න සන්ති සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිඅනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල්හි සතුල්ලපකායික නමින් දන්නා ලද බොහෝ දෙවි කෙනෙක් රෑ පෙරයම ඉක්මුණුකල මනා පැහැ ඇක්කාහු සියලු ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමුණුනාහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක සිටියහ.

2. එක් පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´මිනිසුන් කෙරෙහි නිත්‍ය කාම වස්තූහු නැත්තාහ. යම් කාම වස්තුවක් කෙරෙහි බැඳුණු තැනැත්තේ, යම් කාම වස්තූන්හි පමාවූ තැනැත්තේ භවයන් (නික්ම) නිවණට නොයන්නේ වේද, එසේවූ, සිත් අදනා, රූපාදී ආරම්මණයෝ නම් මෙහි (ලෝකයෙහි) ඇත්තාහ.

(පඤචස්කන්‍ධ) දුක තන්හායෙන් උපදනේය. සසර දුක තණ්හායෙන් හටගැනේ. තණ්හාව නිරුද්ධ කිරීමෙන් (පඤච) ස්කන්‍ධ නිරෝධය වේ. ස්කන්‍ධ නිරෝධයෙන් (සංසාර) දුක්ඛ නිරෝධය වේ.´´

3. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´ලොව විසිතුරු රූපාදී යම් අරමුණු කෙනෙක් වෙත්ද, ඔවුහු කාමයෝ නොවෙති. පුරුෂයාගේ ඇලීම නම්වූ රාගය කාම නමි. ලොව විසිතුරු රූපාදීහු තමන් සිටි ලෙසම සිටිත්. එතෙකුදූ වුවත් නුවණ ඇත්තෝ එහි ඇල්ම දුරලත්.

´´කෙුා්ධය දුරලන්නේය. මානය හාත්පසින් බැහැර ලන්නේය. සියලු සංයෝජනයන් ඉක්මවන්නේය. නාම රූප දෙක්හි නොඇලෙන්නාවූ, ලොව කිසිත් (ඇලුම්) නැති, ඔවුන් අතර දුක්ඛයෝ කඩා නොවැටෙත්.´´

´´යමෙක් සත්ත්‍වාදී ප්‍රඥප්තිය දුරලීද, නැවත ඉපදීම් වශයෙන් මවුකුෂ නමැති විමානයට නොපැමිණියේද, මේ නාම රූප දෙකෙහි තණ්හාව දුරලීද, සිඳලූ සියලු පළිබෝධ ඇති, දුක් නැති, ආශා නැති, ඒ රහතුන් දෙවියෝත් මිනිස්සුත් මෙහි හෝ පරලොව හෝ ස්වර්‍ගයන්හි හෝ සියලු සත්‍වාවාසයන්හි හෝ සොයන්නාහු නුමුත් දැක්ක නොහැක්ක.´´

4. ආයුෂ්මත් මෝඝරාජ තෙම මෙසේ කීය. ´´ඉදින් දෙවියෝත් මිනිස්සුත් මෙලොවෙහිත් අන් තන්හිත් සොයන්නාහු, එසේ මිදුනු රහතුන් නොදක්නාහු නම්, නරෝත්තමවූ, සත්නට හිත වැඩ සලසන, එසේවූ බුදුරජුන් යම් කෙනෙක් නමදිත් නම් ඔවුහු පැසසුම් ලැබිය යුත්තෝය.´´

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´මොඝරාජය, එසේ මිදුණු රහතුන් යම් කෙනෙක් නමදිත්ද, ඒ භික්‍ෂූහු පැසසුම් ලද යුත්තෝය. ඒ භික්‍ෂූහු දහම් දැන, සැක දුරලා, රාගාදී බැමි ඉක්මවූවෝ වෙත්.´´

සාධු සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල්හි සතුල්ලපකායික නමින් දන්නාලද බොහෝ දෙවි කෙනෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල මනා වර්‍ණ ඇත්තාහු සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්ාස් කරා එළඹුනාහ. එළඹ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත් පසෙක සිටියහ.

2. එක් පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළේය.

´´නිදුකානන් වහන්ස, දන් දීම යහපති.

´´මසුරු බව නිසාත් ප්‍රමාදය නිසාත් මෙසේ දන් දෙනු නොලැබේ. පින් පල දන්නා, පින් නැමැත්තහු දන් දිය යුතු.´´

3. එවිට වෙනත් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේය.

´´නිදුකානන් වහන්ස, සැබව: දීම යහපත. තවද දාන වස්තු ස්වල්පයක් ඇති කලද දීම යහපත.

´´ඇතැම්හු මඳ දෙයක් ඇති කලද දෙත්. ඇතැම්හු බොහෝ වස්තුව ඇතිවද නොදෙත්. මඳ දෙයින් දුන් දන, දහසක් ධන විසඳා දුන් දනට සමකොට ප්‍රමාණ කරනලදී.´´

5. එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළේය.

´´නිදුකානන් වහන්ස, දීම යහපත. මඳ දෙයක් ඇති කල වුවද දීම යහපති. තවද ශ්‍රද්ධාවෙන් දීම යහපති.

´´දානයද, යුද්ධයද සමාන කොට කියත්. යුද්ධයෙහි ටික දෙනෙක්වම බොහෝ (ෂතුරන්) දිනත්ද, එමෙන්ම මඳ දෙයක් වුවද කම්පල අදහමින් දෙන්නේද ඒ හේතුයෙන්ම ඔහු පරලෙව්හිදී සැප ඇතියෙක් වෙයි.´´

6. එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළේය.

´´නිදුකානන් වහන්ස, දීම යහපත. මඳක් ඇතිකලද දීම යහපත. ශ්‍රද්ධායෙන් දීමද යහපත. එහෙත් දැහැමින් ලත් වස්තුව ආය්‍ර්‍ය පුද්ගලයෙකුට දීමම යහපත.´´

´´යම් සත්‍වයෙක් නොපසුබට වීය්‍ර්‍යයෙන් සැපයූ, දැහැමින් ලත් වස්තුව දන්දේද, හෙතෙම යමයාගේ වේකරණී නිරය ඉක්මවා ගොස් දිව්‍යලෝකයට පැමිණේ.´

7. එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත මේ ප්‍රීති වාක්‍යය පහළ කළේය.

´´නිදුකානන් වහන්ස, දීම යහපත. මඳ දෙයක් ඇතිකල දීමද යහපත. ශ්‍රද්ධාවෙන් දීමද යහපත. දැහැමෙන් සැපයූ දෙයින් දීමද යහපත. එහෙත් දෙන දෙයක් සොයා බලා දීම යහපති.´´

´´පරීක්‍ෂාකොට බලා දීම බුද්ධාදී උතුමන් විසින් පසස්නාලදී. මේ සත්ත්‍ව ලෝකයෙහි දෙන දේ ලබන්නට සුදුසු පුද්ගල කෙනෙක් වෙත්ද, ඔවුන්ට දුන් දන් මහත්ඵලය. සරු කෙතක වැපුරූ ධාන්‍ය මෙනි.´´

8. එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළේය.

´´නිදුකානන් වහන්ස, දීම යහපත්මය. මඳ දෙයක් ඇතිකල එයින් දීමද යහපත්මය. සැදැහැයෙන් දීමද යහපත්මය. දැහැමින් ලත් දෙයින් දීමද යහපත්මය. විමසා බලා දීමද යහපත්මය. තවද ප්‍රාණවධයෙන් වැළැක්මද යහපත.

´´යමෙක් සතුන් කෙරේ හිංසා නොකොට හැසිරෙනුයේ අනුන්ගෙන් ලැබෙන චෝදනාවට බියෙන් ප්‍රාණඝාත ආදී පවු නොකෙරේද, ඒ බිය තැනැත්තා (නුවණැත්තෝ) පසසත්. එහි (පවට) බියනැති ප්‍රාණවධයෙහි දක්‍ෂයා ඔවුහු නොපසසත්. සත්පුරුෂයෝ (පවට) බියෙන් පව් නොකෙරෙත්.´´

9. එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට, ´´භාග්‍යවතුන් වහන්ස,´´ (මොවුන්ගෙන්) කාගේ නම් කීම මැනැවින් කියන ලද්දේදැ´´ යි කීය.

(එවිට භාග්‍යවතුන් වහන්සේ) ´´තොප හැම කීදේම ඒ එ ්කාරණය අනුව යහපත්ය. එහෙත් මාගේ වචනද අසවු.

´´සැදැහැයෙන් දීම බොහෝ ලෙස පසස්නා ලදී. එහෙත් දානයට වඩා ධර්‍මපදය (නිවන) උතුමි. පෙර සිටියාවූද වඩාත් පෙර සිටියාවූද නුවණ ඇති සත්පුරුෂයෝ නිර්‍වාණයම ලැබූහ´´ යි. (වදාළ සේක.)

මච්ඡරි සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පිහිටි අනේපිඬුසිටාණන් විසින් කරවනලද ජෙීතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල්හි සතුල්ලපකායික නමින් දන්නා ලද බොහෝ දෙවි කෙනෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල බබළන පැහැ ඇත්තාහු සියලු ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියෝය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියහ.

2. එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´මෙසේ මසුරුබවත්, පමාවත්, කරණකොට ගෙන දන් දෙනු නොලැබේ. (දීමෙහි ඵල ඇතැයි) දන්නා පින් කැමැත්තහු විසින් දන් දිය යුතු වෙයි.´´

3. ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මේ ගාථා කීය:

´´යමකට බියෙන් මසුරා දන් නොදේද, නොදෙන ඔහුට ඒ බියම වේ.

´´බඩගින්නද පිපාසාවද යන යමකට මසුරා බිය වේද, එයම මෙලොවද පරලොවද ඒ දන් නොදෙන අනුවණයා වෙතම පැමිණෙයි.

´´එබැවින් මසුරු බව දුරලා මසුරුමළ මැඩලන්නෙක්ව දන් දෙන්නේය. පින් පරලෙිවෙහිදී ෂත්හට පිහිටවේ.´´

4. ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුක් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:

´´යම් කෙනෙක් මහ කතරක යන්නාහු, මඳ දෙයක් ඇති කලද, එය (තමා) සමග යන්නවුන්ට බෙදා දෙන්නාහු නම්, ඔවුහු මළවුන් අතුරෙහි නොමැරෙත්. මේ පුරාණ ධර්‍මයෙකි.

´´ඇතැම් කෙනෙක් වස්තුව ස්වල්පව ඇතිකල්හිද දෙත්. ඇතැම්හු බොහෝ වස්තුයෙන් යුක්තව ඉඳත් දන් නොදෙත්. ස්වල්පයක් ඇතියහු ඒ ස්වල්ප දෙයින් දුන් දන දහසක් ධනයෙන් දුන් දනක් හා සමයැයි ප්‍රමාණ කරණ ලදී.´´

5. එතල අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:

´´දීමට දුෂ්කරවූ දානය දෙන, කරන්නට අමාරුවූ පින්කම් කරන, තැනැත්තවුන් අනුව අසත්පුරුෂයෝ ක්‍රියා නොකෙරෙත්. සත්පුරුෂයන්ගේ ධර්‍මය අසත්පුරුෂයන් විසින් අනුගමනය කළ නොහැක්ක. එබැවින් සත්පුරුෂයන්ගේද අසත්පුරුෂයන්ගේද මෙයින් මතු පරලොව ගතිය වෙනස් වෙයි. අසත්පුරුෂයෝ නිරයට යෙත්. සත්පුරුෂයෝ සුගතියට යත්.´´

6. එවිට අන් දෙවියෙක්, ´´භාග්‍යවතුන් වහන්ස, මොවුන්ගෙන් කාගේ කියුම් මැනැවින් කියන ලද්දෙක්දැ?´´ යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසුවේය.

´´තොප හැම කීදේ ඒ ඒ කාරණයේ සැටියෙන ්මනා කොට කියන ලද්දේය. එතෙකුදු වුවත් මගේ කීමද අසවු:

´´යමෙක් දුකසේ අඹු දරුවන් රකිමින් වෙසෙන්නේද, ඔහු ස්වල්ප වස්තුවක් ඇති කල්හි එයින් දන් දෙමින් කුසල් කරන්නේද, එසේ වූවහුගේ ඒ දානයේ සියයෙන් කොටසක් පමණටවත් වරකට දහසක් වියදම් කොට, ලක්‍ෂයක් දෙනෙකුට දන් දුන්නවුන්ගේ දාන සිය දහස නොවටනේය.

7. එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:

´´මහත්වූ උදාර බවට පත් මේ දානය කවර කරුණෙකින් (දිළින්දා) ඒ දැහැමෙන් උපයා දුන් දානයාගේ අගයට (ළංව) නොපැමිණේද? දහස් ගනන් දන් දෙන්නහුගේ ඒ දාන (දිළින්දා දුන්) එබඳු දානයාගේ සියෙන් පංගුවටක් කවර හෙයින් නො අගිත්ද?´´

8. එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ දෙවියාට ගාථාවෙකින් මෙසේ වදාළසේක.

´´ඇතැම්හු විෂම කර්‍මයන්හි පිහිටියාහු අනුන් ශෝකයට පත්කොට දන් දෙත්. ඒ ශෝකයට පත්කර දුන් දඬු මුගුරුවලින් අනුන් බියගන්වා තළාපෙළා දුන් දානය, දැහැමෙන් දිළින්දා දුන් දානයේ වටිනාකමට නොඑයි. මෙසේ වරකට ලක්‍ෂයක් දෙනෙකුට දහසක් බැගින් දුන් ඒ දානයෝ දිළින්දා අනුන් නොරිදුවා සපයාගත් දෙයින් දුන් එබඳු දානයේ සියෙන් කොටසකටද නොවටනේය.´´

සබ්භි සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පිහිටි අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල සතුල්ලපකායික නමින් දන්නාලද බොහෝ දෙවි කෙනෙක් රෑ පළමු දසපැය ඉක්මුණු කල මනා පැහැ ඇත්තාහු සියලු ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමුණුනාහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, පසෙක සිටියහ.

2. පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැනගැන්මෙන් වැඩි දියුණුව වෙයි. පිරිහීමෙක් නොවෙයි.´´

3. එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´සත් පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත් පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සදහම් දැනගැන්මෙන් ප්‍රඥාව ලැබෙයි. අන් පරිද්ිදකින් නොලැබෙයි.´´

4. එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:

´´සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සත්දහම් දැන්මෙන් ශෝක කරන්නක් මැද ශෝක නොකෙරෙයි.´´

5. එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:

´´සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සත්දහම් දැනගැන්මෙන් නෑයන් මැද වෙසෙසින් බබළයි.´´

6. එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:

´´සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන්ගේ සාම මිත්‍ර සමාගමය කළ යුතුය

සත්පුරුෂයන්ගේ සත් දහම් දැනගැන්මෙන් සත්‍වයෝ සුගතියට යෙත්.´´

7. එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සත් දහම් දැනගැන්මෙන් නිරතුරුව සැපසේ සිටිත්.´´

8. එවිට අන් දෙවියෙක් මෙසේ කීවේය. ´´භාග්‍යවතුන් වහන්ස, කාගේ කීම මනාකොට කීමද?´´

(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) ´´තොප සියල්ලන්ම කී දේ එකි එකී කාරණා වශයෙන් යහපත් කීම්ය. එතෙකුදු වුවත් මගේ වචන අසවු:

´´සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සත් දහම් අවබෝධ කරගැන්මෙන් සියඵම දුකින් මිදේ.´´

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. සතුටු සිත් ඇති ඒ දෙවියෝ භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට, එහිම අතුරුදහන් වූහ.´´

සමිද්ධි සූත්‍රය

1.මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහිවූ තපෝදාරාමයෙහි වැඩ වෙසෙන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් සම්ද්ධි භික්‍ෂුතෙම රෑ අලුයම නැගී සිට තපෝදා දියවිල යම්තැනෙකද එතැනට ඇඟ සේදීම පිණිස පැමිණියේය. තපෝදායෙහි ඇඟ සෝදා ගොඩ අවුත්, එක් සිවුරක් පමණක් ඇකිව ඇඟ තෙත සිඳුවමින් සිටියේය.

2. එකල්හි එක්තරා දෙවියෙක් රෑ පෙරයම ගෙවුනු කල්හි බබළන පැහැ ඇත්තේ, සියලු තපෝදා පෙදෙස බබුළුවා, ආයුෂ්මත් සමිද්ධි භික්‍ෂුතෙම යම් තැනෙකද එතැන්හි එළඹියේය. එළඹ අහසෙහි සිට ආයුෂමක් සමිද්ධි භික්‍ෂුහට ගාථායෙන් (මෙසේ) කීවේය.

´´භික්‍ෂූන් වහන්ස, ඔබ (කම් සැප) නොවලඳා සිඟා කති. ඔබ (කම් සුව) වලඳා සිඟා නොකති. භික්‍ෂූන් වහන්ස, (පස් කම් සුව) වලඳා (පසුව) සිඟා කන්න. (තරුණ) කාලය ඔබ ඉක්මවා නොයේවා.´´

එවිට ආයුෂ්මත් සමිද්ධි තෙම මෙසේ කීය.) ´´(මැරෙන) කාලය නම් මම නොදනිමි. වැසුණු කාලය නොපෙනේ. එබැවින් (කම් සුව) නොවලඳා සිඟා වලඳමි. කාලය මා ඉක්මවා නොයේවා.´´

3. එවිට ඒ දෙවිතෙම පොළොවෙහි සිට ආයුෂ්මත් සමිද්ධි භික්‍ෂුහට මෙසේ කීය:

´´භික්‍ෂූන් වහන්ස, ඔබ ළදරු වියෙහිම පැවැදිවූ කෙනෙක, තරුණය, ඉතා කළු කෙස් ඇත්තෝය. යහපත් තරුණ භාවයෙන් හා ප්‍රථම වයසින් සමන්විතයෝය. කාම ක්‍රීඩා නොකළ කෙනෙක. භික්‍ෂූන් වහන්ස, මනුෂ්‍යයන්ට අයත් කම් සැප වැළඳුව මැනව. මෙහි මේ ආත්මයෙහිම වැළඳිය හැකි කම් සැප හැරදමා කල්ගතව ලැබෙන කාම සම්පත් අනුව නොදුවනු මැනව.´´

4. ´´ඇවැත්නි, මම වනාහි මේ ආත්මයෙහි වින්ද හැකි සැපයක් හැර දමා කල්ගතව ලැබෙන සැපයක් පස්සේ නොදුවමි. ඇවැත්නි, මම වනාහි කල්ගතව ලැබෙන සැප හැරදමාමේ ආත්මයෙහිම ලැබිය හැකි සැප පස්සේ දුවමි. ඇවැත්නි, කාමයෝ වූකලී කාලිකයෝය, (කලින්කල ලැබිය යුත්තෝය) බොහෝ දුක් පමුනුවන්නෝය, බොහෝ දැඩි වෙහෙස ගෙන දෙන්නෝය, එහි දෝෂයෝ නම් බොහෝයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මේ ධර්‍මය වනාහි මේ ආත්මයෙහිම තමා ඇස් හමුයෙහි ඵල ඇත්තේය. අකාලිකය, (කල් නොයවා පල දෙන්නේය.) එහිපස්සිකය, (එව බලවයි අන්‍යයන් තමා වෙතට කැඳවන්නට සුදුසුය.) ඔපනේයකය (වහා තම සිතට පැමිණවීමට සුදුසුය.) නුවනැත්තන් විසින් තම තමා කෙරෙහි දතයුතුයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි´´ (කීය.)

5. ´´භික්‍ෂූන් වහන්ස, කෙසේ නම් කාමයෝ කාලිකයෝය, බොහෝ දුක් සලසන්නෝය, බොහෝ දැඩි වෙහෙස ගෙන දෙන්නෝය, එහි දොස් බොහෝයයි, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද? කෙසේ නම් (ඔබ කියන) මේ ධර්‍මය අකාලිකයයි, එහිඵස්සිකයයි, ඔපනේයකයයි, නුවණැත්තන් විසින් තම තමා කෙරෙහි දතයුතුයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද?´´

6. ඇවැත්නි, මම වනාහි ළඟදී පැවිදිවූයෙක්මි. මේ ධර්‍ම විනයට අළුත ආයෙක්මි, (එබැවින්) විස්තරකොට කියන්නට නොහැත්තෙමි. අර්‍හත් සම්‍යක්සම්බුද්Ȁdධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි තපෝදාරාමයෙහි වෙසෙති. ඒ භාග්‍යවතුන් වහන්ාස් වෙත එළඹ මෙ නරුණ විචාරව, යම්සේ ඔබට භාග්‍යවතුන් වහන්සේ (මෙය) තෝරා දෙන සේක්ද, එසේ එය සිතෙහි දරාගනු මැනවැ´´ යි කීය.

7. ´´භික්‍ෂූන් වහන්ස, අන් මහේශාක්‍ය දේවතාවන් විසින් පිරිවරනලද ඒ භාග්‍යවතුන් වහන්සේ කරා අප

වැන්නවුන්ට පැමිණීම පහසු නොවේ, ඉදින් භික්‍ෂූන් වහන්ස, ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ මෙ කරුණ අසන්නෙහි නම් අපිත් බණ අසන්නට එන්නෙමු,´´

8. ´´එසේය ඇවැත්නි´´ යි ආයුෂ්මත් සමිද්ධි මහණ තෙම ඒ දෙවියාට උත්තරදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක ඉඳගත්තේය. එක් පසෙක උන් ආයුෂ්මත් සමිද්ධි තෙම මෙසේ කීය.

9. ´´ස්වාමීනි, මම රෑ අළුයම්හි නැගී සිට තපෝදා විල යම් තැනෙකද එතැනට ඇඟ සෝදා ගන්නට ගියෙමි. තපෝදායෙහි ඇඟ සෝදා ගොඩවුත් එක් සිවුරක් ඇතිව ඇඟ තෙත සිඳුවමින් සිටියෙමි. ස්වාමීනි, එකල එක්තරා දෙවියෙක් රෑ (පෙරයම ) ගෙවුන කල්හි දිලිසෙන පැහැ ඇත්තේ මුලු තපෝදා විල් පෙදෙස බබුලුවමින් මම් යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, අහසෙහි සිට:

´´භික්‍ෂූන් වහන්ස, ඔබ නොකා හිඟති. කා නො සිඟති. භික්‍ෂූන් වහන්ස, කා ඉන්පසු සිඟන්න. කාලය ඔබ ඉක්මවා නොයේවා´´ යි මේ ගාථායෙන් කීවේය.

10. ´´එසේ කීකල, ස්වාමීනි, මම ඒ දෙවියාට ගාථාවෙකින් ´කාලය මම නොදනිමි. වැසුණු කාලය නොපැනේ. එබැවින් නොකා සිඟමි. කාලය මා නොඉක්මවා´ යි පෙරළා කීමි.

11. ´´ස්වාමීනි, එවිට ඒ දෙවියා පොළොවට බැස සිට, භික්‍ෂූන් වහන්ස, ඔබ ළදරු වියෙහිම පැවිදිවූ කෙනෙක, තරුණය, ඉතා කළු කෙස් ඇත්තෝය, යහපත් තරුණ භාවයෙන්, ප්‍රථම වයසින් යුක්තයෝය, කාම ක්‍රීඩා නොකළ කෙනෙක. භික්‍ෂූන් වහන්ස, මනුෂ්‍යයන් අයත් කම් සැප වැළඳුව මැනව. මේ ආත්මයෙහි වින්දයුතු සැප හැර දමා කල් පසුව ලැබෙන කම් සැප පස්සේ නොදූවන්නැ) යි මට කීවේය.

12. ´´මෙසේ කීකල, ස්වාමීනි, මම ඒ දෙවියාට ´ඇවැත්නි, මම් වනාහි මේ ආත්මයෙහිම වින්දහැකි සැප හැර දමා කල්ගතව ලැබෙන සැප පස්සේ නොදුවමි. මම කාලික සැප හැරලා මේ ආත්මයෙහිම වින්දහැකි සැප පස්සේ නම් දුවමි. ඇවැත්නි, කාමයෝ වූකලී කාලිකයහ, බොහෝ දුක් පමුණවන්නෝය, බොහෝ දැඩි වෙහෙස ගෙන

දෙන්නෝය, එහි දොස් බොහෝයයිද, එහෙත් මේ ධර්‍මයතමා ඇස් හමුවෙහි ඵල ඇත්තේය, කල් නොයවා පල දෙන්නේය, එව බලවයි අන්‍යයන් තමා වෙතට කැඳවන්නට සුදුසුය, වහා තම සිතට පැමිණවීමට සුදුසුය.න්වණ ඇත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දතසුතුයයිද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදැ´යි කීමි.

13. ´´ස්වාමීනි, මෙසේ මා කී විට, ඒ දෙව් තෙමේ ´කෙසේ නම් කාමයෝ කාලිකය, බොහෝ දුක් පමුණුවන්නෝය, බොහෝ දැඩි වෙහෙස ගෙන දෙන්නෝය, එහි දොස් බොහෝයයිද, එහෙත් මේ ධර්‍මය තමා ඇස් හමුවෙහි ඵල ඇත්තේය, කල් නොයවා පල දෙන්නේය, එව බලවයි අන්‍යයන් තමා වෙතට කැඳවන්නට සුදුසුය, වහා තම සිතට පැමිණවීමට සුදුසුය, නුවණ ඇත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දතයුතුයයිද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදැයි´´ ඇසුවේය,

14. ´´ස්වාමීනි, මෙසේ ඔහු කී කල, මම ´ඇවැත්නි, මම නවක වෙමි, ළඟදී පැවිදිවූයෙකිමි, මේ සස්නට අළුත ආයෙකිමි, විස්කරයෙන් කීමට නොහැක්කෙමි. අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි තපෝදාරාමයෙහි වෙසෙති. උන්වහන්සේ වෙත එළඹ, මේ කරුණු විචාරන්න, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සේ ඔබට මෙය තෝරා දෙන සේක්ද එසේ සිත දරාගන්නැ´ යි කීමි.

15. ´´ස්වාමීනි, මෙසේ කී කල, ´අන් මහේශාක්‍ය දේවතාවන් විසින් පිරිවරනලද ඒ භාග්‍යවතුන් වහන්සේ කරා අප වැන්නවුන් පැමිණීම පහසු නොවේ. ශ්‍රමණයන් වහන්ස,
ඉදින් ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, මේ කරුණු අසන්නෙහි නම්, අපිත් බණ අසන්නට එන්නම්හ´ යි ඒ දෙවියා කීවේය. ස්වාමීණි, ඉදින් ඒ දෙවියාගේ කීම සැබෑ නම් ඒ දෙවියා මේ ළඟම ඇතැ´´ යි කීයේය.

16. මෙසේ කී කල ඒ දෙවියා ´භික්‍ෂූන් වහන්ස, විචාරන්න. භික්‍ෂූන් වහන්ස, විචාරන්න. මේ මම් පැමිණියෙමි´´ යි මේ වචන සමිද්ධි ආයුෂ්මතුන්ට කීවේය.

17. එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ දෙවියාට ගාථායෙන් මෙසේ කීහ:

´´සත්ත්‍වයෝ උපාදානස්කන්‍ධ පසෙහි සත්ත්‍ව පුද්ගල ආදී වශයෙන් වරදවා හඳුනනසුලු වෙත්. පඤ්චඋපාදානස්කන්‍ධයෙහි පිහිටියාහු වෙත්. ඔවුහු ඒ උපාදානස්කන්‍ධයන් පිරිසිඳ නොදැන්මෙන් මරහුගේ වසඟයට පැමිණෙත්.

´´එහෙත් (යමෙක්) උපාදානස්කන්‍ධයන් පිරිසිඳ දැන්මෙන් නම් කළ යුතු කිසිවකු නොදක්නේද, එසේවූ ඔහුට ´රාගාදී යමෙකින් මෙතෙම මැඩුනේය´ යි කිසිවෙක් ඔහුට දොස් කිය හැකි නොවේ. යක්‍ෂය එසේවූ තැනැත්තකු දන්නෙහි නම් කියව,´´

18. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මේ වචනයේ අදහස විස්තර වශයෙන් නොදනිමි. ස්වාමීපි, භාග්‍යවතුන් වහන්සේ කොටින් වදාළ මේ වචනයේ අදහස යම් සේ විස්තරයෙන් මම් දැනගත හැකි වන්නෙම්ද, එසේ මට භාග්‍යවතුන් වහන්සේ වදාරනසේක්වා´´ (යි කීවේය.)

19. ´´යමෙක් මම් ´සමයෙමි´ කියා හෝ ´විශෙෂ වන්නෙමි´ කියා හෝ නැතහොත් ´හීනයෙමි´ කියා හෝ කමා සලකාද, ඔහු එයින් අනුන් හා විවාද කරන්නේය, යමෙක් ඒ මානයන්හි නොසැලෙන්නේද, (මාන නැසූ )

ඔහුට මම ´සමයෙමි´ කියා හෝ ´විශෙෂවෙමි´ කියා හෝ ´හීනයෙමි´ කියා හෝ හැඟීමෙක් නැත. යක්‍ෂය, එවැන්නකු දන්නෙහි නම් කියව´´ යි (වදාළසේක.)

20. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් වදාළ මෙහිද අදහස විස්තරයෙන් නොදනිමි. යහපත, ස්වාමීනි, සැකෙවින් වදාළ එහි අදහස විස්තරයෙන් මට දැනගත හැකිවන සේ භාග්‍යවතුන් වහන්සේ එය වදාරනසේක්වා´´ (යි කීවේය.)

21. ´´ක්‍ෂීණාශ්‍රව තෙමේ පැණවීම් හැරදැමුයේය. මානයට නොබටුයේය. හේ නාමරූපයෙහි ඇල්ම දුරු කෙළේය. ගැට නැසූ, දුත් නැති, තණ්හා නැති ඒ රහතුන් දෙවියෝත් මිනිස්සුත් මෙහි හෝ අන් ලොවක හෝ ස්වර්‍ගයන්හි හෝ සියලු සත්වාවාසයන්හි හෝ සොයන්නාහු නමුත් නොදක්නාහ. එසේවූ පුඟුලකු දන්නෙහි නම්, යක්‍ෂය කියව´´ (යි වදාළසේක.)

22. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් වදාළ මේ වචනයේ අර්‍ථ විස්තර වශයෙන් මෙසේ දනිමි.´´

´´වචනයෙන් හෝ සිතින් හෝ කයින් හෝ කිසි පවක් හැම වේලෙහි නොකරන්නේය. (නොකළ යුතුය.) කාමයන් දුරුකොට, සිහි ඇත්තේ, මනා නුවණැත්තේ, අවැඩ ඇසුරු කළ දුකද සේවනය නොකරන්නේය´´ යි (කීයේය.)

දෙවෙනි නන්‍දන වර්‍ගයයි.

කුටිකා සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:

´´ඔබට කුටියක් නැද්ද? ඔබට කූඩුවක් නැද්ද? ඔබට වැළක් නැද්ද? ඔබ බැම්මෙන් මිදුනේද?´´

´´මට කුටියක් කිසිසේත් නැත කිසි ලෙසිනුත් කූඩුවක් නැත. වැළකුත් කිසිසේත් නැත. ඒකාන්තයෙන් බැම්මෙන් මිදුනෙමි.

´´මම් ඔබට කුමක් නම් කුටියෙකැයි කීයෙම්ද? කුමක් නම් ඔබට කූඩුවකැයි කීයෙම්ද? ඔබට කුමක්නම් වැළක් යයි කීයෙම්ද? කුමක්නම් ඔබට බැම්ම යයි කීයෙම්ද?´´

´´මව කුටිය යයි කීයෙහිය. භාය්‍ර්‍යාව කූඩුව යයි කීයෙහිය. තණ්හාව බැඳුම යයි මට කීයෙහිය.´´

(දෙවියා.) ´´ඔබට කුටියක් නැතියේ යහපත. තූඩුවකුත් නැතියේ යහපත. වැලුත් නැතියේ යහපත. බන්‍ධනයන්ගෙන් මිදුනුසේ යහපත.´´

__________

හිරි සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබලන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය, පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´ආජානීය අශ්වයා කසය තමා මත හෙනු නොදී වළක්වන්නා සේ යමෙක් තමහට නින්දා ඇතිවනු නොදී වළක්වාද, (එසේවූ) ලජ්ජා හේතුයෙන් පව් දුර ලා සිටින කිසි පුරුෂයෙක් ලොවැ ඇත්තේද?´´

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:)

´´යම් කෙනෙක් ලජ්ජායෙන් පව් නොකොට ඉන් වැළැක හැම කල්හි සිහි ඇතිව හැසිරෙත්ද, දුක් කෙළවරට පැමිණ, විෂමවූ ලොව සමව හැසිරෙත්ද, එසේවූ පුද්ගලයෝ ස්වල්ප දෙනෙක් ඇත්තාහුය.´´

දුක්කර (කුම්ම) සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

එක් පසෙක සිටි ඒ දෙවිතෙම බෘග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:

´´බාලයා විසින් මහණදම් කළ නොහැක්ක, ඉවසිය නොහැක්ක. යම් ඒ මහණදමෙක්හි අව්‍යක්තයා පසුබසීද, එහිලා ඔහුට සම්බාධකයෝ බොහෝ වෙත්.

´´ඉදින් (නොමගින් උපන් ) සිත නොවළක්වන්නේ නම්, ඔහු කී දිනක් මහණකම් කරන්නේද? ඔහු පාප විතර්‍කයන්ට වසඟවූයේ අරමුණක් පාසා පසුබස්නේය.´´

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:)

´´අවයවයන් සිය කබලතුළ බහා ගන්නා ඉදිබුවාසේ මහණතෙම සිතේ උපන් විතර්‍කයන් භාවනාලම්බන නමැති කබලෙහි එක්කොට බහාලන්නේ, තෘෂ්ණාදෘෂ්ටි ආදීන්ගේ ආශ්‍රයෙන් තොරවූයේ, අනුන් නොවෙහෙසන්නේ: කෙලෙස් පිරිනිවනින් පිරිනිවියේ කිසිවෙකුටත් නින්දා නොකරන්නේය .´´

__________

8. හිරි සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබලන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය, පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´ආජානීය අශ්වයා කසය තමා මත හෙනු නොදී වළක්වන්නා සේ යමෙක් තමහට නින්දා ඇතිවනු නොදී වළක්වාද, (එසේවූ) ලජ්ජා හේතුයෙන් පව් දුර ලා සිටින කිසි පුරුෂයෙක් ලොවැ ඇත්තේද?´´

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:)

´´යම් කෙනෙක් ලජ්ජායෙන් පව් නොකොට ඉන් වැළැක හැම කල්හි සිහි ඇතිව හැසිරෙත්ද, දුක් කෙළවරට පැමිණ, විෂමවූ ලොව සමව හැසිරෙත්ද, එසේවූ පුද්ගලයෝ ස්වල්ප දෙනෙක් ඇත්තාහුය.´´

ඤෆු ්‍ර4රැ%

9. කුටිකා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:

´´ඔබට කුටියක් නැද්ද? ඔබට කූඩුවක් නැද්ද? ඔබට වැළක් නැද්ද? ඔබ බැම්මෙන් මිදුනේද?´´

´´මට කුටියක් කිසිසේත් නැත කිසි ලෙසිනුත් කූඩුවක් නැත. වැළකුත් කිසිසේත් නැත. ඒකාන්තයෙන් බැම්මෙන් මිදුනෙමි.

´´මම් ඔබට කුමක් නම් කුටියෙකැයි කීයෙම්ද? කුමක් නම් ඔබට කූඩුවකැයි කීයෙම්ද? ඔබට කුමක්නම් වැළක් යයි කීයෙම්ද? කුමක්නම් ඔබට බැම්ම යයි කීයෙම්ද?´´

´´මව කුටිය යයි කීයෙහිය. භාය්‍ර්‍යාව කූඩුව යයි කීයෙහිය. තණ්හාව බැඳුම යයි මට කීයෙහිය.´´

(දෙවියා.) ´´ඔබට කුටියක් නැතියේ යහපත. තූඩුවකුත් නැතියේ යහපත. වැලුත් නැතියේ යහපත. බන්‍ධනයන්ගෙන් මිදුනුසේ යහපත.´´

__________

ඤෆු ්‍ර5රැ%

10. සමිද්ධි සූත්‍රය.

1.මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහිවූ තපෝදාරාමයෙහි වැඩ වෙසෙන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් සම්ද්ධි භික්‍ෂුතෙම රෑ අලුයම නැගී සිට තපෝදා දියවිල යම්තැනෙකද එතැනට ඇඟ සේදීම පිණිස පැමිණියේය. තපෝදායෙහි ඇඟ සෝදා ගොඩ අවුත්, එක් සිවුරක් පමණක් ඇකිව ඇඟ තෙත සිඳුවමින් සිටියේය.

2. එකල්හි එක්තරා දෙවියෙක් රෑ පෙරයම ගෙවුනු කල්හි බබළන පැහැ ඇත්තේ, සියලු තපෝදා පෙදෙස බබුළුවා, ආයුෂ්මත් සමිද්ධි භික්‍ෂුතෙම යම් තැනෙකද එතැන්හි එළඹියේය. එළඹ අහසෙහි සිට ආයුෂමක් සමිද්ධි භික්‍ෂුහට ගාථායෙන් (මෙසේ) කීවේය.

´´භික්‍ෂූන් වහන්ස, ඔබ (කම් සැප) නොවලඳා සිඟා කති. ඔබ (කම් සුව) වලඳා සිඟා නොකති. භික්‍ෂූන් වහන්ස, (පස් කම් සුව) වලඳා (පසුව) සිඟා කන්න. (තරුණ) කාලය ඔබ ඉක්මවා නොයේවා.´´

එවිට ආයුෂ්මත් සමිද්ධි තෙම මෙසේ කීය.) ´´(මැරෙන) කාලය නම් මම නොදනිමි. වැසුණු කාලය නොපෙනේ. එබැවින් (කම් සුව) නොවලඳා සිඟා වලඳමි. කාලය මා ඉක්මවා නොයේවා.´´

3. එවිට ඒ දෙවිතෙම පොළොවෙහි සිට ආයුෂ්මත් සමිද්ධි භික්‍ෂුහට මෙසේ කීය:

´´භික්‍ෂූන් වහන්ස, ඔබ ළදරු වියෙහිම පැවැදිවූ කෙනෙක, තරුණය, ඉතා කළු කෙස් ඇත්තෝය. යහපත් තරුණ භාවයෙන් හා ප්‍රථම වයසින් සමන්විතයෝය. කාම ක්‍රීඩා නොකළ කෙනෙක. භික්‍ෂූන් වහන්ස, මනුෂ්‍යයන්ට අයත් කම් සැප වැළඳුව මැනව. මෙහි මේ ආත්මයෙහිම වැළඳිය හැකි කම් සැප හැරදමා කල්ගතව ලැබෙන කාම සම්පත් අනුව නොදුවනු මැනව.´´

ඤෆු ්‍ර6රැ%

4. ´´ඇවැත්නි, මම වනාහි මේ ආත්මයෙහි වින්ද හැකි සැපයක් හැර දමා කල්ගතව ලැබෙන සැපයක් පස්සේ නොදුවමි. ඇවැත්නි, මම වනාහි කල්ගතව ලැබෙන සැප හැරදමාමේ ආත්මයෙහිම ලැබිය හැකි සැප පස්සේ දුවමි. ඇවැත්නි, කාමයෝ වූකලී කාලිකයෝය, (කලින්කල ලැබිය යුත්තෝය) බොහෝ දුක් පමුනුවන්නෝය, බොහෝ දැඩි වෙහෙස ගෙන දෙන්නෝය, එහි දෝෂයෝ නම් බොහෝයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මේ ධර්‍මය වනාහි මේ ආත්මයෙහිම තමා ඇස් හමුයෙහි ඵල ඇත්තේය. අකාලිකය, (කල් නොයවා පල දෙන්නේය.) එහිපස්සිකය, (එව බලවයි අන්‍යයන් තමා වෙතට කැඳවන්නට සුදුසුය.) ඔපනේයකය (වහා තම සිතට පැමිණවීමට සුදුසුය.) නුවනැත්තන් විසින් තම තමා කෙරෙහි දතයුතුයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි´´ (කීය.)

5. ´´භික්‍ෂූන් වහන්ස, කෙසේ නම් කාමයෝ කාලිකයෝය, බොහෝ දුක් සලසන්නෝය, බොහෝ දැඩි වෙහෙස ගෙන දෙන්නෝය, එහි දොස් බොහෝයයි, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද? කෙසේ නම් (ඔබ කියන) මේ ධර්‍මය අකාලිකයයි, එහිඵස්සිකයයි, ඔපනේයකයයි, නුවණැත්තන් විසින් තම තමා කෙරෙහි දතයුතුයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද?´´

6. ඇවැත්නි, මම වනාහි ළඟදී පැවිදිවූයෙක්මි. මේ ධර්‍ම විනයට අළුත ආයෙක්මි, (එබැවින්) විස්තරකොට කියන්නට නොහැත්තෙමි. අර්‍හත් සම්‍යක්සම්බුද්Ȁdධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි තපෝදාරාමයෙහි වෙසෙති. ඒ භාග්‍යවතුන් වහන්ාස් වෙත එළඹ මෙ නරුණ විචාරව, යම්සේ ඔබට භාග්‍යවතුන් වහන්සේ (මෙය) තෝරා දෙන සේක්ද, එසේ එය සිතෙහි දරාගනු මැනවැ´´ යි කීය.

7. ´´භික්‍ෂූන් වහන්ස, අන් මහේශාක්‍ය දේවතාවන් විසින් පිරිවරනලද ඒ භාග්‍යවතුන් වහන්සේ කරා අප

ඤෆු ්‍ර7රැ%

වැන්නවුන්ට පැමිණීම පහසු නොවේ, ඉදින් භික්‍ෂූන් වහන්ස, ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ මෙ කරුණ අසන්නෙහි නම් අපිත් බණ අසන්නට එන්නෙමු,´´

8. ´´එසේය ඇවැත්නි´´ යි ආයුෂ්මත් සමිද්ධි මහණ තෙම ඒ දෙවියාට උත්තරදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක ඉඳගත්තේය. එක් පසෙක උන් ආයුෂ්මත් සමිද්ධි තෙම මෙසේ කීය.

9. ´´ස්වාමීනි, මම රෑ අළුයම්හි නැගී සිට තපෝදා විල යම් තැනෙකද එතැනට ඇඟ සෝදා ගන්නට ගියෙමි. තපෝදායෙහි ඇඟ සෝදා ගොඩවුත් එක් සිවුරක් ඇතිව ඇඟ තෙත සිඳුවමින් සිටියෙමි. ස්වාමීනි, එකල එක්තරා දෙවියෙක් රෑ (පෙරයම ) ගෙවුන කල්හි දිලිසෙන පැහැ ඇත්තේ මුලු තපෝදා විල් පෙදෙස බබුලුවමින් මම් යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, අහසෙහි සිට:

´´භික්‍ෂූන් වහන්ස, ඔබ නොකා හිඟති. කා නො සිඟති. භික්‍ෂූන් වහන්ස, කා ඉන්පසු සිඟන්න. කාලය ඔබ ඉක්මවා නොයේවා´´ යි මේ ගාථායෙන් කීවේය.

10. ´´එසේ කීකල, ස්වාමීනි, මම ඒ දෙවියාට ගාථාවෙකින් ´කාලය මම නොදනිමි. වැසුණු කාලය නොපැනේ. එබැවින් නොකා සිඟමි. කාලය මා නොඉක්මවා´ යි පෙරළා කීමි.

11. ´´ස්වාමීනි, එවිට ඒ දෙවියා පොළොවට බැස සිට, භික්‍ෂූන් වහන්ස, ඔබ ළදරු වියෙහිම පැවිදිවූ කෙනෙක, තරුණය, ඉතා කළු කෙස් ඇත්තෝය, යහපත් තරුණ භාවයෙන්, ප්‍රථම වයසින් යුක්තයෝය, කාම ක්‍රීඩා නොකළ කෙනෙක. භික්‍ෂූන් වහන්ස, මනුෂ්‍යයන් අයත් කම් සැප වැළඳුව මැනව. මේ ආත්මයෙහි වින්දයුතු සැප හැර දමා කල් පසුව ලැබෙන කම් සැප පස්සේ නොදූවන්නැ) යි මට කීවේය.

ඤෆු ු8රැ%

12. ´´මෙසේ කීකල, ස්වාමීනි, මම ඒ දෙවියාට ´ඇවැත්නි, මම් වනාහි මේ ආත්මයෙහිම වින්දහැකි සැප හැර දමා කල්ගතව ලැබෙන සැප පස්සේ නොදුවමි. මම කාලික සැප හැරලා මේ ආත්මයෙහිම වින්දහැකි සැප පස්සේ නම් දුවමි. ඇවැත්නි, කාමයෝ වූකලී කාලිකයහ, බොහෝ දුක් පමුණවන්නෝය, බොහෝ දැඩි වෙහෙස ගෙන

දෙන්නෝය, එහි දොස් බොහෝයයිද, එහෙත් මේ ධර්‍මයතමා ඇස් හමුවෙහි ඵල ඇත්තේය, කල් නොයවා පල දෙන්නේය, එව බලවයි අන්‍යයන් තමා වෙතට කැඳවන්නට සුදුසුය, වහා තම සිතට පැමිණවීමට සුදුසුය.න්වණ ඇත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දතසුතුයයිද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදැ´යි කීමි.

13. ´´ස්වාමීනි, මෙසේ මා කී විට, ඒ දෙව් තෙමේ ´කෙසේ නම් කාමයෝ කාලිකය, බොහෝ දුක් පමුණුවන්නෝය, බොහෝ දැඩි වෙහෙස ගෙන දෙන්නෝය, එහි දොස් බොහෝයයිද, එහෙත් මේ ධර්‍මය තමා ඇස් හමුවෙහි ඵල ඇත්තේය, කල් නොයවා පල දෙන්නේය, එව බලවයි අන්‍යයන් තමා වෙතට කැඳවන්නට සුදුසුය, වහා තම සිතට පැමිණවීමට සුදුසුය, නුවණ ඇත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දතයුතුයයිද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදැයි´´ ඇසුවේය,

14. ´´ස්වාමීනි, මෙසේ ඔහු කී කල, මම ´ඇවැත්නි, මම නවක වෙමි, ළඟදී පැවිදිවූයෙකිමි, මේ සස්නට අළුත ආයෙකිමි, විස්කරයෙන් කීමට නොහැක්කෙමි. අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි තපෝදාරාමයෙහි වෙසෙති. උන්වහන්සේ වෙත එළඹ, මේ කරුණු විචාරන්න, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සේ ඔබට මෙය තෝරා දෙන සේක්ද එසේ සිත දරාගන්නැ´ යි කීමි.

15. ´´ස්වාමීනි, මෙසේ කී කල, ´අන් මහේශාක්‍ය දේවතාවන් විසින් පිරිවරනලද ඒ භාග්‍යවතුන් වහන්සේ කරා අප වැන්නවුන් පැමිණීම පහසු නොවේ. ශ්‍රමණයන් වහන්ස,

ඤෆු ු්‍රරැ%

ඉදින් ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, මේ කරුණු අසන්නෙහි නම්, අපිත් බණ අසන්නට එන්නම්හ´ යි ඒ දෙවියා කීවේය. ස්වාමීණි, ඉදින් ඒ දෙවියාගේ කීම සැබෑ නම් ඒ දෙවියා මේ ළඟම ඇතැ´´ යි කීයේය.

16. මෙසේ කී කල ඒ දෙවියා ´භික්‍ෂූන් වහන්ස, විචාරන්න. භික්‍ෂූන් වහන්ස, විචාරන්න. මේ මම් පැමිණියෙමි´´ යි මේ වචන සමිද්ධි ආයුෂ්මතුන්ට කීවේය.

17. එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ දෙවියාට ගාථායෙන් මෙසේ කීහ:

´´සත්ත්‍වයෝ උපාදානස්කන්‍ධ පසෙහි සත්ත්‍ව පුද්ගල ආදී වශයෙන් වරදවා හඳුනනසුලු වෙත්. පඤ්චඋපාදානස්කන්‍ධයෙහි පිහිටියාහු වෙත්. ඔවුහු ඒ උපාදානස්කන්‍ධයන් පිරිසිඳ නොදැන්මෙන් මරහුගේ වසඟයට පැමිණෙත්.

´´එහෙත් (යමෙක්) උපාදානස්කන්‍ධයන් පිරිසිඳ දැන්මෙන් නම් කළ යුතු කිසිවකු නොදක්නේද, එසේවූ ඔහුට ´රාගාදී යමෙකින් මෙතෙම මැඩුනේය´ යි කිසිවෙක් ඔහුට දොස් කිය හැකි නොවේ. යක්‍ෂය එසේවූ තැනැත්තකු දන්නෙහි නම් කියව,´´

18. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මේ වචනයේ අදහස විස්තර වශයෙන් නොදනිමි. ස්වාමීපි, භාග්‍යවතුන් වහන්සේ කොටින් වදාළ මේ වචනයේ අදහස යම් සේ විස්තරයෙන් මම් දැනගත හැකි වන්නෙම්ද, එසේ මට භාග්‍යවතුන් වහන්සේ වදාරනසේක්වා´´ (යි කීවේය.)

19. ´´යමෙක් මම් ´සමයෙමි´ කියා හෝ ´විශෙෂ වන්නෙමි´ කියා හෝ නැතහොත් ´හීනයෙමි´ කියා හෝ කමා සලකාද, ඔහු එයින් අනුන් හා විවාද කරන්නේය, යමෙක් ඒ මානයන්හි නොසැලෙන්නේද, (මාන නැසූ )

ඤෆු ුරැ%

ඔහුට මම ´සමයෙමි´ කියා හෝ ´විශෙෂවෙමි´ කියා හෝ ´හීනයෙමි´ කියා හෝ හැඟීමෙක් නැත. යක්‍ෂය, එවැන්නකු දන්නෙහි නම් කියව´´ යි (වදාළසේක.)

20. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් වදාළ මෙහිද අදහස විස්තරයෙන් නොදනිමි. යහපත, ස්වාමීනි, සැකෙවින් වදාළ එහි අදහස විස්තරයෙන් මට දැනගත හැකිවන සේ භාග්‍යවතුන් වහන්සේ එය වදාරනසේක්වා´´ (යි කීවේය.)

21. ´´ක්‍ෂීණාශ්‍රව තෙමේ පැණවීම් හැරදැමුයේය. මානයට නොබටුයේය. හේ නාමරූපයෙහි ඇල්ම දුරු කෙළේය. ගැට නැසූ, දුත් නැති, තණ්හා නැති ඒ රහතුන් දෙවියෝත් මිනිස්සුත් මෙහි හෝ අන් ලොවක හෝ ස්වර්‍ගයන්හි හෝ සියලු සත්වාවාසයන්හි හෝ සොයන්නාහු නමුත් නොදක්නාහ. එසේවූ පුඟුලකු දන්නෙහි නම්, යක්‍ෂය කියව´´ (යි වදාළසේක.)

22. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් වදාළ මේ වචනයේ අර්‍ථ විස්තර වශයෙන් මෙසේ දනිමි.´´

´´වචනයෙන් හෝ සිතින් හෝ කයින් හෝ කිසි පවක් හැම වේලෙහි නොකරන්නේය. (නොකළ යුතුය.) කාමයන් දුරුකොට, සිහි ඇත්තේ, මනා නුවණැත්තේ, අවැඩ ඇසුරු කළ දුකද සේවනය නොකරන්නේය´´ යි (කීයේය.)

දෙවෙනි නන්‍දන වර්‍ගයයි.

අරණ සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය:

2. ´´මෙලොව කවුරු නම් කෙලෙස් නැත්තේද? කවුරුන් වුසූ වාසය නොනැසේද? මෙහි කවුරු තන්හාව පිරිසිඳ දනිත්ද? කාගේ නම් හැම කල්හිම නිදහස් බව වේද? සිල්හි පිහිටි කවරකු මවත් පියාත් සොහොයුරාත් වඳිත්ද? මෙහි ජාතියෙන් පහත්වූ කාට නම් රජහු ආදරයෙන් නමස්කාර කෙරෙත්ද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) මහණහු මෙලොව කෙලෙස් නැත්තෝය. මහණුන් වුසූ (ආර්‍යමාර්‍ග) වාසය නොනැසේ. මහණහු (තන්හාව) පිරිසිඳ දනිත්. හැම කල්හි මහණුන්ගේ නිදහස් බව වේ. ශීලයෙහි පිහිටි මහණහුට මවත් පියාත් සොහොයුරාත් ආදරයෙන් නමස්කාර කෙරෙති. මෙහි ජාතියෙන් පහත්වූ නමුත් මහණහට රජහුද ආදරයෙන් නමස්කාර කෙරෙත්.´´

අටවන ඣත්‍වා වර්‍ගයයි.

(දෙවතා සංයුත්තය සමාප්තයි.)

පජ්ජොත සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය:

2. ´´ලොව පහනක් වැනි වූයේ කිමෙක්ද? ලොව නොනිඳා සිටින්නා නම් කවරේද? කර්මයෙහි එක්ව ජීවත්වෙන්නා කවරේද? ජීවිකා වෘත්තිය නම් කිමෙක්ද?´´

´´මව පුතකු රක්නා සේ අලසයාත් අනලසයාත් කවරෙක් නම් රැකගනීද? යම් ප්‍රාණි කෙනෙක් පොළොව ඇසුරු කළාහු නම්, කුමක් උපකාර කොට ගෙන සත්ත්‍වයෝ ජීවත් වෙත්ද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´ප්‍රඥාව ලොව පහනක් වැනිය. සිහිය ලොව නොනිඳා සිටින්නායි. කර්මාන්ත ආදියෙහි සහායව ජීවත් වන්නෝ ගවයෝයි. සීසෑම (ගොයිතැන) ජීවිකා වෘත්තියයි. ධනය මව පුතකු රක්නාසේ අලසයාත් අනලසයාත් රකී. පොළොව ඇසුරු කළාවූ යම් ෂත්ත්‍වයෝ වෙත්ද ඔවුහු වැස්ස නිසා ජීවත් වෙත්.´´

__________