රෙවතී ප්‍රේතියගේ කථාව

1. ඉතා පවිටු ස්වභාව ඇති දන් නොදෙන සුඑ රෙවතිය, යම්හෙයකින් තිට නිරයට යාම පිණිස දොර නොවසන ලදද එහෙයින් හුන් තැනින් වහා නැගි සිටුව දුකට පැමිණෙව නිරා දුකින් සමවෙහි නිරි සත්තු යම් නිරයක කෑගසත්ද එහි ති පමුණුවන්නෙමු නොහොත් දමන්නෙමු.

2. මෙසේත් කියා ලේ වන් ඇස් ඇති මහත්වු යම දූතයන් සමාන ඒ යක්‍ෂයෝ දෙදෙන වෙන වෙනම අත් අල්වා ගෙන දිව්‍ය සමූහයා වෙත රේවතිය පැමිණවූහ.

3. සිත් කඑ වුද දහසක් රැසින් දිළිසෙන හිරු විමනක් බඳු රන් දැල් වසා සිටි යහපත් හිරු මඬලක් සේ බබළන බොහෝ දෙවඟනන් ගෙන් ගැවසි ගත් අර විමන කාගේද?

4. සඳුන් සුවඳ විලවුන් ගල්වන ලද සිරුරු ඇති දෙවඟනෝ විමන (ඇතුලත පිටත) දෙපසින් හොබවත් ඒ විමන හිරු මඬලක් සේ පෙනෙයි. දෙව්ලොවට පැමිණි කවරෙක් (මේ) විමනෙහි සතුටු වේද?

5. බරණැස් නුවර මසුරු නොව දානපතිව දන් දුන්නාවු බුද්Ȁdධාදී තුරුනුවන්හී පහන් සිතැති නන්‍දිය නම් උවසුවෙක් විය. ඕ හට (දහසක් රැසින් දිලිසෙන) හිරු මඬලක් සේ බබළන දිව්‍යාංගනා සමූහයෙන් ගැවසිගත් මේ විමන (පහල විය).

6. සඳුන් සුවඳ විලවුන් ගල්වන ලද සිරුර ඇති දිව්‍යාංගනා සමූහයා විමන් දෙපස හොබවත්. එය හිරු මඬලක් සේ පෙනේ. ඒ නදිය තෙම දෙව්ලොවට පැමිණියේ විමනෙහි සතුටු වෙයි.

7. මම ඒ නන්‍දියාගේ බිරින්ද වීමි. ගෙයි සිටියාවීමි. ඔහුගේ සියලු වස්තුවට ස්වාමී දුවක් වීමි. දැනුදු ස්වාමියාගේ විමනෙහි සිත් අලවමි. (ඒ) නරකය දැකීමටවත් නොපතමි.

8. ඉතා ලාමක ස්වභාවය ඇති රේවතිය මේ තිගේ නිරයයි. තී විසින් මිනිස් ලොවදී පින්කම් නොකරන ලද්දෙය. ති වැනි මසුරු මලයෙන් යුත් අනුන්ට ක්‍රොධ අපදවන ලාමක ස්වභාව ඇත්තේ දෙවියන්ගේ සහභාවය නොලබයි.

9. මලමූත්‍රවලින් හා මහත් පණුවන්ගෙන් ගැවසීගත් ඳුගඳ හමන මේ අසූචි වැළකීම දක්නා ලැබේද මෙසේ දුගඳ හමන අශූචි වළ කුමක්ද?

10. මේ සංසවක නම් නරකය වෙයි. සියක් පුරුෂ ප්‍රමාන ගැඹුරුය. යම් නරකයක අවුරුදු දහසක් ආයුෂ නම් එහි රේවතිය (නුඹ) පැසෙන්නේය.

11. කයින් හා වචනයෙන්ද, මනසින්ද කිනම් අකුශලයක් මවිසින් තරන ලද්දේද, සියක් පුරුෂ ප්‍රමාණවු සංසවක නම් අශූචි නරකය කවර අකුශලයක් හේතුකොට ගෙන මවිසින් ලබන ලද්දේද,

12. මහණුන්ද, බමුණන්ද, අන් යදියන්ද මුසාවාදයෙන් වංචා කෙළෙහිය. පාපය තා විසින් කරණ ලදී.

13. රේවතිය, ඒ අකුශල හේතුවෙන් සත් පුරුෂ පුමාණ ගැඹුරුවු සංසවක නම් ගූථ නිරය (තී විසින් ) ලබන ලදී. තී එහි අවුරුදු දාහක් පැසෙන්නෙහිය.

14. (තිගේ්) අත්ද කපත්, පාද කපත්, කන්ද කපත්, නාසයද කපත්, තවත් කවුඩු රැළ එක් රැස්ව පෙරළෙමින් කති.

15. සත්‍වයෝ යම් කුශලයක් කොට සුවපත් වෙත්ද පසුතැවිලි නොවෙත්ද, එබඳු දන් දීමෙන් ද සම හැසිරීමෙන්ද හික්මිමෙන්ද, ඉන්‍ද්‍රිය දමනයෙන්ද බොහෝ කුසල් කරන්නෙමි. මා (මිනිස් ලොවට) පමුණුවන්නාහු නම් මැනවි.

16. තී පෙර (කුසල් නොකොට) ප්‍රමාදව දැන් )කුමක් පිණිස) හඬයිද තමන් කළ අකුශල කර්‍මවිපාකය (තීම) විඳින්නෙහිය.

17. මෙසේ මා විසින් විචාරන ලද්දාවු කවරෙක් දෙව් ලොවින් මිනිස් ලොවට ගොස් බහා තබන ලද දඬු ඇති ගුණවතුන් කෙරෙහි දන්දෙව, වසුත්‍ර සෙනසුන් ආහාර පාන වර්‍ග දන් දෙවයි කියන්නේද, (තී වැනි) මසුරු ස්වභාව ඇති අනුන්ට ෙවෂ කරණසුලු ලාමක ස්වභාව ඇති පුද්ගලයා දෙවියන් ගේ සහභාවය නොලබා යයි කියන්නේද?

18. ඒ මම මෙතනින් මිදී ගොස් මිනිසත් බව ලබාගෙන යදියන් බස් දන්නා සුලුව සීලයෙන් යුක්තව දන්දීමෙන්ද මනා පැවැත්මෙන්ද සීල සංයමයෙන් හා ඉන්‍ද්‍රිය දමනයෙන්ද යුක්තව ඒ කාන්තයෙන් බොහෝ පින් කරන්නෙමි.

19. පුෂ්පාරාම ඵලාරාමයන් රොපනය කරන්නෙමි. යා නොහැකි තන්හි ඒ දඬු පාලම් දමන්නෙමි. පිරිසිදු සිතින් ළිං පැන් පොකුණු ආදිය කරවන්නෙමි.

20. පක්‍ෂය සම්බන්‍ධ යම් අටවකක් වීනම් එදා ද තුදුස් වකද පසළොස්වකද වස් කාලයෙහිද අෂ්ටාංගයෙන් යුක්ත

21. උපොසථ සිලය සමාදන් වන්නෙමි. නිත්‍ය පංචශීලයෙහි හික්මෙන්නෙමි. (පිහිටන්නෙමි) මා විසින් මේ අපා දුක තමන්ම දක්නා ලදී. දන්දීමෙහි පහ නොවන්නෙමි.

22. මෙසේ ඔබමොබ පෙරළෙමින් විලාප කියමින් හඬන රේවතිය පා උඩුකුරුව හිස යටිකුරුව සිටින සේ සංසවක නම් ගූථ නරකයෙහි හෙලූහ.

23. මම පෙර (මිනිස් ලොවදී) තද මසුරු තැනැත්තියක්ද මහණ බමුණන්ට පරිභව කරන්නියක්ද විමි. බොරුවෙන් හිමියා වඤචාකොට (දැන්) මම දරුණු ස්වභාව ඇති සංසවක නම් ගූථ නරකයෙහි පැසෙමි.

උච්ඡු (උක්) ප්‍රේතයාගේ කථාව

1. ස්වාමීනි, මද නොවු කුශල විපාකවු මහත්වු ඒ මේ උක් වනය මට පහළ වෙයි. මෙය දැන් මාගේ පරි භෝගයට නොපැමිණෙයි. කුමන අකුහලයක විපාකදැයි කියනු මැනවි.

2. ඒ මම කිසි උක් රසයක් පරිභෝග කිරීමට වෑයම් කෙරෙම්ද ප්‍රයොග කරම්ද වැනසෙමි. මම කපනු ලබමි. දුබල ඇතිව බැගැපත්ව අතිශයින් විලාප කියමි. කෙබඳු අකුහල කර්මයක්හුගේ මේ විපාකයද,

3. ස්වාමිනි, මම නැසුනු ආසා ඇතිව නොහොත් ශක්ති නැතිව බිම වැටෙමි. අව්වෙන් රත්වු මත්ස්‍යයකු මෙන් පෙරළෙමි. අඬන්නාවු මාගේ කඳුඑ ගලා බසිත්.කෙබඳු අකුශල කර්‍මයක්හුගේ මේ විපාකයෙක්දැයි කියව.

4. ස්වාමිනි, ක්‍ෂුධා ඇත්තෙක්ද ක්ලාන්තවූයේද පිපාසා ඇත්තේද (උගුර තොල් තලු) ඉතාමත් වියලුනේ සාතයයි කියන ලද සැපත නොවිඳිමි. කෙසේ නම් උක්රස අනුභවය ලබන්නෙම්දැයිමේ කාරණය ඔබ විචාරමි.

5. තෝ පෙර පූර්‍ව ජන්මයෙහි මනුෂ්‍ය වුයේ තමා අකුශල කර්‍මයක් කෙළෙහිය. මම මේ කාරණය තට කියමි. තෙමේ කාරණය අසා දනුව.

6. තෝ උක් දන්ඩක් කමින් ගියේය. තාගේ පිටිපසින් පුරුෂයෙක්ද ලුහුබැඳ ගියේය. හෙතෙමේද එය පතමින් කථා කළේය. තෝ ඕහට කිසිවක් නොකිවෙහිය.

7. හෙතෙමේද කථා නොකරන්නාවු තා ඇයැදියේය. මහතාණෙනි, උක් දන්ඩක් දෙවයි තට කීයේය. තෝ ඕ හට පිටිපසින් උක් දන්ඩක් දුන්නෙහිය. ඒ කර්මයාගේ මේ විපාකය වෙයි.

8. එබැවින් තෝ පිටුපසින් උක් දඬු ගනුව. ගෙන යැපෙනතාක් කව. එයින්ම තෝ සතුටු සිත් ඇති වන්නෙහිය. සතුටුවූයේද ඔදවැඩියේද ප්‍රමුදිතවූයේද වන්නේය.

9. ඒ ප්‍රෙත තෙම ගොස් පිටිපසින් ගත්තේය. එය ගෙන පමණතෙක් කැවේය. හෙතෙම එයින් සතුටු සිත් ඇති විය. තුටුවූයේද ඔදවැඩියේද ප්‍රමුදිතවූයේද විය.

කුමාර ප්‍රේත කථාව

1. හිමාලය වනයාගේ එක් පසෙකින් ශ්‍රාවස්ති නම් නුවරක් ඇත්තේය. එහි රජ පුත් වූ කුමරුවෝ දෙදෙනෙක් වුවාහු යයි මා අසන ලදී.

2. සිත් ඇලවිය යුතු කාමයන්හි ඉතාමත් කාම ගුණාස්වාද, වශයෙන් සතුටුවන සුලුවූ වර්තමාන සැප මාත්‍රයෙහි ගිජුවූ ඔවුහු තුමූ මතු සැපය නොබැලුවාහුය.

3. ඔහු දෙදෙනා මේ මිනිස් බවින් චුතව පරලොව (පෙුත ලොකය ) ට පැමිණියෝ වූහ. ඔවුහු තුමූ තමන්ගේ පෙර දුශ්චරිතය (දැන) අදෘශ්‍යමානව මේ සැවැත් නුවර සමිපයෙහි දැන් කෑ ගසත්.

4. බහුශ්‍රුත ( දක්ෂිනාර්භයන්) ඇති කල්හි දාන වස්තුව පැමිණ සිටි කල්හි තමන්ට සැප එලවන්නාවූ ස්වල්ප වූද පිනක් කරන්ට ඒකාන්තයෙන් නොහැකි වීමු.

5. අපි යම් පව් කමකින් රාජ කුලයෙන් චුතව සා පිපාසා දුකින් මඩනා ලද ප්‍රේත ලෝකයෙහි උපන්නෙමු.ඊට වඩා ලාමක දෙයක්නම් කුමක් වන්නේද ?

6. මෙලොවදී යම්යම් දේ හිමිවූවෝ එහි කිසිවකටත් අහිමියෝ වෙත්. මිනිස් බැව්හි උසස්වූ ඒ මිනිස්සු ප්‍රේත විෂයෙහි පහත්ව සා පිපාසා දුකින් යුක්තව හැසිරෙත්.

7. මිනිස් තෙම ඉසුරු මදයෙන් වූ දෝෂය මෙසේ දැක ඉසුරුමදය හැරපියා ස්වර්ගයට ගියෙක් වන්නේද සප්‍රාඥව ඒ මිනිස් තෙම ශරීරයාගේ් බිඳීමෙන් ස්වර්ගයට පැමිණෙයි.

රාජ පුත්‍ර ප්‍රේත කථාව

1. පූර්ව ජන්මයෙහි කරණලද අකුසල කර්මයන්ගේ විපාකය තෙම (අන්ධ බාලයන්ගේ) සිත මනරම් රූප හේතුවෙන්ද, ශබ්ද හේතුවෙන්ද, රස හේතුවෙන්ද ගන්ධ හේතුවෙන්ද, ස්පර්ෂ හේතුවෙන්ද මැඩලන්නේය.

2. බොහෝවූ නෘත්‍යය ගීතය කාම රතිය හා මිතුාදීන් හා ක්‍රීඩාව උයනෙහි විඳ රජගහ නුවරට පිවිසෙන්නේය.

3. මහර්ෂී වූ දැමුණු සිත් ඇති අර්හත්ඵල සමාදියෙන් සන්හුන් වූ ආසා ඇත්තාවූ ලජ්ජා සහිත වූ පාත්‍රයට ගත් ආහාරයෙහි සතුටුවූ සුනෙත්ත නම් පසේ බුදුන් දුටුවේය.

4. රාජ පුත්‍රතෙම ඇතුපිටින් බැස ස්වාමිණි, භික්ෂාව ලබන ලදදැයි ඇසීය. උන්වහන්සේගේ පාත්‍රය ගෙන ඉතා උස්කොට ඔසවා,

5. තද භූමිප්‍රදේශයක පාත්‍රය (දමා) බිඳ සිනාසෙමින් මඳක් ඉවත්ව සිටියේය. මහණ මම කිතව රජුගේ් පුත්‍රයා වෙමි.මට කුමක් කරන්නෙහිද?

6. දරුණු වූ ඒ අකුශල කර්මයාගේ විපාකය කටුක විය. කරණ ලද දරුණු පව් ඇති රාජ පුත්‍ර තෙම නරකයෙහි පිහිටියේ යම් විපාකයක් විඳීද ?

7. සූවාසු දහස් සයක්ම එහෙයින්ම නහුත ගණන් හවුරුදු නරකයෙහි ඉතාමත් දුකට පැමිණියේය.

8. අඥාන (රාජ පුත්‍ර) යා උඩුකුරුව වම් ඇලයෙන් හා දකුණු ඇලයෙන් යුක්තවද , උඩුකුරු පා ඇතිවද සිටියේ ද බොහෝ කලක් මුලුල්ලෙහි නිරයෙහි පැසුණේය.

9. කරණ ලද දරුණු පව් ඇත්තේ නොයෙක් හවුරුදු දහස් ගණන් මුඑල්ලෙහිද, හවුරුදු සමූහයක් මුඑල්ලෙහිද, නහුත ගණන් මුඑල්ලෙහිද, ඉතාමත් දුකට පැමිණියේය.

10. අපරාධීන් කෙරෙහි මෙත් සිතැති මනා පැවතුම් ඇති ඎෂීහු වෙත වරදවා පව්කම් කරණ පුද්ගලයෝ මෙබඳු වූම ඉතා දුක් ඇතිව පැසෙත්.

11. ඒ රාජ පුත්‍රයා ඒ නරකයෙහි අවුරුදු ගණනක් මුඑල්ලෙහි බොහෝ දුක් විඳ එයින් චුතවූයේ සා පිපාසායෙන් මැඩුනාවූම ප්‍රෙතයෙක් විය.

12. යමෙක් මෙසේ ඉසුරුමදයෙන් වූ, දෝෂය දැක ඉසුරුමදය හැරපියා යටත් පැවැත්මට අනුව ජීවත්වේද, බුදුන් කෙරෙහි ගෞරව සහිත වේද, නුවණැති හෙතෙම මේ ආත්මයෙහිදීම පැසසිය යුතුවේ.මරණින් මතු දෙව්ලොවට පැමිණෙයි.

13. මෙසේ භාග්‍යවතුන්වහන්සේ රාජපුත්‍ර ප්‍රේතකථා වස්තුවෙන් එතැන්හි රැස්වූ මහජනයාට සංවේග උපදවා පසුව චතුස්සත්‍ය ධර්මය දේශනා කළ සේක.දෙසුන් කෙළවර බොහෝ ජනයා සෝවාන් ඵලාදියට පැමිණියාහ.

ගූථඛාදක ප්‍රේථ කථාව

1. කවරෙක් අසූචි වලෙන් නැගී බැගෑපත්වම සිටින්නෙහිද, පව්කම් ඇත්තා නිසැකව කවරෙක්දැයි තේරුම් ගන්නේද? කිම,

2,3 (6කථාවේ 2-5 යොදාගතයුතුයි)

4. ඊර්‍ෂ්‍යා සිත් ඇති කුලයා කෙරෙහි මසුරු වූ තද මසුරුසිත් ඇති (සිල්වතුන්ට) පරිභව කරන්නාවූ මාගේ ගෙදර තෘෂ්ණාවෙහි බැඳුනාවූ මාගේ ආවාසයෙහි නිත්‍ය වාසී භික්ෂූවක් විය.

5.මම ඒ මහනගේ කීම අසා (ප්‍රියශීලි) භික්ෂූන්ට නින්දා කළෙමි. ඒ කර්මයාගේ විපාකයෙන් මෙයින් ප්‍රේත ලෝකයට ගියෙමි.

6. තට මිත්‍ර ස්වරූපයෙන් කුඑපග වූ (ක්‍රියාවෙන් ) අමිත්‍රවූ යම් මහණෙක් වීද ඒ දුෂ්ප්‍රාඥයා මරණින් මතු පරලොව කෙබඳු දුගතියකට පැමිණෙයිද ?

7. පවිටු සමාචාර ඇති ඒ ශ්‍රමණ ප්‍රේතයාගේ හිස මුදුනේම මම දැන් සිටිමි. හෙතෙමේ ද ප්‍රේත ලෝකයට පැමිණියේ මාගේම මෙහෙකරුවෙකු විය.

8. ස්වාමී්නි, සෙස්සෝ යම් අසූචියක් හෙලත්ද ඒ අසූචි මාගේ භෝජනය (ආහාරය) වෙයි. මම ද වනාහි යම් අසූචියක් පහරම් ද එය (කෑමෙන්) ඒ ශ්‍රමණ ප්‍රේතයා දිවි පවත්වයි.

ගණ ප්‍රේත කථාව

1. නිදුකාණෙනි, තෙපි කෘෂ වූ ඉල්පීගිය නහර වැල් ඇති, උස්ව නැගුණ ඉල ඇට ඇති, ඉතා කෘෂවූ නග්න වූ දුර්‍වර්‍ණ ශරීර ඇත්තෝ වූහ. තෙපි කවරහු වව් ද?

2-6 ( 31 කථාවේ 4-5-6 මෙනි)

7. චිර කාලයක් සා දුකින් පීඩිතවූ ආහාරයෙහි ගිජුවූ (අපි) නොයෙක් යොදුන් ගණන් යමු. කිසිවක් නොලබාම නවතිමු.අපගේ පින් මද බව අඳෝමය.

8. බඩගිනිවූ සා පිපාසා දෙකින් ක්ලාන්ත වූ අපි කැරකෙන්නාහු බිම (දැමූ මැටි පිඩක් මෙන්) ඇද වැටෙන්නෝ වෙමු. උඩුකුරුව වැටුනාහූ විසුරුණු අවයව ඇත්තෝ වෙමු. යටිකුරුව වැටුනෙමු.

9. ඒ ගිය තැනම වැටුණාවූද බිම ( සිටීමට අසමර්ථ භාවයෙන්) වැටුණාවූද ඒ අපි ළයටද හිසටද ගසා ගනිමු. අපගේ අහෝ පින් නැති බවයි.

10. ස්වාමිණි, මේ දුකටද ඊට වඩා ලාමකවූ අනිකුදු දුකටත් (අපි) සුදුස්සෝ වෙමු. දිය යුතු දේ විද්‍යමාන කල්හි තම හට පිහිටක් නොකෙළෙමු.

11. ඒ එසේමැයි. ඒ අපි මෙයින් සැවගොස් මිනිසත් බව ලැබ පරිත්‍යාගශීලීව නැතහොත් යාචකයන්ගේ වදන් දන්නා සුඑව සිල්වත්ව බොහෝ කුසල් ඒකාන්තයෙන් කරන්නෙමු.

12. තෙරුන්වහන්සේ එපවත් භාග්‍යවතුන්වහන්සේට සැළකළේය. බුදුරජාණන්වහන්සේ ඒ කරුණ අර්ථෝත්පත්ති කොට පැමිණි පිරිසට දහම් දෙසූ සේක. ඒ ධර්මය අසා මහජන තෙම මසුරුමල පහකොට දානාදී කුශල ක්‍රීයා කරමින් සුචරිතයෙහි යෙදුනේ විය.

අම්බවන ප්‍රේත කථාව

1. තාගේ මේ පොකුණද අතිරම්‍ය වෙයි. සමතලා වූ මනා තොටුපල් ඇත්තී මහත් දිය ඇත්තීද වෙයි. මනාව පිපි මල් ඇත්තීද බමර සමූහයාගේන් ගැවසුණේද වෙයි. තා විසින් මේ මණරම් පොකුන කෙසේ ලබන ලද්දීද?

2. තාගේ මේ අඹ උයන ඉතා මණරම් වෙයි. සියඑ ඎතූන්හි සැප එලවයි.පල දරයි.මනාව පිපි මල් ඇත්තේ බමර සමූහයාගෙන් ගැවසුනේ වෙයි.තා විසින් මේ විමන කෙසේ ලබන ලද්දේද?

3. මා දුව විසින් ඒ දෙන ලද දාන හේතුවෙන් ඉදුනු අඹ හා පැන්ද, කැඳද, සිහිල් සෙවනද එහිදී මට ලැබෙයි.දානයාගේ ද, ඉන්ද්‍රිය දමනයාගේද, සීල සංයමයාගේද, මෙලොවම වූ විපාකය මෙසේ බලව්. මම ස්වාමීන්ගේ ගෙදර දාසියෙක් වී (නැවත) යෙහෙළියක් වී නැවත ස්වාමි දුවක්ද වීමි.

අක්ඛරුක්ඛ ප්‍රේත කථාව

1. යම් දාන වස්තුවක් (දායක තෙම) දේද, එයම විපාක භාවයෙන් නොවෙයි.දානය දෙන්නේමය. දී මෙලොව දුක ඉක්මවයි.ඒ දාන හේතුවෙන් දෙව්ලොව සැපතට නොහොත් තමන් හා අනුන් යයි දෙවැදෑරුම් හිත සැපයට පැමිණෙයි. පුබුදුවයි, පමා නොවව්.

භොගසංහාර ප්‍රේථ කථාව

1. අපි යුක්ති වශයෙන්ද අයුක්තියෙන්ද වස්තු සම්පත් රැස් කළෙමු. ඒ වස්තුව සෙස්සෝ පරිභෝග කරත්.අපි මහත් දුකට හිමිවූවෝ වෙමු.