1. සියලු සන්‍වයන් කෙරෙහි පහරණ දඩුමුගුරු බහාතබා ඒ සියලු සතුනගේන් එකෙකුට ව්ත වෙහෙස නොකරනනේ තනිවුයේ එක පුත්රයෙකුත් නොකැමැති වන්නේය. යහළුවකු කොයින්ද හුදකලාවුයේ
´´ කඟ වේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය. (මේ වාක්‍යය මේ සුත්‍රයේ සැම ඡේදයක් අගට යෙදිය යුතුය.)
2. ´´ කයින් සිතින් උපන් එකතුවීම් බව ඇත්තාහට බලවත් රාගය වන්නේය. ස්නේහය අනුවයන මේ දුක වන්නේය. නොහොත් සංසගිය ඇත්තාහට රාගය උපදනේය ඒ ස්නේහය අනුවගිය මේ දුක උපදනේය. රාගයෙන් උපන් දෝෂය නුවණැසින් දක්නේ,
3. මිත්‍රවු සිතට ප්‍රියවු හැමදෙනා කෙරෙහි දයා පවත්වනනේ පිළිබද සිත් ඇත්තේ යහපත නසන්නේය. මේ භය විත්ර සන්ථවයෙහි දක්නේ.
4. යම්සේ හුණ පදුර විශාලවුයේ අවුල් වුයේ උස්ව සිටියේද එසේම පුතුන් දුන් කෙරෙහිද අඹුවන් කෙරෙහිද යම් තෟෂණාවෙක් ඇද්ද, ඒ තෟෂ්ණා තොමෝ හුණ ගොබය මෙන් නොඇලුනේය.
5. ´´නොබදනාලද පසද මාගතෙම උයන්හි ගොදුරු පිණිස යම් දිශාභාගයකින් අභිමත දිශාභාගයකට යනු කැමැත්නේද, ඒ දිශාභාගයෙන් යම් සේයේද, එපරිද්දෙන් තනිවහැසිරිම් නුවණැසින් දන්නා පණ්ඩිත පුරුෂ තමෙ.
6. ´´යහළුවන් මැද සිටියහුගේද, දහවල් ශයනය කරන්නහුගේද උපසථාන කරණ තැන හුන්නහුගේද යමින් සිටියහුගේද චාරිකාවෙහි යන්නහුගේද මෙය අසම යනාදී ඇමතිම් වන්නේය. ආශාරහින බවද තනිව හැසිරිමිද නුවනණැසින් දක්නේ හුදකලාවුයේ,
7.´´යහවන් මැදදී ක්‍රිඩාවද, පස්කම්බි ඇල්මද, වන්නේය. දු පුතුන් කෙරෙහි බොහෝ වු ප්‍රේමයද වන්නේය. ප්‍රිය විප්රයෝගයටපිළිකුල් කරන්නේය.
8. ´´හින ප්රණිත චතුර්විධ ප්‍රත්‍යයෙන් සතුටු වන්නේද බ්‍රහ්මවිහාර වඩන සිටුදිග ඇත්තේ, ගැටීමක් නැත්තේවේද, හෙතෙම උපද්‍රවයන් ඉවසන්නේවේද, නැතිගැන්මක් නැත්තේද වේද,
9. ´´ සමහර පැවිදිවුවෝද නැවත ගිහිගෙයි නිවසක ගෟහසථයෝද, සංග්රහනොකට හැක්කේය. අනුන්ගේ දරුවන් කෙරෙහි සංග්‍රහ කිරිමට නිරුත්සාහව.
10. ´´ ගිහි බව ප්‍රකාශ කරණ හිසකේ රවුළු ආදී ගිහිවෙස්පහකොට වැටුණු පත්‍ර ඇති කොබෝලීල ගසක් මෙන් ගිහින්ට බත්ධන වු පඤචකාම බත්ධනයන් සිද විය්‍ර්‍යයෙන් යුක්ත වුයේ.
11. ´´ විය්‍ර්‍ය ඇති එක්ව වසන සබදයකු ඉදින් ලබන්නේ නම් සියලු උපද්‍රවයන් මැඩගෙන ඒ සහාය ලාභයෙන් සතුටු වුයේ සිහයෙන් හැසිරෙන්නේය. විය්‍ර්‍ය ඇති එක්ම වසන සයදයකු ඉදින් නොලැබෙන්නේ නම් විරුද්ධ රජකු විසින් ජය ගන්නා ලද රට හැර යන රජෙකු මෙන් අසාහය වුයේ
´´ එකතෙතයෙන් යහපත සහායයන් ලැබිමට ස්තුති කරමින් තමහට වඩා ගුණයෙන් උසස්වුද සමවුද සබදහු සෙවිය යුත්තෝය. මේ විප්‍රකාර සහායයන් නොලැබ දැහැමින් සෙමෙන් උපන් භොජනය වලදන කුළ පුත්‍රතෙමේ අසහාය වුයේ.
13.´´ රන්කරු පුතු විසින් මොනවට කරණ ලද දැතෙහි ගැටෙන්නාවු බබලන සුළුවු රනින් කළ සම්බත්ධ වුවළලු දාක කිපයක් ඇතිතැන ගැටිමත් එකක් ඇති තැන නොගැටිත් සිතා පසේබුදු වීම්. මා සේ වනු කැමැත්තෝ.
14. ´´ දෙවැන්නකු සමග බොහෝ කථාකිරිමද ස්නේහයෙන් ඇල්මද යන මේ භය මත්තෙහි වන්නේයයි නුවණැසින් දක්තෙම් (පසේ බුදු විමි) අසහායව.
15) ´´ රුපාදී වස්තුකාමයොචනාහි අනෙක ප්රකාරවුවෝ මියුරුවුවෝ සිත අලවන්නෝ නිලාදී විවිධ ස්වරුපයෙන් බාලපුහුදුන්ගේ සිත මඩිති. මා සේ වනු කැමති කුල පුත්‍ර තෙම පස්කම් ගුණ විෂයෙහි අගුණ නුවණැසින් දැක අසහායව,
16) ´´මාගේ පඤ්චකාම ගුණ ජාතය දුක් එළවන විපතකැයිද, ගෙඩියකැයිද, උපද්රවයයිද, රොගයයිද, හුලයයිද, යන මේ භග අවබෝද කෙළෙමි. පඤ්චකාම ගුණයේ මේ බිය දැක මා සේ වනු කැමති අත්ථිකාමි කුල පුත්‍ර තෙමේ අසහායව,
17) ´´ අභයන්තර බාහිර ධාතු කිපිමෙන් වන සිතයද උෂ්ණද සාදුක්දපිපාසා දුක්ද සුලාද අව්වද, ඩැහැලේ බොන මැස්සන් හා දිඝිජාතින් ද මේ සියලු දුක් අභිභවනය කෙට ගෙන විදසුන් වඩා පසේ බුදු විමි. අනිකුත් මා සේ වනු කැමති කුල පුත්‍රතෙමේ.
18. ´´ සුවසේ විසිම නිසා මනාශරිර ඇති පියුම් පැහැති උදාර වු ඇතු යම් සේ ඇත් රංචුව හැර කැමති පරිදි වනයෙහි වසන්නේය. හුදකාලා වු.
19. ජනසමුහයා කෙරෙහි ඇලුනහුගේ ලෞකික සමාපත්කියට පැමිණම වෙයි. යන මේ කාරණයක් ඇද්ද. එය නොසිදුවේය. යන ආදී වචබන්ධු බුදුන්ගේ මේ වාක්‍යය අසා සඩ්ගණිකායෙහි ඇලුම් හැර පසේ බුදු විමී. මා සේ වනු කැමති කුලපුත්‍ර තෙමේ.
20. ´´විදින අත්‍ථියෙන් ද්‍රෂ්ටි සංඛ්‍යාත නපුරු කටුව ඉක්ම වුයෙමි. සොවාන් මාර්ගයට පැමිණියෙමි. ලබන ලද ඉතිරි මාර්ග තුන ඇත්තෙම අනුන් විසින් නොපැමිණි විය යුතු වුයේ අනික් දතයුතු ධර්මයක් නැත්තමේ වෙමි. මා සේ වනු කැමත් කුලපුත්‍ර තෙමේ.
21. ´´ රස තෟෂ්ණාව ලොල් නුවුයෙමි. කුහක නොවුයෙමි. පිපාසා නැත්තෙමි. මකුගුණය නැත්තෙමි. නසනලද කෙළෙස් කයට හා මොහයට ඇත්තෙමි. සියලු ලොව භව විභව තෟෂ්ණා නැතිව පසේ බුදු විමී (අන්යයාන්)
22. ´´ පාපයෙන් යුක්ත වු අනත්ථය දක්වන කාය දුශචරිතාදී විසම දෙයෙහි ගැලුන යහළුවා විශෙෂයෙන් දුරු කරන්නේය. රූප දියෙහි ඇලුනු පමාවු ඔහු ආශ්‍රය නොකරන්නේය. එකානතයෙන්.
23. ´´පය්ර්යාප්ති ප්‍රතිවෙධ ධර බහුශ්‍රුත ව, ධර්මය ශ්‍රුත වශයෙන් ප්‍රතිවෙධ වශයෙන් දරණ උදාරවු වැටහිම් නුවණ ඇති කල්‍යාණ මිත්‍රයා භජනය කරන්නේය. මෙලෙව පරලොව හා පරමාත්ථයන් දැන සැකනසා.
24. ´´ලොකයෙහි වු ක්‍රිඩාද ඇල්මද රූපදී කම් ඇපයද සාරයයි. නොගෙන ආලය නැත්තේ සැරහිමෙන් දුරුවුයේ සත්යයකියන සුළුවුයේ.
25. ´´දරුවන්ද භාය්ර්යවන්ද පියාණන් හා මැණියන්ද දශවිධරත්නයන් ධාන්‍යයන්ද බන්ධුන්ද සිමා වශයෙන් සිටියා වු වස්තු කාමයන් හැර හුදකලා වුයේ.
26. ´´ මේ උපභොගවු පඤචකාමය එරෙන නැනකැයිද, මේ පස්කම්බි සැපය යන සැනසිම් ස්වල්පයැයිද පඤ්චකාමි අරමුනුකෙට ඇති සතුට ස්වල්පයයිද දුක බොහෝ යයිද මේ පඤාකාමය විලි යේ කැයිද නුවණැති පුරුෂ තෙමේ දැන මේ සියලල හැර.
27. ´´ ගගදියෙහිදි නුලෙන්කළ දළ බිදගෙන පලාගිය මත්ස්‍යායා මෙන් කාම සංයෝජනයන් ඒ ඒ මගින් නිසිලෙස විශේෂයෙන් පලා හැර දවනද ස්ථානයට නැවත නොඑන ගිනිමෙන් කාම ගුණ ස්ථානයට නැවත නොඑන්නෙමි.
28. ´´ යට බලා හෙලන ලද ඇස් ඇත්තේ අනවශ්‍ය ගමන් තැත්තේ සංසුන් ඉදුරන් ඇත්තේ රක්නාලද සිත් ඇත්තේ කෙලෙසුන් පැවතිම නැත්තේ ක්ලේස ගින්නෙන් නොදනුලබනනේ.
29. ´´ ගිහිබව ප්‍රකාශ කරණ හිසකේ දැළිරවුළු ආදිය හැර බා තබා පියා ගිහිගෙන් නික්ම මනාවැසුණු පත්‍ර ඇති කොබෝලිලගසක් මෙන් කාෂාය වස්ත්‍ර ඇත්තේ.
30. ´´රශයෙන්හි ගිජු බව නොකරන්නේ ලොල් නුවුයේ පොෂණය කටයුතු අන්‍යයෙකු නැත්තේ නොබැදුනාවු සිතින් කුලයක් පාසා පිළිවෙළින් (පිඩු පිනිස) හැසිරෙන්නේ
31. ´´ සිතට ඇවිරිම කරණ නිවරණයන් පස්දෙනා අත්හැර සියලු කිලුටු දුරු කොට දෟෂ්ටි ඇසුරු නොකළ රාගය සිද.
32. ´´ ප්‍රථමධ්‍යාන භුමියෙහිම කායික සැප දුක් ද දෙවෙනි ධ්‍යාන ආසන්නයෙහි වෙචතික දුකද තෟතිය ධ්‍යානයට ආසන්නයෙහිම චෛතිසික සැපයද, පිටත්කොට හැර ඉතා පිරිසිදු වු සතර වෙනිධ්යාන උපෙක්ෂාව ඇති සතර වෙනි ධ්‍යාන සමාධිය ලැබ පසේ බුදු විමි.
33. ´´ නිවාරණයට පැමිණිම පිනිස පටන් ගන්නාලද විය්‍ර්‍ය ඇත්තේමි, හැකුළුන සිත් නැත්තෙමි. කම්මැලි සිත් නැත්තේමි. සථිර විය්‍ර්‍ය ඇත්තෙමි. ශරිර ශක්තියෙන්ද ඤාණ ශක්තියෙන්ද යුක්ත වුයෙමි. පසේ බුදු විමි.
34. ´´ පසෙකට වීම හෝ කායවිවේදයද චිත්තවිවෙකයද නොහරින්නේ විදශීනාවට යොග්‍ය ධර්යන් විෂයෙහි නිතර අනුලොම විධර්ශනාවෙහි හැසිරෙන තුන් භවයෙහි අගු දක්නාවු මම පසේ බුදු වෙමි.
35. ´´ නිවාරණය පනත නොපමාවු පණ්ඩිත වු ව්‍යක්ත වචන ඇති ඇසුපිරු තැන් ඇති සිහි ඇති සම්‍යක් ප්‍රධාන විය්‍ර්‍ය ඇති තියත ව්ර දන්නා ලද ධර්මය ඇත්තෙමි් පසේ බුදු විමි.
36. ´´බෙර ශබ්දාදියෙහිද භය නොකරණ කෙශරසිංහය මෙන් දැල නොබැදෙන වාතය මෙන් දිය හා නොඇලෙන පද්මය මෙන් බුදුවිමි.
37. ´´සිවුපාවුන් පෙලා පන්නාහැර හැසිරෙන වසීකොට ගෙන හැසිරෙන දත්බල ඇති කෙශර සිංහයා මෙන් රජ තෙමේ දුරැවු හෝනා හිදි නැතැන් ආශ්‍රය කරන්නේ පසේ බුදු වීමි.
38. ´´විමුක්ති නම් වු මෛත්‍රි ධ්‍යානයද කරුණා ධ්‍යානයද මුදිතාධ්යානයද උපෙක්ෂාධ්යානයද පහසු කාලයෙහි වඩන්නා සියලු සන්වලොකයා හා විරුද්ධ නොවන්නේ පසේ බුදු විමි.
39. ´´රාගය ද, වෙශයද, මොහයද ප්රහාණය කෙට සංයෝජනයෙන් ඒ ඒ මගින් පළාහැර චුති චිත්තයාගේ බිදිමෙහි භය නොකරන්නේම් පසේ බුදු විමි.
40. ´´ මෙකළ තමා දෙස බලන අපිරිසදු මිත්‍රයෝ ප්රයොයක් තකා ඇලෙනි. ආශ්‍රයන් කෙරෙති. වැඩක් නොකැමත්තාවු ආය්‍ර්‍යවු මිත්‍රයෝ මෙකල ලැබිම දුර්ලබයි