1. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි බොහෝ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ පරිබ්‍රාජකයෝ සප්පීනියා ගං ඉවුරෙහි පරිබ්‍රාජකාරාමයෙහි වාසය කරත්. ඒ කවරහුද? අන්තභාර පරිබ්‍රාජකයාද, වරධර පරිබ්‍රාජකයාද, සකුළුදායී පරිබ්‍රාජකයාද, අනිකුත් ප්‍රසිද්ධ ප්‍රසිද්ධ පරිබ්‍රාජකයෝද වෙත්,
Continue reading
Category Archives: 03 උරුවෙල වර්ගය
29. ධම්මපද චතුක්ක සූත්‍රය.
1. “මහණෙනි, අග්‍රයයි දතයුතු, පැරණිවූ වංශයයයි දතයුතුවූ, අළුත් දෙයක් නොවූ බැහැර නොකරත්ද, පෙර බුදුවරයන් විසිනුදු බැහැර නොකළාහුද, දැනුදු අත් නොහරිත්. අනාගතයෙහිත් බැහැර නොකරන්නාහුය. ශ්රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්හා නොකරණ ලද මේ ධර්ම කොට්ඨාස සතරක් වෙත්. කවර සතරක්ද යත්. Continue reading
28. (මහා) අරියවංශ සූත්‍රය.
1. “මහණෙනි, මේ ආය්ර්යවංස සතර අග්‍රයයි දත යුත්තාහ. බොහෝ පැරණියයි දත යුත්තාහ. වංශය (පරපුර) යයි දත යුත්තාහ. අථත් දෙයක් නොවේයයි දත යුත්තාහ. බැහැර නොකරණ ලද්දාහ. පෙර බුදුවරයන් විසිනුදු අත් නොහරින ලදහ. දැනුදු අත් නොහරිත්. අනාගතයෙහිත් අත්නොහරින්නාහ. ශ්රමණයන් විසිනුදු, බ්‍රහ්මණයන් විසිනුදු, නුවණැත්තන් විසිනුදු ගර්හා නොකරණ ලද්දාහ. කවර සතර දෙනෙක්ද යත්? Continue reading
27. අප්පසුලභ සූත්‍රය.
1. “මහණෙනි, සුලුවූද, සුලභවූද, නිවරදවූද මේ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්.
2. “මහණෙනි, සිවුරු අතුරෙන් පාංශුකූල චීවරය සුලුද, සුලභද, නිවැරදිද වේ. මහණෙනි, භොජනයන්ගෙන් පිණ්ඩපාත භොජනය, සුලුද, සුලභද, නිරවද්‍යද වේ. මහණෙනි, සේනාසන අතුරෙන් වෘක්ෂ මූල සේනාසනය, සුලුද, සුලභද, නිරවද්‍යද වේ. මහණෙනි, බෙහෙත් අතුරින් ගොමුත්‍රය, සුලුද, සුලභද, නිවරදද වේ. මහණෙනි, මේ සතර සුලුද, සුලභද, නිරවද්‍යද වෙත්. Continue reading
26. ධම්ම විරූහන සූත්‍රය.
1. “මහණෙනි, යම් ඒ මහණ තෙම කුහකද, ක්‍රොධයෙන් හා මානයෙන් තදද, ලාභ සත්කාර ගරුකොට කියාද, සිංහ (අඟ) නම් ප්‍රකට කෙලෙස් ඇද්ද, නැග සිටි මාන ඇත්තාහුද, එකඟ නොවූ සිත් ඇත්තාහුද, මහණෙනි, ඒ භික්ෂූහු මා විසින් මමත්වය නොකරණ ලදහ. මහණෙනි, ඒ භික්ෂූහු මේ ධර්ම විනයෙන් පහවූහ. ඔවුහු මේ ධර්ම විනයෙහි, වෘද්ධියට, වැඩීමට, විපුලත්වයට නොපැමිණෙත්.
Continue reading
25. බ්‍රහ්මචරියවාස සූත්‍රය.
1. “මහණෙනි, මම ජනයා විස්මය පත් කරවනු පිණිස, ජනයාගෙන් ප්‍රශංසා ලබන පිණිස, ලාභ, සත්කාර, කීර්ති, අනුසස් පිණිස බ්‍රහ්මචය්‍ර්‍යයෙහි නොහැසිරෙමි. වාදයන්ගෙන් ජය ගැනීම පිණිස මා මෙසේ ජන තෙම දනීවායි මේ බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි වසන්නේ නොවේ. හුදෙක් මහණෙනි, සංවරය පිණිස, ප්රහාණය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස බ්‍රහ්මචය්‍ර්‍යයෙහි වසන්නේය. Continue reading
24. කාලකාරාම සූත්‍රය.
1. “එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සාකේත නුවර කාලකාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ , “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු, “පිනවතුන් වහන්සැ” යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. Continue reading
23. ලොකවිජානන සූත්‍රය.
1. “මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් ලොකය (දුකඛ සත්‍යය) මනාව අවබොධ කරණ ලදී. තථාගතයන් වහන්සේ ලොකයෙන් වෙන්වූහ. මහණෙනි, ලොකයට හේතුව තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කරණ ලදී. ලොකයට හේතුව තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරණ ලදී. මහණෙනි, ලොක නිරෝධය තථාගතයන් වහන්සේ විසින් ප්‍රතිවේධ කරණ ලදී. ලොක නිරෝධය තථාගතයන් වහන්සේ විසින් ප්රත්යක්ෂ කරණ ලදී. මහණෙනි, ලොක නිරෝධගාමිනී ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කරණ ලදී. ලොක නිරෝධගාමිනී ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් වඩන ලදී.
2. “මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, දෙවි මිනිසුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවෙහි දෙවියන් සහිත ලෝකයාගේ යම් රූපායතනයක් වේද, ශබ්දායතනයක් වේද, ගන්ධ රස පොට්ඨබ්බායතනයක් වේද, සැප දුක් ආදී ධර්මාරම්මණයක් වේද, සොයා හෝ නොසොයා පැමිණි, යමක් වේද, සොයන ලද්දක් වේද, සිතින් හැසිරෙන ලද්දක් වේද, ඒ සියල්ල තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කරණ ලදී. එසේ හෙයින් තථාගතයයි කියනු ලැබේ. Continue reading
22. බුද්‍ධාපචායන සූත්‍රය.
1. “මහණෙනි, එක්තරා කාලයෙක්හි මම බුදුවූ අථත, උරුවේලාවෙහි, නේරඤ්ජරා නදී තීරයෙහි, අජපල් නුග රුක මුල වසමි. මහණෙනි, එකල්හි, දිරූ, වෘද්ධවූ, මහථවූ, කල්ගිය වයසට පැමිණි බොහෝ බ්‍රාහ්මණයෝ මම යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය. පැමිණ මා සමග සතුටු වූහ. සතුටුවිය යුතුවූ, සිහි කටයුතුවූ, කථාකොට නිමවා එකත් පසෙක සිටියාහුය.
Continue reading
21. සද්ධම්ම ගරුක සූත්‍රය.
1. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ අරමෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ආමන්ත්‍රණය කළ සේක. “පින්වතුන් වහන්ස”, කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. Continue reading