6. බ්‍රහ්ම සංයුත්තය.
1. ප්‍රථම ( කොකලික ) වර්ගය.
1. ආයාචන සූත්‍රය.
1. මා විසින් මෙසේ අසනලදී. භාග්‍යවතුන් වහන්සේ බුදුවූ පළමු කාලයේම එක් කලෙක උරුවෙල් දනව්වෙහි නේරංජරා ගංග තෙර අජපල් නුග රුක මුල වසනසේක.
2. එකල්හි තනිව චිත්තවිවේකයෙන් හුන් උන්වහන්සේට මෙබඳු කල්පනාවක් ඇතිවිය: ´මා අවබෝධකළ මේ දහම ගැඹුරුය, දුකසේ දැක්ක යුතුය, දුකසේ අවබෝධ කටයුතුය. ශාන්තය, ප්‍රණීතය, තර්කයෙන් බැසගත නොහැක්ක. සියුම්ය, පණ්ඩිතයන් විසින්ම දතයුතුය. එහෙත් මේ සත්ත්ව සමූහයා ආලයෙන් බැඳුනේය. ආලයයෙහි ලැගුනේය. ආලයයෙහි සතුටුය. ආලයයෙහි ලැගුණු ආලයයෙහි සතුටුවූ සත්ත්ව සමූහයා විසින් මේ හේතුවෙන් මේ ඵලය වන්නේයයි දක්වන පටිච්චසමුප්පාද නම්වූ යම් දහමෙක් ඇද්ද එය දැක්ම දුෂ්කරය. සියලු සංස්කාරයන් නිවීමට කරුණුවූ, සියලු කෙලෙස් දුරලීමට හේතුවූ, තණ්හාව නැසීමට අරමුණුවූ, රාගය පහකිරීමට අරමුණුවූ, දුක්මුල් සුන්කිරීමට හේතුවූ යම් නිවනෙක් ඇද්ද, එය දැක්ම ඔවුන්ට දුෂ්කරය. මෙසේ ඇතිකල මමත් ඔවුන්ට දහම් දෙසන්නෙම් වීම් නම්, ඒ අන්‍යයෝත් මා දෙසන දේ තේරුම් නොගන්නෝ නම්, එය මට මහන්සිය පමණෙකි. එය මා කය වෙහෙසීම පමණෙකි.´´
3. එපමණක්ද නොව පෙර නෙඇසූ මේ ගාථාවෝද භාග්‍යවතුන් වහන්සේගේ සිතට වැටහුණහ:
´´මා දුකසේ අවබෝධකළ දහම දැන් දෙසීම නිෂ්ඵලය. රාග ද්වේෂ දෙකින් මඩනා ලද්දාවුන් විසින් මේ දහම සුවසේ අවබෝධ කට නොහැක්ක. රාගයෙන් රත්වූ මොහාන්ධකාරයෙන් වැසුණු සත්ත්වයෝ උඩුහොයට යන සියුම්, ගැඹුරු, ඉතා සූක්ෂමවූ මේ ධර්මය නොදක්නාහ.´´
4. මෙසේ සලකන භාග්‍යවතුන් වහන්සේගේ සිත මන්දෝත්සාහයට, දහම් නො දෙසීමට නැමෙන්නේ විය.
5. ඒකල්හි භාග්‍යවතුන් වහන්සේටවූ කල්පනාව තම සිතින් දැන්මෙන් සහම්පති බඹහට මෙබඳු අදහසෙක් විය. ´´යම් තැනෙක අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ සිත මන්දෝත්සාහයට, දහම් නොදෙසීමට නැමේද, ඒ ලොව අහෝ´. නැසේ ,´ අහෝ ලොව වැනසේ´. ´´
6. ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙම ශක්තිමත් මිනිසෙක් යම්සේ වහා නැමූ අත දික් කරන්නේද, දික්කළ අත හෝ නවන්නේද, එසේම බඹලොව අතුරුදන්ව භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළවිය.
ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙම උතුරු සළුව එකස්කොට දකුණු දණමඬල බිම හැන භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි නමා ( වැඳ ) භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: ´´ ස්වාමීනි, භාග්‍යවත්හු දහම් දෙසත්වා´. සුගතයෝ දහම් දෙසත්වා´. මඳ කෙලෙස් ධූලියෙන් වැසුණු, නුවණ ඇස ඇති සත්ත්වයෝ ඇත්තෝහ. දහම් නොඅසනු හෙයින් ඔහු පිරිහෙන්නාහ. දහම් අවබෝධ කරන්නෝ ඇති වන්නාහ.´´
7. සහම්පති බ්‍රහ්මතෙම මෙය කීය. මෙය කියා ඉක්බිති ගාථා වශයෙන් අන්‍යවූ මෙ බස් පැවසීය:
´´( කෙලෙස් ) මල සහිතයන් විසින් සිතා කියනලද අශුද්Ȁdධ ධර්මයෙක් පෙර මගධ රටෙහි පහළවිය. මේ අමා දොර හරින්න. නිර්මලයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද සත්‍ය ධර්මය ( සත්ත්වයෝ ) අසත්වා.
´´ ශිලාමය පර්වත මුදුනෙහි සිටියෙක් හාත්පස බිම සිටිනා ජන සමූහයා යම්සේ දක්නේද, ප්‍රාඥයන් වහන්ස, සර්වඥ වූ, ශෝක දුරු කළ ඔබද එසේ වූ ධර්මමය ප්‍රාසාදයට නැඟ, ජාති ජරාදී දුකින් මැඩුණු ශෝකයට බට ජනතාව නුවණින් බලා වදාරන්න.
´´වීරයන් වහන්ස, සටනින් ජයලත් භාග්‍යවතුන් වහන්ස, නැගී සිටින්න. ණය නැති සාත්තුනායකයන් වහන්ස, ලොව හැසිරෙන්න. භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක්වා. එය අසා අවබෝධ කරන්නෝ ඇතිවන්නාහ.´´
8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මයාගේ අයදුමක් ලැබ, සත්ත්වයන් කෙරෙහි පතළ කරුණාවත් නිසා බුදු ඇසින් ලොව බැලූ සේක.
10. භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලොව බලනසේක්, මඳ කෙලෙස් රජසින් වැසුණු ප්‍රඥා ඇස ඇති සත්ත්වයන්ද, බොහෝ කෙලෙස් රජසින් වැසුණු ප්‍රඥා ඇස ඇති සත්ත්වයන්ද, තියුණුවූ ( ශ්‍රද්ධාදී ) ඉන්ද්රියයන් ඇති සත්ත්වයන්ද, ( ශ්‍රද්ධාදී ) උතුම් ආකාර ඇති සත්ත්වයන්ද, ( අශ්රද්ධාදී ) හීන ආකාර ඇති සත්ත්වයන්ද, සුවසේ කරුණු අවබෝධ කරවිය හැකි සත්ත්වයන්ද, කරුණු අවබෝධ කරවීමට දුෂ්කර සත්ත්වයන්ද, පරලොවත් අකුසලුත් භය වශයෙන් දක්නා ඇතැම් සත්ත්වයන්ද දුටුසේක.
11. යම්සේ වනාහි මහනෙල් විලක හෝ රත්පියුම් විලෙක හෝ හෙළ පියුම් විලෙක හෝ ඇතැම් නිල් මහනෙල් කෙනෙක් හෝ රත් පියුම් කෙනෙක් හෝ හෙළ පියුම් කෙනෙක් හෝ දියෙහි උපන්නෝ දියෙහි වැඩුණෝ දියෙන් මතු නොවූවෝ දිය යටම ගිලුනෝව පෝෂිත වෙත්ද, ඇතැම් නෙලුම් රත් පියුම් හෙළ පියුම් කෙනෙක් දියෙහි උපන්නෝ, දියෙහි වැඩුනෝ දිය මතුපිටට සමව සිටියෝ වෙත්ද, ඇතැම් නෙලුම් හෝ රත් පියුම් හෝ හෙළ පියුම් කෙනෙක් දියෙහි උපන්නෝ, දියෙහි වැඩුනෝ, දියෙන් ඉහළ නැග සිටියෝ දියෙන් දිය නොගෑවුනෝද, එසේම (ලොව ) අල්ප රජස්කවූ ඇතැම් සතුන්ද, මහා රජස්කවූ ඇතැම් සතුන්ද, තියුණු ඉඳුරන් ඇති ඇතැම් සතුන්ද, නොතියුණු ඉඳුරන් ඇති ඇතැම් සතුන්ද, මනා ආකාර ඇති ඇතැම් සතුන්ද, නොමනා ආකාර ඇති ඇතැම් සතුන්ද, පහසුවෙන් අවබෝධ කළ හැකි ඇතැම් සතුන්ද, පහසුවෙන් අවබෝධ නොකළ හැකි ඇතැම් සතුන්ද, පරලොවත් අකුසලුත් බිය වශයෙන් දක්නා සුලුව වසන ඇතැම් සතුන්ද, බුදු ඇසින් ලොව බලන භාග්‍යවතුන් වහන්සේ දුටු සේක.
12. දැක සහම්පති බ්‍රහ්මයාට ගාථායෙන් මෙසේ වදාළසේක:
´´බ්‍රහ්මය, ( අවබෝධයට උත්සාහ නැතියන්ට දම් දෙසීම ) කය වෙහෙසීම පමණෙකැයි යන හැඟීම ඇත්තෙම්, ප්‍රගුණවූ උතුම් ධර්මය මිනිසුන් අතර ( මේතාක් ) නෙදෙසීමි. කන් ඇති යම් කෙනෙක් වෙත්ද ඔවුහු ශ්‍රද්ධාව විහිදුවත්වා, ඔවුන්ට අමා දොරවල් හරන ලදහ.´´
13. එවිට සහම්පති බ්‍රහ්මයා ´භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් දෙසීමට කරන ලද අවකාශ ඇතියෙමි´ යි සතුටුව භාග්‍යවතුන් වහන්සේට සාදරව නමස්කාර කොට, පැදකුණු කොට එහිම අතුරුදහන්විය.
6. බ්‍රහ්ම සංයුත්තය.
(නමො තසස භගවතො අරහතො සමමා සමබුද්ධසස .)
1. ප්‍රථම ( කොකලික ) වර්ගය.
____
1. ආයාචන සූත්‍රය.
1. මා විසින් මෙසේ අසනලදී. භාග්‍යවතුන් වහන්සේ බුදුවූ පළමු කාලයේම එක් කලෙක උරුවෙල් දනව්වෙහි නේරංජරා ගංග තෙර අජපල් නුග රුක මුල වසනසේක.
ඤෆු ු1රැ%
2. එකල්හි තනිව චිත්තවිවේකයෙන් හුන් උන්වහන්සේට මෙබඳු කල්පනාවක් ඇතිවිය: ´මා අවබෝධකළ මේ දහම ගැඹුරුය, දුකසේ දැක්ක යුතුය, දුකසේ අවබෝධ කටයුතුය. ශාන්තය, ප්‍රණීතය, තර්කයෙන් බැසගත නොහැක්ක. සියුම්ය, පණ්ඩිතයන් විසින්ම දතයුතුය. එහෙත් මේ සත්ත්ව සමූහයා ආලයෙන් බැඳුනේය. ආලයයෙහි ලැගුනේය. ආලයයෙහි සතුටුය. ආලයයෙහි ලැගුණු ආලයයෙහි සතුටුවූ සත්ත්ව සමූහයා විසින් මේ හේතුවෙන් මේ ඵලය වන්නේයයි දක්වන පටිච්චසමුප්පාද නම්වූ යම් දහමෙක් ඇද්ද එය දැක්ම දුෂ්කරය. සියලු සංස්කාරයන් නිවීමට කරුණුවූ, සියලු කෙලෙස් දුරලීමට හේතුවූ, තණ්හාව නැසීමට අරමුණුවූ, රාගය පහකිරීමට අරමුණුවූ, දුක්මුල් සුන්කිරීමට හේතුවූ යම් නිවනෙක් ඇද්ද, එය දැක්ම ඔවුන්ට දුෂ්කරය. මෙසේ ඇතිකල මමත් ඔවුන්ට දහම් දෙසන්නෙම් වීම් නම්, ඒ අන්‍යයෝත් මා දෙසන දේ තේරුම් නොගන්නෝ නම්, එය මට මහන්සිය පමණෙකි. එය මා කය වෙහෙසීම පමණෙකි.´´
3. එපමණක්ද නොව පෙර නෙඇසූ මේ ගාථාවෝද භාග්‍යවතුන් වහන්සේගේ සිතට වැටහුණහ:
´´මා දුකසේ අවබෝධකළ දහම දැන් දෙසීම නිෂ්ඵලය. රාග ද්වේෂ දෙකින් මඩනා ලද්දාවුන් විසින් මේ දහම සුවසේ අවබෝධ කට නොහැක්ක. රාගයෙන් රත්වූ මොහාන්ධකාරයෙන් වැසුණු සත්ත්වයෝ උඩුහොයට යන සියුම්, ගැඹුරු, ඉතා සූක්ෂමවූ මේ ධර්මය නොදක්නාහ.´´
4. මෙසේ සලකන භාග්‍යවතුන් වහන්සේගේ සිත මන්දෝත්සාහයට, දහම් නො දෙසීමට නැමෙන්නේ විය.
5. ඒකල්හි භාග්‍යවතුන් වහන්සේටවූ කල්පනාව තම සිතින් දැන්මෙන් සහම්පති බඹහට මෙබඳු අදහසෙක් විය. ´´යම් තැනෙක අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ සිත මන්දෝත්සාහයට, දහම් නොදෙසීමට නැමේද, ඒ ලොව අහෝ´. නැසේ ,´ අහෝ ලොව වැනසේ´. ´´
ඤෆු ු2රැ%
6. ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙම ශක්තිමත් මිනිසෙක් යම්සේ වහා නැමූ අත දික් කරන්නේද, දික්කළ අත හෝ නවන්නේද, එසේම බඹලොව අතුරුදන්ව භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළවිය.
ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙම උතුරු සළුව එකස්කොට දකුණු දණමඬල බිම හැන භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි නමා ( වැඳ ) භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: ´´ ස්වාමීනි, භාග්‍යවත්හු දහම් දෙසත්වා´. සුගතයෝ දහම් දෙසත්වා´. මඳ කෙලෙස් ධූලියෙන් වැසුණු, නුවණ ඇස ඇති සත්ත්වයෝ ඇත්තෝහ. දහම් නොඅසනු හෙයින් ඔහු පිරිහෙන්නාහ. දහම් අවබෝධ කරන්නෝ ඇති වන්නාහ.´´
7. සහම්පති බ්‍රහ්මතෙම මෙය කීය. මෙය කියා ඉක්බිති ගාථා වශයෙන් අන්‍යවූ මෙ බස් පැවසීය:
´´( කෙලෙස් ) මල සහිතයන් විසින් සිතා කියනලද අශුද්Ȁdධ ධර්මයෙක් පෙර මගධ රටෙහි පහළවිය. මේ අමා දොර හරින්න. නිර්මලයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද සත්‍ය ධර්මය ( සත්ත්වයෝ ) අසත්වා.
´´ ශිලාමය පර්වත මුදුනෙහි සිටියෙක් හාත්පස බිම සිටිනා ජන සමූහයා යම්සේ දක්නේද, ප්‍රාඥයන් වහන්ස, සර්වඥ වූ, ශෝක දුරු කළ ඔබද එසේ වූ ධර්මමය ප්‍රාසාදයට නැඟ, ජාති ජරාදී දුකින් මැඩුණු ශෝකයට බට ජනතාව නුවණින් බලා වදාරන්න.
´´වීරයන් වහන්ස, සටනින් ජයලත් භාග්‍යවතුන් වහන්ස, නැගී සිටින්න. ණය නැති සාත්තුනායකයන් වහන්ස, ලොව හැසිරෙන්න. භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක්වා. එය අසා අවබෝධ කරන්නෝ ඇතිවන්නාහ.´´
8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මයාගේ අයදුමක් ලැබ, සත්ත්වයන් කෙරෙහි පතළ කරුණාවත් නිසා බුදු ඇසින් ලොව බැලූ සේක.
ඤෆු ු3රැ%
10. භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලොව බලනසේක්, මඳ කෙලෙස් රජසින් වැසුණු ප්‍රඥා ඇස ඇති සත්ත්වයන්ද, බොහෝ කෙලෙස් රජසින් වැසුණු ප්‍රඥා ඇස ඇති සත්ත්වයන්ද, තියුණුවූ ( ශ්‍රද්Ȁdධාදී ) ඉන්ද්රියයන් ඇති සත්ත්වයන්ද, ( ශ්‍රද්Ȁdධාදී ) උතුම් ආකාර ඇති සත්ත්වයන්ද, ( අශ්රද්Ȁdධාදී ) හීන ආකාර ඇති සත්ත්වයන්ද, සුවසේ කරුණු අවබෝධ කරවිය හැකි සත්ත්වයන්ද, කරුණු අවබෝධ කරවීමට දුෂ්කර සත්ත්වයන්ද, පරලොවත් අකුසලුත් භය වශයෙන් දක්නා ඇතැම් සත්ත්වයන්ද දුටුසේක.
11. යම්සේ වනාහි මහනෙල් විලක හෝ රත්පියුම් විලෙක හෝ හෙළ පියුම් විලෙක හෝ ඇතැම් නිල් මහනෙල් කෙනෙක් හෝ රත් පියුම් කෙනෙක් හෝ හෙළ පියුම් කෙනෙක් හෝ දියෙහි උපන්නෝ දියෙහි වැඩුණෝ දියෙන් මතු නොවූවෝ දිය යටම ගිලුනෝව පෝෂිත වෙත්ද, ඇතැම් නෙලුම් රත් පියුම් හෙළ පියුම් කෙනෙක් දියෙහි උපන්නෝ, දියෙහි වැඩුනෝ දිය මතුපිටට සමව සිටියෝ වෙත්ද, ඇතැම් නෙලුම් හෝ රත් පියුම් හෝ හෙළ පියුම් කෙනෙක් දියෙහි උපන්නෝ, දියෙහි වැඩුනෝ, දියෙන් ඉහළ නැග සිටියෝ දියෙන් දිය නොගෑවුනෝද, එසේම (ලොව ) අල්ප රජස්කවූ ඇතැම් සතුන්ද, මහා රජස්කවූ ඇතැම් සතුන්ද, තියුණු ඉඳුරන් ඇති ඇතැම් සතුන්ද, නොතියුණු ඉඳුරන් ඇති ඇතැම් සතුන්ද, මනා ආකාර ඇති ඇතැම් සතුන්ද, නොමනා ආකාර ඇති ඇතැම් සතුන්ද, පහසුවෙන් අවබෝධ කළ හැකි ඇතැම් සතුන්ද, පහසුවෙන් අවබෝධ නොකළ හැකි ඇතැම් සතුන්ද, පරලොවත් අකුසලුත් බිය වශයෙන් දක්නා සුලුව වසන ඇතැම් සතුන්ද, බුදු ඇසින් ලොව බලන භාග්‍යවතුන් වහන්සේ දුටු සේක.
12. දැක සහම්පති බ්‍රහ්මයාට ගාථායෙන් මෙසේ වදාළසේක:
ඤෆු ු4රැ%
´´බ්‍රහ්මය, ( අවබෝධයට උත්සාහ නැතියන්ට දම් දෙසීම ) කය වෙහෙසීම පමණෙකැයි යන හැඟීම ඇත්තෙම්, ප්‍රගුණවූ උතුම් ධර්මය මිනිසුන් අතර ( මේතාක් ) නෙදෙසීමි. කන් ඇති යම් කෙනෙක් වෙත්ද ඔවුහු ශ්‍රද්Ȁdධාව විහිදුවත්වා, ඔවුන්ට අමා දොරවල් හරන ලදහ.´´
13. එවිට සහම්පති බ්‍රහ්මයා ´භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් දෙසීමට කරන ලද අවකාශ ඇතියෙමි´ යි සතුටුව භාග්‍යවතුන් වහන්සේට සාදරව නමස්කාර කොට, පැදකුණු කොට එහිම අතුරුදහන්විය.
__________
2. ගාරව සූත්‍රය.
1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදුව නොබෝ කලකින් උරුවෙල් දනව්වෙහි නේරංජරා ගංතෙර අජපල් නුග රුක මුල වැඩවසනසේක.
2. එකල්හි තනිව චිත්ත විවේකයෙන් හුන් භාග්‍යවතුන් වහන්සේට මේ සංකල්පනාව ඇතිවිය. ´´ කිසිවකු ගුරුතන්හි නොතබා, කිසිවකු දෙටු තන්හි නොතබා, ඉන්නා තැනැත්තේ දුකසේ වෙසේ. මම් කවරනම් මහණකුට හෝ බමුණකුට හෝ සත්කාරකොට, ගෞරවකොට, ඇසුරුකොට වෙසෙන්නෙම්ද?´
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මෙසේ සිතෙක්විය. ´´පරිපූර්ණ නොවූ ශීලස්කන්ධයක් පුරාලීමට යම් අන් මහණකුට හෝ බමුණකුට හෝ සත්කාරකොට, ගරුකාරකොට, ඇසුරුකොට වසන්නෙම් නම්, එසේවූ මාහට වැඩි තරම් ශීලසම්පන්නවූ, සත්කාර ගරුකාර ලැබියයුතු, මා විසින් ඇසුරු කටයුතු, කිසිම පුද්ගලයකු දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලොවෙහි, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්ත්ව සමූහයා අතර නොමදකිමි.´´
ඤෆු ු5රැ%
4. ´´පරිපූර්ණ නොවූ සමාධිස්කන්ධයක් පුරාලීමට යම් අන් මහණකුට හෝ බමුණකුට හෝ සත්කාරකොට, ගරුකාරකොට, ඇසුරුකොට ඇසුරුකොට වසන්නෙම් නම්, එසේවූ මාහට වැඩි තරම් ශීලසම්පන්නවූ, සත්කාර ගරුකාර ලැබියයුතු, මා විසින් ඇසුරු කටයුතු, කිසිම පුද්ගලයකු දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලොවෙහි, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්ත්ව සමූහයා අතර නොමදකිමි.´´
5. ´´පරිපූර්ණ නොවූ ප්රඥාස්කන්ධයක් පුරාලීමට යම් අන් මහණකුට හෝ බමුණකුට හෝ සත්කාරකොට, ගරුකාරකොට, ඇසුරුකොට වසන්නෙම් නම්, එසේවූ මාහට වැඩි තරම් ශීලසම්පන්නවූ, සත්කාර ගරුකාර ලැබියයුතු, මා විසින් ඇසුරු කටයුතු, කිසිම පුද්ගලයකු දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලොවෙහි, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්ත්ව සමූහයා අතර නොමදකිමි.´´
6. ´´පරිපූර්ණ නොවූ විමුක්තිස්කන්ධයක් පුරාලීමට යම් අන් මහණකුට හෝ බමුණකුට හෝ සත්කාරකොට, ගරුකාරකොට, ඇසුරුකොට වසන්නෙම් නම්, එසේවූ මාහට වැඩි තරම් ශීලසම්පන්නවූ, සත්කාර ගරුකාර ලැබියයුතු, මා විසින් ඇසුරු කටයුතු, කිසිම පුද්ගලයකු දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලොවෙහි, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්ත්ව සමූහයා අතර නොමදකිමි.´´
7. ´´පරිපූර්ණ නොවූ විමුක්තිඥාන දර්‍ශනස්කන්‍ධයක් පුරාලීමට යම් අන් මහණකුට හෝ බමුණකුට සත්කාර ගරුකාරකොට, ඇසුරුකොට වසන්නෙම් නම්, එසේවූ මාහට වැඩි තරම් සමාධිසම්පන්නවූ, වැඩි තරම් ප්‍රඥාසම්පන්නවූ, වැඩි තරම් විමුක්තිසම්පන්නවූ, වැඩි තරම් විමුක්තිඥාන දර්‍ශනසම්පන්නවූ, මගෙන් සත්කාර ගරුකාර ලැබියයුතු, මා විසින් ඇසුරු කටයුතු, කිසිම පුද්ගලයකු දෙවියන් සහිත,
ඤෆු ු6රැ%
මරුන් සහිත, බඹුන් සහිත ලොවෙහි, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්ත්ව සමූහයා අතර නොමදකිමි.´´
8. මා අවබෝධකළ යම් ධර්මයක් ඇද්ද, ඒ ධර්මයම සත්කාර ගරුකාර කොට, ඒ දහමම ඇසුරු කොට වෙසෙන්නෙම් නම් ඉතා යෙහෙක.´´
9. එකල්හි සහම්පති බ්‍රහ්මතෙම තම සිතින් භාග්‍යවතුන් වහන්සේගේ අදහස දැන ශක්තිමත් මිනිසකු නවාගත් අත දික්කරන්නේ හෝ දික්කළ අත නවාගන්නේ යම්සේද එසේම ( විගසින් ) බඹලොවින් අතුරුදහන්ව භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළවිය.
10. ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙම උතුරු සළුව එකස්කොට පෙරව, භාග්‍යවතුන් වහන්සේ දිසාවට ඇඳිලි නමා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´ භාග්‍යවතුන් වහන්ස, ඒ එසේය. සුගතයන් වහන්ස, ඒ එසේය. ස්වාමීනි, අතීත කාලයෙහි යම් රහත් සම්මා සම්බුදු කෙනෙක් වූහු නම්, ඒ භගවත්හුද ධර්මයටම සත්කාරකොට, ධර්මයටම ගරුකාරකොට, ධර්මයම ඇසුරුකොට විසූහ. ස්වාමීනි, මතු කාලයෙහිද යම් රහත් සම්මා සම්බුදු කෙනෙක් වන්නාහු නම්, ඒ භගවත්හුද ධර්මයටම සත්කාරකොට, ධර්මයටම ගරුකාරකොට, ධර්මයම ඇසුරුකොට වසන්නාහ. ස්වාමීනි, දැන් රහත් සම්මා සම්බුදුවූ භගවත් තෙමේද ධර්මයටම සත්කාරකොට, ධර්මයටම ගරුකාරකොට, ධර්මයම ඇසුරුකොට වෙසේවා.´´
11. සහම්පති බ්‍රහ්මතෙම මෙය කීය. මෙය කියා නැවත අනෙකක්වූ මෙබස් පැවසීය:
´´ යම් අතීත සම්බුදු කෙනෙක් වූහුද, යම් අනාගත සම්බුදු කෙනෙක් වන්නාහුද, බොහෝ දෙනාගේ
ශෝක නසන සම්බුදුවරයෙක් දැන් ඇත්තේද,
´´ ඒ සියල්ලෝ දහමම ගුරු කොට ගෙන විසූහ, වසත්, වසන්නාහුද වෙත්. මේ බුදුවරුන්ගේ ධර්මතාවෙකි.
ඤෆු ු7රැ%
´´ එබැවින් තමහට වැඩ කැමති, තමාට මහත් බව පතන, බුද්Ȁdධානුශාසනය සිහි කරන්නහු විසින් සද්Ȁdධර්මය ගරුතන්හි තබා පිදිය යුතුයි.´´
__________
3. බ්‍රහ්මදේව සූත්‍රය.
1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
2. එකල්හි වනාහි එක්තරා බැමිණියකගේ බ්‍රහ්මදේව නම් පුතෙක් ගිහිගෙන් නික්ම භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි විය.
3. ඉක්බිති ආයුෂ්මත් බ්‍රහ්මදේවතෙම තනිව සමූහයාගෙන් වෙන්ව, නොපමාව, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, නිවන් කරා මෙහෙයූ සිතැතිව වෙසෙන්නේ නොබෝ කලෙකින්ම යමක් පිණිස කුලපුත්තු ගිහිගෙන් නික්ම සස්නට වදිත්නම්, මහ බ්‍රහ්මචය්‍ර්‍යාව අවසන්වූ ඒ නිරුත්තර රහත් ඵලය මේ ආත්මභාවයෙහිම, නොබෝ කලෙකින්ම, තෙමේම වෙසෙසින් දැන, පැහැදිලිකොට ලැබ විසීය. ´ජාතිය ක්ෂීණ විය.මාර්ග බ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිමවිණි. කළයුත්ත කරණලදී. මේ රහත්බව පිණිස තවත් කළයුතු දෙයක් නැතැ´ යි ( තෙමේම )වෙසෙසා දැනගත්තේය. ආයුෂ්මත් බ්‍රහ්මදේවතෙම රහතුන්ගෙන් කෙනෙක්විය.
4. ඉක්බිති ආයුෂ්මත් බ්‍රහ්මදේවතෙම පෙරවරුයෙහි හැඳ පෙරව පාත්‍ර සිවුරු ගෙන සැවැක් නුවරට පිඬු පිණිස පිවිසියේය. සැවැත් නුවර ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසිරෙනුයේ සිය මවු නිවෙස යම් තැනෙකද එතැනට පැමිණියේය.
5. එකල වනාහි ආයුෂ්මත් බ්‍රහ්මදේවයන්ගේ මවු බැමිණි බ්‍රහ්මයාහට නිතිපතා හෝම පූජා කෙරෙයි.
ඤෆු ු18රැ%
එකල්හි සහම්පති බ්‍රහ්මයාහට ´ ආයුෂ්මත් බ්රහ්මදේවයන් වහන්සේගේ මේ මවු බැමිණි බ්‍රහ්මයාහට නිතිපතා හෝම පූජා කෙරෙයි. මම් ඇය කරා පැමිණ සංවේගයට පමුණුවන්නෙම් නම් ( මනා පිළිවෙත්හි යෙදුවෙම් වීම් නම් ) යෙහෙකැ´ යි සිත්විය.
6. ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙම ශක්තිමත් මිනිසකු නවාගත් අත දික්කරන හෝ දික්කළ අත නවන හෝ තරම් විගසින් බඹලොවින් අතුරුදහන්ව බ්‍රහ්මදේවයන්ගේ මවගේ ගෙයි පහළවිය.
7. ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙම අසා සිට ආයුෂ්මත් බ්‍රහ්මදේවයන්ගේ මවු බැමිණියට ගාථාවලින් මෙසේ කීය:
´´ බැමිණිය, යමෙකුට ( යම් බඹෙකුට ) නිතර හෝම පුදහිද, ඒ බ්‍රහ්මයාගේ බඹලොව මෙයින් ඈත්හිය. බැමිණිය, යමෙකුට ( යම් බඹෙකුට ) නිතර හෝම පුදහිද, මෙවැනි බඹහු කන දේ නොවේ. බ්‍රහ්මලෝක මාර්ගය නොදැන කුමක් දොඩන්නෙහිද?
´´ බැමිණිය, ( කාම ගුණ නමැති ) උපධි රහිතව, දිව්‍ය බ්රහ්මයනුදු ඉක්මවා සිටි, රාගාදී පලිබෝධ නැති, අනෙකක්හු පෝෂිත නොකරන තිගේ මේ බ්‍රහ්මදේව තෙම තිගේ ගෙට පිඬු පිණිස පිවිසියේය.
´´ ඈත සිට ගෙනෙනලද පිණ්ඩය පිළිගන්නට සුදුසුවූ, වේදයෙන් ( සිවු මගින් ) දුක් කෙළවර කළ වඩන ලද සිත් ඇති දෙවි මිනිසුන්ට දක්ෂිණාර්හවූ, පව් දුරුකොට කෙලෙස් නොගෑවුණු නිවීගිය හෙතෙම අහර සෙවීම කෙරෙයි.
´´ ඔහුට අතීතයද නැත. අනාගතයද නැක. ඔහු ශාන්තය. ( ක්‍රොධ ) දුම් නැත්තෙක, ආශා නැත්තෙක. පෘතග්ජනයන් හා රහතුන් විෂයයෙහි බහා තැබූ දඬු ඇත්තෙක. හෙතෙම තිගේ ආහුතියි කියන ලද අග්‍ර ආහාරය වළඳාවා.
ඤෆු ු1්රරැ%
´´සතුරු සෙනඟ නැත්තේ, උපශාන්තවූයේ, දැමුනු ඇතකුමෙන් වාසයකරයි. තණහා නැති, සුසිල්වූ, හොඳින් මිදුනු සිත් ඇති ඒ භික්ෂුතෙම තිගේ ආහුතියයි කියූ අග්‍ර ආහාරය වළඳාවා.
´´ බැමිණිය, උන්වහන්සේ කෙරෙහි පහන් සිතැත්තියක්ව, නොසෙලවෙන ශ්‍රද්Ȁdධා ඇත්තියක්ව, දක්ෂිණාර්හවූ උන්වහන්සේ කෙරෙහි දානය දෙව. තරණය කළ ( කෙලෙස් ) සයුරු ඇති, රහතුන් දැක, මතු සැප ඇතිකරණ පින් කරව.´´
8. ( සංගීතිකාරයෝ මෙසේ කීහු:) ඒ බැමිණි තොමෝ උන්වහන්සේ කෙරෙහි පැහැදුනාවූ සිතැත්තියක්ව, නොසෙලවෙන ශ්‍රද්Ȁdධා ඇත්තියක්ව, දක්ෂිණාවට සුදුසු සඟුන් කෙරෙහි දක්ෂිණාව පිහිටෙව්වාය. (කෙලෙස් ) සයුර තරණය කළ රහතුන් දැක අනාගත සුව එලවන්නාවූ පින් කළාය.
__________
4. බකබ්‍රහ්ම සූත්‍රය.
1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
2. එකල වනාහි බකබ්‍රහ්මයාට ´මේ බ්‍රහ්මාත්මභාවය නිත්‍යය, මෙය ස්ථිරය, මෙය සදාකාලිකය, මෙය අඩුවක් නැති සියල්ලය, මින් චුතවීමෙක් නැත. මෙය වනාහි නොහටගනී, නොදිරයි, නොමියෙයි, චුත නොවෙයි, (මින් ) චුතව අන් තැනෙක නොඋපදියි, මෙයින් මත්තෙහි සසරින් ගැලවී යායුතු අන් තැනෙක් නැතැ´´ යි මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපදින්නේ වෙයි.
3. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ බකබ්‍රහ්මයාගේ අදහස තම සිතින් දැන, ශක්තිමත් පුරුෂයෙක් නැවූ
ඤෆු ු1ුරැ%
අතක් දික් කරන්නේ හෝ දික්කළ අතක් නවන්නේ හෝ යම්සේද, එසේම ( විගසින් ) ජේතවනාරාමයෙන් අතුරුදන්ව ඒ බඹලෙව්හි පහළවූසේක.
4. බකබ්‍රහ්ම තෙම එහි වඩින භාග්‍යවතුන් වහන්සේ දුරදීම දැක, භාග්‍යවතුන් වහන්සේට (මෙහි වඩින්න, නිදුකාණනි, බොහෝ කලකට පසු ඔබ මෙහි වැඩියේ යහපත, නිදුකාණනි, මේ බ්‍රහ්මාත්මභාවය වනාහි නිත්‍යය, මෙය ස්ථිරය, මෙය සදාකාලිකය, මෙය අඩුවක් නැති සියල්ලය, මින් චුතවීමෙක් නැත. මෙය නොහටගනී, නොදිරයි, මියෙන්නෙක් නැත, චුතවීමෙක් නැත, මෙයින් චුතව අන් තැනෙක උපදනෙක් නැත. මෙයට වැඩි සසරින් ගැලවෙන අනෙක් තැනෙක් නැතැ´´ යි කීය.
5. මෙසේ කීකල භාග්‍යවතුන් වහන්සේ බකබ්‍රහ්මයාට, ´ අනිත්‍යම වන දේ නිත්‍යයයි කියානම්, අස්ථිරම වන දේ ස්ථිරයයි කියානම්, සදාකාලිකම නොවන දේ සදාකාලිකයයි කියානම්, අඩුවක් ඇති දේ අඩුවක් නැති සියල්ලය කියානම්, චුතවන ස්වභාව ඇති දෙයක් චුතවන ස්වභාව නැති දෙයක් යයි කියා නම්, යම් තැනෙක වනාහි ජාති ජරා මරණ චුතවීම් ඉපදීම් වේනම්, ඒ පිළිබඳව එහි ජාති ජරා මරණ චුතවීම් ඉපදීම් නැතැයි කියානම්, එයට වැඩි, සසරින් ගැලවෙන අනෙක් තැනක් ඇතිකල එයට වැඩි ( ගැලවීමෙක්නැතැයි ) කියා නම් එසේවූ මේ බකබ්‍රහ්මතෙම ඒකාන්තයෙන් අවිද්‍යාවෙන් අන්ධව ගියේ වේයයි ´ වදාළසේක.
6. (එවිට බකබ්‍රහ්මතෙම මෙසේ කීය:) ´´ගෞතමයෙනි, ( අපි ) හැත්තෑදෙනෙක් ( කරනලද ) පින්කම් ඇත්තෝ ජාතිය හා ජරාව ඉක්මගියෝ වමු. අනුන් තමන් වසඟකොට පවත්වන්නෝ වමු. වේදගූ නම් වෙමු. මේ වනාහි කෙළවරවූ බඹලොව උපතයි, අන්‍ය බොහෝ ජනයෝ අප ප්‍රාත්‍ර්‍ථනා කෙරෙති.´´
ඤෆු ු11රැ%
7. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ:) බකබ්‍රහ්මය, තෝ යම් ආයුෂයක් දීර්ඝායුෂයයි හඟින්නෙහිද, එය දීර්ඝායුෂයක් නොවේ. නිරබ්බුද නම් ගණනින් ලක්ෂයක් ආයුෂ යයි මම දනිමි.´´
8. ( බකබ්‍රහ්මතෙම මෙසේ කීය:) ´´ භාග්‍යවතුනි, ´ මම අනන්තදර්ශී වෙමි ´ යිද, ´ ජාතිය හා ජරාව හා ශෝකය ඉක්ම සිටියෙම් වෙමි ´ යිද කියන්නෙහිය. මාගේ පුරාතනවූ කුමන නම් ව්‍රත සමාදානයෙක් වීද? කුමන ශීලයෙක් වීද? යමක් මම දනිම්ද එය මට කියව.´´
9. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ:) ´´ග්‍රීෂ්ම කාලයෙහි පීඩිතවූ පිපාසිතවූ බොහෝ මිනිසුන්ට තෝ පැන් පෙවූයෙහිද, තාගේ ඒ පුරාතනවූ ව්‍රත සමාදානය හා ශීලය නිදා සිට නැගිටියක්හු මෙන් මම සිහිකරමි.
´´ඒණිනම් ගංතෙර සොරුන් විසින් අල්ලාගන්නාලද අතපය බැඳගෙන යනු ලබන්නාවූ මිනිසුන් යම්හෙයකින් මිදීද, තාගේ ඒ පුරාතන ව්‍රත සමාදානය හා ශීලය නිදා සිට නැගිටියක්හු මෙන් සිහිකරමි.
´´මිනිසුන් විනාශකරනු කැමැත්තෙන් රෞද්‍රවූ නයා විසින් ගඞගානම් ගඟ දියෙහි ගන්නාලද නැව බලපා මැඩ මිදුනෙහිය. ඒ තාගේ පුරාතනවූ ව්‍රත සමාදානය හා ශීලය නිදා සිට නැගිටියක්හු මෙන් සිහිකරමි.
´´තට මම කප්ප නම් අතවැස්සෙක් වූයෙමි. ( ඒ නුඹ ) මනා නුවනැත්තෙකු ලෙසද, ව්‍රත සම්පන්නයකු ලෙසද සිතූයෙමි. එසේවූ තාගේ ව්‍රත සමාදානය හා ශීලය නිදා සිට නැගිටියක්හු මෙන් සිහිකරමි.´´
10. ( බකබ්‍රහ්මතෙම මෙසේ කීය: ) ´´ මාගේ මේ ආයුෂ ඒකාන්තයෙන් දන්නෙහිය. සෙසු සියල්ලද දන්නෙහිය. ඒසේ හෙයින්ම ඔබ බුද්ධ වෙහිය. එහෙයිම ඔබගේ මේ දිලිසෙන ආනුභාවය බඹලෙජව මුළුල්ල බබුළුවමින් සිටී.´´
__________
ඤෆු ු12රැ%
5. අපරාදිට්ඨි සූත්‍රය.
1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
2. එකල වනාහි එක්තරා බ්රහ්මයෙකුට ´ මේ බඹලොවට ආ හැකි මහණෙක් හෝ බමුණෙක් හෝ නැතැ´ යි මෙසේවූ ලාමක දෘෂ්ටියෙක් පහළ වූයේ වේ.
3. එකල්හි භාග්‍යවතුන් වහන්සේ තම සිතින් ඒ බඹහුගේ සිතෙහිවූ කල්පනාව දැන, ශක්තිමත් පුරුෂයෙකු නැවූ අත දික් කරන්නේ හෝ දික්කළ අත නවන්නේ හෝ යම්සේද, එසේ ක්ෂණයෙන් ජේතවනාරාමයෙන් අතුරුදන්ව ඒ බඹලොව පහළවූසේක.
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තේජෝකසිණ සමාපත්තියට සමවැද ඒ බඹහට උඩින් අහසෙහි පළක් බැඳ හුන් සේක.
5. එකල්හි ආයුෂ්මත් මහමුගලන්තෙරහට, ´ දැන් භාග්‍යවතුන් වහන්සේ කොහි ඉන්නාසේක්දෝ ´ යි මේ සිත විය.
6. මහමුගලන්තෙර තෙම මිනිසුන්ගේ විෂය ඉක්මවා දැක්ක හැකි, පිරිසිදුවූ දිවැසින්, ඒ බඹහු මත්තෙහි තේජෝකසිණ සමාපත්තියට සමවැද අහසෙහි පළඟින් ඉන්නා භාග්‍යවතුන් වහන්සේ දිටීය. දැක ශක්තිමත් පුරුෂයෙක් නැවූ අත දික් කරන්නේ හෝ දික්කළ අත නවන්නේ හෝ යම්සේද, එසේ ජේතවනාරාමයෙන් අතුරුදන්ව ඒ බඹලෙව්හි පහළවිය.
7. ඉක්බිති ආයුෂ්මත් මහමුගලන්තෙර තේජෝකසිණ සමාපත්තියට සමවැද පෙර දිශායෙහි ඒ බඹහට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට පහතින් අහස්හි පළක් බැඳ හුන්නේය.
ඤෆු ු13රැ%
8. එකල්හි ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරහට, ´ දැන් භාග්‍යවතුන් වහන්සේ කොහි ඉන්නාසේක්ද? ´ යි මේ සිත විය. ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිර තෙම මිනිස් විෂය ඉක්මවූ, පිරිසිදුවූ දිවැසින්, ඒ බඹහු මත්තෙහි තේජෝකසිණ සමාපත්තියෙන් අහස්හි පළඟින් ඉන්නා භාග්‍යවතුන් වහන්සේ දිටීය. දැක ශක්තිමත් පුරුෂයෙක් නැවූ අත දික් කරන්නේ හෝ දික්කළ අත නවන්නේ හෝ යම්සේද, එසේ ජේතවනාරාමයෙන් විගසෙකින් අතුරුදන්ව ඒ බඹලොව පහළවිය. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිර තෙම දකුණු දෙස ඇසුරුකොට ඒ බඹහට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට පහතින් අහස්හි තේජෝකසිණ සමාපත්තියට සමවැද හුන්නේය.
9. එකල්හි ආයුෂ්මත් මහාකප්පින තෙරහටද, ´ දැන් භාග්‍යවතුන් වහන්සේ කොහි ඉන්නාසේක්ද? ´ යි මේ සිත විය. ආයුෂ්මත් මහාකප්පින ස්ථවිර තෙම මිනිස් විෂය ඉක්මවූ, පිරිසිදුවූ දිවැසින්, ඒ බඹහු මත්තෙහි තේජෝකසිණ සමාපත්තියෙන් අහස්හි පළඟින් ඉන්නා භාග්‍යවතුන් වහන්සේ දිටීය. දැක ශක්තිමත් පුරුෂයෙක් නැවූ අත දික් කරන්නේ හෝ දික්කළ අත නවන්නේ හෝ යම්සේද, එසේ ජේතවනාරාමයෙන් විගසෙකින් අතුරුදන්ව ඒ බඹලොව පහළවිය. ඉක්බිති ආයුෂ්මත් මහාකප්පින ස්ථවිර තෙම බටහිරදිග ඇසුරුකොට ඒ බඹහට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට පහතින් අහස්හි තේජෝකසිණ සමාපත්තියට සමවැද හුන්නේය.
10. එකල්හි ආයුෂ්මත් අනුරුද්Ȁdධ තෙරහට මේ සිතවිය, ´ දැන් භාග්‍යවතුන් වහන්සේ කොහි ඉන්නාසේක්ද?´ ආයුෂ්මත් අනුරුද්Ȁdධ ස්ථවිර තෙම මිනිස් විෂය ඉක්මවූ, පිරිසිදුවූ දිවැසින්, ඒ බඹහු මත්තෙහි තේජෝකසිණ සමාපත්තියට සමවැද අහස්හි පළඟින් ඉන්නා භාග්‍යවතුන් වහන්සේ දිටීය. දැක ශක්තිමත් පුරුෂයෙක් නැවූ අත දික් කරන්නේ හෝ දික්කළ අත නවන්නේ හෝ යම්සේද, එසේවූ විගසෙකින් ජේතවනාරාමයෙන් අතුරුදන්ව ඒ බඹලෙව්හි පහළවිය.
ඤෆු ු14රැ%
ඉක්බිති ආයුෂ්මත් අනුරුද්Ȁdධ ස්ථවිර තෙම උතුරුදිග නිසා ඒ බඹහට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට පහතින් අහස්හි තේජෝකසිණ සමාපත්තියට සමවැද හුන්නේය.
11. ඉත්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරහු බඹුහට මෙසේ ගාථාවෙන් කීහ:
´ඇවැත්නි, පෙර තොපගේ යම් දෘෂ්ටියෙක් වීනම් අද දක්වාත් ඒ දෘෂ්ටිය ඇත්තේද? මේ බඹලෙව්හි (අන්‍ය රශ්මීන් ) මැඩපවත්වමින් රැස් විහිදුවමින් බබළන ( බුදුරදුන් ) දකිහිද? ´´
12. ( බඹතෙම මෙසේ කීය. ) ´´නිදුකාණනි, පෙර මට යම් දෘෂ්ටියෙක් වී නම්, එය දැන් නැත. බඹලෙව්හි ( අන්‍ය රශ්මීන් ) ඉක්මවමින් බබළන ( බුදුරදුන් ) දකිමි. ඒ මම ´නිත්‍ය සදාකාලික වෙමි´ යි අද මම කෙසේ නම් කියම්ද?´´
13. ඉක්බිති බුදුහු ඒ බ්‍රහ්මයා සංවේගකොට ශක්තිමත් පුරුෂයෙක් නැවූ අත දික් කරන්නේ හෝ දික්කළ අත නවන්නේ හෝ යම්සේද, එසේ ඒ බඹලොවින් අතුරුදන්ව ජේතවනාරාමයෙහි පහළවූසේක.
14. ඉක්බිති ඒ බ්‍රහ්මතෙම එක්තරා අතවැසි බ්රහ්මයෙකුට කථාකළේය. ´´එව, නිදුකාණනි, ආයුෂ්මත් මහමුගලන් තෙරුන් ඉන්නා යම් තැනෙක් වේද එතැනට යව. ගොස් ආයුෂ්මත් මහමුගලන් තෙරහුට මෙසේ කියව: ´මුගලන් නම්වූ නිදුකානන් වහන්ස, ඒ භාග්‍යවතුන් වහන්සේගේ මෙසේ මහා ඎධි ඇති, මහා ආනුභාව ඇති, භවත් මුගලන් කාශ්‍යප කප්පින අනුරුද්Ȁdධවහන්සේ වැනි අන්‍යවූත් ශ්‍රාවකයන් වහන්සේලා ඇත්ද?´´
15. ´´එසේයි, නිදුකාණනි, ´´ යි ඒ අතවැසි බ්‍රහ්මයා බඹහුට උත්තර දී මහමුගලන්තෙරුන් යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, මහමුගලන් තෙරුන්ට මෙය
ඤෆු ු15රැ%
කීයේය. ´´මුගලන් නිදුකානන් වහන්ස, ඒ භාග්‍යවතුන් වහන්සේගේ මෙසේ මහා ඎධි ඇති, මහා ආනුභා ඇති, භවත් මුගලන් කාශ්‍යප කප්පින අනුරුද්Ȁdධ වහන්සේ යම්සේද එසේවූ අන්‍යවූ ශ්‍රාවකයෝ ඇත්තාහුද?´´
16. ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරහු ඒ අතවැසි බ්‍රහ්මයාට ගාථායෙන් මෙසේ කීහ:
´´ත්‍රිවිද්‍යාවෙන් සමන්විත, ඎද්Ȁdධිවිධ ඥානයට පැමිණි, පරසිත් දැනීමෙහි දක්ෂ, ආශ්‍රවයන් ක්ෂයකළ අර්හත්වූ බුද්Ȁdධශ්රාවකයෝ බොහෝයි.´´
17. ඉක්බිති ඒ අතවැසි බ්‍රහ්මයා ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ගේ වචනය පිළිගෙන අනුමෝදන්ව ඒ බ්‍රහ්මයා යම් තැනෙකද එතැනට පැමිණියේය.
පැමිණ, ඒ බ්‍රහ්මයාට මෙය කීය: ´´ නිදුකාණනි, ආයුෂ්මත් මහමුගලන් තෙර මෙසේ කීය.
´ත්‍රි.ිවිද්යා සම්පන්න ඎද්Ȁdධිවිධඥානයට පැමිණි, පරසිත් දැනීමෙහි දක්ෂ, ආශ්‍රවයන් ක්ෂය කළ අර්හත්වූ බුද්ධ ශ්‍රාවකයෝ බොහෝය.´´
18. ඒ අතවැසි බ්‍රහ්මයා මෙය කීය. සතුටු සිත් ඇති බ්‍රහ්මතෙම ඒ අතවැසි බ්‍රහ්මයාගේ වචනය සතුටින් පිළිගත්තේය.
__________
6. පමාද සූත්‍රය.
1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
2. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ දහවල් ගතකිරීම පිණිස චිත්තවිවේකයෙන් හුන්සේක.
ඤෆු ු16රැ%
3. ඉක්බිති ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්මද, ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුද්ධාවාසද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියෝය. පැමිණ, වෙන වෙනම උළුවහුකනු වෙත සිටියහ.
4. ඉක්බිති ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්ම, ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුද්ධාවාසට මෙය කීය. ´ නිදුකාණනි, භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට කල් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ දහවල් ගතකිරීමට වැඩියෝ විවේකීවූසේක. අසුවල් බ්‍රහ්ම ලෝකය ධ්‍යාන සැපයෙන් සමෘද්Ȁdධවූයේවෙයි. අභිඥා මලින් පිපුනේවෙයි. එහි බ්‍රහ්මයෙක්ද පමාව වෙසේ. නිදුකාණනි යමු, ඒ බ්‍රහ්ම ලෝකය යම් තැනෙකද එතැනට පැමිණෙමු. පැමිණ ඒ බඹු උනන්දු ඇත්තකු කරමු.´´
5. ´´එසේය, නිදුකාණනි´´ යි ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුද්ධාවාස ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්මට උත්තරදුනි.
6. ඉක්බිති ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්මද, ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුද්ධාවාසද, ශක්තිමත් පුරුෂයෙක් නැවුන අත දික් කරන්නේ හෝ දික්කළ අත නවන්නේ හෝ යම්සේද, එසේ ක්ෂණයෙන් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙන් අතුරුදන්ව ඒ බඹලොව පහළවූහ.
7. ඒ බඹතෙම දුරදීම එන ඒ බඹුන් දුටුවේය. දැක ඔවුන්ට මෙසේ කීය: ´අහ´. දුක් නැත්තාහු, නුඹලා කොතැන්හි සිට එන්නහුද?´´
8. ´´නිදුකාණනි, අපි වනාහි අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් එන්නමු. නිදුකාණනි, ඒ අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන පිණිස නුඹත් යන්නෙහිද?´´
9. මෙසේ කියනු ලැබූ ඒ බඹතෙම ඒ වචනය නොයිවසන්නේ තමා දහස් දෙනෙකු කොට ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්මට මෙසේ කීය. ´´නිදුකාණනි, නුඹ මෙබඳු ඎද්Ȁdධි හා ආනුභා ඇති මා නොදක්නෙහිද?´´
ඤෆු ු17රැ%
10. ´නිදුකාණනි, මෙබඳු ඎද්Ȁdධි හා ආනුභාව ඇති නුඹ මම ඇත්තෙන්ම දකිමි.´´
11. ´නිදුකාණනි, ඒ මම වනාහි මෙසේ මහත් ඎද්ධි මහත් ආනුභාව ඇත්තෙම්, අන් කවර ශ්රමණයෙකුගේ හෝ බ්‍රහ්මණයෙකුගේ හෝ උපස්ථානයට යන්නෙම්ද?´´
12. ඉක්බිති ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්ම තමා දෙදහස් දෙනෙකු කොට මවා ඒ බඹහුට මෙසේ කීය. ´´නිදුකාණනි, මාගේ මෙබඳුවූ ඎද්Ȁdධි ආනුභාව නොදක්නෙහිද?´
13. ´නිදුකාණනි, මෙබඳු ඎද්Ȁdධි ආනුභාව ඇති තොප ඇත්තෙන්ම දක්නෙමි.´´
14. ´නිදුකාණනි, තොපටත් අපටත් වඩා ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි මහත් ඎද්Ȁdධි ඇත්තේද, මහත් ආනුභා ඇත්තේද වනසේක. නිදුකාණනි ඒ අර්හත්වූ සම්මාසම්බුද්Ȁdධවූ භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන පිණිස තොප යනු මැනවි.´´
15. ඉක්බිති ඒ බඹතෙම ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්මහට ගාථායෙකින් ( මෙසේ ) කීය:
´´සුපර්ණ ( ගුරුළු ) රූප තුන්සියයක්ද, හංස රූප හාරසියයක්ද, උකුසු රූප පන්සියයක්ද, ධ්‍යානයෙහි යෙදුනු මාගේ ( විමනෙහි වෙත්. ) බ්‍රහ්මය, මේ විමානය උතුරුදිග්හි ආලෝක කරමින් බබළයි. එසේ ඇති මම කෙසේ නම් අනිකෙකුගේ උපස්ථානයට යන්නෙම්ද?´´
16. ´´නැවත යුෂ්මතුන්ගේ රන් විමානය උතුරුදිග්හි ආලෝක කරමින් බබළාද, රූපයෙහි ජාති, ජරා, මරණ යන දෝෂයද, හැමකල්හි ශීතාදියෙන් නිතර නම්පාවීමද දැක, එහෙයින් මනා නුවණැති තැනැත්තේ රූපයෙහි නොඇලෙයි.´´
ඤෆු ු28රැ%
17. ඉක්බිති ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්මද, ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුද්ධාවාසද, ඒ බ්‍රහ්මයා කළකිරවා එහිම අතුරුදහන්වූහ. ඒ බ්‍රහ්මතෙමද පසු කලෙක වනාහි අර්හත්වූ සම්මාසම්බුද්Ȁdධවූ භාග්‍යවතුන් වහන්සේට උපස්ථානය පිණිස ගියේය.
__________
7. කෝකාලික ( හෙවත් කෝකාලිය ) සූත්‍රය.
1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
2. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ දහවල් ගතකිරීම පිණිස චිත්තවිවේකයෙන් හුන්සේක.
3. ඉක්බිති ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්මද, ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුද්ධාවාසද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ, වෙන වෙනම උළුවහුකණුව වෙත සිටියහ.
4. එවිට ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්ම කෝකාලික භික්ෂුව අරභයා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
´´ මෙලොව කවර නම් නුවණ ඇත්තෙක් ශීලාදියෙන් ප්‍රමාණයක් නැති රහතන් වහන්සේ ප්‍රමාණය කරමින් කල්පනා කරන්නේද? ශීලාදියෙන් ප්‍රමාණයක් නැති රහතන් වහන්සේ පමණ කරන්නාවූ ඒ පෘථග්ජනයා වැසුණු ප්‍රඥා ඇත්තෙකැයි හඟිමි.´´
__________
8. තිස්සක සූත්‍රය.
1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
ඤෆු ු2්රරැ%
2. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ දහවල් ගතකිරීම පිණිස චිත්තවිවේකයෙන් හුන්සේක.
3. ඉක්බිති ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්මද, ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුද්ධාවාසද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ, උළුවහුකණුව ඇසුරුකොට වෙන වෙනම සිටියහ. ඉක්බිතිව ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුද්Ȁdධාවාසතෙම කටමෝරකතිස්සක භික්ෂුව අරභයා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
´´ මෙලොව කවර නම් නුවණ ඇත්තෙක් ශීලාදියෙන් ප්‍රමාණයක් නැති රහතන් වහන්සේ ප්‍රමාණ කරමින් විශේෂයෙන් කල්පනා කරන්නේද? අප්‍රමෙය්‍යවූ රහතන් වහන්සේ ප්‍රමාණ කරන්නාවූ පෘථග්ජනයා (වැසුණු ප්‍රඥා ඇත්තෙකැයි ) අඥානයෙකැයි හඟිමි.´´
__________
9. තුදු බ්රහ්මා සූත්‍රය.
1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල්හි වනාහි කෝකාලික භික්ෂුතෙම හටගත් ආබාධ ඇත්තේ දුක් වූයේද දැඩි ගිලන් වූයේද වී.
2. ඉක්බිති ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ තුදු බ්‍රහ්මතෙම රෑ පෙරයම ඉකුත්වූ කල සියලු දෙව්රම් වෙහෙර තමාගේ ශරීර ආලෝකයෙන් බබුළුවා කෝකාලික භික්ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, අහස සිට කෝකාලික භික්ෂුහට මෙසේ කීය:
ඤෆු ු2ුරැ%
3. ´´කෝකාලික, සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් තෙරහු ශීලවන්තයෝය.´´
´´ ඇවැත්නි, නුඹ කවරෙක්ද?´´
´´ මම තුදු නව් පච්චේක බ.්රහ්ම වෙමි.´´
4. ´´ඇවැත්නි, නුඹ අනාගාමි ( මේ කාම ලෝකයට නැවත නොඑන්නේ ) යැයි භාග්‍යවතුන් වහනසේ විසින් ප්‍රකාශ කරන ලද්දේ නොවේද? එසේ කල්හි මෙහි කුමකට ආයෙහිද? නුඹ විසින් කොතරම් අපරාධයෙක් කරන ලදදැයි බලව.´´
( බ්‍රහ්මතෙම මෙසේ කීය. )
5. ´´( මෙලොව ) උපන් පුද්ගලයාගේ මුඛයෙහි කෙටේරියක් ඇත්තේය. නපුරු වචන කියන අන්ධබාල ( දුර්ජන ) තෙම තමාම නසාගනියි.
´´ යමෙක් නින්දා කටයුත්තා ප්‍රශංසා කරාද, ප්‍රශංසා කටයුත්තා ගර්හා කෙරේද, ඒ පුඟුල්තෙම මුවින් අපරාධ රැස් කර ගනී. ( හෙතෙම ) ඒ අපරාධ කරණකොටගෙන සුවයක් නම් නොවිඳී.
´´ යම් වස්තු පරාදයෙක් වේද, තමනුත් සමග ස්වකීය සියලු දේ සම්බන්ධ ඒ අපරාධය ස්වල්පයි. යම් කිසිවෙක් යහපත් මගින් ගිය පුද්ගලයින් ( රහතුන් ) කෙරෙහි සිත දූෂ්‍ය කරන්නේද, මේ වනාහි මහත් අපරාධය වෙයි.
´´ ලාමකවූ වචනයෙන්ද, සිතෙන්ද, ආය්ර්යන්ට ගරහන පුද්ගලතෙම යම් නරකයකට උත්පත්ති වශයෙන් පැමිණේද, ( එහි ආයුෂ ) නිරබ්බුදයන් සිය දහසෙක් හා ( නිරබ්බුද ) සතිසෙක්ද, අර්බුද පසෙක්ද වෙත්.´´
__________
ඤෆු ු21රැ%
10. දෙවෙනි කෝකාලික සූත්‍රය.
1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. ඉක්බිති කෝකාලික භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පසෙක හුන්නාවූ කෝකාලික භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: ´´ස්වාමීනි, සැරියුත් මුගලන් තෙරහු ලාමක අදහස් ඇත්තාහු ලාමක අදහස්වලට වසඟවූවාහුය.´´
2. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කෝකාලික භික්ෂුවට මෙසේ වදාළසේක: ´´එසේ නොකියව, කෝකාලික, එසේ නොකියව, කෝකාලික, කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන් දෙනම ශීලවන්තයෝය.´´
3. දෙවනුවත් කෝකාලික භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි විශ්වාසකට හැක්කේය, ඇදහියයුතු කථා ඇත්තේය, එසේ වුව සැරියුත් මුගලන් තෙරහු පවිටු අදහස් ඇත්තෝය, පවිටු අදහස්වලට වසඟ වූවාහුය.´´
4. දෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ කෝකාලික භික්ෂුවට මෙසේ කීය: ´´එසේ නොකියව, කෝකාලික, එසේ නොකියව, කෝකාලික, කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන් දෙනම ශීලවන්තයෝය.´´
5. තුන්වෙනුවත් කෝකාලික භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි විශ්වාසකට හැක්කේය, ඇදහියයුතු කථා ඇත්තේය, එසේ වුව සැරියුත් මුගලන් තෙරහු පවිටු අදහස් ඇත්තෝය, පවිටු අදහස්වලට වසඟ වූවාහුය.´´
ඤෆු ු22රැ%
6. තුන්වෙනුවද භාග්‍යවතුන් වහන්සේ කෝකාලික භික්ෂුවට මෙය කීය: ´´එසේ නොකියව, කෝකාලික, එසේ නොකියව, කෝකාලික, කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන් දෙනම ශීලවන්තයෝය.´´
7. ඉක්බිති කෝකාලික භික්ෂුතෙම අසුනෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ, ප්රදක්ෂිණාකොට ගියේය. එසේගොස් නොබෝ වේලාවකින් කෝකාලික භික්ෂුවගේ සකල ශරීරය අබැට පමණවූ පිළිකාවලින් පැතුරුනේ විය. අබ ඇට පමණව, මුං ඇට පමණ විය. මුං ඇට පමණව කඩල පමණ විය. කඩල ඇට පමණව ඩෙබර ඇට පමණ විය. ඩෙබර ඇට පමණව නෙල්ලි පමණ විය. නෙල්ලි පමණව නොපැසුණු බෙලි පමණ විය. නොපැසුණු බෙලි පමණව බෙලි පමණ විය. බෙලි පමණව ගැහුනේය. සැරවද ලේද වැගිරිණි.
8. ඉක්බිති කෝකාලික භික්ෂුව ඒ ලෙඩින්ම මැරුණේය. මැරුණාවූ කෝකාලික භික්ෂුතෙම සැරියුත් මුගලන් කෙරෙහි වෛර බැඳ පදුම නිරයෙහි උපන්නේය.
9. ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙම රෑ පෙරයම ඉකුත් කල සියලු ශරීර ආලෝකයෙන් ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවත්හු වැඳ එකතපසෙක සිටියේය. එකත්පසෙක හුන් සහම්පති බ්‍රහ්මතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: ´´ස්වාමීනි, කෝකාලික භික්ෂුතෙම මැරුණේය. මැරී සැරියුත් මුගලන් දෙතෙරුන් කෙරෙහි වෛර බැඳ පදුම නරකයෙහි උපන්නේය.´´ සහම්පති බ්‍රහ්මතෙම මෙය කීය. මෙසේ කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ ප්රදක්ෂිණා කොට එහිම අතුරුදහන්විය.
10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රිය ඉක්මුණු පසු භික්ෂූන්ට කථාකළසේක. ´´මහණෙනි, මේ රාත්‍රියේ සහම්පති බ්‍රහ්මතෙම රෑ පෙරයම ඉකුත් කල සියලු ජේතවනය ශරීර ආලෝකයෙන් බබුළුවා මම යම් තැනෙකද එතැනට
ඤෆු ු23රැ%
පැමිණියේය. පැමිණ, මා වැඳ එකතපස්ව සිටියේය. මහණෙනි, එකත්පස්ව සිටි බ්‍රහ්මතෙම මට මෙය කීය: ´´ස්වාමීනි, කෝකාලික භික්ෂුතෙම මැරුණේය. ස්වාමීනි, මැරී කෝකාලික භික්ෂුතෙම සැරියුත් මුගලන් දෙතෙරුන් කෙරෙහි වෛර බැඳ පදුම නිරයට උත්පත්තිය වශයෙන් පැමිණියේය.´´ මහණෙනි, සහම්පති බ්‍රහ්මතෙම මෙය කීය. මෙය කියා මා වැඳ ප්රදක්ෂිණා කොට එහිම අතුරුදහන්විය.´´
11. මෙසේ කීකල එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය: ´´ස්වාමීනි, පදුම නිරයෙහි ආයුෂ කොපමණ දිගද?´´ ´´මහණෙනි, පදුම නිරයෙහි ආයුෂ ප්‍රමාණය දිග්මය, වර්ෂ මෙපමණැයි හෝ ශත වර්ෂ මෙපමණැයි හෝ සහශ්‍ර වර්ෂ මෙපමණැයි හෝ සතසහශ්‍ර වර්ෂ මෙපමණැයි හෝ සංඛ්‍යා කිරීමට පහසු නොවේ.´´
12. ´´ස්වාමීනි, උපමා කළ හැකිද?´´
13. ´´හැකිය මහණෙනි´´ යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. ´´ මහණෙනි, යම්සේ කොසොල්රට සංඛ්‍යායෙන් වීසතිඛාරිකයෙක් (දෝන තුන්සිය විස්සක් ) ඇති තල කරත්තයක් වේ නම් එයින් පුරුෂයෙක් වර්ෂ සියයක් හෝ දාහක් අවෑමෙන් එක් තල ඇටයක් බැගින් ඉවත දමන්නේනම් මහණෙනි, ඒ කොසොල්රට සංඛ්‍යායෙන් වීසතිඛාරිකයෙක් ඇති තල කරත්තය ඉතා ඉක්මනින් මේ අයුරින් ගෙවීමෙන් අවසානයට යන්නේය, එහෙත් එතරම් ඉක්මනින් එක අර්බුද නරකයෙක ආයුෂ නොගෙවෙන්නේමය. මහණෙනි, අර්බුද නරකයට අයත් කාල ප්‍රමාණයෙන් විසි ගුණයෙන් නිරර්බුද නරකයෙහි එක් කාලයෙකි. මහණෙනි, නිරබ්බුද නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙක් අබබ නරකයෙහි එක් කාලයෙකි.මහණෙනි, අබබ නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙක් එක් අටට නරකයට අයත් කාලයෙකි. මහණෙනි, අටට නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙන් එක් අහහ නරකයට අයත් කාලයකි. මහණෙනි, අහහ නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙක් එක් කුමුදු නරකයට අයත් කාලයෙකි.
ඤෆු ු24රැ%
මහණෙනි, කුමුදු නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙක් එක් සෝගන්ධික කාලයෙකි. මහණෙනි, සෝගන්ධික නරක ප්‍රමාණයෙන් විංශති ගුණයෙක් එක් උප්පල නරකයට අයත් කාලයෙකි. මහණෙනි, උප්පල නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙක් එක පුණ්ඩරීක නරකයට අයත් කාලයෙකි. මහණෙනි, පුණ්ඩරීක නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙක් එක් පදුම නරකයට අයත් කාලයෙකි. මහණෙනි, කෝකාලික භික්ෂුව සැරියුත් මුගලන් දෙතෙරුන් කෙරෙහි වෛර බැඳ උපන්නේ පදුම නිරයෙහිය.´´
14. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: සුගතවූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා ඉක්බිතිව මෙසේද වදාළසේක:
´´ මෙලොව උපන් තැනැත්තාගේ මුඛයෙහි කෙටේරියක් ඇත්තේය. නපුරු වචන කියන අන්ධබාල දුර්ජනතෙම ඒ කෙටේරියෙන් තමාම වනසයි.
´´ යමෙක් නින්දා කටයුත්තාට ප්‍රශංසාද, ප්‍රශංසා කටයුත්තාට නින්දා හෝ කෙරේද, හෙතෙම මුඛයෙන් අපරාධ රැස් කර ගනී ඒ අපරාධ කරණකොට සුවයක් නම් නොවිඳී.
´´ යම් වස්තු පරාදයෙක් වේද, තමනුත් සමග ස්වකීය සියලු දේ සම්බන්ධ ඒ අපරාධය ස්වල්පයි. යම් කිසිවෙක් යහපත්ව ගිය පුද්ගලයන් ( රහතුන් ) කෙරෙහි සිත දූෂ්‍ය කරන්නේද, මේ වනාහි ( ඊට වඩා ) ඉතා විශාලවූ අපරාධයයි.
´´ ලාමකවූ වචනයෙන්ද, සිතෙන්ද, ආය්‍ර්‍යයන්ට ගරහන පුද්ගලතෙම යම් නරකයකට උප්පත්ති වශයෙන් පැමිණේද, ( එහි ආයුෂ ) නිරබ්බුදයන් සිය දහසෙක් හා ( නිරබ්බුද ) සතිසෙක්ද අර්බුද පසෙක්ද වේ.´´
ප්‍රථම වර්ගයයි.
__________