10. ද්වය සූත්‍රය. (2)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ‘කලන්‍දක නිවාප’ නම්ලත් වේළු (උණ) වනයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

2. ,මහණෙනි, දෙකක් නිසා විඥානය හටගනියි. මහණෙනි, කෙසේනම් දෙකක් නිසා විඥානය හටගනීද? ඇසද රූපයන්ද නිසා චක්‍ෂුර්විඥානය උපදියි. ඇස අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. අන් ආකාරයකට පෙරලෙන ස්වභාවය ඇත්තේය. රූපයෝ අනිත්‍යයහ. පෙරලෙන ස්වභාව ඇත්තාහුය. අන් ආකාරයක් වන ස්වභාවය. මෙසේ මේ දෙකම සැලෙන්නේය. විනාශ වන්නේය. අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. චක්‍ෂුර්විඥානයද අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. චක්ඛු විඥානයාගේ පහළවීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද, ඒ ප්‍රත්‍යයද, අනිත්‍ය වේ. පෙරලෙන ස්වභාව ඇත්තේය. අන් ආකාරයක් වන ස්වභාවය.

,මහණෙනි, අනිත්‍යවූ ප්‍රත්‍යයක් නිසා හටගත්තාවූ චක්ඛු විඥානය කෙසේනම් නිත්‍ය වන්නේද, මහණෙනි, මේ ධර්‍මයන් තුන්දෙනාගේ යම් සමාගමයක් රැස්වීමක් එක්වීමක් වේද, මහණෙනි, මේ චක්ඛු සම්ඵස්සයයි කියනු ලැබේ. චකඛු සම්ඵස්සයද අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය.

,මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍යයක් නිසා උපන්නාවූ චක්ඛු සම්ඵස්සය කෙසේනම් නිත්‍ය වන්නේද, මහණෙනි, ස්පර්‍ශ කරණ ලද්දේ විඳියි. ස්පර්‍ශ කරණ ලද්දේ විධානය කරයි. ස්පර්‍ශ කරණ ලද්දේ හඳුනයි. මෙසේ මේ ධර්‍මයෝද සැලෙන්නාහුය. විනාශ වන්නාහුය. අනිත්‍යයහ. පෙරලෙන ස්වභාවය ඇත්තාහුය. අන් ආකාරයක් වන්නාහුය.

3. ,කණද ශබ්දයන්ද නිසා සෝත විඥානය උපදියි. කණ අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. අන් ආකාරයකට පෙරලෙන ස්වභාවය ඇත්තේය. ශබ්දයෝ අනිත්‍යයහ. පෙරලෙන ස්වභාව ඇත්තාහුය. අන් ආකාරයක් වන ස්වභාවය. මෙසේ මේ දෙකම සැලෙන්නේය. විනාශ වන්නේය. අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. සෝත විඥානයද අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. සෝත විඥානයාගේ පහළවීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද, ඒ ප්‍රත්‍යයද, අනිත්‍ය වේ. පෙරලෙන ස්වභාව ඇත්තේය. අන් ආකාරයක් වන ස්වභාවය.

,මහණෙනි, අනිත්‍යවූ ප්‍රත්‍යයක් නිසා හටගත්තාවූ සෝත විඥානය කෙසේනම් නිත්‍ය වන්නේද, මහණෙනි, මේ ධර්‍මයන් තුන්දෙනාගේ යම් සමාගමයක් රැස්වීමක් එක්වීමක් වේද, මහණෙනි, මේ සෝත සම්ඵසසයයි කියනු ලැබේ. සෝත සම්ඵස්සයද අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. සෝත සම්ඵස්සයාගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද, ඒ ප්‍රත්‍යයද, අනිත්‍ය වේ. පෙරලෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය.

,මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍යයක් නිසා උපන්නාවූ සෝත සම්ඵස්සය කෙසේනම් නිත්‍ය වන්නේද, මහණෙනි, ස්පර්‍ශ කරණ ලද්දේ විඳියි. ස්පර්‍ශ කරණ ලද්දේ විධානය කරයි. ස්පර්‍ශ කරණ ලද්දේ හඳුනයි. මෙසේ මේ ධර්‍මයෝද සැලෙන්නාහුය. විනාශ වන්නාහුය. අනිත්‍යයහ. පෙරලෙන ස්වභාවය ඇත්තාහුය. අන් ආකාරයක් වන්නාහුය.

4. ,නාසයද, ගන්‍ධයන්ද නිසා ඝාණ විඥානය උපදියි. නාසය අනිත්‍යය. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයකට පෙරළෙන ස්වභාවය ඇත්තේය. ගන්‍ධයෝ අනිත්‍යයහ. පෙරළෙන ස්වභාව ඇත්තාහුය. අන් ආකාරයක් වන ස්වභාවය. මෙසේ මේ දෙකම සැලෙන්නේය. විනාශ වන්නේය. අනිත්‍යය. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. ඝාණ විඥානයද අනිත්‍යය. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. ඝාණ විඥානයාගේ පහළවීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද, ඒ ප්‍රත්‍යයද, අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාව ඇත්තේය. අන් ආකාරයක් වන ස්වභාවය.

,මහණෙනි, අනිත්‍යවූ ප්‍රත්‍යයක් නිසා හටගත්තාවූ ඝාණ විඥානය කෙසේනම් නිත්‍ය වන්නේද, මහණෙනි, මේ ධර්‍මයන් තුන්දෙනාගේ යම් සමාගමයක්, රැස්වීමක්, එක්වීමක් වේද, මහණෙනි, මේ ඝාණ සම්ඵස්සයයි කියනු ලැබේ. ඝාණ සම්ඵස්සයද අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. ඝාණ සම්ඵස්සයාගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද, ඒ ප්‍රත්‍යයද, අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය.

,මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍යයක් නිසා උපන්නාවූ ඝාණ සම්ඵස්සය කෙසේනම් නිත්‍ය වන්නේද, මහණෙනි, ස්පර්‍ශ කරණ ලද්දේ විඳියි. ස්පර්‍ශ කරණ ලද්දේ විධානය කරයි. ස්පර්‍ශ කරණ ලද්දේ හඳුනයි. මෙසේ මේ ධර්‍මයෝද සැලෙන්නාහුය. විනාශ වන්නාහුය. අනිත්‍යයහ. පෙරළෙන ස්වභාවය ඇත්තාහුය. අන් ආකාරයක් වන්නාහුය.

5. ,දිවද, රසයන්ද නිසා ජිහ්වා විඥානය උපදියි. දිව අනිත්‍යය. පෙරළෙන ස්වභාව ඇත්තේය. අන් ආකාරයක් වන ස්වභාවය. රසයෝ අනිත්‍යයහ. පෙරළෙන ස්වභාව ඇත්තාහුය. අන් ආකාරයක් වන්නාහුය. මෙසේ මේ ධර්‍ම දෙක සැලෙන්නේය. විනාශ වන්නේය. අනිත්‍යය. පෙරළෙන ස්වභාව ඇත්තේය. අන් ආකාරයක් වන ස්වභාවය. ජිහ්වා

විඥානයද අනිත්‍යය. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය. ජිහ්වා විඥානයාගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද, ඒ ප්‍රත්‍යයද, අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය.

,මහණෙනි, අනිත්‍යවූම ප්‍රත්‍යයක් නිසා හටගත්තාවූ ජිහ්වා විඥානය කෙසේ නිත්‍ය වන්නේද, මහණෙනි, යම් මේ ධර්‍මයන් තුන්දෙනාගේ සමාගමයක්, රැස්වීමක්, එක්වීමක් වේද, මේ ජිහ්වා සම්ඵස්සයයි කියනු ලැබේ. ජිහ්වා සම්ඵස්සයද අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාව වේ. අන් ආකාරයක් වන්නේය. ජිහ්වා සම්ඵස්සයාගේ ඉපදීමට යම හේතුවක් යම් ප්‍රත්‍යයක් වේද, ඒ හේතුවද, ඒ ප්‍රත්‍යයද, අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය.

,මහණෙනි, අනිත්‍ය වූම ප්‍රත්‍යයක් නිසා උපන්නාවූ ජිහ්වා සම්ඵස්සය කෙසේනම් නිත්‍ය වන්නේද, මහණෙනි, ස්පර්‍ශ කරණ ලද්දේ විඳියි. ස්පර්‍ශ කරණ ලද්දේ විධානය කරයි. ස්පර්‍ශ කරණ ලද්දේ හඳුනයි. මෙසේ මේ ධර්‍මයෝද සැලෙන්නාහුය. විනාශ වන්නාහුය. අනිත්‍යයහ. පෙරළෙන ස්වභාව වෙත්. අන් ආකාරයක් වන්නාහු වෙත්.

6. ,කයද, ස්පර්‍ශයන්ද නිසා කාය විඥානය උපදියි. කය අනිත්‍යය. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයකට පෙරළෙන ස්වභාව ඇත්තේය. ස්පර්‍ශයෝ අනිත්‍යයහ. පෙරළෙන ස්වභාව ඇත්තාහුය. අන් ආකාරයක් වන ස්වභාවය. මෙසේ මේ දෙකම සැලෙන්නේය. විනාශ වන්නේය. අනිත්‍යය. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. කාය විඤ්ඤාණයද අනිත්‍යය. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. කාය විඤ්ඤාණයාගේ පහළවීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද, ඒ ප්‍රත්‍යයද, අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාව ඇත්තේය. අන් ආකාරයක් වන ස්වභාවය.

,මහණෙනි, අනිත්‍යවූ ප්‍රත්‍යයක් නිසා හටගත්තාවූ කාය විඤ්ඤාණය කෙසේ නම් නිත්‍ය වන්නේද, මහණෙනි, යම් මේ ධර්‍මයන් තුන්දෙනාගේ සමාගමයක්, රැස්වීමක්,

එක්වීමක් වේද, මේ කාය සම්ඵස්සයයි කියනු ලැබේ. කාය සම්ඵස්සයද අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. කාය සම්ඵස්සයාගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද, ඒ ප්‍රත්‍යයද, අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය.

,මහණෙනි, අනිත්‍යවූ ප්‍රත්‍යයක් නිසා උපන්නාවූ කාය සම්ඵස්සය කෙසේනම් නිත්‍ය වන්නේද, මහණෙනි, ස්පර්‍ශ කරණ ලද්දේ විඳියි. ස්පර්‍ශ කරණ ලද්දේ විධානය කරයි. ස්පර්‍ශ කරණ ලද්දේ හඳුනයි. මෙසේ මේ ධර්‍මයෝද සැලෙන්නාහුය. විනාශ වන්නාහුය. අනිත්‍යයහ. පෙරළෙන ස්වභාවය ඇත්තාහුය. අන් ආකාරයක් වන්නාහුය.

7. ,සිතද, ධර්‍මයන්ද නිසා මනොවිඤ්ඤාණය උපදියි. සිත අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය. ධර්‍මයෝ අනිත්‍යයහ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නාහුය. මෙසේ මේ දෙක සැලෙන්නේය. විනාශ වන්නේය. අනිත්‍යය. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය. මනො විඤ්ඤාණයද අනිත්‍යය. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය. මනො විඤ්ඤාණයාගේ ඉපදීමට යම් හේතුවක් යම් ප්‍රත්‍යයක් වේද, ඒ හේතුවද, ඒ ප්‍රත්‍යයද, අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය.

,මහණෙනි, අනිත්‍යවූම ප්‍රත්‍යයක් නිසා උපන්නාවූ මනෝ විඤ්ඤාණය කෙසේ නිත්‍ය වන්නේද, මහණෙනි, මේ තුන් වැදෑරුම්වූ ධර්‍මයන්ගේ යම් සමාගමයක්, රැස්වීමක්, එක්වීමක් වේද, මෙය මනෝ සම්ඵස්සයයි කියනු ලැබේ. මනෝ සම්ඵස්සයද අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය. මනෝ සම්ඵස්සයාගේ ඉපදීමට යම්ක් හේතුවක්, යම් ප්‍රත්‍යයක් වේද, ඒ හේතුවද, ඒ ප්‍රත්‍යයද, අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය.

,මහණෙනි, අනිත්‍යවූම ප්‍රත්‍යයක් නිසා උපන්නාවූ මනො සම්ඵස්සය කෙසේ නිත්‍ය වන්නේද, මහණෙනි, ස්පර්‍ශ කරණ

ලද්දේ විඳියි. ස්පර්‍ශ කරණ ලද්දේ විධානය කරයි. ස්පර්‍ශ කරණ ලද්දේ හඳුනයි. මෙසේ මේ ධර්‍මයෝද සැලෙන්නාහුය. විනාශ වන්නාහුය. අනිත්‍යයහ. පෙරළෙන ස්වභාවයහ. අන් ආකාරයක් වන්නාහුය. මහණෙනි, මෙසේ වනාහි දෙකක් නිසා විඤ්ඤාණය හටගණීය´´ යි වදාළ සේක.

( සතරවන ඡන්න වර්‍ගය නිමි. )

9. ද්වය සූත්‍රය. (1)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ‘කලන්‍දක නිවාප’ නම්ලත් වේළු (උණ) වනයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

2. ,මහණෙනි, තොපට දෙකක් දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, කවරනම් දෙකක්ද යත්, ඇසද රූපයෝද, කණද ශබ්දයෝද, නාසයද ගන්‍ධයෝද, දිවද රසයෝද, කයද ස්පර්‍ශයෝද, සිතද ධර්‍මයෝද වෙත්. මහණෙනි, මෙය දෙකයයි කියනු ලැබේ.

3. ,මහණෙනි, යමෙක් මම මේ දෙක අත්හැර අනික් දෙකක් දක්වන්නෙමියි කියන්නේ නම් ඔහුගේ කීම වචනයක් පමණක් වන්නේය. අසන ලද්දේද පිළිතුරකට නොපැමිණෙන්නේය. වඩාත් වෙහෙසට පැමිණෙන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, විෂය නොවූවක් යම්සේද, එමෙනැයි, වදාළ සේක.

––––––––––

8. ඒජා සූත්‍රය. (2)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ‘කලන්‍දක නිවාප’ නම්ලත් වේළු (උණ) වනයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

2. ,මහණෙනි, තෘෂ්ණාව රෝගයකි. තෘෂ්ණාව ගඩුවෙකි. තෘෂ්ණාව හුලකි. මහණෙනි, එහෙයින් මෙහිලා තථාගතතෙම තෘෂ්ණා රහිතවූයේ පහවූ තෘෂ්ණා හුල් ඇත්තේ වාසය කරයි. මහණෙනි, එහෙයින් මෙහිලා මහණතෙමේද තෘෂ්ණා රහිතවූයේ පහවූ තෘෂ්ණා හුල් ඇතිව ඉදින් වාසය කිරීමට කැමති වන්නේ නම් ඇස මමයයි නො හඟින්නේය. ඇස කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ඇස කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ඇස මාගේයයි නොහඟින්නේය. රුපයන් මමයයි නොහඟින්නේය. රූප කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. රූපය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. රූපය මාගේයයි නොහඟින්නේය. චක්ඛු විඤ්ඤාණය මමයයි නොහඟින්නේය. චක්ඛු විඤ්ඤාණය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. චක්ඛු විඤ්ඤාණය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. චක්ඛු විඤ්ඤාණය මාගේයයි නොහඟින්නේය. චක්ඛු සම්ඵස්සය මමයයි නොහඟින්නේය. චක්ඛු සම්ඵස්සය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. චක්ඛු සම්ඵස්සය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. චක්ඛු සම්ඵස්සය මාගේයයි නොහඟින්නේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද මමයයි නොහඟින්නේය. එය කෙරෙහිද මා ඇතැයි නොහඟින්නේය. එය කෙරෙන්ද අනිකක් මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය.

,මහණෙනි, යමක් මමයයි හඟීද, යමක් කෙරෙහි මා ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, යමක් මාගේයයි හඟීද, එය එයින් අන් ආකාරයක් වෙයි. අන් ආකාරයක් වන්නාවූ භවයෙහි ඇළුනාවූ ලෝකයතෙම භවයටම කැමතිවෙයි.

3. ,කණ මමයයි නොහඟින්නේය. කණ කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. කණ කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. කණ මාගේයයි නොහඟින්නේය. ශබ්දය මමයයි නොහඟින්නේය. ශබ්දය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ශබ්දය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ශබ්දය මාගේයයි නොහඟින්නේය. සෝත විඤ්ඤාණය මමයයි නොහඟින්නේය. සෝත විඤ්ඤාණය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. සෝත විඤ්ඤාණය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. සෝත විඤ්ඤාණය මාගේයයි නොහඟින්නේය. සෝත සම්ඵස්සය මමයයි නොහඟින්නේය. සෝත සම්ඵස්සය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. සෝත සම්ඵස්සය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. සෝත සම්ඵස්සය මාගේයයි නොහඟින්නේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද මමයයි නොහඟින්නේය. එය කෙරෙහිද මා ඇතැයි නොහඟින්නේය. එය කෙරෙන්ද අනිකක් මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය.

,මහණෙනි, යමක් මමයයි හඟීද, යමක් කෙරෙහි මා ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, යමක් මාගේයයි හඟීද, එය එයින් අන් ආකාරයක් වෙයි. අන් ආකාරයක් වන්නාවූ භවයෙහි ඇළුනාවූ ලෝකයතෙම භවයටම කැමතිවෙයි.

4. ,නාසය මමයයි නොහඟින්නේය. නාසය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. නාසය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. නාසය මාගේයයි නොහඟින්නේය. ගන්‍ධය මමයයි නොහඟින්නේය. ගන්‍ධය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ගන්‍ධය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ගන්‍ධය මාගේයයි නොහඟින්නේය. ඝාණ විඤ්ඤාණය මමයයි නොහඟින්නේය. ඝාණ විඤ්ඤාණය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ඝාණ විඤ්ඤාණය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ඝාණ විඤ්ඤාණය මාගේයයි නොහඟින්නේය. ඝාණ සම්ඵස්සය මමයයි නොහඟින්නේය. ඝාණ සම්ඵස්සය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ඝාණ සම්ඵස්සය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ඝාණ සම්ඵස්සය මාගේයයි නොහඟින්නේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද මමයයි නොහඟින්නේය. එය කෙරෙහිද මා ඇතැයි නොහඟින්නේය. එය කෙරෙන්ද අනිකක් මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය.

,මහණෙනි, යමක් මමයයි හඟීද, යමක් කෙරෙහි මා ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, යමක් මාගේයයි හඟීද, එය එයින් අන් ආකාරයක් වෙයි. අන් ආකාරයක් වන්නාවූ භවයෙහි ඇළුනාවූ ලෝකයතෙම භවයටම කැමතිවෙයි.

5. ,දිව මමයයි නොහඟින්නේය. දිව කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. දිව කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. දිව මාගේයයි නොහඟින්නේය. රසයන් මමයයි නොහඟින්නේය. රසයන් කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. රසයන් කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. රසයන් මාගේයයි නොහඟින්නේය. ජිව්හා විඤ්ඤාණය මමයයි නොහඟින්නේය. ජිව්හා විඤ්ඤාණය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ජිව්හා විඤ්ඤාණය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ජිව්හා විඤ්ඤාණය මාගේයයි නොහඟින්නේය. ජිව්හා සම්ඵස්සය මමයයි නොහඟින්නේය. ජිව්හා සම්ඵස්සය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ජිව්හා සම්ඵස්සය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ජිව්හා සම්ඵස්සය මාගේයයි නොහඟින්නේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද මමයයි නොහඟින්නේය. එය කෙරෙහිද මා ඇතැයි නොහඟින්නේය. එය කෙරෙන්ද අනිකක් මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය.

,මහණෙනි, යමක් මමයයි හඟීද, යමක් කෙරෙහි මා ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, යමක් මාගේයයි හඟීද, එය එයින් අන් ආකාරයක් වෙයි. අන් ආකාරයක් වන්නාවූ භවයෙහි ඇළුනාවූ ලෝකයතෙම භවයටම කැමතිවෙයි.

6. ,කය මමයයි නොහඟින්නේය. කය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. කය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. කය මාගේයයි නොහඟින්නේය. ස්පර්‍ශය මමයයි නොහඟින්නේය. ස්පර්‍ශය කෙරෙහි මා ඇතැයි නො හඟින්නේය. ස්පර්‍ශය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ස්පර්‍ශය මාගේයයි නොහඟින්නේය. කාය විඤ්ඤාණය මමයයි නොහඟින්නේය. කාය විඤ්ඤාණය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. කාය විඤ්ඤාණය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. කාය විඤ්ඤාණය මාගේයයි නොහඟින්නේය. කාය සම්ඵසසය මමයයි නොහඟින්නේය. කාය සම්ඵස්සය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. කාය සම්ඵස්සය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. කාය සම්ඵස්සය මාගේයයි නොහඟින්නේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද මමයයි නොහඟින්නේය. එය කෙරෙහිද මා ඇතැයි නොහඟින්නේය. එය කෙරෙන්ද අනිකක් මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය.

,මහණෙනි, යමක් මමයයි හඟීද, යමක් කෙරෙහි මා ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, යමක් මාගේයයි හඟීද, එය එයින් අන් ආකාරයක් වෙයි. අන් ආකාරයක් වන්නාවූ භවයෙහි ඇළුනාවූ ලෝකයතෙම භවයටම කැමතිවෙයි.

7. ,සිත මමයයි නොහඟින්නේය. සිත කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. සිත කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. සිත මාගේයයි නොහඟින්නේය. ධර්‍මයන් මමයයි නොහඟින්නේය. ධර්‍මයන් කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ධර්‍මයන් කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ධර්‍මයන් මාගේයයි නොහඟින්නේය. මනෝ විඤ්ඤාණය මමයයි නොහඟින්නේය. මනෝ විඤ්ඤාණය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. මනෝ විඤ්ඤාණය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. මනෝ විඤ්ඤාණය මාගේයයි නොහඟින්නේය. මනෝ සම්ඵස්සය මමයයි නොහඟින්නේය. මනෝ සම්ඵස්සය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. මනෝ සම්ඵස්සය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. මනෝ සම්ඵස්සය මාගේයයි නොහඟින්නේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද මමයයි නොහඟින්නේය. එය කෙරෙහිද මා ඇතැයි නොහඟින්නේය. එය කෙරෙන්ද අනිකක් මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය.

,මහණෙනි, යමක් මමයයි හඟීද, යමක් කෙරෙහි මා ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, යමක් මාගේයයි හඟීද, එය එයින් අන් ආකාරයක් වෙයි. අන් ආකාරයක් වන්නාවූ භවයෙහි ඇළුනාවූ ලෝකයතෙම භවයටම කැමතිවෙයි.

8. ,මහණෙනි, යම්තාක් ස්කන්‍ධ, ධාතු, ආයතනයෝ වෙත්ද, එය මමයයි නොහඟින්නේය. එය කෙරෙහිද මා ඇතැයි නොහඟින්නේය, එය කෙරෙන් අනිකක්ද මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය. මෙසේ නොහඟින්නාවූ හෙතෙම ලෝකයෙහි කිසිවක් මමය, මාගේයයි නොගනියි. මමය, මාගේයයි නොගන්නේ තෘෂ්ණා පිපාසයෙන් පිපාස නොවේ. පිපාසිත නොවන්නේ මේ ආත්මයෙහිම පිරිනිවෙයි. ජාතිය ක්‍සය විය. මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිමවන ලදී. මේ සතර මාර්‍ගයෙන් කළයුත්ත කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගණීයයි, වදාළ සේක.

––––––––––

7. ඒජා සූත්‍රය. (1)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ‘කලන්‍දක නිවාප’ නම්ලත් වේළු (උණ) වනයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

2. ,මහණෙනි, තෘෂ්ණාව ලෙඩකි. තෘෂ්ණාව ගඞකි. තෘෂ්ණාව හුලකි. මහණෙනි, එහෙයින් තථාගත තෙම මෙහිලා තෘෂ්ණා රහිතව පහ කරණ ලද තෘෂ්ණා හුල් ඇතිව වාසය කරනු කැමැත්තේ නම් ඇස මමයයි නොහඟින්නේය.

ඇස කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ඇස කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ඇස මාගේයයි නොහඟින්නේය. රුපයන් මමයයි නොහඟින්නේය. රූප කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. රූපය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. රූපය මාගේයයි නොහඟින්නේය. චක්ඛු විඤ්ඤාණය මමයයි නොහඟින්නේය. චක්ඛු විඤ්ඤාණය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. චක්ඛු විඤ්ඤාණය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. චක්ඛු විඤ්ඤාණය මාගේයයි නොහඟින්නේය. චක්ඛු සම්ඵස්සය මමයයි නොහඟින්නේය. චක්ඛු සම්ඵස්සය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. චකඛු සම්ඵසසය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. චකඛු සම්ඵසසය මාගේයයි නොහඟින්නේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද මමයයි නොහඟින්නේය. එය කෙරෙහිද මා ඇතැයි නොහඟින්නේය. එය කෙරෙන්ද අනිකක් මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය.

3. කණ මමයයි නොහඟින්නේය. කණ කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. කණ කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. කණ මාගේයයි නොහඟින්නේය. ශබ්දයන් මමයයි නොහඟින්නේය. ශබ්දයන් කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ශබ්දයන් කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ශබ්දයන් මාගේයයි නොහඟින්නේය. සෝත විඤ්ඤාණය මමයයි නොහඟින්නේය. සෝත විඤ්ඤාණය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. සෝත විඤ්ඤාණය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. සෝත විඤ්ඤාණය මාගේයයි නොහඟින්නේය. සෝත සම්ඵස්සය මමයයි නොහඟින්නේය. සෝත සම්ඵසසය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. සෝත සම්ඵස්සය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. සෝත සම්ඵසසය මාගේයයි නොහඟින්නේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද මමයයි නොහඟින්නේය. එය කෙරෙහිද මා ඇතැයි නොහඟින්නේය. එය කෙරෙන්ද අනිකක් මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය.

4. නාසය මමයයි නොහඟින්නේය. නාසය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. නාසය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. නාසය මාගේයයි නොහඟින්නේය. ගන්‍ධයන් මමයයි නොහඟින්නේය. ගන්‍ධයන් කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ගන්‍ධයන් කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ගන්‍ධයන් මාගේයයි නොහඟින්නේය. ඝාණ විඤඤාණය මමයයි නොහඟින්නේය. ඝාණ විඤඤාණය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ඝාණ විඤඤාණය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ඝාණ විඤඤාණය මාගේයයි නොහඟින්නේය. ඝාණ සම්ඵසසය මමයයි නොහඟින්නේය. ඝාණ සම්ඵසසය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ඝාණ සම්ඵසසය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ඝාණ සම්ඵසසය මාගේයයි නොහඟින්නේය. ඝාණ සම්ඵසසය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද මමයයි නොහඟින්නේය. එය කෙරෙහිද මා ඇතැයි නොහඟින්නේය. එය කෙරෙන්ද අනිකක් මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය.

5. දිව මමයයි නොහඟින්නේය. දිව කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. දිව කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. දිව මාගේයයි නොහඟින්නේය. රසයන් මමයයි නොහඟින්නේය. රසයන් කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. රසයන් කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. රසයන් මාගේයයි නොහඟින්නේය. ජිව්හා විඤ්ඤාණය මමයයි නොහඟින්නේය. ජිව්හා විඤ්ඤාණය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ජිව්හා විඤ්ඤාණය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ජිව්හා විඤ්ඤාණය

මාගේයයි නොහඟින්නේය. ජිව්හා සම්ඵස්සය මමයයි නොහඟින්නේය. ජිව්හා සම්ඵ්සසය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ජිව්හා සම්ඵස්සය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ජිව්හා සම්ඵසසය මාගේයයි නොහඟින්නේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද මමයයි නොහඟින්නේය. එය කෙරෙහිද මා ඇතැයි නොහඟින්නේය. එය කෙරෙන්ද අනිකක් මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය.

6. කය මමයයි නොහඟින්නේය. කය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. කය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. කය මාගේයයි නොහඟින්නේය. ස්පර්‍ශයන් මමයයි නොහඟින්නේය. ස්පර්‍ශයන් කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ස්පර්‍ශයන් කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ස්පර්‍ශයන් මාගේයයි නොහඟින්නේය. කාය විඤ්ඤාණය මමයයි නොහඟින්නේය. කාය විඤ්ඤාණය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. කාය විඤ්ඤාණය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. කාය විඤ්ඤාණය මාගේයයි නොහඟින්නේය. කාය සම්ඵස්සය මමයයි නොහඟින්නේය. කාය සම්ඵස්සය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. කාය සම්ඵස්සය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. කාය සම්ඵස්සය මාගේයයි නොහඟින්නේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද මමයයි නොහඟින්නේය. එය කෙරෙහිද මා ඇතැයි නොහඟින්නේය. එය කෙරෙන්ද අනිකක් මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය.

7. සිත මමයයි නොහඟින්නේය. සිත කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. සිත කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. සිත මාගේයයි නොහඟින්නේය. ධර්‍මයන් මමයයි නොහඟින්නේය. ධර්‍මයන් කෙරෙහි මා ඇතැයි නොහඟින් නේය. ධර්‍මයන් කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ධර්‍මයන් මාගේයයි නොහඟින්නේය. මනෝ විඤඤාණය මමයයි නොහඟින්නේය. මනෝ විඤ්ඤාණය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. මනෝ විඤඤාණය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. මනෝ විඤ්ඤාණය මාගේයයි නොහඟින්නේය. මනෝ සම්ඵස්සය මමයයි නොහඟින්නේය. මනෝ සම්ඵස්සය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. මනෝ සම්ඵස්සය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. මනෝ සම්ඵස්සය මාගේයයි නොහඟින්නේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද මමයයි නොහඟින්නේය. එය කෙරෙහිද මා ඇතැයි නොහඟින්නේය. එය කෙරෙන්ද අනිකක් මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය.

8. ,හෙතෙම මෙසේ නොහඟින්නේ ලෝකයෙහි කිසිවකුත් මමය, මාගේයයි අල්වා නොගන්නේය, අල්වා නොගන්නේ නොඇලෙන්නේය, නොඇලෙන්නේ මේ ආත්මයෙහිම පිරිනිවෙන්නේය. ‘ජාතිය ක්‍ෂය විය බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි වැස නිමවන ලදී. සතර මාර්‍ගයෙන් කළයුතු දෙය කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගණීයයි, වදාළ සේක.

––––––––––

6. බාහිය සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. ඉක්බිති ආයුෂ්මත් බාහිය ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් බාහිය ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

2. ,ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා එකළාව සමූහයාගෙන් වෙන්ව අප්‍රමාදව කෙළෙස් තවන වීය්‍ර්‍ය ඇතිව හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්නෙම්ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු ධර්‍මයක් සැකෙවින් දේශනා කරණ සේක්නම් මැනව, යනුයි.

3. ,බාහිය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.,

,රූපයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?, – ,ස්වාමීනි, අනිත්‍යයහ.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

,චක්ඛු විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,චකඛු සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

,චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

4. ,බාහිය, කණ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.,

,ශබ්දයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?, – ,ස්වාමීනි, අනිත්‍යයහ.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

,සෝත විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,සෝත සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

,සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

5. ,බාහිය, නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන සවභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.,

,ගන්‍ධයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?, – ,ස්වාමීනි, අනිත්‍යයහ.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන සවභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

,ඝාණ විඤඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

,ඝාණ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

6. ,බාහිය, දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.,

´´රසයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?, – ,ස්වාමීනි, අනිත්‍යයහ.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

,ජිව්හා විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,ජිව්හා සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,ජිව්හා සම්ඵස්සය හේතුකොටගෙන සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

7. ,බාහිය, කය නිත්‍ය හෝ අනාත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.,

,ස්පර්‍ශය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

,කාය විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

, යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

,කාය සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

,කාය සමඵසසය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

8. ,බාහිය, සිත නිත්‍ය හෝ අනාත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.,

,ධර්‍මයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?, – ,ස්වාමීනි, අනිත්‍යයහ.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

,මනෝ විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,මනෝ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,මනෝ සමඵසසය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

9. ,බාහිය, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි, රූපය කෙරෙහිද කලකිරෙයි, චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

10. ,කණ කෙරෙහිද කලකිරෙයි, ශබ්දය කෙරෙහිද කලකිරෙයි, සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

11. ,නාසය කෙරෙහිද කලකිරෙයි, ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි, ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, ඝාණ සම්ඵ්සසය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

12. ,දිව කෙරෙහිද කලකිරෙයි, රසය කෙරෙහිද කලකිරෙයි, ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

13. ,කය කෙරෙහිද කලකිරෙයි, ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි, කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

14. ,සිත කෙරෙහිද කලකිරෙයි, ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි, මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වෙයි. ‘ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිමවන ලදී. සතර මගින් කළයුත්ත කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගණියි., වදාළ සේක.

ඉක්බිති ආයුෂ්මත් බාහිය ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ගෞරව දක්වා ගියේය.

ඉක්බිති ආයුෂ්මත් බාහිය සථවිරතෙම එකලාව සමූහයාගෙන් වෙන්ව අප්‍රමාදව කෙළෙස් තවන වීය්‍ර්‍ය ඇතිව හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරමින් නොබෝ කලකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද, බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවරකොට ඇති ඒ උතුම් අත්‍ර්‍ථය මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කළේය. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිර නිමවන ලදී. සතර මගින් කළයුත්ත කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි විශේෂයෙන් දැනගත්තේය. ආයුෂ්මත් බාහිය සථවිරතෙමේද රහතුන්ගෙන් එක්තරා නමක් වූයේයයි වදාළ සේක.

––––––––––

5. පුණ්ණ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. ඉක්බිති ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

2. ,ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා එකළාව සමූහයාගෙන් වෙන්ව අප්‍රමාදව කෙළෙස් තවන වීය්‍ර්‍ය ඇතිව හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්නෙම්ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු ධර්‍මයක් සැකෙවින් දේශනා කරණ සේක්නම් මැනවැයි, යනුයි.

3. ,පුණ්ණය, ඇසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සුව එලවන්නාවූ ඇළුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම ඒ රූපයෙහි ඇලේද, එය ප්‍රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, එහි ඇලෙන්නාවූ එය ප්‍රියයයි මනාපයයි කියන්නාවූ එහි ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී. පුණ්ණය, තෘෂ්ණාව නිසා දුක් හටගැනීම වේයයි කියමි.

,පුණ්ණය, කණින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සුව එලවන්නාවූ ඇළුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම ඒ ශබ්දයෙහි ඇලේද, එය ප්‍රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, එහි ඇලෙන්නාවූ එය ප්‍රියයයි මනාපයයි කියන්නාවූ එහි ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී. පුණ්ණය, තෘෂ්ණාව නිසා දුක් හටගැනීම වේයයි කියමි.

,පුණ්ණය, නාසයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සුව එලවන්නාවූ ඇළුම් කටයුතුවූ ගන්‍ධයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම ඒ ගන්‍ධයෙහි ඇලේද, එය ප්‍රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, එහි ඇලෙන්නාවූ එය ප්‍රියයයි මනාපයයි කියන්නාවූ එහි ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී. පුණ්ණය, තෘෂ්ණාව නිසා දුක් හටගැනීම වේයයි කියමි.

,පුණ්ණය, දිවෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සුව එලවන්නාවූ ඇළුම් කටයුතුවූ රසයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම ඒ රසයෙහි ඇලේද, එය ප්‍රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, එහි ඇලෙන්නාවූ එය ප්‍රියයයි මනාපයයි කියන්නාවූ එහි ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී. පුණ්ණය, තෘෂ්ණාව නිසා දුක් හටගැනීම වේයයි කියමි.

,පුණ්ණය, කයින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සුව එලවන්නාවූ ඇළුම් කටයුතුවූ ස්පර්‍ශයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම ඒ ස්පර්‍ශයෙහි ඇලේද, එය ප්‍රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද, එහි ඇලෙන්නාවූ එය ප්‍රියයයි මනාපයයි කියන්නාවූ එහි ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී. පුණ්ණය, තෘෂ්ණාව නිසා දුක් හටගැනීම වේයයි කියමි.

,පුණ්ණය, මනසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සුව එලවන්නාවූ ඇළුම් කටයුතුවූ ධර්‍මයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම ඒ ධර්‍මයෙහි ඇලේද, එය ප්‍රියයයි මනාපයයි කියාද, එහි ගැලී සිටීද,

එහි ඇලෙන්නාවූ එය ප්‍රියයයි මනාපයයි කියන්නාවූ එහි ගැලී සිටින්නාවූ ඔහුට තෘෂ්ණාව උපදී. පුණ්ණය, තෘෂ්ණාව නිසා දුක් හටගැනීම වේයයි කියමි.

4. ,පුණ්ණය, ඇසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සුව එලවන්නාවූ ඇළුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එහි නොඇලේද, සතුටු වචන නොකියාද, එහි නොගිලෙයිද, එහි නොඇලෙන්නාවූ සතුටු වචන නොකියන්නාවූ එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ තෘෂ්ණාව නිරුඬවේ. පුණ්ණය, තෘෂ්ණාව නිරුඬවිමෙන් දුක්ඛ නිරෝධය වේයයි කියමි.

,පුණ්ණය, කණින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයන් පිණිස පවත්නාවූ ඇළුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එහි නොඇලෙයිද, සතුටු වචන නොකියාද, එහි නොගිලෙයිද, එහි නොඇලෙන්නාවූ සතුටු වචන නොකියන්නාවූ එහි නොගිලෙන්නාවූ ඔහුගේ තෘෂ්ණාව නිරුඬවේ. පුණ්ණය, තෘෂ්ණාව නිරුඬවිමෙන් දුක්ඛ නිරෝධය වේයයි කියමි.

,පුණ්ණය, නාසයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයන් පිණිස පවත්නාවූ ඇළුම් කටයුතුවූ ගන්‍ධයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එහි නොඇලෙයිද, සතුටු වචන නොකියාද, එහි නොගිලෙයිද, එහි නොඇලෙන්නාවූ සතුටු වචන නොකියන්නාවූ එහි නොගිලෙන්නාවූ ඔහුගේ තෘෂ්ණාව නිරුඬවේ. පුණ්ණය, තෘෂ්ණාව නිරුඬවිමෙන් දුකඛ නිරෝධය වේයයි කියමි.

,පුණ්ණය, දිවෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයන් පිණිස පවත්නාවූ ඇළුම් කටයුතුවූ රසයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එහි නොඇලෙයිද, සතුටු වචන නොකියාද, එහි නොගිලෙයිද, එහි නොඇලෙන්නාවූ සතුටු වචන නොකියන්නාවූ එහි නොගිලෙන්නාවූ ඔහුගේ තෘෂ්ණාව නිරුඬවේ. පුණ්ණය, තෘෂ්ණාව නිරුඬවිමෙන් දුකඛ නිරෝධය වේයයි කියමි.

,පුණ්ණය, කයින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ස්වභාව ඇත්තාවූ කාමයන් පිණිස පවත්නාවූ ඇළුම් කටයුතුවූ ස්පර්‍ශයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එහි නොඇලේද, සතුටු වචන නොකියාද, එහි නොගිලෙයිද, එහි නොඇලෙන්නාවූ සතුටු වචන නොකියන්නාවූ එහි නොගිලෙන්නාවූ ඔහුගේ තෘෂ්ණාව නිරුඬවේ. පුණ්ණය, තෘෂ්ණාව නිරුඬවීමෙන් දුකඛ නිරෝධය වේයයි කියමි.

,පුණ්ණය, සිතින් දැනගතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයන් පිණිස පවතින්නාවූ ඇළුම් කටයුතුවූ ධර්‍මයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එහි නොඇලේද, සතුටු වචන නොකියාද, එහි නොගිලෙයිද, එහි නොඇලෙන්නාවූ සතුටු වචන නොකියන්නාවූ එහි නොගිලෙන්නාවූ ඔහුගේ තෘෂ්ණාව නිරුඬවේ. පුණ්ණය, තෘෂ්ණාව නිරුඬවීමෙන් දුකඛ නිරෝධය වේයයි කියමි.

5. ,පුණ්ණය, මා විසින් මේ සංක්‍ෂිප්තවූ අවවාදයෙන් අවවාද කරණලද්දාවූ නුඹ කවරනම් ජනපදයෙක්හි වාසය කරන්නෙහිද?

,ස්වාමීනි, සුනාපරන්ත නම් ජනපදයෙක් ඇත්තේය. මම එහි වාසය කරන්නෙමි.,

,පුණ්ණය, සුනාපරන්ත වැසි මිනිස්සු නපුරුය. පුණ්ණය, සුනාපරන්ත වැසි මිනිස්සු කෲරය. පුණ්ණය, ඉදින් තොපට සුනාපරන්ත වැසි මිනිස්සු ආක්‍රොශ කරන්නාහු නම් පරිභව කරන්නාහු නම්, පුණ්ණය, එහි තොපට කුමක් වන්නේද?,

,ස්වාමීනි, ඉදින් මට සුනාපරන්ත වැසි මිනිස්සු ආක්‍රොශ කරන්නාහු නම් පරිභව කරන්නාහු නම්, එහි මට මෙබඳු සිතක් වන්නේය. ‘ඒකාන්තයෙන් මේ සුනාපරන්ත වැසි මිනිස්සු යහපත්ය. ඒකාන්තයෙන් මේ සුනාපරන්ත වැසි මිනිස්සු ඉතා යහපත්ය. මොව්හු යම් හෙයකින් මට අතින් පහර නොදෙත්ද, (එහෙයිනි.) භාග්‍යවතුන් වහන්ස, මෙහි මට මෙබඳු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහි මට මෙබඳු සිතක් වන්නේයයි,, කීය.

6. ,පුණ්ණය, ඉදින් වනාහි තොපට සුනාපරන්ත වැසි මිනිස්සු අතින් පහර දෙන්නාහුනම්, පුණ්ණය, එහි වනාහි තොපට කෙසේ වන්නේද?, – , ස්වාමීනි, ඉදින් මට සුනාපරන්ත වැසි මිනිස්සු අතින් පහර දෙන්නාහුනම්, එහි මට මෙබඳු සිතක් වන්නේය. ‘ඒකාන්තයෙන් මේ සුනාපරන්ත වැසි මිනිස්සු යහපත්ය. ඒකාන්තයෙන් මේ සුනාපරන්ත වැසි මිනිස්සු ඉතා යහපත්ය. යම් හෙයකින් මට මොව්හු කැටකින් පහර නොදෙත්ද, එහෙයිනි. භාග්‍යවතුන් වහන්ස, මෙහි මට මෙබඳු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහි මට මෙබඳු සිතක් වන්නේයයි,, කීය.

7. ,පුණ්ණය, ඉදින් වනාහි තොපට සුනාපරන්ත වැසි මිනිස්සු කැටකින් පහර දෙන්නාහුනම්, පුණ්ණය, එහි වනාහි තොපට කෙසේ වන්නේද?, – , ස්වාමීනි, ඉදින් මට සුනාපරන්ත වැසි මිනිස්සු කැටකින් පහර දෙන්නාහුනම්, එහි මට මෙබඳු සිතක් වන්නේය. ‘ඒකාන්තයෙන් මේ සුනාපරන්ත වැසි මිනිස්සු යහපත්ය. ඒකාන්තයෙන් මේ සුනාපරන්ත වැසි මිනිස්සු ඉතා යහපත්ය. යම් හෙයකින් මොව්හු මට දණ්ඩෙන් පහර නොදෙත්ද, එහෙයිනි. භාග්‍යවතුන් වහන්ස, මෙහි මට මෙබඳු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහි මට මෙබඳු සිතක් වන්නේයයි,, කීය.

8. ,පුණ්ණය, ඉදින් වනාහි තොපට සුනාපරන්ත වැසි මිනිස්සු දණ්ඩෙන් පහර දෙන්නාහුනම්, පුණ්ණය, එහි වනාහි තොපට කෙසේ වන්නේද?, – , ස්වාමීනි, ඉදින් මට සුනාපරන්ත වැසි මිනිස්සු දණ්ඩෙන් පහර දෙන්නාහුනම්, එහි මට මෙබඳු සිතක් වන්නේය. ‘ඒකාන්තයෙන් මේ සුනාපරන්ත වැසි මිනිස්සු යහපත්ය. ඒකාන්තයෙන් මේ සුනාපරන්ත වැසි මිනිස්සු ඉතා යහපත්ය. යම් හෙයකින් මොව්හු මට ආයුධයෙන් පහර නොදෙත්ද, එහෙයිනි. භාග්‍යවතුන් වහන්ස, මෙහි මට මෙබඳු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහි මට මෙබඳු සිතක් වන්නේයයි,, කීය.

9. ,පුණ්ණය, ඉදින් වනාහි තොපට සුනාපරන්ත වැසි මිනිස්සු ආයුධයෙන් පහර දෙන්නාහුනම්, පුණ්ණය, එහි

වනාහි තොපට කෙසේ වන්නේද?, – , ස්වාමීනි, ඉදින් මට සුනාපරන්ත වැසි මිනිස්සු ආයුධයෙන් පහර දෙන්නාහුනම්, එහි මට මෙබඳු සිතක් වන්නේය. ‘ඒකාන්තයෙන් මේ සුනාපරන්ත වැසි මිනිස්සු යහපත්ය. ඒකාන්තයෙන් මේ සුනාපරන්ත වැසි මිනිස්සු ඉතා යහපත්ය. යම් හෙයකින් මා මොහු තියුණු ආයුධයකින් ජීවිතයෙන් තොර නොකෙරෙත්ද, එහෙයිනි. භාග්‍යවතුන් වහන්ස, මෙහි මට මෙබඳු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහි මට මෙබඳු සිතක් වන්නේයයි,, කීය.

10. ,පුණ්ණය, ඉදින් වනාහි නුඹ සුනාපරන්ත වැසි මිනිස්සු තියුණුවූ ආයුධයකින් ජීවිතයෙන් තොර කරන්නාහු නම්, පුණ්ණය, එහි වනාහි තොපට කෙසේ වන්නේද?, – , ස්වාමීනි, ඉදින් මා සුනාපරන්ත වැසි මිනිස්සු තියුණුවූ ආයුධයකින් ජීවිතයෙන් තොර කරන්නාහුනම්, එහි මට මෙබඳු සිතක් වන්නේය. ‘කයටද ජීවිතයටද කළකිරීමෙන් පිළිකුල් කිරීමෙන් දිවි තොර කරන්නවුන් සොයමින් වාසය කරන්නාවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඇත්තාහ. මා විසින් නොසොයාම දිවි තොර කරන්නෙක් ලද්දේය’ කියායි. භාග්‍යවතුන් වහන්ස, මෙහි මට මෙබඳු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහි මට මෙබඳු සිතක් වන්නේයයි,, කීයේය.

11. ,පුණ්ණය, යහපත, යහපත, පුණ්ණය, (ඉවසීමෙන් හා සංසිඳීමෙන් යුක්තවූ) නුඹට සුනාපරන්ත ජනපදයෙහි වාසය කළ හැකිය. පුණ්ණය, නුඹ යම් ගමණක් වේනම් එයට කල් දනුවයි,, (වදාළ සේක.)

12. ඉක්බිති ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ගෞරව දක්වා සෙනස්න තැන්පත්තොට පා සිවුරු ගෙන සුනාපරන්ත ජනපදය යම් තැනෙක්හිද, එතැන්හි චාරිකාවෙහි ගියේය. පිළිවෙලින් චාරිකාවෙහි හැසිරෙන්නේ සුනාපරන්ත ජනපදය යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. එහි වනාහි ආයුෂ්මත් පුණ්ණ සථවිරයන් වහන්සේ සුනාපරන්ත ජනපදයෙහි වාසය කරන්නේය.

13. ඉක්බිති ආයුෂ්මත් පුණ්ණ සථවිරතෙම එම වස තුළදීම පන්සියයක් පමණ උපාසක වරුන්ට ධර්‍මාවබෝධය කරවීය. එම වස තුළදීම ත්‍රිවිද්‍යාව ප්‍රත්‍යක්‍ෂ කළේය. එම වස තුළදීම පිරිනිවන් පෑයේය.

14. ඉක්බිති බොහෝ වූ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නාහුය. එකත් පස්ව උන්නාවූම ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළාහුය. ,ස්වාමීනි, යම් මේ පුණ්ණ නම් කුලපුත්‍රයෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්‍ෂිප්තවූ අවවාදයෙන් අවවාද කරණ ලද්දේද, හෙතෙම කළුරිය කළේවෙයි. ඔහුගේ ගතිය කවරීද, පරලොව කවරේද?, කියායි.

15. ,මහණෙනි, පුණ්ණ නම් කුලපුත්‍රතෙම පණ්ඩිත වූයේය. සත්‍ය වචන කියනසුළු වූයේය. ලෝකොත්තර ධර්‍මයට අනුකූල වූයේය. ධර්‍මාවබෝධය කරණකොට මට වෙහෙස නොකෙළේය. මහණෙනි, පුණ්ණ නම් කුලපුත්‍රතෙම පිරිනිවියේයයි,, (වදාළ සේක.)

––––––––––

4. ඡන්න සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්‍දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිර තෙමේද, ආයුෂ්මත් ඡන්න ස්ථවිර තෙමේද ගිජුකුළුපව්වෙහි වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් ඡන්න ස්ථවිර තෙම හටගත් ආබාධ ඇත්තේ දුකින් පෙළුණේ දැඩි ගිලන් වූයේ වේ.

2. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම සවස් වේලෙහි විවේකයෙන් නැගී සිටියේ ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිරයන්ට ,ඇවැත් චුන්‍දය, ආයුෂ්මත් ඡන්න ස්ථවිර තෙමේ යම් තැනෙක්හිද, එහි අසනීප බැලීම සඳහා යමුයි, කීය. ,ඇවැත්නි එසේයයි, කියා ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිර තෙම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට උත්තර දුන්නේය.

3. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිර තෙමේද, ආයුෂ්මත් ඡන්න ස්ථවිර තෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ පනවන ලද ආසනයෙහි ඉඳගත්හ. ඉඳගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්ගෙන්, ‘ඇවැත් ඡන්නය, කිමෙක්ද, ඔබට ඉවසිය හැක්කේද? කිම යැපිය හැක්කේද? කිම දුක් වේදනාවෝ අඩු වෙත්ද, වැඩි නොවෙත්ද, අඩුවන බවක් පෙනේද, වැඩිවන බවක් නොපෙනේදැයි’ ඇසීය.

4. ,ඇවැත් ශාරීපුත්‍රයෙනි, මට ඉවසිය නොහැක, යැපිය නොහැක, දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙත්, අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවන බවක් නොපෙනේ. ඇවැත්නි යම් සේ බලවත් පුරුෂයෙක් සියුම්වූ විදින කටුවෙන් හිස් මුදුන විදින්නේද, ඇවැත්නි එපරිද්දෙන්ම බලවත්වූ වාතයෝ හිස පහරත්.

,ඇවැත් ශාරීපුත්‍රයෙනි, මට ඉවසිය නොහැක, යැපිය නොහැක, දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙත්, අ ඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවන බවක් නොපෙනේ. ඇවැත්නි යම් සේ බලවත් පුරුෂයෙක් දැඩිවූ වර පටකින් හිසෙහි හිස් වෙළුමක් දෙන්නේද, ඇවැත්නි, එපරිද්දෙන්ම මාගේ හිසෙහි වේදනාවෝ බලවත්ය.

,ඇවැත් ශාරීපුත්‍රයෙනි, මට ඉවසිය නොහැක, යැපිය නොහැක, දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙත්, අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවන බවක් නොපෙනේ. ඇවැත්නි යම් සේ දක්‍ෂවූ ගවයන් මරන්නෙක් ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ තියුණුවූ ගෙරි කපන කැත්තෙන් කුස කපන්නේද, ඇවැත්නි එපරිද්දෙන්ම බලවත්වූ වාතයෝ කුස කපත්.

,ඇවැත් ශාරීපුත්‍රයෙනි, මට ඉවසිය නොහැක, යැපිය නොහැක, දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙත්, අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවන බවක් නොපෙනේ. ඇවැත්නි යම් සේ බලවත්වූ පුරුෂයෝ දෙදෙනෙක් ඉතා දුර්‍වලවූ පුරුෂයෙකු වෙන වෙනම අත්වලින් අල්ලාගෙන ගිනි අඟුරු වලෙක්හි තවන්නාහුද, ඇවැත්නි, එපරිද්දෙන්ම සිරුරෙහි බලවත්වූ දැවිල්ලක් වේ.

,ඇවැත් ශාරීපුත්‍රයෙනි, මට ඉවසිය නොහැක, යැපිය නොහැක, දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙත්, අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවීමක් නොපෙනේ. ආයුෂ්මත්වූ ශාරිපුත්‍රය, ආයුධයකින් දිවි තොර කරගන්නෙමි.ජීවිතය බලාපොරොත්තු නොවෙමියි, කීයේය.

5. ´´ආයුෂ්මත් ඡන්නතෙමේ ආයුධයකින් දිවි තොරකර නොගනීවා, ආයුෂ්මත් ඡන්නතෙමේ ජීවත් වේවා අපි ජීවත්වන්නාවූ ඡන්නයන් (දැකීමට) කැමති වෙමු. ඉදින් ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසු වූ ආහාර නැතිනම් මම ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසුවූ ආහාර සපයා දෙන්නෙමි. ඉදින් ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසු වූ බෙහෙත් නැතිනම් මම ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසුවූ බෙහෙත් සපයා දෙන්නෙමි. ඉදින් ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසු වූ උපස්ථායකයෝ නැතිනම් මම ආයුෂ්මත් ඡන්න සථවිරයන්ට උපස්ථාන කරන්නෙමි. ආයුෂ්මත් ඡන්න තෙමේ ආයුධයකින් දිවි තොරකර නොගණිවා. ආයුෂ්මත් ඡන්න තෙමේ ජීවත් වේවා. අපි ජීවත්වන්නාවූ ආයුෂ්මත් ඡන්නයන් (දැකීමට) කැමැත්තෙමුයි, කීය.

6. ,ඇවැත් ශාරීපුත්‍රයෙනි, මට සුදුසු වූ ආහාර නැත්තේ නොවේ. මට සුදුසුවූ ආහාර ඇත. මට සුදුසු වූ බෙහෙත් නැත්තේ නොවේ. මට සුදුසුවූ බෙහෙත්ද ඇත. මට සුදුසු වූ උපස්ථායකයෝ නැත්තාහුද නොවෙත්. මට සුදුසුවූ උපස්ථායකයෝද ඇත්තාහ. ඇවැත්නි, එතකුදු වුවත් මා විසින් ශාස්තෲන් වහන්සේ බොහෝ කලක් කායකර්‍මාදියෙන්ම ඇසුරු කරණ ලදී. අයහපත්වූ කායකර්‍මාදියෙන් ඇසුරු නොකරණ ලදී. ඇවැත්නි, යහපත්වූ කායකර්‍මාදියෙන් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරන්නේය. අයහපත්වූ කායකර්‍මාදියෙන් ඇසුරු නොකරන්නේය යන යමක් වේද, ඒ වනාහි ශ්‍රාවකයාහට සුදුසු වේ. ඇවැත් ශාරීපුත්‍රයෙනි, ඡන්න භික්‍ෂුතෙම නැවත ප්‍රතිසන්‍ධියක් නැත්තාවූ ආයුධයකින් දිවි තොරකර ගැනීමක් කරන්නේය යන මේ කාරණය මෙසේ දරණු මැනවැයි, කීය.

7. ,ඉදින් ආයුෂ්මත් ඡන්න තෙමේ ප්‍රශ්න ඇසීමට අවකාශ කෙරේනම් අපි ආයුෂ්මත් ඡන්නයන්ගෙන් කිසියම් කරුණක් විචාරන්නෙමු.,

,ඇවැත් ශාරිපුත්‍රයෙනි, අසනු මැනව, අසා දැනගන්නෙමියි, ඇවැත් ඡන්නය, ඇස, චකඛු විඤ්ඤාණය, චකඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?

,ඇවැත් ශාරිපුත්‍රයෙනි, අසනු මැනව, අසා දැනගන්නෙමියි,

,ඇවැත් ඡන්නය, ඇස, චකඛු විඤ්ඤාණය, චකඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?

,ඇවැත් ඡන්නය, කණ, සෝත විඤ්ඤාණය, සොත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?

,ඇවැත් ඡන්නය, නාසය, ඝාණ විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?

,ඇවැත් ඡන්නය, දිව, ජිව්හා විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?

,ඇවැත් ඡන්නය, කය, කාය විඤ්ඤාණය, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?

,ඇවැත් ඡන්නය, සිත, මනෝ විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?,

8. ,ඇවැත් ශාරීපුත්‍රය, ඇස, චක්ඛු විඤ්ඤාණය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.

, ඇවැත් ශාරීපුත්‍රය, කණ, සෝත විඤ්ඤාණය, සොත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.

,ඇවැත් ශාරීපුත්‍රය, නාසය, ඝාණ විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.

,ඇවැත් ශාරීපුත්‍රය, දිව, ජිව්හා විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.

,ඇවැත් ශාරීපුත්‍රය, කය, කාය විඤ්ඤාණය, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.

,ඇවැත් ඡන්නය, සිත, මනෝ විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.

9. ,ඇවැත්වූ ඡන්නය, ඇසෙහි, චකඛු විඤ්ඤාණයෙහි, චකඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්හි කුමක් දැක කුමක් දැන ඇස, චකඛු විඤ්ඤාණය, චකඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙහිද,

,ඇවැත්වූ ඡන්නය, කණෙහි, සෝත විඤ්ඤාණයෙහි, සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්හි කුමක් දැක කුමක් දැන කණ, සෝත විඤඤාණය, සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙහිද,

,ඇවැත්වූ ඡන්නය, නාසයෙහි, ඝාණ විඤ්ඤාණයෙහි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්හි කුමක් දැක කුමක් දැන නාසය, ඝාණ විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙහිද,

,ඇවැත්වූ ඡන්නය, දිවෙහි, ජිව්හා විඤ්ඤාණයෙහි, ජිව්හා විඤඤාණයෙන් දතයුතු ධර්‍මයන්හි කුමක් දැක කුමක් දැන දිව, ජිව්හා විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙහිද,

,ඇවැත්වූ ඡන්නය, කයෙහි, කාය විඤ්ඤාණයෙහි, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්හි කුමක් දැක කුමක් දැන

කය, කාය විඤ්ඤාණය, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙහිද,

,ඇවැත්වූ ඡන්නය, සිතෙහි, මනෝ විඤ්ඤාණයෙහි, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්හි කුමක් දැක කුමක් දැන සිත, මනෝ විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙහිදැයි ඇසූහ.

10. ,ඇවැත් ශාරීපුත්‍රයෙනි, ඇසෙහි, චක්ඛු විඤ්ඤාණයෙහි, චකඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් කෙරෙහි නිරුඬවීම දැක නිරුඬවීම දැන ඇස, චක්ඛු විඤ්ඤාණය, චකඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.

,ඇවැත් ශාරීපුත්‍රයෙනි, කණෙහි, සෝත විඤ්ඤාණයෙහි, සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් කෙරෙහි නිරුඬවීම දැක නිරුඬවීම දැන කණ, සෝත විඤ්ඤාණය, සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.

,ඇවැත් ශාරීපුත්‍රයෙනි, නාසයෙහි, ඝාණ විඤ්ඤාණයෙහි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් කෙරෙහි නිරුඬවීම දැක නිරුඬවීම දැන නාසය, ඝාණ විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.

,ඇවැත් ශාරීපුත්‍රයෙනි, දිවෙහි, ජිව්හා විඤ්ඤාණයෙහි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් කෙරෙහි නිරුඬවීම දැක නිරුඬවීම දැන දිව, ජිව්හා විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.

,ඇවැත් ශාරීපුත්‍රයෙනි, කයෙහි, කාය විඤ්ඤාණයෙහි, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් කෙරෙහි නිරුඬවීම දැක නිරුඬවීම දැන කය, කාය විඤ්ඤාණය, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමියි කීයේය.

,ඇවැත් ශාරීපුත්‍රයෙනි, සිතෙහි, මනෝ විඤ්ඤාණයෙහි, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් කෙරෙහි නිරුඬවීම දැක නිරුඬවීම දැන සිත, මනෝ විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමියි, කීයේය.

11. මෙසේ කී කල්හි ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිරතෙම ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්ට මෙසේ කීය. ,ඇවැත් ඡන්නය, එසේනම් මෙහිදී ඒ භාග්‍යවතුන් වහන්සේගේ මේ අනුශාසනයද නිරන්තරයෙන් මනාකොට මෙනෙහි කටයුතුයි. තෘෂ්ණාදිය ඇසුරුකළහුගේ කම්පාවීම ඇසුරු නොකළහුට කම්පාවීමක් නැත. කම්පා වීමක් නැතිකල්හි ඇලීම ඇතිනොවේ. ඇලීම නැති කල්හි ප්‍රතිසන්‍ධි වශයෙන් ඊමක් හෝ චුති වශයෙන් යාමක් හෝ නැත. ඊමක් හෝ යාමක් නැති කල්හි චුත වීමක් හෝ ඉපදීමක් හෝ නැත. චුතිය හා උත්පත්තිය නැති කල්හි මෙලොවද නැත පරලොවද නැත. දෙලොවම නැත. මෙයම දුක්ඛයාගේ කෙළවර වේය., යන අනුශාසනාවයි.

12. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිර තෙමේද ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්ට මේ අවවාදයෙන් අවවාද කොට හුනස්නෙන් නැගිට ගියාහුය.

13. ඉක්බිති ආයුෂ්මත් ඡන්න ස්ථවිරතෙම ඒ ආයුෂ්මතුන් වහන්සේලා බැහැර ගියාවූ නොබෝ කල්හි ආයුධයකින් බෙල්ල කපාගත්තේය. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය.

14. ,සවාමීනි, ආයුෂ්මත් ඡන්න සථවිරයන් විසින් ආයුධයකින් දිවි තොර කරගන්නා ලදී. ඔහුගේ ගතිය කවරීද පරලොව කවරේද?,

,ශාරීපුත්‍රය, තොපට ඡන්න භික්‍ෂුව විසින් ඉදිරියෙහිදීම නැවත උත්පත්තියක් නැතිබව ප්‍රකාශ කරණ ලද්දේ නොවේද?,

,ස්වාමීනි, පුබ්බවිචිර නම් වජ්ජි ග්‍රාමයක් ඇත්තේය. එහි ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්ගේ මිත්‍රවූ කුලයෝ යහළුවූ කුලයෝ එළඹිය යුතු කුලයෝ වෙත්යයි, කීය.

,ශාරීපුත්‍රය, ඡන්න භික්‍ෂූහුගේ මේ මිත්‍රවූ කුලයෝ යහළුවූ කුලයෝ එළඹිය යුතු කුලයෝ වෙත්මැයි, ශාරීපුත්‍රය, මම මෙතෙකින් එළඹිය යුතුයයි නොකියමි. ශාරීපුත්‍රය, යමෙක් වනාහි මේ කය බහා තබාද, අනික් කයක් ගනීද, මම ඔහු එළඹිය යුත්තෙකැයි කියමි. එය ඡන්න භික්‍ෂූහුට නැත්තේය. ඡන්න භික්‍ෂුව විසින් නැවත ඉපදීමක් නැති ආයුධයකින් දිවි තොර නරගැනීම කරණ ලද්දේයයි, ශාරීපුත්‍රය, මෙය මෙසේ දරවයි, දවාළ සේක.

––––––––––

3. සංඛිත්ත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

2. ,ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා එකලාව සමූහයාගෙන් වෙන්ව අප්‍රමාදව, කෙළෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්නෙම්ද, එබඳු ධර්‍මයක් භාග්‍යවතුන් වහන්සේ මට කොටින් දේශනා කරන්නේනම් මැනවැයි, කියායි.

3. ,ආනන්‍දය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන සවභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.,

,රූපයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?, – ,ස්වාමීනි, අනිත්‍යයහ.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,සවාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

,චක්ඛු විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

,චක්ඛු සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

,චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක් වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන සවභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

4. ,ආනන්‍දය, කණ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.,

,ශබ්දයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?, – ,ස්වාමීනි, අනිත්‍යයහ.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

,සෝත විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

,සෝත සමඵසසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

, යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

, සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

5. ,ආනන්‍දය, නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.,

,ගන්‍ධයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?, – ,ස්වාමීනි, අනිත්‍යයහ.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

,ඝාණ විඤඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

,ඝාණ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

,ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

6. ,ආනන්‍දය, දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.,

,රසයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?, – ,්සවාමීනි, අනිත්‍යයහ.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

,ජිව්හා විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

,ජිව්හා සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

, ජිව්හා සමඵසසය හේතුකොටගෙන සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,සවාමීනි, අනිත්‍යය.,

, යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,සවාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

7. ,ආනන්‍දය, කය නිත්‍ය හෝ අනාත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.,

,ස්පර්‍ශයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?, – ,ස්වාමීනි, අනිත්‍යයහ.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

,කාය විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

,කාය සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

,කාය සමඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

8. ,ආනන්‍දය, සිත නිත්‍ය හෝ අනාත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.,

,ධර්‍මයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?, – ,ස්වාමීනි, අනිත්‍යයහ.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

,මනෝ විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

,මනෝ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

,මනෝ සමඵසසය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?, – ,ස්වාමීනි, අනිත්‍යය.,

,යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?, – ,ස්වාමීනි, දුක්ය.,

,යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?, – ,ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.,

9. ,මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍ය ශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි, රූපය කෙරෙහිද කලකිරෙයි, චකඛු විඤඤාණය කෙරෙහිද කලකිරෙයි, චකඛු සමඵසසය කෙරෙහිද කලකිරෙයි, චකඛු සමඵසසය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

10. ,කණ කෙරෙහිද කලකිරෙයි, ශබ්දය කෙරෙහිද කලකිරෙයි, සෝත විඤඤාණය කෙරෙහිද කලකිරෙයි, සෝත සමඵසසය කෙරෙහිද කලකිරෙයි, සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

11. ,නාසය කෙරෙහිද කලකිරෙයි, ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි, ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

12. ,දිව කෙරෙහිද කලකිරෙයි, රසය කෙරෙහිද කලකිරෙයි, ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

13. ,කය කෙරෙහිද කලකිරෙයි, ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි, කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

14. ,සිත කෙරෙහිද කලකිරෙයි, ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි, මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වෙයි. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිමවන ලදී. සතර මගින් කළයුත්ත කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි

දැනගනියි., භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය. මේ දේශනාව කරණු ලබන කල්හි ඒ භික්‍ෂූහුගේ සිත උපාදාන රහිතව ආශ්‍රවයන්ගෙන් මිදුණේයයි වදාළ සේක´´

––––––––––

2. සුඤඤ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

2. ,සවාමීනි, ලෝකය සුන්‍යය, ලෝකය සුන්‍යයයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ලෝකය සුන්‍යයයි කියනු ලැබේද?,

3. ,ආනන්‍දය, යම් හෙයකින් වනාහි ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේද, එහෙයින් ලෝකය සුන්‍යයයි කියනු ලැබේ. ආනන්‍දය, කුමක් නම් ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේද,

4. ,ආනන්‍දය, ඇස වනාහි ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. රූපයෝ ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. චක්ඛු විඤ්ඤාණය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. චක්ඛු සම්ඵස්සය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ

සුන්‍යවේ. චක්ඛු සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ.

5. ,ආනන්‍දය, කණ වනාහි ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. ශබ්දයෝ ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. සෝත විඤ්ඤාණය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. සෝත සම්ඵස්සය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. සෝත සම්ඵස්සය නිසා දුක් වූ හෝ සැපවූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ.

6. ,ආනන්‍දය, නාසය වනාහි ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. ගන්‍ධයෝ ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. ඝාණ විඤ්ඤාණය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. ඝාණ සම්ඵස්සය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. ඝාණ සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ.

7. ,ආනන්‍දය, දිව වනාහි ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. රසයෝ ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. ජිව්හා විඤඤාණය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. ජිව්හා සම්ඵස්සය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. ජිව්හා සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ.

8. ,ආනන්‍දය, කය වනාහි ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. ස්පර්‍ශයෝ ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. කාය විඤ්ඤාණය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. කාය සම්ඵස්සය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. කාය සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ආත්මයෙන් හෝ, ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ.

9. ,ආනන්‍දය, සිත වනාහි ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. ධර්‍මයෝ ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. මනෝ විඤ්ඤාණය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. මනෝ සම්ඵස්සය ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ. මනෝ සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේ.

,ආනන්‍දය, යම් හෙයකින් වනාහි ආත්මයෙන් හෝ ආත්මය පිළිබඳ වූවකින් හෝ සුන්‍යවේද, එහෙයින් ලෝකය සුන්‍යයයි කියනු ලැබේයයි වදාළ සේක.

––––––––––

1. පලොක ධම්ම සූත්‍රය

1. පලොක ධම්ම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

2. ,ස්වාමීනි, ලෝකය ලෝකයයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ලෝකයයි කියනු ලැබේද?,

3. ,ආනන්‍දය, යමක් වනාහි බිඳෙන ස්වභාවය ඇත්තේද, මෙය ආය්‍ර්‍ය විනයෙහි ලෝකයයි කියනු ලැබේ. ආනන්‍දය, කුමක් බිඳෙන ස්වභාව ඇත්තේද?

,ආනන්‍දය, ඇස වනාහි බිඳෙන ස්වභාව ඇත්තේය. රූපයෝ බිඳෙන ස්වභාව ඇත්තාහුය. චක්ඛු විඤඤාණය බිඳෙන ස්වභාව ඇත්තේය. චක්ඛු සම්ඵස්සය බිඳෙන ස්වභාව ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා දුක් වූ හෝ සැපවූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද බිඳෙන ස්වභාව ඇත්තේය.

4. ,ආනන්‍දය, කණ වනාහි බිඳෙන ස්වභාව ඇත්තේය. ශබ්දයෝ බිඳෙන ස්වභාව ඇත්තාහුය. සෝත විඤඤාණය බිඳෙන ස්වභාව ඇත්තේය. සෝත සම්ඵස්සය බිඳෙන ස්වභාව ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා දුක් වූ හෝ සැපවූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද බිඳෙන ස්වභාව ඇත්තේය.

5. ,ආනන්‍දය, නාසය වනාහි බිඳෙන ස්වභාව ඇත්තේය. ගන්‍ධයෝ බිඳෙන ස්වභාව ඇත්තාහුය. ඝාණ විඤ්ඤාණය බිඳෙන ස්වභාව ඇත්තේය. ඝාණ සම්ඵස්සය බිඳෙන ස්වභාව ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද බිඳෙන ස්වභාව ඇත්තේය.

6. ,ආනන්‍දය, දිව වනාහි බිඳෙන ස්වභාව ඇත්තේය. රසයෝ බිඳෙන ස්වභාව ඇත්තාහුය. ජිව්හා විඤ්ඤාණය බිඳෙන ස්වභාව ඇත්තේය. ජිව්හා සම්ඵස්සය බිඳෙන ස්වභාව ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද බිඳෙන ස්වභාව ඇත්තේය.

7. ,ආනන්‍දය, කය බිඳෙන ස්වභාව ඇත්තේය. ස්පර්‍ශයෝ බිඳෙන ස්වභාව ඇත්තාහුය. කාය විඤ්ඤාණය බිඳෙන ස්වභාව ඇත්තේය. කාය සම්ඵස්සය බිඳෙන ස්වභාව

ඇත්තේය. කාය සමඵසසය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද බිඳෙන සවභාව ඇත්තේය.

8. ,ආනන්‍දය, සිත බිඳෙන ස්වභාව ඇත්තේය. ධර්‍මයෝ බිඳෙන ස්වභාව ඇත්තාහුය. මනෝ විඤ්ඤාණය බිඳෙන ස්වභාව ඇත්තේය. මනෝ සම්ඵස්සය බිඳෙන සවභාව ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා දුක් වූ හෝ, සැපවූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද බිඳෙන ස්වභාව ඇත්තේය.

,ආනන්‍දය, යමක් වනාහි බිඳෙන ස්වභාව ඇත්තේද, හෙතෙම ආය්‍ර්‍ය විනයෙහි ලෝකයයි කියනු ලැබේය´´ යි (වදාළ සේක.)

––––––––––