10. ධර්‍මකථික සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන කරණ සේක. ඉක්බිති එක්තරා භික්‍ෂුවක්තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක උන්නේය. එක් පසෙක උන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය.

2. , සවාමීනි, ධර්‍මකථිකයාය, ධර්‍මකථිකයායයි කියනු ලැබේ. සවාමීනි, කොපමණකින් වනාහි ධර්‍මකථිකයෙක් වේද?

3. , ඉදින් මහණතෙම ඇස පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස ධර්‍මය දේශනා කෙරේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මකථිකයායයි කීමට සුදුසු වේ. ඉදින් භික්‍ෂුතෙම ඇස පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපදින්නේ වේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මයට අනුව පිළිපදින්නේයයි කීමට සුදුසුය. ඉදින් භික්‍ෂුතෙම ඇස පිළිබඳ කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිතව මිදුනේවේද, ඒ භික්‍ෂුතෙම මේ ආත්මයෙහි නිවනට පැමිණියේයයි කීමට සුදුසු වේ.

4. , ඉදින් මහණතෙම කණ පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස ධර්‍මය දේශනා කෙරේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මකථිකයායයි කීමට සුදුසු වේ. ඉදින් භික්‍ෂුතෙම කණ පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපදින්නේ වේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මයට අනුව පිළිපදින්නේයයි කීමට සුදුසුය. ඉදින් භික්‍ෂුතෙම කණ පිළිබඳ කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිතව මිදුනේවේද, ඒ භික්‍ෂුතෙම මේ ආත්මයෙහි නිවනට පැමිණියේයයි කීමට සුදුසු වේ.

5. , ඉදින් මහණතෙම නාසය පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස ධර්‍මය දේශනා කෙරේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මකථිකයායයි කීමට සුදුසු වේ. ඉදින් භික්‍ෂුතෙම නාසය පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපදින්නේ වේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මයට අනුව පිළිපදින්නේයයි කීමට සුදුසුය. ඉදින් භික්‍ෂුතෙම නාසය පිළිබඳ කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිතව මිදුනේවේද, ඒ භික්‍ෂුතෙම මේ ආත්මයෙහි නිවනට පැමිණියේයයි කීමට සුදුසු වේ.

6. , ඉදින් මහණතෙම දිව පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස ධර්‍මය දේශනා කෙරේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මකථිකයායයි කීමට සුදුසු වේ. ඉදින් භික්‍ෂුතෙම දිව පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපදින්නේ වේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මයට අනුව පිළිපදින්නේයයි කීමට සුදුසුය. ඉදින් භික්‍ෂුතෙම දිව පිළිබඳ කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිතව මිදුනේවේද, ඒ භික්‍ෂුතෙම මේ ආත්මයෙහි නිවනට පැමිණියේයයි කීමට සුදුසු වේ.

7. , ඉදින් භික්‍ෂුතෙම කය පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස ධර්‍මය දේශනා කෙරේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මකථිකයායයි කීමට සුදුසු වේ. ඉදින් භික්‍ෂුතෙම කය පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපදින්නේ වේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මයට අනුව පිළිපදින්නේයයි කීමට සුදුසුය. ඉදින් භික්‍ෂුතෙම කය පිළිබඳ කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිතව මිදුනේවේද, ඒ භික්‍ෂුතෙම මේ ආත්මයෙහි නිවනට පැමිණියේයයි කීමට සුදුසු වේ.

8. , ඉදින් භික්‍ෂුතෙම සිත පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස ධර්‍මය දේශනා කෙරේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මකථිකයායයි කීමට සුදුසු වේ. ඉදින් භික්‍ෂුතෙම සිත පිළිබඳ කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපදින්නේ වේද, ඒ භික්‍ෂුතෙම ධර්‍මයට අනුව පිළිපදින්නේයයි කීමට සුදුසුය. ඉදින් භික්‍ෂුතෙම සිත පිළිබඳ කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිතව මිදුනේවේද, ඒ භික්‍ෂුතෙම මේ ආත්මයෙහි නිවනට පැමිණියේයයි කීමට සුදුසුයයි, (වදාළේය.)

(5 වෙනි නවපුරාණ වර්‍ගය නිමි.)

3 පණණාසකය නිමි.

9. ඉන්‍ද්‍රියසමපන්න සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන කරණ සේක. ඉක්බිති එක්තරා භික්‍ෂුවක්තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක උන්නේය. එක් පසෙක උන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය.

2. , සවාමීනි, සම්පූර්‍ණ ඉන්‍ද්‍රිය ඇති පුද්ගලයාය සම්පූර්‍ණ ඉන්‍ද්‍රිය ඇති පුද්ගලයායයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි සම්පූර්‍ණ ඉන්‍ද්‍රිය ඇති පුද්ගලයෙක් වේද?,

3. , ඉදින් භික්‍ෂුතෙම චකඛු ඉන්‍ද්‍රියයෙහි ඇතිවීම නැතිවීම නැවත නැවත දකිමින් වාසය කරන්නේ චකඛු ඉන්‍ද්‍රියය කෙරෙහි කලකිරේද, සොත ඉන්‍ද්‍රියයෙහි ඇතිවීම නැතිවීම නැවත නැවත දකිමින් වාසය කරන්නේ සොත ඉන්‍ද්‍රියයෙහි කලකිරේද, ඝාණෙන්‍ද්‍රියයෙහි ඇතිවීම නැතිවීම නැවත නැවත දකිමින් වාසය කරන්නේ ඝාණ ඉන්‍ද්‍රියයෙහි කලකිරේද, ජිව්හා ඉන්‍ද්‍රියයෙහි ඇතිවීම නැතිවීම නැවත නැවත දකිමින් වාසය කරන්නේ ජිව්හා ඉන්‍ද්‍රියයෙහි කලකිරේද, කාය ඉන්‍ද්‍රියයෙහි ඇතිවීම නැතිවීම නැවත නැවත දකිමින් වාසය කරන්නේ කාය ඉන්‍ද්‍රියයෙහි කලකිරේද, ඉදින් මනින්‍ද්‍රියයෙහි ඇතිවීම නැතිවීම නැවත නැවත දකිමින් වාසය කරන්නේ චකඛු ඉන්‍ද්‍රියයෙහි කලකිරේද, කලකිරෙමින් නොඇලේද, නොඇල්මෙන් මිදේද, මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේද ජාතිය ක්‍ෂයවිය. බඹසර වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරණ ලදී. මෙයින් අන්‍ය ආත්මභාවයක් නැතැයි දැනගනීද, මෙතෙකින් වනාහි භික්‍ෂුතෙම සම්පූර්‍ණ ඉන්‍ද්‍රිය ඇත්තෙක් වේයයි, (වදාළේය.)

8. අත්‍ථිනුඛොපරියාය සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

, මහණෙනි, භික්‍ෂුතෙම යම් ආකාරයක් නිසා ශ්‍රඬාවෙන් තොරව, කැමැත්තෙන් තොරව, ඇසීමෙන් තොරව, කරුණු සැලකීමෙන් තොරව, ලබ්ධි වශයෙන් ගැනීමෙන් තොරව ජාතිය ක්‍ෂය විය බඹසර වැස නිමවන ලදී සතර මගින් කටයුතුදෙය කරණ ලදී මෙයින් අන්‍යවූ ආත්මභාවයක් නැතැයි දැනගනිමියි රහත් බව ප්‍රකාශ කරන ආකාරයක් ඇත්තේද?,

2. , ස්වාමීනි, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය.,

, මහණෙනි, එසේ වීනම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමියි’ වදාළසේක.,

, එසේය, ස්වාමීනි, ක්යා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

(එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.

3. , මහණෙනි, භික්‍ෂුතෙම යම් ආකාරයක් නිසා ශ්‍රඬාවෙන් තොරව, කැමැත්තෙන් තොරව, ඇසීමෙන් තොරව, කරුණු සැලකීමෙන් තොරව, ලබ්ධි වශයෙන් ගැනීමෙන් තොරව ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. සතරමගින් කටයුතුදෙය කරණ ලදී. මෙයින් අන්‍යවූ ආත්මභවයක් නැතැයි දැනගනිමියි රහත්බව ප්‍රකාශකරන ආකාරයක් ඇත්තේද?

4. , මහණෙනි, භික්‍ෂුතෙම යම් ආකාරයක් නිසා ශ්‍රඬාවෙන් තොරව, කැමැත්තෙන් තොරව, ඇසීමෙන් තොරව, කරුණු සැලකීමෙන් තොරව, ලබ්ධි වශයෙන් ගැනීමෙන් තොරව ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. සතරමගින් කටයුතුදෙය කරණ ලදී. මෙයින් අන්‍යවූ ආත්මභවයක් නැතැයි දැනගනිමි යන මෙයද රහත්බව ප්‍රකාශකරන ආකාරයකි.

5. , මහණෙනි, මහණතෙම ඇසින් රූපයක් දැක, තමා කෙරෙහි ඇත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි හෝ දැනගනියිද, තමා කෙරෙහි නැත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි හෝ දැනගනියිද, මහණෙනි, භික්‍ෂුතෙම ඇසින් රූපයක් දැක, තමා කෙරෙහි ඇත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි හෝ දැනගනියි. තමා කෙරෙහි නැත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි හෝ දැනගනියි යන යමක් වේද, මහණෙනි, මේ ධර්‍මයෝ ශ්‍රඬාවෙන් හෝ දතයුත්තාහුද, කැමැත්තෙන් හෝ දතයුත්තාහුද, ඇසීමෙන් හෝ දතයුත්තාහුද, කරුණු සැලකීමෙන් හෝ දතයුත්තාහුද, ලබ්ධි වශයෙන් ගැනීමෙන් හෝ දතයුත්තාහුද?, – , ස්වාමීනි, එය නොවේමැයි.,

, මහණෙනි, මේ ධර්‍මයෝ ප්‍රඥාවෙන් දැක දතයුත්තාහු නොවෙත්ද?, – , ස්වාමීනි, එසේය.,

6. , මහණෙනි, භික්‍ෂුතෙම යම් ආකාරයක් නිසා ශ්‍රඬාවෙන් තොරව, කැමැත්තෙන් තොරව, ඇසීමෙන් තොරව,

කරුණු සැලකීමෙන් තොරව, ලබ්ධි වශයෙන් ගැනීමෙන් තොරව ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. සතරමගින් කටයුතුදෙය කරණ ලදී. මෙයින් අන්‍යවූ ආත්මභවයක් නැතැයි දැනගනිමි යන මෙයද රහත්බව ප්‍රකාශකරන ආකාරයකි.,

7. , මහණෙනි, නැවත අනිකක්ද කියමි. , මහණතෙම කණින් ශබ්දයක් අසා, තමා කෙරෙහි ඇත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි හෝ දැනගනියිද, තමා කෙරෙහි නැත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි හෝ දැනගණියිද, මහණෙනි, භික්‍ෂුතෙම කණින් ශබ්දයක් අසා, තමා කෙරෙහි ඇත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි හෝ දැනගණියි. තමා කෙරෙහි නැත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි හෝ දැනගනියි යන යමක් වේද, මහණෙනි, මේ ධර්‍මයෝ ශ්‍රඬාවෙන් හෝ දතයුත්තාහුද, කැමැත්තෙන් හෝ දතයුත්තාහුද, ඇසීමෙන් හෝ දතයුත්තාහුද, කරුණු සැලකීමෙන් හෝ දතයුත්තාහුද, ලබ්ධි වශයෙන් ගැනීමෙන් හෝ දතයුත්තාහුද?, – , ස්වාමීනි, එය නොවේමැයි.,

, මහණෙනි, මේ ධර්‍මයෝ ප්‍රඥාවෙන් දැක දතයුත්තාහු නොවෙත්ද?, – , ස්වාමීනි, එසේය.,

, මහණෙනි, භික්‍ෂුතෙම යම් ආකාරයක් නිසා ශ්‍රඬාවෙන් තොරව, කැමැත්තෙන් තොරව, ඇසීමෙන් තොරව, කරුණු සැලකීමෙන් තොරව, ලබ්ධි වශයෙන් ගැනීමෙන් තොරව ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. සතරමගින් කටයුතුදෙය කරණ ලදී. මෙයින් අන්‍යවූ ආත්මභවයක් නැතැයි දැනගනිමි යන මෙයද රහත්බව ප්‍රකාශකරන ආකාරයකි.,

8. , මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නාසයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණයකොට, තමා කෙරෙහි ඇත්තාවූ රාග, දෝස, මෝහයෝ, මා තුළ රාග දෝස මෝහයෝ ඇතැයි හෝ දැනගණියිද, තමා කෙරෙහි නැත්තාවූ රාග, දෝස, මෝහයෝ, මා තුළ රාග දෝස මෝහයෝ නැතැයි හෝ දැනගණියිද, මහණෙනි, භික්‍ෂුතෙම නාසයෙන්

ගන්‍ධයක් ආඝ්‍රාණයකොට, තමා කෙරෙහි ඇත්තාවූ රාග, දෝස, මෝහයෝ, මා තුළ රාග දෝස මෝහයෝ ඇතැයි හෝ දැනගණියි. තමා කෙරෙහි නැත්තාවූ රාග, දෝස, මෝහයෝ, මා තුළ රාග දෝස මෝහයෝ නැතැයි හෝ දැනගනියි යන යමක් වේද, මහණෙනි, මේ ධර්‍මයෝ ශ්‍රඬාවෙන් හෝ දතයුත්තාහුද, කැමැත්තෙන් හෝ දතයුත්තාහුද, ඇසීමෙන් හෝ දතයුත්තාහුද, කරුණු සැලකීමෙන් හෝ දතයුත්තාහුද, ලබ්ධි වශයෙන් ගැනීමෙන් හෝ දතයුත්තාහුද?, – , ස්වාමීනි, එය නොවේමැයි.,

, මහණෙනි, මේ ධර්‍මයෝ ප්‍රඥාවෙන් දැක දතයුත්තාහු නොවෙත්ද?, – , ස්වාමීනි, එසේය.,

, මහණෙනි, භික්‍ෂුතෙම යම් ආකාරයක් නිසා ශ්‍රඬාවෙන් තොරව, කැමැත්තෙන් තොරව, ඇසීමෙන් තොරව, කරුණු සැලකීමෙන් තොරව, ලබ්ධි වශයෙන් ගැනීමෙන් තොරව ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. සතරමගින් කටයුතුදෙය කරණ ලදී. මෙයින් අන්‍යවූ ආත්මභවයක් නැතැයි දැනගනිමි යන මෙයද රහත්බව ප්‍රකාශකරන ආකාරයකි.,

9. , මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම දිවෙන් රසයක් විඳ, තමා කෙරෙහි ඇත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි හෝ දැනගනියිද, තමා කෙරෙහි නැත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි හෝ දැනගණියිද, මහණෙනි, භික්‍ෂුතෙම දිවෙන් රසයක් විඳ, තමා කෙරෙහි ඇත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි හෝ දැනගණියි. තමා කෙරෙහි නැත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි හෝ දැනගනියි යන යමක් වේද, මහණෙනි, මේ ධර්‍මයෝ ශ්‍රඬාවෙන් හෝ දතයුත්තාහුද, කැමැත්තෙන් හෝ දතයුත්තාහුද, ඇසීමෙන් හෝ දතයුත්තාහුද, කරුණු සැලකීමෙන් හෝ දතයුත්තාහුද, ලබ්ධි වශයෙන් ගැනීමෙන් හෝ දතයුත්තාහුද?, – , ස්වාමීනි, එය නොවේමැයි.,

, මහණෙනි, මේ ධර්‍මයෝ ප්‍රඥාවෙන් දැක දතයුත්තාහු නොවෙත්ද?, – , ස්වාමීනි, එසේය.,

, මහණෙනි, භික්‍ෂුතෙම යම් ආකාරයක් නිසා ශ්‍රඬාවෙන් තොරව, කැමැත්තෙන් තොරව, ඇසීමෙන් තොරව, කරුණු සැලකීමෙන් තොරව, ලබ්ධි වශයෙන් ගැනීමෙන් තොරව ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. සතරමගින් කටයුතුදෙය කරණ ලදී. මෙයින් අන්‍යවූ ආත්මභවයක් නැතැයි දැනගනිමි යන මෙයද රහත්බව ප්‍රකාශකරන ආකාරයකි.,

10. , මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම කයෙන් ස්පර්‍ශයක් විඳ, තමා කෙරෙහි ඇත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි හෝ දැනගනියිද, තමා කෙරෙහි නැත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි හෝ දැනගණියිද, මහණෙනි, භික්‍ෂුතෙම කයෙන් ස්පර්‍ශයක් විඳ, තමා කෙරෙහි ඇත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි හෝ දැනගණියි. තමා කෙරෙහි නැත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි හෝ දැනගනියි යන යමක් වේද, මහණෙනි, මේ ධර්‍මයෝ ශ්‍රඬාවෙන් හෝ දතයුත්තාහුද, කැමැත්තෙන් හෝ දතයුත්තාහුද, ඇසීමෙන් හෝ දතයුත්තාහුද, කරුණු සැලකීමෙන් හෝ දතයුත්තාහුද, ලබ්ධි වශයෙන් ගැනීමෙන් හෝ දතයුත්තාහුද?, – , ස්වාමීනි, එය නොවේමැයි.,

, මහණෙනි, මේ ධර්‍මයෝ ප්‍රඥාවෙන් දැක දතයුත්තාහු නොවෙත්ද?, – , ස්වාමීනි, එසේය.,

, මහණෙනි, භික්‍ෂුතෙම යම් ආකාරයක් නිසා ශ්‍රඬාවෙන් තොරව, කැමැත්තෙන් තොරව, ඇසීමෙන් තොරව, කරුණු සැලකීමෙන් තොරව, ලබ්ධි වශයෙන් ගැනීමෙන් තොරව ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. සතරමගින් කටයුතුදෙය කරණ ලදී. මෙයින් අන්‍යවූ ආත්මභවයක් නැතැයි දැනගනිමි යන මෙයද රහත්බව ප්‍රකාශකරන ආකාරයකි.,

11. , මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සිතින් ධර්‍මයක් දැන, තමා කෙරෙහි ඇත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි හෝ දැනගනියිද, තමා කෙරෙහි නැත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි හෝ දැනගණියිද, මහණෙනි, භික්‍ෂුතෙම සිතින් ධර්‍මයක් දැන, තමා කෙරෙහි ඇත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි හෝ දැනගණියි. තමා කෙරෙහි නැත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි හෝ දැනගනියි යන යමක් වේද, මහණෙනි, මේ ධර්‍මයෝ ශ්‍රඬාවෙන් හෝ දතයුත්තාහුද, කැමැත්තෙන් හෝ දතයුත්තාහුද, ඇසීමෙන් හෝ දතයුත්තාහුද, කරුණු සැලකීමෙන් හෝ දතයුත්තාහුද, ලබ්ධි වශයෙන් ගැනීමෙන් හෝ දතයුත්තාහුද?, – , ස්වාමීනි, එය නොවේමැයි.,

, මහණෙනි, මේ ධර්‍මයෝ ප්‍රඥාවෙන් දැක දතයුත්තාහු නොවෙත්ද?, – , ස්වාමීනි, එසේය.,

, මහණෙනි, භික්‍ෂුතෙම යම් ආකාරයක් නිසා ශ්‍රඬාවෙන් තොරව, කැමැත්තෙන් තොරව, ඇසීමෙන් තොරව, කරුණු සැලකීමෙන් තොරව, ලබ්ධි වශයෙන් ගැනීමෙන් තොරව ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. සතරමගින් කටයුතුදෙය කරණ ලදී. මෙයින් අන්‍යවූ ආත්මභවයක් නැතැයි දැනගනිමි යන මෙයද රහත්බව ප්‍රකාශකරන ආකාරයක් වේයයි, වදාළේය.

7. කිමත්‍ථික සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. , මහණෙනි, අන්‍යතීත්‍ර්‍ථක පරිව්‍රාජකයෝ ඉදින් තොපගෙන් මෙසේ අසන්නාහු නම්, ‘ ඇවැත්නි, කුමක් පිණිස ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙන්නේද’ මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්‍යතීත්‍ර්‍ථක පරිව්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරන්නාහුය. ‘ ඇවැත්නි, දුකඛයාගේ පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි වසන්නේය’ කියායි.

3. මහණෙනි, ඉදින් වනාහි තොපගෙන් අන්‍යතීත්‍ර්‍ථක පරිව්‍රාජකයෝ මෙසේ අසන්නාහු නම්, ‘ ඇවැත්නි, යමක් පිරිසිඳ දැනීම පිණිස ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙන්නේද? ඒ දුකනම් කවරේදැයි, මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්‍යතීත්‍ර්‍ථක පරිව්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරන්නාහුය.

, ඇවැත්නි, ඇස වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසන්නේය. රූපයෝ දුක්යහ. ඔවුන් පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසන්නේය. චක්ඛු විඤ්ඤාණය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන්නේය. චක්ඛු සම්ඵස්සය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන්නේය. චකඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද එයද දුක් වේ.

4. , ඇවැත්නි, කණ වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසන්නේය. ශබ්දයෝ දුක්යහ. ඔවුන් පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසන්නේය. සෝත විඤ්ඤාණය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන්නේය. සෝත සම්ඵස්සය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන්නේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද එයද දුක් වේ.

5. , ඇවැත්නි, නාසය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසන්නේය. ගන්‍ධයෝ දුක්යහ. ඔවුන් පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසන්නේය. ඝාණ විඤ්ඤාණය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන්නේය. ඝාණ සම්ඵස්සය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන්නේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද එයද දුක් වේ.

6. , ඇවැත්නි, දිව වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසන්නේය. රසයෝ දුක්යහ. ඔවුන් පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසන්නේය. ජිව්හා විඤ්ඤාණය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන්නේය. ජිව්හා සම්ඵස්සය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන්නේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද එයද දුක් වේ.

7. , ඇවැත්නි, කය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසන්නේය. ස්පර්‍ශයෝ දුක්යහ. ඔවුන් පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසන්නේය. කාය විඤ්ඤාණය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන්නේය. කාය සම්ඵස්සය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන්නේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද එයද දුක් වේ.

8. , ඇවැත්නි, සිත වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසන්නේය. ධර්‍මයෝ දුක්යහ. ඔවුන් පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසන්නේය. මනෝ විඤ්ඤාණය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන්නේය. මනෝ සම්ඵස්සය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන්නේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද එයද දුක් වේ. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන්නේය.’ මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්‍යතීත්‍ර්‍ථක පරිව්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරන්නාහුයයි, වදාළ සේක.

6. අනන්තෙවාසික සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. , මහණෙනි, ඇතුළත කෙළෙස් නැත්තාවූ කෙළෙස් නොහැසිරෙන්නාවූ මේ බ්‍රහ්මචය්‍ර්‍යාවාසය වසන්නේය. මහණෙනි, ඇතුළත කෙළෙස් සහිතවූ කෙළෙසුන්ගේ හැසිරීම සහිතවූ භික්‍ෂුතෙම දුකසේ අපහසුවෙන් වාසය කරයි. මහණෙනි, ඇතුළත කෙළෙස් නැත්තාවූ කෙළෙසුන්ගේ හැසිරීම නැත්තාවූ භික්‍ෂුතෙම සැපසේ පහසුවෙන් වාසය කරයි.

3. , මහණෙනි, කෙසේනම් ඇතුළත කෙළෙස් සහිතවූ කෙළෙසුන්ගේ හැසිරීම සහිතවූ භික්‍ෂුතෙම දුකසේ අපහසුවෙන් වාසය කෙරේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුහට ඇසින් රූපයක් දැක මානසංයොජන නම්වූ ලාමකවූ අකුසල ධර්‍මයෝ උපදිත්ද, ඔවුහු මොහුතුළ වාසය කරත්ද, ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ මොහුතුළ වාසය කෙරෙත්නුයි, ඇතුලත කෙළෙස් සහිත පුද්ගලයායයි කියනු ලැබේ. ඒ ක්ලේශයෝ ඔහු මැඩගෙන සිටිත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ ඔහු මැඩපවත්වත්නුයි, කෙළෙසුන්ගේ හැසිරීම සහිත පුද්ගලයායයි කියනු ලැබේ.

4. , මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට කණින් ශබ්දයක් අසා මානසංයොජන නම්වූ ලාමකවූ අකුසල ධර්‍මයෝ උපදිත්ද, ඔවුහු මොහුතුළ වාසය කරත්ද, ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ මොහුතුළ වාසය කෙරෙත්නුයි, ඇතුළත කෙළෙස් සහිත පුද්ගලයායයි කියනු ලැබේ. ඒ ක්ලේශයෝ ඔහු මැඩගෙන සිටිත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ ඔහු මැඩපවත්වත්නුයි, කෙළෙසුන්ගේ හැසිරීම සහිත පුද්ගලයායයි කියනු ලැබේ.

5. , මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට නාසයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණයකොට මානසංයොජන නම්වූ ලාමකවූ අකුසල ධර්‍මයෝ උපදිත්ද, ඔවුහු මොහුතුළ වාසය කරත්ද, ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ මොහුතුළ වාසය කෙරෙත්නුයි, ඇතුළත කෙළෙස් සහිත පුද්ගලයායයි කියනු ලැබේ. ඒ ක්ලේශයෝ ඔහු මැඩගෙන සිටිත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ ඔහු මැඩපවත්වත්නුයි, කෙළෙසුන්ගේ හැසිරීම සහිත පුද්ගලයායයි කියනු ලැබේ.

6. , මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට දිවෙන් රසයක් විඳ මානසංයොජන නම්වූ ලාමකවූ අකුසල ධර්‍මයෝ උපදිත්ද, ඔවුහු මොහුතුළ වාසය කරත්ද, ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ මොහුතුළ වාසය කෙරෙත්නුයි, ඇතුළත කෙළෙස් සහිත පුද්ගලයායයි කියනු ලැබේ. ඒ ක්ලේශයෝ ඔහු මැඩගෙන සිටිත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ ඔහු මැඩපවත්වත්නුයි, කෙළෙසුන්ගේ හැසිරීම සහිත පුද්ගලයායයි කියනු ලැබේ.

7. , මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට කයින් ස්පර්‍ශයක් විඳ මානසංයොජන නම්වූ ලාමකවූ අකුසල ධර්‍මයෝ උපදිත්ද, ඔවුහු මොහුතුළ වාසය කරත්ද, ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ මොහුතුළ වාසය කෙරෙත්නුයි, ඇතුළත කෙළෙස් සහිත පුද්ගලයායයි කියනු ලැබේ. ඒ ක්ලේශයෝ ඔහු මැඩගෙන සිටිත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ ඔහු මැඩපවත්වත්නුයි, කෙළෙසුන්ගේ හැසිරීම සහිත පුද්ගලයායයි කියනු ලැබේ.

8. , මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට සිතින් ධර්‍මයක් දැන මානසංයොජන නම්වූ ලාමකවූ අකුසල ධර්‍මයෝ උපදිත්ද, ඔවුහු මොහුතුළ වාසය කරත්ද, ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ මොහුතුළ වාසය කෙරෙත්නුයි, ඇතුළත කෙළෙස් සහිත පුද්ගලයායයි කියනු ලැබේ. ඒ ක්ලේශයෝ ඔහු මැඩගෙන සිටිත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ ඔහු මැඩපවත්වත්නුයි, කෙළෙසුන්ගේ හැසිරීම සහිත පුද්ගලයායයි කියනු ලැබේ. මහණෙනි, මෙසේ වනාහි ඇතුලත කෙළෙස් සහිතවූ කෙළෙසුන්ගේ හැසිරීම සහිතවූ භික්‍ෂුතෙම දුකසේ අපහසුව වාසය කෙරේ.

9. , මහණෙනි, කෙසේනම් ඇතුළත කෙළෙස් නොවසන්නාවූ කෙළෙසුන්ගේ හැසිරීම නැති භික්‍ෂුතෙම සුවසේ පහසුවෙන් වාසය කෙරේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුහට ඇසින් රූපයක් දැක මානසංයොජන නම්වූ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්ද, ඒ ක්ලේශයෝ ඔහුතුළ වාසය නොකරත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ මොහුතුළ වාසය නොකරත්නුයි, ඇතුලත කෙළෙසුන් නොවසන පුද්ගලයායයි කියනු ලැබේ. ඔවුහු ඔහු යටපත් නොකෙරෙත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ ඔහු යටපත් නොකෙරෙත්නුයි, කෙළෙසුන්ගේ හැසිරීම නැති පුද්ගලයායයි කියනු ලැබේ.

10. , මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට කණින් ශබ්දයක් අසා මානසංයොජන නම්වූ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්ද, ඒ ක්ලේශයෝ ඔහුතුළ වාසය නොකරත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ මොහුතුළ වාසය නොකරත්නුයි, ඇතුලත කෙළෙසුන් නොවසන පුද්ගලයායයි කියනු ලැබේ. ඔවුහු ඔහු යටපත් නොකෙරෙත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ ඔහු යටපත් නොකෙරෙත්නුයි, කෙළෙසුන්ගේ හැසිරීම නැති පුද්ගලයායයි කියනු ලැබේ.

11. , මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට නාසයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණයකොට මානසංයොජන නම්වූ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්ද, ඒ ක්ලේශයෝ ඔහුතුළ වාසය නොකරත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ මොහුතුළ වාසය නොකරත්නුයි, ඇතුලත කෙළෙසුන් නොවසන පුද්ගලයායයි කියනු ලැබේ. ඔවුහු ඔහු යටපත් නොකෙරෙත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ ඔහු යටපත් නොකෙරෙත්නුයි, කෙළෙසුන්ගේ හැසිරීම නැති පුද්ගලයායයි කියනු ලැබේ.

12. , මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට දිවෙන් රසයක් විඳ මානසංයොජන නම්වූ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්ද, ඒ ක්ලේශයෝ ඔහුතුළ වාසය නොකරත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ මොහුතුළ වාසය නොකරත්නුයි, ඇතුලත කෙළෙසුන් නොවසන පුද්ගලයායයි කියනු ලැබේ. ඔවුහු ඔහු යටපත් නොකෙරෙත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ ඔහු යටපත් නොකෙරෙත්නුයි, කෙළෙසුන්ගේ හැසිරීම නැති පුද්ගලයායයි කියනු ලැබේ.

13. , මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට කයින් ස්පර්‍ශයක් විඳ මානසංයොජන නම්වූ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්ද, ඒ ක්ලේශයෝ ඔහුතුළ වාසය නොකරත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ මොහුතුළ වාසය නොකරත්නුයි, ඇතුලත කෙළෙසුන් නොවසන පුද්ගලයායයි කියනු ලැබේ. ඔවුහු ඔහු යටපත් නොකෙරෙත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ ඔහු යටපත් නොකෙරෙත්නුයි, කෙළෙසුන්ගේ හැසිරීම නැති පුද්ගලයායයි කියනු ලැබේ.

14. , මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුහට සිතින් ධර්‍මයක් දැන මානසංයොජන නම්වූ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්ද, ඒ ක්ලේශයෝ ඔහුතුළ වාසය නොකරත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ මොහුතුළ වාසය නොකරත්නුයි, ඇතුලත කෙළෙසුන් නොවසන පුද්ගලයායයි කියනු ලැබේ. ඔවුහු ඔහු යටපත් නොකෙරෙත්ද, ලාමකවූ අකුසල ධර්‍මයෝ ඔහු යටපත් නොකෙරෙත්නුයි, කෙළෙසුන්ගේ හැසිරීම නැති පුද්ගලයායයි කියනු ලැබේ.

15. , මහණෙනි, මෙසේ වනාහි ඇතුලත කෙළෙස් නොවසන්නාවූ කෙළෙසුන්ගේ හැසිරීම නැත්තාවූ භික්‍ෂුතෙම සැපසේ පහසුවෙන් වාසය කරයි. මහණෙනි, ඇතුලත කෙළෙස් නොවසන්නාවූ කෙළෙසුන්ගේ හැසිරීම නැත්තාවූ මේ මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි වසන්නේය. මහණෙනි, ඇතුලත කෙළෙස් සහිතවූ කෙළෙසුන්ගේ හැසිරීම ඇත්තාවූ භික්‍ෂුතෙම දුකසේ අපහසුවෙන් වාසය කරයි. මහණෙනි, ඇතුලත කෙළෙස් නැත්තාවූ කෙළෙසුන්ගේ හැසිරීම නැත්තාවූ භික්‍ෂුතෙම සැපසේ පහසුවෙන් වාසය කෙරේයයි, වදාළේය.

5. සපපාය සූත්‍රය. (4)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. , මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි. මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව කවරීද?

´´මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´රූපයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´චක්ඛු විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´චක්ඛු සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

3. ´´මහණෙනි, කණ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´ශබ්දයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´සෝත විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´සෝත සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

4. ´´මහණෙනි, නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´ගන්‍ධයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´ඝාණ විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´ඝාණ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

5. ´මහණෙනි, දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´රසයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´ජිව්හා විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´ජිව්හා සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´ජිව්හා සම්ඵස්සය හේතුකොටගෙන සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

6. ´´මහණෙනි, කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´ස්පර්‍ශය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´කාය විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´කාය සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

7. ´´මහණෙනි, සිත නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´ධර්‍මයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´මනො විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´මනෝ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

´´මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?´´ – ´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?´´ – ´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ´මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි´ දකින්ට සුදුසුද?´´ – ´´ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.´´

8. ´´මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආය්‍ර්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

9. ´´කණ කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

10. ´´නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

11. ´´දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

12. ´´කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

13. ´´සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනො විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්‍ෂය විය. මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිමවන ලද්දේය. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණියි. මහණෙනි, මේ වනාහි ඒ නිවනට උපකාරවූ ප්‍රතිපදාව වේය´´ යි  වදාළ සේක.

4. සපපාය සූත්‍රය. (3)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. , මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි. මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව කවරීද?

3. , මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ඇස අනාත්මයයි දකීද, රූපයෝ අනාත්මයහයි දකීද, චක්‍ඛු විඤඤාණය අනාත්මයයි දකීද, චක්‍ඛු සම්ඵසසය අනාත්මයයි දකීද, චක්‍ඛු සම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මයයි දකීද?

, කණ අනාත්මයයි දකීද, ශබ්දයෝ අනාත්මයහයි දකීද, සෝත විඤඤාණය අනාත්මයයි දකීද, සෝත සම්ඵසසය අනාත්මයයි දකීද, සෝතසම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මයයි දකීද?

, නාසය අනාත්මයයි දකීද, ගන්‍ධයෝ අනාත්මයහයි දකීද, ඝාණ විඤඤාණය අනාත්මයයි දකීද, ඝාණ සම්ඵසසය දුකයයි දකීද, ඝාණ සම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මයයි දකීද?

, දිව අනාත්මයයි දකීද, රසයෝ අනාත්මයහයි දකීද, ජිව්හා විඤඤාණය අනාත්මයයි දකීද, ජිව්හා සම්ඵසසය දුකයයි දකීද, ජිව්හා සම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මයයි දකීද?

, කය අනාත්මයයි දකීද, ස්පර්‍ශයෝ අනාත්මයහයි දකීද, කාය විඤඤාණය දුකයයි දකීද, කාය සම්ඵසසය අනාත්මයයි දකීද, කාය සම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මයයි දකීද?

,සිත අනාත්මයයි දකීද, ධර්‍මයෝ අනාත්මයහයි දකීද, මනො විඤඤාණය අනාත්මයයි දකීද, මනො සම්ඵසසය දුකයයි දකීද, මනො සම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනාත්මයයි දකියිද, මහණෙනි, මේ වනාහි ඒ නිවණට උපකාරවූ ප්‍රතිපදාවයයි, වදාළේය.

3. සපපාය සූත්‍රය. (2)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. ,මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි. මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව කවරීද?

3., මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ඇස දුකයයි දකීද, රූපයෝ දුකඛයහයි දකීද, චක්‍ඛු විඤඤාණය දුකයයි දකීද, චක්‍ඛු සම්ඵසසය දුකයයි දකීද, චක්‍ඛු සම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකයයි දකීද?

4. ,කණ දුකයයි දකීද, ශබ්දයෝ දුකඛයහයි දකීද, සෝත විඤඤාණය දුකයයි දකීද, සෝත සම්ඵසසය දුකයයි දකීද, සෝතසම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකයයි දකීද?

5. ,නාසය දුකයයි දකීද, ගන්‍ධයෝ දුකඛයහයි දකීද, ඝාණ විඤඤාණය දුකයයි දකීද, ඝාණ සම්ඵසසය දුකයයි දකීද, ඝාණ සම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකයයි දකීද?

6. ,දිව දුකයයි දකීද, රසයෝ දුකඛයහයි දකීද, ජිව්හා විඤඤාණය දුකයයි දකීද, ජිව්හා සම්ඵසසය දුකයයි දකීද, ජිව්හා සම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකයයි දකීද?

7. ,කය දුකයයි දකීද, ස්පර්‍ශයෝ දුකඛයහයි දකීද, කාය විඤඤාණය දුකයයි දකීද, කාය සම්ඵසසය දුකයයි දකීද, කාය සම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකයයි දකීද?

8. ,සිත දුකයයි දකීද, ධර්‍මයෝ දුකඛයහයි දකීද, මනො විඤඤාණය දුකයයි දකීද, මනො සම්ඵසසය දුකයයි දකීද, මනො සම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකයයි දකියිද, මහණෙනි, මේ වනාහි ඒ නිවණට උපකාරවූ ප්‍රතිපදාවයයි, වදාළේය.

2. සපපාය සූත්‍රය. (1)

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. ,මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි. මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව කවරීද?

3. ,මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ඇස අනිත්‍යයයි දකීද, රූපයෝ අනිත්‍යයයි දකීද, චක්‍ඛු විඤඤාණය අනිත්‍යයයි දකීද, චක්‍ඛු සම්ඵසසය අනිත්‍යයයි දකීද, චක්‍ඛු සම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයයි දකීද?

, කණ අනිත්‍යයයි දකීද, ශබ්දයෝ අනිත්‍යයයි දකීද, සෝත විඤඤාණය අනිත්‍යයයි දකීද, සෝත සම්ඵසසය අනිත්‍යයයි දකීද, සෝත සම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයයි දකීද?

, නාසය අනිත්‍යයයි දකීද, ගන්‍ධයෝ අනිත්‍යයයි දකීද, ඝාණ විඤඤාණය අනිත්‍යයයි දකීද, ඝාණ සම්ඵසසය අනිත්‍යයයි දකීද, ඝාණ සම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයයි දකීද?

, දිව අනිත්‍යයයි දකීද, රසයෝ අනිත්‍යයයි දකීද, ජිව්හා විඤඤාණය අනිත්‍යයයි දකීද, ජිව්හා සම්ඵසසය අනිත්‍යයයි දකීද, ජිව්හා සම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයයි දකීද?

, කය අනිත්‍යයයි දකීද, ස්පර්‍ශයෝ අනිත්‍යයයි දකීද, කාය විඤඤාණය අනිත්‍යයයි දකීද, කාය සම්ඵසසය අනිත්‍යයයි දකීද, කාය සම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයයි දකීද?

,සිත අනිත්‍යයයි දකීද, ධර්‍මයෝ අනිත්‍යයයි දකීද, මනොවිඤඤාණය අනිත්‍යයයි දකීද, මනොසම්ඵසසය අනිත්‍යයයි දකීද, මනොසම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයයි දකීද?

, මහණෙනි, මේ වනාහි ඒ නිවණට උපකාරවූ ප්‍රතිපදාව වේයයි, වදාළේය.

1. කමම සූත්‍රය

1. කමම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. ,මහණෙනි, අළුත්වූද, පැරණිවූද කර්‍මයන්ද කර්‍මයන්ගේ නිරෝධයද කර්‍මයන් නිරුද්ධ කිරීම පිණිස පිළිපදින්නාවූ මාර්‍ගයද දේශනා කරමි. එය අසව්. මහණෙනි, පුරාණවූ කර්‍මය කවරේද?

3. ,මහණෙනි, ඇස පුරාණ කර්‍මයයි. ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලදැයිද චේතනාවෙන් පිළියෙල කරන ලදැයිද වේදනාවට වස්තුයයිද දැකිය යුතුය.

,කණ පුරාණ කර්‍මයයි. ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලදැයිද චේතනාවෙන් පිළියෙල කරන ලදැයිද වේදනාවට වස්තුයයිද දැකිය යුතුය.

,නාසය පුරාණ කර්‍මයයි. ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලදැයිද චේතනාවෙන් පිළියෙල කරන ලදැයිද වේදනාවට වස්තුයයිද දැකිය යුතුය.

,දිව පුරාණ කර්‍මයයි. ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලදැයිද චේතනාවෙන් පිළියෙල කරන ලදැයිද වේදනාවට වස්තුයයිද දැකිය යුතුය.

,කය පුරාණ කර්‍මයයි. ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලදැයිද චේතනාවෙන් පිළියෙල කරන ලදැයිද වේදනාවට වස්තුයයිද දැකිය යුතුය.

,ඇස පුරාණ කර්‍මය නිසා හටගත් බැවින් ඵලයෙන් හේතුව දක්වා වදාළ තැනකි.

,සිත පුරාණ කර්‍මයයි. ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලදැයිද චේතනාවෙන් පිළියෙල කරන ලදැයිද වේදනාවට වස්තුයයිද දැකිය යුතුය. , මහණෙනි, මෙය පුරාණ කර්‍මයයි කියනු ලැබේ.

4. ,මහණෙනි, අළුත්වූ කර්‍මය නම් කවරේද? මහණෙනි, මේ කාලයෙහි කයින් වචනයෙන් සිතින් යම් කර්‍මයක් කෙරේද, මහණෙනි, මෙය අළුත්වූ කර්‍මයයි කියනු ලැබේ.

5. ,මහණෙනි, කර්‍ම නිරෝධය කවරේද? මහණෙනි, යමෙක් වනාහි කාය කර්‍මය, වාග් කර්‍මය, මනො කර්‍මය නිරුඬ කිරීමෙන් විමුක්තිය (නිවන) ස්පර්ශ කෙරේද, මහණෙනි, මෙය කර්‍ම නිරෝධයයි කියනු ලැබේ.

6., මහණෙනි, කර්ම නිරුඬ කිරීම පිණිස පිළිපදින්නාවූ ප්‍රතිපදාව කවරේද? මේ ආය්‍ර්‍ය අෂ්ටාංගික මාර්ගයම වේ. එනම් සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය, (යන මේය) මහණෙනි, මෙය කර්‍මයන් නිරුඬ කිරීම පිණිස පිළිපදින්නාවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.

7. ,මහණෙනි, මෙසේ වනාහි තොපට මා විසින් පුරාණවූ කර්‍මය දේශනා කරණ ලදී. අළුත්වූ කර්‍මය දේශනා කරණ ලදී. කර්‍ම නිරෝධය දේශනා කරණ ලදී. කර්‍ම නිරෝධය පිණිස පිළිපදින ප්‍රතිපදාව දේශනා කරණ ලදී. මහණෙනි, හිතවැඩ කැමැත්තාවූ අනුකම්පා ඇත්තාවූ ශාස්තෲවරයෙකු විසින් අනුකම්පා පිණිස ශ්‍රාවක වූ තොපට යමක් කටයුතුද, මා විසින් තොපට එය කරණ ලදී. මහණෙනි, මේ වෘක්‍ෂ මූලයෝ වෙත්. මේ ශුන්‍යාගාර වෙත්. මහණෙනි, භාවනා කරව්. ප්‍රමාද නොවව්. පසුව පසුතැවිලි වන්නෝ නොවව්. මෙය තොපට අපගේ අනුශාසනාව වේයයි, වදාළේය.