යයි නොහඟියි. ගන්‍ධයන් මම යයි නොහඟියි. ගන්‍ධයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. ගන්‍ධයන් කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ගන්ධය මාගේ යයි නොහඟියි. ඝාණ විඤ්ඤාණය මම යයි නොහඟියි. ඝාණ විඤ්ඤාණය කෙරෙහි මම ඇතැයි නොහඟියි. ඝාණ විඤ්ඤාණය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ඝාණ විඤ්ඤාණය මාගේ යයි නොහඟියි. ඝාණ සම්ඵසස්ය මම යයි නොහඟියි. ඝාණ සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. ඝාණ සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ඝාණ සම්ඵසස්ය මාගේ යයි නොහඟියි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහිද මම ඇතැයි නොහඟියි. එය කෙරෙන්ද අන්‍යවූවක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි. මහණෙනි, යමක් මම යයි හඟීද, යමක් කෙරෙහි මම ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, යමක් මාගේ යයි හඟීද, එයින් එය අන් ආකාරයක්ම වේ. අන් ආකාරයක් වන්නාවූ භවයෙහි ඇළුනාවූ ලෝ වැසි තෙම භවයටම ඇලෙයි.´´

6. ´´මහණෙනි, මෙහි මහණතෙම දිව මම යයි නොහඟියි. දිව කෙරෙහි මම ඇතැයි නොහඟියි. දිව කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. දිව මාගේ යයි නොහඟියි. රසයන් මම යයි නොහඟියි. රසයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. රසයන් කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. රස මාගේ යයි නොහඟියි. ජිව්හා විඤ්ඤාණය මම යයි නොහඟියි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහි මම ඇතැයි නොහඟියි. ජිව්හා විඤ්ඤාණය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ජිව්හා විඤ්ඤාණය මාගේ යයි නොහඟියි. ජිව්හා සම්ඵසස්ය මම යයි නොහඟියි. ජිව්හා සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. ජිව්හා සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ජිව්හා සම්ඵසස්ය මාගේ යයි නොහඟියි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයිද නොහඟියි. එය කෙරෙන් අනිකක් මම යයිද නොහඟියි. එය මාගේ යයිද නොහඟියි. මහණෙනි, යමක් මම යයි හඟීද, යමක් කෙරෙහි මම ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, යමක් මාගේ යයි හඟීද, එයින් එය අන් ආකාරයක්ම වේ. අන් ආකාරයක් වන්නාවූ භවයෙහි ඇළුනාවූ ලෝ වැසි තෙම භවයටම ඇලෙයි.´´

7. ´´මහණෙනි, මෙහි මහණතෙම කය මම යයි නොහඟියි. කය කෙරෙහි මම ඇතැයි නොහඟියි. කය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. කය මාගේ යයි නොහඟියි. ස්පර්‍ශයන් මම යයි නොහඟියි. ස්පර්‍ශයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. ස්පර්‍ශයන් කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ස්පර්‍ශය මාගේ යයි නොහඟියි. කාය විඤ්ඤාණය මම යයි නොහඟියි. කාය විඤ්ඤාණය කෙරෙහි මම ඇතැයි නොහඟියි. කාය විඤ්ඤාණය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. කාය විඤ්ඤාණය මාගේ යයි නොහඟියි. කාය සම්ඵසස්ය මම යයි නොහඟියි. කාය සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. කාය සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. කාය සම්ඵසස්ය මාගේ යයි නොහඟියි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහිද මම ඇතැයි නොහඟියි. එය කෙරෙන්ද අන්‍යවූවක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි. මහණෙනි, යමක් මම යයි හඟීද, යමක් කෙරෙහි මම ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, යමක් මාගේ යයි හඟීද, එයින් එය අන් ආකාරයක්ම වේ. අන් ආකාරයක් වන්නාවූ භවයෙහි ඇළුනාවූ ලෝ වැසි තෙම භවයටම ඇලෙයි.´´

7. ´´මහණෙනි, මෙහි මහණතෙම සිත මම යයි නොහඟියි. සිත කෙරෙහි මම ඇතැයි නොහඟියි. සිත කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. සිත මාගේ යයි නොහඟියි. ධර්‍මයන් මම යයි නොහඟියි. ධර්‍මයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. ධර්‍මයන් කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ධර්‍මය මාගේ යයි නොහඟියි. මනො විඤ්ඤාණය මම යයි නොහඟියි. මනො විඤ්ඤාණය කෙරෙහි මම ඇතැයි නොහඟියි. මනො විඤ්ඤාණය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. මනො විඤ්ඤාණය මාගේ යයි නොහඟියි. මනො සම්ඵසස්ය මම යයි නොහඟියි. මනො සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. මනො සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. මනො සම්ඵසස්ය මාගේ යයි නොහඟියි. මනො සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහිද මම ඇතැයි නොහඟියි. එය කෙරෙන්ද අන්‍යවූවක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි. මහණෙනි, යමක් මම යයි හඟීද, යමක් කෙරෙහි මම ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, එයින් එය අන් ආකාරයක් වේ. අන් ආකාරයක්වූ, භවයෙහි ඇළුනාවූ, ලෝවැසි තෙම භවයටම ඇලෙයි. මහණෙනි, යම් පමණ සතහට ධාතු ආයතන වෙත්ද, එයද මම යයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයිද නොහඟියි. එය කෙරෙන් අනිකක් මම යයිද නොහඟියි. එය මාගේ යයිද නොහඟියි.´´

9. ´´හෙතෙම මෙසේ නොහඟිනු ලබන්නේ, ලෝකයෙහි කිසිවක් මමය මාගේයයි නොගනියි. මමය මාගේ යයි නොගන්නේ නොඇලෙයි. නොඇලෙන්නේ මේ ආත්මයෙහිම පිරිනිවෙයි. ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගනියි. මහණෙනි, මේ වනාහි සියලු හැඟීම් නැසීමට උපකාරවූ ප්‍රතිපදාව වේය´´ යි (වදාළ සේක.)

______________

10. සූත්‍රය.

10. සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ´´ස්වාමීනි´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

2. ´´මහණෙනි, සියලු හැඟීම් නැසීමට උපකාරවූ ප්‍රතිපදාව තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, ඒ සියලු හැඟීම් නැසීමට උපකාරවූ ප්‍රතිපදාව කවරීද?´´

´´මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය´ යි දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´රූපයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යයහ.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය´ යි දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´චක්ඛු විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය´ යි දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´චක්ඛු සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය´ යි දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය´ යි දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

3. ´´මහණෙනි, කණ නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය´ යි දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´ශබ්දයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය´ යි දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´සෝත විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය´ යි දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´සෝත සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය´ යි දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය´ යි දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

4. ´´මහණෙනි, නාසය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය´ යි දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´ගන්‍ධයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය´ යි දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´ඝාණ විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය´ යි දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´ඝාණ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය´ යි දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය´ යි දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

5. ´´මහණෙනි, දිව නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය´ යි දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´රසයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය´ යි දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´ජිව්හා විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය´ යි දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´ජිව්හා සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය´ යි දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´ජිව්හා සම්ඵස්සය හේතුකොට ගෙණ සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය´ යි දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

6. ´´මහණෙනි, කය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය´ යි දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´ස්පර්‍ශය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය´ යි දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´කාය විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය´ යි දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´කාය සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය´ යි දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය´ යි දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

7. ´´මහණෙනි, සිත නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය´ යි දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´ධර්‍මයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය´ යි දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´මනෝ විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය´ යි දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´මනෝ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය´ යි දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මය´ යි දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

8. ´´මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

9. ´´කණ කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත

සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

10. ´´නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

11. ´´දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

12. ´´කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

13. ´´සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනො විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනො සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනො සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්‍ෂයවිය. මාර්‍ග බ්‍රහ්මවය්‍ර්‍යාව වැස නිමවන ලද්දේය. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගණියි. මහණෙනි, මේ වනාහි සියලු හැඟීම් නැසීමට උපකාරවූ ප්‍රතිපදාවය´´ යි (වදාළ සේක.)

( තුන්වෙනි සබ්බ වර්‍ගය නිමි. )

________

8. සූත්‍රය.

8. සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ´´ස්වාමීනි´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

2. ´´මහණෙනි, සියලු තෘෂ්ණාදී හැඟීම් නැසීමට සුදුසු ප්‍රතිපදාව තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, ඒ සියලු හැඟීම් නැසීමට සුදුසු ප්‍රතිපදාව කවරේද?

3. ´´මහණෙනි, ඇස (මම වෙමි යනාදී වශයෙන්) නොහඟියි. ඇස කෙරෙහි මම ඇතැයි නොහඟියි. ඇස කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ඇස මාගේ යයි නොහඟියි. රූපයන් මම යයි නොහඟියි. රූපයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. රූපය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. රූපයෝ මාගේ යයි නොහඟියි. චක්ඛු විඥානය මම යයි නොහඟියි. චක්ඛු විඥානය කෙරෙහි මම ඇතැයි නොහඟියි. චක්ඛු විඥානය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. චක්ඛු විඥානය මාගේ යයි නොහඟියි. චක්ඛු සම්ඵසස්ය මම යයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. චක්ඛු සම්ඵසස්ය මාගේ යයි නොහඟියි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයි නොහඟියි. එය කෙරෙන් අන්‍යයක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි.

ඤෆු ්‍ර7්‍ර4රැ%

4. ´´මහණෙනි, කණ (මම වෙමි යනාදී වශයෙන්) නොහඟියි. කණ කෙරෙහි මම ඇතැයි නොහඟියි. කණ කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. කණ මාගේ යයි නොහඟියි. ශබ්දයන් මම යයි නොහඟියි. ශබ්දයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. ශබ්දය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ශබ්දයෝ මාගේ යයි නොහඟියි. සෝත විඥානය මම යයි නොහඟියි. සෝත විඥානය කෙරෙහි මම ඇතැයි නොහඟියි. සෝත විඥානය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. සෝත විඥානය මාගේ යයි නොහඟියි. සෝත සම්ඵසස්ය මම යයි නොහඟියි. සෝත සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. සෝත සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. සෝත සම්ඵසස්ය මාගේ යයි නොහඟියි. සෝතසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයි නොහඟියි. එය කෙරෙන් අන්‍යයක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි.

5. ´´මහණෙනි, නාසය (මම වෙමි යනාදී වශයෙන්) නොහඟියි. නාසය කෙරෙහි මම ඇතැයි නොහඟියි. නාසය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. නාසය මාගේ යයි නොහඟියි. ගන්‍ධයන් මම යයි නොහඟියි. ගන්‍ධයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. ගන්‍ධය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ගන්‍ධයෝ මාගේ යයි නොහඟියි. ඝාණ විඥානය මම යයි නොහඟියි. ඝාණ විඥානය කෙරෙහි මම ඇතැයි නොහඟියි. ඝාණ විඥානය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ඝාණ විඥානය මාගේ යයි නොහඟියි. ඝාණ සම්ඵසස්ය මම යයි නොහඟියි. ඝාණ සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. ඝාණ සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ඝාණ සම්ඵසස්ය මාගේ යයි නොහඟියි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයි නොහඟියි. එය කෙරෙන් අන්‍යයක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි.

6. ´´මහණෙනි, දිව (මම වෙමි යනාදී වශයෙන්) නොහඟියි. දිව කෙරෙහි මම ඇතැයි නොහඟියි. දිව කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. දිව මාගේ යයි නොහඟියි. රූපයන් මම යයි නොහඟියි. රසයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. රසය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. රසයෝ මාගේ යයි නොහඟියි. ජිව්හා විඤ්ඤාණය මම යයි නොහඟියි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහි මම ඇතැයි නොහඟියි. ජිව්හා විඤ්ඤාණය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ජිව්හා විඤ්ඤාණය මාගේ යයි නොහඟියි. ජිව්හා සම්ඵසස්ය මම යයි නොහඟියි. ජිව්හා සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. ජිව්හා සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ජිව්හා සම්ඵසස්ය මාගේ යයි නොහඟියි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයි නොහඟියි. එය කෙරෙන් අන්‍යයක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි.

7. ´´මහණෙනි, කය (මම වෙමි යනාදී වශයෙන්) නොහඟියි. කය කෙරෙහි මම ඇතැයි නොහඟියි. කය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. කය මාගේ යයි නොහඟියි. ස්පර්‍ශයන් මම යයි නොහඟියි. ස්පර්‍ශයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. ස්පර්‍ශය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ස්පර්‍ශයෝ මාගේ යයි නොහඟියි. කාය විඥානය මම යයි නොහඟියි. කාය විඥානය කෙරෙහි මම ඇතැයි නොහඟියි. කාය විඥානය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. කාය විඥානය මාගේ යයි නොහඟියි. කාය සම්ඵසස්ය මම යයි නොහඟියි. කාය සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. කාය සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. කාය සම්ඵසස්ය මාගේ යයි නොහඟියි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයි නොහඟියි. එය කෙරෙන් අන්‍යයක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි.

8. ´´මහණෙනි, සිත (මම වෙමි යනාදී වශයෙන්) නොහඟියි. සිත කෙරෙහි මම ඇතැයි නොහඟියි. සිත කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. සිත මාගේ යයි නොහඟියි. ධර්‍මයන් මම යයි නොහඟියි. ධර්‍මයන් කෙරෙහි මම ඇතැයි නොහඟියි. ධර්‍මය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. ධර්‍මයෝ මාගේ යයි නොහඟියි. මනොවිඤ්ඤාණය මම යයි නොහඟියි. මනොවිඤ්ඤාණය කෙරෙහි මම ඇතැයි නොහඟියි. මනොවිඤ්ඤාණය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. මනොවිඤ්ඤාණය මාගේ යයි නොහඟියි. මනො සම්ඵසස්ය මම යයි නොහඟියි. මනො සම්ඵස්සය කෙරෙහි මම ඇතැයි නොහඟියි. මනො සම්ඵස්සය කෙරෙන් අන්‍යවූවක් මම යයි නොහඟියි. මනො සම්ඵසස්ය මාගේ යයි නොහඟියි. මනො සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ, සැපද නොවූ, යම් මේ වේදනාවක් උපදීද, එයද මමයයි නොහඟියි. එය කෙරෙහි මම ඇතැයි නොහඟියි. එය කෙරෙන් අන්‍යයක් මම යයි නොහඟියි. එය මාගේ යයි නොහඟියි.

9. ´´මෙසේ නොහඟින්නාවූ හෙතෙම ලෝකයෙහි කිසිවක් මමය මාගේයයි නොගනියි. මමය මාගේ යයි නොගන්නේ ආශා නොකරන්නේය. ආශා නොකරන්නේ මේ ආත්මයෙහි පිරිනිවෙන්නේය. ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලද්දේය. කළයුත්ත කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගනියි. මහණෙනි, මේ වනාහි සියලු හැඟීම් නැසීමට සුදුසුවූ ප්‍රතිපදාව වේය´´ යි (වදාළ සේක.)

_______________

7. අන්‍ධභූත සූත්‍රය.

7. අන්‍ධභූත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර, කලන්‍දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ´´මහණෙනි, සියල්ල මඩනා ලද්දේ වෙයි. මහණෙනි, කවර නම් සියල්ලක් මඩනා ලද්දේ වේද?

2. ´´මහණෙනි, ඇස මඩනා ලද්දේ වෙයි. රූපයෝ මඩනා ලද්දාහ. චක්ඛු විඤ්ඤාණය මඩනා ලද්දේ වෙයි. චක්ඛු සම්ඵස්සය මඩනා ලද්දේ වෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවක් උපදීද, එයද මඩනා ලද්දේ වෙයි. කුමකින් මඩනා ලද්දේද? ජාතියෙන්, ජරා මරණයෙන් මඩනා ලදී. ශොකයෙන්, හැඬීමෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසින්, දැඩි වෙහෙසින් මඩනා ලද්දේයයි කියමි.

´´මහණෙනි, කණ මඩනා ලද්දේ වෙයි. ශබ්දයෝ මඩනා ලද්දාහ. සොතවිඤ්ඤාණය මඩනා ලද්දේ වෙයි. සොතසම්ඵස්සය මඩනා ලද්දේ වෙයි. සොතසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවක් උපදීද, එයද මඩනා ලද්දේ වෙයි. කුමකින් මඩනා ලද්දේද? ජාතියෙන්, ජරා මරණයෙන් මඩනා ලදී. ශොකයෙන්, හැඬීමෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසින්, දැඩි වෙහෙසින් මඩනා ලද්දේයයි කියමි.

´´මහණෙනි, නාසය මඩනා ලද්දේ වෙයි. ගන්‍ධයෝ මඩනා ලද්දාහ. ඝාණවිඤ්ඤාණය මඩනා ලද්දේ වෙයි. ඝාණසම්ඵස්සය මඩනා ලද්දේ වෙයි. ඝාණසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවක් උපදීද, එයද මඩනා ලද්දේ වෙයි. කුමකින් මඩනා ලද්දේද? ජාතියෙන්, ජරා මරණයෙන් මඩනා ලදී. ශොකයෙන්, හැඬීමෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසින්, දැඩි වෙහෙසින් මඩනා ලද්දේයයි කියමි.

´´මහණෙනි, දිව මඩනා ලද්දේ වෙයි. රසයෝ මඩනා ලද්දාහ. ජිව්හා විඤ්ඤාණය මඩනා ලද්දේය. ජිව්හා සම්ඵස්සය මඩනා ලද්

දේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවක් උපදීද, එයද මඩනා ලද්දේ වෙයි. කුමකින් මඩනා ලද්දේද? ජාතියෙන්, ජරා මරණයෙන් මඩනා ලදී. ශොකයෙන්, හැඬීමෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසින්, දැඩි වෙහෙසින් මඩනා ලද්දේයයි කියමි.

´´මහණෙනි, කය මඩනා ලද්දේ වෙයි. ස්පර්‍ශයෝ මඩනා ලද්දාහ. කාය විඤ්ඤාණය මඩනා ලද්දේ වෙයි. කාය සම්ඵස්සය මඩනා ලද්දේ වෙයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවක් උපදීද, එයද මඩනා ලද්දේ වෙයි. කුමකින් මඩනා ලද්දේද? ජාතියෙන්, ජරා මරණයෙන් මඩනා ලදී. ශොකයෙන්, හැඬීමෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසින්, දැඩි වෙහෙසින් මඩනා ලද්දේයයි කියමි.

´´මහණෙනි, සිත මඩනා ලද්දේ වෙයි. ධර්‍මයෝ මඩනා ලද්දාහ. මනො විඤ්ඤාණය මඩනා ලද්දේය. මනො සම්ඵස්සය මඩනා ලද්දේය. මනො සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවක් උපදීද, එයද මඩනා ලද්දේ වෙයි. කුමකින් මඩනා ලද්දේද? ජාතියෙන්, ජරා මරණයෙන් මඩනා ලදී. ශොකයෙන්, හැඬීමෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසින්, දැඩි වෙහෙසින් මඩනා ලද්දේයයි කියමි.

3. ´´මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කණ කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සොත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සොත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනො විඤ්ඤාණය

කෙරෙහිද කලකිරෙයි. මනො සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනො සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුකද නොවූ, සැපද නොවූ යම් මේ වේදනාවක් උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුනේය යන දැනුම ඇතිවේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිමවන ලදී. කළයුතු දෙය කරණ ලදී. මේ ආත්ම භාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගණීය´´ යි (වදාළ සේක.)

_______________

6. ආදිත්ත සූත්‍රය.

6. ආදිත්ත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ගයා ශීර්‍ෂයෙහි භික්‍ෂූන් දහසක් හා සමග වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ඇමන්ත්‍රණය කළ සේක. ´´මහණෙනි, සියල්ල ඇවිලගන්නා ලද්දේ වෙයි. මහණෙනි, කවර නම් සියල්ලක් ඇවිලගන්නා ලද්දේ වේද?

2. ´´මහණෙනි, ඇස ඇවිලගන්නා ලද්දේ වෙයි. රූපයෝ ඇවිලගන්නා ලද්දාහ. චක්ඛු විඤ්ඤාණය ඇවිලගන්නා ලද්දේ වෙයි. චක්ඛු සම්ඵස්සය ඇවිලගන්නා ලද්දේ වෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද ඇවිලගන්නා ලද්දේ වෙයි. කුමකින් ඇවිල ගන්නා ලදද යත්? රාග ගින්නෙන්, ෙවෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ඇවිල ගන්නා ලදී. ජාතියෙන්, ජරා, මරණයෙන් ඇවිල ගන්නා ලදී. ශෝකයෙන්, හැඬීමෙන්, දුකින්, දොම්නසින්, දැඩිවූ වෙහෙසින් ඇවිල ගන්නා ලද්දේයයි කියමි.

´´මහණෙනි, කණ ඇවිලගන්නා ලද්දේ වෙයි. ශබ්දයෝ ඇවිලගන්නා ලද්දාහ. සෝත විඤ්ඤාණය ඇවිලගන්නා ලද්දේ වෙයි. සොත සම්ඵස්සය ඇවිලගන්නා ලද්දේ වෙයි. සොත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද ඇවිලගන්නා ලද්දේ වෙයි. කුමකින් ඇවිල ගන්නා ලදද යත්? රාග ගින්නෙන්, ෙවෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ඇවිල ගන්නා ලදී. ජාතියෙන්, ජරා, මරණයෙන් ඇවිල ගන්නා ලදී. ශෝකයෙන්, හැඬීමෙන්, දුකින්, දොම්නසින්, දැඩිවූ වෙහෙසින් ඇවිල ගන්නා ලද්දේයයි කියමි.

´´මහණෙනි, නාසය ඇවිලගන්නා ලදී. ගන්‍ධයෝ ඇවිලගන්නා ලද්දාහ. ඝාණ විඤ්ඤාණය ඇවිලගන්නා ලද්දේ වෙයි. ඝාණ සම්ඵස්සය ඇවිලගන්නා ලද්දේ වෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද ඇවිලගන්නා ලද්දේ වෙයි. කුමකින් ඇවිල ගන්නා ලදද යත්? රාග ගින්නෙන්, ෙවෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ඇවිල ගන්නා ලදී. ජාතියෙන්, ජරා, මරණයෙන් ඇවිල ගන්නා ලදී. ශෝකයෙන්, හැඬීමෙන්, දුකින්, දොම්නසින්, දැඩිවූ වෙහෙසින් ඇවිල ගන්නා ලද්දේයයි කියමි.

´´මහණෙනි, දිව ඇවිලගන්නා ලදී. රසයෝ ඇවිලගන්නා ලද්දාහ. ජිව්හා විඤ්ඤාණය ඇවිලගන්නා ලදී. ජිව්හා සම්ඵස්සය ඇවිලගන්නා ලද්දේය. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද ඇවිලගන්නා ලද්දේ වෙයි. කුමකින් ඇවිල ගන්නා ලදද යත්? රාග ගින්නෙන්, ෙවෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ඇවිල ගන්නා ලදී. ජාතියෙන්, ජරා, මරණයෙන් ඇවිල ගන්නා ලදී. ශෝකයෙන්, හැඬීමෙන්, දුකින්, දොම්නසින්, දැඩිවූ වෙහෙසින් ඇවිල ගන්නා ලද්දේයයි කියමි.

´´මහණෙනි, කය ඇවිලගන්නා ලද්දේ වෙයි. ස්පර්‍ශයෝ ඇවිලගන්නා ලද්දාහ. කාය විඤ්ඤාණය ඇවිලගන්නා ලද්දේ වෙයි. කාය සම්ඵස්සය ඇවිලගන්නා ලද්දේ වෙයි. කාය

සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද ඇවිලගන්නා ලද්දේ වෙයි. කුමකින් ඇවිල ගන්නා ලදද යත්? රාග ගින්නෙන්, ෙවෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ඇවිල ගන්නා ලදී. ජාතියෙන්, ජරා, මරණයෙන් ඇවිල ගන්නා ලදී. ශෝකයෙන්, හැඬීමෙන්, දුකින්, දොම්නසින්, දැඩිවූ වෙහෙසින් ඇවිල ගන්නා ලද්දේයයි කියමි.

´´මහණෙනි, සිත ඇවිලගන්නා ලද්දේ වෙයි. ධර්‍මයෝ ඇවිලගන්නා ලද්දාහ. මනොවිඤ්ඤාණය ඇවිලගන්නා ලද්දේ වෙයි. මනො සම්ඵස්සය ඇවිලගන්නා ලද්දේ වෙයි. මනො සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද ඇවිලගන්නා ලද්දේ වෙයි. කුමකින් ඇවිල ගන්නා ලදද යත්? රාග ගින්නෙන්, ෙවෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ඇවිල ගන්නා ලදී. ජාතියෙන්, ජරා, මරණයෙන් ඇවිල ගන්නා ලදී. ශෝකයෙන්, හැඬීමෙන්, දුකින්, දොම්නසින්, දැඩිවූ වෙහෙසින් ඇවිල ගන්නා ලද්දේයයි කියමි.

´´මහණෙනි, මෙසේ දක්නා ශ්‍රුතවත් ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.

´´මහණෙනි, මෙසේ දක්නා ශ්‍රුතවත් ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම කණ කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සොතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සොතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සොතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.

´´මහණෙනි, මෙසේ දක්නා ශ්‍රුතවත් ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ඝන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ

සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.

´´මහණෙනි, මෙසේ දක්නා ශ්‍රුතවත් ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.

´´මහණෙනි, මෙසේ දක්නා ශ්‍රුතවත් ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කායවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි.

´´මහණෙනි, මෙසේ දක්නා ශ්‍රුතවත් ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනොවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනොසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනොසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ´´ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළයුතු දෙය කරණ ලදී. මේ ආත්ම භාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගණීය´´ යි (වදාළ සේක.)

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය සතුටින් පිළිගත්තාහුය. මේ ප්‍රකාශය දේශනා කරණු ලබන කල්හි, ඒ දහසක් භික්‍ෂූන්ගේ සිත් උපාදාන රහිතව ආශ්‍රව කෙරෙන් මිදුනාහුය.

_______________

5. පරිජාන සූත්‍රය. (2)

5. පරිජාන සූත්‍රය. (2)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ´´ස්වාමීනි´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

2. ´´මහණෙනි, සියල්ල මනාව නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට නුසුදුසුවේ. මහණෙනි, කවර නම් සියල්ලක් මනාව නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, මාර්‍ගයෙන් පහනොකරන්නේ, දුක් නැසීමට නුසුදුසු වේද?´´

´´මහණෙනි, යම් ඇසකුත් වේද, යම් රූපයෝත් වෙත්ද, යම් චක්ඛු විඤ්ඤාණයකුත් වේද, යම් චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, යම් කණකුත් වේද, යම් ශබ්දයෝත් වෙත්ද, යම් සෝතවිඤ්ඤාණයකුත් වේද, යම් සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, යම් නාසයකුත් වේද, යම් ගන්‍ධයෝත් වෙත්ද, යම් ඝාණ විඤ්ඤාණයකුත් වේද, යම් ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, යම් දිවකුත් වේද, යම් රසයෝත් වෙත්ද, යම් ජිව්හා විඤ්ඤාණයකුත් වේද, යම් ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, යම් කයකුත් වේද, යම් ස්පර්‍ශයෝත් වෙත්ද, යම් කාය විඤ්ඤාණයකුත් වේද, යම් කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, යම් සිතකුත් වේද, යම් ධර්‍මයෝත් වෙත්ද, යම් මනො විඤ්ඤාණයකුත් වේද, යම් මනො විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, මහණෙනි, මේ සියල්ල වනාහි මනාව නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, මාර්‍ගයෙන් පහ නොකරන්නේ, දුක් නැසීමට නුසුදුසු වේ.

´´මහණෙනි, සියල්ල වනාහි මනාව දන්නේ, පිරිසිඳ දන්නේ, මාර්‍ගයෙන් පහකරන්නේ, දුක් නැසීමට සුදුසු වේ. මහණෙනි, කවර නම් සියල්ලක් මනාව දන්නේ, පිරිසිඳ දන්නේ, මාර්‍ගයෙන් පහ නොකරන්නේ, දුක් නැසීමට සුදුසු වේද, මහණෙනි, යම් ඇසකුත් වේද, යම් රූපයෝත් වෙත්ද, යම් චක්ඛු විඤ්ඤාණයකුත් වේද, යම් චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, යම් කණකුත් වේද, යම් ශබ්දයෝත්

වෙත්ද, යම් සෝතවිඤ්ඤාණයකුත් වේද, යම් සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, යම් නාසයකුත් වේද, යම් ගන්‍ධයෝත් වෙත්ද, යම් ඝාණ විඤ්ඤාණයකුත් වේද, යම් ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, යම් දිවකුත් වේද, යම් රසයෝත් වෙත්ද, යම් ජිව්හා විඤ්ඤාණයකුත් වේද, යම් ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, යම් කයකුත් වේද, යම් ස්පර්‍ශයෝත් වෙත්ද, යම් කාය විඤ්ඤාණයකුත් වේද, යම් කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, යම් සිතකුත් වේද, යම් ධර්‍මයෝත් වෙත්ද, යම් මනො විඤ්ඤාණයකුත් වේද, යම් මනො විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයෝත් වෙත්ද, මහණෙනි, මේ සියල්ල වනාහි මනාව දන්නේ, පිරිසිඳ දන්නේ, මාර්‍ගයෙන් පහ කරන්නේ, දුක් නැසීමට සුදුසු වේය´´ යි (වදාළ සේක.)

_______________

4. පරිජාන සූත්‍රය. (1)

4. පරිජාන සූත්‍රය. (1)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ´´ස්වාමීනි´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

2. ´´මහණෙනි, සියල්ල විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීමට සුදුසු නොවේ. මහණෙනි, කවර නම් සියල්ලක් විශෙෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීම නුසුදුසු වේද?´´

3. ´´මහණෙනි, ඇස විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීමට සුදුසු නොවේ. රූපයන් විශෙෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීම නුසුදුසු වේ. චක්ඛු විඤ්ඤාණය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. චක්ඛුසම්ඵස්සය විශෙෂයෙන් නොදන්නාවූ,

පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. චක්ඛුසම්ඵසස්ය නිසා යම් සැප වේදනාවක්, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශෙෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ.

´´මහණෙනි, කණ විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීමට සුදුසු නොවේ. ශබ්දයන් විශෙෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීම නුසුදුසු වේ. සොත විඤ්ඤාණය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. සොතසම්ඵස්සය විශෙෂයෙන් නොදන්නාවූ,

පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. සොතසම්ඵසස්ය නිසා යම් සැප වේදනාවක්, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශෙෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ.

´´මහණෙනි, නාසය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීමට සුදුසු නොවේ. ගන්‍ධයෝ විශෙෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීම නුසුදුසු වේ. ඝාණ විඤ්ඤාණය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. ඝාණසම්ඵස්සය විශෙෂයෙන් නොදන්නාවූ,

පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. ඝාණසම්ඵසස්ය නිසා යම් සැප වේදනාවක්, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ

වේදනාවක් හෝ උපදීද, එයද විශෙෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ.´´

´´මහණෙනි, දිව විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. රසයන් විශෙෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීම නුසුදුසු වේ. ජිව්හාවිඤ්ඤාණය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. ජිව්හාසම්ඵස්සය විශෙෂයෙන් නොදන්නාවූ,

පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. ජිව්හාසම්ඵසස්ය නිසා යම් සැප වේදනාවක්, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශෙෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ.

´´මහණෙනි, කය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. ස්පර්‍ශයන් විශෙෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීම නුසුදුසු වේ. කායවිඤ්ඤාණය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. කායසම්ඵස්සය විශෙෂයෙන් නොදන්නාවූ,

පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. කායසම්ඵසස්ය නිසා යම් සැප වේදනාවක්, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශෙෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ.´´

´´මහණෙනි, සිත විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. ධර්‍මයන් විශෙෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැති කිරීම නුසුදුසු වේ. මනොවිඤ්ඤාණය විශේෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. මනොසම්ඵස්සය විශෙෂයෙන් නොදන්නාවූ,

පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ. මනොසම්ඵසස්ය නිසා යම් සැප වේදනාවක්, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශෙෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්‍ගයෙන් පහ නොකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු නොවේ.´´

´´මහණෙනි, මේ වනාහි සියල්ල විශෙෂයෙන් නොදන්නාවූ, පිරිසිඳ නොදන්නාවූ, මාර්ගයෙන් පහනොකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසිමට සුදුසු නොවේ.

4. ´´මහණෙනි, සියල්ලද වනාහි විශෙෂයෙන් දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසිමට සුදුසුවේ. මහණෙනි, කවරනම් සියල්ලක් මනාව පිරිසිඳ දන්නාවූ, මාර්ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසිමට සුදුසුවේද?´´

´´මහණෙනි, ඇස මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, තැනැත්තේ දුක් නැසීමට සුදුසුවේ. රූපයන් මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. චක්‍ෂුර්විඤ්ඤාණය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. චක්ඛුසම්ඵස්සය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ.´´´

´´මහණෙනි, කණ මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, තැනැත්තේ දුක් නැසීමට සුදුසුවේ. ශබ්දයන් මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. සොතවිඤ්ඤාණය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. සොතසම්ඵස්සය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. සොතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ.´´´

´´මහණෙනි, නාසය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, තැනැත්තේ දුක් නැසීමට සුදුසුවේ. ගන්‍ධයන් මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. ඝාණවිඤ්ඤාණය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. ඝාණසම්ඵස්සය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ.´´´

´´මහණෙනි, දිව මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, තැනැත්තේ දුක් නැසීමට සුදුසුවේ. රසයන් මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. ජිව්හාවිඤ්ඤාණය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. ජිව්හාසම්ඵස්සය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට

සුදුසු වේ. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ.´´´

´´මහණෙනි, කය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, තැනැත්තේ දුක් නැසීමට සුදුසුවේ. ස්පර්‍ශයන් මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. කායවිඤ්ඤාණය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. කායසම්ඵස්සය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ.´´´

´´මහණෙනි, සිත මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, තැනැත්තේ දුක් නැසීමට සුදුසුවේ. ධර්‍මයන් මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. මනොවිඤ්ඤාණය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. මනොසම්ඵස්සය මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ, පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ. මනොසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද මනාව දන්නාවූ, පිරිසිඳ දන්නාවූ, මාර්‍ගයෙන් පහකරන්නාවූ පුද්ගල තෙමේ දුක් නැසීමට සුදුසු වේ´´´ යයි (වදාළ සේක.)

_______________

3. පහාණ සූත්‍රය. (2)

3. පහාණ සූත්‍රය. (2)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ´´ස්වාමීනි´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

2. ´´මහණෙනි, සියල්ල විශෙෂයයෙන් දැන, පිරිසිඳ දැන, දුරුකිරීම පිණිස තොපට ධර්‍ම දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සියල්ල විශෙෂයයෙන් දැන, පිරිසිඳ දැන, දුරුකිරීම පිණිස (පවත්නා) ධර්‍මය කවරේද?

´´මහණෙනි, ඇස විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. රූපයෝ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. චක්ඛු විඤ්ඤාණය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සුඛ වේදනාවක් හෝ, දුක්ඛ වේදනාවක් හෝ, අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි.

´´මහණෙනි, කණ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ශබ්දයෝ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. සොත විඤ්ඤාණය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන,

දුරු කටයුතුයි. සොත සම්ඵස්සය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. සොත සම්ඵස්සය නිසා යම් සුඛ වේදනාවක් හෝ, දුක්ඛ වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි.

´´මහණෙනි, නාසය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ගන්‍ධයෝ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. ඝාණ විඤ්ඤාණය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සුඛ වේදනාවක් හෝ, දුක්ඛ වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි.

´´මහණෙනි, දිව විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තීය. රසයෝ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. ජිව්හා විඤ්ඤාණය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සුඛ වේදනාවක් හෝ, දුක්ඛ වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි.

´´මහණෙනි, කය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. ස්පර්‍ශයෝ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. කාය විඤ්ඤාණය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. කාය සම්ඵස්සය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. කාය සම්ඵස්සය නිසා යම් සුඛ වේදනාවක් හෝ, දුක්ඛ වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි.

´´මහණෙනි, ඇස මඩනා ලද්දේ වෙයි. රූපයෝ මඩනා ලද්දේ වෙයි. චක්‍ෂුර් විඥානය මඩනා ලද්දේ වෙයි. චක්ඛු සම්ඵස්සය මඩනා ලද්දේ වෙයි. චක්ඛුසම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක්

උපදීද, එයද මඩනා ලද්දේ වෙයි. කුමකින් මඩනා ලද්දේද, ජාතියෙන් ජරා මරණයෙන් මඩනා ලදී. ශෝකයෙන් හැඬීමෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසින්, දැඩි වෙහෙසින් මඩනා ලද්දේ වෙයි.´´

´´මහණෙනි, සිත විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. ධර්‍මයෝ විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුත්තාහ. මනො විඤ්ඤාණය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. මනො සම්ඵස්සය විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. මනො සම්ඵස්සය නිසා යම් සුඛ වේදනාවක් හෝ, දුක්ඛ වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද විශේෂයෙන් දැන, පිරිසිඳ දැන, දුරු කටයුතුයි. මහණෙනි, මේ වනාහි සියල්ල දුරුකිරීම පිණිස (පවත්නාවූ) ධර්‍මය වේය´´ යි (වදාළ සේක.)

_______________

2. පහාණ සූත්‍රය

2. පහාණ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ´´ස්වාමීනි´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

2. ´´මහණෙනි, සියල්ල පහකිරීම පිණිස තොපට ධර්‍ම දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සියල්ල පහකිරීම පිණිසවූ ධර්‍මය කවරේද?

´´මහණෙනි, ඇස දුරු කටයුතුයි. රූපයෝ දුරු කටයුත්තාහ. චක්ඛු විඤ්ඤාණය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, සැපද නොවූ, දුක්ද නොවූ වේදනාවක් හෝ උපදීද, එයද දුරු කටයුතුයි.

´´මහණෙනි, කණ දුරු කටයුතුයි. ශබ්දයෝ දුරු කටයුත්තාහ. සොත විඤ්ඤාණය දුරු කටයුතුයි. සොත සම්ඵස්සය දුරු කටයුතුයි. සොත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, සැපද නොවූ, දුක්ද නොවූ වේදනාවක් හෝ උපදීද, එයද දුරු කටයුතුයි.

´´මහණෙනි, නාසය දුරු කටයුතුයි. ගන්‍ධයෝ දුරු කටයුත්තාහ. ඝාණ විඤ්ඤාණය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, සැපද නොවූ, දුක්ද නොවූ වේදනාවක් හෝ උපදීද, එයද දුරු කටයුතුයි.

´´මහණෙනි, දිව දුරු කටයුතුයි. රසයෝ දුරු කටයුත්තාහ. ජිව්හා විඤ්ඤාණය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, සැපද නොවූ, දුක්ද නොවූ වේදනාවක් හෝ උපදීද, එයද දුරු කටයුතුයි.

´´මහණෙනි, කය දුරු කටයුත්තාහ. ස්පර්‍ශයෝ දුරු කටයුත්තාහ. කාය විඤ්ඤාණය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, සැපද නොවූ, දුක්ද නොවූ වේදනාවක් හෝ උපදීද, එයද දුරු කටයුතුයි.

´´මහණෙනි, සිත දුරු කටයුතුයි. ධර්‍මයෝ දුරු කටයුත්තාහ. මනො විඤ්ඤාණය දුරු කටයුතුයි. මනො සම්ඵස්සය දුරු කටයුතුයි. මනො සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, සැපද නොවූ, දුක්ද නොවූ වේදනාවක් හෝ උපදීද, එයද දුරු කටයුතුයි. මහණෙනි, මේ වනාහි සියල්ල දුරුකිරීම පිණිසවූ ධර්‍මය වේය´´ යි (වදාළ සේක.)

______________

1. සබ්බ සූත්‍රය

සබ්බ වර්‍ගය.

_____

1. සබ්බ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´´මහණෙනි,´´ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ´´ස්වාමීනි´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

2. ´´මහණෙනි, නුඹලාට සියල්ල දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සියල්ල කවරේදයත්? ඇසද, රූපයෝද, කණද, ශබ්දයෝද, ඝ්‍රාණයද, ගන්‍ධයෝද, දිවද, රසයෝද, කයද, ස්පර්‍ශයෝද. සිතද, ධර්‍මයෝද, මහණෙනි, මේ සියල්ලයයි කියනු ලැබේ.

3. ´´මහණෙනි, යමෙක් ´මම සියල්ල හැර අන්‍යවූ සියල්ලක් පණවන්නෙමියි මෙසේ කියන්නේද, ඔහුගේ ඒ කීම වචන මාත්‍රයක්ම වන්නේය. අනික් සියල්ලක් ඇද්දැයි

විචාරණ ලද්දේ මෙනම් සියල්ලයයි වචනයෙන් පැමිණීමට නොහැකි වන්නේය. වඩාත් වෙහෙසට පැමිණෙන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, විෂය නොවූවෙක්හි යම්සේද, එසේ විෂය නොවන හෙයිනි´´ යි (වදාළ සේක.)

_______________