20. භත්තුද්දේසක සූත්‍රය.

1. “මහණෙනි, මේ ධර්‍ම සතරකින් යුක්තවූ භත්තුද්දේසක තෙම ප්‍රත්‍ය බෙදන්නා ගෙන එන ලද්දක් හෙලන්නේ යම්සේද, එසේ නරකයේ උපදී. කවර සතරකින්ද යත්?

2. “ඡන්‍දයෙන් අගතියට යයිද, ද්වේෂයෙන් අගතියට යයිද, මොහයෙන් අගතියට යයිද, භයෙන් අගතියට යයිද, මහණෙනි, මේ ධර්‍ම සතරින් යුක්තවූ භත්තුද්දේසක තෙම ගෙන එන ලද්දක් හෙලන්නේ යම් සේද, එසේ නරකයෙහි උපදී.
Continue reading

19. තුන්වෙනි අගතිගමන සූත්‍රය.

1. “මහණෙනි, මේ අගතියට යාම් සතරකි. කවර සතර දෙනෙක්ද යත්,

2. “ඡන්‍දයෙන් අගතියට යයි. ද්වේෂයෙන් අගතියට යයි. මොහයෙන් අගතියට යයි. භයෙන් අගතියට යයි. මහණෙනි, මේ සතර අගතියට යෑම් සතරය.

3. “මහණෙනි, මේ අගතියට නොයෑම් සතරක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්,

4. “ඡන්‍දයෙන් අගතියට නොයයිද. ද්වේෂයෙන් අගතියට නොයයිද. මොහයෙන් අගතියට නොයයිද. භයෙන් අගතියට නොයයිද. මහණෙනි, මේ සතර අගතියට නොයෑම් සතරය.

5. “ඡන්‍දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මොහයෙන් යමෙක් ධර්‍මය ඉක්මවයිද, ඔහුගේ යසස කථවර පක්‍ෂයෙහි චන්‍ද්‍රයා මෙන් පිරිහෙයි..”

6. “ඡන්‍දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මොහයෙන් යමෙක් ධර්‍මය නොයික්මවයිද, ඔහුගේ යසස පුර පක්‍ෂයෙහි චන්‍ද්‍රයා සේ පිරෙයි.”

18. දෙවෙනි අගතිගමන සූත්‍රය.

1. “මහණෙනි, මේ අගතියට නොයෑම් සතරක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්,

2. “ඡන්‍දයෙන් අගතියට නොයයිද. ද්වේෂයෙන් අගතියට නොයයිද. මොහයෙන් අගතියට නොයයිද. භයෙන් අගතියට නොයයිද. මහණෙනි, මේ සතර අගතියට නොයෑම් සතරය.

3. “ඡන්‍දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මොහයෙන් යමෙක් ධර්‍මය නොයික්මවයිද, ඔහුගේ යසස පුර පක්‍ෂයෙහි චන්‍ද්‍රයා සේ පිරෙයි.”

17. පළමුවෙනි අගතිගමන සූත්‍රය.

1. “මහණෙනි, මේ අගතියට යාම් සතරකි. කවර සතර දෙනෙක්ද යත්,

2. “ඡන්‍දයෙන් අගතියට යයි. ෙවෂයෙන් අගතියට යයි. මොහයෙන් අගතියට යයි. භයෙන් අගතියට යයි. මහණෙනි, මේ සතර අගතියට යෑම් සතරය.

3. “ඡන්‍දයෙන්, ෙවෂයෙන්, භයෙන්, මොහයෙන් යමෙක් ධර්‍මය ඉක්මවයිද, ඔහුගේ යසස කථවර පක්‍ෂයෙහි චන්‍ද්‍රයා මෙන් පිරිහෙයි..”

16. චතුකොඛුම්ම සූත්‍රය.

1. “මහණෙනි, මේ සියුම් ස්වභාවයන් දැනගන්නා නුවණ සතරෙකි. කවර සතර දෙනෙක්ද යත්.

2. “මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම රූපයෙහි උතුම්වූ සියුම් ලක්‍ෂණ දැනගන්නා නුවණින් යුක්ත වේද, ඒ සියුම් රූප ලක්‍ෂණ දැනගන්නාවූ නුවණට වඩා උතුම්වූ හෝ ප්‍රණීතවූ හෝ අනික් රූප ලක්‍ෂණ දැනගන්නාවූ ඥානයක් ඒ සියුම්වූ රූප ලක්‍ෂණ දැනගන්නාවූ ඥානයට වඩා උතුම්වූ හෝ ප්‍රණීතවූ හෝ අනික් රූප ලක්‍ෂණ දැනගන්නාවූ ඥානයක් නොපතයි. සියුම්වූ වේදනා ලක්‍ෂණ දැනගන්නාවූ නුවණින් යුක්ත
Continue reading

15. අග්ගපඤ්ඤත්ති සූත්‍රය.

1. “මහණෙනි, මේ අග්‍ර පැනවීම් සතරක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්.

2. “මහණෙනි, යම් මේ රාහු අසුරේන්‍ද්‍රයෙක් වේද, ආත්මභාව ඇත්තන් අතුරෙන් මොහු අග්‍රයි. මහණෙනි, යම් මේ මන්‍ධාතු රජෙක් වේද, කාමභෝගීන්ගෙන් මොහු අග්‍රයි. මහණෙනි, යම් මේ පාපී මාරයෙක් වේද, අධිපති භාවයෙන් මොහු අග්‍රයි. මහණෙනි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දිව්‍ය මනුෂ්‍ය ප්‍රජාවෙහි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේ අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, මේ සතර උත්තම ප්‍රඥප්තිය.
Continue reading

14. පධාන චතුක්ක සූත්‍රය.

1. “මහණෙනි, මේ වීය්‍ර්‍ය සතරෙකි. කවර සතරක්ද යත්?

2.. “සංවර ප්‍රධානය, ප්‍රහාණ ප්‍රධානය, භාවනා ප්‍රධානය, අනුරක්‍ෂණ ප්‍රධානය යන සතරයි.

3. “මහණෙනි, සංවර ප්‍රධානය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඇසින් රූපයක් දැක,

4. “නිමිති නොගන්නේ වේද, අනුව්‍යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් චක්‍ෂුරින්‍ද්‍රියයෙහි අසංවරව හැසිරෙන්නහු වෙත අභිධ්‍යා, ව්‍යාපාද සංඛ්‍යාත ලාමක අකුශල ධර්මයන් නැවත, නැවත පහළවන්නාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදී.

5. “චක්‍ෂුරින්‍ද්‍රියය රකී. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.

6. “කණින් ශබ්දයක් අසා නිමිති නොගන්නේ වේද, අනුව්‍යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් සොතෙන්‍ද්‍රියයෙහි අසංවරව හැසිරෙන්නහු වෙත අභිධ්‍යා, ව්‍යාපාද සංඛ්‍යාත ලාමක අකුශල ධර්මයන් නැවත, නැවත පහළවන්නාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදී. සොතෙන්‍ද්‍රියය රකී. සොතෙන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. Continue reading

13. සම්මප්පධාන සූත්‍රය.

1. “මහණෙනි, උතුම් වීය්‍ර්‍යයෝ මේ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්?

2. “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම, නූපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීය්‍ර්‍යය පටන් ගනීද, සිත යොදවයිද, ප්‍රධන් වීය්‍ර්‍යය කරයිද, උපන් ලාමක අකුශල ධර්‍මයන් ප්‍රහාණය කිරීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීය්‍ර්‍යය පටන් ගනීද, සිත යොදවයිද, ප්‍රධන් වීය්‍ර්‍යය තරයිද, නූපන් කුශල ධර්මයන් ඉපදවීම පිණිස, කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීය්‍ර්‍යය පටන් ගනීද, සිත යොදවයිද, ප්‍රධන් වීය්‍ර්‍යය කරයිද, උපන් කුශල ධර්මයන්ගේ ස්ථිතිය පිණිස, නොමුළාබව පිණිස, වැඩීම පිණිස, විපුලත්‍වයට යාම පිණිස, භාවනාවෙන් සම්පූර්‍ණවීම පිණිස, සිත උපදවයිද, වෑයම් කරයිද, වීය්‍ර්‍යය පටන් ගනීද, සිත යොදවයිද, ප්‍රධන් වීය්‍ර්‍යය තරයිද, මහණෙනි, මේ සතර සම්‍යක් ප්‍රධානයෝයි.

“සම්‍යක් ප්‍රධානයෝ වට්ට නම් මාර ධෙය්‍යයන් ඉක්මවා සිටියාහ. ජාති මරණ භය යන්ගේ පරතෙරට ගිය, (ඉන් යුක්ත) ක්‍ෂීණාශ්‍රවයෝ අනිශ්‍රිතයෝය. සේනා සහිත මාරයා නසා සිටි ඒ ක්‍ෂීණාශ්‍රවයෝ සතුටට පැමිණියහ. මාර බලය ඉක්මවා සිටි ඔවුහු, තෘෂ්ණා නම් ඒජා නැත්තොය. ඔවුහු සැපයෙන් යුක්තවූහ.”

12. සම්පන්න සීල සූත්‍රය.

1. “මහණෙනි, සම්පූර්‍ණ සිල් ඇත්තෝව, සම්පූර්‍ණ ප්‍රාතිමොක්‍ෂ ඇත්තෝව වාසය කරව්. ප්‍රාතිමොක්‍ෂ සංවර සීලයෙන් යුක්තව වාසය කරව්. ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තවූවාහු, ස්වල්ප මාත්‍ර වරදෙහි භය දක්නා සුළුව, සියලු ශික්‍ෂා පදයන් දැඩිව සමාදන්ව හික්මෙව්. මහණෙනි, සම්පූර්‍ණ සිල් ඇත්තෝව වාසය කරන්නාවූ, සම්පූර්‍ණ ප්‍රාතිමොක්‍ෂ ඇති, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් සංවරණයවී වාසය කරන්නාවූ, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තවූ, ස්වල්ප මාත්‍ර වරදෙහි භය දක්නා සුළුව, ශික්‍ෂා පදයන් දැඩිව ගෙන හික්මෙන්නාවූ තොප විසින් මත්තෙහි කුමක් කටයුතු වන්නේද?

2. “මහණෙනි, ඉදින් සක්මන් කරන්නාවූ භික්‍ෂුවට,

3. “අභිධ්‍යාව හා ව්‍යාපාදය පහවූයේ වේද, ථීනමිද්ධය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව ප්‍රහීණවූවාහු වෙත්ද, වීය්‍ර්‍ය පටන්ගන්නා ලද්දේද, නොහැකුළුණේද, සිහිය එළඹ සිටියාද, නොමුළාවූවාද, කය සංසිඳුණේද, දාහ නැත්තේද, සිත සමාහිත වූයේද, එකඟ වූයේද,

4. “මහණෙනි, සක්මන් කරන්නාවූ භික්‍ෂුව කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ,

5. “උපවාදයට භය ඇත්තේ, නිතර නිරන්තරයෙන් පටන්ගන්නාලද වීය්‍ර්‍යය ඇත්තේ, නිවන කරා යවන ලද ආත්මභාවය ඇත්තේයයි කියයි.

6. “මහණෙනි, ඉදින් සිටි භික්‍ෂුවට, අභිධ්‍යාව හා ව්‍යාපාදය පහවූයේ වේද, ථීනමිද්ධය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව ප්‍රහීණවූවාහු වෙත්ද, වීය්‍ර්‍ය පටන්ගන්නා ලද්දේද, නොහැකුළුණේද, සිහිය එළඹ සිටියාද, නොමුළාවූවාද, කය සංසිඳුණේද, දාහ නැත්තේද, සිත සමාහිත වූයේද, එකඟ වූයේද,

7. “මහණෙනි, මෙබඳුවූ සිටි භික්‍ෂුව කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, උපවාදයට භය ඇත්තේ, නිතර නිරන්තරයෙන් පටන්ගන්නාලද වීය්‍ර්‍යය ඇත්තේ, නිවන කරා යවන ලද ආත්මභාවය ඇත්තේයයි කියයි.

8. “මහණෙනි, හිඳගත් භික්‍ෂුවට, අභිධ්‍යාව හා ව්‍යාපාදය පහවූයේ වේද, ථීනමිද්ධය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව ප්‍රහීණවූවාහු වෙත්ද, වීය්‍ර්‍ය පටන්ගන්නා ලද්දේද, නොහැකුළුණේද, සිහිය එළඹ සිටියාද, නොමුළාවූවාද, කය සංසිඳුණේද, දාහ නැත්තේද, සිත සමාහිත වූයේද, එකඟ වූයේද,

9. “මහණෙනි, මෙසේවූ හිඳගත් භික්‍ෂුව, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, 5. “උපවාදයට භය ඇත්තේ, නිතර නිරන්තරයෙන් පටන්ගන්නාලද වීය්‍ර්‍යය ඇත්තේ, නිවන කරා යවන ලද ආත්මභාවය ඇත්තේයයි කියයි.

10. “මහණෙනි, සයනය කරමින් නොනිඳා සිටින භික්‍ෂුවට, 3. “අභිධ්‍යාව හා ව්‍යාපාදය පහවූයේ වේද, ථීනමිද්ධය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව ප්‍රහීණවූවාහු වෙත්ද, වීය්‍ර්‍ය පටන්ගන්නා ලද්දේද, නොහැකුළුණේද, සිහිය එළඹ සිටියාද, නොමුළාවූවාද, කය සංසිඳුණේද, දාහ නැත්තේද, සිත සමාහිත වූයේද, එකඟ වූයේද,

11. “මහණෙනි, මෙසේවූ සයනය කරමින් නිදි දුරු කරන්නාවූ භික්‍ෂුව, කෙලෙස් තවන වීය්‍ර්‍යය ඇත්තේ, උපවාදයට භය ඇත්තේ, නිතර නිරන්තරයෙන් පටන්ගන්නාලද වීය්‍ර්‍යය ඇත්තේ, නිවන කරා යවන ලද ආත්මභාවය ඇත්තේයයි කියයි.

12. “භික්‍ෂුව යම් විධියකින් හැසිරෙන්නේද, යම් විධියකින් සිටින්නේද, යම් විධියකින් හිඳින්නේද, යම් විධියකින් සයනය කරන්නේද, යම් විධියකින් අත් පා හකුළුවන්නේද, යම් විධියකින් අත් පා දිග හරින්නේද, ලෝකයාගේ ඉපදීම යම්තාක්ද, ඒතාක් උඩ, මැද, යට පඤ්ච සම්බන්‍ධ කර්‍මයන්ගේ උදයව්‍යය බලන හැම කල්හි, සිහි චිත්ත සමථයට ගැලපෙන ප්‍රතිපදාවට අනුව හික්මෙන එබඳු භික්‍ෂුව නිරන්තරයෙන් බැහැර කළ ආත්මය ඇත්තේයයි කීහු.”

11. චරතො උප්පජ්ජති සූත්‍රය.

1. “මහණෙනි, ඉදින් සක්මන් කරණ භික්‍ෂුවට

2. “කාම විතර්‍කයක් හෝ ව්‍යාපාද විතර්‍කයක් හෝ විහිංසා විතර්‍කයක් හෝ උපදීද, භික්‍ෂුවද එය ඉවසයිද, අත් නොහරියිද, දුරු නොකරයිද, පහවූවක් නොකරයිද, නොවැඩීමට නොපමුණුවයිද,

3. “මහණෙනි, සක්මන් කරන්නේම, කෙලෙස් තවන වීය්‍ර්‍යය නැත්තේද,

4. “උපවාද භය නැත්තේද, නිතර තිරන්තරයෙන් මෙසේවූ භික්‍ෂුව, කුසීතවූ, හීන වීය්‍ර්‍යය ඇත්තේයයි කියනු ලැබේ.

5. “මහණෙනි, සිටි භික්‍ෂුවටද, කාම විතර්‍කයක් හෝ ව්‍යාපාද විතර්‍කයක් හෝ විහිංසා විතර්‍කයක් හෝ උපදීද, භික්‍ෂුවද එය ඉවසයිද, අත් නොහරියිද, දුරු නොකරයිද, පහවූවක් නොකරයිද, නොවැඩීමට නොපමුණුවයිද,

6. “මහණෙනි, සිටියේම, කෙලෙස් තවන වීය්‍ර්‍යය නැත්තේද, උපවාද භය නැත්තේද, නිතර තිරන්තරයෙන් මෙසේවූ භික්‍ෂුව, කුසීතවූ, හීන වීය්‍ර්‍යය ඇත්තේයයි කියනු ලැබේ.
Continue reading