1. වජ්ජ සූත්‍රය.
1. ´´මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි, භාග්‍යවතුන් වහන්සේ, ´මහණෙනි,´ යි කියා භික්ෂූන් ඇමතූහ. ´ස්වාමීනි´ යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.