ජරා වර්ගය

1. ජරා (හෙවත් කිංසුජරා) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

2. ´´මහලු බව දක්වාම කිමෙක් නම් යහපත්ද? කිමෙක් (සිතෙහි) පිහිටීම යහපත්ද? කිමෙක් නම් මිනිසුන්ට රත්නයක් වේද? කිමෙක් නම් සොරුන් විසින් හැරගෙන යා නොහැකිද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´මහලුබව දක්වාම සිල් රැක්ම යහපති, ශ්‍රද්Ȁdධාව ස්ථිරව පිහිටීම මැනවි. ප්‍රඥාව මිනිසුන්ට රත්නය වේ. පින සොරුන් විසින් පැහැරගත හැකි නොවේ.´´

__________

2. අජරසා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක ්බබළන ශරීර ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

2. ´´නොදිරා යෑමෙන් කිමෙක් මනාප වේද? කුමක් නම් පිහිටියේ මනාප වේද? මිනිසුන්ට කිමෙක් නම් රත්න වේද? කුමක් නම් සොරුන් විසින් හැරගත නොහැකිද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´ශීලය නොදිරා යෑමෙන් මනාප වේ. ශ්‍රද්Ȁdධාව පිහිටියේ මනාප වේ. ප්‍රඥාව මිනිසුන්ට රත්නය වෙයි. පින සොරුන් විසින් හැරගත නොහැක්ක.´´

__________

3. මිත්ත (හෙවත් කිංසුමිත්ත) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීරවර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

2. ´´පිටරට යන්නහුගේ මිත්‍රයා කවරේද? සිය ගෙයි වසන්නහුගේ මිතුරා කවරේද? උපන් කටයුත්තක් ඇත්තහුට මිත්‍රයා කවරේද? පරලොව යන්නහුට හිතවූ මිතුරා කවරේද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´පිටරට යන්නහුගේ මිත්‍රයා ගැල් රංචුව හෝ තවලමයි. සිය ගෙයිදී මිතුරා මවුයි. උපන් වැඩක් ඇත්තහුට යලි යලිත් මිතුරා යහළුවායි. තමා නළ යම් පින් ඇත්ද, ඒ පරලොවට හිතවූ මිතුරායි.´´

__________

4. වත්‍ථු (හෙවත් කිංසුවත්‍ථු) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිනූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

2. ´´මිනිසුන්ට පිහිට කිමෙක්ද? මේ ලෝකයෙහි උතුම් යහළුවා කවරේද? යම් ප්‍රාණි කෙනෙක් පොළොවෙහි වෙත්ද ඒ සත්ත්‍වයෝ කුමක් ඇසුරුකොට ජීවත් වෙද්ද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´දරුවෝ මිනිසුන්ට පිහිටයි. භාය්‍ර්‍යාවම උතුම් යහළුවායි. යම් ප්‍රාණීහු පොළොවෙහි වෙත්නම් ඒ සත්තු වැස්ස ඇසුරු කොට ජීවත් වෙත්.´´

__________

5. පළමුවන ජන (හෙවත් ජනෙති ) සූත්‍රය.

1.මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

2. ´´කිමෙක් නම් සත්ත්‍වයා උපදවාද? ඔහුගේ කිමෙක් නම් ඒ මේ අත දිවේද? කිමෙක් නම් සසර වැදුනේද? කිමෙක් නම් ඔහුට(වූ) මහත්ම භය වේද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´තණ්හාව සත්ත්‍වයා උපදවයි. ඔහුගේ සිත ඒ මේ අත දිවෙයි. සත්ත්‍වයා සසර වැදුණේය. ජාති ජරාදී දුක ඔහුටවූ මහත් භයයි.´´

__________

6. දෙවෙනි ජන (හෙවත් ජනෙති) සූත්‍රය.

1.මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

2.´´ කිමෙක් නමි සත්ත්‍වයා උපදවාද? ඔහු පිළිබඳ කිමෙක් නමි ඈත මෑත දුවයිද? කිමෙක් නමි සසර වැදුනේද? ඔහු නොමිදෙනුයේ කුමකින්ද?´´

3.(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළඍේක) ´´ තණ්හාව සත්ත්‍වයා උපදවයි. ඔහුගේ සිත ඒ මේ අත දිවෙයි. සත්ත්‍වයා සසර වැදුණේය. ඔහු (නසි මග යන තෙක්ම ) නොමිදෙනුයේ දුකිනි.´´

_________

7. තුන්වෙනි ජන ( හෙවත් ජනෙති ) සූත්‍රය.

1.මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක උන්නේය. එක් පඍෙක ඍිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

2.´´ කිමෙක් නමි සත්ත්‍වයා උපදවාද? ඔහු පිළිබඳ කිමෙක් නමි ඈත මෑත දිවේද? කිමෙක් නමි සසර වැදුනේද? කිමෙක් නමි ඔහුගේ ඉපදීමට පිහිට වේද?´´

3.(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´තණ්හාව සත්ත්‍වයා උපදවයි. ඔහුගේ සිත ඈත මෑත දිවෙයි. සත්ත්‍වයා සසරට වැදුණේය. කර්‍මය ඔහුට පිහිටය.´´

8. උපපථ සූත්‍රය

1.මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

2.´´ කිමෙක් නමි නොමඟයයි කියන ලදද? කිමෙක් නමි රෑ දාවල්හි ගෙවේද? බ්‍රහ්මචය්‍ර්‍යාවට කිලුට කිමෙක්ද? දිය නොමැති නෑම කිමෙක්ද?´´

3. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´රාගය නොමග යයි කියන ලදී. දිවා රෑ දෙක්හිම ගෙවෙන්නේ වයසය. බ්‍රහ්මචය්‍ර්‍යාවට කිලුට ස්ත්‍රියයි. ( මේ සත්ත්‍ව සමූහයා මෙහි ඇලේ ) තපසත් බඹසරත් යන යමෙක් ඇද්ද, එය දිය නැති නෑමයි. ´´

__________

9. දෙවෙනි උපපථ සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබලන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

2. ´´ පුරුෂයාට කිමෙක් නමි දෙවැන්නී ( දුතියිකා ) වේද? ඔහුට කවරෙක් නමි අනුශාසන කෙරේද? කුමක විශේෂයෙන් ඇලුණු සත්ත්‍වයා සියලු දුකින් මිදේද?´´

3. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´ශ්‍රඬාව පුරුෂයාට දෙවැන්නීය. ප්‍රඥාව ඔහුට අනුශාසනා කෙරේ. නිවනෙහි විශේෂයෙන් ඇලුණු සත්ත්‍වතෙම සැම දුකින් මිදේ.´´

__________

10. කවි ( හෙවත් ගාථා නිදාන ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබලන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

2. ´´ගාථාවන්ගේ මුල කිමෙක්ද? ඔවුන්ගේ අර්‍ථ උපදවන්නේ කවරෙක්ද? ගාථාවෝ කුමක් ඇසුරුකොට පවත්නෝද? කිමෙක් ගාථාවන්ට ආධාර ස්ථානද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´ඡන්‍දය ගාථාවන්ගේ මුලය. අකුරු ඔවුන් උපදවන්නේය. ගාථාවෝ නාමයන් ඇසුරුකොට ඇත්තෝය. කවි තෙම (පණ්ඩිතයා) ගාථාවන්ට ස්ථානයයි.´´

සවන ජරා වර්‍ගයයි.

අන්ව වර්‍ගය

1. නාම (හෙවත් නාමද්ධභවන) සූත්‍රය.

1. මා විඍින් මෙඍේ අඍන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්ඍේ ඍැවැත් නුවර ඍමීපයෙහි වූ අනේපිඬු ඍිටාණන් විඍින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවඍන ඍේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පඍු එක් දෙවියෙක් බබලන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්ඍේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්ඍේ වැඳ, එකත්පඍෙක උන්නේය. එක් පඍෙක ඍිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්ඍේ ඉදිරියෙහි මෙි ගාථාව කීය.

2. කිමෙක් නම් සියල්ල යටපත්කොට සිටියේද? කිමෙකින් වැඩි දැයෙක් නැද්ද? කිනම් එක් දැයකට සියල්ලම වසඟ වූවෝද?´´

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´නාමය සියල්ල යටපත්කොට ගෙන සිටියේය. නාමයට වැඩියෙන් දෙයෙක් නැත. නාම නමැති එකම දැයකට සියල්ලෝම වසඟ වූවාහු වෙත්.´´

_______

2. චිතත සූත්‍රය.

1. මා විඍින් මෙඍේ අඍන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්ඍේ ඍැවැත් නුවර ඍමීපයෙහි වූ අනේපිඬු ඍිටාණන් විඍින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවඍන ඍේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පඍු එක් දෙවියෙක් බබලන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්ඍේ කරා පැමිණියේය. පැමිණ,

භාග්‍යවතුන් වහන්ඍේ වැඳ, එකත්පඍෙක උන්නේය. එක් පඍෙක ඍිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්ඍේ ඉදිරියෙහි මෙි ගාථාව කීය.

2. ´´කිමෙකින් ලෝ වැස්සා (අරමුණු දෙසට) පමුණුවනු ලැබේද? කිමෙකින් (ඒ මේ අතට) අදිනු ලැබේද? කවරනම් එකම දෙයක වසඟයට සියලු සත්ත්‍වයෝම ගියෝද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´ලෝවැසි තෙම සිතින් (අරමුණු දෙසට) පමුණුවනු ලැබේ. සිතින් (ඒ මේ අතට) අදනා ලැබේ. සියලු සත්හුම සිත නමැති එකම දෙයක වසඟයට ගියේය.´´

__________

3. තණ්හා සූත්‍රය.

1. මා විඍින් මෙඍේ අඍන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්ඍේ ඍැවැත් නුවර ඍමීපයෙහි වූ අනේපිඬු ඍිටාණන් විඍින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවඍන ඍේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පඍු එක් දෙවියෙක් බබලන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්ඍේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්ඍේ වැඳ, එකත්පඍෙක උන්නේය. එක්පඍෙක ඍිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්ඍේ ඉදිරියෙහි මෙි ගාථාව කීය.

2. ´´කිමෙකින් ලෝ වැස්සා අරමුණු අතට යැවේද? කිමෙකින් ඒ මේ අතට ඇදේද? කවරනම් එක් දෙයකට සියල්ලෝම වසඟ වූවෝද?´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´ලෝ වැසි තෙම තණ්හායෙන් අරමුණු අතට යැවේ. තණ්හායෙන් ඒ මේ අතට ඇදේ. තණ්හා නම් එකම ධර්‍මයට සියල්ලෝම වසඟ වූවෝ වෙත්.´´

__________

4. සංයෝජන සූත්‍රය.

1. මා විඍින් මෙඍේ අඍන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්ඍේ ඍැවැත් නුවර ඍමීපයෙහි වූ අනේපිඬු ඍිටාණන් විඍින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවඍන ඍේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පඍු එක් දෙවියෙක් බබලන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්ඍේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්ඍේ වැඳ, එකත්පඍෙක උන්නේය. එක්පඍෙක ඍිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්ඍේ ඉදිරියෙහි මෙි ගාථාව කීය.

2. ´´ලොව කුමක් බැඳුම් කොට ඇත්තේද? එහි ඇවිදින පාදයෝ කවරහුද? කුමක් නම් වෙසෙසින් පහ කිරීමෙන් නිවන වේයයි කියනු ලැබේද?´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´ලොව රාගය බැඳුම් කොට ඇත්තේය. (කාමාදී) විතර්‍කයෝ එහි ඇවිදින පාදයෝයි. තණ්හාව වෙසෙසින් නැසීමෙන් නිවන වේයයි කියනු ලැබේ.´´

__________

5. බන්‍ධන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබලන ශරීර ශෝභා ඇත්තේ සියළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමැණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්ඍේ සමීපයෙහි මේ ගාථාව කීය:

2.´´ ලොව කුමක් බන්‍ධන කොට ඇත්තේද? එහි යන පාදයෝ නමි කවරහුද? කුමක් නමි වෙසෙසින් දුරලීමෙන් සත්ත්‍ව තෙම සියලු බැඳුමි සිඳීද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´ ලොව රාගය බැඳුමි කොට ඇත්තේය. (කාමාදී ) විතර්‍කයෝ එහි යන පාදයෝයි. තණ්හාව හාත්පසින් දුරලීමෙන් සත්ත්‍ව තෙම සියලු බැමිම සිඳලයි.´´

__________

6. අබිභාහත (හෙවත් මචිචුනබිභාහත ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

2. ´´ ලොව කවරක්හු විසින් ලුහුබඳනා ලදද? කිමෙකින් වට කරන ලදද? කවර නමි හුලෙකින් ඇණ බැසගන්නා ලදද? කිමෙකින් හැම කල්හි ඇවිලුණේද? ´´

3. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. ) ´´ ලොව මරහු විසින් ලුහුබඳනා ලද්දේය. ජරායෙන් වට කරන ලද්දේය. තෘස්ණා නමැති හුලෙන් ඇනුමි ලද්දේය. ලාභ ආශායෙන් ඇවිලගන්නා ලද්දේය.´´

7.උඩිඩ්ත ( හෙවත් තණ්හාඋඩිඩ්ත) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

2. ´´ ලෝ වැසි තෙම කිමෙකින් එල්ලන ලදද? කිමෙකින් පිරිවරන ලද්දේද? කිමෙකින් වැසුනේද? ලොව කිමෙක පිහිටියේද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ) ´´ ලෝ වැසි තෙම තණ්හායෙන් එල්ලුනේය. ජරායෙන් පිරිවරන ලද්දේය. ලෝ වැසි තෙම මරණයෙන් වැසුණේය. ලෝ වැසි තෙම දුකෙහි පිහිටියේය.´´

__________

8. පිහිත ( හෙවත් මචිචුපිහිත ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීය:

2. ´´ ලොව කවරකු විසින් වසා ගන්නා ලදද? ලොව කිමෙක පිහිටියේද? ලොව කවරකු විසින් එල්ලන ලදද? ලොව කවරකු විසින් වටකර ගන්නා ලදද? ´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´ ලොව මරහු විසින් වසාගන්නා ලදී. ලොව දුකෙහි පිහිටියේය. ලොව තණ්හාව විසින් එල්ලන ලදී. ජරාව විසින් වට කරගන්නා ලදී. ´´

__________

9. ඉචඡා ( හෙවත් ඉචඡාබද්ධ ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේට මේ ගාථාව කීය:

2. ´´ ලෝ වැසි තෙම කිමෙකින් බැඳේද? කුමක් දුර ලීමෙන් මිදේද? කුමක් නමි විශෙෂයෙන් පහ කිරීමෙන් සියලු බැමි සිඳේද? ´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´ ලෝ වැසි තෙම ආශායෙන් බැඳේ. ආශාව දුරැලීමෙන් මිදේ. ආශාව විශේෂයෙන් පහකර දැමීමෙන් සියලු බැමි සිඳේ. ´´

__________

10. ලොක ( හෙවත් ජස්සුලොක ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දේවතාවෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.

2. ´´ කුමක් උපන් කල්හි ලෝ වැසි තෙම උපන්නේ නමි වෙිද? කිමෙක සඞගමය කෙරේද? ලෝ වැසි තෙම කුමක් ප්‍රත්‍යය කොට ගෙන කිමෙක පෙළේද (වෙහෙසේද)? ´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´ (අධ්‍යාත්මික ආයතන ) සය උපන් කල්හි ලොව උපන්නේ නමි වෙි. ( රූපාදී බාහිර ආයතන ) සයෙහි සඞගමය කෙරෙයි. (අධ්‍යාත්මික ආයතන ) සයම ප්‍රත්‍යය කොට ගෙන ( බාහිර ආයතන ) සයෙහි ලෝ වැසි තෙම පෙළෙයි ( වෙහෙසෙයි ) ´´.

සත්වන අන්ව වර්‍ගයයි.

ආදිත්ත වර්‍ගය

1. ආදිත්ත සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුඵ ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය.

´´ගෙයක් ගිනිගත් කල යම් භාජනයක් එයින් පිටතට ගනියිද, එය ඔහුට වැඩ පිණිස වේ. යමක් එහි දැවේ නම් එය වැඩ පිණිස නොවේ.

´´එසේම ලොව ජරායෙනුත් මරණයෙනුත් ඇවිලගත්තේ වේ. දීමෙන්ම පිටතට ගතයුතු. දෙනලද දේ මැනවින් පිටත්කරන ලද්දේ නම්වේ.

´´දුන් දේ සැප විපාක ඇතිකරන්නේ වේ. ත්‍නාදුන් දේ එසේ සැප විපාක නොදේ. එය සොරු හැරගෙන යත්. රජහු හෝ හැර ගනිත්. ගින්න හෝ දවයි. නැසී හෝ යන්නේය.

´´තවද, වස්තු සහිත ශරීරය මරණයෙන් හැර දමයි. නුවණැත්තේ මෙය දැන තම වස්තුව ප්‍රයෝජනයට ගැනීමද කරන්නේය. දීමද කරන්නේය. එසේ ශක්ති පරිදි සම්පත් අනුභවයද කොට, දීමද කොට, නින්‍දා නොලබන්නෙක්ව දිව්‍ය ලෝකයට (සැප ඇති තැනට) පැමිණෙයි.´´

__________

2. කිංදද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය කල්හි එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුඵ ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

2. ´´කුමක් දෙන තැනැත්තේ ශක්තිය දෙන්නේ වේද? කුමක් දෙන තැනැත්තේ පැහැය දෙන්නේ වේද? කුමක් දෙන තැනැත්තේ සැප දෙන්නේ වේද? කුමක්

දෙන තැනැත්තේ ඇස් දෙන්නේ වේද? සියල්ල දෙන තැනැත්තෙක් වේ නම් කවරෙක්ද? මවිසින් විචාරණ ලද ඔබ මට (මේ) කියාදෙනු මැනවි.

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´ආහාර දෙන තැනැත්තේ ශක්තිය දෙන්නේ වේ. වස්ත්‍ර දෙන්නා වර්‍ණය දෙන තැනැත්තේ වේ. යාන වාහන දෙන තැනැත්තේ සැප පහසු දෙන තැනැත්තේ වේ. එලිය දෙන තැනැත්තේ ඇස් දෙන තැනැත්තේ වේ. යමෙක් වාසස්ථාන දේ නම් ඔහුම සියල්ල දෙන තැනැත්තා නම් වේ. යමෙක් ධර්‍මනුශාසනා කෙරේ නම් ඔහු අමෘත දානය දෙන තැනැත්තේ නම් වේ.´´

__________

3. අන්න සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක උන්නේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

2. ´´දෙවියෝත් මිනිස්සුත් යන දෙකොටස ආහාර පතත්මය. එසේවූ කල කවර නම් සත්‍වයෙක් ආහාරයට සතුටු නොවේද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´යම් කෙනෙක් සර්‍ධායෙන්, වෙසෙසින් පහන්වූ සිවින්, (ආහාර) දෙත්ද, ඒ දානයාගේ විපාකයම මෙලොවත් පරලොවත් ඔහු අනුව යෙයි.

´´එබැවින් මසුරු බව දුරලිය යුතු. මසුරුමළ දුරලා දන් දෙන්නේය. දන් දිය යුතු සත්ත්‍වයන්ට පරලොවදී පුණ්‍යයෝ පිහිට වෙත්´´

__________

4. ඒකමූල සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය කල්හි එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

2. ´´එක් මුලක් (තණ්හාව) ඇති, දියසුළි (දෘෂ්ටි) දෙකක් ඇති, මල (රාග, ද්වෙෂ, මොහ) තුනක්, ශාස්වත උච්ඡේද ඇති, පැතිරීම් (කාම වස්තු) පසක් ඇති, ආවර්‍ත (අධ්‍යාත්මික බාහිර ආයතන) දොළොසක්ද ඇති, පතුළක් නැති සමුද්‍රය (බුද්ධ) මහ ඉර්ෂිතෙම එතර කෙළේය.´´

__________

5. අනොමය (හෙවත් අනොනාම) සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙර යම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

´´සම්පූර්‍ණ නම් ඇති, සියුම් අර්‍ථ දක්නාවූ (අන්‍යයන්ටද) ප්‍රඥාව දෙන්නාවූ, කාම වස්තූන්හි නොඇලුණු, සියල්ල දන්නා, මනා නුවණ ඇති, ආය්‍ර්‍ය මාර්‍ගයෙහි ගිය ඒ (බුද්Ȁdධ) මහා ඉර්ෂිහු බලවු.´´

__________

6. අච්ඡරා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණ්න් විසින් කරවනලද ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

2. ´´ දිව්‍ය ස්ත්‍රී සමූහයාගේ ඝෝෂා සහිතවූ, දිව්‍ය ස්ත්‍රූී නමැති පිශාච සමූහයා විසින් සේවනය කරනලද, ඒ උයන මෝහන නමි. මෙයින් නික්මීම කෙසේනම් වන්නේද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´ඒ මාර්‍ගය, ඎජු මාර්‍ගයකි. එයින් යන ඒ දිශාව (භය නැති) දිශාවකි. ධර්‍ම චක්‍ර දෙකින් යුත් ඒ රථය (බර වැඩි වීමෙන් හෝ තෙල් නොදැමීමෙන් හෝ) හඬ නොනගන්නේ වෙයි.

´´හිරි ඔතප් දෙක (හේත්තුවන) පුවරුවය. සිහිය එහි පිරිවර උපකරණය. ධර්‍මය රියැදුරායයි මම කියමි. විදර්‍ශනා සම්‍යග්දෘෂ්ඨිය (රජු යන රථයට පෙරටුව යන පුරුෂයා මෙන් මාර්‍ග ෂම්‍යක්දෘෂ්ඨියට) පෙරටුව යන්නාහ.

´´ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ යමකුහට මෙබඳු රථයක් වේ නම්, ඒකාන්තයෙන් හෙතෙම ඒ රථයෙන් නිවන් වෙතම යෙයි.´´

__________

7. වනරොප සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක උන්නේය, එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.

2. ´´දහවලුත් රෑත් හැමවිටම කවුරුන්ගේ පින් වැඩේද? සුගතියට යන ධර්‍මස්ථයෝ (ධර්‍මයෙහි පිහිටියෝ) නම් කවුරුද? සිල්වත්තු නම් කවුරුද?

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´යම් ජනයෝ මල් වතු පලතුරු වතු (ආරාමයන්) වවන්නෝද, වන ලැහැබ් වවන්නෝද, හේදඬු පාලම් ආදිය කරවන්නෝද, යම් කෙනෙක් පැන්හලුත් වැව් පොකුණුත් කරවන්නෝද, වාසස්ථාන දෙන්නෝද, දිවා රෑ හැම විටම ඔවුන්ගේ පින් වැඩේ. මරණින් පසු ස්වර්‍ගයට යන, දහම්හි පිහිටි සිල්වත්තුත් ඒ ජනයෝයි.´´

__________

8. ජේතවන (නොහොත් ඉදඤ්හි) සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු ´අනාථපිණ්ඩික දෙව්පුත්´ බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි අනාථපිණ්ඩික දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

´´භික්‍ෂු සමූහයා විසින් නිතර සෙවුනා ලද, ධර්මරාජයානන් වහන්සේ විසින් වාසය කරන ලද මේ ජේතවනය වනාහි මට ප්‍රීතිය උපදවන්නේය.´´

´´කර්‍මයද (මාර්‍ග චේතනාවද), විද්‍යාවද (මාර්‍ග ප්‍රඥාවද), (සමාධිපාක්‍ෂික) ධර්‍මයද, ශීල සම්පන්න උතුම් ජීවිතයද, යන මෙයින් සත්ත්‍වයෝ ශුද්Ȁdධවෙත්. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් ශුද්Ȁdධනොවෙත්.´´

´´එබැවින්ම තමාගේ දියුණුව දක්නා නුවණ ඇති පුරුෂ තෙම නිසි මගින් ධර්‍ම සෙවිය යුතු. මෙසේ ඒ ආය්‍ර්‍ය මාර්‍ගයෙහි හෙතෙම පිරිසිදු වෙයි.´´

´´ප්‍රඥායෙන්ද, ශීලයෙන්ද, කෙලෙස් සංසිඳුවීමෙන්ද, ශාරීපුත්‍රයන් වහන්සේම උතුම්හ. පරතෙර පැමිණි යම් භික්‍ෂුවෙක් වේ නම් හේ මේ සැරියුත් තෙරුන් පරම කොට ඇත්තේම වන්නේය.´´

__________

9. මච්ඡෙර (නොහොත් මච්ඡරි ) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ආරාමයෙහි වැඩවසන සේක.එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය, එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

2. ´´දැඩි මසුරුකම් ඇති, ක්‍රොධ කරන, අනුන් දන්දෙන කල්හි එයට අන්තරාය කරන, යම් මසුරු කෙනෙක් මෙලොව වෙත් නම්, ඔවුන්ට විපාකය ඔවුන්ගේ පරලොව ගතියත් කෙසේද? ඔබ වහන්සේගෙන් මෙය විචාරා දැනගන්නට අවුත් සිටුම්හ. එය අපි කෙසේ දැන ගනුමෝද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´දැඩි මසුරුවූ, සිඟන්නනට නින්‍දා කරන, දන් දෙන අන්‍යයන්ගේ ඒ දානයට අන්තරාය කරන, යම් මසුරු කෙනෙක් මෙලොව වෙත්ද, ඔවුහු මරණින් මතු නිරයට හෝ තිරිසන් යෝනියට හෝ යමලෝකයට හෝ පැමිණෙන්නාහ.´´

´´ඉදින් ඔවුහු (පසු) මිනිස් බවට එන්නාහු නම්, යම් කුලයෙක රෙදිපිළි, ආහාරපාන, කම්සැප ක්‍රීඩා දුකසේ ලැබේ නම් එබඳු කුලයෙහි උපදනාහ.´´

´´(ඒ) අඥානයෝ අනුන්ගෙන් යමක් පතන්නාහු නම්, එයද ඔවුන්ට නොලැබේ, මේ ඔවුන්ට මේ ආත්මයෙහි ලැබෙන විපාකයයි. ඔවුන්ට මරණින් පසු දූගතියෙහි උත්පත්තියද වේ.´´

4. දෙවිතෙම මෙසේ කීවේය.) ´ගෞකමයන් වහන්ස, මෙය මෙසේ දැනගතිමු. දැන් අන් කරුණක් විචාරමු, යම් කෙනෙක් මිනිස් බව ලද්දාහුද ඔවුහු තමන් වෙත පැමිණියවුන්ගේ වුවමනා වටහාගෙන දෙන පහවූ මසුරුබව ඇත්තාහු, බුදුන් කෙරෙහිත් ධර්‍මයෙහිත් සංඝයා කෙරෙහිත් පැහැහැදුණු දැඩි ගෞරව ඇත්තාහු වෙත් නම්, ඔවුනට (වන) විපාකය කෙබඳුද? ඔවුන්ගේ පරාලාව ගතිය තෙබඳුවේද? භවතුන්ගෙන් විචාරන්නට අවුත් සිටිමු. එය අපි කෙසේ දැන ගනිමුද?´

5. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´මෙහි මිනිස් බව ලත් යම් කෙනෙක් තමන් වෙත පැමිණියවුන්ගේ වුවමනා වටහා ගෙන දන් දෙත්ද, මසුරුකම පහකළෝ වෙත්ද, බුදුන් කෙරෙහි ධර්‍මය කෙරෙහි සංඝයා කෙරෙහි පැහැදුණාහු දැඩි ගෞරව ඇත්තාහුද, ඔවුහු යම් ඒ (ස්වර්‍ගයක උපදනාහු)ද, එහි බබළත්.´´

´´ඉදින් ඔවුහු මිනිසත් බවට එන්නාහු නම්, යම් තැනෙක වස්ත්‍රාභරණ, ආහාරපාන, කම් සැප හා ක්‍රීඩා නිරායාසයෙන් ලැබේද, එසේවූ උසස් කුලයක උපදිත්.´´

´´එසේ උසස් කුලයේ උපන් ඔවුහු අනුන් රුස්කොට තැබූ වස්තුව එහි අයිතිකාරයන් මෙන් බුත්ති විඳිත්. මේ මේ ආත්මයෙහි ලැබෙන විපාකයයි. ඔවුන්ට මරණින් පසු වනාහි සුගතියෙහි උත්පත්තිය වේ.´´

__________

10. ඝටීකාර සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු ඝටීකාර බ්‍රහ්මතෙම බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි ඝටීකාර බ්‍රහ්මකෙම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය.

2. ´´භික්‍ෂූන් සත් නමක් අවිහ බඹලොවට (උත්පත්ති වශයෙන් ) පැමිණියාහු, කෙලෙසුන්ගෙන් මිදුණෝ රාග ෙවෂයන් නැසුවෝ, ලොව ඇල්ම (තෘෂ්ණාව) තරණය කළහ.´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´කෙලෙස් මඩ ඇති, තරණයට දුෂ්කරවූ, සංසාර සාගරය ඒ කවර කෙනෙක් නම් තරණය කළෝද? කවුරු නම් මිනිස් කය (ඔරංභාගිය සංයෝජන) හැර දිව්‍යයෝගය (උද්දංභාගිය සංයෝජන) ඉක්මවා ලූවෝද?´´

4. (ඝටීකාර බ්‍රහ්මයා මෙසේ කීය.) ´´උපකද පලගණ්ඩද පුක්කුසාතිද යන ඔවුහු තුන්දෙනාත්, භද්දියද ඛන්ඩදෙවද භාහුරග්ගියද පිඞගියද යන මොවුහුක් (සක්දෙන) මනුෂ්‍ය දේශය හැර, දිව්‍යයෝගයද ඉක්මවූහ.´´

5. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) මරහුගේ මළපුඩුව දුරැලූ ඔවුන්ගේ ගුණ පණ්ඩිතවූ ඔබ කීයෙහිය. ඔවුහු කාගේ ධර්‍මයක් දැනගෙන සසර බැම්ම සිඳලූහුද?´´

6. (ඝටීකාර බ්‍රහ්මයා මෙසේ කීය.) ´´ස්වාමීනි, ඔවුහු යමෙකුගේ ධර්‍මය දැන සසර බැම්ම සින්දෝ නම්, ඒ භාග්‍යවතුන් වහන්සේගේ මීස අනෙකෙකුගේ නොවේ. ඔබගේ ශාසනය මිස අනෙකක් නොවේ.´´

´´යම් තැනෙක්හි (නිවනෙක්හි) සියලු නාමයත්, සියලු රූපයත් නිරුද්Ȁdධ වේද, (ඒ නිර්‍වාණ) ධර්‍මය ඔවුහු මේ සස්නෙහි දැන සසර බැම්ම සින්දහ.´´

7. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´දුකසේ දතයුතු අර්ථ ඇති, දුකසේ අවබෝධ කටයුතු අර්ථ ඇති, ගැඹුරු බසක් කියෙහි, යුෂ්මත් තෙම කාගේ ධර්‍මයක් දැනගෙන මෙබඳු බසක් කීයෙහිද?´´

8. (ඝටීකාර බ්‍රහ්මතෙම මෙසේ කීය.) ´´ස්වාමීනි, මම පෙර වේහලිඞග ගම වළන් සාදන (ඝටීකාර නම් කුඹලෙක් වීමි. මව් පියන් රැත බලා ගන්නා ඒ මම කාශ්‍යප ශාස්තෘාන් වහන්සේගේ උපාසකයෙක් වීමි.´´

´´මෛථූන සේවනයෙන් වැළකුණෙක් වීමි. නිරාමිෂ බ්‍රහ්මචාරී (අනාගාමී) වීමි. ඔබ හා එකම ගම වසන්නෙක් වීමි. ඒ පෙර ආත්මයෙමි ඔබගේ යහළුවා වීමි. ´´ඒ මම රාග ෙවෂ ක්‍ෂයකළ, ලොව තණ්හාව ඉක්මවූ, අර්හත් භාවයෙන් (කෙලෙසුන්ගෙන් ) මිදුණු මේ භික්‍ෂූන් සත්දෙනම දනිමි.´´

ඤෆු 37රැ%

9. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´කුම්භකාරය, ඔබ යම්සේ කීයෙහිද එසේම එය විය. පෙර ඔබ වේහලිඞග ගම වළන් සාදන කුඹලෙක් වූයෙහි, මවුපියන් රක්නෙක් වූයෙහි, කාශ්‍යප ශ්‍රාවකවූ උපාසක වූයෙහි.

´´මෛථුන ධර්‍මයෙන් වැළකුණු, නිරාමිෂ බ්‍රහ්මචාරී වූයෙහි. මගේ ගමෙහි වැසියෙක් වූයෙහි. පෙර මගේ මිත්‍රයා වූයෙහි.´´

10. (මෙසේ භාවනායෙන් වැඩූ සිතැති, අන්තිම සිරුරු දරන, පැරැණි යහළුවන් දෙදෙනාගේ මේ සංගමය විය.´´

පස්වන ආදිත්ත වර්‍ගයයි.

සත්ති වර්‍ගය

1. සත්කි සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීයේය:

´´හුලකින් අනින ලද්දකු මෙන්ද, හිස ගිනි ඇවිල ගත්තකු මෙන්ද, මහණ තෙමේ කාමරාගය නසනු පිණිස සිහි ඇතිව වසන්නේය.´´

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) ´´හුලකින් අනින ලද්දකු සේත්, හිස ගිනි ඇවිලගත්තකු සේත් මහණ තෙමේ සක්කායදෘෂ්ටිය නසනු පිණිස සිහි ඇතිව (අප්‍රමාදව) වසන්නේය.´´

__________

2. ඵුසති සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල වනාහි රක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ. භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.

එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීයේය:

´´කර්‍මය ස්පර්‍ශ නොකරන්නා ස්පර්‍ශ නොකෙරේ. (කර්‍ම ත්‍නාකරන්නාහට විපාක නොලැබේ.) කර්‍මය ස්පර්‍ශ කරන්නහුම විපාකතෙමේ ස්පර්‍ශ කෙරේ (කර්‍ම ඛරන්නාහටම විපාකය වේ.) එහෙයින් නොකිපුණාවූ පුද්ගලයන්ට ද්වේශ කරන, පාප කර්‍ම ෂ්පර්‍ශ කරන්නහු (පව් කම් කරන්නා) වහි නපුරු විපාකය තෙමේ ස්පර්‍ශ කරයි. (ඔහුට ඒ පව්කම්හි විපාක ලැබේ.)´´

(භාග්‍යන්‍තුන් වහන්සේ මෙසේ වදාළසේක:) ´´කිසිවෙකුට වරද (ද්වේෂ) නොකළ, නිරපරාධ (පිරිසිදු)වූ, කෙළෙස් නැති සත්ත්‍වයකුට (යමෙක්) වරද කෙරේද, ඒ පාපයම උඩුසුළඟට දැමූ සියුම් දූවිල්ල සේ දුක් විපාක වශයෙන් ඒ අඥානයා කරාම පෙරළා එයි.´´

__________

3. ජටා සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

එකත්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීයේය:

´´ඇතුළතද අවුල්ය. පිටතද අවුල්ය. සත්ත්‍ව සමූහයා අවුලෙන් බැඳුණේය. ගෞතමයන් වහන්ස, කවරෙක් මේ අවුල බේරිය හැකි වන්නේද? එය ඔබ අතින් විචාරමි´´

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)

´´නුවණැති යම් කෙනෙක් ශීලයෙහි පිහිටා, චිත්තයත් (සමාධියත්), ප්‍රඥාවත් (විදර්‍ශනාවත්) වඩන්නේද, කෙලෙස් තවන වීය්‍ර්‍ය උැති, ස්ථානොචිත ප්‍රඥාවෙන් යුක්තවූ (සසර බිය දක්නා ගති ඇති) ඒ භික්‍ෂු තෙම මේ අවුල බේරිය හැකි වන්නේය.

´´රාගයත්, ද්වේෂයත්, අවිද්‍යාවත් යම් කෙනෙකුන් විසින් දුරලන ලද්දාහුද, ඔවුහු ආශ්‍රව (කෙලෙස්) දුරලූ රහත්හු වෙති. ඔවුන් විසින් මේ අවුල ලිහන ලදී.

´´යම් තැනෙක නාමයත්, රූපයත් නොඉතිරිවම නිරුද්ධ වේද, කාම භවයත්, රූප භවයත් අරූප භවයත් නැසේද එතැනදී මේ අවුල සිඳීයෙයි.´´

__________

4. මනො නිවාරණ සූත්‍රය.

මා විසින් මෙසේ අසනලදී. එත් තලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලදජේතවනාරාමයෙහි වැඩවසන සේත.

එකල වනාහි එකතරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

එකත් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´යමෙකින් යමෙකින් සිත වළක්වා ගන්නේ නම්, ඒ ඒ දෙයින් ඔහුට දුකෙක් නොපැමිණේ. එබැවින් සියල්ල කෙරෙන්ම සිත වළක්වා ලන්නේ නම් ඔහු සියලු දුකින් මිදේ.´´

. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.)

´´සිත සියල්ලෙන්ම නොවළකන්නේය. (වැළකිය යුතු නොවේ.) සංයත බවට පැමිණි සිත නොම වළකන්නේය. යමෙකින යමෙකින් අකුසල් උපදනේ නම්, ඒ ඒ දෙයින් සිත වළක්වා රැකගන්ාන්ය.´´

__________

5. අරහන්ත සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සිවිත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැ්මිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.

එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:

´´සිවු මගින් කළ යුතු දෙ කොට නිමවූ, කෙලෙස් නැසූ, අන්තිම ආත්ම බව දරන යම් රහත් භික්‍ෂුවෙක් වේනම්, ඔහු ´මම කිසමි´ කියාත් කියන්නේද? ´(ඔවුහු) මට කියති´ කියාත් කියන්නේද?´´

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´කළ යුතු දේ කොට නිමවූ, කෙලෙස් නැසූ, අන්තිම ආත්ම බව දරන්නාවූ, යම් රහත් භික්‍ෂුවෙක් වේ නම්, ඔහු ´මම කියමි´ කියාත් කියන්නේය. ´මට කියත්ය´ කියාත් කියන්නේය. නුවණැති ඔහු ලෝක ව්‍යවහාරයද දැන ව්‍යවහාර මාත්‍රයෙන් (´මම කියමි´, ´මට කියති´ යනාදිය) ව්‍යවහාර කරන්නේය.´´

´කළයුතු දේ කොට නිමවූ, කෙලෙස් නැසූ, අන්තිම ආත්ම බව දරන, යම් රහත් භික්‍ෂුවෙක් වේ නම්, ඔහු මානය නිසා හෝ ´මම කියමි´ කියාත් ´මට කියති´ යි කියාත් කියන්නේද?´´

´´ඔහුගේ මානය ප්‍රහීණය. මාන (ගැට) ඔහුට නැත. ඔහු විසිත් සියලු මාන ගැට හාත්පසින් නසනලදී. මනා නුවණැති ඔහු තණ්හා ඉක්මවූයෙක. (එසේවූ) ඔහු ´මම කියමි´ කියාද, ´මට කියති´ කියාද කියන්නේය. නුවණැති ඔහු ලෝක ව්‍යවහාරයද දැන හුදෙක් ව්‍යවහාර වශයෙන් (´මම´, ´මට´ යන ආදිය) කියන්නේය.

__________

6. පජ්ජොත සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය..

එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:

´´යමෙකින් ලොව බබළා නම්, ඒ ලොව එලිය කරන දේ කොතෙක්ද? භාග්‍යවතුන් වශන්සේ වෙතින් විචාරන්නට අවුත් සිටිමු. අපි එය කෙසේ නම් දැන ගනිමුද?´´

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´ලොව එළිය කරන දේ සතරෙකි. මෙහි පස්වැන්නෙක් නැත. දහවල් හිරු බබළයි. රෑ සඳු බබළයි. තවද දිවා රෑ දෙක්හි ගින්න ඒ ඒ තැන බබළයි. සම්බුද්ධයන් වහන්සේ බබළන්නවුන් අතරෙහි ශ්‍රෙෂ්ඨය. මේ හැමටම වැඩි තරම්වූ ආලෝකයයි.´´

__________

7. සර සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.

එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´(සංසාර) කඳුරැළි කොතන්හි නවතීද? (සංසාර) දියසුලිය කොතැනදී නවත්නේද? නාමයත් රූපයත් කොතැනදී නොයිතිරිව නැතිවේද?´´

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´යම් තැනෙක ආපෝ ධාතුවත්, පඨවි ධාතුවත්, තේාජා් ධාතුවත්, වායෝ ධාතුවත් නොපිහිටාද, (ඒ මේ නිවනෙහි) සසර කඳුරැළි නවතී. (ඒ මේ නිවනෙහි) සසර දිය සුලිය නොපෙරළෙයි. (ඒ මේ නිවනෙහි) නාමයත් රූපයත් මුඵමනින් නැතිවේ.´´

__________

8. මහද්ධන සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල වනාහි එකතරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

එත් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ මෙීපයෙහි මේ ගාථාව කීය:

´´මහත් ධන ඇති, මහත් වස්තු ඇති, රටවල් අයිති රජහු පවා කාමයන්හි තෘප්තියට නොපැමිණියාහු එකෙක් අනෙකකුගේ වස්තුව පතත්. ඔවුන් සසර මහ වතුර අනුව යන්නන්ව උත්සාහීවූ කල්හි මෙහි (ලොව) කවුරුනම් තණ්හාව දුරැලුවෝද? ලොව කවුරු නම් උත්සාහ නැත්තෝද?´´

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´ගිහි ගෙය හැර ප්‍රියවූ දරුවන්ද, ගව මහිෂාදී සිවුපා සමූහයාද හැර පැවිදිවූ, රාගයත් ෙවෂයත් දුරලා අවිද්‍යාවත් පහකොට සිටි, කෙලෙස් නැසූ ඒ රහත්හු ලොව කාමයන් සෙවීම් ආදියෙහි උත්සාහ නැත්තෝය.´´

__________

9. චතුචක්ක සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැක් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහත්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත් පසෙක සිටියේය.

එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´මහා වීරයන් වහන්ස, රෝද ෂතරක් ඇති, දොර නවයක් ඇකිථ අසූචියෙන් පිරුණු, ලෝභයෙන් යුක්තවූ, මඩෙන් උපන් ශරීරයාගේ එතරවීම කෙසේ වන්නේද?´´

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´බද්Ȁdධ වෛර නමැති ලනුවද, (කෙලෙස් නමැති) වරපටද, (නොලත් දේ පැතුම නම්) ලාමකවූ ඉච්ඡාවද, ලත් දැයෙහි ඇල්මද, සිඳ දමා, (අවිද්‍යා නමැති) මුල සහිත තණ්හාව උදුරා දැමීමෙන් මෙසේ ශරීරයාගේ එතරවීම වන්නේය.´´

__________

10. ඵණිජඞඝ සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

එකත්පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´ඒණි මුවෙකුගේ බඳු වට කෙණ්ඩා ඇති, කෘශවූ, ස්වල්පාහාර ඇති, ලොල් බැව් නැති, හුදෙකලිව හැසිරෙන සිංහයෙකු බඳු, ඇතකු බඳු, කාම අපේක්‍ෂා නැති, වීරයන් වහන්සේ කරා එළඹ විචාරම්හ: දුකින් කෙසේ මිදෙමුද?´´

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´ලොව මනැස සවැනි කොට ඇති පඤචකාම බන්‍ධන ප්‍රසිද්ධයහ. මෙහි ඇල්ම දුරලීමෙන් මෙසේ දුකින් මිදේ´´

තෙවැනි සත්ති වර්‍ගසසි.

දෙවෙනි පජ්ජුන්නධීතු සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසාලාමහනුවර සමීපයෙහි මහවනයෙහි කූටාගාර ශාලා විහාරයෙහි වසන සේක. එකල පජ්ජුන්න දෙවිහුගේ (බාල) දූ වූ චුල්ල කොකනදා තොම රෑ පෙරයම ඉක්මගිය පසු මනා වර්‍ණ ඇත්තී මුඵ මහවනය බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාය. එක් පසෙක සිටි පජ්ජුන්නගේ දූ වූ චුල්ල කෝකනදා තොම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීවාය.

´´පජ්ජුන්නගේ දූ වූ විදුලිය පැහැ බඳු වර්‍ණ ඇති කොකනදා බුදුන්ද, දහම්ද, වඳින්නී (දැන්) මෙහි ආවාය. (ඕ තොමෝ අර්‍ථවත්වූ මේ ගාථා කීය.)

´´ධර්‍මය විස්තර කරන්නෙම් නම් බොහෝ ආකාරයෙන් විස්තර කළ යුත්තකි. (එහෙත්) යම්තාක් මවිසින් සිතින් පුහුණු කරන ලද නම් කොටින් එපමණක් කියන්නෙමි.

´´වචනයෙන් හෝ සිතින් හෝ කයින් හෝ මුඵ ලොව කිසිදු පවක් නොකට යුතුයි. සිහි නුවණැත්තේ පඤචකාම සම්පත් (විඳීම)ද හැර, අනර්‍ථය පිණිස පවත්නා කයට දුක් දීමද සේවනය නොකරන්නේය.

සිවු වන සතුල්ලපකායික වර්‍ගයයි.´´

පළමුවන පජ්ජුන්නධීතු සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලාමහනුවර සමීපයෙහිවූ මහවනයෙහි කූටාගාර ශාලා විහාරයෙහි වසන සේක. එකල්හි වනාහි පජ්ජුන්ත දෙවිහුගෙ දූ වූ කෝකනදා දෙවඟන රෑ පෙරයම ඉක්මුණු පසු බබළන ශරීර ප්‍රභා ඇත්තී සියලු මහාවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාය. එක් පසෙක සිටි පජ්ජුන්න දෙවියාගේ දූ වූ කෝකනදා දෙව්දූ තොම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීවාය.

(´´වහන්ස,) විසාලාමහනුවර සමීපයෙහි මහවනයෙහි වසන සත්ත්‍ව සමූහයාට අග්‍රවූ සම්බුද්ධයන් වහන්සේ කෝකනදා නම්වූ මම හොඳින් වඳිමි. පජ්ජුන්නගේ දූවූ කෝකනදා මම වෙමි.

´´පසැස් ඇති තථාගතයන් වහන්සේ විසින් ධර්‍මය අවබෝධ කරන ලදැයි පෙර මවිසින් අසනලද පමණක්ම විය. ඒ මම දැන් දහම් දෙසන සුගත් මුනිහුගේ ධර්‍මය ප්‍රත්‍යක්‍ෂයෙන් දනිමි. යම් අනුවණ කෙනෙක් ආය්‍ර්‍ය ධර්‍මයට නින්‍දා කෙරෙමින් හැසිරෙක්ද, ඔවුහු දරුණුවූ නපුරු නරකයට පැමිණෙත්. (එහි) බොහෝ කාලයක් දුක් විඳිත්.

´´යම් කෙනෙක් වනාහි ආය්‍ර්‍ය ධර්‍මයෙහි ක්‍ෂාන්තියෙන්ද, කෙලෙස් සන්සිඳීමෙන්ද යුක්ත නම්, ඔවුහු මනුෂ්‍යාත්මය හැර දෙව් පිරිස පුරා ලන්නාහ. (දෙව් ලොව උපදනාහ.)´´

සකලික සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි මද්දකුච්ඡි නම් මුව වෙනෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේගේ පාදයෙහි ගල් පතුරක් වැදුනේය. (එයින්)

භාග්‍යවතුන් වහන්සේට දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, බලවත් කායික දුක් වේදනාවෝ උපන්හ. භාග්‍යවතුන් වහන්සේ වනාහි එළඹ සිටි සිහි ඇතිසේක්, නුවණ ඇති සේක්, එහෙයින් නොපෙළෙන්නාහු ඒ වේදනාවන් ඉවසන සේක.

2. එකළ භාග්‍යවතුන් වහන්සේ සඟළ සිවුර සතර පටක් කොට පණවාගෙන දකුණු පය පිට වම් පය මඳක් ඉක්මවා තබා සිහිනුවණැතිව දකුණු ඇලයෙන් (සිංහයෙකුගේ නිදීමට බඳු) ශයනය කළ සේක.

3. එකල්හි වනාහි සත්සියයක් සතුල්ලපකායික දෙවියෝ රෑ පෙරයම ඉක්මුණු පසු බබළන ශරීර ශෝභා ඇත්තාහු සියලු මද්දකුච්ඡි වනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ වෙක පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියහ.

4. එවිට එක් පසෙක සිටියාවූ එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍ය පහළ කෙළේය.

´´ස්වාමීනි, පුදුමයෙකි´. ශ්‍රමණ ගෞතම තෙම හස්තියෙකි. එසේ ඇතෙකු බැවින්ම තමහට ඇතිවූ දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, ශරීරගත වේදනාවන් සිහිනුවණ ඇතිව පීඩා නොවිඳිමින් ඉවසයි.´´

5. ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේය.

´´ස්වාමීනි, පුදුමයෙකි´. ශ්‍රමණ ගෞතම තෙම සිංහයෙක. සිංහයෙකු නිසාම, ඇතිවූ දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, ශරීරගත වේදනාවන් සිහි නුවණ ඇතිව නොපෙළෙමින් ඉවසයි.´´

6. ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේය.

´´ස්වාමීනි, පුදුමයෙකි´. ශ්‍රමණ ගෞතම තෙම ආජානීයයෙක´. ආජානීය බැවින්ම හටගත් දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, ශාරීරික වේදනාවන් සිහි නුවණ ඇතිව නොපෙළෙමින් ඉවසයි.´´

7. ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේය.

´´පින්වත්නි පුදුමයකි´. ශ්‍රමණ ගෞතම තෙම (ගවයන් ලක්‍සයකට අධිපතිවූ නීසහයෙක) අප්‍රතිසමයෙක.සමාන කිරීමට අනිකෙක් නැත්තෙක). අප්‍රතිසම බැවින්ම හටගත් දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, ශාරීරික වේදනාවන් සිහිනුවණින් යෙදී පීඩා නොලබමින් ඉවසා´´යි.

8. ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කෙළේය.

´´පින්වත්නි, පුදුමයකි´. ශ්‍රමණ ගෞතම තෙම බර උසුලන්නෙකි. බර උසුලන්නෙකු හෙයින්ම හටගත් ශාරීරිකවූ, දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, වේදනාව සිහිනුවණින් යෙදී පීඩා නොලබමින් ඉවසා´´යි.

9. ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේය.

´´ස්වාමීනි, පුදුමයකි´. ශ්‍රමණ ගෞතම තෙම දැමුණු කෙනෙක, දැමුණු බැවින්ම ශාරීරිකවූ දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, වේදනාවන් සිහි නුවණින් යෙදී පීඩා නොලබමින් ඉවසා´´යි.

10. ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේය.

´´බලන්න, හොඳින් වඩනාලද සමාධියක්´. නොනැමුණු, අරමුණින් ඉවතට නොනැමුණු, අනුන්ගේ

මෙහෙයීමෙන් කෙලෙසුන් මැඩ, ඔවුන් වළක්වාලීම් නැති තැන්පත්වූ සිතක්.´ මෙබඳුවූ පුරුෂ ඇතෙකු, පුරුෂ සිංහයෙකු, පුරුෂාජානීයකු, අසම පුරුෂයකු, පුරුෂ ධෝරය්හයකු, පුරුෂදාන්තයකු, පෙළියයුත්තකු කොට යමෙක් සිතන්නේ නම්, එය ඔහුගේ අඥාන බව විනා අන් කිමෙක්ද?´´

´´වේද පහ දරන්නාවූ අවුරුදු සියයක් තවුස්දම් රකිමින් හැසිරෙන බමුණෝ වෙද්ද, ඉදින් ඔවුන්ගේ සිත මනාකොට නොමිදුනේ නම්, හීන බව (මාර්‍ග ඵල නොලත් බව) ස්වභාව කොට ඇති ඔවුහු නිවන් කරා යන්නෝ නොවෙත්.

´´තණ්හාවෙන් මැඩුණු ව්‍රත හා ශීලයෙන් බැඳුනු තැනැත්තෝ අවුරුදු සියයක් රූක්‍ෂ තපස් කරන්නෝ නමුත්, ඔවුන්ගේ සිත මනාව නොමිදුනේ නම් පිරිහුණු බව ස්වභාවකොට ඇති ඔවුහු නිවන් වෙත යන්නෝ නොවෙත්.

´´මෙලොව මානය පතන්නහුගේ සිතේ දමනයක් නැත. එකඟ නොවූ සිතැති ඔහුගේ චතුරාය්‍ර්‍ය සත්‍යය දැනීමෙක් නැත. පමා තැනැත්තේ හුදකලාව වනයෙහි වසන්නේ නමුදු සසරින් පරතෙරට යාගත නොහැක්කේය.´´

(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´මානය දුරලා මනාව එකඟ නර ගත් සිතැත්තේ, නුවණින් යුක්තවූයේ, සියලු ලෙසින් මිදුණු තැනැත්තේ හුදෙකලාව අප්‍රමාදව වනයෙහි වසන්නේ, ඔහු සසරින් එගොඩට යන්නේය.´´

සමය සූත්‍රය

1.මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සියල්ලන්ම රහතුන්වූ, භික්‍ෂූන් පන්සියයක් පමණවූ මහද් ඝික්‍ෂු සමූහයා හා ශාක්‍ය රටෙහි කපිලවස්තු නගරය සමීපයේ මහා වනයෙහි වාසය කරන සේක. භාග්‍යවතුන් වහන්සේත්, භික්‍ෂු සංඝයාත් දැකීම පිණිස දසදහසක් සක්වළින් දෙවතාවෝ බොහෝ සෙයින් රැස් වූවාහුය.

2. එකල්හි වනාහි ශුද්ධාවාස බ්‍රහ්මලෝකවාසී දෙවියන් සතරදෙනෙකුන්ට මේ සිත විය. ´´මේ භාග්‍යවතුන් වහන්සේ වනාහි සියල්ලන්ම රහතුන්වූ භික්‍ෂූන් පන්සියයක් පමණවූ මහද් භික්‍ෂු සමූහයා හා සමගව ශාක්‍ය රටෙහි කිඹුල්වත් පුර සමීපයෙහිවූ මහ වනයෙහි වාසය කරන සේක. භාග්‍යවතුන් වහන්සේත් භික්‍ෂු සංඝයාත් දැකීම පිණිස දසසහස්‍ර ලෝක ධාතුවෙහි දේවතාවෝ බොහෝ සෙයින් රැස් වූවාහු වෙත්. අපිත් භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණෙන්නමෝ නම්, පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි වෙන වෙනම ගාථාවක් (බැගින්) කියන්නමෝ නම් ඉතා යෙහෙක.´´

3. ඉක්බිති ඒ දෙවතාවෝ ශක්තිමත් පුරුෂයෙක් යම්සේ හැකුඵෑ අතක් දික් කරන්නේද, දික් කළ අතක් හකුළන්නේද, එමෙන්ම ශුද්ධාවාස බ්‍රහ්ම ලොකයෙහි අතුරුදහන් වූවාහු, භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළවූහු.

4. ඉක්බිති ඒ දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ, පසෙක සිටියහ. පසෙක සිටිඑක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.

´´වනයෙහි මහා සමූහයෙකි. දේව සමූහයෝ එක් රැස් වූවාහ. අපිදු කිසිවකු විසිනුදු පැරදවිය නොහෙන, සංඝයා දැකීම සඳහා මේ ධර්‍ම සමාගමයට ආවෙමු.´´

5. එවිට අන් දෙවියෙක් භග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.

´´ඒ ධර්‍ම සමාගමයෙහි භික්‍ෂූහු තමන් සිත් සමාධියෙහි යෙදූහ. ඎජු කළහ. යොත් අල්ලාගෙන ඉන්නා රියැදුරන් මෙන් නුවණ ඇත්තෝ ඉන්‍ද්‍රියයන් රකිත්´´

6. එවිට අන් දෙවියෙක් භග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.

´´පසැස් ඇති ශාස්තෘාන් වහන්සේ විසින් මනාකොට හික්මවනලද, තරුණ ඇතුන් බඳුවූ, (රාග, ෙවෂ, මෝහ නමැති) කණුව සිඳ, (රාග, ෙවෂ, මෝහ නමැති) අගුල සිඳ, (රාග, ෙවෂ, මෝහ නමැති) එළිපත උදුරා, තණ්හා කම්පන රහිත වූවාහු, උප ක්ලේශ නැත්තෝව, නිර්‍මලව හැසිරෙත්.´´

7. එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.

´´යම් කෙනෙක් බුදුන් සරණ ගියෝ නම්, ඔවුහු අපාය භූමියට නොයන්නාහ, ඔවුහු මිනිසත් බව හැර දෙව් පිරිස පුරාලන්නාහ.´´

ශ්‍රද්ධා සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල්හි වනාහි බොහෝ සතුල්ලපකායික දෙවියෝ රෑ පෙරයම ඉක්මුණු පසු බබළන ශරීර ප.්‍රභායෙන් සියලු ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක සිටියහ.

2. එක් පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වශන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.

´´ලෞකික ලෝකෝත්තර සැප කරා යන පුරුෂයාට ශ්‍රද්ධාව ඔහු සමග යන දෙවැන්නා වෙයි ඔහු අශ්‍රද්ධායෙහි බැස නොසිටී නම් ඒ හේතුයෙන් ඔහුට පිරිවරද, කීර්තියද වෙයි. මේ ශරීරය හැර ඔහු ස්වර්‍ගයටද යෙයි.´´

3. එකල අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කීය.

´´ක්‍රෝධය නසන්නේ නම්, මානය දුරු කරන්නේ නම්, සියලු සංයෝජන ඉක්මවා ලන්නේ නම්, නාම රූප දෙක්හි නොඇලෙන, හිරිහැර නැති, ඒ පුද්ගලයා කරා සංයෝගයෝ (බැමි) නොපැමිණෙත්.´´

4. (එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.) ´´අනුවණ මෝඩ ජනයෝ ප්‍රමාදයෙහි යෙදෙත්. නුවණැත්තේ අප්‍රමාදය ශ්‍රෙෂ්ඨ ධනයක් මෙන් රකී.

´´ප්‍රමාදයෙහි නොයෙදෙවු: කාමරතිය හා එක්වීමෙහි නොයෙදෙවු. ධ්‍යාන වඩන, නොපමා තැනැත්තාම පරම සැපයට පැමිණේ.

උජඣානසඤ්ඤී සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල්හි වනාහි බොහෝ උජඣානසඤ්ඤික දේවතා කෙනෙක් රෑ පෙරයම ඉක්මුණු පසු බබළන ශරීර ශෝභා ඇත්තාහු මුඵ ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ අහසේ සිටියාහ.

2. අහසෙහි සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´යමෙක් අන් සැටියෙන්වූ තමා ඉන් වෙනස් සැටියෙකින් ලොවට පෙන්වන්නේ නම්, ඔහුගේ ඒ සිව්පසය වැළඳීම – ළිහිණි වැද්දා වංචායෙන් ළිහිණි මස් කෑම මෙන් – සොරා කෑමෙකි.´´

´´යමෙක් කරන්නේ නම්, එයම කියයුතු. යමක් නොකරන්නේ නම් එය නොකිය යුතු. නොකරන දේ කියන තැනැත්තා නුවණැති අය හඳුනත්.´´

3. (එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´ස්ථිරවූ මේ යම් ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්තියෙක් වේද, යමෙක උපකාරයෙන් නුවණ ඇත්තෝ මර බැම්මෙන් මිදෙත්ද, ඒ ප්‍රතිපත්තිය පිළිපැදීමට කීම හෝ ඇසීම පමණින් නොහැක්ක.´´

නුවණ ඇත්තෝ ලෝක ස්වභාවය දැන රැවැටිලි නොම කෙරෙත්. (සිවුසස්) දැන නිවුණු ඒ නුවණ ඇත්තෝ ලොව ඇල්ම ඉක්මවූවෝය.´´

4. එවිට ඒ දේවතාවෝ පොළොවෙහි පිහිටා භාග්‍යවතුන් වහන්සේගේ පාමුල හිසින් වැඳ වැටී භාග්‍යවතුන් වහන්සේට මෙබස් කීහ. ´´ස්වාමීනි, යම් බඳුවූ බාලයන්සේ,

මෝඩයන්සේ, අඥානයන්සේ, භාග්‍යවතුන් වහන්සේ වචනයෙන් චෝදනා කළයුත්තකු කොට ඇනුම් බසින්, භාග්‍යවතුන් වහන්සේ වෙහෙසවන්නට සිතූයෙමුද, ඒ අප මැඩගෙන වරද පැවැත්තේය, අපෙන් වරද විය. ස්වාමීනි, මින් මතු මෙවැනි වරද නොකරනු පිණිස, භාග්‍යවතුන් වහන්සේ වරද වරද සේ පිළිගන්නා සේක්වා.´´

5. එවිට භාග්‍යවතුන් වහන්සේ මඳ සිනහ පහළ කළ සේක.

6. එකල ඒ දේවතාවෝ වඩාලාත් දොස් නගමින් (කලකිරී) අහස නැංගහ.

7. එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´වරද දෙසන්නවුන්ගේ වරද යමෙක් නොපිළිගනීනම්, ඇතුළත කෝපය ඇති, ෙවෂය ගරුකොට ගෙන හැසිරෙන හෙතෙම වෛරය (තමා සිතෙහි) බැඳගනී.´´

´´ඉදින් දෝෂයක් නොවේනම්, වරදකුත් නොවේනම්, වෛරයෝත් සංසිඳෙන්නාහු නම්, ඒ කරුණෙන් මෙහි කුශලයෙක් වන්නේය.´´

´´දොස් නැත්තේ කාගේද? වරද නැත්තේ කාගේද? කවරෙක් (මුළාවට) නොපැමිණෙන්නේද? කවරනම් නුවණ ඇත්තෙක් හැමවිටම එළඹ සිටි සිහි ඇත්තෙක් හෝ වේද? (නොවේමය.)´´

8. (එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´සියලු සන්‍වයින්ට අනුකම්පා කරන ඒ තථාගත සම්‍යක් සම්බුද්ධයාගේ දොස් නැත. ඔහුගේ වරදෙක් නැත. හෙතෙම (කිසිවිටෙකත්) මුළාවට නොපැමිණියේය. හෙතෙමේම හැමකල්හි එළඹ සිටි සිහි ඇති නුවණ ඇත්තාය.´´

´´වරද දෙසන්නවුන්ගේ වරද ඉදින් යමෙක් නොපිළිගන්නේ නම් සිත තුළ කෝපය ඇති, ෙවෂය ගරුකොට හැසිරෙන ඔහු වෛරය (සිත) බැඳගනී (යයි තොප කීවා සරිය.) එහෙත් මම වනාහි ඒ වෛරය නොකැමැත්තෙමි. තොපගේ වරද පිළිගනිමි. (තොපට කමා කෙරෙමි)´´