1. සෙඛබල සූත්රය.
1. ´´මහණෙනි, මේ බලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, පරීක්ෂාකිරීමේ බලයද, භාවනා බලයද යන දෙකයි.
2. ´´මහණෙනි, පරීක්ෂා කිරීමේ බලය කවරේද? මහණෙනි, මෙලොව ඇතැමෙක් මෙසේ පරීක්ෂා කරයි. (කෙසේද?) කාය දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේ. වාග් දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේ. මනො දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේය කියායි. හෙතෙම මෙසේ නුවණින් සලකා බලා කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩයි. වාග් දුශ්චරිතය හැර වාග් සුචරිතය වඩයි. මනො දුශ්චරිතය හැර මනො සුචරිතය වඩයි. පිරිසිදුවූ ආත්ම භාවයක් පරිහරණය කෙරෙයි. (රකියි.) මහණෙනි, මේ පරීක්ෂාකිරීමේ බලයයි කියනු ලැබේ.
Continue reading