38 මහා ඛණ්ඩකයෙහි උදානය

 

1  පියශීලී භික්‍ෂූන්ට සැප ගෙන දෙන්නාවූ, පවිටු භික්‍ෂූන්ට නිග්‍රහ කිරීමට හේතු වූ, ලජ්ජීන්ට අනුග්‍රහ කරන්නාවූ, ත්‍රිවිධ ශාසනය දරන්නාවූ, සියල්ල දත් බුදුරදුන්ට ගෝචරවූ, අන්‍යයන්ට විෂය නොවූ, නිර්භයවූ , මනාකොට පණවන ලද්දාවූ, සැක නැත්තාවූ මහත් අභිවෘද්ධිදායීවූ, විනය පිටකය ඇති කළ චුල්ල වග්ග මහා වග්ග නම්වූ, ඛත්‍දක විනයෙහිද පරිවාර විනයෙහිද පාරාජික පචිති නම් වූ මාතෘකා විනයෙහිද ඇති සැටි අන්‍ර්‍ථය අවබෝධ කළාවූ දක්‍ෂ පුද්ගල තෙමේ නුවණින් පිළිපදියි.

2  යමෙක් තමන්ගේ ගෙරි රැල මෙතෙකැයි නොදනී නම් හේ තෙමේ ගව සමූහය රැකීමට අසමත් වන්නේද එසේම තමන් අයත් සිල් කොටස් මෙතෙකැයි නොදන්නාවූ ඒ පුද්ගල තෙමෙ කිනම් සංවරයක් රක්නේද ?.

3  සූත්‍ර පිටකය පිරිහී ගගියත් එසේම අභිධර්‍ම පිටකය පිරිහී ගියත් විනය පිටකය නොපිරිහී පවත්නා කල නැවත සස්න පවත්නේ නම් වේ.

4  එබැවින් සංග්‍රහ කිරීමට හේතුවූ උද්දානය පිළිවෙලින් න්‍යායකූලව කියන්නෙමි, කියන්නාවූ මාගේ කීම අසව්.

5  වස්තුද, නිදානද, ආපත්තිද, නයද, පෙය්‍යාලම්ද යන එය ඉතිරි නොකොට කීම දුෂ්කර වේ. ක්‍රම වශයෙන් ( තෙපි ) එය දැනගනිව්.

6  බෝධි කථාවද, මුචලිත්‍ද කථාවද, රාජායතන කථාවද, අජපාල කථාවද, සහම්පතී බ්‍රහ්මායාචන කථාවද, දහම් දෙසනු
පිණිස ආලාර කාලාම තවුස් බැලීමද, උද්දකරාමපුත්‍ර තවුස් බැලීමද, පඤ්චවර්ගික භික්‍ෂූන් බැලීමද, උපක නම් ආජීවකයා සමඟ පිළිසඳර කථාවද වෙයි.

7  ඒ සර්‍වඥයන් වහන්සේ කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, අස්සජි, මහානාම යස යන ස්ථවිර කථාද( ඒ තෙරුන්ගේ ) සිව් යහළු තෙරවරුද, පණස් යහළු තෙරවරුද, යන සැට නමක්වූ සියළු රහත් තෙරවරුන් ( දම්දෙසනු පිණිස ) දිශාවන්ට පිටත් කළසේක.

8  රත්නත්‍රය සරණගමන කථාද, මාර කථාවද, තිසක් භද්‍රවර්ගීය වස්තුවද, උරුවෙල් තුන්බෑ ජටිලයන්ගේ දමනයද, ගිනිහල් ගෙයි වැඩහිඳීමද, සිව්වරම් මහරජුන් උපස්ථානයට පැමිණීමද, සක් දෙව් රජුගේ පැමිණීමද, මහබඹු උපස්ථානයට පැමිණීමද, අඟුමගධ දෙරට වැසියන්ගේ යාග පිණිස පැමිණීමද වෙයි.

9  සෘද්ධියෙන් පාංශකූලයක් ඉපදීමද, සක්දෙවිඳු පොකුණක් මැවීමද, සිවුරු මැඬීමට ගලක් තැබීමද, දෙවියාගේ කුඹුක් අත්ත නැමීමද, සිවුර දිගහැරීමට සක්දෙවිඳු ගලක් ගෙන ඊමද, ජම්බු ගෙන ඊමද, අඹ ගෙන ඊමද, නෙල්ලි ගෙනඊමද, පරසතුමල් ගෙනඊමද, වෙයි.

10  එක්වරම දැව දඬු පන්සීයක් පැලීමද, එක්වරම ගිනි බඳුන් පන්සීයක් ඇවිලීමද,ගිනි බඳුන් පන්සීයක් නිවීමද, හිම වැටෙන කාලයෙහි දිය ගිලීමද, ගිලී ආ තවුසන්ට ගිනි බදුන් පන්සීයක් මවාදීමද, අකාල ඛේසයද,( ගගයා ශීර්‍ෂයෙහි වැඩවිසීමද, ලට්ඨි වනයෙහි විසීමද, මගධෙශ්වර බිම්සර රජු සරණ යෑමද වෙයි.

11  උපතිස්ස හා කොලිත පරිබ්‍රාජකයන්ගේ හා අනිකුත් ජනයන්ගේ පැවිදිවීමද, වැරදි සේ හැඳපෙරවීමද, පණාමනයද, කෘෂවූ රූක්‍ෂවූ රාධ නම් බමුණු තෙමේද පැවිද්ද වෙයි.

12  උපසම්පදා ලබා අනාචාරයෙහි හැසිරීමද, බඩ නිසා මහණ උපසපන්වීමද, මාණවකයෙක් සතර නිශ්‍රයට පිළිකුල් කොට පැවිදි නොවීමද, ගණ උපසපන් තහනම් කිරීමද, දසවස් නොපිරුණු භික්‍ෂූන්ට සද්ධිවිහාරික නමක් උපසපන් කොට නොගැනීමද, දසවස් පිරුණ වූද ධර්‍මවිනය නොදත් භික්‍ෂූන්ට උපසපන් කොට නොගැනීමද, උපාධ්‍යායන්ගේ බැහැර යාම් ආදියෙහි පිළිපදිනාසැටිද, දසවසක් නිස සමාදන් වීම හා දසවස් පිරුණු වියත් මහණ නිස දිය යුතු බවද වෙයි.

( පෙල හා සසඳන්න.

13  අතැවැසියන් ඇදුරන් කෙරෙහි නොමනාව පැවැතීමද, ඇදුරන්ගේ අතවැසියන් පණාමනයද, බාල නිස්සයාචාය්‍ර්‍යවරුද, උපාධ්‍යාය තෙරුන් කෙරන් නිස්සය සංසිඳීම් පස හා ආචාය්‍ර්‍යවරයන් කෙරෙන් නිස්සය සංසිඳීම් සයාකාරයද, තීන්‍ර්‍ථය පක්කන්තයන් උපසපන් නොකිරීමද, අන්‍ය තීන්‍ර්‍ථකයන්ට සිව්මස් පිරිවෙස් දීමද, නග්නව ආවුන්ට සිවුරු සපයන සැටිද, හිසකේ නොකැපූවන් සඳහා භණ්ඩු කර්මයද, කර්‍මවාදී ක්‍රියාවාදී ජටාධරයන් පැවිදි උපසපන් කිරීමද, අන්‍ය තීන්‍ර්‍ථකවූ ශාක්‍යයන්ට පැවිදි උපසපන්දාවට විශේෂ නිදහසද වෙති.

14  මගධ දනව්වෙහි පඤ්ච ආබාධයෝද, පඤ්ච ආබාධ ඇතියන්ට මහණ උපසම්පදා තහනමද, රාජ භඨයන්ට පැවිදිකම තහනමද, අඟුල් මල් සොරද, බිම්සර මහරජුගේ පැවිදිවූවන්ට රජදඬුම තහනමද, සිරෙන් පැන ආවුන් පැවිදි නොකිරීමද, ලිඛිතක සොරුට පැවිදිවීම තහනමද, කසාහත සොරු පැවිදි නොකිරීමද වෙයි.

15  ලක්කනාග සොරුට පැවිදිකම තහනමද, ණයගැතියන් පැවිදි නොකිරීමද, දාසයන් පැවිදි නොකිරිමද, කම්ඛාර භණ්ඩුහුගේ පැවිදිවීමෙන් භණ්ඩු කර්මය අනුදැනීමද, උපාලී ඇතුළු සත්තරස වර්ගිකයන් උපසපන් කිරීමෙන් විසිවස් නොපිරුණුවුන්ට උපසපන් තහනමද, අන්‍යතර කුලයක් අහිවාතක රෝගයෙන් මිය ගිය කල දරු දෙදෙනෙකු මහණ කිරීමද, කණ්ඨක මහක යන හෙරණ දෙනම ඔවුනොවුන් දුෂ්‍ය කිරීම් හේතුවෙන් එක තෙර නමකට පැවිදි කර නො ගැනිමද, ආහුත්‍දරික වස්තුවද වෙයි.

16  නිස සමාදන්ව විසිය යුතු නොවිසිය යුතු කාල පරිච්ඡේදයද, මව්පියන්ගෙන්  අවසර ලත් දරුවන් පැවිදි කිරීමද, හෙරණුවන්ට දස සික පද අනුදැනීමද, හෙරණුන් උපසපන් මහණුන් කෙරෙහි ගගරුබුහුමන් නැතිව විසීමද, හෙරණුන්ට කළයුතු දඬුවම් කුමක්දැයි පිළිවිසීමද, හෙරණුන්ට සියල් සඟරම ආවරණය කිරීමද, හෙරණුන්ට මුඛචාරික ආහාර ආවරණය කිරීමද, උපාධ්‍යායන් නොවිචාරා හෙරණුන්ට ආවරණය කිරීමද, අන් හෙරණුන් සිත් ගෙන තමන් නතු කරගැනීමද, කණ්ඨක හෙරණ කණ්ඨකී නම් මෙහෙණ දුෂ්‍ය කිරීමද, වෙයි.

17, 18  පණ්ඩක, ථෙය්‍යසංවාසක, තීන්‍ර්‍ථය පක්කන්තක, නාග, මාතෘාතක, පිතෘාතක අරහන්තාතක භික්‍ෂුණී

දුෂ්‍යක, සංභෙධක, ලොහිතුප්පාදක, උභතොභ්‍යඤ්ජක, යන මොවුන්ට මහණ උපසපන් නොකිරීමද උපසපන්ව සිටියවුන් සිවුරු මුදා හැරීමද, උපාධ්‍යාය නමක් නැතිව උපසපන් නොකිරීමද, සං ගණ පණ්ඩකාදී උපධ්‍යායන්ගෙන් යුක්තව උපසපන් නොකිරීමද, තාවකාලික පාත්‍රය, තාවකාලික චීවරය, තාවකාලික පාත්‍රචීවරය යන මෙයින් යුක්තව උපසපන් නොකිරීමද වෙයි.

19  අත්කැපූ, පාකැපූ අත්පාකැපූ- කන්කැපූ නාසා කැපූ කන්නාසා කැපූ-ඇඟිලිකැපූ, මාපටඇඟිලි කැපූ, මහනහර කැපූ, ඵණහන්‍ථක ඛුජ්ජවාමන යන මොවුන් පැවිදි නොකිරීමද වෙයි.

20  ගගලගණ්ඩක-ලක්ඛණහත-කසාහත-ලිඛිතක-සීපදී-පාපරෝගී-පිරිස
දුෂක-කාණ-කුණී-යන මොවුන් පැවිදි නොකිරීමද වෙයි.

21 ඛඤ්ජ-පක්ඛහත-ජින්නිරියාපථ-රජාදුබ්බල-අත්‍ධ-මුග-බධිර–අන්‍ධමුග-යන මොවුන් පැවිදි නොකිරීමද අලජ්ජීන්ට නිස නොදීමද වෙයි.

22  අලජ්ජීන්ගෙන් හා දික් මඟදී නිස සමාදන් නොවීමද, ගිලනුන්ගේ යාඥාවෙන් ගිලන් උපස්ථායකයන්ගේ නිස සමාදන් නොවීමද, සැප විහරණය බලාපොරොත්තුවන අරණ්‍යක භික්‍ෂූන්ට සුදුසු තෙර නමකගේ පැමිණිම තෙක් නිස සමාදන් නොව විසීමද, අනඳ තෙරුන් ආනුශ්‍රවණයට කැඳවීමද, විවාදයක් ඇති කල එක උපාධ්‍යාය නමකගෙන් යුක්තව දෙනමක් හෝ තුන් නමක් එකවිට අනුශ්‍රාවණය කිරීමද, කුමාර කසුප් තෙරුන්වහන්සේ ගැබ පටන් විසි වයස් පිරුණවුන් උපසපන් කිරීමද වෙයි.

23, 24  පඤ්චාබාධයෙන් පෙළෙන උපසපන් භික්‍ෂූන් ඇතිවූයෙන් ඒ වළකනු පිණිස උපසම්පදාපෙක්‍ෂකයන්ගෙන් තෙළෙස් අන්තරායික ධර්‍මයන් විචාරීමද, සඟමැද අනුශාසනය කිරීමෙන් පිළිතුරු නොලත් හෙයින් ඉන් ඉවත්ව අනුශාසනය කිරීමද, බාල(අව්‍යක්ත ) යන්ට අසම්මත තෙරුන්ටත් අනුශාසනය තහනම්  කිරීමත්, අනුශාසක භික්‍ෂූන්ගේ උපසම්පදාපෙක්‍ෂකයන් හා එක්ව පැමිණීමත් තහනමද, උපසපන් පිණිස යාඥා කරවීමද, සතර නිශ්‍රය කීමද උපසපන් ලත් භික්‍ෂූන් ( නිශ්‍රය හා අකරණීය කීමට පළමු ) තනිව නොයැවීමද, උක්ඛිත්තකයන් තිදෙනද යන මොවුහු වෙත

37 ප්‍රථම වූ මහා ඛණ්ඩකය

 

1  එකල්හි එක්තරා මහණෙක් තෙමේ ඇවැත් නොදැක්මෙහි උත්ක්‍ෂෙපණී කර්මය කරන ලද්දේ සිවුරු හැර ගගියේය.(2) හෙතෙම නැවත පෙරලා අවුත් භික්‍ෂූන්ගෙන් උපසම්පදාව ඉල්ලීය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැකළහ. (3)

2  , මහණෙනි, මේ ශාසනයේ මහණෙක් තෙමේ ඇවැත් නොදැක්මෙහි උක්‍ෂෙපණීය කර්‍මය කරන ලද්දේ සිවුර හරියි  ( මෙහි 1 (2)) නැවත පෙරලා අවුත් භික්‍ෂූන්ගෙන් උපසම්පදාව ඉල්ලයි. (3) එකල්හි ඔහුට ඒ  ඇවැත දකින්නෙහිදැයි කිය යුතුය. ඉදින් ‘ මම දකින්නෙමියි ’(4) කියා නම් පැවිදි කළ යුතුය. (5) ඉදින් ‘මම නොදකින්නෙමියි ’ (6) කියා නම් පැවිදි නොකළයුතුය. (7) පැවිදි කොට ඒ ඇවැත දැක්කෙහිදැයි කිය යුතුය. ඉදින් ‘ මම දකින්නෙමියි ’ කියා නම් උපසපන් කළයුතුය. ඉදින් ‘ මම නොදකින්නෙමියි ’ කියා නම් උපසපන් නොකළ යුතුය. උපසපන් කොට ඒ ඇවැත දකින්නෙහිදැයි කිය යුතුය. ඉදින් ‘ මම දකින්නෙමියි ’ කියා නම් සඟ පිරිසට ඇතුළත් කර ගත යුතුය. ‘ මම නොදකින්නෙමියි කියා නම් ඇතුළත් කර නොගත යුතුය. ඇතුළත් කොට ඒ ඇවැත දකුවයි කිය යුතුය. ඉදින් දකී නම් මෙය යහපත්ය. ඉදින් නොදකී නම් සමගිය ලැබෙන කල නැවත උක්‍ෂෙපණීය කර්‍මය කළයුතුය. සමගිය නොලත් කල ප්‍රත්‍ය සම්භෝගයෙහිද සමාන සංවාසයෙන්ද ඇවැත් නොවේ.,

3   , මහණෙනි, මේ ශාසනයේ මහණෙක් තෙමේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උක්‍ෂෙපණීය කර්‍මය කරන ලද්දේ සිවුරු හරියි ( මෙහි 1 (2)) ඔහුට ඒ ඇවැතට පිළියම් කරන්නෙහිදැයි මෙසේ කිය යුතුය. ඉදින් ‘මම පිළියම් කරන්නෙමියි ’ ( මෙහි 2 (2)) ඉදින් මම පිළියම් නොකරන්නෙමියි ( මෙහි 2 (6) පැවිදි කොට ඒ ඇවැතට පිළියම් කරන්නේදැයි කිය යුතුය. ඉදින් මම පිළියම් කරන්නෙමියි කියා නම් උපසපන් කළ යුතුය. ඉදින් මම පිළියම් නොකරන්නමෙියි කියා නම් උපසපන් නොකළයුතුයි. උපසපන් කොට ඒ ඇවැතට පිළියම් කරන්නෙහිදැයි කිය යුතුය. ඉදින් මම පිළියම් කරන්නෙමියි කියා නම් ( සඟ පිරිසට ) ඇතුළත් කළයුතුය. ඉදින් මම පිළියම් නොකරන්නෙමියි කියා නම් ඇතුළත් නොකළයුතුය. ඇතුළත් කොට ඒ ඇවැතට පිළියම් කරවයි කිය යුතුය. ඉදින් පිළියම් කෙරේ නම් මෙය යහපත්ය. පිළියම් නොකෙරේ් නම් සමඟිය ලැබෙන කළ නැවත උක්ඛෙපණ්ීය කර්‍මය කළ යුතුය. සමගිය නොලැබෙන කළ ප්‍රත්‍ය සම්භෝගයෙහිද සමාන සංවාසයෙහිද ඇවැත් නොවේ.

4  , මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් තෙමේ ලාමක දෘෂ්ටිය නොහැරීමෙහි උක්‍ෂෙපණීය කර්මය කරන ලද්දේ

සිවුරු හරියි ( මෙහි 1 (2)) ඔහුට ඒ ලාමක දෘෂ්ටිය හරින්නෙහිදැයි  කිය යුතුය. ඉදින් ‘ මම හරින්නෙමියි ’ කියා නම් පැවිදි කළ යුතුය. ඉදින් ‘මම නොහරින්නෙමියි ’ කියා නම් පැවිදි නොකළයුතුය. පැවිදි කොට ඒ ලාමක දෘෂ්ටිය හරින්නෙහිදැයි කිය යුතුය. ඉදින්  ‘ මම හරින්නෙමියි ’ කියා නම් උපසපන් කළයුතුය. ඉදින් ‘ මම නොහරින්නෙමියි ’ කියා නම් උපසපන් නොකළ යුතුය. උපසපන් කොට ඒ ලාමක දෘෂ්ටිය දුරු කරන්නෙහිදැයි කිය යුතුය. ඉදින් ‘ මම දුරුකරන්නෙමියි ’ කියා නම් සඟ පිරිසට ඇතුළත් කර ගත යුතුය. ඇතුළත් කොට ඒ ලාමක දෘෂ්ටිය හරුවයි කිය යුතුය. ඉදින් හරී නම් මෙය යහපත්ය. ඉදින් නොහරී නම් සමගිය ලැබෙන කල නැවත උක්‍ෂෙපණීය කර්‍මය කළයුතුය. සමගිය නොලත් කල ප්‍රත්‍ය සම්භෝගයෙහිද සමාන සංවාසයෙහිද ඇවැත් නොවේ.

 

36 සතර අකරණීයයෝ

 

1  එකල්හි භික්‍ෂූහු එක්තරා භික්‍ෂුනමක් උපසපන් කොට තනිව හැරදමා ගියහ. හෙතෙමේ පසුව තනිව එන්නේ අතරමඟදී පෙර බිරිඳට හමුවිය. ඕ තෙමෝ ‘කොහොමද දැන් පැවිදිවූයෙහිදැයි ?’ ඇසීය.‘ ඔව්, දැන් පැවිදිවූයෙමියි ’ ඔහු කීය. පැවිද්දනට මෛථුනය ලැබීම පහසු නොවේ. එන්න මෙවුන්දම් සේවනය කරන්නැයි ’ කීවාය. ඒ භික්‍ෂු තෙම ඈ හා මෙවුන්දම් සේවනය කොට බොහෝ වේලාවක් ගෙවා භික්‍ෂූන් වෙත ගියේය. එකල්හි භික්‍ෂූහු ‘ ඇවැත්නි, ඔබ කුමක් නිසා බොහෝ කල් ගෙව්වෙහිදැයි ’ ඇසූහ. එවිට ඒ භික්‍ෂුතෙමේ සියළු කරුණු භික්‍ෂූන්ට සැල කළේය.  භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට සැල කළහ. (3) , මහණෙනි, උපසපන් කොට දෙවෙනියෙකු දෙන්නටද නොකටයුතු කරුණු සතර කියන්නටද අනුදනිමියි , වදාළසේක.

2  උපසපන්වූවහු විසින් වනාහි යටත් පිරිසෙයින් තිරිසන් ගිය ස්ත්‍රියක් හා ද මෙවුන්දම් නොසෙවිය යුතුය. යම් මහණෙක් මෙවුන්දම් සේවනය කෙරේ නම් (2) හෙතෙමේ ශ්‍රමණයෙක් නොවේ. ශාක්‍යපුත්‍රයෙක් නොවේ. (3) හිස් සිඳි පුරුෂයෙක් ඒ ශරීර බත්‍ධනයෙන් ජීවත්වන්නට යම්සේ නොහැකි වන්නේද (4) එපරිද්දෙන්ම මහණ තෙමේ මෙවුන්දම් සේවනය කිරීම හේතුකොට ගෙන ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෙක් නොවේ. තා විසින් ඒ මෙවුන්දම් සේවනය දිවිතෙක් නොකට යුතුය.

3  උපසපන් මහණහු විසින් යටත්පිරිසෙයින් තණකූරක් පටන්වූ නොදුන් දෙයක් සොර සිතින් නොගත යුතුය. යම් මහණෙක් කහවණුවෙන් සතරෙන් කොටස වූ පාදයක් අගනාවූ හෝ පාදයකට වැඩි තරම් වූ හෝ නොදුන් දෙයක් සොරසිතින් ගනීද ( මෙහි2 (2)) නැට්ටෙන් ගැලවුණ ඉදුන කොළයක් නිල් වීමට යම්සේ නුසුදුසු වේද එපරිද්දෙන්ම මහණ තෙමේ පාදයක් වූ හෝ පාදයක් අගනාවූ හෝ පාදයකට වැඩිතරම් වූ හෝ නොදුන් දෙයක් සොර සිතින් ගැනීම හේතුකොට ගෙන ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෙක් නොවේ. තා විසින් ඒ සොරකම දිවිතෙක් නොකට යුතුය.

4  උපසපන් මහණෙකුවිසින් දැන දැන යටත්පිරිසෙයින් කුරුකුහුඹුවෙකු පටන් පණැති සතෙකු ජීවිතයෙන් තොර නොකළ යුතුය. යම් මහණෙක් දැන දැන යටත්පිරිසෙයින් ගැබ් හෙළිම පටන්වන් මිනිස් සිරුරක් ජීවිතයෙන් තොරකෙරේද (මෙහි2 (2)) යම්සේ දෙකට බිඳු මහත් ගලෙක් එකට නොගැලපිය හැකිවේද එපරිද්දෙන්ම මහණෙක් තෙමේ දැන දැන මිනිස් සිරුරක් ජීවිතයෙන් තොර කිරීම හේතුවෙන් ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෙක් නොවේ. තා විසින් දිවිහිමියෙන් නොකට යුතුය.

5  උපසපන් මහණහු විසින් ධ්‍යානාදී උත්තරි මනුෂ්‍යධර්‍මය නොකිය යුතුය. යටත්පිරිසෙයින් ශූන්‍යාගාරයෙහි ඇලෙමියිද නොකිය යුතුය. යම් මහණෙක් තෙමේ ලාමක ආශා ඇත්තේ ආශාවෙන් මඬනා ලද්දේ විද්‍යමාන නොවූ ධ්‍යානායක් හෝ විමොක්‍ෂයක් හෝ සමාධියක් හෝ සමාපත්තියක් හෝ මාර්ගයක් හෝ ඵලයක් හෝ යන උත්තරිමනුෂ්‍ය ධර්‍මය කියාද හෙතෙමේ ශ්‍රමණයෙක් නොවේ. ශාක්‍යපුත්‍රයෙක් නොවේ. කරටිය කපා හළ තල් ගස නැවත හටගැනීමට යම්සේ නොසුදුසු වේද එපරිද්දෙන්ම ලාමක ආශා ඇති, ලාමක ආශාවෙන් මැඬුණු ඒ මහණ තෙමේ අවිද්‍යමාන වූ උත්තරිමනුෂ්‍යධර්‍ම කියාපෑම හේතු කොට ශාක්‍යපුත්‍රයෙක් නොවේ. තා විසින් එය දිවි ඇතිතෙක් නොකට යුතුය.

 

35 නිස සතර

 

1  උපසපන් කිරීමට අනතුරුව ( උපසපන් වේලාව දැනගැනීමට ) පියවර මැනිය යුතුය. සෘතු ප්‍රමාණය කිය යුතුය. දවස පිළිබඳ පෙරවරු පස්වරු කිය යුතුය. සඞ්ගීතිය කිය යුතුය. නිස සතර කිය යුතුය.

2  ( මෙහි 20 ඇදුරුවතේ 23 ඡේදයේ ‘ පැවිද්ද සිඟා ලත් තැන සිට යොදන්න.)

3  ( 20 ඇදුරු වතේ 23 ඡේදයේ ‘ පැවිද්ද පාංශුකූල’ යන තැන සිට යොදන්න.)

4  පැවිද්ද රුක් මුල් සෙනසුන නිසාය. තාවිසින් දිවිතෙක් ඒ රුක් මුල් සෙනාසනයෙහි උත්සාහ කටයුතුය. වෙහෙර, ගුරුළු පියාපත් වැනි වහළ ඇති ගෙය, සිව්රැස් ගෙය, සඳලු සහිත ගෙය, ගුහා යන මෙය අතිරේක ලාභයි.

5  පැවිද්ද ගෝ මුත්‍ර බෙහෙත් නිසාය. තා විසින් දිවිතෙක් ඒ පූතිමුත්තභෙසජ්ජයෙහි උත්සාහ කටයුතුය. ගගිතෙල් වෙඬරු, මී උක්, සකුරු යන මේ අතිරේක ලාභයි.

 

34 නිස්සය බත්තබ්බ ඡක්ඛය.

 

1  එකල්හි සවග භික්‍ෂූහු අලජ්ජීන්ට නිසදෙත්. (2) භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ. , මහණෙනි, අලජ්ජීන්ට නිස නොදිය යුතුය (4) යමෙක් දෙන්නේ නම් දුකුලා අවැත් වේයයි , වදාළසේක. (5) එකල්හි භික්‍ෂූහු අලජ්ජීන් ආශ්‍රය කොට වෙසෙත්. ඔව්හුද නොබෝ කලකින් ලාමක භික්‍ෂූහු වෙති. ( මෙහි (2)) , මහණෙනි, අලජ්ජීන් ආශ්‍රය කොට නොවිසිය යුතුය. (මෙහි (4))

2  ඉක්බිති භික්‍ෂූන්ට මෙබඳු සිතෙක් විය. ‘ භාග්‍යවතුන් වහන්සේ විසින් අලජ්ජීන්ට නිස නොදිය යුතුය. අලජ්ජීන් ඇසුරු කොට නොවිසිය යුතුයයි ’ පණවන ලද්දේ විය. ‘ අපි කෙසේ නම් ලජ්ජී හෝ අලජ්ජ්ී හෝ වේදැයි දනිමුදැයි? ( මෙහි 1 (2)) , මහණෙනි, යම්තාක් භික්‍ෂු ස්වභාවය දනිත්ද සතර පස් දිනක් බලාපොරොත්තු වීිම අනුදනිමි , වදාළසේක.

3  එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි දික් මගට පිළිපන්නේ විය. ඉක්බිති ඒ මහණහට මෙබඳු සිතක් විය. ‘ භාග්‍යවතුන් වහන්සේ විසින් නිස නැතිව නොවිසිය යුතුයයි’ නියම කරන ලද්දේ විය. මමද නිස කටයුතු ඇත්තේ දිග මගට පිළිපන්නේ වෙමි. මා විසින් කෙසේ පිළිපැදිය යුතුද ? ( මෙහි 1(2)) , මහණෙනි, දික් මඟට පිළිපන් නිස නොලබන්නාවූ මහණ විසින් නිස නැතිව විසීිම අනුදනිමියි , වදාළසේක.

4  එකල්හි භික්‍ෂු දෙනමක් කොසොල් දනව්වෙහි දික් මඟට පිළිපන්නෝ වෙත්. ඔවුහු එක්තරා ආවාසයකට ගගියහ. ඔවුනතුරෙන් එක් මහණෙක් ගිලන්වේ. (2) ඒ ගිලන් භික්‍ෂුහට භාග්‍යවතුන් වහන්සේ විසන් ‘ නිස නැතිව නොවිසිය යුතුයයි ’ පණවන ලද්දේය (3). මමත් කටයුතු ඇති නිස ගිලනෙක් වෙමි. මා විසින් කෙසේ පිළිපැදිය යුතුදැයි සිත් විය. ( මෙහි 1(1)) (4)  , මහණෙනි, ගිලන් නිස නොලබනන්නාවූ මහණ විසින් නිස නැතිව විසීිම අනුදනිමියි , වදාළසේක.

5  එකල්හි ( මෙහි 4 (2)) (4) , මහණෙනි ( ඒ ගිලන් භික්‍ෂුව විසින් ඉල්ලනු ලබන නිස නොලබන්නාවූ ගගිලානොපස්ථායක භික්‍ෂුව විසින් නිස නැතිව වසන්ට අනුදනිමියි , වදාළසේක.

6  එකල්හි එක්තරා මහණෙක් වනයෙහි වසයි. ඔහුට ඒ වන සෙනසුනෙහි විසීම පහසුවේ. එකල්හි ( මෙහි 4 (2)) මමත් නිස කටයුත්තේ වනයෙහි වසමි. මට මේ සෙනසුනෙහි විසීිම පහසුය. මා විසින් කෙසේ පිළිපැදිය යුතුදැයි ’ සිත් විය. ( මෙහි 1 (2)) , මහණෙනි, වනයෙහි නිස නොලබන භික්‍ෂුව විසින් ඵාසු විහරණය සලකා යම්විටෙක සුදුසු නිස දෙන්නෙක් එන්නේ නම් ඔහු නිසා වසන්නෙමියි ’ නිස නැතිව වසන්ට අනුදනිමියි , වදාළසේක.

7 එකල්හි ආයුෂ්මත් මහාකස්සප තෙරුන්ගේ උපසම්පදාපෙක්‍ෂකයෙක් වේ. එකල්හි ආයුෂ්මත් මහාකාශ්‍යප තෙර තෙමේ ආයුෂ්මත් අනඳ තෙර සමීපයට දුතයෙකු යැවීිය. , අනඳ තෙර තෙමේ ඒවා. සාමණේරයනට කර්ම වාක්‍යය අස්වාවායි , ආයුෂ්මත් අනඳ තෙර තෙමේ මෙසේ කීය.

, මම තෙරුන්ගේ නම ගගන්ට උත්සාහ නොකරමි. මට තෙර තෙම උසස් වේ. , (මෙහි 1 (1)) ,මහණෙනි, ගොත්‍රයෙන් අස්වන්ට අනුදනිමියි , වදාළසේක.

8  එකල්හි මහාකස්සප තෙරුන්ට උපසම්පදාපෙක්‍ෂකයෝ දෙදෙනෙක් වෙත්. (2) ‘ මම පළමු කොට උපසපන් වෙමි’ ‘ මම පළමු කොට උපසපන් වෙමියි විවාද කෙරෙත්. (3) ( මෙහි 1 (1)) , මහණෙනි, එක අනුසාවනයෙහි දෙනමක් උපසපන් කරන්ට අනුදනිමියි , වදාළසේක.

9  එකල්හි බොහෝ තෙරවරුන්ගේ උපසම්පදාපෙක්‍ෂකයෝ වෙත්. තෙරහු ,ඇවැත්නි, එබැවින් අපි සියල්ලෝම එක් අනුසාවනයෙන් උපසම්පදා කරමුයි , කීහ. (මෙහි1 (2)) , මහණෙනි, දෙනමක් හෝ තුන් නමක් එක් අනුසාවනයකින් උපසම්පදා කරන්ට අනුදනිමි. එද එක් උපාධ්‍යාය නවකයෝය. නානා උපාධ්‍යායන්ගෙන් ඒ නොම කටයුතුයයි , වදාළසේ්ක.

10  එකල්හි ආයුෂ්මත් කුමාරකාශ්‍යප ස්ථවිර තෙමේ ගැබ පටන් විසිවයස් ඇත්තේ උපසපන් වූයේ වේ. එකල්හි ආයුෂ්මත් කුමාරකාශ්‍යප ස්ථවිරයන්ට මෙබඳු අදහසක් විය. ‘ භගවත්හු විසින් විසිවයසින් අඩු පුද්ගල තෙමේ උපසපන් නොකළ යුතුයයි පණවන ලද්දේය. මමද ගගැබ පටන් විසිවයස් ඇත්තේ උපපසපන් වූයේ වෙමි. මම උපසපන් වූයෙම්ද නොවූයෙම්දැයි ’ සැකයක් පහළවිය. ( මෙහි 1 (2)) , මහණෙනි,මව් කුසෙහි යම් ප්‍රතිසත්‍ධි සිතක් උපන්නේද පළමු ප්‍රතිසත්‍ධි විඤ්ඤාණයෙන් පහළ වූයේද එතැන් පටන් මොහුගේ ඉපදීම වන්නේය. මහණෙනි, ගැබෙහි පටන් විසිවයස් ඇතියෙකු උපසපන් කිරීමට අනුදනිමියි , වදාළසේක.

11  එකල්හි උපසපන්වූ කුෂ්ට රෝග ඇත්තෝද, ගණ්ඩ රෝග ඇත්තෝද, කිලාස ඇත්තෝද, ක්‍ෂය රෝග අත්තෝද, මීි මැස්මොර ඇත්තෝද දක්නා ලැබෙත්. (මෙහි 1 (1)) , මහණෙනි, උපසපන් කරන්නහු විසින් තෙළෙස් අන්තරායකාරී ධර්‍මයන් විචාරීිම අනුදනමි. මහණෙනි, මෙසේ වනාහි විචාළ යුතුය. ( 2) නුඹ කුෂ්ටය, ගණ්ඩය, කිලාසය, ක්‍ෂයය, මීමැස් මොරය, යන මෙබඳු වූ ආබාධයෝ වෙත්ද ? මිනිසෙක් වෙහිද? පුරුෂයෙක් වෙහිද ? නිදහස් වෙහිද ? ණය නැත්තෙහි වෙහිද? රාජ භඨයෙක් නොවෙහිද ? මවුපියන් විසින් අනුදන්නා ලද්දේ වෙහිද? පිරිපුන් විසි වයස් ඇත්තේ වෙහිද? ණුඹට පාත්‍ර සිවුරු සම්

පූර්‍ණර්‍වූයේ වේද? නුඹගේ උපාධ්‍යාය තෙමේ කිනම් ඇත්තේ ද? (3)

12  එකල්හි වනාහි භික්‍ෂූහු අනුශාසනා නොකරන ලද උපසපන් කැමැත්තන් අන්තරායකර ධර්‍මයන් විචාරත්. (2) උපසම්පදාපෙක්‍ෂකයෝ කලබල වෙත්. ලජ්ජා වෙති, විසඳන්ට අපොහොසත් වෙති. ( මෙහි1 (1)) , මහණෙනි, පළමුකොට අනුශාසනය කොට පසුව අන්තරායකර ධර්‍මයන් විචාරන්ට අනුදනිමියි , වදාළසේක. එහිම සඟ මැද අනුශාසනා කෙරෙත්. ( මෙහි (2)) ,  මහණෙනි, පසෙකට ගෙන අනුශාසනා කටයුත්තේය. පළමුකොට උපාධ්‍යායන් ගැන්විය යුතුය. උපාධ්‍යායන් ගන්වා පාත්‍ර සිවුරු කිය යුතුය. නුඹගේ මේ පාත්‍රය වේ. මේ සංාටිය වේ. මේ උත්තරාසඞ්ගය වේ. මේ අන්තරවාසකය වේ. යව, අසවල් අවකාශයෙහි සිටුවයි, කියායි.

13  අඥානවූ අව්‍යක්තයෝ අනුශාසනා කෙරෙත්. වරදවා අනුශාසනා කරන ලද ( මෙහි 12 (2)) ( මෙහි1 (2)) , මහණෙනි, අඥානවූ අව්‍යක්තයින් විසින් අනුශාසනා නොකට යුත්තේය. (2) යම් මහණෙක් අනුශාසනා කරන්නේ නම් දුකුලා ඇවැත් වන්නීය. (3) මහණෙනි, ප්‍රතිබල වියත් මහණෙකු විසින් අනුශාසනා කිරීිම අනුදනිමියි , වදාළසේක.

14  සම්මත නොකරන ලද භික්‍ෂූහු අනුශාසනා කෙරෙත්. ( මෙහි 1 (2)) ,මහණෙනි, සම්මත නොකරන ලද භික්‍ෂුවක් විසින් අනුශාසනා නොකළයුතුය. ( මෙහි 13 (2)) මහණෙනි, සම්මතය ලැබූවහු විසින් අනුශාසනා කිරීම අනුදනිමි. මහණෙනි, මෙසේ වනාහි සම්මත කටයුත්තේය. තමන් විසින් තමන් සම්මත කටයුතුය. අනිකෙකු විසින් හෝ අනිකෙකු සම්මත කටයුත්තේය.

15  තමන් විසින් තමන් සම්මත කටයුතු කෙසේද? (2) ව්‍යක්තවූ ප්‍රතිබල භික්‍ෂුවක් විසින් සං තෙම මෙසේ දැන්විය යුතුය. සං තෙම මාගේ වචනය අසාවා. මෙනම් ඇත්තේ මෙනම් ඇති ආයුෂ්මත්හුගේ උපසම්පදාපෙක්‍ෂකයා වේ. ඉදින් සංයාට සුදුසු කල් පැමිණියේ  වී නම් (3) මම මෙනම් ඇත්තහුට අනුශාසනා කරන්නෙමි යි මෙසේ තමන් විසින් හෝ සම්මතය කළයුතුය.

16  අන්‍යයෙකු විසින් අනෙකෙක් සම්මත කළයුත්තේ කෙසේද ? ( මෙහි 15 (2)) මෙනම් ඇත්තේ මෙනම් ඇත්තහුට අනුශාසනා කරන්නේයයි අන්‍යයෙකු විසින් හෝ අනෙකෙක් මෙසේ සම්මත කළයුතුය. සම්මතය ලද ඒ භික්‍ෂුව විසින්

උපසම්පදා පෙක්‍ෂකයාවෙතට ගොස් මෙසේ කිය යුතුය. ‘ මෙනම් ඇත්ත අසව, මේ නුඹගේ ඇත්ත කියන කාලයයි. වූවක් කියයුතු කාලයයි. සඟමැද විචාරන කල වූවක් ඇතියයි කිය යුතුය. නුවූවක් නම් නැතියයි කිය යුතුය. මුසපත් නොවන්න. හැකිලෙන්කේ නොවන්න. මෙසේ නුඹ විචාරන්නාහුය. ( 11 (2))

17  අනුශාසනා කළ භික්‍ෂූන් අනුශිෂ්ට උපසම්පදාපෙක්‍ෂකයන් හා එක්ව එති. එක්ව නොආයුතුය. අනුශාසක මහණහු විසින් පළමු කොට අවුත් සංයාට මෙසේ දැන්විය යුතුය. මා විසින් ඒ සාමණේර තෙමේ අනුශාසනා කරන ලද්දේය.

18  සං තෙමේ මා වචනය අසාවා.  මෙනම් ඇත්තේ මෙනම් ඇති ආයුෂ්මත්හට උපසම්පදා අපෙක්‍ෂක වේ. මා විසින් මේ තෙමේ අනුශාසනා කරන ලද්දේය. ඉදින් සංයා කැමැති නම් මෙනම් ඇති තැනැත්තේ එන්නේය, එවයි ’ කිව යුතුය.

19  උතුරු සඟ සිවුර එකස් කරවා භික්‍ෂූන්ගේ පා වඳවා උක්කුටිකයෙන් හිඳුවා වැඳගෙන උපසම්පදාව යාඥා කර විය යුතුය.

20  (1) ස්වාමීනි, සංයාගෙන් උපසම්පදාව ඉල්ලමි. අනුකම්පා කොට සංයා මා සාමණේර භාවයෙන් උදුරුවා ( 2) දෙවනුවද ( මෙහි (1)) තෙවනුවද (මෙහි (1))

21  ( 25-4 සහ 26-1 (1) යොදන්න.) ණුඹට කුෂ්ට, ගණ්ඩ, පිලාස, ක්‍ෂය , මීමැස් මොර යන මෙබඳු ආබාධයෝ වෙත්ද? මිනිස් වෙහිද? ඔබගේ උපාධ්‍යායෝ කිනම් ඇත්තේද?

22  (මෙහි 21 (1)) අන්තරාය කර ධර්‍මයන්ගෙන් පිරිසිදුය. මොහුගේ පාත්‍ර සිවුරු සම්පූර්‍ණය. මෙනම් ඇත්තේ මෙනම් ඇත්තහු උපාධ්‍යාය කරගෙන සංයාගෙන් උපසම්පදාව ඉල්වයි. සංයාට කල් පැමිණියේ නම් සං තෙමේ මෙනම් ඇති උපාධ්‍යයාගෙන් යුක්තව මෙනම් ඇත්තහු උපසපන් කරන්නේය.

 

33 නව වෙනි දායාද බණවර

 

1  එකල්හි භික්‍ෂූහු අත් සින්දෙකු මහණ කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ. ,මහණෙනි, අත් සින්දෙකු පැවිදි නොකළයුතුය. යමෙක් පැවිදි කරන්නේ නම් දුකුලා ඇවැත් වෙයි යයි , වදාළසේක. මේ ඡේදයේ මෙහි දක්වන වචන අගට ‘පැවිදි කෙරෙත්. ’ යොදන්න ) අත්පා සින්දෙකු, කන් සින්දෙකු නාසිකාව, සින්දෙකු කන්නාසා, සින්දෙකු කැපූ ඇඟිලි ඇත්තහු පමණකුදු නිය පිට මාපට ඇඟිලි සින්දෙකු, මහනහර සින්දෙකු, සමින් එකාබද්ධ ඇඟිලිවලින්  යුත් අත් ඇත්තෙකු, කුදෙකු කුරෙකු, උගුරෙහි පිළිකා ඇතියෙකු, කෙටූ ලකුණු ඇත්තහු, කසවලින් තලන ලද්දහු, ( 6 ඡේදයේ ලියාතබන ලද්දාහු ( අපරාධකාරයෝ ) බරවා රෝගියෙකු, නිතර පවත්නා පාප රෝග ඇතියෙකු , පිරිස් දුෂ්‍ය කරන්නෙකු, එක් ඇසක් නැතියෙකු, වක් වූ අත්පා ඇඟිලි ඇතියෙකු, කොරෙක, එක් අතක් හෝ පාදයක් නොහොත් අඩ සිරුරක් වලංගු නැතියෙක, පිලෙකු, ජරාවෙන් දුර්වල එකෙක, අත්‍ධයෙක, ගොළුවෙකු, බිහිරෙකු, අඳගොළුවන්, අඳබිහිරන්, ගොළු බිහිරන් , අඳගොළු බිහිරන්, පැවිදි කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ.

2  , මහණෙනි, කැපූ අත් ඇත්තේ පැවිදි නොකළ යුතුය. ( මෙයාකාරයෙන් 1 ඡේදයේ සඳහන් වචන ගගලපා වාක්‍ය යොදා ගතයුතුය )

 

32 උපසපන් නොකළයුතු විසි වර

 

1  එකල්හි භික්‍ෂූහු උපාධ්‍යායන් නැති සාමණේරයන් උපසම්පසදා කෙරෙත්. (2) භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ. (3) , මහණෙනි, උපාධ්‍යායෙකු නොගත් සාමණේ්රයෙකු උපසපන් නොකළයුතුය. (4) යමෙක් උපසපන් කරන්නේ නම් දුකුලා ඇවැත් වේ.යයි, වදාළසේක.

2  එකල්හි භික්‍ෂූහු සං වූ උපාධ්‍යායයන්ගෙන් යුක්තව උපසම්පදා කෙරෙත්. (මෙහි 1 (2)) මහණෙනි, සංයා උපාධ්‍යාය කොට උපසම්පදා නොකළ යුතුය. ( මෙහි 1 (4))

3  එකල්හි භික්‍ෂූහු ගගණයා  උපාධ්‍යායයන්ගෙන් යුක්තව උපසම්පදා කෙරෙත්. ( මෙහි 1 (2)) මහණෙනි, ගගණයා උපාධ්‍යාය කොට උපසම්පදා නොකළ යුතුය. ( මෙහි 1 (4))

4  එකල්හි භික්‍ෂූහු පණ්ඩකයා උපාධ්‍යාය කොට ගෙන  උපසම්පදා කෙරෙත්. ( මෙහි 1 (2)) මහණෙනි, පණ්ඩකයා උපාධ්‍යාය කොට උපසම්පදා නොකළ යුතුය. ( මෙහි 1 (4))

5  ( මෙහි 3 ඡේදය මෙන් වෙනස් කර යොදා ගැනීමේදී  මෙහි පහත දක්වන වචන ඒ ඒ වාක්‍යවලට යොදා සකස් කර ගත යුතුයි. ථෙය්‍යසංවාසකයා, – තිත්ථියපක්කන්තකයා-, තිරච්ඡානගතයා,- මාතෘාතකයා,- පිතෘාතකයා,- අරහන්තාතකයා භික්ඛුණී දුෂකයා,- සඞ්භෙධකයා-, ලොහිතුප්පාදකයා,- උභතොභ්‍යඤ්ජනිකයා-

6  එකල්හි භික්‍ෂූහු පාත්‍ර නැති සාමණේරයෙකු උපසම්පදා කෙරෙත්. පාත්‍ර නැත්තාහු අතින් පිඬු සිඟා හැසිරෙත්. (2) මිනිස්සු තීන්‍ර්‍ථකයෝ යම්සේ්ද එමෙනි කියා අවමන් කරත්. නින්දා කරත් දොස් කියත්. (3) ( මෙහි 1 (2)) , මහණෙනි, පාත්‍ර නැත්තේ උපසපන් නොකළයුතුය. (මෙහි1 (4))

7  එකල්හි භික්‍ෂූහු සිවුරු නැත්තහු උපසම්පදා කෙරෙත්. ඔව්හු නග්නව පිඬු සිඟා යෙත්. (මෙහි 6 (2)) ( මෙහි1 (2)) මහණෙනි, සිවුරු නැත්තේ උපසපන් නොකළ යුතුය.( මෙහි1 (4))

8  එකල්හි භික්‍ෂූහු පාත්‍ර සිවුරු නැත්තහු උපසම්පදා කෙරෙත්. පාත්‍ර නැත්තාහු අතින් පිඬු සිඟා යති.( මෙහි 6 (2)) ( මෙහි1 (2)) මහණෙනි, පාත්‍ර සිවුරු නැත්තේ උපසපන් නොකළ යුතුය. ( මෙහි1 (4))

9  එකල්හි භික්‍ෂූහු පිරුළු ගත් පාත්‍ර ඇත්තහු උපසම්පදා කෙරෙත්. උපසපන් වූ කළ පාත්‍රය නැවැත ගෙන එත්. ඔව්හු අතින් පිඬු සිඟා යති.( මෙහි 6 (2)) ( මෙහි 1 (2)) මහණෙනි, ඉල්ලා ගගත් පාත්‍රය ඇත්තේ උපසපන් නොකළ යුතුය. ( මෙහි1 (4))

10  එකල්හි භික්‍ෂූහු පිරුළු ගත් සිවුරු ඇත්තහු උපසම්පදා කෙරෙත්. උපසපන් වූ පසු සිවුරු නැවත ගෙන යත්. නග්නව පිඬු සිඟායත්. ( මෙහි6 (2)) ( මෙහි1 (2)) ,මහණෙනි, ඉල්ලාගත් සිවරු ඇත්තහු උපසපන් නොකළයුතුය. ( මෙහි1 (4))

11  එකල්හි භික්‍ෂූහු පිරුලු ගත් පාත්‍ර සිවුරු ඇත්තහු උපසම්පදා කෙරෙත්. උපසපන් වූ කළ නැවැත පාත්‍ර සිවුරු ගෙන යත්. නග්නව අතින් පිඬු සිඟා යති. ( මෙහි 6 (2)) (මෙහි1 (2)) ,මහණෙනි, ඉල්ලාගත් පාත්‍ර සිවුරු ඇත්තහු උපසපන් නොකළයුතුය. ( මෙහි1 (4))

 

31 අනුපසපන් එකොළොස් වත

 

1  එකල්හි (2) සවග භික්‍ෂූහු උපාධ්‍යායන් නොවිචාරා සාමණේරයන් වළකත්. උපාධ්‍යායයෝ අපගේ සාමණේරයෝ කෙසේ නම් නොදක්නා ලැබෙත්දැයි (3) සොයත්. භික්‍ෂූුහු මෙසේ කීහු. ‘ ඇවැත්නි, සවග භික්‍ෂූන් විසින් වැළකීම කරන ලදීයයි. ’ උපාධ්‍යායයෝ කෙසේ නම් ( මෙහි (2) (මෙහි 21 (2)) භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ. , මහණෙනි, උපාධ්‍යායන් නොවිචාරා වැලකීම නොකළ යුතුය. යමෙක් වළකත් නම් දුකුලා ඇවැත් වේ.

2  එකල්හි සවග භික්‍ෂූහු ස්ථවිර භික්‍ෂූන් ගේ සාමණේරයන් සංග්‍රහයෙන් පොළඹවත්. ස්ථවිර භික්‍ෂූහු තුමූම දැහැටිද, මුව දෝනා පැන්ද ගන්නෝ ක්ලාන්ත වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ. , මහණෙනි, අනෙකෙකුගේ පිරිස සංග්‍රහයෙන් නොපෙළෙඹවිය යුතුය. යමෙක් පොළඹවන්නේ නම් දුකුලා ඇවැත් වේ.

3  එකල්හි ශාක්‍ය පුත්‍රවූ ආයුෂ්මත් උපනන්ද තෙරුන්ගේ කණ්ඨක නම් සාමණේර තෙමේ කණ්ඨකී නම් මෙහෙණිය දුෂ්‍ය කෙළේය. භික්‍ෂූහු කෙසේ නම් සාමණේරයෝ මෙයාකාර වූ නොසිරිත් කරන්නේදැයි ( මෙහි 28-21 (2)) භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ. ,මහණෙනි, කරුණු දසයකින් යුත් සාමණේරයෙකු මහණ බවින් මුදා හරින්නට  අනුදනිමි. සතුන් මරන සුළුවේද, නුදුන් දෙය ගන්නා සුළුවේද, ලාමක හැසීරීම් ඇතියෙක් වේද, බොරු කියන සුළුවේද, මත්පැන් බොනසුළු වේද, බුදුන්ගේ අගුණ කියාද, ධර්‍මයාගේ අගුණ කියාද, සංයාගේ අගුණ කියාද මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේද, මෙහෙණින්නන් දුෂ්‍ය කරන්නේ වේද . මහණෙනි, මේ කරුණු දසයෙන් යුත් සාමණේරයන් මහණ බැවින් මුදා හරින්නට අනුදනිමියි , වදාළසේක.

4  එක්තරා පණ්ඩකයෙක් භික්‍ෂූන් වෙත පැවිදිවූයේ වෙයි. හේ තෙමේ තරුණ මහණුන් වෙත ගොස් මෙසේ කියයි. (2) එව් ආයුෂ්මත්හු මා දුෂ්‍ය කරව්යයි , (3) භික්‍ෂූහු (4) බැහැර කෙරෙත්. ‘ පණ්ඩකය නැසෙව්, පණ්ඩකය නැසෙව් ණුඹගෙන් කිනම් වැඩෙක්දැයි ’ (5) භික්‍ෂූන් විසින් බැහැර කරන ලද හෙතෙමේ මහත්වූ මහත්වූ ස්ථුල ශරීර ඇති සාමණේරයන් කරා ගොස් (මෙහි (2)) සාමණේරයෝ ( මෙහි (4))

5  හෙතෙම බැහැර කරන ලද්දේ ඇත්ගොව්වන් අස් ගොව්වන් වෙතට පැමිණ මෙසේ කීයේය. (මෙහි 4 (2)) ඇත්ගොව්වෝද අස් ගොව්වෝද ඔහු දුෂ්‍ය කළෝය. ඔහු මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ පණ්ඩකයෝ වෙත්. මොවුන් අතුරෙන් යම් ශ්‍රමණ ශාක්‍යපුත්‍ර කෙනෙක් පණ්ඩකයෝ නොවෙත්ද ඔව්හුද පණ්ඩකයන් දුෂ්‍ය කෙරෙත්. මෙසේ මොවුහු සිල්ලෝමඅබ්‍රහ්චාරීහු වෙත්යයි,  ( මෙහි 21 (2))

6  භික්‍ෂූහු බණින , දොඩන දොස් පවරන ඒ ඇත්ගොව්වන්ගේද අස් ගොව්වන්ගේද බස් ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු බුදුරජාණන් වහන්සේට මෙය සැල කළහ., මහණෙනි, පණ්ඩකයෙක් උපසපන් නොවූයේ උපසපන් නොකළයුතුය උපසපන් වූයේ සිවුරු මුදා හළයුත්තේයයයි , වදාළසේක.

7  එකල්හි මව්පිය දෙපසින් නැසුන ධන සම්පත් ඇති සිවුමැලි වූ පුරාණ කුලයක්හුගේ පුතෙකු වේ. නැසී ගිය කුල පුත් බැව් ඇති ඒ පුරාණ කුල පුත්‍රයාහට මම වනාහි සිවුමැලි වෙමි. නොලැබුවාවූ සම්පතක් දියුණු කිරීමට හෝ අපොහොසත් වෙමි. මම කිනම් උපායෙකින් සුවසේ ජීවත් වන්නෙම් ද නොවන්නෙම්දැයි , ( මෙසේ සිතීය. )

8  නැවත ඔහුට , මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ සැප වූ පැවැතුම් ඇත්තෝය. සැපවූ හැසිරීම් ඇත්තෝය, මනා කෑම කා හුළං හැමීම නැති යහන්හි සයනය කරති. ඉදිනි මම්ම (2) පාත්‍ර සිවුරු පිළියෙල කොට හිස කේ රැවුල් කප්පවා කසාවත් හැඳගෙන   ආරාමයට ගොස් (3) භික්‍ෂූන් සමඟ එක්ව වසන්නෙමි නම් යෙහෙකැයි , සිත්විය.

9  ඉක්බිති නැසී ගගිය කුලපුත් බැව් ඇති ඒ පුරාණ කුලපුත්‍රයා තෙමේම ( මෙහි 8 (2)) භික්‍ෂූන්ට වඳියි. භික්‍ෂූහු , ඇවැත්නි, නුඹ කෙතෙක් වස් ඇත්තේක් වෙහිදැයි , මෙසේ කීහු. ‘ ඇවැත්නි, කෙතෙක් වස් ඇත්තෙක් යන මේ කිමෙක්දැයි ’ හෙතෙමේ ඇසීය. , ඇවැත්නි, නුඹගේ උපාධ්‍යාය තෙම කවරෙක් වෙහිද ? ඇසූහ. ‘ ඇවැත්නි, උපාධ්‍යාය නම් මෙහෙි තේරුම කිමෙක්දැයි ’ ඇසීය. භික්‍ෂූහු ආයුෂ්මත් උපාලී තෙරුන්ට මෙසේ කීහු. , ඇවැත් උපාලී ස්ථවිරයෙනි, මේ පැවිද්දහු අතින් කරුණු විචාරනු මැනවයි ’ කීහු

10  ඉක්බිති නැසීගිය කුලපුත් බැව් ඇති ඒ පුරාණ කුල පුත් තෙමේ ආයුෂ්මත් උපාලී තෙරුන් විසින් කරුණු විචාරනු ලබන්නේ මේ කාරණය දන්වා සිටියේය. ආයුෂ්මත් උපාලී ස්ථවිර තෙමේ භික්‍ෂූන්ට ඒ කාරණය දැනවීය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට සැල කළහ. , මහණෙනි, ථෙය්‍යසංවාසකයෙක් උපසපන් නොවූයේ උපසපන් නොකළ යුත්තේය. උපසපන් වූයේ සිවුරු හැරවිය යුතුයි යයි , වදාළසේක.

11  එක්තරා නාගයෙක් නාග යොනියේ පීඩාවට මෙන්  පැමිණේ. ලජ්ජාවට මෙන් පැමිණේ. පිළිකුල් කෙරේ. ඉක්බිති ඒ නාගයාට මෙබඳු සිතෙක් වී.‘ මම කිනම් උපායෙකින් නාග යෝනියෙනුත් මිදෙන්නෙම්ද මිනිසත් බවක් වහා පිළිලබන්නෙම්ද ? ’ කියායි. නැවැත ඒ නාගයාට මේ ශ්‍රමණ ශාක්‍ය
පුත්‍රයෝ ධර්‍මයෙන් හැසිරෙන්නෝය. සම වූ හැසිරීම් ඇත්තෝය. සත්‍යවාදීහුය සිල්වත්ය, යහපත් ගුණ ඇත්තෝය. එහෙයින් මම ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන් වෙත පැවිදි වන්නෙම් නම් මෙසේ නාග යොනියෙන්ද මිදෙන්නෙමියි මිනිසත් බවද වහා ලබන්නෙමියි’ කල්පනා විය.

12  ඉක්බිති ඒ නාග තෙමේ මාණවක වේශයෙන් භික්‍ෂූන් වෙත පැමිණ පැවිද්ද ඉල්වීය. භික්‍ෂූහු ඔහු පැවිදි කළහ. උපසපන්ද කළහ. එකල්හි ඒ නාග තෙමේ එක්තරා භික්‍ෂූනමක් සමඟ පිටිසර ගගමෙක වූ විහාරයෙක්හි වාසය කරයි. එකල ඒ මහණ තෙම රැ පිළිබඳ අළුයම් කල නැගී සිට එළිමහන් තැනක සක්මන් කරයි.

13  ඉක්බිති ඒ නාග තෙමේ ඒ මහණ නික්ම ගිය කල සැක නැත්තේ නිදි ගත්තේය. සියල් වෙහෙර තෙම සර්‍පයාගෙන් පිරුණේය. ජනෙල් කවුළුවලින්ද දරණයෝ නික්මුනාහු වෙත්. ඉක්බිති ඒ මහණ තෙමේ වෙහෙරට පිවිසෙන්නෙමියි දොර කවුළු හරින්නේ සියළු වෙහෙර සර්පයාගෙන් පිරීමද, ජනෙල් කවුළුවලින් නික්මුනාවූ දරණයන්ද දුටුයේය. දැක බියට පැමිණියේ වියරු මහ හඬ කළේය. භික්‍ෂූහු සමීපයට දුවගොස් ඒ භික්‍ෂූවට ‘ ඇවැත්නි, නුඹ කුමකට වියරු හඬ කළෙහිදැයි ?’  ඇසූහ , ඇවැත්නි මේ සියල් වෙහෙර තෙම නාගයාගෙන් පිරී තිබේ. ජනෙල් කවුළුවලින් දරණයෝ නික්මුනාහුයයි , කීයේය.

14  එකල ඒ නාග තෙමේ ඒ ශබ්දයෙන් අවදිවී සිය අස්නෙහි හුන්නේය. භික්‍ෂූහු ‘ඇවැත්නි, නුඹ කවරෙක් වෙහිද ?’‘ ස්වාමීනි , මම නාගයෙක් වෙමියි ’ කීයේය. ‘ඇවැත්නි, නුඹ කුමක් පිණිස මෙබන්දක් කෙළෙහිදැයි ’ ඇසූහ.

15  ඉක්බිති ඒ නාග තෙම භික්‍ෂූන්ට මේ කරුණ දැන්වීය භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැල කළහ. භාග්‍යවතුන් වහන්සේ ( මෙහි 19-3 (2)) භික්‍ෂූසංයා රැස් කරවා ඒ නාගයාට මේ කරුණ වදාළසේක. , තෙපි වනාහි නාගයෝ වව්ය. මේ  ශාසනයෙහි නොවැඩෙන ස්වභාව ඇත්තාහ. නාගය නුඹ එහි යව. තුදුස්වක්හිද, පසළොස්වක්හිද පක්‍ෂය පිළිබඳ අටවක්හිද, පෙහෙවස් වසව. මෙසේ කළ කල නුඹ නාග යොනියෙන්ද මිදෙන්නෙහිය, මිනිසත් බවද වහා ලබන්නෙහියයි, වදාළසේක.

16  ඉක්බිති ඒ නාග තෙමේ , මම මේ සස්නෙහි නොවැඩෙන ස්වභාව ඇත්තෙමියි දුක්ඇත්තේ, නො සතුටු සිත් ඇත්තේ කඳුළු හෙල මින් වියරු හඬ කොට ගියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමැතූසේක. , මහණෙනි, නාගයාගේ ස්වභාවය පහළ කිරීමට මේ කාරණයෝ දෙකක් වේ. යම් කලෙක නාගිනියක් සමඟ මෙවුන් දම් සේවනය කෙරේද, යම් කලෙක සැක නැත්තේ නිදීමට පැමිණේද, මහණෙනි, නාගයාගේ ස්වභාවය ප්‍රකට වීමෙහි කරුණු වේ. මහණෙනි, තිරිසනෙක් (2) උපසපන් නොවූයේ උපසපන් නොකළ යුත්තේය. උපසපන් වූයේ සිවුරු හැරවිය යුතුයයි , වදාළසේක.

17  එක්තරා මාණවකයෙක් මව මැරීය (2) හෙතෙම ඒ පව්කමින් පෙළේ. ලජ්ජාවේ පිළිකුල් කෙරේ, ඒ අතර ඔහුට කිනම් උපායෙකින් ‘ මම මේ පාප කර්මයෙන් මිදෙන්නෙමිදැයි ’ සිත්විය. එකල ඔහුට මේ ශ්‍රමණ ශාක්‍ය ප්‍රත්‍රයෝ ධර්‍මයෙහි හැසිරෙන්නෝය, සමව හැසිරෙන්නෝය, උතුම් හැසිරීම් ඇත්තෝය, සත්‍යවාදීය, සිල්වත්ය, යහපත් ගුණ ඇත්තෝය. ඉදිනි මම මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන් වෙත පැවිදි වන්නෙම් නම් මේ පාප කර්මයෙන් මිදෙන්නට හැක්කෙමියි ’ අදහස්විය.

18  ඉක්බිති ඒ මාණවක තෙමේ භික්‍ෂූන් වෙත පැමිණ පැවිද්ද ඉල්වීය. භික්‍ෂූහු ආයුෂ්මත් උපාලී තෙරුන්ට මෙවදන් කීහු. , ඇවැත් උපාලී ස්ථවිර තුමනි, පෙරද වනාහි නාගයෙක් මාණවක වර්‍ණයෙන් භික්‍ෂූන් වෙත පැවිදි විය. ඇවැත් උපාලී ස්ථවිරයෙනි, එබැවින් ඒ මාණවකයා කරුණු විචාරවයි දැන්වූහ.

19  (1) ඉක්බිති ඒ මාණවකතෙමේ ආයුෂ්මත් උපාලී තෙරුන් විසින් කරුණු විචාරනු ලබන්නේ මෙකරුණ කීයේය. ආයුෂ්මත් උපාලී තෙර තෙමේ භික්‍ෂූන්ට මෙකරුණ දැන්වීය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ. (2) , මහණෙනි, මාතෘාතක තෙමේ උපසපන් නොවූයේ ( මෙහි16 (2))

20  එකල්හි එක්තරා මාණවකයෙක් පියා මැරීය. ( මෙහි 17-18-19 (1)) ,මහණෙනි, පිතෘාතක තෙමේ ( මෙහි 16 (2))

21  එකල්හි බොහෝ භික්‍ෂූහු සාකේත නුවරින් නික්ම සැවැත් නුවර බලා දික් මඟට පිළිපන්නෝ වෙත්. අතරමඟදී සොරු නික්මී ඇතම් භික්‍ෂූන්ගේ පාත්‍ර සිවුරු උදුරාගත්හු.

ඇතැම් භික්‍ෂූන් නැසූහ. (2) සැවැත් නුවරින් නික්ම ආ රාජ භඨයෝ ඇතම් සොරුන් අල්වා ගත්හු. ඇතැම් සොරුන් පැන ගියහ. යම් ඒ සොර කෙනෙක් පැන ගියෝද ඔව්හු භික්‍ෂූන් කෙරෙහි පැවිදි වූහ. යම් ඒ සොර කෙනෙක් අල්ලාගන්නා ලද්දෝද ඔව්හු වධය පිණිස ගෙන යනු ලබත්. ඒ පැවිද්දෝ වධ පිණිස ගෙන යනු ලබන ඒ සොරුන් දුටුවාහුය. දැක මෙසේ කීහු ,අපි පැන ගියෙමු. ඉදින් අද අපි ගත්තෙමු නම්  අපිත් මෙසේ නසනු ලබන්නෙමුයයි  , භික්‍ෂූහු ඒ අසා ඇවැත්නි, තෙපි කුමක් කෙළෙව්දැයි ඇසූහ. ඉක්බිති ඒ පැවිද්දෝ භික්‍ෂූන්ට මේ කරුණ සැල කළහ. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට එය සැල කළහ. (3) , මහණෙනි, මේ භික්‍ෂූහු රහත්හු වෙත්. මහණෙනි, අරහන්තාතක තෙමේ ( මෙහි 16 (2))

22  එකල්හි බොහෝ මෙහෙණෝ සාකේත නුවරින් සැවැත් නුවරට යනු පිණිස දර්‍ී මාර්‍ගයට පිළිපන්නාය. අතර මඟදී සොරුන් නික්ම අවුත් ඇතැම් මෙහෙණන්ගේ පාත්‍ර සිවුරු පැහැර ගත්හ, ඇතම් මෙහෙණන් දුෂ්‍ය කළහ. සැවැත් නුවරින් ආ රාජ භඨයෝ ( මෙහි 21 (2)) , භික්‍ෂුණී දුෂක තෙමේ ( මෙහි 16 (2)) මහණෙනි, සංභෙධක තෙමේ උපසපන් නොවූයේ උපසපන් නොකළ යුතුය. උපසන් වූයේ ශාසනයෙන් නෙරපිය යුතුය. මහණෙනි, ලොහිතුප්පාදක තෙමේ ( මෙහි16 (2))

23  එකල්හි එක්තරා උභතොභ්‍යඤ්ජනකයෙක් භික්‍ෂූන් වෙත පැවිදිවූයේ වේ. හෙතෙමේ මෙවුන්දම් සේවනයද කරයි. මෙවුන්දම් සේවනයද කරවා ගනී. භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. , මහණෙනි, උභතොභ්‍යඤ්ජනක තෙමේ ( මෙහි 16 (2))

( අනුපසපන් එකොළොස් වත නිමි )

 

30 දඬුවම් වත

 

1  භාග්‍යවතුන් වහන්සේ කපිලවත්ථු පුරයෙහි කැමැතිතාක් කල් වැස සැවැත් නුවර බලා වැඩිසේක. පිළිවෙළින් සැරිසරා වඩිනසේක් සැවැත් නුවරට පැමිණ එහි ජේතවන නම් වූ අනාථපිණ්ඩික  සිටුහුගේ ආරාමයෙහි වසනසේක. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන්ගේ උපස්ථායක කුලයක් , මේ දරුවා පැවිදි කරනු මැනවයි , ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන්වෙත යැවීය.

2  එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන්ට මෙබඳු සිතෙක් විය. භාග්‍යවතුන් වහන්සේ විසින් සාමණේරයෝ දෙනමක් එක තෙරනමක් විසින් ළඟ තබා නොගත යුත්තාහුයයි පනවන ලද්දේය. මේ රාහුල තෙමේද මාගේ සාමණේරයෙක් වේ. එහෙයින් මා විසින් කෙසේ නම් පිළිපැදිය යුතුද ? , භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළේය. , මහණෙනි, ව්‍යක්ත. වූ ප්‍රතිබල වූ එක මහණෙකු විසින් සාමණේරයන් දෙනමක් තබාගන්නටද යම්පමණ සාමණේරයන්ට අවවාද

දීමටද අනුශාසනා කිරිීමටද  හැකි නම් එපමණ සාමණේරයන් තබා ගැනීමටද අනුදනිමියි , භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.

3  ඉක්බිති සාමණේරයන්ට මෙබඳු සිතෙක් විය. , අපට ශික්‍ෂාපදයෝ කොතෙක් වෙත්ද ? අප විසින් කිනම් ශික්‍ෂාපදයන්හි හික්මිය යුතුද ? භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ. උන්වහන්සේ , මහණෙනි, සාමණේරයන්ට ශික්‍ෂාපදයෝ දහයක් අනුදනිමි. සාමණේරයන් විසින් ඒ දස ශික්‍ෂාපදයන්හි හික්මිමදද අනුදනිමි.,  සතුන් මැරීමෙන් වැළකීමය, නුදුන් දෙය ගැනීමෙන් වැළකීමය, ලාමක හැසිරීමෙන් වැළකීමය, බොරු කීමෙන් වැළකීමය, මත්වීමට හා පමාවට හේතුවූ රහමෙර පානයෙන් වැළකීමය, විකල් බොජුනෙන් වැළකීමය, නැටීම්, ගී කීම්, විසුළු දැක්මෙන් වැළකීමය, ගෙතූ නොගෙතූ මල් හා  සුවඳ විලවුන් දැරීමය, අඩුතැන් පිරීමය සැරසීමය අබරණ ලා හැඳීමෙන් වැළකීමය, උසසුන් මහසුන් දෙකින් වැළකීමය, රන් රිදී මසු කහවණු පිළිගැණීමෙන් වැළකීමය, (3) ( යන මොහු වෙත්. ) මහණෙනි, සාමණේරයන්ට මේ දස ශික්‍ෂාපදයන් අනුදනිමි. සාමණේරයන් විසින් මේ දස ශික්‍ෂාපාදයන්හි හික්මීමද අනුදනිමියි , වදාළසේක.

4  එකල්හි (2) සාමණේරයෝ භික්‍ෂූන් කෙරෙහි ගෞරව නැත්තෝ යටත් පැවැතුම් නැත්තෝ සභා පැවැතුම් නැත්තෝව (3) වෙසෙත්. භික්‍ෂූහු , කෙසේ නම් (මෙහි (2) වෙසෙත්දැයි , ( මෙහි 21 (2) මේ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළහ. (4) , මහණෙනි, කරුණු පසකින් යුත් සාමණේරයාට දඬුවම් කිරීමට අනුදනිමි. (5) භික්‍ෂූන්ට ලාභ නොලැබීම පිණිස උත්සාහ කෙරේද, භික්‍ෂූන්ට අවැඩ පිණිස උත්සාහ කෙරේද, භික්‍ෂූන්ගේ නොවිසීම පිණිස උත්සාහ කෙරේද, භික්‍ෂූන්ට ආක්‍රෝශ කෙරේද, පරිභව කෙරේද, භික්‍ෂූන් හා භික්‍ෂූන් බිඳීද, ( මෙහි (4)) යි, වදාළසේක.

5  ඉක්බිති භික්‍ෂූන්ට මෙබඳු සිතෙක් වී. ‘ කිනම් දඬුවමක් කටයුතුද ? ’කියායි. භාග්‍යවතුවන් වහන්සේට මේ බව සැල කළහ. , මහණෙනි, මෙහි මෙහි නොපිවිසෙවයි. වලකන්ට අනුදනිමි.,

6  එකල්හි භික්‍ෂූහු සාමණේරයන්ට සියළු සංාරාම වළකත්. සාමණේරයෝ ආරාමයට පිවිසීම නොලබන්නෝ බැහැර යෙත්. සිවුරු හැරීමද කෙරෙත්. තීන්‍ර්‍ථකයන් වෙතද යෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ. , මහණෙනි, සියළු සංාරාම නොවැළකිය යුතුය. යමෙක් වළකන්නේ නම් දුකුලා ඇවැත් වේ. මහණෙනි, යම්තැනෙක හෝ වෙසේද යම්තැනෙක හෝ පිවිසියේද එහි පිවිසීම වළකන්ට අනුදනිමියි,

7  එකල්හි භික්‍ෂූහු (2) සාමණේරයන්ගේ කටට පත් ආහාරය වළකත්.(3) මිනිස්සු කැඳ බීමද, සඟ බත්ද කරන්නෝ සාමණේරයන්ට මෙසේකියත්.‘ස්වාමීනි, එව්, කැඳ බොව්, ස්වාමීනි, එව් බත් වළඳව්යයි ’ ‘ සාමණේරයෝ මෙසේ කියත්. ‘ඇවැත්නි, නොලැබිය හැක්කෝ වෙමු. භික්‍ෂූන් විසින් වළක්වන ලදය.’ මිනිස්සු ‘ කෙසේ නම් ස්වාමීන් වහන්සේලා ( මෙහි (2)) දැයි අවමන් කෙරෙත්, නින්දා කෙරෙත්, දොස් කියත්.’ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ. ,මහණෙනි, කටටපත ආහාරය නොවැළකිය යුතුය. යමෙක් වළකන්නේ නම් දුකුලා ඇවැත් වේ.

( දඬුවම් වත නිමි )

 

29 රාහුල වස්තු කථාව

 

1  ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කැමැති සේ වැඩ හිඳ කපිලවන්‍ථු නම් නගරය යම්තැනෙක්හිද එහි සැරිසරා වැඩිසේක. පිළිවෙළින් සැරිසරා වඩිනසේක් කපිලවන්‍ථු පුරය යම්තැනෙක්හිද එහි වැඩිසේක. ශාක්‍යයන්ගේ ජනපදයෙහි පිහිටි ඒ කපිලවන්‍ථුයෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි හැඳපොරවාගෙන පාත්ර්‍‍ර සිවුර ගෙන සුද්ධොදන රජුගේ රජමාලිගය යම්තැනෙක්හිද එහි පැමිණ පනවන ලද අස්නෙහි වැඩ උන්සේක.

2  ඉක්බිති රාහුලමාතා රැජිනි තෙමෝ රහල් කුමරුට මෙසේ කීය. ‘ රාහුලය, මේ තෙමේ නුඹගේ පියා වෙයි. යව, දායාදය (උරුමය ) ඉල්වයි.’ කීය.  ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි පිමිණියේය. පැමිණ භගවත්හුගේ ඉදිරියෙහි සිටියේ , ශ්‍රමණය, නුඹ වහන්සේගේ සෙවන මට සැපයයි , කීය.

3  එකල භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැගිට වැඩිසේක. ඉකිබිති රාහුල කුමර තෙමේ ,ශ්‍රමණයන් වහන්ස,

මාහට දායාද ( උරුමය ) දෙව. ශ්‍රමණයන් වහන්ස, මාහට උරුමය දෙවයි , උන්වහන්සේගේ පිටුපසින් ලුහුබැඳ ගගියේය. එකල භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් අමතා ,ශාරීපුත්‍රය, එසේවී නම් නුඹ රාහුල කුමරු පැවිදි කරවයි , නියම කළසේක. , ස්වාමීනි, මම කෙසේ රාහුල කුමරු පැවිදි කෙරෙම්දැයි , ඇසූහ ,එකල්හි භාග්‍යවතුන් වහන්සේ ( මෙහි 19-4 (2)) , මහණෙනි, සරණාගමනයෙන් මහණ පැවිද්ද අනුදනිමියි මහණෙනි, මෙසේ පැවිදි කළයුතුය. පළමු කොට කෙස් රැවුල් බැහැර කරවා. කසාවත් හඳවා උතුරු සඟ සිවුර එකස් කොට පොරවා භික්‍ෂූන්ගේ පා වඳවා උක්කුටිකයෙන් හිඳුවා ඇඳළි ගන්වා මෙසේ කියවයි කිව යුතුය. ‘බුදුන් සරණ කොට යෙමි, දහම් සරණ කොට යෙමි, සඟුන් සරණ කොට යෙමි
දෙවනුවද බුදුන් සරණ කොට යෙමි, දෙවනුවද දහම් සරණ කොට යෙමි, දෙවනුවද සඟුන් සරණ කොට යෙමි තෙවනුවද බුදුන් සරණ කොට යෙමි, තෙවනුවද දහම් සරණ කොට යෙමි, තෙවනුවද සඟුන් සරණ කොට යෙමි මහණෙනි, මේ තුන්සරණින් මහණ පැවිද්ද අනුදනිමියි , වදාළසේක.

4  ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙර තෙමේ රාහුල කුමරු පැවිදි කළේය. ඉක්බිති ශුද්ධෝදන ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිහිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ සුදොවුන් ශාක්‍ය රජ තෙමේ බුදුරදුන්ට මෙසේ සැල කළේය. , ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අතින් එක් වරයක් ඉල්වමි. , ස්වාමීනි මම භාග්‍යවතුන් වහන්සේගෙන් එක වරයක් ඉල්වමි ., එවිට උන් වහන්සේ ,ගෞතමය, තථාගතයෝ ඉක්මවන ලද වර ඇත්තෝමයයි , වදාළහ. , යම්වරයක් කැප වේද, යම් වරයක් නිදොස් වේද එබඳු වරයක් ඉල්ලමියි , සැල කළේය. , ගෞතමය, කියවයි , වදාළසේක. , ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පැවිදි වූ කල මාහට මහත් දුකෙක් උපන. නත්‍ද කුමරු පැවිදි වූ කලද එසේම විය. රාහුල කුමරු පැවිදි වූ කල අධික වූ දුකෙක් විය. ස්වාමීනි, පුත්‍ර ප්‍රේමය සිරුරෙහි සිවියෙහි සිඳියි. සිවිය සිඳ සම සිඳියි, සම සිඳ මාංස සිඳියි, මාංස සිඳ නහර සිඳියි, නහර සිඳ ඇට සිඳියි,

ඇට සිඳ ඇටමිදුලු පැතිර පවතියි. ස්වාමීනි, ආය්‍ර්‍යයන් වහන්සේලා මව්පියන් විසින් නො අනුදන්නා ලද පුතෙකු පැවිදි නොකරන්නෝ නම් මැනවැයි, සැල කළේය.

5  එකල්හි භාග්‍යවතුන් වහන්සේ සුද්ධොදන ශාක්‍යයාට දැහැමි කථාවෙන් මොනවට කරුණු දැක්වීය. කුසල් දහම්හි සමාදන් කරවූහ, මොනවට තියුණු කරවූහ. මොනවට සතුටු කරවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට කරුණු දක්වන ලද, මොනවට කුසල් දහම්හි සමාදන් කරවන ලද, මොනවට තියුණු කරවන ලද මොනවට සතුටු කරවන ලද සුද්ධොදන ශාක්‍ය තෙමේ හුනස්නෙන් නැගී සිට භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට ගියේය.

6  ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ( මෙහි 19-4 (3)) , මහණෙනි, මව්පියන් විසින් නො අනුදත් පුත්‍ර තෙම පැවිදි නොකළ යුතුය. යමෙක් පැවිදි කෙරේ නම් දුකුලා ඇවැත් වේයයි , වදාළසේක.