51. මහාචොර සූත්‍රය.

1. ´´මහණෙනි, අඞ්ග තුනකින් යුක්තවූ මහා සොරතෙම ගෙවල් බිඳීමද කරයි. උමං කැපීමද කරයි. එක ගෙයක් වටකර කරණලද පැහැරගැන්මද කරයි. මංපැහැරීමද කරයි. කවර තුනකින්ද යත්. මහණෙනි, මේ ලෙව්හි මහා සොරතෙම විෂම ස්ථානයන් ඇසුරුකොට වසන්නේ හෝ වෙයි. වන ලැහැබක් ඇසුරුකොට වසන්නේ හෝ වෙයි. බලවතුන් ඇසුරුකොට වසන්නේ හෝ වෙයි.

Continue reading

50. ආතප්පකරණීය සූත්‍රය.

´´මහණෙනි, කරුණු තුනකින් වීය්‍ර්‍ය කටයුතුවේ. කවර තුනකින්ද යත්. නූපන්නාවූ ලාමක අකුශල ධර්‍මයන්ගේ නොඉපදවීම පිණිස වීය්‍ර්‍ය කටයුතුයි. නූපන්නාවූ කුශල ධර්‍මයන්ගේ ඉපදවීම පිණිස වීය්‍ර්‍ය කටයුතුයි. උපන්නාවූ ශාරීරිකවූ, දුක්වූ, තියුණුවූ, කෲරවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, ප්‍රාණය නැති කරන්නාවූ, වේදනාවන් ඉවසීම පිණිස වීය්‍ර්‍ය කටයුතුයි. මහණෙනි, මහණතෙම යම් කලක පටන් නූපන්නාවූ ලාමක අකුශල ධර්‍මයන්ගේ නොඉපදවීම පිණිස වීය්‍ර්‍ය කෙරේද, නූපන්නාවූ කුශල ධර්‍මයන්ගේ ඉපදවීම පිණිස වීය්‍ර්‍ය කෙර්ද, උපන්නාවූ ශාරීරිකවූ, දුක්වූ, තියුණුවූ, කෲරවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, ප්‍රාණය නැති කරන්නාවූ, වේදනාවන් ඉවසීම පිණිස වීය්‍ර්‍ය කෙරේද, මහණෙනි, මේ මනාකොට දුක් කෙළවර කිරීම පිණිස කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තවූ, නුවණ ඇත්තාවූ, සිහියෙන් යුක්තවූ භික්‍ෂුවයයි කියනු ලැබේ.´´

49. පබ්බතරාජ සූත්‍රය.

1.´´මහණෙනි, හිමාල පර්‍වතය නිසා මහා වෘක්‍ෂයෝ වැඩීම් තුනකින් වැඩෙත්. අතු කොළවලින් වැඩෙත්. සිවියෙන් හා පොත්තෙන් වැඩෙත්. ඵලයෙන් හා හරයෙන් වැඩෙත්. මහණෙනි, හිමාල පර්‍වතයා නිසා මහා වෘක්‍ෂයෝ මේ වැඩීම් තුනින් වැඩෙත්.

Continue reading

48. සංඛත ලක්‍ෂණ සූත්‍රය.

1. ´´මහණෙනි, ප්‍රත්‍යයෙන් සකස්කළ ධර්‍මයාගේ ප්‍රත්‍යයෙන් සකස්කළ ලක්‍ෂණයෝ තුන් දෙනෙක් වෙත්. කවර තුන් දෙනෙක්ද යත්, ඉපදීම පෙනේද, විනාශය පෙනේද, පවත්නහුගේ අන් ආකාරයක් පෙනේද, මහණෙනි, මේ තුන සංඛතයාගේ ලක්‍ෂණ තුන වෙත්.

Continue reading

47. ශීලවන්ත සෙවන සූත්‍රය.

´´මහණෙනි, සිල්වත්වූ පෘතග්ජනයෝ යම් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරුකොට වාසය කරන්නාහු වෙත්ද, එහි මනුෂ්‍යයෝ කරුණු තුනකින් බොහෝ පින් රැස්කරත්. කවර තුනකින්ද යත්. කයින්, වචනයෙන්, සිතින් යන තුනෙනි. මහණෙනි, සිල්වත් පෘතග්ජනයෝ යම් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරුකොට වාසය කරන්නාහු වෙත්ද, එහි මනුෂ්‍යයෝ මේ කරුණු තුනකින් බොහෝ පින් රැස් කරත්.´´

46. පණ්ඩිත පඤ්ඤත්ත සූත්‍රය.

1. පණ්ඩිතයන් විසින් ප්‍රශංසා කරණ ලද්දාවූ, සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරණ ලද්දාවූ, මේ ධර්‍ම තුනක් වෙත්. කවර තුනක්ද යත්.

Continue reading

45. කථා පවත්තිඨාන සූත්‍රය.

1. ´´මහණෙනි, කරුණු තුනකින් කථා තොමෝ නිවන් කරා පමුණුවන්නී වේ. කවර තුනකින්ද යත්.

Continue reading

44. අලංධම්මදෙශනා සූත්‍රය.

1.´´මහණෙනි, මේ කරුණු තුනක් දක්නහු විසින් අනුන්ට ධර්‍ම දේශනා කරන්ට යුතුමය. කවර තුනක්ද යත්.

Continue reading

43. සඞ්ලක්ඛණ සූත්‍රය.

´´මහණෙනි, කරුණු තුනකින් සැදැහැවත් පැහැදුන පුද්ගලයා දතයුතුයි. කවර තුනකින්ද යත්, සිල්වතුන් දකිණු කැමැති වේද, සද්ධර්‍මය අසනු කැමතිවේද, පහවූ මසුරු මළ ඇති සිතින් යුක්තවූයේ, දීමට මුදනලද අත් ඇත්තේ, දන් දීමෙන් පිරිසිදු කරණ ලද අත් ඇත්තේ, දානයෙහි ඇලුනේ, බෙදාදීමෙහි ඇලුනේ, ගිහිගෙයි වාසය කරයිද, මහණෙනි, මේ කරුණු තුනින් සැදැහැවත්, පැහැදුන පුද්ගලයා දතයුතුයි.  ´´සිල්වතුන් දකිනු කැමතිවේද, සද්ධර්‍මය අසනු කැමතිවේද, මසුරු මළ පහකොට සිටියාවූ හෙතෙම ඒකාන්තයෙන් සැදැහැවත්යයි කියනු ලැබේ.´´

42. තිණ්ණං සම්මුඛිභාව සූත්‍රය.

´´මහණෙනි, කරුණු තුනක් සම්මුඛවීමෙන් ශ්‍රද්ධාවත් කුලපුත්‍රතෙම බොහෝ පින් රැස්කරයි. කවර තුනක්ද යත්. මහණෙනි, ශ්‍රද්ධාව සම්මුඛවීමෙන් ශ්‍රද්ධාවත් කුලපුත්‍රතෙම බොහෝ පින් රැස්කරයි. මහණෙනි, දියයුතු දාන වස්තුවක් සම්මුඛවීමෙන් ශ්‍රද්ධාවත් කුලපුත්‍රතෙම බොහෝ පින් රැස්කරයි. මහණෙනි, දියයුතු පුද්ගලයන් සම්මුඛවීමෙන් ශ්‍රද්ධාවත් කුලපුත්‍රතෙම බොහෝ පින් රැස්කරයි.´´