ආනන්‍ද ථෙරාපදානය.

431 පදුමුත්තර බුදුරජතෙම අරම් දොරින් නික්ම අමා වැසි වස්වන්නේ මහාජනයා සන්සිඳවීය.   (නිවණට පැමිණවීය.)

432 ෂඩභිඥා ඇත්තාවූද,  මහා ඎද්ධි ඇත්තාවූද,  ලක්‍ෂයක් පමණවූ ඒ ක්‍ෂීණාශ්‍රවයෝ සෙවනැල්ලක් මෙන් සර්‍වඥයන් වහන්සේ පිරිවරත්.

433 උතුම් සේසත (මාගේ මස්තකයෙහි දරන්නේ) ඇතුපිට හුන්නේ වෙමි.   මනොඥවූ රූප ඇති බුදුරජාණන් වහන්සේ දැක මට ප්‍රීතිය උපන්නේය. Continue reading

ඛදිරවනිය රෙවත ථෙරාපදානය.

415 හිමවතින් හටගත් භාගීරථි නම් ගංගාවක් තොමෝ වූවාය.   මම (එහි) (සැඩ රළ වේගයෙන් යුත්) විෂම තීර්ථයක (කෙවුල් කුලයෙහි උපන්නාවූ)  නැවියෙක් වීමි.

416 පදුමුත්තර බුදුරජතෙම රහතුන් දහසක් සමග ගංගාවෙහි සැඩ පහර තරණය කරන්නේයයි පෙර මාගේ ඇසීම විය.

417 බොහෝ නැව් එකතට පමුණුවා (නැව් දෙක දෙක එක්කොට තැනූ) නැවෙහි වඩුවන් ලවා මැනවින් පියසි කොට බුදුරජාණන් වහන්සේ පිදීමි.

428 බුදුරදතෙම පැමිණි එම උතුම් නැවට නැංගේය.   (නැව් නැගී) දිය මැද සිටියාවූ බුදුරජාණන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.

42්‍ර යමෙක් තෙම සම්‍යක් සම්බුදු රජද,  ආශ්‍රව රහිතවූ (රහත්) සංඝයාද තරණය කරවී නම් හෙතම එම චිත්ත ප්‍රසාදය කරණකොටගෙන දෙව් ලොවෙහි සිත් අලවා වාසය කරන්නේය.

42ු ඔබහට මැනවින් කළ නැවෙහි සටහන් ඇති විමානයක් (දෙව්ලොව) පහළ වන්නේය.   හැම කල්හි අහසෙහි මල් වියනක්ද දරන්නේය.

421 (මින්) අට පණස් කපකින් මත්තෙහි සතර මහා දිවයිනට අධිපතිවූ,  දිනනසුළුවූ,  තාරක නම් සක්විති රජෙක් වන්නේය.

422 (මින්) සත් පණස්වන කපෙහි මහ බල ඇති චම්පක නම් ක්‍ෂත්‍රිය තෙමේ උදාවන්නාවු හිරු මෙන් බබලන්නේය.

423 කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ ගොත්‍රයෙන් ගෞතම නම් වන්නාවූ ශාස්තෲන් වහන්සේ ලොව පහළවන සේක.

424 හෙතෙම (එකල) දෙව්ලොවින් චුතව මිනිසත් බවට යන්නේය.   නමින් රේවතවූ බමුණෙක්ද වන්නේය.

425 කුශල මූලයන්ගෙන් මෙහෙයන ලදුයේ ගිහිගෙන් නික්ම ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නේය.

426 පැවිදිව පසුව හෙතෙම භවනායෝගයන්හි යෙදුනේ,  විදර්‍ශනා කරන්නේ,  සියලු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥාවෙන්) දැන,  ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය.

427 නිවාණ සංඛ්‍යාත යොග ක්‍ෂෙමයට පමුණුවන ධුරවාහකයා (ගැල්බර උසුලන ගවයා) මෙන් මාගේ වීය්‍ර්‍යය වෙයි.   (මම මේ) සර්‍වඥ ශාසනයෙහි අන්තිම ශරීරය දරමි.   (අන්තිම ආත්මයයි.)

438 මා විසින් කල්ප ලක්‍ෂයකට පෙර කරණ ලද කර්‍මය මෙහිදී විපාක දැක්වීය.   දුනුදියෙහි මැනවින් මිදුණු හී වේගය මෙන් (එම කර්‍මය) මාගේ කෙළෙස් දැවීය.

43්‍ර ඉක්බිති ලෝකාන්තයට ගිය මහ නුවණැති බුදුරජාණන් වහන්සේ වන සෙනසුනෙහි ඇළුනාවූ මා දැක වනවාසී භික්‍ෂූන් අතුරෙන් අගතන්හි තබා වදාළ සේක.

43ු මාගේ ක්ලේශයෝ දවන ලද්දාහුය.   සියලු භවයෝ සමූහනනය (විනාශ) කරණ ලද්දාහුය.   හස්තිරාජයෙකු මෙන් බැඳුම් සිඳ,  ආශ්‍රව රහිතව වෙසෙමි.

431 බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය.   ත්‍රිවිද්‍යාවෝ පමුණුවන ලද්දාහු බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී.

432 මේ සිවි පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී´´
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඛදිර වනිය රේවත තෙරුන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
( ඛදිරවනිය රෙවත ථෙරාපදානය නවවැනියි. )
__________

පිණ්ඩොල භාරද්වාජ ථෙරාපදානය.

4ු8 අග්‍ර පුද්ගලවූ තෙමේම සියල්ල අවබෝධ කළාවූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ එකල්හි හිමවතට ඉදිරිපසවූ චිත්‍රකූට පර්‍වතයෙහි විසීය.

4ු්‍ර බොහෝ ජනයා යමෙකුගේ ශබ්දය අසා විශේෂයෙන් කැළඹෙත්ද,  එහි (මම එබඳු) නිර්භය ස්වභාව ඇති සිව් දිගින් යාමට සමත් සිංහයෙක් වීමි. Continue reading

අඤ්ඤාත කොණ්ඩඤ්ඤ ථෙරාපදානය.

48්‍ර  (සකළ සත්ත්‍ව) ලෝකයෙහි ජ්‍යෙෂ්ඨවූ (විශේෂයෙන් වින්‍යෙය සත්ත්‍වයන් සසර සයුරෙන් එතෙරට පමුණුවන බැවින්) විනායකවූ බුදු පදවියට පත් පදුමුත්තර සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ මම පළමුකොටම දුටිමි.

48ු  බෝමුලෙහි යම් පමණ සත්ත්‍වයෝ රැස් වූවාහුද,  ඒ සියල්ලෝ බැඳැඳිලි ඇත්තාහු බුදුරජුන් පිරිවරා වඳිත්. Continue reading

උපාළි ස්ථවිරාපදානය.

225ග   ´´හංසවතී නගරයෙහි රැස්කොට තැබූ අසූකෙළක් ධනය ඇති,  සමෘද්ධවූ ධන ධාන්‍ය ඇති,  වේද හදාරවන්නාවූ,  මන්ත්‍රධරවූ,  වේදත්‍රයෙහි පරතෙරට ගියාවූ (අත් පා ආදියෙහි ලකුණු බලා අනාගතය පවසන) ලක්‍ෂණ ශාස්ත්‍රයෙහිද,  ඉතිහාසයෙහිද,  ස්වකීය බ්‍රාහ්මණ ධර්‍මයෙහිද පරතෙරට ගියාවූ සුජාත නම් බමුණෙක් විය. Continue reading

පුණ්ණ ථෙරාපදානය.

216ග   ´´වේද හදාරවන්නාවූ,  මන්ත්‍රධරවූ,  වේදත්‍රයෙහි පරතෙරට ගිය,  (මම) ශිෂ්‍යයන්විසින් පිරිවරණ ලදුයේද වෙමි.   මනුෂ්‍යෝත්තමවූ බුදුරජාණන් වහන්සේ වෙත එළඹියෙමි.

217ග   ´´පූජා සත්කාරයන් පිළිගැනීමට සුදුසුවූ තුන් ලෝ දත්,  මහා මුනි වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සංක්‍ෂිප්ත වශයෙන් මාගේ කර්‍මය ප්‍රකාශ කළ සේක.

228ග   ´´මම ඒ ධර්‍මය බුදුරජාණන් වහන්සේට අභිවාදනය කොට ඇඳිලි බැඳගෙන දක්‍ෂිණාභිමුඛව ගියෙමි.

22්‍රග   ´´සංක්‍ෂිප්තව අසා විස්තර වශයෙන් දෙසීමි.   එසේ කියන්නාවූ මට සියලු ශිල්පයෝ අසා සතුටුවූවාහි,

22ුග   ´´ස්වකීය දෘෂ්ටිය අත්හැර දමා බුදුන් කෙරෙහි සිත පැහැදවූහ.   මම සංක්‍ෂිප්තවද දෙසමි.   එසේම විස්තර වශයෙන්ද දෙසමි.

221ග   ´´අභිධර්‍ම ක්‍රම දන්නාවූ මම කථාවත්‍ථුප්පරණවිශුද්ධියෙන් සියල්ලන්ට අවබෝධ කරවා ආශ්‍රව එහිතව වෙසෙමි.

222ග   ´´මින් කප් පන්සියයක් පෙර අති ප්‍රකටවූ,  සත් රුවණින් යුත් සතර මහා වීපයෙහි සක්විති රජවරු සතර දෙනෙක් වූහ.

223ග   ´´සිවි පිළිසිඹියාවෝද,  අෂ්ටවිමෝක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද (මා විසින්) සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ ශාසනයද කරණ ලදී.

224ග   ´´මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුණ්නමන්තානිපුත්ත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේක.
( පුණ්නමන්තානිපුත්ත ථෙරාපදානය පස්වැනියි. )

අනුරුද්ධ ථෙරාපදානය.

2ු1ග   ´´මම ලෝක ජ්‍යෙෂ්ඨවූ,  නරශ්‍රෙෂ්ඨවූ,  විවේකීව වාසය කරන්නාවූ,  ලෝකනායකවූ සුමේධ නම් භාග්‍යවතුන් වහන්සේ දුටුවෙමි.

2ු2ග   ´´මම ලෝකනායකවූ සුමේධ සම්බුදුන් වහන්සේ වෙත එළඹ ඇඳිළි බැඳගෙන බුද්ධ ශ්‍රේෂඨයන් (මෙසේ) අයැදීමි.

2ු3ග   ´´මහා වීරයන් වහන්ස,  ලෝක ජ්‍යෙෂ්ඨයන් වහන්ස,  නර ශ්‍රේෂ්ඨයන් වහන්ස,  අනුකම්පා කොට වදාළ මැනව.  රුක් මුල්හි ධ්‍යාන කරන්නාවූ ඔබ වහන්සේට පහණක් දෙමි.´´

2ු4ග   ´´සියල්ල තෙමේම දන්නාවූ,  කථා කරන්නවුනට ශ්‍රේෂ්ඨවූ,  ඒ ප්‍රාඥවූ බුදුරජ තෙම එය ඉවසීය.   එකල්හි මම ගස්විද යතුරක් යොදා,

2ු5ග   ´´දහසක් මැටි දුනිමි.   (යෙදීමි.)  මාගේ පහන්හු ත්‍රිලෝක බන්‍ධුවූ බුදුරජාණන් වහන්සේට සතියක් දැල්වී නිවී ගියහ.

2ු6ග   ´´එම චිත්ත ප්‍රසාදයෙන්ද,  සිත්හිවූ ප්‍රාත්‍ර්‍ථනයන්ගෙන්ද මම මිනිස් සිරුර හැර දෙව් විමනක ඉපදුනිමි.

2ු7ග   ´´දෙව් අත්බැව්හි උපන් මට මැනවින් නිර්මිත විමානයක් විය.   (එය) හාත්පසින් ඇවිලේ.   මෙය පහන් පූජාවෙහි විපාකයයි.

218ග   ´´එකල්හි මම හාත්පස යොදුන් සියයක් බැබලීමි.   සියළු දෙවියන් අභිභවමි.   මෙය පහන් පූජාවෙහි විපාකයයි.

21්‍රග   ´´ශක්‍රව තිස් කපක් මුළුල්ලෙහි දිව්‍ය රාජ්‍යය කරවීමි.   කිසිවෙක් මා ඉක්මවා නොසිතත්.   (අවමන් නොකෙරෙත්.)  මෙය පහන් පූජාවෙහි විපාකයයි.
21ුග   ´´මම අටවිසි වරක් චක්‍රවර්ති රාජ වීමි.   එකල්හි හාත්පස යොදුනක් තැන් දිවා රෑ දෙක්හිම (එකසේ) දකිමි.

211ග   ´´(ප්‍රඥා) චක්‍ෂුසින් දහසක් සක්වල (ලෝක) දකිමි.   සර්‍වඥ සාසනයෙහි (පැවිදිව)  දිවැස ලැබූයේද වෙමි.   මෙය පහන් පූජාවෙහි විපාකයයි.

212ග   ´´මෙයින් කල්ප තිස් දහසකට පෙර සුමේධ නම් සම්බුදු රජ තෙම විය.   මා විසින් උන් වහන්සේට පැහැදුනු සිතින් පහන් දෙන ලදී.

213  ´´මාගේ ක්ලේශයෝ දවන ලද්දාහුය.   සියලු භවයෝ සමූහනනය (විනාශ) කරණ ලද්දාහුය.   හස්තිරාජයෙකු මෙන් බැඳුම් සිඳ,  ආශ්‍රව රහිතව වෙසෙමි.

214  ´´බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය.   ත්‍රිවිද්‍යාවෝ පමුණුවන ලද්දාහු බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී.

215ග  ´´මේ සිවි පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී´´
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේක.
( අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගේ අපදානය සතරවැනියි. )

මහාකාශ්‍යප ථෙරාපදානය.

177ග ´´තාදී ගුණ (අටලෝ දහම්හි නොසැලෙන ගුණ) ඇති පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ (ශාසනයෙහි) ලෝකනාථවූ (ඒ පදුමුත්තර) බුදුරජාණන් වහන්සේ  පිරිනිවන් පෑ කල්හි (දිව්‍ය මනුෂ්‍යයෝ) ශාස්තෲන් වහන්සේට පූජා කෙරෙත්.

288ග ´´ජන සමූහයා ඔද වැඩි සිත් ඇත්තාහු අතිශයින් ප්‍රමුදිත වූහ.   ඒ බොහෝ සංවේගයන් පවත්නා අතරෙහි මට ප්‍රීතියක් ඇති විය.

28්‍රග ´´නෑ මිතුරන් කැඳවා, ´´මහා වීරවූ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ සේක.   ඒකාන්තයෙන් පූජාවක් කරමු´´ ය යන මේ වචනය කීමි.

28ුග ´´ලෝකනාථ බුදුරජාණන් වහන්සේ විෂයෙහි පින් රැස් කිරීම කරන්නෙමුය´´ යි ඔවුහු පිළිවදන් දී මාගේ සතුට වැඩියක්ම ඇති කළාහුය.

281ග ´´රියන් සියයක් උස්ව තැනූ තොරණක් මැනවින් කොට රියන් එක්සිය පණහක් පමණ පැතුරුනු විමානයක් ගොඩ නංවන ලදී.

282ග ´´එම ප්‍රාසාදයෙහි සිත්තම් කරණ ලද තාලාවචරයන් (හේවිසිකරුවන්) කරණකොට ගෙන (විසිතුරු) කොට සිය සිත උපදවා උත්තම චෛත්‍යය පිදීය.

283ග ´´ඇවිලගත් ගිනි කඳක් මෙන්ද,  පිපියාවූ ශ්‍රේෂ්ඨ සල් රුකක් මෙන්ද,  අහසෙහි විදුලිය මෙන්ද සිව්දිග බබුළුවමි.

284ග ´´මම එහි සිත පහදවා බොහෝ කුසල්කොට පෙර කරණ ලද කුශල කර්‍මය සිහි කොට තව්තිසා දෙව්ලොව උපනිමි.

285ග ´´යෙදූ දහසක් අශ්වයන් විසින් උසුලන ලද දිව්‍ය යානයට නැගුනේ (වෙමි.)  මාගේ උස්වූ භවනය උඩට නැංගේය.

286ග ´´දහස් ගණන් කුළු ගෙවල් තනි රනින් කරණ ලදහ.   (එම කුළු ගෙවල්) ස්වකීය දීප්තියෙන් සියළු දිගුන් බබුළුවමින් දිලිසෙත්.

287ග ´´පද්ම රාග මාණික්‍යමයවූ අන්‍යවූ දොරටුද ඇත්තාහ.   එකල්හි එම දොරටුද ශෝභාවෙන් හාත්පස සිව් දිගම බබුළුවත්.

2්‍ර8ග ´´පුණ්‍යකර්‍ම බලයෙන් හටගත් මැනවින් නිර්මිත මිණිමුවා කුළු ගෙවල් හාත්පස දස දිගුන් බබුළුවත්.

2්ර්‍‍රග ´´බබළන්නාවූ මොවුන්ගේ ආලෝකය අධික විය.   සියලු දෙවියන් ඉක්මවීමි.   මේ පුණ්‍යකර්‍මයාගේ ඵලයයි.

2්‍රුග ´´කල්ප සැට දහසක් මුළුල්ලෙහි උබ්බිද්ධ නම්වූ ක්‍ෂත්‍රියයෙක් සිව්මහ සයුර හා සිව්මහ දිවයින කෙළවර කොට ඇති පෘථිවියට අධිපතිවූයේ සතුරු රජුන් ජය ගන්නා සුළුව මම විසීමි.

2්‍ර1ග ´´එසේම භද්‍ර කල්පයෙහි තිස් වරක්ම මහත් බල ඇති සක්විති රජ වීමි.   ස්වකීය පුණ්‍යකර්‍මයන්හි ඇළුනේම වීමි.

2්‍ර2ග ´´එහිද මාහට දිගින් සූවිසි රියන්වූ,  පුළුලින් දොලොස් රියන්වූ,  විදුලියක් වැනිවූ භවනයක් උස්ව පැන නැංගේය.

2්‍ර3ග ´´විශාල පවුරු හා තොරන් ඇති දිගින් (යොදුන්ද) පන්සියයක්වූද,  පුළුලින් ඉන් අඩක්වූද,  තව්තිසා වාසීන්ගේ දෙව්පුරය වැනි,  ජන සමූහයාගෙන් ගැවසීගත් රම්මක නම් නගරයක් විය.

2්‍ර4ග ´´යම්සේ හිදිගුලාවෙහි බහන ලද පස් විස්සක් හිදිකටු ඔවුනොවුන්  ගැවෙත්.  එය එකල්හි ගැවසීගත්තේ වේ.

2්‍ර5ග ´´එසේම මාගේ උතුම්වූ රම්මක නගරයද හස්ති අශ්ව රථයන්ගෙන් පිරීගියේ නොයෙක් මිනිසුන්ගෙන් හැම කල්හි ගැවසී ගත්තේ විය.

2්‍ර6ග ´´එහි (සම්පත්) අනුභව කොට (මිහිරි රසද) බී යලි දේවත්‍වයට ගියේ මාගේ අන්තිම භවයෙහිද කුලවත්බව ඇතිවිය.

2්‍ර7ග ´´මහත්වූ රුවන් සමූහ ඇති බමුණු කුලයෙහි උපන්නේ අසූ කෝටියක් හිරන්‍ය (සම්පත්) හැරදමා පැවිදිවීමි.

2ු8ග  ´´මාගේ ක්ලේශයෝ දවන ලද්දාහුය.  යම්සේ හර කැමැත්තාවූ පුරුෂයෙක් තෙම කෙසෙල් ගසක් කපා පලන්නේද,  (හෙතෙම) එහි හරයක් නොලබන්නේයි.   එය හරයෙන් තොර ගසකි.

2ු්‍රග  ´´එසේම ලෝකයෙහි තීත්‍ර්‍ථකයෝද,  නා නා දෘෂ්ඨි ගත් බොහෝ දෙනාද නිවණින් හිස්වූවෝම වෙති.   හරයෙන් හිස්වූ කෙසෙල්ගස් මෙනි.

2ුග  ´´අන්තිම භවය පැමිණි කල්හි මම බ්‍රහ්මබන්ධු හෙවත් බ්‍රාහ්මණ කුලයෙහි උපන්නෙක් වීමි.   මහත්වූ භොකස්කන්‍ධය හැර අනගාය්‍ර්‍ය නම් ශාසනයෙහි පැවිදිවීමි.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේක.
( මහා කාශ්‍යප තෙරුන් වහන්සේගේ අපදානය නිමි. )

මහා මොග්ගල්ලාන ථෙරාපදානය

152ග  ´´ලෝක ජ්‍යෙෂ්ඨවූ,  නර ශ්‍රෙෂ්ඨවූ,  අනොමදස්සි භාග්‍යවතුන් වහන්සේ දිව්‍ය සමූහයා විසින් පිරිවරණ ලදුව හිමවතෙහි විසීය.

153ග  ´´එකල්හි මම නමින් වරුණ නම්වූ නාග රාජයෙක්වීමි.   කැමති රූපයන් මවන සුළුවූයේ ඎද්ධි විකුර්‍වණ්‍ය කරමි.   මම සයුරෙහි විසීමි.
154ග ´´නිතර සිය පිරිවරවූ ස්වකීය නාග සමූහයා පිරිවරා මම තූය්‍ර්‍යයන් වාදනය කරවීමි.   එකල්හි නා මෙනෙවියෝ (අනොමදස්සි) බුදුරජාණන් වහන්සේ පිරිවරා වාදනය කළාහුය.

155ග ´´(මනුෂ්‍ය- නාග) තූය්‍ර්‍යන් වාදනය කරනු ලබන කල්හි (චාතුර්මහාරාජික) දෙවියෝද (දිව්‍ය) තූය්‍ර්‍යයන් වාදනය කළාහුය.   මේ දෙපිරිස (දෙවි මිනිසුන්ගේ තූර්‍ය) ශබ්දය අසා බුදුරජාණන් වහන්සේද එය දැනගත් සේක.

156ග ´´ බුදුරජාණන් වහන්සේට ආරාධනාකොට ස්වකීය නාග භවනයට එළඹියෙමි.   මම අසුන් පනවා (දානයට සුදුසු) කාලය සැළ කෙළෙමි.

157ග ´´රහතුන් දහසක් විසින් පිරිවරණ ලද බුදුරජාණන් වහන්සේ සියළු දිසාවන් බබුළුවන සේක් මාගේ භවනයට එළඹි සේක.

168ග ´´එකල්හි මම (එසේ) එළඹියාවූ භික්‍ෂු සංඝයා සහිතවූ,  මහා වීරවූ,  දේවාති දේවවූ,  නරශ්‍රේෂඨවූ බුදුරජාණන් වහන්සේ ආහාර පානයෙන් සන්තර්‍පණය කළෙමි.

16්‍රග ´´(සියල්ල) තෙමේම අවබෝධ කළාවූ,  මහා වීරවූ,  අග්‍ර පුද්ගලවූ බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා මැද හිඳ අනුමෝදනාව කළ සේක.   මෙම ගාථාවෝද වදාරණ ලදහ.´´

16ුග ´´යමෙක් තෙම ලෝක නායකවූ බුදුරජාණන් වහන්සේද,  සංඝයාද පිදී නම් හෙතෙම එම සිත පැහැදවීම කරණකොට ගෙන දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) යන්නේය.

161ග ´´සත් සැත්තෑ වරක් දිව්‍ය රාජ්‍යයද කරන්නේය.   අට සියක් වරෙක පෘථිවි රාජ්‍යයද කරමින් පොළොවෙහි වෙසෙන්නේය.

162ග ´´පස් පණස් වරක් සක්විති රජ වන්නේය.   එකෙණෙහි ඔහුට අපමණ භෝගයෝ උපදින්නාහුය.

163ග ´´මෙයින් අපරිමෙය්‍ය කල්පයෙහි (එකාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් මතුයෙහි) ඔක්කාක නම් කුලයෙහි උපදින්නාවූ ගෞතම නම්වූ ශාස්තෲන් වහන්සේ ලෝකයෙහි පහළ වන්නේය.

164ග ´´හෙතෙම (වරුණ නාග රාජ තෙම) නිරයෙන් චුතව මිනිසත් බවට (උත්පත්ති වශයෙන්) යන්නේය.   කෝලිත නම්වූ  බ්‍රාහ්මණයෙක් වන්නේය.
165ග ´´හෙතෙම පසුව පැවිදිව කුශල මූලයන් විසින් මෙහෙයන ලදුයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ වීතීය ශ්‍රාවක වන්නේය.

166ග ´´පටන් ගන්නා ලද වීය්‍ර්‍ය ඇත්තේ,  නිවණට මෙහෙයූ සිත් ඇත්තේ,  ඎද්ධියෙහි කෙළ පැමිණියේ,  සියලු ආශ්‍රව ධර්‍මයන් දැන (දුරුකොට) ආශ්‍රව රහිතව (ක්ලේශ පරිනිර්‍වාණයෙන්) පිරිනිවන් පාන්නේය.´´

167ග ´´පාප මිත්‍රයන් ඇසුරෙන් කාමරාගයෙහි වසඟයට ගියේ දුෂ්ට සිත් ඇත්තේ මව් පියන්ද නැසීමි.

178ග ´´මම නිරෙයෙහි හෝ,  නැතහොත් මිනිසුන් අතරෙහි හෝ, යම් යම් යෝනියක උපදිම් නම් (එකී) පාප කර්‍මය හා එක්වීමෙන් බිඳීගිය හිස් ඇත්තේ මැරෙමි.

17්‍රග ´´මෙය මාගේ (සසරෙහි) අවසානයයි.   අන්තිම ආත්ම භාවය වේ.   මේ ආත්ම භාවයෙහිදීද මට මැරෙන කල්හි මෙබන්දක් වන්නේය.

17ුග ´´ප්‍රකර්‍ශ විවේකයෙහි යෙදුනේ,  සමාධි භාවනාවෙහි ඇළුනේ, සියලු ආශ්‍රවයන් දැන (දුරුකොට) ආශ්‍රව රහිතව වෙසෙමි.

171ග ´´පෘථිවියද ඉතා ගැඹුරුය.   ඝනය.   නොසෙල්විය හැක.   (එහෙත්) ඎද්ධියෙහි කෙළ පැමිණියේ (එය) වම් පය මහපටැඟිල්ලෙන් සොළවමි.

172ග ´´අස්මී මානය (සීල සමාධි ප්‍රඥාදිය ඇත්තේ මටමය යන ඇඟීම) නොදකිමි.   මට මානය නැත.   මම සාමණේරයන් පටන්කොට සියලු භික්‍ෂු සංඝයා කෙරෙහි ගෞරව සිත (ඇති) කරමි.

173ග ´´මින් (එකා සංඛ්‍ය කල්ප ලක්‍ෂයකට) අපරිමෙය කල්පයකට පෙර (අගසව් බව පිණිස) යම් කර්‍මයක් රැස් කෙළෙම්ද,  මම ඒ ශ්‍රාවක භූමියට පත්වීමි.   ආශ්‍රව ක්‍ෂය නම්වූ නිවණට පැමිණියෙමි.

174ග  ´´මාගේ ක්ලේශයෝ දවන ලද්දාහුය.   සියලු භවයෝ සමූහනනය (විනාශ) කරණ ලද්දාහුය.   හස්තිරාජයෙකු මෙන් බැඳුම් සිඳ,  ආශ්‍රව රහිතව වෙසෙමි.

175ග  ´´බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය.   ත්‍රිවිද්‍යාවෝ පමුණුවන ලද්දාහු බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී.

176ග  ´´මේ සිවි පිළිසිඹියාවෝද,  අෂ්ට විමොක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී´´
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේක.
( මහා මොග්ගල්ලාන තෙරුන් වහන්සේගේ අපදානය නිමි. )

පුණ්ණ ථෙරාපදානය.

216   වේද හදාරවන්නාවූ,  මන්ත්‍රධරවූ,  වේදත්‍රයෙහි පරතෙරට ගිය,  (මම) ශිෂ්‍යයන්විසින් පිරිවරණ ලදුයේද වෙමි.   මනුෂ්‍යෝත්තමවූ බුදුරජාණන් වහන්සේ වෙත එළඹියෙමි.

217   පූජා සත්කාරයන් පිළිගැනීමට සුදුසුවූ තුන් ලෝ දත්,  මහා මුනි වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සංක්‍ෂිප්ත වශයෙන් මාගේ කර්‍මය ප්‍රකාශ කළ සේක.

218   මම ඒ ධර්‍මය බුදුරජාණන් වහන්සේට අභිවාදනය කොට ඇඳිලි බැඳගෙන දක්‍ෂිණාභිමුඛව ගියෙමි.

219   සංක්‍ෂිප්තව අසා විස්තර වශයෙන් දෙසීමි.   එසේ කියන්නාවූ මට සියලු ශිල්පයෝ අසා සතුටුවූවාහි,

220   ස්වකීය දෘෂ්ටිය අත්හැර දමා බුදුන් කෙරෙහි සිත පැහැදවූහ.   මම සංක්‍ෂිප්තවද දෙසමි.   එසේම විස්තර වශයෙන්ද දෙසමි.

221   අභිධර්‍ම ක්‍රම දන්නාවූ මම කථාවත්‍ථුප්පරණවිශුද්ධියෙන් සියල්ලන්ට අවබෝධ කරවා ආශ්‍රව එහිතව වෙසෙමි.

222   මින් කප් පන්සියයක් පෙර අති ප්‍රකටවූ,  සත් රුවණින් යුත් සතර මහා වීපයෙහි සක්විති රජවරු සතර දෙනෙක් වූහ.

223  සිවි පිළිසිඹියාවෝද,  අෂ්ටවිමෝක්‍ෂයෝද,  ෂඩභිඥාවෝද (මා විසින්) සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ ශාසනයද කරණ ලදී.

224   මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුණ්නමන්තානිපුත්ත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේක.

( පුණ්නමන්තානිපුත්ත ථෙරාපදානය පස්වැනියි. )