නන්‍ද සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවු අනේපිඩු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ගේ මවගේ සහෝදරියගේ පුත්‍රවූ ආයුෂ්මත් නන්‍ද ස්ථවීරතෙම පඬු පොවන ලද සිවුරු පොරවා ඇස් අඳුන් ගා පැහැපත් පාත්‍රයක් ගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනක් හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවු ආයුෂ්මත් නන්ද ස්ථවිරයන් හට වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙය කීසේක.

2. නන්දය නුඹ යම් පඬු පොවන ලද සිවුරු පොරවන්නේ වෙහිද ඇස් අඳුන් ගානා ලද්දේ වෙහිද පැහැපත් පාත්‍රයක් දරන්නේ වෙහිද තාගේ එය වනාහි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවූ කුල පුත්‍රයෙකුහට සුදුසු නොවේ. නන්දය මෙසේ වනාහි නුඔ ආරණ්‍යකයෙක් වන්නේ වෙහිද පිණ්ඩපාතිකයෙක් වන්නේ වෙහිද පංසුකූලිකයෙක් වන්නේ වෙහිද කාමයන්හි අපේක්ෂා රහිතව වාසය කරන්නේ වේද තාගේ (එය වනාහි) ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවැදිවූ කුල පුත්‍රයෙකුහට සුදුසුවේ යයි දාළ සේක.

3. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කල සේක. මෙය දේශනා කොට ඊට අනතුරුව මේ ගාථාව දේශනා කළ සේක.

1. ආරණ්‍යකවූ පංසුකූලිකවූ පිණ්ඩපාතයෙන් යැපෙන්නාවූ කාමයන්හි අපේක්ෂාවක් නැත්තාවූ නන්දයන් මම කවදා දකින්නේම්ද.

ඉක්බිති ආයුෂ්මත් නන්ද පසු කලක ආරණ්‍යකයෙක්ද පංසුකූලිකයෙක්ද පිණ්ඩපාතිකයෙක්ද වූයේය. කාමයන්හිද අපේක්ෂා නැත්තේ වාසය කළේය.

(අටවෙනි නන්ද සූත්‍රය නිමි.)

තිස්ස සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවු අනේපිඩු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේගේ පියාගේ සහෝදරියගේ පුත්‍රවූ ආයුෂ්මත් තිස්ස ස්ථවීරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනක්හිද එතැන්හි පැමිනියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ දුක් වෙමින් නොසතුටු සිත් ඇතිව කඳුලු වගුරුවමින් එක් පැත්තක හුන්නේය.

2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් තිස්ස මහණහට මෙය වදාලේය. තිස්සය කිමෙක්ද නුඔ දුක්ව නොසතුටුව සිත් ඇතිව කඳුලු වගුරුවමින් එක් පැත්තක හුන්නේහිද. ස්වාමිනි භික්ෂුහු මට හාත්පසින් වචන නැමැති කෙවිටින් නිතර අනින්නාහුය යි කීය. තිස්ස එය එසේමය. නුඹ වනාහි කියන්නෙහිය. කියන වචන නොයිවසන්නේහිය. නුඹ යම් හෙයකින් කියන්නේ වෙහිද කියන වචන නොයිවසන්නේ වෙහිද තිස්සය මෙය වනාහි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවූ කුලපුත්‍රයන් හට සුදුසු නොවේ. නුඹ යම් හෙයකින් කියන්නේ වෙහිද කියන වචන ඉවසන්නේ වෙහිද තිස්සය මෙය වනාහි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවූ කුලපුත්‍රයන් හට සුදුසුය.

3. භාග්‍යවතුන්වහන්සේ මෙය දේශනා කල සේක. මෙය දේශනාකොට ඉට අනතුරුව මේ ගාථාව දේශනාකළ සේක. කවර හෙයින් කිපෙන්නේහිද. නොකිපෙව. තිස්සය නුඹට ක්‍රොධ නොකිරීම ශ්‍රෙෂ්ඨය. තිස්සය ක්‍රොධය මානය සහ ගුණමකු බව නැති කරනු සඳහා බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරේයයි වදාළසේක.

(නවවෙනි තිස්ස සූත්‍රය නිමි)

සහාය සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවු අනේපිඩු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. ඉක්බිති ආයුෂ්මත් මහා කප්පින්න තෙරුන්ගේ සෘද්ධි විහාරිකවූ මිත්‍ර භික්ෂුන් දෙනමක් වනාහි භාග්‍යවතුන් වහන්සේ යම් තැනක් හිද එතැන්හි පැමිණියාහුය. භාග්‍යවතුන් වහන්සේ එන්නාවූ ඒ භික්ෂුන් දුරදීම දුටු සේක. දැක භික්ෂුන් ඇමතූසේක.

2. මහණෙනි, තෙපි එන්නාවූ මහා කප්පින්න තෙරුන් ගේ සෘද්ධි විහාරිකයන්වූ ඒ මිත්‍ර මහණුන් දෙනම දක්නහුද එසේය ස්වාමීනි. මහණෙනි, ඒ මහනුන් දෙනම වනාහි මහත්වූ සෘද්ධියෙන් යුක්ත වූවෝය. මහත්වූ ආනුභාවයෙන් යුක්තවූවෝය. ඒ මහණුන් විසින් සමනොවදින ලද විරූ යම් සමාපත්තියක් වේද එවැනි සමා පත්තියක් සුලබ නොවේ. යමක් සඳහා කුල පුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද මාර්‍ග බ්‍රහ්මචය්‍යාව අවසානකොට ඇත්තාවූ ඒ උතුම් අර්‍ථය මේ ආත්මයෙහිදී තෙමේම දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කෙරෙත් යයි. වදාළසේක.

3. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. දේශනාකොට ඊට අනතුරුව මේ ගාථාවන් දේශනා කළසේක.

1. මේ මිත්‍ර භික්ෂුන් දෙනම වනාහි බොහෝ කාලයක් මුඑල්ලෙහි එක්වූවාහුය. මොවුන් හට බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ සද්ධර්මය ඒකාන්තයෙන් ගැලපෙයි.

2. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනාකරන ලද සද්ධර්මයෙහි මේ මහණුන් දෙනම ) මහා කප්පින්න තෙරුන් විසින් මනාකොට හික්මවන ලදහ. සේනාව සහිතවූ මාරයා දිනා අන්තිම දේහයශරීරය) දරත්යයි වදාලසේක.

(දොලොස්වෙනි සහාය සූත්‍රය නිමි)

(කෝලිත සූත්‍රය , සාරිපුත්ත සූත්‍රය, ඝට සූත්‍රය , නව සූත්‍රය, සුජාත සූත්‍රය, භද්දිය සූත්‍රය, විසාඛ සූත්‍රය, නන්ද සූත්‍රය, තිස්ස සූත්‍රය, ථෙර සූත්‍රය, කප්පින්න සූත්‍රය සහ සහාය සූත්‍රය දැයි මේ සංයුතයෙහි සූත්‍ර දොළසකි.)

(භික්ඛු සංයුතය නිමි)

(මේ නිදාන වර්‍ගයෙහි අභිසමය, ධාතු, අනමතග්ග, කස්සප, ලාභ සත්කාර, රාහුල, ලක්ඛණ, ඒපම්ම සහ භික්ඛු සංයුත්තයයි කියා සංයුත්ත නවයක් වේ.

(නිදාන වර්‍ගය නිමි)

කප්පින්න සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවු අනේපිඩු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. ඉක්බිති ආයුෂ්මත් මහා කප්පින්න ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනක්හිද එතැන්හි පැමිණියේය. භාග්‍යවතුන් වහන්සේ එන්නාවූ ආයුෂ්මත් මහා කප්පින්න තෙරුන් දුරදීම දුටු සේක. දැක භික්ෂුන් හට කථාකල සේක.

2. මහණෙනි, තෙපි එන්නාවූ සුදුපැහැයෙන් යුක්තවූ සිහින්වූ උස්වූ නැහැයෙන් යුක්තවූ ඒ මහණ දක්නාහුද එසේය ස්වාමීනි, මහණෙනි, ඒ මහණතෙම වනාහි මහත්වූ සෘද්ධි ඇත්තේය. මහත්වූ ආනුභාව ඇත්තේය. ඒ භික්ෂුව විසින් සමනොවදින ලද විරූ යම් සමාපත්තියක් වේද එවැනි සමාපත්තියක් සුලබ නොවේ. යමක් සඳහා කුල පුත්‍රයෝ මනාකොට ගහිගෙයින් නික්ම ශාසනයෙහි පැවැදි වෙත්ද මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව අවසානකොට ඇත්තාවූ ඒ උතුම් අර්‍ථය මේ ාත්මයෙහිදී තෙමේම දැන ප්‍රත්‍යක්ෂකාට ඊට පැමිණ වාසය කෙරෙයි කියායි.

3. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කල සේක. දේශනාකොට ඊට අනතුරුව මේ ගාථාවන් දේශනා කලසේක.

1. ගෝත්‍ර සොයන්නාවූ යම් සත්වයෝ වෙත්ද ඔවුන් කෙරෙහි ක්ෂත්‍රිය තෙම ශ්‍රෙෂ්ඨ වෙයි. දෙවි මිනිසුන් කෙරෙහි අෂ්ට විද්‍යා පසලොස් චරණධර්මයන් ගෙන් යුක්ත තැනැත්තේ ශ්‍රෙෂ්ඨ වෙයි.

2. සූර්යා දවල් බබලයි. චන්ද්‍රයා රෑ බබපයි. ක්ෂත්‍රිය තෙම සන්නාහසන්නද්ද වූයේ බබලයි. ක්ෂිණාශ්‍රව තෙම ධ්‍යානයෙන් යුක්ත වූයේ බබලයි. එහෙත් බුදුරජානන් වහන්සේ දිවා රෑ දෙක්හිම තේජසින් බබලන සේක්.

(එකොලොස් වෙනි කප්පින්න සූත්‍රය නිමි)

ථෙරනාම සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම්වූ වේඑවනයෙහි (හුණ වනයෙහි) වාසය කරන සේක. එසමයෙහි වනාහි ථෙරනම් එක්තරා භික්ෂුවක් තෙම තනියම වාසය කරන්නේද තනියම වාසය කිරීමෙහි ගුණ කියන්නේ වෙයි. ඒ මහණතෙම තනියම ගමට පිණ්ඩපාතයේ යයි. තනියම ආපසු එයි. තනියම රහසිගතව හිඳියි. තනියම සක්මන් කෙරෙයි.

2. ඉක්බිති බොහෝ භික්ෂුහු වනාහි භාග්‍යවතුන් වහන්සේ යම් තැනක් හිද එතැන්හි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නාහුය. එක් පැත්තක හුන්නාවූ ඒ භික්ෂුහු වනාහි භාග්‍යවතුන් වන්සේට මය කීවාහුය. ස්වාමීනි, මෙහි ථෙරනම් එක්තරා ශික්ෂුවක් තනියම හැසැරෙන්නේ තනියම හැසැරීමේ ගුණද කියන්නේය කියායි.

3. ඉක්බිති භාග්‍යතුන් වහන්සේ වනාහි එන්කරා භාක්ෂුවක් හට කථා කළ සේක. මහණ නුඹ (මෙහි) එව මාගේ වචනයෙන් ඒ මහණහට කථා කරව. ඇවැත භාග්‍යවතුන් වහන්සේ නුඹට කථා කරන සේකැයි කියායි. එසේය ස්වාමීනි කියා ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තරදී ඒ ථෙරනම භික්ෂුව යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ ඒ මහණහට මෙය කීයේය. ඇවැත භාග්‍යවතුන් වහන්සේ නුඹට කථාකරන සේකැයි කියායි. ඇවැත එසේයයි ඒ ථෙරනම් මහණතෙම වනාහි ඒ මහණහට පිළිතුරුදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ ථෙරනම් මහණහට වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කල සේක.

4. ථෙරය නුඹ තනියම වාසය කරන්නේ තනියම වාසය කිරීමෙහි ගුණ කියන්නේ යනු සැබෑද?

එසේය ස්වාමීනි,

ථෙරය නුඹ කෙසේ වනාහි තනියම වාසය කරන්නේ තනියම වාසය කිරීමෙහි ගුණ කියන්නේද?

ස්වාමීනි, මම මෙහි තනියම ගමට පිණ්ඩපාතයේ යමි. තනියම ආපසු එමි. තනියම රහසිගතව හිඳිමි. තනියම සක්මන් කරමි. ස්වාමිනි මෙසේ වනාහි මම තනියම වාසය කරන්නේද තනියම වාසය කිරීමෙහි ගුණ කියන්නේද වෙමියි කියේය.

5. ථෙරය මේ ශාසනයෙහි මේ තනිව වාසය කිරීම ඇත්තේය. එය නැත්තේ යයි නොකියමි. එහෙත් ථෙරය යම්සේ වනාහි තනිව වාසය කිරීම විස්තර වහයෙන් සම්පූර්න වූයේ වේද එය අසව මනාකොට මෙනෙහි කරව. කියන්නෙමියි වදාළසේක. ස්වාමීනි. එසේයයි කියා ඒ තෙරනම් භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය.

6. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කල සේක. ථෙරය කෙසේ වනාහි තනිව වාසය කිරීම විස්තර වශයෙන් සම්පූර්න වූයේ වේද ථෙරය මෙහි අතීත කාලයෙහිවූ පඤ්චස් කන්ධයෙහි යම් ඡන්ද රාගයක් වූයේද එය ප්‍රහීණ කරන ලද්දේද අනාගතයෙහි වන්නාවූ පඤ්චස් කන්ධයෙහි යම් ඡන්ද රාගයක් වූයේද එය බැහැර කරන ලද්දේ වර්ථමාන ආත්මභාව ප්‍රතිලාභයෙහිවූ ඡන්දරාගය මනාකොට හික්මවන (නසන) ලද්දේවේද ථෙරය මෙසේ වනාහි තනිව වාසය කිරීම විස්තර වහයෙන් සම්පූර්ණවූයේ වේයයි වදාලසේක.

7. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කල සේක. දේහනාකොට ඊට අනතුරුව භාගයවතුන් වහන්සේ මේ ගාථාව වදාළසේක.

(ස්කන්ධ) ආයතන ධාතු සහ ත්‍රිවිධ භවය යන සියල්ල යට කොට සිටියාවූ ස්කන්ධාදී සියලු ධර්මයන් දත්තාවූ ස්කන්ධාදී සියලු ධර්මයන්හි තණ්හාදෘෂ්ටි වශයෙන් නොඇලුනාවූ ඒ සියලු ධර්මයන් දුරුකළාවූ නණ්හාව ක්ෂය කිරීමෙන් නිවන් අවබෝධ කලාවූ ඒ පණ්ඩිත මනුෂ්‍යතෙම තනිව වාසය කරන්නේ යයි මම කියමියි වදාළසේක.

(දසවෙනි ථෙරනාම සූත්‍රය නිමි)

විසාක සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාගයවතුන් වහන්සේ විසාලා මහ නුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වාසය කරන සේක. එසමයෙහි වනාහි පඤ්චාලි පුත්‍ර ආයුෂ්මත් විශාඛ ස්ථවීරතෙම උපස්ථාන ශාලාවෙහිදී ගැමි නොවූ පැහැදැළිවූ කෙළතොඑ නොවූ අර්‍ථ හැඟවිමට පොහොසත්වූ චතුරාය්‍ර්‍ය සත්‍යයෙන් යුක්තවූ ලෞකික දේ ඇසුරු නෙකළාවූ වචනයෙන් ධර්‍මකථාවෙන් භික්ෂුන් හට කරුණු දක්වයි. (ඔවුන් එහි) සමාදන් කරවයි. තියුණු කරවයි. සතුටු කරවයි.

2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේක ස්ථානයෙන් නැගී සිටියේ උපස්ථාන ශාලාව යම් තැනෙක්හිද එතැන්හි වැඩිසේක. වැඩ පණවන ලද ආසනයෙහි වැඩහුන් සේක. වැඩහුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි භික්ෂුන්ට කථාකළසේක.

මහණෙනි, කවරෙක් වනාහි උපස්ථාන ශාලාවෙහිදී ගැමි නොවූ පැහැදිළිවූ කෙළතොඑ නොවූ අර්‍ථය හැගවීමට පොහොසත්වු චතුරාය්‍ර්‍යසත්‍යයෙන් යුක්තවූ ලෞකික දේ ඇසුරු නොකලාවු වචනයෙන් ධර්ම කථාවෙන් භික්ෂුන්ට කරුණු දක්වයි. (ඔවුන් එහි ) සමාදන් කරවයිද තියුණු කරවයිද සතුටු කරවයිද කියායි.

3. ස්වාමීනි, පඤ්චාලි පුත්‍රවූ ආයුෂ්මත් විසාඛ ස්ථවීරතෙම උපස්ථාන ශාලාවෙහිදී ගැමිනොවූ පැහැදිළිවූ කෙළතොඑ නොවූ අර්‍තය හැගවීමට පොහොසත් වූ චතුරාය්‍ර්‍ය සත්‍යයෙන් යුක්තවූ ලෞකික දේ ඇසුරු නෙකළාවූ වචනයෙන් ධර්ම කථාවෙන් භික්ෂුන් හට කරුණු දක්වයි. ඔවුන් එහි සමාදන් කරවයි. තියුනු කරවයි සතුටු කරවයි කියා කීයේය.

4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පඤ්චාලිපුත්‍රවූ ඇවැත් විසාඛහට ඇමතූසේක. සාධු සාධු විසාඛය විසාඛය නුඹ වනාහි මැනවි. ගැමි නොවූ පැහැදිළිවූ කෙළතොඑ නොවූ අර්‍ථය හැ්ගවීමට පොහොසත්වූ චතුරායයූ සත්‍යයෙන් යුක්තවූ ලෙ1කික දේ ඇසුරු නොකළාවූ වචනයෙන් ධර්ම කථිවෙන් භික්ෂුන් හට කරුණු දක්වයි. ඔවුන් එහි සමාදන් කරහි තියුණු කරහි සතුටු කරහියි වදාලසේක.

5. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කල සේක. මෙය දේශනාකොට ඊට අනතුරුව මේ ගාථාවන් දේශනා කළ සේක.

1. බාලයන් හි සමග මිශ්‍රවූ පණ්ඩිතයා කථා නොකරනතාක් නොදනිත්. අමෘත පදය දේශනා කළ කල්හිම දනිත්.

2. ධර්මය කියන්නේය. පතුරුවන්නේය. සෘෂින් ගේ ධජය (අරිහත් ධජය) ඔසවන්නේය. සෘෂිහු සුභාෂිතය ධජය (කොඩිය) කොට ඇත්තෝය. සෘෂින්ගේ ධජය වනාහි ධර්මයයි.

(හත්වෙනි විසාඛ සූත්‍රය නිමි.)

භද්දිය සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවු අනේපිඩු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. ඉක්බිති ආයුෂ්මත් ලකුණ්ඨක භද්දිය ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය.

2. භාග්‍යතුන් හන්සේ එන්නාවු ආයුෂ්මත් ලකුණ්ඨක භද්දිය ස්ථවීරයන් දුරදීම දුටුසේක. දැක මහණුන් හට කථාකල සේක. මහණෙනි, තෙපි වනාහි එන්නාවූ දුර්වර්ණවූ විරූපිවූ මිටිවූ භික්ෂුන්ගේ හෙලාදැක්මට භාජනවූ මේ මහණතෙම දකිව්ද?

එසේය ස්වාමීනි,

3. මහණෙනි, මේ මහණතෙම වනාහි මහත්වූ සෘද්ධි ඇත්තේය. මහත්වූ ආනුභාව ඇත්තේය. ඒ මහණහු විසින් සමනොවැදුනු විරූ යම් සමාපත්තියක් වේද එවැනි සමාපත්තියක් සුලභ නොවේ. යමක් සඳහා කුල පුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව අවසානකොට ඇත්තාවූ ඒ උතුම් අර්‍ථය මේ ආත්මයෙහිදී තෙමේම දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කෙරෙයි කියායි.

4. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කල සේක. දේහනාකොට ඊට අනතුරුව මේ ගාථාවන් දේශනා කළ සේක.

1. කයෙහි සමානත්වයක් නැත්තාවු හංසයෝද කොස්වා ළිහිණියෝද මොනරුද ඇත්තුද පසද නම් මුවෝද යන සියල්ලොම සිංහයාට බිය වෙති.

2. එසේම වනාහි මිනිසුන් අතුරෙහි නුවණ ඇත්තාවූ තැනැත්තේ වනාහි ළදරු වූයේ නමුත් ඒ කාරනනේ මහත් වෙයි. ශරීරය ඇත්තේ වී නමුත් ශරීරය ඇත්තේ වී නමුක්. බාල තෙම මහත් නොවේයයි වදාල සේක.

(හයවෙනි භද්දිය සූත්‍රය නිමි.)

සූජාත සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවු අනේපිඩු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. ඉක්බිති ආයුෂ්මත් සුජාත ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනක්හිද එතැන්හි පැමිණියේය.

2. භිග්‍යවතුන් වහන්සේ එන්නාවූ ආයුෂ්මත් සුජාත තෙරුන් දුරදීම දුටුසේක. දැක භික්ෂුන් හට කථාකල සේක. මහණෙනි, මේ කුලපුත්‍රතෙම අඞග දෙකකින් හොබනේය. එනම් විශිෂ්ට රූප ඇත්තේය. දැකුමට ප්‍රියවූ රූප ඇත්තේය. ප්‍රසාද එළවන්නේය. උතුම් වර්‍ණ සෞන්දය්‍ර්‍යයෙන් යුක්ත වූයේය යන යමක් වේද යමක් සඳහා කුල පුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව අවසානකොට ඇති ඒ උතුම් අර්‍ථය මේ ආත්මයෙහිදී තෙමේම දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කෙරෙයිද යන මේ අඞග දෙකිනි.

3. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කල සේක. මෙය දේශනාකොට ඊට අනතුරුව මේ ගාථාව දේශනා කළ සේක.

1. මේ මහණතෙම සෘජුව සිතින් ඒකාන්තයෙන් හොබනේය. කෙලෙසුන්ගෙන් මිදඅනාවූ ආශ්‍රවයන්ගෙන් වෙන්වූ අනුපදිශෙෂ නිර්‍වාණ ධාතුවෙන් පිරිනිවියාවූ මේ සුජාත මහණතෙම පිරිවර සහිත මාරයා දිනා අන්තිම දේහය (ශරීරය) දරායයි වදාළ සේක.

(පස්වෙනි සුජාත සූත්‍රය නිමි)

නව සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවු අනේපිඩු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එසමයෙහි වනාහි එක්තරා නවක (අලුත්) භික්ෂුවක් සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ විහාරයට පැමිණ ස්වල්ප උත්සාහ ඇත්තේ තුෂ්නිම්භූතවූයේ වාසය කෙරෙයි. සිවුරු කරන සමයෙහි මහණුන්හට වතාවත් නොකෙරෙයි.

2. ඉක්බිති බොහෝ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනක්හිද එතැන්හි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නාහුය. එක් පැත්තක හුන්නාවු ඒ භික්ෂුහු වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය. ස්වාමීනි, මේ ශාසනයෙහි එක්තරා නවක (අලුත්) භික්ෂුවක් සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ වෙහෙරට පැමිණ සවල්ප උත්සාහ ඇත්තේ තුෂ්ණිම්භූත වූයේ වාසය කෙරෙයි. සිවුරු කරන සමයෙහි මහණුන් හට වතාවත් නොකෙරෙයි කියායි.

3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වනාහි එක්තරා භික්ෂුවක් හට කථාකල සේක. මහණ නුඹ (මෙහි) එව. මාගේ වචනයෙන් ඒ මහණහට කථා කරව. ඇවැත ශාස්තෲන් වහන්සේ නුඹට කථා කරනසේකැයි කියායි. එසේය ස්වාමීනි යි කියා ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී ඒ අලුත් භික්ෂුව යම් තැනක් හිද එතැන්හි පැමිණියේය. පැමිණ ඒ මහනහට මෙය කීයේය. ඇවැත ශාස්තෲන් වහන්සේ නුඹට කථා කරන සේකැයි කියායි. ඇවත එසේය යි ඒ මහණතෙම වනාහි ඒ මහණහට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ යම් තැනක් හිද එතැන්හී පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තන හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ මහනහට වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

4. මහණ නුඹ සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ වෙහෙරට පිවිස ස්වල්ප උත්සාහ ඇත්තේ තුෂ්නිම්භූත වූයේ වාසය කෙරෙහිය. සිවුරු කරන සමයෙහි මහණුන් හට වතාවත් නොකෙරෙහිය යනු සැබැද ස්වාමීනි, මම වනාහි තමාගේ කාත්‍යය කරමි. යි කීයේය.

5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ නවක මහණහුගේ සිත තමන්වහන්සේගේ සිතින් දැන භික්ෂුන් හට කථා කළ සේක. මහණෙනි, තෙපි මේ නවක මහණහට නූගුණ නොකියව් මහණෙනි, මේ මහණතෙම වනාහි උසස් සිත ඇසුරු කළාවූ ඉහාත්මයෙහි සැප විහරණයවූ සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන්නෙක්, නිදුකින් ලබන්නෙක් පහසුවෙන් ලබන්නෙක් වන්නේය. යමක් සඳහා කුල පුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවැදි වෙත්ද මාර්‍ග බ්‍රහ්මචය්‍යර්‍ාව අවසානකොට ඇති ඒ අනුත්තර අර්‍ථය මේ ආත්මයේදීම තෙමේම දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කෙරේ යයි වදාළ සේක.

6. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කල සේක. දේශනාකොට ඊට අනතුරුව මේ ගාථා දේශනා කළ සේක.

1. ලිහිලිවූ වීය්‍ර්‍යය කොට ස්වල්ප උත්සාහයකින් සියලු කෙලෙස් ගැට මුදන්නාවූ මේ නවර්‍ාණයට පැමිණිය නොහැක්කේය.

2. මේ නවක මහණතෙම මේ උත්තම පුරුෂ තෙම සේනාව සහිතවූ මාරයා දිනා අන්තිම දේහය (ශරීරය) දරායයි වදාළසේක.

(සතරවෙනි නව සූත්‍රය නිමි)

ඝට සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය නරන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවීරතෙමේද ආයුෂ්මත් මහා මෙග්ගල්ලාන ස්ථවීර තෙමේද රජගහ නුවර සමීපයෙහි වූ කලන්දකනිවාප නම් ලත් වේඑවනාරාමයෙහි එකම කාමරක වාසය කෙරෙති.

2. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවීරතෙමේ සවස් කාලයෙහි විවේක ස්ථානයෙන් නැගී සිටියේ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් යම් තැනක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවීරයන් හා සමග සතුටු විය. සතුටුවිය යුතුවූත් සිහිකට යුතුවූත් කථාව නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවීර තෙමේ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් හට මෙය කියේය. ඇවැත් මොග්ගල්ලානය ඔබගේ ඉද්‍රියයෝ අතිශයින් ප්‍රසන්නවූවාහුය. මුහුණෙ වර්ණය පිරිසිදු වූයේය. අතිශයින් පිරිසිදු වූයේය. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙම ඒකාන්තයෙන් අද ශාන්තවූ විහරණයකින් වාසය කලේය කියායි.

3. ඇවැත්නි, මම වනාහි අද ඕලාරිකවූ විහරණයකින් වාසය කෙලෙමි. මාගේ ධර්ම කථාවක් විය. ආයුෂමත් මහා මොග්ගල්ලානයන්ගේ ධර්ම කථාව කා සමග වූයේද. ඇවැත්නි මාගේ ධර්ම කථාව භාග්‍යවතුන් වහන්සේ හා සමග වූයේය. ඇවැත්නි දැන් වනාහි භාග්‍යවතුන් වහන්සේ දුරවූ සැවැත් නුවර ජේතවනයෙහිවූ අනේපිඩු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.

4. කිමෙක්ද ආයුෂ්මත් මහා මොග්ගල්ලානතෙම සෘද්ධියෙන් භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේද නැතහොත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වෙත සෘද්ධියෙන් වැඩිසේක්ද ඇවැත්නි මම වනාහි සෘද්ධියෙන් භාග්‍යවතුන් වහන්සේ කරා නාපැමිණියෙමි භාග්‍යවතුන් වහන්සේ හෝ මා කරා සෘද්ධියෙන් නොවැඩි සේක. එහෙත් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද ඒ තාක් මාගේ දිව්‍ය ඇසද දිව්‍ය කණද පිරිසිදු විය. මා යම් තැනක් හිද ඒ තාක් භාග්‍යවතුන් වහන්සේ ගේත් දිව්‍ය ඇසද දිව්‍ය කණද පිරිසිදු විය.

5. ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන්ගේ භාග්‍යවතුන් වහන්සේ හා කෙබඳු ධර්‍ම කථාවක් විද ඇවැත්නි මෙහිදී මම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයෙමි.

ස්වාමිනි, පටන්ගන්නාලද වීය්‍ර්‍යය අත්තේය. පටන් ගන්නා ලද විය්‍ර්‍යය ඇත්තේයයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමනකින් වනාහි පටන් ගන්නා ලද වීය්‍ර්‍යය ඇත්තේක් වන්නේද කියායි. ඇවැත්නි මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ මට මොග්ගල්ලානය, ශරීරයෙහි සමද නහරද ඇටද ඉතිරි වේවා මස් ලේ වියලේවා. පුරිසථාමයෙන් පුරුෂ වීය්‍ර්‍යයෙන් පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යතු යමක් වේද එයට නොපැමින විය්‍ර්‍යයාගේ බහා තැබීමක් නොවන්නේ යයි මේ ශාසනයෙහි මහණතෙම පටන් ගන්නා ලද වීය්‍ර්‍ය ඇතිව වාසය කෙරේ. මොග්ගල්ලානය මෙසේ වනාහි පටන් ගන්නා ලද වීය්‍ර්‍යය ඇත්තේ වේයයි වදාළේය.

ඇවැත්නි මෙසේ වනාහි භාග්‍යවතුන් වහන්සේ හා සමග මාගේ ධර්‍ම කථාව විය.

6. ඇවැත්නි යම් සේ වනාහි කුඩාවූ කැට කැබිලිති හිමාලය පර්‍වතරාජයා හා සම නොවන බව දැක්වීම සඳහා උපමාවට පමණක් ගන්නේද එසේම අපි ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් හා උපමා කිරීමට පමණක් සෑහෙන්නෙමු. ආයුෂ්මත් මහා මොග්ගල්ලානතෙමේ වනාහි මහත් සෘද්ධි ඇත්තේය. මහත් ආනුභාව ඇත්තේය. (ඉඳින් ) කැමැත්තේ නම් ආයුෂ කල්පයක් සිටින්නේය යි නීය.

7. ඇවැත්නි, යම්සේ ලුනු කැටයක් මහත් වූ ලුනු සැළියකට උපමා කිරීම පිණිස පමනක් ගන්නේ වේද එසේම වනාහි අපි ආයුෂ්මත් ශාරිපුත්‍රන් හා උපමා පිණිස පමණක් සෑහෙන්නෙමු. ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙමේ වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ස්තුති කරන පද්දේය. වර්‍ණනා කරන පද්දේය. ප්‍රශංසා කරන ලද්දේය. (කෙසේද) ශිලයෙන් සමාධියෙන් සහ ප්‍රඥවෙන් පරතෙරට ගියාවූ යම් මහණෙක් වනාහි වෙයිද මේ සාරිපුත්ත තෙමේ (එයින්) ශ්‍රෙෂ්ඨ වන්නේය කියායි. මෙසේ මේ මහානාගයෝ (අනුශ්‍රවක) දෙදෙන ඔවුනොවුන්ගේ සුභාසිතය මනාකොට කියන ලද්දේ මනාකොට අනුමෝදන් වූහ.

(තුන්වෙනි ඝට සූත්‍රය නිමි)