බ්‍රහ්මජාල සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කාලයකදී භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට හා නාලන්දා නුවරටත් අතර මහ පාරට පන්සියයක් පමණ වූ බොහෝ භික්‍ෂු සංඝයා හා සමග වැඩියෝය. සුප්පිය නම් පිරිවැජියාද බඹදත් නම් තරුණ අතවැසියාද සමග රජගහ නුවරට හා නාලන්දා නුවරටත් අතර මහ පාරට පැමිණියේය. එහිදී සුප්පිය පිරිවැජියා නොයෙක් අයුරින් බුදුන් කෙරෙහි ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි අගුණ කියයි. සුප්පිය නම් පිරිවැජියාගේ අතවැසියාවූ බඹදත් නම් මාණවකයා නොයෙක් අයුරින් බුදුන්ගේ ධර්මයේ සංඝයාගේ ගුණ කියයි. මෙසේ මේ කරුණෙහි ඒ ඇඳුරු-අතවැසි දෙදෙන ඔවුනොවුන් අතර සම්පූර්ණයෙන් විරුඬ කථා ඇත්තාහු භාග්‍යවතුන් වහන්සේගේද භික්‍ෂු සංඝයාගේද පසුපස්සේම ලුහුබැන්දෝය.

2. එවිට භාග්‍යවතුන් වහන්සේ අම්බලට්ඨිකා උයනෙහි රජුන්ගේ විඩා හැරීමාදියට පිළියෙළ වූ රාජාගාරක නම් ශාලාවෙහි එක් රාත්‍රියක් විසීමට භික්‍ෂු සංඝයා සමග පැමිණියෝය. සුප්පිය නම් පිරිවැජියාද එම ශාලාවෙහි එක් රාත්‍රියක් විසීමට බඹදත් නම් තරුණ අතවැසි මාණවකයා සමග පැමිණියේය. එහිදීද සුප්පිය පිරිවැජි නොයෙක් ආකාරයෙන් බුදුන් කෙරෙහි ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි අගුණ කියයි. බඹදත් නම් මාණවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ දහම් ගුණ සඟගුණ කියයි.

3. එකල රෑ පාන්දරින් මණ්ඩලමාල නම් රුස්වීම් ශාලාවෙහි එක්ව රුස්ව වැඩසිටි බොහෝ භික්‍ෂුන් අතරෙහි මේ කථා ධර්‍මය පහළ විය. ´´ඇවැත්නි, සියල්ල දන්නා භගවත් නම්වූ
සියල්ල දන්නා අරහත් නම්වූ සම්‍යක් සම්බුදුන් වහන්සේ විසින් සන්‍වයන්ගේ නොයෙක් අදහස් ඇතිබව යම් පමණ හොඳින් අවබෝධ කරන ලද්දේද (අවබෝධය) පුදුමය. මේ සුප්පිය පිරිවැජියා නොයෙක් ආකාරයෙන් බුදුන්හට ධර්මයට සංඝයාහට දොස් කියයි. පිරිවැජියාගේ අතවැසිවූ බඹදත් නම් මාණවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ දහම් ගුණ සඟගුණ කියයි. භාග්‍යවතුන් වහන්සේගේද භික්‍ෂු සංඝයාගේද පසුපස්සේ ලුහුබැන්දෝ වෙත්´´.

4. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුන්ගේ මේ කථාව දැන රුස්වී වැඩහිඳි ශාලාව යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ පැණවූ ආසනයෙහි වැඩ හුන්නෝය. වැඩහිඳ ´´මහනෙනි, දැන් මොනයම් කථාවකින් යුක්තව සිටියාහුද? තොපගේ මොනයම් කථාවක් පටන් ගෙන සිටියාහුදැ´´ යි ඇසූහ. ඒ භික්‍ෂූහු ´´ස්වාමීනි, අපට මේ කථා ධර්මය පහළ විය. සියල්ල දන්නා සියල්ල දක්නා ඒ අර්හත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ විසින් සන්‍වයන්ගේ නොයෙක් නොයෙක් කල්පනා අදහස් ඇතිබව යම් පමණ යහපත් සේ අවබෝධ කරණ ලද්දේද, මේ වැටහීම පුදුමය. පෙර නුවූ දෙයක් වන්නේය. මේ සුප්පිය පිරිවැජියා නොයෙක් ආකාරයෙන් බුදුරදුන්ට ධර්මයට සංඝයාට දොස් පවරයි. ඔහුගේ අතවැසිවූ බඹදත් නම් මාණවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ දහම් ගුණ සඟගුණ කියයි. විරුඞ මත ඇත්තෝ භාග්‍යවතුන් වහන්සේද භික්‍ෂු සංඝයාද පසුපස්සේ ලුහුබැන්දෝ වෙත්. ස්වාමීන් වහන්ස, අපගේ මේ අතුරු කථාව පටන් ගත්තාය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පැමිණියෝය´´ යි කීහ.

5. ´´මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මය ගැන හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකොට යුත්තේය, අමනාප නොඉපදවිය යුත්තේය, සිත් අසතුටු නොකටයුත්තේය. ඒ නුගුණ කියන්නන් කෙරෙහි ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් එයින් තොපටම අන්තරාය වන්නේය. කිමෙක්ද තෙපි අනුන්ගේ සුභ සිද්ධිය අසුභ සිද්ධිය දන්නහුද?´´

6. ´´ස්වාමීනි ඒ දැනීම නැත´´

´´මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ නුගුණ කියද්ද, එවිට තොප විසින් මෙය, මේ හෙයින් වෙන්ට නුපුළුවන. මෙය මේ නිසා අසත්‍යය. මෙය අප කෙරෙහි නැත. මෙය අප කෙරෙහි දකින්ට නැත. බොරුව බොරුව මෙන් එළිදරවු කළ යුතුය´´.

´´මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියද්ද, ඒ ගුණ කීමෙහි තොප විසින් ප්‍රීති නොකොට යුත්තේය. සිත් අසතුටු නොකට යුත්තේය. සිත්හි උඩඟු බව නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියද්ද, තෙපි ඒ ගුණ කියන්නවුන් කෙරෙහි ඉදින් සතුටු වන්නාහු නම් සිත් අසතුටු වන්නෝවූ නම් උඞගු වන්නෝවූ නම් තොපට එයින් අවැඩ වන්නේය´´.

7. ´´මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියද්ද, එවිට තොප ඒ කරුණ පිළිබඳව මෙය මේ හෙයින් පැහැදිලිය, සත්‍යය, මේ (ගුණය) අප කෙරෙහි ඇත්තේය. මෙය අප කෙරෙහි දකින්ට ලැබේයයි ඇත්ත ඇත්ත මෙන් පහදා දියයුත්තේය´´.

´´මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා යම් කරුණකින් එය කියානම් එය සුළු දෙයකි. සුළු ස්වභාව ගතියෙකි. අඩු දෙයකි. එසේ ගුණ කියන පෘථග්ජනයෙක් යම් කරුණකින් තථාගතයන්ගේ ගුණ කියා නම් කුමක් කියාද?´´

8. ´´ශ්‍රමණ භවත් ගෞතමයෝ ප්‍රාණඝාතය අත්හැර දමා ප්‍රාණයකට හිංසා කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකුණාහ. දඬු මුගුරු නොමැත්තෙක් වේ. පාපයට ලජ්ජා ඇත්තෙකි. දයාවන්ත බවට පැමිණියෙකි. සියලු සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් වාසය කෙරෙයි. ශ්‍රමණ භවත් ගෞතමයෝ නුදුන්දේ ගැනීම අත්හැර දමා නුදුන්දේ ගැනීමෙන් වැළකුණාහ. දුන් දෙයම ගන්නා ස්වභාව ඇත්තාහ. දුන් දෙය ගැනම කැමති වන්නෝය. වංචා රහිතව පිරිසිඳු සිතින් වාසය කරන්නාහ´´ යි.

9. ´´ශ්‍රමණ භවත් ගෞතමයෝ කාම සම්පත් දුරු කොට කාම සැපයෙන් වැළකුනෝය. කාම සම්පතෙන් ඉතාම ඈත් වූවෙකි. ස්ත්‍රීන් පාවා ගැනීම් ආදී නොහොබිනා සිරිතෙන් වෙන් වූවෝය´´ යි.

10. ´´ශ්‍රමණ ගෞතමයෝ බොරු කීමෙන් වැළකුණෝය. සත්‍යම කියති. සත්‍යම ගළපා කියති. ස්ථිර වූ ඇදහිය යුතු කථා ඇත්තෝය. ලෝකයා මුළා කරන විෂම වාද නොකරන්නෝය´´.

´´ශ්‍රමණ ගෞතමයෝ පිසුනු බස් නැමැති කේලාම් කීම අතහැර කේලාම් කීමෙන් වැළකුණෝය. මෙසේ භින්නවූවන් සම්බන්ධව ගළපන ස්වභාව ඇත්තෝය. සමගිවූවන්හට අනුබල දෙන්නෝය. සමගිවූවන් කෙරෙහි ඇලුනාහ. සමගිවූවන් කෙරෙහි සතුටු වෙති. සමගි කරණ වචන කියති´´

´´ශ්‍රමණ ගෞතමයෝ පරුෂ වචනය සත්හැර පරුෂ වචනයෙන් වැළැක්කෝය. යම් වචනයක් නිදොස්ද, කණට සැපද, පෙම් වඩාද, සිත් සතුටු කරයිද, මිහිරිද, බොහෝ දෙනාට ප්‍රිය වේද, බොහෝදෙනාගේ සිත් ප්‍රිය කරන්නේද, එවැනි වචන කියන්නේය´´.

´´ශ්‍රමණ භවත් ගෞතමයෝ සම්ඵප්‍රලාපය අත්හැර නිසරු හිස් බස් බිණීමෙන් වැළකෙන්ණෝය. කියයුතු කාලය සලකා කියන්නෝය. සත්‍යම කියන්නෝය. දියුණුව සලකා කියන්නෝය. ධර්මය කියන්නෝය. (විනය) මනා හික්මීම ගැන කියන්නෝය. සුදුසු කල්හි උපමා කරුණු සහිතවූ යෝග්‍ය ලෙස සීමාසහිතවූ අර්ථයෙන් යුක්තවූ සිතේ තබාගත යුතුවූ වචන කියන්නෝය.

11. ´´ශ්‍රමණ ගෞතමයෝ තණ, ගස්, වැල් ආදීන්ගේ කැඩීම්, සිඳීම්වලින් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ රාත්‍රී කෑමෙන් වැළකී විකාල භෝජනයයි කියන ලද නුසුදුසු කාලයේ කෑමෙන් වෙන්ව එක්වේලේ වළඳන්නෝය´´.

´´ශ්‍රමණ ගෞතමයෝ නැටීම්, ගී කීම්, වැයීම්, කෝළම් බැලීම් ආදියෙන් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ මල්මාලා, සුවඳ දැරීම වැනි සැරසීම් වලින් වැළකුණෝය´´.

´´ශ්‍රමණ ගෞතමයෝ නුසුදුසු උස් ආසන, මහා ආසනයන් ගෙන් වැළකුණෝය´´.

´´ශ්‍රමණ ගෞතමයෝ රන් රිදී, මිළ මුදල්, අමු මාංශ, ස්ත්‍රීන් හෝ ගෑනු (ගැහැනු) දරුවන්, දාසයින් හෝ දාසීන්, එළුවන්, බැටළුවන්, කුකුළන්, ඌරන්, ඇතුන්, ගවයින්, අශ්වයින්, වෙළඹුන්, කුඹුරු, වතු පිළිගැන්මෙන් වැළකුණෝය´´.

´´ශ්‍රමණ ගෞතමයෝ දූත ගමන් සහ ගෙන් ගෙට යන මෙහෙවරින් ගණුදෙනු කිරීම් ආදී වෙළහෙළඳාමෙන්, හොරකිරුමෙන් හා මැනුමෙන්ද රත්රන් වංචා කිරීමාදියෙන්ද අල්ලස් ගැනීම්, වංචා, මායම් කැපීම්, වදදීම්, බැඳීම්, වස්තු බලයෙන් ගැනීම්, ගම් ආදිය පැහැරීම්, බලාත්කාර (බලහත්කාර) ක්‍රියා වලින්ද වැළකුණෝය´´.

´´මහණෙනි මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත අය කියන්නෝය´´ යි වදාළ සේක.

චූල ශීලය නිමි.

12. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙසේ හෝ තණ ගස් වැල් ආදිය විනාශ කිරීමෙහි යෙදී වාසය කරති. මෙයාකාර තණ ගස් වැල් ආදිය විනාශ කිරීමෙන් සම්පූර්‍ණයෙන් වැළකුණේ (වැළකුණෝ) ශ්‍රමණ ගෞතමයෝය´´.

´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරව දේ රුස්කොට තබා ප්‍රයෝජන ගැනීමෙහි යෙදී වාසය කරති. එවැනි දේ නම් ආහාර වර්ග පාව වර්ග රෙදිපිළි ආදී ඇඳීම් රථ වාහන ඇඳ පුටු ආදිය සුවඳ වර්ග තබාගෙන ප්‍රයෝජන විඳීමය. මෙසේ මෙබඳු දේ රුස් කොට තබා ප්‍රයෝජන විඳීමෙන් සම්පූර්‍ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය´´.

13. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි විහිලු දේ දැක්මෙහි යෙදී වාසය කරති. එවැනි දේ නම් – නැටීමය, ගී කිමය, වීණා ආදිය වැයීමය, රඟ මඬුලු බැලීමය, ගොතා රස කර කියන ලද බොරු කථා ඇසීමය, කංසතාලම් හෝ අත්තාලම්ය, මළමිණී නැංවීම නැමැති විජ්ජා කිරීම, බෙර ගැහුම්ය, නෘත්‍යයේදී සිත් ඇලුම් කරන ශරීර චංචලය, සණදෙහුම් කෙළිය, උණගස් ඔසවා නැටුම, මිණී ඇට සෝදා තැබීම්ය, ඇත් පොරය, අශ්ව පොරය, මීවුන් පොරය, ගව පොරය, එළු පොරය, බැටළු පොරය, කුකුළු පොරය, වටුවන් පොරය, පොලු හරඹය, මිටින් මිට ගැසීමේ පොරය, (මල්ලව නම් පොර ඇල්ලීම) යුද්ධ කිරීම, යුදසෙන් පිරික්සීමය, කඳවුරුය, සිවුරඟසේනාව දැකීමය ආදියයි. මෙසේ මෙයාකාර විසුළු දැකීමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය´´.

14. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ප්‍රමාදයට කාරණ වූ මෙයාකාර සූදු කෙළියෙහි යෙදී වාසය කරති. එවැනි දේ නම්- අට මඬුලු(කොටු) කෙළිය, දස මඬුලු(කොටු) කෙළිය, අහස් කෙළිය (කොටු පැනීම) (කට්ටි පැනීම), එක් කොට තබන දේ නොසොල්වා ගැනීමමේ ලම කෙළිය, සිංහ කෙළිය (එනම් සැලුම් කෙළිය කූරු ගැසීමෙන් පින්තූර සෑදීමේ සෙල්ලම බිම හෝ බිත්තිවල ලී කූරු ගසා ඇත් අස් ආදී රූප දක්වා ක්‍රීඩා කිරීම, පන්දු කෙළිය, පත් කුලල්(වස්දඬු) පිඹීමය, නඟුල් කෙළිය, කරනම් ගැසීම, කන්නන්ගුරු කෙළිය (එනම් තල්පත් ආදිය පෙන්නා මුළාකොට කරණ වංචනික ක්‍රිඩාවකි), වැලි ආදිය මැනීමේ සෙල්ලම රථ වාහන යොදා කරන සෙල්ලම, දුනු කෙළිය, අකුරු සෙල්ලම, සිතූදේ කීමේ සෙල්ලම, දෝෂ රූප දක්වා කරන සෙල්ලම යනුය. මෙසේ ප්‍රමාදයට කරුණුවූ සූදු සෙල්ලමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය´´.

15. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ උස් ආසන මහ ආසනයන්හි වාඩිවීමෙන් යුක්තව වාසය කරති. මෙබඳුවූ උස් ආසන මහ ආසනයන්ගෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය´´.

16. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ (ශරීරයට සමබන්ධවූ) සැරසීමය, අඩු තැන් පිරවීමය යන කරුණෙහි යෙදී වාසය කරයි.මෙබඳුවූ සැරසීම් හා අලංකාර කිරීම් ආදියෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය´´.

17. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ වැඩ නැති කථාවෙහි යෙදී වාසය කරති. එනම් රජුන් ගැන කථාය, සොරුන් ගැන කථාය,
මහා ඇමතියන් ගැන කථාය, සේනා ගැන කථාය, භය ගැන කථාය, යුඞ ගැන කථාය, කෑම ගැන කථාය, බීම ගැන කථාය, ඇඳුම් පැළඳුම් ගැන කථාය, නිදාගැනීම් ගැන කථාය, මාලා ගැන කථාය, සුවඳ ද්‍රව්‍ය ගැන කථාය, නෑයන් ගැන කථාය, යාන(රථ) ගැන කථාය, ගම් ගැන කථාය, ගම් අසල නියම්ගම් ගැන කථාය, නුවර ගැන කථාය, ජනයා ගැවසීගත් පළාත් ගැන කථාය, ස්ත්‍රීන් ගැන කථාය, පුරුෂයන් ගැන කථාය, වතුර ගන්නා තැන් වලට හෝ තොටුපළ වලට රුස්වූ අය කරන කථාය, නැසීගිය නෑයින් ගැන කථාය, නොයෙක් (ප්‍රයෝජන නැති දේ) ගැන කථාය, ලෝකයේ මැවුම්කාරයා ආදී විනිශ්චය නැති දේ ගැන කථාය, මහමුහුද ගැන කථාය, ඇතිවීම නැතිවීම ගැන (සීමාරහිත) කථාය. මෙබඳුවූ කථාවෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය´´.

18. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි දූතකම් සහ පණිවිඩ ගෙන යෑමෙහි යෙදී වාසය කරති. කුහකයෝද වෙති. සිවුපසය ලබා ගැනීම පිණිස වචන කියන්නෝද, නිමිති දක්වන්නෝද, අනුන්ගේ ගුණ නැති කිරීමට කථා කිරීමෙන් ලාභ ලබන්නෝද ලාභයෙන් ලාභයක් සොයන්නෝද වෙති. මෙවැනි දූතකම් කරන්නෝද කුහක (ලාභයෙන්) සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය´´.

19. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යාජීවිකාවෙන් ජීවිකාව කෙරෙත්. එනම්-

(ෂ)සාමුද්‍රිකා ශාස්ත්‍රය නිමිත්තෙන් ශුභ අශුභ කීම උත්පාතය කීම, ස්වප්ණ ශාස්ත්‍රය, ලක්‍ෂණ ශාස්ත්‍රය, මූසික ශාස්ත්‍රය, ගිනිපිදීම, යාග කිරීම, අංග විද්‍යාය වාස්තු විද්‍යාය, නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්ති කරන භූත විද්‍යාය, මන්ත්‍ර විද්‍යාය, විෂ විද්‍යාය, ගෝනුසු විද්‍යාය, මීයන් කෑ කල පිළියම් කිරීමේ විද්‍යාය, කුරුලු විද්‍යාය, කපුටු ශාස්ත්‍රය, ආයුෂ මෙපමණ යැයි කීම, ඊ පහරින් වළකන විද්‍යාය, මෘග පක්‍ෂීන්ගේ ශබ්ද දැනීමේ ශාස්ත්‍රය,

(ෂෂ) මාණික්‍යයන්ගේ ශුභ අශුභ කියන මණි ලක්‍ෂණය, දඬු නැනීමෙහි ශුභ අශුභ කියන දණ්ඩ ලක්‍ෂණය, වස්ත්‍ර ලක්‍ෂණය, කඩු දුනු ඊ ආයුධ ලකුණුය, ස්ත්‍රී පුරුෂ පිරිමි ළමයින්ගේ ගෑනු (ගැහැනු) ළමයින්ගේ දාසයින්ගේ දාසීන්ගේ ඇතුන්ගේ අශ්ව මීහරක් ගොන් දෙනුන්ගේ එළු බැටළු කුකුළු වටු කබරගොයින් ආදීන්ගේ ලක්‍ෂණය, හිස් කන් ආදී ආභරණ ලක්‍ෂණය, කැසුබුමෘග ලක්‍ෂණය යනුයි.

(ෂෂෂ) (අසවල් දින) රජුගේ බැහෑර යාම හෝ ආපසු ඒම වෙයි. ඇතුළු නුවර උන් රජුගේ සමීපයට යාම වෙයි. පිට රජුන්ගේ ඉවත යෑම වෙයි. ඇතුළු නුවර රජුන්ට ජය වෙයි. පිට රජුන්ට පරාජය වෙයි. මෙසේ මොහුය ජය වන්නේය. මොහුට පරාජය වන්නේය.

(ෂඪ) චන්‍ද්‍රග්‍රහණය සූය්‍ර්‍යග්‍රහණය වන්නේය. (ග්‍රහ) තාරකාවන්ගේ ග්‍රහණය වන්නේය, චන්‍ද්‍ර සූය්‍ර්‍යයන්ගේ ගමන් (ස්වකීය) මාර්ගයෙහි හෝ අමාර්ගයෙහි වන්නේය. (ග්‍රහ) තාරකාවන්ගේ ගමන් (ස්වකීය) මාර්ගයෙහි හෝ අමාර්ගයෙහි වන්නේය. උල්කාපාත (තාරකා වැටීම) දිසාවන් දැවීම, භූමිකම්පා, අහස ගිගූරුම් වන්නේය. චන්‍ද්‍ර සූය්‍ර්‍ය (ග්‍රහ) තාරකාවන්ගේ උදාවීම, බැසීම, කෙලෙසීම, පිරිසිඳුවීම වන්නේය. මෙබඳු විපාක ඇති චන්‍ද්‍රග්‍රහණයක් සූය්‍ර්‍යග්‍රහණයක් (ග්‍රහ) තාරකා ග්‍රහණයක් වන්නේය. චන්‍ද්‍ර සූය්‍ය යන්ගේ මෙබඳු විපාක ඇති මාර්ග ගමන හෝ අමාර්ග ගමන හෝ (ග්‍රහ) තාරකාවන්ගේ මාර්ග ගමන වන්නේය. මෙබඳු විපාක ඇති අමාර්ග ගමන උල්කාපාතයෙක් (දිසාවන්) දැවීමෙක්, භූමි කම්පාවක්, අහස ගිගූරුමක් වන්නේය. මෙබඳු විපාක ඇති චන්‍ද්‍ර සූය්‍ර්‍ය (ග්‍රහ) තාරකාවන්ගේ මෙබඳු විපාක ඇති උදාවීම, බැහීම (බැසීම), කෙලෙසීම, පිරිසිඳු වීම වන්නේය යනු දක්වන විද්‍යායි.

(ඪ) හොඳින් වැහි හෝ නියඟ හෝ නපුරු වැහි ඇති වන්නේය. ආහාර ආදිය සුලභ වන්නේය හෝ හිඟ වන්නේය. භය හෝ ලෙඩ ඇති වන්නේය හෝ නැති වන්නේයයි කීමද හස්ත්‍ර මුද්‍රා ආදී ලකුණුවලින් යම්දේ ප්‍රකාශ කිරීමේ ශාස්ත්‍රය, ගණිත ශාස්ත්‍රය, ඝණ ප්‍රමාන දැන ගැනීමේ ගණිතය, කාව්‍ය ශාස්ත්‍රය, ලෝකායත විතණ්ඩ ශාස්ත්‍රය, ලෝකස්වභා ශාස්ත්‍රය යන මේ විද්‍යායි.

(ඪෂෂ) විවාහ කැඩවීම, විවාහ කරවීම, හිත් (සිත්) දිනාගැනීම පිණිස වචන කීම, වියෝග කරවීම, වස්තු රැස් කරවීම, වියදම් කරවීම, යහපත් ශ්‍රියාව ඇති කරවීම හෝ නැති කරවීම, ගැප් (ගර්භය) නොනස්නා සේ රැකීම, දිව බැඳීම, හක්ක බැඳීම, අත් පෙරළවන පිණිස මන්ත්‍ර කිරීම, කන් නොඇසීමට මන්ත්‍ර කිරීම, මූණ බලන කන්නාඩියක දේවතාවන් පිහිටවා ප්‍රශ්න ඇසීම, ආවේස වූ ගෑනු (ගැහැනු) දරුවන්ගෙන් ප්‍රශ්න ඇසීම, දෙවිවරුන්ගෙන් ප්‍රශ්න ඇසීම, සූය්‍ර්‍යයාට හෝ බ්‍රහ්මයාට නමස්කාර කිරීම, කටින් ගිනිදැල් පිට කිරීමය, ශ්‍රී දේවිය කැඳවීම යනුයි.

(ඪෂෂ) බාරහාරවීම, බාරහාර ඔප්පූ කිරීම, බිම්ගෙයි සිට උගත් මන්ත්‍ර යොදා ක්‍රිා කිරීම, නපුංසකයා පුරුෂයෙකු කිරීම, පුරුෂයා නපුංසක කිරීම, ගෙවල් තැනීම, ගෙවල් සෑදීමට සුදුසු තැන බලියාග පැවැත්වීම, (අනුහස් ඇතැයි කියන) වතුරෙන් කට ශුඞ කරවීම, අනුන් නැහැවීම, අනුන් සඳහා ගිනි පිදීම, වමනය කරවීම, විරේචන කරවීම, කණේ තෙල් දැමීම, ඇඟේ බෙහෙත් දැමීම, නස්‍ය කිරීම, ඇසට අඳුන් ගෑම, අඳුන් ආදී සිහිල් බෙහෙත් ගෑම, (සැත්) කටු ආයුධ කටු ආදිය යොදා කරන වෙදකම, ශල්‍යකර්මය, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම, (තද) බෙහෙතෙහි විෂ මැරීම යනුයි.

එවැනි ලාමක පහත් විද්‍යාවෙන් කරන මිථ්‍ය ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.

මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.මහණෙනි, ඉදින් කෙලෙස් සහිත ජනයා තථාගතයන්ගේ ගුණ වශයෙන් මෙබන්දක් කියාද එය සුළු දෙයකි. අඩු දෙයකි. සුළු ස්වභාව ගතියෙකි´´.

20. ´´මහණෙනි, අන්‍ය ධර්මයද ඇත්තාහ. ගැඹුරුවූ, දුකසේ දැක්කාවූ, දුකසේ වටහා ගත්තාවූ, මිහිරිවූ, තර්කයෙන් දැනගත නොහැකිවූ, සියුම්වූ, පණ්ඩිතයින් විසින් ගරුකළ යුතුවූ යම් ධර්ම ඇත්තේද එය තථාගතයෝ තමන්ගේ උසස් ඥානයෙන් දැන පිඬුකොට දේශනා කළෝද ඒ ධර්මයෙන් තථාගතයන්ගේ ගුණ හොඳින් ප්‍රකාශවේ. පැහැදිලිව පෙනේ. ඒ ධර්ම කවරහුද?

21. ´´මහණෙනි, සමහර පින්වත් මහණ බමුණෝ පෙර ස්කන්ධ කොටස් ගැන කල්පනා කරති. ඇදහීම ඇත්තෝ වෙති. නොයෙක් ආකාර ඇදහීම් දහ අට ආකාරයකින් ප්‍රකාශ කරති. කවර කරුණක් පිළිගෙන කුමන දෙයක් උදෙසා පෙර ස්කන්ධ කොටස් ගැන කල්පනා කරත්ද?´´.

22. ´´සමහර ඒ පින්වත් මහණ බමුණෝ සදාකාලික බව විශ්වාස කර ආත්මයද ලෝකයද සදාකාලිකයයි සතර ආකාරයකින් දක්වති´´.

23. ´´මහණෙනි, යම් මහණෙක් හෝ බමුණෙක් හෝ වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍යය නිතර යෙදීමෙන් වඩා වීය්‍ර්‍යය නැවත නැවත යෙදීමෙන්, නොපමා වීමෙන්, යහපත් මෙනෙහි කිරීමෙන් යම් පරිද්දෙකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර සිටි තැන් සිහි කරත්ද? එනම්, එක් ජාතියක්ද, ජාති සිය දහසක්ද, අසවල් තැන ඉපදුනෙමි. මෙබඳු නාමයක්, ගෝත්‍රයක්, රූපයක්, ආහාරයක්, සුවදුක්, ආයුෂ ඇත්තෙක්වීමි. ඉන් චුතවී ගොස් අසවල් තැන ඉපදුනෙමි. එයින් චුතවී මෙහි ඉපදුනෙමි. මෙසේ යහපත් ආකාරවූ පුරුදු කිරීම් සහිතවූ නොයෙක් ආකාර පෙර ජීවත්වූ පිළිවෙළ සිහි කරති.

පෙර උප්පත්තිය දකින්නා මෙසේ කියයි. ´´ආත්මයද ලෝකයද සදාකාලිකය. කිසිත් නූපදවයි. පර්වතයක් මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. එහෙයින් ඒ ආත්මය ආශ්‍රය කල සත්වයෝ භවයෙන් භවයට යති. ජීවත් වෙති. එයින් මිදී යති. උපදිත්, සදාකල් සිටිත්. ඊට කරුණු කවරේද? මම කෙලෙස් හීන කරන වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍යය නිතර යෙදීමෙන්, වීය්‍ර්‍යය නැවත නැවත යෙදීමෙන්, නොපමා වීමෙන්, යහපත් මෙනෙහි කිරීමෙන් යම් පරිද්දෙකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර සිටි තැන් සිහි කලෙම්ද එලෙසින් පෙර උප්පත්ති සිහිකිරීමේ ඥානය ලැබූවෙමි. එයින් චුතව මෙහි ඉපදුනෙමි. මෙසේ යහපත් ආකාරවූ උදෙසීම් සහිතවූ නොයෙක් ආකාර පෙර ජීවත්වූ පිළිවෙළ සිහි කරමි.

ආත්මයද ලෝකයද සදාකාලිකය. කිසිත් නූපදවයි. පර්වතයක් මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. ඒ ආත්මය ආශ්‍රය කල සත්වයෝ භවයෙන් භවයට යති. ජීවත් වෙති.

එයින් මිදී යති. උපදිත්, සදාකලික වස්තු මෙන් නිතර නොවෙනස්ව ආත්පය ඇතිබව ඒ කාරණයෙන් මම දනිමි´´ යි කියාය.

´´මහණෙනි, මේ ඒ ප්‍රථම කාරණයයි´´.

24. ´´දෙවෙනි කාරණයෙහිද ඉහත මෙන් සිටිතැන් සිහි කෙරේද, එලෙසින් පෙර උප්පත්ති සිහිතිරීමේ ඥානය ලබයි. එනම්- ´´සංවට්ට විවට්ට´´ නම් කල්පයක්ද, ´´සංවට්ට විවට්ට´´ නම් කල්ප දහයක්ද, අසවල් තැන ඉපදුනෙමි. මෙබඳු නාමයක්, ගෝත්‍රයක්, රූපයක්, ආහාරයක්, සුවදුක්, ආයුෂ ඇත්තෙක්වීමි. ඒ මම ඉන් චුතවී මෙහි ඉපදුනෙමි. මෙයාකාර තේරුම් කරදීම් සහිත නොයෙක් පෙර ජාතිවල උපන් තැන් සිහි කරයි.

ඔහු මෙසේ කියයි.

´´ආත්මයද ලෝකයද සදාකාලිකය. එයින් යමක් නූපදී. පර්වතයක මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. ඒ සත්වයෝද භවයෙන් භවයට යති. ජාතියෙන් ජාතියට ගමන් කරති. චුතවෙත්. උපදිත්. සදාකලික වස්තු මෙන් නොනැසී සිටිත්. ඊට කරුණු කවරේද? මම යම් පරිද්දෙකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර (ජාතිවල) සිටි තැන් සිහි කලෙමි. එයින් චුතව මෙහි ඉපදුනෙමි. මෙයාකාර තේරුම් කරදීම් සහිත නොයෙක් පෙර ජාතිවල උපන් තැන් සිහි කරමි. ආත්මයද ලෝකයද නිත්‍යය. මහමෙර ආදිය මෙන් නොනැසී ඇත්තේයයි මේ කරුණින්ද නිත්‍ය භාවය දනිමි´´යි කියයි.

25. ´´තුන්වැනි කාරණයෙහිද යම් මහණෙක් හෝ බමුණෙක් ඉහත කීසේ පෙර සිටිතැන් සිහි කෙරේද, එලෙසින් පෙර උප්පත්ති සිහිතිරීමේ ඥානය ලබයි. එනම්- ´´සංවට්ට විවට්ට´´ නම් කල්ප හතලිහක්ද, අසවල් තැන ඉපදුනෙමි. ඒ මම ඉන් චුතවී ගොස් අසවල් තැන ඉපදුනෙමි. ඒ මම ඉන් චුතව ගොස් මෙහි උපනිමි´´යි කියා කියයි.

ඔහු මෙසේ කියයි.´´ආත්මයද ලෝකයද සදාකාලිකය. ඒ භවයෙන් යුත් සත්වයෝද භවයෙන් භවයට යති. හැසිරෙති. චුතවෙත්. උපදිත්. සදාකලික වස්තු මෙන් පවතිත්´´.

´´මහණෙනි, මේ ඒ තුන්වැනි කාරණයයි´´

26. ´´හතරවැනි කාරණයෙහිද මහණෙනි, යම් මහණෙක් හෝ බමුණෙක් තර්ක ඥානයෙන් විමසයි. ඔහු තර්කයෙන් සම්පූර්ණයෙන් විමසීමෙන් ලබන ලද තමන්ගේ වැටහීම ලැබ මෙසේ කියයි. ´´ආත්මයද ලෝකයද සදාකාලිකය. එයින් යමක් නූපදී. ඒ ආත්මයෙන් යුත් සත්වයෝද භවයෙන් භවයට යති. ජාතියෙන් ජාතියට ගමන් කරති. චුතවෙත්. උපදිත්. සදාකලික වස්තු මෙන් නොනැසී සිටිත්´´යනුයි.

´´මේ ඒ හතරවැනි කාරණයයි´´.

27. ´´මහණෙනි, යම් මහණහු හෝ බමුණෝ හෝ සදාකාලික බව අදහා ආත්මයද ලෝකයද සදාකාලිකයයි ප්‍රකාශ කරත්ද ඒ සියල්ලෝ මෙකී හතර කාරණයෙන්ම හෝ එයින් එකකින් හෝ ප්‍රකාශ කරති.

28. ´´මහණෙනි, මේ ඒ කරුණු හතර තථාගතයෝ හොඳින් දනිති. මේ වැරදි මතයෙන් යුත් කරුණු මෙසේ ගත් ඇත්තෝ වෙත්. මේ නැවත නැවත ගැනීම් වශයෙන් (තර්කයෙන්) තීරණ කරගත් ඇත්තෝ වෙත්. මේ මෙබඳු ගති ඇත්තෝ වෙත්. මෙබඳු පරලොව ඇත්තෝ වෙත් යනුයි. තථාගතයෝ එය හොඳින් දනිති. ඉන් මත්තෙහිවූ දේද හොඳින් දනිති. ඒ හොඳ දැනුම (තර්කයෙන්) තීරණය කර නොගනිති. කෙලෙස් නැතිකිරීම තථාගතයන් විසින් දක්නා ලද්දේ ලැබූ තීරණයෙන් නොවේ. මහණෙනි, (දුක හෝ සැප) ආදී වේදනා ඇතිවීමේ හේතුවද, එය දුරුවීමේ හේතුවද, රස විඳීමද, ප්‍රතිඵලද, හික්මීමද, ඇති සැටියෙන් දැන තථාගතයෝ කාමාදියෙන් තොරව කෙලෙසුන් ගෙන් මිදුනෝය.

29. යම් ධර්‍මයන් කරණකොටගෙන තථාගතයන්ගේ ගුණය ඇතිසැටි හොඳාකාර කියනු කැමැත්තෝ කියති.

පළමුවැනි බණ වරයි.

__1. ´´මහණෙනි, එක් කොටසක් සදාකාලිකය. එක් කොටසක් සදාකාලික නොවේ යයි අදහන්නාවූ සමහර මහණ බමුණෝ ආත්මය හා ලෝකය එක් කොටසක් සදාකාලිකය. එක් කොටසක් සදාකාලික නොවේ යයි කරුණූ හතරකින් ප්‍රකාශ කරති´´.

2. ´´මහණෙනි, යම්කිසි කලක දීර්ඝ කාලයක් පසුවීමෙන් මේ ලෝකය වැනසෙන කාලයක් එන්නේය. ලොව වැනසෙන කල බොහෝ සෙයින් සන්‍වයෝ ආභස්සර බඹලොව උපදිති. ඔවුහු එහි සිතින් ධ්‍යාන බලයෙන් ඉපිද, ප්‍රීතිය ආහාර කොටගෙන

ඤෆු ්‍ර1රැ%

තමාම බබළන්නේ, අහසේ හැසිරෙමින්, සිත් ප්‍රිය කරන ඇඳුම් පැළඳුම් ඇතිව සිටින්නෝ වෙත්. ඔවුහු එහි බොහෝ කාලයක් සිටිති.

3. ´´මහණෙනි, යම්කිසි විටෙක දීර්ඝ කාලයක් පසුවීමෙන් මෙලොව නැවත හට ගනීද ලොව හටගත් කල එහි හිස්වූ බඹ විමානයක් පහළවේ. එවිට එක්තරා සන්‍වයෙක් ආයුෂ ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන්, ආභස්සර නම් බඹලොවින් චුතවී හිස් බඹ විමනෙහි උපදීයි. ඔහු එහි සිතින් ධ්‍යානයෙන් ඉපිදී, ප්‍රීතිය ආහාර කොට තමන්ගේම ආලෝකයක් ඇතිව අහසේ හැසිරෙමින් ශුභ විමාන ඇත්තෙක් වේ. ඔහු එහි දීර්ඝ කාලයක් සිටී.

4. ඔහු කලක් එහි තනිව විසූ බැවින්, පසුතැවීමක් කා කලකිරීමක් ඇතිවෙයි. ´´වෙනත් සන්‍වයෝද මේ භවයට එත් නම් ඉතා හොඳය´´යි පැතීමෙන්, සිතෙහි චංචල බවක්ද ඇතිවෙයි. ඉන්පසු ආයුෂ ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන්, ආභස්සර බඹලොවින් චුතව බඹ විමනෙහි උපදිත්. ඒ සත්වයාගේ සහාය බවට පැමිණෙත්. ඔවුහුද එහි සිතින් හටගෙන, ප්‍රීතිය ආහාර කොටගෙන, තමන්ගේම ආලෝක ඇතිව ශුභ විමානේ සිට අහසේ හැසිරී දීර්ඝ කාලයක් සිටිති.

5. ´´මහණෙනි, එවිට යම් ඒ සත්වයෙක් මුලින් උපන්නේද ඔහුට මෙසේ සිතෙයි. ´´මම, බ්‍රහ්ම වෙමි. මහා බ්‍රහ්ම වෙමි. අනික් අය යටත් කර සිටින්නෙමි. අනුන් විසින් යටත් කළ නොහැකි වන්නෙමි. ඒකාන්තයෙන් සියල්ල දකිමි. අනුන් මා යටතට ගනිමි. ලෝකයට ප්‍රධාන වෙමි. ලෝක කර්‍තෘ වෙමි. ලෝකය මැවුම්කාරයා වෙමි. ලොවට උතුම් වෙමි. ලොව බෙදන්නෙක් වෙමි. වසඟ කරගන්නෙක් වෙමි. උපන්නාවූද උපදින්නාවූද ලෝකයාගේ පියා වෙමි. මේ සන්‍වයෝ මවිසින් මවන ලද්දෝය. කුමක් හෙයින්ද යත්, ´´අහෝ තව සත්වයෝත් මේ භවයට එන්නෝ නම් යහපතැ´´යි පූර්වයෙහි මට මෙසේ සිතක් ඇතිවිය. එබැවින් මාගේ සිතේ ප්‍රාර්ථනාවෙන් මේ සන්‍වයෝ මේ භවයට පැමිණියෝය´´ යනුයි. ඒ යම් සත්වයෙක් පසුව උපන් විට ඔහුටද මෙසේ සිතෙක් වෙයි. ´´මේ පින්වත් අය බ්‍රහ්මය, මහා බ්‍රහ්මය. සෙස්සන් මැඩ පවත්වන්නෙකි,

අනුන් විසින් මැඩ නොපවත්වන්නෙකි. ඒකාන්තයෙන් සියල්ල දකින්නෙකි, වසවර්තියෙකි, ප්‍රධානයෙකි, ලෝක කර්‍තෘය. ලෝකය මැවුම්කාරයාය. උත්තමයෙකි. ලොව බෙදන්නෙකි, වසඟ කරගන්නෙකි. උපන් ලෝකයාගේ පියෙකි. මේ පිණ්වත් බඹහු විසින් අපි මවන ලද්දෙමු. එයට හේතුව කුමක්ද? අප මෙහි පැමිණ පළමු උපන්නාවූ මොහු දුටුවෙමු. අපි පසුව ඉපදුනෙමු´´ යනුයි.

6.´´මහණෙනි, ඒ යම් පළමුව උපන් සත්වයෙක් වේද ඔහු ඉතා දීර්ඝ ආයුෂ ඇත්තෙක්ද, ඉතා උතුම් රුව ඇත්තෙක්ද, මහා පිරිවර ඇත්තෙක්ද වෙයි. ඒ යම් සත්වයෙක් පසුව උපන්නේද, ඔහු ඉතා අඩු ආයුෂද, රුවෙන් ඉතා අඩුවූද පිරිවර ඇත්තෙක්දවේ. මහණෙනි, ඒ කාරණය සිද්ධවේ. එනම් ඒක්තරා සත්වයෙක් ඒ බ්‍රහ්ම භවයෙන් චුතව මේ මිනිස් බවට පැමිණේ´´.

මේ භවයට ආවාවූ ඔහු ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙයි. ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිව කෙලෙස් හීන කිරීමේ වීය්‍ර්‍ය කොට එම වීය්‍ර්‍ය පුහුණු කර එම වීය්‍ර්‍ය නැවත නැවත යෙදීමට පැමිණ අප්‍රමාදයට පැමිණ හොඳින් භාවන කිරීමය පැමිණ, යම් සේ සිත එකඟ කරගත් විට තමන්ගේ පෙර ජාතිය සිහි කෙරේද, ඒ පෙර ජාතියෙන් මතු සිහි නොකෙරේද, ඔහු මෙසේ කියයි.

´´යම් බ්‍රහ්මයෙක් වේද, ඔහු මහා බ්‍රහ්මයාය. මැඩ පවත්වන්නෙකි, මැඩ පැවැත්විය නොහැක්කේය. අනුමානයක් නැතිව යමක් දන්නෙකි, යටත් කරන්නෙකි, ප්‍රධානයෙකි, සාදන්නෙකි. මවන්නෙකි, ඉතා උසස්ය, බෙදන්නෙකි, වසඟ කරගන්නෙකි, සත්වයින්ට පියෙකි, ඒ යම් යහපත් බඹකු විසින් අපි මවන ලද්දාහු වෙමුද, ඔහු නිත්‍යය, ඒකාන්තය සදාකාලිකය, වෙනස් නොවන ගතියෙන් යුක්තය, සදාකාලික වස්තූන් සමග සම්බන්ධවූ කල එසේම සිටින්නේය. ඒ යහපත් බඹු විසින් අපි මවන ලද්දාහු වෙමු, ඒ අපි අනිත්‍යය, සථිර නැත. ආයුෂ අඩුය, සිටි භවයෙන් චුතව මේ ආත්ම භාවයට ආමෙමු´´යි. මේ ඒ ප්‍රථම කරුණයි.

7. දෙවැනිව මහණෙනි, ක්‍රීඩාවෙන් නැසෙන්නා නම් දෙවියෙක් ඇත්තේය. ඔහු බොහෝ වේලාවක් සිනාවෙහිත්, ක්‍රීඩාවෙහිත් ඇලී වාසය කරයි. ඔහුගේ සිත මුළාවේ. සිහි මුළාව නිසා ඒ දෙවියා දිව්‍ය ශරීරයයෙන් චුතවේ.

8. ´´මහණෙනි, මේ කාරණය දකින්නට ලැබේ. එනම්- එක්තරා සත්වයෙක් ඒ දිව්‍ය ලෝකයෙන් චුතව මේ මිනිස් බවට එයි. මේ ආත්ම භාවයට ආ ඔහු ගිහිගෙය අතහැර ගොස් ශාසනයෙහි පැවිදි වෙයි. ගිහිගෙයින් ගොස් ශාසනයට පැමිණි ඔහු කෙලෙස් හීන කිරීමේ වීය්‍ර්‍ය කොට, එම වීය්‍ර්‍ය පුහුණූකර, එම වීය්‍ර්‍ය නැවත නැවත යෙදීමට පැමිණ, අප්‍රමාදයට පැමිණ, හොඳින් භාවනා කිරීමෙන් යම්සේ සිත එකඟ කරගත් විට තමන්ගේ පෙර ජාතිය සිහි කෙරේද, ඉන් මතු සිහි නොකෙරේද, එසේවූ සිතේ තත්ත්වයක් ලබයි.

9. ඔහු මෙසේ කියයි-´´යම් ඒ පින්වත් දෙවි කෙනෙක් ක්‍රීඩාවෙන් නොවැනසුනේද, ඔහු ඉතා බොහෝ කාලයක් සිනාසීම් ක්‍රීඩා ආදියට නොපැමිණ වාසය කරයි. බොහෝ වේලාවක් සිනාසීම් ක්‍රීඩා ආදියෙහි නොයෙදී වාසය කරන ඔවුන්ගේ සිහිය මුළා නොවේ. සිහි නොමුළාවීමෙන් ඒ දෙවියෝ ඒ ආත්මභාවයෙන් චුත නොවේ. ඔහු නිත්‍යවූවෝ ඒකාන්තවූවෝ, සදාකාලික වූවෝ, නොවෙනස්වන ගති ඇත්තෝව, සදාකාලිකවූ වස්තුමෙන් එසේම සිටිත්. යම් එබඳුවූ අපි ඉතා වැඩිවූ ක්‍රීඩාවෙන් ක්ලාන්තවීමුද, ඒ අපි අධික වේලාවක් සිනා කෙළියෙහි ඇලී සැපැයන් යුක්තව වාසය කරමු. වැඩි වේලාවක් සිනාසීම් ක්‍රීඩා ආදියෙහි යෙදී වාසය කළාවූ අපේ සිහි මූළාවිය. මුළාවීමෙන්ම අපි ඒ දිව්‍ය භාවයෙන් චුතවී අනිත්‍යවීමු. ස්ථිර නැතිවීමු. සුළු ආයුෂ ඇත්තෝ වූම්හ. මැරෙන ස්වභාව ඇතිවීමේ මිනිස් බවට ආවෙමු´´යි කියාය.

10. තුන්වැනිවද, මහණෙනි, ´´මනොපදොසික´´ (සිත කිලුටුවීම) නම් දෙවියෙක් ඇත. ඔහු බොහෝ වේලා ක්‍රෝධ සිතින් ඔවුනොවුන් දෙස බලයි. සිත කිලුටු කරගනී. ඒ දෙවියා ඒ දිව්‍යභාවයෙන් චුතවේ.

11. ´´මහණෙනි, මෙවැනි දෙයක් සිදුවේ. එක්තරා සත්වයෙක් ඒ දිව්‍ය භාවයෙන් චුතව මෙලොවට එයි.

කෙලෙසුන් හීන කරන යහපත් කල්පනාවට පැමිණ මෙවැනිවූ සිතෙහි සමාධිය ලබයි. ඒ සමාධියට ගිය සිතින් පෙර විසූ ඒ ජාතිය සිහි කෙරේ, ඉන් ඈතට සිහි නොකෙරේ.

12. ඔහු මෙසේ කියයි- ´´යම් ඒ පින්වත් දෙවියෝ සිත කිලුටු කරන්නෝ නොවෙත් නම් ඔවුහු දීර්ඝ කාලයක් ඔවුනොවුන් දෙස කෝප සිතින් නොබලත් නම් එවිට ඔවුහු වැඩි කලක් ඔවුනොවුන් කෝප සිතින් නොබලා ඔවුනොවුන් කෙරෙහි සිත් දුෂ්ට නොකෙරෙත්. ඔවුනොවුන් කෙරෙහි දුෂ්ට සිත් නැති ඔවුහු වෙහෙස නුවූ ශරීර ඇත්තෝද, වෙහෙස නුවූ සිත් ඇත්තෝද වෙත්. ඒ දෙවියෝ දිව්‍ය ආත්ම භාවයෙන් චුත නොවෙත්. ඔවුහු නිත්‍යය, සථිරය, සදාකාලිකය, නොපෙරලෙන ස්වභාව ඇතියහ. සදාකාලික (දේ) මෙන් එසේම සිටිති. නමුත් අපි යම් කරුණකින් සිත් කිලුටු කර ගනිමුද, එවිට අපි ඒ දෙවු භවයෙන් චුතව මෙසේ අනිත්‍යය, අසථිරය, ආයුෂ අඩු, චුතවන ස්වභාව ඇති මේ මිනිසත් බවට පැමිණියෙමු´´යි. මේ ඒ තුන්වන කරුණයි.

13.(පරිවර්තන දෝෂයක් ඇත)

14. ´´මහණෙනි, කෙළවරක් ඇත කෙළවරක් නැතයයි අදහන සමහර මහණ බමුණෝ ලොා්කය කෙළවරක් ඇත කෙළවරක් නැතයයි කරුණු සතරකින් ප්‍රකාශ කරති.

15. ´´මහණෙනි, මේ ලෝකයෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ යම් සේ සිත එකඟකර ගත් කල (සක්වල කෙළවර කොට) සිතීමෙන් ලෝකයේ කෙළවරක් ඇතැයි සිත එකඟ කිරීමක් ඇතිව වාසය කරයි. ඔහු මෙසේ කියයි. ´´හාත්පස වටවූ මේ ලෝකයේ කෙළවරක් ඇත්තේය. එසේ කීමට හේතු කුමක්ද? මම කෙලෙස් නැති කරන වීය්‍ර්‍ය කොට, ඒ වීය්‍ර්‍ය නැවත නැවත පුහුණු කොට අප්‍රමාදව යහපත් කල්පනාව ඇතිකොට යම් සේ සිත එකඟ කරගත් කල කෙළවරක් ඇති ලෝකයේ වාසය කෙරෙම්ද, එබඳු සිත් එකඟ වීමක් ලබා ගත්තෙමි. මේ හේතුවෙන් මම ලෝකය කෙළවරක් ඇතිව හාත්පසින් වටවූ බව දනිමි´´. මේ පළමුවැනි කරුණ මෙන් ප්‍රකාශ කරති.

16. ´´දෙවැනිවද මහණෙනි, යම් මහණෙක් හෝ බමුණෙක් හෝ (සක්වල කෙළවර කොට) සිතීමෙන් ලෝකයේ කෙළවරක් ඇතැයි සිත එකඟ කිරීමක් ඇතිව වාසය කරයි. ඔහු මෙසේ කියයි. ´´මේ ලෝකය අනන්තය. කෙළවරක් නැත්තේය. එසේ කීමට හේතු කුමක්ද? මම කෙලෙස් නැති කරන වීය්‍ර්‍ය කොට යම් සේ සිත එකඟ කරගත් කල යම් සේ ලොව කෙළවරක් නැතැයි දැනීමක් ඇතිව ලෝකයේ වාසය කෙරෙම්ද, එබඳු සිත් එකඟ වීමක් ලබා ගත්තෙමි. මෙයින් ලෝකය අනන්තය. කෙළවරක් නැත්තේයයි දනිමි´´.

මේ දෙවැනි කරුණ මෙන් ප්‍රකාශ කරති.

17. ´´තුන්වැනිවද මහණෙනි, මේ ලෝකයෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ යම් සේ සිත එකඟකර ගත් කල සමාධිගත සිත උඩින් යටින් නොවඩා හරහට වැඩූ බැවින් ලෝකයේ උඩින් යටින් කෙළවරක් ඇතැයි හරහට කෙළවරක් නැතැයි යන චිත්ත සමාධියක් ලබා වාසය කරයි. ඔහු මෙසේ කියයි. ´´මේ ලෝකය කෙළවරක් ඇත්තේද කෙළවරක් නැත්තේද වෙයි. ´´මේ ලෝකය කෙළවරක් ඇත. කෙළවරක් හාත්පසින්ම ඇතැ´´යි මෙසේ යම් මහණ බමුණෝ කියත්ද ඔවුන්ගේ ඒ කීම බොරුවේ. ´´මේ ලෝකය කෙළවරක් ඇත (නැත) හාත්පසින් වටවී ඇත (නැතැ)´´යි මෙසේ මහණ බමුණෝ කියත්ද ඔවුන්ගේ ඒ කීමද බොරුවේ.

මේ ලෝකය කෙළවරක් ඇත්තේද, කෙළවරක් නැත්තේද වෙයි. එසේ කීමට හේතු කුමක්ද? මම කෙලෙස් නැති කරන වීය්‍ර්‍ය කොට යම් සේ සිත එකඟ කරගත් කල ලොව උඩ යට කෙළවරක් ඇති බවට ලකුණු ඇත්තේ යයිද හරහට කෙළවරක් නැති බවට ලකුණු ඇත්තේ යයිද එබඳු ධ්‍යානයක් ලැබ වාසය කරමි. මෙයින් මම ලෝකය කෙළවරක් ඇතැයිද නැතැයිද දනිමි´´. මේ තුන්වැනි කරුණ මෙන් ප්‍රකාශ කරති.

18. ´´සතරවැනිවද මහණෙනි, මෙහි තර්කයෙන් විමසීම කර බලන්නාවූ යම් මහණෙක් හෝ බමුණෙක් ඇත්ද ඔහු තර්ක මාර්ගයෙන් විමසා බැලීමෙන් තමන්ගේ වැටහීම අනුව මෙසේ කියයි. ´´මේ ලෝකය කෙළවරක් ඇත්තේ නැත, කෙළවරක් නැත්තේ නැත. යම් ඒ මහණ බමුණෝ මේ ලෝකය කෙළවරක් ඇතැයිද, හාත්පසින්ම වටවී තිබේයයිද කියත් නම් ඔවුන්ගේ ඒ කීම බොරුය,

යම් ඒ මහණ බමුණෝ මේ ලෝකය කෙළවරක් නැතැයිද, හාත්පසින්ම වටවී නැතැයිද කියත් නම් ඒ කීමත් බොරුය. යම් ඒ මහණ බමුණෝ මේ ලෝකය කෙළවරක් ඇතැයිද, කෙළවරක් නැතැයිද කියත්ද ඔවුන්ගේ කීම බොරුය. මෙලොව කෙළවරක් ඇත්තේ නැත. මෙලොව කෙළවරක් නැත්තේ නැත´´. මේ ඒ සතරවැනි කරුණයි.

19. ´´මහණෙනි යම් මහණ බමුණෝ කෙළවරක් ඇත, කෙළවරක් නැත යයි අදහා කෙළවරක් ඇත කෙළවරක් නැත යන මේ කරුණු සතරින් ප්‍රකාශ කරති. මේ සියල්ලෝ මේ කරුණු සතරින් හෝ මින් එක් කරුණකින් හෝ එසේ ප්‍රකාශ කරත්. මේ ප්‍රකාශයට මින් පිටත් අනික් කරුණක් නැත´´.

20. ´´මහණෙනි ඒ මේ කරුණු තථාගතයෝ දනිති. මේ වැරදි මත මෙසේ ගත් අය මෙසේ තීරණය කරගත් අය මෙබඳු ගති ඇත්තෝ වෙත්, මෙබඳු පරලොවක් ඇත්තෝ වෙත් යනුයි. තථාගතයෝ එයද දනිති. ඒ දැනුම (ලෝභ, ද්වේශ, මෝහයෙන් ඇතිවූ) තීරණයක් නොවේ. (තර්ක ආදියෙන්) තීරණයක් නොකරන තථාගතයන්ගේ කෙලෙස් නිවීම තමන් විසින්ම අවබෝධ කරන ලදි.

මහණෙනි, වේදනාවන්ගේ නැගීමද, බැසීමද, භුක්ති විඳීමද, ප්‍රතිඵලද, හික්මීමද ඇතිහැටි දැන තථාගතයෝ ඇල්මක් නොකොට කෙලෙසුන්ගෙන් මිදුනෝය. එය තථාගතයෝ උසස් ඥාණයෙන් තමන්ම දැන වදාරති. එයින් (ඒ ධර්මයෙන්) තථාගතයන්ගේ ගුණ ඇතිහැටි කියන්නෝ හොඳින් කියත්´´.

21. ´´මහණෙනි සමහර මහණ බමුණෝ ´අමරා වික්‍ෂෙප´ (අතට අසුනොවන ආඳුන්) නම් ඇදහීමක් ඇත්තෝ වෙත්. ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල කරුණු සතරකින් ´අමරා වික්‍ෂෙප´ වූවෝ වචන දමා ගැසීමෙන් ´අමරා වික්‍ෂෙපයට´ පැමිණෙත්´´.

22. ´´මහණෙනි, මේ ලෝකයෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ කුසල්යයි ඇති හැටි නොදනියි. මෙසේ ඔහු බොරු කීමට භයින් බොරු කීමට ලජ්ජාවෙන් මේ කුසල්යයි නොපවසති. මේ අකුසලැයිද නොපවසති. ඒ ඒ තැන ප්‍රශ්න ඇසූ කල ´අමරා වික්‍ෂෙප´ නම් වචන දමා ගැසීමට පැමිණේ. මේ ප්‍රථම කරුණයි´´.

23. ´´දෙවැනිවද මහණෙනි, මේ ලෝකයෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ කුසල්යයි හරිහැටි නොදනියි. මේ අකුසල්යයි හරිහැටි නොදනියි.

මෙසේ ඔහු තද ඇල්මට භයින්, තද ඇල්මට ලජ්ජාවෙන් මේ කුසල්යයි නොපවසති. මේ අකුසල්යැයි නොපවසති. ඒ ඒ තැන ප්‍රශ්න ඇසූ කල ´අමරා වික්‍ෂෙප´ නම් වචන දමා ගැසීමට පැමිණේ´´.

24. ´´තුන්වැනිවද මහණෙනි, මෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ කුසල්යයි හරි ආකාර නොදනියි. මේ අකුසල්යයි හරි ආකාර නොදනියි.

මහණෙනි අමරා වික්‍ෂෙපකවූ සමහර බමුණෝ යම් කරුණකට පැමිණ යමක් හේතුකොට ගෙන ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල වචන දමා ගැසීම නම් වූ අමරා වික්‍ෂෙපයට පැමිණෙත්ද, මේ ඒ තුන්වැනි කරුණයි´´.

25. ´´සතරවැනිවද මහණෙනි, මෙහි යම් මහණෙක් හෝ බමුණෙක් නුවණ නැතිව ලොකු මෝඩයෙක් වේ. ඔහු අනුවණ බැවින් බොහෝ මෝඩ බැවින් ඒ ඒ තැනදී ප්‍රශ්න කළ කල ´අමරා වික්‍ෂෙප´ නම්වූ වචන දමා ගැසීමට පැමිණේ´´.

මහණෙනි අමරා වික්‍ෂෙපකවූ සමහර බමුණෝ යම් කරුණකට පැමිණ යමක් හේතුකොට ගෙන ඒ ඒ තැනදී ප්‍රශ්න කළ කල වචන දමා ගැසීම නම් වූ අමරා වික්‍ෂෙපයට පැමිණෙත්ද, මේ ඒ සතරවැනි කරුණයි´´.

26. ´´මේ සතරින් හෝ එයින් එකකින් හෝ එසේ පැමිණෙත්. මෙයින් පිටත් කිසි කරුණකින් නොවේ´´.

27. ´´මහණෙනි ඒ මේ කරුණු තථාගතයෝ දනිති.´´

´´මහණෙනි, සමහර මහණ බමුණෝ අහේතුක (ඉබේ) උප්පත්ති ඇතැයි විශ්වාස කරති. ඔවුහු කරුණු දෙකකින් ආත්මයද ලෝකයද (ඉබේ) අහේතුකව උපන්නේ යයි ප්‍රකාශ කරති.

28. ´´මහණෙනි, ´´රූපය පමණක් ඇත්තා´´ නම් දෙවි කෙනෙක් වේ. ඔහු ජීවිතයත් ඊළඟ ජීවිතයත් එකතු කරණ සිත (ප්‍රතිසන්ධි චිත්තය) පහළවීමෙන් ඒ දේව භාවයෙන් චුත වෙත්. ඔහු මෙසේ කියයි.- ´´ආත්මයද ලෝකයද හේතුවක් නැතිව (ඉබේ) උපන්නේය. එසේ කියන්නේ මන්ද? මම පූර්වයෙහි නොවීමි. ඒ මම පෙර නොවී (නොසිට) දැන් සත්ව භාවයට පැමිණියෙමි´´.

29. ´´දෙවැනිවද මහණෙනි, මේ ලෝකයෙහි යම්කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ තර්ක කරන්නෙක්ව, විමසන්නෙක්ව මෙසේ කියයි´´. ´´ආත්මයද ලෝකයද අහේතුකව (ඉබේම) උපන්නේය´´.

30. ´´මහණෙනි, ඒ මහණ බමුණෝ හේතුවක් නැති උප්පත්තිය ඇතැයි විශ්වාස කර මේ කරුණු දෙකින් ආත්මයද ලෝකයද (ඉබේ) හේතුවක් නැතිව උපන්නේ යයි ප්‍රකාශ කරති. ඒ සියල්ලෝම මේ කරුණු දෙකින් හෝ එයින් එකකින් හෝ එසේ ප්‍රකාශ කරති. මෙයින් පිට කරුණකින් නොවේ´´.

31. ´´මහණෙනි, ඒ මේ මහණ බමුණෝ අතීතය ගැන කල්පනා කරන්නෝව, අතීතය ගැන ඇදහීම් ඇත්තෝව, අතීතය ගැන කරුණු දහ අටකින් නොයෙක් මත දක්වන වචන කියති. ඒ සියල්ලෝම මේ කරුණු දහ අටෙන් හෝ මොවුන් අතරින් එකකින් හෝ කියති. මෙයින් පිටත වූවක් නොකියති´´.

32. ´´මහණෙනි, අනාගතය කල්පනා කරන්නාවූ, අනාගතය ගැන විශ්වාස ඇති, අනාගතය ගැන කරුණු හතලිස් හතරකින් නොයෙක් මත දක්වන වචන කියන්නාවූ මහණ බමුණෝ ඇත්තාහුය´´.

33. ´´මහණෙනි, මරණින් මතු ආත්මයෙහි ලකුණු (සංඥා) ඇත්තේයයි මත ඇති සමහර මහණ බමුණෝ ඇත්තාහුය. මරණින් මත්තෙහි සංඥා ඇති ආත්මයද දහසය ආකාරයකින් ඔවුහු ප්‍රකාශ කරත්.

ආත්මය රූප සහිතය, නිත්‍යය, මරණින් මතු ලකුණු ඇත්තේයයි ප්‍රකාශ කරති. ආත්මය අරුපීය, නිත්‍යය, මරණින් මතු ලකුණු ඇත්තේයයි ප්‍රකාශ කරති. ආත්මය රූප ඇත්තේද රූප නැත්තේද වෙයි, නිත්‍යය, මරණින් මතු ලකුණු ඇත්තේයයි ප්‍රකාශ කරති. ආත්මය රූපයක් නැත්තේමද අරූප නැත්තේ නොවෙයිද වෙයි.

ආත්මය කෙළවරක් (අන්තයක්) ඇත්තේ වෙයි. ආත්මය කෙළවරක් නැත්තේ වෙයි. ආත්මය කෙළවරක් ඇත්තේද නැත්තේද වෙයි. ආත්මය කෙළවරක් නැත්තේද නොම නැත්තේද වෙයි. ආත්මය එකම ලකුණු වලින් යුතු වෙයි. ආත්මය නොයෙක් ලකුණු වලින් යුතු වෙයි. ආත්මය ඉතා කුඩා ලකුණු වලින් යුතු වෙයි. ආත්මය සීමාවක් නැති ලකුණෙන් යුතු වෙයි. ආත්මය නොඅනුමාන සැපයෙන් යුතු වෙයි. ආත්මය නොඅනුමාන දුකින් යුතු වෙයි. ආත්මය දුකසැප දෙකෙන් යුතු වෙයි. ආත්මය නොදුකින් යුතු නොසැපෙන් යුතු වෙයි. ඒ ආත්මය නිත්‍යය, මරණින් මතු ලකුණු ඇත්තේයයි ප්‍රකාශ කරති. ඒ සියල්ලෝ මේ සොළොස් වස්තුවෙන් එසේ ප්‍රකාශ කරත්. නැතහොත් මෙයින් එකකින් ප්‍රකාශ කරත්. මෙයින් පිටතවූ එකකින් ප්‍රකාශ නොකරත්´´.

34. ´´මහණෙනි, සමහර මහණ බමුණෝ මරණින් මතු ලකුණු නැතැයි අදහන්නෝව කරුණු අටකින් මරණින් මතු ආත්මය මරණින් මතු ලකුණු නැත්තක් කොට ප්‍රකාශ කරත්´´.

35. ´´මරණින් පසු රූප ඇති නිත්‍ය ආත්මයක් වෙයි. එය ලකුණු නැත්තේයයි ප්‍රකාශ කරත්. රූපය නැති ආත්මයක් වෙයි. එය ලකුණු නැත්තේයයි ප්‍රකාශ කරත්. රූපය ඇත්තාවූද රූපය නැත්තාවූද ආත්මයක් වෙයි. රූපය නැත්තාවූද අරූපය නැත්තාවූද ආත්මයක් වෙයි. අනන්තයක් ඇත්තාවූද ආත්මයක් වෙයි. අනන්තයක් නැත්තාවූද ආත්මයක් වෙයි. අනන්තයක් ඇත්තාවූද, අනන්තයක් නැත්තාවූද ආත්මයක් වෙයි. අනන්තයක් නොම ඇත්තාවූද, අනන්තයක් නොම නැත්තාවූද ආත්මයක් වෙයි. එය මරණින් මතු නිත්‍යවූ බැවින් ලකුණු නැත්තේයයි ප්‍රකාශ කරත්´´.

36. ´´මහණෙනි, සමහර මහණ බමුණෝ මතු නොම සංඥා (ලකුණු) ඇති, නොම අසංඥා (ලකුණක් නුවූදේ) ඇති මත ඇත්තෝ වෙත්. ඔහු කරුණු අටකින් මරණින් මතු ආත්මය නොම සංඥා නොම අසංඥා කොට පණවත්´´.

37. ´´මරණින් මතු ආත්මය නිත්‍යය, රූප ඇත්තක්ය, නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි ප්‍රකාශ කරත්. මරණින් මතු අරූපීවූ ආත්මය නිත්‍යය, නොම සංඥා ඇතිවූ නොම අසංඥා ඇතිවූයයි ප්‍රකාශ කරත්. රූපීවූද අරූපීවූද ආත්මය නිත්‍යය, නොම සංඥා ඇතිවූ නොම අසංඥා ඇතිවූයයි ප්‍රකාශ කරත්. නොම රූප ඇති නොම අරූප ඇති ආත්මය නිත්‍යය, නොම සංඥා ඇතිවූ නොම අසංඥා ඇතිවූයයි ප්‍රකාශ කරත්. කෙළවරක් ඇති ආත්මයක් වෙයි. එය නිත්‍යය, මරණින් මතු නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි ප්‍රකාශ කරත්. කෙළවරක් නැති ආත්මයක් වෙයි. එය නිත්‍යය, මරණින් මතු නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි ප්‍රකාශ කරත්. කෙළවරක් ඇත්තාවූද නැත්තාවූද ආත්මයක් වෙයි. එය නිත්‍යය, මරණින් මතු නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි ප්‍රකාශ කරත්. කෙළවරක් නැත්තාවූද කෙළවරක් නොම ඇත්තාවූද ආත්මයක් වෙයි. එය නිත්‍යය, මරණින් මතු නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි ප්‍රකාශ කරත්´´.

38. ´´මහණෙනි, සමහර මහණ බමුණෝ සංසාරයක් නැතැයි විශ්වාස කර සත්වයාගේ නැතිවීම, විනාශය සහ භවය නැතිවී යෑම කරුණු හතකින් ප්‍රකාශ කරත්´´. ´´පින්වත, සතර මහා භුතයන්ගෙන් හටගත් මවුපියන්ගේ සම්බන්ධයෙන් උපන් ර්ෑපයක් ඇති මේ ආත්මය ශරීරයෙන් ත්වන් වීමෙන් නැති වන්නේය, විනාශ වන්නේය, මරණින් මතු නොවන්නේය. පින්වත, මෙපමණකින් මේ ආත්මය හොඳින් නැතිවී ගියේය´´.

39. වෙන අයෙක් ඔහුට මෙසේ කියයි.- ´´පින්වත, ඔබ කියන ඒ ආත්මය ඇත්තේය, එය ඇත්තේ නැතැයි නොකියමි. පින්වත, මෙතෙකින් ඒ ආත්මය හොඳාකාර නැතිවී ගියේ නැත. පින්වත, රූපයක් ඇති, කාම ලෝකයේ හැසිරෙන කෑම කන අන්‍ය දිව්‍ය ආත්මයක් ඇත්තේය. එය ඔබ නොදනියි, නොදකියි. මම එය දනිමි, දකිමි. පින්වත, ඒ ආත්මය ශරීරයෙන් වෙන්වූ පසු නැතිවී යන්නේය. මරණින් මතු නොවන්නේය. පින්වත, එපමණකින් මේ ආත්මය නැතිවී ගියේ වෙයි´´.

40. වෙන අයෙක් ඔහුට මෙසේ කියයි.- ´´පින්වත, ඔබ කියන ඒ ආත්මය ඇත, එය නැතැයි නොකියමි. පින්වත, මෙපමණකින් ඒ ආත්මය හොඳාකාර නැතිවී නොගියේය. පින්වත, රූපයක් ඇති, සිත් උපදවන ලද, සියලු අවයව ඇති, දැනීමට උපකාර වන නොපිරිහුන අවයවයන් ඇති අන්‍ය දිව්‍ය ආත්මයක් ඇත්තේය. එය ඔබ නොදනියි, නොදකියි. මම එය දනිමි, දකිමි. පින්වත, යමකින් ඒ ආත්මය ශරීරයෙන් වෙන්වීමෙන් සිඳෙන්නේය. මරණින් මතු නොවන්නේය. පින්වත, එපමණකින් මේ ආත්මය මනාකොට නැතිවී ගියේ වෙයි´´.

41. වෙන අයෙක් ඔහුට මෙසේ කියයි.- ´´පින්වත, ඔබ කියන ඒ ආත්මය ඇත, එය නැතැයි නොකියමි. පින්වත, මෙපමණකින් ඒ ආත්මය හොඳාකාර නැතිවී නොගියේය. පින්වත, අන්‍ය හැම කාරණයකින් රූප ලකුණු පිටකිරීමෙන් නැනෙ ලකුණු බැසීමෙන් නොයෙක් ආත්ම ලකුණු අමතක වීමෙන් ආකාශය නිමක් නැතැයි ´´ආකාශානඤ්චායතන´´ නම් පළමුවැනි අරූප බ්‍රහ්ම ලෝකයට පැමිණි ආත්මයක් ඇත. එය ඔබ නොදනියි, නොදකියි. මම එය දනිමි, දකිමි. පින්වත, යම් කලෙක ඒ ආත්මය ශරීරයෙන් වෙන්ව නැතිවී යන්නේද, විනාශවී යන්නේද, මරණින් මතු නොවන්නේද, පින්වත, මෙපමණකින් මේ ආත්මය හොඳාකාර නැතිවී ගියේ වෙයි´´.

42. වෙන අයෙක් ඔහුට මෙසේ කියයි.- ´´පින්වත, ඔබ කියන ඒ ආත්මය ඇත, එය නැතැයි නොකියමි. පින්වත, මෙතෙකින් ඒ ආත්මය හොඳාකාර නැතිවී නොගියේය. පින්වත, හැම ආකාරයෙන් ´´ආකාශානඤ්චායතන´´ නම් පළමුවැනි අරූප බ්‍රහ්ම ලෝකයෙන් ඉක්මවී සිත කෙළවරක් නැතැයි ´´විඤඤාණඤ්චායතනය´´ නම් බ්‍රහ්ම ලෝකයට පැමිණි ආත්මයක් ඇත. එය ඔබ නොදනියි, නොදකියි. මම එය දනිමි, දකිමි. පින්වත, යම් කාලයකදී ආත්මය ශරීරයෙන් වෙන්ව නැතිවී යන්නේද, විනාශවී යන්නේද, මරණින් මතු නොවන්නේද, පින්වත, මෙපමණකින් මේ ආත්මය හොඳාකාර නැතිවී ගියේ වෙයි´´.

43. වෙන අයෙක් ඔහුට මෙසේ කියයි.- ´´පින්වත, ඔබ කියන ඒ ආත්මය ඇත, එය නැතැයි නොකියමි. පින්වත, මෙතෙකින් ඒ ආත්මය හොඳාකාර නැතිවී නොගියේය.

පින්වත, හැම ආකාරයෙන් ´´විඤඤාණඤ්චායතනය´´ නම් බ්‍රහ්ම ලෝකයෙන් ඉක්මවී කිසිවක් නැතැයි ´´ආකිඤ්චාඤ්ඤායතනය´´ නම් බ්‍රහ්ම ලෝකයට පැමිණි ආත්මයක් ඇත. එය ඔබ නොදනියි, නොදකියි. මම එය දනිමි, දකිමි. පින්වත, යම් කාලයකදී ඒ ආත්මය ශරීරයෙන් වෙන්වී නැතිවී යන්නේද, මරණින් මතු නොවන්නේද, පින්වත, මෙපමණකින් මේ ආත්මය හොඳාකාර නැතිවී ගියේ යයි´´ මෙසේ යම් කෙනෙක් සත්වයාගේ නැතිවී යාම, විනාශය, භවය නැතිවී යාම ප්‍රකාශ කරයි´´.

44. වෙන අයෙක් ඔහුට මෙසේ කියයි.- ´´පින්වත, ඔබ කියන ඒ ආත්මය ඇත, එය නැතැයි නොකියමි. පින්වත, මෙතෙකින් ඒ ආත්මය හොඳාකාර නැතිවී නොගියේය. පින්වත, හැම ආකාරයෙන් ´´විඤඤාණඤ්චායතනය´´ නම් බ්‍රහ්ම ලෝකයෙන් ඉක්මවී කිසිවක් නැතැයි ´´ආකිඤ්චාඤ්ඤායතනය´´ නම් බ්‍රහ්ම ලෝකය ඉක්ම කොට මෙය ශාන්තය, මෙය මිහිරියයි ´´නේවසඤ්ඤානාසඤ්ඤායතනය´´ නම් බ්‍රහ්ම ලෝකයට පැමිණි ආත්මයක් ඇත. එය ඔබ නොදනියි, නොදකියි. මම එය දනිමි, දකිමි. පින්වත, යම් කාලයකදී ඒ ආත්මය ශරීරයෙන් වෙන්වී නැතිවී යන්නේද, විනාශ වන්නේද, මරණින් මතු නොවන්නේද, පින්වත, මෙපමණකින් ඒ ආත්මය හොඳාකාර නැතිවී ගියේ යයි´´ මෙසේ යම් කෙනෙක් සත්වයාගේ නැතිවී යාම, විනාශය, භවය නැතිවී යාම ප්‍රකාශ කරයි´´.

45. ´´මහණෙනි, සමහර මහණ බමුණෝ (දිට්ඨධම්ම නිබ්බානවාද) මේ ආත්ම භාවයේදීම නිර්වාණය අත්වේයයි අදහන්නෝ වෙති´´.

46. ´´මහණෙනි, මේ ලෝකයෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙබඳු මත ඇත්තෙක් මෙබඳු ඇදහීම් ඇත්තෙක් වෙයි. ´´පින්වත, යම් දිනෙක මේ ආත්මය පංචකාම ගුණයෙන් යුතුවූයේ, අත්වූයේ ඉන්ද්‍රියයන් පිනවාද, මෙපමණකින්, මේ ආත්මය මේ ආත්ම භාවයේදීම නිර්වාණයට පැමිණියේ වෙයි´´ කියාය´´.

47. වෙන අයෙක් ඔහුට මෙසේ කියයි.- ´´ඔබ කියන ඒ ආත්මය ඇත, එය නැතැයි නොකියමි. පින්වත, මේ ආත්මය මෙපමණකින් මේ ආත්මයේම නිවණට නොපැමිණියේ වෙයි. ඊට හේතු කුමක්ද? කම්සැප අනිත්‍යය, දුකය. පෙරළෙන ආකාරය. (කාම සැපයේ) පෙරළීම, වෙනස්වීම නිසා ශෝක, වැළපීම්, දුක්, කණගාටු සහ තද ශෝකය උපදින්නෝය. පින්වත, යම් කාලයකදී ඒ ආත්මය කාමයෙන් වෙන්ව අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, සිත අරමුණට නගා අරමුණෙහි සිත හසුරුවා වීවේකයෙන් හටගත් ප්‍රීති සහිත සැප ඇති පළමුවැනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, පින්වත එමපණකින් මේ ආත්මය මේ ආත්මයේදීම නිවණට පැමිණියේ වෙයි´´.

48. වෙන අයෙක් ඔහුට මෙසේ කියයි.- ´´ඔබ කියන ඒ ආත්මය ඇත, එය නැතැයි නොකියමි. පින්වත, ඒ ආත්මය මෙපමණකින් මේ ආත්මයේදී නිවණට පැමිණියේ නැත. ඊට හේතු කුමක්ද? එහි යම් විසඳා බලන විචාරයෝ වෙත්ද, ඔවුන් නිසා ඒ ධ්‍යානය ලාමක සේ පෙනෙයි. පින්වත, යම් කාලයකදී මේ ආත්මය විසඳා බලන විචාරයින්ගේ සතුටුවීමෙන් සිතේ විශේෂ සතුටු ගතිය සහ එකඟකමින් යුක්තවූ, විසඳා බැලීමෙන් තොරවූ, විචාර රහිතවූ, සමාධියෙන් ඇතිවූ ප්‍රීතිය සහ සැප ඇති දෙවැනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, පින්වත මෙපණකින් මේ ආත්මය මේ ආත්මයේදීම නිවණට පැමිණියේ වෙයි´´.

49. වෙන අයෙක් ඔහුට මෙසේ කියයි.- ´´ඔබ කියන ඒ ආත්මය ඇත, එය නැතැයි නොකියමි. පින්වත, ඒ ආත්මය මෙපමණකින් මේ ආත්මයේදී නිවණට පැමිණියේ නැත. ඊට හේතු කුමක්ද? එහි ප්‍රීතියද, සිතේ උඩඟු බවද හේතුකොට ගෙන ඒ ධ්‍යානය ලාමකයයි පෙනේ.

පින්වත, යම් කාලයකදී මේ ආත්මය ප්‍රීතියේ නොඇලීමෙන් සිහි ඇතිව නුවණ ඇතිව උනන්දුවක් ඇතිව වාසය කරයිද, ශරීරයෙන් සැප විඳීද, උත්තමයෝ ය ධ්‍යානයකට උනන්දූ නැතිබව ඇත්තෝය, සිහි ඇත්තෝය, සැප විවේකය ඇත්තෝයයි කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, පින්වත මෙපණකින් මේ ආත්මය මේ ආත්මයේදීම නිවණට පැමිණියේ වෙයි´´.

50. වෙන අයෙක් ඔහුට මෙසේ කියයි.- ´´ඔබ කියන ඒ ආත්මය ඇත, එය නැතැයි නොකියමි. පින්වත, ඒ ආත්මය මෙපමණකින් මේ ආත්මයේදී නිවණට පැමිණියේ නැත. ඊට හේතු කුමක්ද? එහි සැපයයි සිතෙහි ධ්‍යානයෙන් නැගිට නැගිට සැපය නැවත සිහි කිරීම වේද, එයින් එය ලාමකයයි හැඟේ. පින්වත, යම් කලෙක මේ ආත්මය සැප නැති කිරීමෙන්ද, දුක නැති කිරීමෙන්ද, පළමුවෙන්ම සතුට අසතුට නැතිව යෑමෙන් දුක නැති සැප නැති උපේක්‍ෂාව නිසා සිහියේ පරිශුධිය ඇති හතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, පින්වත මෙපණකින් මේ ආත්මය මේ ආත්මයේදීම නිවණට පැමිණියේ වෙයි´´.

51. ´´මහණෙනි, ඒ මහණ බමුණෝ (ලෝක) අවසානය ගැන කල්පනා කර (ලෝක) අවසානය ගැන මත ඇතිකර ගෙන කරුණු හතලිස් සතරකින් (ලෝක) අවසානය ගැන නොයෙක් මත දක්වන වචන කියති´´.

52. ´´මහණෙනි, යම්කිසි මහණ බමුණෝ (ලෝකයේ) පටන් ගැන්ම කල්පනා කරත්ද, (ලෝක) අවසානය ගැන කල්පනා කරත්ද, (ලෝකයේ) පටන් ගැන්ම අවසානය කල්පනා කරත්ද, (ලෝකයේ) පටන් ගැන්ම අවසානය ගැන මත ඇතිතෝ වෙත්ද, (ලෝකයේ) පටන් ගැන්ම අවසානය ගැන කරුණු හැට දෙකකින් නොයෙක් ආකාර මත දක්වන වචන කියති´´.

53. ´´මහණෙනි, මේ කාරණයෙහි මත හැට දෙක අතුරෙන් යමකින් ඒ මහණ බමුණෝ සදාකාලික බවක අදහන්නෝ ආත්මයද ලෝකයද සදාකාලික කොට ප්‍රකාශ කරත්ද,

යම් මහණ බමුණෝ කොටසක් සදාකාලිකය, කොටසක් සදාකාලික නොවේය යන මත ඇත්තෝව ආත්මයද ලෝකයද කොටසක් සදාකාලිකයයිද, කොටසක් සදාකාලික නොවේයයිද ප්‍රකාශ කරත්´´.

54. ´´යම් ඒ මහණ බමුණෝ නිමක් ඇත නිමක් නැත යන මතය ඇත්තෝව ලෝකයේ නිමක් ඇති බවද නැති බවද ප්‍රකාශ කරත්´´.

යම් ඒ මහණ බමුණෝ (ආඳන් මෙන්) අසුනොවන ගති ඇත්තෝව ඒ ඒ කාරණයෙහි ප්‍රශ්න විචාරන ලද්දාහු වචනයන්ගේ වියවුල් ගතියට කෙලවරක් නැති වියවුල් ගතියට පැමිණෙන්ද,

55. යම් ඒ මහණ බමුණෝ අහේතුකව උපන්නේය යන යන මතය ඇත්තෝව ආත්මයද, ලෝකයද අහේතුකව උපන් බව ප්‍රකාශ කරත්ද,

56. යම් ඒ මහණ බමුණෝ අවසානය කල්පනා කරන්නෝව අවසානය ගැන මත ඇත්තෝව අවසානය ගැන මත ප්‍රකාශ කරත්ද,

මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක්යයි මත ඇත්තෝව මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක් කොට ප්‍රකාශ කරත්ද,

මරණින් මතු ආත්මය ලකුණු නැත්තක්යයි මත ඇත්තෝව මරණින් මතු ආත්මය ලකුණු නැත්තක් කොට ප්‍රකාශ කරත්ද,

මරණින් මතු ආත්මය ගැන ´´ප්‍රකට සංඥාවක් නැත්තේය´´ (නෙවසංඥා නාසංඥ) යන මත ඇත්තෝව මරණින් මතු ආත්මය ප්‍රකට සංඥාවක් නැති දෙයක් කොට ප්‍රකාශ කරත්ද,

සංසාරයක් නැතැයි මත ඇත්තෝව කරුණු සතකින් සත්වයාගේ (ජීවිතයෙන්) සිඳීම, විනාශය, භවය නැතිවීම ප්‍රකාශ කරත්ද,

මේ ජාතියේම නිවන් අත්වේයයි මත ඇත්තෝව සත්වයාගේ මේ ජාතියේම නිවන් අත්වීම ප්‍රකාශ කරත්ද,

(ලෝක) අවසානය කල්පනා කරන්නෝව (ලෝක) අවසානය ගැන මත ඇත්තෝව (ලෝක) අවසානය ගැන නොයෙක් මත ප්‍රකාශ කරත්ද,

(ලෝකයේ) පටන් ගැන්ම කල්පනා කරත්ද, (ලෝක) අවසානය ගැන කල්පනා කරත්ද, (ලෝකයේ) පටන් ගැන්ම අවසානය කල්පනා කරත්ද, (ලෝකයේ) පටන් ගැන්ම අවසානය ගැන මත ඇතිතෝව (ලෝකයේ) පටන් ගැන්ම අවසානය ගැන නොයෙක් ආකාර මත ප්‍රකාශ කරත්ද,

සදාකාලික බවක අදහන්නෝ ආත්මයද ලෝකයද සදාකාලික කොට ප්‍රකාශ කරත්ද,

කොටසක් සදාකාලිකය, කොටසක් සදාකාලික නොවේය යන මත ඇත්තෝව ආත්මයද ලෝකයද කොටසක් සදාකාලික කොට, කොටසක් සදාකාලික නොකොට ප්‍රකාශ කරත්ද,

එය ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.

57. ´´නිමක් ඇත නිමක් නැත´´ යන මතය ඇත්තෝව කරුණු සතරකින් ලෝකයේ නිමක් ඇති බවද නැති බවද ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.

(ආඳන් මෙන්) අසුනොවන ගති ඇත්තෝව ඒ ඒ කාරණයෙහි ප්‍රශ්න විචාරන ලද්දාහු වචනයන්ගේ වියවුල් ගතියට කෙලවරක් නැති වියවුල් ගතියට පැමිණෙද්ද එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.

58. (ආත්මයද ලෝකයද) අහේතුකව උපන්නේය යන මතය ඇත්තෝව ආත්මයද, ලෝකයද අහේතුකව උපන්නක් කොට ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.

ලෝක අවසානය කල්පනා කර (ලෝක) අවසානය ගැන මත ඇත්තෝව (ලෝක) අවසානය ගැන නොයෙක් ආකාර මත ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.

මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක්යයි මත ඇත්තෝව මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක් කොට ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.

59. ´´මහණෙනි, යම් මහණ බමුණෝ මරණින් මතු ආත්මය ලකුණු නැත්තක්යයි මත ඇත්තෝව කරුණු අටකින් ආත්මය ලකුණු නැත්තක් කොට ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.

(ආත්මය පිළිබඳ) මරණින් මතු ´´ප්‍රකට සංඥාවක් නැත්තේය´´ (නෙවසංඥා නාසංඥ) යන මත ඇත්තෝව මරණින් මතු ආත්මය ප්‍රකට සංඥාවක් නැති දෙයක් කොට ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.

(ආත්මය ගැන) සංසාරයක් නැතැයි මත ඇත්තෝව සත්වයාගේ (ජීවිතයෙන්) සිඳීම, විනාශය, භවය නැතිවීම ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.

මේ ජාතියේම නිවන් අත්වේයයි මත ඇත්තෝව සත්වයාගේ මේ ජාතියේම නිවන් අත්වීම ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.

(ලෝක) අවසානය කල්පනා කරන්නෝව (ලෝක) අවසානය ගැන මත ඇත්තෝව (ලෝක) අවසානය ගැන නොයෙක් මත ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.

(ලෝකයේ) පටන් ගැන්ම කල්පනා කරත්ද, (ලෝක) අවසානය ගැන කල්පනා කරත්ද, (ලෝකයේ) පටන් ගැන්ම අවසානය කල්පනා කරත්ද, (ලෝකයේ) පටන් ගැන්ම අවසානය ගැන මත ඇතිතෝව (ලෝකයේ) පටන් ගැන්ම අවසානය ගැන නොයෙක් ආකාර මත ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.

සදාකාලික බවක් අදහන්නෝව ආත්මයද ලෝකයද සදාකාලික කොට ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.

කොටසක් සදාකාලිකය, කොටසක් සදාකාලික නොවේය යන මත ඇත්තෝව ආත්මයද ලෝකයද කොටසක් සදාකාලික කොට, කොටසක් සදාකාලික නොකොට ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

නිමක් ඇත නිමක් නැත යන මතය ඇත්තෝව ලෝකයේ නිමක් ඇති බවද නැති බවද ප්‍රකාශ කරත්ද,

ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

(ආඳන් මෙන්) අසුනොවන ගති ඇත්තෝව ඒ ඒ කාරණයෙහි ප්‍රශ්න විචාරන ලද්දාහු වචනයන්ගේ වියවුල් ගතියට කෙලවරක් නැති වියවුල් ගතියට පැමිණෙත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

අහේතුකව උපන්නේය යන මත ඇත්තෝව ආත්මයද, ලෝකයද අහේතුකව උපන් බව ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

60. (ලෝක) අවසානය කල්පනා කරන්නෝව අවසානය ගැන මත ඇත්තෝව (ලෝක) අවසානය ගැන නොයෙක් ආකාර මත ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක්යයි මත ඇත්තෝව මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක් කොට ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

මරණින් මතු ආත්මය ලකුණු නැත්තක්යයි මත ඇත්තෝව මරණින් මතු ආත්මය ලකුණු නැත්තක් කොට ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

61. ´´මහණෙනි, යම් ඒ මහණ බමුණෝ මරණින් මතු ආත්මය ගැන ´´ප්‍රකට සංඥාවක් නැත්තේය´´ (නෙවසංඥානාසංඥ) යන මත ඇත්තෝව මරණින් මතු ආත්මය ප්‍රකට සංඥාවක් නැති දෙයක් කොට ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

සංසාරයක් නැතැයි මත ඇත්තෝව සත්වයාගේ (ජීවිතයෙන්) සිඳීම, විනාශය, භවය නැතිවීම ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

මේ ජාතියේම නිවන් අත්වේයයි මත ඇත්තෝව සත්වයාගේ මේ ජාතියේම නිවන් අත්වීම ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

(ලෝක) අවසානය කල්පනා කරන්නෝව (ලෝක) අවසානය ගැන මත ඇත්තෝව (ලෝක) අවසානය ගැන නොයෙක් මත ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

(ලෝකයේ) පටන් ගැන්ම කල්පනා කරත්ද, (ලෝක) අවසානය ගැන කල්පනා කරත්ද, (ලෝකයේ) පටන් ගැන්ම අවසානය කල්පනා කරත්ද, (ලෝකයේ) පටන් ගැන්ම අවසානය ගැන මත ඇතිතෝව (ලෝකයේ) පටන් ගැන්ම අවසානය ගැන නොයෙක් ආකාර මත ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

62. ´´මහණෙනි, යම් ඒ මහණ බමුණෝ සදාකාලික බවක් අදහන්නෝව ආත්මයද ලෝකයද සදාකාලික කොට ප්‍රකාශ කරත්ද, කොටසක් සදාකාලිකය, කොටසක් සදාකාලික නොවේය යන මත ඇත්තෝ වෙත්ද, නිමක් ඇත නිමක් නැත යන මත ඇත්තෝ වෙත්ද, (ආඳන් මෙන්) අසුනොවන ගති ඇත්තෝ වෙත්ද, (ආත්මයද ලෝකයද) අහේතුකව උපන්නේය යන මත ඇත්තෝ වෙත්ද, (ලෝක) අවසානය කල්පනා කරන්නෝ වෙත්ද, මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක්යයි මත ඇත්තෝ වෙත්ද, මරණින් මතු ආත්මය ලකුණු නැත්තක්යයි මත ඇත්තෝ වෙත්ද, මරණින් මතු ආත්මය ගැන ´´ප්‍රකට සංඥාවක් නැත්තේය´´ (නෙවසංඥා නාසංඥ) යන මත ඇත්තෝ වෙත්ද, සංසාරයක් නැතැයි මත ඇත්තෝ වෙත්ද, මේ ජාතියේම නිවන් අත්වේයයි මත ඇත්තෝ වෙත්ද, (ලෝක) අවසානය කල්පනා කරන්නෝ වෙත්ද, (ලෝකයේ) පටන් ගැන්ම කල්පනා කරන්නෝ වෙත්ද, අවසානය ගැන කල්පනා කරත්ද, (ලෝකයේ) පටන් ගැන්ම අවසානය කල්පනා කරත්ද, (ලෝකයේ) පටන් ගැන්ම අවසානය ගැන මත ඇතිතෝව (ලෝකයේ) පටන් ගැන්ම අවසානය ගැන නොයෙක් ආකාර මත ප්‍රකාශ කරත්ද, ඒ සියල්ලෝම හය ආකාර ස්පර්ශයන්ගේ

වෑයමෙන් ස්පර්ශ කොට හැඟීම් ඇතිකර ගන්නාහුය. ඔවුන්ට ´´වේදනාවෙන් තන්හාව වෙයි, තන්හාව හේතුවෙන් තද ඇල්ම වෙයි, තද ඇල්ම හේතුවෙන් භවය වෙයි, භවය හේතුවෙන් (ජාතිය) ඉපදීම වෙයි, ඉපදීම හේතුවෙන් දිරීම, මරණ, ශෝක, වැළපීම්, දුක, කණගාටු, තද වෙහෙස හටගනිත්.

මහණෙනි, යම් කලෙක මහණෙක් හය ආකාර ස්පර්ශ (ස්පර්ශායතනයන්ගේ) උප්පත්තියද, බැසීමද, භුක්ති විඳීමද, ප්‍රතිඵල විඳීමද තතු ලෙස දනීද ඔහු මේ සියල්ලටම වඩා ඉතා උසස් ධර්මයන් දනී´´.

63. ´´මහණෙනි, යම්කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ (ලෝකයේ) පටන් ගැන්ම කල්පනා කරන්නෝ හෝ (ලෝක) අවසානය කල්පනා කරන්නෝ හෝ, (ලෝකයේ) පටන් ගැන්ම අවසානය කල්පනා කරන්නෝ හෝ, (ලෝකයේ) පටන් ගැන්ම අවසානය ගැන මත ඇතිතෝව (ලෝකයේ) පටන් ගැන්ම අවසානය ගැන නොයෙක් ආකාර මත ප්‍රකාශ කරත්ද, ඒ සියල්ලෝ (මිථ්‍යා) දැලෙහි ඇතුළත් කරන අය එහිම මතුවෙන්නාහුය. පාවෙන්නාහුය. – එහි ඇතුළත් වූවාහූ (ජලය යටට ගියාහු) මතුවෙන්නාහු පානෙන්නාහුය.

මහණෙනි, යම් දක්‍ෂ මසුන් මරන්නෙක් විලකට බැස එහි මසුන් සියල්ලෝ දැල ඇතුලට කරන ලද්දාහු එහි බැඳුනාහු, කිමිදෙන්නහුය, පාවෙන්නාහුය.

මහණෙනි, එලෙසින්ම යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ (ලෝකයේ) පටන් ගැන්ම කල්පනා කරන්නෙක්ව හෝ (ලෝක) අවසානය කල්පනා කරන්නෙක්ව හෝ, පටන් ගැන්ම අවසානය කල්පනා කරන්නෙක්ව හෝ, (ලෝකයේ) පටන් ගැන්ම අවසානය ගැන මත ඇතිතෙක්ව (ලෝකයේ) පටන් ගැන්ම අවසානය ගැන නොයෙක් ආකාර මත ප්‍රකාශ කරත්ද, ඒ සියල්ලෝම (මිථ්‍යා) දැලෙහි ඇතුළත් කරන ලද්දාහු එහිම මතුවෙන්නාහුය. කිමිදෙන්නහු පාවෙන්නාහුය. එහි ඇතුළත් වූවාහූය, දැල ඇතුළත බැඳුනාහු, මතුවෙන්නාහු පානෙන්නාහුය.

මහණෙනි, යම් සේ අඹ වල්ලේ නටුව කැපුන කල නටුවේ බැඳුන සියළු අඹ ගෙඩි නටුව අනුව යන්නේද, මහණෙනි, එලෙසම භවයට ඇති ආශාව සිඳිනලද

තථාගතයන්ගේ ශරීරය පවතී. යම්තාක් ශරීරය පවතීද, ඒ තාක් දෙව් මිනිස්සු ඒ ශරීරය දකිති. ශරීරය බිඳී වෙන්වීමෙන් පසු ජීවිතය (ප්‍රතිසන්ධි රහිතව) පිරිහුණු බැවින් දෙවි මිනිස්සු තථාගතයන් නොදකිති.

64. මෙසේ වඳාළ කල ආයුෂ්මත් ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කියා සිටි සේක. ´´ස්වාමීනි, පුදුමයි. ස්වාමීනි, බොහෝ පුදුමයි. ස්වාමීනි, මේ ධර්ම ක්‍රමයට මොනයම් නමක් විය යුතුද?´´

´´ආනන්දය, එසේ වීනම්, මේ ධර්ම ක්‍රමය ´´අර්ථ ජාල´´යයි (නම) දරව, ´´ධර්ම ජාල´´යයිද එය දරව, ´´දෘෂ්ටි ජාල´´යයිද එය දරව, ´´නිරුත්තර සංග්‍රාම විජය´´යයිද එය දරවැයි´´ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාල සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේ දෙසූ ධර්මයට පැසසූහ. මේ ගාථා නැති සූත්‍රය (වෙය්‍යාකරණ ධර්මය) දේශනා කරන කල දස දහසක් ලෝක ධාතුව කම්පා විය.

පළමුවන බ්‍රහ්මජාල සූත්‍රය නිමි

27. අග්ගඤ්ඤ සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ පූර්වාරාන්‍යයෙහි වැඩ වසන්නාහ.එකල වාසෙට්ඨ, භාරද්වාජ නම් සාමනේර දෙනම භික්‍ෂුභාවය බලාපොරොත්තු වෙමින් භික්‍ෂූන් සමීපයෙහි වෙසෙත්.

එකල භාග්‍යවතුන් වහන්සේ සවස් වේලයෙහි විවේකයෙන් නැඟී සිට ප්‍රාසාදයෙන් බැස පහයෙහි සෙවනැල්ල පවත්නා පසු භාගයෙහි අවකාස්ථානයක සක්මන් කළහ.

එවිට වාසෙට්ඨ, භාරද්වාජ දෙනම භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ සක්මන් කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ අනුව සක්මන් කළාහුය.

එකල භාග්‍යවතුන් වහන්සේ වාසෙට්ඨ හට කථාකොට මෙසේ කීවාහුය. ´´වාසෙට්ඨය, තෙපි වනාහි බ්‍රාහ්මණ ජාති ඇත්තෝ වූවාහුය. බ්‍රාහ්මණයෝ තොපට අපහාස නොකෙරෙත් ද? හෙළාදැකීම නොකෙරෙත් ද?´´

2. ´´ස්වාමීන් වහන්ස, ඒකාන්තයෙන්ම බමුණෝ අපට අපහාස කෙරෙති.´´

´´බ්‍රාහ්මණයෝ අපට මෙසේ කියති. ´´බ්‍රාහ්මණ තෙමේම උතුම් වංශ ඇත්තේය. අන්‍යයෝ හීන වංශ ඇත්තෝය. බ්‍රහ්මයා විසින මවන ලද්දාහුය. බ්‍රහ්මයා ගෙම නෑයෝ වෙති. ඒ තෙපි ශ්‍රේෂ්ඨ වංශය හැරපියා හීන වූ මාර පක්‍ෂයෙහි වූ බඹහුගේ පාදයෙන් උපන්නා වූ අපිරිසිදු වූ මුඩු මහණහු කෙරෙහි පැවිදිවීම් නම් වූ ඒ හීන වංශයට පැමිණීම තොපට නුසුදුසුයි´´ කියාය.´´

´´වාසෙට්ඨය, බ්‍රාහ්මණයන්ගේ ඔසප් වූද, දරුගැබ් ඇත්තා වූද, දරුවන් වදන්නා වූද, දරුවන්ට කිරි පොවන්නා වූද බැමිණියෝ දක්නා ලැබෙති. ඒ බ්‍රාහ්මණයෝ යෝනි මාර්ගයෙන්ම උපන්නෝව මෙසේ කියති. ඔහු තුමූ බ්‍රහ්මයාට ද බොරුවෙන් හෙළා දකිත්. බොරු ද කියත්. බොහෝ පව් ද රැස්කර ගනිත්.´´

3. ´´වාසෙට්ඨය, මේ වංශ සතරක් වෙත්. එනම්, ක්‍ෂත්‍රියෝය, බ්‍රාහ්මණයෝය, වෛශ්‍යයෝය (වෙළඳුන්ය), ශුද්‍රයෝය (කම්කරුවෝය) කියාය. වාසෙට්ඨය, මේ ලෝකයෙහි සමහර ක්‍ෂත්‍රියෙක් ප්‍රාණාත කරන්නෙක් වෙයි. නුදුන් දෙය ගන්නෙක් වෙයි. කාමයෙහි වරදවා හැසිරෙන්නෙක් වෙයි. බොරු කියන්නෙක් වෙයි. කේලාම් කියන්නෙක් වෙයි. පරුෂ වචන කියන්නෙක් වෙයි. හිස් වචන කියන්නෙක් වෙයි. දැඩි ලෝභය බහුල කොට ඇත්තෙක් වෙයි. (ක්‍රෝධයෙන්) වෙනස් වූ සිත් ඇත්තෙක් වෙයි. මිත්‍යාදෘෂ්ඨි (වැරදි දැකීම්) ඇත්තෙක් වෙයි.´´

´´මෙසේ යම් ධර්ම කෙනෙක් අකුසල වෙත් ද, ඒ ධර්මයෝ සමහර ක්‍ෂත්‍රියයෙකු කෙරෙහි දක්නා ලැබෙත්. ඒ ධර්මයෝ සමහර බ්‍රාහ්මණයෙකු කෙරෙහි ද, සමහර වෛශ්‍යයෙකු කෙරෙහිද දක්නා ලැබෙති. සමහර ශුද්‍රයෙකු කෙරෙහිද දක්නා ලැබෙති.´´

4. ´´වාසෙට්ඨය, මේ ලෝකයෙහි සමහර ක්‍ෂත්‍රියෙක් ද ප්‍රාණඝාතයෙන් වැළකුනේ වෙයි. නුදුන් දෙය ගැනීමෙන් වැළකුනේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුනේ වෙයි. බොරු කීමෙන් වැළකුනේ වෙයි. කේලාම් කීමෙන් වැළකුනේ වෙයි. පරුෂ වචන කීමෙන් වැළකුනේ වෙයි. හිස් වචන කීමෙන් වැළකුනේ වෙයි. දැඩි ලෝභය බහුල කොට ඇත්තේ නොවෙයි. (ක්‍රෝධයෙන්) වෙනස් වූ සිත් ඇත්තේ නොවෙයි. සම්‍යක් දෘෂ්ඨි (හරි දැකීම්) ඇත්තෙක් වෙයි.´´ ඒ ධර්මයෝ සමහර ක්‍ෂත්‍රියයෙකු කෙරෙහි, සමහර බ්‍රාහ්මණයෙකු කෙරෙහි ද, සමහර වෛශ්‍යයෙකු කෙරෙහි ද, සමහර ශුද්‍රයෙකු කෙරෙහි ද දක්නා ලැබෙති.´´

´´බ්‍රාහ්මණයෝ, ´´බ්‍රාහ්මණ තෙමේම උතුම් වංශ ඇත්තේය. අන්‍යයෝ හීන වංශ ඇත්තෝය´´ යන ඔවුන්ගේ ඒ කථාව නුවණැත්තෝ පිළිනොගනිත්. ඊට හේතු කවරේද? වාසෙට්ඨය, මේ (ක්‍ෂත්‍රියාදී) සතර වංශයන් අතුරෙන් (එකකට ඇතුළත් වූ) යම් භික්‍ෂුවක් රහත්වූයේ ද, නැති කරන ලද ආශ්‍රව ඇත්තේ වේ ද, වාසය කොට නිම කරන ලද බ්‍රාහ්මචාර්යාවාස ඇත්තේ ද, කරන ලද සිවුමහ කටයුතු ඇත්තේ ද, බාහා තබන ලද ස්කන්ධ බර ඇත්තේ ද, පිළිවෙලින් පැමිණි ස්වකීය කටයුතු ඇත්තේ ද, විනාශ කරන ලද භව බන්ධන ඇත්තේ ද, හොඳින් කරුණු සහිතව දැන කෙලෙසුන් කෙරෙන් මිදුනේ වේ ද ඒ පුද්ගල තෙමේ ඔවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.´´

´´වාසෙට්ඨය, සත්වයන් පිළිබඳ වූ මෙලොව්හි ද, පරලොව්හි ද යම්සේ ධර්මයම ශ්‍රේෂ්ඨ වේ ද, එය මේ ආකාරයෙන් ද දත යුතුයි.´´

5. ´´වාසෙට්ඨය, පසේනදි කොසොල් රජ තෙමේ තමන්ට වඩා උසස් අනෙකෙකු නැති හෙයින් අනුත්තර නම් වූ ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූයේ යයි දනියි. වාසෙට්ඨය, ශාක්‍යයෝ පසේනදි කොසොල් රජුහට සමාන වංශ ඇත්තාහුය. කොසොල් රජුහට යටත්ව පවත්නාහුය. වාසෙට්ඨය, පසේනදි කොසොල් රජුහු ගරු සැලකිලි පැවැත්වීම ද, වැඳීම ද, දැක හුනස්නෙන් නැඟී සිටීම ද, ඇඳිලි බැඳීම ද, වත් පිළිවෙත් කිරීම් ආදී ඒ ඒ සුදුසු ක්‍රියා ද තථාහතයන් වහන්සේට කරයි.´´

´´වාසෙට්ඨය, සත්වයන් පිළිබඳ වූ මෙලොව්හි ද, පරලොව්හි ද යම්සේ ධර්මයම ශ්‍රේෂ්ඨ වේ ද, එය මෙකී ආකාරයෙන් ද දත යුතුයි.´´

6. ´´වාසෙට්ඨය, ´´තෙපි කවරුහුදැ´´යි විචාරණ ලද්දාහුම ´´ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණයම්හ´´යි ප්‍රකාශ කරන්නාහුය. මම භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍ර වෙමි. ඊට හේතු කවරේ ද? වාසෙට්ඨය, ධම්මකාය යනු ද, බ්‍රහ්මකාය යනු ද, ධම්මභූත යනු ද, බ්‍රහ්මභූත යනු ද තථාගතයන් වහන්සේගේම නම් වන හෙයිනි.´´

´´ලෝකය හටගන්නා කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බ්‍රාහ්ම ලෝකයෙන් චුතව මේ මනුෂ්‍ය ලෝකයට පැමිණෙති. සත්වයෝය යන කොටසටම ඇතුළත් වෙති.

7. ´´වාසෙට්ඨය, ඉක්බිත්තෙන් කිසි කලෙක්හි දීර්ඝ කාලයෙක් හුගේ ඇවෑමෙන් ඒ සත්වයන්ට ජලයෙහි රස පොළොව පිහිටන්නීය.´´

8. ´´වාසෙට්ඨය, ඉක්බිත්තෙන් ඒ සත්වයෝ රස පොළොව අනුභව කරමින් එයම කමින් එයම ආහාර කොට ඇතිව බොහෝ දීර්ඝ කාලයක් සිටින්නාහුය. ඒ සත්වයන්ගේ ශරීරයෙහි රළු ගතිය ද ඇතිවිය. වර්ණයාගේ වෙනස්වීම ද පෙනුනේය. වර්ණය නිසා උපන් අධික මාන හේතුවෙන් ඔවුන්ගේ රස පොළොව නැති වී ගියේය. පුරාණ ලෝකෝප්පත්ති වංශ කථාව මෙසේ ඇතිවිය. එහෙත් ඒ පිළිබඳ අර්ථය නොදනිත්මය.´´

´´වාසෙට්ඨය, ඉක්බිති ඒ සත්වයන්ගේ රස පොළොව නැති වී ගිය කල්හි (බිම්හතු) ඕජා සහිත මොලොක් පස පහළ වූයේය. එය වර්ණ සම්පන්නා විය. සුවඳින් යුක්ත විය, රසයෙන් යුක්ත විය. එවිට ඒ සත්වයෝ බිම්හතු අනුභව කරන්නට පටන් ගත්තාහුය. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බවද  වැඩිවිය. වර්ණය අඩු බව ද පෙනුනේය. වර්ණය නිසා උපන් මහත් මාන හේතුවෙන් නැවත නැවත උපදනා මහත් මාන ස්වභාවය ඇති ඔවුන්ගේ බිම්හතු (බිම් පතුරු) නැති වී ගියේය. එකල බදාලතා නම් වූ වැල් ජාතියක් පහළ විය. ඒ වැල් වර්ගය වර්ණවත් විය, සුවඳින් යුක්ත විය, රසවත් විය. එවිට ඒ සත්වයෝ බදාලතා නම් වැල් අනුභව කරන්නට පටන් ගත්හ. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බව ද බෙහෝ සෙයින් වැඩිවිය. වර්ණය අඩු බව ද පෙනුනේය. වර්ණය නිසා උපන් මහත් මාන හේතුවෙන් නැවත නැවත උපදනා මහත් මාන ස්වභාවය ඇති ඔවුන්ගේ බදාලතා නැති වී ගියේය.´´

´´මෙසේ එම පුරාණ ලෝකෝප්පත්ති වංශ කථාවට අනුව යෙත්. එහෙත් ඒ පිළිබඳ අර්ථය නොදනිත්මය.´´

´´කුඩු රහිත වූ දහයියා, (පොතු) රහිත වූ සුවඳ ඇත්තා වූ සහල්ම ඵල කොට ඇත්තා වූ හැල් පහළ වූයේය. උදෑසන උදය බතට යම් ඒ සුවඳ හැල් කොටසක් හැරගනිත් ද, සවස ඒ කොටස පැසී සිටියේය. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බව ද බෙහෝසෙයින් වැඩි විය. වර්ණය අඩු බව ද පෙණුනේය. පෙර යමෙක් ස්ත්‍රී වූවා ද ඇයට ස්ත්‍රී ලකුණු පහළ විය. (පෙර) යමෙක් පුරුෂ වූයේ ද ඔහුට පුරුෂ ලකුණු පහළ විය. ඒ සත්වයන්ට කාම රාගය ඇතිවිය. මෙකල ද සමහර ජනපදයන්හි ස්ත්‍රියක් ගෙනයනු ලබන කල්හි සමහර කෙනෙක් පස් දමා ගසත්. සමහර කෙනෙක් අළු දමා ගසත්. සමහර කෙනෙක් ගොම දමා ගසත්. මෙසේ එම පුරාණ ලෝකෝප්පත්ති වංශ කථාවට අනුව යෙත්. ඒ පිළිබඳ අර්ථය නොදනිත්මය.´´

´´පින්වත් සත්වය කම් නැත. මා විසින් සතර දවසක ප්‍රයෝජනය පිණිස එකවරම හැල් ගෙන එන ලදැ´´යි කීයේය. වාසෙට්ඨය, ඉක්බිත්තෙන් ඒ සත්ව තෙම ඒ (හැල් ගෙණ ආ) යම් කලෙක්හි ඒ සත්වයෝ හැල් (ගෙනවුත්) කල් තබා ගෙන පාවිච්චි කරන්ට පටන් ගත්තාහූ ද එකල්හි කුඩු ද සහල් වසා සිටියේය. දහයියා (පොතු) ද සහල් වසා සිටියේය. කපන ලද ධාන්‍යයද නැවත නොවැඩුනේය. කපන ලද තැන් එසේ අඩුවම පෙණුනේය. ඇල් වී පඳුරු පඳුරුව සිටියාහුය.´´

´´ඉක්බිත්තෙන් ඒ සත්වයෝ ඇල් වී බෙදා ගත්හ. මායිම් තබාගත්හ.´´

9. ´´එවිට එක්තරා සත්වයෙක් ස්වකීය කොටස ආරක්‍ෂා කරන්නේ මතහට නුදුන්නා වූ එක්තරා කොටසක් රැගෙන (සොරකම් කොටගෙන) පාවිච්චි කළේය. එතැන් පටන් (ලෝකයෙහි) අන්සතු නුදුන් දෙය ගැනීම පහළ විය. (අන්‍යයන්ට) අපහාස කිරීම පහළ විය. බොරු කීම පහළ විය. (සත්ව හිංසා පිණිස) දඬු ගැනීම පහළ විය.´´

10. ´´වාසෙට්ඨය, එවිට ඒ සත්වයෝ ඔවුන් අතුරෙන් යමෙක් ඉතා උතුම් රූප ඇත්තේ වී ද, ඉතා මහත් ආනුභාව ඇත්තේ වී ද, ඒ සත්ව තෙම ප්‍රකාශ කටයුත්ත හොඳින් ප්‍රකාශ කිරීමට ද, ගැරහිය යුත්තහුට හොඳින් ගැරහීමට ද, නෙරපිය යුත්තහු නෙරපීමට ද යෙදුවේය. ඒ සත්වයාට ඇල් වී වලින් කොටසක් දුන්නාහුය. එසේ මහජනයා විසින් සම්මත කරන ලද්දේය යන අර්ථයෙන් මහා සම්මතත කියා පළමුවන නාම (ව්‍යවහාරය) ඇතිවිය. වාසෙට්ඨය, ක්‍ෂෙත්‍රයන්ට (ඉඩම් වලට) අධිපතිය යන අර්ථයෙන් ක්‍ෂත්‍රියයයි කියා දෙවන නාම (ව්‍යවහාරය) විය. ධර්මයෙන් අන්‍ය සත්වයන් පිනවයි යන අර්ථයෙන් රජය යන තුන්වන නාමය ඇතිවිය. වාසෙට්ඨය, මෙසේ අග්‍ර යයි දන්නා ලද්දා වූ ලෝකෝප්පත්ති වංශ කථාවෙන් මේ ක්‍ෂත්‍රිය සමූහයාගේ පහළ වීම වූයේය. ඒ සත්වයන් සම්බන්ධවම වේ. අන්‍ය සත්වයන් සම්බන්ධව නොවේ. සමාන වූ සත්වයන් සම්බන්ධවම වේ. අසමාන සත්වයන් සම්බන්ධව නොවේ. ධර්මයෙන්මැයි. අධර්මයෙන් නොවේ. වාසෙට්ඨය, මේ සත්වයන් සම්බන්ධව මේ ලෝකයෙහි ද පරලොව්හි ද ධර්මයම ශ්‍රේෂ්ඨය.´´

´´ඒකාන්තයෙන් පාප ධර්මයෝ සත්වයන් කෙරෙහි පහළ වූහ. වාසෙට්ඨය, ලාමක අකුශල ධර්මයන් දුරු කෙරෙති යන අර්ථයෙන් බ්‍රාහ්මණයයිම පළමූවන නාම (ව්‍යවහාරය) වූයේය. ඔහු තුමූ වන ප්‍රදේශයෙහි පන්සල් (කොළ සෙවිලි කල පැල්) කොටාගෙන එහි පන්සල්වල ධ්‍යාන කෙරෙති. ඔහු තුමූ ආහාර ලබාගෙන නැවතත් පන්සල් වලටම වැද ධ්‍යාන කෙරෙත්. වාසෙට්ඨය, ධ්‍යාන කෙරෙති යන අර්ථයෙන් ඣායකය ඣායකය යන දෙවන නාම (ව්‍යවහාරය) විය.´´

´´වාසෙට්ඨය, එම සත්වයන් අතුරෙන් ඇතැම් කෙනෙක් වන ප්‍රදේශයෙහි පන්සල්වල ඒ ධ්‍යානය (කළ නොහැකි වන්නාහූ) ගම් වෙතට ද, නියම්ගම් වෙතට ද පැමිණ ත්‍රිවේදය සකස් කෙරෙමින් ද, උගන්වමින් ද වෙසෙති. ´´ධ්‍යාන නොකෙරෙති´´ යන අර්ථයෙන් අජඣායකය යන තුන්වන නාමය විය.´´

´´වාසෙට්ඨය, (වේද මන්ත්‍ර දැරීමය, වේද මන්ත්‍ර හැදෑරීමය යන මෙය) එකල්හි පහත් යයි සම්මත විය. (ඒ මන්ත්‍ර හැදෑරීම හා කියවීම) දැන් ශ්‍රේෂ්ඨ යයි සම්මත වෙයි.´´

´´වාසෙට්ඨය, මෙසේ මේ පුරාණ වූ ලෝක උප්පත්ති වංශ කථාවෙන් බ්‍රාහ්මණ සමූහයාගේ පහළවීම වූයේය.´´

´´වාසෙට්ඨය, එම සත්වයන් අතුරෙන් ඇතැම් සත්ව කෙනෙක් මෛථුන ධර්ම සේවනය නිසා හරක් රැකීම් වෙළඳාම් ආදී ප්‍රසිද්ධ කර්මාන්තයන්හි යෙදුනහ.´´

´´´´මෛථුන ධර්මය සඳහා ප්‍රසිද්ධ කර්මාන්තයන්හි යෙදෙත්´´ යන අර්ථයෙන් වෛශ්‍යයයි නාමය විය.´´

´´වාසෙට්ඨය, මෙසේ වනාහි මේ පුරාණ වෛශ්‍ය සමූහයාගේ ලෝකෝත්පත්ති වංශ කථාව පහළ වූයේය.´´

´´වාසෙට්ඨය, එම සත්වයන් අතුරෙන් යම් ඒ සත්ව කෙනෙක් ඉතිරි වූවාහු ද ඔහු නපුරු පැවතුම් ඇත්තෝ වූහ.´´

´´වාසෙට්ඨය, නපුරු ක්‍රියා ඇත්තෝය, නින්දිත ක්‍රියා ඇත්තෝය යන අර්ථයෙන් ශුද්‍රයයි යන නාම විය.´´

´´මෙසේ මේ පුරාණ ශුද්‍ර සමූහයාගේ පහළවීම පිළිබඳ ලෝක උප්පත්ති වංශ කථාව වූයේය.´´

11. ´´වාසෙට්ඨය, යම් හේතුවකින් ක්‍ෂත්‍රිය තෙමේ ද, බ්‍රාහ්මණ තෙමේ ද, වෛශ්‍ය තෙමේ ද, ශුද්‍ර තෙමේද තමාගේ ධර්මයට නින්දා කෙරෙමින් ශ්‍රමණ වන්නෙමියි ගිහිගෙන් නික්ම මහණ වේ ද, එබඳු කාලයක් වේමය.´´

´´වාසෙට්ඨය, මෙසේ ඒ වංශ සතරට අයත් අමූහ අතුරෙන් ශ්‍රමණ සමූහයාගේ පහළවීම වූයේය.´´

12. ´´වාසෙට්ඨය, ක්‍ෂත්‍රිය තෙමේ ද, බ්‍රාහ්මණ තෙමේ ද, වෛශ්‍ය තෙමේ ද, ශුද්‍ර තෙමේ ද, ශ්‍රමණ තෙමේ ද කයින් දුෂ්චරිතයෙහි හැසිර, වචනයෙන් දුෂ්චරිතයෙහි හැසිර, සිතින් දුෂ්චරිතයෙහි හැසිර, මිථ්‍යාදෘෂ්ටිව, මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන්ව, මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන හේතුවෙන් කය බිඳීමෙන් මරණින් මත්තෙහි අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයෙහි උපදියි.´´

13. ´´වාසෙට්ඨය, ක්‍ෂත්‍රිය තෙමේ ද, බ්‍රාහ්මණ තෙමේ ද, වෛශ්‍ය තෙමේ ද, ශුද්‍ර තෙමේ ද, ශ්‍රමණ තෙමේ ද කයින් සුචරිතයෙහි හැසිර, වචනයෙන් සුචරිතයෙහි හැසිර, සිතින් සුචරිතයෙහි හැසිර, සම්‍යක් දෘෂ්ටිව, සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන්ව, සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන හේතුවෙන් කය බිඳීමෙන් මරණින් මත්තෙහි සුගති නම්වූ ස්වර්ග ලෝකයෙහි උපදින්නේය.´´

14. ´´වාසෙට්ඨය, ක්‍ෂත්‍රිය තෙමේ ද, බ්‍රාහ්මණ තෙමේ ද, වෛශ්‍ය තෙමේ ද, ශුද්‍ර තෙමේ ද, ශ්‍රමණ තෙමේ ද කයින් කුසල් අකුසල් දෙකම කරන්නේ වෙයි. වචනයෙන් කුසල් අකුසල් දෙකම කරන්නේ වෙයි. සිතින් කුසල් අකුසල් දෙකම කරන්නේ වෙයි. මිශ්‍රවූ දෘෂ්ටි ඇතිව මිශ්‍ර වූ දෘෂ්ටි සමාදන්ව මිශ්‍ර වූ දෘෂ්ටි කර්ම සමාදාන හේතුවෙන් කය බිඳීමෙන් මරණින් මත්තෙහි සුව දුක් දෙකම විඳින්නේ වෙයි.´´

15. ´´වාසෙට්ඨය, ක්‍ෂත්‍රිය තෙමේ ද, බ්‍රාහ්මණ තෙමේ ද, වෛශ්‍ය තෙමේ ද, ශුද්‍ර තෙමේ ද, ශ්‍රමණ තෙමේ ද කයින් සංවරව, වචනයෙන් සංවරව, සිතින් සංවරව කොට්ඨාස වශයෙන් සත් වැදෑරුම් වූ බෝධිපාක්‍ෂික ධර්මයන් (මාර්ග ඥානය ලබා ගැනීමට වුවමනා ධර්ම) වඩා මේ ආත්ම භාවයෙහිම කෙලෙස් ගිනි නිවා ලන්නේය.´´

16. ´´වාසෙට්ඨය, මේ සතර වංශ අතුරෙන් යම් භික්‍ෂුවක් අර්හත් වූයේ ද, නැති කරන ලද කෙලෙස් ඇත්තේ ද, වැස නිම කරන ලද බ්‍රහ්මචර්යාව ඇත්තේ ද, බහා තබන ලද (කෙලෙස් බර ආදී) බර ඇත්තේ ද, පැමිණියා වූ තමාගේ අර්ථය ඇත්තේ ද, නැති කරන ලද සසර බැඳුම් ඇත්තේ ද, මනා කොට දැන කෙලෙසුන් කෙරෙන් මිදුනේද, හේ තෙමේ ඔවුනතුරෙන් අග්‍ර යයි කියනු ලැබේ. ඒ ධර්මයෙන්මය, අධර්මයෙන් නොවේ. වාසෙට්ඨය, සත්වයන් පිළිබඳ වූ මේ ලෝකයෙහි ද පරලොව්හි ද ධර්මයම ශ්‍රේෂ්ඨයි.´´

´´වාසෙට්ඨය, සනත් කුමාර නම් බ්‍රහ්මයා විසින් ද මේ ගාථා තොමෝ කියන ලද්දීය.´´

´´යම් ජනයෝ, ´´මම ගෞතම වෙමි´´, ´´මම කාශ්‍යප වෙමි´´යි ගෝත්‍රය සිහි කරන්නෝ වෙත් ද, ඒ ජන සමූහයා අතුරෙන් ක්‍ෂත්‍රිය තෙමේ ශ්‍රේෂ්ඨයි. අෂ්ඨ විද්‍යාවෙන් හා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ යම් තථාගතයන් වහන්සේ කෙනෙක් වෙත් ද, ඒ තථාගතයන් වහන්සේ දෙව් මිනිසුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වන්නාහ.´´

´´වාසෙට්ඨය, මම ද මෙසේ කියමි. ´´යම් ජනයෝ ´´මම ගෝතම වෙමි. මම කාශ්‍යප වෙමැ´´යි ගෝත්‍රය සිහි කරන්නෝ වෙත් ද, ඒ ජන සමූහයා අතුරෙන් ක්‍ෂත්‍රිය තෙමේ ශ්‍රේෂ්ඨයි. අෂ්ඨ විද්‍යාවෙන් හා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ යම් තථාගතයන් වහන්සේ කෙනෙක් වෙත් ද, ඒ තථාගතයන් වහන්සේ දෙව් මිනිසුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වන්නාහ.´´

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක. වාසෙට්ඨ භාරද්වාජ යන සාමනේරයන් වහන්සේලා දෙනම සතුටු සිත් ඇත්තාහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටූ වූවාහුය.´´

විසිහත් වැනි වූ අග්ගඤ්ඤ සූත්‍රය නිමියේය.

34. දසුත්තර සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ චම්පා නම් නුවර සමීපයෙහි වූ ගර්ගරා නම් පොකුණු තෙර අසල පන්සියයක් පමණ වූ මහත්වූ භික්‍ෂු සංඝයා හා සමඟ වාසය කළාහුය. එකල්හි අයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිර තෙම මේ සූත්‍රය වදාළේය.
 
´´සියලු දුක් කෙළවර කිරීමෙන් නිවන් ලැබීම පිණිස විෂම ලෝභය ආදී සියලු බැමි විඳින්නා වූ දසුත්තර ධර්මය හෙවත් කරුණු එකේ පටන් දසය දක්වා ඇති ධර්මය දේශනා කරමි. ඇවැත්නි, එක ධර්මයක් බොහෝ උපකාර වන්නේය.´´
 
2. කුශල ධර්මයන්හි අප්‍රමාද වීම නම් මේ එක ධර්මය බොහෝ උපකාර වන්නේය. සැපයෙන් යූක්ත වු කායගතා සතිය හෙවත් ශරීරය පිළිබඳ සිහිනය, වැඩිය යුත්තේය. කාමාදී කෙලෙස්වලට හා උපාදානයන්ට (දැඩි ගැනීම්වලට) හේතු වු ස්පර්ශය පිරිසිඳ දතයුත්තේය. මමය මගේය යන අස්මිමානය දුරු කටයුත්තේය. නුවණින් කල්පනා කිරීම පිරිහීම පිණිස පවත්නේය. නුවණින් කල්පනා කිරීම විශේෂ ඵලයට පමුණුවන ස්වභාව ඇත්තේය. ආනන්තරික චිත්ත සමාධිය (විදර්ශනාවට අනතුරුව ලැබෙන) දුකසේ අවබෝධ කටයුත්තේය. ප්‍රත්‍යාවේක්‍ෂණ ප්‍රඥාව මාර්ග ඵලාදිය සලකා බලන නුවණ ඉපදවිය යුත්තේය. සියලු සත්වයන් ආහාරය නිසා පවත්නා බව විශේෂ නුවණින් දත යුත්තේය. නොසෙල්විය හැකි චිත්ත විමුක්තියයි කියන ලද අර්හත් ඵල විමුක්තිය ප්‍රත්‍යක්‍ෂ කටයුත්තේය.
 
3. සිහිය හා නුවණ මේ ධර්ම දෙක බොහෝ උපකාර වන්නාහුය. සමථය හා විදර්ශනාව වැඩිය යුත්තාහුය. නාමය හා රූපය පිරිසිඳ දත යුත්තාහුය. අවිද්‍යාව හා භව ආශාව දුරු කටයුත්තාහුය. අකීකරු බව හා පවිටු මිත්‍රයන් ඇති බව පිරිහීම පිණිස පවත්නාහුය. කීකරු බව හා යහපත් මිත්‍රයන් ඇති බව ගුණ විශේෂයට පමුණුවන ස්වභාව ඇත්තාහුය. සත්වයන්ගේ කෙලෙසීමට හේතු ප්‍රත්‍යය හා සත්වයන්ගේ පිරිසිදු බවට හේතු ප්‍රත්‍යය යන දෙක දුකසේ අවබෝධ කටයුත්තාහුය. ක්‍ෂය ඥානය ද, අනුත්පාද ඥානය ද ඉපිදවිය යුත්තාහුය. පඤ්චස්කන්ධය ද නිර්වාණය ද විශේෂ නුවණින් දත යුත්තාහුය. විද්‍යා තුන හා රහත් ඵලය යන දෙක ප්‍රත්‍යක්‍ෂකොට යුත්තාහුය.
 
4. සත් පුරුෂයන්ගේ ආශ්‍රය, බණ ඇසීම, ධර්මයට අනුව පිළිපැදීම යන ධර්ම තුන බොහෝ උපකාර වන්නාහුය.
 
සමාධි තුනය. (එනම්) විතර්ක විචාර සහගත (ප්‍රථම ධ්‍යාන) සමාධිය, විතර්ක නැති විචාරය පමණක් ඇති (ද්විතීය ධ්‍යාන) සමාධිය, විතර්ක විචාරය දෙකම නැති (තෘතීය,චතුර්ථ,පඤ්චම ධ්‍යාන) සමාධිය යන තුනය. මේ ධර්ම තුන වැඩිය යුත්තාහුය.
 
සුඛ වේදනාවය, දුක්ඛ වේදනාවය, උපේක්‍ෂා වේදනාවය යන තුන පිරිසිඳ දත යුත්තාහුය. 

කාමතෘෂ්ණාවය, භවතෘෂ්ණාවය, විභවතෘෂ්ණාවය දුරුකොට යුත්තාහුය.
 
ලෝභ, දෝස, මෝහ අකුසල මූලය පිරිහීම පිණිස පවත්නාහුය. අලෝභ, අදෝස, අමෝහ කුසල මූලය විශේෂභාගී වන්නාහුය.
 
කාමයන්ගෙන් එතෙරවීම යයි කියන ලද අනාගාමී මාර්ගය, රූපයන්ගෙන් එතරවීම යයි කියන ලද අර්හත් මාර්ගය, සියලු සංස්කාරයන්ගෙන් එතෙර වීම යයි කියන ලද අර්හත් ඵලය යන මේ තුනය. දුකසේ අවබෝධ කටයුත්තාහුය.
 
අතීත වර්තමාන අනාගත ස්කන්ධ කොටස් දන්නා නුවණ ඉපදවිය යුත්තාහුය.
 
කාමධාතුය, රූපධාතුය, අරූපධාතුය යන තුන නුවණින් දත යුත්තාහුය.
 
පෙර විසු ස්කන්ධයන් දන්නා නුවණ නැමැති විද්‍යාවය සත්වයන්ගේ චුති උත්පත්ති දන්නා නුවණ නැමැති විද්‍යාවය. ආශ්‍රවයන් ක්‍ෂය කරන නුවණ නැමැති විද්‍යාවය යන තුන ප්‍රත්‍යක්‍ෂකොට යුත්තාහුය.
 
5. චක්‍ර හතරය (එනමි) සුදුසු ප්‍රදේශයෙහි වාසය කිරීමය, සත්පුරුෂයන් සේවනය කිරීමය, තමා හොඳ ම‍ඟෙහි පිහිටීමය, පෙර කළ පින් ඇති බවය යන මේ සතර ධර්මයෝ බොහෝ උපකාර වන්නාහුය.
 
සතර සතිපට්ඨාන ධර්මයෝ එනම් මහණ තෙමේ තම ශරීරයෙහි ශරීරය අනුව දක්නා ස්වභාව ඇතිව මහණ තෙමේ වීර්යය ඇතුව යහපත් ප්‍රඥා ඇතුව වේදනාවන්හි ලෝභය ද කරන ක්‍රෝධය ද සංසිඳුවා ගෙන වේදනාවන්හි වේදනා අනුව දක්නා ස්වභාව ඇතිව මහණ තෙමේ සිතෙහි සිත අනුව දක්නා ස්වභාව ඇතුව වාසය කරයි.
 
´´ධර්මයන්හි ධර්මයන් අනුව දකින ස්වභාව ඇත්තේ පඤ්චස්කන්ධ ලෝකයෙහි ලෝභ දෝෂ දෙදෙන දුරුකොට කෙලෙස් තවන වීර්යයෙන් හා හොඳ නුවණින් යුක්තව සිහි ඇතිව වාසය කරයි. මේ සතිපට්ඨාන ධර්ම සතර වැඩිය යුත්තාහුය.
 
පිඬුකොට බුදින්නා වු ආහාරයය ස්පර්ශ ආහාරයය මනෝ සඤ්චේතන ආහාරයය විඥාන ආහාරයය යන මේ සතර ධර්මයෝ පිරිසිඳ දත යුත්තාහුය. 
 
කාම, භව, දෘෂ්ටි, අවිද්‍යා යන සැඩපහර සතර දුරු කටයුත්තාහුය.
 
කාමයෝගය, භවයෝගය, දෘෂ්ටියෝගය, අවිද්‍යායෝගය යන මේ සතර පිරිහීම පිණිස පවත්නාහුය.
 
කාම භව දෘෂ්ටි අවිද්‍යායෝගයන්ගෙන් මිදීමය ගුණ විශේෂයට පමුණුවන ස්වභාව ඇත්තාහුය. හානභාගිය සමාධිය, ඨතිභාගිය සමාධිය, විශේෂභාගිය සමාධිය, නිර්වේදභාගිය සමාධිය යන මේ සමාධි සතර දුකසේ අවබෝධ කටයුත්තාහුය.
 
චතුස්සත්‍යය දක්නා වු මාර්ග ඥාන හා ඵල ඥාන චතුස්සත්‍යය දක්නා වු ඥානය, අනුන්ගේ සිත් පිරිසිඳ දැනගන්නා ඥානය, අවශේෂ ඥාන යන සතරය. මේ සතර ධර්මයෝ ඉපදවිය යුත්තාහුය.
 
දුක්ඛ සත්‍යය, දුක්ඛ සමුදය සත්‍යය, දුක්ඛ නිරෝධ සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යය යන මේ සතර විශේෂ නුවණින් දතයුත්තාහුය.
 
සෝවාන් ඵලය, සකෘදාගාමී ඵලය, අනාගාමී ඵලය, අරහත් ඵලය යන සතර අවබෝධ කටයුත්තාහුය.
 
6. ´´කවර නම් ධර්ම පහක් බොහෝ උපකාර වන්නාහුද? මහණ තෙමේ ශ්‍රද්ධාව ඇත්තෙක් වේ ද?
 
තථාගතයන් වහන්සේ සම්‍යක් සම්බෝධිය අදහන්නෙක් වෙයි. ආබාධ රහිතයෙක් වෙයි. තමා පිළිබඳ කරුණු ඇති සැටියෙන් ප්‍රකාශ කරන, කපටි නොවු රැවටිලි නැත්තෙක් වෙයි. බලවත් උත්සාහයෙන් යුක්තව කුසල ධර්මයෙහි අත්නොහරින ලද වීර්යය ඇතිව පටන් ගන්නා ලද වීර්යය ඇත්තෙක් වෙයි. උතුම් වු කලකිරීම ඇතිකරන්නා වු, මනාකොට දුක් නැතිකිරීමට පමුණුවන්නා වු ඇතිවීම හා නැතිවීම දන්නා විදර්ශනා ප්‍රඥාවෙන් යුක්ත වුවෙක් වන්නේය. මේ පස්වැදෑරුම් ධර්මයෝ බොහෝ උපකාර වන්නාහුය.
 
අංග පසකින් යුත් සම්‍යක් සමාධිය, ප්‍රථම ද්විතීය ධ්‍යානය දෙක්හි ප්‍රඥාවය (සැප පතුරවමින් පහළවන ප්‍රථම ද්විතීය තෘතීය ධ්‍යානයන්හි ප්‍රඥාවය පරසිත් දන්නා නුවණ දිව සැප ප්‍රත්‍යවෙක්‍ෂණ නිමිත්තය (සලකා බලන නුවණ) යන මේ ධර්ම පස වැඩිය යුත්තාහුය. 
 
රූප වේදනා සංඥා සංස්කාර විඥාන උපදානස්කන්ධය ධර්ම පස පිරිසිඳ දත යුත්තාහුය.
 
කාමජන්ද ක්‍රෝධ ථිනමිද්ධ උද්ධච්ච කුක්කුච්ඡ විචිකිච්චා නීවරණය යන මේ ධර්ම පස දුරුකටයුත්තාහ.
 
සිතෙහි පැනෙන උල්වැනි ධර්මයෝ
 
(1) යම් භික්‍ෂුවක් ශාස්තෘන් වහන්සේ කෙරහි සැක කෙරේද, කුකුස් උපදවාද, නිශ්චය නොකෙරේ ද, නොපහදී ද, බැස නොගනී ද වෙයි.
 
(2) ධර්මයෙහි සැක කෙරේ ද, (3) සංඝයා කෙරෙහි සැක කෙරේද, (4) ශික්‍ෂාවෙහි සැක කෙරේද, (5) එකට වසන භික්‍ෂූන් කෙරෙහි කිපී සිත් ඇත්තේ ක්‍රෝධයෙන් යුත් සිත් ඇත්තේ ඔහුගේ සිත් භාවනාවෙහි නොනැමේ ද මේ ධර්ම පස පිරිහීම පිණිස පවත්නාහුය.
 
ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය යන මේ ධර්ම පස විශේෂ ගුණයට පැමිණීම පිණිස වන්නාහුය.
 
කාමයන්හි මෙනෙහි කරන්නා වූ ද, භික්‍ෂූහුගේ සිත ඒ කාමයන්හි පෙරටුව ගමන් නොකරන්නේ ද කාමයන්ගෙන් මිදුනේ වේ. ව්‍යාපාදයෙන් මිදුනේ වේ. හිංසා කිරීමෙන් මිදුනේ වේ. හිංසා කිරීම කරන්නේ ද නොපහදින්නේ ද ඔහු රූපයන්ගෙන් නොමිදුනේ වෙයි.
 
මේ ධර්ම පස දුකසේ අවබෝධ කටයුත්තාහුය.
 
(1) ඥාන පහක් ඇති මේ සමාධිය මේ ආත්මයෙහි සැප ද මතු සැප විපාක ද ඇත්තේ තමා තුලම ඥානය ඇතිවෙයි.
 
(2 )මේ සමාධිය කෙලෙස් වලින් දුරු වූ හෙයින් ආර්ය යයි ද,
 
(3) තණ්හාවෙන් දුරු වූ හෙයින් නිරාමිෂ යයි ද තමා තුලම දැනීම ඇතිවෙයි.
 
(4) මේ සමාධිය උතුම් පුරුෂයන් විසින් සේවනය කරන ලද්දේ යයි තමන් තුලම දැනීම ඇතිවෙයි.
 
(5) මේ සමාධිය ශාන්තය, ප්‍රණීතය, සංසිඳීමෙන් ලබන ලද්දේය, එකඟ බවෙන් ලබන ලද්දේය තමා තුලම දැනීම ඇතිවෙයි.
 
ශාස්තෘන්වහන්සේ ගෙන් හෝ ගරුතන්හි සිටියා වූ එක්තරා භික්‍ෂු නමකගෙන් ධර්මයෙහි අර්ථය දැනගන්නේ වෙයි ද මේ පළමු වන මිදීමෙහි හේතුවයි. 
 
´´භික්‍ෂු තෙම ඇසූ පරිදි දැනගත් පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා කෙරේද ධර්මය අනුන්ට දේශනා ද නොකරයි. එහෙත් ඇසූ පරිදි, උගත් පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා කරයි (නැවත නැවත කියයි).
 
මහණ තෙමේ ඇසූ පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා කරයි ද ඒ ඒ පරිද්දෙන් හෙතෙම ඒ ධර්මයෙහි අර්ථය දැනගත්තේ ද,
 
මහණ තෙම ඇසූ පරිදි, උගත් පරිදි ධර්මය සිතින් කල්පනා කෙරේද, විමසා බලාද, ඒ ඒ පරිද්දෙන් හෙතෙම ඒ ධර්මයෙහි අර්ථය දැනගත්තේද, දේශනා පාළිය දැනගත්තේ ද වෙයි.
 
යම් යම් පරිද්දකින් භික්‍ෂුව විසින් එක්තරා සමාධි නිමිත්තක් හොඳින් උගන්වන ලද්දේ, හොඳින් මෙනෙහි කරන ලද්දේ, හොඳින් සලකා බලන ලද්දේ, ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දේ වේ ද, ඒ ඒ පරිද්දෙන් හෙතෙම ඒ ධර්මයෙහි අර්ථය දැනගත්තේ ද දේශනා පාළිය දැනගත්තේ ද වෙයි. අර්ථය දැනගත්තා වූ ද දේශනා පාළිය දැනගත්තා වූ ද ඔහුට සතුට ප්‍රීතිය උපදවයි. නාමකය සංසිඳේ, සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟවෙයි. මේ විඳීමේ හේතු ධර්ම පස විශේෂ නුවණින් දත යුත්තාහුය.
 
ශීලස්කන්ධය, සමාධිස්කන්ධය, ප්‍රඥාස්කන්ධය, විමුක්තිස්කන්ධය (ඵලඥාන), විමුක්තිඥානදර්ශනස්කන්ධය (ප්‍රත්‍යාවේක්‍ෂාඥාන) යන පසය, මේ ධර්ම පස තමාම දැකීමෙන් ප්‍රත්‍යක්‍ෂකොට යුත්තාහුය.
 
7. සිහිකටයුතු ධර්ම සදෙනෙක් වෙත්. මහණහු විසින් මෛත්‍රි සහගත කායකර්මය, වාක් කර්මය, මනෝ කර්මය පවත්වන ලද්දේ වෙයි ද,
 
භික්‍ෂුවට ධාර්මික වූ දැහැමින් ලැබුනු යම් ඒ ලාභයෝ එක්ව මහණ දම් පුරණ සිල්වතුන් සමඟ බෙදා සාධාරණකොට වළඳන්නෙක් වන්නේ ද,
 
මහණ තෙම දාස තෘෂ්ණාදියෙන් නොබැඳුණු සමාධිය පිණිස පවත්නා වූ යම් මේ ශිලයෝ වෙත් ද, එබඳු ශීලයන්හි එකට මහ ණදම් පුරණ භික්‍ෂූන් ඉදිරියෙහි ද නොඉදිරියෙහි ද ශීලයෙන් සමාන බවට පැමිණ වාසය කරයි ද, 
 
මහණ තෙම දුක් නැතිකිරීම පිණිස පවත්නා යම් ඒ දෘෂ්ටියක් ඇත්තී ද, දෘෂ්ටියෙන් සම බවට පැමිණ වාසය කරයි ද, මේ ධර්ම සංග්‍රහය පිණිස ද, අවිවාදය පිණිස ද, අවිහිංසාව පිණිස ද, සමගිය පිණිස ද, එක්වීම පිණිස ද පවතී.
 
බුඞානුස්මෘතිය, ධර්මානුස්මෘතිය, සංඝානුස්මෘතිය, ශීලානුස්මෘතිය, ත්‍යාගානුස්මෘතිය, දේවතානුස්මෘතිය, යන මේ ධර්ම සය වැඩිය යුත්තාහුය.
 
චක්‍ෂු, ශ්‍රොත, ඝ්‍රාණ, ජිව්හා, කාය, මනස් ආයතනය යන මේ ධර්ම සය පිරිසිඳ දත යුත්තාහුය.
 
රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම තෘෂ්ණාවය යන මේ ධර්ම සය දුරු කටයුත්තාහුය.
 
මේ ශාසනයෙහි මහණතෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංඝයා කෙරෙහි, ශික්‍ෂාවෙහි, අප්‍රමාදයෙහි, ආමිස ධම්ම යන දෙවැදෑරුම් පටිසන්ථාරයෙහි උඩඟුව ගෞරව නැතිව වාසය කරයි. ශාස්තෘන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංඝයා කෙරෙහි, ශික්‍ෂාවෙහි, අප්‍රමාදයෙහි, ආමිස ධම්ම යන දෙවැදෑරුම් පටිසන්ථාරයෙහි යටහත් පැවතුම් ඇත්තේ ගෞරව සහිතව වාසය කරයි යන මේ ධර්ම සය ගුණ විශේෂයට පමුණුවන ස්වභාව ඇත්තාහ.
 
යම් මෛත්‍රී සමාධියක් වේ ද මෙය ක්‍රෝධයාගේ නිස්සරණය වේ (ක්‍රෝධයෙන් මිදීම වෙයි). එසේම කරුණා හිත වනාහි හිංසා කිරීමෙන් මිදීමයි. එසේම මුදිතා සමාධිය නොඇල්මෙන් මිදීමයි. එසේම උපේක්‍ෂා සමාධිය රාගයාගේ මිදීම වේමැයි. අර්හත් ඵල සමාපත්තිය එසේම සියලු නිමිත්තයන්ගේ මිදීම වේමය. එසේම මම වෙමියි යන හැඟීමේ මුල් සිඳීමක් වේද, එය කෙසේද කෙසේදැයි ගන්නා විචිකිච්චා සල්ලයාගේ මිදීම වේමැයි මේ සය දුකසේ අවබෝධ කටයුත්තාහ.
 
මහණතෙම ඇසින් රූපයක් දැක, කණින් ශබ්දයක් අසා, නැහයෙන් ගඳ සුවඳ දැන, දිවෙන් රසය විඳ, කයින් ස්පර්ශය දැන, සිතින් ධර්ම අරමුණ දැන සතුටු ද නොවෙයි. නොසතුටු ද නොවෙයි. උපේක්‍ෂාවෙන් යුක්තව සිහි නුවණින් යුක්තව වාසය කරයි. මේ ධර්මය සය ඉපදවිය යුතුය. 
 
උතුම් දැකීම්, උතුම් ඇසීම්, උතුම් ලැබීම්, උතුම් හික්මීම්, උතුම් උපස්ථාන, උතුම් සිහිකිරීම් යන මේ ධර්ම සය ඉතා හොඳ නුවණින් දත යුත්තාහුය.  
 
කාමාදී ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව රහිත වු චිත්ත විමුක්තිය ද, චිත්ත ප්‍රඥා විමුක්තිය ද, මේ ආත්මයෙහි තෙමේ ඉතා හොඳ ප්‍රඥාවෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට එළඹ වාසය කරන්නේය. මේ ධර්ම සය ප්‍රත්‍යක්‍ෂ කටයුත්තාහුය.
 
8. ශ්‍රද්ධා, සීල, හිරි, ඔත්තප්ප (බිය), ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා ධනය මේ ධර්ම සත බෝහෝ උපකාර වන්නාහුය.
 
ස්මෘති, ධර්මවිචය, වීර්යය, ප්‍රීති, පස්සඬි, සමාධි, උපේක්‍ෂා සම්බොධ්‍යංග යන මේ බොධ්‍යංග සත වැඩිය යුත්තාහ.
 
විඥාන පිහිටන තැන් සතක් වෙත්. (1) වෙනස් වෙනස් ශරීර ඇති වෙනස් වෙනස් හැඟීම් (ප්‍රතිසන්ධි විඤ්ඤාණ) ඇති සත්වයෝ වෙත්. (2) වෙනස් වෙනස් ශරීර ඇති එක හැඟීම් ඇති සත්වයෝ වෙත්. (3) සමාන ශරීර ඇති වෙනස් වෙනස් හැඟීම් ඇති සත්වයෝ වෙත්. (4) සමාන ශරීර ඇති සමාන හැඟීම් ඇති සත්වයෝ වෙත්. (5) සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ගැටීම් සංඥාවන් නැසීමෙන් වෙනස් වෙනස් සංඥාවෙන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණියාවූ සත්වයෝ වෙත්. (6) සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණියාවු සත්වයෝ වෙත්. (7) සියලු ආකාරයෙන් විඤ්ඤණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණියා වු සත්වයෝ වෙත්. මේ ධර්ම සත පිරිසිඳ දත යුත්තාහුය.
 
කාමරාගානුසය, පටිරාඝානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය යන මේ ධර්ම සත දුරු කටයුත්තාහුය.
 
මහණ තෙමේ ශ්‍රද්ධා, ලැජ්ජා, බිය, ඇසූ පිරූ තැන් නැත්තෙක් වේ ද, කුසීතයෙක් වේ ද, සිහි මුළා වූවෙක් වේද , නුවණ නැත්තෙක් වේද මේ ධර්ම සත පිරිහීම පිණිස පවත්නාහුය. 

මහණ තෙමේ ශ්‍රද්ධා, ලැජ්ජා, බිය, ඇත්තෙක් වේ ද, බහුශ්‍රැතයෙක් වේ ද, පටන්ගත් වීර්යය ඇත්තෙක් වේ ද, එළඹ සිටි සිහිය ඇත්තෙක් වේ ද, ප්‍රඥාවන්තයෙක් වේ ද යන මේ ධර්ම සත ගුණ විශේෂය පිණිස පවත්නාහුය.
 
මහණ තෙමේ ධර්මය, අර්ථය, තමා, පමණ, කාලය, පිරිස්, පුද්ගලයන් දන්නෙක් වේ ද මේ ධර්ම සත දුකසේ අවබෝධ කොට යුත්තාහුය. අනිත්‍ය, අනාත්ම, අසුභ, ආදීනව, ප්‍රහාන, විරාග, නිරෝධ සංඥාවය මේ ධර්ම සත ඉපදවිය යුත්තාහුය.
 
මහනතෙම දැන් ද මත්තෙහි ද ශික්‍ෂා පිරිමෙහි, විදර්ශනාවෙහි, ආශා දුරුකිරීමෙහි, තනිව විසීමෙහි, වීර්යය කිරීමෙහි, සිහියෙහි ද, නුවණැති බැව්හි ද, මාර්ග දැකීමෙහි ද පහ නොවූ කැමැත්ත ඇත්තේ වෙයි. මේ සත්වැදෑරුම් ධර්මයෝ විශේෂයෙන් දතයුත්තාහුය.
 
රහත් භික්‍ෂුව විසින් සියලු සංස්කාර ධර්ම අනිත්‍ය වශයෙන් මනා ප්‍රඥාවෙන් දක්නා ලද්දාහු වෙත් ද, ගිනිඅඟුරු වළකට සමාන කාමයෝ මනා ප්‍රඥාවෙන් දක්නා ලද්දාහු වෙත් ද, විවේකයට නැමුණාවූ සිත ඇත්තේ වේ ද, සතර සතිපට්ඨානයෝ වඩනා ලද්දාහු මනාව වඩන ලද්දාහු වෙත් ද, පඤ්චේන්ද්‍රියයෝ වඩනා ලද්දාහු වෙත් ද, සප්තබොධ්‍යංගයෝ වඩන ලද්දාහු වෙත් ද, ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන ලද්දේ වේ ද කෙලෙස් නැති බව ප්‍රකාශ කරයි නම් මේ රහත් භික්‍ෂුවගේ බල වන්නෝය.
 
(පළමු බණවර නිමි.)
 
9. මහණතෙමේ ශාස්තෘන් වහන්සේ හෝ එක්තරා ගරු කටයුතු තෙරුන් වහන්සේ කෙනෙකු ඇසුරුකොට හෝ වාසය කෙරේද උන්වහන්සේ කෙරෙහි ප්‍රේමය සහ ගෞරවය ඇත්තේ වේ ද, ඒ ඔහු කලින් කල උන්වහන්සේලා කරා එළඹ, නොයෙක් ආකාර වූ සැක කටයුතු ධර්මයන්හි සැක දුරු කරන්නාහුය. ඒ ධර්මය අසා කාය විවේකය චිත්ත විවේකය යන දෙවැදෑරුම් විවේකයන් සම්පූර්ණ කරන්නේය.
 
මහණ තෙමේ සිල්වත් වේ ද, ප්‍රාතිමෝක්‍ෂ සංවර සීලයෙන් සංවරව වාසය කෙරේද, ශ්‍රමණයන්ට සුදුසු ආචාරයෙන් හා ගෞරවයෙන් යුක්ත වූයේ වේ ද, සුලු වරදෙහි පවා භය දක්නා ස්වභාව ඇත්තේ ද, ශික්‍ෂා පදයන්හි මනාව හික්මෙන්නේ වේ ද, මහණ තෙමේ බහුශ්‍රැතයෙක් වේද, සිතින් සලකා බලන ලද්දාහු වෙත් ද, ප්‍රඥාවෙන් මනාව අවා්බා්ධ කරන ලද්දාහු ද වෙත්. 
 
මහණ තෙමේ වීර්යයෙන් යුක්තව අකුශල ධර්මයන් දුරු කිරීම පිණිස ද, කුශල ධර්මයන්ට එළඹීම පිණිස ද,ශක්තිමත් වූයේ කුශල ධර්මයන්හී පසුබට නොවූ වීර්යය ඇතිව වාසය කෙ‍ෙර්ද,
 
මහණ තෙමේ සිහියෙන් යුක්ත වූයේ වේ ද, බොහෝ කලකට පෙර කළ දේ ද, කියූ දේ ද සිහි කරන්නේ වේ ද, මතක ඇත්තේ වේ ද,
 
මහණ තෙමේ පඤ්ච උපාදාන ස්කන්ධයන්හී ඇතිවීම නැතිවීම දෙක බලමින් වාසය කෙරේද, රූපය මෙසේ වන්නේය රූපයාගේ හටගැනීම විනාශය මෙසේ වන්නේය. එසේම වේදනාව සංස්කාරයෝ විඥානය ලැබූ ප්‍රඥාව බොහෝසේ වැඩීම පිණිස ද, විපුලභාවය පිණිස ද, භාවනාවගේ සම්පූර්ණත්වය පිණිස ද පවත්නේය. මේ ධර්ම බොහෝ උපකාර වන්නාහුය.
 
හරි දෘෂ්ටිය, හරි කල්පනාව, හරි වචනය, හරි කර්මාන්තය, හරි ආජීවය, හරි ව්‍යායාමය, හරි ස්මෘතිය, හරි සමාධිය යන මේ අට වැඩිය යුත්තාහුය.
 
අෂ්ට ලෝක ධර්මයෝ ලාභය, අලාභය, අපකීර්තිය, කීර්තිය, නින්දාව, ප්‍රශංසාව, සැප, දුක යන මේ ධර්ම අට පිරිසිඳ දත යුත්තාහුය.
 
වැරදි දෘෂ්ටිය, වැරදි කල්පනාව, වැරදි වචනය, වැරදි කර්මාන්තය, වැරදි ආජීවය, වැරදි ව්‍යායාමය, වැරදි ස්මෘතිය, වැරදි සමාධිය යන මේ ධර්ම අට දුරු කටයුත්තාහුය.
 
කුසීත වස්තු අටක් වෙත්. මේ ධර්ම අට ගුණයෙන් පිරිහිම් පිණීස පවත්නාහුය.
 
වීර්යය කිරීමෙහි කරුණු අටක් වෙත්. මේ ධර්ම අට විශේෂ ගුණ ඉපදවීම පිණිස වන්නාහුය.
 
10. බ්‍රහ්මචරිය වාසයට නුසුදුසු වූ අකල් නවයයි. මේ ධර්ම නවය දුකසේ දැනගත්තාහුය. 
 
බලය පැවැත්වීම් හෙවත් මැඬගෙන සිටීම් අටයි.  මේ ධර්ම අට ඉපදවිය යුත්තාහුය.
 
විමෝක්‍ෂ අටයි. මේ ධර්ම අට තමාම ප්‍රත්‍යක්‍ෂ කොට දැක්ක යුතුවන්නාහුය.
 
නුවණීන් මෙනෙහි කිරීම මුල්කොට ඇති ධර්ම නවයයි. නුවණින් මෙනෙහි කරන්නා හට ප්‍රමෝදය (මද සතුට) උපදී. ප්‍රමෝද්‍ය වූවහුට ප්‍රීතිය (බලවත් සතුට) උපදී. ප්‍රීති සිත් ඇත්තහුගේ නාමකය සංසිඳේ. සංසිඳුනු නාමකය ඇත්තේ සැප විඳී. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි. එකඟ වූ සිත ඇති කල්හි ඇති සැටියෙන් දකියී. ඇති සැටියෙන් දකින්නේ කළකිරෙයි. කළකිරෙන්නේ නොඇලෙයි. නොඇලෙන්නේ සියලු දුකෙන් මිදෙයි. මේ ධර්ම නවය බොහෝ උපකාර වන්නාහුය.
 
පිරිසිදු බවට ප්‍රධාන වූ අංග නවයයි. ශීල විශුඬිය, චිත්ත විශුඬිය, දෘෂ්ටි විශුඬිය, කීඛාවිතරණ විශුඬිය, මාර්ගා මාර්ගඥානදර්ශන විශුඬිය (මඟ නොමඟ දැනීම), ප්‍රතිපදා ඥානදර්ශන විශුඬිය, ඥානදර්ශන විශුඬිය, ප්‍රඥාවිශුඬිය (රහත්ඵල නුවණ) නම් පිරිසිදු බවට ප්‍රධාන අංග වෙත්. මේ ධර්ම නවය වැඩිය යුත්තාහුය.
 
සත්වාවාස නවයයි. මේ ධර්ම නවය පිරිසිඳ දතයුතු වන්නාහ.
 
තෘෂ්ණාව මුල්කොට ඇති ධර්ම නමයයි. තෘෂ්ණාව නිසා සෙවීම වන්නේය. සෙවීම නිසා ලාභය වන්නේය. ලාභය නිසා විනිශ්චය වන්නේය. විනිශ්චය නිසා ඡන්දරාගය (ඇල්ම) වන්නේය. ඡන්දරාගය නිසා අනුභවය වන්නේය. අනුභාවය නිසා අයිතිකර ගැන්ම වන්නේය. අයිතිකර ගැනීම නිසා මසුරුබව වන්නේය. මසුරුබව නිසා ආරක්‍ෂා කිරීම වන්නේය. ආරක්‍ෂා කිරීම නිසා දඬුගැනුම් කෝලාහල විවාද කේළාම් බොරුකීම්ද නොයෙක් ලාමක අකුශල කර්මයෝද වෙත්. මේ ධර්ම නවය දුරුකටයුත්තාහුය.
 
ක්‍රෝධ කරුණු නවයයි. මට අවැඩක් කළේයැයි ක්‍රෝධය බඳියී. මට අවැඩක් කරයි කියා ක්‍රෝධ බඳියි. මට අවැඩක් කරන්නේයයි කියා ක්‍රෝධය බඳියි. මාගේ ප්‍රිය වූ මනාප වූවහුට අවැඩක් කළේය, අවැඩක් කරයි, අවැඩක් කරන්නේ යයි ක්‍රෝධය බඳියි. මගේ අප්‍රිය වූ අමනාප වූවහුට යහපතක් කළේය, යහපතක් කරයි, යහපතක් කරන්නේ යයි ක්‍රෝධය බඳියි. මේ ධර්ම නවය පිරිහීම පිණිස පවතී. ක්‍රෝධය දුරු කිරීම් නවයක් වෙත්.  මේ ධර්ම නවය විශේෂභාගිය නම් වන්නාහුය. 
 
නානත්ව නවයයි. ඇස ආදී නොයෙක් ධාතුනිසා රූප ආදියෙහි නොයෙක් ස්පර්ශ උපදියි. නොයෙක් ස්පර්ශ නිසා නොයෙක් වේදනා උපදවයි. නොයෙක් වේදනා නිසා නොයෙක් හැඟීම් උපදියි. නොයෙක් හැඟීම් නිසා නොයෙක් කල්පනා උපදවයි. නොයෙක් කල්පනා නිසා නොයෙක් ආශා උපදියි. නොයෙක් ආශා නිසා නොයෙක් දැවිලි උපදියි. නොයෙක් දැවිලි නිසා නොයෙක් සෙවීම් උපදියි. නොයෙක් සෙවීම් නිසා නොයෙක් ලාභ උපදියි. නොයෙක් ලාභ නිසා නොයෙක් ලොභ උපදියි. මේ ධර්ම නවය දුකසේ අවබෝධ කළ යුත්තාහ.
 
හැඟීම් නවයයි. අසුභ, මරණ, අහාරයෙහි පිළිකුල්, සියලු ලෝකයෙහි අනභිරති, අනිත්‍ය, අනිත්‍යයෙහි දුක්, දුකෙහි අනාත්ම, දුරු කිරීම්, නොඇලීම් හැඟීමය යන මේ ධර්ම නවය ඉපදවිය යුත්තාහුය.
 
පිළිවෙලින් සමවැදිය යුතු විසීම් නවයයි. මේ ධර්ම විශෙෂ නුවණින් දත යුත්තාහුය.
 
අනුපූර්ව නිරොධ (පිළිවෙලින් නැති කිරීම්) නවයයි. (මේ ධර්ම නවය තමාම ප්‍රත්‍යක්‍ෂ කටයුතු වන්නාහ.
 
11. නාථ කරණ (පිහිටවන) ධර්ම දශයයි. මේ ධර්ම දශය බොහෝ උපකාර වන්නාහුය.
 
දශ කසිනායතනයෝ ඇතැමෙක් උඩ, යට, සරස, එකම වූ (දෙකක් නැති) පෘථීවි කසිණය, ඇතැමෙක් ආපොකසිණය, ඇතැමෙක් තේජො කසිණය, ඇතැමෙක් වායෝ කසිණය, ඇතැමෙක් නීල කසිණය, ඇතැමෙක් පීතකසිණය, ඇතැමෙක් ලෝහිත කසිණය හඳුනයි. ඇතැමෙක් අවදාත කසිණය ඇතැමෙක් විඤ්ඤාණ කසිණය හඳුනයි. මේ ධර්ම දශය වැඩිය යුත්තාහුය.
 
ආයතන දශය චක්‍ෂී රූප, ශ්‍රොත, ශබ්ද, ඝ්‍රාණ, ජිව්හා, රස, කාය, ස්පර්ශ ආයතනය යන මේ ධර්ම දශය පිරිසිඳ දත යුත්තාහ.
 
වැරදි ගති දශයයි. වැරදි දැකීම, වැරදි කල්පනාව, වැරදි වචනය, වැරදි කර්මාන්තය, වැරදි ජීවිකා වෘත්තිය, වැරදි ව්‍යාවයාමය, වැරදි සිහිය, වැරදි සමාධිය, වැරදි නුවණ, වැරදි මිදීම යන මේ දශ ධර්මයෝ දුරු කටයුත්තාහුය.
 
දශ අකුශල කර්ම පථයෝය. මේ ධර්මයෝ හානභාගිය වන්නාහුය.
 
මේ දශ ධර්මයෝ විශේෂභාගික නම් වන්නාහුය.  

මේ ධර්ම දසය දුකසේ දැනගත යුතු වන්නාහුය. ආර්යය පුද්ගලයන්ගේ වාසය කිරීම් දශය වෙත්. මේ ධර්ම දශය දුකසේ දැනගත යුතු වන්නාහ.
 
දශ සංඥාවෝය. අසුභ, මරණ, ආහාරයෙහි පිළීකුල්, සියලු ලෝකයෙහි නොඇලීම්, අනිත්‍යයෙහි දුක්ඛ, දුකෙහි අනාත්ම, ප්‍රහාණ, විරාග, නිරෝධ සංඥා යන මේ දශ ධර්මයෝ ඉපදවිය යුත්තාහුය.
 
මේ ධර්ම දශය ඉතා හොඳ නුවණින් දත යුත්තාහුය.
 
දශ ආශෛක්‍ෂ ධර්මයෝය. (රහත්ඵලයට පැමිණි පුද්ගලයාගේ ධර්ම) අශෛක්‍ෂවූ සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය, සම්‍යක් ඥානය, සම්‍යක් විමුක්තිය යන මේ දශයයි. මේ ධර්ම තමාම දැකීම කටයුතු වන්නාහ.
 
මේ ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් මනාකොට අවබෝධ කරන ලද්දාහු යයි වදාළේය. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ සූත්‍රය වදාළහ. සතුටු සිත් ඇති භික්‍ෂූන් වහන්සේලා ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දේශනාවට විශේෂයෙන් සතුටු වූවාහුය. 
 
තිස්හතර වැනි වූ දසුත්තර සූත්‍රය නිමියේය. 
 
දීඝ නිකාය නිමි.

33. සංගීති සූත්‍රය -අවසන් කොටස

7. ´´ භාග්‍යවතුන් වහන්සේ විසින් යහපත් කොට ප්‍රකාශ කරන ලද්දා වූ සවැදැරුම් ධර්ම කෙනෙක් වෙත්.´´
 
´´ අධ්‍යාත්මික (තමාකොට ගන්නා) ආයතන (කෙලෙස් උපදින හේතු) සයක් වෙත්. චක්ඛු ආයතනය (ඇස,) සෝත ආයතනය (කණ,) ඝ්‍රාණ අයතනය (නාසය,) ජිව්හා ආයතනය (දිව,) කාය ආයතනය (ශරීරය,) මනො ආයතනය (හිත) යන සයයි.
 
´´ බාහිර වූ ආයතන සයක් වෙත්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම ආයතන යන සයයි.´´
 
´´ විඤ්ඤාණ කාය (සිත් සමූහ) සයක් වෙත්. වක්ඛු, සොත, ඝ්‍රාණ, ජිව්හා, කාය, මනොවිඤ්ඤාණය යන සයයි.´´
 
´´ස්පර්ශකායයෝ (ස්පර්ශ සමූහ) සයක් වෙත්. චක්ඛු, සොත, ඝ්‍රාණ, ජිව්හා, කාය, මනොසම්ඵස්සය යන සයයි.´´
 
´´වෙදනා කායයෝ (විඳීම් සමූහ) සයක් වෙත්. චක්ඛු, සොත, ඝ්‍රාණ, ජිව්හා, කාය, මනො සම්ඵස්සයෙන් හටගත් විඳීම යන සයයි.´´
 
´´ සංඥා කායයෝ (සංඥා සමූහ) සදෙනෙක් වෙත්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්මසංඥාය යන සයයි.´´ 
 
´´ සිත මෙහෙයවීම් සදෙනෙක් වෙත්. රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ, ධර්ම සඤ්වෙතනා යන සයයි.´´
 
´´ තෘෂ්ණා (ආශා සමූහ) සදෙනෙක් වෙත්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම තෘෂ්ණාය යන සදෙනාය.´´
 
´´ගරු නොකිරිම් සදෙනෙක් වෙත්. මහණ තෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංඝයා කෙරෙහි, ශික්‍ෂාවෙහි, අප්‍රමාදයෙහි, දෙවැදැරුම් පටිසන්ථාරයෙහි උඩඟුව ගෞරව නැතිව වසය කරයි යන මේ සයයි.´´
 
´´ගරු කිරීම්, මහණ තෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංඝයා කෙරෙහි, ශික්‍ෂාවෙහි, අප්‍රමාදයෙහි, දෙවැදැරුම් පටිසන්ථාරයෙහි යටහත් පැවතුම් ඇත්තේ ගෞරව සහිතව වාසය කරයි යන මේ සදෙනයි.´´
 
´´සොම්නස් සහගත කරුණු සොයා බැලීම් සදෙනෙක් වෙත්. ඇසින් රූප දැක සතුටට කරුණු වූ රූප සොයා බලයි. කණින් ශබ්ද අසා, නැහැයෙන් ගන්ධය දැන, දිවෙන් රසය විඳ, කයෙන් ස්පර්ශකොට, සිතින් ධර්මය දැන, සතුටට කරුණු වූ ධර්මය සොයා බලයි.´´
 
´´අසතුටු සහිත කරුණු සොයා බැලීම් සදෙනෙක් වෙත්. ඇසින් රූපය දැක අසතුටට කරුණු වූ රූපය සොයා බලයි. කණින් ශබ්දය අසා, නාසයෙන් ගඳ සුවඳ දැන, දිවෙන් රසය විඳ, කයින් ස්පර්ශය විඳ, සිතින් ධර්මය අරමුණු දැන අසතුටට කරුණු වූ ධර්ම අරමුණු සොයා බලයි.´´
 
´´මැදහත් කරුණු සොයා බැලීම් සදෙනෙක් වෙත්. ඇසින් රූපය දැක, කණින් ශබ්දය අසා, නාසයෙන් ගඳ සුවඳ දැන, දිවෙන් රසය විඳ, ශරීරයෙන් ස්පර්ශය දැන, සිතින් ධර්ම අරමුණු දැන, උපේක්‍ෂාවට කරුණු වූ ධර්ම අරමුණු සොයා බලයි.´´
 
´´සිහි කටයුතු ධර්ම සදෙනෙක් වෙත්. මහණහු විසින් මෛත්‍රී සහගත (1) කාය කර්මය, (2) වාක් කර්මය, (3) මනො කර්මය එක්ව බ්‍රහ්මචර්යයාවෙහි හැසිරෙන භික්‍ෂූන්ගේ ඉදිරියේ ද නොඉදිරියේ ද පවත්වන ලද්දේ වෙයි ද, ප්‍රිය කරන්නා වූ ගරු කරන්නා වූ සිහි කටයුතුවූ මේ ධර්මය ද සංග්‍රහය පිණිස ද විවාද නොකරීම පණිස ද නොවෙහෙසීම පිණිසද  සමගිය පිණිස ද එක්වීම පිණිසද පවතියි.´´ 
 
(4) ´´භික්‍ෂූව වූ ධාර්මික වූ දැහැමින් ලැබුණු ලාභ එක්ව මහණ දම් පුරණ සිල්වතුන් සමඟ බෙදා සාධාරණ කොට වළඳන්නෙක් වන්නේ ද ප්‍රිය කරන්නා, ගරු කරන්නා වූ මේ ධර්මය ද සංග්‍රහය පිණිස ද අවවාදය පිණිස ද අවිහිංසාව පිණිස ද සමගිය පිණිස ද එක්වීම පිණිසද  පවතියි.´´ (5) ´´භික්‍ෂුව වු තෘෂ්ණාදියෙන් නොබැඳුණු සමාධිය පිණිස පවත්නා වූ යම් මේ සීලයෝ වෙත් ද එබඳු සීලයන්හි එකට මහණදම් පුරණ භික්‍ෂූන් ඉදිරියෙහි ද නොඉදිරියෙහි ද සීලයෙන් සමාන බවට පැමිණ වාසය කරයි ද´´ (6) එසේම මහණතෙම දෘෂ්ටියෙන් සම බවට පැමිණ වාසය කරයි.´´
 
´´විවාදයට මල් සදෙනෙක් වෙත්. මහණ තෙම ක්‍රෝධ කරන්නේ වේ ද, ගුණමකු වූයේ වෙයි ද, ඊර්ෂා කරන්නෙක් මසුරුවූවෙක් වෙයි ද, කපටි මායා ඇත්තේ වෙයි ද, පවිටු ආශා ඇත්තේ මිථ්‍යා දෘෂ්ටීක වෙයි ද, තමාගත් මතයම තදින් ගන්නේ දැඩිකොට ගන්නේ අත්නොහැරිය හැක්කෙක් වෙයි ද, ඒ භික්‍ෂුව හෙතෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ද, ධර්මය කෙරෙහි ද, සංඝයා කෙරෙහි ද ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැතිව වාසය කරයි. ශීලය ද සම්පූර්ණ නොකරයි ද හෙතෙම සංඝයා කෙරෙහි විවාද උපදවයි.´´
 
´´ ධාතු සයක් වෙත්. පඨවි, ආපො, තෙජෝ, වායෝ, ආකාශ, විඥාන ධාතුය යන සයයි.´´
 
´´නිස්සරණීය ධාතු (මිදීම් ධාතු) සයක් වෙත්. යම් මේ මෛත්‍රී සමාධියක් වේ ද මෙය (ක්‍රෝධයෙන්) මිදීම වෙයි. කරුණා හිත වනාහි හිංසා කිරීමෙන් මිදීමයි. මුදිතා සමාධිය වනාහි අරතියගේ නිස්සරණය වේමැයි (නොඇල්මෙන් මිදීමයි). උපේක්‍ෂා සමාධිය රාගයට නිස්සරණය (මිදීම) වේමැයි. අනිමිත්ත චෙතො විමුක්තිය සියලු නිමිත්තයන්ට නිස්සරණය වේමය. මේ ´මම වෙමි´යි යන හැගිමෙන් මුල් සිඳීමක් වේ ද, එය කෙසේද කෙසේදැයි ගන්නා විචිකිච්චාු සල්ලයාගේ නිස්සරණය (මිදීම) වේමැයි යන සදෙනයි.´´
 
´´ උතුම් දේ සයක් වෙත්. උතුම් දැකීම්, උතුම් ඇසීම්, උතුම් ලැබීම්, උතුම් හික්මීම්, උතුම් උපස්ථන, උතුම් සිහිකිරීම් යන සයයි.´´
 
´´සිහිකිරීම් සයක් වෙත්. බුද්ධානුස්මෘතිය, ධර්මානුස්මෘතිය, සංඝානුස්මෘතිය, සීලානුස්මෘතිය, ත්‍යාගානුස්මෘතිය, දේවතානුස්මෘතිය යන සයයි.´´ 
 
´´රහතුන්ගේ නිතර වාසය කිරීම් සයක් වෙත්. මහණ තෙම ඇසින් රූපයක් දැක, කණින් ශබ්දය අසා, නැහැයෙන් ගඳ සුවඳ දැන, දිවෙන් රසය විඳ, කයින් ස්පර්ශය දැන, සිතින් ධර්ම අරමුණු දැන සතුටු ද නොවෙයි නොසතුටු ද නොවෙයි උපේක්‍ෂාවෙන් යුක්තව සිහි නුවණින් යුක්තව වාසය කරයි යන සයයි.´´
 
´´ජාති සයක් වෙත්. ඇතැමෙක් නීච කුලයෙහි උපන්නේම නීච ධර්මය උපදවයි. ඇතැමෙක් හීන කුලයෙහි උපන්නේම උසස් ධර්ම උපදවයි. ඇතැමෙක් පහත් කුලයෙහි උපන්නේ ද පහත් විපාක දෙන ස්වභාවය ද නැති, උසස් විපාක දෙන ස්වභාවය ද නැති රහත් බව උපදවයි. ඇතැමෙක් උසස කුලයෙහි උපන්නේ යහපත් ධර්මය උපදවයි. ඇතැමෙක් උසස් කුලයෙහි උපන්නේම පහත් ධර්මය උපදවයි. ඇතැමෙක් උසස් කුලයෙහි උපන්නේ පහත් විපාක දෙන ස්වභාවය ද නැති, උසස් විපාක දෙන ස්වභාවය ද නැති රහත් බව උපදවයි යන සයයි.´´
 
´´නිවණට පමුණුවන්නාවූ සංඥාවෝ සයක් වෙත්. අනිත්‍ය සංඥාය, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාය, දුකෙහි අනාත්ම සංඥාය, ප්‍රහාණ (දුරු කිරීම) සංඥාය, විරාග (නොඇල්ම) සංඥාය, නිරෝධය දන්නා වූ සංඥාය යන සයයි.´´
 
8. ´´භාග්‍යවතුන් වහන්සේ විසින් හොඳින් ප්‍රකාශ කරන ලද්දා වූ ධර්ම සතක් ඇත.´´
 
´´කවර සතක් ද යත්? ආර්ය්‍ය (උතුම්) ධන සතක් වෙත්. ශ්‍රධා, සීල, හිරි, ඔතප්ප, සුත, ත්‍යාග, ප්‍රඥා, ධනය, යන සතයි.´´
 
´´බොජජුංග සතක් වෙත. සති, ධම්ම, විචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා සම්බොජජුංගය.´´
 
´´සමාධි පිරිවර ධර්ම සතක් වෙත්. හොඳ දැකීම, හොඳ කල්පනාව, හොඳ වචනය, හොඳ කර්මාන්තය, හොඳ ජීවිකා වෘත්තිය, හොඳ උත්සාහය, හොඳ සිහිය.´´
 
´´අයහපත් ධර්ම සතක් වෙත්. මහණ තෙම ශ්‍රද්ධා නැත්තේ වෙයි, පවට ලජ්ජා නැත්තේ වෙයි, පවට බිය නැත්තේ වෙයි, ඇසූ පිරූ තැන් (උගත්කම) නැත්තේ වෙයි, අලස වෙයි, සිහි මුලා වූයේ වෙයි, ප්‍රඥා නැත්තේ වෙයි.´´ 
 
´´යහපත් ධර්ම සතක් වෙත්. මහණ තෙම ශ්‍රද්ධා ඇත්තේ වෙයි, පවට ලැජ්ජා ඇත්තේ වෙයි, පවට බිය ඇත්තේ වෙයි, බොහෝ ඇසු පිරූ තැන් (උගත්කම) ඇත්තේ වෙයි, පටන් ගන්නා ලද වීර්යය ඇත්තේ වෙයි, එළඹ සිටි සිහි ඇත්තේ වෙයි, නුවණ ඇත්තේ වෙයි.´´
 
´´සත් පුරුෂ ධර්ම සතක් වෙත්. මහණ තෙම දේශනා පාළිය, අර්ත්ථ, තමා, පිළිගැනීමේ පමණ, කාලය, පිරිස්, පුද්ගලයන් දන්නේ ද වෙයි.´´
 
´´නිර්දස වස්තු සතක් වෙත්. මහණ තෙම ශික්‍ෂා පිරීමෙහි බලවත් කැමැත්ත ඇත්තේ වෙයි, ධර්ම සාන්තියෙහි (විදර්ශනාවෙහි) ආශා දුරු කිරීමෙහි, තනිව විසීමෙහි, විර්යය කිරීමෙහි, සිහියෙහි ද (නුවණැති බැව්හි ද), බලවත් කැමැත්ත ඇත්තේ වෙයි. මත්තෙහිද පහ නොවූ කැමැත්ත ඇතතේ වෙයි. මාර්ග දැකීමෙහි බලවත් කැමැත්ත ඇත්තේ වෙයි.´´
 
´´සංඥා සතක් වෙත්. අනිත්‍ය, අනාත්ම, අසුභ, ආදීනව, ප්‍රහාණ, විරාග, නිරෝධ සංඥාය.´´
 
´´බල සතක් වෙත්. ශ්‍රධා, වීර්ය්‍ය, හිරි, ස්මෘති, සමාධි, ප්‍රඥා, ඔත්තප්ප බලය.´´
 
´´විඥානස්ථිති (විඥාන පිහිටන තැන්) සතක් වෙත්. වෙනස් ශරීර ඇති වෙනස් වෙනස් හැඟීම් (ප්‍රතිසන්ධි විඤ්ඤාණ) ඇති සත්වයෝ වෙත්. වෙනස් වෙනස් ශරීර ඇති එක හැඟීම් (සමාන ප්‍රතිසන්ධි විඤ්ඤාණ) ඇති සත්වයෝ වෙත්. සමාන ශරීර ඇති සමාන හැඟීම් (සමාන ප්‍රතිසන්ධි විඤ්ඤාණ) ඇති සත්වයෝ වෙත්. මේ සමාන ශරීර ඇති වෙනස් වෙනස් හැඟීම් (ප්‍රතිසන්ධි විඤ්ඤාණ) ඇති සත්වයෝ වෙත්. සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්ම විමෙන් ගැටීම් සංඥාවන් නැසීමෙන් වෙනස් වෙනස් සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතන යට පැමීණියා වූ සත්වයෝ වෙත්. සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤඤාණය අනන්තයයි විඤඤානඤ්චායතනයට පැමිණියා වූ සත්වයෝ වෙත්. සියලු ආකාරයෙන් විඤඤානඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චාඤ්ඤායතනයට පැමිණියා වූ සත්වයෝ වෙත්.´´
 
´´දක්‍ෂිණාර්හ (දැන් පිළිගැනීමට සුදුසු) පුද්ගලයෝ සත් දෙනෙක් වෙත්. උභතොභාග විමුක්තය, ප්‍රඥා විමුක්තය, කාම සාක්‍ෂුය, දෘෂ්ටි ප්‍රාප්තය, ශ්‍රධා විමුක්තය, ධර්මානුසාරීය, ශ්‍රද්ධානුසාරීය යන සත් දෙනයි.´´ 
 
´´සිතෙහි බැඳී පවතින කෙලෙස් සතක් වෙත්. කාම රාගානුසය, ප්‍රතිභානුසය, දෘෂ්ට්‍යානුසය, විචිකිච්චානුසය, මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය යන සතයි.´´
 
´´සංයෝජන සතක් වෙත්. අනුනය, ප්‍රති, දෘෂ්ටි, විචිකිච්චාු, මාන, භවරාග, අවිද්‍යා සංයොජනය.´´
 
´´අධිකරණ සමථ (නඩු විසඳීම්) සතක් වෙත්. උපනුපන් අධිකරණයන්ගේ සමථය පිණිස සංසිඳිම පිණිස සම්මුඛා විනය දිය යුතුයි. සතිවිනය දිය යුතුයි. අමුළ්හ විනය දිය යුතුයි. ප්‍රතිඥාවෙන් හෙවත් ඇවතින් කරවිය යුතුයි. යෙභුය්‍ය සිකාය තස්සපාපිය්‍යසිකාය තිණවත්ථාරකය යන සතයි.´´
 
9. භාග්‍යවතුන් වහන්සේ විසින් හොඳින් ප්‍රකාශ කරණ ලද්දා වූ ධර්ම අටක් ඇත්තාහ. කවර අටක් ද යත් මිච්චායුත්ත (වැරදි ස්වභාව) අටකි. වැරදි දැකීම්, වැරදි කල්පනාව, වැරදි වචනය, වැරදි කර්මාන්තය, වැරදි ජීවිකා වෘත්තිය, වැරදි උත්සාහය, වැරදි සිහිය, වැරදි සමාධිය යන අටයි.´´
 
´´සම්මත්ත (යහපත් ස්වභාවයෝ) අටක් වෙත්. හොඳ දැකීමය, හොඳ කල්පනාව, හොඳ වචනය, හොඳ කර්මාන්තය, හොඳ ජීවිකා වෘත්තිය, හොඳ උතසාහය, හොඳ සිහිය, හොඳ සමාධිය යන අටයි.´´
 
´´දක්‍ෂුණාර්හ පුද්ගලයෝ අට දෙනෙක් වෙත්. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන සතර දෙන සහ සෝවාන් ඵලය ආදී ඵල ලබා ගැනීම පිණිස පිළිපන් පුද්ගලයෝ යන සතර දෙනයි.´´
 
10. ´´කුසීන වස්තු අටක් වෙත්. (1) මහණහු විසින් (සිවුරු ආදිය පිළිබඳ) වැඩ නොකර නිදාගනියි. (2) මහණහු විසින් වැඩ කරන ලද්දේ වෙයි, ශරීරය ක්ලාන්ති වී යයි නිදාගනියි. (3) මහණහු විසින් යා යුතු ගමනක් ඇත්තේය ඔහු නොගොස් නිදාගනියි. (4) මහණහු විසින් ගමනක් යන ලද්දේ වේ ද, ශරීරය ක්ලාන්ත වූයේ නිදා ගනියි. (5) මහණ තෙම පිඬු පිණිස හැසිරෙන්නේ රළු වූ හෝ රසවත් වූ හෝ භෝජනය ඇතිතාක් සම්පූර්ණයෙන් නොලබයි, ශරීරය ක්ලාන්ත වූයේ නිදාගනියි. (6) මහණ තෙම පිඬු පිණිස හැසිරෙන්නේ රළු වූ හෝ රසවත් වූ හෝ භෝජනය ඇතිතාක් සම්පූර්ණව ලබයි, ශරීරය බර වූයේ කටයුතු කිරිමට අසමර්ථ වූයේ නිදාගනියි. (7) මහණහට සුළු අසනීපයක් හටගත්තේ වෙයි ද, නිදයි. (8) මහණ තෙම ගිලන්කමින් නැගිටියි, ශරීරය දුර්වල වූයේ නිදාගනියි. නොපැමිණි ධ්‍යාන ආදියට පැමිණීම පිණිස නොලැබූ ධ්‍යාන ආදිය ලැබීම පිණිස නොදුටු ධ්‍යාන ආදිය දැකීම පිණිස වීර්යය නොකරයි.´´ 
 
11. වීර්ය්‍ය කිරීමට කරුණු අටක් වෙත්. (1) මහණහු විසින් කර්මය කටයුතු වෙයි, සිවුරු කිරීම් අදී වැඩ කළයුතු වන්නේය. (2) මහණහු විසින් කටයුතු කරන ලද්දේ වෙයි. (3) මහණහු විසින් ගමනක් යා යුතු වෙයි, ගමනක් යා යුතු වන්නේය. (4) මහණහු විසින් ගමන යන ලද්දේ වෙයි. (5) මහණ තෙම පිඬු පිණිස හැසිරෙන්නේ රළු වූ හෝ රසවත් වූ හෝ භෝජනය ඇතිතාක් සම්පූර්ණව ලබයි, ශරීරය සැහැල්ලු වූයේ කටයුතු කිරීමට සුදුසු වූයේ වෙයි. (6) මහණ තෙම පිඬු පිණිස හැසිරෙන්නේ රළු වූ හෝ රසවත් වූ හෝ භෝජනය ඇතිතාක් සම්පූර්ණව නොලබයි, ශරීරය බලවත් වූයේ කටයුතු කිරීමට සමර්ථ වේ. (7)භික්‍ෂු හට සුළු අසනීපයක් හටගත්තේ වේ, මේ අසනීපය වැඩි වන්නට හේතු ඇත්තේය. (8) මහණ තෙම ගිලන්කමින් නැඟී සිටියේ, අසනීපය නැවත ඇතිවන්නට ඉඩ ඇත්තේය, එබැවින් මම නොපැමිණි මාර්ගඵලාදියට පැමිණිම පිණිස, නොලද ධ්‍යානාදිය ලැබීම පිණිස, නොදුටු මාර්ගඵලාදිය දකිනු පිණිස, වීර්ය්‍ය කරමියි උත්සාහ කරයි.
 
12. ´´ දාන වස්තු අටක් වෙත්. දෙමි දෙමියයි කිය කියා නොසිට එකවරම දෙමියි කියා දන් දෙයි, නින්දා භය හෝ අපාය භය නිසා දන්දෙයි, මට දුන්නේ යයි කියා දන් දෙයි, මතුවට මට දෙන්නේ යයි සිතා දන්දෙයි, දීම හෙඳයයි සිතා දන්දෙයි, පිසන තැනැත්තේ නොපිසන්නවුන්ට දීම් සුදුසුයයි දන්දෙයි, මේ දානය දෙන්නා යහපත් වූ කීර්ති ශබ්දය උස්ව නඟී යයි දන්දෙයි, සිතට අලංකාර පිණිස ද, පිරිවර පිණිස ද දන්දෙයි යන අටයි. ´´
 
13. ´´දානයේ හේතුවෙන් ඇතිවන උත්පත්ති අටක් වෙත්. ඇතැමෙක් මහණෙකුට හෝ බමුණෙකුට හෝ ආහාරය, පානය, වස්ත්‍රය, යානය මල් හා සුවඳ විලේපනය, ආසනය, ආවාසය, පහන් ආදී උපකරණය යන මේ දේ දෙයි, හෙතෙම යමක් දේද, එය ලැබීමට බලාපොරොත්තු වෙයි.´´
 
´´ඔහුට මෙබඳු සිතක් වෙයි. ´ මම මරණින් මතු මහ ධනවත් ක්‍ෂත්‍රියයන් හෝ මහ ධනවත් බ්‍රාහ්මණයන් හෝ මහ ධනවත් ගෘහපතින් හෝ අතර උපදින්නෙම් නම් ඉතා යෙහෙකැයි (කියයි). මම මරණින් මතු චාතුරමහාරාජික දෙවියන් අතර උපදින්නෙම් නම් ඉතා යෙහෙකැයි (කියයි). මම මරණින් මතු තව්තිසා වැසි දෙවියන් හා එක්වීමට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙකැයි (කියයි). මම මරණින් මතු යාම වැසි දෙවියන් හා එක්වීමට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙකැයි (කියයි). මම මරණින් මතු තුසිත දෙවියන් හා එක්වීමට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙකැයි (කියයි). මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු නර්මාණරතී දෙවියන් හා එක්වීමට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙකැයි (කියයි). මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු පරනිර්මිත වසවර්ති දෙවියන් අතර උපදින්නෙම් නම් ඉතා යෙහෙකැයි (කියයි). මම මරණින් මත්තේහි බඹලොව වැසි දෙවියන් අතර උපදින්නෙම් නම් ඉතා යහපති (කියයි). හෙතෙම ඒ සිත පිහිටුවයි, ඒ සිත අධිෂ්ඨාන කරයි, ඒ සිත වඩයි, පහත්වූ පංචකාමයන්හි ඇළුණු මත්තෙහි මාර්ගඵල පිණිස නොවඩන ලද ඔහුගේ ඒ සිත ඉපදීම පිණිස පවතියි. එය ද සිල්වත්හටය, දුස්සීලයාහට නොවේ යයි කියමි. පහ වූ කාම රාග ඇත්තා හටය, කාම රාග සහිත වූවහුට නොවේ යයි කියමි. ඇවැත්නි, සිල්වත්හුගේ ප්‍රාර්ථනාව පහ වූ රාගය ඇති බැවින් ඉෂ්ට වේ (යන අටයි).
 
14. ´´පිරිස් අටක් වෙත්. ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රමණ, වාතුර්මහාරාජික, තාවතිංස, මාර, බ්‍රහ්ම පිරිසය (යන අටයි) .´´
 
´´ලෝක ධර්ම අටක් වෙත්. ලාභය ද අලාභයද  යසස ද අයසද  නින්දාව ද ප්‍රශංසාව ද සැපය ද දුක ද (යන අටයි).
 
15. ´´බලය පැවැත්වීම් හෙවත් මැඩගෙන සිටිම් අටක් වෙත්. තමා කෙරෙහි රූප සංඥා ඇති එක් පුද්ගලයෙක් ස්වල්ප වූ යහපත් වර්ණ ඇති අයහපත් වර්ණ ඇති පිටත්හි රූපයන් දකියි, ඔවුන් මැඬ පවත්වා දනිමි, දකිමියි යන සංඥා ඇත්තේ වේ.´´
 
´´තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් අප්‍රමාණ වූ යහපත් වර්ණ ඇති, අයහපත් වර්ණ ඇති, පිටත්හි රූපයන් දකියි, ඔවුන් මැඬගෙන දනිමි, දකිමියි යන සංඥා ඇත්තේ වෙයි.´´
 
´´තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් ස්වල්ප වූ යහපත් වර්ණ ඇති, අයහපත් වර්ණ ඇති, පිටත්හි රූපයන් දකියි, ඔවුන් මැඬගෙන දනිමි, දකිමියි යන සංඥා ඇත්තේ වේ.´´ 
 
´´තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් අප්‍රමාණ වූ යහපත් වර්ණ ඇති අයහපත් වර්ණ ඇති පිටත්හි රූපයන් දකියි, ඔවුන් මැඩගෙන දනිමි, දකිමියි යන සංඥා ඇත්තේ වේ.´´
 
´´තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් නිල් වූ නිල්පාට ඇත්තා වූ නිල් පෙනීම් ඇත්තා වූ පිටත්හි රූපයන් දකියි, ඒ රූපයන් මැඬගෙන දනිමි, දකිමියි යන සංඥා ඇත්තේ වේ.´´
 
´´තමා කෙරෙහි අරූප සංඥා ඇති එක් පුද්ගලයෙක් රන්වන් වූ රන්වන් පැහැ ඇත්තා වූ රන්වන් පෙනීම ඇත්තා වූ රන්වන් බැබලුම් ඇත්තා වූ පිටත්හි රූපයන් දකියි, ඔවුන් මැඬගෙන දනිමි, දකිමියි යන සංඥා ඇත්තේ වේ.´´
 
´´තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් ලේ පාට වූ ලේ පාට පැහැ ඇති ලේ පාට පෙනීම ඇති ලේපාට බැබලුම් ඇති පිටත්හි රූපයන් දකියි, ඒ රූපයන් මැඬගෙන දනිමි, දකිමියි යන සංඥා ඇත්තේ වේ.´´
 
´´තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් සුදු වූ සුදුපාට ඇත්තා වූ සුදු පෙනීම ඇත්තා වූ සුදු බැබලුම් ඇත්තා වූ පිටත්හි රූපයන් දකියි, ඒ රූපයන් මැඬගෙන දනිමි, දකිමියි යන සංඥා ඇත්තේ වේ.´´
 
16. ´´විමෝක්‍ෂ(මිදීම්) අටක් වෙත්. (1) රූපී වූයේ රූපයන් දකියි. (2) තමා කෙරෙහි අරූප සංඥා ඇත්තේ පිටත්හි රූපයන් දකියි. (3) සුභයයිම තීරණය කර ගත්තේ වෙයි. (4) සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් හැපීම් සංඥාවන් නැසීමෙන් වෙන් වෙන් සංඥාවන් කල්පනා නොකිරිමෙන් ආකාශය අනන්තයි, ආකාසාණඤුචායතනයට පැමිණ වාසය කරයි. (5) සියලු ආකාරයෙන් ආකාසාණඤුචායතනය ඉක්මවා විඤඤණයු අනන්තයයි, විඤුඤාණඤුචායතනයට පැමිණ වාසය කරයි. (6) සියලු ආකාරයෙන් විඤුඤාණඤුචායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤුචඤඤයතනයට පැමිණ වාසය කරයි. (7) සියලු ආකාරයෙන් ආකිඤුචඤඤයතනය ඉක්මවා නෙවසඤඤානාසඤඤායතනයට පැමිණ වාසය කරයි. (8) සියලු ආකාරයෙන් නෙවසඤඤානාසඤඤායතනය ඉක්මවා සංඥා වෙදයිත නිරොධයට ( නිරොධ සමා පත්තියට ) පැමිණ වාසය කරයි.´´
 
17. භාග්‍යවතුන් වහන්සේ විසින් හොඳින් දේශනා කරන ලද්දා වූ ධර්මයෝ නව දෙනෙක් ඇත්තාහ. 
 
´´කවර නවදෙනෙක් ද යත්? ක්‍රෝධයට කරුණු නවයක් වෙත්. මට අවැඩක් කෙළේ යයි ක්‍රොධය බඳියි, මට අවැඩක් කරයි කියා ක්‍රෝධය බඳියි, මට අවැඩක් කරන්නේ යයි කියා ක්‍රොධය බඳියි, මාගේ ප්‍රිය වූ මනාප වූවහුට අවැඩක් කළේය, අවැඩක් කරයි, අවැඩක් කරන්නේ යයි ක්‍රෝධය බඳියි, මාගේ අප්‍රිය වූ අමනාප වූවහුට යහපතක් කෙළේය, යහපතක් කරයි, යහපතක් කරන්නේ යයි ක්‍රෝධය බඳියි, යන නවයයි.´´
 
´´ක්‍රෝධය දුරුකිරීම් නවයක් වෙත්. මට වැඩක් කළේය, මට අවැඩක් කරයි, මට අවැඩක් කරන්නේය, මාගේ ප්‍රිය වූ මනාපවූවහුට අවැඩක් කළේය, අවැඩක් කරයි, අවැඩක් කරන්නේය, ඒ අනිකාගේ අවැඩ නොකිරීම මා විසින් කෙසේ ලැබිය හැකිදැයි සිතා ක්‍රෝධය දුරු කරයි. මාගේ අප්‍රිය වූ අමනාප වූවහුට යහපතක් කළේය, යහපතක් කරයි, යහපතක් කරන්නේය, එසේ අප්‍රිය වූවහුට අන්‍යයා විසින් යහපතක් නොකිරීම මා විසින් නොලැබිය හැකි යයි සිතා ක්‍රෝධය දුරු කරයි යන නවයයි.´´
 
18. ´´සත්වාවාස නවයක් වෙත්. (1) නොයෙක් ශරීර ඇති නොයෙක් ප්‍රතිසන්ධි විඤ්ඤාණ ඇති සත්වයෝ වෙත්. (2) වෙනස් ශරීර ඇති සමාන ප්‍රතිසන්ධි විඤ්ඤාණ ඇති සත්වයෝ වෙත්. (3) ඇවත්නි, එක සමාන ශරීර ඇති වෙනස් ප්‍රතිසන්ධි විඤ්ඤා ඇති සත්වයෝ වෙත්. (4) එකසමාන ශරීර ඇති එකසමාන ප්‍රතිසන්ධි විඤ්ඤාණ ඇති සත්වයෝ වෙත්. (5) හැඟිමක් නැත්තා්වූ විඳිමක් නැත්තා්වූ සත්වයෝ වෙත්. (6) සියලු කාරයෙන් රූප සංඥාවන් ඉක්මවිමෙන් ගැටීම් සංඥාවන් නැසීමෙන් නොයෙක් සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාශය අනන්තයයි ආකාසාණඤ්චායතනයට පැමිණියා වූ සත්වයෝ වෙත්. (7) සියලු ආකාරයෙන් ආකාසාණඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්වායතනයට පැමිණියා වූ සත්වයෝ වෙත්. (8) සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්වායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චාඤ්ඤායතනයට පැමිණියා වූ සත්වයෝ වෙත්. (9) සියලු ආකාරයෙන් ආකිඤ්චාඤඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණියා වූ සත්වයෝ වෙත්.´´  
 
19. ´´බ්‍රහ්මචරිය වාසයට නුසුදුසු වූ නොකල් නවයක් වෙත්. පුද්ගලයා නිරයෙහි උපන්නේ වේ ද, තිරිසන් යෝනියෙහි උපන්නේ වේ ද, ප්‍රේත ලෝකයෙහි උපන්නේ වේ ද, අසුරකායෙහි උපන්නේ වේ ද, දීර්ඝ ආයුෂ ඇති අසඤ්ඤ තලයෙහි හෝ අරූප තලයෙහි හෝ උපන්නේ වේ ද, යම් තැනක භික්‍ෂන්ගේ ද, භික්‍ෂණීන්ගේ ද, උපාසකයන්ගේ ද, උපාසිකාවන්ගේ ද, පැමිණීමක් නැත්තේ ද, එබඳු වූ ම්ලෙච්ච වූ, අප්‍රසිද්ධ වූ, පිටිසර පෙදෙස්වල උපන්නේ වේද, මධ්‍ය දේශයෙහි ඉපදුනේ වෙයි, හෙතෙමේ ද පෙරළුණු දැකුම් ඇති වූ මිථ්‍යා දෘෂ්ටියෙක් වේ, මධ්‍ය දේශයෙහි උපන්නේ වෙයි, හෙතෙමේ ද මෝඩ වූ කෙල තොලු වූ හොඳ නරක කියුම්වල අර්ථය දැනගන්නට බැරි නුවණ නැත්තෙක් වේ.´´
 
20. ´´සුගතයන් වහන්සේ විසින් බුදු බණ නොපවතිනා කලක මධ්‍යම දේශයෙහි ඉපදුනේ වෙයි, හෙතෙමේ ද මෝඩ නුවූ, කෙල තොලු නොවූ හොඳ නරක කියුම්වල අර්ථය දැනගන්නට සමර්තථ වූ නුවණැත්තෙක් වෙයි. මේ බ්‍රහ්මචරිය වාසයට නුසුදුසු වූ නවවන අකාලයයි.´´
 
21. ´´අනුපූර්ව විහරණ ( පිළිවෙලින් සමවැදිය යුතු විසීම් ) නවයක් වෙත්. විතර්ක සහිත වූ විචාර සහිත වූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි, විතර්ක විචාරයන්ගේ සංසිඳිමෙන් ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි, ප්‍රීතියගේ ද වැළැක්වීමෙන් තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි, සැපය දුරු කිරීමෙන් චතුර්ත්ථ ධ්‍යානයට පැමිණ වසය කරයි. සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ගැටීම් සංඥාවන් නැසීමෙන් නොයෙක් සංඥාවන් සිහි නොකිරීමෙන් අනන්ත වූ ආකාසයයි ආකාසානඤුචායතනයට පැමිණ වාසය කරයි. සියලු ආකාරයෙන් ආකාසානඤුචායතනය ඉක්මවා අනන්ත වූ විඤඤාණයයි විඤඤාණඤුචායතනයට පැමිණ වාසය කරයි. සියලු ආකාරයෙන් විඤඤාණඤුචායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤුචඤඤායතනයට පැමිණ වාසය කරයි. සියලු ආකාරයෙන් ආකිඤුචඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. සියලු ආකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිත නිරෝධයට(නිරෝධ සමාපත්තියට) පැමිණ වාසය කරයි, යන නවයයි.´´
 
22. ´´අනුපූර්ව නිරෝධ පිළිවෙළින් නැති කිරීම් නවයක් වෙත්. ප්‍රථම ධ්‍යානයට පැමිණියහුගේ කාම හැඟීම් නැතිවේ. ද්විතීය ධ්‍යානයට පැමිණියහුගේ විතර්ක විචරයෝ නැති වෙත්. තෘතීය ධ්‍යානයට පැමිණියහුගේ ප්‍රීතිය නැතිවේ. 
 
චතුර්ථ ධ්‍යානයට පැමිණියහුගේ ආශ්වාසයෝ නැති වෙත්. ආකාසානඤ්චායතනයට පැමිණියහුගේ රූප සංඥාව නැතිවේ. විඤඤාණඤ්චායතනයට පැමිණියහුගේ ආකාසානඤ්චායතන සංඥාව නැතිවේ. ආකිඤ්චඤ්ඤායතනයට පැමිණියහුගේ විඤ්ඤාණඤ්චායතන සංඥාව නැතිවේ. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණියහුගේ ආකිඤ්චඤ්ඤායතන සංඥාව නැතිවේ. සඤ්ඤාවෙදයිත නිරොධයට පැමිණියහුගේ සංඥාව ද විඳිම ද නැති වෙත්.
 
23. භාග්‍යවතුන් වහන්සේ විසින් හොඳින් ප්‍රකාශ කරණ ලද්දා වූ ධර්මයෝ දසදෙනෙක් වෙත්.
 
´´කවර දසදෙනෙක් ද යත්? නාථකපිණ (පිහියවන) ධර්ම දසයක් වෙත්.
 
(1) මහණතෙම සිල්වත් වේ ද, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් සංවර වූයේ වාසය කෙරේ, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්ත වූයේ ස්වල්ප වූ ද වරදවල භය දක්නේ ශික්‍ෂා පදයන්හි සමාදන්ව හික්මේය යන යමක් වේ ද,
 
(2) මහණතෙම බොහෝ ඇසූ පිරූ කෙනෙක් වේ ද, යම් මේ ධර්ම කෙනෙක් මුල යහපත් ද, මැද යහපත් ද, කෙළවර යහපත් ද, අර්ථ සහිත වූ, ව්‍යංජන සහිත වූ සියල්ලෙන් සම්පූර්ණ වූ පිරිසිදු වූ බ්‍රහ්මචර්ය්‍යය ප්‍රකාශ කෙරෙද්ද, එබඳු වූ ධර්මයෝ මොහු විසින් බොහෝ කොට අසන ලද්දාහු දෘෂ්ටියෙන් හොඳින් අවබෝධ කරන ලද්දාහු වෙත් ද,
 
(3) මහණ තෙම යහපත් මිත්‍රයන් ඇත්තේ, යහපත් මිත්‍රයන් යහළු කොට ඇත්තේ, යහපත් මිත්‍රයන් කෙරෙහි නැමීම ඇත්තේ වේ ද, මේ ධර්මයද තමාට පිහිටවන ධර්මයකි,
 
(4) මහණ තෙම සුවචයෙක් වේ ද, නොකිපී අනුශාසනාව ආදරයෙන් පිළිගන්නේ වේ ද යන යමක් වේ ද,
 
(5) මහණ තෙම එකට මහණ දම් පුරන භික්‍ෂූන්ගේ කුඩා මහත් කටයුතු ´´ කිමෙක්දැ´´යි අස කරන කටයුතු වෙත් ද, එහි දක්‍ෂ වූයේ, අලස නොවූයේ, එහි උපාය දන්නේ පිළිවෙළ කිරීමට දන්නා නුවණින් යුක්ත වූයේ වෙයි ද, 
 
(6) මහණ තෙම ධර්මය කැමැත්තේ වේ ද, ප්‍රිය වූ වචන ඇත්තේ වේ ද, අභිධර්මයෙහි අභිවිනයෙහි මහත් වූ සතුටු ගතිය ඇත්තේය යන යමක් වේ ද,
 
(7) මහණ තෙම ලද පරිදි සිවුරුය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකරය යන මෙයින් සතුටු වෙයි යන යමකුත් වේ ද,
 
(8) මහණ තෙම අකුසල ධර්මයන්ගේ දුරු කිරිම පිණිස කුසල ධර්මයන්ගේ වැඩීම පිණිස ශක්ති ඇත්තේ ද දැඩි උත්සාහ ඇත්තේ ද කුසල ධර්මයන්හි බහා නොතබන ලද බර ඇත්තේ පටන් ගන්නා ලද වීර්යය ඇත්තේ වාසය කරයි යන යමකුත් වේ ද,
 
(9) මහණ තෙම උතුම් සිහියෙන් හා දක්‍ෂ නුවණින් යුක්තවූයේ බොහෝ කල්හි කරන ලද්ද ද, බොහෝ කල්හි කියන ලද්ද ද, සිහි කරන්නේ නැවත නැවත සිහි කරන්නේ සිහි ඇත්තේ වේය යන යමකුත් වේ ද,
 
(10) මහණ තෙම ඇතිවීම, නැතිවීම, පිණිස පවත්නා වූ ආර්ය්‍ය වූ නිබ්බේධික වූ හෙවත් සසර කලකිරීම මනාව දුක් නැති කිරීම, දුක් නැති කිරීම පිණිස පවත්නා වූ නුවණින් යුක්ත වූයේ ප්‍රඥාවත් වෙයි යන යමකුත් වේ ද, මේ ද තමාට පිහිට වන ධර්ම වෙත්.´´
 
24. ´´කසිණායතන දහසක් වෙත්. ඇතැමෙක් උඩ,යට, සරස එකම වූ ( දෙකක් නැති ) පෘථවි කසිණය හඳුනයි. ඇතැමෙක් උඩ යට සරස අද්වය වූ අප්‍රමාණ වූ ආපො කසිණය, වායො කසිණය, තෙජො කසිණය, නීල කසිණය, පීත කසිණය, ලොහිත කසිණය, අවදාත කසිණය හඳුනයි. ඇතැමෙක් උඩ යට සරස අද්වය වූ එකම වූ අප්‍රමාණ වූ විඤ්ඤාණ කසිණය හඳුනයි යන දසයයි.´´
 
25. ´´අකුසල කර්ම මාර්ග දසයක් වෙත්. සතුන් මැරීමය, සොරකම් කිරීමය, කාමයෙහි වරදවා හැසිරීමය, බොරු කීමය, කේලාම් කීමය, ඵරුෂ වචන කීමය, හිස් වචන කීමය, අභිධ්‍යාය (අනුන්ගේ දෙයට ලෝභ කිරීම), ව්‍යාපාදය (අනුන් නැසේවා යන කල්පනාව), මිථ්‍යා දෘෂ්ටිය යන දසයයි.´´
 
26. ´´කුසල කර්ම මාර්ග දසයක් වෙත්. සතුන් මැරීමෙන්, අදත්තා දානයෙන්, කාමයෙහි වරදවා හැසිරීමෙන්, බොරු කීමෙන්, කේලාම් කීමෙන්, ඵරුෂ වචනයෙන්, හිස් කථාවලින් වැළකීමය. අනුන්ගේ දෙයට ලොභ නොකිරීමය, අනුන් නැසේවායි නොසිතීමය, නිවැරදි දෘෂ්ටිය යන දසයයි.´´
 
27. ´´ආර්ය්‍යාවාස ( උත්තමයන් පමනක් වාසය කරන විසීම් ) දසයක් වෙත්. 
 
(1) මහණහුගේ කාම ආශාව ක්‍රොධය චිත්ත චෛතසිකයන්ගේ මැලිකම නොසන්සුන්කම හා පසුතැවීම සැකය පහ කරන ලද්දේ වෙයි. මෙසේ මහණ තෙම දුරු කරන ලද අංග පස ඇත්තේ වෙයි.
 
(2) මහණ තෙම ඇසින් රූපය දැක සතුටු ද නොවෙයි, නොසතුටු ද නොවෙයි, සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ සුව දුක් දෙකට මැදහත්ව වාසය කරයි, කණින් ශබ්දය අසා නාසයෙන් ගඳ දැන දිවෙන් රස විඳ කයින් ස්පර්ශ කොට සිතින් ධර්ම අරමුණු දැන සතුටු ද නොවෙයි නොසතුටුද  නොවෙයි, සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ මැදහත් විඳිමෙන් යුක්තව වාසය කරයි. මෙසේ මහණ තෙම අංග සයකින් යුක්ත වූයේ වෙයි.
 
(3) මහණ තෙම සිහිය නැමැති ආරක්‍ෂාව ඇත්තා වූ සිතින් යුක්ත වූයේ වෙයි, මෙසේ මහණ තෙම එකම ආරක්‍ෂාවක් ඇත්තේ වෙයි.
 
(4) මහණ තෙම නුවණින් සේවනය කළ යුත්තක්ම සේවනය කරයි. නුවණින් දැන ඉවසිය යුත්තක්ම ඉවසයි, නුවණින් දැන පහකළ යුත්තක්ම පහ කරයි, හැර දමයි. මෙසේ මහණ තෙම හේත්තු වීම් සතරක් ඇත්තේ වේ.
 
(5) මහණහු විසින් බොහෝ වූ මහණ බමුණන්ගේ වෙන වෙන නොයෙක් සත්‍යයෝ වෙත් නම් ඒ සියල්ල දුරු කරන ලද්දාහුය. මෙසේ මහණ තෙම දුරු කරණ ලද වෙන වෙන නොයෙක් සත්‍යය ඇත්තේ වේ.
 
(6) මහණහුගේ කාමයන් සෙවීම නැසුණේ වේ, භවයන් සොයන්නා වූ තණ්හාව නසන ලද්දේ වෙයි, බ්‍රහ්මචරියේසනය ( සදාකාලික යනාදීන් ගන්නා මිථ්‍යාදෘෂ්ටිය ) පහ කරන ලද්දේ වෙයි. මෙසේ මහණ තෙම සම්පූර්ණයෙන් දුරු කළ සෙවීම් ඇත්තේ වෙයි.
 
(7) මහණහුගේ කාම කල්පනාව දුරු වූයේ වෙයි, ක්‍රොධ කල්පනා දුරු වූයේ වෙයි, හිංසා කිරීමේ කල්පනාව දුරු වූයේ වෙයි. මෙසේ වනාහි මහණ තෙම නොකැළඹුණු කල්පනා අත්තේ වේ.
 
(8) මහණ තෙම සැප දුරු කිරීමෙන්, දුක් දුරු කිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක නැසීමෙන් නිදුක් වූ නොසැප වූ උපේක්‍ෂා සිහි දෙදෙනාගේ පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. මෙසේ වනාහි මහණ තෙම සංසිඳුනු කාය සංස්කාර ඇත්තේ වේ. 
 
(9) භික්‍ෂුහුගේ සිත රාගයෙන් මිදුනේ වෙයි, ද්වේෂයෙන් මිදුනේ වෙයි, මුලාවෙන් මිදුනේ වෙයි, මෙසේ වනාහි මහණ තෙම හොඳින් මිදුනා වූ සිත් ඇත්තේ වේ.

(10) මහණ තෙම මා විසින් රාගය, ද්වේෂය, මෝහය, නැති කරන ලදී, මුල් සිඳින ලදී, එය නැවත නූපදින ලෙස කරන ලදි යයි දනී ද, මෙසේ මහණ තෙම හොඳින් මිදුන ප්‍රඥා ඇත්තේ වෙයි.´´
 
25. ´´අශෛක්‍ෂ ධර්ම (රහත් ඵලයට පැමිණි පුද්ගලයාගේ ධර්මය) දසයක් වෙත්. අශෛක්‍ෂ වූ සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය, සම්‍යක් ඤාණය, සම්‍යක් විමුක්තිය යන මේ දසයයි.´´
 
එකල්හි භාග්‍යවතුන් වහන්සේ නැගිට ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට කථා කර මෙසේ වදාළහ. ´´ශාරිපුත්‍රය, යහපත යහපත ශාරිපුත්‍රය, නුඹ භික්‍ෂූන්ට යහපත් කොට සංගීතී පර්ය්‍යාය ප්‍රකාශ කෙළෙහි යයි´´ වදාළහ. ශාස්තෘන් වහන්සේ එය අනුමත කළහ. සතුටු සිත් ඇති ඒ භික්‍ෂහුදු දෙශනාව සතුටින් පිළිගත්තාහුය. 
 
තිස්තුන් වැනි වූ සංගීති සූත්‍රය නිමි.

33. සංගීති සූත්‍රය -පළමු කොටස

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මල්‍ය ජනපදවල ගමන් කරනුයේ පන්සියයක් පමණ වූ මහත් භික්‍ෂු සංඝයා සමඟ මල්‍යයන්ගෙ පාවා නම් නුවරට පැමිණියෝය. එහි භාග්‍යවතුන් වහන්සේ පාවා නුවර චුන්ද නම් කර්මාර පුත්‍රයාගේ අඹ උයනෙහි වාසය කළසේක. එකල පාවා නුවර වැසි මල්‍යයන්ගේ උබ්භතක නම් අළුත් වූ නොබෝ දිනකින් කරවන ලද්දා වූ මහණෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ කිසියම් මිනිසෙකු විසින් වාසය නොකරන ලද සන්ථාගාර ශාලාවක් වෙයි.
 
2. එකල්හි පාවා නුවර වැසි මල්‍යයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට හොඳින් වැඳ එකපැත්තක උන්හ. එකපැත්තක උන්නා වූ පාවා නුවර වැසි මල්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාහුය. ´´ස්වාමීනි, මෙහි පාවා නුවර වැසි මල්‍යයන්ගේ උබ්භතක නම් වූ අළුත් සන්ථාගාරය (නුවර මැද කරවන ලද ශාලාව) නොබෝ දින කරවන ලද්දේ වෙයි. කිසියම් මිනිසෙකු විසින් වාසය නොකරන ලද්දේය. භාග්‍යවතුන් වහන්සේ විසින් එය පළමුකොට පරිභෝග කිරීමට ආරාධනා කරන ලදි.´´ භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවීමෙන් ඉවසූ සේක. ඉක්බිති පාවා නුවර වැසි මල්‍යයෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන සන්ථාගාරයට පැමිණ, එහි සියළු සන්හි ඇතිරිලි එලා ආසන පනවා දිය සැළි තබා පහන් දල්වා භාග්‍යවතුන් වහන්සේට එහි වැඩමවීමට සුදුසු කල්බව දැන්වූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ හැඳ පොරවා, පාත්‍රය හා සිවුරු ගෙන භික්‍ෂු සංඝයා සමඟ සන්ථාගාරයට පැමිණියහ.
 
එකල්හි භාග්‍යවතුන් වහන්සේ පාවා නුවර වැසි මල්‍යයන්ට, රාත්‍රි බොහෝ වේලාවක්ම ධර්ම දේශනා කර කරුණු දක්වා, සමාදන් කරවා, උනන්දු කරවා, අතිශයින් සතුටු කරවා, ´´වාසෙට්ඨයිනි, රාත්‍රිය බොහෝ ඉක්ම ගියාය. දැන් තොපට ගමනට සුදුසු කාලය හඟව්´´ කියා පිටත්කර යැවූ සේක.
 
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඉතා නිශ්ශබ්ද වූ භික්‍ෂු සංඝයා දෙස බලා ආයුෂ්මත් ශාරිපුත්ත ස්ථවිරයන්ට මෙසේ ආමන්ත්‍රණය කළ සේක. ´´ශාරිපුත්‍රය, භික්‍ෂු සංඝ තෙම පහ වූ ථිනමිද්ධය ඇත්තේය. (නිදිමත නැතිව සිටියි.) 
 
ශාරිපුත්‍රය, භික්‍ෂූන්ට සුදුසු දැහැමි කථාවක් තොපට වැටහේවා, මාගේ පිටරුදා කෙරෙයි. එහෙයින් මම කය දිග හරින්නෙමි´´යි කීහ. දෙපට සිවුර හතරට නමා එලා, දකුණු පයෙහි වම්පය මදක් ඉක්මවා තබා, සිහි නුවණින් යුක්තව නැඟිටිමි යන කල්පනාව සිත්හි තබාගෙන දකුණැලයෙන් සිංහසෙය්‍යාව කළ සේක.
 
4. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන්ට කථාකර මෙසේ කීහ. ´´ඇවැත්නි, නිගණ්ඨනාත පුත්‍ර තෙම පාවා නුවර අසල දී නොබෝ දින මැරී ගියේය. ඔහුගේ මරණයෙන් බිඳීගිය නිගණ්ඨයෝ කොටස් දෙකක් වූවාහු හටගත් දබර ඇත්තාහු, වාසය කරන්නාහුය.´´
 
´´නිගණ්ඨනාත පුත්‍රයාට අනුව යන්නා වූ ගිහි ශ්‍රාවකයෝ ඒ නිගණ්ඨනාත පුත්‍ර ශ්‍රාවකයන් කෙරෙහි කලකිරුණු ස්වභාව ඇතිව සත්කාර කිරීමාදියෙන් ද වැළකුණාහුය.´´
 
5. ´´ඇවැත්නි, මනාව නොදත් නිවන් පිණිස නොපවත්නා වූ සංසිඳීම පිණිස නොපවත්නා වූ සම්‍යක් සම්බුද්ධ නොවූවෙකු විසින් දැනගන්නා ලද්දා වූ නපුරු කොට කියන ලද්දාවූ  ශාසනයෙහි, මෙය මෙසේ වෙයි. ඇවැත්නි, මේ අපගේ ධර්මය සම්‍යක් සම්බුදුවරයෙකු විසින් දැනගන්නා ලද්දේ වෙයි. යම්සේ මේ ශාසන බූහ්මචාර්යය බොහෝ කල් පවත්නේ ද, චිරස්ථායී වන්නේ ද එසේ ඒ ධර්මය සියල්ලන් විසින්ම එක්ව කිය යුතුයි, විවාද නොකටයුතුයි, එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සැප පිණිස වන්නේය.´´
 
´´ඇවැත්නි, මේ ධර්ම සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට ප්‍රකාශ කරන ලද ධර්ම ඇත්තාහ. කවර නම් එක් ධර්මයක් ද? සියලු සත්වයෝ ආහාරය නිසා පවත්නාහුය.´´
 
´´ඒ දෙකක් වූ ධර්ම කවරහු ද? නාමය හා රූපය, අවිද්‍යාව හා භව තෘෂ්ණාව, භව දෘෂ්ටිය හා විභව දෘෂ්ටිය (නිත්‍ය ආත්මයක් ගැනීම හා ආත්මය සිඳේ යයි ගැනීම), පාපයට ලජ්ජා නැතිකම හා පාපයට බිය නැතිකම, හිරිය (පාපයට ලජ්ජාව) හා ඔත්තප්පය (පාපයට භය), කියන දේ නාහන බව හා පාප මිත්‍රයන් ඇතිබව, සුවච බව හා යහපත් මිතුරන් ඇතිබව, ඇවැත් දැනීමෙහි දක්‍ෂ බව හා ඇවතින් නැඟී සිටීමෙහි දක්‍ෂ බව ද, සමාපත්තියෙහි දක්‍ෂ බව හා සමාපත්තියෙන් නැඟී සිටීමෙහි දක්‍ෂ බව ද, ධාතුන් දැනීමෙහි දක්‍ෂ බව හා ධාතුන් මෙනෙහි කිරීමෙහි දක්‍ෂ බවද , ආයතනයන් දැනීමේ දක්‍ෂ බව හා පටිච්චසමුප්පාදයන් දැනීමෙහි දක්‍ෂ බව ද, හේතු දැනීමෙහි දක්‍ෂ බව හා අහේතු දැනීමේ දක්‍ෂ බව ද, අවංක බව හා පාපයට ලැජ්ජා ඇති බව ද, ඉවසීම හා කයින් වචනයෙන් පව් නොකිරීම ද, මෘදු වචන ඇති බව හා ධර්මයෙන් හා ආහාරපානාදියෙන් සංග්‍රහ කිරීම ද, අවිහිංසාව හා පිරිසිදු බව ද, සිහිමුලාව හා අසම්පජඤ්ඤය ද, සතිය හා ප්‍රඥාව ද, ඉන්ද්‍රියන් නොඉවසන ලද බව හා භෝජනයෙහි පමණ දැනීම ද, අඥාන භාවයෙන් කම්පා නොකළ හැකිබව ඥානය හා භාවනා බලය, සති බලය හා සමාධි බලය ද, සමථය හා විදර්ශනාව ද, සමථ නිමිත්ත හා පසුව උපදින වීර්යයට හේතු වූ පූර්ව වීර්යය, වීර්යය හා සිත විසිර නොයාම ද, සීල විපත්තිය හා දිට්ඨි විපත්තිය ද, සීල සම්පදාව හා දිට්ඨි සම්පදාව ද, සීල විසුද්ධිය හා දිට්ඨි විසුද්ධිය ද, විදර්ශනා ඥානය හා ඒ හා එකට යෙදුනු වීර්යය ද, සංවේග විය යුතු කරුණුවල සංවේග වීම හා සංවේගයට පැමිණියහුගේ නුවණින් වීර්යය වැඩීම ද, කුශල ධර්මයන්හි බොහෝ කැමති බව හා වීර්යයෙහි නොනවතින බව ද, ත්‍රිවිද්‍යාව හා විමුක්තිය (නිර්වාණය)ද ආර්ය මාර්ගයන්හි ඥානය හා ආර්ය ඵලයන්හි ඥානය ද වෙත්.´´
 
´´ඇවැත්නි, ප්‍රකාශ කරන ලද තුන බැඟින් වූ ධර්මයෝ වෙත්.´´
 
´´ඒ කවරහුද යත්? ලෝභ අකුසල මූලය, ද්වේශ අකුසල මූලය, මෝහ අකුසල මූලය යන අකුසල මූල තුනය. අලෝභ කුසල මූලය, අදෝස කුසල මූලය, අමෝහ කුසල මූලය යන කුසල් මූල් තුනය. ´´කයින් වචනයෙන් සිතින් කරන දුශ්චරිත යයි දුශ්චරිත තුනකි.´´ ´´කයින් වචනයෙන් සිතින් කරන සුචරිත තුනකි.´´ කාම වස්තු ගැන කල්පනාව, අනුන්ගේ විනාශය ගැන කල්පනාව, අනුන්ට හිංසා කිරීම ගැන කල්පනාව යන අකුසල විතර්ක තුනකි.´´
 
´´කාම වස්තූන්ගෙන් වෙන්වීමේ කල්පනාව, මෛත්‍රි කල්පනාව, අවිහිංසාව ගැන කල්පනාව, යන කුසල විතර්ක තුනකි.´´ 
 
´´කාම, ව්‍යාපාද, විහිංසා යන අකුසල සංකල්ප තුනකි. නෛෂ්කම්‍ය, අව්‍යාපාද, අවිහිංසා යන කුසල සංකල්ප තුනකි. කාම, ව්‍යාපාද, විහිංසා යන අකුසල සංඥා තුනකි. නෛෂ්කම්‍ය, අව්‍යාපාද, අවිහිංසා යන කුසල සංඥා තුනකි. කාම, ව්‍යාපාද, විහිංසා යන අකුසල ධාතු තුනකි. නෛෂ්කම්‍ය, අව්‍යාපාද, අවිහිංසා යන කුසල ධාතු තුනකි. අනිකුදූ ධාතු නම් කාම, රූප, අරුප යන තුනය. රූප, අරූප, නිරෝධ යන ධාතු තුනය. හීන, මධ්‍යම, ප්‍රණීත (ශ්‍රේෂ්ඨ) යන ධාතු තුනයි.´´
 
´´තෘෂ්ණා තුනක් වෙත්. කාම, භව, විභව යන තෘෂ්ණා තුනයි. අනිකදු තෘෂ්ණා නම් කාම, රූප, අරූප තෘෂ්ණාය. රූප, අරූප, නිරෝධ තෘෂ්ණාය.´´
 
´´සත්කාය දෘෂ්ටිය (ආත්මය පිළිබඳ වැරදි දැකීම), විචිකිච්චාව (සැකය), සීලබ්බත පරාමාසය (ශාසනයෙන් බැහැර සිල් ව්‍රත දෘෂ්ටි වශයෙන් ගැනීම), යන සංයෝජන (කෙලෙස් බැමි) තුනක් වෙත්.´´
 
´´කාම, භව, අවිද්‍යාශ්‍රවයයි ආශ්‍රව තුනක් වෙත්. කාම, රූප, අරූප භවයයි භව තුනක් වෙත්.´´
 
´´කාමෙසනය, භවෙසනය, බ්‍රහ්මචරියෙසනය (මිත්‍යා දෘෂ්ටි වශයෙන් බ්‍රහ්මචර්යාව සොයන ආශාව) යන එසන (සෙවීම්) තුනක් වෙත්.´´
 
´´මම ශ්‍රේෂ්ඨයෙක් වෙමියි යන මානය, මම සමානයෙක් වෙමියි යන මානය, මම හීනයෙක් (පහත් කෙනෙක්) වෙමියි යන මානය යයි මාන තුනක් වෙත්.´´
 
´´අතීත, අනාගත, වර්තමාන යන කාල තුනකි.´´
 
´´සක්කාය අන්තය (උපාදානස්කන්ධ පස නැමැති කොටස), සක්කාය සමුදය අන්තය (උපාදානස්කන්ධ පසට හේතුවූ තණ්හාව නැමැති කොටස), සක්කාය නිරෝධ අන්තය (නිර්වාණ නැමැති කොටස) යි අන්ත (කොටස්) තුනෙකි.´´
 
´´සැප, දුක්, උපේක්ඛා යයි වේදනා තුනකි.´´
 
´´දුක්ඛ දුක්ඛතාව (දුක් වේදනාව), සංඛාර දුක්ඛතාව (උපේක්ඛා වේදනාව), විපරිනාම දුක්ඛතාව (සුඛ වේදනාව) යි දුක්ඛතා තුනකි.´´ 
 
´´මිච්චත්තිනියත රාසිය (නියත මිත්‍යා දෘෂ්ටිය සහ ආනන්තරිය කර්ම), සම්මන්තනියත රාසිය (සතර ආර්යය මාර්ගය), අනියත රාසිය (නියත මිත්‍යා දෘෂ්ටි ආනන්තරිය කර්ම හැර ඉතිරි ධර්ම) යන රාසි තුනකි.´´
 
´´ඉකුත් කාලය, අනාගත කාලය, දැන පවත්නා කාලය ගැන හෝ සැක කරයි, සැක උපදවයි, නිශ්චය නොකරයි, නොපහදයි යන සැක තුනක් වෙත්.´´
 
´´තථාගතයන් වහන්සේගේ නොරැක්ක යුතු කරුණු තුනක් වෙත්. මාගේ මෙය (දුශ්චරිතය) අන්‍යා නොදනීවායි රැක්කයුතු දුශ්චරිතයක් තථාගතයන් වහන්සේට නැත. තථාගත තෙමේ පිරිසිදු කාය, වාක්, පිරිසිදු මනෝ සමාචාර ඇත්තේය යන මේ තුනයි.´´
 
´´රාග, දෝෂ, මෝහ යන පළිබෝධ තුනයි.´´
 
´´රාග, ද්වේශ, මෝහ ගින්න යන තුනයි. දනිකුදු ගිනි තුනක් වෙත්. ආහුණෙය්‍ය ගින්නය (මවුපියන්), ගෘහපති ගින්නය (ස්වාමි පුරුෂයා), දක්ඛණෙය්‍ය ගින්නය (භික්‍ෂු සංඝයා) යන තුනයි.´´
 
´´තුන් ආකාරයකින් රූප සංග්‍රහ වේ. දැකීම් සහිත හැපීම් සහිත රූපය, දැකීම් රහිත හැපීම් සහිත රූපය, දැකීම් රහිත හැපීම රහිත රූපය යන තුනයි.´´
 
´´සංස්කාර තුනක් වෙත්. පුණ්‍යාභිසංස්කාරය, අපුණ්‍යාභිසංස්කාරය, ආනෙඤ්ජාභිසංස්කාරය, (සතර වැදෑරුම් අරූපාවචර කුශල චේතනා) යන තුනයි.´´
 
´´පුද්ගලයෝ තුන් දෙනෙක් වෙත්. සෙඛ (අර්හත් ඵලය හැර ඉතිරි මාර්ග ඵලයන්ට පැමිණි ආර්යයෝ සත්දෙන) පුද්ගලයා, අසෙඛ (අර්හත් ඵල ලැබූ) පුද්ගලයා, නෙවසෙඛ නාසෙඛ (සෙඛත් නොවන අසෙඛත් නොවන පෘතග්ජන) පුද්ගලයා යන තුන්දෙනායි.´´
 
´´ස්ථවිරයන් තිදෙනෙකි. ජාති ථෙර (මහලු ගිහියා), ධම්ම ථෙර (සීලාදි ථෙර කරණිය ධර්මයන්ගෙන් යුත් භික්‍ෂුව), සම්මුති ථෙර (නමින් ථෙර ථෙරයි කියනු ලබන භික්‍ෂුව) යන තුන්දෙනායි.´´
 
´´දානමය සීලමය භාවනාමය පුණ්‍යක්‍රියා තුනකි.´´
 
´´දැකීමෙන්, ඇසීමෙන්, සැක කිරීමෙන්යයි චෝදනා වස්තු තුනකි.´
 
´´කාම සම්පත් ලැබීම් තුනක් වෙත්. ඉදිරියට පැමිණි අරමුණුවලින් කම්සැප විඳින්නා, මවන ලද කාම සම්පත් ඇත්තා, අනුන් විසින් මවනලද කාම සම්පත් ඇත්තා.´´
 
´´සුඛොත්පත්ති (සැප ලැබීම්) තුනක් වෙත්. ධ්‍යාන සැප උපදවා සැප විඳින්නා, ධ්‍යාන සැපයෙන් තෙත් වූ හාත්පසින් තෙත් වූ සම්පූර්ණ වූ පැතිර ගියා වූ සැප විඳින්නා, සැපයෙන් තෙත් වූ හාත්පසින් තෙත් වූ ගැවසුනා වූ පිරුණා වූ පැතිර ගියා වූ ඇත්තා. ප්‍රඥා තුනක් වෙත්. ශෛක්‍ෂ අශෛක්‍ෂ නෙවසෙක්ඛ නාසෙක්ඛ ප්‍රඥාව යන තුනයි. අනිකුදු ප්‍රඥා තුනක් වෙත්. චිත්තාමය (සිතීමෙන් ලබන) ප්‍රඥාව, සුතමය (ඇසීමෙන් ලබන) ප්‍රඥාව, භාවනාමය (භාවනා කිරීමෙන් ලබන) ප්‍රඥාව යන තුනයි.´´
 
´´ආයුධ තුනක් වෙත්. ධර්මය ඇසීමෙන් ලබන නුවණ නැමැති ආයුධය, කාය විවේක චිත්ත විවේක උපධි විවේක, යන ත්‍රිවිධ විවේක නැමැති ආයුධය. ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව නැමැති ආයුධය යන තුනයි.´´
 
´´ඉන්ද්‍රිය තුනක් වෙත්. සෝතාපත්ත මාර්ගඥානය, සෝවාන් ඵලයෙහි පටන් අර්හත් මාර්ගය දක්වා ඇති ඥාන සය, අර්හත් ඵලය යන තුනයි.´´
 
´´ඇස් තුනක් වෙත්. භික්‍ෂු ශීලය, විදර්ශනා පාදක ධ්‍යාන, විදර්ශනා ප්‍රඥාව යන තුනයි.´´
 
´´ශික්‍ෂා තුනක් වෙත්. කාය භාවනා චිත්ත භාවනා (අෂ්ඨ සමාපත්ති) පඤ්ඤා භාවනා (අර්හත් ඵල ප්‍රඥාව) යන තුනයි.´´
 
´´සියල්ලට උසස් ධර්ම තුනක් වෙත්. විදර්ශනා ඥානය, මාර්ග ඥාන, ඵල ඥාන යන තුනයි.´´
 
´´සමාධි තුනක් වෙත්. විතර්කය හා විචාරය සහිත සමාධිය, විතර්කය නැති විචාරය පමණක් ඇති සමාධිය, විතර්ක විචාර දෙකක් නැති සමාධිය යන තුනයි. අනිකූදු සමාධි තුනක් වෙත්. අනාත්ම දක්නා, අනිත්‍යය දක්නා, දුක දක්නා විදර්ශනා සමාධිය යන තුනයි.´´
 
´´පිරිසිදු බැව් ඇති කරන්නාවූ ධර්ම තුනක් වෙත්. කාය වචී මනො සොචෙය්‍ය යන තුනයි.´´ 
 
´´(මුනි භාවය කරන්නා වූ) ධර්ම තුනක් වෙත්. කාය වචී මනො මොනෙය්‍ය තුනයි.´´
 
´´දක්‍ෂකම් තුනක් වෙත්. කුශලයන්ගේ විනාශය දක්නා ප්‍රඥා (උපාය) තැනට සුදුසු නුවණ යන මේ තුනයි.´´
 
´´ආරෝග්‍ය මදය, තරුණ මදය, ජාති (උසස් ජාතියකය යන) මදය යන තුනයි.´´
 
´´අධිපති කම් තුනක් වෙත්. තමා අධිපති කොට ඇති බව ලෝකයා අධිපති කොට ඇති බව, ධර්මය අධිපති කොට ඇති බව යන තුනයි.´´
 
´´කථා වස්තු තුනක් වෙත්. අතීත කාලය ආනාගත කාලය දැන් මේ කාලය ගැන හෝ කථා කියන්නේය යන තුනයි.´´
 
´´විද්‍යා තුනක් වෙත්. පෙර විසූ ජාති පිළිවෙළ දැනීමේ විද්‍යාව, සත්වයන්ගේ චුති උප්පත්ති දැනීමේ විද්‍යාව, කෙළෙස් නැති කරන ප්‍රඥාව වන විද්‍යාව යන තුනයි.´´
 
´´විහරණ (පැවතුම්) තුනක් වෙත්. දිව්‍ය බ්‍රහ්ම ආර්ය විහරණය (ඵල සමාපත්තිය) යන තුනයි.´´
 
´´ප්‍රතිහාර්ය තුනක් වෙත්. ඍධි ආදේශනා අනුශාසනී ප්‍රාතිහාර්ය යන තුනයි.´´
 
´´ඇවැත්නි, සතර ධර්ම කෙනෙක් ඇත්තාහ. ඒ කවර සතර ධර්ම කෙනෙක් ද?´´
 
´´සතිපට්ඨාන සතරක් වෙත්. ලෝභය හා ද්වේශය දුරුකොට ශරීරයෙහි, වේදනාවන්හි, චිත්තයෙහි, ධර්මයන්හි ධර්මය අනුව බලමින් වාසය කරයි යන සතර ධර්මයෝයි.´´
 
´´සම්‍යක් ප්‍රධාන සතරක් වෙත්. නූපන්නා වූ ලාමක වූ අකුසල ධර්මයන්ගේ නොඉපදීම පිණිස, උපන්නා වූ ලාමක අකුසල ධර්මයන්ගේ නැති කිරීම පිණිස, උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම වැඩිවීම පිණිස භාවනාවෙන් සම්පූර්ණ කිරීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි, වීර්යය පටන් ගනියි, සිත දැඩිකොට ගනියි යන මේ සතරයි.´´
 
´´ඍධිපාද සතරක් වෙත්. ඡන්ද සමාධිය චිත්ත සමාධිය, වීර්යය සමාධිය, විමංසා සාමාධිය ප්‍රධාන කොට ඇති සංස්කාරයන් ගෙන් යුක්ත වූ ඍධිපාදය වඩයි යන සතරයි.´´ 
 
´´ධ්‍යාන සතරක් වෙත්. ප්‍රථම ධ්‍යානය ද්විතීය ධ්‍යානය තෘතීය ධ්‍යානය සතරවන ධ්‍යානය යන සතර ධ්‍යානයෝය.´´
 
´´සමාධි භාවනා සතරක් වෙත්. ඇවැත්නි, මේ ආත්මයෙහි සැප විහරණය පිණිස පවත්නා සමාධි භාවනා, ඥාන දර්ශන (දිව්‍ය චක්‍ෂුරභිඥානය) ප්‍රතිලාභය පිණිස පවතින සමාධි භාවනාව, සිහිය හා ඥානය පිණිස පවතින සමාධි භාවනාව, කෙලෙස් ක්‍ෂය කිරීම පිණිස පවතින සමාධි භාවනාව, සමාධි භාවනා සතරක් වෙත්.´´
 
´´ප්‍රමාණ කළ නොහැකි සත්වයන් කෙරෙහි පවත්නා ධර්ම සතරක් වෙත්. මෛත්‍රී කරුණා මුදිතා උපේක්‍ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි යන සතරයි.´´
 
´´අරූප ධ්‍යාන සතරක් වෙත්. ආකාසානඤ්චායතන ධ්‍යානය, විඥානඤ්චායතන ධ්‍යානය, ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය, නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානය යන සතරයි.´´
 
´´ආධාර සතරක් වෙත්. නුවණින් දැන සේවනය කළයුත්ත සේවනය කරයි. ඉවසිය යුත්තක්ම ඉවසයි. දුරු කළ යුත්තක්ම දුරු කරයි. පහකළ යුත්තක්ම පහ කරයි. (යන සතරයි).´´
 
´´ආර්ය වංශ සතරක් වෙත්. ලැබුණ කවර හෝ සිවුරකින් සතුටු වෙයි. සිවුරක් නොලැබුණේ ද නොකලකිරෙයි. සිවුරක් ලැබුණේ ද එහි නොඇලී මුසපත් නොවී තණ්හාවෙන් නොබැඳී පරිභෝග කරයි. ඒ චීවර සංතෝෂයෙන් ද තමා උසස් නොකෙරෙයි. අනුන් පහත් නොකෙරෙයි. එසේම පිණ්ඩපාතය ද, සේනාසන ද භාවනාව ද ලැබ නුවණින් යුක්තව පරිභෝග කරයි. මේ මහණ තෙම පැරණි වූ අග්‍ර යයි දන්නා වූ ආර්ය වංශයෙහි සිටියේ යයි කියනු ලැබේ.´´
 
´´ප්‍රධාන (උතුම් වීර්යය) සතරක් වෙත්. සංවර ප්‍රධානය, කාම විතර්කාදීන් දුරු කරන්නහුට උපන් වීර්යය භාවනා ප්‍රධානය, සමාධි නිමිත්ත රක්නහුට උපන් වීර්යය යන සතරයි.´´
 
´´ඤාන සතරක් වෙත්. ධර්මයෙහි ඤාණය (චතුස්සත්‍ය දක්නා ඥානය අනුව ගිය ඥානය) අනුන්ගේ සිත් පිරිසිඳ දැන ගන්නා ඥානය, සම්මුතියෙහි ඤානය (අවශේෂ ඥාන) (යන සතරයි.) ´´අන්‍ය වූ ද ඤාන සතරක් වෙත්! දුකෙහි ඥානය, දුක් හටගැන්මෙහි ඥානය, දුක් නැති කිරීමෙහි ඥානය, දුක් නැති කිරීමට පිළිපදින මාර්ගයෙහි ඥානය (යන සතරයි).´´ 
 
´´සෝවාන් මාර්ගයට අංග සතරක් වෙත්. සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවනය, නුවණින් කල්පනා කිරීම (ලෝකෝත්තර ධර්ම අනුව පිළිපැදීම) (යන සතරයි).´´
 
´´සෝවාන් වූවහුගේ අංග සතරක් වෙත්. බුදුන් කෙරෙහි ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තවූයේ වෙයි. තණ්හා දිට්ඨි දෙකෙන් අල්ලා ගැනීම නොකරන ලද්දාවූ , සමාධිය පිණිස පවත්නා වූ, සීලයෙන් යුක්ත වූයේ යයි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. (යන සතරයි).´´
 
´´මහණකමෙහි ඵල සතර සෝවාන් සකෘදාගාමී, අනාගාමී රහත් ඵල වෙත්.´´
 
´´ධාතු සතර පෘථිවි, ආපෝ, තේජෝ, වායෝ වෙත්.´´
 
´´ආහාර සතර මහත් වූ හෝ සියුම් වූ හෝ පිඬු වශයෙන් ගන්නා ආහාරය, දෙවෙනි ඵස්සාහාර (ස්පර්ශය), තුන්වෙනි මනොසඤ්චේතනාහාරය (චේතනාව), සතරවෙනි විඤ්ඤාණාහාරයයි (සිත) (යන සතරයි).´´
 
´´විඤ්ඤාණ පැවැතුම් සතරක් වෙත්. රූපය උපාය (පිහිට) කොට හෝ, වේදනාව උපාය කොට හෝ, පවත්නා වූ විඤ්ඤාණය පවතියි. සංස්කාරය අරමුණු කොට සංස්කාරය ප්‍රතිෂ්ඨා කොට, තෘෂ්ණවෙන් ඉසින ලද (විඤ්ඤාණය) වැඩීමට, නැඟීමට මහත් භාවයට පැමිණේ. (යන සතරයි)´´
 
´´අගති ගමන සතරක් වෙත්. ඡන්දයෙන් ද්වේශයෙන් භයින් මෝහයෙන් අගතියට යයි.´´
 
´´තෘෂ්ණා ඉපදීම් සතරක් වෙත්. චීවර හේතුවෙන් හෝ පිණ්ඩපාත හේතුවෙන් හෝ සේනාසන හේතුවෙන් හෝ මෙසේ භවා භව හේතුවෙන් හෝ භික්‍ෂූ හට උපදින තෘෂ්ණාව උපදියි. (යන සතරයි)´´
 
´´පිළිපැදීම් සතරක් වෙත්. වහා (මාර්ග ඵල) අවබෝධ නොකරන්නා වූ දුක් වූ ප්‍රතිපදාවය, වහා අවබෝධ කරන්නා වූ දුක් වූ ප්‍රතිපදාවය, වහා අවබෝධ නොකරන්නා වූ සැප වූ ප්‍රතිපදාවය, වහා අවබෝධ කරන්නා වූ සැප වූ ප්‍රතිපදාවය (යන සතරයි.) අනිකුදු ප්‍රතිපදා සතරක් වෙත්. ශීත උෂ්ණා දිය නොඉවසන ප්‍රතිපදාවය, ශීතාදිය ඉවසන ප්‍රතිපදාවය, ඉන්ද්‍රියන් දමනය කරන ප්‍රතිපදාවය, කෙලෙස් සංසිඳවන ප්‍රතිපදාවය.´´ 
 
´´ධර්ම පද කොටස් සතරක් වෙත්. අලෝභය අද්වේෂය සිහිය සමාධිය මුල් කොට උපදවන ධර්ම කොටස් සතරය.´´
 
´´ධර්ම සමාදාන සතරක් වෙත්. වර්තමානයෙහි දුක් වූ ද මත්තෙහි දුක් විපාක ඇත්තා වූ ද ධර්ම සමාදානයක් ඇත්තේය. වර්තමානයෙහි දුක් වූ ද මත්තෙහි සැප විපාක ඇත්තා වූ ද ධර්ම සමාදානයක් ඇත්තේය. වර්තමානයෙහි සැප වූ ද මත්තෙහි දුක් විපාක ඇත්තා වූ ද ධර්ම සමාදානයක් ඇත්තේය. වර්තමානයෙහි සැප වූ ද මත්තෙහි සැප විපාක ඇත්තා වූ ද ධර්ම සමාදානයක් ඇත්තේය.´´
 
´´ධරමස්කන්ධ (ධර්ම සමූහ) සතරක් වෙත්. සීල, සමාධි, ප්‍රඥා විමුක්ති ස්කන්ධ යන සතරයි.´´
 
´´බල සතරක් වෙත්. වීර්යය, ස්මෘති, සමාධි, ප්‍රඥා බල වෙත්.´´
 
´´අධිෂ්ඨාන සතරක් වෙත්. ප්‍රඥා, සත්‍ය, ත්‍යාග, ව්‍යපසම (සංසිඳීම) අදිෂ්ඨාන වෙත්.´´
 
´´ප්‍රශ්න විසඳීම් සතරක් වෙත්. ඒකාන්තයෙන් විසඳීය යුතු වූ ප්‍රශ්නය, අසා බලා විසඳිය යුතු වූ ප්‍රශ්නය, බෙදා විසඳිය යුතු වූ ප්‍රශ්නය, (නොවිසඳා) තැබිය යුතු වූ ප්‍රශ්නය (යන සතරයි).´´
 
´´කර්ම සතරක් වෙත්. නරක විපාක පව් පලදීම් ඇත්තා වූ කර්මයක් ඇත. ශුක්ල වූ හොඳ විපාක ඇත්තා වූ කර්මයක් ඇත්තේය. නරක හා හොඳ වූ ද නරක හා හොඳ විපාක ඇත්තා වූ ද කර්මයක් ඇත. නරක නොවූ හොඳ නොවූ ද නරක හා හොඳ නොවූ විපාක ඇත්තා වූ ද කර්මයක් ඇත.´´
 
´´ප්‍රත්‍යක්‍ෂ කටයුතු වූ ධර්ම සතරක් වෙත්. යට ජාතිවල සිටි තැන් සිහි කිරීමෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතුය. සත්වයන්ගේ මිය යෑම හා ඉපදීම දිවැසින් ප්‍රත්‍යක්‍ෂ කටයුතුය. සමඟ එක්ව උපන් නාමකයින් ප්‍රත්‍යක්‍ෂ කටයුතුය. කෙලෙස් අවසන් කිරීම ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතුය (යන සතරයි).´´
 
´´ඕ (සැඩ පහර) සතරක් වෙත්. කාමෝය, භවෝය, දිට්ඨෝය, අවිජ්ජෝය වෙත්.´´
 
´´යෝග (යෙදීම්) සතරක් වෙත්. කාම, භව, දිට්ඨි, අවිජජා යෝග වෙත්.´´
 
´´ක්ලේශ සම්බන්ධ නැති කිරීම් සතරක් වෙත්. කාම යෝගයන්ගේ විසංයෝගය, භව යෝගයන්ගේ විසංයෝගය, දිෂ්ටි යෝගයන්ගේ විසංයෝගය, අවිද්‍යා යෝගයන්ගේ විසංයෝගය වෙත්.´´  
 
´´ග්‍රන්ථ (ගැට හෝ බැමි) සතරක් වෙත්. අභිධ්‍යා ව්‍යාපාද සීලබ්බතපරාමාස ඉදං සච්චාභිනිවෙස (මෙයම සත්‍යය අනික හිස්සසයි මෙසේ පවතින දෘෂ්ටිය) කාය ග්‍රන්තය යන (සතරයි).´´
 
´´උපාදාන (දැඩි ලෙස ගැනීම්) සතරක් වෙත්. කාම, දිට්ඨි, උපාදානය, සීලබ්බත අන්තවාද උපාදානය (යන සතරයි).´´
 
´´යෝනි (උප්පත්ති ක්‍රම) සතරක් වෙත්. බීජයෙන් උපදින උප්පත්තිය, මවු කුසයෙන් උපදින උප්පත්තිය, කුණු රොඩු ආදියෙහි උප්පත්තිය, ඕපපාතික (එක්වර පහළවන) උප්පත්තිය යන උප්පත්ති වෙත්.´´
 
´´ගැබ් පිළිසිඳීම් සතරක් වෙත්. ඇතැමෙක් දැනුමක් නැතිවම මවුකුස පිළිසිඳ ගනිති. මවුකුසෙහි සිටිති. මවුකුසින් නික්මෙති. දැනගෙනම මවුකුස පිළිසිඳ ගනියි. නොදැන මවුකුසෙහි සිටියි. නොදැන මවුකුසින් නික්මෙයි. දැනගෙනම මවුකුස පිළිසිඳ ගනියි. දැනගෙනම මවුකුසෙහි සිටියි. නොදැන මවුකුසින් නික්මෙයි. දැනගෙනම පිළිසිඳ ගැනීම් වශයෙන් මවුකුසට බැසගනියි. දැනගෙනනම මවුකුසෙහි සිටියි. දැනගෙනම මවුකුසින් නික්මෙයි.´´
 
´´උප්පත්ති ලැබීම් සතරක් වෙත්. යම් උප්පත්තියෙක්හි තමාගේ මෙහෙයීම් කරණකෙටගෙනම චුතවෙයි ද, අනුන්ගේ මෙහෙයීම හේතුකොටගෙන චුත නොවෙයි ද, එබඳු උප්පත්තියක් ඇත. යම් උප්පත්තියෙක්හි අනුන්ගේ මෙහෙයීම් නිසා චුතවන්නේ ද, තමාගේ මෙහෙයීමෙන් චුතනොවන්නේ ද, එබඳු උප්පත්තියක් ඇත. යම් උප්පත්තියෙක්හි තමාගේ මෙහෙයීමත් අනුන්ගේ මෙහෙයවීමත් නිසා චුතවන්නේ ද එබඳු උප්පත්තියක් ඇත්තේය. යම් උප්පත්තියෙක්හි තමාගේ මෙහෙයීමත් අනුන්ගේ මෙහෙයවීමත් නිසා චුත නොවන්නේ ද, එබඳු උප්පත්තියක් ඇත යන (සතරයි).´´
 
´´දානය පිරිසිඳුවන ක්‍රම සතරක් වෙත්. ඇවැත්නි, දායකයා කෙරෙන් පිරිසිදුවන, පිළිගන්නා කෙරෙන් පිරිසිදු නොවන දානය, පිළිගන්නා කෙරෙන් පිරිසිදු වන දායකයා කෙරෙන් පිරිසිදු නොවන දානය, දායකයා කෙරෙන් පිරිසිදු නොවන පිළිගන්නා කෙරෙන් පිරිසිදු නොවන දානය, දායකයා කෙරෙනුත් පිළිගන්නා කෙරෙනුත් පිරිසිදුවන දානය (යන සතරයි).´´
 
´´සංග්‍රහ වස්තු සතරක් වෙත්. දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව (හිතවැඩෙහි හැසිරීම), සමානාත්මතාවය වෙත්.´´ 
 
´´උතුම් නොවන ව්‍යවහාර සතරක් වෙත්. මුසාවාදය, කේලාම් වචන කීමය, ඵරුෂ වචන කීමය, හිස් වචන කීමය වෙත්.´´
 
´´ආර්යයන්ගේ ව්‍යවහාර සතරක් වෙත්. බොරු කීමෙන්, කේලාම් කීමෙන්, ඵරුෂ වචනයෙන්, හිස් වූ කථාවෙන් වැළකුම් වෙත්. උතුම් නොවූ ව්‍යවහාර සතරක් වෙත්. නුදුටු දෙය දුටුවෙමියි කීමය, නොඇසූ දෙය ඇසුවෙමියි කීමය, නොහැඟුන දෙය හැඟීමයි කීමය, නොදන්නා ලද්ද දන්නෙමියි කීමය. උතුම් වූ ව්‍යවහාර සතරක් වෙත්. නුදුටු දෙය නුදුටුමියි කීමය, නොඇසූ දෙය නොඇසීමියි කීමය, නොහැඟුන දෙය නොහැඟිමියි කීමය, නොදන්නා ලද්ද නොදනිමියි කීමය. ආනාර්යය ව්‍යවහාර සතරක් වෙත්. දුටු දෙය නුදුටිමියි කීමය, ඇසූ දෙය නොඇසීමියි කීමය, හැඟි දෙය නොහැඟීමයි කීමය, දන්නා ලද්ද නොදනිමියි කීමය. ආර්යය ව්‍යවහාර සතරක් වෙත්. දුටු දෙය දුටුවෙමියි කීමය, ඇසූ දෙය ඇසීමියි කීමය, හැඟි දෙය හැඟිමියි කීමය, දන්නා ලද්ද දනිමියි කීමය (යන සතරයි).´´
 
´´පුද්ගලයෝ සතර දෙනෙක් වෙත්. (1) ඇතැම් පුද්ගලයෙක් තමහට තැවීම් ඇතිකිරීමෙහි යෙදුනේ තමා තවන්නෙක් වෙයි. අන්‍යයන් තැවීමෙහි යෙදුනේ අනුන් තවන්නෙක් වෙයි. තමා තැවීමෙහි යෙදුනේ තමන් තවන්නෙක් ද අන්‍යයන් තැවීමෙහි යෙදුනේ අනුන් තවන්නෙක් වෙයි. තමා තැවීමෙහි නොයෙදුනේ තමන් නොතවන්නෙක් ද අන්‍යයන් තැවීමෙහි නොයෙදුනේ අනුන් නොතවන්නෙක් වෙයි.
 
(2) ඇතැම් පුද්ගලයෙක් තමහට හිත පිණිස පිළිපදින්නේ වේ. අනුන්ට හිත පිණිස නොපිළිපදින්නේ වේ. ඇතැම් පුද්ගලයෙක් අනුන්ට හිත පිණිස පිළිපදින්නේ වෙයි. තමහට හිත පිණිස නොපිළිපදියි. ඇතැම් පුද්ගලයෙක් තමහට හිත පිණිස නොපිළිපදියි. අනුන්ට හිත පිණිසද නොපිළිපදියි. ඇතැම් පුද්ගලයෙක් තමහට හිත පිණිස ද පිළිපදින්නේ වෙයි. අනුන්ට හිත පිණිස ද පිළිපදින්නේ වෙයි.
 
(3) අඳුරෙන් අඳුරට යන පුද්ගලයාය, අඳුරෙන් එලියට යන පුද්ගලයාය, එලියෙන් අඳුරට යන පුද්ගලයාය, එලියෙන් එලියට යන පුද්ගලයාය.
 
(4) සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් පුද්ගලයාය යන සතර දෙනායි.´´
 
´´ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් හොඳින් ප්‍රකාශ කරණ ලද්දා වූ ධර්මයෝ පස් දෙනෙක් වෙත්.´´ 
 
´´ඒ කවර ධර්ම පසක් ද? රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥානස්කන්ධයයි ස්කන්ධ පසක් වෙත්.´´
 
´´උපාදානස්කන්ධ (තණ්හා දිට්ඨි දෙකෙන් අල්වාගනු ලබන ස්කන්ධ) පසකි. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන, උපාදාන ස්කන්ධයෝ වෙත්.´´
 
´´කාමගුණ පසකි. කැමතිවූ, මනාප වූ, ප්‍රිය වූ, කාමයන් ඇසුරුකරා වූ, ඇළුම් කටයුතු වූ, ඇසින් දැනගත යුතු වූ රූපයෝ, කණින්දැන ගතයුතු වූ ශබ්දයෝ, නාසයෙන් ආ්‍රානය කටයුතු වු ගන්ධයෝ, දිවෙන් දැනගත යුතු වූ රසයෝ, කයින් දැනගත යුතු වූ ස්පර්ශයෝ වෙත්.´´
 
´´ගති පසක් වෙත්. නිරය, තිරිසන් යෝනිය, ප්‍රෙත ආත්මය, මනුෂ්‍යයෝය, දෙවියෝය (යන පසයි). මසුරුකම් පසක් වෙත්. ආවාස, කල, ලාභ, වර්ණ, ධර්ම මසුරුකම යන පසයි. නීවරණ (වැළකීම්) පසක් වෙත්. කාමච්ඡන්ද, ව්‍යපාද, ථිනමිද්ධ, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්චා නීවරණ (යන පසයි).´´
 
´´ඕරම්භාගිය සංයෝජන පසක් වෙත්. සත්කාය දෘෂ්ටිය (මමය මාගේය යන හැඟීම), විචිකිච්චාව (සැකය), සීලබ්බත පරාමාසය, කාමච්ඡන්දය, ව්‍යාපාදය (යන පසයි).´´
 
´´උද්ධම්භාගිය සංයෝජන පසක් වෙත්. රූප රාගය, අරූප රාගය, මානය, උද්දච්චය, අවිජ්ජාය (යන පසයි).´´
 
´´ශික්‍ෂාපද පසක් වෙත්. ප්‍රාණාතයෙන්, සොරකමින්, කාම මිථ්‍යාචාරයෙන්, මුසාවාදයෙන්, සුරාපානයෙන් වැළකීම යන පසයි. නුසුදුසු කරුණු පසක් වෙත්. රහත් වූ මහණ තෙම දැනගෙන සතෙකු නැසීමට නුසුදුසු වේ. නුදුන් දෙයක් සොර සිතින් ගැනීමට, මෛථුන සේවනයට, දැන දැන බොරු කීමට, රැස්කර තබාගෙන කාම වස්තූන් පරිභෝග කරන්ට නුසුදුසු වේ යන පසයි. විනාශ පසක් වෙත්. ඤාති, භෝග, රෝග, ශීල, දෘෂ්ටි විනාශ යන පසයි. සම්පත් පසක් වෙත්. ඥාති, භෝග, ආරොග්‍ය, ශීල, දෘෂ්ටි යන පසයි.´´
 
´´දුස්සීලයාගේ ශීල විපත්තියෙහි ආදීනව පසක් වෙත්. මහත් වස්තු විනාශයට පැමිණේ. අපකීර්තිය පැන නඟියි. කිසියම් පිරිසකට පැමිණෙයි නම් භයින් හැකිලී පැමිණෙයි. සිහි මුළාවී මැරෙයි. මරණින් මතු අපායෙහි උපදියි.´´
 
´´සිල්වත්හුගේ ශීල සම්පත්තියෙහි ආදීනව පසක් වෙත්. මහත් වූ වස්තු රාශියට පැමිණේ. යහපත් කීර්තිය පැන නඟියි. කිසියම් පිරිසකට පැමිණෙයි නම් භය නැතිව එඩිතරව පැමිණෙයි. සීල සම්පන්න වූ සිල්වත් තෙමේ සිහි මුළා නොවූයේ මැරෙයි. මරණින් මතු සුගති නම් වූ ස්වර්ග ලෝකයෙහි උපදියි.´´ 
 
´´ඇවැත්නි, අනුන්ට චෝදනා කරණු කැමති වූ භික්‍ෂුව විසින් ධර්ම පසක් තමා කෙරෙහි පිහිටුවා අන්‍යයාට චෝදනා කටයුත්තේය. සුදුසු කාලයෙහි කියන්නෙමි. නුසුදුසු කාලයෙහි නොකියන්නෙමි. වූවක් කියන්නෙමි. නුවූවක් නොකියන්නෙමි. මිහිරි බසින් කියන්නෙමි. ඵරුෂ බසින් නොකියන්නෙමි. අර්ථයෙන් යුක්ත වූවක් කියන්නෙමි. අනර්ථයෙන් යුක්ත වූවක් නොකියනෙමි. මෛත්‍රියෙන් කියන්නෙමි. ක්‍රෝධයෙන් නොකියන්නෙමි යන පසයි.´´
 
´´වීර්යය කරණ මහණහුගේ අංග පසක් වෙත්. ශ්‍රද්ධාව ඇත්තේ වෙයි. තථාගතයන් වහන්සේගේ බුද්ධත්වය අදහයි. ස්වල්ප ආබාධ ඇත්තේ ඉතා ශීතද නොවූ ඉදා උෂ්ණ ද නොවූ මධ්‍යම වූ වීර්යයට සුදුසු වූ සමව ආහාර දිරවන ගින්නෙන් යුක්ත වූයේ වෙයි. ශාස්තෲන් වහන්සේ කෙරෙහි හෝ නුවණැත්තා වූ එකට වාසය කරන භික්‍ෂූන් කෙරෙහි හෝ තමා පිළිබඳ කරුණු ඇති සැටියෙන් ප්‍රකාශ කරන කපටි නොවූ රැචටිලි නැත්තෙක් වෙයි. අකුසල් දුරු කිරීම පිණිස කුසල් වැඩීම පිණිස ශක්ති ඇතිව දැඩිවූ වීර්යය ඇතිව කුසල ධර්මයන්හි අත්නොහරින ලද වීර්යය ඇතිව පටන් ගන්නා ලද වීර්යය ඇත්තෙක් වෙයි. ආර්යයවූ කලකිරීම ඇතිකරන්නා වූ හොඳින් දුක් නැති කිරීමට පමුණුවන්නා වූ ඇතිවීම හා නැතිවීම දක්වන ප්‍රඥාවෙන් යුක්තවූයේ ප්‍රඥාව ඇත්තේ වෙයි. (යන පසයි)´´
 
´´සුද්ධාවාස පසක් වෙත්. අවිහය, අතප්පය, සුදස්සය, සුදස්සීය, අකනිට්ඨය (යන පසයි).´´
 
´´අනාගාමීහූ පස් දෙනෙක් වෙත්. අන්තරා පරිනිබ්බායීය, උපහච්ච පරිනිබ්බායීය, අසංඛාර පරිනිබ්බායීය, සසංඛාර පරිනිබ්බායීය, උද්ධංසෝත අකනිට්ඨාගාමීය වෙත්.´´
 
6. ´´චිත්තයාගේ තද බැව් පසක් වෙත්. යම් මේ භික්‍ෂු තෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංඝයා කෙරෙහි සලෙ කෙරේද, විචිකිච්චා උපදවාද, නිශ්චය නොකෙරේද, නොපහදී ද, ඔහුගේ සිත වීර්යය පිණිස, අනුයෝගය පිණිස, නිතර කිරීම පිණිස, ප්‍රධානය පිණිස නොනැමෙයි. ශික්‍ෂාවෙහි සැක කරයි. විචිකිච්චා උපදවයි. යම් මේ මහණෙක් සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නොසතුටු සිත් ඇත් ඇත්තේ නැසුනු සිත් ඇත්තේ හටගත් හුල් ඇත්තේ වේ ද සිත වීර්යය පිණිස, ප්‍රධානය පිණිස නොනැමේ. යමෙකුගේ සිත වීර්යය අනුයෝගය පිණිස නිතර කිරීම පිණිස, ප්‍රධානය පිණිස නොනැමේ.
 
´´ සිත පිළිබඳ බැමි පසක් වෙත්. තමාගේ කයෙහි අන්‍ය වූ රූපයෙහි, නිදන සැපයෙහි, කාමයන්හි දෙවි කොටසක් පැතීමෙහි, කාමයන්හි කයෙහි පහව නොගිය රාගය, ඡන්දය, ප්‍රේමය, පිපාසා, දැවිල්ල පහව නොගිය තෘෂ්ණා ඇත්තේ වෙයි.´´
 
´´ඉන්ද්‍රිය පසක් වෙත්, චක්‍ෂු, ශ්‍රොත, ඝ්‍රාණ, ජිව්හා, කාය ඉන්ද්‍රිය වෙත්. අනිකුදු ඉන්ද්‍රිය පසක් වෙත්. සුඛ, දුක්ඛ, සෝමනස්ස, දෝමනස්ස, උපේක්‍ෂා ඉන්ද්‍රිය වෙත්. අනිකුදු පසක් වෙත්. ශ්‍රද්ධා, වීර්යය, ස්මෘති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය වෙත්.´´
 
´´නිස්සරණිය (නික්මීම) ධාතු පසක් වෙත්. සිත කාමයන් කෙරෙන් නික්මීම, ව්‍යාපාදයෙන් නික්මීම, විහින්සාව කෙරෙන් නික්මීම, රූපයන් කෙරෙන් නික්මීම, පඤච උපාදාන ස්කන්ධයන් කෙරෙන් නික්මීම.´´
 
´´විමුත්තායතන (මිදීමට කරුණු) පසක් වෙත්,
 
(1) බුද්ධ ධර්මය දන්නා වූ භික්‍ෂු හට සතුට, ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ නාමකය සංසිඳෙයි. සංසිඳුනු නාමකය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි.
 
(2) භික්‍ෂු තෙම ඇසූ පරිදි දැනගත් පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා කෙරේද ඔහුට සතුට උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ නාමකය සංසිඳෙයි. සංසිඳුනු නාමකය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි.
 
(3) මහණ තෙම ඇසූ පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා කරයි ද බුද්ධ ධර්මය දැනගත්තේ ද වෙයි. ඔහුට සතුට උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ නාමකය සංසිඳෙයි. සංසිඳුනු නාමකය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි. 
 
(4) මහණ තෙම ඇසූ පරිදි, උගත් පරිදි ධර්මය සිතින් කල්පනා කෙරේද, විමසා බලා ද,සලකා බලා ද, හෙතෙම ඒ ධර්මයෙහි අර්ථය දැනගත්තේ ද, බුද්ධ ධර්මය දැනගත්තේ ද වෙයි, ඔහුට සතුට උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ නාමකය සංසිඳෙයි. සංසිඳුනු නාමකය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි.
 
(5) භික්‍ෂුව විසින් එක්තරා සමාධි නිමිත්තක් හොඳින් උගන්නා ලද්දේ, හොඳින් මෙනෙහි කරන ලද්දේ, හොඳින් සලකා බලන ලද්දේ, ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දේ වේ ද, හෙතෙම අර්ථය දැනගත්තා වූ ද බුද්ධ ධර්මය දැනගත්තා වූ ද, ඔහුට සතුට උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ නාමකය සංසිඳෙයි. සංසිඳුනු නාමකය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි.´´
 
´´විමුක්තිය (රහත් බව) මුහුකුරු වන්නා වූ සංඥා (හැඟීම්) පසක් වෙත්. අනිත්‍ය සංඥාය, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාය, දුකෙහි අනාත්ම සංඥාය, ප්‍රහාණ සංඥාය, විරාග සංඥාය යන පසයි.´´

32. ආටානාටිය සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි වූ ගිජ්ඣකූට පර්වතයෙහි වැඩ වාසය කරති. එකල්හි සතරවරම් මහ රජදරුවෝ මහත් වූ යක්‍ෂ සේනාවෙන් ද, මහත් වූ ගාන්ධර්ව සේනාවෙන් ද, මහත් වූ කුම්භාණ්ඩ සේනාවෙන් ද, මහත් වූ නාග සේනාවෙන් ද, සතර දිශාවෙහි ආරක්‍ෂා පිහිටුවා බලසෙනඟ පිහිටුවා රැකවල් ලවා රාත්‍රියේ ප්‍රථම භාගය ඉක්ම ගිය කල්හි (තමන්ගේ) ශරීර ආලෝකයෙන් හාත්පස ගිජ්ඣකූට පර්වතය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට හොඳාකාර වැඳ එක පැත්තකින් හුන්නාහුය. ඒ යක්‍ෂයෝ ද සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූවාහුය. සතුටු විය යුතු සිහිකට යුතු කථාව කොට නිමවා එක පැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට දොහොත් මුදුන් දී වැඳ එකපැත්තකට වී හුන්නාහුය. සමහර කෙනෙක් නාම ගෝත්‍රය කියා එක පැත්තක හුන්නාහුය. එක පැත්තක හුන්නා වූ වෛශ්‍රවණ නම් වූ මහරජ තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණු කීයේය.
 
2. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට අසතුටු වූ හෝ සතුටු වූ හෝ උසස් (බලවත්) යක්‍ෂයෝ ද මධ්‍යම ආනුභාව ඇති යක්‍ෂයෝ ද පහත් යක්‍ෂයෝ ද ඇත්තාහුමය. බොහෝ සෙයින් යක්‍ෂයෝ භාග්‍යවතුන් වහන්සේට අසතුටු වූවාහුමය. එයට හේතු කවරේද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි සතුන් මැරීමෙන් සොරකම් කිරීමෙන් කාමයන්හි වරදවා හැසිරීමෙන් බොරු කීමෙන් මත් බවට හා ප්‍රමාදයට කාරණා වූ සුරාපානයෙන් වැළකිම පිණිස ධර්මය දේශනා කරන්නාහ. ස්වාමීනි, බොහෝ සෙයින් යක්‍ෂයෝ සතුන් මැරීම ආදී පාපයන්ගෙන් නොවැළක්කාහුමය. ඒයක්‍ෂයන්ට ඒ ධර්ම දේශනාව අප්‍රිය වේ. සිත් සතුටු වූවන් කෙරේ නොවේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කැලෑවෙහි වූ ද ගම් සීමාව ඉක්ම වූ වන සේනාසන වූ ද (කැලෑවෙහි) ඉතා දුර වූ ද නිශ්ශබ්ද වූ ද කලබල නැත්තා වූ ද මිනිසුන්ගෙන් තොර වූ සුලභ ඇත්තා වූ ද මනුෂ්‍යයන්ගේ රහස් කටයුතු වලට යෝග්‍ය වූ ද හිත එකඟකර ගැනීමට සුදුසු වූ ද සේනාසනයන් (වසන තැන්) සේවනය කරති.´´
 
3. ඒ තන්හී නිතර වාසය කරන්නා වූ මහා බලසම්පන්න වූ යක්‍ෂයෝ ඇත්තාහුය. යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙහි නොසතුටු වන්නාහු ද ඔවුන්ගේ සතුට පිණිස ස්වාමීනි, භික්‍ෂූන්ගේ ද භික්‍ෂුණියන්ගේ ද උපාසකවරුන්ගේ ද උපාසිකාවන්ගේ ද පාලනය පිණිස ද ආරක්‍ෂාව පිණිස ද, වෙහෙස නොවන පිණිස ද පහසු හැසිරීම පිණිස ද භාග්‍යවතුන් වහන්සේ මේ ආටානාටිය (නම් වූ) පිරිත පිළිගත මැනව´´යි දැන්වූයේය. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව පිළිගත්හ. එවිට වෙසෙවුණු මහ රජ තෙම භාග්‍යවතුන් වහන්සේගේ පිළිගැනිම දැන ඒ වේලාවෙහි මේ ආටානාටිය පිරිත කීයේය.
 
´´පසැස් ඇත්තා වූ, ශෝභාමත් වූ විපස්සී නම් සර්වඥයන් වහන්සේට ද සියලු සත්චයන් කෙරෙහි පතළ කරුණාවෙන් යුක්ත වූ සිඛී නම් සර්වඥයන් වහන්සේට ද කෙලෙස් විනාශ කලා වූ කෙලෙසුන් තවන වීර්යය ඇති වෙස්සභූ නම් සර්වඥයන් වහන්සේට ද මාරයන් යටත් කලා වූ කකුසඳ නම් සර්වඥයන් වහන්සේට ද සියලු පව් අහක් කලා වූ වැස නිමවන ලද බ්‍රහ්ම චර්ය ඇති, කෝනාගමන නම් සර්වඥයන් වහන්සේට ද සියලු කෙලෙසුන්ගෙන් මිදුනා වූ කාශ්‍යප නම් සර්වඥයන් වහන්සේට ද ශ්‍රීමත් වූ ශාක්‍ය පුත්‍ර වූ ඒ ගෞතම සර්වඥයන් වහන්සේට ද නමස්කාර වේවා.´´
 
4. ලෝකයෙහි යම් රහත් කෙනෙක් මහත් බවට පැමිණියහ. භය නැති කලහ. (උන්වහන්සේට නමස්කාර වේවා.)
 
´´අෂ්ටවිද්‍ය පසලොස් චරණයන්ගෙන් (නුවණ අට සහ චරණ පසලොසින්) යුක්ත වූ මහත් බවට පැමිණියා වූ භය නැතිකලා වූ දෙව් මිනිසුන්ට හිත වූ යම් ගෞතම සර්වඥයන් වහන්සේ කෙනෙකුට නමස්කාර කෙරෙද්ද, උන්වහන්සේට ද නමස්කාර වේවා.´´
 
5. ගාන්ධර්වයන්ට අධිපති වූ නැගෙනහිර දිශාව ආරක්‍ෂා කරන මහ රජ තෙම ධ්‍රතරාෂ්ටනම් වන්නේය. ඒ මහ රජ තෙම ගාන්ධර්වයන් විසින් පිරිවරණ ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වෙසෙයි.
 
´´ඉන්ද්‍රය යන නම් ඇත්තා වූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තා වූ බොහෝ පුත්‍රයෝ ද ඇත්තාහයි මා විසින් අසන ලදි.
 
´´ඔව්හු ද මහත් බවට පැමිණියා වූ විශාරද වූ බුද්ධ නම් වූ ආදිච්ච බන්ධු නම් වූ සර්වඥයන් වහන්ස, ශ්‍රේෂ්ඨ පුරුෂයන් වහන්ස, නුඹ වහන්සේට නමස්කාර වේවායි කියා දුරදීම නමස්කාර කරති.
 
´´දක්‍ෂ වූ සර්වඥතා ඥානයෙන් මහජනයා බලන්නෙහි යයි කියා අමනුශ්‍යයෝ ද නුඹ වහන්සේට වඳිති. මේ වැඳීම අප විසින් නැවත නැවත අසන ලදි, එහෙයින් මෙසේ කියම්හ.
 
´´ගෞතම නම් වූ සර්වඥයන් වහන්සේට නමස්කාර කරවුදැයි (අප විසින් විචාරන ලද යක්‍ෂයෝ) ගෞතම සර්වඥයන් වහන්සේට අපි නමස්කාර කරම්හයි (කියති). විද්‍යචරණ (නුවණ සහ සීල සමාධි) ගුණයෙන් යුක්ත වූ ගෞතම බුදුන් වහන්සේට අපි නමස්කාර කරම්හයි (කීවාහුය).
 
6. ´´යම් දිශාවකින් මළමිනී ගෙන යනු ලැබෙත් ද? පිසුණු (කේළාම්) කියන්නා වූ ඉදිරිපිට නැති තැන නින්දා කරන්නා වූ ප්‍රාණාඝාතය කරන ගති ඇති රෞද්‍ර වූ සොර සිත් ඇත්තා වූ වංචාකාරීවූ ජනයෝ යම් දිශා භාගයකින් ගෙනයනු ලැබෙතියි කියත් ද, ඒ දිශාව දකුණු දිශාව වේ.´´
 
´´කුම්භාණ්ඩයන්ට අධිපති වූ දකුණු දිශාව ආරක්‍ෂා කරන විරූපය යන නම් ඇති ඒ රජ තෙම කුම්භාණ්ඩයන් විසින් පිරිවරන ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරයි.
 
´´ඉන්ද්‍රය යන නම් ඇත්තාවූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තා වූ බොහෝ පුත්‍රයෝ ද ඇත්තාහයි මා විසින් අසන ලදි.
 
7. ´´යම් දිශාවෙක්හි, දිලිසෙන මහත් මණ්ඩල ඇති සූර්ය්‍යයා බැස යයි ද, සූර්ය්‍ය බැස ගිය කල්හි දවල් කාලය නැතිවේ ද? ඒ දිශාව බස්නාහිරයි.´´
 
´´යස පිරිවර ඇත්තා වූ යම් මහරජෙක් ඒ දිශාව ආරක්‍ෂා කෙරේ ද, නාගයන්ට අධිපති වූ විරූපාක්‍ෂ නම් වූ ඒ වරම් රජ තෙම නාගයන් විසින් පිරිවරන ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරයි.
 
´´ඉන්ද්‍රය යන නම් ඇත්තා වූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තාවූ බොහෝ පුත්‍රයෝද ඇත්තාහයි මා විසින් අසන ලදි.
 
8. ´´යම් දිශාවෙක්හි රම්‍ය වූ උතුරුකුරු දිවයින පිහිටියේ ද, දැකුම් කටයුතු වූ මහාමේරු පර්වතය වන්නේ ද, ඒ උතුරුකුරු දිවයිනෙහි වස්ත්‍රාභරණාදිය මගේය මගේයයි ගැනීමක් නැත්තා වූ භාර්ය්‍යා පරිග්‍රහයක් (භාර්ය්‍යාවන් අයත්කර ගැනීමක්)නැත්තාවූ  මනුෂ්‍යයෝ උපදිත්.
 
´´ඒ මිනිස්සු වී නොවපුරන්නාහ. සී සෑම පිණිස නඟුල් කෙතට නොගෙනියත්. ඒ මනුෂ්‍යයෝ නොසානා ලද භුමියෙහි හටගෙන පැසුනා වූ ඇල් සාල් බත් අනුභව කරත්.´´
 
´´කුඩු නැත්තා වූ ද පොතු නැත්තා වූ ද පිරිසිදුවූ සුවඳ ඇති සහල් ඵලකොට ඇති හැල් රන් සැළියෙහි ලා (ජොති පාසාණ නම් ගල් උණුසුමෙන්) පිස ඒ සැළියෙන් ගත් කෑම කති.
 
´´ඔව්හු ගව දෙනකු එක් කුර ඇති වාහනයක් කොට දිශානුදිශාවන්හි සංචාරය කරති. සිව්පා සතෙකු එක් කුර ඇති වාහනයක් කොට දිශානුදිශාවන්හි සංචාරය කරති.´´
 
´´ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තරුණියක් හෝ තරුණයෙක් හෝ වාහනය කොට දිශානුදිශාවන්හි සංචාරය කරති.´´
 
´´ඒ රජහුගේ පිරිවර වූ ඔව්හු වාහනවල නැඟ සියලු දිශා වටකොට ඇවිදිති. යස පිරිවර ඇත්තා වූ වෙසවුණු මහ රජ හට ඇත් යානා ද, අශ්ව යානා ද, දිව්‍ය යානා ද, ප්‍රාසාදද , සිව් ගෙවල් ද, උඩුමහල් ගෙවල් ද රන්සිවි ගෙවල් ද වන්නාහ.´´
 
´´ඒ රජ හට අහස්හි (උස් ස්ථාන හෝ උසට මවන ලද) ආටානාට, කුසිනාට, පරකුසිනාට, නාටපුරියා, පරකුසීතනාට යන නගරයෝ වූවාහුය.´´
 
උතුරු දිශාවෙන් කපීවන්ත නම් නුවරෙක, ඊට බස්නාහිර දිශාවෙන් ජනොය නවනවුතියය, අම්බර, අම්බරවතියය යන නගර හා ආනකමන්දා නම් රාජධානිය ද වන්නාහුය.
 
´´නිදුකාණන් වහන්ස, කුවෙර නම් මහ රජහුගේ විසාණා නම් රාජධානියක් ද ඇත්තීය. ඒ කාරණයෙන් කුවෙර නම් මහ රජ තෙම වෛශ්‍රවණයයි කියනු ලැබේ.
 
´´වෙන වෙනම කරුණු පරීක්‍ෂා කර කියන්නා වූ තතොලාය, තත්තලාය, තතොතලාය, ඔජසිය, තෙජසිය, තතොජසිය, සුරය රාජය, අරිෂ්ටය, තෙමිය යන යක්‍ෂයෝ දොලොස් දෙනෙක් වෙති.
 
යමකින් ජලය ගෙන වර්ෂාව වසී ද, වර්ෂාව යමකින් පැතිරේ ද, ඒ රාජධානියෙහි වූ විලද ධරණී නම් වන්නීය. ඒ විල අද්දර යක්‍ෂයෝ නිතර රැස්වන භගලවතී නම් සභා ශාලාවද වන්නීය.
 
ඒ ශාලාව වටේට නිතර ගෙඩි ඇත්තා වූ ද, නොයෙක් කුරුළු සමූහයාගෙන් ගැවසුනා වූ ද, මොණරුන් කොස්වා ලිහිණින් හා කෝකිල ආදී පක්‍ෂීන් විසින් ද පවත්වන ලද සිත්පිනවන නාද වෘක්‍ෂයෝ ඇත්තාහ.
 
´´තව ද පොකුණෙහි නාද කරන ජීවඤ්ජීවක නම් කුරුල්ලෝද උට්ඨවචිත්තක නම් කුරුල්ලෝ ද, වන කුකුළෝ ද පියුම් වනයෙහි රන්වන් කකුළුවෝ ද, තල් රෙහෙරු ද හැසිරෙන්නාහ.´´
 
´´මේ පොකුණෙහි ගිරා සැළලිහිණින්ගේ ශබ්ද ඇත්තේය. දණ්ඩ මාණවක නම් පක්‍ෂීහු ද හැසිරෙන්නාහ. ඒ කුවෙර නම් මහ රජුගේ පොකුණ හැම කල්හි එකම ආකාරයෙන් බබළන්නීය.´´
 
´´යස පිරිවර ඇත්තා වූ ඒ මහ රජ තෙම යම් දිශාවක් ආරක්‍ෂා කෙරේද ඒ දිශාව උතුරු දිශාව යයි මෙසේ ජනතෙම ඒ දිශාවට කියන්නේය.´´
 
යක්‍ෂයන්ට අධිපති වූ කුවෙර යන නමක් ඇත්තා වූ ඒ වරම් රජ තෙම යක්‍ෂ සේනාවන් විසින් පිරිවරන ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරන්නේය.
 
´´ඉන්ද්‍රය යන නම් ඇත්තා වූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තා වූ බොහෝ පුත්‍රයෝ ද ඇත්තාහයි මා විසින් අසන ලදි.
 
9. ´´නිදුකාණන් වහන්ස, ඒ මේ ආටානාටිය පිරිත වනාහී භික්‍ෂූන්ට ද, භික්‍ෂුනියන්ට ද, උපසකවරුන්ට ද, උපසිකාවරුන්ට ද ආරක්‍ෂාව පිණිස ද සැපසේ විසීම පිණිස ද නොවෙහෙසීම පිණිස ද වන්නීය. ´´නිදුකාණන් වහන්ස, ඔවුන් අතුරෙන් යම්කිසි කෙනෙක් මේ ආටානාටිය නම් ආරක්‍ෂාව යහපත්ව ඉගෙන දැනගන්නා ලද්දී ද, අක්‍ෂරපද නොපිරිහෙලා සම්පූර්ණ කොට ඉගෙන ගන්නා ලද්දී ද, ඉදින් යම් අමනුෂ්‍ය වූ යක්‍ෂයෙක් වූවෙක් හෝ ගාන්ධර්වයෙක් වූවෙක් හෝ කුම්භාන්ඩයෙක් වූවෙක් හෝ නාගයෙක් වූවෙක් හෝ නපුරු සිත් ඇතිව භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ උපසකයකු හෝ උපසිකාවක් හෝ යන්නහු පසුපස්සේ යන්නේ හෝ වේද සිටියහු ලඟ සිටින්නේ හෝ වේ ද, හිඳින්නහු ලඟ හිඳින්නේ හෝ වේ ද, නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙම මාගේ ගම්වල හෝ නියම්ගම් වල හෝ සත්කාරයක් හෝ ගරුකිරීමක් හෝ නොලබන්නේය. මාගේ ආලකමන්දා නම් වූ රාජධානියෙහි වාසය කිරීමට තැනක් හෝ සථිර වාසයක් හෝ නොලබන්නේය. මාගේ යක්‍ෂයන්ගේ සමාගමට යන්නට ද නොලබන්නේය. තවද ඔහු අමනුෂ්‍යයෝ ආවාහ විවාහයන්ට නුසුදුස්සෙකු ද කරන්නාහුය. නිදුකාණන් වහන්ස, තව ද ඔහුට අමනුෂ්‍යයෝ ඔහුගේ ආත්මභාවහ දක්වා සම්පූර්ණ පද ශබ්ද ඇති අපහාස වචන වලින් නින්දා කරන්නාහුය. තවද ඔහුගේ හිසෙහි අමනුෂ්‍යයෝ හිස් වූ ලෝහ පාත්‍රයක් ද මුනින් නමන්නාහුය. තව ද ඔහුගේ හිස ද සත් කඩක් කොට පළන්නාහුය.´´
 
9. ´´නිදුකාණන් වහන්ස, රෞද්‍ර වූ නපුරු ගති ඇති එකට එක කරන්නා වූ අමනුෂ්‍යයෝ ඇත්තාහුය. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් රජදරුවන්ගේ ද, සතරවරම් මහරජ දරුවන්ගේ ද, අමාත්‍යයන්ගේ ද, යක් සෙනෙවියන් වෙනුවට සිටින්නන්ගේ ද වචනය නොපිළිගනිත්. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහරජ දරුවන්ට අකීකරු වූවෝ යයි කියනු ලැබෙත්.´´
 
´´නිදුකාණන් වහන්ස, එපරිද්දෙන්ම නපුරු ගති ඇති රෞද්‍ර වූ එකට එක කරන්නා වූ අමනුෂ්‍යයෝ ඇත්තාහුය. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහරජ දරුවන්ගේ වචනය නොපිළිගනිත්. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහරජ දරුවන්ට අකීකරු වූවෝ යයි කියනු ලැබෙත්.´´
 
´´නිදුකාණන් වහන්ස, යම්කිසි අමනුෂ්‍ය යක්‍ෂයෙක් වූවෙක් හෝ ගාන්ධර්ව වූවෙක් හෝ කුම්භාණ්ඩයෙක් වූවෙක් හෝ නාගයෙක් වූවෙක් හෝ නපුරු සිතින් භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා යන්නහු සමඟ (පසුපස්සේ) යන්නේ හෝ වේ ද, සිටියහු ළඟ සිටින්නේ හෝ වේ ද, හිඳින්නහු ළඟ හිඳින්නේ හෝ වේ ද, නිදාගන්නහු ළඟ නිදාගන්නේ හෝ වේ ද මේ යක්‍ෂ තෙම අල්වන්නේය. මේ යක්‍ෂ තෙම ආවේශ වන්නේය. මේ යක්‍ෂ තෙම පීඩා කරන්නේය. මේ යක්‍ෂ තෙම විශේෂයෙන් පීඩා කරන්නේය. මේ යක්‍ෂ තෙම හිංසා කරන්නේය. මේ යක්‍ෂ තෙම විශේෂයෙන් හිංසා කරන්නේය, කියා ප්‍රධාන යක්‍ෂ වූ යක්‍ෂ සේනාවට අධිපති වූ එහෙයින්ම මහා සේනාපති වූ මේ යක්‍ෂයන්ට යක්‍ෂ තෙම නොගරහන්නේයයි ඝෝෂා කොට දැන්විය යුතුය. ශබ්ද නඟා කිය යුතුය. මුරගා කිය යුතුය. කවර කෙනෙකුටද යත්?´´
 
´´ඉන්ද්‍රය, සොමය, වරුණය, භාරද්වාජය, ප්‍රජාපතීය, චන්දනය, කාමසෙට්ඨය, කිණ්ණුණ්ඩුය, නිණ්ඩුය.´´
 
´´පණාදය, ඔපමඤ්ඤය, දෙවසූතය, මාතලීය, චිත්‍රසෙනය, ගන්ධර්වය, නළය, රාජය, ජනෙසභය, සාතාගිරය, හෙමවතය, පුණ්ණකය, කර්තීයය, ගුලය, සීවකය, මුචලින්දය, විශ්වාමිත්‍රය, යුගන්ධරය.´´
 
´´ගොපාලය, සුප්පගෙධය, හිරිය, නෙත්තිය, මන්දිය, පඤ්චාලචණ්ඩය, ආලවකය, පජ්ජුන්නය, සුමනය, සුමුඛය, දධීමුඛය, මනිමානීචරය, දීය (යන යක්‍ෂ සේනාධිපතීහු ද) තව ද, මොවුන් හා එක්ව සෙරිස්සක නම් යක්‍ෂයෙක් ද ඇත්තේය.´´
 
´´නිදුකාණන් වහන්ස, ඒ මේ ආටානාටිය ආරක්‍ෂාව වනාහි භික්‍ෂූගේ ද භික්‍ෂුණීන්ගේ ද උපාසකයන්ගේ ද උපාසිකාවන්ගේ ද ආරක්‍ෂාව පිණිස ද, (යක්‍ෂොපද්‍රව වලින්) නොවෙහෙසීම පිණිස ද, සුවසේ විසීම පිණිස ද පවත්නේය.´´
 
ඉක්බිත්තෙන් සතරවරම් රජදරුවෝ උන් ආසන වලින් නැඟිට භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කොට ප්‍රදක්‍ෂිණා කොට එතැන්හිම අන්තර්ධාන වූවාහුය.
 
ඒ (අනිකුත්) යක්‍ෂයෝ ද, උන් ආසන වලින නැඟිට සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට එතැන්හිම නොපෙනී ගියාහුය. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූවාහුය, සතුටුවිය යුතු වූ සිහිකටයුතු වූ කථා පවත්වා එතැන්හිම නොපෙනී ගියාහුය. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට ඇඳිලි බැඳ නමස්කාර කොට එහිම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් තමන්ගේ නාම ගෝත්‍ර කියා එතැන්ම අතුරුදහන් වූහ. සමහර කෙනෙක් තුෂ්ණීම්භූත වූවාහු (කිසිවක් නොකියා) එතැන්හිම නොපෙනී ගියාහුය.
 
(පළමුවන මණවර නිමි.)
 
10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් භික්‍ෂූන්ට කථාකර ආටානාටි පිරිත දෙවියන් යම්සේ කීවේ ද එසේම භික්‍ෂූන්ට ද වදාළ සේක.
 
´´මහණෙනි, ආටානාටිය නම් පිරිත උගනිව්. නිතර පුහුණු කරව්. සිත්හි ලා ගනිව්. වැඩදායක වන්නේය. භික්‍ෂූන්ගේ ද භික්‍ෂණීන්ගේ ද උපාසකයන්ගේ ද උපාසිකාවන්ගේ ද ආරක්‍ෂාව පිණිස ද, පීඩානොවීම පිණිස ද, සුවසේ විසීම පිණිස ද වන්නේය´´යන මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළහ. සතුටු සිත් ඇත්තා වූ භික්‍ෂූහූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට විශේෂයෙන් සතුටු වූවාහුය. 
 
තිස්දෙවෙනි වූ ආටානාටිය සූත්‍රය නිමියේය.

31. සිඟාලක සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප නම් වු, වෙළුවන වෙහෙරෙහි වාසය කළසේක. එකල සිඟාලක නම් ගෘහපති පුත්‍ර තෙම කල් ඇතිවම නැඟිට රජගහ නුවරින් පිටත්ව ගොස් තෙත් වූ ඇඳුම් ඇතුව තෙත් වූ හිසකෙස් ඇතුව ඇඳිලි බැඳගෙන බොහෝ දිශාවන් නමස්කාර කරන්නේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍රා සිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණීස ගියෝය.
 
කල් ඇතිවම නැඟිට රජගහ නුවරින් ගොස් බොහෝ දිශාවන් වඳින්නා වු සිඟාලක නම් ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ දුටුවෝය. (එසේ) දැක සිඟාලක නම් ගෘහපති පුත්‍රයාට මෙය කීවාහුය. ´´ගෘහපති පුත්‍රය, ඇඳිලි බැඳ ගෙන බොහෝ දිශාවන්ට කුමක් හෙයින් වඳින්නෙහිදැ ´´යි ඇසූහ.
 
´´ස්වාමින් වහන්ස, (මාගේ) පියා මැරෙණ කල මට මෙසේ කීයේය. ´´දරුව, දිශාවනට නමස්කාර කරව´´ (කියායි).
 
´´ස්වාමින් වහන්ස, ඒ මම පියාගේ වචනයට ගෞරව කරන්නේ බුහුමන් කරන්නේ කල් ඇතිවම නැඟිට රජගහ නුවරින් නික්ම ගොස් තෙත් වු ඇඳුම් ඇතිව තෙත් වු හිසකෙස් ඇතිව ඇඳිලි බැඳගෙන දිශාවන්ට නමස්කාර කරම්´´යි කීයේය.
 
´´ගෘහපති පුත්‍රය, ආර්යය විනයෙහි (බුදු සස්නෙහි) මෙසේ සදිශාවෝ නොවැඳිය යුත්තාහු´´යි කීවාහුය.
 
´´ස්වාමින් වහන්ස, ආර්යය විනයෙහි කෙසේ නම් සදිශාවෝ වැඳිය යුත්තාහු ද, ස්වාමින් වහන්ස, ආර්යය විනයෙහි සදිශාවෝ යම් පරිද්දකින් වැඳිය යත්තාහු ද, එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ මට ධර්මය දේශනා කළ මැනවැයි´´ (කීයේය).
 
´´ගෘහපති පුත්‍රය, එසේ වී නම් අසව, හොඳින් සිහියේ තබා ගනුව කියන්නෙමියි´´ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළෝය.
 
2. ´´ගෘහපති පුත්‍රය යම් කලක පටන් උතුම් ශ්‍රාවකයා විසින් කර්ම ක්ලේශ (අපිරිසිදු ක්‍රියා) සතරක් දුරු කරණ ලද්දාහු වෙද්ද, කරුණු සතරකින් පව් කම් නොකෙරේ ද,වස්තු විනාශයට හේතු වූ කරුණු සය සේවනය නොකෙරේ ද හෙතෙම මෙසේ දාහතරක් වු ලාමක ගතිවලින් වෙන්වූයේ සය දිශාවන් භය නූපදින සේ වසා තබන්නෙක්ව දෙලොවම ජය ගැනීම පිණිස පිළිපදින්නේ වෙයි. ඔහු විසින් මෙලොව ද දිනන ලද්දේ වෙයි. පරලොවද දිනන ලද්දේ වෙයි. හෙතෙම මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍ය ලෝකයෙහි උපදින්නේය. ඔහු විසින් කවර නම් කර්ම ක්ලෙශ (අපිරිසිදු ක්‍රියා) හතරක් පහ කරන ලද්දාහු වෙද්ද? ගෘහපති පුත්‍රය, ප්‍රාණාතය, අපිරිසිදු අදත්තාදානය, කාම මිථ්‍යාචාරය, මුසාවාදය අපිරිසිදු ක්‍රියාවකි. ඔහු විසින් මේ අපරිසිදු ක්‍රියා හතර පහ කරන ලද්දාහු වෙත්ය´´යි භාග්‍යවතුන් වහන්සේ කී සේක.
 
´´කවර නම් කරුණු සතරකින් පව්කම් කෙරේ ද? ඡන්දයෙන් (ඇල්මෙන්) ද්වේෂයෙන් (ක්‍රෝධයෙන්) භයින්, මෝහයෙන්, අගතියට යාමෙන් පව්කම් කරයි.
 
´´ගෘහපති පුත්‍රය, යම් හේතුවකින් ආර්ය ශ්‍රාවක තෙම ඡන්දයෙන් ද්වේෂයෙන් භයින් මෝහයෙන් අගතියට නොයන්නේම වේද, (ආර්ය ශ්‍රාවක තෙමේ) මේ කරුණු සතරින් පව්කම් නොකෙරේ යයි භාග්‍යවතුන් වහන්සේ වදාළේය.
 
´´යමෙක් ඡන්දයෙන් ද, ද්වේෂයෙන් ද, භයින් ද, මෝහයෙන් ද ධර්මය ඉක්මවා ද, ඒ තැනැත්තාගේ යසස කළුවර පක්‍ෂයෙහි චන්ද්‍රයා මෙන් පිරිහෙන්නේය.´´
 
´´යමෙක් ඡන්දයෙන් ද, ද්වේෂයෙන් ද, භයින් ද, මෝහයෙන් ද ධර්මය නොඉක්මවා ද, ඒ තැනැත්තාගේ යසස පුර පක්‍ෂයෙහි සඳ මෙන් පිරෙන්නේය.´´
 
3. වස්තුව විනාශයට හේතු වූ කවර නම් කරුණු සයක් සේවනය කෙරේ ද?
 
´´ගෘහපති පුත්‍රය, මත්වීමට හා ප්‍රමාදයට කරුණු වූ මත්පැන් බීම, නුසුදුසු කාලයෙහි වීථි සංචාරය, නැටුම් පොළවල හැසිරීම, ප්‍රමාදයට හේතු වූ දූ කෙළිය, පාපමිත්‍රයන් හා එක්වීම, අලස බව නැවත නැවත යෙදීම වස්තු විනාශයට හේතුවකි.
 
4. ´´ගෘහපති පුත්‍රය, මත්වීමට හා ප්‍රමාදයට කරුණු වූ මත්පැන් බීමෙහි නැවත නැවත යෙදීමෙහි මේ දෝෂ සයක් වෙත්, මේ ආත්මයෙහිම ධනය පිරිහීම, කෝලාහල වැඩිවීම, රෝග පීඩාවන්ට හේතුවීම, අපකීර්තිය ඇතිවීම, ලජ්ජා නැතිව හැසිරීම, නුවණ දුර්වල කිරීම මේ දෝෂ සය වෙත්.
 
5. ´´නොකල්හි වීථි සංචාරයෙහි නැවත නැවත යෙදීමෙන් තමා ද තමාගේ අඹු දරුවෝ ද තමාගේ වස්තුව ද ප්‍රවේශම් නොකරන ලද්දේ නොරක්නා ලද්දේ වෙත්. පවිටු වූ කාරණයන්හි සැක කටයුත්තේ ද වේ. ඔහු කෙරෙහි සිදු නොවූ කතා ද පැන නඟී. බොහෝ වූ දුක් හිරිහැර වලට ද පෙරටු වූවෙක් වෙයි. මේ දෝෂ සය වෙත්.
 
6. ´´ගෘහපති පුත්‍රය, නැටුම් පළවල්වල හැසිරීමෙහි මේ දෝෂ සයක් වෙත්. නැටුම්, ගී කිම්, වැයීම්, කථා පැවැත්වීම් කයිතාලම් ආදිය ගැයීම්, කල පිඹීම් (සොයා හැසිරීමය), ගෘහපති පුත්‍රය, මේ නෘත්‍ය ස්ථානයන්හී හැසිරීමෙහි දෝෂ සය වෙත්.
 
7. ´´ගෘහපති පුත්‍රය, දූ කෙළියෙහි නැවත නැවත යෙදීමෙහි මේ දෝෂ සයක් වෙත්, දිනූ තැනැත්තේ වෛර රැස්කර ගනියී. පරදිනූ ලැබූ තැනැත්තේ වස්තුව ගැන නැවත නැවත ශෝක කරයි.
 
තමන් බලා සිටියදීම වස්තු විනාශ වේ. සභාවකට පැමිණි ඔහුගේ වචනය නොපිළි ගනියි. අසල්වැසියන් විසින් නින්දා කරනු ලබන්නෙක් වෙයි. දූ කෙළියෙහි යෙදෙන මොහු අඹුවන් පෝෂණයට නුසුදුසු යයි ආවාහ විවාහකයන් විසින් නොපතන ලද්දේ වෙයි.
 
8. ´´ගෘහපති පුත්‍රය, පවිටු මිතුරන් ආශ්‍රය කිරීමෙහි නැවත නැවත යෙදීමෙහි මේ දෝෂ සයක් වෙත්. යම් කෙනෙක් දූ කෙළියෙහි යෙදෙත් ද, යම් කෙනෙක් (ගැහැණුන් කෙරෙහි) ලොල් වෙත් ද, යම් කෙනෙක් සුරා පිපාසයෙහි ගැලී වෙසෙත් ද, යම් කෙනෙක් කපටිකම් කෙරෙත් ද, යම් කෙනෙක් වංචා ප්‍රයෝග කෙරෙත් ද, යම් කෙනෙක් (මං පැහැරීම් ආදී) සැහැසිකම් කෙරෙත් ද ඔව්හු ඔහුගේ මිතුරෝ වෙත්. ඔහුගේ යහලුවෝ ද වෙත්.
 
9. ´´ගෘහපති පුත්‍රය, අලස බැව්හි නැවත නැවත යෙදීමෙහි මේ දෝෂ සයක් වෙත්. ඉතා ශීතලයයි, ඉතා උණුසුම්යයි, ඉතා සවස්යයි, ඉතා උදෑසනයයි, ඉතා බඩගින්නේ පෙළෙමියි, කෑම කෑමෙන් බඩ ඉතා බර ඇත්තෙමියි වැඩ නොකරයි. මෙසේ නොකොට ඉතිරි වූ කටයුතු බහුලව වාසය කරන්නා වූ ඔහුට නූපන්නා වූ වස්තුහු ද නූපදිත්. උපන්නා වූ වස්තුහු ද පිරිහෙත්. අලස බැව්හි නැවත නැවත යෙදීමෙහි මේ දෝෂ සයක් වෙත්´´ යයි භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.
 
´´මත්පැන් බීමට මිතුරු වූ පානසඛ නම් යහලුවෙක් වෙයි. ඉදිරිපිටදී පමණක් යහලුකම දක්වන සම්මිය යහලුවෙක් වෙයි. යමෙක් තමා හට වැඩක් ඇතිකල්හි මිත්‍ර වන්නා වූ සඛ නම් යහලුවෙක් ද වේ.
 
´´හිර උදාවන තෙක් නිදාගැනීමය, අන් අඹුවන් සේවනය කිරීමය, තරහ බැඳ ගැනීමය, අවැඩ සිදුවන දේ කිරීමය, පවිටු මිතුරන් සේවනය කිරීමය, තද මසුරු බවය යන මේ කරුණු සය මිනිසා විනාශ කරත්.´´
 
´´පාප මිත්‍රයන් ඇති පවිටු යහලුවන් ඇති ලාමක පැවතුම් හා නොහැසිරියයුතු තන්හී හැසිරෙන්නා වූ තැනැත්තේ මෙලොවින් ද පරලොවින් ද යන දෙලොවින්ම පිරිහේ.´´ 

´´සූදු කෙළීමෙහි හා අන් අඹුවන් සේවනය කිරීමෙහි යෙදීම ද, සුරාපානය කිරීම ද, නැටුම් ගී කිම් වලට කැමැත්ත ද, දහවල් නිදාගැනීම ද, නොකල්හි නුසුදුසු තන්හී හැසිරීම ද, පාප මිත්‍රයන් ඇති බව ද, තද මසුරුකම ද යන මේ කරුණු සය පුරුෂයා විනාශ කරත්.´´
 
´´යම් කෙනෙක් (දාදු කැටයෙන්) සූදු කෙළිත් ද, සුරාපානය කෙරෙද්ද, අනුන්ගේ ප්‍රාණය මෙන් රකින අඹුවන් සේවනය කරද්ද, දුසිරිතෙහි ගැලී වසන මිනිසුන් කරද්ද, (යහපත අයහපත දත්) ඥානවන්තයින් සේවනය නොකරද්ද, ඔවුන්ගේ යසස කළුවර පක්‍ෂයෙහි චන්ද්‍රයා මෙන් පිරිහීමට පැමිණේ.
 
´´වස්තුව ධනය නැතිව වසන යමෙක් මත්පැන් බීමෙහි ලොල් වූයේ සුරා සැලට ගොස් වතුර මෙන් සුරාපානය කරන්නේ ණයට බැස ගනියි. වහා තමාගේ කුලය (ගෙදර) පිරිහුණු කුලයක් (ගෙදරක්) කරන්නේය.´´
 
´´දහවල් නිදන ගති ඇති වූ ද, රෑ නොනැඟිටින්නාවූම ගති ඇති වූ ද, නිතොර (මත්පැනින්) මත් වූ ද, ගැහැණුන් කෙරෙහි ලොල් වූ ද පුද්ගලයා විසින් ගිහිගෙයි විසීම නොකල හැකිය.´´
 
´´දැන් ඉතා සීතලය, ඉතා උණුසුමය, ඉතා සවස් වී යයි මෙසේ වැඩ නොකරන මිනිසුන් වස්තූහු ඉවත් කරත්.´´
 
´´මෙලොව යමෙකු සීතල ද, උණුසුම ද තණපතක් පමණවත් නොසිතා ද, උත්සාහයෙන් වැඩකරන්නා වූ ඒ මිනිසා සැපයෙන් නොපිරිහෙන්නේය.´´
 
10. ´´ගෘහපති පුත්‍රය, මිත්‍ර නොවූ මිතුරු වෙසින් හැසිරෙන මේ සතර දෙනෙක් දතයුතු වෙත්.
 
(1) යමක් ගැනීමට පමණක් යහලුකම් දක්වන තැනැත්තා,
 
(2) වචනයෙන් පමණක් සැලකීම් කරන තැනැත්තා,
 
(3) තමන් ඉදිරිපිටදී ස්තුති කරන රැවටිලි බස් කියන තැනැත්තා,
 
(4) පව්කම් සඳහා යහලුකම් කරන තැනැත්තා,
 
මොහු මිත්‍ර නොවූ මිත්‍රයා මෙන් හැසිරෙන්නේයයි දතයුතුයි.
 
යමක් ගැනීමට මිතුරුකම් දක්වන්නා මේ කරුණු සතරින් දත යුතුයි. ´´හිස් අතින් අවුත් මිත්‍රයාගෙන් කිසිවක් ගෙන යාමට බලාපොරොත්තු වෙයි. සුළු දෙයක් දීමෙන් ලොකු දෙයක් කැමති වෙයි. තමාහට බියක් ඇති කල්හි ඔහුගේ කටයුතු කරයි. තමාගේ ප්‍රයෝජනය පිණිස කටයතු කරයි.´´
 
´´වචනයෙන් පමණක් සැලකිම් කරන තැනැත්තා කරුණු සතරකින් දතයුතුයි. ඉකුත් වූ දෙයින් සංග්‍රහ කරයි. මතු ඇතිවන දෙයින් සංග්‍රහ කරයි. කටයුත්තක් පැමිණ සිටි කල්හි තමන්ට වූ විපත්තිය දක්වයි.´´
 
´´තමන් ඉදිරිපිට දී ස්තුති කරන රැවටිලි බස් කියන්නා කරුණු සතරකින් දතයුතුයි. මිතුරාට පව් කිරීම ද අනුමත කරයි. කුසල් කිරීම ද අනුමත කරයි. ඉදිරියෙහි ඔහුගේ ගුණ කියයි. නැති තැන ඔහුගේ අගුණ කියයි.´´
 
´´පව්කම් සඳහා යහලුකම් කරන්නා කරුණු සතරකින් දතයුතුයි. මත්පැන් පානය පිණිස නැවත නැවත යෙදීමෙහි යහලු වෙයි. නොකල්හි වීථි සංචාරය සඳහා නැවත නැවත යෙදීමෙහි යහලු වෙයි. නැටුම් ඇති තැන්වල හැසිරීමෙහි යහලු වෙයි. සූදු කෙළියෙහි නැවත නැවත යෙදීමෙහි යහලු වෙයි´´ භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.
 
´´මේ සතරදෙන මෙසේ දැන නුවණ ඇති තැනැත්තේ බිය සහිත මාර්ගයක් මෙන් දුරින්ම දුරු කරන්නේය.´´
 
11. ´´ගෘහපති පුත්‍රය, හොඳ හිත ඇති මේ මිත්‍රයෝ සතර දෙනෙක් දතයුතු වෙත්. උපකාර නම් (හැම කටයුත්තකදීම පිටුනොපාන) මිත්‍රයෙක්ද, සමාන සුඛ දුක්ඛ නම් (සැප දුක් දෙකෙහි සමාන පැවතුම් ඇති) මිත්‍රයෙක් ද, අන්ථක්ඛායි නම් (අවැඩින් වලකා වැඩෙහි යොදවන) මිත්‍රයෙක්ද, අනුකම්පක නම් (මතුරුකම සලකා අනුකම්පා කරන) මිත්‍රයෙක් ද දතයුතුයි.´´
 
´´ගෘහපති පුත්‍රය, උපකාර නම් මිත්‍රයා කරුණු සතරකින් දතයුතුයි. මත් වූ මිතුරා රකියි. මත් වූ මිතුරාගේ ධනය රකියි. භයක් පැමිණි මිතුරාට උපකාර වෙයි. කටයුත්තක් ඇති කල්හි දෙගුණයක් කොට වස්තුව දෙයි.´´
 
´´ගෘහපති පුත්‍රය, සමාන සුවදුක් ඇති මිතුරා කරුණු සතරකින් දතයුතුයි. තමන්ගේ රහස් මිතුරාට කියයි. මිතුරාගේ රහස් හෙලි නොකරයි. මිතුරාට විපතක් පැමිණි කල්හී අත් නොහරියි. ඒ මිතුරාගේ යහපත සඳහා ජීවිතය පවා පුදන ලද්දේ වෙයි.´´
 
´´ගෘහපති පුත්‍රය, අත්ථක්ඛායි නම් හිත වැඩ කියන්නා වූ මිතුරා කරුණු සතරකින් දතයුතුයි. පව් කිරීමෙන් වලක්වයි. යහපත් කටයුත්තෙහි යොදවයි. නොඇසූ දෙය අස්වයි. දෙව්ලොව මඟ කියයි.´´
 
´´අනුකම්පා කරන මිතුරා කරුණු සතරකින් දත යුතුයි. මිතුරාගේ පිරිහිමට සතුටු නොවෙයි. ඔහුගේ දියුණුවට සතුටු වෙයි. මිතුරාගේ නුගුණ කියන්නවුන් වළක්වයි. ගුණ කියන්නහුට ප්‍රශංසා කරයි.´´ ශාස්තෘ වූ සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත මෙසේ ද වදාළෝය.
 
´´මේ මිතුරන් සතරදෙනා නුවණ ඇත්තේ මෙසේ දැන හැඳින මව් කෙනෙක් ස්වකීය පුතෙකු සේවනය කරන්නාක් මෙන් යහපත් කොට සේවනය කරන්නේය.´´
 
´´සීලයෙන් යුක්ත වූ නුවණ ඇත්තේ දිලිසෙන ගිනි මෙන් බබළයි. මලෙන් රොන් ගන්නා වූ බමරෙකු මෙන් අනුන්ට පීඩාවක් නැතිව වස්තුව රැස්කරන්නහුගේ සම්පත් රැස්වීමට පැමිණෙත්´´.
 
´´මෙසේ දැහැමින් වස්තුව රැස්කොට ගිහිගෙයි විසීමට සමර්ථවූ පුද්ගල තෙමේ වස්තුව සතර කොටසකට බෙදන්නේය.´´

´´එහි එක් කොටසකින් සම්පත් අනුභව කරන්නේය. දෙකොටසක් කර්මාන්ත පිණිස යොදන්නේය. සතරවන කොටස විපත් පැමිණි කල්හී ප්‍රයෝජන වන්නේ යයි නිදන් කොට තබන්නේය.´´
 
12. ´´ගෘහපති පුත්‍රය, කෙසේ නම් ආර්ය ශ්‍රාවක තෙමේ සදිශාවන් වසන්නේ (රකින්නේ) වේද, ගෘහපති පුත්‍රය, මේ දිශා සයක් වෙත්. මව්පියෝ නැගෙනහිර දිශාව යයි ද ගුරුවරු දකුණු දිශාව යයි ද අඹුදරුවෝ බස්නාහිර දිශාව යයි ද යහලු මිත්‍රයෝ උතුරු දිශාව යයි ද දැසි දස් කම්කරුවෝ යට දිශාව යයි ද මහණ බමුණෝ උඩ දිශාව යයි ද දත යුතුයි.´´
 
13. ´´ගෘහපති පුත්‍රය, නැගෙනහිර දිශාව වූ මව්පියෝ පුත්‍රයා විසින් කරුණු පසකින් උපස්ථාන කටයුතු වෙත්. මව්පියන් පෝෂ්‍ය කිරීම, මව්පියන්ගේ කටයුතු කිරීම, කුල පරම්පරාව පිහිටුවීම, මවුපියන් සතු වස්තුව රැකීම, තවද මිය පරලොව ගිය මවුපියන්ට පින් අනුමෝදන් කරවීම, ගෘහපති පුත්‍රය, මේ කරුණු පසින් පුත්‍රයා විසින් උපස්ථාන කරන ලද නැගෙනහිර දිශාව වූ මව්පියෝ දරුවන්ට කරුණු පසකින් අනුකම්පා කරත්, පවින් වළක්වත්. යහපතෙහි යොදවත්. ශිල්ප ශාස්ත්‍රය උගන්වත්, සුදුසුවූ  භාර්යයාවක් හා යොදවත්. සුදුසු කාලයෙහි දායාදය පවරා දෙත්. මෙසේ ඒ පුත්‍රයා විසින් මේ නැගෙනහිර දිශාව වසන (රකින) ලද්දී නිර්භය වූවා වන්නීය.
 
14. ´´ගෘහපති පුත්‍රය, කරුණු පසකින් අතවැස්සා (ගෝලයා) විසින් දකුණු දිශාව වූ ගුරුවරයෝ උපස්ථාන කටයුතු වෙත්. දැක, උන් ආසනයෙන් නැඟිටීමෙන් ද, උපස්ථාන කිරීමෙන් ද, ගුරුවරයාගේ වචන හොඳින් ඇසීමෙන් ද, කටයුතු වත් පිළිවෙත් කිරිමෙන් ද සකස්කොට ශිල්ප ඉගෙනීමෙන් ද (යන මෙයිනි). ´´ගෘහපති පුත්‍රය, ගුරුවරු කරුණු පසකින් අතවැසියාට (ගෝලයාට) අනුකම්පා කරත්. යහපත් කොට හික්මවත්, හොදින් උගන්වත්, (තමන් දත්) සියලු ශිල්පශාස්ත්‍ර හා ධර්මය මනාව කියා දෙන්නාහු වෙත්. මිත්‍ර ජනයා අතරෙහි කියා පෙන්වා දෙත්, දිශාවන්හි ආරක්ෂාව ඇති කෙරෙත්. මෙසේ ඔහු විසින් මේ දකුණු දිශාව වසන (රකින) ලද්දී භය රහිත වූවා වේ.
 
15. ´´ගෘහපති පුත්‍රය, කරුණු පසකින් සැමියා විසින් බස්නාහිර දිශාව වූ භාර්යා තොමෝ උපස්ථාන කටයුත්තීය, බුහුමන් කිරීමෙන් ද, අවමන් නොකිරීමෙන් ද, අන් අඹුවන් සේවනය නොකිරීමෙන් ද, සැප ඉසුරු පාවා දීමෙන් ද, අලංකාරයට සුදුසු ඇඳුම් පැළඳුම් දීමෙන් ද (යන මෙයිනි) ගෘහපති පුත්‍රය, බස්නාහිර දිශාව වූ භාර්යාව තොමෝ කරුණු පසකින් සැමියාට අනුකම්පා කරයි. හොදින් කටයුතු පිළියෙල කරයි. පිරිවර ජනයාට හොඳින් සංග්‍රහ කරයි. පරපුරුෂයන් සේවනය නොකරයි. ස්වාමියා රැස්කළ වස්තුව ආරක්ෂා කරයි, සියලු කටයුතුවල දක්ෂ වූවා අලස නොවෙයි. මෙසේ මොහු විසින් මේ බස්නාහිර දිශාව වසන ලද්දී නිර්භය වූවා වේ.
 
16. ´´ගෘහපති පුත්‍රය, කරුණු පසකින් වනාහි කුල ප්‍රත්‍රයා විසින් උතුරු දිශාව වූ මිතුරු ජනයෝ උපස්ථාන කටයුත්තාහුය. දීමෙන් ද, ප්‍රිය වචනයෙන් ද, හිතවැඩ සැලසීමෙන් ද, සමානාත්මතාවයෙන් ද (තමන් හා සමාන කොට සැලකීමෙන් ද), නොරැවටීමෙන් ද (යන මෙයිනි). ´´ගෘහපති පුත්‍රය, උතුරු දිශාව වූ මිතුරු ජනයෝ මේ කරුණු පසකින් කුලපුත්‍රයාට අනුකම්පා කරත්. ප්‍රමාද වූවාහු රකිත්, ප්‍රමාද වූ කුලපුත්‍රයාගේ (යහපත් ගිහියාගේ) වස්තුව රකිත්, භය වූවහුට පිහිට වෙත්, විපත් පැමිණි කල්හි අත් නොහරිත්. ඒ කුලපුත්‍රයාගේ අනික් පිරිසට ද සැලකිලි කරත්. මෙසේ ඔහු විසින් මේ උතුරු දිශාව වසන (රකින) ලද්දී, භය රහිත කරන ලද්දී වේ.
 
17. ´´ගෘහපති පුත්‍රය, කරුණු පසකින් ස්වාමියා විසින් යට දිශාව වූ දාසි දාස කම්කරු ජනයෝ උපස්ථාන කටයුත්තාහුය. ශක්ති වූ පරිද්දෙන් කටයුතු නියම කිරීමෙන් ද, බත් වැටුප් දීමෙන් ද, ගිලන් වූ කල උපස්ථාන කිරීමෙන් ද, අමුතු රසවත් ආහාර බෙදා දීමෙන් ද, සුදුසු කල දියයුතු දේ දීමෙන්ද  (යන මෙයිනි). ගෘහපති පුත්‍රය, යට දිශාව වූ දාසි දාස කම්කරුවෝ කරුණු පසකින් ස්වාමියාට අනුකම්පා කරත්. පළමු කොට නැඟී සිටින්නාහු ද වෙත්. පසුව නිදන්නාහුද වෙත්. දුන් දෙය පමණක් ගන්නාහු ද වෙත්. හොඳින් කර්මාන්ත කරත්. ගුණ කීර්තිය පතළකර හරින්නාහු ද වෙත්. මෙසේ මොහු විසින් මේ යට දිශාව වසන (රකින) ලද්දී භය රහිත කරන ලද්දී වේ.
 
18. ´´ගෘහපති පුත්‍රය, කරුණු පසකින් වනාහී කුල ප්‍රත්‍රයා විසින් උඩ දිශාව වූ මහණ බමුණෝ උපස්ථාන කටයුත්තාහු වෙත්. මෛත්‍රී සහගත වූ කයින් කරන කර්මයෙන් ද, මෛත්‍රී සහගත වූ වචනයෙන් කරන කර්මයෙන් ද, මෛත්‍රී සහගත වූ හිතින් කරන කර්මයෙන් ද (හෙවත් මෙත් සිත් පෙරටු සිතිවිලි වලින් ද), නොවසන ලද දොරටු ඇති බැවින් ද, ආහාර පානාදිය දීමෙන් ද (යන මෙයිනි). ගෘහපති පුත්‍රය, උඩ දිශාව වූ මහණ බමුණෝ කරුණු සයකින් කුලපුත්‍රයාට අනුකම්පා කරත්. පව්කම් වලින් වළක්වත්, සුචරිතයෙහි යොදවත්, යහපත් සිතින් අනුකම්පා කරත්, නොඇසූ ධර්මය අස්වත්, ඇසූ ධර්මය පිරිසිදු කරත්, දෙව්ලොවට යන මඟ කියා දෙත්. මෙසේ මොහු විසින් මේ උඩ දිශාව වසන (රකින) ලද්දී නිර්භය කරන ලද්දී වේය´´ යි භග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළාහුය. ශාස්තෘ වූ සුගතයන් වහන්සේ මෙය දේශනා කර වදාරා නැවත මෙසේ ද දේශනා කළාහුය.
 
19. ´´නුවණැත්තා වූ සීලයෙන් යුක්ත වූ මොලොක් ගති ඇති, වැටහෙන නුවණින් යුත් යටහත් පැවතුම් ඇති තදගති නැත්තා වූ එබඳු තැනැත්තේ සැප ලබන්නේය.
 
´´නොපසුබට විර්යය ඇති අලස නොවූ තැනැත්තේ විපත්වල දී කම්පා නොවේද, සිදුරු නොවූ (කැලල් රහිත) පැවතුම් ඇති නුවණ ඇත්තා වූ එබඳු තැනැත්තේ සැප ලබන්නේය.´´
 
´´සංග්‍රහ කරන්නා වූ මිත්‍රයන් ඇතිකරන්නා වූ (මිත්‍රයන්ගේ) වචන දන්නා වූ මසුරුමල දුරුකළා වූ,(හිත වැඩට) පමුණුවන්නා වූ විශේෂයෙන් හික්මවන්නා වූ නැවත නැවත හික්මවන්නා වූ එබඳු තැනැත්තේ යසස් ලබන්නේය.´´
 
´´දීම ද, ප්‍රිය වචන කීම ද, අනුන්ට වැඩ පිණිස හැසිරීම ද, තමන්සේ අනුන් සැළකීම ද යන මේ ලෝකයෙහි ධර්මයන්හි සුදුසු පරිද්දෙන් ඒ ඒ තන්හි පිළිපැදීම යන යමක් වෙයිද,
 
´´ලෝකයෙහි මේ සංග්‍රහයෝ ගමන් කරන්නා වූ රථයාගේ කඩ ඇණය මෙනි. මේ සතර සංග්‍රහ වස්තු නොවඩන්නාහු නම්, මව දරුවන් කරන කොට බුහුමනක් හෝ පිදීමක් හෝ නොලබන්නේය. පියා ද දරුවන් කරණ කොට (එය) නොලබන්නේය.
 
´´යම් හේතුවකින් නුවණැත්තෝ මේ සතර සංග්‍රහ වස්තූන් හොඳාකාර සලකා බලත් ද, එහෙයින් ඔව්හු මහත් බවට පැමිණෙත්, පැසසිය යුත්තෝ ද වෙත්.´´
 
20. ´´මෙසේ වදාළ කල්හී සිඟාලක නම් ගෘහපති පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. ´´ස්වාමීන් වහන්ස, මේ ධර්මය ඉතා යහපත, ස්වාමීන් වහන්ස, ඒ මම භාග්‍යවතුන් වහන්සේ ද, ධර්මය ද, භික්‍ෂු සංඝයා ද සරණ යමි. භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් ජිවිතාන්තය දක්වා සරණ ගිය උපාසකයෙකැයි පිළිගන්නා සේක්වා´´ යි කීයේය. 
 
තිස්එක් වැනි වූ සිඟාලක සූත්‍රය නිමියේය.

30. ලක්ඛණ සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර දෙවුරම් වෙහෙර වාසය කරන්නාහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනියි´´ භික්‍ෂූන්ට කථා කළාහුය. ´´පින්වතුන් වහන්සැයි´´ ඒ භික්‍ෂූහූ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීවාහුය.
 
2. ´´මහණෙනි, මේ ලක්‍ෂණ දෙතිස් මහාපුරුෂයාගේ මහාපුරුෂ ලක්‍ෂණයෝය. මේ ලක්‍ෂණ වලින් යුක්ත වූ මහාපුරුෂයාගේ මේ ගති දෙකක්ම වෙත්. (ඔහු) ගිහිගෙය වාසය කෙරේද, සතර දිශාවට අධිපති වූයේ ධර්ම රාජයන් වූ සක්විති රජෙක් වෙයි. මහාපුරුෂයා ගිහිගෙන් නික්ම මහණ වේ ද, කෙලෙස් නැමැති වැස්ම සිඳින ලද අර්හත් වූ සම්‍යක් සම්බුදු වෙයි. මහණෙනි, මහාපුරුෂයාගේ මේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෝ කවරහුද?´´ 
 
3. ´´මහණෙනි, මෙහි මහාපුරුෂ තෙමේ මනාකොට පිහිටි පාද ඇත්තේ වෙයි. මහාපුරුෂයාගේ යටිපතුල් වල දහසක් අර ඇති, නිම්වලලු සහිත වූ, නැබ සහිත වූ, චක්‍රයෝ පහළ වෙයි. මහා පුරුෂ තෙමේ දික් විළුම් ඇත්තේ වෙයි, දිග ඇඟිලි ඇත්තේ වෙයි, මෘදු වූ තරුණ වූ අතුල් පතුල් ඇත්තේ වෙයි, දැල්කවුලුවක බඳු සම වූ ඇඟිලි ඇති අත් පා ඇත්තේ වෙයි, පිරුණු ගොප්මස ඇති පා ඇත්තේ වෙයි, ඕලු මුවන්ගේ බඳු කෙණ්ඩා ඇත්තේ වෙයි, සිටගෙනම නොනැමී දෙඅත්ල වලින් දනහිස් අතගායි, පිරිමදී. කෝෂය තුළ සැඟවුනු පුරුෂ ලක්‍ෂණ ඇත්තේ වෙයි, සියුම් හම ඇත්තේ වෙයි, එක එක ලොම් ඇත්තේ වෙයි, රෝම කූපයන්හි එක් එක් රෝම හටගත්තාහුය, උඩුකුරු අක් ඇති රෝම ඇත්තේ වෙයි. උඩුකුරු වූ ලොම් නිල්වන්ය., අඳුන්වන්ය.´´

´´කෙලින් පිහිටි ශරීරය ඇත්තේ වෙයි, (දෙපිට පතුල් දෙඋරහිස්, කර යන) සත් තැන උස් වූයේ වෙයි. සිංහයෙකුගේ ශරීරය ඉදිරිපස මෙන් සම්පූර්ණ ශරීරයක් ඇත්තේ වෙයි. පිට දෙපැත්ත මැද පිරුණේ වෙයි. නුග රුකක්සේ වට වූ බව ඇත්තේ වෙයි. උන්වහන්සේගේ ශරීරය යම් පමණ වේ ද බඹයත් එපමණය. බඹය යම් පමණ ද ශරීරයත් එපමණය. සම වට බෙල්ල ඇත්තේ වෙයි. සත්සියයක් රස නහර ඇත්තේ වෙයි. සිංහයෙකුගේ යට හක්ක මෙන් සම්පූර්ණ වූ උඩු යටි හකු දෙක ඇත්තේ වෙයි. සමසතලිස් දත් ඇත්තේ වෙයි. සම දත් සිදුරු නැති වූ දත් දිලිසෙන ඉතා සුදු දත් ඇත්තේ වෙයි. මෘදු දික් පළල් දිව ඇත්තේ වෙයි. බ්‍රහ්මයාගේ මෙන් කටහඬ ඇත්තේ වෙයි. කුරවීක හඬ බඳු කටහඬ ඇත්තේ වෙයි. පිරිසිදු නිල්වන් පාට ඇස් ඇත්තේ වෙයි. උපන් කෙනෙහි වස්සෙකුගේ බඳු පැහැදුනු ඇස් ගුලි ඇත්තේ වෙයි. දෙබැම අතර සුදු වූ මෘදු වූ පුලුන් පෙඳක් වැනි දකුණට කරකැවී නළල මැද පිහිටි රෝමයක් වූයේ වෙයි.
 
4. ´´මහණෙනි, යම් හේතුවකින් මහාපුරුෂයාගේ දෙබැම අතර සුදු වූ මෘදු වූ පුළුන් පෙඳක් වැනි ඌර්ණ රෝමයක් වූයේ ද මෙය ද, මහණෙනි, මහාපුරුෂයාගේ මහාපුරුෂ ලක්‍ෂණයක් වෙයි. මහණෙනි, නැවතද  මහාපුරුෂ තෙමේ පිරුණු නළල සහිත සම්පූර්ණ හිස ඇත්තේ වෙයි.
 
´´මහණෙනි, මහපුරිස් තෙමේ යම් බඳු වූ සම්පූර්ණ හිස ඇත්තේ වේ ද, මෙය ද මහණෙනි, මහාපුරුෂයාගේ මහාපුරුෂ ලක්‍ෂණයක් වෙයි.
 
5. ´´මහණෙනි, යම් හේතුවකින් තථාගතයන් වහන්සේ පෙර ජාතියෙහි මනුෂ්‍යයෙක් වූයේ දශ කුශල ධර්මයන්හි දැඩිව සමාදන් වූයේ නිශ්චල වූ සමාදානය ඇත්තේ විය. කයින් වචනයෙන් සිතින් කරන සුචරිතයෙහි ද, දන් බෙදා හදා දීමෙහි ද, ශීලසමාදානයෙහි ද, පෙහෙවස් විසීමෙහි ද, මවට උපස්ථාන කිරීමෙහි ද, පියාට උපස්ථාන කිරීමෙහි ද, මහණුන්ට සත්කාර කිරීමෙහි ද, පව් දුරුකළ බමුණන්ට සත්කාර කිරීමෙහි ද, වැඩිහිටියන් පිදීමෙහි ද එක් එක් උසස් කුශල ධර්මයන්හී දැඩි සමාදාන ඇත්තේ නිශ්චල සමාදාන ඇත්තේ වීය. හෙතෙම මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි. හෙතෙම එහි අන්‍ය දෙවිවරුන්ට වඩා කරුණු දහයකින් වැඩිවෙයි. දිව්‍යමය වූ ආයුෂයෙන් ද, පාටෙන් ද, සැපයෙන් ද, පිරිවරින් ද, අධිපති බවෙන් ද, රූපයෙන් ද, ශබ්දයෙන් ද, ගන්ධයෙන් ද, රසයෙන් ද, ස්පර්ෂයෙන් ද යන කරුණු දහයෙන් වැඩිවෙයි.
 
6. ´´හෙතෙම ඒ දෙව් ලොවින් චුතව මිනිසත් බවට පැමිණියේ මේ මහාපුරිස් ලකුණු ලබයි.
 
7. මහණෙනි, යම් හේතුවකින් තථාගත තෙමේ පෙර ජාතියෙහි පෙර භවයෙහි පෙර වාසයෙහි පෙර මනුෂ්‍යයෙක් වූයේ සම්ඵප්‍රලාප (හිස් වචන) දුරුකොට සම්ඵප්‍රලාප කීමෙන් දුරු වූයේ විය. සුදුසු කල් දැන කියන්නෙක්, ඇති දෙයක් කියන්නෙක්, ප්‍රයෝජන වූවක් කියන්නෙක් , ධාර්මික දෙයක් කියන්නෙක්, හික්මවිය යුතු වචන කියන්නෙක් සිත තබාගත යුතු වූ ද කරුණු සහිත වූ ද උපදෙස් සහිත වූ ද අර්ථ සහිත වූ ද වචන සුදුසු කාලයෙහි කියන්නෙක් වූයේය. හෙතෙම ඒ කර්මය කල බැවින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි. හෙතෙම එහි අන්‍ය දෙවිවරුන්ට වඩා කරුණු දහයකින් වැඩිවෙයි. දිව්‍යමය වූ ආයුෂයෙන් ද, දිව්‍යමය වූ පාටෙන් ද, දිව්‍යමය වූ සැපයෙන් ද, දිව්‍යමය වූ පිරිවරින් ද, දිව්‍යමය වූ අධිපතිභාවයෙන් ද, දිව්‍යමය වූ රූපයෙන් ද, දිව්‍යමය වූ ශබ්දයෙන් ද, දිව්‍යමය වූ ගන්ධයෙන් ද, දිව්‍යමය වූ රසයෙන් ද, දිව්‍යමය වූ ස්පර්ෂයෙන් ද යන කරුණු දහයෙන් වැඩි වෙයි. හෙතෙම එතැනින් චුතව මිනිස් බවට පැමිණියේ මේ මහා පුරුෂ ලක්‍ෂණය ලබයි.

මෙහි භාග්‍යවතුන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ ලැබීමට හේතු වූ පෙර කළ පුන්‍ය කර්ම විස්තර කළහ. 
 
තිස් වැනි වූ ලක්ඛණ සූත්‍රය නිමියේය.

29. පාසාදික සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි දුනු ශිල්ප උගත් විදීම් ශාස්ත්‍රය දත් ශාක්‍යයින්ගේ අඹ උයන තුළ වූ ප්‍රාසාදයෙහි වැඩ වාසය කරති. එකල නිගණ්ඨනාත පුත්‍ර තෙමේ පාවා නම් නුවරෙහි දී නොබෝ දිනකට පෙර මැරුණේය. ඔහුගේ මරණයෙන් පසු බිඳීගිය නිගණ්ඨයෝ කොටස් දෙකක් වූවාහු හටගත් දබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විරුද්ධ වාදයට පැමිණියාහු ඔවුනොවුන් අතර මුඛ නැමැති ආයුධයන්ගෙන් විදිමින් වාසය කරන්නාහුය. 
 
2. එකල්හි චුන්ද ස්ථවිර තෙමේ පාවා නුවර වස්වසා නිමවන ලද වස් ඇත්තේ සාම නම් ගම යම් තැනෙක්හි ද ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ වෙත පැමිණ, වැඳ එක පැත්තක හුන්නේය. චුන්ද ස්ථවිර තෙමේ මේ කාරණය දැන්නුවේය. ´´ස්වාමීන් වහන්ස, නොබෝදා නිගණ්ඨනාත පුත්‍ර තෙමේ පාවා නුවර දී මැරුණේය. ඔහුගේ මරණයෙන් පසු බිඳීගිය නිගණ්ඨයෝ කොටස් දෙකක් වූවාහු හටගත් දබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විරුද්ධ වාදයට පැමිණියාහු ඔවුනොවුන් අතර මුඛ නැමැති ආයුධයන්ගෙන් විදිමින් වාසය කරන්නාහුය.´´
 
3. මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ මෙය කීයේය. ´´ඇවැත් චුන්දය, යමු. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද එහි පැමිණෙන්නෙමු. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මේ කරුණු දන්වන්නෙමුය´´යි කීහ.
 
එකල ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ ද, චුන්ද ස්ථවිර තෙමේ ද භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක හුන්නාහුය. එක පැත්තක හුන්නා වූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්නුවේය. ´´ස්වාමීන් වහන්ස, මේ චුන්ද ස්ථවිර තෙමේ මෙසේ කීයේය. ´´ස්වාමීන් වහන්ස, නොබෝදා නිගණ්ඨනාත පුත්‍ර තෙමේ පාවා නුවර දී මැරුණේය. ඔහුගේ මරණයෙන් පසු බිඳීගිය නිගණ්ඨයෝ කොටස් දෙකක් වූවාහු හටගත් දබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විරුද්ධ වාදයට පැමිණියාහු ඔවුනොවුන් අතර මුඛ නැමැති ආයුධයන්ගෙන් විදිමින් වාසය කරන්නාහුය.´´
 
එවිට භාග්‍යවතුන් වහන්සේ, ´´චුන්දය, මේ කාරණය මෙසේම වන්නේය. අයහපත්ව ප්‍රකාශ කළා වූ අයහපත් දැනුම් ඇත්තා වූ නිවනට නොපමුණුවන්නා වූ කෙලෙස් සංසිඳවීම පිණිස නොපවත්නා වූ සම්‍යක් සම්බුදු රජුන් විසින් ප්‍රකාශ නොකළා වූ ධර්ම විනයෙහි මෙසේ වන්නේයයි´´ වදාළේය.
 
4. ´´චුන්දය, මේ ලෝකයෙහි ශාස්තෘ තෙමේ සම්‍යක් සම්බුද්ධ නොවූයේ වේ ද, ධර්මය අයහපත් කොට ප්‍රකාශ කරන ලද්දේ වේ ද, අයහපත් කොට දක්නා ලද්දේ වේ ද, නිවනට නොපමුණුවයි ද, කෙලෙස් සංසිඳවීම පිණිස නොපවත්නේ ද, සම්‍යක් සම්බුදු රජ විසින් දේශනා නොකරන ලද්දේ වේ ද, ශ්‍රාවක තෙමේ ද ඒ ධර්මයෙහි ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි නොපිළිපදින්නේ ද සාමීචි ප්‍රතිපත්තියෙහි (සුදුසු පිළිවෙතෙහි) ධර්මයෙන් ඉවත්ව පවතී ද මෙසේ එහි ශාස්තෘ තෙමේත් නින්දා කටයුත්තෙක් වන්නේය.´´
 
5. ´´චුන්දය, මේ කාලයෙහි අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ශාස්තෘන් වහන්සේත් ලෝකයෙහි පහළ වූයේ වේ ද, හොඳින් දේශනා කළා වූ හොඳින් දන්නා ලද්දා වූ නිවනට පමුණුවන්නා වූ කෙළෙස් සංසිඳවීම පිණිස පවත්නා වූ සම්‍යක් සම්බුදු රජුන් විසින් දේශනා කළා වූ ධර්මය පහළවූයේ වේ ද, උන්වහන්සේගේ ශ්‍රාවකයෝත් ධර්මයෙහි අර්ථය අවබෝධ කරන ලද්දෝ වෙත් ද, ඒකාන්තයෙන් ඒ ශ්‍රාවකයින්ට සම්පූර්ණ වශයෙන් බ්‍රහ්ම චර්යාව ප්‍රකාශ කරන ලද්දේ වේ ද, ප්‍රකට කරන ලද්දේ වේ ද, සියල්ල සංග්‍රහ කරන ලද්දේ වේ ද, දෙව් මිනිසුන්ගේ පටන් නිවන් පැමිණවීම වශයෙන් හොඳින් ප්‍රකාශ කොට වදාරණ ලද්දේ වේ ද, එසේ ඇති කල්හි ශාස්තෘවරයාගේ නැතිවීයාම වේ ද? චුන්දය, මෙබඳු වූ ශාස්තෘ තෙමේ මැරෙන ලද්දේ ශ්‍රාවකයින්ට තැවීම නොකරන්නේ වේ.´´
 
6. ´´චුන්දය, යම් හේතුවකින් මේ අංග දෙකකින් යුක්ත වූ බ්‍රහ්ම චර්යාවක් (උතුම් හැසිරීමක්) වේ ද, ශාස්තෘ තෙමේත් රාත්‍රඥ වූයේ (බොහෝ කල් දන්නේ) පැවිද්දෙන් කල් ගත වූයේ බොහෝකල් ඉක්ම ගියේ අන්තිම වයසට පැමිණියේ වේ ද, ඔහුගේ ස්ථවිර ශ්‍රාවක භික්‍ෂූහු ද සමර්ථයෝ වෙත් ද, හික්මුණාහූ වෙත් ද, විශාරදයෝ (බොහෝ දත් අය) වෙත් ද, පැමිණි රහත් ඵල ඇත්තෝ වෙත් ද, සද්ධර්මය ප්‍රකාශ කිරීමට සුදුසු වෙත් ද, උපන් පරවාද හේතු සහිත කරුණු දැක්වීමෙන් ඉවත්කොට නිවන් පැමිණවීම් සහිත ධර්මය දේශනා කරන්ට සමර්ථ වෙත් ද, මෙසේ මේ බ්‍රහ්මචර්යාව මේ අංගයෙන් සම්පූර්ණ වූයේ වේ.´´
 
´´චුන්දය, මේ අංග දෙකකින් සම්පූර්ණ වූයේ වෙයි. ශාස්තෘ තෙමේත් ස්ථවිර වූයේ රාත්‍රඥ වූයේ (බොහෝ කල් දන්නේ) පැවිද්දෙන් කල් ගතවූයේ බොහෝ කල් ඉක්ම ගියේ අන්තිම වයසට පැමිණියේ වේ ද, ඔහුගේ ස්ථවිර ශ්‍රාවක භික්‍ෂූහු ද සමර්ථයෝ වෙත් ද, හික්මුණාහූ වෙත් ද, විශාරදයෝ (බොහෝ දත් අය) වෙත් ද, පැමිණි රහත් ඵල ඇත්තෝ වෙත් ද, සද්ධර්මය ප්‍රකාශ කිරීමට සුදුසු වෙත් ද, උපන් පරවාද හේතු සහිත කරුණු දැක්වීමෙන් ඉවත්කොට නිවන් පැමිණවීම් සහිත ධර්මය දේශනා කරන්ට සමර්ථ වෙත් ද, මෙසේ මේ බ්‍රහ්මචර්යාව මේ අංගයෙන් සම්පූර්ණ වූයේ වේ.´´
 
´´ඒ ශාස්තෘවරයාගේ ස්ථවිර ශ්‍රාවක භික්‍ෂූහූ, මධ්‍යම ශ්‍රාවක භික්‍ෂූහූ, අලුත් ශ්‍රාවක භික්‍ෂූහූ, ශ්‍රාවිකා වූ ස්ථවිර භික්‍ෂුණීහු, මධ්‍යම භික්‍ෂුණීහු, අලුත් භික්‍ෂුණීහු සමත්තු නොවෙත් ද, හික්මුණාහු නොවෙත් ද, බොහෝ දේ දත් අය නොවෙත් ද, පැමිණි රහත් ඵල ඇත්තෝ නොවෙත් ද, උපන් පරවාද ධර්මයට අනුව ඉවත් කොට නිවන් දැක්වීම් සහිත ධර්මය දේශනා කිරීමට අසමර්ථ වෙත් ද, මෙසේ ඒ බ්‍රහ්මචර්යාව ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ නොවේ.´´
 
´´ඒ ශාස්තෘවරයාගේ ස්ථවිර ශ්‍රාවක භික්‍ෂූහූ, මධ්‍යම ශ්‍රාවක භික්‍ෂූහූ, අලුත් ශ්‍රාවක භික්‍ෂූහූ, ශ්‍රාවිකා වූ ස්ථවිර භික්‍ෂුණීහු, මධ්‍යම භික්‍ෂුණීහු, අලුත් භික්‍ෂුණීහු සමත්තු වෙත් ද, හික්මුණාහු වෙත් ද, බොහෝ දේ දත් අය වෙත් ද, පැමිණි රහත් ඵල ඇත්තෝ වෙත් ද, උපන් පරවාද ධර්මයට අනුව ඉවත් කොට නිවන් දැක්වීම් සහිත ධර්මය දේශනා කිරීමට සමර්ථ වෙත් ද, මෙසේ මේ බ්‍රහ්මචර්යාව ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ වේ.´´
 
´´උන් වහන්සේගේ ශ්‍රාවක වූ සුදු ඇඳුම් හඳින ලද බ්‍රහ්මචාරී වූ ගෘහස්ථ උපාසකයෝ ද, ශ්‍රාවිකා වූ ගෘහස්ථ බ්‍රහ්මචාරී උපාසිකාවෝ ද, කාමභෝගී වූ උපාසකයෝ ද උපාසිකාවෝ ද, සමතුන් වෙත් ද, හික්මුණාහු වෙත් ද, බොහෝ දේ දත් අය වෙත් ද, පැමිණි මාර්ග ඵල ඇත්තෝ වෙත් ද, උපන් අන්‍ය මතයන් ධර්මයට අනුව ඉවත් කොට නිවන් දැක්වීම් සහිත ධර්මය දේශනා කිරීමට සමර්ථ වෙත් ද, මෙසේ මේ බ්‍රහ්මචර්යාව ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ වේ.´´
 
´´එයින් ද, උන්වහන්සේගේ බ්‍රහ්මචර්යාව සමෘද්ධ වූයේත් මහත් වූයේත්, පැතුරුනේත්, බොහෝදෙනා විසින් දන්නා ලද්දේ ද පැතිරීමක් ද නොවන්නේය. යම්තාක් දෙව් මිනිසුන් විසින් හොඳින් ප්‍රකාශ කරන ලද්දක් ද නොවන්නේය.´´
 
´´ලාභයෙන් හා යසසින් අග පැමිණියක් නොවන්නේ ද, මෙසේ මේ බ්‍රහ්මචර්යාව ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ නොවේ.´´
 
7. ´´චුන්දය, මේ අංග දෙකෙන් යුක්තවූම යම් බ්‍රහ්මචර්යාවක් වේ ද ශාස්තෘ තෙමේ ද ස්ථිර වූ ගුණ ඇත්තේ ද බොහෝ දේ දැන පුරුද්ද ඇත්තේ වේ ද, පැවිදිවී කලක් ගතවූයේ වේ ද, ජීවිතයෙහි අන්තිම වයසට පැමිණියේ වේ ද උන්වහන්සේගේ ශ්‍රාවක වූ ස්ථවිර භික්‍ෂූහූ ද, මධ්‍යම ශ්‍රාවක භික්‍ෂූහූ ද, අලුත් ශ්‍රාවක භික්‍ෂූහූ, ශ්‍රාවිකා වූ ස්ථවිර භික්‍ෂුණීහු, මධ්‍යම භික්‍ෂුණීහු, අලුත් භික්‍ෂුණීහු ශ්‍රාවක වූ බ්‍රහ්මචාරී වූ උපාසකයෝ ද, ශ්‍රාවිකා වූ බ්‍රහ්මචාරී උපාසිකාවෝ ද, කාමභෝගී වූ උපාසකයෝ ද උපාසිකාවෝ ද, සමත්තු වෙත් ද, හික්මුණාහු වෙත් ද, බොහෝ දේ දත් අය වෙත් ද, පැමිණි රහත් ඵල ඇත්තෝ වෙත් ද, උපන් පරවාද ධර්මයට අනුව ඉවත් කොට නිවන් දැක්වීම් සහිත ධර්මය දේශනා කිරීමට සමර්ථ වෙත් ද, උන්වහන්සේගේ බ්‍රහ්මචර්යාව සමෘද්ධ වූවක් ද මහත් වූවක් ද, පැතිරීමක් ද, බොහෝදෙනා විසින් දන්නා ලද මහත් වූවක් ද, යම්තාක් දෙව් මිනිසුන් හා හොඳින් ප්‍රකාශ කරන ලද්දක් ද වන්නේය. ලාභයෙන් හා යසසින් අගතැන් පැමිණියේ මෙසේ ඒ බ්‍රහ්මචර්යාව ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ වේ.´´
 
8. ´´චුන්දය, මේ කාලයෙහි අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ශාස්තෘ වූ මම ලෝකයෙහි උපන්නෙමි. මනාකොට අවබෝධ කරන ලද්දා වූ නිවනට පමුණූවන්නා වූ, කෙලෙස් සංසිඳවීම පිණිස පවත්නා වූ සම්‍යක් සම්බුදු රදුන් විසින් දැනගන්නා ලද්දා වූ ධර්මය යහපත් කොට ප්‍රකාශ කරන ලද්දේය. ධරමයෙහි අර්ථය අවබෝධ කරන ලද මාගේ ශ්‍රාවකයෝ වෙත් ද, ඒකාන්තයෙන් ඔවුන්ට බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වශයෙන් ප්‍රකාශ කරන ලද්දේ සර්වසංග්‍රහ පද වශයෙන් කරන ලද්දේ වේ ද, දෙව් ලොවිනද මිනිස් ලොව දක්වා නිවනට පැමිණවීම වශයෙන් හොඳින් ප්‍රකාශ කරන ලද්දේය.´´
 
´´චුන්දය, මම දැන් ශාස්තෘ වුයේ ස්ථිර ගුණයෙන් යුක්ත වූයේ බොහෝ කල් දන්නේ, පැවිදි වී බොහෝ කල් ගතවූයේ අන්තිම වයසට පැමිණියේ වෙමි. චුන්දය, මාගේ වනාහි දැන් ශ්‍රාවක වූ ස්ථවිර භික්‍ෂූහූ ද, මධ්‍යම ශ්‍රාවක භික්‍ෂූහූ ද, අලුත් ශ්‍රාවක භික්‍ෂූහූ, ශ්‍රාවිකා වූ ස්ථවිර භික්‍ෂුණීහු, මධ්‍යම භික්‍ෂුණීහු, අලුත් භික්‍ෂුණීහු ශ්‍රාවක වූ බ්‍රහ්මචාරී වූ උපාසකයෝ ද, ශ්‍රාවිකා වූ බ්‍රහ්මචාරී උපාසිකාවෝ ද, කාමභෝගී වූ උපාසකයෝ ද උපාසිකාවෝ ද, සමත් වූවාහු, හික්මුණා වූ පණ්ඩිත වූවාහු, පැමිණි රහත් ඵල ඇත්තාහු, උපන් පරවාද ධර්මයට අනුව කරුණු සහිතව ඉවත් කොට නිවන් දැක්වීම් සහිත ධර්මය දේශනා කිරීමට සමර්ථ වූවාහුය.´´
 
´´චුන්දය, දැන් මාගේ බ්‍රහ්මචර්යාව සමෘද්ධ වූයේ ද සම්පූර්ණ වූයේ ද, පැතිරුනේ ද, බොහෝදෙනා විසින් දන්නා ලද්දේ ද, බොහෝ දෙනා විසින් දක්නා ලද්දේ ද, යම්තාක් දෙව් මිනිසුන් දක්වා හොඳින් ප්‍රකාශ කරන ලද්දේ වේ.´´
 
9. ´´චුන්දය, මෙකල යම් පමණ ශාස්තෘහු ලෝකයෙහි උපන්නාහු ද? චුන්දය, මම යම්සේ ද එසේ ලාභයෙන් හා යසසින් අග පැමිණි අන් එකම ශාස්තෘවරයෙකු මම නොදක්නෙමි.´´
 
´´චුන්දය, මේ භික්‍ෂු සංඝ තෙමේ යම්සේ ද එසේ ලාභයෙන් හා යසසින් අග පැමිණි අන් එකම ශාස්තෘවරයෙකු මම නොදක්නෙමි.´´
 
´´සෑම ලෙසින් සම්පූර්ණ හැම ආකාරයෙන් පිරුණා වූ අඩු නුවූ ද වැඩි නුවූ ද හොඳින් දේශනා කරන ලද්දා වූ ද හාත්පස සම්පූර්ණ ශ්‍රේෂ්ඨ චර්යා නම් වූ බ්‍රහ්මචර්යාව යයි මීටම කිය යුත්තේය.´´
 
10. ´´චුන්දය, උද්දකරාමපුත්‍ර තෙමේ ද, ´´කිසිවක් දක්නේ නොදක්නේය´´ යන මෙබඳු වචනයක් කීවේය. කුමක් දක්නේ ද කුමක් නොදක්නේ දැයි ඇසූකල මනාව මුවහත් තබන ලද ආයුධයේ තලය දක්නේය. (මුවහත්) ධාරාව නොපෙනේ යයි (කීය). මෙය හීන වූ ග්‍රාම්‍ය වූ පෘථග්ජනික වූ උතුම් නුවූ අනර්ථ සහිත වූවක් වන්නේය.´´
 
´´චුන්දය, මා තොපට යම් ධර්ම කොටසක් ඉතා උසස් ප්‍රඥාවෙන් දැන දේශනා කරන ලද්දේ ද ඒ ධර්මයෙහි සියල්ලන් විසින්ම එක්රැස්ව අර්ථයෙන් අර්ථය වචනයෙන් වචනය හොඳින් කිය යුත්තේය. විවාද නොකළ යුත්තේය. යම් සේ මේ බ්‍රහ්මචර්යාව නම් ශාසනය බොහෝ කල් පවත්නේ වේ ද, එසේ සජ්ඣායනා කලයුතු යුත්තේය. එය බොහෝ දෙනාට හිත පිණිස ද බොහෝ දෙනාට සැප පිණිස ද ලොවට අනුකම්පා පිණිස ද දෙව් මිනිසුන්ට වැඩ පිණිස ද හිත පිණිස ද සැප පිණිස ද වන්නේය. හේ කවරේද? සතර සතිපට්ඨානයෝය (සිහිය වැඩිය යුතු භාවනා සතර) සතර සම්‍යක් ප්‍රධානයෝය (මහා වීර්ය සතර) සතර ඍධිපාදයෝය (සත්‍ය අවබෝධය පිණිස පවත්නා හේතු සතර) පඤ්චේන්ද්‍රියෝය (ඉන්ද්‍රිය ධර්ම පස) සප්ත බොඤ්ඤංගයෝය (සත්‍ය අවබෝධ කිරීමේ අංග සත) ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මොවුහුය.´´
 
´´චුන්දය, මම මෙලොව පිළිබඳ ක්ලේශයන්ගේ වැළැක්ම පිණිස ද ධර්මය දේශනා කරමි. පරලොව පිළිබඳ ක්ලේශයන්ගේ නැසීම පිණිස ද ධර්මය දේශනා කරමි.´´
 
11. ´´චුන්දය, එහෙයින් මා විසින් තොපට යම් සිවුරක් නියම කරන ලද්දේ ද එය යම්තාක් තොපගේ ශීතල නැසීම පිණිස ද උණුසුම නැසීම පිණිසද  මැසි, මදුරු, අවු, සුළං, සර්පයන්ගේ ස්පර්ශයෙන් වන උවදුරු නැසීම පිණිස ද ලැජ්ජා උපදන තැන් වැසීම පිණිස ද ප්‍රමාණ වන්නේය. මා විසින් තොපට යම් පිණ්ඩපාතයක් නියම කරන ලද්දේ ද ඒ පිණ්ඩපාතය යම්තාක් මේ ශරීරය පැවැත්ම පිණිස ද යැපීම පිණිස ද සාදුක් පීඩා වැළැක්වීම පිණිස ද බ්‍රහ්මචරියාවට උපකාර පිණිස ද ප්‍රමාණ වන්නේය. පිණ්ඩපාත භෝජනය වැළඳීමෙන් පුරාණ වේදනා නසමි. අලුත් වේදනා නූපදවමි. මාගේ ජීවිතයේ පැවැත්ම ද වන්නේය නිවරද බවද පහසුවෙන් විසීම ද වන්නේ යයි පරිභෝග කරන්නේය. මා විසින් තොපට යම් සේනාසනයක් නියම කරන ලද්දේ ද එය තොපට යම්තාක් ශීතල නැසීම පිණිස ද උණුසුම නැසීම පිණිස ද මැසි, මදුරු, අවු, සුළං, සර්පයන්ගේ ස්පර්ශයෙන් වන උවදුරු නැසීම පිණිස ද සුදුසු වන්නේය. යම්තාක් ඍතු උවදුරු නැති කිරීම ද තනිව ඉඳීමෙහි ඇලීම පිණිසද සුදුසු වන්නේය. මා විසින් තොපට යම් බෙහෙත් පිරිකරක් නියම කරන ලද්දේ ද එය තොපගේ යම්තාක් උපන් රෝග වේදනාවන්ගේ නැසීම පිණිසද නිවන් දුක් කෙළවර කොට ඇති බව පිණිසද සුදුසු වන්නේය.´´
 
12. ´´චුන්දය, යම් හේතුවකින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝසැපයෙහි ඇලීමෙන් යුක්තව වාසය කරන්නාහුයයි කියන්නාහුද එසේ කීමට හේතු ඇත්තේය.´´
 
´´චුන්දය, මේ සැපැයෙහි ඇලී වාසය කිරීම් සතර හීන වූවාහුය. කවර නම් සතරෙක්ද? චුන්දය, මේ ලෝකයෙහි ඇතැම් අඥානයෙක් තෙමේ ප්‍රාණීන් මරමරා ඇතැම් කෙනෙක් හොරකම් කරකර බොරු කිය කියා සැපයට පමුණු වන්නේය, පිණවන්නේය. නැවත ද චුන්දය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් පස්වැදෑරුම් කාම ගුණයෙන් පැවරීම වූයේ යුක්ත වූයේ සේවනය කෙරේද, චුන්දය, මේ සුඛල්ලිකානුයෝගයෝ සතර උතුම් නුවූවාහූ අනර්ථය පිණිස පවත්නාහුය.´´
 
13. ´´චුන්දය, මේ සුඛල්ලිකානුයෝගයෝ සතරක් ඒකන්ත අවබෝධය පිණිස ද රාගය නැති කිරීම පිණිස ද කෙලෙස් නැති කිරීම පිණිස ද කෙලෙස් සංසිඳීම පිණිස ද විශේෂයෙන් දැනීම පිණිස ද සම්බෝධිය පිණිස ද නිර්වාණය පිණිස ද පවත්නාහුය. කිනම් සතරෙක් ද? චුන්දය, මේ ශාසනයෙහි මහණ තෙම විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙරේ ද, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කෙරේ ද ප්‍රීතියාගේ නැති කිරීමෙන් තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කෙරේ ද, සැපයද නැති කිරීමෙන් චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කෙරේද මේ සුඛල්ලිකානුයෝග වෙත්.´´
 
´´මේ සතර සුඛල්ලිකානුයෝගයෙහි යෙදී වාසය කරන්නවුන් විසින් ඵල ආනිශංස සතරක් කැමති විය යුත්තාහ. කවර නම් සතරක් ද? මේ ශාසනයෙහි මහණ තෙමේ ත්‍රිවිධ සංයෝජනයන්ගේ නැති කිරීමෙන් අපායෙහි නොවැටෙන්නා වූ සම්බෝධිය නියත කොට ඇත්තා වූ සෝවන් පුද්ගලයෙක් වන්නේය.´´
 
´´මහණ තෙමේ ත්‍රිවිධ සංයෝජනයන්ගේ නැති කිරීමෙන් රාග, ද්වේශ, මෝහයන්ගේ තුනී කිරීමෙන් සකෘදාගාමියෙක් වේ ද, එක්වරක්ම මේ ලෝකයට අවුත් දුක් කෙළවර කරන්නෙක් වන්නේය.´´
 
14. ´´මහණතෙමේ පස් වැදෑරුම් ඕරම්භාගිය (සක්කායදෘෂ්ඨි, විචිකිච්චා, ශීලව්‍රත, පරාමාශ, කාමරාග, ව්‍යාපාද යන රැහැන් පස) සංයෝජනයන්ගේ නැති කිරීමෙන් ඕපපාතිකයෙක් වන්නේය. ඒ බඹලොවින් මෙලොවට නොඑන ස්වභාව ඇත්තේ එහි පිරිනිවන්පාන ස්වභාව ඇත්තෙක් වන්නේය.´´
 
´´මහණ තෙමේ කාමාදී කෙලෙස් නැති කිරීමෙන් අර්හත් ඵලයට පැමිණ මේ ආත්මයෙහිම තමාම උසස් ඥානයෙන් දැන අවබෝධ කොට එයට පැමිණ වාසය කරන්නේය.´´
 
´´චුන්දය, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ ස්ථිර ස්වභාවයක් නැතිව වාසය කරන්නාහුයයි කියයි.´´
 
´´සර්වඥතාඥානයෙන් සියල්ල දන්නා සියල්ල දක්නාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයින්ට දිවි කෙළවර දක්වා නොයික්මවිය යුතු ධර්මයක් දේශනා කරන ලදි. පනවන ලදි.´´
 
15. ´´ඇවැත්නි, යම් ඒ භික්‍ෂුවක් තෙමේ නැති කරන ලද කෙලෙස් ඇත්තේ රහත් වූයේ වේද, වැස නිමවන ලද බ්‍රහ්මචර්යාව ඇත්තේ කරන ලද කටයුතු ඇත්තේ ඉවත් කරන ලද කෙලෙස් බර ඇත්තේ පැමිණෙන ලද තමාගේ යහපත් වූ රහත් ඵල ඇත්තේ වේ ද, ක්‍ෂය කරන ලද සසර රඳවන රැහැන් ඇත්තේ හොඳාකාර දැන අර්හත් ඵල නිදහසින් මිදුනේ රැහැන් වේ ද, ඒ රහත් තෙමේ කරුණු නවයක හැසිරීමට නුසුදුස්සෙක් වන්නේය. රහත් වූ භික්‍ෂු තෙමේ ද දැන දැන ප්‍රාණයක් නැති කිරීමට සුදුසු නොවන්නේය. සොර සිතින් අන්සතු දෙයක් ගැනීමට සුදුසු නොවන්නේය. මෙවුන්දම් සේවනය කිරීමට සුදුසු නොවන්නේය. දැන දැන බොරු කීමට සුදුසු නොවන්නේය. වස්තු කාමයෙන් ද ක්ලේෂ කාමයෙන් ද තැන්පත් කොටගෙන යමක් පාවිච්චි කිරීමට සුදුසු නොවන්නේය. ආශාව නිසා අගතියට යාමට නුසුදුස්සෙක් වන්නේය. ද්වේශයෙන් (ක්‍රෝධයෙන්) අගතියට යාමට නුසුදුස්සෙක් වන්නේය. මෝහයෙන් (මෝඩකමින්) අගතියට යාමට නුසුදුස්සෙක් වන්නේය. බියෙන් අගතියට යාමට සුදුසු නොවන්නේය. යම් ඒ භික්‍ෂුවක් තෙමේ මේ කරුණු නවයෙහි හැසිරීමට සුදුසු නොවන්නේය.´´
 
´´චුන්දය, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ, ´´ශ්‍රමණ භවත් ගෞතම තෙමේ අතීත කාලය ගැන වැඩි වශයෙන් ඥාන දර්ශනය පණවන්නේය, ප්‍රකාශ කරන්නේය. අනාගත කාලය ගැන ඒ මේ කරුණු කෙසේ වන්නාහුදැයි වැඩි වශයෙන් ඥාන දර්ශනය නොපණවන්නේය, ප්‍රකාශ නොකරන්නේය´´යි (කියත්).
 
16. ´´චුන්දය, අතීත කාලය ගැන තථාගතයන් වහන්සේගේ පෙර විසූ ජීවිත සිහිකිරීමේ ඥානය ඇත්තේය. අනාගත කාලය ගැනද තථාගතයන් වහන්සේගේ බෝගස මුල දී හටගත් සතර මාර්ග ඥාන උපදනේය. මේ අන්තිම ජාතිය වන්නේය., නැවත උප්පත්තියක් නැත්තේයයි දැන ගන්නේය.´´
 
´´චුන්දය, අතීත වූ නමුත් යමක් අසත්‍ය නම් අතීත වූ නමුත් යමක් සත්‍ය වුව ද ඇත්ත වුව ද අනර්ථය පිණිස පවත්නේ නම් එය තථාගතයන් වහන්සේ ප්‍රකාශ නොකරන්නේය.´´
 
´´චුන්දය, වර්තමාන කාලය පිළිබඳ නැත්තා වූ සත්‍ය නුවූ අනර්ථයෙන් යුක්ත වූවක් වේ ද, එය තථාගතයන් වහන්සේ ප්‍රකාශ නොකරන්නේය. චුන්දය, වර්තමාන කාලය පිළිබඳ ඇත්තා වූ සත්‍ය වූ අනර්ථයෙන් යුක්ත වූවක් වේ ද, එය ද තථාගතයන් වහන්සේ ප්‍රකාශ නොකරන්නේය. චුන්දය, වර්තමාන කාලය පිළිබඳ ඇත්තා වූ ද සත්‍ය වූ ද අර්ථයෙන් යුක්ත වූවක් වේ ද, එහිද ඒ ප්‍රශ්නය විසඳීමට තථාගතයන් වහන්සේ කාලය දන්නේය. චුන්දය, වර්තමාන කාලය පිළිබඳ ඇත්තා වූ ද සත්‍ය වූ ද අර්ථයෙන් යුක්ත වූවක් වේ ද, එහි ඒ ප්‍රශ්නය සුදුසු කාලයෙහි ප්‍රකාශ කිරීමට තථාගතයන් වහන්සේ දන්නේ වේ.
 
මෙසේ චුන්දය, තථාගතයන් වහන්සේ අතීත අනාගත වර්තමාන කාලයන් සම්බන්ධ ධර්මයන්හි සුදුසු කල් බලා ප්‍රකාශ කරන්නෙක් වේ ද සත්‍යක්ම ප්‍රකාශ කරන්නෙක් වේ ද අර්ථය ප්‍රකාශ කරන්නෙක් වේ ද ධර්මය ප්‍රකාශ කරන්නෙක් වේ ද විනය ප්‍රකාශ කරන්නෙක් වේ ද එහෙයින් තථාගත යැයි කියනු ලැබේ. ලෝකයා විසින් දැන ගන්නා ලද්දා වූ යමක් වේ ද ඒ සියල්ල තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දේය. එහෙයින් තථාගත යැයි කියනු ලැබේ. චුන්දය, තථාගත තෙම යම් ඒ ධර්මයක් කියන්නේ ද, ප්‍රකාශ කරන්නේ ද, දක්වන්නේ ද ඒ සියල්ල එපරිද්දෙන්ම වන්නේය. අන් පරිද්දෙකින් නොවන්නේය. එහෙයින් තථාගත යැයි කියනු ලැබේ. චුන්දය, තථාගත තෙම් යම්සේ කියන්නේ ද, එසේ කරන්නේය. යම්සේ කරන්නේ ද, එසේ කියන්නේය. මෙසේ කියන සේ කරන්නේ ද කරන සේ කියන්නේ ද වෙයි. එහෙයින් තථාගත යැයි කියනු ලැබේ.´´
 
17. ´´චුන්දය, ලෝකයෙහි තථාගත තෙමේ සියල්ල මැඬ පවත්වන්නේය. කිසිවෙකු විසින් නොමැඬිය හැකි වන්නේය. ඒකාන්තයෙන් සියල්ල දක්නේය. සියල්ල තමා වසයෙහි පවත්වන්නේය. එහෙයින් තථාගත යැයි කියනු ලැබේ.´´
 
´´චුන්දය, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහු වෙත් ද, ඇවැත්නි, කිමෙක්ද, සත්ව තෙමේ මරණින් මත්තෙහි වන්නේත් වේ ද, නොවන්නේත් වේ ද? ඔවුනට මෙසේ කිවයුතු වන්නාහුය. ´´ඇවැත්නි, මෙය අර්ථයෙන් යුත්ත වූවක් නොවන්නේය. නිර්වාණය පිණිස ද නොපවත්නේය. එහෙයින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ නොකරන ලද්දේය´´යි (කිය යුතුය).´´
 
´´චුන්දය, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ, ඇවැත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් විසින් කුමක් ප්‍රකාශ කරන ලද්දේ ද?, ඔවුනට මෙසේ කිය යුතුය. ´´ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛ සත්‍යය, දුක්ඛ සමුදය සත්‍යය, දුක්ඛ නිරෝධ සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිනි ප්‍රතිපදා ආර්ය සත්‍යය ප්‍රකාශ කරන ලද්දේය´´යි (කිය යුතුය).´´
 
´´චුන්දය, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ, ඇවැත්නි, කුමක් හෙයින් මෙය ශ්‍රමණ භවත් ගෞතමයන් විසින් ප්‍රකාශ කරන ලද්දේ ද?යි අසන කල මෙසේ කිය යුතුය.
 
´´ඇවැත්නි, මෙය අර්ථයෙන් යුක්ත වූයේය. මෙය ධර්මයෙන් යුක්ත වූයේය. මෙය බ්‍රහ්මචර්යාවට මුල් වන්නේය. ඒකාන්ත අවබෝධය පිණිස ද, නොඇලීම පිණිස ද, කෙලෙස් නැති කිරීම පිණිස ද, කෙලෙස් සංසිඳවීම පිණිස ද, විශේෂ ඥානය පිණිස ද, යහපත් අවබෝධය පිණිස ද, නිර්වාණය පිණිස ද පවත්නේය.´´
 
´´මෙබඳු දෘෂ්ඨි ඇත්තාහු වෙත්, ´´ආත්මයද ලෝකය ද සදාකාලික වන්නේය.´´
 
18. ´´චුන්දය, මේ පූර්ව කෙළවර ඇසුරු කළා වූ ද දෘෂ්ඨීන්ගේ නැසීම පිණිස, ඉක්මවීම පිණිස, මා විසින් මෙසේ මේ සතර සතිපට්ඨානයෝ දේශනා කරන ලද්දාහු, පනවන ලද්දාහුය. මත ශරීරයෙහි ශරීරය අනුව දක්නා ස්වභාව ඇතිව වාසය කෙරේ ද, වේදනාවන්හි ද චිත්තයෙහි ද ධර්මයන්හි ධර්මයන් අනුව දක්නා ස්වභාව ඇතිව වාසය කෙරේ ද, චුන්දය, මේ පූර්ව කෙළවර ඇසුරු කළා වූ දෘෂ්ඨීන්ගේ ද නැසීම පිණිස ඉක්මවීම පිණිස මෙසේ මා විසින් මේ සතර සතිපට්ඨනයෝ දේශනා කරන ලද්දාහුය, පණවන ලද්දාහුය.´´
 
19. ඒ කාලයෙහි වනාහි ආයුෂ්මත් උපවාණ ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පිටිපසින් භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් සිට මෙය සැළ කෙළේය. ´´ස්වාමීන් වහන්ස, මේ ධර්ම දේශනා ක්‍රමය ආශ්චර්ය වන්නේය. මේ ධර්ම කොට්ඨාශය පැහැදීම ඇති කරන්නේය. ස්වාමීන් වහන්ස, මේ ධර්ම කොට්ඨාශය කවර නමක් ඇත්තේදැයි´´ ඇසුවේය. ´´උපවාණ, එසේ නම් මේ ධර්ම කොට්ඨාශය ´´පාසාදික´´ යි කියාම දරාගනුව´´යි වදාළේය.
 
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළාහුය. සතුටු සිත් ඇත්තා වූ ආයුෂ්මත් උපවාණ ස්ථවිර තෙමේ ද භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට විශේෂයෙන් සතුටු වූයේය. 
 
විසිනව වැනි වූ පාසාදිකා සූත්‍රය නිමියේය.

28. සම්පසාදනීය සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්දාවෙහි පාවාරිකා අඹ උයනෙහි වැඩ වාසය කළාහුය. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකපැත්තක හුන්නේය. ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. ´´ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙසේ පැහැදුනෙමි. සම්බෝධියෙන් භාග්‍යවතුන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ වූ අන්‍ය ශ්‍රමණයෙක් හෝ අන්‍ය බ්‍රාහ්මණයෙක් හෝ පෙර නොවීය. අනාගතයෙහිත් නොවන්නේය. දැන් ද නොවෙයි´´ යනුවෙනි.
 
2. ´´ශාරිපුත්‍රය, තා විසින් මහත් වූ නිර්භීත වචනයක් කියන ලදි. ඒකාන්ත වචනයක් කියන ලදි. සිංහනාදයක් කරන ලදි.´´
 
සිත් නුඹගේ සිතින් දැන මෙසේ ප්‍රකාශ කෙළෙහි ද?´´

3. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම් තැනක ද ධර්ම ශ්‍රවණය පිණිස එතැනට පැමිණියෙමි. ස්වාමීනි, ඒ මට භාග්‍යවතුන් වහන්සේ වඩ වඩා උතුම් වූ වඩ වඩා යහපත් වූ විපාක සහිත කුශලාකුශල ධර්මයන් දේශනා කළාහුය. ශ්‍රාවක සංඝ තෙමේ ඒ ධර්මය හොඳින් පිළිපදින්නේය.´´
 
´´යම් මේ කුශල ධර්මයන් පිළිබඳ භාග්‍යවතුන් වහන්සේට වැඩියෙන් දන්නා වූ අන්‍ය ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් ඇත්තේ ද නැත.´´
 
´´භාග්‍යවතුන් වහන්සේ කුශල ධර්මයන් පිළිබඳ දේශනා කිරීම ඒට වඩා උතුම් දෙයක් නැති කාරණයකි. එහි මේ කුශල ධර්මයෝයි සතර සතිපට්ඨානයෝය (සිහිය වැඩිය යුතු භාවනා සතර), සතර සම්‍යක් ප්‍රධානයෝය (මහා වීර්යය සතර), සතර ඍද්ධි පාදයෝය (සත්‍යාවබෝධය පිණිස පවත්නා හේතු සතර), පංචේන්ද්‍රිය (ඉන්ද්‍රිය ධර්ම පස), පංචබලයෝය (බල ධර්ම පස), සප්ත බොජ්ඣංගයෝය (සත්‍යාවබෝධය අංග සත), අර්යාෂ්ඨාංගික මාර්ගය යන කුශල ධර්මයෝයි.´´
 
´´ආයතන පැනවීම් ධර්මය, ගැබ් පිළිසිඳ ගැනීම් පිළිබඳ ධර්මය, ආදේශන (අදහස් ප්‍රකාශ කිරීම) කොට්ඨාශයන් පිළිබඳ ධර්මය, දර්ශන සමාපත්ති (නුවණින් දැකීමට) පැමිණීම පිළිබඳ ධර්මය, (දෙතිස් කුණප ඇත කියා දකියි.) දෙතිස් කුණපය නැවත නැවත සිහිකරයි. මේ ලෝකයෙහි පිහිටියා වූ ද පරලෝකයෙහි පිහිටියා වූ ද පුරුෂයාගේ විඥානය දැනගනී. මේ ලෝකයෙහි නොපිහිටියා වූ ද පරලෝකයෙහි නොපිහිටියා වූ ද පුරුෂයාගේ විඥානය දැනගනී.´´
 
´´පුද්ගල ප්‍රඥප්ති ධර්මය (මේ පුද්ගලයෝ සත් දෙනෙක් වෙත්), උභතෝභාග විමුත්ති (අරූප සමාපත්තියෙන් රූප කයෙනුත් මාර්ගයෙන් අරූප කයිනුත් යන දෙයාකාරයෙන් මිදුනු පුද්ගල තෙමේ), පඤඤාවිමුත්ත (ප්‍රඥාව කරණ කොට මිදුණා වූ පුද්ගල තෙමේ), කායසක්ඛී (පළමු කොට ධ්‍යාන ලැබ පසුව නිවන් දක්නා පුද්ගල තෙමේ), දිට්ටප්පත්ත (දැකීමේ අනන්තයට පැමිණියා වූ), සද්ධාවිමුත්ත (ශ්‍රද්ධාව කරණ කොට මිදුනා වූ), ධම්මානුසාරී (ප්‍රතිපත්ති පූර්ව කොට මාර්ගය වඩන පුද්ගලයා), සද්ධානුසාරී (ශ්‍රද්ධාව පූර්ව කොට මාර්ගය වඩන පුද්ගලයා) යන සත්දෙනයි.´´
 
4. ´´වීර්යය වැඩීම පිළිබඳව ධර්මය බෞඬ්‍යංග ධර්මයෝ සත්දෙනෙක් වෙත්. සතිසම්බොජ්ඣංගය (මාර්ග ඥානයට හේතු වූ සිහිය) ධර්මවිචය සම්බොජ්ඣංගය (මාර්ග ඥානයට හේතු වු ප්‍රඥාව), වීරිය සම්බොජ්ඣංගය (මාර්ග ඥානයට හේතු වු ප්‍රීතිය), පස්සද්ධි සම්බොජ්ඣංගය (මාර්ග ඥානයට හේතු වු සිතේ සන්සිඳීම), සමාධි සම්බොජ්ඣංගය (මාර්ග ඥානයට හේතු වු සමාධිය), උපේක්ශ සම්බොජ්කධංගය (මාර්ග ඥානයට හේතු වූ උපේක්‍ෂාව) යන සතයි.´´
 
5. ´´පිළිපැදීම පිළිබඳව ධර්මය මේ පිළිපැදීම සතරෙකි. දුක්ඛාපටිපදාදන්‍ධාභිඤ්ඤා (දුක් වූ පිළිපැදීම් සහිත සෙමින් අවබෝධ කිරීම), දුක්ඛාපටිපදාඛිප්පාභිඤ්ඤා (දුක් වූ පිළිපැදීම් සහිත වහා අවබෝධ කිරීම), සුඛාපටිපදාදන්‍ධාභිඤ්ඤා (පහසු වූ පිළිපැදීම් සහිත සෙමින් අවබෝධ කිරීම), සුඛාපටිපදාඛිප්පාභිඤ්ඤා (පහසු වූ පිළිපැදීම් සහිත වහා අවබෝධ කිරීම) යන මේ සතර වෙති.´´
 
´´ස්වාමීනි එහි යම් පිලිවෙත් පිරීමක් දුක් වන්නී ද, අවබෝධය සෙමින් වන්නේ ද, එය හීන යයි කියනු ලබන්නීය. ප්‍රතිපදාවක් දුක් වන්නී ද අවබෝධය හීන වන්නේ ද මේ ප්‍රතිපදාව දුක් බැවින් හීන යයි කියනු කියනු ලබන්නීය. මේ ප්‍රතිපදාවක් සැප වන්නී ද, අවබෝධ ප්‍රමාද වන්නේ ද එය හීන යයී කියනු ලබන්නීය.´´
 
´´යම් මේ ප්‍රතිපදාවක් සැප වන්නී ද, අවබෝධය සීඝ්‍ර වන්නේ ද මේ ප්‍රතිපදා තොමෝ ප්‍රවීන යයි කියනු ලබන්නීය. යහපත් කොට කථා කිරීම පිලිබඳ ධර්මය, මේ ලෝකයෙහි ඇතැමෙක් බොරු වන්නා වු වචන කථා නොකරයි. භේද කරවන්නා වූ වචන කථා නොකරයි. කේළාම් වචන කථා නොකරයි. එකට එක කථා නොකරයි. ජය ගැනීමට කථා නොකරයි. නුවණින් පරීක්‍ෂා කොට සුදුසු කාලයෙහි සිත්හි තබා ගත යුතු වචන කියයි. යහපත් කොට කථා කිරීම පිළිබඳ ධර්මයයි.´´
 
6. ´´පුරුෂයන්ගේ යහපත් හැසිරීම පිළිබඳ ධර්මය මේ ලෝකයෙහි ඇතැමෙක් සත්‍ය වචන කියන්නේ ශ්‍රද්ධා ඇත්තෙක් වන්නේය. කුහක නොවන්නේය. චාටුබස් කියන්නෙක් නොවන්නේය. ලාභ ලැබීම සඳහා අඟවන වචන කියන්නෙක් නොවන්නේය. සහමුලින් ගුණ මකා කීම නොකරන්නේය. ලාභය නොසෙයන්නෙක් ද ඉන්ද්‍රියයන්හි වසන ලද දොරටු ඇත්තෙක් ද වන්නේය. භෝජනයෙහි පමණ දන්නෙක් වන්නේය. කාය වංකාදිය හැර සමව හැසිරෙන්නෙක් වන්නේය. නින්ද දුරු කිරීමෙහි යෙදුනෙක් වන්නේය. අලස නොවූයේ පටන් ගන්නා ලද වීර්යය ඇත්තෙක් වන්නේය. ධ්‍යාන වඩන්නෙක් වන්නේය. සිහි ඇත්තෙක් වන්නේය. යහපත් වැටහීම් ඇත්තෙක් වන්නේය. ඥාන ගමනෙහි සමර්ථ නුවණින් යුක්තයෙක් වන්නේය. නුවණින් යුක්තයෙක් වන්නේය. කාමයන්හි ගිජු වුවෙක් නොවන්නේය. සිහි ඇත්තෙක් ද, තැනට සුදුසු ප්‍රඥා ඇත්තෙක් ද වන්නේය. ස්වාමීනි, මෙය ද පුරිස ශීල සමාචාරය පිළිබඳ ධර්මයයි.´´
 
7. ´´අනුශාසනා කොට්ඨාසයන් පිළිබඳ ධර්මය. මේ අනුශාසනා කොටස් සතරෙකි. මේ පුද්ගල තෙමේ, අනුශාසනාව යම්සේ ද, එසේ පිළිපැදීමෙන් ත්‍රිවිධ සංයෝජනයන්ගේ (සක්කාය දෘෂ්ඨි විචිකිව්වා ශීල වෘත පරාමාස යන රැහැන් තුන) නැති කිරීමෙන් සෝවාන් වූයේ මේ පුද්ගල තෙමේ අනුශාසනාව යම්සේ ද එසේ පිළිපැදීමෙන් ත්‍රිවිධ සංයෝජනයන්ගේ නැති කිරීමෙන් රාග, ද්වේශ මෝහයන්ගේ තුනී කිරීමෙන් සකෘදාගාමී වන්නේය. මේ පුද්ගල තෙමේ අනුශාසනාව යම්සේ ද එසේ පිළිපැදීමෙන් පස් වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂය ඕපපාතික වන්නේය, ඒ බඹලොව පිරිනිවන් පාන්නේ ඒ බ්‍රහ්ම ලෝකයෙන් පෙරළා නොඑන්නේ යයි භාග්‍යවතුන් වහන්සේ දැනගනී. මේ පුද්ගලතෙමේ අනුශාසනාව යම්සේ ද, එසේ පිළිපැදීමෙන් කෙළෙස් නැති කොට කෙළෙස් නැති වූ අර්හත් ඵලයට පැමිණ මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරන්නේ යයි භාග්‍යවතුන් වහන්සේ දැනගනී. කෙළෙසුන් කෙරෙන් මිදීමේ ඥාන පිළිබඳව ධර්මය මේ පුද්ගලතෙමේ ත්‍රිවිධ සංයෝජනයන්ගේ නැති කිරීමෙන් රාග, ද්වේශ මෝහයන්ගේ තුනී කිරීමෙන් සකෘදාගාමී වන්නේය, මේ පුද්ගලතෙමේ පස් වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන්ගේ (ඕරයයි කියන ලද කාම ලෝකය භජනය කරන්නා වූ සක්කාය දෘෂ්ඨි විචිකිව්වා ශීලව්‍රත පරාමාස කාමරාග ව්‍යාපාද යන පස් වැදෑරුම් රැහැන් නැති කිරීමෙන් ඕපපාතික වන්නේය, එහි පිරිනිවන් පාන්නේය, ඒ ලෝකයෙන් පෙරළා නොඑන්නේය, මේ පුද්ගල තෙමේ කෙළෙස් නැති කිරීමෙන් කෙළෙස් රහිත වූ අර්හත් ඵලයට පැමිණ මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරන්නේ යයි භාග්‍යවතුන් වහන්සේ දැනගනී.´´
 
8. ´´ශාස්වත වාදයන් (සදාකලික යයි ගන්නා වාදයන්) පිළිබඳ ධර්මය ඇතැම් ශ්‍රමණයෙක් සිත එකඟ වූ කල්හි නා නාප්‍රකාර වූ පෙර වාසය කළ ආත්ම පිළිවෙළ සිහි කරයි.´´
 
´´ලෝකය විනාශ වුයේය කියා හෝ වැඩුනේය කියා හෝ මම අතීත කාලය අනාගත කාලය ද දනිමි, ආත්මය ද ලෝකය ද ශාස්වතය (සදාකාලිකය), වඳය, පර්වත කුටයක් මෙන් සිටියේය, ඉන්ද්‍රඛීලයක් (මහ කණුවක්) මෙන් සිටියේය, ඒ සත්වයෝ ද ගමන් කරත්, සැරිසරත්, චුතවෙත්, උපදිත්, සදාකාලික වස්තුමෙන් නොවෙනස්ව ආත්මය ඇත්තේය. මේ පළමූවෙනි ශාස්වත වාදයයි. ඇතැම් ශ්‍රමණයෙක් සිත එකඟ වූ කල්හි අනේක විධ පූර්වේනිවාසය සිහිකෙරේ ද පෙර විසූ ආත්ම පිළිවෙළ දැන ගැනීමේ නුවණ ලබයි. ඒ කෙසේද? නැසෙන වැඩෙන හෙයින් සංවර්ත විවර්ත නම් වූ එක් කල්පයක් ද, සංවර්ත විවර්ත දෙකක් ද, සංවර්ත විවර්ත තුනක් ද, සංවර්ත විවර්ත සතරක් ද, සංවර්ත විවර්ත පසක් ද, සංවර්ත විවර්ත දශයක් ද, අසුවල් තැන උපන්මි, මෙනම් වීමි, ආත්මයද ලෝකය ද ශාස්වතය (සදාකාලිකය), වඳය, පර්වත කුටයක් මෙන් සිටියේය, ඉන්ද්‍රඛීලයක් (මහ කණුවක්) මෙන් සිටියේය, ඒ සත්වයෝ ද ගමන් කරත්, සැරිසරත්, චුතවෙත්, උපදිත්, සදාකාලික වස්තුමෙන් නොවෙනස්ව ආත්මය ඇත්තේය. මේ දෙවන ශාස්වත වාදයයි.´´
 
9. ´´ඇතැම් ශ්‍රමණයෙක් යම්සේ සිත එකඟ වූ කල්හි අනේක ප්‍රකාර පූර්වේ නිවාස සිහිකරයි ද විනාශ වන වැඩෙන කල්ප එකක්ද , විසි සංවර්ත විවර්තයක් ද, තිස් සංවර්ත විවර්තයක් ද, සතළිස් සංවර්ත විවර්තයක් ද, සිහි කරයි. අසවල් තැන උපන්මි, මෙනම් වීමි, මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි, එයින් චුතව අසවල් තැන උපනිමි. එහි