152ග ´´ලෝක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රෙෂ්ඨවූ, අනොමදස්සි භාග්‍යවතුන් වහන්සේ දිව්‍ය සමූහයා විසින් පිරිවරණ ලදුව හිමවතෙහි විසීය.
153ග ´´එකල්හි මම නමින් වරුණ නම්වූ නාග රාජයෙක්වීමි. කැමති රූපයන් මවන සුළුවූයේ ඎද්ධි විකුර්වණ්ය කරමි. මම සයුරෙහි විසීමි.
154ග ´´නිතර සිය පිරිවරවූ ස්වකීය නාග සමූහයා පිරිවරා මම තූය්‍ර්‍යයන් වාදනය කරවීමි. එකල්හි නා මෙනෙවියෝ (අනොමදස්සි) බුදුරජාණන් වහන්සේ පිරිවරා වාදනය කළාහුය.
155ග ´´(මනුෂ්‍ය- නාග) තූය්ර්යන් වාදනය කරනු ලබන කල්හි (චාතුර්මහාරාජික) දෙවියෝද (දිව්‍ය) තූය්‍ර්‍යයන් වාදනය කළාහුය. මේ දෙපිරිස (දෙවි මිනිසුන්ගේ තූර්ය) ශබ්දය අසා බුදුරජාණන් වහන්සේද එය දැනගත් සේක.
156ග ´´ බුදුරජාණන් වහන්සේට ආරාධනාකොට ස්වකීය නාග භවනයට එළඹියෙමි. මම අසුන් පනවා (දානයට සුදුසු) කාලය සැළ කෙළෙමි.
157ග ´´රහතුන් දහසක් විසින් පිරිවරණ ලද බුදුරජාණන් වහන්සේ සියළු දිසාවන් බබුළුවන සේක් මාගේ භවනයට එළඹි සේක.
168ග ´´එකල්හි මම (එසේ) එළඹියාවූ භික්ෂු සංඝයා සහිතවූ, මහා වීරවූ, දේවාති දේවවූ, නරශ්‍රේෂඨවූ බුදුරජාණන් වහන්සේ ආහාර පානයෙන් සන්තර්පණය කළෙමි.
16්‍රග ´´(සියල්ල) තෙමේම අවබෝධ කළාවූ, මහා වීරවූ, අග්‍ර පුද්ගලවූ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා මැද හිඳ අනුමෝදනාව කළ සේක. මෙම ගාථාවෝද වදාරණ ලදහ.´´
16ුග ´´යමෙක් තෙම ලෝක නායකවූ බුදුරජාණන් වහන්සේද, සංඝයාද පිදී නම් හෙතෙම එම සිත පැහැදවීම කරණකොට ගෙන දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) යන්නේය.
161ග ´´සත් සැත්තෑ වරක් දිව්‍ය රාජ්‍යයද කරන්නේය. අට සියක් වරෙක පෘථිවි රාජ්‍යයද කරමින් පොළොවෙහි වෙසෙන්නේය.
162ග ´´පස් පණස් වරක් සක්විති රජ වන්නේය. එකෙණෙහි ඔහුට අපමණ භෝගයෝ උපදින්නාහුය.
163ග ´´මෙයින් අපරිමෙය්‍ය කල්පයෙහි (එකාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මතුයෙහි) ඔක්කාක නම් කුලයෙහි උපදින්නාවූ ගෞතම නම්වූ ශාස්තෲන් වහන්සේ ලෝකයෙහි පහළ වන්නේය.
164ග ´´හෙතෙම (වරුණ නාග රාජ තෙම) නිරයෙන් චුතව මිනිසත් බවට (උත්පත්ති වශයෙන්) යන්නේය. කෝලිත නම්වූ බ්‍රාහ්මණයෙක් වන්නේය.
165ග ´´හෙතෙම පසුව පැවිදිව කුශල මූලයන් විසින් මෙහෙයන ලදුයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ වීතීය ශ්‍රාවක වන්නේය.
166ග ´´පටන් ගන්නා ලද වීය්‍ර්‍ය ඇත්තේ, නිවණට මෙහෙයූ සිත් ඇත්තේ, ඎද්ධියෙහි කෙළ පැමිණියේ, සියලු ආශ්‍රව ධර්මයන් දැන (දුරුකොට) ආශ්‍රව රහිතව (ක්ලේශ පරිනිර්වාණයෙන්) පිරිනිවන් පාන්නේය.´´
167ග ´´පාප මිත්‍රයන් ඇසුරෙන් කාමරාගයෙහි වසඟයට ගියේ දුෂ්ට සිත් ඇත්තේ මව් පියන්ද නැසීමි.
178ග ´´මම නිරෙයෙහි හෝ, නැතහොත් මිනිසුන් අතරෙහි හෝ, යම් යම් යෝනියක උපදිම් නම් (එකී) පාප කර්මය හා එක්වීමෙන් බිඳීගිය හිස් ඇත්තේ මැරෙමි.
17්‍රග ´´මෙය මාගේ (සසරෙහි) අවසානයයි. අන්තිම ආත්ම භාවය වේ. මේ ආත්ම භාවයෙහිදීද මට මැරෙන කල්හි මෙබන්දක් වන්නේය.
17ුග ´´ප්රකර්ශ විවේකයෙහි යෙදුනේ, සමාධි භාවනාවෙහි ඇළුනේ, සියලු ආශ්‍රවයන් දැන (දුරුකොට) ආශ්‍රව රහිතව වෙසෙමි.
171ග ´´පෘථිවියද ඉතා ගැඹුරුය. ඝනය. නොසෙල්විය හැක. (එහෙත්) ඎද්ධියෙහි කෙළ පැමිණියේ (එය) වම් පය මහපටැඟිල්ලෙන් සොළවමි.
172ග ´´අස්මී මානය (සීල සමාධි ප්‍රඥාදිය ඇත්තේ මටමය යන ඇඟීම) නොදකිමි. මට මානය නැත. මම සාමණේරයන් පටන්කොට සියලු භික්ෂු සංඝයා කෙරෙහි ගෞරව සිත (ඇති) කරමි.
173ග ´´මින් (එකා සංඛ්‍ය කල්ප ලක්ෂයකට) අපරිමෙය කල්පයකට පෙර (අගසව් බව පිණිස) යම් කර්මයක් රැස් කෙළෙම්ද, මම ඒ ශ්‍රාවක භූමියට පත්වීමි. ආශ්‍රව ක්ෂය නම්වූ නිවණට පැමිණියෙමි.
174ග ´´මාගේ ක්ලේශයෝ දවන ලද්දාහුය. සියලු භවයෝ සමූහනනය (විනාශ) කරණ ලද්දාහුය. හස්තිරාජයෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
175ග ´´බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පමුණුවන ලද්දාහු බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී.
176ග ´´මේ සිවි පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී´´
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේක.
( මහා මොග්ගල්ලාන තෙරුන් වහන්සේගේ අපදානය නිමි. )