1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
2. එහිදී වනාහි ආයුෂමත් ශාරීපුත්‍ර ස්ථවීරතෙමේ ඇවැත් මහණෙනි, කියා භික්ෂුන් හට කථා කල සේක. ඇවැත්නි කියා ඒ භික්ෂුහු වනාහි ආයුෂමත් ශාරීපුත්‍ර ස්ථවිරයන් හට උත්තර දුන්හ. ඇවැත මෙහි රහසිගතව විවේකව සිටි මට මෙවැනි අදහසක් පහල විය. යමක් හුගේ නැතිවීම වෙනස් වීම හේතු කොට ගෙන මා හට සෝක පරිදේව දුක් දොම්නස් සහ උපායාසයෝ උපදින්නාහුද එවැනි කිසිවක් ලෝකයෙහි ඇත්තේදෝහෝයි කියාය. ඇවැත්නි, ඒ මට මේ අදහස ඇතිවිය. යමක්හුගේ නැතිවීම නෙස්වීම හේතු කොට ගෙන සෝක පරිදේව දුක් දොම්නස් සහ උපායාසයෝ උපදින්නාහුද එවැනිවූ කිසිවක් ලෝකයෙහි නැත කියායි.
3. මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවීර තෙම ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය කියේය. ඇවැත් ශාරිපුත්‍ර ස්ථවීරයෙනි ශාස්තෲන් වහන්සේගේ නැතිවීමෙන්ද වෙනස් වීමෙන්ද ඔබ වහන්සේට සෝක පරිදේව දුක් දොම්නස් සහ උපායාසයෝ නූපදින්නාහුද?
4. ඇවැත ශාස්තෲන් වහන්සේගේ නැතිවීමෙන්ද වෙනස්වීමෙන්ද මා හට සෝක පරිදේව දුක් දොම්නස් සහ උපායාසයෝ නූපදින්නාහුය. එහෙත් මට මේ අදහස ඇති වන්නේය. පින්වත ඒකාන්තයෙන් මහත් සෘද්ධි ඇත්තවූ මහත් අනුභාව ඇත්තාවූ මහේශාක්‍යවූ සත්වයෙක් අතුරුදන් විය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ බොහෝ කාලයක් මුඑල්ලෙහි වැඩසිටි සේක් නම් එය බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලෝකයාට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ට අර්ථය පිණිස හිත පිණිස සැප පිණිස වන්නේය කියායි.
5. එය එසේමය. ආයුෂ්මත් ශාරිපුත්‍රයන් විසින් බොහෝ කාලයකට පෙර මමය මගේය ගන්නා දාෂ්ටිමානානුසයෝ නසන ලදහ. එහෙයින් ආයුෂ්මත් ශාරිපුත්‍රයන් හට ශාස්තෲන් වහන්සේගේ නැතිවීමෙන්ද වෙනස් වීමෙන්ද සෝක පරිදේව දුක් දොම්නස් සහ උපායාසයෝ නූපදින්නා හුය.
(දෙවෙනි යාරිපුත්‍ර සූත්‍රය නිමි)